Wednesday, September 18, 2013

Mg3Si3O10(OH)2

කාලෙකට පස්සේ.. හැක් හැක්.. අම්මා ගායි බැට් එකෙන් නලියට ඇහුනනං හෙම. මිනිහා මට දෝස්මුරයක් දාලා නෙව දේශන වැඩිය කියලා. හැබෑට මෙහෙමත් පත්තරකාරයෝ. දවස ගානේ පත්තර පිටු පුරවන හාදයෝ මගෙන් අහනවා ලියනව වැඩියි නේද කියලා. දෙන්න හිතෙනවා බැට් එකෙන්..

නැහැ නලියා කිව්ව එක ඇත්ත. පිච්ච මල් සීන් එකෙන් පස්සේ මම ටිකක් ඉක්මනට පෝස්ට්කටු දාන්න ගත්ත කියල මටත් හිතුනා. පිච්ච මල පන්නපු වෙලාවේ හොදකමද මන්ද කොහේ ගියත් පිච්ච මල් දේශකයා කියල ආදරයෙන් අමතන්න කස්ටිය සැදී පැහැදී හිටියා මේ ටිකේ. ඉතිං බොලාගේ ඔය ආදර වදන් වලින් මම හාට් එකෙන්ම කුල්මත් වෙලා හිටියේ සන්තෝසෙට. අඩුගානෙ ගැරඬියා කියල තිබ්බ මගේ එකම නික් නේම් එකට තව එක නමක් හරි එකතු උනා නේද කියල හිතලා..

පහුගිය දවසක ඉස්කෝලෙට යන්න උනා පොඩි එකා ගන්න. හැමදාම ඉස්කෝලේ අරින්නේ 11.45 ට. මේ කියන දවසෙත් 11.45 වෙන කොට ඉස්කෝලේට ගියා. එහෙම තමා අපි හරි වෙලාවට වැඩ කරනවා. ඒත් අනේ මගේ මොලේ කියන්නේ ඉස්කෝලේ ගාවට ගියාම තමා මතක් උනේ එදා ඉස්කෝලේ තියෙන අමතර පන්ති සින්කෝන් එකක් හින්දා ඉස්කෝලේ ඉවර වෙන්නේ 1.30 ටෙයි කියලා. දැං මොකද කරන්නේ පැය එකහමාර කකුල් දෙකටම බර පටවනවද.. සිකේයියා එහෙම එක විදියකට ඉන්න පුළුවන් පුත්තරයෙක් නෙමෙයි නේ මං. ඕන එකක් වෙන්න කියලා ගියා රංහොටිගේ දුං කඩේට.

පත්තර මාල්ලකුත් පෙරලගෙන අහල පහල දුං වළලු බල බල හිටියම මටත් නිකම්ම දුං යවන්න හිතුනා. ඇයි අප්පා පැය එකහමාරයක් විරිත්තං ඉන්නයැ. රංහොටිගේ කඩේ වැඩ කරනවා එයාට නෑ වෙන අක්ක කෙනෙක්. කළුවට කළුවේ කෙට්ටුවට කෙට්ටුවේ හරියට පරඬැලක් වගේ. ඒ උනාට කොණ්ඩේ එහෙම ඩයන කට් කපල සෙරෙප්පු දෙකක් හෙම දාලා ඉන්න මේ අක්ක තමා කඩේට එන හැමෝගෙම බයිට් එක. අපරාදේ කියන්නේ මම නෑනේ ඔය අහිංසක මිනිස්සුන්ට නොපනත්කම් කරන්න යන්නේ. ඒකෙන් අක්කා මට හරි ආදරෙයි. වචනයක් වත් කියන්නෑ.

