Monday, September 16, 2013

නොනිදන මිනිසා.. සහ ඇය...

“නොනිදන මිනිසා“ මා රැගෙන පියාඹන්නට සුදානම්ව සිටී. ඇසිල්ලෙන් ඇක්සලේටරය පාගා, පැට්‍රල් ලීටරක්ද දැමු, ඩීසල් ටැංකය කලඹා, එන්ජිමේ හැම යකඩ අංශුවක්ම භීතියට පත් කොට, ඔහු අවදිව සිටින්නට සුදානම්ව සිටී. අතොරක් නැතිව කැකෑරෙන, වැහැරෙන හිරු එළිය කොටු බැම්මට එපිටින් පළා යන විත්තියක් පෙනේනට ඇත. තවත් මොහොතකින් සැඟවෙන හිරුට පිටුපා මා සමුගනිමි. තවත් එක් රැයක් පුරා ආසනකට බරදී මා නිදි කිරා වැටෙනු ඇත. එහෙත් “නොනිදන මිනිසා“ පහන් වන තුරු මා නිදිදෙව්දුව තුරුලේ සුරැකිව තබා, අවදියෙන් සිටිනු ඇත. තවත් දෙවරක් පමණ හුස්ම හිරවන්නට වන්නට මෙන් එන්ජිම කෑගසන විට, හරියටම පස්වරු 6.00 වෙද්දී මා රැගෙන ඔහු පියාඹන්නට පටන් ගති.

යාපනයේ සිට මා නැවත නිවෙස බලා යා යුතුය. ඒ සදහා මා හට අවැසි පරිදි බස් රථයක් ඇත්නම් එය “නොනිදන මිනිසා“ගේ බස් රථයයි. හිරු පලා යන  මොහොතක රියදුරු අසුනට නැගි ඔහු, කිසිවකින් නොසැලී පළා ගිය උන් නැවත පැමිණෙන තුරුම බලා සිටි.. අවදියෙන්.

අළුතින් සකස් කර ඇති තනි කෙළින් මාර්ගය “නොනිදන මිනිසා“ ඇසිල්ලෙන් බැහැර කරන්නට වෙර දරයි. ගුම් ගුම් නදින් හැඩවෙන ටයර් ශබ්දය හා එක්වූ, එන්ජිමේ කෑමුර නාදය, අදිසි වේගයෙන් මා අඳුර වෙත රැගෙන යයි. සැනෙන් පසුවන තනි කළුවර අතරේ කිසිවක් සොයාගත නොහී මා නින්දට වැටේ. විටින් විට ඔළුව ජනෙල් වීදුරුවේ වදින මොහොතක් වේද ඇස් හැර බලන මා තවත් මොහොතකින් අඳුරට මුහු වෙමි. 

යාපනය හන්දිය ආසන්න වෙත්දී, බස් රථයේ චලනයන් වෙනස් වෙයි. නොයෙක් ශබ්දයන් හා බාධා කිරීම් අතරේ අසීමත මානව චලනයක් ඉදිරි දොර හා පසු පස දොර අතර සිදුවේ. බසයේ වැඩිම ප්‍රමාණයක් දොරටු අසල සිරවන්නේ ඉක්මනින්ම බසයෙන් පිටතට යෑම සදහා වන්නට ඇත. මා හට එය කාරණයක් නොවන නිසා නැවත නින්දට හඬ ගසද්දී බස් රථයේ ප්‍රවේගය ශුන්‍ය වනු දැනිනි. තවත් මොහොතකින් ටක් ටක් හඩින් පාපුවරු වල බරට වදින සපත්තු හඩින් මිනිසුන් පිටතට පා තබන බවත්, ඊටත් මොහොතකට පසු එතරම් බර නොවු ටක් ටක් හඩින් මිනිසුන් බස් රථයට ගොඩ වෙන බවත් මා හට දැනිනි. දැන් දැන් ඔවුන් ආසන කරා ඇස්යොමු කරමින්,හොදම ආසනය තෝරාගන්නට වෙහෙසෙන බවත්, පිටුපසින් එන කෙනාට පෙර තමන් හොදම ආසනය සොයාගත යුතු නිසා ඉක්මන් වන විත්තියත් නිදිමත මගේ මනසට පෙනෙන්නේ,  බස් රථයට ගොඩවූ පසුව මාද එයම කරන නිසාය. ආසනයේ වාඩි වුවද තවත් ආසන සිස්ව පවතී නම් තමන් වාඩි වූ ආසනය ගැන තෘප්තිමත් නොවන අයෙකු තත්පර ගානක් ඇතුලත ආසන කිහිපයකම වාඩි වී පරික්ෂා කරනු ඇතැයිද මට සිතුනි. එවැනි අයෙකු කිසි ලෙසකින් තෘප්තියට පත් කළ නොහේ.

