Tuesday, April 23, 2013

අවුරුදු කාලේ බේබදු තාලේ

ඒ දවස් වල ඒ කියන්නේ 1996-2000 කාලේ මම කාල් ගෑවේ කටුබැද්ද බම්බලපිටිය පැත්ත. උදේම නැගිටිනවා සුරු සුරු ගාලා වතුර ටිකක් කටට දාල හොලවල කට හෝදල අමුවෙන්ම උදේම කරන්නේ සිගරට් එක උරන එක තමා. මොකෝ කියන්නේ අපි හිටිය බෝඩිං කෑල්ලේ ඉතිං තේ උගුරක් වත් දෙන එකක්යැ. ඔය විදියට වැඩේ කරගෙන යන කොට ඔන්න බණ්ඩිය රත් වෙනවා.. බොක්කට සැප ඕන වෙනවා. යනවා ටොයිලට්. 

සමහර උන් දැන් ටොයිලට් යන්න සිගරට් එකක් ඕන කිව්වම මට හිනාත් යනවා. ඒත් කරුමේ කියන්නේ තමන් ඒ කාලේ කොරපු දේවල් අමතක වෙලා වගේ අනුන්ට හිනා වෙන එක නේ. 

ඒකෙන් කාරි නෑ.. මුනකටත් හෝදගෙන ලක ලැහැස්ති වෙලා තියෙන එකම හම්පඩ බෑග් එකේ ලට්ට ලොට්ට දාගෙන එළියට බැස්සම, උදේ කටුබැද්දේ. හවස බම්බලපිටියේ. බෝඩිමට එන්නේ රෑ හත අට වෙලා තමා. ඒ එනකොට රු. 25 - 30 ක විතර ඉදිආප්ප හරි මොන මගුලක් හරි කාලා රු. 60 ක 70 ක සිගරට් අරන් එනවා. මොනව කරන්නෙයි ඉතිං නින්ද යනකං බොන්න.

ඔය විදියට හැමදාම එක විදියට ගෙවුනට අවුරුද්ද කිට්ටු වෙන කොට නිකං ඉන්න බැරි දවසක් එනවා. අපේ එකෙක් ඉන්නවා ගමේ ඉදල ඇවිත් හෝටලයක් දාගෙන ඉන්න එකෙක්. මිත්තරයෙක්. මිනිහට අපි කියන්නේ පැට්‍රෝල්. මගේ බාලාංසේ ඉදලම මිත්තරයා. මිනිහගේ කඩේ තිබ්බේ බෙලෙක් කඩේ හන්දියේ මාළු ලෑලි ඉස්සරහමයි. මම හිටපු ගමන් රෑ ට ගියාම ඔය මොනා හරි ටිකක් බඩට දාගෙන පොඩි ටෝකක් හෙම දාගෙන එනවා නං තමා. ඒත් අවුරුද්ද කිට්ටුව අනිවා යනවා ඌව හම්බ වෙන්න. මොනාද ඉතිං අවුරුදු සීසන් ඌට බිස්නස් සරු උනාම පොඩි අඩියක් හෙම ගහන්න හැකිනේ. 

අනේ ඉතිං මම හැන්දෑවේ හතට විතර බෙලෙක් කඩේ හන්දියෙන් බැහැල උගේ කඩේට ගිහිල්ල බලන් ඉන්නවා. ඔන්න ආප්ප දෙක තුනක් එනවා. ප්ලේන්ටියක් එනවා. සිගරට් එකත් ආවම ඒක අරගෙන කුස්සිය පැත්තට ගිහිල්ල උරල දාල ආයි එනවා. 

ආයි එනකොට මූ මට කියන්නේ හිටහං හිටහං අද මොනව හරි කරමු කියලා. හෙහ්.. මාත් ඉතිං බෑ කියනවා. පිස්සුද... ඒ වචනේ අහගන්න තමා මම යන්නේ. ඒක ඇහුනට පස්සේ ඉතිං මොකක්ද ඔළුව වනල මට තියෙන්නේ පුටුවක් රත් කරන්න විතරයි. ඉන්නවා ඉන්නවා දැං හතහමාරත් පහු වෙලා. අරෑ කියනවා පොඩ්ඩක් හිටහං. ඉතිං ඉන්නවා. දැං අටහමාරයි. මූ ඒත් කියනවා පොඩ්ඩක් හිටහං. මට තිත්ත වෙලා හැමදාම මේ සෙතේමයි. 