එක දවසක් මරු සීන් එකක් උනා. මාත් ඔය පැත්තේ ගෑටුවොත් අනිවා ඒ කඩෙන් ප්ලේන්ටි බාගයක් බොන එක පුරුද්දක්. මේ කඩේ ඉස්සෙල්ලම කෑම සෝකේස් එකක් තියෙනවා, ඊට පස්සේ දිගට තියෙන කෑල්ලේ යකඩ මේස පහක් හෝ හයක්, එක මේසෙට යකඩ පුටු හතරක් වෙන්න තියෙනවා. දිග අතට තිබුනට කඩේ පලල අඩුයි ඔය මේස සීමාව ඉවර උනාට පස්සේ තියෙන බිත්තියත් එක්ක ඒ කොටස බෙදෙනවා. බිත්තියෙන් එපිට කෑල්ල තමා තේ හදන්න, පිගන් රාක්කය, කුස්සි කෑල්ල එහෙම තියෙන්නෙත්. කොනටම වෙන්න කක්කුස්සි කෑල්ලත් තියෙනවා වගේම, බිත්තියට හේත්තු වෙන්න ලී පුටු තුන හතරක් තියල තියෙන අවකාශයේ බිම, බාගෙට කැඩිච්චි අළු වලින්ම කළු ගැහිච්චි නිල් පාට බේසම් දෙකක් තියල තියෙන්නේ, මොකටද කියල කියන්න ඕන නැහැ නෙව. ටවුමට එන බහුතරයගේ දුං කාමරේ මේක තමා.

ආ.. කියන්න ආපු එක අමතක උනා. ඉතිං ප්ලේන්ටියක් බොන්න දුං කාමරේ ඇතුලට ගියාට අක්කා පේන්න නැහැ. ටික වෙලාවක් වාඩි වෙලා ඉන්න කොට ඔන්න එනවා ටොයිලට් එකේ දොරත් ඇරගෙන, එක අතර රතු පාට පොඩි ප්ලාස්ටික් ජොග්ගුවක් තිබ්බා. දොර වහල එන ගමන් මගේන් ඇහුවා මොනවද ඕන කියලා. මම කිව්වා ඉතිං මට ප්ලේන්ටි බාගයක් දෙන්න කියලා. ඊට පස්සේ මේ මනුස්සයා සින්ක් එක ගාවට ගිහිල්ල විම් ටිකකින් අතහෝදගෙන ඉවර වෙලා ගියා බොයිලේරුව ගාවට. 

“හා.. තේ ඉවර වෙලා නෙව. ඔයැයි ඩිංගක් ඉන්න මම තේ හදන්න ඕන.“

එමෙ කියල ආයේ ගියා සින්ක් එක ගාවට. ගිහිල්ල අර රතු පාට ජොග්ගුව අතට අරගෙන බොයිලේරුව ගාවට ඇවිල්ල, ඒකේ කරාමේ ඇරල උණු වතුර ටික හෝස් ගාලා දැම්ම ඒකට. ඊට පස්සේ තේ කොල ගොට්ට අරගෙන සීනිත් දාලා තිබ්බ ඇලුමීනියම් භාජනේට තේ ගොටුව හරහා අර රතු ජොග්ගුවෙන් වතුර හැලුවා. තේ හදල ඉවරයි. ඒ වෙනකං ඇස් උඩ තියං බලං හිටිය මට දැං ඔක්කාරෙට එන්නත් වගේ. මොකද මම ඔය ටොයිලට් එකට ගිහිල්ල තියෙනවා නෙව. 

“ආ තේ එක...“

“අපෝ දැං තේ එපා... මට පරක්කු උනා මම යනවා“ කියාගෙන මම නැගිටල ආවා. එදායින් මෙදායින් තේ නං නොබොයි මෙමා කිසිවිටෙකත් රංහොටිගේ දුං කඩයෙන්.

කඩේ අක්කා ටිකක් මැන්ටල් කේස් එකක්. සමහර කොල්ලෝ ඇවිත් මෙයාව අවුස්සල තිබ්බම උන්ට අම්මමෝ නැති වෙන්න කුනුහරුප කියනවා. මම නං ආයේ එන්නෑ ඒ කියන ඒවයේ හැටියට. මේ කොල්ලන්නට නං කිසිම ලැජ්ජාවක් නෑ ඒත් අර මනුස්සයව අවුස්සනවා.

සමහර උං මෙයාට පේන්නම ෆිල්ටරේ බිම දානවා බේසමට නොදා. ඔන්න ඒක දැක්ක විතරයි අක්කට යකා ආරූඪ වෙනවා. කියන්න තියෙන හැම එකම කියනවා ඒ වෙලාවට. 

“ඕකුන්ගේ අත් දෙකට හොඳක් නං සිද්ද වෙන්න එපා. මම එපැයි මේවා අස් කරන්න ඉතිං. මුන්ට හෙන ගහන්න ඕන. අත් කැඩිලද මුංගේ අච්චර බේසම දැක දැක බිම දාන්නේ. මේ කඩේ එකා තමා මෝඩයා (රංහොටි) අනිත් කඩ වල උන්ට මොලේ තියෙනවා ඒකනේ ඒවයි සිගරට් උරන්න නොදෙන්නේ. මේ මෝඩයා ඕන දේකට ඔළුව නමල ඉන්න නිසා මුං එනවා කරේ නගින්න. අම්මපා මම නං ගහනවා මුන්ට අත පය දෙකට කැඩෙන්න“

ඔය කොහොම කිව්වත් සමහර වෙලාවට බොහොම හොදට කතා කරනවා.

