Wednesday, March 5, 2014

ප්‍රශ්න තුනයි වැඩේ ගොඩයි!!

“රායිට්. එන්න ඔක්කෝම අය ඉස්සරහට. මොකද මේ වැඩ කරන්නේ නැත්තේ.. ඒ මදිවට මේ මාස දෙකට නිවාඩු ගන්නවත් වැඩියි. ඇයි මොකද අළුත් ප්‍රශ්නද? අද කීයක් ඉන්නවද ඇවිත්“

“43 යි සර්“

“හරි දැං බලමු.. සරමසේරම (මලා) සමරසේකර මොකද වැඩට එන්නැත්තේ??“

“ප්‍රශ්න සර් ප්‍රශ්න!!“

“මොනවද සමරේ තමුසෙට තියෙන මේ අපිට නැති ප්‍රශ්න.. අපි එන්නේ ඔය යස අගේට වැඩට“

“සර්ලට ඉතිං මොකද? අපි බෝම අමරුවෙන් තමා මිට ගහන් දුවන්නේ“

“ඒ කිව්වේ තමුසෙට ආර්ථික ප්‍රශ්න??“

“ඔව් සර්. හම්බානක එරිල ඉන්නේ. සමහර දාට වැඩට එන්නවත් සල්ලි නෑ“

“හරි අයිසේ.. ඕක ආර්ථික ප්‍රශ්නයක් නේ.. තව ඉන්නවද ආර්ථික ප්‍රශ්න තියෙන අය“

“ආ හරි හරි දහතුන් දෙනෙක්ට ආර්ථික ප්‍රශ්න.. හරි අත් පල්ලෙහාට දානවල.. අනිත් අයට දැං මොනවද තියෙන පුරස්න.. හරි කියන්න ඕන නෑ මං අහන්නං“

“කාටද දැං පවුල් ප්‍රශ්න තියෙන්නේ??

“ඔව්.. සිරිල්ටයි, වාසුලටයි, සුමල් මොකා තමුසේ ගිය මාසේ නේ බැන්දේ“

“ඒකනේ සර්.. ගෑනි එක්ක බේරිල්ලක් නෑ සතිය ගානේ ගෙදර යන්න කෑගහනවා. ඉතිං යන්න එපායැ“

“ඒ උනාට තමුසේ බැදල පාටිය වෙලාවේ කිව්වේ ගෑනි තමුන්ට ඕන විදියට හදාගන්නවා කියලා.. කට්ටියට මතකයි නේද මේකා බීලා කිව්ව ඒවා“

“ඒම තමා සෑර්. වැඩේ තියෙන්නේ සතිය යද්දි මං අහුඋනනෛ් ගෑනු ගැට වලට“

“හැක් හැක්.. හරි තුන්දෙනෙයි.. තව.. ආසිරි.. විමල්.. ලූෂන්.. අම්මප බං බොලාට මොනවද තියෙන පුරස්න“

“සර්ට කියල වැඩක් නෑ. මගේ ගෑනි එකක් වසන්න බෑ.. මම හදිසියකට පාරට බැස්සත් ඔරවනවා.“

“ඈ ලූෂන්.. තමුසේ ලබන අවුරුද්දේ රිටයර් වෙනව නේ.. තාම තමුසෙව සැකද?“

“ඒකනේ සර් කියන්නේ... වැඩක් නෑ කතා කරලා“

“ආ හරි.. පවුල් ප්‍රශ්න කාරයොත් හරි. දැං කාටද සමාජීය ප්‍රශ්න තියෙන්නේ. ඒ කිව්වේ සමිති සමාගම් දාන මාන අරව මේවට නිවාඩු ගන්න අය..හප්පට සිරි.. වැඩිපුර ඉන්නේ ඒවට නිවාඩු දාන අය නෙව“

“හ්ම්. දැං ඔය ආර්ථික, පවුල්, සමාජීය ප්‍රශ්න ඇර වෙනත් ප්‍රශ්න තියෙන අය අත උස්සනව බලන්න“