මා අසල ආසනය මිරිකෙන අයුරක් දැනුන අතර, කිසිවෙකු හෝ මා අසල ආසනයේ වාඩි වූ බවට එය කදිම සාක්ෂියකි. තවත් මොහොතකින් ආසනයේ පරමාධිපත්‍යය, කිහිප විටක් සෙලවී පැද්දී සනිටුහන් කරගෙන එහි නිසි ලෙස ස්ථාන ගත වූ ලෙසට ලැබෙන පළමු සංඥාව වන්නේ ඔහුගේ චලනයන් නිශ්ක්‍රීය වීමයි. 

බස් රථය ඉගිලෙන්නට ඔන්න මෙන්න කියා ඇස් හැර නෙත් කොනින් ආසනය දෙසට බැලුම් පෑ මා දුටුවේ පැහැපත් යුවතියකි. ඇයගේ ඇඳුම සල්වාර් වර්ගයේ එකක් වූ අතර, අතරින් පතර වූ සික්වින්ස් මතට වැටුනු වහලයේ ඇති මන්දාලෝකයෙන් ඇයගේ වත බබලන සෙයක් ද, එකිනෙක ට සිරවනසේ බැදගෙන සිටි අත්දෙකෙහි නිය වෛවර්ණව පාට කර ඇති බවත්, දුටු මා නිතැනින්ම අනෙක් උත්සාහය ගන්නේ ඇයට නොදැනී ඇයගේ වතකමල පරික්ෂාවට ලක් කිරීමටය. 

සෙමින් සෙමින් ඉදිරිය බලා උන් මා හට රෑපවාහිණි යන්ත්‍රෙය් කෑමුර දෙන සංගීත කණ්ඩායමේ රිද්මයට අනුකූල නොවන අයුරින් වඳපීදුණු රැගුමක් පානා යුවතියන් කිහිප දෙනෙකු දැකිමට හැකි විය. ඒ සැනෙන් ඇස් දෙක හෙමින් සැරේ නැවත තමන්ගේ කාර්යය කරා මෙහෙයවනු ලැබීමෙන් ආසනයෙන් ආසනය හෙමින් මා වෙතටම පැමිණෙන ඇස් දෙක තත්පර දෙකක් පමණ ඇයගේ වතකමල අසල නතර වී සියල්ල පරික්ෂාවට ලක් කරන්නට විය. ඒ සැනෙන් ඇය රෑමත් බවත්, තවරා ඇති පුයර ප්‍රමාණය වැඩි වුවද, තොල් ආලේපනය අගනා ලෙස සිදු කර ඇති බවත්, ඒ තොල් ආලේපනය මනරම් බවත් මා හට පසක් විය. තත්පර දෙකක් වුවද එයින් තත්පර භාගයක් ගත වෙදිදී මා ඇස් ඇය කෙරේ යොමු වූ බවට සංවේදි වන්නට ඇයට හැකි විය. එහෙයින් තත්පර දෙකක ව්‍යායාමය තත්පර එකහමාරකින් පමණ අවසන් කරන්නටත්, කිසිසේත් බලාපොරොත්තු නොවූ, ප්‍රතිචාරයක් එනම් ඇයගේ මන්දස්මිය මා වෙත එල්ල කිරීම නිසා, සැනෙන් ඇයගෙන් සමුගන්නට මා හට සිදු විය. 

