Wednesday, October 16, 2013

රූමත් ගැබිණියකට අතවර!!

මන්දගාමි සීටීබි බස් රථය හිතෙන තැන තවත්වයි. හිතෙන තැන බලා හිඳියි. ගමනාත්තය වෙත පිවිසීමේ ලෝභ කමින් යුතුව පෙළෙන පුද්ගලයෙකු මෙන් රියදුරු තැන ලොඹ කටින් විටක්ද හපමින්, ගර ගර ගා සද්ද නැගෙන ජියර් පොල්ල මත තම වම් අත තබාගෙනම බසය ධාවනය කරයි. ගැලවී ගිය, දුර්වර්ණ වූ, පතුරු ගැලවුන ආසන පේලි පුරා මඟීන් 48 ක් වාඩි විය හැකි බවට බසයේ ඉදිරිපසින් සදහන් කර ඇත. බසය නවත්වන්නට ආසන්න වත්ම, රියදුරු තැන තම වම් අතින් ජියර් පොල්ල වැරෙන් තද කර සිටින්නේ එන්ජිමෙන් එන ගැස්ම ජියර් පොල්ලට මාරු වීමට වැළැක්වීමට විය යුතුය. විටෙක එන්ජිම දිහාවෙන් ක්රාස් ගා ශබ්ද නැගෙන්නේ ජියරය ඉබේම මාරු වන නිසාය. එය වැළැක්වීමට රියදුරු එය අතින් තද කරගෙන සිටින බව පැහැදිළිය.

ආසන ගණනටවත් මඟීන් නොමැති බස් රථය තවත් එක් නැවතුමකදී ඉදිරිපස දොරටුවෙන් මඟින් දෙදෙනෙකු නංවා ගති. මුලින්ම ගොඩ වූ රූමත් යුවතියගේ වත මඬල දුටු සැනින්ම එය කෙතරම් පියකරු දැයි ආසන්නම අසුනේ සිටි මා දුටුවෙමි. පළල් නළල් තලයත්, දිගැටි නාසයත්, හීනි දිගැටි නිකටත් ඇයට අපුරු සුන්දරත්වයක් ගෙන දී ඇත. එහෙත් ඇය හැද සිටි ගවොම හේතුවෙන් උදර පෙදෙස ඉදිරියට නෙරා ඇති බවක් හදිසියේම දුටුවෙන්, තාර්කිකව ඒ පිළිබදව ගණන් හිලව් හැදීමෙන් අනතුරුව, ඇය අවම වශයෙන් පස් මස් ගැබිණියක වන රූමත් තරුණියක බව හඳුනා ගතිමි.

ඉදිරිපස දොරෙන් ගොඩ වූ ඇය, එතැනම තිබුන ආසනයේ හිස් ඉඩෙහි හරි බරි ගැහී වාඩි විය. ජනේලය ඇර ගැනීමට ඇය උත්සාහ කරද එය සාර්ථක නොවුවෙන්, එතැනින් ලිස්සා ආසනයේ දකුණු පසට වන්නට ස්ථාන ගත වූ ඈ, ඇයගේ තෙතබරිත කෙස් වැටිය පිටුපස සිට පපුව දිහාවට හෙළා දැමීමෙදි ඉන් විසිවූ ජල බිඳු කිහිපයක් ඇයට හරි කෙලින් ඊට පිටුපස ආසනයේ සිටි මාගේ මුහුණ මතට වැටීමෙන් තත්පර කිහිපයකට කුල්මත් වීමි. බසයේ යන විට මුරුගසන් වරුසාවෙන් බේරි වැටුනු එකම ජල බිඳුවටත්, දෙස් දොවොල් තියනා මිනිසුන් සිටිනා රටක, වේගයෙන් පැමිණ මා මුහුණ සිප ගත් ඒ කුඩා ජල බිඳු කිසිසේත්ම පීඩාකාරි නොවීය.

තවත් නැවතුම් දෙකක පමණ නැවැත්වූ බස් රථය මෙතෙක් වේලා නිදා සිටි යෝධයෙක් බව හඟින්නට වූයේ, ආරම්භයේ පටන්ම හීන් කෙඳිරියක්ව තිබු එන්ජිම, විශ්වාස කළ නොහැකි තරම් ජවසම්පන්න හඬක් නගමින්, රියදුරු තැනද තිරිහන් කරන්නට විය. මන්දගාමී එහෙත් අලස බස් රථය, ජවාධික අශ්වයෙකු මෙන් ඉදිරියට ඇදෙන්න විය. රියදුරු තැනගේ ලොඹු කට නතර වී ඇතිසේය. තමන්ගේ පැත්තේ පැති කණ්ණාඩියට තත්පරයක් තත්පරයක් ගානේ ඔරවන ඔහු මෙවර අත් දෙකම සුක්කානම මත තබා ගෙන දකුණු කකුළෙන් ඇක්සලේටර් ලෑල්ල බිමටම සමතලා කොට ඇති සෙයකි. කුලප්පු වූ බස් රාජයා කෙලින් තිබෙන පාරද වංගු කරමින්, නොයෙකුත් වාහන පසු කරමින් වේගයෙන් ඉදිරියට ඇදෙයි. ඒ අතර බස් රථයේ ඇඹරීමට ඔරොත්තු නොදෙන අය ආසන තද කර ගනිමින් අත් වලින් සිර ගත වී සිටිති. 

