Friday, May 3, 2013

අළු සහ ගල්

දවද් දෙක තුනකින් මොකක් හරි ලියනව කියල හිත හිත හිටියට එහෙම ලියවෙන්නේ නැතෙයි කියල මට අද තේරුනා. ඇත්ත නෙව.. හිතුවයි කියල වැඩ කෙරෙන එකක්ය.. වැඩ කරන්නම ඕන. හැම දේටම වඩා වටින්නේ වැඩ කරන එක තමා.. එහෙම නේද? 

පහුගිය ටිකේ නං ඔය බ්ලොග් කටු කීපයක් කාල් ගාගෙන ගාගෙන ගියාට සිහි බුද්ධියෙන් හරියට කිසිම දෙයක් කියවන්න තරං ඉස්පාසුවක් තිබුනේ නෑ. රාජකාරි වැඩ, පෞද්ගලික වැඩ, ඒ මදිවට අළුත්ම එක මගුල... නෑ නෑ තෙමගුල සිහි කරන්න උත්සවයක් කරන උත්තමයෝ වගේකට බොක්කේ හැල්ප් කිරීම. ඒක නං ටිකක් අමාරු සීන් එකක්. ඉස්සෙල්ලාම උන්ගේ වෙසක් උත්සවේට නමක් දාලා දෙන්නය කිව්වා. ඉතිං දහ අතේ කල්පනා කරල බැරිම තැන එක නමක් දුන්නා.. ඒක දාලා දුන්නම කියපි “අයියේ බැනර් එකකුත් ඩියසින් කරල දෙන්න“ කියල. ඒක නං තාමත් කරනවා. උන්ට ඕන දේවල් කරන්න මං දන්න එකක්යැ. අනික ඔය ඩෙස්ක්ටොප් පබිලිස් මළදාන මම දන්න එකක්යැ. ඔව් බැනර් එකේ වැඩ ඉවර කරන්නත් කලින් එනවා තව රික්වෙස්ට් එකක්. “අයියේ බැනර් එකේ ඩිසයින් එකෙන්ම ඉන්විටේෂන් කාඩ් එකයි, ඔෆිෂියල් අයට ගහන්න පොඩි බැජ් එකකුයි හදල දෙන්නෙයි“ කියලා. ඒ මදිවට ඒකේ ලියුං කරදහි රවුං කරල හදන්න ඕන, ඔය අනුමත කරගන්න ඕන සමහර දේවල් වලට දුවන්න ඕන. ඒත් ඉතිං කරන්න එපායැ... නැත්නං මුං මගේ ඔළුව කනවා නෙව. ඔව් කමක් නෑ පිං හරි රැස් කර ගන්න පුළුවන් නේ.. ආ.. කියන්න අමතක උනා.. ඒ යක්කුන්ගේ වෙසක් උතසවේ අනුසාසක ද කොහේද එකට මගේ නම දාලා තියේලු.. හැක් හැක්...

හරි ඕව අපි අමතක කරමු.. මං මේ කල්පනා කරේ ඇත්තටම මිනිහෙක් මැරුනම බෙර ගහල වල දානවද, පුච්චල දානවද නැත්නං එල්ලල තියනවද කියලයි. හරියටම කිව්වොත් පුච්චල එල්ලල තියන්න තමා දැං වැඩි කට්ටියක් කැමති. මේක මතක් උනේ පහුගිය දොහේ අපේ දේශිකාගේ නැන්දා කෙනෙක් ඒ කියන්නේ එයාගේ තාත්තගේ අක්කා නැති වෙලා අවමගුල තිබුනා. බෙර ගහල එක්කං ගිහින් ළමයි කොච්චර එපාය කියල ඇඩුවත්, පෙට්ටිය පුච්චල දැම්මා.. පස්සේ ආදාහනාගාරේ වැඩ කරන අයියා කෙනෙක් ගෑස් කාමරේ හරියෙදි මාව හම්බ උනාම කිව්වේ,

“බලන්න මල්ලි.. දැක්ක නේ. ස්විච් එක දාන්න දුන්නෙත් නෑ. ඒ තරං එපාය කිය කිය ඇඩුව ඔක්කොම අය. ඒ උනාට අම්මව පුච්චල දෙන්නය කියල සල්ලි බැදල අපට ෆෝම් එක භාරදුන්නෙත් ඔය අයම තමා“ කියලා.

හැක්.. හැක්.. ඇත්ත නේන්නං.. පුච්චන්නෙයි කියල සල්ලිත් බැදල මිනිස්සු ඉස්සරහ වීරයෝ වගේ දුකෙන් අඩනවා අනේ අපේ අම්මව පුච්චන්න එපා කිය කිය. මල සමයං. 

හරි දැං ඕක නෙමෙයි නේ පුරස්නේ... අළු ටික මුට්ටියක දාලා ආදාහනාගාරේ තිබුනට මොකෝ ගෙදරට ගේන එකක්ය. අසුභ ලකුණු නේ.. අනේ මන්ද අම්ම උනත් මැරුණම අසුභ වෙනවා. ඉතිං ඔය සොහොන හදනකං ඔය මුට්ටිය මුල්ලක තියල තියෙනවා. ළමයින්ට පුළුවන් උනාම වලක් කපල මුට්ටිය ගෙනැල්ල සිමෙන්ති දාලා වහල සොහොන බදිනවා. ඒක තමා අපේ සම්ප්‍රදාය. මේ කට්ටියත් ඕං මැයි පළවෙනිදා වළ කපලා සිමෙන්ති ගෙනැල්ලා මැරිච්චි මනුස්සයගේ අළු ටික ගෙනැල්ල සොහොන බදින්නයි ලෑස්තිය.  වැඩේ බාගෙට කෙරෙද්දි එක්කෙනෙක් එයාගේ මල්ලිට කිව්වම “මල්ලිගේ ත්‍රීවිල් එකෙන් ගිහින් මුට්ටිය අරන් එන්න“ කියලා. හරි කියල මලයා යන්න ලෑස්ති උනාම මලයගේ පවුල ළගට ඇවිල්ල කුටු කුටු ගානව මම දැක්කා. ටික වෙලාවක් ගියත් ත්‍රීවිල් එක යන පාටක් නෑ.. අයියා ඇහුවා මොකෝ කියලා. එතකොට මල්ලි කියපි, “හරි වැඩේ නේ.. මම පැට්‍රල් ගහගෙන ඇවිල්ල නෑ. දැං අතන්ට යන්නවත් පැට්‍රල් නෑ“ කියලා. එතකොට පැනපු ගමන් අක්කා කියපි “හා අයියා ගිහිල්ල එහෙනං ඔයාගේ බයික් එකෙන් අරගෙන එන්න“. කලින් වගේම තමා අයියගේ පවුලත් ඔරවනවා මම දැක්කා. ඒකෙන් අයියත් පහු බැස්සම, ළගපාත තිබ්බ පුට් සයිකලයක් අරන් මලයා, ආදාහනාගාරෙට ගියා. ඊට පස්සේ හැමෝටම සතුටුයි. නෑනලා නෑනලා කතා වෙනවා. 