එහෙත් කිහිප අවස්ථාවකදීම ඇය කෙරේ ඇස් යොමු වන බව නිතැතින්ම මට දැනිනි. එය වළක්වාගත නොහැක. මේ රාත්‍රියක තනිව ගමන් ගන්නා ඇය, තනිව ගමන් ගන්නා මා, අදුරු වූ වටපිටාව තුල වෙනස් හැගීමක් සිත තුල තෙරපෙන බව නිසා, සිත ගත සමබර නොවී මා පීඩාවට ලක් විය. බස් රථයේ සුළු පැද්දීමකදි මා හා ගැටෙන ඇයගේ ශරිරය එම පැද්දීම අවසන් වෙද්දි නැවතත් යන්නට යයි. මේ වෙලාවට සිතට එන්නේ, යාපනයද කදුකර ප්‍රෙද්ශයක් උනා නම් කෙතරම් අගනේදැයි කියාය. බස් රථයට ගොඩ වූ අයගෙන් මුදල් අය කර ටිකට් පත් නිකුත් කරන මැසිමෙන් සැනෙන් එළියට විළිස්සෙන කුඩා කොළ කැබැල්ල බෙදමින් තෙමේ පිටුපසට ගමන් කරයි. අඩ නින්දේ සිටියද මා අසළ ඔහු නතර නොවුනු වගක් මා දුටිමි. 

තේ පානය සදහා බස් රථය නතර කළ විට රථයෙන් බැස ගොස් ප්ලේන්ටියක් බී නැවත ආසනයට ගියා මා, ඇය බිත්තර රොටියක් අතැතිව, උළුදු වඩයක් හපමින් සිටින බව හා දකුණු අතෙහි බීම බෝතලක්ද දරා සිටින බව දුටිමි. එහෙත් විස්වාසයෙන්ම කිව හැක්කේ ඇය බස් රථයෙන් පිටතට නොපැමිණි බවත්, ඇය හදුනන කිසිවෙක් බස් රථයේ නොමැති බවත්ය. බස් රථය ගමන් ආරම්භ කිරීමට මොහොතකට පෙර පැමිණි රියදුරු තෙමේ ඇය අත තිබූ හිස් බීම බෝතලය ඉල්ලාගෙන, ඒ මොහොතේ වින්ස්ක්‍රීනයට වතුර ඉසිමින් සිටි කොල්ලා වෙත ලබා දුනි. 

රියදුරු තෙමෙගේ ක්‍රියාකලාපය මා හට ප්‍රශ්නාර්තයක් විය. ඔහු මැය හදුනනවාද? එසේ වන්නට ද නොහැක. ඇයට බීම හා කෑම ලබා දුන්නේ රියදුරු තෙමේම බව පැහැදිලිය. ඔහු වැනි මජරයෙක් මැය වැනි යුවතියක හදුනන්නේ කෙසේද? පිළිතුරු අවැසිය. එහෙත් රැය පහන් කළෙමි. ඇය ගැන තිබු මාගේ පීඩිත හැගීම රියදුරු තැන වෙනස් කළ බව මට හැගේ..

******************************************************

දින කිහිපයකට පසු නැවතත් “නොනිදන මිනිසා“ සමඟ ගමන් කරන්නට මට සිදු විය. ඒ අනුව තංගල්ල බස් නැවතුම්පලෙන් පස්වරු 6.00 ට සැර දමා අරඹන ඒ ගමනට මාද මඟියෙකු ලෙස සහභාගී විය. වෙනදා මෙන්ම ජනෙල් කව්ළුව අතර ආසනයේ බරදී කල්පනාවේ සිටිද්දී, මා අසල ආසනයේ මිරිකෙන බරින් කෙනෙකු වාඩි වූ බව දැනී, හිස් හරවා බලද්දී. ඔව් ඒ ඇයමය. වෙනසකට ඇත්තේ, පළදනා සහ ඇඳුම වෙනස් වීම පමණි. ඒ ඇයමය. මා කට අයා බලා සිටියදී ඇය තරමක් වික්ෂිප්තව මා දෙස බලනු දුටුවෙන් කැළඹුන මා ඇස් ඉවත බලාගත්තද තවත් මොහොතකින් අකීකරු ඇස් ඇය දෙස යොමු වන්නට විය. මාගේ ප්‍රශ්නාර්ථය විසදීමට මේ සුදුසු කාලයයි.

