Thursday, March 20, 2014

වස්තුව!!

හෙමින් ඉර පායා ආ තවත් හිමිදිරියකි. නීලාකාසය අවුල් කරමින් පුළුන් කැදලි මෙන් විසිරුණ වළාකුල් රාශියක් සුදු පැහැයෙන් දිස් වෙද්දී, විළියෙන් රතු වී ඉහළට නැගෙන හිරුගේ තේජසට මුහු වූ තවත් පුළුන් කැදලි රාශියක් රත් පැහැ ගෙන ඇත. කුඩා දරුවෙකු තම සිත්තම් පොතේ ගෙත්තම් කළ ඇලවූ පුළුන් චිත්‍රයක් මෙන් මුලු අහසම දීප්තිමත්ව පෙනෙන්නට විය. නීලාකාසය හැම තැනම එක විදියට තිබුනද, වාල්කොරියා මුඩුක්කු පැල්පත් ගොන්නට එය උදෑසන වූ බවට කෙරුනු ඉඟියක් පමණි. ආකහේ කුමන් පාටක් ගත්තද, දිලිසුනද නැතද පයිසෙකට ගනන් ගත් අයෙකු පලාතේම සිටියේ නැත.

“ජුන්ඩා.. තෝ අද මොකක්ද කරන බිස්නොස් එක“ රතු පැහැ වක ගැහුණු දත් බුරුසුව කටේ උලාගත් ඇන්ඩි අයියා පොදු කරාමයෙන් ඕසෙට බේසමට වතුර පුරවගන්නා ජුන්ඩා දුටි විට විමසීය. ජුන්ඩා ඇන්ඩි අයියගේ අතිජාත මිතුරෙකු මෙන්ම හිතෛශිවන්තයකුද වේ.

“මොන කරන්නද ඇන්ඩයියේ.. අද නෝ චෑන්ස්... ඔන් ද ස්පොට්.. සෙට්ටපෝච්චි“

“උඹට මේ ටිකේ අවුල් නේ බං.. ඒක නෙමෙයි උඹ කනත්තට බැහැපං.. ඊයේ මදනයා කනත්තේ බැහැල පොඩි සම්තින් එකක් ගහගෙන තිබුනා. කොහේද තොපිට උරන්නම නේ ඕන“

“ඒකනේ අයියා.. උඹ මට අදත් දීහං සීයක.. හෙට අනිවා සැට්ල් කරනවා.“

“හරි හරි වරෙන් ඉතිං.. “

ජුන්ඩාට පැලක් තිබුනද, ටකරන් ගසා ලෑලි වලින් ආවරණය වූ එහි විසීමට කිසිවෙකුත් නැත. ජුන්ඩාගේ අම්මාද මිය ගියේ මීට වසරකට පමණ පෙරදීය. ඇය මිය යන විට, ජුන්ඩා තමාගේ දරුවෙක් වූයේ පුරුවේ කරුමයක් නිසායැයි ගෙවල් ගානේ දිනපතා කියමින් ගියාය. වැයික්කියෙක් පිටත ඔහු, අවිචාරවත් සමාජය බලාපොරෙත්තු නොවූ පුද්ගලයෙකුම විය. කාලයාගේ ඇවෑමෙන් තම මහළු මව ඉදිරියේදීම මත් උරන්නට පටන් ගත් ජුන්ඩා කෙරෙහි මතු වූ ශෝකය ඇය මිය යනතෙක්ම පහව නොගියේය.

පැල්පත් සමුහයේ එක් නිවසක් ඇත. එහි වාසය කරන නගුටා කරකාර ගත්තේ එහිම ජීවත් වූ අඩෝ සිල්වා ගේ හැකර කට ඇති දියණියක සමඟය. කුලී වැඩ හෝ කුමක් හෝ කාර්යක නිරත වූ නගුටා පළාතේ හැටියට වඩාත් ගුණගරුකව ජීවත් වූවෙකු ලෙස හැදින්වීමේ කිසිදු වරදක් නැත. සවස් යාමයේ නගුටා නිවසට පැමිණී පසු ටකරන් උඩ යන තෙක් කෑ ගසන ගෑනු උන්දැගේ කට වහන්නට අහිංසක නගුටා කිසි දිනෙක උනන්දු වී නැත. නැතහොත් උවමනාවක් නොමැත. කෙසේ වුවද දෙන්නා දෙමාල්ලන් අපුරුවට ජීවත් වන අයුරින් වූ චිත්‍රයක්, පැල්පත් සමුහය තුල මැවී තිබුණි.

විවාහයෙන් වසරක් ගත වෙන්නටත් පෙර නගුටාට උපන් දරු පැටියා අබ්බගාතයෙකු නැතහොත් ස්නායු ආබාධිත දරුවෙකු බවට හදුනා ගැනීමෙන් අනතුරුව මාස කිහිපයක්ම රිජ්වේ ආර්යා රෝහලේ ළදරු ඒකකයේ නවත්වා ප්‍රතිකාර කරන්නට දොස්තරවරු පියවර ගෙන තිබුනි. එහෙත් කුමක් හෝ කරුමයක් පඩිසන් දීමෙන් නගුටාගේ දරු පැටියා කිසිදා ඇවිදින්නට උත්සාහ කරේ නැත. අතකින් යමක් අල්වා ගත නොහැකි විය. වසර දහතුනක් ගත වුවද වැඩුනු දරුවාගේ අත් පා, ශරීරය තරම් නොවැඩී වැහැරී තිබුනි. මොනයම්ම ක්‍රමයකින් හෝ දරුවා රැකබලාගැනීම නගුටාගෙත් රමණිගෙත් එකම අරමුණ විය. තම දරු පැටියා විදින දුක ඉවසනු නොහී ඔවුන් දෙදෙනා වසර දහතුනක් තිස්සේ එකිනෙකාගේ ඇස් වලින් රාත්‍රිෙය්දී තරු කැට මෙන් ගිලිහුණු කදුළු කැට වල උණුසුම ලද්දාහුය. 

“අඩෝ.. ජුන්ඩා. උඹ කරන මගුලක් නෑ යකෝ මගේ සල්ලි ටික දීපිය. තොට උරන ඒවා දුන්නට“

“අයියෝ.. ඇන්ඩයියා. අපි මේක දාලා යනවයැ. හිටුකෝ ටිකක් ෂේප් එකේ. මොකක් හරි ව්‍යාපාරයක් ටැකල් කරගන්නකං“

“අනේ උඹ කරන අම්මගේ වස්තරේ.. තොට මොකක්වත් හරියකට කරගන්න බෑ ඒකයි.. යකෝ අපිත් එක්ක ඇගෙන්ස් ආවොත් තෝව මං අපායට තමා යවන්නේ“

“නෑ නෑ ඇන්ඩයියා.. කූල් ඩවුන්.. අයියා මට පුළුවන් නං කිරිටොයි බිසිනොස් එකක් අල්ලල දීපන්කෝ.. ගොඩ යන්න බෑ මේ විදියට. පුල් අන්දොස්..“

“හිටහං ඉතිං.. තොපි ඇතුවත් බෑ නැතිවත් බෑ. රෑට වර.කතා කරල බලමු.. බාලයියා සීල් බෝතලයක් දෙන්නං කීවා හවසට.. උඹ නොබිබ්වට කමක් නෑ වරෙන්.. සැට් වෙමු“

“ඕකේ.. බොසා.. මං වෙලාවට ඇන්ටර් වෙන්නං“

උදෑසන මැවූ චිත්‍රය අහවර කොට ආකාසය සැගවී ගෙනය. ඒ අතරින් බිඳක් හෝ අහසක් ඇති බව සන් කරන්නේ හේතුවක් නොමැතිව දිදුලන කුඩා තාරුකා කැට පමණි. දහවලට වඩා ශබ්දයෙන් ගැවසී පැල්පත් සමූහයේ නාදය, එකම ගෝරනාඩුවක් විය. කොතැනකවත් ශබ්දය පහලට ගමන් කරන අයුරක් දිස් නොවීය.