“ඔය මීනි අළු වාහන වල ගෙනාවම වාහන වලට වගතුවක් නෑලු“ අනේ මන්ද...

මාත් දැං තේ එකක් හෙම බීල හිටිය මුට්ටිය යට කරන කං. මෙන්න බොලේ මලයා එනවා හිස් අතින්ම. හැක් හැක්.. ඕං වැඩේ සීන් වෙලා.. ආදාහනාගාරෙන් කිව්වලු අළු මුට්ටි තියාගන්නේ සතියක් විතරයි. ඊට පස්සේ විසික් කරල දානවය කියලා.

අයියෝ අම්මා කිය කිය ළමයි දැං නහයෙන් අඩනවා. මොනා කරන්නද, වළ බදිනවද, නැත්ද? මීයො වගේ උන් ටික දෙපැත්තට අදිනවා. ඔය වෙලාවේ දේශකයා එකම ගැලවුම්කාරයා වගේ සිංහ සෙයියාවෙන් මැද්දට පැනල මේඝ ගර්ජනා කරන්න පටන් ගන්නවා. මොකෝ කියන්නේ ඔය මැරිච්චි නැන්දගේ අක්කගේ සොහොන බැන්දෙව්වේ මේ දේශකයා තමා ඉතිං.. හැක් හැක්..

“අක්කේ මෙහෙමයි.. අපි සොහොන් බදින්නේ අළු ආරක්සා කර ගන්න නෙමෙයි නේ.. එහෙනං යකඩ පෙට්ටියක දාලා ගෙදර තියාගන්න බැරිය. එහෙම බැරිනං සේප්පුවක දාන්න බැරිය. ඒක නෙමෙයි අපි සොහොන බැදල තියෙනව දැක්කම වෙන එකම දේ ඒ මනුස්සයා අපිට මතක් වෙන එක. ඒක නේ නම ගහල තියන්නේ.. නම ගහල නැත්නං කනත්තේ තියෙන එක සොහොනක් වත් අදුරගන්න පුළුවන්ද? බෑනේ.. ඒක නිසා මම කියන්නේ ඔය පටන් ගත්ත විදියටම සොහොන බැදල ඒ මනුස්සයගේ මතකේ තියෙන්න නම කොටල දාන්න. මොකද අපි ඕකේ අළු දාලා නෑ කියල ලියන එකක්ද.. එහෙම නේද?“

වාසනාවට හැමෝම මුණු මුණු ගාලා වැඩේ අනුමත කරා. ඉතිං ඔන්න හිනා වෙවි සොහොන බැදල කස්ට්ය එක්ක විසිරල ගියා. 

ආ දැං දේශකයා සොහොන බැන්ද කතාව.

ඔය දේශිකාගේ ලොකු නැන්දා අසනීප වෙලා දේශිකාගේ ගෙදරමයි හිටියේ. බැදලා නෑ. පිං දහං ඉස්මුරුත්තා වෙන කං කරත් වයසට ගියාම මේ මනුස්සයට සලකන්න කවුරුවත් නැති තැන දේශිකාගේ තාත්තා එයාව එහේ එක්කං ඇවිල්ල. බෙහෙත් හෙම අරන් දෙනවා. කන්න බොන්න දෙනවා. ඒත් කවුරුවත් ඔය මනුස්සයා දිහා බලන්නේ නෑ. අවුරුදු අසුව පැන්නට පස්සේ හොදටම දුරැවල වෙච්චි මේ මනුස්සයට ඇවිදගන්න තියා පැත්තට හැරෙන්නවත් බැරිව හිටියේ. අපි ඊට කිලෝ මීටර් පහක් විතර ඈතින් තමා ඉන්නේ. දේශිකාගේ මලයා තමා එහෙ ඉන්නේ. ඒත් මේකාගේ නෝනා කට්ට දේනුවක්. අර මනුස්සයගේ ආවතේව කං කරන්න බැරිව හෙමින්ම දෙන්න ගිහිල්ල ඔය නෑනගේ මහ ගෙදර තමා ඉන්නේ. අර මනුස්සයා තට්ට තනියම. කන්න බොන්නවත් නෑ. ඉතිං ඇත්තටම දුකේ බැරි හින්දා මම උදේ පාන්දර ගිහිල්ල අර මනුස්සයට තේ එක දීල, කෑම එක තියල, දවල් කෑම එක එයාගේ පහල ඉන්න නංගිට ගෙනැත් දෙන්නය කියල වැඩට යනවා. ආයේ රෑට එනකොට කාමරේ එකම ගූ ගොඩක්. ඇගේ ඉදල ගාගෙන. ඉතිං මට කරල පුරුදු නැති උනත් ඕව පුළුවන් හැටියට සුද්ද කරනවා. හුගක් වෙලාවට මේ මනුස්සය ඇගේ රෙද්දක්වත් නැතිව ඉන්නේ. කෙලින්ම කියනවනං ඕක මමයි මස්සිනයි මාරුවෙන් මාරුවට කරාට දේශිකාවත් ඕවා සුද්ද කරන්න යන්නේ නෑ. අපි අවුරුද්දක් විතර ඕක කරා. එක දවසක් මම උදේ තේ එක දීලා කෑම තියලා ආවා. එතකොට මනුස්සයා ඇස් ඇරල ඇස් පිල්ලන් ගගහ හිටියට, ඒ වෙන කොට කතා කරන්නේ නෑ. මම වැඩට ගියා විතරයි කෝල් කරා නැන්දා නැති උනාය කියල. මට ඇත්තටම දුකක් ආවේ නෑ සන්තෝසයක් ආවා තවත් දුක් නොවිද මැරිල ගියා නේද කියලා.