මම මේ කඩේ හිටියයි කිව්ව දවසේ මම ඉන්න තැනට ඇවිල්ල මේ අක්කා මගේන් අහනවා.

“ඔයැයි දන්නවයි හොදම සුවද තියෙන පව්ඩර් එක මොකක්ද කියලා“

“පවුඩර්.. අර ගෝයා එකනං හොදයි. ඒකේ ජැස්මින් එක, රෝස් එක තව ඒවා තියෙනවා මට මතක නෑ“

“ගෝයා එක නේද හොදම එක.. මම මේ නිකං අහන්නේ.. කඩේ ඇති නේද ගන්න“

“ඔව් ඔව් තව කොහොඹ, ඇයි ජොන්සන් එකත් හොදයි“

“ජොන්සන් කිව්ව බබාලට ගාන එක නේද“

“ඔව් ඔව් ඒක සුවදයි“

“හෑ.. හෑ.. ඔයැයි හිතුවයි මම බබෙක් කියලා.. ගෝයා එකක් කීයක් විතර වෙනවද“

“මම දන්නෑ. අතන කඩේට ගියානං හරි. ඒකේ ඇති“

“ඔය පවුඩර් හදන්නේ පාං පිටි වලින්ද?“

“ඈ.. පාං පිටි. නැහැ වෙන මොහොකින් හරි“

“මං හිතුවේ පාං පිටි කියල. එහෙනං මොනවැයින්ද හදන්නේ පවුඩර්“

“ඔව් මං හිතන්නේ පාං පිටි වලින් වෙන්න ඇති“

මදැයි කොළා. හප්පච්චියේ මම දැනං හිටියේ නැහැ නෙව පවුඩර් මොනවයින් හදනවද කියලා. වෙලාවට අක්කව සැට් උනේ නැත්නං නාන්න වෙන්නේ නොදන්න මගුල් කියන්න ගිහිල්ල. හැබෑට පවුඩර් හදන්න් මොනවයින්ද කියල මට මොලෝ රහක් තිබ්බේ නැහැ නෙව. එදා ඒ පැය එකහමාරම කල්පනා කරලත් මේකට උත්තරයක් ඔළුවට වැදුනේ නැහැ. අන්තිමට තමයි මම තීරණය කරේ පව්ඩර් හදන්නේ කොහොමද කියල ගුගල් දෙයියට පඩුරක් ගැට ගහල අයදින්න. ඒකෙන් නෙව වැඩේ දැනගත්තේ. ඔව් නේන්නං දන්නවා වගේ හිටියට දන්නෙත් නැහැ. බලං ගියාම නොදන්නෙත් නැහැ. ඒත් වැඩේ කියන්නේ මතක නැහැ නෙව.

දැන්නං ඕං පවුඩර් හදන්නේ කොහොමද කියල මතක් කරගත්තා.

ඔයැයි දන්නැත්නං ඔය පහල තියෙන ඒවට කොටල ඒ ගැන බලාකියාගන්න. යු ටියුබ් එකෙත් වීඩියෝ දෙක තුනක් තිබ්බ පවුඩර් හදන විදිය ගැන..



64 comments:

  1. මේ ලඟදී මට හමු වූ පරන වි වි මිතුරියක් කීවා එයාට පොතක් ලියන්න ඕනෑ කියල. මං ඇසුවා මොනව ගැනද කියල. ඇය කීවා උපෙ රසායන විද්‍යා අත්පොතක් කියලා.
    මං කීවා ඇයි අපි එදිනෙදා ජීවිතයේදී හමුවන රසායන ද්‍රව්‍ය ආදිය ඒවායේ ගුණාගුණ ආදිය ගැන නොලියන්නේ කියල. අපි තේ කියල බොන්නෙ ජරාව. කොහොම්ද හොඳ තේ කොල නරක ඒවයෙන් හඳුන ගන්නෙ,අපි භාවිතා කරන ද්‍රව්‍ය සමහර විට පරිසරයට කොතරම් හානි දායකද? ආදී වශ්යෙන් එදිනෙදා ජීවිතයට බලපාන රසායනික ප්‍රශ්න සාකච්ඡා නොකරන්නේ ඇයි කියල.

