Friday, September 6, 2013

කෝ කොයින්..

පොඩි කාලේ ඉදලම ලංකාවේ ඉන්න හැම එකාටම හුරු කරල තියෙන්නේ චුට්ටි සුජානි කිව්ව වගේ සතෙන් සතේ රුපියලෙන් රුපියල එකතු කරල එකතු කරල කැටේක දාන්නය කියල නෙව. ඒ විදියට කාලයක් තිස්සේ හැමෝම වගේ කැට වල සල්ලි එකතු කරනවා. ආච්චි ල පෙට්ටගම් වල පුස්කාච්චි සල්ලි තියාගෙන ඉන්න කොට මුනුබුරෝ හොරෙන්ම පෙට්ටගම් අවුස්සල සල්ලි ගන්නවා. 

හැම බැංකුවක්ම එකම මෝල්ඩ් එකේ හදපු ප්ලාස්ටික් කැට පොඩි ළමයින්ගේ ඉතුරුම් ගිණූම් වලට අවුරුද්දට, දෙසැම්බර් වලට හෙම තෑගි විදියට දෙනවා නේ. ඕවා ගෙනාවට පස්සේ තමා වැඩේ තියෙන්නේ. පොඩි ඈයෝ මුළු ගෙදරම පීර පීර තියෙන කාසි ටික ඔක්කෝම එකතු කරගෙන එකායි දෙකායි කිය කිය කැට පුරවනවා. ඒ වගේ කැටයක් පිරෙන්න නං අඩුගානේ මාස ගානක් සමහර විට අවුරුද්දක් විතර යනවා. සිලි සිලි ගාලා හෙල්ලෙන්නැති බර කැටේ අරගෙන ගිහිල්ල බැංකුවට දීලා පොඩි එකාගේ පොතට දානවා. 

තව සිල්වත් උපාසක උපාසිකාවන් වෙනම කාසි මල්ලක් එකතු කරන් ඉන්නවා පෝයට පන්සල් ගියාම පිං කැටේට දාන්න, නැත්නං වෙසක් එකට, පොසොන් එකට යන වන්දනා වලදි පිං කැට පුරවන්න පාවිච්චියට ගන්න. මේවා පිං සිද්ධ වෙන වැඩ නිසා අපේ බෞද්ධයෝ පුරුද්දක් විදියට කාසියක් පිං කැටේට දාන එක කරනවයි. ගාළු පාරේ යන කෙනෙක් කළුතර බෝධියට පඬුරු දානව වගේ, ලංකාවේ අස්සක් මුල්ලක් නෑර හැම තැනම ඒ වගේ අනිවාර්යයෙන්ම කාසියක් වැටෙන පන්සල්, පල්ලි, දේවාල ඕන තරං තියෙනවා.

ලංකාවේ සිල්ලර කාසි සංසරණය අවප්‍රමාණය වෙලාලු. මෙහෙම කියන්නේ මම නෙමෙයි මහ බැංකුව. මහ බැංකු වාර්තා වලට අනුව දැනට ලංකාව තුල සංසරණය සදහා මුදා හැර ඇති කාසි ප්‍රමාණය කාසි කෝටි 430 ක් විතර වෙනවා. කොහොම උනත් කෙටි කාලයක් ඇතුලත මේ කාසි වලින් විශාල ප්‍රමාණයක් බහිරවය ගිලින ගානට පත් උනාම, මහ බැංකුවට සිද්ධ වෙනවා නැවතත් කාසි සංචිතය වැඩි කරන්න, කාසි ටංකනය කරන්න. සාමාන්‍යෙයන් අවුරුද්දකට අළුතෙන් කාසි මිලියන 100 ක් විතර මුදා හරිනව කියන කබරාලගේ මහබැංකුව කියනවා. මේක අති විශාල වියදමක් යන වැඩක්. කාසියක් හදන්න තඹ, නිකල්, මැංගනීම් යන ලෝහ වර්ග කාසි සදහා යොදා ගන්නවා. මොන විදියෙන් හරි වසරකට සැරයක් කාසි සංචිතයක් අළුතෙන් දාන්න වෙන එක නං අනිවාර්යයි. හැබෑද කියන්නේ මේ මහජනතාව කාසි ගිලිනව නෙව. 

කඩේකට ගියත් මුදලාලි කාසි වෙනුවට ටොපියක් හරි ගිනිපෙට්ටියක් හරි දීල රවට්ටනවා. බස් එකේ කොන්දොස්තොර මලයට කාසිතොර ජීවිතයක් තියෙන ගානට කාසි දෙන එක එකසිය ගානට අමතක කරනවා. කොහේට ගියත් කාසි ගන්න ගියාම හරිම අපලයි. අඩුගානේ බැංකුවෙන්වත් කාසි දෙන්නේ නැහැනේ. රුපියල් දෙකක් දෙන්න තියේනං රුපියල් අටක් තියේද අහල දහයේ කොළයක් දෙනවා. මේ දවස් වල ලංකාවේ රුපියල් දහය නෝට්ටුව සංසරණයේත් පැහැදිලි අඩුවක් තියෙනවා. ඒකට හේතුව මම හිතන්නේ කාසි කැට වලට දහය නෝට්ටුව පුරවන කාලෙත් පැමිණ ඇති හැඩයි.

