Saturday, October 26, 2013

කට පාඩං!!

අපි ඉස්කෝලේ යන කාලේ කොයි තරං පාඩං කරල තියෙනවද? ගණං හදල තියෙනවද? පොත් කියවල තියෙනවද? ඒ හැම දේකම අවසාන ප්‍රතිඵලය වෙන්නේ විභායගෙන් පාස් වෙන ඒක නේ. ඒ උනත් ඒ විභාග පාස් කරගන්න දාපු ක්‍රෑම මෙන්න මෙච්චරයි කියල විස්වාස කරන්න පුළුවන්ද? බැහැනේ.

සමහර අය මුළු දවසම පාඩං කරනවා. අඩුගානේ දවසට පැය හතරක් වත් නිදා නොගෙන පාඩං කරල යන්තං ෂේප් වෙන්න ඒ ලෙවල් පාස් කර ගත්ත මගේ මිත්තරයෙක් ඉන්නවා. කරුමේ කියන්නේ මිනිහට එතැනින් එහාට පාඩං කරන්න සිද්ධ උනේ නැති එකයි. එහෙම බැලුවම ඒක අනාගත ආයෝජනයක්. ඇයි අප්පේ ලයිට් බිලවත් ඉතුරුයි නේ.

තව මිත්තරයෙක් හිටියා මිනිහා පාඩං කරන්නේම නැහැ. ඉස්කෝලේ ගිහිල්ල ඇවිල්ල, හැන්දෑවට ජිල්බෝල අරබෝල මේබෝල ගහන්න යනවා. ඊට පස්සේ හොදටෝම කරුවල වැටුනම ගෙදරට එනවා. ඇවිල්ල හොදට සප්පායං වෙලා ලෑලි ඉර ඉර, එළි වෙනකං නිදාගන්නවා. උදේට අම්මා වදෙන් පොරෙන් නැගිට්ටුවම, “මළවදේ“ කියල නැගිටල ලක ලැහැස්ති වෙලා ඉස්කෝලේට යනවා. දවල්ට ඇවිත් කෑම කාලා ආයේ රෑ වෙනකං ජිල්බෝලේ.. ඔන්න ඔය චක්කරේ මිනිහා ඕ ලෙවල් වෙනකම්ම කරා. මධ්‍ය වාර පරික්ෂණ වල විෂයන් දෙක තුනකටවත් මිනිහා යන්නේ නැහැ. විභාගේ දවසට ගෙදරින් පැනල, ඔය කොහේ හරි කැලයක් අස්සේ රවුන් ගගහා, වල් ගෙඩි කකා එක එක පැල්කොට වලට වෙලා රස්තියාදු ගහනවා තමන්ගේ සයිකල් කටුවෙන්. ඊට පස්සේ ඉස්කෝලේ ඇරෙන වෙලාවට ආයි බබා වගේ ගෙදර ඇවිල්ල,..... අර චක්කරේමයි අනේ ආයිමත්.

හැබැයි අවසාන වාර පරික්ෂණයේ පටන් ගන්න මාසෙකට විතර කලින් මිනිහා වෙනස් වෙනවා. ඉස්කෝලේදි ලස්සනට ලියන කියන, මිනිහගේ පොත් ටික ඔක්කෝම අරගෙන ගෙන, මිනිහා ඉස්සෙල්ලම පොත් මේසේ හදාගන්නවා. ඊට පස්සේ පොත් මේසේ ලස්සනට තියෙන විදිය ටික වෙලාවක් ආසාවෙන් බලා ඉදල, බොහෝම සන්තෝසෙන් එළියට බැහැල යනවා... ආයෙත් අර චක්කරේමයි.. මහ ජරා සිසුවෙක්..

ටිචර්ල සර්ල නං මිනිහට හොදටෝම දෙහි කපනවා. “ළමයා... ඉස්කෝලේ වැඩ ටික හරියට කරනවා උනාට.. මොකද විභාගෙට එන්නේ නැත්තේ.. මට ආරංචියි මුළු දවසම සෙල්ලං කරනවයි කියලත්. ඒ උනාට අවුරුද්ද අන්තිමේ විභාගෙට ඔහොම කරනන් බෑ හරිද??“

හැම පන්තියේම පංතිභාර ගුරුතුමාගේ උදාන වාක්‍යය තමා ඕක.

හැබැයි සමහර අවුරුදු වලදි එක දිගට අවුරුදු දෙකක් එකම පන්තිය බලාගන්න ටීචර් නං මේ යකාගේ වැඩ පිළිවෙල අල්ලගන්නවා. 

එතකොට මෙන්න මෙහෙමයි කියන්නේ.

“ඔය ළමයි.. මේ ළමයා වගේ වැඩ කරන්න ලැහැස්ති වෙන්න එපා. ඉස්කෝලේදි දගල දගල ඉදල, දවස් තිස්සෙම සෙල්ලං කරලත් අන්තිමට මෙයා විභාගේ හොදට පාස් වේවි. මෙයත් එක්ක කල්ලි ගැහිල පිස්සු නටල ඔය ළමයි අමාරුවෙ වැටෙන්න එපා. විශේෂයෙන්ම ඔය ළමයත් එක්ක එක පේලියේ ඉන්න පස් කට්ටුවට තමා මම මේ කියන්නේ“

හැම පන්තියේදිම වල-සැට් එක විදියට පස්සේ ආසනේ බෙදාගන්න ඒ පස් දෙනා විවිධාකාරයි. ගිනි පොලියා, පැට්‍රල් කාරයා, ටොට්ටා, ටික්බෝලේ සහ ගැරඬියාගෙන් සමන්විත මේ පස් දෙනා කවදාවත් පාඩං කරන විදියක් ගැන කව්දරුවත් එක්ක කතා කරන්නෙ නැහැ. ඒක නිසා අර යකා මොන විදියට පාඩං කරත් මට මොකෝ කියල හිතාගෙන දගලන එක විතරමයි කරන්නේ. 