“ඔයා ගිය සිකුරාදා අනුරාධපුරේ ඉදල නේද ආවේ.. මතකද මගේ සීට් එකේමයි වාඩි උනේ“

“මට හරියට මතක නෑ ඔයාව. ඒත් මම හැමදාම යනඑන කෙනෙක් තමා“

“ඒක තමයි මට මතකයි. අදත් අනුරාධපුරේද යන්නේ“

එම ප්‍රශ්නයට පිළිතුරු දීමට පෙර ඇය මගේ දෙනෙත් දෙස විපරමින් බලනු මා දුටුවෙමි. සැකහැර දැනගත් ඇය “ඔව්.. ආයේ හෙට එන්නේ“

“හෙට එන්නේ... මොකටද එහෙනං යන්නේ“

“මට වැඩ තියෙන්නේ එහේ තමා“

“ඔයා කොහේද ජොබ් එක කරන්නේ“ ආලවන්ත කමින් මා පැවසු දෙය කනකට නොගත් ඇය ඉදිරිපස බලන්නට වීමෙන් පිළිතුරු නොලැඹිනි. එහෙත් නැවත වතාවක් එම ප්‍රශ්නය ඇසු විට කේන්ති ගිය ස්වභාවයක් ඇය කෙරෙන් දිස් විය. ඒ මොහොතේම රියදුරු තැන බසයට ගොඩ වැදි ඇය අසලට පැමිණි අතර මේ එදා පැමිණි රියදුරු නොවන බව පසක් විය. ඇයගේ හැසිරීමේ වෙනස දුටු ඔහු, මා දෙසද නෙත් යොමු කොට ඇයගෙන් හස්ත මුද්‍රෙවන් අසන ලද්දේ “ඇයි ප්‍රශ්නයක්ද?“ වන්නට ඇත. එයට කිසිදු පිළිතුරක් නොදුන් ඇය ඉවත බලාගත් හෙයින් රියදුරු තම අසුන කරා පය එසවීය. බස් රථය ගමන් ගනිද්දි, ටිකට් මැසිමෙන් ඇය වෙත ටිකට් පතක් නිකුත් නොවු බව මා දුටු අතරම, ඇය හා කොන්දොස්තර අතර පැවති ඇගැලුම් කමද දුටු මා හට වෙනත් මානයක් දිස් විය. 

ප්‍රශ්න ඇසීම නතර කළ මා මාගේ රැය පහන් කිරීමට පටන් ගත්තෙමි. එළිය වැටෙන්නට ආසන්න වෙද්දී යාපනය හන්දියට මෙපිටින් ගෙයක් අසල නැවැත්වූ බසයෙන් පිටතට බට ඇය එනතුරු එදා මා දුටු මජරයා බලා සිටී බවක් දුටු මා, ඒ අසලම ගැවසුනු අනෙක් පිරිමියා එදා මා එන විට ටිකට් මැසිම කරේ රුවා හිටි මිනිහාම බව පසක් විය. එකත් එකටම මේ අර, තංගල්ල යාපනය බසයේ රියදුරන්ගේ විවේක කාමරය ඇති ස්ථානය විය යුතුය. එසේ නම් ඇය.. ඔව් මේ විවේක කාමරය අව්වේකි තැනක් බවට පත් කරන්නේ ඇය විය යුතුය. “නොනිදන මිනිසා“ තම රාජකාරිය නිම කරන්නට තව හෝරා දෙක තුනක් ගත කරනු ඇත. එවිට මටද මාගේ විවේක කාමරය වෙත යා හැක..

76 comments:

  1. බොගෙ විවේක කාමරයටත් කැල්ලක් එනවද ?අත්දැකීමක්ද

    ReplyDelete
    Replies
    1. මේකට මොන අත්දැකීම්ද..?
      දැකිල්ලත් එක ලියවිල්ලක් ද මොකක්ද එකක් කියනව නේද..?

      Delete
    2. @ හැලපේ

      මේක මට වෙචිච දෙයක් කියල මම කිව්වද ඩෝ....

      Delete
    3. @ කෙන්ජි

      උඹ කියන එක හරි බං... නිරික්ෂනේ තමා ලියවිල්ල කියන්නේ...

      Delete
  2. සේවා ආර්ථිකයේ විවිධ සේවා අන්‍යෝන්‍ය සහජීවනයෙන් වර්ධනය වෙන අපූරුව...!