“බාලයියේ.. බාලයියේ අපි එන්නෙයි“

“ආ.. වර වර. ජුන්ඩා උඹටත් මතක් උනා එහෙනං.. වරෙල්ල ඉතිං“

ජුන්ඩා මත්පැන් පානය නොකරන්නේ එයින් ලැබෙන රසය හෝ මත, ඉරීමෙන් ලැබෙන සැපතට අහලකින් හෝ තැබිය නොහැකි නිසාය. එහෙයින් මත්පැන් කෙරෙහි ඔහුගේ කිසිදු උනන්දුවක් නොමැත. එහෙත් තමාට උරන්නට බඩු සපයන ඇන්ඩයියා හා බාලයියා අරක්කු කෙරේ දක්වන ගිජුකම ජුන්ඩාට කවදත් කුහුලක් විය.

“ජුන්ඩා.. මේ බාලා කියන්නේ එළීපිට අයිඩියාස් බුවා අරි.. උඹට ඕන නං මං ටොප් වැඩක් සෙට් කරන්නං. හැබැයි තෝ මේකට මහන්සි වෙන්න ඕන. මොකද කියන්නේ“

“කමක් නෑ බාලයියා. අපි රෙඩි ඕන දේකට“

“හැබැයි තෝ මේක මගදි නැවැත්තුවොත් මං තෝව එල්ලල ඔබනවා කුනු ඇලේ දවසක්ම.. හරිද“

“සිරාවට බාලායියේ.. මං ඒම කරන්නෑ.. අපි කිව්වොත් වෙඩි වගේ තමා. පස්ට සුවර්“

“මේක උඹ කාටවත් කියනව නෙමෙයි හරිද.. මේකයි.. මං මේ ළගදිත් දැක්කා ඔය වගේ සීන් එකක් බස් එකේ.. මරු බිසිනොස් එක බොලේ.. සට සට ගාලා පොරවල් සල්ලි දික් කරන්නේ. ඔය හං කෑල්ලකට බස් එකේ තට්ටු දැම්මයි කියල නැත්නං තොපේ උගුර කඩාගත්තත් උං නියම ගතමන්ට් එකක් දෙන්නෑ නෙව“

“මොකක්ද ලොක්කා ඔය සැන්ටිමැන්ටල් සීන් එක“

“අපේ නගුටා ඉන්නේ.. අර බං පිස්සු ඩයල් එක අඩියක් වත් ගහන්නැති. අන්න මිනිහගේ කොල්ල තමා සබ්ජෙට් එක.. ඒක කරගත්තොත් අපි සේරම ගොඩ යකෝ..“

“මට තේරුන්නෑ බාලාඅයියා බොස්.. නැද්ද ජුන්ඩා මොන මරාලයක්ද මන්ද ඒක නං“

“කට වහං හිටහං ඇන්ඩා.. ජුන්ඩා. උඹට තියෙන්නේ අරූට දවසට පන්සීයක් දෙන්නං කියල දරුවා ඉ්ලගන්න. ඌට කන්න බොන්න ඔක්කෝම දීල උඹ දවල්ට ඌව බලාගන්නවා කියහං. රෑට ගෙදරට ගෙනත් දෙනවයි කියලත් කියහං. ඕකා කැමති වේවි. අර මෝල්වත්තේ තණකොල කපනවට වැඩිය ඌට ඒක හොද වෛරමක් නේ“

“පිස්සුද බාලා අයියා. මිනිහා දෙන්නෑ. ඌ දරුවට ඇස් දෙක වගේ ආරස්සා කරන්නේ.. ඒක කරන්න බෑ වගේ“

“ඔන්න ඉතිං බොලා පස්ට් ස්ටෙප් එකෙන්ම ඩවුන් වෙනවා නේ. ඒම නෙමෙයි අපි නගුටට හෙමින් ගේමක් දෙමු..මේම කරල අපි ඩිංගක් ඌව ආතල් එක පැත්තට දාගමු.. උරන්න දෙමු.. දවසයි දෙකයි. මෙන්න කැට. ඌ අපේ කකුල් දෙක ගාව.. ඊට පස්සේ ඕන මලදානයක් අපිට ඕන හැටියට. යකෝ මේක මරු බිසිනොස් එක ඒරියා එක වෙනස් කරල බස් එකට එන්ටර් වෙන්න විතරයි තියෙන්නෙ. සල්ලි ගස් සුරුස් ගාලා හෙලවේවි පොඩි එකාව දැක්කම.. දැකල තීනවා නේ උගේ තියෙන අජර පෙනුම..“

සතියක් ගෙවී ගියද ජුන්ඩා තම උත්සාහය අත් නොහැර සිටීම ගැන බාලයියා සතුටු විය. තව ටික දවසකින් තමන්ටද දිනපතා ගණනක් ලැබෙන තවත් ව්‍යාපාරයක් අයිති වෙන බව සිතීමම ඔහුට තුෂ්ටියක් විය. තව දුරටත් ප්‍රමාද වුවද ජුන්ඩා මෙය අතරමග නවතා නොදමා නගුටා කෙසේ හෝ උරන්නට පුරැදු කරනු ඇතැයි ඔහු විශ්වාස කලේය.

“බාලයියා බාලයියා. වැඩේ ගොඩ.. එළිකිරිස්. නගුටා මගෙන් බඩු ඉල්ලුවා.. “

“අප්පට සිරි.. පොල්කොල කිව්වා. ඌට එන්න කියහං මෙහාට“

තවත් ටික වෙලාවකින් හාමතින් සිටින අයෙකුගේ කයක් රැගෙන නගුටා බාලයියාගෛ් අභිමුවෙහිය.

“ආ.. නගුටා. උඹ වාඩි වෙයන්. දැං තෝ හොදයි නේ.. එළ ආ...ජුන්ඩා.. වට කරල ගෙනෙං අරක..මං රත් කරන්නං.. එතකොට මූ උරාවි“

අත්ලේ ඇති ඊයං කොලයේ සැඟවූ සුදු පැහැති කුඩු වර්ගය, කලාව දන්නා ප්‍රාඥයෙකු මෙන් ඉටි පන්දම අල්ලා නිසි පරිදි රත් කොට නගුටාට නහයට උරන්නට සැලැස්වූ විට, නගුටා සිතුවාටත් වඩා ඉක්මනින් එම ක්‍රමයට අනුගත විය. දින කිහිපයක් ගත වෙද්දී නගුටාගේ එකම ලෝකය බාලයියාගේ නිවස විය. එහිදි දෙනු ලබනං සංග්‍රහයෙන් කුල්මත් වන ඔහු තම නිවෙස අමතක දැමුවේය. 