ආයි කතාවට අර ජිල්බෝල ගහන හාදයා අවසාන වාර විභාගෙට සතියක් විතර තියල, ඔන්න අර හිනා වෙවි මිනිහා එනකං බලන් ඉන්න, පොත් ටික ගාවට එනවා. ඒ සතියට මිනිහා හැමදේම අමතක කරල, පොත් ටික ඔක්කෝම කනවා. ආයි නිදාගැනිල්ලක් නං නැහැ. අම්මා වදෙන් පොරෙන් නිදි කරවන්න හැදුවත් මේකා නෙමෙයි නිදාගන්නේ. ඒ සතියක් නයිට ගහන කාලය ඒ යකාගේ. විභාගේ පටන් ගන්න කොට මිනිහා පොත් ටික කාවෝ කෑවා වගේම කාලා දාලා ඉවරයි. එතැනින් එහාට මිනිහට බලන්න දේකුත් නැති හින්දා විභාගේ කරන සතියේ කරන්න තියෙන්නේ උදේට ඉස්කෝලේ ගිහිල්ල විභාගේ ලියන එකයි, අර අර. සුපුරුදු චක්කරෙයි විතරයි. මේ මිනිහට අහු වෙච්චි උන් ඉතිං අනාතයි. උං විභාග පේල් වෙනවා ඒක සිකුරුයි.

සතියක් ක්‍රෑම දාන අපේ හාදයා තනිකරම කඩපාඩං කරගන්නවා හැම දේම ගිරවෙක් වගේ. ඔය නිකං ඉන්න වෙලාවටත් මිනිහට කියවෙනවා.. අංග, මගධ, කාසි, කෝසල, වජ්ජි, මල්ල, චේති, වත්ස, කුරු, පංචාල, මච්ඡ, සුරසේන, අස්සක, අවන්ති, ගාන්ධාර, කාම්බෝජ වගේ දේවල් එක දිගටම..

සමහර වෙලාවට තව දෙයක් ඔළුවේ තියාගෙනත් මිනිහා අර චක්කරේ හිතෙන් කියවනවා. ඒක හරියට බාගෙට ටියුන් වෙචිච චැනල් දෙකක් එකපාර ඇහෙනවා වගෙයි. ඒ උනාට මිනිහට ඒක ගානක් නැහැ. ඒ අපහැදැලි තාවයට මිනිහ තව චැනල් එකක් එකතු කරනවා. කළු, දුඹුරු, රතු, තැඹිලි, කහ, කොළ, නිල්, දම්, අළු, සුදු...ඕම් වර්ණ කේතය..

චැනල් තුන හතරක් එක පාර බාගෙට ඇහෙන මේ හාදයා අවසාන වාර විභාගෙන් අනිවාර්යයෙන්ම පාස් වෙනවා. එහෙම නෙමෙයි උඩින්ම පාස් වෙනවා. අඩුගානේ එක, දෙක, තුන වත් තමා ඉතිං. අන්න එතකොට පංති භාර ගුරුභවතුන්ට මේකා මොකාද කියල තේරුං ගන්න සිද්ධ වෙනවා. අවුරුදු දෙකක් එකම පන්තියේ වැඩ බලන ටීචර් එතකොට අර වගේ කතා කියන එක අහන්නත් දෙයක්යැ.

ඊට පස්සේ ඒ ලෙවල් කරද්දි ඔය ලෙඩේ අඩු වෙලා එදිනෙදා වැඩ එදිනෙදා කරගෙන බොහොම සෙමෙන් දැහැමෙන් ගත කරපු මේ හාදයට අර චැනල් තුන හතරක් එක පාර ඔළුවේ බාගෙට අහගෙන ඉන්න එක රෝගයක් වගේ උනා. ඒක නිසා ඒ කාලෙදිත් පොඩි පොඩි දේවල් හු.ආ.පි. සදහා කරනවා. භෞතික විද්‍යාව උගන්නපු සර් කාරයා, කට පාඩමෙන් තත්පර ගානෙන් කියපු එකක්, ඊට වඩා අඩුකාලයකින් කට පාඩමෙන් කියන්න අපේ හාදයා උත්සාහ කරා.  

“රික්තයකදී ක්‍රිප්ටන් දෙක පී දහය පහ ඩී පහ ශක්ති මට්ටම් අතර සිදුවන ඉලේක්ට්‍රෝන සංක්‍රමණයේදී මුක්ත වන රන්වන් තැඹිලි පැහැ ආලෝකයේ තරංග ආයාමය මෙන් 1650763.73 වාරයක් මීටරයක් වේ.“

ඕක මීටරයේ එස්අයි අර්ථ දැක්වීම තමා. දැන්නං ඒක වෙනස් වෙලා. ඒ උනත් මේ හාදයා සමහර වෙලාවට තාමත් එක එක දේවල් අස්සෙත් මේ චැනල් එක ඔළුවේ දුවනවා. සමහර වෙලාවට ඉදිරියෙන් කරන්න තියෙන දේකුත් හිතින් කියව කියව ඉන්නවා. මෙන්න මේ වගේ.

බස් එකට නැගල ටිකට් ගන්න ලක ලැහැස්ති වෙන මේ පිස්සා කොන්දා දැක්ක වෙලාවේ ඉදල හිතෙන් කියවනවා “ගල්කිස්ස එකයි ගල්කිස්ස එකයි“ කියල විසි තිස් පාරක් වත්. ඒ අස්සේ මිනිහගේ ඔළුවේ තව චැනල් එකක් වැඩ කරනවා. බාර් එකට ගිහිල්ල ගන්න ඕන ගල් එකක්.. ඊට පස්සේ ඒකත් හිතින් කියව කියව ඉන්නවා. “ගල් එකයි ගල් එකයි“ විසි තිස් පාරක් විතර.

කොන්දෝස්තර මහත්තයා ටිකට් ගන්න කියල කිව්වම චැනල් මාරු වෙලා, අපේ පිස්සා “ගල් එකයි“ කියල සල්ලි දික් කරාම වෙන නවනිංගිරාව ගැන හිතල බලන්න වටිනව නේද??

ප.ලි - ගැරඬියා

112 comments:

  1. ඇයි පහළින් ගැරඬියෙක් ලිව්වේ. අපේ පන්තියෙත් හිටියා මේ වගේ වුන් දෙන්නෙක්. මුන් දෙන්නා කැම්පස් යන තරඟයට මාවත් අරගෙන මට පුළුවන් තරං කැපිල්ල දාලා මගේ අධ්‍යාපනය කඩාකප්පල් කරා.