    ReplyDelete
    Replies
    1. කකා හරියටම කියවල!

      Delete
    2. @කකා......ඔය දීලා තියෙන්නේ විග්‍රහය මුකුත් නොකියන්නම.

      Delete
    3. @ කකා
      හරියටම හරි.. අන් තේම් එක කකා දුන්නේ මේ කතාවට.. ස්තුතියි

      Delete
    4. @ රාජ්, අරූ

      කකා හරියටම කියවල නියම විග්‍රහය දීල තියෙනවා.. ඒ වගේම උඹලත් හොදටම කියවල තේරුම් අරන් තියෙනවා ඒ ගැන සන්තෝසයි

      Delete
  3. ඈ බන් ... පිච්ච මල් සුවදක් එහෙම හමුවේ නෑ ..

    අත්දැකීම නම් ලෙසටම ලියල තියෙන්නේ ,,.,,

    ReplyDelete
    Replies
    1. නැත්තෙ මොකද බං. මුගෙ විවේක කාමරේට ගියාට පස්සෙ සුවඳ ආවලු කලිසම අස්සෙන්. :D

      Delete
    2. @ ගුවන් මගේ මගියා

      හැමවෙලේම පිච්චමල් සුවද සාපේක්ෂ වන්නේ නැත...

      Delete
    3. @ ප්‍රසා

      උඹ කියාවි.... මට වෙරළු ඇට දෙකත් නැතිව තමා එන්න වෙන්නේ කලබල උනානං

      Delete
  4. පොඩ්ඩක් හිටු දැන් වැඩ රෑවෙලා එන්නං ආයේ.

    ReplyDelete
    Replies
    1. ඒකට අවුලක් නෑ සත්තලනේ..

      Delete
  5. පිච්ච මල් සුවද විදින බොට මොකටද බන් ඔව

    ReplyDelete
    Replies
    1. අන්න බොට වැරදුන තැන. පිච්ච මල් සුවද හැමවෙලේම විදිනවයි කියල මම කොතනවත් කියල නෑ..

      Delete
  6. මොනව කරන්නද බං. ඕව ඔහොම තමයි. වැඩක් කරගන්න පුලුවං මිනිස්සු කොහොමහරි කරගන්නව. උඹ වගේ පිච්චමල් සුවඳ විඳ විඳ ඉන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. @ ප්‍රසා

      මචං කකා කිව්ව වගේ මේකත් අර සේවා සැපයිමේ එක් ක්‍රම වේදයක්. වෙනස නං කරන ක්‍රෙම් වෙනස් වීමයි.. පිච්ච මල් සුවද උඹලට අහක් කරගන්නම බැරි දෙයක් වොලාද දැං හැක්

      Delete
    2. @ ගුවනා
      අපොයි උඹත් මේ හාදයත් එක්ක එකතු උනොත් නරක් වෙයි උපරිමටම

      Delete
  7. //“ඔයා කොහේද ජොබ් එක කරන්නේ“ ආලවන්ත කමින් මා පැවසු දෙය කනකට නොගත් ඇය ඉදිරිපස බලන්නට වීමෙන් පිළිතුරු නොලැඹිනි. // මු සිරා කරන්න හදල තියෙන්නේ ...

    ReplyDelete
    Replies
    1. නැතිව වෙන අහන්න විදියක් තියේද බං හැඩ වැඩ ඇති ළදකගෙන්...

      Delete
    2. අද කොමෙන්ට් ටික ගහගෙන යන්නේ ඈ .. . . හෙහ් හේ හේ

      Delete
    3. ඔයාට පාංද අනේ... ගුවනෝ...

      Delete
  8. බස්, කොච්චි වල ඔහොම ආලවන්තකම් ඕනේ තරම් තියනවා බං අයියේ...

    ReplyDelete
    Replies
    1. නාඩියෝ මේක විශේෂ දෙයක් වගේයි මම දැක්කේ.. කිලෝමීටර් සිය ගානක් දුවල හති වැටුනට පස්සේ කරන ජොබක්...

      Delete
  9. අනුනමයෙන් උඹ බේරිලා නැත්තං කන්නයි වෙන්නේ නැවුගුටි...!!!