සද පායා තිබූ ආකාසය නිතරම වළාකුලින් බරවී ආලෝකය අඩු කරන්නට පටන් ගෙන තිබුණි.

“උඹ බම්බු ගහගනිං.. ජුන්ඩා කොල්ලා බලාගන්නං කිව්වේ.. අපිටත් හොදයි නේ.. ඒකට දවසට පන්සියක් දෙන්නං කිව්ව නේ.. අල්ලල දාපන් බං..උඹ අම්ම වගේම මං තාත්තා.. කොල්ලට හොදක් නං අපිට කමක් නෑනේ“

“උන් මොන බිසිනොස් එකක් කරන්න හදනවද මන්දා මයේ පැටියා අරන් ගිහිල්ලා.. ඕකුං පොඩි එකාව හංදියක වාඩි කරවල කවි කියල ගානක් හොයාවි“

“අපිට මොකද බං.. උන් ඒක කරාට. අනික කොල්ලා රෑට එක්කං එනවා කිව්වේ... උඹට වැඩක් නෑ ඕවා. තෝ මං කියන එක කරහං.. කතාවක් නෑ හෙට උදේ ජුන්ඩා කොල්ලව එක්ක යාවි. එච්චරයි“

ජීවිතයේ අරුමය කුමක්දැයි නිහඩ මනසින් යුතුව මෙනෙහි කළ දරුවාගේ රෑපකායෙන් මතු වන්නේ හිස ලොකු කඳ පොඩි අමුතු සත්වයකුගේ පෙනුමකි. කඩා වැටෙන අත් පා දරුවා තවත් විසුළු ස්වරෑපයකට පත් කර ඇත. දිරා ගිය ටී සර්ට් එකක් පැලදි සිටි ඔහුගේ කලිසමට යටින් මතුව පෙනුනේ කුඩා ළමුන්ට අන්දවන පැම්පර් එකකි. පියාගේ උරපත්තේ හිස ගසාගෙන සිටි දරුවාගේ අත් දෙක තම පියාගේ පිට දිගේ අවකාශයේ රෙදි කැබැලි දෙකක් මෙන් ඇවිදින තාලයට වැනෙමින් තිබුනි. හැගීමක් නොමැති ඔහුගේ දෑස් වලට එබී බැලූ කවරෙකුට වුව එහි කුදු හිස් බව දැකීමට හැකි විය. දරුවාගේ කකුල් දෙක මැදින් තට්ටමට අත දමා ඔසවා ගෙන සිටින පුරුෂයා කෙරෙහි බස් රථයේ සැවොම ඇස් යොමු කොට බලා සිටින්නේ ආසනය පිරි නැමීමටය. එහෙත් විදුලි වේගයෙන් බසයේ ඉදිරිය කරා ගමන් ගත් ඔහු නැවත පසු පස හැරී තම හෑල්ල පටන් ගත්තේය.

“සමාවෙන්න නෝනාවරැනි මහත්වරැනි. මම මේ හොරකමක් හෝ වංචාවක් කරනවා නෙමෙයි. බලන්න මේ දරු පැටියා දිහා. මේ මගේ ලොකු දරුවා. ඉපදුනේ 1999 අවුරුද්දේ. ඉපදුන දවසේ ඉදල දරුවට ස්නායු දුර්වලකමක් නිසා ඇවිදගන්න බෑ. දරුවා රිජ්වේ ඉස්පිරිතාලේ චන්ද්‍රකා දොස්තර නෝනාගේ කරුණාවන්ත බාවය නිසාම අවුරුද්දක් තියාගෙන බේත් කරත් වැඩක් උනේ නෑ. මේ බලන්න මෙතන ඔක්කෝම දරුවගේ මෙඩිකල් රිපෝට් තියෙනවා. මේ කාලේ මේ වගේ දරුවෝ කර ගහගෙන ඕන තරං බොරු කාරයෝ එනවා ඔය අයගෙන් සල්ලි ඉල්ලන්න. ඒ වගේ හොරු නිසා අපිටත් තැනක් නෑ. මගේ දරුවට කන්න බොන්න දෙන්න විදියක් නැති නිසා මගේ අසරණ කමටයි මහත්තයෝ මේ විදියට බස් වලට නගින්නේ. මේ දරුවට මාසේට සස්ටජන් 5 ක් ඕන. මුකුත් කන්නෑ. එච්චරමයි බොන්නේ. එකක් එකදාස් හයසීයක්. අපි දුප්පත් මිනිස්සු. අපිට දරුව බොන එකම දේවත් අරන් දෙන්න විදියක් නෑ. අපි අසරණයි ඒකයි මහත්තයෝ.. නෝනා මේ විදියට ඔබලගෙන් ආධාර ඉල්ලන්නේ. බොරුවක් වංචාවක් කරනවා නෙමෙයි. අපේ අසරණ කම බලල පුළුවන් නං හැකි විදියට උපකාරයක් කරන්න. බුදු සරණයි දෙවි පිහිටයි නෝනා... මහත්තයා“

බස් රථයේ සිටි සැවොම දිළිසෙන දෑසින් අහිංසක දරු පැටියා දිහාත් ඔහුගේ අසරණ කම දිහාත් බලා සිටියෝය. පපුව උණු වෙන සැවොම, රබන් පදයකට අහක බලා දෙන රුපියල දෙක නොව තම පසුම්බිය ඇර අඩු තරමින් රැපියල් දහයක් හෝ ආධාර ලෙස ලබා දෙන්න නොපැකිලුනහ. මුළු බස් රථයෙන්ම දරුවා හට ලැබුන ආධාර සහතිකේටම සස්ටජන් එකක් මිලදී ගැනීමට ප්‍රමාණවත් විය.

“අඩේ ජුන්ඩා. උඹ මුල් දවස් වල බොක් බොක් ගාලා හිට හිට ස්ටෝරිය දුන්නට දැන් ඉස්ම යන්න දෙනවා එල ආ.. උඹ ඒක දෙන විදියට බං පොරවල් දෙන්නේ බොක්කෙනුත් අරගෙන.. හැක් හැක්.. වැඩේ හොදා යකෝ.. අපි වැඩේ කන්ටිනියු කරමු. අරූට පන්සීයක් දෙන මොකක්ද.එක්කෝ ඌට දාහක් දෙමු බං. අර ගෑනි නාහෙන් අඩනවා.. හැමදාම. “ සිගරට්ටුවක් උරමින් දැන් ගෙනා සීල් බෝතලයට තට්ටුවක් දමමින් බාලයියා පැවසු දෙය අභීමානයෙන් යුතුව අසා සිටි ජුන්ඩා තම ඉරීම තව දුරටත් කර ගෙන ගියේය.