    ReplyDelete
    Replies
    1. හපොයි ඔය ගැරඩියගේ විස්තරේ තමා දාලා තියෙන්නේ සුදීක....

      Delete
  2. ඔහොම සත්තු ඉන්නවා.. ඒත් ඔය බස් එකට නැග්ග වෙලාවෙ ඉඳලා බහින තැන හිතින් කියව කියව ඉන්න ලෙඩේ මටත් තියෙනවා දැං... බස්‌ වල යන්නෙම නෑනේ... හි හි... ඒක නර්වස් ලෙඩක් වෙන්න ඕනෙ.... හි හි....

    ReplyDelete
    Replies
    1. ඒ සතා තමා මේ කතා කරන්නේ.. හැබෑට බොටත් තියේද එතකොට මට තියෙන ලෙඩේම.. හැක්...

      Delete
  3. අපි නම් බස් එකේ ඉදන් හිතින් කියවන්නේ ටිකට් ගන්නවද නැද්ද ගන්නවද නැද්ද හැක හැක
    අනිවා ඕනෙම පන්තියක ඔය වගේ එකෙක් දෙන්නෙක් ඉන්නවා

    ReplyDelete
    Replies
    1. අම්මපල්ල ඇත්ත බං. අපේ පන්තියේ හිටි එකා තමා මම...

      Delete
  4. හි හි වෙන කාටවත් කීවට කවුද දන්නේ ඔබතුමටම තියෙන කොයිල් ගතියක්ද කියලා මේක,, ඒ ලෙවල් කාලෙට හරිම අමුතු සත්තු හම්බෙනවා ,, එක එක කපටිකම් කරන ඉස්සර මාත් ඉස්කෝලේ 9 වසරෙන් පස්සේ පොතේ ලියන එක නතර කළා බුද්ධාගම සහ සිංහල භාෂාව ඔය විෂයන් දෙකම කලේ චීවරධාරී සාමාන්‍ය කෙල්ලන්ට සෙවල පෙරණ පෘතක්ජනයෙක් ඒ නිසා මන් ඒ විෂයන් දෙක වෙලාවට පංතියේ පිටුපස්සෙම පේළියකින් වාඩිවෙනවා ,,

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් නේන්නං. බොලා හරියට කියවල නැහැ. මම ගැන තමා මේ කියන්නේ.. බුද්ධාගම පන්තිය කට් කරන්න මම ඒ කාලේ උගන්නපු හාමුදුරුවන්ට කිව්වා මම ක්‍රිස්තියානි ඒක නිසා පාඩමට එන්නැතෙයි කියලා.. හැක්..

      Delete
    2. ඔව් නේන්නම් ,,, හි හි ඒ වුණාට ඒ විෂයන් දෙකටම A සමර්ථ ගන්න පුළුවන් වුණා.. එකෙන් කියවෙන්නේ මගේ බුද්ධි මට්ටම නෙමේ ඒ විෂයන් දෙකේ මට්ටම හි හි

      Delete
    3. ඒක නං ඇත්ත වෙන්නැති.. බාල විෂයයන්... හැත්

      Delete
  5. ඔන්න ඔය දේශකයාගේ හැටි, ගරාදියෙක් කියල වෙන පන්ගර්තු කොරන්න යන්නේ ...

    ReplyDelete
    Replies
    1. උඹ බීලද??? හැබැයි උඹ තමයි හරියටම තේරුං ගත්තේ බං.. හැක්

      Delete
  6. අපිත් කළේ ඕකම තමයි බං. හැබැයි කවුරුවත් අමාරුවෙ දැම්මෙ නෑ. අන්තිම මොහොතෙ පාඩම් කොහොම වෙතත් හොඳට උගන්නන ගුරුවරු දෙන්නෙක් ගාවට ගිහිල්ල තමයි සා/පෙ ගොඩ දාගත්තෙ.

    ReplyDelete
    Replies
    1. අපිත් ඉතිං කව්රුවත් අමාරුවේ දාලා නැහැ. ඒකට කරන්න දෙයක් නැහැනේ.. තමන් දැනගන්න ඕන වැඩ කරගන්න.. උඹලගේ සාපෙ ගොඩ දාන්න ගුරුවරු අල්ලගත්ත එක නං වැරදියි..

      Delete
  7. මට නම් කියවද්දීම හිතුනා මේ කා ගැනද කියලා. :D හරිම කපවි ලමයි නේද... :D

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. එහෙනං තේරුනා නේද? කපටි කමක් නෙවි ඒක.. ඒ කාලේ හැටි

      Delete
  8. අපෙත් හිටියා ඔහොම එකෙක් අපි ඉස්කෝලේ ක්‍රිකට් ගහද්දි ඕවර් 7ක් 8ක් යද්දි ලකුණු දෙක තුනක් ඉබේම වගේ වැ වෙනවා ඉතින්. ඔය වෙලාවට අරූ ඇවිත් පලවෙනි ඕවරේ පලවෙනි බෝලේ ඉඳන් දාපු එකයි ගහපු එකයි බෝලේ ගිය දිහාවයි ගත්ත ලකුණුයි ඔක්කොම කියලා දැන් තියෙන්න ඕනි හරි ගානත් කියනවා. අදෝමැයි :D

    ReplyDelete
    Replies
    1. සිරාවට මැවිල පේනවා.. ඌ ඒක අත පය විසික් කර කර පිට්ටනිය හතර අතේ බල බල ගණං හදන හැටි. හැක් හැක්.. මාර ආතල්. මාත් ඒ දවස් වල රන්ඩු වෙලා තියෙනවා බං ඕවට..

      Delete
  9. ඔය බස් එකේ ටිකට් ගන්න ඕන තැන කට පාඩම් කරන් ලෙඩේ නම් මටත් තියෙනවා. ඒ විතරක් නම් මදෑ මං අනන්තවත් ටිකට් ගන්න යත්දි බහින්න ඕන තැන නොකියා නැගපු තැන කියලා ටිකට් ඉල්ලපු අවස්ථාත් තියෙනවා. කොහොමද ඒ වෙලාවට කොන්දා විතරක් නෙමේ වටේ ඉන්න උනුත් ඩ්‍රැකියුලා දිහා බලන්නා වගේ බලත්දි තියෙන සනීපෙ. :-!