    ReplyDelete
    Replies
    1. බැරි වෙලා හරි මාත් එන්ටර් උනානං කන්න තමා වෙන්නේ...

      Delete
  10. දැන් වෙරළු මල් සුවඳ හමනවා බ්ලොග් ගොඩක , මොකද මේ වෙනස

    ReplyDelete
    Replies
    1. පිච්ච මල් සුවද හමපු නිසා නෙවද බං...

      Delete
  11. උඹත් දැන් ඉල්ලුමට සැපයුමද කරන්නෙ..?

    ReplyDelete
    Replies
    1. සාමාන්‍යෙයන් අපි හැමෝම එහෙමයි. උඩුගං පීනන අය හුගක් අඩුයි නේද???

      Delete
  12. කෑම, බීම, යෑම සහ ලෑම සියල්ලක්ම සපයනු ලැබේ. නරකම නැහැ දේශකයෝ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් නරකමත් නැහැ. මට නිකං ඒක ඔඩ් වගේ දැනුන දෙයක්..

      Delete
  13. උබ හරි දේශකයෝ... අනන්ත අප්‍රමාණ ඔහොම කාන්තාවන් ඉන්නව... මමත් අත්දැකීමෙන් කියන්නෙ.... මම අවුරුදු 2 ක් යාපනේ හිටියනෙ.... මම එන්නෙ යන්නෙ මගේ ගෑනු ලමය එක්ක.. එකම බස් එකේ... ඒ කියන්නෙ ඩී.එස්. ගුණසේකර කියන ලොකු ඒ.සී. බස් එකේ... ඕකෙත් ඔය වගේම කාන්තාවක් හිටිය... මම මාසෙකට සැරයක් තමා එන්නෙ යන්නෙ... ඒ හැම දවසකම ඉන්නව... මම ඒ ඩ්‍රයිවරයගෙන් අහුව දවසක්.... ඌ සීන් එක කිවුව... පවු වැඩේ... කියල වැඩක් නෑ... මොනා කරන්නද....

    ReplyDelete
    Replies
    1. අන්න ටක්කෙටම දන්න එකෙක් හිටියා..

      Delete
  14. දැකල දැනිල ලියපු එකක් නිසා වටිනව...අනිත් දවසෙ දැකල රිදුනාම ලියපන් එතකොට තවත් වටිනව...ජය

    ReplyDelete
    Replies
    1. වෙල්කම් ජෙමා.. රිදුනම කවි ලියනවා ඇර කතා ලියන්න මට බෑ බං.. ඒකයි අවුල

      Delete
  15. ඒ රස්සාවට ඔච්චර දුරක් යන කථාවක් ඇහුමයි

    ReplyDelete
    Replies
    1. මටත් ඔය කතාව එච්චර දිරෙව්වෙ නැහැ.
      මම දන්න විදියට නම් ඔය දුර පළාත් යන විනීත රියදුරු මහතුන්ට යන පළාත් වල නගරයට ආසන්න ගම්වල කෑම සමග ලෑම සපයන්නියෝ ඇති තරම් හිටිය පාර අයිනට වෙන්න පොඩි පොල් අතු කඩ දාගෙන.
      ඒ අත්තියන්ගේ හබියල දුර පලාත්වල වැඩ නැත්නම් කූරිය ගහල.
      අනේ මන්ද....දැන් සිස්ටම් එක වෙනස් වෙලා ද කියල...

      Delete
    2. @ මයියා

      මාත් මේ ඇහුවමයි ඒකයි බොලාට කිව්වේ...

      Delete
    3. @ කෙන්ජි

      මේක වෙනම ව්‍යාපාරයක්. ඔය දෙපැත්තට දුවන්න එකම ජාතියේ බස් දෙකක් තියෙනවා. ඒ එක බස් එකක ඩ්‍රැයිවර්ල දෙන්නයි එක ගමනට.. මොකද මාරුවෙන් මාරුවට ගෙනියනනේ. යාපනේ යන්න කලින් එකෙක් අපුරෙන් බහිනවා. ඉස්සර වගේ ආම් කෑම්ප් සීන් එක අඩු නිසා වෙන්න ඇති මේ වගේ ක්‍රමයක් හොයාගෙන තියෙන්නේ

      Delete
  16. මේක ඇත්තම කතාවක්ද මන්දා

    ReplyDelete
  17. // ඇයගේ හැසිරීමේ වෙනස දුටු ඔහු, මා දෙසද නෙත් යොමු කොට ඇයගෙන් හස්ත මුද්‍රෙවන් අසන ලද්දේ “ඇයි ප්‍රශ්නයක්ද?“ වන්නට ඇත. //

    තව ටිකෙන් හොද කෑමක් කන්ඩ වෙනවා දේශකයාට.