85 comments:

  1. නියම කතාව අයියෙ, පරිසරයට ගැලපෙන විදිහට භාෂාවත් තියන නිසා සුපිරිම සුපිරියි :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සසිදුවෝ..

      Delete
  2. හම්මේ.... නියමයි දේශා!

    ReplyDelete
    Replies
    1. තැන්කුයි බස්සේ.. හම්මේ..

      Delete
  3. ඇත්තමයි දේශා, මේක හැබෑම කතාවක් ගොඩාක් තැන්වල සිදුවෙන. සමහරු අපේ හිත්වල තියෙන ආදරය කරුණාවට විතරක් නෙමේ ලංසු තියන්නේ, ආගමට දහමට තියෙන ගෞරවයට ලැදියාවටත් ලංසු තියන හාල් පාරුවෝ ඉන්නවා මේ රටේ. මටනම් ඒ ගැන තියෙන්නේ දැඩි පිළිකුලක්.

    ReplyDelete
    Replies
    1. හුගක් අසරණ කතා වල මැද පෙල මේ වගේ තමා සරෝ. තැන්කුයි

      Delete
  4. ෂැහ් දේශා නියමට ලියල තියෙනවා...

    ජුන්ඩලා, නගුටලා, බාලෙලා හැමතැනම..

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. අපි අතරේම ජුන්ඩල ඉන්නවා විදානේ..

      දැං බොගේ මලදානේ ලස්සනයි හොදේ..

      Delete
  5. පොඩ්ඩක් ඉදිං ..?????

    ReplyDelete
  6. සමාජය විසින්ම නරක් කරපු සමාජයේ තවත් එක් පැතිකඩක්

    ReplyDelete
  7. අවුල් අවුල් කිව්වට ඔය ලියල තියෙන්නෙ නියමෙට :)

    සල්ලි හොයන්න සමහර මිනිස්සු නොකරන දෙයක් නෑ...

    ReplyDelete
    Replies
    1. හ්ම්.. ඕන දෙයක් කරාවි මේ හාදයෝ.. ඒක ඇත්ත.

      බොලාගේ පිහිටියෙන් යන්තං ගොඩ එමින් පවතී.. තැන්කුයි

      Delete
  8. තමුන්නාන්සේ මේ අලගොඩුවන්ට ටියුෂන් දෙන්නේ නැහැ නේද?

    ReplyDelete
    Replies
    1. නෑ අනේ ඒ අලගොඩුවෝ තමා මට ටියුසන් දුන්නේ.

      Delete
  9. දරුවා ගැන ලොකු අනුකම්පාවක් ඇතිවුනා. ඒ කියන්නේ උඹ සාර්තකයි. ඔය කේස් වල 50% කටත් වැඩිය ඔය වගේ ගේම් තමා තියෙන්නේ. මමනම් ඒ දරුවට මොකක්ම හරි හොඳක් වෙයි කියලා පුළුවන් විදිහකට කීයක් හරි දෙනවා. සමහර වෙලාවල් තියනවා මට උන්ගෙන් ඉල්ලගන්න හිතෙන. මොකද පර්ස් එක දැක්කොත් උන් හිටගෙනම අඬනවා.. හෙහ් හෙහ්... වෙලාවකට උන් අපිට වැඩිය පෝසත්.

    ReplyDelete
    Replies
    1. සිරාවට බං. බොට කියන්න ඒක ඇත්ත කතාව. උන් අපිට වැඩිය පෝසත්.. ස්තුතියි සෙන්නා

      Delete
  10. හහ්! භාෂාවත් තියෙන්නෙ නියමෙටම.දේශකයානෝ මෙවුව මෙච්චර හොඳට කොහොම දන්නවද මන්දා

    ReplyDelete
    Replies
    1. සමහර දේ ගැන අත්දැකීම් ලැබෙනවා. සාශා අපි අවුස්සල බැලුවොත් අපේ මනස මොනා හරි හොයාගන්න බැරි වෙන එකක් නෑ..

      Delete
  11. ආය ඉතින් මුඩුක්කුවක අවුරුද්දක් ඉඳලා ආවා වගේ මේක කියවුවම. කියන්න දෙයක් නැත.

    ReplyDelete
    Replies
    1. හැක්. හැක්. ඒත් හැලපෙට අනුවත් මට හිතෙන විදියටත් මං අසාර්ථකයි බං

      Delete
  12. මම හිතන්නේ... මම උඹේ කියවපු හොඳම ළිපිය.. මේ වගේ ළිපියක් මනෝමූලිකව ලියන්න බෑ.. ඒ පරිසරය ගැන අවබෝධයක් තියෙන්න ඕනමයි.. අන්න ඒ දේ මම අගය කරනවා.. පට්ට මචං

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මාතලං. බොලාගෙන් හොදක් අහන එකත් සතුටක්..

      Delete
  13. මේ සිදුවීම් එදිනෙදා ජීවිතයට අහඹුවක් නෙවෙයි. අහන දකින කියවන විඳින ජීවන අත්දැකීම්.අකුරු වචනවලට පෙරලුනාම ඒහි අගම මෙතෙකැයි කියන්න බෑ.

    යාචාකයන් ඇති කිරීමත් ඔවුන් පවත්වාගෙන යාමත් මේ සමාජය විසින්මයි කරන්නේ

    ReplyDelete
    Replies
    1. ඔව් දයා. අපි තුල තියෙන අත්දැකීම් වලින් උකහාගත හැකි දේ අපමණයි...

      Delete
  14. කෘතිමයි බං,බොට ඒ සමාජේ තේරෙන්නෙ නෑ,ඒ නිසා පරිසරය විග්‍රහ කරන්නත් බෑ.සිද්ධි දෙබස් ඔක්කොම බලෙන් කතාවට ඔබපුවා ඒ හින්දයි මම කෘතිමයි කිව්වේ.
    උඹ ඔය සමාජය ගැඹුරින් නිරීක්ෂණය කරල ඒ සමාජයේ ජීවත්වෙලා කතා ලිව්වොත් මිසක උඩින් පල්ලෙන් දැකල මවාගෙන ලියන මේ මනෝමූලික කතා කිසිම රහක් නෑ බං.කොටින්ම කිව්වොත් මෙව්ව ළදරුවන්ට හොඳයි.

    ReplyDelete
    Replies
    1. ඇයි හැලප මචං අවුල්...???
      පොඩ්ඩක් විග්‍රහ කරපංකෝ.....
      මං ඔය මුඩුක්කු කීපයකම ලැගගෙන එවුන් එක්ක කාල බීල තියෙනව .... මට මේක කියවද්දී ඒව මැවිල පෙනුන බං.මේක ලෙසටම ලියල තියෙනවනේ.

      Delete
    2. නෑ බං මෙතන අවස්ථා සහ සංවාද කෘත්‍රිමයි,වර්තමානයේ ඔවැනි තැන් ඔයිට වඩා අතිශය සංකීර්ණයි.අත්දැකීමක් නොමැතිව ලියා ඇති බව පෙනෙන නිසා මම එහෙම කිව්වෙ.
      උඹගෙ අත්දැකීම දැනට අවුරුදු පහළොවකට විස්සකට එහා දුර ගිය එකක් විය යුතුයි නොවැරදීම.දැන් ඒ සමාජේ නෑ බං.