“කාටවත් වෙන ප්‍රශ්න නෑ එතකොට. අහගන්නවා එහෙනං ඔය ප්‍රශ්න තුනම මටත් තියෙනවා. මාත් පඩි අරගෙන සතියෙක් නොකවුට්. යන්තං ගෑනි හංගපු සල්ලි වලින් තමා දුවන්නේ. මටත් ආර්ථික ප්‍රශ්න. මටත් ඔය ලූෂන්ට වගේ තමා හදිසියට සෙට් වෙන්නවත් රෑට පනින්න බෑ. කොටු පනින ගානට හිතන්නේ. මටත් පවුල් ප්‍රශ්න. සමාජීය ප්‍රශ්න.. හුහ්.. කෙළවරක් නෑ අප්පා.. සමහර දවසට දෙක තුන වැටෙනවා. යන්නත් එපැයැ.. හැබෑට තමුසලොගේ මොකක් හරි මලගෙයක් මාසෙකට සැරයක් හරි තියෙනවා නෙව. එ්වට යන්නත් එපැයැ“

“ඉතිං බලනවා.. තමුසෙලාට එක ප්‍රශ්නයයි තියෙන්නේ. මට ඔය ප්‍රශ්න ජාති තුනම. ආයි කතා බෑ.. වැඩ ට එන්න ඕන හරියට. හරිද.. හා දැං යනවලා..“

110 comments:

  1. හරි හරි දේශකයට බොසා දීල වගේ ලෙක්චර් එක. දැංවත් වෙලාවට වැඩට පල.

    ReplyDelete
    Replies
    1. එහෙමද...මම මෙතෙක් දවස් හිතං හිටියෙ මෙච්චර දවස් දේශා බොසා කියල ...හැක් ..හැක් ... අනේ සාලේ.....

      Delete
    2. @ ප්‍රසා
      ඇඩෙනවා නේද මේව ඇහුවම..

      Delete
    3. @ කෙන්ජා බොකුස්

      ඈ බොල මං උඹේ බොස් උනාට මේ ගුබ්බැයමේ බොසා නෙමෙයි.. හැක්

      Delete
  2. ඔය වගේ ඩොකෙක් හිටියා අපේ පැත්තේ මිනිහා ලගට බෙහෙත් ගන්න ගියාම මනුස්සයා ගේ ලෙඩ ගැන අහලා අපිට උණ හැදෙනවා //කොම වුණත් ලොකු පුටු වල පෙන සුන්දරත්වය නෑ කියනවා නේ

    “සර්ට කියල වැඩක් නෑ. මගේ ගෑනි එකක් වසන්න බෑ.. මම හදිසියකට පාරට බැස්සත් ඔරවනවා.“///
    මෙකනම් දේශක ගේ තත්වේ නේ අනුන් පිට පටවන්න හදන්නෙ

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත.. සහතික ඇත්ත සහෝදර.. කුමක් කරනෙම්ද පුරුවේ කල පිනට (??)

      Delete
  3. Mr. Deshakaya, pls add setdecco widget to this stupid blog. then only i can read it while i'm very busy in the office :D as there is some issue with the Language kit of my computer.

    ReplyDelete
    Replies
    1. Mr. Ensenna, Please guide me through the process. I don't know that widfuckget. Thanks

      Delete
    2. omg u don't know that !! very strange ! okay follow me;

      browse this url - http://settdeco.bhasha.lk/index.php
      click on - get widget
      click again on get widget which is free( if u are rich enough u can pay a small amount as rs 60000/- per annum and buy the full option widget )
      Select language, color and size and then check on t&c
      put your name, web url, and e-mail id.
      click on - get code.

      then you will receive an e-mail with the relevant code which need to hang in your blog as a html widget.

      good luck !

      Delete
    3. Thanks a lot with Ummas.. Done. Thanks again

      Delete
    4. බොලා මම දාන වෙලාවටම කොමෙන්ට් දාන්න ලෑස්තිවෙන්න එපා. :D

      Delete
    5. yep, i can confirm that you have succeeded through the process as i can read it now "දන්න හිංගලෙන් "

      Delete
    6. සෙන්නල දැං අපේ අහ එන්නේ නැනේ

      Delete
    7. ප්‍රසා දාපු එක දැක්කේ පස්සේ..