ඔය විදියට අවමගුල් තියල ඔක්කෝම ඉවර කරල මාස දෙකක් විතර හිටියා. හැමදාම සොහොන් බදිනව කිව්වට මේගොල්ලෝ ඒක කල් දදා හිටියා. මාස දෙකහමාරකට විතර පස්සේ බාස් ගෙනැල්ල සොහොන බදින්න ලෑස්තිය. මම කැමැත්තෙන්ම භාර ගත්තා අළු මුට්ටිය ගේන්න. රිසිට් එක අරන් ගියා ආදාහනාගාරෙට. ඔව්.. හුටා තමා.. මුට්ටිය විසික් කරල.. මම අපේ ගෙදර ආවා ඇවිල්ල ටිකක් වෙලා වාඩි වෙලා හිටියා. දැං මොකද කරන්නේ.. මේ මිනිස්සුන්ට දැං නං සොහොන බදින්න ඕනම වෙලා නේ තියෙන්නේ.. හැක් හැක්. ඒ තරං ආදරෙයි දැං.. ආයේ දෙකක් නෑ ගියා පිටිපස්සට පස් තල්ලියක් ගත්තා.. එළකිරි මුට්ටියකට දැම්මා,. පොඩි ගල් කැට ටිකකුත් අරගෙන දැම්මා.. සුදු රෙදි කෑල්ලක් ගත්තා වැහුවා.. ගෙනාවා. සද්ද නෑ දුන්නා. බාස් දැම්මා ඒක වලට. වැහුවා.. සිමෙන්ති දාලා බැන්දා. එච්චරයි. හැමෝටම හරිම සතුටුයි.. ඒ පවුලේ මැරිච්චි අය ඔක්කෝම එක තැන ඉන්නවනේ. මොකක්ද ඉතිං මටත් සතුටුයි මොකෝ ආයේ වෙසක් එකට නේ ඔය සොහොන සුද්ද කරල බකට් පත්තු කරන්නේ.. ඔව් දෙකක් නෑ ඒකත් මටම තමා කරන්න වෙන්නේ..

ප/ලි - මුට්ටියේ ගල් තියෙන බවක් මේ වෙනකං කවුරුවත් දන්නෑ...

93 comments:

  1. බොරු සොබනේ බං..ජීවත් වෙලා ඉන්නකම් ඇහැක් ඇරලා බලන්නේ නෑ..මැරුණට පස්සේ ලෝකෙට පේන්ඩ අවමගුල ගන්නවා ග්රෑන්ඩ් ස්කෙල් එකට. අනික මචං බලපන්කො දැන් පත්තරවල යන මරණ දැන්වීම්. මරුණ මිනිහා ජීවිතේටම දැකලාවත් නැති මිනිස්සුන්ගේ නම් ලිස්ට් එකක් තියනවා පිටුව පිරෙන්න එවුන්ගේ තාන්න මාන්න ඔක්කොමත් එක්කම.

    මුට්ටියට ගල් කැටයි පසුයි දාපු එකනම්, අර බර වැඩි නිසා බර අඩු කරන්න කදේ පැත්ත මාරු කළා වගේ.

    ReplyDelete
    Replies
    1. හැක් හැක්....
      - දේශකයා

      Delete
    2. ඔව් බං හැම දේම තාවකාලිකයි...

      Delete
  2. කතාව කියවලා බලලා ගත්තේ මෙන්න මේ තීරණය. දේශකයා අර 'උපදේශක' තනතුරට ඉතා සුදුසුයි.:)

    ReplyDelete
    Replies
    1. දේශකයාට ඔටුණු පලන්දයි.
      - දේශකයා

      Delete
    2. මම නං සුදුසු නෑ ඒ උනත් උන්ට මාව සුදුසු ඇති.. හැක්.. තැන්කුයි කතුවරි

      Delete
  3. හැමෝම රජ බොරුවෙන් තමා බන් දැන් කාලෙ ජීවත් වෙන්නෙ.. ජීවත් වෙනකොට නැති ආදරේ මැරුනම. ඒකත් තමන්ට හානියක් නැත්නම් විතරයි..

    තෝව හිටවලා පස් ගහනවා දැන් එකෙක් හරි මේක කියෙව්වොත්..

    ReplyDelete
    Replies
    1. හැක්, එහෙම වෙයිද?
      - දේ_ශ_ක_යා

      Delete
    2. අජෝව් කව්ද තග දාන්නේ... උඹ කිව්ව ආත්මාර්තකාමි හැගීම තමා දැන් කාලේ වැඩියෙන්ම නැගල යන්නේ

      Delete
  4. මැරුනට පස්සේ එතන කිසි කෙනෙක් නෑනේ. පුච්චලා දාලා, පුද්ගලයා සිහිවෙන්ට සිහිවටනයක් හැදුවට කමක් නෑ. ඒත් අද කාලේ බොරු දේවල්මයි කරන්නේ. බෙර ගහනවා. මොන මෝඩ වැඩද? මැරුනු එකත් බෙර ගහලා කියන්ටත් දෙයක්ද?

    මේ පැත්තේ සොහොන් බිම්වල ලස්සන් මල් ගහක් හදනවා මැරිච්ච අය භූමදාන කරපු තැන්වල. ඉතින් වසන්තේ ආවාම ඒ ගස්වල මල් පිරුනාම හරිම ලස්සනයි. මළගිය අය සිහි කරන්ට කොච්චර හොඳ වැඩක්ද ඒ.....

    ReplyDelete
    Replies
    1. එහෙම නැති උනාම මල පනිනවා නේද කුමාරිහාමි.
      - දේශකයා

      Delete
    2. මාත් ඔය ගහක් ඉන්දන එකට කැමතියි. ඉස්කෝලේ කාලේ අපිව දාලා ගිය යාළුවෙක් වෙනුවෙන් අපි නා පැලයක් පැල කරා. දැං ඒක ටිකක් ලොකු ගහක්.. අපි එකතු උනාම එතනට යනවා නිතැතින්ම යාළුවා මතක් වෙනවා.. ස්මාරකයක් තිබුනට කමක් නෑ මමත් හිතන්නේ එහෙමයි...

      Delete
  5. මේ පැත්තෙනං ආදාහනාගාරවල මාස ගණනං ඔය මුට්ටි තියෙනව. අනික් එක ඒකට අලු දාන්නෙ නෑ. දාන්නෙ පිච්චිලා ඉතිරුවිච්ච ඇට කෑලි විතරයි.
    ඕක ගෙදර ගෙනාවෙ නැතත් ඒ ආදාහනාගාරෙ තියෙන සොහොං පිටියෙම තැන්පත් කරන්න පුලුවං. අර කිව්වත් වගේ පුච්චල දාන්න කියල සල්ලිත් දීල එතන අඬන එකනං බොරු වැඩක්.

    ReplyDelete
    Replies
    1. අඩේ හිනාවෙන්නත් බෑනේ
      - දේශකයා

      Delete
    2. හ්ම්. ප්‍රසාලගේ පැත්තේ එහෙම උනාට අපේ පැත්තේ එහෙම වෙන්නේ නෑ.. ට්‍රේ එක පිටින්ම එකතු කරල මුට්ටියට දානව. හැබැයි කිව්වත් වගේ අළු නං ඇත්තෙම නෑ..