බස් රථයේ සුළිසුළගට හසු වූ මාද, අපහසුවෙන් ඉදිරි ආසනයේ රඳවනය දැඩිව අල්ලා ගෙන සිටින අතරතුර, රූමත් තරුණියද ඉතා අපහසුවෙන් ඇඹරෙමින් සිටින වගක් දුටිමි. ඇයට ආරක්ෂාව පතා අල්ලා ගෙන සිටිය හැකි කිසිවක් නොවුයෙන්, එන්ජින් කූඩුව වට කර ඇති, ඇල්මීනියම් වැටෙහි දකුණතින් එල්ලී සිටින අතර, වම් අතින් ආසනය තද කරගෙන සිටින බවත්, බස් රථය ඇඹරීමේදි ඊට අනුකූලවම ඇඹරෙන ඇය, විටෙක තොල් සපාගනිමින්, ඇසි වසාගනිමින් සිටින බවත් නිරික්ෂණය කළෙමි. සැබෑවටම ඇය ඉතා අපහසුතාවයකට පත්ව ඇති ආකාරයක් දිස් විය. මේ කිසිදු කරුණක් බස් රථයේ වේගය පාලනය කිරිමට සමත් නොවූ සේය. එය තව දුරටත් වේගය වැඩි කරන අතර, පිටුපසින් ඇසෙන තවත් දැඩි නලා ශබ්දයක් ඇසෙන නොඇසෙන මානයක් කරා එළවා දැමීමට තැත් කරමින් සිටී.

දැඩිව වෙහෙසට පත් වූ ඇය, තව දුරටත් ආරක්ෂාව පතා සටන් නොකරන බවක් හදිසියේම දිස් විය. සැවොම තම තමන්ගේ ආරක්ෂාව ගැන සලකනවා හැර ඇය ගැන සොයා බැලීමට කිසිවෙකුත් නැත. ඇල්මීනියම් වැටෙහි ඇති ඇයගේ අතද බුරුල් වන්නේ, විඩාව උපරිම මට්ටමෙන්ම ඇයට දැනෙන නිසා විය යුතුය. මා ඉදිරිපස බලා සිටින්නේ, මඩ ගැසුනු වින්ස්ක්‍රීනය අසළ සැරි සරන අනෙකුත් වාහන ගැන අවධානයක් ගැනීමටය. 

වේගයෙන් ධාවනය වන බස් රථයට මුහුණලා, අධිවේගී, අර්ධ සුඛෝපබෝගී බසයක්ද වේරම්භ වාතයක් සේ ඉදිරියට පැමිණේ. බස් රථ දෙක අතර වේගය, තත්පර ගණනකින් එකිනෙකට ඉතා ආසන්න කර ඇත. ඉදිරියෙන් පැමිණෙන බස් රථය, සියළු කරදර පාර අයිනේ බොරළු ගොඩට තල්ලු කරමින් පාරේ හරි මැදින්ම සුදු ඉරිද කපාගෙන පැමිණේ. හරියට යක්ෂයන් දෙදෙනෙකු මුහුණට මුහුණලා සටනක් සදහා පිම්මක් පනින ආකාරයක් දිස් වන අතර, ළග ළගම එන විනාශකාරි දෙයක් පිළිබඳව මා සිත වික්ෂිප්ත වී ඇත. සමහර විට තවත් තත්පර කිහිපයක ඇවෑමෙන් ඉදිරියෙන් පැමිණෙන පස් රථය මා සිප ගන්නට ඉඩ ඇත. එසේ වුවහොත් මට ඉදිරිපසින් සිටින ගැබිණි කතට කුමක් සිදු වේද? අත බුරුල්ව විඩාපත්ව සිටින ඇය, ඉදිරියට විසිවි යනු ඇත. එය වැළැක්වීමට නොහැකි වන ඇත. තවත් තත්පර දෙක තුනකදී අපගේ යක්ෂයාද, ඉදිරියෙන් පැමිණෙන යක්ෂයාද එක විට වාහන දෙකට දෙපසින්, ඉස්සර කරනු දුටුවෙමි. අනතර අතගළම ඇත. කිසිවෙකුත් කිසිවෙකු නොතකයි. මුහුණට මුහුණ අධික වේගයෙන් දෙපසින් වාහන දෙකකට ඉස්සර කරමින් පැමිණෙන යක්ෂයන් දෙදෙනා දැන් දැන් පොර බඳිනු ඇත. එය න්‍යෂ්ඨික පිපිරීමක් තරම්ව බලවත් වනු ඇතැයි මා හට කල්පනා විය. ඒ කල්පනාව තත්පරයෙන් ලක්ෂයෙන් එකක් ඇතුලත කල්පනාවෙන් බැහැර කරවුයේ, මටද වඩා අනාරක්ෂිතව සිටිය ඇය කෙරෙහි කල්පනා කිරිමට ඉතුරු තත්පරය මට ඇවැසි වු නිසාය.

කුමක් කරන්නද? ඇයට බේරිමට හැකියාවක් නොමැති විය යුතුමය. මාද සමගින් ඇයද කඩා පණින යක්ෂයාගේ ගොදුරක් වනු නොඅනුමානය. එහෙත් මා විසින් යම් කිසිවක් කළ යුතුමය. මා ගැන, ඇය ගැන කෙසේ වෙතත්, හදිසි විසිවීමකින් ඇයගේ දරු පැටියා ආරක්ෂා කර ගත යුතුය. සිත සිතා සිටීමට කාලය නොවෙයි මේ. කඩා පනින යක්ෂයා හා මාගේ යක්ෂයා අතර පරතරය තත්පර දෙක තුනක් පමණක් වන්නට ඇත.