    ඔබ මතු කල කාරනාව හොඳ එකක්.

    මාත් පස්ස පැත්ත සෝදන සංස්කෘතිය ගැන ලිපියක් කලින් ලියලා තිබෙනව.

    ReplyDelete
    Replies
    1. //අපි තේ කියල බොන්නෙ ජරාව//

      ඔව් දයාල්. එක එකා ජ"රා"ව බීල තේ දලුවල පුක පිහදැම්මම ඕක වෙනව.

      Delete
    2. @ දයල්

      ඔයාගේ පස්ස හෝදපු එක මං කියවල නැහැ වගේ. ඒක කියවන්නං.

      ඇත්තටම සාමාන්‍ය ජීවිතයේ තියෙන හුගක් දේවල් ගැන අප තුල ඇති දැනුම හරිම අසම්පුර්ණයි. පව්ඩර් කේස් එකත් ඒ වගේ.. මේක හැදෙන්නේ කොහොමද කියල හුග දෙනෙක් දන්නෑ කියන එක මාත් විශ්වාස කරනවා. මොකද රසායන විද්‍යාව ඔළුවටත් උඩින් ගහල හිටිය එකෙක් නිසා මාත්..

      ස්තුතියි ආරම්භයක් විදියට මෙය වැදගත් වෙයි කියා හිතමු

      Delete
    3. @ රාජ්

      මේකට නං බොට දෙකක් දෙන්න තමා හිතෙන්නේ.. ඒවයේ කොහේද බං අහිතකර රසායන.. හික් හික්..

      Delete
    4. හුරේ දේශකයගේ රා බඩ කතාවෙන් රාජ් මූට වැටෙන්නම දීලානේ..

      Delete
    5. ඒකනේ බං කියන්නේ. රාජ් කියන්නේ අපේ වෛරක්කාරයන්ගේ ලැයිස්තුවට දාන්න ඕන එකෙක්.. බලපං මේවා මතක තියාගෙන අපිටම කෙලින හැටි. හැක්

      Delete
    6. උඩින්ම ඉල්ලන් කාලා

      Delete
    7. @ මනෝජ්, අරූ

      උඹලටත් ඉතිං මාව කන්නම තමා ඕන...

      Delete
  2. හැක්, උඹ හිතුවද අක්ක යාලුකරගත්තම බොට විතරක් ලැට් බාල්දියෙන් නැතුව තේ හදල දෙයි කියල.

    මුට පිච්ච මල් සුවඳ කොච්චර අල්ලල ගිහිල්ලද කියනවනං දකින දකින හැක ගෑණුළමයටම පිච්චමල් සුවඳ තියෙන ඒව දෙන්න යන්නෙ.

    ReplyDelete
    Replies
    1. මචං මට පේන්නේ මූ දැන් මේ එන්ටර් වෙන්න යන්නේ පිච්ච මල් සෙන්ට් එකට ....

      Delete
    2. @ ප්‍රසා

      ඒක නේන්නං කියන්නේ.. කොච්චර යාළු උනත් ඒකෙන් තමා තේ හදන්නේ.. අපේ මිනිස්සුන්ට තමන් පුරුද්දක් විදියට කරන දේ අනිත් එකාට හෙන ගහන දෙයක් උනත් කමක් නැහැ නෙව..

      පිච්ච පිච්ච.. මට දැං පිච්චු වගේ... හැක්..

      Delete
    3. @ ගුවනා

      හැබෑට මට හිතුනොත් අක්කට ගිහින් දෙනවා ජැස්මින් පුයර ටින් එකක්..

      Delete
  3. අද බිව්වේ නැතුවට තෝ හැමදාම බීලා තියෙන්නෙ අක්ක රතු කෝප්පෙන් හදල දෙන ප්ලේන්ටි බාගෙනේ බොල

    ReplyDelete
    Replies
    1. මූට වෙනදට රතු කෝප්පෙ පේන්නෙ නෑ හැලපෙ අක්කගෙ රතු හැට්ටෙ මිසක්.

