Wednesday, January 1, 2014

අළුත් පන්තියට යන පුතාට උපදෙස්..


ඔන්න ඉතිං ලොකු නිවාඩුවකට පස්සේ පුතාට යන්න වෙනවා අළුත් පන්තියකට හෙට ඉදලා. පහුගිය අවුරුද්දෙම පුතා හීන මැව්වේ හොදට විභාගේ පාස් කරගෙන ඊළග පන්තියට යන්න නේ. ඉතිං දැං ඒ බලාපොරොත්තුව ඉෂ්ඨ වෙලා. පහු ගිය පන්තියේ හිටිය පුතාගේ ටීචර් තමයි හොදම ටීචර් කියල මගේ පුතා කොච්චර නං මට කියල තියෙනවද? ඒක ඇත්ත තමා පුතාගේ ඉස්කෝලේ වැඩ ගැන ඒ ටීචර් සෑහෙන්න හොයල බැලුවා. ඒ විතරද ඇයි පුතාට වැරදුනු තැන් හදාගන්න හැටි, ගණන් වැරදුනාම ඒවා හදන විදිය ඒ හැම දෙයක්ම ටීචර් පුතාට කියල දුන්නනේ. මට මතකයි පුතා අපේ ටීචර් ගැන ලියපු රචනාවේදි “මම අපේ ටීචර්ට හුගාක් ආදරෙයි“ කියල ලොකු අකුරෙන් ලියල තිබුනා. මම දන්නවා ඒ පුතාට කව්රුවත් උගන්නල නෙමෙයි පුතාම හිතල ඒක ලිව්ව කියලා.

පහු ගිය පන්තියේ ටීචර් විටින් විට මම ඉස්කෝලේට ආපු වෙලාවටත් පුතා ගැන කතා කරනවා. ඒ හැම වෙලේම පුතා හරිම කීකරු හොද ළමයෙක් කියලා ඔළුව අත ගානව නේද? ඉතිං පුතා දන්නවනේ කව්ද පුතාව හොද කීකරු ළමයෙක් කරේ කියලා. ඔව් පරණ ටීචර් තමයි පුතාව හොද ළමයෙක් කරේ. ඉතිං පුතා අළුත් පන්තියට ගියාමත් හොද ළමයෙක් වගේ ඉන්න ඕන. පරණ ටීචර් පුතාව හෙට එක්කන් යාවි අළුත් ටීචර් ගාවට. එහෙම ගිහිල්ල පුතාලව බාර දීලා ආයෙත් පුරුදු පන්තියටම ටීචර් යාවි. එතකොට පුතාට අළුත් ටීචර් ඉස්සෙල්ලම ආයුබෝවන් කියාවි. එතකොට මම දන්නවා පුතා පරණ ටීචර්ට වගේම නැගිටල අත්දෙක එකතු කරල ආයුබෝවන් ටීචර් කියාවි. එහෙම නේද පුතාලට පරණ ටීචර් උගන්නල තියෙන්නේ.

හැබැයි සමහර විට දවස් දෙක තුනක් යනකං අළුත් ටීචර් පුතත් එක්ක වැඩිය කතා කරන එකක් නෑ. එහෙම උනා කියල ඒ ටීචර් නරක කෙනෙක් නෙමෙයි. මොකද ඒ ටීචර් දන්නෑ නේ පුතා හොදම ළමයෙක් විත්තිය. පුතාව හුරතල් කරන්න එන එකක් නෑ.. එතකොට පුතා මොකක්ද කරන්න ඕන. ඔයා පරණ ටීචර් කියල දීපු විදියට අළුත් ටීචර් ටත් පෙන්නන්න ඔයා තමා පන්තියෙ ඉන්න හොදම කීකරුම දරුවා කියලා. අන්න එතකොට ටීචර් අදුරගන්නවා මේ ඉන්නේ හොද ළමයෙක් කියලා. එතකොට පුතා ළගට ඇවිල්ල ඔළුව අතගාලා ආදරෙන් කතා කරාවි. මම කියනවට එහෙම කරන්න. මොකද පුතා හොද ළමයෙක් විත්තිය අළුත් ටීචර් දන්නෑ නේ.