ආසනයෙන් ඉදිරියට මදක් නැමුණ මා දකුණතින් ඉදිරිපස ආසනයේ වටෙන් අත දමා ඇයගේ පපු ප්‍රදේශය සිර කොට වම්පසින් එම ආසනයේම රදවනය තදින් අල්ලා ගතිමි. ඒ සැනින්ම වම් අත ගෙන ඇයගේ වම් පාදයේ කලවයද තද කොට මා ඇස් පියා ගතිමි.

“ඩෝං“.... “ඩාං... ඩාං“ ඉවරයි වැදුනා නේද? සර සර ගා වින්ක්‍රින් කැබලි මා මුහුණ මතට විදිනු දැනේ. එය මාගේ අත් වලට වදිමින් සිලි සිලි ගා බිම වැටෙනුත් ඒ සැනෙකින්, යකඩ අඹරමින්, ක්රුං ක්රුං නගමින්, යක්ෂයා මා ඉදිරියට එන සෙයියාවක් වසා සිටි ඇස් අතරන් හගිමි. රූමතියගේ බෙරිහන් දීම යක්ෂයා ඇය කරා පැමිණ ඇති බව සන් කරන්නක් නොවෙද? මා තවතත් ප්‍රකම්පිතව සිටිමි. එහෙත් මාගේ වම් අත ඉවත් කිරීමට ඇය උත්සාහ ගන්නා බවක් දැනී ගියෙන් එහි ග්‍රහණය තවත් දැඩි කළෙමි. මුළු බස් රථයම එකම කාලගෝට්ටියක් මෙන් ශබ්ද ඇසෙන්නට වූ අතර, එකිනෙකා පරයමින් මා අසලින් මෙන්ම පිටුපසින්ද මිනිස් හඩවල් ඇසේ. වසා සිටින මා ඇස් යුගළ තෙත් වන්නේ කඳුලෙන්ද, ලේ වලින්ද යන වග මට නොදැනේ. තවත් මොහොතකින් කිසිවෙකුගේ දැඩි ග්‍රහණයක් හේතුවෙන් මාගේ දකුණු අත ඉවත් කරනු දැනුන අතර, ඒ අත ගැලවී ඇත්දැයි සැකයක්ද විය. මාගේ ඉන ප්‍රදේශය ඝට්ටනයෙන් හා දැඩි තිරිංග බලයෙන් අඩපන කොට ඇත. මා තුවාල වී ඇත. නැත මා දැඩි ලෙස තුවාල ලබා විය යුතුය. එහෙත් තවමත් බෙරිහන් දෙන ඇයගේ හිරිගඩු පිපෙන මොරගෑම මා සතුටට පත් කර ඇත. ඒ තුලින් වු උද්දීපනය මා නෙත් කෙවෙණි තෙත් කරන්නට විය. මා ඇය බේරා ගත්තා විය යුතුය. “දෙවියන්ට ස්තුති වේවා!“ යනුවෙන් මා සිතන්නට විය.

“අත ගනිං පරයා“ හැඩි දැඩි කටහඩක් හේතුවෙන් හා මගේ මුහුණ පෙදෙස හරහා වූ ප්‍රභල පහරකින් මා ප්‍රකෘති තත්වයට පත් වුයෙමි. නිසැකවම අනතුරට ලක් වූවන් ගලවා ගැනීමට මිනිසුන් පැමිණ ඇත. ඒ පිළිබද කෘතවේදිව සිතමින් මා සෙමින් සෙමින් තුවාල ලත් මාගේ ඇස් අරින්නට පටන් ගතිමි. කඳුළු වලින් බොඳ වූ සිහින්ව ඇරුණ ඇස් අතරින්, ඇස් දහසක් කෝපාවිශ්ඨව මා දෙස බලනු පෙනේ. බොඳ වු ඇස් වලින් කව්රුන්දැයි හදුනා ගත නොහැක. එහෙත් කිහිප දෙනෙකු මා සිරකොට දැඩිව ග්‍රහණය කර ඇති සෙයකි. බස් රථයේ රියදුරුද මා දෙස එබී බලා සිටිනු දුටුවෙන්, මාගේ ප්‍රකෘතිය තවත් වැඩෙන්නට විය. එන්ජින් කූඩුව එසේම ඇත. රියදුරු අසුණ අසළ තිබු පරිද්දෙන්ම සුක්කානම ඇත. ඊට එපිටින් වූ මඩ ගැහුණ වින්ස්ක්‍රීනයද එළෙසම ඇත. එහෙත් එහෙත්... ඉදිරියෙන් පිනූ යක්ෂයා කොහිද? ඔහු නැත. බස් රථය පාරේ අයිනකට වන්නට නතර වී ඇත. වට පිට බැලු මා දිහා බස් රථයේ සියල්ලන්ගේම ඇස් යොමු වී ඇති බවත්, ඒ තුල කෝපාග්නිය දැල්වෙන බවත් පෙනේ.

“මුං වගේ වළත්තයෝ. බඩ දරු අම්මෙකුටවත් ඉන්න දෙන්නෑ“

“සක්කිලියෝ... අම්මප බය නැතිව කරනව නේ මේවා“

“මුංගේ අම්මල අප්පල මුංව හැදුවේ මොන කරුමෙකටද මන්දා“

“වේස බල්ලෝ.. අත පය හතර කඩන්නයි තියෙන්නේ මුංගේ“

“මේ වගේ කැ..යෝ අම්මගේ බඩකින් ආවද කියලත් හැකයි දැන්නං“

“අනේ අප්පුච්චියේ මෙහෙමත් දේවල්..“

“හත් වළාමයි... මේ ඉහ නිහට පැහිච්ච උන්ට නේ හොදටම අමාරුව තියෙන්නේ“

“මුංට මනමාලකම.. බඩදරු අම්මෙක් උනත් කමක් නැහැ. පර බල්ලෝ“

දස දෙසින්ම නැගෙනා විරෝධාකල්පයන්ගේ මා හෙම්බත්ව සිටිමි. මා තද කොට ගත් ග්‍රහණය ලිහිල් වන බවක්ද නොපෙනේ. එතකොට මේ ඇක්සිඩන්ට් එක උනේ නැද්ද? මට මොනවද උනේ එහෙනං.. වෙන්න බෑනේ මට ඇහුන නේ බස් එක වදිනව මහ සද්දෙන්.. ඕහ්.. මම මොකක්ද මේ කරගත්තේ..