      Delete
    3. උඹ හරි හැලපේ......දේශා පාවිච්චි කරන්නේ ඔය සමාජය තුල තිබුන භාවිත භාෂාව නෙමේ. දේශා උඹ යොදා ගෙන තියෙන්නේ ඒ ලෝකය තුල කතා වුනු භාෂාව නෙමේ . ඒ තුල අස්භාවික ගතියක් මට දැණෙනවා. කතාවේ තේමාවට නිවැරදි ස්වර එකතුනොවීම තුල එවන් පරිසරයක නිවැරදි රිද්මය ගොඩ නොගැන බව කණගාටුවෙන් කියා සිටිනවා. හැලපේ නිවැරදියි. දයා රාජපක්ෂ ඔහුගේ චිත්‍රකතා ඒ ඒ සමාජ තල තුල නිවැරදි භාශා උච්චාරන පාවිච්චි කරා. දේශා මෙතැනදි උඹ ෆේල්. කිය යුතු දේ කියා සිටීම කල යුතුමයි.

      Delete
    4. අරූ, මට ප්‍රශ්ණයක් මතුවෙනවා කතාවක් යතාර්තය හා ගැලපිය යුතුමද කියලා ! මම ඔය සමාජයේ භාවිත භාෂාව පිළිබඳ එතරම් දැනුවත් නැති නිසා මට මේක රස විඳින්න බාධාවක් වුනේ නෑ. ඕගොල්ලන් කතාවයි, යතාර්තයයි පටලන් කියලා හිතෙන්නැද්ද ?

      Delete
    5. නියමයි සෙන්නා..මේ දේවල් තුල හායි බායි කියනවාට වඩා හරි හමන් තැනකට උඹ සබ්ජෙක්ට් එක ගෙනාවාට.

      ඔව් ...මම හිතන්නේ ඒ ඒ සමාජ කාල පරිච්ඡේදයන් හෝ ඒ ඒ සමාජ ස්ථර හා සම්බන්ධ කතා වස්තු ගොඩ නගනවානම් , ලේඛකයා ඒ හා බද්ධ විය යුතුයි කියා මම හිතනවා. උදාහරනයක් ලෙස කුලසිරි ෆොන්සේකාගේ පාලම යට නවකතාව. ඒ හා බද්ධවු තේමාව මොන ආකාරයේ වුනත් , ඒ සමාජ වටපිටාවට ෆිට් වෙන එකිනෙකා කතා ගරන්නා වාග් මාලාවක් හා ටෝන් එකක් තිබුනා. මම වැරදි ඇති..ඒත් අපි කතා කරමු.

      Delete
    6. මචං සෙන්නා වැරදුනා,,, කුලසිරි නෙමේ කුලසේන ෆොන්සේකා.

      Delete
    7. උඹ අපි කතා කරමු කිව්වට මට මේ දේවල් ගැන කතා කරන්න එච්චර දැනුමක් නෑ බන්. අපි බලමු අනිත් අයගේ අදහසුත්.

      උඹලා කියන එක හරි වෙන්නත් පුළුවන්. මම දන්න ඇත්ත තත්ත්වයක් වෙනස් කරලා කවුරුහරි කතාවක් ලියලා තිබුනොත් මම මොකක් කරයිද කියලා නිකමට හිතලා බැලුවා. එතකොට මමත් ඉන්නේ උඹලා ඉන්න තැනම තමා කියලා මට නිකන්ම අවබෝද වුනා.

      හැබැයි මට මෙහෙම දේකුත් හිතුනා. දැන් කෙන්ජිගේ අත්දැකීම් මේ හා සමපාත වෙනවලු. ඒ කියන්නේ උඹ හා හැලපේ දන්න මුඩුක්කු සමාජ වටපිටාවට වැඩිය වෙනස් එකකුත් තියෙන්න පුළුවන් නේද ? මේ කතාව ඒකට ආසන්න වෙනවා වෙන්න බැරිද ? මට ඔයිට වැඩිය දෙයක් මේ ගැන කියන්න නෑ බන්, මට එච්චර තේරුමක් නෑ.

      Delete
    8. මචෝ සෙන්නා... හැලපේ . මම. උඹ පටන් ගත්තා. අපි විශාරදලා නෙමෙයිනේ බන්. අපි බලමු තවත් මේ චූටි රා කලයට බයිට් එකක් හැටියට ලුනු කැටයක්වත් වැටෙයිද කියලා :
      දේශාගේ එහෙම නැත්නම් ලැක්චරයාගේ (රවියා කියන පරිදි )ලිවීමේ හැකියාව සමග මම චැලෙන්ජ් කරනවා නොවේ. මම පාඨකයෙක් පමනයි..විචාරකයෙක් නොවී පාඨකයෙක් පමනක් වීම තුල බ්ලොග් ලෝකයේ ආතල් එකක් තියෙනවා. සෙන්නා අපි බලමු දේශා මොකක්ද කියන්නේ කියලා. මූ මටයි හැලපෙටයි බනින්නේ නැති බවනම් ශුවර්... බැනලා පටන් ගනින් දේශා : අපි කතා කරමු. :D

      Delete
    9. හැලපය්යගෙ අරූඅය්යගෙ කතාවට එකගයි...
      මොකද අවස්ථා සිද්ධි අතර ඇති වෙන්න ඕන ඝට්ටනය ඒ වගේම පරිසරාත්මත සංකලනය යම් තාක් දුරකට අස්වාභාවික ගතියක් පෙන්නව..
      මෙක යම් තරමකින් හෝ අසාර්ථක වෙන්න උඩිංම බලපාන්නෙ භාෂා භාවිතය...එක්කෙ මේ විදියටම එන්න ඕන නං භාෂාව වෙනස් කලා නං හෝ මේක ලියල දින කීපයක් හිටිය නං ඔයාට මේකෙ තියෙන නොගැලපීම තේරෙන්ත තිබ්බ..
      කවදාවත් නිර්මාණයක් කරන්න හදිසි වෙන්න එපා...
      නිර්මාණයෙ විතරක් නෙවී ඔයාගෙත් කොලිටි බහිනව

      Delete
    10. සෙන්නා,
      අරූ කිව්වා වගේ මම කතා විශාරදයෙක් නෙවෙයි පාඨකයෙක් පමණයි,නමුත් ජීවිත කාලයක් කියවලම යම් ඉවක් හැදිල තියෙනව, එතකොට කියවගෙන යද්දී නොගැලපීම් පැහැදිලිව පෙනෙන්න ගන්නවා.
      කතාවක් යතාර්ථය හා ගැලපිය යුතුයි කියල නියමයක් කොහෙවත් නෑ එවැනි කතා තියෙනව,අධිතාත්විකවාදී කතා රීතියේදී වගේ.නමුත් දේශා මේ ලියල තියෙන්නෙ එවැනි වර්ගයක කතාවක් නොවෙයි,ස්වභාවික රීතියෙ කතාවකුයි.එතැනදී කතාව පාත්‍ර වර්ගයා අවස්ථා සහ සංවාද ස්වභාවික විය යුතුයි.අන්න එතැනදී නොගැලපෙන ගතියක් ඇති බවයි මම කිව්වේ.