    ReplyDelete
    Replies
    1. තව ටිකෙන් අත පය වනනවා. ඒ ගෑනු ලමයා අහක නොබැලුව නං

      Delete
  18. අනේ මන්ද.. මොනවා කමෙන්ට් කරන්නද කියල හිතන ගමන්..

    ReplyDelete
    Replies
    1. ඒකට අවුලක් නැහැ උඹට ඕන දෙයක් හිතපං..

      Delete
  19. මොනවා උනත් සුපිරි ලිවිල්ල ++++++++++++++++++++++

    ඒ උනාට මට මේ වචනේ තෙරුන් නෑ මන්දස්මිය= බැල්මද
    පිච්ච මල් සුවද විදපු අය අවසානෙදි වෙරළු මල් සුවදටම ගිහින් වගේ............. හැබැයි ඔහොම සෙට් වෙන උන් කලිසමත් පන්නල තමයි ගෙදර එවන්නේ

    ReplyDelete
    Replies
    1. මන්දස්මිය - මද සිනාව

      ස්තුතිය බොරළු..

      Delete
  20. ඕවා මේ අද ඊයේ ඒවා නෙමෙයි. එකම දේ මොඩනයිස් වීම විතරයි. ඇයි ඔහේලා බලලා නැතෙයි ජෝ මහත්තයගේ "සිරිබෝ අයියා.."..

    අපේ රස්සාවෙත් ඕවා වැහි වැහලා...

    ReplyDelete
    Replies
    1. අන්න හරි බං හැම දේම මොඩනයිස් වෙලා. සමහර තැන් අපට අල්ලගන්නත් බැරි විදියට..

      Delete
  21. පළවෙනි ප්‍රශ්ණේ කතාවට කෙලින්ම අදාල නැතත් කුතුහලය ජයගත්තා. මොකටද බං ඩීසල් ටැංකියට පෙට්‍රල් ලීටරයක් දාන්නේ? ඇත්තෙන්ම එහෙම කරනවද?

    කතාව මරු.උඹ දැන් නොසෑහෙන පරිනතභාවයක් පෙන්නනවා කතා ලියද්දි. නමුත් මට හිතෙනවා උඹ ඔය කියන යාපනේ බස් එකේ ඉඳ හිටවත් යන එකෙක් කියලා.

    ReplyDelete
    Replies
    1. බුලට් ට්‍රේන් ස්පීඩ් එක ගන්න මිසක්ක.
      අනුරාධපුර බස් මුදලාලිගෙ ඒවාට ඔය වැඩේ කොරනව.

      Delete
    2. @ ඩුඩේ

      උඹට ස්තුතියි වර්ණනාවට. මට නිකං කදුලු පැන්න වගේ ඒකට.. ඔව් මම හිට හිට ඒකේ යනවා එනවා.. ප්‍රැටල් ප්‍රශ්නේ බං ඔව්. එහෙම කරනවා මේ හාදයෝ කම්බුෂයන් එක ඉලෙක්ට්‍රිෆයි වෙන නිසා. ඒක පොදු ක්‍රමවේදයක් දුර ගමන් සේවා වල.ත

      Delete
    3. @ කෙන්ජි
      හුගක් බස් වලට ඔය වැඩේ කරනවා. මොකද දැං බස් දුවන්නේ හුගක්ම ඩේලි රෙන්ට් එකට මිසක්කා අයිතිකාරයගේ දිවිල්ලක් නෙමෙයි. ඌට දවසේ ගාන දෙන්න ඕන එහෙකුට බස් එක දෙනවා. අනික අවුරුදු පහ තමා උපරිම බස් එකක් දුවන්නේ එන්ජිමට මොන තෙල ගැහුවත්..