      Delete
    2. @ හැලපයියා

      ඒක නේ කියන්නේ.. ඇඩෙනවා මතක් උනාම.. කවදාවත් අතුරු අන්තරාවක් නොවී ඔය වගේ නොදන්න වහ කොයි තරං පානය කරනවද බං අපි.. නැද්ද මං අහන්නේ

      Delete
    3. @ ප්‍රසා

      ඒ අක්කට හැට්ටයක් කියල එකක් නෑ බං හැමදාම චීත්ර දෙද්දෙන් මහපු ගව්මක් ඇදං ඉන්නේ..

      Delete
  4. අනේ බං ඕක මොකද්ද. ඔන්න බීලදාපං. කඩවල් වල හැටි ඔහොම තමයි.
    පවුඩර් වල තියෙන්නෙ මැටි අංශු කියලයි මම නං ඉගනගෙන තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. මේකනේ බං.. දැක්කට පස්සේ ඒක ඔළුවට වදිනවා. ඊට පස්සේ බොන්න බෑ. නොදකින තාක් අවුලක් නෑ. ඒක නේ අපේ හැටිය. හුගක් කඩ වල සිද්ධිය ඔය වගේ තමා. අපිට පේන්නේ කිරිටොයියට හොදපු කෝප්පේ විතරයි. තේ ගොටුව මාස ගානකටවත් හොදන්නේ නැහැ.

      උඹ හරි රාජ්. මේ පවුඩර් හදන්න මැග්නිසීමයම් සල්පේට් ඒක කියන්නේ ඩොලමයිට් වගේ ඛණිජ වලින් නිස්සාරණය කරල ටැල්ක් එකෙන්.. කොස්මෙටික් කියන්නේ නිෂ්පාදනයේ සුළු අංගයක්. වැඩිපුරම යොදාගන්නේ කොළ (පේපර්ස්) හදන්න කියලයි මම කියෙව්වේ

      Delete
  5. අනේ අප්පේ අපේ දේශක තුමා වෙන දේවල්....අක්ක ලගින් පිච්චමල් සුවඳ ආවේ නැතෙයි.

    ReplyDelete
    Replies
    1. අක්කගේ පිච්ච මල පරවෙලා හුගක් කල් මං හිතන්නේ..

      අපිට වෙන්නේ ඔය වගේ දේවල් තමා ඉතිං.. දුප්පත් කමට..

      Delete
  6. අක්කා ආදරේ වැඩි කමට බං උඹට ලැට් බාල්දියේම තේ එකක් හදලා දෙන්න ගිහින් තියෙන්නේ, උඹ ඔය කියන ඉස්කෝලේ මොකක්ද බං විදුර කොලේජ් එකද ?

    ReplyDelete
    Replies
    1. හැමදාම එහෙම නේ බං හදල තියෙනනේ. එදා තමා දැක්කේ.. විදුර කොලේජ්. ඒ මොන එකක්ද බං...

      Delete
  7. ඉස්කෝලේන් පොඩි එකා ගත්තද ? තවමත් ඉස්කොලෙද දන්නෑ. අක්කලගේ සුවඳ බලන්න ගියාම ඔය වගේ අමතක වීම් වෙනවා එකයි ඇහුවෙ.

    ReplyDelete
    Replies
    1. ගත්ත ගත්තා වෙලාවට... තාම පව්ඩර එක ගාලා නැතිලු...

      Delete
  8. රතු ජොග්ගු දෙකක් තිබුණද කව්ද දන්නේ...අනෙක විම් දාලා හේදුවා කීවා නේද? :D:D

    ReplyDelete
    Replies
    1. විම් දාලා හේදුවයි කිව්වේ අත නෙව පොඩ්ඩියේ...

      Delete
  9. හත් ඉලව්වේ උන්දැ වැසිකිලියට පාවිච්චි කරන්නෙත් අර ජෝගුවමද ? තේ එක බිව්වනම් දේශකයට බුදු සරණයි. අපෝ ලංකාවේ ඔය වගේ තේ කඩවල් වල පිරිසිඳු කම අන්තිමයි.

    ReplyDelete
    Replies
    1. මං සෑහෙන්න තේ බිව්ව බං... ඔය කඩෙන්... වැසිකිළි ජොග්ගුවෙන් වතුර බීලත් තියේය...

      Delete
  10. අර මහජන ස්වක්කිය පරීක්ෂකයෝ ඕවා පරික්ෂා කරලා බලන්නේ නැතිද බං..?
    එක අතකට උඹලා තේ ගස් වලට යුරියාදාන එකේ ඕවත් මොනවද..?:D

    ReplyDelete
    Replies
    1. ඔව් බං මොන මගුලක්ද හැම කඩේම එහෙම වෙච්චි එකේ...

      Delete
  11. ඊයාආආආආආආආ................මෙයා ඔය ජෝගුවේ හදපු තේ කොච්චර බීලා ඇත්ද...

    ReplyDelete
    Replies
    1. එකනේ සේසකයට බොක්කක් නැත්තේ .......

      Delete
    2. @ රෙහානි

      මට මතක නෑ බං කොයි තරං තේ බීල තියේද කියලවත්..

      Delete
    3. @ ගමන්

      බොක්ක.. මොකටද බං ඒක..

      Delete
  12. ඔය ගොඩක් දුම් කාමර තියෙන තේ කඩ වල තත්ත්වේ එහෙම තමා! වෙනසක් නෑ...

    ReplyDelete
    Replies
    1. අන්න හරි නාඩියා. දුං කාමර තිබ්බත් නැතත් කඩ වල විදිය ඔහොම තමා...

      Delete
  13. බේකිං පව්ඩර් වලින් තමයි මූණේ ගාන පව්ඩර් හදන්නේ. ඕක කියන කොට මට මතක් උනේ අපේ සීයගේ මළගේ. ඔය මිනීය ගෙදර තියෙනකන් ඕකට් මිනී සැන්ට් ඉහිනවනේ. කොහොම හරි ඔක්කෝම එහාට මෙහාට වෙනකන් ඉඳලා බාප්පගේ පොඩි උන් දෙන්නා සැන්ට් වෙනුවට මිනියට පව්ඩර් දාලා. සීයා ඉන්නවා නිකන් මහ බබා වගේ පෙට්ටියේ. ඒ මදිවට මුන් සුරුට්ටුවකුත් පොවන්න ට්‍රයි එකක් දීලා.. කලු සුරුට්ටුවකුත් පෙට්ටියේ..

    ReplyDelete
    Replies
    1. @ මාතලං

      බේකින් පවුඩර් කියන්නේ තවත් එක නිෂ්පාදනයක් විතරයි. තව ඒ වගේ නිෂ්පාදන සැහෙන් ප්‍රමාණයක් ඔය මැග්නිසියම් සල්පේට් ඛනිජ වලින් කරනවා.

      අර සුරුටුටු පොවන්න ගියේ උඹෙයි කියල තමා මට හිතෙන්නේ...

      Delete
    2. @ අරූ, ගමන්

      ගම කයි තව ටිකෙන්.. අර එම්බාම් සීන් එක මතක් උනා මම ලියපු...

      Delete
  14. දැන් ඉතින් කලින් බිව්ව අක්කගේ රස ප්ලේන්ටි වමාරන්න වෙයි. අමුතු රහක් ආවේ නැද්ද කියල හොදට මතකද ?
    කොහෙද ඉතින් පිච්ච මල් සුවද ඉව කෙරුව මිසක් ඕවයේ රස දැනෙන්න ඉඩක් තිබුනද ඒ කාලේ....

    ReplyDelete
    Replies
    1. සැහ්. ඒ තේ වල රසක් නැහැනේ මොරා. ආතල් එකට තොල පොගවනව විතර නෙව.. ඔය ඉතිං බොටත් ඒ පාර පිච්ච මල් සුවද බෝවෙලා.. හැක්..

      Delete
  15. බලහන් දේශකයෝ උඹ දවසක් පැඩ්ඩා. ඊයේ පෙරේදා රිව්වා. අද තව පොඩ්ඩෙන් හුජ්ජ දාපු ප්ලේන්ටි බාගයක් ගහනවා

    ReplyDelete
    Replies
    1. හෑ.. මම දෙන්න හිටියේ නියම කබර පාරක්. ඒක අතඇරියා ටික දවසකින් දෙනව කියල හිතාගෙන...

      Delete
  16. ඔය තේ බිව්වා වගේ වැඩක් මට වතාවක් වුනා ගාලු මුවදොර නයිට් කඩයකදි...කොත්තු බාස් නිදි...ගෝලයා අපිට බිත්තර රොටී දෙකක් දාන්න..දෙපාරක්ම උත්සාහ කලා...මිනිහා බිත්තරේ කඩලා පිටි ඇතුරුමට දානකොටම එළියට පනිනවා...මේ විදියට බිත්තර දෙකක්ම අපතේ ගියා. බැරිම තැන ඔන්න බාස්ට ඇහැරෙව්වා...මේකා කබ කඩා කඩා එනවා හද්දා පරණ කලු වෙච්ච සුදු සරමක් ඇදලා...සති ගාණකින් නාලා නෑ වගේ..