      Delete
    11. නියම තැන !!!!! අපි කතා කරමු. අපි පියාඹමු......

      Delete
    12. /////.එතැනදී කතාව පාත්‍ර වර්ගයා අවස්ථා සහ සංවාද ස්වභාවික විය යුතුයි.අන්න /////\\එතැනදී නොගැලපෙන ගතියක් ඇති බවයි මම කිව්වේ////

      මම කියන්නෙත් ඒකමයි හැලපේ...අපි සොඳුරු කයිවාරුකාරයෝ වෙමු බන්.

      සෙන්නා...හෙට අපි හමුවෙමු. මට අද රෑවෙලා මචෝ.




      Delete
    13. දැන් කාලේ නම් ඔය චරිත වලට එළකිරි,පට්ට,ෂිට් වගේ අලුත් වචන ටිකක් එකතු වෙලා තියෙන එක විතරයි වෙනස් වෙලා තියෙන්නෙ.
      චරිත ඔය විදියමයි.
      තව ඔය චරිත 10 ක් ගත්තොත් 6 දෙනෙක්වත් ත්‍රීවීල් රියදුරන් වීම අලුත්ම තත්වයයි.

      Delete
    14. හැලපේට මුලින්ම ස්තුතියි දොර අැරල දුන්නට. ඊට පස්සේ සෙන්නා අරූ, කෙන්ජි ඇවිත් ඒ දොරෙන් පියාඹගෙන යන හැටි මං බෝම ආසාවෙන් බලා උන්න‍ෙ. මං හිතන්නේ මේ තමා අරූ ඔබ නිබද පතන ලෝකය?? (මතකනේ උඹ මකසිගේ පෝස්ට්කටුවක එහෙම කිව්වා)

      මම මේ දිහා බලන් හිටියා.. ඒ වගේම හැලපේ මුලින්ම අදහස කිව්වම මට මං ගැනත් ලැජ්ජ හිතුනා. ඇයි වදේ මේ හාදයා මට මීට කලින් මෙචිචර සැරෙන් බැනල තියෙන එකක්යැ.. හැක්.

      යථාර්ථය හා ගැලපීම කියන්නේ දෙයක්. නමුත් අරූ, හැලපේ කියන ආකාරයට අපි යම් සමාජීය කාරණයක් දිහා කතා කරනව නං අපට ඒ සමාජය ගැන පුළුල් නොවුනත් ඉතා හොද අවබෝධයක් තියෙන්නේ ඕන.. ඒක සහතිකේටම වෙන්න ඕන. යමක් ලියද්දි ඒ සමාජීය වටපිටාව භාෂා ශෛලිය හුරු පුරුදු නැත්නම් අනිවා ඒ ගැන අධ්‍යයනයක් කරන්න ඕන.


      මම මේ කතාව ගොඩ නැගු හැටි කියන්නං.

      දවසක් මං බස් එකේ යද්දි ඔය වගේ ස්නායු ආබාධිත දරුවෙක් ඔසවන් කෙනෙක් ආවා ටිකක් තරුණ පහේ.. ඇත්තටම අපි ආසනයක් දෙන්න බලන කොට මිනිහා දිගටම ඉස්සරහට ගිහිල්ල හිටගෙන ඔය යාතිකාව පටන් ගත්තා. ඒත් කතාව අහද්දි මං මිනිහා ගැන අවධානය යොමු කරද්දි මට තේරුනා මිනිහා කුඩ්ඩෙක් බව. ඒ වගේම අත පය වාරු නැති ළමයට පැම්පර එකක් අන්දල තිබ්බ විත්තියත් මම කලිසමෙන් මතු උන කුඩා තැනකින් දැක්කා.

      කවදාවත් තාත්තා කෙනෙක් එහෙම කරනවද අර වගේ දුරුවල ලමයෙකුට ආදරයක් ඇත්නම්. ඒ අනුව බලද්දි මට හිතුනා මේ තාත්තා වෙන්න බෑ බිස්නස් එකක් තමා කියලා.
      ඔය වගේ ඇත්ත කතන්දරයක් මම කොළඹ නැවතිලා හිටිය මාලිගාවත්ත රූබි එක කිට්ටුව පාලමෙන් පහල තිබුන ලෑලි ගෙවල් පේලියේදි දුටුවා. කුඩු කතන්දරේ මම අර සිද්ධීයට අදාළ කරත් ඇත්ත කතාවෙදි දරුවා අම්මයි තාත්තයි බිස්නස් එකට බජාර් පොරකට බාරදුනනා දවසට 500 ගානේ. මට ඒ සිද්ධීය මතකයි. මොකද මමත් නිතර ඔය අහු මුලු වල ගැවසුනා ඒ දවස් වල ප්ලේන්ටියයි සිගරට් එකයි ගහන්න. ඒකෙන් ඒ සමාජයේ බොහෝ දෙනෙක් මගේ හිතවතුන් උනා. නමුත් මම ඉදිරිපිට උන්ගේ කතා විලාශය වෙනස් වූ බවක් මං හිතුවේ නෑ. ඒත් කුනුහරුප කීමේ අඩුවක් තිබුනා.

      ඔන්න ඔය අත්දැකීම් හා පරිකල්පනය මත තමා මේ කතාව ගොඩ නැගුානේ. හැලපේ කිව්ව විදියට මං ඒ සමාජය ගැන ලබාගත් දැනුම අවුරුදු 7 ක් වත් පැරණියි..

      දැං බොලා මට දොස් කිව්වට, අනං මනං කිව්වට, මං මේක කීයටවත් බලාපොරොත්තු උනේ නැති දෙයක්. මම හිතුවේ අසාර්ථක කතාවක් කියල හුගක් දෙනෙක් කියාවි කියලයි. මහේෂෟ කිව්ව විදියට මේ ඔක්කෝම කරන්න මට පැය දෙකක් යන්න ඇති. (කලින් පෝස්ට්කටුවට උත්තර දෙන්නත් එක්කම) ඉතිං එතැනදී මම ලියපු දේ නැවත කියවීම අවම නිසා අඩුපාඩු සැහෙන ප්‍රමාණයක් වෙන්න ඉඩ බොහෝ වැඩියි.

      මේ කතාව දිගටම ආපු එකත් මං මැදදි නොපැන්න එකත් මං ගත්ත හොද තීරණයක් කියල මට දැං හිතෙනවා. ඒත් අරූ උත්තරයක් බලාපොරොත්තු වෙදිදි තව දුරටත් නිහඩව ඉන්න බැහැනේ..

      හැබැයි එකක් කියන්න ඕන ස්ථීර සංයෝජනයෙන් යුත් (එ්කාකාරි ගලායෑමක් සහිත කතාද ඇතුලත්) නිර්මාණ පමණක් සාර්ථකයි කියන එක මං පිලි ගන්නේ නෑ. නොමේරු දුලා මේ ගැන පෝස්කටුවක් දාලා විකාර කරද්දිත් මං නිහඩව සිටියේ ඒකයි. සමහර අය කියනවා හරියට මුතු ඇමුණුවා වගේ කතා තියෙන්න ඕන කියලා. ඒ කියන්නේ තමන්ගේ කියවීමේ පහසුව හා ජීර්ණය කර ගැනීමේ පහසුව සදහා පමණයි. ඒක ආත්මාර්තකාමි කතාවක්.