පරණ ටීචර් හොද උනාට අළුත් ටීචර් ටිකක් විතර සැර වේවි... පුතා හොද ළමයෙක් කියන විත්තිය ටීචර්ට නොපෙනුනොත්. ඒක නිසා ටීචර් පුතාට ටිකක් බනිවී. පුතා පරණ ටීචර් එක්ක හුරතල් උනාට අළුත් ටීචර් පුතා හුරතල් කරන එකක් නැහැ. බැනුම් අහල පුරුදු නැති ඔයාගේ ඇස් දෙකට එතකොට කදුළු ඒවි. ඒත් පුතා අමතක කරන්න එපා.. අළුත් ටීචර් පුතා හොද ළමයෙක් විත්තිය නොදැනයි එහෙම කරන්නේ. ඇයි පරණ ටීචර් අළුත් ටීචර්ට පුතා හොද ළමයෙක් විත්තිය කියන්න අමතක වෙලා තිබුනොත් එහෙම.... අළුත් ටීචර් ඒක දන්නේ නැහැනේ. ඒක නිසා ටීචර් පුතාට ටිකක් බනිවී. පුතා එතකොට අඩන්න ගනීවි. එතකොට ඔය ඇඩිල්ල නවත්තන්න කියලා අළුත් ටීචර් තව චුට්ටක් සැරෙන් පුතාට කියාවි. ඒක ඇහුනම පුතා අඩන එක වැඩි වේවි. සුදු කමීසේ තෙමාගෙන කදුළු කැට බොද වෙලා යාවි. ඒත් අළුත් ටීචර් ගැන කිසිම අහිතක් හිතන්න එපා. දුක් වෙන්න එපා. අළුත් ටීචර් පුතාට බනින්නේ ඔය කදුළු එන එක නවත්තන්න. ඔයා තව ඇඩුවොත් ටීචර් තවත් බනිවි. 

වචන දෙකකට කදුළු එන කොළු පැටියෙක් සමාජෙට දාන්න පුළුවන්ද බෑනේ .ඉතිං ටීචර් වචන සීයක් දෙසියක් බනින කොටත් කදුළු නොඑන ගානට පුතාව හදාගන්න තමා ඒ විදියට කරන්නේ. ඔයා ඒවා එච්චර හිතන්න එපා. බලන්න ටීචර් ආදරේ නිසයි ඔයාට බනින්නේ. පව්නේ .. අනික පුතා හොද ළමයෙක් කියන එක පරණ ටීචර් දන්නවා උනාට, අළුත් ටීචර්ට කිව්වද කියල අපි කොහොමද දන්නේ. අඩුගානේ අළුත් ටීචර් පරණ ටීචර්ගෙන් ඒ විස්තර ඇහුවද කියලවත් අපි දන්නෑ නේ. එතකොට කොයි තරං සාදාරණද පුතාට බනින එක නේද? හොද ළමයා වගේ ඔයා හුගාක් හොද ළමයෙක් කියන එක අළුත් ටීචර්ට පෙන්නන්න. බලන්න එතකොට ටීචර් ඔයාට බනියිද කියලා.. නැහැ බනින්නෑ පොඩ්ඩක්වත්. මම ඒක දන්නවා.

ප.ලි  - පෝස්ට්කටුවට ගැලපෙන්නේ මේ පින්තුරය යැයි කියා එය සොයා ගෙනැවත් දුන් නවාතැනේ රාජ්ට ස්තුතියි. පින්තූරය ගත්තේ මෙතැනින්

109 comments:

  1. මං පුතෙක් නෙමේ වුණාට මට තාත්තව මතක් වුණා. හොද ලිපියක් හැම තත්තෙක්ටම..ඔයාගේ දගකාර පුතාව ඕමා අක්කි මතක් කළා කියන්න .. මගේ යාලු මිත්‍රයෝ කීප දෙනෙක්ටම ලිපිය යවන්න ඕනේ,,

    ReplyDelete
    Replies
    1. මං කියන්නං ඔමා අක්කි මතක් කරා කියලා.. තැන්කුයි ඔමා..

      Delete
  2. හැම තාත්තා කෙනෙකුගේම සිතුවිලි...

    සුභ නව වසරක් වේවා..!

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුනවවේ!! හැබෑටම ළමයි පොඩි කාලේ එහෙම හිතෙනවා.. මොකද ඒකා දන්න එකම ටීචර පරණ ටීචර් නේ

      Delete
  3. හොඳ උපදෙස් ටිකක්.....
    මට පුතෙක් උන්න නම් පෙන්නන්ට තිබුණා
    හුඟක් ටීචර්ලා අලුත් පංතියේ මුල් කාලේ බනින්නෙ නෑ..නපුරු අය තමා

    ReplyDelete
    Replies
    1. පුතෙක් හදාගන්න..හැක් හැක්

      ඔව් හුගක් අය බනින්නෙ නැහැ. ඒත් ළමයින්ගේ ක්‍රියාකාරකම් නිසි පරිදි තක්සේරු කරන්න ඒ අයට කාලයක් යනවා..