    ReplyDelete
    Replies
    1. මාරු වෙන සීන් එකනං මටත් වෙනවා බං.. හිතේ මොන තරං දේවල් පැටලෙනවාද මගේ. ඒක විස්තර කරන්න අමරු දෙයක් බං...

      Delete
  10. මටත් මතක් වුනේ අපේ හුලන් ගැරඬියාව. ඕකත් පට්ට මීටරේ වුනාට ඉස්කෝලේ අන්තිමයි හැබැයි ඔක්කොම විභාග නම් පාස් කොහොම කරනවද කියල ඌ තමයි දන්නේ.

    ReplyDelete
    Replies
    1. අඩේ මේකා නිකම්ම ගැරඬියා නෙව.. එහෙනං ගැරඬි ඔක්කෝම එකයි වගේ..

      Delete
  11. ඔය චැනල් මාරුවෙන ලෙඩේ මටත් තියෙනවා.......

    ReplyDelete
    Replies
    1. අහන්න සන්තෝසයි හැක් හැක්

      Delete
  12. කියවද්දිම මට තේරුණා මේ කාගේ චරිතෙද කියල,බොගෙ පස්සෙන් ආව උන්ට නං අබ සරණයි.

    ReplyDelete
    Replies
    1. හැබැයි බං එකෙකුටවත් අවුලක් උනේ නැහැ. මොකද ටීචර් ල මගේ හොද නම ප්‍රසිද්ධ කරල නේ තිබ්බේ..

      Delete
  13. පැට්‍රල් කාරයත් එක්ක එක පේළියේ ඉඳලා ගැරඬියාට මුකුත් අවුලක් වුන් නැතේයි?

    ReplyDelete
    Replies
    1. ඌ ගාව ඇති පැට්ටරලයක් නැහැ බං.. ඌ මේ ළගදි කිව්වා මාත් එක්ක ඉදල ඌට නං අවුල් උනයි කියලා.. හැක්.. කාලෙකින් දැක්කේ.. ගයිජින්ව... දැං ලියන එක නවත්තලයි..

      Delete
  14. ඔය වගේ මනුස්සයන්ට ඕනම අභියෝගයක් ලේසියෙන් ජයගන්න පුලුවන්..පිස්සෙක් වගේ වැඩ කලාට මොලේ හරි දියුනුයි :D

    ReplyDelete
    Replies
    1. අන්න බලපං උඹට විතරයි තේරුනේ.. මම හෙන පොරක් කියලා.. හැක් හැක්..

      Delete
    2. ඒකට උඹ ආදාල නෑ බන් :P

      Delete
  15. අර කතාවක් තියෙන්නෙ අවුරුද්දක් ලෙක්චර් දිල උගන්නන්න බැරි ටික එක කුප්පියෙන් ඉගෙන ගන්නව කියල.උබත් එ වගෙ නේ.මගෙත් යාලුවෙක් හිටිය පොර දැන් අන්ඩුවෙ ලොකු තැනක.පොරටත් ගනන් හදන්න සමිකරන ඔන නැ.මිනිහ සමිකරනයක් හදල ගාන හදනව.හැබැයි අපිටත් කියල දෙනව.මිනිහටත් හැමහ්ඩාම හවසට ලොකු වැඩක් තිබුන පැය 4 ක 5ක විතර ඇදෞඩට වෙලා කරන්න.

    ReplyDelete
    Replies
    1. ඔව් බං කුප්පි තමා විභාග ගොඩ යන කරමේ... ඒක අති විසිස්ට දෙයක්.. උඹට කියන්න මම ඒ ලෙවල් පියෝ පේපර් එකක ගාන වැරදියි කියල වෙනම කොළ ගානක සමීකරණ මගින් ඔප්පු කරල පෙන්නුවා. (වෙලාව වැඩි කමටම) හැක් හැක්.. කිසිම ස්තුතියක් වත් නැහැ බං.. ඒකට

      Delete
  16. ඔය වගේ උන් අපේ පන්ති වලත් හිටියා...හැමදාම උඹලා නම් පාඩම් කරනවා ඇති මම නම් තාම මොකුත් කලේ නෑ කියලා මේකා විභාගෙට ඉස්සෙල්ලා දවසෙත් කිව්වා...ඒ උනාට ගෙදර ගිහිං ක්‍රෑම මරනවා...

    ගල් වලට මොනවද හොදම බයිට් එක...නොදන්න හින්දා ඇහුවෙ....

    ReplyDelete
    Replies
    1. ගල් හුරුල්ලො බැදලනෙ බොල,හුරුල්ලො නැත්නං අමු ඇපල් ගෙඩියක් කපල ලුණුයි ගම්මිරිස් කුදුයි ඉහල ගනිං.

      Delete
    2. කැරට් අලයක් අමුවෙන් උනත් නරක නෑ

      Delete
    3. @ සිරා
      ගල් වලට හැලපේ කිව්ව ඒවා නං මරු.. හැබැයි උඹ කනවද මන්දා බීෆ් ට්කක් හොදට බොරට හදලා රෝස් පාං එක්ක කන කොටත් එළ.. මගේ නං ඔන්න මතක තියාගනිල්ලා මොන රාජ බයිට තිබ්බත්, ජම්බෝ පීනට් එකක් ඕන බොන්න නං

      Delete
    4. @ හැලපේ

      කොල ඇපල් ගෙඩියක් තමා හරියන්නේ බං.. කුකින් ඇපල් උනත් අවුලක් නැහැ.

      Delete
    5. @ නලියා

      උඹ ඔය කියන්නේ මුකුත්ම නැත්නං කුස්සියෙන් ගන්න තියෙන ලේසිම බයිට් එක ගැනද??

      Delete
    6. නලින් අයියා ලියන ගමන් භාරිට හොරෙන් ෂොට් එකක් දගන්නෙ කැරට් බයිට් එකට පින් සිද්ධ වෙන්න...එහෙම නේද ?