    අම්මෝ අපිට බිත්තර රොටී එපා කියලා අපි දිව්වෙ...
    උගෙ නින්ද කඩපු එකට ගෝලයට අමු සිංහලෙන් කථා කරනවා අපිට යන්තමට ඇහුනා..

    ReplyDelete
    Replies
    1. අම්මෝ එහෙම සීන් නං මට අනන්තවත් වෙලා තියෙනවා බං. පිටි මෝලිය අනන එකා සරම උස්සල පස්ස කහල ආයේ ඒක අනනවා. ඒ පාං ජාතියට අපි කිව්වේ ගුද පාං කියලයි..

      Delete
  17. හැක් හැක් දෙශකය උබ මාට්ටු.මාතර කුමාරතුන්ග මාවත දන්න එවුන් කියපල්ල බලන්න මෙ කඩෙ මොකක්ද කියල.
    දෙශකය අකුරැස්සෙ ඉපදිච්ච එකෙක් කියලත් මට නිතරම හිතෙනව බන්

    ReplyDelete
    Replies
    1. මම ඉපදුනේ නං අනුරාධපුරේ බං.. මාතර පැත්තේ හාදයෝ මේ පැත්තේ ඉන්න නිසා ඔය උඹ කියන කඩේ ගැන දැනගනිවි. හැබැයි මම කිව්වේ මාතර හත්ඉලව්වක් ගැන නං නෙමෙයි..

      Delete
    2. පල පල යන්න.මම පෙන්නනම් ඔන එකෙක් වරෙල්ල

      Delete
    3. මටත් හිතෙන්නෙ මේකා මාතර එකෙක් කියල

      Delete
    4. @ දමිත්

      මම එන්නෙයි.. ඒ වගේම සීන්කෝන් එකක් තියන තැනක් බලන්නත් ආසයි.. හැක්..

      Delete
    5. @ එදිරි

      එදිරි අයියා ඔහේ කියන මක්කවත් මට තේරුන්නැ. හැබෑට ඔහේට හිතෙනවැයි මං මාතරෙයි කියල. එහෙනං බොලාට විකාර..

      Delete
  18. චු මිශ්‍ර තේ වලට පින්සිද්ද වෙන්න >>Mg3Si3O10(OH)2<<මේක ගැන දැන ගන්න ලැබුන එකත් මැදා.

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනේ කෙන්ජි. උඹ ඒක දැනගත්තනං මට සන්තෝසයි...

      Delete
  19. ඒ බීපු තේ රහද? හයියෝ!

    ReplyDelete
    Replies
    1. මොකද නැත්තේ රස්නෙට තිබ්බා.. හැක්

      Delete
  20. ඊලග දවසේ ගියානම් දෙශේට ගොයා පවුඩර් එක්ක හොද ටී එකක් දාගන්න තිබුණා

    ReplyDelete
    Replies
    1. තාම පවුඩර් එක ගත්තද දන්නෑ බං.. හිටහං හොයල කියන්න

      Delete
  21. දැක්කට පස්සෙ තමයි වමනෙ යන්න හදන්නෙ. මෙච්චර කල් බිව්වෙ ගූ ප්ලේන්ටි නෙවෙයිද ඒකෙන් ???

    මොකක්ද අර පිච්ච මල් සීන් කෝන් එක ??

    ReplyDelete
    Replies
    1. අන්න ඒකයි බං අවුල.. අන්න බලහං දමිත් මොකක්ද මාතර කඩේකුත් මේ වගේයි කියල කියනවා. අර උඹේ රු 60 හරක් මස් කොත්තු කඩේද මන්දා..

      පිච්ච මල් සුවද කියල පෝස්කටුවක් ඇති මයේ.. බලාපං ඒක...

      Delete
  22. පව්ඩර් කියනන්නෙත් එක විදියක මැටි වර්ගයක් ද කොහෙද කියලා පොඩි කලේ අහලා තිබබා මතකයි

    ReplyDelete
    Replies
    1. ඔව් මචං ඛනිජ ලවණ වලින් ගන්න ජාතියක් තමා.. තැන්කුයි මේ පැත්තේ ආවට

      Delete