      Delete
  4. හොඳ උපදෙස් ටිකක්...
    සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. අම්මපා මට ඔහොම උපදේස් කවුරුත් දුන්නෙ නෑනේ.දුකත් හිතෙනවා .
      දේශක තුමා ගැන අඩම්බරයි .අපි දඟ වැඩ කරපු නිසා ගෙදර අයටත් ඔලුව අත ගන්න අමතක වෙන්න ඇති ,ඉස්කෝල ගුරුවරුන්ටත් ඔලුවට ටොකු හරි අනින්න හිතුනා නේ එකත් ඇති .
      පොස්ටුවක් ලියන්න මතක ඔලුවට එනවා ,ඔලුව කැරකෙනවා
      උගුරත් හිර වෙනවා .දේශක තුමා නැවතත් ඔබ ගැන අඩම්බරයි පුතා කවදා හරි දවසක් සතුටු වෙයි මගේ තාත්තා මගේ ඔලුව අත ගලා දේයක් කියලා දුන්නා කියලා .

      Delete
    2. ඔබට ස්තුතියි සහෝදර.. අයිසින් කේක් කාපු සීන් ලියල තිබුනා මම දැක්කා..

      Delete
  5. හොඳ අවවාද ටිකක්...ඔන්න අරගෙන තියාගත්තා...:)
    චූටි පුතා කොහොමත් අප්පච්චි වගේ නැතුව ඇති.:D

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පොඩ්ඩි.. කොල්ලා තාත්තට වඩා ටිකක් හොදයි.. හැක්

      Delete
  6. අපිටත් ඕව ඉස්සරහට කියන්න වෙයි.
    සුබ නව වසරක් දේශකයා.

    ReplyDelete
    Replies
    1. සුනනවේ බොටත්..

      හ්ම්.. ළමයි ඉන්න කාලෙක තමා ඕවා දැනේනේ

      Delete
  7. පරණ ටීචර්ම අලුත් පංතියට ආවොත් මොකෑ කොරන්නෙ ? අපේ එකාට එහෙමනෙ වෙලා තියෙන්නෙ....

    ReplyDelete
    Replies
    1. එහෙම නොවෙන උන්ට තමා මේක තියෙන්නේ.. හැක්..

      Delete
  8. අළුත් කියලා ලියන එක වැරදියිලු. එතකොට එන්නෙ "අළු" සමගත් කියන තේරුමලු. "ලු" ඈ..

    ReplyDelete
    Replies
    1. එහෙම එහෙකුත් තියෙනවා එහෙනං. ඔව් උඹ කිව්ව අදහස තමා එන්නේ. නමුත් භාවිතාව එහෙම නේද.. කෝ නෑනේ බං පියෝ සින්හල එකෙක්වත් දැනගන්න..

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. දේශා පියෝ සිංහල නම් මම දන්නවා.මොකද කියන්නෙ?
      කියල දෙන්නද?

      Delete
    4. @ රාජ්

      සෙන්න හරි බොල..

      Delete
    5. @ කෙන්ජි

      අනේ මාමේ මට මාව නැති කරගන්න බෑ.. හැක්

      Delete
  9. මටත් ඉස්කෝලෙ කාලෙ මතක් වුණා.. අලුත් පංතිය, අලුත් ටීචර්, අලුත් පොත්....

    පුතාට හොඳ ටීචර් කෙනෙක් හම්බ වේවා!

    ReplyDelete
    Replies
    1. මාත් එහෙම හිතනවා. තාම ටීචර් ගැන හිතන්නත් කාලේ මදි.. ස්තුතියි සිතූ..

      Delete
  10. උගුර-ඇස් හිරවෙන්න ලියල තියනව බං. මට මතක් උනේ ලයිෆ් ඉස් බියුටිෆුල්!

    ReplyDelete
    Replies
    1. උඹ කිව්ව පින්තුරේ දැම්මා.. ස්තුතියි රාජ් පසු විපරමටත්

      Delete
  11. හොද ලිපියක් දේශකයො, ඇත්තටම අළුත් පංතියකට යත්දි දරුවෙක්ගෙ හිතේ තියෙන සබකෝලෙ නිසා ගුරුතුමිය සමග මුහුවෙන්නෑ.

    ඔහු යථා තවෙට පත් වෙත්දි ගුරුවරිය බොහෝ දුරට ඔහු පිලිබද අයහපත් චිත්‍රයක් මවාගෙන ඉවරයි.