      Delete
  17. උඹ වගේ චරිත මට තව කීපයක්ම මුණ ගැහිලා තියෙනවා.

    "පට්ට කතාව" කියන එක කියන්න කලින් දෙපාරක් හිතනවා මේ දවස්වල.

    ReplyDelete
    Replies
    1. උඹල පින්තූර ටික දැකපු ගමන්ම පට්ට කතාව කියල ඌව මුරුංග අත්තෙ තියල අන්න ඉන්නව ..රි කාපු රිළව වගේ.
      මට නං මුල ඉඳලම ඔය පිංතූර ගැන විශාල සැකයක් තිබ්බා ඒ නිසාම එව්වා ගැන වචනයක්වත් නොකියන්න පරිස්සං උනා.

      Delete
    2. අමතක කරලා දාපන් ඩූඩ්......

      Delete
    3. ඩූඩ් ඇයි බන් ඕවා ගැන ඔච්චර වද වෙන්නෙ.. මේ බ්ලොග් අවකාශෙ ජීවිතෙ කරගන්න එපා බන්. පෝස්ට් එකක් දාලා, කමෙන්ට් එකක් කොටාගෙන, වෙන දේවල් බලාගෙන ආතල් එකේ ඉමු බන්..

      Delete
    4. මොනා ගැනද..? බොලා මේකියවන්නෙ..???

      Delete
    5. @ ඩුඩෙ

      අනිවා.. මචං මේ ලෝකේ වැඩියෙන්ම ඉන්නේ පිස්සෝ නෙව.. උඹ බය උණාට උඹට ත් පිට කහන එකා ය කියාවි කියලා.. හැක්..

      Delete
    6. @ හැලපේ
      උඹල මේ කියන්නේ දේශාඨනය ගැනද???

      Delete
    7. @ සෙන්නා

      නැහැ ඩුඩේ කාරයා කවදාවත් එහෙම කරන්නෑ. මං හිතන්නේ මිනිහා ටයිම් ටේබල් එකකට තමා වැඩ. ඒ අදාළ කාලය තුල මිනිහ ඒ ඒ දෙයෙහි ඒ ඒ පරිදි ජීවත් වෙනවා. ඒකයි වෙන්නේ. නැද්ද මචෝ...

      Delete
    8. @ වීයා

      කතා කරන්නේ එකක්.. හැබැයි ඩුඩේ කිව්වේ වෙන දෙයක් ගැන මං හිතන්නේ එහෙමයි..

      Delete
    9. @ හෙන්රි

      "පට්ට කතාව"

      හැක හැක

      Delete
    10. @ හෙන්රි සහ අටමා

      උඹලගේ “පට්ට කතා“ වලට උත්තර දෙන්න කලින් දෙපාරක් හිතන්න වෙනවා.. හැක් හැක්.

      Delete
  18. දේශකයෝ...... අපේ ළමයා පාඩම් කරන්නේ සින්දු දාගෙන. මට නම් හෙන හොල්මන්. හැබැයි එග්සෑම්ස් ඉහලින් ගොඩ. එහෙම කරතෑකිද බං. ඇත්තට අහන්නේ මම පාඩං කරලා නැති නිසා.

    ReplyDelete
    Replies
    1. එහෙම කරතෑකි....මගෙ බෙස්ට් ෆ්‍රෙඬා එහෙමයි...ඌටයි මටයි කවද්වත් එකට පාඩම් කරන්න බෑ,මොකද මට හූම් සද්දයක් නැතිව තියෙන්න ඕනේ

      Delete
    2. එහෙම උන් ඉන්නව.. මාත් ඒ ජාතියෙ තමයි.. ඕලෙවල් කරන කාලේ පාඩං කරන්න කියලා මහ පාන්දර නැගිටගෙන සින්දු 100ක විතර පොතකුත් ලිව්වා.... විභාගෙත් පාස් උනා... හි හි... ඒ ලෙවල් කාලෙදි නං ලස්සන මියුසික් විතරක් තියෙන කැසට් එකක් හම්බුනා.. ඒක හින්ද සින්දු ලිව්වෙ නෑ.. මට සද්ද බද්ද නැති උනාම විකාරයි වගේ... දැන් මේ මල් හදන වැඩ කරන්නෙත් උදේ ඉඳන් හවස් වෙනකම්ම මේකෙ ෆිල්ම් හරි ටීවී ෂෝ එකක් ඩවුන්ලෝඩ් කරගෙන දාගෙන හරි තමා... හි හි

      Delete
    3. @රෙහානි & හිරු......ඒකත් එහෙමයි. මට පත්තරයක් වත් කියවන්න බැහැ වෙන සද්දයක් තියෙනවානම්. මෙලෝ දෙයක් හිතට ගන්න බැහැ. අර ළමයා රේඩියෝ එක ඕෆ් කරනවාට අකැමතියි.

      Delete
    4. @ අරූ

      මටත් ඔය ලෙඩේ තිබ්බා බං කැනේඩියන් සිඩී එකක් තිබ්බා ඕටම් කියල මියුසික්. ඕකේ ලෙලි යනකම්ම පාඩං කරා බං මම අහගෙන..

      ඒ දවස් වල මට නින්ද යන්න නං ප්‍රියා සුරිය සේන සිංදු කියන්නම ඕන. අපේ ලොකු එකාට ඒකෙන් පොඩි කාලේ ඒ කියන්නේ මාස 3 - 18 කාලේ නිදිකරවන්න නං ප්‍රියාගේ සින්දු කෑල්ලක් ඇහුනත් ඇති.. හැක්.

      එක එක අයට ඒ විදියයි බං.. මට වැඩකට හිත යොමු කරාම ලෝකේ පෙරලුනාද නැද්ද කියලවත් වගක් නැහැ.. හැක්..

      Delete
    5. @ රෙහානි
      එහෙම දෙන්නෙක් එකට පාඩං කරන්න දාන්න ඕන.. හයියෝ ෂැල්ලි..

      Delete
    6. @ හිරු
      උඹ කොහොමත් අනිත් උන්ට කරච්චල් දාන එකා නිසා ඒකේ කිසිම අමුත්තක් මට නං පේන්නේ නැහැ..

      Delete
  19. මාත් නම් නට, නටා ඉඳලා, විභාගේ කිට්ටු උණාම පොත් ගිලින කෙනෙක්. ඇත්තම කියන්ට ඔය කියලා තියෙන්නේ ඔයා ගැන නේද? :)

    ReplyDelete
    Replies
    1. කාටවත් කියන්න එපා හොදේ.. ඔව් ඔව් ඒකා ගැන තමා මේ කියන්නේ.. අපොයි පොඩිඩිත් මගේ ජාතියේ එකෙක්ද?? දුක තමා එහෙනං

      Delete
  20. ආඩම්බරයි උඹ වගේ ගැරඬියෙක්ව ආසරය කරන්න ලැබිච්ච එක ගැන. අපිනම් බොහොම වැර වීරියෙන් පාඩම් කරලා යාන්තම් පාස් වෙච්ච උන් ඕන්..

    කොන්දා හිතන්න ඇති උඹැ මහ ගල් කාරයෙක් කියලා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. ගෞරවේ උඹලටම තමා මේ වගේ ශෙරෙස්ට ගල් ආදේක් ආස්සරය කරන එක.. වෙර වීරිය දානවා බං ඒ ටිකේ. හැබැයි ඉතිං සාපෙන් පස්සේ ඒ සෙල්ලං බැහැ. ඊට පස්සේ දිගටම ක්‍රෑම දෙන්න ඕන හැබැයි ෆුල් ටයිම් නං කරේ නැ. කරන්න තියෙන පඩත්තු වැඩයි, සව්ත්තු වැඩයි දහදුරා වැඩයි ඔක්කෝම කරා..

      කොන්දා හිතන්න ඇති උන්ගේ ජාතියේ බුවෙක් කියල බං.. හැක් හැක්..

      Delete
  21. ගල් එකයි කිස්ස එකයි ද? ඔහොම බුවාලා තමයි වැඩි හරියක් ඉන්නේ .......මේ කියන්නේ දේශා ගැනද මන්දා..?

    ReplyDelete
    Replies
    1. ඔව් බං ඒකා ගැන තමා.. හැක් ...

      Delete
  22. දැන් කොච්චර ඉතුරුද කිව්වම නැට්ට විතරයි කිව්ව ළමයාගේ කතාව දන්නවද? ගම්බද පාසලක ටීච ගණිතය පාඩම උගන්නනවා. පන්තිය අසල හුඹහකට ගැරඬියෙක් රිංගනවා ඒ අතරේදී. එක ළමයෙක් ඒ දිහා බලාගෙන ඉන්නවා දැන් ගැරඬියාගේ නැට්ටේ අග විතරයි එළියේ තියෙන්නේ. ඔය වෙලාවේ එකවරම ටීච අරලමයගෙන් ඇහුවා එවෙලේ කියාදෙමින් හිටිය ගණනෙන් ප්‍රශ්නයක් 'තව කොච්චර ඉතුරුද' කියලා. කලබලවූ ළමයා කිව්වා 'නැට්ට විතරයි' කියලා.

    ReplyDelete
    Replies
    1. අපේ පංතියේ ළමෙක් අහක බලන් ඉඳලා මාට්ටු වෙලා සර් කෙනෙක් ඔය කතාව කියා දුන්නා මතකයි :D

      Delete
    2. අලුගෝසුවන්ටත් දැන් වැඩ කිඩ නෑ-බෑ. උන්ගෙත් දැන් නැට්ට විතරයිලු. යාත්තම් ජාමේ බේරා ගන්නේ තමන් ජාතක කොරෝපු ඩමි ටික ගේමට දාලාලු.

      Delete
    3. කාවගේ අම්මා මාර සැප දෙනවලු අනුරාධපුරේ නුවර වැව බැම්මේ. හැමදාම රෑට මාර පෝලිමලු. මූ අපිට කොච්චර බයද කියනවනම් මුගගේ ප්‍රොෆයිල් එක සතියෙන් සතිය වෙනස් කරනවලු. ඒ වුනාට මුගේ අම්මගේ ................එක සතියෙන් සතිය බෝක්කු කටක් වගේ ලොකු වෙනවලු.

      Delete
    4. මට මඤ්ඤං බොලල්ලා හොඳටෝම මඤ්ඤං අපේ පවුලම ඉස්සර ඉඳලා ඒ වැඩේට ප්‍රසිද්දයි අපේ තාත්ත අපිව දාලා ගියෙත් අම්මගේ වැව් බැම්මේ කේස් එක නිසා. යහපත් උතුමෝ මට සමාවනසේක්වා.

      Delete
    5. අනේ මම කියනදේවල් ගනන්ගන්න එපා මචන්ලා මම දැන් අජූත වෙලා ඉන්නේ.

      Delete
    6. @ විචාරක

      ඒක ජන කතාවක් තරම්ම ප්‍රසිද්ධ කතාවක් නේද.. ඒ කතාවෙන් ළමා කාලේ අපුරුවට මතක් වෙනවා නැද්ද මං අහන්නේ..

      Delete
    7. කා වා කාපං ඇනෝවා ව ඇනෝ වා කාපාං කා වා ව. කා වා ම කාපං කා කාලයම.. හැක්...

      Delete
    8. දේශා මචං මං හිතන්නේ මේ කාවා ඇනෝ කාකලය ඔක්කොම එකෙක් කියලයි. මූ මේ මුගේ බොගක් පටන්ගන්න කලින් පොඩි ප්‍රොපගැන්ඩා පාරක් ගෙනියන්නේ. ඔය ඔක්කොම ටික ඩිලීට් කලානම් හරි. මූට කෙලවෙලා යන්ඩ.

      Delete
    9. මොකටද බං. ඔන්න ඔහේ උගේ වැඩක් පලක් බලාගෙන හිටපුවාවේ අහිංසකයා...

      Delete
  23. මේ වගේ එකෙක් වටේ ඉන්න උන් අනාථයි...අපේ පන්තියේ හිටපු එකා ඉස්කෝලෙ එන්නෙත් නෑ,ක්ලාස් එන්නෙත් නෑ..කොහෙන් ඉගෙනගන්නවද මංදා විභාගෙට ලකුණු තියේ...

    අපි දවසක් ලයිබ්‍රි යනකොට මේන් පන දාගෙන පාඩම් කොරනවා මූ :D

    ReplyDelete
    Replies
    1. මම නං බං ඉස්කෝලේ වැඩ ටික කරා හරියට. එච්චරයි ඊට පස්සේ අමතක කරනවා. ටිකක් මතක් කරන කොට ටියුබ් ලයිට් එක පත්තු වෙනවා වෙලාවට.. හැක්.. අනේ බං ලයිබ්බරයික් කිට්ටුවෙන් යන්නෙත් නැහැ කියවන්න නං. හැබැයි කෙල්ලෝ බලන්න නං යනවා..

      Delete
  24. ඉස්කෝලෙ යනකාලෙ අපිනම් හෙන මැට්ටො බං...ගුරුවරුන්ට අකීකරු නොවුනත්...මෙලෝ වැඩක් කරන්නෙ නෑ පාඩම් වැඩ..කරුමෙට යන්තම් විබාග ටික යන්තම් ගොඩ ගියාට.

    ඔය ව්ගේ චරිත එමටයි බං..! හැබැයි අන්තිමට ඔලුවට ගන්නත් බෑ එහෙම පුතෙකුට..!
    (‍තෝ වගේ *රෙකුට ඇරෙන්න..:))) )

    ReplyDelete
    Replies
    1. අන්න හරි උඹ එනකං තමා මාත් හිටියේ

      ඒ බොල පුක ලෑල්ල වීයෝ තෝ කොහේද මෙච්චර කල් හිටියේ. මම කියන්නද උඹ මාත් එක්ක අවුල් උනේ අර ජාතික ගීය ගණිකාවක්ද පෝස්ට්කටුවේ සීන් එකක් හින්දා නේද.. මට එහෙම හිතෙනවා..

      අවුලක් නැහැ බං මම ඒක හු.දැ.පි.. කිව්වේ එච්චරයි.

      //(‍තෝ වගේ *රෙකුට ඇරෙන්න..:))) )//

      ඒ කිව්වේ පොරෙකුට ඇරෙන්න කියන එක නේද// හැක්

      Delete
    2. කිසිසේත්ම නෑ දේශො...එහෙම අවුල් ගන්න එකෙක් නොවේ මං..!
      කාරනේ බොලා දන්නවනෙ..වෙසක් බබෙක් ඉන්න නිසා වැඩපොජ්ජ මංදොවෙලා ඉන්න බිං කරුවල වැ‍ටුනාම...
      ආයි මක්කැයි..ඉඩක් ලැබුන හැටියෙ ගොඩ වදිනව ඇහැකි විදියට..!

      Delete
    3. හැක් හැක්.. මට හිතුන දේ නේ බං කිව්වේ.. උඹ දීපු උත්තරේ ප්‍රමාණවත්. හැබැයි පුතේ උඹ ආවා නාවා කියල මගේ කවදාවත් කිසිම අහිතක් නැහැ. ඒක සුවර්..

      Delete
  25. මේ නම් ඉතින් දේශකයම තමා.. ආයේ ඒකේ දෙකක් නෑ..

    ReplyDelete
  26. ඔහොම එකෙක් පන්තියකට හිටියම ඇති..මරේ මාරු..අපෙත් ඔය වගේ එකෙක් හිටිය..

    ReplyDelete
    Replies
    1. වෙල්කම් රජ වීදියේ සිට... හැම පන්තියේම ඔහොම පිස්සෝ ඉන්නවා බං. තැන්කුයි මේ පැත්තේ ආවට...

      Delete
  27. කට පාඩං කිරිල්ල මගෙත් තියෙනවා ලොවෙත් නැති වෙන්ඩම.. මට ඒ දවස්වල ලොකු ජේද ගනන් කට පාඩං කරතෑකි. දැන් නං බෑ. :)

    අම්බෝ දේශකයගේ බ්ලොග් එක හොයාගන්ඩ තිබ්බ අමාරුවක්.. අපේ වගේ නෙමේනේ.. මේකේ තියෙන ප්‍රොෆයිල් එක වෙනස් !

    ReplyDelete
    Replies
    1. ඔහෝ... කටපාඩං කස්ටිය තව ඉන්නවා..

      මධුරංග මගේ බ්ලොගර් ප්‍රොෆයිල් එක ඉවරයි මගුල් ජී+ එකක් දාන්න ගිහිල්ලා. ඒකයි කේස් එක..

      Delete
    2. ඇයි එක වතාවක් ඉංගිරීසි පංතියක අපේ එකෙක්ට කතාවක් කියන්න කියලා දුන්නා.. එකෙක් ඇවිත් "ද ලිටිල් රෙඩ් රයිඩිං හුඩ්..." කියලා පටං අරගෙන ඌ පොඩි කාලේ කියවපු පොත කට පාඩමෙං සම්පූර්ණයෙංම කිව්වා. කට්ටිය ගල් වෙලා බලාගෙන හිටියා.. කතාව ඉවර වෙලා අත්පුඩි ගහන්ඩවත් එකෙක්ටවත් මතක නෑ.. :)

      ඒක තමා අපේ වගේ බ්ලොගර් ප්‍රොෆයිල් එකක් නෙමේ තියෙන්නේ.. වෙනම එකක්.. ඒකේ ලින්ක් එක හොයන්න සෑහෙන කට්ටක් කෑවා :)

      Delete
    3. ඌ මාර බුවෙක් වෙන්න ඇති බොලාට ඒ දවස් වල.. බය වෙලා ඩිම් වෙලා ඉන්න ඇති නේද පන්තියම..

      කරන්න දෙයක් නැහැ බං කුම්බලා කෑවනං විදවපං දේශෝ කිව්වලු...

      Delete
    4. දේශා තව ෆොපයිල් එකක් හදලා එකත් ඇඩ්මින් විදිහට ඇඩ්කරලා එකෙන් ගූගල් + එක දාහං , පරණ බ්ලොගර් එකෙන් කමෙන්ට් කරහං , ( බලහංකෝ මගේ එක ) හැක හැක

      Delete
    5. පෝස්ට් පබ්ලිෂ් කරන කොට පස්ගුගල් එකෙන් කරහං
      කමෙන්ට් කරනකොට බොගර් එකෙන් කරහං

      Delete
    6. ඒ විදිය දන්නෑ බං. මම ට්‍රයි කරලත් නැහැ. අන්න උඹේ අර තඩි දමියටත් ජී+ එකක් හදාගන්න ඕනලු. ඌට කියල දියං මට ඕව කරන්න හිතෙන්නෑ පුක ගාල්ලේ උන්ට.. හැක් හැක්

      Delete
    7. ඒක මොන සිලෙක්ට් කරත් ගුගල් ප්රෆයිල් එකෙන් තමා බං යන්නේ. බලපං මාතලං ගොයියත් නෑව නං ඒකෙන් අපි කව්ද...

      Delete
    8. තෝ දන්න රෙද්ද බලාපං මගේ නම උඩට කොටලා

      Delete
    9. උඹේ නමට කොටල නිකං ලෙඩ දාගන්න මට බෑ යකෝ...!!!!

      Delete
    10. බලපන් මගෙ නම උඩත් කොටලා. ඒ විදිහට එන්න හදලා දෙනවා කීයක් හරි ගෙව්වොත්. නිකම්නම් බෑ පුතේ, දැන් හරි කෝඩේ.. තෙල් සල්ලි නෑනෙ.. හැක් හැක්ක්

      Delete
    11. කොහේ තියෙන සල්ලිද බොලාට පුජා කරන්න... අනික ගුගල් අංකල් නිකං දීපු ඒවා බොලාට සල්ලි දීලා ගන්න විලිලැජ්ජාවක් නැද්ද.. හිටහං මගේ ඩස්ට් බින් එකේ කෝටි තුන හතරක් තිබ්බා ඒක උඹට කොලේක ඔතල එවංඤඤං.. වැඩේ ගොඩ දාලා දියං මචෝ.. ඉහි ඉහි

      Delete
    12. බ්ලොගර් එකෙන් ලොගින් වෙයන්. ඊට පස්සෙ දකුණු පැත්තේ උඩ තියන දැති රෝදෙ උඩ ක්ලික් කරහන්. එතකොට පෙන්වනවා ඩ්‍රොප් ඩවුන් මෙනූ එකක් පහලට. එකේ ඇති Revert to blogger profile කියලා එකක්. ඒක උඩ ක්ලික් කරහන්. ඊට පස්සෙ කරන්න ඕනා ටික උගෙන්ම අහගනින්..

      Delete
    13. තැන්කුයි සෙන්නා.. එතකොට ජී + එක ඩවුන් වෙයිද??? හිටපං කරල බලන්න...

      Delete
  28. ɐuuo ɥʇɐɯ ɐɯlnɯ ɐʇɐɹɐd ɐʍɐ ǝɥʇɥʇɐd

    ReplyDelete
    Replies
    1. යකෝව් මේ මොන මගුලක්ද??

      Delete
  29. sry wenda. uda comment eke wachanayak adui
    ɐuuo ɥʇɐɯ ɐɯlnɯ ɐʇɐɹɐd ɐʍɐ ǝɯ ǝɥʇɥʇɐd

    ReplyDelete
    Replies
    1. යන්තං උඩුබැලියං අතට බලාගත්තා.. හැක් හැක්.. පස්ටයි..

      වෙල්කම් වේවා උඩුබැලියං ඇනෝ මලයෝ..

      Delete
    2. npnq ǝɯɯɐ ɐʎɐd ɐɯ42 ɐpǝƃolq ǝuuı?? ɐʎo ıɹɐɥ ʞɔınb ǝu ɐʎǝɯ ˙ɐuuo ɐʍo ɐlɐʎıʞ ɐuuǝp ɥʇɐʇɐɐʞɐʞ

      Delete
    3. හැබෑට උඹ කකාගේ ලෙඩෙක්ද?? මගේ ඔළුව කැරකෙනවා බාං ඕක කියවනලම ඔළුව හරවගෙන.. හැක් හැක්.. පැය 8 යි දවසට..

      Delete
  30. හරි දක්ස කොල්ලෙක් නෙ. අපි නම් ගනන්වලට ඉස්සර හරි දුර්වලයි. අනිත් ඒව නම් අවුලක් නෑ.

    ReplyDelete
    Replies
    1. ගණන් සහ සිංහල හරියට ෆලෝ කරානං ආයේ දෙකක් නැහැ අනිත් ඒවා ගොඩදාන්න පුළුවන්.. මම ගණං වලට නං දස්සයා.. තැන්කුයි..

      Delete
  31. http://kenjij1.blogspot.co.il/ ඔන්න බොගක් අටෝගත්තා මාත් දැන් ඇවිත් කොමෙන්ට් කරලා ෆලෝ කරලා බැනලා යන්න පුළුවන් හිතේ හැටියට

    ReplyDelete
    Replies
    1. මම උදේම රෙද්ද උස්සන් ගිහිල්ල ආවේ.. දැං ඉතිං කිසි ලැජ්ජාවක් නැතිව දෙසා බාලා යන්න හැකයි.. හැක්..

      Delete
  32. මං දන්න ඔය ජාතියේ තව එකෙක් හිටියා..ඕ එල් විභාගෙට ලියල ප්‍රතිපල එන දවසේ පංති බාර ලොක්කා මෙහෙම කිව්වා. සරත්.. අද නම් තමුසෙට හම්බ වෙයි නේද ? මං හැමදාම තමුසෙට කිව්ව නේද හරියට පංතියේ වැඩ ටික කරන්න කියලා. තමුසෙ ඇහුවද ? නෑ..
    මොනව කරන්නද සර්.. සරත් බිම බලං කිවා.
    ඔන්න ප්‍රතිපල ආවා.
    සරත් තමුසෙ යකෙක්නෙ පන්තියෙ ලොක්කා කිවුවා.

    ReplyDelete
    Replies
    1. තමුසෙ යකේක් නේ සරත්...

      Delete
  33. ස්තුතියි බුද්ධික...

    ReplyDelete