“ඩ්‍රැයිවර් මහත්තයා.. බස් එක අරන් යමු පොලිසි. මේ වේස බල්ලව පොලිසියට දෙන්න“

බස් රථය නැවත ඉගිලෙනු දැනේ. ඒ අතර පහර කිහිපයක් මා සිරුරේ වැදීමෙන් දැඩි ලෙස රිදුම් දේ. කිසිවක් කීමට කට ඇරීමටද නොහැකි ලෙස උණූ ලේ කට තුල ඝණීභවනය වී ඇත. පොලිසීයේ බෝඩ් එක මඩපැහැ වින්ස්ක්‍රීන් එක තුලින් මට මැවි මැවි පෙනේ.

ප-ලි. - පසුදින පුවත්පතේ මෙම පුවත පළ වී තිබුනි.

රූමත් පස් මස් ගැබිණියට හදිකළ දෙදරු පියා රිමාන්ඩ්

(ආර්. ජී. සපරමාදු - පුත්තලම වාර්තාකරු)

ඊයේ හලාවත සිට පුත්තලම බලා ධාවනය වූ ලංගම බස් රථයකදී රෑමත් තරුණියකට (පස් මස් ගැබිණි කතක්) අතවර කළ පුද්ගලයෙකු මඟීන් විසින් පුත්තලම පොලීසියට බාර දෙනු ලදුව, හලාවත මහේස්ත්‍රාත්තුමා වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ලබන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට කටයුතු කර ඇත.

මෙම පුද්ගලයා 43 වියැති පුත්තලම, ආණමඩුවෙහි පදිංචි වයි. ඒ. දේශක නම් දෙදරු පියෙකි. බස් රථයේ ඉදිරි අසුනක සිටි රෑමත් තරුණියකගේ පපු පෙදෙස හා කලවා පෙදෙස තෙරපීමට තැත් කිරිමේදි ඇයගේ කෑගෑමට අනුව ක්‍රියාත්මක වූ මඟීන්, රියදුරු හා කොන්දොස්තර මහතාද සමග එක්ව මොහු අල්ලා වහාම පුත්තලම පොලිසීයට ගෙනැවිත් භාර දී ඇත.

ඊළග නඩු දිනය වන 25 වැනිදා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියෝග කර ඇති සැකකරු පිළිබද මානසික වෛද්‍ය වාර්තාවක් ලබා ගැනිමට නියෝග කර ඇති බවද පොලිසීය පවසයි. වැඩිදුර පරික්ෂණ සිදු කෙරේ.

86 comments:

  1. මෙච්චර සවිස්තරව කියන්න පුළුවන් වුනේ..මේක උඹට වුනු වැඩක් නිසානේ..පහු ගිය දවස්වල පේන්න හිටියේ නැත්තේ මේකයි එහෙනම්..හොදා..හොදා...එහෙනම් අමතක නොකර 25 උසාවි ගියොත් හොඳයි..

    ReplyDelete
    Replies
    1. අන්න බොට තේරුනා... මට නොවෙන වැඩ මේ ලෝකේ ඇතෙයි නැහැනේ. තැන්කුයි ආ මේ පැත්තේ ආවට...

      Delete
  2. මේ වගේ සිදුවීම් වලදී අපි කොයිතරම් කලබල වෙනවාද..?අර මනුෂ්‍ය ගේ චේතනාව යහපත් වුනත් අපි ඇසට පෙන,කණට ඇහෙන දේ දිහා බලලා විතරක් ගන්න යන එක තරම් භයානක දෙයක්ද කියලායි මේක කියවපුවම හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. සමහර දේවල් වල අපි නොදකින පැත්තක් තියෙන්න පුළුවන් මොන විදියෙන්වත් ඔප්පු කරගන්න බැරි වෙන.. ඒ වගේ අදහසක් තමා මට කියන්න ඕන උනේ..

      Delete
  3. මට හිතුනේ මේ කතාවේ 'මම' වෙනුවට නිමල් හරි ජයන්ත හරි වගේ නමක් දැම්මා නම් රසය වෙනස් වෙන්න ඉඩ තියෙනවා කියලයි.
    මේ වගේ කතාවක් ලියන ර්ක ලේසි නැහැ නේද?
    ලියන්නා (weni) ත් මේ genre කතාවලට දක්ෂ‍යෙක්.

    ReplyDelete
    Replies
    1. OW OW ME WAGE KATHA LIYANA EKA LEHESI NEHE. OYA, PUKA, JOKKU, CHOO, PADA, JEE, WAGE KATH NAM OONE THARAM LIYATHA HAKI.