මූ එක්ක සෙට් වෙන්න හැදුවොත් යාන්තං නමය විතර වෙනකොට වැඩේට සෙට් වෙන්න පුළුවන්. ඒ කාලේ ඔය ලක්ෂපතිය හරිය හන්දියට කිව්වේ මොකක් හරි ලී මෝලක නමක් මට දැන් මතක නෑ. ඔතන තිබුනා විලිස් කියල් රෙස්ටෝ එකක්. පජාතයි තමා මොනව කරන්නද ඕකට තමා අපි යන්නේ. ගිහිල්ල හොද එකෙන් වයිට් ඩයමන්ඩ් බෝතලයක් අරගෙන ඒක ඉවර කරල නැගිටින කොට අඩුම ගානේ එකොළහටවත් කිට්ටු වෙනවා. ඒ වෙන කොට දොරවල් වහල. ඇරගෙන තමා යන්න වෙන්නේ.

එළියට බැස්ස මම දැං කටුබැද්දට යන්න හදන කොට අරූ කියනවා පොඩ්ඩක් හිටහං මං උඹත් එක්ක එන්නං කියලා.. ඉතිං බඩුනේ. මූ මාව දාන්න එනවා. දෙන්න එක්ක වැනි වැනි පයින් යනවා බෝඩිමට. තාප්පෙන් පැනල කාමරෙත් ඇරගෙන තව සිගරට් එකක් ගහල, හා මං යන්නං කියල මූ යන්න හදනවා. එතකොට මම කියනවා හිටහං හිටහං මාත් එන්නං හන්දියට කියලා. ඕං ඉතිං දෙන්න එක්ක හන්දියට යනවා. 

ඒ පාර ඌව හන්දියට දාල විතරක් එන එක හිතට මදි හින්දා වදෙන් පොරෙන් ඌත් එක්කම බස් එකේ නැගල යනවා බෙලෙක් කඩේ. පිස්සුද ඊට පස්සේ ඌ එන්නෑ. ඌ මාව පානදුර බස් එකකට නංගනවා. මම නැංගා සීට් තියෙනවා වාඩි උනා විතරයි මතක.. හැක්.. “මහත්තයා බහින්න බහින්න පානදුර“.. හික් හික්.. වෙරි බාගෙට හිදිලා මම බහිනවා. 

අනිත් පැත්තට මාරු වෙලා බස් හෝල්ට් එකේ ඉන්න කොට ඕං එනවා මාතර ඉදල කොළඹ යන එකක්. නැංග ඒකට. ගත්ත ටිකට් කටුබැද්දට. සීට් තියෙනව බොල.. වාඩි උනා.. ඇස් ඇරල බලන කොට යකඩෝ ගල්කිස්ස. මදෑ කොරා.. ගල්කිස්සෙන් බැස්සා.. පාර මාරු උනා.. නැංගා මොරටුවකම.. බෑනේ මේ මගුල කරන්න.. පානදුර වගේ ඒවයේ නැංගොත් කේස් නේ. 

අයියෝ වාඩි වෙලා ටිකට් ගත්ත විතරයි මතක.. බැස්සේ මොරටුවේ ස්ටේසම ගාව. දැං රෑ එකයි බොල.. මොකෑ කරන්නේ මේ සන්තෑසිය කරන්න හැකිය දිගටම.. හිතාගත්තා ඕන මගුලක් කියල කටුබැද්දට වැනි වැනි පයින් ගාටන්න. ගත්ත සිගරට් 10 ක් එකක් නිවෙන්න එකක් පත්තු කරා. කොහොම හරි හති හලාගෙන බෝඩිමට එනකොට සිගරට් හතරයි ඉතුරු. ඒ කියන්නේ සිගරට් හයක දුරක් පයින් ඇදල.. හැක්..