      Delete
  4. ප්‍රශ්න තුනකින් බේරුනා ඇති..... අපිටනම් තියෙන ප්‍රශ්න කියන්න බැරි එකත් එක පර්ශ්නයක් ...

    ReplyDelete
    Replies
    1. තනිකඩයින්ට මොන ප්‍රශ් ද බන්ස් ...????

      Delete
    2. එකනේ කිව්වේ තියෙන ප්‍රශ්න කාටවත් කියාගන්නත් බැ කියලා

      Delete
    3. @ මැලේ..

      ඉතිං බං ඒ පුරස්න ටික මෙතනවත් කියහං. බොට කියන්න කෙනෙක් නේ නැත්තේ. හැක්..

      Delete
    4. @ කෙන්ජා

      උඹ දන්න සෙද්ද.. තනිකඩයන්ට තමා ප්‍රරස්න වැඩිම..හැක්

      Delete
  5. මූ නම් බොසාගේ තනතුරටම හරි යන බොසෙක් !
    පෙනේද මේකා කියන කතා :)

    ReplyDelete
    Replies
    1. මම උනා නං මේ බොසාව ගහල පන්නනවා..

      Delete
  6. ආඩ් උබේ නම කිව්වෙ නෑනෙ :D

    ReplyDelete
    Replies
    1. තේරෙන්නැත්ද බන්. ඔය ලූෂන් කි‍යලා දාලා තියෙන්නෙ මූ ගැන. හැක්. හැක්…;) ;)

      Delete
    2. සික් සික් දේශ එච්චර නාකි නෑ බන් :D

      Delete
    3. මාත් ඉතිං ප්‍රශ්න ඇති මිනිහෙක් නොවෙද සබඳ??

      Delete
  7. මං හිතුවා දවස පුරාම බුකියෙයි ,බ්ලොගෙයි ඉන්නකොට කොයි වෙලාවේ හරි කෙල්වගනියි කියලා හැක්

    ReplyDelete
    Replies
    1. මේවා නලියගේ කුප්‍රකට සැලසුම්..මාව නැතිබංගස්තාන කරන්න දත කන..

      Delete
  8. දේශකයා බෝසාගෙන් හොදට අහගෙන වගේ :D

    ReplyDelete
    Replies
    1. හැබෑටම මොනරි. කාලෙකින් අහගත්තේ නෑ මෙහෙම සුපිරි බනක්

      Delete
  9. අන්න බොසාලා. දීල තියෙන්නේ කට උත්තර නැති වෙන්න

    ReplyDelete
    Replies
    1. වෙල්කම් වීරේ.. දොඹෙන් යන්න දුන්න කියලයි කොල්ලෝ කියන්නේ.. හැක්

      Delete
  10. ඒක නම් ඇත්ත දේශකයෝ! බොසා තමයි දවසකටවත් හාදයා... අනික් උන්ට කට උත්තර නෑ..

    ReplyDelete
    Replies
    1. ඒකනේ බලහං අපේ මෝල්ලුන්ට තව එක ප්‍රශ්නයක් වත් වැඩි කරගන්න බැරි උනා නේ.. හැක්

      Delete
  11. මගෙ බොසා ඉතිං මගෙ පියාම නිසා ඔය ප්‍රශ් මට නැත... බොකුස් ...

    ReplyDelete
    Replies
    1. මේ ම‍ාවත් පුතා කරගන්ඩ කියලා උමේ පියාට කියහංකෝ , නැත්තං මාව උඹේ පුතා කරගනින් , මම දග නොකර හොද ළමයෙක් වෙලා ඉන්නං ,

      Delete
    2. තව සති දෙකක් ඉවසපන්....

      Delete
    3. හෑ ... සති දෙකකින් ඔයා අටමව දරු කමට ගන්නවද ????

      Delete
    4. @ කෙන්ජා
      ඔබේ පියානෝ වීමට හැකිනං මං තෝව මකවනවා. අනිවා.. හැක්..

      Delete
    5. @ අටමා.

      අනේ අහිංසක කොල්ලෝ විහින් නාස්ති නොවී හිටපිය..