      Delete
    2. කකා

      “ම“ කාරය නැති උනා නං මෙතැන කතාව දුරස්ත ස්වභාවයක් ගනියිදෝ කියල හිතුනා. ඒකයි මෙහෙම කරේ. කතාව ටිකක් ඔළුවේ ගොඩනගන එක තමා අමාරු මොකද වැඩි වෙලාවක් මනසින් හදනවා හරියට මැටි ගොඩක් අනනව වගේ. හරියට ආවම කොටන එක අමාරු නැහැ. මමත් වෙනිගේ කතා වලට බෙහෙවනින් රුචි කරන අයෙක්.. ස්තුතියි කකා.

      Delete
    3. කැපිටල් මිත්‍රයා

      ඔයාගේ අතිජාත මිත්තරයට ඔහොම කියන හරිද මං අහන්නේ.. හක් හක්.. (තැන්කුයි හොදේ)

      Delete
  4. අපූර්වයි.

    [එහෙත්, යථාර්ථය නම්, පිරිමින්ගෙන් සැලකිය යුතු ප්‍රමාණය යහපත් චේතනාව විරහිත මානසික රෝගීන් බවයි. මේ අමුණන අකුරු සංඛ්‍යාවට වඩා කාන්තාවන්, දැරියන් මේ මොහොතේදීත් මෙම පොදු ප්‍රවාහන මංහි වදකාගාරයන් හා සටන් කරන බව යි.

    වාඩි වුණොත්, වැලමිට බඳෙහි හෝ ඉනෙහි හෝ රැඳවෙන ලෙස අපරිමිත තෙරපුමක් සමඟ
    ඔහු වාඩි වී, කාන්තාව සිටගෙන සිටියොත්, අත ආසනයෙන් පිටතට දිගු වෙන ලෙස
    කාන්තාව වාඩි වී පිරිමියා සිට ගෙන නම්, අධික තෙරපුමක් සමඟ
    දෙදෙනා ම සිට ගෙන නම් තෙරපුම සමඟ
    කොතරම් හිස් අසුන් තිබුණත් ගැහැනු අය ම සිටින තැන් බලමින්

    (සංවාද අනවශ්‍ය ය. අනියමාර්ථ අසම්භාව්‍ය 'චේතනාව ඇත්නම්' සමඟ, සාප කිරීම් සහිතයි)]

    ReplyDelete
  5. අනෙ මන්ද ඉතින් මෙව උබටම තමයි හිතෙන්නෙ.එක්කො උබ මෙවගෙ නිදහසට කාරන කලින් හදාගෙන ඉන්නවද කොහෙද.චාටර් උනොත් කියන්න නෙද
    මෙ පැත්තට පොඩ්ඩක් ඇවිල්ල damgune.blogspot.com/

    ReplyDelete
    Replies
    1. මම ගියා බං බලන්න. ලින්කටුවට ස්තුතියි.. නිදහසට කාරණා.. හක හක හක..

      Delete
  6. හිතා ගන්න බැරි උනා මුලින්ම මොකද උනේ කියලා. දෙදරු පියෙක්. පව් අර ළමයි දෙන්නා

    ReplyDelete
    Replies
    1. ඔව් ළමයි දෙන්නට තමා පව්... සමාජ හර පද්ධතීන් වල දෙදරීමක්...

      Delete
  7. දේශක පහුගිය ටිකේ දකින්ට හිටියේ නැත්තේ ඇයි කියලා දැන් අපි දන්නවා...:D

    ReplyDelete
  8. අපෝ බස්වල ඉන්න ජරා මිනිස්සු නං පොලිසි අරන් ගිහිං මදි...
    මිනිස්සුම එකතුවෙලා ගුටි දෙන්න ඕනි ඕකුන්ට..

    ඔය වගේ යහපත් චේත්නාවෙන් යමක් කරන්න ගිහිං ඇදගෙන නාන අවස්ථා නැතුවම නෙවෙයි..ඒ උනත් ඉන්න තරමක් ඉන්නෙ වනචරයෝ

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම... රෙහානි.. අති බහුතරය වනචාරින්...

      මේක කතාවක් විතරයි අනේ...

      Delete
  9. හැප්පෙන ගිය බස් එකක හිටියා වගේ දැනුනා ....නියමයි......!

    ReplyDelete
    Replies
    1. එහෙමද ඉවාන්. තැන්කුයි...

      Delete
  10. පිච්චමල් මදිවට වතුර බිංදු...

    ReplyDelete
    Replies
    1. ශෘංගාරය එන්නේ එහෙමයි අයියේ... එකපාර නෙමෙයි.. හරිය... තැන්කුයි..

      Delete
  11. කතාව ඇත්තද නැත්තද, උඹට වුණාද , නැද්ද මට වැඩක් නෑ. අකුරක් අකුරක් ගානේ මාව මනෝ ලෝකයට බැඳලා තියපු උඹේ නිර්මාණශීලීත්වයයි මට වැදගත්

    ReplyDelete
    Replies
    1. උඹට ස්තුතියි රයිටරේ.. ඒ ගැනත් කතිකාවක් කිරිමේ අවශයතාවයක් තියෙනවා. මොකද මම දැං දිගටම වගේ මම ලියන ඒවයේ කතා වල කතා නායකයා මම කරගත්තම එක එක කතා කියනවා. නමුත් වල් පල් වලින් තොරව කතාවක් රස විදින්න හැකි වෙන්න ඕන. උඹ කියන්නේ ඒ කතාව නේද??

      Delete
  12. කොහොමත් තද වැසි වසින කාලයට පත්තරයක් බලල නිදා ගන්න ගියත් පේනනෙ ඔය වගේ මුසල සිහින "වල් සිත්" ඇති එවුන්ට.