ඕං අවුරුදු ආතල්.. ඒකෙන් මේකෙන් ඔය වගේ පජාත සීන් කරන්නේ නෑ. පැට්‍රෝලයට ඔය සීන් එක කිව්ව දවසේ ඉදල ඌ රොයිටර් වගේ පත්තු කරාට පස්සේ මට ගිය කලදසාව ගැන හිතාගත්තැකි නෙවද???

මාතලංට වගේ මටත් තියෙන ඇම්ම වැඩි කමටම මේ පොඩි එකක් කෙටුවේ.. බ්ලොග් ඇම්ම නෙව

93 comments:

  1. නියම ආතල් එකක්නෙ අර බස් එකේ දෙපැත්තට යන එක.
    හැබැයි මුලිංම සිගරට් 10 අරගෙන පයින් ගියානං බස්වලට යන ගාන ඉතුරුයි. :D

    ReplyDelete
    Replies
    1. ඒ වෙලාවට මොලේ වැඩ කරනවනං බං, ආයේ තාප්පෙන් පැනල එළියට යනවැයි.. හැක්...ආතල් කනේ බං ආයි උදේ වැඩට යන්න නැගිටින කොට...පුහ්..

      Delete
  2. ලේබල් එක දාන්න මතක් උන එකත් මදැයි... බේබදු දේශන....

    ReplyDelete
    Replies
    1. හි... හී...
      හි... හී...
      හි... හී...

      Delete
    2. අනේ ඇනෝ වරෙන්කෝ අපේ ඒවටත් හිහි හරි ගාල යන්න.

      Delete
    3. හී...හිහි.....හීහි
      හී...හිහි.....හීහි
      හී...හිහි.....හීහි......හූ......හූ......හූ හී

      Delete
    4. ඔය උඩ අනෝ මම නොවේ.
      - දේශකයා

      Delete
    5. ඔව් බං පබිලිස් කොරල විනාඩියෙන් විතර ආයේ මතක් වෙලා තමා ලේබල් කොරේ...

      Delete
  3. Replies
    1. හොහ් හොහ්... එදිරි කාලෙකින් මේ පැත්තේ

      Delete
  4. හපොයි කරලා තියන වැඩ නම්...බොනවා කීවට ඔහොමත් බොනවද? මම කීවේ දෙජාතියම...:D

    ReplyDelete
    Replies
    1. පිස්සුද අනේ සිකැරට් නං බොන්නේ කට ගාවින් තියාගන්නවා.. සැර ජාති නම් බොන්නේ නෑ උගුරට හලා ගන්නවා. හැක්..

      Delete
  5. බලපං අරු මහ ජරා යාලුවෙක්. දෙන්න එක්ක දෙරැත්තට මාරුවෙන් මාරුවට එලි වෙනකල් යන්ට තිබුන එක උඹව තනියම යවලනෙ

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ ඌට හෙට ගැන හිතිලම නිදාගන්න ගිහින්.. ඇයි ඒකා පහට නැගිටින්න එපායැ කඩේ අරින්න...

      Delete
  6. හොඳ යාළුවෙක්...! :P

    ReplyDelete
    Replies
    1. ඇත්ත තාමත් ඒ වගේමයි යාළුකම.. .තැන්කුයි ආවට...

      Delete
  7. දුම්බීම නරකා.... !! :)

    ReplyDelete
    Replies
    1. නරක බව නං අහල නෑ මාරාන්තිකයිද මොකක්ද කියනව නේද

      Delete
  8. කිව්වාම මොකද දේශකයෝ හිටපු ගමං මං නවතින්නේ පොල්ගහවෙල නැත්තං රඹුක්කන. ඔය ආනිසංසෙම තමා ඉතිං...ඉතිං ගෙදෙට්ට අලි පචයක් අතැරලා කෙලින්ම වැඩටම එනවා හඩු පිටිං. ඒ ඇවිත් බෝඩිං වෙලා ඉන්න එකෙකුගෙන් ඇදුමක් ඉල්ලගන ඇදගන්නවා... දැන් නං ටිකක් අඩුයි ඒ දේවල්...අවුරුදු උත්සවේට ආවනං අනිවා ඔයත් අපි එක්කම තමා.

    ReplyDelete
    Replies
    1. නලින් අය්යත් මරු පොරක් බලන් යනකොට..
      මේ සැරෙත් අටමලත් එක්ක සෙට් උනයි..අවුරුදු උලෙල පැත්තක දාල.

      Delete
    2. ඔය ඉන්නේ.. හැක්... අනාතයි නෙව ඔය තරං දුර ගියාම

      Delete
    3. @ වීයා
      මේ පාරත් එහෙම තමා.. අටම පොඩි එකා රතු තොපිප්යට භාර දිල දෙන්න එක්ක ගිහිල්.. හැක්..

      Delete
  9. අඩේ ඇඩේනවා සින් එක බැලුවාම හිනා ගිහින්ලාම..... :D

    ReplyDelete
    Replies
    1. හැක්... ඔය සීන් එක වෙනවා තාමත් ලාවට.. තැන්කුයි මනෝජ්

      Delete

  10. ඔයා නම් හරිම නරක එක්කෙනෙක් අනේ ...

    ReplyDelete
    Replies
    1. අපි ඉතිං කොහොමත් නරකයි නේ...

      Delete
  11. අඩෝ බේබද්දා.......................!!!!!!

    ReplyDelete
  12. අඩෝව් උඹ තනි නෑ ඩෝ!!!

    ReplyDelete
    Replies
    1. අජෝව් ඔය ඉන්නේ සැට් එකක්ම...

      Delete
  13. Replies
    1. හැක්.. හැක්... මොකද අප්පා නම වෙනස් කරලා... නිකං ගොං මංජු වගේ හැක්.. (ජෝක් එකට හරිය.. ඔහේ තරහා වෙන්නෑ හොදේ)

      Delete
  14. උඹේ යාලුවා වැඩේ කාලනෙ,හරිනං දෙන්න එළිවෙනකං එහාටයි මෙහාටයි දෙන්නව ගිහින් ඇරලවගන්නනෙ තිබුනෙ

    ReplyDelete
    Replies
    1. එහෙනං බං තාමත් ඒ වැඩේ ඉවර නෑ.. හැක්...

      Delete
  15. බේබදු දේශන ටැග් එක වගේම කතාවත් නියමයි..

    ReplyDelete
    Replies
    1. තැන්කුයි උමගිලි මලයෝ...

      Delete
  16. white Diamond Brand එකේ වැරැද්ද?

    ReplyDelete
    Replies
    1. නෑ නෑ බං බීපු උන්ගේ වැරැද්ද...

      Delete
  17. බීව අය යනවා කියලා කිය, කියා ඉන්න හැටි දැක්කාම ඉතින් මේකත් එහෙම තමා කියලා හිතා ගත්තෑකි.:)

    ReplyDelete
    Replies
    1. යා යා.. ගිහිල්ල අනිත් පැත්තෙන් අයේ එනවා.. හැක්...

      Delete
  18. මෙහෙමත් සිගරැට් බොනවද මං අහන්නෙ...

    ReplyDelete
    Replies
    1. බලහං අපි ඒ දවස් වල දුර මනින්නෙත් සිගරට් එකෙන්.. හැක්...

      Delete
  19. අන්න කොල්ලො

    ReplyDelete
  20. අනේ අම්මප මෙහෙමත් බේබදු දේශන! ඕවා අඩුකර ගන්නවා නම් තමා හොඳ. දැන් දරු මල්ලො ඉන්නවා නේද? මතට තිත වගේම දුම් පානයටත් තිත තියන්නැයි.

    ReplyDelete
    Replies
    1. දැන් නං තිත් තියලයි ඉන්නේ...

      Delete
    2. අප්පට සිරි අක්කේ මේකත් තාත්තෙක්ද. මං හිතුවේ පොඩි කොල්ලෙක් කියලා

      Delete
    3. අජෝව් අපි පොඩි තමයි. ඒත් ළමයි ඉන්නවා හරිය...

      Delete
  21. මාත් ඔහොම දෙපැත්තට ගිහින් තියනවා හැබැයි බීලා නෙමෙයි, නයිට් ඩියුටි කරලා...

    දැන් අරූගේ කඩේ බංකොලොත් වෙලා නේද? පව් බං..

    ReplyDelete
    Replies
    1. සිරාවට බං කඩේ බංකොලොත් ඌ ගෙදර.. උඹට ඒක හිතුනා නේද.. හික් හික්..

      Delete
  22. බෝතලේ දෙන්න ගහල මෙහෙම නම්,බිල ගේනකම් තව ml.50 දෙකක් දාගත්තනම් කොහොම හිටීවිද?

    ReplyDelete
    Replies
    1. කරැමෙට තව බිංදුවක්වත් දෙන්න බැහැයි කිව්ව හින්දයි අපි ආවේ.. ඇයි බං රෑ වෙලා නෙව.. උං දහයෙන් පස්සේ නිකුත් කරන්නේ නෑ..

      Delete
  23. ඔය කියන්නෙ ලක්ෂපතියෙ ලී මෝල නෙමේ ලි බඩු සාප්පුව.නම මටත් හරියට මතක නැහැ.මතක විදියට ලක්දිව ෆර්නිචර්ස් වගේ කියල හිතන්නෙ.
    හදහන් බලන මනුස්සයෙක් මාරය නෙමේ බන්ල වෙන නාකි මැන්ටලයක් කිව්ව ඒ සාප්පුව බංකොලොත් වෙලා වැහැව්වේ බස් කොන්දල උදේ ඉදං අහවල් ෆර්නිචර් එක බහින්ඩ ...බහින්ඩ .... බා ...හි..න් ..ඩේයි ...කියල උදේ ඉදන් රෑ වෙනකන් මන්තරයක් වගේ කොන්දල කියපු නිසයි කියල.

    ReplyDelete
    Replies
    1. ඔය කතාව මම අහලා තිබුනෙ "බැසිල්ස්" එක ගැන..

      Delete
    2. ඔව් කෙන්ජි, ඕකට කියන්නේ ලාල්සිරි, හරි ලක්සිරි හරි කියලා. උඹ කිව්ව හරි ඒක වහල ඒ වගේම ලී බඩු සාප්පුවක්..එතනම තිබුනා හොටෙල් එකක් රෑම් දෙන. ඒකේ නමත් මතක නෑ සිරා සීන් එකක් තියෙනවා ඒකෙත්.. පස්සේ දාන්නං..අර මැනටලේ කියන සීන් එකට හරියම හරි.. හැක්...

      Delete
    3. @ සෙන්නා
      බැසිල් බහින්න.. ඉක්මනට බැසිල් බහින්න.. නිකං කොඩි විනයක් වගේ.. හැක්..

      Delete
    4. අනේ නිකා හිටහං

      නවලෝක බැස්සද

      සලාකා බැස්සද

      Delete
    5. ඔව් නෙව.. ඒකත් ඇත්ත...

      Delete
  24. මතපැන්බීම සහ දුම්පානය සරීරයට අහිතකරය.. නොයෙකුත් මරාන්තික ලෙඩ රෝග ඇතිකරයි (අවවාදය රජයෙන්)

    ReplyDelete
    Replies
    1. අපි අයියේ ඔය රජය කරන කිසි දෙයක් ගනන් ගන්නෙ නෑ නෙව.. හැක්...

      Delete
  25. මම දන්නා එකෙක්ටත් ඔය වගේ වැඩක් උනා. නුවර කුණ්ඩසාලේ තිබුනා ගම් උදාවක්. ඕකට බස් දාලා තිබුනා කුණ්ඩසාලේ - මහනුවර. පොඩි දුරයු නේ. මම දන්නා එකෙක් ඔය වගේ කන සාක්කුවට වැටෙන්න ගහලා ගම උදාව බලන්න බස් එකට නැගලා, පිටිපස්ස සිට එකේ පෙම්මුල්ලේ පොