Wednesday, October 23, 2013

ඇන්ටික්!!!

අප්‍රේල් මාසේ ගස් වැල් පිරෙන්න ගෙඩි හැදෙනවයි කිව්වට මේ අවුරුද්දේ එහෙම උනේ නැහැ. බලාපොරොත්තුවෙන් හිටපු දෙයක් උපරිමයට ලං වෙන්නම ගැට ගහගත්තම සතුටක් වගේ දැනුනට, හදිස්සියේම සිමෙන්ති පොලවට උඩ ඉදල වැටුන, පැණී කොමඩු ගෙඩියක් “චප්“ ගාලා බිමට වැටිල කුඩු වෙලා යනව වගේ, බලාපොරොත්තුව නැති වීමේ දුක කියා නිම කරන්නත් බැහැ. හරියට මහ වතුරක ගිලිලා හුස්ම ගන්න අමාරුවෙන් දගලනව වගෙයි ඒ හැඟීම.

බාල සන්දියේ ඉදන්ම ගහක් කොළක් මලින්, ඵලින් බර වෙලා තියෙන විදිය බලන්න මම හුඟක් ආසයි. කෙසෙල් ගහේ ලොකු කෙහෙල් කැණක් ඇවිල්ල, හුළගට පැද්දෙන ලා කොළ පාට, තද කොළ පාට කෙසෙල් කොළ මට පේන්නේ, ආරචිචිලට අව්වට ඉහළන කුඩේ වගෙයි කියලයි. ඒ උනත් මොන හුළගටවත් අවශ්‍ය විදියට නොපැද්දී නොසෙල්වී, තමන්ගේ ලොකු කම තියාගෙන කර ගාවින් විතරක් හෙමින් පැද්දෙන කෙහෙල් කැණ දකිද්දී, අපේ සීයාව මතක් වෙනවා. අපේ සීයා වයසට ගියත් හරිම ගාම්භීරයි. එයාගේ හිනාවක් ගන්න නං කව්රු හරි අඩන්න ඕන කියල තමා වටේ පිටේ අය කියන්නේ. මොන දහිරිය දැම්මත් හරියට කැඩෙට් ට්‍රේනින් එකේදී වගේ, හිනාකාලා මැරෙන කතා ඇහුනත්, හිනා නොවී ඉන්න ඕන වගෙයි එයා ඉන්නේ. එක වතාවක් හිනාව නවත්තගන්න  බැරිව පිට්ටනිය දිගේම කොඩ්රෝල් ගහමින් පැය ගණන් වමනේ දාපු හැටි මතක් වෙනවා ඒ මතකය අතරින්.

සීයා මැරිච්ච වෙලාවේදි මුළු ගමම එකතු වෙලා ඒ වැඩ කටයුතු කරන්න මහන්සි උනා. සමහර අය මහ රෑ දෙගොඩහරියෙත් හොද එකෙන් රා ගහල, සරසන්න අඩුපාඩු වෙච්චි ගොක්කොළ කැපුවයි කියලත් ආරංචි උනා. ඒවා මහ රූස්ස ගස්. දවල්ට නැගගන්නත් අමාරු ගස් වල මේ යක්කු ඊයක වේගෙන් නැග්ගය කියල කියන කොට විශ්වාස කරන්නත් අමාරුයි. වළ කපන වැඩේ දවස් දෙකක්ම ජයට කරල තිබුනා. වැඩේ ඉවර වෙලා සුද්ද බුද්ද කරන කොට සීල් අරක්කු හිස් බෝතල් හය හතකම මුඩි තිබුනා මම දැක්කා. මළගෙදර කෑම උයන වැඩේ අහල පහල ගෑනු උදවිය තට්ටු මාරු ක්‍රමයට බාර අරගෙන තිබුනා. හාල්, තුනපහ අඩුම කුඩුම උනත් නොමිලේම ලැබුන විදියක් තිබුනා. 

සීයා ඉන්න කාලෙදි හැමෝටම උදව් කරපු විත්තිය ඇඬු කඳුලෙන් කියද්දී මටත් කඳුළු ආවා. මොකද සමහර දේවල් විශ්වාස කරන්න බැරි තරං අතිශයෝක්තියෙක් කියපුව උනත්, නවකතාවක තියෙන සංවේදි මොහොතක හැගීම දැනුනම හිත ලොප් වෙනවා. එතනින් එහාට හිත නෙමෙයි ඇහැ තමා වැඩ කරන්නේ. ඇත්තටම සීයා මොන විදියෙන් හරි උදව්වක් නොකරපු කෙනෙක් අහළ ගම් පළාතකම ඉදල නැහැ තමා. මොකද තරුණ කාලේදී අමාරුවෙන් ගොඩ නගාත්ත ව්‍යාපාර රැසක් සීයා තිබුනා. නුවර එළිය, තලවකැලේ පැත්තේ සාරට එළවළු බිස්නස් කරගෙන ඒවා පහත රටට පටවල, ප්‍රවාහණය කරල, සීයා හොද ආදායමක් අරගත්තා. ඒ වැඩ වලට ගමෙන් මිනිස්සු අරගෙන පඩි නඩි වෙලාවට බේරල, හොදට සලකල තියෙන විදියට ඒ මිනිස්සු සීයට දෙවියෙකුට වගේයි සලකන්නේ. ඔහොම ව්‍යාපාර දියුණූ වෙන කොට සීයා, අර යාපනේ තියෙන තේසවලාම සැට් කරගෙන පලෛයි වල මාළු වාඩියක් කරපු ඉඩමක් අරන් තිබුනා. ඒ වාඩියේ ඉන්න සීයා, රෑට නිදාගන්නෙත් කට පිරෙන්න සල්ලි පුරවපු ට්‍රන්ක පෙට්ටිය උඩෙයි කියල, තාමත් ජීවතුන් අතර ඉන්න සීයගේ ගෝලයෙක් මට කිව්වා.

කොහොම හරි බොහොම සරු සාරෙට මළ ගෙදර වැඩ කටයුතු සිද්ධ උනා. කියන්න අමතක උනා සීයට හොදම එළ අරටු ලී වලින් හදපු ලී බඩු තොගයක් තිබ්බා. ඒවා තනිකරම ඇන්ටික් බඩු. කනගාටුයි කියන්න මහගෙදර තිබ්බ මේ ලී බඩු වලින් සෑහෙන්න ප්‍රමාණයක් සීයගේ අවසන් කටයුතු ඉවර වෙලා මාසයක් යන්නත් කලින් දූල පුතාලගේ ගෙවල් වලට වැඩමෙව්වා. සමහර අල්මාරි ඉල්ලගෙන ඇන්ටික් කඩකාරයෝ හිටන් ආවයි කියල අපේ අම්ම කියල තියෙනවා. අපේ මාමා කාරයා නං පරණ පෙට්ටගමක් බර ගානකට සුද්දෙකුට විකුණල කුණු බැණුම් අහගත්ත මට මතකයි. එකබඩ වැල කඩන් ආපු මිනිස්සු ටික පෙට්ටගමේ සල්ලි ටික දිය වෙනකම්ම කෑමුර දීපු හැටි මතක් වෙන කොටත් හිත ඩිග් ඩිග් ගානව කන්දොස්කිරියාව මතක් වෙලා. හරියට මහා සංගීත සංදර්ශනේක බෆල් ටික ගාව ඉන්න කොට වදින බේස් ඩ්‍රම් සද්දේ පපුවට දැනෙනව වගේම ඒ හැඟීම තාම දැනෙනවා.

මොන විදියෙන් බැලුවත් සීයගේ මරණේ හරිම සාමාන්‍ය මරණයක්. එයා උදේ එළිවෙන පාන්දර නිවිසැනසිල්ලේ අවසන් හුස්ම ටික මුදා හැරල තිබුනා. අපි ඒක දන්නෙත් එතැනට ගියාමයි. මිනිහෙක් සාමාන්‍යෙයන් නිදාගන්න විදියටම සීයා තමන්ගේ පත ඇද උඩ මැරිල හිටියා. ඊට පස්සේ පුතාල, දූලා ඇවිල්ල ඔක්කෝම වැඩ කටයුතු ටික පිළිවෙලට කරා. කාමරේ අස් කරා. ඇදේ රෙදි ටික අරන් ඈතක තියල පුච්චල දැම්මා. ඩෙටෝල් දාලා බිම හේදුවා. එම්බාම් කරල පෙට්ටියට දාපු ශරිරේ සාලෙට වැඩියට පස්සේ, ඇද ගාව පහණක් පත්තු කරලා සීයගේ ඇඳ, වත්තේ ඈත කොනකට දැම්මා. 

කාලයක් ගත උනා. සමහර විට මාස දෙක තුනක් විතර. ගෙදර බඩු අඩු උනාට වත්ත අයිනේ තිබ්බ ඇඳ නං ඒ විදියටම තිබුනා. කිසිම දේකට පසු නොබාන කෙනෙක් වගේ කරකුට්ටං අව්වට පිච්චිල, මුරුගසං වරුසාවෙන් හේදිල යෝධයෙක් වගේ වත්ත අයිනෙම හිටියා. ඒත් හිටි හැටියෙම තුන්මාසේ දානෙන් පස්සේ ඒකත් කොහාට හරි වැඩල තිබුනා. අංජනමක් ඇරල වත් ඒක හොයාගන්න බැරි උනා. සීයගේ අවුරුද්දේ දානේ දුන්නෙත් නෑ මගේ හිතේ.

63 comments:

  1. මේක තමයි යථාර්තේ. බොහෝ අය අඬලා වැලපිලා දෙපලට කෙල ගන්නවා.

    ReplyDelete
    Replies
    1. නකුල මාතා කතාවෙදිත් කියන්නේ “ඔබට එන්න පුළුවන් වෙන්නේ මගේ මීනි වල ගාවට පමණයි“ කියා...

      Delete
  2. සීය නිවී සැනසිල්ලෙ අවසන් හුස්ම හෙළුවට ඊට පස්සෙ තමයි තොයිලෙ පටං අරන් තියෙන්නෙ.
    ලොකු මහත්වෙච්ච දරුවො ලොකු ලොකු තැන්වල ගිහිල්ල පදිංචි උනාට පස්සෙ අන්තිමට වෙන්නෙ ඔය දේ තමයි.

    බොට සීයගෙ පෙට්ටගම උස්සන්න බැරිඋනාටද අර අත්තම්මගෙ පෙට්ටගම ඉස්සුවෙ. :D

    ReplyDelete
    Replies
    1. මේක හුගක් වෙලාවට වෙන දෙයක්.. හැබැයි මම අරමුණු කලේ මාස තුනක්ම හෝදපු ඇද ගැනයි..

      ජෝනගේ පෙට්ටගම ඒක වැඩක් නැහැ බං හැක්

      Delete
  3. ඔන්න ඕක තමයි දේශකයෝ කාට කාටත් උරුම අවසන් කතාව. දැන් ඉන්න එවුන් නම් සීයා ලෙඩ වෙනකම් බලන් ඉන්නේ වාහනේ අරන් එන්න ඇන්ටික් පටවන්න.

    ReplyDelete
    Replies
    1. සිරාවට... විකුණාගත හැකි භාන්ඩයක් හිමි හැමෝටම හිමි ඉරණම. ඒත් අවුලක් නැහැ අඩු ගානේ රන්ඩු නොවි සමාදානෙං බෙදාගනිල්ලකෝ එහෙමත් නැහැනේ

      Delete
  4. සීයා සේම ඇන්ටික්ද අනිත්‍යය.
    අපේ පංකාදු කතාවක් තියනව මෙහෙම,
    "මුත්ත මැරෙනකල් හිටියලු ඇඳ ගන්න" මේකත් ඒවගේ තමයි.

    ReplyDelete
    Replies
    1. අනිවා මචං.. ඔය කතාව තංගල්ලේ උන් වෙන්ටැති කියන්නේ..

      Delete
  5. ජීවිතේ යථාර්තය නේද දේශකයො. අන්තිමට ඉතුරු වුනේ කරපු හොද වැඩ ටික විතරයි. නැතුව ඔය එක ඇන්ටික් බඩුවක් වත් සීයාට ගෙනියන්නත් බැරි වුනානෙ.
    දැන් ඔය බඩු මුට්ටු ටික වඩම්මන් ගිය දරුවො ටිකට අමතක වුන කාරණයත් ඕකයි.