    ReplyDelete
    Replies
    1. කෙන්ජි උතුමාණනි ඔබට මෙහි යමක් නොපෙනුනාවත්ද :)

      Delete
    2. හුම්... මෙම කතාවෙහි ගැබ් ව ඇති දෙය ගැන,ලියු පුද්ගලයා කෙතරම් වනචාරි ලෙසට ගැබිණි රූමතිය කෙරෙහි කෑදර කමක් දක්වා තිබේද කියතොත් ඉතාමත් අප්‍රියයි,
      මෙයට හරි හමන් ප්‍රතිචාරයක් දැක්වුවහොත් මාගේ ආදර දියණියක් සේ සලකන ඔබද ගැබ් ගැනී මට ඉඩ ඇති බැවින් වටිනා අදහස් පල නොකරමි.

      Delete
    3. @ කෙන්ජි

      පත්තර වල යන ඒවා හීනෙන් දැක්කම මේ වගේ වෙනව තමා බං. හැක්..

      Delete
    4. @ ඔමා
      කෙන්ජියා දකින්න ඕන දේ දැක ඇත..

      Delete
    5. @ කෙන්ජි
      පව් ඩෝ පොඩි දරුවන්ට කියනවද ඔහොම කතා.. හැක් හැක්..

      Delete
  13. නියමයි දේශකයෝ........කියවන කොටත් පොල්ල අල්ලන් පැද්දෙන කැරකෙන ගතියක් දැණුනා බස් එකේ. වමනෙටත් වගේ ආවා.

    ReplyDelete
    Replies
    1. හයියෝ අරූට වයසට ආපු අමාරුවක්ද කොහේද....තැන්කුයි කියෙව්වට..

      Delete
  14. දෙශකයා බස් එකේද හිටියේ? බලන් හිටියා වගේනෙ ලියලා තියෙන්නෙ :-)
    කොහොම උන‍ත් එකම පුවත් එකම කතාව අපිට විවිධ කෝණ වලින් බලන්න පුලුවන් කියලා පෙන්නන වැදගත් කතාවක් දේශකයො. ලස්සනට ඉදිරිපත් කරලා තියෙනවා.

    - ප්‍රියා.

    ReplyDelete
    Replies
    1. ඒකනේ බං කියන්නේ.. බස් එකේ තමා ඉදල තියෙන්නේ.. ඔව් සමහර දේවල් වෙනස් විදියට දකින්නත් පුළුවන්. සමහර විට ඇත්ත කියල හිතන දේ සෑබැවටම බොරුවක් වෙන්නත් පුළුවන්.

      ස්තුතියි ප්‍රතිචාරයට...ප්‍රියා

      Delete
  15. හ්ම්ම්, බහුතරයක් වැරදි කරනකොට හොඳ චේතනාවෙන් කරන දෙයත් වැරැද්දක් වගේ තමයි අනිත් මිනිස්සුන්ට පෙන්නේ. ඒක අපේ සමාජේ හිතන විදිය. වෙනස් කරන්න හුඟක් අමාරු යි! ඉතින්, 25 මොකද වුණේ කියලා 2 වැනි කොටසක් එන්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. 25 වෙන දේ කියන්න ඕන නැහැනේ ඉතිං.. ඔය මාව කන්න හදන්නේ... හැක්.. සමහර දේවල් හරි සමහර දේවල් වැරදි.. හැබැයි තේරුං ගන්න බෑ මොකක් හරිද කියලා..

      Delete
  16. ශික් මේ වගේ වල් උන්..කන්ඩ ඕනිවට තලගොයා කරගෙන නේද ?

    ReplyDelete
    Replies
    1. කමින් කලර් නෝ ගුඩ් කිව්වලු නේ බං වෙනියෝ...

      Delete
  17. දේශකයගෙන් මම කියවපු හොදම එක බව කියන්නෙ ඉතාම සතුටෙන්...බොහොම රහයි...තවත් මේ වගේ එකක්....දෙන්න බෑද ?

    ReplyDelete
    Replies
    1. මේ වගේ එකක් දෙන්න බලන්නං.. ස්තුතියි අගය කිරිමට...

      Delete
  18. අපූරු කෙටි කතාවක්. ඇත්තටම කකා කිව්වා වගේ මම වෙනුවට වෙන වෙනත් නමක් ආදේශ කරා නම් තවත් අපූරුයි කියලා හිතුනා. සුබපතනවා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පුංචි කුමාරිහාමි. ඔබගේ පැමිණිමත් සතුටක්.. මට හිතුනේ මේ විදියට හොදයි කියලයි ඒකයි එහෙම ලිව්වේ.. බලමු ඉදිරි නිර්මාණ වලට ඔබගේ අදහස් ඉතා ප්‍රෙයා්ජනවත්.

      Delete
  19. හැපීච්චදෙන් ඔහේ හැපීච්චදෙන් ඔහේ හැපීච්චදෙන් ඔහේ ඒකට කමක් නැතේ

    ReplyDelete
    Replies
    1. හැපුන්නැති උනොත්.. මක්කයි කොරන්නේ...

      Delete
  20. කතවක් වුනාට හිතුනේ ඇත්තට වුන දෙයක් කියලා.. මොකද ඉතින් මෙහෙම දෙයක් වෙන්න තියෙන ඉඩත් වැඩියි නේ..

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම්.. කතා නායකයා හිතන්නේ ඇත්තට උනා කියල නෙව.. ස්තුතියි දිනේෂ්...

      Delete
  21. මෙච්චර හරියක් කරන්න තරම් සිහිකල්පනාව නැති උනේ අපහසුවෙන් බස් එහෙක යද්දී ,,

    මන් මේ කල්පනා කලේ අවුරුදු 2 ක් තිස්සේ පිච්චමල් සුවදද බලබල හිටිය කතාව විස්වාස කරන්නද මේක විශ්වාස නොකරන්නද
    මේවායේ අන්තයන් පරස්පර වීම ගැන මේ හිතන්නේ ඉදගෙන හි හි

    ReplyDelete
    Replies
    1. හැම කෙනෙක් තුලම පරස්පර අන්තයන් තියෙනවා ඔමා. ඒක තේරුං ගැනීමයි වැදගත්. මිනිසුන් තුල වැරදි හැංගීමේ හා හොද පෙන්නීමේ නොතිත් ආශාවක් ඇත.

      Delete
  22. මචං.. ඔය ගැබිණි කාන්තාව ඔච්චර කල එළියට හිටියේ නැත්නම් උඹට ඔය හීනේ පෙනෙයිද?

    ReplyDelete
    Replies
    1. :D :D
      උඹ ලෝයර් කෙනෙක්ද බං?

      Delete
    2. @ තිසර

      කරුමෙට ඒ ගැබිණි කාන්තාව ඒ තරං සුන්දර වස්තුවක් නෙමෙයි..

      Delete
    3. @ ඩුඩේ

      මේ දවස් වල ලෝයර් කෙසේ වෙතත් ඩෝබි වැඩි නං කරනවලු ගජරාමෙට..

      Delete
  23. උඹට දැන් ඔය කතාව ඔප්පු කරන්න බෑනෙ ! අඩුම ගානෙ බස් එක පාරෙන් පිට පැනලවත් තිබුනනම් ! ඔහොම දේවල් වෙන්න පුළුවන් කියලා මම පිළිගන්නවා. ඒත් ඒක මදිවෙයි උඹට නිදහස් වෙන්න...

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි උඹ ආවද??? අනිවා.. නිදහස් වෙන්න නං බැරි වෙයි බං... සියළු කරුණු හරහටයි තියෙන්නේ..

      Delete
  24. එහෙනං ඒක තමයි මේ යකා පහුගිය දවස්වල පේන්න හිටියෙ නැත්තෙ. ඇයි බං උඹට ඇප ගන්න බැරි උනාද?

    මොනව උනත් සිද්ධිය ඇඟට දැනෙන විදියට ලියල තියෙනව බං.

    ReplyDelete
    Replies
    1. තැන්කුයි ප්‍රසා... පේන්න ඉන්න පුළුවන් වැඩද මේවා... උඹ කියාවි..

      Delete
  25. මට හිතෙන විදිහට දේශකයා මේ වෙනකන් ලියල තියෙන හොඳම කතාව තමයි මේ. විශේෂයෙන්ම කතාව ඉවර කරල තියෙන විදිහ හරිම නිර්මාණශීලීයි..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චාම්ස්. අගය කිරිම ශක්තියක්...

      Delete
  26. උඹට ගුටි දීපුව ලිව්වේ නැත්තේ මොකද,දැන් ඉතිං 25 වෙනිද වත් ඇප ගන්න බලමු.

    ReplyDelete
    Replies
    1. ඒවා කියල තියෙන්නේ බං යටින්.. උඹට එන්න බෑද ඇප බදින්න...

      Delete
  27. මම ඇත්තටම සංසර්ගයෙහි යෙදෙන්න වඩාත් කැමති විවාහක බඩදරු අම්මලා සමඟය. එයද ඩෝගී ක්‍රමයටය. එය මට ඉතා තෘප්තිමත් ක්‍රමයකි.

    ReplyDelete
  28. අතිවීශිෂ්ටයි සැර්

    ReplyDelete
  29. වතුර බින්දුවේ පහස අගෙන කියන ටිකෙන් මට නම් අර තරම් අහිංසක කමක් පෙනෙන්න්නෙ නෑ. අර වතුර බින්දුව නිකම් වයසක මනුස්සයෙක්ගෙන් ආවා නම් ඉවසයිද කියල හිතමුකො.. හ්ම්ම්. ඇරත් අවදානය තිබිල තියෙන හැටි බැලුවාම කොච්චර පරහිතකාමියෙක්ද කියලා පෙනෙනවා.. මොකක් උනත් දේශකයා කතාව උච්චස්තානයට ගෙනා ආකාරය නම් අනර්ඝයි..

    ReplyDelete
    Replies
    1. වතුර බිංදුව ශාංගාරයේ සංකේතයක්. නමුත් ඊට එහා යන දෙයක් බවත් මා කතාවේ කියල තියෙනවා මොකද මහ වැස්සෙන් වතුර බින්දුවක් වහලෙන් වැටුනං අපි උඩ බලල චැක් ගානවා.. අවධානය තිබිල තියෙන්නේ ඒ ගැන හිතපු නිසා නේද... තැන්කුයි හොදේ... මේ වගේ කරුණු ඇහුවම තමා මට තව ලියන්න හිතෙන්නේ...

      Delete
  30. දේශකයා සුපිරියටම මුරුංග අත්ත අගට ගෙනිහින් අතෑරල තියනවා ඔළුව පහලට හිටින්නම..
    ඔය කතාවෙ ඉතින් අපිට නොකීව කොටස් ඇති. නොපෙනුන කොටසුත් ඇති දෙශකයාටත්. හැබැයි ඉතින් අර ගැබිණි මව දැක්ක වෙලාවෙ ඉඳන් දීල තියෙන අවදානෙ නම් බස් ඩ්‍රයිවරයගෙ ක්‍රියාවට වඩා බරපතලයි.. අර වතුර බිංදුව ගැනම හිතමුකො.. බොහොම ශෘංගාරාත්මකයි.. වයසක අම්ම කෙනෙක්ගෙන් ඔහොම වතුර ඉහුනා නම් කතා නායකයා කොහොම ක්‍රියා කරාවිද ? ඔන්න ඔහොම තමයි බස්වල හිරි හැර පටන් ගන්නෙ..