දන්නවැයි වැඩක්. ලංකාවේ කාසි වලින් අති විශාල ප්‍රමාණයක් දඹදිව් තලයේ හිරවෙලා, අනගාරික ධර්මපාල තුමා බේරගත්ත බුද්ධගයාවේ කාමර වල ගෝනි පුරවල තියෙන විත්තියක් දැන් නං ස්තිරෙටම කියන්න පුළුවන්. සෑහෙන්න කාලයක් තිස්සේ දඹදිව් වන්දනාවේ යන අපේ වැඩිමල්ලෝ, අහල පහල අයගෙයි, නෑදැ අයගෙයි තව දන්න කියන හැමෝගේමයි මාරු කාසි ඔක්කෝම සුද්ද කරන් නෙව දඹදිව යන්නේ. එහෙම ගිහිල්ල නමෝ විත්තියෙන් දොහොත් මුදුන් දීල වැදල බුද්ධගයාවේ කාසි කැට පුරවනවා. ඔය විදියට වසරකට ලංකාවෙන් යට ලක්ෂ ගණනක් වූ බෞද්ධ වන්දනාකරුවන්, ලංකාවේ සිට ඉන්දියාවට අරන් යන කාසි තොගය අති විශාලයි.

හැබැයි ලංකාවේදි මේ කාසි එකවුන්ට් එකට දාලා සල්ලි කරාට, ඉන්දියාවේ එහෙම වෙන්නේ නෑ. ඉන්දීය බැංකු ලංකාවේ කාසි බාරගන්නේ නැතිව විතරක් නෙමෙයි, ඒ කාසි රටින් පිටකරන්නවත් ඉන්දීය මූල්‍ය නීති අනුව හැකියාවක් නැහැ. මේ නිසා දශක ගණනක් තිස්සේ බුද්ධගයාවේ හා බරණැස ගොඩ ගසා ඇති කාසි තොගය ලංකාවට ගෙනියන්න නං අනිවාර්ය රාජ්‍ය මාධ්‍ය මැදිහත්වීමක් වගේම විශාල නෞකාවක සේවය ලබා ගන්නත් සිදු වෙනවාමයි. අන්තිමට බැලුවම පිං පිං කිය කිය කරාට, බුද්ධගයාවේ ඉන්න හාමුදුරුවරු මේ වන්දනා ඇත්තොන්ට කුනුහරුපෙන් බනින්නැතිව විතරයි. දෙයියම්ප, කාටද පුළුවන් ඉන්දියාවේදි සත පහක වටිනාකමක් නැති ඔය තරං කාසි තොගයක් කාමර වල දාගෙන ආරක්සා කරගෙන ඉන්න. ඉතිං බනින්න තමා තියෙන්නේ මොන එහෙකට ලංකාවේ කාසි අරන් එනවද කියල කැටේට දාන්න.

ලංකාවේ සිද්ධස්ථානයක කැටයකට කාසි දැමීම හා දඹදිව පිහිටි සිද්ධස්ථානයක කැටයකට ලංකාවේ මාරු කාසි දැමීම දෙකක් කියන එක තේරුම් ගන්න බැරි අනවබෝධය නිසායි. මේ කාසි හිගය හේතුවෙන් බහුතරයක් ලංකාවේ වෙසෙන්නත් අවම ප්‍රමාණයේ අපහසුතාවයකට හෝ පත්ව සිටිනවා. ඒකට හොදම උදාහරණය තමා මහ බැංකුව අළුතින් හදුන්වා දී ඇති වැඩසටහන. කොයින් ටු කෑෂ්.. (කොහොමෙයි නම) රුපියල් 1000 ක කාසි වටිනාකමට රු. 1200 ක මුදල් ලබා දීම. ඒකෙන්ම හිතාගන්න පුළුවන් නේද කාසි හිගය කොයි තරංද කියලා.

ඒක නිසා මම හිතෙනවා කාසි කැට සෙල්ලම හා දඹදිව යන සැදැහැතියන් මළු පුරවා කාසි රැගෙන ගුවන් ගත වීම වහාම වැලැක්විය යුතු දෙයක් කියලා. ඇයි අනේ දැං ආපු බස් එකේ කොන්දත් මගේ රුපියල් තුන අමතක කරා. ඊයෙත් ඒකම කරා. ඒ මදිවට 30 දිල ගත්ත කූරට ලැබෙන්න ඕන රුපියල් දෙක දුන්නෙත් නෑ කඩේ මුදලාලි කාරයා. තරහ යනව නෙව මේව මතක් උනාම. මතක ඇතුව මාරු කාසි පොකට් එකේ දාගෙන එළියට බැහැල ගියානං අගෙයි..

92 comments:

  1. අම්මට සිලි දැම්ම ගේ අස්සේ තියන කාසි එක්කහු කරන්න ඕනි. 1000ට 1200ක් කියන්නේ මේ වෙලාවේ සෑහෙන්න වටිනවා අප්පා

    ReplyDelete
    Replies
    1. එහෙනං.. මට පනහක් දියන්.. හැක්...

      Delete
  2. අපේ පොඩි එකා පොඩි කාලේදි පන්සලේදි ඇහුවා ඇයි තාත්තේ බුදු හාමුදුරුවන්ට සල්ලි දෙන්නේ එයා හිඟන්නෙක්ද කියලා.. මම පොඩි එකාගේ කට වහගත්තා.. දැන් නම් දන්නවා.. ඒවට බැටේ දෙන්නේ කවුද කියලා..