      තිසර මේක උඹගේ අවස්ථාව විිදියට මං විශ්වාස කරනවා..

      හැාමෝටම හුගක් ස්තුතියි. අරූ මං බොටයි හැලපේටයි විතරක් නෙමෙයි කාටවත් සිරාවට බනින්නෑ. ඝට්ඨන විචාර (අවිචාරවත් වුවත්) ප්‍රතික්ෂේප කිරීම් සමග පමණය් අප මේ ගමන යා යුත්තේ නැතිව පුසංසා සමග නෙමෙයි.

      Delete
    15. මේ කතාවට මෙහෙම වෙන්න ඇත්තේ දේශා පහුගිය ටිකේම සුරංගනා කතා පරිවර්තනය කරපු හින්දා වෙන්න ඇති. අතාරින්න එපා දේශෝ උඹට ඒවා හදාගන්න පුළුවන්. මේ වගේ කතා තේමාවක් තුලින් මීට වඩා කම්පනයක් දෙන්න පුළුවන් කියලා මට හිතෙනවා . ඒකට හැබෑ පරිසරයට කිඳා බහින්න ඕනි. ආයේ ආයේ කතාව සංස්කරණය කරන්න ඕනි.

      Delete
    16. තිලකේ

      මම ගාව හුගක්ම අඩු ආපසු කියවීමයි සංස්කරණයයි තමා.. මේ වගේ එකක් මම ආයිත් බලන්නේ මාස ගානකට පස්සෙයි. ස්තුතියි.

      Delete
    17. //හැබැයි එකක් කියන්න ඕන ස්ථීර සංයෝජනයෙන් යුත් (එ්කාකාරි ගලායෑමක් සහිත කතාද ඇතුලත්) නිර්මාණ පමණක් සාර්ථකයි කියන එක මං පිලි ගන්නේ නෑ. නොමේරු දුලා මේ ගැන පෝස්කටුවක් දාලා විකාර කරද්දිත් මං නිහඩව සිටියේ ඒකයි. සමහර අය කියනවා හරියට මුතු ඇමුණුවා වගේ කතා තියෙන්න ඕන කියලා. ඒ කියන්නේ තමන්ගේ කියවීමේ පහසුව හා ජීර්ණය කර ගැනීමේ පහසුව සදහා පමණයි.//
      කොහෙත්ම නෑ දේශා,කතාව ඕනෑම තැනකින් පටන් අරං ඕනෑම තැනකින් ඉවර කරපං මම කිව්වේ ඊට ටිකක් එහාට ගිය දෙයක්,බැට දීමක් නෙවෙයි මෙතන එක වැරද්දක් උඹ අතින්ම කියවෙලා තියෙනවා,කතාවක් උඹගෙ හිතේ ලියවුනාට පස්සෙ මෝරන්න දීල එළියට දාල ඊට පස්සෙ ආපහු මෝරන්න කල් දීපං පබ්ලිෂ් කරන්න හදිස්සි වෙන්න එපා.ඔන්න ඔතනදි ගොඩක් දේවල් අඩු වැඩි කරන්නට පුළුවනි කල්පනා කරමින්.

      Delete
    18. මං කිසිම විදියකට ෙම් අදහස් බැට දීමක් විදියට සලකන්නෑ හැලපයිෙයා..

      ඔබ කියන ෙදය ගැන අවධානය ෙයාමු කරමි. ස්තුතියි උම්මා

      Delete
  15. ඔහොම ඒවා වෙනවා ඇති ඕන තරම්. සල්ලි සල්ලි...

    ReplyDelete
  16. Replies
    1. කුරුල්ලෝ උඹ කාලෙකින් දැක්කේ..

      Delete
  17. බලුප් එක වගේ පට්ට දේශෝ :) 

    ReplyDelete
    Replies
    1. තැන්කුයි මදාරෝ...

      Delete
  18. පොඩ්ඩක් ඉන්ට. මම මේ තාම හිතනවා... :)

    ReplyDelete
    Replies
    1. හිතනලන්තෙද ඔයා ඉන්නේ මයේ පැටියෝ. හැක්..

      Delete
  19. එළකිරි කියනව ඇරෙන්න වෙන කිව හැකි දෙයක් නොමැත සොයුර...

    ReplyDelete
    Replies
    1. එහෙනං එළකිරිය සබඳ

      Delete
  20. සිරාවටම අපිත් කොයි තරම් රැවටෙනවද මේ වගේ සිද්ධි වලදි. දරුවටත් කවදා හරි ඔය සෙතෙ අත් නොවී දරුවත් කවදා හරි කුඩුකාරයෙක් නොවෙයි කියලා සහතිකයක් දෙන්න පුලුවන් කාටද? හ්ම්ම්ම්…

    කතාව නම් නියමයි දේශො කියන්න දෙයක් නෑ. එළ.

    ReplyDelete
    Replies
    1. තැන්කුයි ප්‍රියා.

      Delete
  21. කතාවනං නියමෙට ලියල තියෙනව බොල. කුඩු විකුණන එවුවො ඒව ගහන්නෙ නැතුව සීල් ගහල අනික් උංගෙන් හම්බකරගන්නව කියන එක ඕව ගහන උංට කවදාවත් තේරුං ගන්න බෑ.

    හැබැයි බජාර් එකේ එකෙක් මේක කියෙව්වොත් බොලාට ගේමක් සෙට් වෙනව ශුවර්. :D

    ReplyDelete
    Replies
    1. මං දැං බජාජ් වල යන්නෑ බං ඒක නිසා අවුලක් නෑ.. හැක්..

      තැන්කුයි ප්‍රසා..

      Delete
  22. මේ පුංචි ලංකාවෙ ඇතුලෙ එක දවසකට මේ වගේ සිදුවීම් කීයක් නම් වෙනව ඇත්ද. කුඩුවලට මේ විදියට කීදෙනක් නම් යොමු වෙනව ඇත්ද. බොරු කාරයො වංචා කාරයො මේ මොහොතෙත් වීදි බහිනව ඇති. අපේ ඇස් ඉස්සරහ මේ වෙන ඛේදවාචක ගැන අලුතින් ආයෙත් හිතන්න අප යොමු කලාට ඔබට ගොඩක් ස්තූතියි දේශක.

    කතාව බොහොම ලස්සනට ලියල තියෙනවා. අනේ මංද මට මෙහෙම අඩුවක් නම් පෙනුන

    කතාවෙ ආරම්භය ඉතාමත්ම සුන්දරයි. හැබැ‍යි ඒ වර්ණනා කරල තියෙනෙ පරිසර සුන්දරත්වය කතාවෙ චිත්‍රණය කරල තියෙන පරිසරයට ගැලපෙන්නෙ නෑ නේද? සුන්දර ගැමි කතාවකටනම් ඒ වර්ණනාව වටිනවා. මේ ඉතින් මට හිතෙන විදිය.

    සුභ පැතුම් දේශක!

    ReplyDelete
    Replies
    1. හුගක් ස්තුතියි මනෝෂ්..

      Delete
  23. මම කලිනුත් කිව්වා වගේ, මෙතන යන්නේ මිනිසුන් තුල වරදකාරී හැඟීමක් ඇතිකොට ඇතිකරගන්නා අනුකම්පාවෙන් බඩ වඩා ගැනීමයි. අනේ ඉතින් පොකට් ගහන්නේ, මංකොල්ල කන්නේ, මිනී මරන්නේ නැතුව නැතිබැරි කම කියලා ඉල්ලගන්න එක ඊටවඩා හොඳ නැද්ද කියලා ඒකත් නොමිලේ දෙන මෘදුකාංගයකුත් එනවා.

    ReplyDelete
    Replies
    1. හැබෑට.. දෙන්නකෝ මටත් එකක්..

      Delete
  24. මං පොරට නම් පස්ට සතුටුයි ඕන් ඈ ..
    කතාව නියමයි නියමෙට ගලාගෙන යනවා ,එත් සමහර තැන් අවුල් තිබුණා දෝ කියලා හිතුණා ,මොකද මේම පොඩ්ඩක් වාර්තාකරණයට බරයි වගේ එත් කතාව රහයි ,අර අවුල් අවුල් වගේ එවාට වඩා නියමයි ,දැන් අයේ කතා ටිකක් කියවන්න පුළුවන් වෙයි කියලා හිතා ගත්තා ...
    සතුටුයි ඈ..ජයවේවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහෝ..

      Delete
  25. අන්තිම ටික කියෙව්වේ නැහැ බං.කියවන්න බැරි නිසා.ඒ තරම් දුකක් අවා.සමාජ ක්‍රමයේ වරද බං වලේ ඉන්න එකා ගොඩ එනවා වෙනුවට තවත් එකෙක් වලට දාගන්නම තමයි හදන්නේ..

    ReplyDelete
    Replies
    1. අයියෝ බං දෙයක් රස විදිද්දි හදවතට ඉඩ දෙන්න එපා. අහවර වෙලා ඉඩ දියං

      Delete
  26. ඉස්සර ගියා නේද කතාවක් ඉංගම්මාරුව කියලා .අන්න ඒකෙ කතාංගයකට නියම කෑල්ල . මේ වගේ සමාජයක් ආශ්‍රය කරන්නේ නැතුව ,එතැන් කකා බිබී වැටිලා ඉන්නේ නැතුව මෙහෙම නිර්මාණයක් කරන්න අමාරුයි මම දන්නා තරමින්

    ReplyDelete
    Replies
    1. මං ඒ කතාව බලල නෑ බං.. ස්තුතියි ඉවාන්..

      Delete
  27. Replies
    1. තැන්කුයි දමියෝ..

      Delete
  28. මොකක්ද බන් තොට කතාවක්වත් ලියාගන්න බෑනේ එකෙක්ගෙන්වත් බැනුම් අහන්නැතුව.

    (ඇනෝ අකමා)

    ReplyDelete
    Replies
    1. හුටා... ප්‍රොෆයිල් එකෙන්ම ඇවිත්....

      Delete
    2. හැක් හැක්.. කාලෙකින්..

      Delete
  29. මෙතන ඉන්න බාලයියයි, ජුන්ටයි නම් ටිකක් හරි හොඳයි. ඇත්ත ලෙඩෙක් පෙන්නගෙන හම්බ කරල තියෙන්නේ. (පරමාර්ථය මොකක් උණත්.) ඒත් අද හිඟන සමාජයේ අලුතින් ඉපදෙන දරුවා හිඟමනට සුදුසු නෑ කියල අතපය අඹරල ඒකට සුදුසු තත්ත්වයට ගේන්නෙත් උන්ගෙ දෙමාපියන්මයි. එක අතකට උන් උන්ගෙ බඩගොස්තරේ හොයාගන්න ලමයව විකුණන් කනවා.
    ඒත් අනික් සමාජ තලවල මිනිස්සු.... උනුත් තමන්ගේ අරමුණු කරා යන්න ළමයින්ව පාවිච්චි කරනවා. දැනුවත්ව හෝ නොදැනුවත්ව. හැබැයි ශාරීරිකව පීඩාවට පත් කරලනම් නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. උඹේ බලගයේ දුවන මාදිලියෙ (Mobil version) ටෙම්ප්ලේට් එක වෙනස් කරහන්. එකේ පෙන්නේ පොත් ගොඩක් මිසක් එක අස්සේ තියෙන අකුරු නෙවෙයි. ආයෙ මං නොකිව්වයි කියන්න එපා. එහෙම නොකලොත් මෙච්චරක් කල් කොලා වගේ ආයෙමත් නෑවිදින්ම ඉන්නවා.....

      Delete
    2. මට ඒක හදාගන්නතේරෙන්නෑ බං. තවත් කව්ද කිව්ව මොබයිල් වර්ෂන් එක අවුල් කියලා. හිටහං.. මං මොකක් හරි කරන්නං.. ප්‍රිවිව් එකේදි මට ඒක හරියට පේනවා නේ බං..

      Delete
    3. ඒ තවත් එකත් මම්ම වෙන්න ඇති බන්. මොකද මම මීට කලිනුත් උඹට වෝර්නින් එකක් දීල තියෙනවා.... හැක් හැක් හැක්......

      Delete
    4. හ්ම මතකයි මතකයි.. මට ප්‍රිවිව් එක ඕකේ නේ බං.. දන්න එකෙක්ගෙන් අහන්න ඕන.. හදාගන්න

      Delete
  30. නියමයි දේශක යානෝ !

    එළම එළම එළමකිරි.......

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගෙම්බෝ.. වෙල්කම් වේවා..

      Delete
  31. ෂා....නියමනෙ දේශකයො... අද උදේම නියම කතාවක් කියෙවුවෙ...
    ජයවේවා................

    ReplyDelete
    Replies
    1. ජය වේවා දිනිතියෝ...

      Delete
  32. අපූරැ කතා වස්තුනක් "වස්තුව", නගුටා මත් කුඩු හමුවේ දරුවව පාවලා දුන්නේ අවුරුදු 13 කට පස්සේ උනත් අර කතාවට උණ හපුළුවට උගේ පැටියා මැණිකක් උනාට මේ වගේ සමාජ ආර්ථීක රටාවක් එක්ක කුලී වැඩ කරලා අවු 13 ඇද්දයි කියන එක ගැටළුවක් සහෝ, මොකද නගුටාම ඊට කලින් දරුවත් අරන් බස් එකට නැග්ගෙ නැති වුන එක ඊටත් වඩා ගැටළුවක් කතාවෙ හැටියට, ඔය පරිසරයෙ හිගන බිස්නස් කරන මුදලාලිලා නිසා නගුටලා ඇත්තටම අසරණ වෙනවා, වැරදි පෙන්නලා බක පණ්ඩිත කම් දැම්මා නෙමේ සහෝ, මොක උනත් අපූරු උත්සාහයක්, ජය වේවා.

    ReplyDelete