      Delete
  6. මං නම් කියන්නේ සොහොන් බඳින්න ඕනෙම නෑ. ඒ මුදල නැති බැරි මනුස්සයෙකුට දුන්න නම් ලොකුම පිනක්. අර මැරෙන්න වැටිලා හිටි මනුස්සයට කරපු උදව් ටික ගැන නම් වචනයක් නොකියම බෑ.. ඕවා තමයි අපිට යනකොට ගෙනියන්න ඉතුරු වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. අනේ මම නම් සොහොන් බඳින එකට කැමතී.:)

      හැබෑට දේශ් කරලා තියන වැඩේ නම් අගය කරන්ට ඕනි. ඔන්න මාත් චන්දන එක්ක එකඟ වෙනවා මුලු හදවතින්ම.

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. @ චන්දන
      මම හිතන්නේ මෙහෙමයි මැරිච්චි මනුස්සයෙකුගේ ස්මාරකයක් තියාගත්තට අවුලක් නැ. අඩු ගානේ ඒ මනුස්සයා මතක් වෙන්නවත්. ඒත් ඉතිං ප්‍රෙකා්ටි ගණන් වියදං කරල හදන ඒවගේ වැඩක් නැ..

      Delete
    4. @ පොඩ්ඩි
      ඔව් ඒක තමා මාත් කිව්වේ. ඕං මං මැරුණම උඹ පොඩි සොහොන් කොටයක් හදාපං හරිය...

      Delete
    5. අඩෝ මගේ කොමන්ටුව මකන්න තරම් දෙයක් මම කියුවේ නෑ. මෙන්න දේශකයා ගැන ජනතා ප්‍රසාධය.
      http://kathandara.blogspot.com/2013/05/war-criminal-acting-will-end-one-day.html?showComment=1367741583367#c6976570364926435275

      Delete
  7. අපේ ගමේ නම් වත්තෙ හරො කොහේ හරි ආදහනය කොරලා අළු ටික වත්තෙම වලලලා සොහොනක් බඳිනවා. ඒ ඉස්සර දැන් එහෙම වෙනවා අඩුයි. පර්චස් දහයෙ දොළහෙ කොයි සොහොන් බඳින්නේ. නෝනලගේ ගමේ නම් අළු ටික ගඟේ පා කරලා යවනවා, සොහොන් බැඳිල්ලක් නෑ. කොහොමත් නොම්බර එකේ පිස්සු විකාර. ඒ අතින් යුදෙව්වන්ගේ සිස්ටම් එක තමයි හොඳම.

    ReplyDelete
    Replies
    1. මොකක්ද මාතලන් යුදෙව්වන්ගේ සිස්ටම් එක.

      Delete
    2. මුස්ලිම් අයගේ වගේමයි, ඒත් ගෙදරටවත් ගේන්නේ නෑ, කෙලින්ම වලට, සොහොන් බැඳිල්ලකුත් නෑ..

      Delete
    3. බහු විකාර වලින් කවද අපේ කෂ්ටිය මිදෙයිද කියලහිතාගන්න බැහැ.
      දේශක ලියල තිබෙන ලියවිල්ල කාගෙත් ඔලුව කොලොප්පම් කරල මතකයන් අවුස්සන ලිපියක්.

      Delete
    4. යුදෙවු ක්‍රමයට අපේ සංස්කෘතිය ජොයින්ට් කරන්ඥ එපා ආයුබෝවන්. මේක ලංකාවනේ.

      හැක් කෙනජි. ජපානෙත් එහෙමද අංකල් අයියේ.
      - දේශකයා

      Delete
    5. @ මාතලං
      සොහොන් බැදිල්ල නං ඉතිං ආදි කාලේ ඉදලම තියෙන දෙයක් නෙව. මම කිවේ පුච්චල එල්ලල දානවයි කියල. දැං සෙහොන් භූමි ඉඩ මදි හින්දා තාප්පා වල පොඩි පෙට්ටි බැදල ඒකේ මුට්ටිය දාල තියෙනවා. ඒකටත් සල්ලි ගන්නවා.. යුදෙව් ක්‍රෙම් නං බොහොම සාරවත් දෙයක්.. අනිවාර්යයෙන්ම. තැන්කුයි ඒක කියල දුන්නට...

      Delete
    6. @ අයිලාෂ්
      ඕං උඹ හින්දා එකක් දැන්ගත්තා. තැන්කුයි.. වේවා

      Delete
    7. @ කෙන්ජි
      මට හිතෙනවා කෙන්ජි මං කියපු දේ අල්ලගත්තය කියලා.. ස්තුතියි හුගක්...

      Delete
  8. අයියෝ මේ කතාවල් ඇහුවම මැරෙන්නත් මොකද්ද වගේ. බැරි වෙච්ච කාලෙක ගිහිල්ල පනිනව හුම්මානෙට. කෑලි ටිකවත් හොයාගන්න බැරි වෙන්න.

    රිසිට් එකේ කතාව මරු බං!

    ReplyDelete
    Replies
    1. බැරි වෙච්ච කාලෙක? උබට කවදද පුළුවන් උනේ කියහංකෝ
      - දේශකයා

      Delete
    2. රාජ් තැන්කුයි අදහසට. උඹ හුම්මානෙං පැන්නොත් මං ඇවිල්ල කෑලි ටික එකතු කොරල ගහනව හෙන සොහොනක්. “ලොකු දෙයක් මැරුණූ එක කියලා“ හැක්...

      Delete
  9. ඔය සොහොන් බැඳිල්ල මහ විකාරයක්.. මනුස්සයා මලාට පස්සෙ ඔතන තියෙන්නෙ පස් ගොඩක් විතරයි.. අනං මනං විකාර නැතුව අර මුස්ලිම් මිනිස්සු වගේ විසි හතර පැයින් වලදැම්මාම ඉවරයි පොලොවට පස්වෙන්න.. මිනිස්සු කල හොඳ නරක කොහොමත් ඒ අය ගැන මතකය ටික කාලෙකට අරන් යාවි..

    ReplyDelete
    Replies
    1. තව පාරක් හිතහං සරතෝ. මම පැය 24 ක් ගැන නෙමෙයි යකෝ කියන්නේ. සිරා සීන් එකක් ගැනයි.
      - දේශකයා

      Delete
    2. ඔබේ අදහසත් හරි. ඒත් මොන හොද කරත් මිනිහෙක් ගැන මතකයක් තියාගන්න ස්මාරකයක් තිබුනට වැරැද්දක් නෑ කියලයි මං හිතන්නේ... වාද කරන්න හෙම එන්නපා හරිය... (අපි බයයි)

      Delete
  10. මීට අවුරුදු 6 කට වගේ උඩදී අපේ ලොකු
    තාත්තගේ භූමිදානේ වෙලාවෙත් ඔහොම කතාවක්
    ගිහින් අන්තිමට වැඩේ ජෝන් බාස්ට යන තැනටම
    ආව.

    මැරුණම ඉතින් සුදුසු විදිහට ආදාහනය හරි භූමිදානය
    හරි කරන්න ඕනේ.පවුලේ අයට ඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕනෙම
    විදිහටකට ඕඕඕඕඕඕඕඕනෙම දෙයක් කරගන්න ඉඩ දීලා
    පැත්තකට වෙන එක තමයි සුදුසු.


    අළු ටිකට විච්චුරණ කරන්න දඟලන අය තුන් මාසේ දානේ
    දෙන දාට එකතු කරගන්න නැහැ නෙව .ඒ නිසා හොඳම
    දේ පැත්තකට වෙලා දෙන දෙයක් කාල බලන් ඉන්න එක..

    ReplyDelete
    Replies
    1. ඔව් බං එහෙම තමා. තුන්මාසේ දානෙට අමාරුවෙන් ආවත් අවුරුද්දේ දානේට නං ලොවෙත් නැ...

      Delete
  11. මගේ අම්මගෙ අම්මට අපේ අම්මත් එක්කම දරුවො10 දෙනයි.හැමෝම ආච්චි අම්මව බලන්න එන්නෙ ගොයම් කපන කාලෙට ගොයම් කැපුවම ආච්චි අම්මට සල්ලි තියෙනවනේ.........සල්ලි ටික හූරගෙන යන්න .එයාගෙන් සල්ලි නොගත්ත එකම දරුව මගේ අම්ම අවසාන කාලෙදි බොහොම අමාරුවෙන් අපි අඩල අඩල කොළඹ ගෙනාවා.අපේ ගෙදර තමා හිටියෙ බෑණා වුනත් මගේ අප්පච්චි ආච්චි අම්මට රජ සැප දුන්නා.සිත්තමිත් ජොබ් එකෙනුත් අයින් වෙලා ආච්චිව බලා ගත්ත.

    මෙන්න බොලේ ආච්චි නැති වුණාම දරැවන්ට හැදිච්ච පිස්සුව.....මලගෙදර හොදට කරන්න දාන ලස්සනටම ගමටම පේන්න කරන්න.වල බදින්න විකාර ගොඩයි.මෙච්චර කල් වතුර උගුරක් නුදුන්න දුවෙක් ෆොටෝ එකට ආච්චි අම්මගෙ තේ එකක් පොවනවා අඩ අඩ මගේ අම්මා.......... කිය කිය අහගත්ත දරැවො 9 දෙනාම සිත්තමී කෙල්ලගෙන් කිසිම ආත්මෙක අම්ම කෙනෙකුට එහෙම නොකරන්න.......

    ආච්චි අම්මට සලකපු විදියට එයා මැරෙන්න දවස් 3කට කලින් සිත්තමී නාවද්දි අත්දෙක අල්ලගෙන කිව්ව බුදුබව නොලැබුණොත් උඹ මගේ බඩේ ඉපදෙන දුවෙක් වෙයන් කියලා.........

    මට ඒ වචන අදටත් කදුළු පිරෙනවා............

    මව් පියන්ට නොසලකා මැරැණට පස්සෙ විකාර කරන එවුන්ට ලැබෙන දඩුවම අපායෙ සටහන් වෙනව කියල හැමෝම දැන ගත්තොත් හොදයි.

    ReplyDelete
    Replies
    1. සතු‍ටුයි නංගියේ...!උඹගැන..!
      දේශකයට දෙවෙනි නෑ උඹ....! වාසනාවන්...මෙහෙම කෙල්ලන් අදකාලෙ.

      Delete
    2. කියන්න දෙයක් නෑ. වීයා ඔක්කොම කියලා තියෙනවා.

      Delete
    3. සිත්මී ඔබ වැනි දයාබරිත දරුවන් වාසනාවන්. අද බොහොම අඩුයි එවන් අය.

      Delete
    4. හරිම සතුටුයි සිත්තමී ඔයා ගැන... අද කාලේ ඔය වගේ අය හරිම අඩුයි....

      Delete
    5. සිත්තමි ඔබ ඒ වගේ කෙනෙක් කියල මම මුල ඉදලම දැනගෛන හිටියා. ඒක නේ අර චරිතෙටත් ඔයාව ගත්තේ මතකද? ඉතිං දැක්ක නේද හොද දෙයක් වෙනුවෙන් කොයි තරං පිරිසක් එකතු වෙනවද කියලා. ඔයාට සප් එකට කීදෙනෙක් මෙතකට ආවද?? හැමෝටම ස්තුතියි. අපේ සිත්තමීට සුභ අනාගතයක්..

      Delete
    6. ඕහ් දෙවියනේ මට හිතාගන්නත් බෑ.................හැමෝටම පින්

      Delete
  12. ඉතාම වටිනා පොස්ට් එකක් දේශකයෝ.

    //ඒ යක්කුන්ගේ වෙසක් උතසවේ අනුසාසක ද කොහේද එකට මගේ නම දාලා තියේලු.. හැක් හැක්...//

    වෙසක් උත්සවේට පෙන්නන්නේ අපායද?

    ReplyDelete
    Replies
    1. හැක්,හැක්,හැක්....

      Delete
    2. @ අයිලාෂ්.. .තැන්කුයි.. ඔව් බං උං යක්කු නං වෙසක් එකට කරන්නේ අපායම වෙන්ටැති.. හිනා ගියා බං අම්බානට...

      Delete
    3. @ මනෝජ්
      උමත් එනව මෙතන හිනාවෙන්න නේද... හැක් හැක්...

      Delete
  13. විහිලුවක ස්වරූපෙන් ලිවුවත් උඹ අපූරු පාඩම් ටිකක් කියලා තියෙනවා මචං. ගන්න කෙනෙකුට නම් මේ පෝස්‍ටුවෙන් ගන්න දේ බොහොමයි. උඹ ලඟ තියෙන ඒ අපූරු මනුස්සකම් වල ප්‍රථිපල උඹට තියේවි කවදාක හෝ. ඒත් ලෝකෙට පේන්න ඒවා රඟ දක්වන අයට ලැබෙන දේවල්.....එක්කෝ ඕනැන්නේ නෑ බං උන් කොරන දේවල් උන් මිස අපි ගෙනියන්නේ නෑ නෙව.

    ReplyDelete
    Replies
    1. සරා අයියා කියල තියෙන දේම තමා මටත් හිතට ආවේ.... ආයෙත් කොටන්න ඕනි නෑනේ. ඒ නිසා මෙතනම දැම්මා....

      අහ්හ්...අර අනුසාසක වැඩේට ගියාට පස්සේ අපිට තවත් හොද කතාවක් අහ ගන්න බැරි වෙන එකක් නෑ මයේ හිතේ..... හික්...

      Delete
    2. @ සරත්
      උඹ කියන දේ හරි.. මම ඔය අරුමෝසං විදියට ලියන්නේ නෑ නෙව.. නිකං ජෝක් කාරයෙක් වගේ තමා ලියන්නේ.. මං කිව්වේ එහෙම තමා ලියන්න දන්නේ.. හැක්..