    ReplyDelete
    Replies
    1. මේ කතාවේ බීජය ගැන මම කියන්නං සරා. මම ආපු ලංගම බස් එකක ඉස්සරහින් මැදි වයසේ ගැබිණියක් නැගල ඉස්සරහ ආසනේ වාඩි උනා. ඇත්තටම බස් එක ගමනාන්තයටම හෙමින් ගියේ. මම හිටියේ පිටිපස්සෙමයි. නමුත් හදිසි තිරිංග තද කිරිමකදි ඇයට වෙන අපහසුතාවය ගැන මට ටිකක් හිතුනා. ඒ ඔස්සේ පරිකල්පනය හා සිතුවිලි මත කතාව ගොඩ නැගුනා. සුදු නිල් කොටු තියෙන ගවුම ඇදන් මේ දවස් වල ඇවිද්දේ අපේ මල්ලිගේ ප්‍රෙග්නන්ට් වයිෆ්. උදේට නාලා ඔපිස් නෝනලා බස් එකට නැගල කොන්ඩේ කරකවන කොට වතුර බිංදු මගේ මුණට අනන්ත ඉහිලා තියෙනවා. මාරාවේශ වෙචිච බස් එකක යන කොට කොයි තරං අමාරුද කියන එක විශේෂයෙන් ඉස්සරහ ආසනේ ඉන්න එක මම අත්දැකීමෙන් දන්නවා ඒ අනුවයි මේ කතාව ලියවුනේ...

      Delete
  31. eka thamayi pahugiya tike meka wahan wela hitiye. naaki wise getath use kiyanawane chik witahrak :P

    ReplyDelete
    Replies
    1. හැක් හැක්. ඇප ගන්න උදව්වක් කරපං මහත්තයෝ...

      Delete
  32. අදයි කියෙව්වෙ. කියන්ට වචන නැත!

    ReplyDelete
    Replies
    1. උඹ ගොළු උනාද.. හැක්... සන්තෝසයි සන්තෝසයි..

      ස්තුතියි රාජ්

      Delete
  33. තොට හොද වැඩේ වලත්තකම් කරනවට....මේ මොනා උනත් එල කතාව මචෝ.... හැබැයි මට මේක කියහන්, අර පිලුම් එකක වගේ මේක උන දැකපු හීනයක් ඇතුලේ තව හීනයක්ද ???

    ReplyDelete
    Replies
    1. අවංකව හොද වැඩේ... උඩ සරාට දීපු උත්තරේ බලපං තරහ නැතිව...

      Delete
  34. අරමුණ හොඳ උනත් දෙයක් කරන්න කලින් දෙපාරක් හිතන්න ඕනේ.

    මොකද මේ පුත්තලම පැත්ත සම්බන්ද වෙලා ? :o

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගනිමි... කරන්න දෙයක් නැහැ එහෙම වෙනවා සමහර තැන් වලදී.. ඇත්ත වැහෙනවා බොරුව පනිනවා.. පුත්තලම නිකං සම්බන්ධ උනේ. ඔයා ඒ කිට්ටුව නේද???

      Delete
  35. ''යෞවනයා'' බොග මෙන්න මේ ''w'' බොගද
    http://yawwnayaa.blogspot.com/

    නැත්නම් මෙන්න මේ ''v'' ''යෞවනයා'' බොගද
    http://yawvanaya.blogspot.com/

    ඔය දෙකම ලියන්නේ

    පුංචී කුමාරිහාමිද
    චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්නද
    ආචාර්‍ය සුජිත් නිශාන්ත හේවගේ

    මේ තුන්දෙනාම

    එක්කෙනෙක්ද
    දෙන්නෙක්ද
    තුන්දෙනෙක්ද

    ReplyDelete
    Replies
    1. නොදනිමි වැඩි විස්තර...

      Delete
    2. මේ පුද්ගලයාට පුංචි කුමාරිහාමි බ්ලොග් එක ගැන පුදුම අමාරුවක්නේ තියෙන්නේ. අනේ පව් ආචාරියා. මේ තුන්දෙනා තුන්දෙනෙක් කියලා එයාලව දන්න අය දන්නවා නේ.

      Delete
    3. පුංචි කුමාරිහාමි ගැන විතරයි මම දන්නේ අනිත් අයගේ ඒවා දැකලා නැත... කව්රු ලිව්වත් හොද දෙයක් නං මට ඒක කව්රු ලියනවාදැයි වැඩක් නැත.. අපහාස නොබලමි

      Delete
  36. ඕකනෙ කියන්නෙ අනුන්ගෙ දේවල් වලට අතදාන්න එපා කියල. ඇත්තටම මේවගේ වෙලාවක තියෙන්නේ තමන් තමන්ගේ ආරක්සාව තදකරගන්නවා මිස අනුන් ගැන බලන්න නෙවේ. අන්තිමට වුනේ වඳන්න ගිය දේවාලේ ඉහේ කඩා වැටීමයි

    ReplyDelete
    Replies
    1. අනිවා ඒක තමා උනේ. නමුත් සමාජයේ තමන් ගැන නොහිතා අනුන් ගැන හිතන අය සිටිනා නිසයි අපත් මේ තරං කල් ජීවත් වන්නේ.. ඒක එහෙමයි කියලයි මට හිතෙන්නේ...

      Delete