    ReplyDelete
    Replies
    1. උඹට හුගක් හොදට තේරිල තියෙනවා..

      මම මේකේ ළමයා ගැන කිව්වට වැඩිම දෙයක් කියන්නේ ගුරුවරයාට.. ඒක තේරුම් ගන්න ඕන දෙයක්.. ස්තුතියි ප්‍රියා

      Delete
  12. මගේ දුවගෙ ඉස්කෝලෙ පටන් ගන්නෙ හෙට ...ඔලුවට දාගන්න හොඳ ලිපියක්
    දෙශකයා …ඇතුලු රසික රසිකාවියන්ට සුබ නව වසරක් වේවා !
    …මම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ජෝනා.. බොටත් සුනවවේ!!

      Delete
  13. මගේ 6 වසරෙ ටීචර් උගන්නන්න හරි ම දක්ෂයි.. පන්තියේ ළමයි හැමෝගෙම ප්‍රියතම ටීචර් වුණෙත් එයා.. ඒත්, එයා මට කවදාවත් ම ආදරේ වුණේ නෑ.. මං හුඟක් හොඳ ළමයෙක් වුණෙත් නෑ.. මං හිතන්නෙ... මං හොඳයි කියල කවදාවත් ම පෙන්නන්නත් බැරි වුණා.. මං ලියපු කතන්දර පොත්, චිත්‍ර බලල "හොඳයි" කියල අහක බලාගත්තා..

    දුක ම දේ මෙන්න මේක යි, ඒ ටීචර් ම මගේ 7 පන්තියෙත් ටීචර් වුණා..

    එයාගෙ නම රාදිකා.. හුඟක් දුර පළාතක ඉඳන් ඇවිත් තිබුණේ.. කවදාහරි මුණ ගැහුණොත් මං කියනවා, 'මං නරක ළමයෙක් ම නෙමෙයි' කියලා.. ඒත්, මොකටද, දැන් හුඟක් කල් වැඩියි..

    ReplyDelete
    Replies
    1. කවද හරි මුනගැහුනත් ඒ ටීචර් හිතාවි තාම හොද ළමයෙක් වෙලා නැහැ කියලා..

      ඉතිං ඒ අවුරුදු දෙක බියජනක කාලයක් උනේ නැහැ නේද??

      Delete
  14. මරු උපදේස ටික... මේ ටිකේ පොඩි අය ඉස්කෝලේ යන්ඩ අදිමදි කරනවා ඇති. ඇයි තින් මාසෙයක්ම නිවාඩුනේ. :)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. අපේ එකාගේ ටීචර් මාරු උනේ අවුරුදු දෙකකින් නෙව. ඌ දැං තුනේ.. ඉතිං අහන්නත් දෙයක්ද මිනිහා බය වෙන එක..

      Delete
  15. ජේද දෙකයි කියවන්නේ කියලා හිතන් ආවේ.මේකා ලියලා තියෙන විදිහට අන්තිම වෙනකම් ඔටෝ කියවෙනවා.

    ReplyDelete
    Replies
    1. ජේද දෙකයි කියවන්නේ කියල උඹ නීතියක් දාගෙන ඉන්නවද හැක් හැක්..

      ස්තුතියි ගයිජින්..

      Delete
  16. අනේ මු වගේ තාත්තෙක් මට හිටියේ නෑනෙ ............

    ReplyDelete
    Replies
    1. ඒක ඉතිං තාත්තගේ වාසනාව.. උඹල හදන්න පුළුවන් විදියේ දරුවෝ නෙමෙයි රාලේ..

      Delete
  17. ඔන්න කොලු පැංචෙක් හදාගන්න කලින් මේවා දැන්ම කියවලා ඉන්න එක ඇගට ගුණයි.....

    ReplyDelete
    Replies
    1. වෙල්කම් මල් මල්.. ස්තුතියි පැමිණියාට..

      Delete
  18. අන්න එහෙම තමයි වෙන්න ඕන ..!

    ReplyDelete
    Replies
    1. අන්න හරි.. බොට ස්තුතියි.. ඒ වගේම සුනවවේ!!