      Delete
    3. @ සමනලී
      ස්තුතියි අදහසට. කිසි අවුලක් නෑ ඒකට. අමාරුවෙන් හරි කියවල මොකක් හරි කොටල යන ඔයාලා ගැන තියෙන්නේ ලොකු සතුටක්.. අර උපදේශක තනතුරේ වැඩ ගැන කියන්න බෑ බෑමයි.. මගේ මුනත්තහඩුව ගැලවෙන වැඩ ඒවා..

      Delete
  14. ජීවත් වෙලා ඉන්න්කොට පැත්තවත් නෙබලපු අයට තමයි වැඩියෙන්ම අමාරුව තියෙන්නේ මළ ගෙදර වැඩටික සුපිරියට කරන්න.
    මළාට පස්සේ මොන දේ කරත් වැඩක් තියෙනවද??

    ReplyDelete
    Replies
    1. ඒකනං ඇත්ත. මැරුණට පස්සේ තමා ගුණ මතක් වෙන්නේ. හැබැයි පෙට්ටිය දැම්මම ඒකත් නෑ.. අපි ඔය කියන්නේ හැමෝම වලට දාන පෙට්ටිය ගාවට ඇවිත් හැරිල යනවයි කියල. බණ්ඩෝ උඹ අප්ඩේට් වෙන විත්තියක් නං දැක්කේ නැ..

      Delete
  15. මට බොහොමයක් දෙනා දොස් කිව්ව (මගේ නෑයෝ ) මගේ පියාගේ මරණයේ කටයුතු කළ ආකාරය පිළිබඳ, මම ඒ කවුරු මොනවා කිව්වත් අදත් ඒ ගැන සතුටු වෙනවා. මරණයක් කියන්නෙත් සමාජ තත්ත්වය රකින්න ඕනෙ වැඩක් වෙලා... මෙහෙව් රටක්...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම... සමාජ තත්වයක් කාට පෙන්නන්ද නෑයොන්ටද වටපිටේ අයටද ඔය වගේ පුහු මානසිකත්වයක් තියෙන අය තමා වැඩියෙන්ම ඉන්නේ. ඒක මේ ක්‍රමයත් එක්ක වැඩි වෙනව මිසක් අඩු වෙන්නේ නැ. අන්න ඒ නිසයි මෙතනදි වෙද මහත්තයා වගේ අයෙක්ගේ අදහස සෑහෙන්න වටින්නේ...

      Delete
  16. උඹ ලියල තියෙන කතාවෙන් පිළිබිඹු වෙන්නෙ වර්තමාන සමාජයේ හරස්කඩක්

    ReplyDelete
    Replies
    1. සිරාවට එහෙමද අයියේ... .තැන්කුයි හොදේ...

      Delete
  17. ජීවත් වෙලා ඉන්නකන් වතුර උගුරක් දෙන්න හිටියෙ නැති අය මැරුණට පස්සෙ ඇවිත් මිනිය බදාගෙන අඬනව,මැරෙන්න හොඳ දවසක් නැති උනාට අවසන් කටයුතු කරන්න හොඳ දවස්/හොඳ නැති දවස් කියල වෙන්කරනව,සොහොනෙ අලු තැන්පත් කරන්න නැකැත් හදනව, පත්තරේ මරණ දැන්වීමට නෑයෝ කරන රස්සාවල්, ඉන්න රටවල් වල විස්තර දානවා...මේවා පුදුම විහිලු. මනුස්සයෙක් ජීවත් වෙලා ඉන්න කාලෙ පුලුවන් උපරිමයෙන් ඒ කෙනාව බලාගත්තම හිතට එකඟව සතුටු වෙන්න පුලුවන් තමන්ගෙ උපරිමය ඒ කෙනා වෙනුවෙන් කලා කියල. දේශකයා අර අසරණ මනුස්සය වෙනුවෙන් කරල තියෙන දේවල් ඇත්තටම අගය කරන්න ඕන...

    ReplyDelete
    Replies
    1. ඔව් චාම්ස්, නියම අදහස පැහැදිලිවම කියල තියෙනවා ආයේ දෙකක් නෑ.. මොකෝ අප්පේ මුණ වෙනස් වෙලා.. කිරිම් ජාති ගොඩාක් ගානව වගේ..

      Delete
  18. සොහොන් තියෙන ඉඩම් විකුණගන්න බැරි සීන් එහෙකුත් තියෙනවා නේ බං..

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔව්.. මාර්කට් නෑ.. හැබෑට මට අමතක උනා නෙව රජෙක් වලපල්ලට ගියාම කොහොමද කර්නේ කියල බලන්න..

      Delete
  19. ඇත්ත ස්ටොරිය දේශකයො......

    සොහොන් බදින්න යන සල්ලි වලින් නැතිබැරි එකෙක්ට,ඉගෙනගන්න එකෙක්ට උදව්වක් කරන්න පුලුවන්නම් එකම ලොකු පිනක්.....

    ගිය ඉරිදා ලංකාදීපේ තිබුනේ රොනී ද මෙල් ගේ පව්ලගේ සොහොන හදන්න මිලියන 9 වඩා ගියා කියලා.හායියෝ සල්ලි කියන්නේ ඒවට වෙන්න ඇති මයේ හිතේ....

    ReplyDelete
    Replies
    1. මිනිසුන් තම තරාතිරම පෙන්වීමට සහ ඔවුන්ගේ සංවේගය අතිශෝක්තියෙන් ආරූඪ කර ගැනීමට විවිධ කටයුතු මහත් පරිශ්‍රමයකින් යොදා කරනු ලබනවා. ඊජිප්තුවේ එකිනෙක පරයා පිරමිඩ තැනෙන්නේත්, සහජාන් ටජ් මහල් තනන්නෙත් මේ අයුරින්ම වන අතර රෝනී ද මෙල් වැනි මුදලට සහ බලයට ගිජු අයෙකු තම තත්ත්වය ආරූඪ කර ගනුවස් සොහොනට මිලියන 09 ක් වියදම් නොකරාවි කියා සිතිය නොහැකියි.

      Delete
    2. @ මනෝජ්.. මාත් ඒක දැක්කා.. ඔය පුහු සිහිවටන එයාට බලන්න නෙමෙයි මිනිස්සුන්ට පෙන්නන්න එයාගේ තත්වය..

      Delete
    3. @ නිර්මලා
      කොහේද මෙච්චර දවස් හිටියේ.. මම ඊයක් එවන්න බැලුවා ඒත් බැරි උනා. ගුගල් පල්ස් එකේ අවුරුද්දෙන් පසුව මුකුත් දාලා තිබුනෙත් නෑ. ඒකෙත් මැසේජ් එකක් දාන්න බැරිව මාව බ්ලොක් උනා. අවුලක් නෑ කාලෙකින් දැක්කමත් සතුටුයි.

      ඔබ කිව් අදහස මට නං හොදටම පැහැදිලි උනා... හරිම පැහැදිලියි...

      Delete
  20. අනේ මන්දා ආදාහන සීන් ගැන නම් මම දන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඇත්තද ආ.. එහෙනං සොරිම තමා.. උඹව භූමිදානෙට තමා දෙන්න වෙන්නේ...

      Delete
  21. මෙලවදීම පලදෙන පිනක් බං ගිලනුන්ට උපස්ථානය..
    බුදුන් වදාලෙ...උන් වහන්සේට උපස්ථාන කරනවා වාගේ පිනක් කියලයි..
    උඹ හොඳ එකෙක්.

    ReplyDelete
    Replies
    1. ඔව් මං හොද එකෙක්.. හොද එකෙක්.. දැං එහෙම හිතෙනවා... හැක්...

      Delete
  22. මළ ගෙවල් ගැන නම් එච්චර මට කියන්න දේවල් නෑ... ගියා, ටිකක් වෙලා හිටං හිටියා.. අත් දෙක එකතු කරලා වැන්දා.. ආවා.. ඔච්චර තමයි... ඒත් මං අන්තිම වෙනකම් නම් ඉන්නේ නෑ කිසිම මලගෙදරක.... හිටියත් පුළුවන් තරම් ඈතට වෙලා.... ඇත්තටම ගොඩක් අය කරන දේවල් වලදි මට හරි අමුත්තක් දැනෙනවා... මාස ගනං අසනීප වෙලා, පණ ඇඳ ඇඳ ඉඳලා මැරුනමත් අඬනවා හරියට එකපාරටම මැරිච්ච කෙනෙක් වෙනුවෙන් අඬනවා වගේ... ඕවා ගැන නරකක් කියන්නත් බෑනේ.. එත‌ෙකාට අපි නරක මිනිස්සු වෙනවා විතරයි...

    අපේ ආතා මැරිච්ච වෙලාවේ කිසි කෙනෙක් ඇඬුවෙ නෑ.. ආතා දුක් නොවිඳ, හොඳ සිහියෙන් මැරුණ එක අපිට හිත්වලට සහනයක් උනා.... අනිත් එක දරුවෝ පරම්පරා තුනක්ම එයා ළඟ හිටියා...

    ReplyDelete
    Replies
    1. හි... හී...
      හි... හී...
      හි... හී...
      - දේශකයා

      Delete
    2. ඔව් ඉතිං ඕවා දැක්කම අපිටත් ඇඩෙනවා

      Delete
  23. "අනේ අම්මේ අපිව දාලා යන්න එපා" කියලා කා ගහන උන්ම තමා "අපේ ගෙවරට මළ පෙරේත දිශ්ටියද කොහෙද/ මැරිච්ච අම්මා අපේ ගෙදරට බැල්ම දාගෙන ඉන්නවය" කියා කියා දඟලන්නේ. ඒ දවස්වල "මාවත් වලට දාලා යට කරන්න" කියලා වලට පනින්න හදපු උන් මිනිය යට කරලා ඇවිත් රෑට එලියට බහින්නත් බයයි. ඕන්න තත්ත්වේ....

    දේශකයත් මං වගේ පොරක්නේ. මාත් කොච්චර දේවල් කරලා තියෙනවාද ඔය වගේ මානසික අල්ලස් දෙන සීන් නම්...

    ඒක නෙවෙයි දැන් ඔය හදිසියෙ පිං කොරන්න දඟලන්නේ ගොක් කොළ පේන නිසා වෙන්ටැ. අනේ සාදු!

    ReplyDelete
    Replies
    1. අපේ ආච්චි පරලයිස් උනේ එයාගේ පොඩි දුවගේ ගෙදරට ගිහිං දවස් දෙකෙන්. (ඊට කලින් සතියේ කිලෝමීටර් එකසිය ගානක් ගෙවාගෙන කොළඹත් තනියෙන් ගිහිං ආපු මනුස්සයා)

      මාසයක් ස්පිරිතාල ගානේ මාරු උණා. ඊට පස්සේ අපේ ගෙදර අවුරුදු එකහමාරක් විතර හිටියා. අපේ අම්මට අංශ පැපොල(ස්නායු පැපොල)හැදිලා සනීප වෙලා මාස ගානයි. මහන්සි වෙන්න එපා කියලා තියෙද්දී අම්මා එයාට උපරිමයෙන් සැලකුවා. තාත්තගේ අසනීපේ (ඇදුම) පැත්තක දාලා තාත්තා තමයි රෙදි පවා හේදුවේ. අම්මා ලෙඩ ඇඳට වැටුණාම ආච්චිගේ පොඩි දුව ඇවිත් ආච්චිව එක්කන් ගියා. මාසයක් ජීවත් උනේ නෑ ආච්චි මළා.

      ලෙඩෙකුට කරන උපස්ථානේ තරම් දෙයක් තවත් නෑනේ. අපි ඉගෙන ගත්තු ලොකුම දේ ඒක. ආච්චි නැතිවෙලා මාස තුනකිං තාත්තා නැති උණා ලෙඩේ වැඩිවෙලා. අම්මා දැන් සදාකාලික ස්නායු ආබාධිතයෙක් සනීප වෙන්න ඉස්සෙල්ලා මහන්සි උන පලියට.

      හැබැයි පොඩි දුවගේ ගෙදර ගත්තු ආච්චිගේ මළ ගෙදර තිබුණු අපූරුව!

      Delete
    2. අපරාදේ බොට පෝස්ට්කටුවක් දාන්න තිබ්බා මේ විස්තරේට.. තැන්කුයි ඈ හුගක් ලිව්වට

      Delete
  24. හැමෝගෙම ඇස් ඇරවන සටහනක් දේශක තුමා. අද සමාජයට වටිනා ආදර්ශයක් දෙනවා මේ සටහන. කොච්චර හොඳද අර අසනීපෙන් හිටිය කෙනාගෙ කැතකුණු අතගාන එක. අද ඔබවැනි අය බොහොම අඩුයි. ජයම පතනවා ඔබට.

    ReplyDelete
  25. වර්ථමාන ජිවිතය රැවටිමක් පමණයි.

    ReplyDelete
  26. ඇත්තටම දේශකයගේ ලිපියත් ඒකට ලියවිලා තියෙන ප්‍රතිචාර වලත් ඇස් අරවන පණිවිඩයක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්තම තමා ඩුඩේ.. ලොකු කතිකාවක් ඇති වෙන එක සතුටක්... මාරක කේක් කෑවම මේ ගැන හිතන්න ඕන...

      Delete
  27. ඉන්නකම් සලකන්නෙ නැතුව මැරුණට පස්සෙ බෙර ගහල අඬලා රටටම කියලා අවමඟුල් "උත්සව" ගන්නවා..
    අනේ අනිච්චං

    ReplyDelete
    Replies
    1. ඔව් බං අවමගුල් උත්සව නේන්නං දැන් තියෙන්නේ. ඒ ගැන වෙනම ලියන්න වෙනවා..

      Delete
  28. දේශගේ පවුලේ හෝ ළගම ඥාති හෝ කවුරුවත් නැතිද බ්ලොග් කියවන. නිකමට මම අසන්නේ. මේ ලිපිය දැක්කෝත් මොනවයි මොනවා වෙයිද?

    ජීවත්ව සිටින මිනිසාට වඩා මළ මිනිසා බලවත් කරන්නේ අපේ අයමයි. අළු ටිකට පවා බය වෙන්නේ මේ හේතුවෙනි. උදාහරණයක් කියන්නම්, කවුරු හෝ මළ විට ඔහුගේ ආදාහනය/භූමිදානය අඟහරුවාදා හෝ සිකුරාදා කරනුයේ නෑ (ඊට හේතුව වෙනම කතාවක්). මේ නිසා නැකත් බැලීමක් කරනවා. එයද පට්ටපල් බොරුවකි. නමුත් ඒ බොරුව හෝ නොකර අදාළ දිනක දී අවසන් කටයුතු නොකළේනම් කුමක්ද සිදුවනුයේ. අපි සිතමු මේ ගමේ කිහිප දෙනෙකුට උණ වැලඳුනා කියලා. නැතිනම් තද වැස්සක් හෝ ඉඩෝරයක් පැමිණීයා කියලා. එහිදී මිනිසුන් එම පරිසර වෙනස් වීමට හෝ රෝග කාරකයන්ට වසුතු බීජ කරගනුයේ ඉහත ආදාහනය සිදුවූ ස්වරූපය මතය. බොහෝ මිනිසුන් ඔවුන්ට බුද්ධී ගෝචර නොවන දෑ තේරුම් ගනුයේ ඒවැනි ආකාරයකටයි.
    මට මතකයි මාගේ හිතවතෙකුගේ පියෙක් අවසන් කැමැත්ත ලියලා තිබුණ ආකාරය. එහි එක වැකියක් මට මතක පරිදි පහත අයුරිනි.
    “මාගේ මිනිය කනත්තට ගෙනියන්න පෙර පෙරේත ගොට්ට ගසා මා පෙරේතෙයෙකු නොකරන්න“

    ReplyDelete
    Replies
    1. බය වෙන්න දෙයක් නෑ ඒ ගොල්ලෝ මේව බලන්නේ නෑ.. හැක්...

      නිර්මලාගේ ප්‍රතිචාරයක් පෝස්ට්කටුවකට ආවේ නැත්නං ඒක හෙන අඩුවක්.. ඒ තරං වටිනවා ඔබගේ අදහස්.. ඇත්තටම

      Delete
  29. අර මොකද්ද කතාවක් තියෙන්නේ මුදලාලිගෙ බල්ලා මැරුණහම පිරෙන්න සෙනග, මුදලාලි මැරුණහම බල්ලෙක් වත් නෑ කියලා. ගොඩක් වෙලාවට මරණය කියන එකත් ජීවත්වෙලා ඉන්න අයගේ උවමනා එපාකම් ඉෂ්ට කරගන්න තමයි පාවිච්චි වෙන්නේ. පාංශුකූලෙ දෙන්න එන හාමුදුරුවරු උනත් ජීවත්ව ඉන්න ළමයින්ගෙ ගුණ ගයනවා මැරිච්ච අම්ම තාත්තට වැඩිය.

    සොහොන් බඳින එකට නම් මම පෞද්ගලිකව කැමති නැහැ... මැරිලත් පොලවෙන් කොටසක් බලෙන් අල්ලන් ඉන්නව වගේ. එක කාලෙක හිතාගත්තා, අන්තිම කැමති පත්තරේක ලියනවා කියලා සොහොන් නම් හදන්න එපා කියලා. ආදාහනයටත් වඩා මම කැමති භූමදානය කරනවා නම්. හැබැ‍යි මේ ළඟදි කියවපු පොතක තිබ්බ දෙයක් නිසා මම අදහස වෙනස් කරගත්තා. කවුදෝ බැනලා තිබ්බ අන්තිම කැමති පත්තර වලට... ඉන්නකනුත් තමන්ට ඕන විදිහට වැඩ කරන්නේ, මැරුණහමත් ඒක අත අරින්නේ නෑ, අවමගුල ගන්න විදිහත් ලියලා තියලා මැරෙන්නේ කියලා. තමන් මළාට පස්සෙ ඉන්න අය මිනිය එක්ක මොනව කරගත්තහම මොකද, ඇයි ඒ ගැන වද වෙන්නේ කියලා. ඉතිං මම හිතුවා ඔන මගුලක් කරගත්තදෙන් කියලා.

    ReplyDelete
    Replies
    1. ඒ උනාට අන්තිම කැමැත්ත හරියට සාදාරණව නැති උනොත් මැරුණත් නිදහසක් නෑ බං... මොන තරං අප්පිරිය සමාජයක්ද දැන් තියෙන්නේ. ඉස්සරත් එහෙම තමා. ඒත් දැන්නං ආත්මාර්තකාමි බව ඉහටත් උඩින්..

      Delete
  30. දේශකයත් සෙල්ලම් පොරක් නෙමෙයිනෙ බොලේ...කවුද බන් අර දේශිකා කිව්වෙ...වෙන්න වයිෆ් ද....නැත්නම් වෙලා ඉවරද...ඩෙස්ක්ටොප් වැඩ දන් නැත්නම් අපේ හිරු කෙල්ල අමතා වැඩේ භාරදුන්නොත් නරකද හැබෑටම...

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. වෙල්කම් බෑක්. සිරා.. දේශිකා කියන්නේ බං දේශක හාමිනේට මුන් දාපු නම.. හිරුට කියල වැඩක් කරගන්න ඉතිං ඒකි පොත් කාලා වමාරනකං ඉන්න වෙනවා..

      Delete
  31. Her fans are loyal and have become shoulder bags part of the ԁesign aсross the front.
    There are some cutе oversized shoulder bags anԁ Shoulder Bags thаt loοκ
    great and will do a reρort for Ѕhoulԁer Bаgs.
    For instance, some maу ρrefеr a rucksack on their back
    ωhіlе cуcling intο college rathеr
    than a huge tote bag on theiг shoulԁer. And they agгеed I had to rеturn it.
    Or will hiѕ desirеs teаr them аpart?



    Feеl frеe to surf to my blοg - handbag (http://Www.indtechnologies.com)

    ReplyDelete