      Delete
    6. @ මැලේ
      සති දෙකකින් කෙන්ජා ලංකාවට පනීද මන්ද

      Delete
  12. බුකි‍යෙ නටනවයි බ්ලොගේ ලියනවයි ඒ මදිවට නිවාඩුත් ගන්නවා.

    මේ වගේ ජොබ් හම්බවෙන්න සසර පුරා පින් කරන්න ඕන බොලවු. නේද ලූෂන්. ආ නෑ දේශකයො. ;) :)

    ReplyDelete
    Replies
    1. සිරාවටම බන් :D

      Delete
    2. නැත්තන් ඉතින් ප්‍රසායිය වගේ තමන්ගෙ කියල වැඩක් පටන් ගන්න ඕන :D

      Delete
    3. මේ වැඩ හින්ද ඒකටත් කෙලවෙයි වගේ මට පේන්නෙ මල්ලි. :D

      Delete
    4. @ ප්‍රියා

      උඹල කට පරිස්සං කරගනිල්ලා. උඹල ආසා මාව මේකෙන් දොට්ට දානවටද?? හැක්

      Delete
    5. @ සසිදුවා
      ප්‍රසා අයියා තමන්ගේ වැඩ පැත්තක තියල අනුන්ගේ වතු වල මායිං මනින එකම නේ කරන්න‍ෙ

      Delete
  13. ඔහොම කියල බොස්ල තමන් යටතේ ඉන්න අහිංසක මිනිස්සුන්ගෙ ප්‍රස්න යට ගහන බොස්ල ඕන තරම් මේ රටේ ඉන්නව දේශකයා.පයින් යන මිනිහට වැඩිය කාර් එකෙන් යන මිනිහට ප්‍රස්න වැඩිලු. ඔය වගේ කතා කියල මිනිස්සු රවටන්න හදනව.මිනිස්සු අහිංසකයි. අපිත් වැඩ කරන්නෙ බොස්ල ලග. ඒත් සමහර වෙලාවට දනින් වැදගෙන කිව්වත් ඇතැම් ප්‍රස්න අහන්ට උන්ට වගේ වගක් නෑ. උන්ට ඕනෙ උන්ගෙ වැඩ ටික කර ගන්න විතරයි.මේව ගැන කියන්න ගියොත්.....
    ඒ කෙසේ වුණත් නියමයි කතාව

    ReplyDelete
    Replies
    1. තැන්කුයි වැවා... කාලෙකින් දැක්කේ..

      Delete
    2. http://wewismatha.blogspot.com/ ෙම්කට ෙමානා හරි ෙවලා ෙද්ශ

      Delete
    3. කේස් එකක් නෑ ලෝඩ් උනා. ඒත් මේ පෝස්කටුව මගේ එකේ අප්ඩේට් උනේ නෑනේ බං...

      Delete
  14. හරි නේ.අහගත්තනේ.දැන්වත් ඉතින් වැඩට පල.ගිය දවසට ඔෆිස් එකෙ වැඩ කරපිය.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් සතියක් විතර හොදට වැඩට යන්න ඕන.. හැක්..

      Delete
  15. හුටා කොලා නේද හොද එකෙන්ම...
    කෝමත් ඉතිං බොසාල වුණාම අං ගිලල ඉන්න එපෑ... නැත්තං දේශ ලා කනෙං රිංගනවනෙ... ඉදගෙන

    ReplyDelete
    Replies
    1. හිටගෙන ගියත් ඉදගෙන ගියත් බොසාලා දන්නවා බං අපි ගැන. අර සත්ව කරුනාව නිසා ඔය ඉවසන්නේ..

      Delete
  16. මේකා පරිපාලන විභාගය පාස්වෙලා තියෙන්නේ පච්ච සිරාගේ පාතාල විශ්ව විද්යාලයෙන්ද කොහෙද.

    දේශ්, මගේ බ්ලොග් එක ඔයාගේ රෝලේ අප්ඩේට් වෙන්නේ නැත්තේ මොකද?

    ReplyDelete
    Replies
    1. ඕවා ඉතිං පේරදෙනියේ වැඩ නේ ආයිබෝංඩ..