      Delete
  19. මේක හොඳයි. නමුත් කොලුවාටත් තේරුම් ගන්න අරින්න ඕනේ කොටසක් තියෙනවා. කොල්ලග හිත හදන්න මේ කොටස ඕනෑ වෙනවා. නමුත් මෙය දිගටම කල යුතු දෙයක් නොවෙයි. හැඩගැසීමට ඔවුන්ටම ඉඩ හැරිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. සුදීක මේක දරුවට ඉතා කුඩා කොටසක් තියෙන වැඩිම ප්‍රමාණයක් ගුරුතුමියට තියෙන ලිපියක්. ඔබ හොදට බැලුවොත් ඒක තේරේවි. ගුරුතුමා/තුමියට තමා මේක වැඩියෙන්ම තේරුම් ගන්න අවශ්‍ය වෙන්නේ.. ඔබ කිව්ව වගේ ඇත්තටම මම දරුවට කිසිම උපදෙසක් දුන්නේ නැහැ අලුත් පන්තියට යන විට. මම ඔහුට ධෛර්යය දුන්නා එච්චරයි..

      Delete
  20. කාට කාටත් මේව වටිනව..සුභම සුභ නව වසරක් වේවා.

    ReplyDelete
    Replies
    1. ඔබටත් එසේම වේවා උමේෂ්

      Delete
  21. පුතා කීකරු ළමයෙක් කොලේ චීචෑර්...ඇයි ඊට කලියෙන් තාත්තා වගේ චණ්ඩියෙක්ද ?

    ReplyDelete
    Replies
    1. 1 - 2 උගන්නපු ටීචර් තමා අපේ එකාට ඉස්කෝලේ මොකක්ද මොන වගේද අකරු මොනවද කියල උගැන්නුවේ. ඉතිං අවුරුදු දෙකක් ඉදල යන කොට අලුත් ටීචර් කෙනෙක් නේ ලැබෙන්නේ.. අනික මම මේක ලිව්වේ ඉස්කෝලේ නිවාඩු දීපු දවසෙදිමයි. මොකද අලුත් ටීචර් අපට අදුන්වල දුන්නට මට ගුරුතුමිය ගැන ඒ තරං පැහැදිමක් තිබුනේ නැහැ. ඇයට සැහෙන්න කාලයක් යාවි පුංචි දරුවෝ ටික තේරුං ගන්න.. අපේ එකා ගෙදරදි චන්ඩියා. මම ගෙදරදි අහිංසකා..

      Delete
  22. හ්ම්ම්...දේශා ලියල තියෙන දේ තාත්තල විතරක් නෙමේ අම්මලත් කියවල ඔලු ගෙඩි වලට ගන්න ඕන.

    ReplyDelete
    Replies
    1. උඹ කිව්වා හරි කෙන්ජි. මේක කියවන්න ඕන ටීචර්ල කියලයි මම හිතුවේ..

      Delete
  23. මම නම් මේ ළිපියට කීයටවත් කැමති නෑ.. මොකාට උනත් ඕනවට වඩා අවවාද දෙන්න ඕන නෑ.. උන්ට ඕන විදියට හැදෙන්න දෙන්න ඕන..

    ReplyDelete
    Replies
    1. මාතලන් අවුරුදු 10 ට 9 ට මෙහා පැත්තේ දරුවන්ට දේශ කියල තියෙන විදියට අපි කල යුතුයි කියා මා සිතනවා.

      Delete
    2. @ මාතලං

      ඔබ තරමක් පටලාගෙන ඇත. මෙහි දරුවා ගැන අදහස කිව්වාට 70% ක් පමණ ගුරුතුමා/ගුරුතුමිය ඉලක්ක කොට ලියු දෙයක්.. හැකියාවක් ඇත්නම් මම සිරාට දුන්න පිළිතුර බලන්න.. උඹට සුනවවේ!

      Delete
    3. @ කෙන්ජා

      අපි ඉස්කොලේ යන හැම ළමයටම උපදෙස් දිය යුතුයි.. මාතලං කිව්ව වගේ අනවශය ප්‍රමාණයට නොවේයි.. ඔහුට දෙපයින් නැගී සිටිය හැකි පරිදි..

      Delete
  24. ජනපති ලින්කන් ගුරුතුමාට ලියපු ලිපිය වගේම දේශක පුතාට ලියපු ලියුමත් වටිනවා..
    සුබම සුබ නව වසරක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. ෂැගියාටත් සුනවවේ!! ඔව් මම මේ ළගදිත් ඒක මොකක් හරි පත්තරේක දැක්කා. ඒක ඉතිං ලින්කන් ගුරුතුමීට දිපු නියෝග නෙව.. හැක්..

      Delete
  25. ළමා මනෝවිද්‍යාව කෙසේ වෙතත්, අධ්‍යාපන මනෝවිද්‍යාව නොදන්නා ගුරුවරුන් අතට, අලුතෙන් පාසල් යන පුංචි අහිංසක ළමයි පත්වීම, එක අතකට හරිම භයානකයි. බන්දුල ඇමැට්ටයා මේ ගැන මොකක්ද දන්නෑ දරන මතය.

    ReplyDelete
    Replies
    1. අන්න හරි මම ඒකයි අදහස් කරේ.. දරුවන් කරන ක්‍රියාකාරකම් වලින් පමණක් දරුවන් මනින්න තක්සේරු කරන්න බැහැ. සම්පුර්ණ දරුවා ගැනව අවධානය යොමු කොට පමණයි නියම තක්සේරුවක් ගත හැක්කේ..

      Delete
  26. පුතාගෙ අලුත් ටීචර් හොඳ ටීචර් කෙනෙක් වෙන්ට කියලා ප්‍රාර්ථනා කරනවා. මේ දවස්වල ඇහෙන්නෙම නපුරු.. කලිසම් කපන.. කනට ගහන... අනවශ්‍ය ගමන් යන්ට එන්න කියන... ටීචර් ලා ගැන

    ReplyDelete
    Replies
    1. ඒක නං හැබෑව.. මාත් හිතනවා අලුත් ටීචර් හොද ටීචර් කෙනෙක් වේවි කියලා ළමයි තේරුම් ගන්න.. ස්තුතියි කැන්ඩියන්

      Delete
  27. පොඩි කාලේ මතක් වුනා.. අපිටත් ඉතින් දවසක් ඒවිනේ මේ වගේම උපදෙස් දෙන්න වෙන.. :)

    ReplyDelete
    Replies
    1. අනිවා බොටත් දවසක් ඒවි.. හැක්.. ස්තුතියි දිනේෂ්

      Delete
  28. අලුත් අවුරුද්දේ අලුත් ටීචර්ට කරපු අසාධාරණයක්?

    ReplyDelete
    Replies
    1. අලුත් ටීචර්ට උපදෙස් ටිකක්.. තිසර බොටත් පව්ලේ සැමටත් සුනවවේ!!

      Delete
  29. නියම උපදෙස් ටිකක්.
    අපේ එකාටත් මේකම තමයි වෙන්නෙ අවුරුදු දෙකක් හිටපු ටීචර් මේ පාර මාරු වෙනව. බලමු.

    ReplyDelete
    Replies
    1. අපේ එකාටත් උනේ ඒකමයි. අවුරුදු දෙකක් හිටපු ටීචර් මාරු වෙනවා.. ස්තුතියි ප්‍රසා..

      Delete
  30. නියමයි..

    අලුත් පන්තියට ගියාම අලුත් ටීචර් ගැන බය හිතෙන එක පොදු දෙයක් නේ. පරණ ටීචර්ම ඉන්නවට තමා ලමයි කැමති.

    ජය වේවා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සැමා.. ඇත්ත පොඩි උන් හරිම බයයි අළුත් ටීචර් කෙනෙකුට.. ඒක මටත් හිතාගන්න බැරි තරං..

      Delete
  31. :D පට්ට ලිපියක්....
    මේක සේව් කරලා තියාගන්නෝන...අනාගතේට සෑහෙන්න වැදගත්.....

    ReplyDelete
    Replies
    1. හා හා ඕන දෙයක් කරගන්න. මගේ කොපි රයිට් අනං මනං නැහැ. ස්තුතියි රන්දු

      Delete
  32. පුතාට ගොඩක් වටින උපදෙස් ටිකක් වගේ. අර ගුරුතුමාට තාත්ත යවපු ලිපියෙ කතාවත් මතක් වුණා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ ලින්කන් තමන්ගේ පුතා ඉස්කෝලේට බාරදීපු දවසේ ගුරුතුමියට යවපු ලිපිය.

      ස්තුතියි දිලිණි.. සුනවවේ!!

      Delete
  33. හරිම වටිනව.පුතාට විතරක් නෙමේ කාට කාටත්

    ReplyDelete
    Replies
    1. මාත් හිතන්නේ එහෙමයි කාට කාටත් අදහසක් ඇති කියලා..

      Delete
  34. සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
  35. සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. ආයිත් සුනවවේ!! (බිව්වද?)

      Delete
  36. ඔහොම අලුත් අවුරුද්දේ අලුත් පන්තියකට මුලින්ම ගියාට,දෙවැනි දවසේ වැරදිලා පරණ පන්තියට යැවෙන වෙලාවලුත් තියෙනවා.මට එහෙම වෙලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇයි එහෙම වෙන්නේ...මට පැහැදිලි නැහැ.