      Delete
  22. හම්මෝ දුර ගමන් සේවා බස් වල ඕවා නිතරම වෙනවා.. වැඩියෙන්ම සීටීබී වල..
    කතාවනං පංකාදුයි ඈ... :D

    ReplyDelete
    Replies
    1. සීටීබි බස් වල නං මම දැකලම නැහැ. අනික මේ වගේ සීන් එකක් මම මීට කලින් දැකල නෑ. ඒකයි හොයල බලල දැම්මේ

      Delete
  23. මාත් කියෙවුවා ,,ඔයා ගොඩක් දක්ෂලේඛකයෙක් දේශක තුමෝ ,,

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔමා නැගණියනි

      Delete
  24. මම නම් හිතුවෙම අවතාරයක් කියලා.:)

    කල්පනා කරලා බැලුවාම ඒ වගේ ගැහැනුන් ගැන දැනෙන්නේ හරි දුකක්. සල්ලි හන්දා අකැමැත්තෙන් ඔය වගේ දෙයක් කවුරු හරි කරනවා නම් කොච්චර පව්ද?

    දේශකයෝ මීට පස්සේ ලඟින් යන ගෑනු උදවිය කතා කරන එක දැන්වත් නතර කරන්ට. නැත්නම් ඔය හීන පෙනෙන ලෙඩේ තවත් වැඩිවෙයි.:D

    ReplyDelete
    Replies
    1. මොන එහෙකටද පොඩිඩි දුක් වෙන්නේ. ජීවත් වෙන්න දහ දාන මිනිසුන් අතර තවත් එක කොට්ඨාශයක් විතරයි. අපි ගැන අපටත් දුකක් තියෙන එකේ ජීවත් වීමට අරගල කිරීම හැර අන් දෙයක් නොමැති තැන එය පවක් වන්නේ නැහැ..

      ලෙඩ වැඩි වෙනවා තමා බං මේ බස් වල කියුං කෙරුං වලින්.. හැක්...

      Delete
  25. මං හිතුවෙත් හොම්මනක් කියලා.... :D

    ReplyDelete
    Replies
    1. ඉතිං හව් උනයි හොම්මන.. හැක්..

      Delete
  26. මම ඕනේ ඔට්ටුවක් දානවා මේ දේශකය මූණ දුන්න අත්දැකීමක්. මොකෑ බොල අයියේ ට්‍රයි එකක් එහෙම දුන්නේ නැතෙයි.

    ReplyDelete
    Replies
    1. අපොයි නැහැ බං වෙන් කරපු ආසන වල අපි ඉදගන්න යන්නේ නැහැ...

      Delete
  27. මේ දවස්වල දේශන වැඩිද දේශකයෝ

    ReplyDelete
    Replies
    1. එහෙම හිතුනද/// හැබැයි මේ මාසෙට දැනට පහයි දාලා තියෙන්නේ.. මම දවස් තුනකට එකක් වෙන්න තමා ටාර්ගට් කරන්නේ.. කලාතුරකින් තමා ඊට වඩා ෆ්‍රක්වන්සි එක වැඩි වෙන්නේ..

      Delete
  28. හ්ම්............අනේ කාලේ වනේ වාසේ කිව්වලු.

    ReplyDelete
    Replies
    1. ඔව් අප්පා කාලේ වරදද අපේ වරදද මන්දා...

      Delete
  29. කිලෝ මීටර සියගානක් ගිහින් කරන රස්සාවක්..හ්ම්ම්.. ජීවත්වෙන්න මිනිස්සු මොනවා නොකරනවද ?

    ReplyDelete
    Replies
    1. ඔව් සරා ඒ ගැන සංවේදි වීමක් තමා මේ කතාව... නැතිව හරසුන් පිළිකෙව් කිරීමක් නෙමෙයි..

      Delete
  30. හප්පේ මේ රස්සාවට මේ තරම් දුර එන්නේ.ට්‍රාන්ස්පෝර්ට් නිකන් නිසා හොදා ඇතිනේ.

    ReplyDelete
    Replies
    1. ඒක ටිකක් හිතාගන්න අමාරු දෙයක්.. තව ටිකක් හොදටම හොයන්න ඕන .ඒ තරං අත පොවන්න බැරි නිසා මේ තරමින් නැවතුනෙමි

      Delete