    ReplyDelete
    Replies
    1. තාත්ත ගෙ පුතා එහෙම ඇහැව්වෙ නැත්නම් තමා පුදුමෙ.

      Delete
    2. තාත්තා ඊට එහා කට කැඩෙන කතාවක් නොකිව් එක පුදුමයකි. වෙලාවට හාමුදුරුවොවත් ළග හිටියේ නැතිව ඇති.. හහ්

      Delete
    3. @ කෙන්ජි

      මම හිතුවේ තාත්තා ඇයි සද්ද නොකර හිටියේ කියලයි

      Delete
  3. කාසි කැටේට දොස් කියන්න එපා බොල.. මාසෙ ගෙවාගන්න හිටපු ගමන් ඕක හරන වෙලාවලුත් නැතුව නෙවෙයි අපි නං... හි හි

    ReplyDelete
    Replies
    1. නැහැ පොඩි කාලයකට සිරගත උනාට කමක් නැහැ. හුගක් ගෙවල් වල කැට අවුරුද්දක් දෙකක්ම සල්ලි හිර කරන එක විතරයි කරන්නේ...

      Delete
  4. හරි! එහෙනම් මේ කාසි එකතු කිරීමේ කාලයයි!! :D

    ReplyDelete
  5. හ්ම් ... අවුරුදු කීපෙකට කලින් මම දැක්ක නිවුස් එකක් මහ බැංකු නිලධාරීන් පන්සල් දේවාලවල කාසි හොයන්න යනවය කියල. ඇත්තටම එක එක කාලෙට මහ පරිමාණෙන් කාසි උණුකරන ජාවාරම් තිබුනය කියලත් මම අහල තිබුනා. මොකද කාසියෙ වටිනාකමට වැඩිය ලෝහ වටිනාකම වැඩිලු, ඕව ඉතිං මේ අපිවගේ ජහමනයට කොරන්න පුළුවන් වැඩ නෙවි. දැන්නම් මම හිතන්නෙ කාසි තවත් බාලකරල තියෙන්නෙ. ඇයි අර ඉස්සර තිබුනලු නේද රුපියල් පහේ කාසිවලින් මාල හදන සීන් එකකුත්.

    මගේ ළඟත් තියෙනව එන්එස්බී තැපැල් කණු කැටයක්. මමත් පර්ස් එකේ එකතුවෙන කාසි ඒකට දානව. අවුරුද්දකට සැරයක් විතර ඕක එළියට අරන් කඩේකට දෙනවා. සාමාන්‍යයෙන් දාහකට වැඩිය ඒකෙ එකතුවෙනව. නැතුව ඉතිං ඔය කාසි උස්සගෙන යන එක මහ වදයක්.

    අර දඹදිව සීන් එකට නම් මොකක් හරි කරන්න වෙනව තමා. ඒක ඉතිං රජයටම තමා කරන්න වෙන්නෙ. ඔය පන්සල්වල ලංකාවෙ හාමුදුරුවරු නේද හුඟක් ඉන්නෙ, පුදුමයි එයාල මෙච්චරකල් ආණ්ඩුවෙන් ඕකට මැදිහත්වෙන්න කියල ඉල්ලීම් නොකළ එක.

    ReplyDelete
    Replies
    1. ඇත්ත මචන්.. කාසි ටංකනයට කරන වියදම් එහි සත්‍ය වටිනාකමට වඩා වැඩියි තමා. මොකද මේ යොදා ගන්නා ලෝහ වර්ගත් දැං හුගක් ගනං. පහේ කාසියෙන් මාල හදන සීන් එක මාත් දැක්කා.

      ඉන්දියාවේ ප්‍රශ්නෙට ඉල්ලීමක් කරල තිබුනත් තාමත් නියම මැදිහත් වීමක් නැහැ කියලයි ආරංචි..

      Delete
  6. උඹ ලියපු ලිපිවලින් එකක් දේශ්. ඇත්තෙන්ම මට කවදාවත් හිතුනේ නෑ අපේ සල්ලි දඹදිව ගිහින් හිරවෙන බව. ඒකත් මාර කේස් එකක්නෙ.ඉතින් මහ බැංකුවෙන් ඔය ගන මොකුත් කරනවාලුද?
    ඇත්තෙන්ම ඔය කාසියක් හදන්න කාසියේ වටිනාකමට වඩා වියදමක් යන බව පැහැදිළියි.

    ReplyDelete
    Replies
    1. //උඹ ලියපු ලිපිවලින් එකක් දේශ්//

      අනේ පල යන්න.. සිරාවට මම තමයි ලිව්වේ.. හැක්..

      තවම ඊට අදාළ පියවර අරගන්න බැරි වෙලා තියෙනවා. මට හිතෙනවා අඩු ගානේ මේ ගැන ජනතාව දැනුවත් කරල දැං ඉදලවත් කාසි යන එක නවත්තන එක හොදයි කියලා. එහෙම නැත්නං බුද්ධගයාවේ ලංකා බැංකු බ්‍රාන්ච් එකක් අරින්න ඕන

      Delete
    2. කෑල්ලක් හැලිලා බං. මම කියන්න ගියේ informative articles වලින් එකක් කියලා. දැන් මම ඒ වෙලාවේ ඒකට දාපු වචනෙ වත් මතක නෑ .

      ඉන්දියාවේ ලංකා බැංකු ශාඛාවක් නැද්ද?

      Delete
  7. හැබෑට, එතකොට ඒකයි නේද මේ කොන්දොස්තරලා අපිට රුපියල දෙන් නැත්තෙ? මං හිතුවා උං උංගෙම පන්තියෙ ඉන්න අපෙන් හොරකං කොරනොවයි කියලා.

    ReplyDelete
    Replies
    1. නැහැ නැහැ. ඩ්‍රැකි උගේ අතේ සතේ ඉතිරි වෙන්නෑ. ඇයි බං කීදෙනෙක්ට දෙන්නද. අපි හිතන්නේ අපේ රුපියල ගැන විතරයි. මිනිහා දවසකට හය හත්සීකට කාසි බෙදන්න එපායැ..

      Delete
  8. මටත් පෝස්ට් එක කියවද්දිම මතක් උනේ අර ඉන්දියාවේ කතාව තමයි. ඒ වගේමයි ඉතුරු කරන එක හොඳ වැඩක් උනාට කාසි වලින් කරන්න එපා. කරනවා නම් ඒවා එකතු කරලා ගමේ හරි කඩේකට දීල නෝට්ටු අරගෙන ඒවා බැංකුවක දාන එක. මම නම් කාසි රුපියල් සීයක් විතර එකතු උනහම මහනුවර හරි ගෙලිඔය හරි දුම්රිය ස්ථානයට දීල ඒ ටික මාරුකරගන්නවා :-)

    ReplyDelete
    Replies
    1. අන්න හොද ළමයි ඒක හැමෝටම උදව්වක්

      Delete
  9. දඹදිව කතාවනම් අද දෑන ගත්තෙ.මගෙ ලගත් තියෙනව 2000 ක විතර ගිහින් දෙන්න ඔන

    ReplyDelete
    Replies
    1. ඒක පරණ කතාවක් බං හැබැයි වැඩිය පත්තු වෙලා නැහැ.

      Delete
  10. කාසි හිගය නම් ඇත්ත කතාවක් තමා. දැන් සිගරට් එකක් ගත්තාම අනිවා දෙන්නේ හැක්ස් එකක්. කොහොමද මුදලාලිගේ ට්‍රික් එක. තිහ දුන්නත් එහෙමයි පනහ දුන්නත් එහෙමයි. හැක්ස් කාලම එපා වෙලා දැන් කඩේ එකාට මං කිව්වා ඉතුරු එපා ඒක කඩේම තිබුණාවේ කියලා.

    දඹදිව කතාවනං ඇත්ත. ඒත් ඒ සල්ලි හොර පාරෙන් මෙහෙට එනවා. ඒවට හොර ක්‍රම තියනවා අපේ හාමුදුරු ගොල්ල ලග.
    හෙට්ටි වීදියෙන් රුපියල් දීලා ඒවා ඉන්දියාවෙන් ඉන්දිය රුපියල් කරන ක්‍රමයටම තමා මේකත් වෙන්නේ. මෙය දැවැන්ත ජාවාරමක්. චෙන්නායි කඩ තියනවා ලංකා සල්ලිවලටම ගනුදෙනු කරන. මේ ගැන හැලප දන්නවා හොදටම. මට ෂුවර්.

    ReplyDelete
    Replies
    1. //දැන් සිගරට් එකක් ගත්තාම අනිවා දෙන්නේ හැක්ස් එකක්. කොහොමද මුදලාලිගේ ට්‍රික් එක. තිහ දුන්නත් එහෙමයි පනහ දුන්නත් එහෙමයි.//

      අන්න හරි නලීන් අයියා, අපි මුදලාලිලට පාඩමක් උගන්නමු. ඔය බටයක් කෙළින්ම තිහ හරි පනහ හරි කරල දාන්නෙය කියල යෝජනා කරමු. :)


      ඕක ඒ මිනිස්සුන්ගෙම වැරැද්දකුත් නෙවි නලීන් අයියා, අපේ අක්කල එහේ කඩපේළියක කඩයක් අරන් සිල්ලර කඩයක් කරා. ඉතිං මම ගෙදර නිකන් හිටපු දවස්වල මාස දෙකක් විතර එකේ ඉන්න උනා. ඒ දවස්වල ඔය කූර රු. 18 යි. කීයෙ නෝට්ටුවක් දුන්නත් ඉතුරු රු 2 දෙන්න එපෑයැ. එකපාර 5 ක් ගත්තොත් හරි. ගමේ මිනිස්සු වැඩි හරියක් කරන්නෙ එක දෙක ගෙනියන එක. දවසකට දහපාරක් විතර එක මිනිහෙක්ට කාසි එහෙම දුන්නම මුළු දවසකටම කාසි බර ගානක් ඉවරයි. වෙන බඩු ගන්න මිනිස්සුන්ට ඉතුරු දෙන්නත් කාසි නෑ. මොන බඩු ගත්තත් මිනිස්සු පුරුදුවෙල ඉන්නෙ නෝට්ටු දික්කරන්න නිසා කාසි එන්නෙ අඩුවෙන්. යන්නෙ කිලෝ ගානට. සමහර කාලවලට කාසි හොයන එක කළුනික හොයනව වගේ. ඒ දවස්වල ගෝල්ඩ් ලීෆ් 200 බන්ඩ්ල් එකක් (20 පැකට් 10) රු 3440 යි. 200 ක් විකුණ්නම රු 160 ක් ලාභයි. සිගරට් 200 ක් විකුණන එක නම් ගේමක් නෙවි. ඒත් ඒ ලාභෙට වඩා කරදරේ කාසිවලට කෙළවෙන එක.

      Delete
    2. DDT කියල තියෙන කතාව සහතික ඇත්ත. එක මනුස්සයෙක්වත් සිගරැට් එකකට පොඩි සල්ලි දෙන්නෙ නැතුව කොලවලින් දීල ඉල්ලන්නෙ. ඒ මනුස්සයට රුපියල් දෙක දුන්නැති උනාම මිනිහ හිතන්නෙ මිනිහගෙ රු 2 ගැන විතරයි. නමුත් කඩ කාරය විස්සෙ පැකට් එකකට දෙකේ කාසි විස්සක් දෙන්න ඕන. ඉතිං කඩේට කාසි හම්බවෙන්නෙ නැත්තං ඒ මනුස්සය කොහෙන් කාසි දෙන්නද?

      Delete
    3. @ නලින්
      මටත් හැක්ස් කාලා එපා වෙලා තියෙන්නේ බං.. හැක්..

      කාසි එන්නේ නැහැ නලින්. උන්ට කාසි වලට වඩා නෝට්ටු ලැබෙනවා අන්න ඒවා නං හොරෙන් එනවා. හැලප දන්නවා ඇති මොකද ඌ හොර ගෙඩියා නෙව...

      Delete
    4. @ DDT

      උඹ කියන කතාව තමා ප්‍රායෝගික යථාර්තය. අපි තේරුම් ගන්නේ වැරදියට. අර තිහ කිරීමේ ව්‍යාපරයට මාත් හවුල්.. පෙළ ගැසෙමු එහෙනං..

      Delete
    5. @ ප්‍රසා

      උඹලත් කඩ ගැන හරිම අනුකම්පායි නේද/// හැක්..

      Delete
    6. කාසි සුලභ කිරීමේ සත් ව්‍යාපාරයට මමත් ලංකාවෙදි දායක වුණා...කොහොමද කිව්වොත් හවසට ටවුමෙන් අපි පාන් ගන්න කඩේ මුදලාලි බිරිඳට පින්සෙන්ඩු වෙනවා...අනේ නෝනා හෙට එනකොට රුපියල් දාහක මාරු කාසි ගෙනැත් දෙන්න කියල...
      බිරිඳ පාරට ඇවිත් මාත් එක්ක කියනව ඕව පුරුදු කරගත්තම හරි කරදරයි මට හැමදාම මාරු කාසි ගෙනත් දෙන්න වෙයි කියල...
      එතකොට මම කියනව පව්නෙ අපි ඔය මිනිස්සුන්ගෙන් පානුත් කන එකනෙ...ඔන්න ඔය ටික ගෙනත් දෙන්න කියල...අපි එහෙමයි උදව් කලෙ...
      @ නලින්,
      චෙන්නයිවල ලංකා බැංකුවෙ මගෙ එකවුන්ට් එකක් තියෙනව තාම වහල නෑ...ඉන්දියාවෙ ඉන්න අයට ලංකා සල්ලි දාන්න තැනක් නැත්නං මම මගෙ එකවුන්ට් නම්බර් එක දෙන්නං.

      Delete
  11. ලංකාවෙ සල්ලි එහෙ කැටවලට දාන එක අද ඊයේ ඉදල නෙමේ,අපේ මෙව්වා එක වෙරළු ගැටේ සයිස් එක කාලේ ඉදල .
    අපේ ආච්චිල/සීයල එහෙ යද්දි අපි අත ගහපු කාසි තාම ගෝනි ඇතුලේ.

    ReplyDelete
    Replies
    1. ඒක තමා අවුල කෙන්ජි. දශක ගානක ඉදල කාසි එහේ තියෙන්නේ

      Delete
  12. කැටයක්ම තියේ :D

    ReplyDelete
    Replies
    1. කුඩුකරන්න.. මේ ශම්මිය ආවමද කොහේද වෙල්කම් කිව්වා. මුණූපොතේ බර බර ගානව විතරනේ...

      Delete
  13. එහෙම කියන්න එපා ඉන්දියාවේ ගෙහුං කාසි දාන්න එපා කියල. කොයි දේසේ උන්නත් දැන් දෙයියන්ට සල්ලි අමාරුයි මේ කාලේ,දඹදිව කියලා නෑ.

    ReplyDelete
    Replies
    1. නැහැ මම කියන්නේ ලංකාවේ සල්ලි ඉන්දියානු කාසි වලට මාරු කරා නං ඉවරයි..

      Delete
  14. මගේ ගාවත් තියෙනවා කාසි ගොඩාආආආඅරියක්. කාටද ඕනි....:)

    දේශක සටහන නම් ඉතාම ප්‍රයෝජනවත්.

    ReplyDelete
    Replies
    1. මට එපා ඔයා වැම්පයර් සෙල්ලං දාලා ගෙනාපු කාසි...

      තැන්කුයි පොඩ්ඩි..

      Delete
  15. කැටේට කාසි දානවා කිව්වම මට මතක් වුනේම වෙන දෙයක්.....:D

    ReplyDelete
    Replies
    1. උඹට දැං අනං මනං මතක් වෙනවා වැඩියි කොල්ලෝ...