      Delete
    2. ඇයි බං අවුරුද්දක්ම ගිය පන්තියට වැරදිලා දවසක්,දෙකක් යනකම් නිකන්ම යැවෙන්නේ නැතිද...?

      Delete
    3. ඔව් ඔව් එහෙම වෙනව තමා. හැබැයි අපේ ඒකාට දැං මතකවත් නෑ මිනිහා දෙකේ හිටියයි කියලා.. හැක්

      Delete
  37. ඇත්ත.. මටත් මතකයි 2ක වසරෙන් තුන වසරට ගියාම ඇති උන වෙනස දරාගන්න බැරුව ඇස්වල කදුලු හංගගෙන හිටපු හැටි :)

    සුනවවේ!!!

    ReplyDelete
    Replies
    1. හී හී මෙයා ඉස්කෝලේ ගිහින් අඬලත් එක්ක....

      Delete
    2. @ සමී
      අපේ පොඩි එකාත් එහෙමයි. පරණ පන්තියෙන් යන කොට ටීචර්ටත් ඇඩිලා. ඉතිං අපේ පොඩි ඈයෝ ටිකත් අඩලා.. ඒක අමුතු දෙයක් නෙමෙයි.. ස්තිතුයි බොට

      Delete
    3. @ පොඩිඩි

      මේකා තාමත් ඒ පුරුද්දට නෙව ඔය අඩන්නේ

      Delete
  38. හරිම සංවේදි ඒ උවත් හැම දෙමාපියෙකුගේම හෘර්ද සාක්ෂිය තමයි උඹ වචන කරලා තියෙන්නේ. මගේ උපහාරය උඹට සහෝදරයා!!

    ReplyDelete
    Replies
    1. උඹට ස්තුතියි ගුනේ.. සතුටක් මෙහෙම අගය කිරීමක් ලැබුනම..

      Delete
  39. දේශකයා කියන්නේ මහා එපා කරපු එකෙක් වුනාට ඌ හොඳ තාත්තෙක් වගේ

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. හැබෑට ඇයි බොලා මාව එපා කරපු එකෙක් ගානට දාන්නේ.. මම දැං බැලුවා 95% ක් විතරම එහෙම නෙව කියන්නේ.. අයියෝ මගේ කාඩ් එක..

      Delete
  40. සමහර වෙලාවට පරණ ටීචර්ල දඟ ළමයින්ගේ නම් අලුත් ටීචර්ට කියද්දී අලුත් ටීචර් නම පටලවගෙන මගේ හොඳ පුතාගෙන් අහන්න පුළුවන්, “ආ.... ඔයාද (තමුසෙද) ++++ කියන්නේ“ කියලා. ටීචර්ලටත් වරදින්න පුළුවන්නෙ මයෙ පුතේ. ඉතිං ටීචර් බැරිවෙලාවත් එහෙම ඇහැව්වොත් මොකුත් කියන්න එපා. පස්සෙ දවසක එයා තේරුම් ගනීවි පුතා හොඳ ළමයෙක් කියලා.

    සුභ නව වසරක් දේශක!

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුනවවේ තරු!!

      ඔව් ඒකත් වෙන්න පුළුවන්.. හොද අදහසක්.. ස්තුතියි තරු..

      Delete
  41. සැගවුන අමුත්තා වගේ හිටියට දේශා හොද තාත්තෙක් වගේ,,,,,,පුතාට හොදින් ඉගෙන ගන්න ලැබෙවා කියලා මගෙන් සුබ පැතුම්!!

    ReplyDelete
    Replies
    1. අලුත් අවුරුද්දේ සැගවුන අමුත්තා මමද එතකොට. හැක්.. ඔබට ස්තුතියි ශානු.. මම කියන්නංකෝ කොල්ලට මේවා..

      Delete
  42. නිවාඩු ඉවර වෙලා ඉස්කෝලෙ පටන් ගන්න යන මේ අවස්ථාවට ගැලපෙන අපූරු උපදෙස් ටික.!
    චූටි පුතාට උපදෙස් දෙන ඔය අප්පච්චිට නම් බැරි උනා එක ටිචර්ගෙන්වත් 'හොඳ ළමයා' කියන නම ගන්න නේද..:P

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ ටීචර් ල මට කිව්වේ හොදයි ඒත් පරිස්සං වෙන්න කියල නෙහ්.. රිස් මෙන්න මේක බලන්නකෝ..
      http://deshakaya.blogspot.com/2013/10/blog-post_26.html

      ස්තුතියි රීස්.. කොහොමද අවුරුදු..

      Delete
    2. කියෙව්වා..අපෝයි හරිම කපටි ගැරඩියෙක් නෙ ඔයා..:D

      Delete
    3. හැක් හැක්.. අපි එහෙමයි අවංකයි.. තැන්කුයි කියෙව්වට..

      Delete
  43. වටිනා උපෙදස් ටිකක්,
    පුතාට හමුවන ෙහාදම ටීටර් අලුත් ටීචර් ෙව්වා!!
    ජය ෙව්වා!!!

    ReplyDelete
    Replies
    1. ඔබේ පැතුමට ස්තුතියි විදානේ.. මාත් හිතනවා හොද ගුරුතුමියක් දරුවට ලැබෙන්න ඕන කියලා..

      Delete
  44. බොරු කීන්නෙ මක්කෙයි.. ලිපියට හුගක් අය හොද කියලතිබ්බ හින්ද ඇත්තටම හොද ඇති. මාත් කියෙව්ව තමා. ඒත් මක්ක කරන්නද මට නං එහෑටි තේරුමක් නෑ. සමාර විට මං තාත්ත කෙනෙක් නෙවේ හින්ද වෙන්නැති...බ්ලා...

    ReplyDelete
    Replies
    1. ඒක ගැන කිසිම තර්කයක් නැහැ මහේෂ්.. මම කැමතියි මේ වගේ අදහස් වලට. මට එතකොට තවත් හිතන්න හා ලියන දේ සකසන්න ශක්තිය ලැබෙනවා. අපොයි එහෙම හිතන්න එපා. සමහර විට ඔබ ගුරුවරයෙක්ගේ කෝනයෙන් බැලුවොත් මේක ටිකක් වෙනස් විදියට පේන්න ඉඩ තියෙනවා..

      ඔබට හුගක්ම ස්තුතියි අදහස් දැක්වීමට හා විවේචනයට. මට ඒක සතුටක්..

      Delete
  45. වටින කියන ලිපියක්, මේ වගේ උපදෙස් තාත්තා කටින් කිව්වේ නැති උණාට මේ විදියටම හිතන්න ඇති අපි ගැනත්

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා යකා.. මම දැකල තියෙනවා තාත්තලා අලුත් ටීචර් ගැන පරණ ටීචර්ලගෙන් අහනවා..

      Delete
  46. මේ ලිපියත්, අර සුරන්ගනා කතා සෙට් එකත් දැක්කම දේශක ගොඩාක් ආඩම්බර වෙන්න පුළුවන් විදියේ තාත්තා කෙනෙක් වගේ. දරුවන්ගේ වාසනාවක් මෙහෙම් කෙනෙක් ඉන්න එක

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මම ඒ තරං හොද මිනිහෙක් නෙමෙයි. හැක්..

      සුරංගනා කතා සැට් එකට මං ආසයි ඒකයි ඒවා නං දැම්මේ.. මේ ලිපිය තනිකරම අලුත් පන්තියේ ටීචර්ට තමා කිව්වේ.. හැක්.. ස්තුතියි පුමා..

      Delete
  47. උඹත් කොච්චර සංවේදී හදවතක් තියෙන පුද්ගලයෙක්ද කියලා අපිට ඉඳ හිට හිතෙන්නේ මේ වගේ ඉඳහිට ලියවෙන පෝස්ට් කියෙව්වාමයි.
    උඹ කොච්චර අසංවේදී පුද්ගලයෙක්ද කියලා හිතෙන්නේ උඹ මේවට රිප්ලයි නොකර හිටියාමයි

    ReplyDelete
    Replies
    1. හැන්රි බ්ලොග්වෝකරයානන්, නැවතත් නිල් මුහුදින් වටවු සිනිදු සුදු වැල්ලෙ පහස විදිනවා වගේයි.. වෙල්කම් බෑක් එහෙනං.

      උත්තර දුන්නා බං හැරෙන තැපැලෙන්ම. ඒත් මේ ටිකේ ටිකක් බිසි නිසා ඒක කරන්න බැරි උනා. සිකුරාදා සෙනසුරාදා දවස් දෙකම මම පස්ට බිසි උනා.. ස්තුතියි.. මම මේවා ගැන හරියට හිතනවා හොදේ..

      Delete
  48. උඹට මට පෞද්ගලිකව සුභ පතන්න බැරි උනා. ඒකට මක්කවත් හිතන්න එපා.. නලින් ඇතුලු පව්ලේ සැමටත්, සමකය වටේ අඩවියටත් සුනවවේ!!

    ReplyDelete