      මටත් අවුල හිතාගන්න බෑ.. ලොකු අවුලක්..

      Delete
  17. හරි හරි, එහෙනම් ඒක තමයි දේශකයා දැන් වැඩිය ඉස්සර වගේ හැමතැනම දඟලන්නේ නැත්තේ..

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනේ කියන්නේ. මේ අපේ නලියා අර ලියුමේ විදියට කරපු වැඩක් බං.. විස්තරේ ලොක්කට එවලද කොහේද..

      Delete
  18. දේසක කව්ද ඔතනින් ?

    ReplyDelete
    Replies
    1. හලෝ සිංදුවා.. මට පවුල් ප්‍රශ්න ගැන්සිය දෙන්න..

      Delete
  19. BOSS IS LIKE A DIAPER.
    Always on your ass.
    And full of shit.

    ReplyDelete
    Replies
    1. @ හෙන්රි... ඒකනං ෆට්ට කතාව... හූ....

      Delete
    2. @ හැන්රි

      දේ ආර් සිරා-ඩුඩ් ප්‍රඩක්ට්ස් නෝ... හැක්.. එළ කතාව..

      Delete
    3. Thanks, but it's not my wisecrack. I just rephrased it as I remember.

      Delete
    4. Honestly it is an important extract. I have seen so many and I'm doing some business about your comments in the blog posts. Thanls Dude

      Delete
  20. අන්න බොසාලා. ;D

    ReplyDelete
    Replies
    1. වෙල්කම් සුදර්... කියල වැඩක් නෑ පට්ට බොසාලා.. හැක්

      Delete
  21. ඔහොම්ම තමා ඔය අලුගෝසුවෝ මොනවාහරි කියලා මිනිස්සුන්ගේ ප්‍රශ්න යට ගහලා මිරිකලා අඹරලා සාරය උරා බොන එක තමා උනගේ වැඩේ

    ReplyDelete
    Replies
    1. අෑ බං උඹටත් චන්ද උන බෝවෙලාද..

      Delete
  22. තුන් තිස් පැයේම බුකියේ ඉන්න කතාව එහෙම දන්නේ නැතිව ඇති.. අම්මපා උඹ වැඩ කරන්නේ ෆේස්බුක් එකේද බන්...

    ReplyDelete
    Replies
    1. මං ඉතිං කෝම අරි ජොබ් තුනම කරනවා.. බ්ලොගියේයි බුකියෙයි රොටියෙයි.. හැක්..

      Delete
  23. සිකේ තාම මං ජොබක් කරලා නැති හංදා හොදයි :D

    ReplyDelete
    Replies
    1. හොදා හොදා. කවදාවත් එපා පුතේ රස්සා නං කරන්න.. හැක්..

      Delete
  24. අන්න එල බොසෙක් ......

    ReplyDelete
    Replies
    1. මිනිහා මොකා උනත් අනිත් උන්ට වඩා හොදයි කියල තමා කස්ටිය නං කියන්නේ..

      Delete
  25. බලපන් බොසා දීපු ලෙක්චරෙත් මු මේකේ දාලා නොවැ....:D

    ReplyDelete
    Replies
    1. ඒවා ඒම තමා..බොසාට උනත් අපි ඒමයි සලකන්නේ..

      Delete
  26. මොකා කිව්වත් කතාව ඇත්ත.

    ඕකනේ මට ආයතන වල වැඩ කොරන්න බැරි.

    ReplyDelete
    Replies
    1. චිකේයියා සරත්. උඹව ගෙදරින් පන්නන්න ඕන පව්ල් ප්‍රශ්න තියෙන එකේ.. හැක්..

      Delete
  27. සුපුරුදු ප්‍රශ්නය යලිත්....

    ReplyDelete
    Replies
    1. මටද මෙය සුපුරුදු වුවද ඔබට සුපුරුදු බවට කෝ සාක්සි..

      Delete
  28. දේශිකා සතිය ගානේ ගෙදර එන්න කියලා තර්ජයනය කරනවද දේශෝ... හැක් හැක්..

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. සතිය ගානේ.. ඒම උනානං බොලාට මේ දේශකගේ සොහොන තමා දකින්න වෙන්නේ.. දවස ගානේ බං දවස ගානේ. .හැක්

      Delete
  29. ඔයින් ගියා ඇති එහෙනම්..අපරාදෙ..

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව්.. සති දෙකයි නේ.. ඉවසමු..

      Delete
  30. බොසා නිල අල්ලල දුන්න නේද හිර වෙන්නම..

    ReplyDelete
    Replies
    1. දුන්න කට මුට්ටු වෙන්නම බං චං..

      Delete
  31. වෙලාවකට හිතෙනවා බොසලා ඔහොම කරන්නත් හේතු ඇති. අනේ මන්දා.
    මගේ කලින් ඔපීසියේ බෝස නම් කියන්නේ
    "ඔක්කොටොම හොද කරන්න ගිහින් අන්තිමට මම නරක මිනිහ වෙනවා කියලා"

    කොහොමින් කොහොමින් හරි දේශාට බොසා සම්බුව දීල වගේ.
    මේ ඇත්තට මොනා කොරලයි මාට්ටු උනේ ?

    ReplyDelete
    Replies
    1. මාට්ටු වෙන්න අපි.. හැක්.. හිතුවා මදි. මේකනේ බං නිමෝ අවුල. අපේ අනිත් උන් මං තරං කට්ට නෑනේ උන් අහු වෙනවා හිටු කියලා..

      Delete
  32. මිනිස්සුන්ගේ ප්‍රශ්ණ ඔහොම යට ගහන උඹ මහම මහ අවලම් බොසෙක් වෙන්න ඕනා.. ද ? නැත්නම් උන් ටිකක් බුරුල දුන්නොත් කරේ නගින්න හදනවද ?

    ReplyDelete
    Replies
    1. අපේ බොසාට අවලං කියල උඹ කොල්ලෛාන්ගෙන් කන්න හදන්නේ සෙන්නෝ බැට් බාර.. අනිවා උං කරේ නගිනවා බං ඒකනේ ඒම කියන්නේ.. අපි නොදන්නවැයි අපේ බොසා ගැන..

      Delete
  33. දැන් දේශකයා බොස්ද නැත්තං අර පවුල් ප්‍රශ්න තියෙන එක්කෙනෙක්ද?

    ReplyDelete
    Replies
    1. මං අනේ පව්ල් අවුල් වෙචිචි කෙනෙක්.. හැක්..

      Delete
  34. බොසා දීලා ඇඩ්‍රස් නැතිවෙන්නම.

    ReplyDelete
    Replies
    1. හයියු.. හබරල කොලයක් වත් නෑ ලැජ්ජාව වහංගු කරගන්න බස්සියෝ

      Delete
  35. අන්න නියම බොසා ලා :)

    ReplyDelete
    Replies
    1. සැබෑවටම.. නියම බොසෙක් කියල කොල්ලෝ නං කියනවා. මං නං කැමති නෑ මිනිහට..

      Delete
  36. යේ යේ 100 වෙනි කමෙන්ටුව මගෙන් හැක් ^_^

    ReplyDelete
    Replies
    1. තැන්කුයි තැන්කුයි මදාරේ..

      Delete
  37. //මොකද මේ වැඩ කරන්නේ නැත්තේ..//

    ඒ කියන්නේ එන වෙලාවටවත් වැඩ කරන්නේ නැද්ද? :D

    ReplyDelete
    Replies
    1. ඕකට උත්තර දෙන්න බ්ලොග් කස්ටියයි මුනුපොතේ කට්ටියයි ගෙන්නුවොත් නං මං ඉවරයි..

      Delete
  38. බැලුවහම ඔක්කොම බොස්ලා එකයි... අපේ බොසුත් ඔය වගේමයි. නිවාඩුවක් ගන්න ගියාම ප්‍රශ්ණ 100 කට විතර උත්තර දෙන්න ඕනේ..

    ReplyDelete
    Replies
    1. හැම බොස්ම එකම පැම්පර් එකක් ඔය හැන්රියා කියනවා වගේ..

      Delete