      Delete
  16. මගේ කාසි කැටේ නම් උඩ හිලෙන් කාසි දැම්මට කොයි වෙලාවකවත් පිරෙන් නැ. මොකද යටින් පුංචි හිලක් හාරලා තියෙන්නේ මං අමාරු අවස්ථාවලදි ගන්න කියලා. මට ඉතින් කොයියම්ම වෙලාවක වුනත් ආමරු අවස්ථාවක් හන්දා අර කැටේට අද උදේ රුපියල් පහක් දැම්මත් හවස් වෙද්දි කැටේ මේසේ තියෙන තැනින් අඟලක් උඩට උස්සපු හැටියේ අර කාසිය ගන්ඩ ඇහැකි. හේහේ. අරුම පුදුම කැටයක් ඒක.

    ReplyDelete
    Replies
    1. ඕකට තමයි රී සයිකල් කියල කියන්නෙ. :D

      Delete
    2. මමත් ඊයේ එකතු වෙලා තිබුන මාරු කාසි ටික දීල රතු පාට පෙට්ටියක දාල ලේබලයක් ගහපු විදුරු බෝතලයක් අන්න ආව .///

      Delete
    3. මාසෙ මුලම හිදිලද?

      Delete
    4. මේ මාසේ බොන්න සල්ලි වියදම් කොරන්නේ නැතුව ඉන්නවා කියල හිතාගෙන මාසේ පටන්ගත්ත.... කොහේ ඉන්නද අප්පා දැන් සතියක් හිටිය ඇඟට පතට බොහොම අමාරුයි,සල්ලි අදින්න හිතෙන්නෙත් නැහැ එතකොට දැක්ක මගේ පොඩි කාසි ටින් එක.ඔය සල්ලි අනකවුන්ටඩ් නේ.මාසේ බජට් එකේ නැහැ.....

      Delete
    5. @ රතී

      කාගෙකින් දැක්කේ.. අම්මප කැටේ හිලක් කියල කව්රුවත් කියල නැද්ද බොට..

      Delete
    6. @ ප්‍රසා

      ඒකට කියන්නේ රි සයිකල් කියලද අම්මප මං හිතන් හිටියේ වෙන එකක්...

      Delete
    7. @ ගුවන් මගියා
      ලේබලේ රතු නං අවුලක් නෑ... උඹ ඒ උනාට පොරොන්දුව කඩ කරා.. බජට් එකෙන් නොගියත් සල්ලි දීල නෙව ගත්තේ...

      Delete
  17. මමත් අඩ තමයි දැනගත්තේ මේ දඹදිව ගොන්පාට් එක. අර සාම්ප්‍රදායික නඩේ ගුරාලයේ තකේ පූර ගාන්න වටිනවා ඒ ගොන් වැඩේට. කාසි මේ තරම් හිග වෙන්නට ප්‍රබල සාධකයක් වෙන්නේ ඒවා නිෂ්පාදනයට ඉතා අධික පිරිවැයක් යන නිසා නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් නිෂ්පාදනයට ලොකු වියදමක් කරන්න ඕන. ඒක ඇත්ත... ස්තුතියි අදහස් දැක්වීමට

      Delete
  18. දඹදිව යද්දී කාසි අරං යන්න නොදී ඉන්න ඕනේ...අනික පිං කැටේකට සල්ලි දැම්ම කියලා ඒවා ඉතිං පිං අතේ වැඩවලට නෙවෙයිනේ ගන්නේ ...ඔය දඹදිව තියන සල්ලි කන්දරාව නැවකින් ගේන්නවත් බෑ...ඒකට එක රුපියලක් ගෙන්න ගන්න ඊට වඩා වියදම් වෙනවා...කාසි අලුතින් නිපදවීමටත් එසේමයි.

    ReplyDelete
    Replies
    1. ඒක එහෙමම තමා රෙහානි... පොඩි සල්ලියක් ද එහේ හිර වෙලා තියෙන්නේ...

      Delete
  19. සිරාවටම මේක බොහොම වටිනා සටහනක් බං අයියේ.
    මොකෝ ඔය සල්ලි ගහන්න යන්නේ පොඩිපහේ වියදමක්ද..?
    රටේ උද්දමනය ඉහල යන්නත් මේක ලොකුම හේතුවක්..

    ReplyDelete
    Replies
    1. උද්දමනය කියල එකක් ලංකාවේ නැහැ බං..

      Delete
  20. ඔය දඹදිව යන උපාසකම්මල අතේම ඔය ටික ‍පොඩ්ඩ පොඩ්ඩ එවුවනං ඉවරයිනෙ හොරෙන්ම.

    මාගාවත් තියෙනව HNB එකෙන් හම්බවෙච්ච අලි කැට තුනක්ද හතරක්ද කොහෙද. ගිය අවුරුද්දෙ ඉඳන් බැංකුව ඒ වැඩේ නවත්තල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒකත් එක ක්‍රමයක්... හොදට සංවිධානාත්මකව කරන්න තියෙන්නේ.. ඒකටත් ඉතිං උවමනාවක් තියෙන්න එපායැ. බැන බැන ඉන්නවට වඩා

      Delete
  21. කාසි ගැන කතාව නම් ඇත්තයි. ඒ වුනත් කාසි එකතු කරන එක වියදම අඩු කරගන්නත් පුළුවන් වෙනවා.සල්ලි කොලයක් මාරු කලාම ලැබෙන කාසි ටික මම ටින් එකක දාල තියාගන ඉන්නේ ඕක ඕන වෙනවා මාසේ අන්තිම වෙනකොට.එහෙම නැත්නම් ඔය හදිසි අනවශ්‍ය වියදම් එනකොට ඕකෙන් තමා ගන්නේ.කාසි එකතු කරන එක පුත්ගලික ආර්ථිකයට නම් ටිකක් විතර හොඳා මම හිතන්නේ ...

    ReplyDelete
    Replies
    1. ඔව් බං මම කිව්වේ දිගු කාලයක් කාසි රදවා ගැනීම ගැනයි. ඒක සතියක් දෙකක් එක තැනක හිර උනාට ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. හුගක් කාසි සමහර විට ආයේ එළියට එන්නෙ අවුරුදු ගානකින්.. ඒකයි අවුල..

      Delete
  22. අපේ සම හරක් මිනිස්සු වෙලාවකට වැඩකරන්නේ කසියා ගහල වගේ අප්පා

    ReplyDelete
    Replies
    1. මොනව උනත් දේශකයට කසියා කාරය කියන එක වැරදියිනෙ කෝරළේ. :D

      Delete
    2. අම්මෝ කෝරලේ මහත්තයා පයිත්තියං වෙලා තියේන්නේ.. මොකෑ උනේ පට්ටම ගහල ගියාවත්ද,,,

      Delete
    3. @ ප්‍රසා

      ඒ පාර තව නමක්

      “දේශකයා කසියාකාරයා“ හැක්

      Delete
  23. අද තමයි ආවේ මේ පැත්තට. "කොයින් ටු කෑෂ්" නම නම් අපූරුවට පරිවර්ධනය වෙලා! :D ලංකාවෙ හැම තැනම සිල්ලර කාසි හිගයට හේතුව ලස්සනට විවර කරලා තියනවා දේශකයො.

    ReplyDelete
    Replies
    1. වෙලක්ම් රිස්... තැන්කුයි ඇවිල්ල කොටල ගියාට...

      Delete
  24. යන්න ඔන්න මෙන්න කියල රිප්ලයී ටික සට සට ගාල කොටනවා නේ ,,, හෙහ් හෙහ් හේ

    ReplyDelete
    Replies
    1. අපි එහෙමයි වැඩ කරන්නේ පුංචි උදැල්ලෙන්

      Delete
    2. මාත් ඒකනේ බැලුවෙ, මේ වචනෙන් දෙකෙන් උත්තර දීල මේ යෝධයා කොහේ දුවන්ද කියල.

      Delete
    3. මේ යෝධයා වෙන පෝස්ට්කටුවක් දාන්න ඉන්න හින්දා පට පට ගාලා උත්තර දුන්නා.. හැක්..

      Delete
  25. චුට්ටි සුජානි :- සතෙන් සතේ රුපියලෙන් රුපියල එකතු කරල එකතු කරල ඉතිරි කිරිමෙ බැන්කු ගිනුමට දානවා.. ( ඔය පරන වර්ශන් එක )

    මේන්න අලුත් වර්ශන් එක :-

    චුට්ටි සුජානි :- සතෙන් සතේ රුපියලෙන් රුපියල එකතු කරල එකතු කරල බැන්කුවේ මාම්ලාට හොදට හොරකම් කරන්නයි , හොරෙන් කොටස් ගන්නයි කියල ගෙනිහින් දෙනව.

    ReplyDelete
    Replies
    1. එලම කතාව ... මට අහන්න ලැබුන දැන් මෙහෙම ගිහාම බැංකු පොත් වල යම් ලිමිට් එකකට වඩා තියන අයගෙන් යම් ප්‍රතිශතයක් රජයේ බොන්ඩ් වලට කපාගෙන බොන්ඩ් ඉශු කරන්න වෙන කතාවක්.. අතතද දන්නේ නැහැ ....ඔය මුල්‍ය පැත්තේ ඉන්න උන්ට නම් අවබෝධයක් ඇති ඔය ගැන .....

      Delete
    2. @ වෙබා

      ඒ අස්සේ කබරාල අංකල් කාරයත් වැඩේට හවුල් වෙනවා. නියම කතාව බං..

      Delete
    3. @ ගමන්

      බොන්ඩ් වලට සල්ලි දාන වැඩේ නං බං කොහොමත් කරනවා මැනේජර් කස්ටරමර් එක්ක කතා කරන ඩීල් එකක් විදියට...

      Delete
    4. අපි කැමති උනත් නැතත් දන්නා ඕනද නැත නම් කැමති උනොත් විතරද බන් එහෙම කරන්නේ.මට කිව එකා කිවේ අනිවාරියෙන් කපන කතාවක් ...

      Delete
    5. ඒකනං මම හරියටම දන්නෑ බං. මොකද මට අසීමිත බැංකු එකවුන්ට් එකක් නැති නිසා.. හැක්...

      Delete
    6. නෙද්දකින් මදෑ නොදන්නා දෙයක් ඇහුව..යකෝ බැංකු එකවුන්ට් එකක් තියෙන්නම ඕනද බන් දැන ගන්න.මම ඇහුවෙත් තොරතුරු දන ගන්න නැතුව බැංකු අකවින්ට් එකක් තියනවට නෙමේ..මෙච්චර එව්වා දන්නා එකේ තෝ දැන ගන්න එපයි ....

      Delete
    7. දැං ඕක නවත්තල මෙන්න මේක බලල හිටහං බං..

      http://deshakaya.blogspot.com/2013/09/blog-post_7.html

      Delete
    8. @ ගමන්

      ඔය කියන විදිහෙ වැඩක් ග්‍රීසියෙ උනා. ඒ ගැන විකිපිඩියා වල තිබුනා මතකයි.

      Delete
  26. මගේ කැඩේ උඩින් චුට්ටි හිලකුයි, යටින් හෙන පත හිලකුයි තියෙනවා :)

    10 කොළ සහ මහ රජා ඉන්න 1000 කොළ ගාහන එක මේ අවුරුද්දෙ මුළ ඉඳන් නැවැත්තුවනෙ බං. දැන් එන්නෙ 10 කාසි විතරයි

    ReplyDelete
    Replies
    1. ඒකට කැටයක් කියලද කියන්නේ බං...

      Delete
  27. මටත් කාසි ප්‍රශ්ණයක් පැන නගිනවා හැම දාම. මගේ ඔෆිස් ගමන බස් දෙකකින් වෙනවා. පලවෙනි පසෙක්ෂන් එකට 32 යි. 35 හරි 40 හරි දුන්නොත් කොන්දා ඉතුරු දෙන්නෙ 2 ක් හරි 7 ක් හරි. සමහර වුන් 30 ක් ගන්නවා. මමත් සද්ද නැතිව ඉන්නවා. බැලන්ස් එක බැලුවම මාසෙ අන්තිමට කොන්දයි මායි අතරෙ තියෙන්නෙ රුපියල් 2-3 ක වෙනසක්නෙ.
    දෙවෙනි සෙක්සන් එකට 9 යි. 10 දුන්නම ඉතිරි නෑ. සීටීබීත් එකයි ප්‍රයිවටුත් එකයි. ඉතින් හැමදාම යන එකේ මාසෙට දවසක් දෙකක් සල්ලි දෙන්න අමතක වෙලා වගේ ගියාම ඒකත් ෂේප්.
    කොහොමද මාරු කාසි හිඟයට මමයි කොන්දයි දුන්න විසඳුම.
    අහුවුනොත් පටිරෝල් තමා.

    ReplyDelete
    Replies
    1. එහෙම විසදුම් නං අපිත් දෙනවා හිටි ගමන්. අනේ මන්ද බං මම යන බස් වල කොන්දල මාව අදුරනවද මන්දා. උදේට සල්ලි ගන්නෙත් නෑ හවසට ගන්නෙත් නෑ..

      Delete
  28. ඇත්ත ටමයි.. පත්තරේ තිබුනා කාසියක් හදන්න යන වියදම ඒ කාසියෙ වටිනාකමට සාපේක්ශව හුඟක් වැඩියි කියලා .. ඒ කියන්නෙ රුපියල් 2කේ කාසියක් හදන්න රුපියල් 2කකට වඩා යනවා

    ReplyDelete
    Replies
    1. අනිවා සමියෝ. කාසි අවශ්‍යතාවයක් නිසයි එහෙම වෙන්නේ

      Delete
  29. බය වෙන්න එපා ..මේ යන විදිහට තව අවුරුදු කීපයකින් සත රුපියල් වැඩකට නැතුව යනවා. එතකොට ඉතුරු සල්ලි එන්නෙ සීයෙ කොල වලින් හරියටම ඉන්දුනීසියාවෙ වගේ..

    ReplyDelete
    Replies
    1. ඉන්දුනිසියාවේ දැං කාසි නැද්ද සරෝ.. ඒවා අයින් කරාද?? ඒක හොද ලිපියකට අමුද්‍රව්‍යයක් නේ...

      Delete
  30. This comment has been removed by the author.

    ReplyDelete
  31. මුට්ටි වල කැටවල දාගෙන ඉන්න ප්‍රමාණය නිසයි හිඟය ඇතිවෙන්නෙ. කාසි නෝට්ටු නැති ලෝකයක් තමයි මගේ හීනය.

    ReplyDelete
    Replies
    1. ඔය සරා කියන විදියට දැනට ඉන්දුනිසියාවට පලයං. එහේ කාසි නෑ ළගදීම නෝට්ටු නැති වේවි.. හැක්

      Delete
  32. මචං ඔය පිං කැට කියනකොට කටට කෙල එනවා. මට ඕවා ගනන් කරන්න ලැබිලා තියෙනවා ඒ කාලේ.කොහොම හරි විදිනවා කීයකට හරි.බහිරවයෙක් වෙලා ඉපදෙයිද මන්දා බන්.

    ReplyDelete
    Replies
    1. එහෙනං බං ලංකාවේ බහිරව ගහනය වැඩි වෙන්න එපායැ.. මාත් එක පාරක් ලොකු තැනක කැට ගනින එකක් බලන්න ගියා ප්‍රාලේ කාරයෙක් එක්ක.. ඒක මාර ගේමක්.. සමහර වෙලාවට පාරේ යන අයත් අඩගහල ගන්නවා ගනං කරන්න කාසි..

      Delete