    ReplyDelete
    Replies
    1. හැබෑටම හරි.. ඕක චක්‍රයක් වගේ දිගටම යන දෙයක් නේ.. ඇන්ටික් අවසන් වන තුරුම.

      Delete
  6. ඔහොම තමයි බං උන් ටික නං බඩු බෙදා ගත්තෙ සීයව වලදාළ ඉවරවුනාට පස්සෙනෙ,සමහර උන් මිනිය ගෙයි තියද්දීම බඩු බෙදාගන්න රණ්ඩු වෙන්නෙ

    ReplyDelete
    Replies
    1. එහෙමත් වෙනවා තමා.. මිනිය ගෙයි තියෙද්දි රන්ඩු වෙච්චි හාදයෝ මම දැකල තියෙනවා..

      Delete
  7. සීයට ගෙදර අවසන් හුස්ම ටික යන්න දීපු එකත් මැදා ඒ දරුවො.
    දැන් ඉන්න එවුන් කරන්නෙ පොඩ්ඩක් එකතැන් වෙච්ච ගමන් වැඩිහිටි ගිමන්හලක නවත්වල තියෙන සේසත බෙදාගන්න ඒකනෙ.

    ReplyDelete
    Replies
    1. ප්‍රාණභුක්තිය තියාගෙන ගේ ලිව්ව නිසා හොදයි නැත්නං සීයා හබක්..

      Delete
  8. පුදුම මිනිස්සු තමයි ,, හොල්මන් වලට බයේ වෙන්න ඇති බෙඩ් එක ගන්න නැතුව ඇත්තේ මාස තුන යනකල් ඉන්න ඇති කවුරුහරි,,

    ඔයා කැඩටුත් කරලා තියෙනවද ..?

    ReplyDelete
    Replies
    1. ඔමා මම පොයින්ට් කරපු දේ අල්ලල තියෙනවා. මට ඕන උනේ සීයගේ ඇඳ ගැන කියන්න තමා... අනිත් ඔක්කෝම උස්සන් ගියපු උන්ට ඇඳ අමතක උනේ නැහැ. ඒත් තමන්ගේ තාත්තගේ කිලි අහුවෙන්න බයයි. ඒකයි මාස තුනෙන් පස්සේ උස්සන් ගියෙ..

      කැඩෙටුත් කරල තියෙනවා තමා.. හැක්

      Delete
  9. ඇත්ත තත්වය ඕක තමයි. තන්හාවෙන් බදාගන්නේ තමුනුත් දවසක ඒ ගමන නොයයි කියලා හිතාගෙන වගේ.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.. තමන් දැන් දකින කරන දේ හරියි කියල මිනිස්සු හිතුවට කාලයක් යද්දි තමන් කරපු දේ ඒ කාලෙට නොගැලපෙන විත්තිය තේරුම් යනවා. ඒත් ප්‍රමාද වැඩියි..

      Delete
  10. මේක උඹ ගොතපු කථාවක් වෙන්න ඇති.. ඒත් රියැලිටියත් මේකම තමයි...

    හැබැයි ඒ අතින් මට තියෙන්නේ වෙනස් අත්දැකීමක් ..

    ReplyDelete
    Replies
    1. මේක රියලැටිය තමා බං... ගෙතුවත් නැතත් කතාවෙන් රියලැටිය එන එක නේද හරි.. උඹේ අත්දැකීම කියපං. ඒවා තමා බෙදාගත යුතු දේ..

      Delete
  11. ඔය හා සමාන අත්දැකීමක් මමත් ලබල තියන නිසා දන්නව ඔය දේ තමා අනිවා සිද්ද වෙන්නෙ.හබැයි ඔය ආසාවෙන් තියාගෙන ඉන්න දේවල් මරෙන්න කලින්ම ඕන ඕන අයට දීල දාල නිදසෙ උන්න නම් ඔය දේ වෙන්නෙ නැහැ.

    ReplyDelete
    Replies
    1. සීයට පාළු ගේක ඉන්න බැහැනේ. බං අනික සීයා හිතුවේ නැහැ මහගෙදර බඩු අරන් යන්න මුන් මෙච්චර පොරකාවි කියලා.. එයා හිතුවේ හැමදාම ඒවා මහගෙදරම තියෙයි කියලයි...

      Delete
  12. යකඩෝ දේශකයත් බෑන්ඩ් ගැහුවද...මට ඉස්සෙල්ලාම හරියට කෝඩ්රොල් එකක් ගහගන්න දවස් කීපයක් ගියා...අපේ පිට්ටනියෙ අපි කෝඩ්රෝල් ගහපු නැති තැනක් නැතුව ඇති...ඒ කාලෙ එච්චර දුක් වින්දා බොලං...සීයගෙ මරණය ගැන කථා කරද්දි මට මගේ කිරි අම්මව මතක් උනා...මියගිහිල්ලා අවුරුද්දකට වඩා වැඩි උනත් ...මට තවමත් නිතරම ඇයව මතක් වෙනවා...දුක තමයි ඉතිං මක්ක කොරන්නද ?

    ReplyDelete
    Replies
    1. මටත් පුරුදු වෙන්න පැයක් විතර ගියා බං. ඒක නං මරු.. වමනේ දාන්නම තමා..

      Delete
  13. මචෝ මෙතන කතාව පොඩි උනාට. අපේ මහා ළොකු සගිස්කෘතිය සබ්බත්තේ අරවා මේවා ගැන මහා කතාවක් තියෙනවා.. මේක තමයි තිත්ත ඇත්ත..

    කතාව නම්... කවදත් වගේ පට්ට...

    ReplyDelete
    Replies
    1. කවදත් වගේ උඹ මගේ පිට කහන්න එනවා කියල දන්නවා.. හැක්..

      Delete
  14. මට පැහැදිලිවම පෙනව උබට මුකුත් උස්සගන්න බැරි වෙච්ච දුක මෙකෙන් බෙරෙනව.අඩුගානෙ අර ඇදවත්.
    හය හතර

    ReplyDelete
    Replies
    1. නැහැ අපේ අම්මත් එකක් උස්සන් ගියා.. මම බලන් හිටියා..

      Delete
  15. කතාව ගැන කියනවනම් ගොඩක් හොදයි එත් උපමා භාවිතය වැඩියි කියපු වැරදි අඩු පාඩු හදාගෙන ඊලග වටයට එන්න
    හැම දාම කතාවකට අපප්බ්බ්‍රරන්ෂ වචනයක් දානවමයි මුරුගසං

    ReplyDelete
    Replies
    1. හැක් ඊළග වටේට මාව තෝරගත්තැයි.. හා හා මටත් හිතුනා කිව් කාරණාව.. ස්තුතියි..

      මුරුගසං කියන්නේ බං නාගසලං (හැක් හැක්..)
      ..

      Delete
  16. "අද" පත්තරේ අනුර ශ්‍රීනාත්ගේ චිත්‍රකතාව මතක් උනා

    ReplyDelete
    Replies
    1. මම ඒක බලන්නැති පත්තරයක්. (අපේ ඔපිසියට ගන්නෑ නේ බං..)

      Delete
  17. ලංක්කවේ විතරක් නෙමෙයි මෙහෙත් ඔය කතාව ඔහොමමයි.. හොදම උදාහරණේ මම රෙන්ට් එකට අරං ඉන්න ගෙදර.. අම්මා මැරිලා මිණිය ගෙදර තියන් දුලා 3දෙනාම ආවනේ කුලිය බෙදන එක ගැන කතා කරන්න..

    ReplyDelete
    Replies
    1. ඒක වඩාත් සාදාරණයි නේද?? ඩිරෙක්ට් ඩයලින්..

      Delete
  18. මං මේ ලඟදී දරුවන් නැති, තනිකඩ පැන්ෂන් ගිය ඇන්ටි කෙනෙකෙුට කිව්වා තමන්ගේ මරණයෙන් පසු අවුරුදු ගණනාවක් දානේ දෙන්න සල්ලි වෙන් කරලා ගිනුමක දාන්ණ කියලා. එතකොට ඩිරෙක්ට් ඩෙබිට්වලින් සල්ල් යවන්න පුළුවනි අනාථ නිවාසෙකට.

    ReplyDelete
    Replies
    1. ඒවා තමා හරි දේ.. නැතිව විදවන එක නෙමෙයි.. කකා කිව් කතාව හරි..

      Delete
  19. සීයාගේ කතාවෙන් දෙන පාඩම වගේම සීයා අඳුන්නලා දුන්නු විදිය ලස්සණයි දේශකයෝ.

    // බලාපොරොත්තුවෙන් හිටපු දෙයක් උපරිමයට ලං වෙන්නම ගැට ගහගත්තම සතුටක් වගේ දැනුනට, හදිස්සියේම සිමෙන්ති පොලවට උඩ ඉදල වැටුන, පැණී කොමඩු ගෙඩියක් “චප්“ ගාලා බිමට වැටිල කුඩු වෙලා යනව වගේ//

    ලස්සණ උපමාවක්. :)

    ReplyDelete
    Replies
    1. තැන්කුයි... මට ඒ උපමාව නිතරම මැවිල පේනවා බං මගේ බලාපොරොත්තු කඩ වෙන හැම මොහොතෙම..

      Delete
  20. මන් බලාගන්න සීයට 94 ක් දැන් එයා හැම මාසෙම පෙන්සන් එකෙන් දහයෙන් පංගුව ගානේ ගිණුමේ වෙනම ඉතුරු කරනවා එයාගේ අනාගතේ වෙනුවෙන් ,, ඒ වගේම මරණෙට වියදම් කරන්න ලංකාවේ සල්ලි වලින් ලක්ෂ 20 ක් වෙනම තැන්පත් කරලා තියෙනවා .. දරුවෝ ඔක්කොම වෙන වෙනම ගෙවල් වල ජිවත් වෙන්නේ , සිය ගෙදර සමහර බදු දුන්නත් කියනවා ,,ඕවා එපා ගෙදර තියෙනවා ,නැත්තම් කියනව මේ ගෙදර හැමදේම තාත්තගේ ,අම්මගේ ඒවා හැමදාමත් මෙහෙමම තියෙන්න ඕනේ කියලා ,, ඔවුන්ගේ ආර්ථිකය දියුණු කම,සල්ලිකාර කම නෙමේ ඒ මිනිස්සු ජිවිතේ දිහා බලන විදිය වෙනස් ,, සිය මැරුණම ගේ ගන්න බදු ගන්න කවුරුත් බලාගෙන නැහැ ,, එයා මැරුණම ගේ විකුනනවා ඊට පස්සේ හැම සතේම දරුවෝ බෙදාගන්නවා ඒකයි මෙහෙ සාමන්යෙන් වන්නේ දරුවෝ ගොඩක් ඉන්න පවුල් වල

    ReplyDelete
    Replies
    1. ඒ ක්‍රමය පාරදෘෂ්‍යයි.. කාටවත් කරදරයක් නැහැ..

      Delete
  21. මතකද "මං නැතිදා " කියලා නාට්‍යයක් ගියා. මැරුණට පස්සේ ආපහු ඇවිත් තමුන්ගේ ය හැසිරෙන හැටි බලන්න පුළුවන් නම් මල කෙනාට ....ආයේ උපදින්න්වත් හිතන්නේ නැතිවෙයි.

    ReplyDelete
    Replies
    1. බැලුවා වගේ මතකයි නිච්චි නැහැ ඉවාන්..

      Delete
  22. සීයා ඉන්නකම් සුවඳ දුම් අල්ලපු නෑ සනුහරේ උන්දැ මළාට පස්සේ කොට්ට උර ඇඳ ඇතිරි ඔක්කෝම පුච්චලා ඩෙටෝලුත් දාල ගේ හෝදන්නේ හරියට වසූරිය හැදිල සීයා මළා වගේ. ඔය දේම තමයි කවද හරි ඔයාටත් මටත් අපි හැමෝටමත් සිද්ධ වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. අනිවා තරු.. මැරිචිච මිනිහට පුදුම බයක් තියෙන්නේ ජීවත් වෙන අය...

      Delete
  23. කතාවෙ මට වැඩියෙන්ම හිතට දැනුනු තැන් ටික..

    //සීයා මොන විදියෙන් හරි උදව්වක් නොකරපු කෙනෙක් අහළ ගම් පළාතකම ඉදල නැහැ//
    //සීයා, රෑට නිදාගන්නෙත් කට පිරෙන්න සල්ලි පුරවපු ට්‍රන්ක පෙට්ටිය උඩෙයි....//
    //බොහොම සරු සාරෙට මළ ගෙදර වැඩ කටයුතු සිද්ධ උනා//

    අන්තිමේදි....
    //සීයගේ අවුරුද්දේ දානේ දුන්නෙත් නෑ මගේ හිතේ.//

    ReplyDelete
    Replies
    1. ඒ ටික හරියටම වැදිල තියෙනවා චාම්ස්ට... ස්තුතියි.. මොකද දැං ලිවිල්ල නවත්තලාද?? ලැපෙක් ගත්තේ නැද්ද

      Delete
  24. ඔය තියෙන්නෙ බං අපේ සදාචාරේ, සංස්කෘතිය අරක මේක ඔක්කොම. Reality bites.

    ReplyDelete
  25. මමනම් මළගෙවල්වල ආසම කල්ල තමයි ගුණ කථන .... හප්පා දන උඩක් මැරිච්ච එකාව මරුන කෙනාට ඇහුනොත් බය වෙනවා කවුරුගනද මේ කියන්නේ කියලා

    ReplyDelete
    Replies
    1. අපොයි මට ලැජ්ජාවේ බලං ඉන්න බැරි හින්දා කතා පවත්වන කොට ඈතට යනවා.. හාමුදුරුවොත් බොරැ නෙව කියනනේ.. මම ඔය ගැන පොඩි කතාවක් ලියල තිබුනා රාලේ..

      බේබද්දාගේ මරණය

      Delete
  26. ඔය වගේ සීන් එකක් අපේ ගෙදරට ඉසස්රහ ගෙදරත් උනා මළගෙදර එම්බාම් සුවඳ යන්නත් කලින් මරාගත්තා දේපල වලට

    ReplyDelete
    Replies
    1. බලපංකෝ හැම තැනම.. හැම තැනම

      Delete
  27. මැරෙන්න පන අදිනකොටම කට්ටිය බඩු බෙදාගෙන ඉවරයි සමහරු මැරෙනකම් බලා ඉන්නේ. හැබැයි ඉතින් ඒ අයටත් කවදහරි ඒ ඉරනමම තමයි

    ReplyDelete
    Replies
    1. ඒක තමා යථාර්තය මොරේ..

      Delete
  28. ගෙදරක කෙනෙක් මැරුනාම ටක්ගාල ඒ ඇඳ මිදුලට විසිකරන සිරිත හැමතැනම තියෙනවා. මට හිතාගන්න බෑ මෙච්චර ආදරේ කරපු කෙනෙක්ට මෙච්චර බයද කියලා. සමහර අවංගල උත්සව ලෝකෙට පේන්න විතරයි.

    ReplyDelete
    Replies
    1. දයාටත් මගේ පොයින්ට් එක වැදිලා. මටත් අවශ්‍ය උනේ ඒ ගැන කතා කරන්න..

      Delete
  29. හ්ම්ම්ම් හැම තැනම වෙන්නේ ඔය වගේම එව්වා තමා

    ReplyDelete
  30. හික්... උපමා ටික නං මරු පැණි බේරෙනවා :)

    ReplyDelete
    Replies
    1. තැන්කුයි ඇන්ඩ් වෙල්කම් මධුරංග..

      Delete
  31. ඔන්න ආවා කාලෙන්කට පස්සෙ.. අරෙහෙ කැලෑ පත්තරේකුත් ගහලා පොඩ්ඩිත් ඒකට හරියක් දාල තිබ්බනෙ..
    ජීවත්වෙලා ඉන්න කාලෙත් මිනිස්සු බලං ඉන්නෙ මැරෙන්නත් කලිං ඇඳ ගන්න තමයි..

    ReplyDelete
    Replies
    1. කැලෑ පත්තරේ ගැහුවේ එහාට.. මෙහාට නෙමෙයි අනේ..

      Delete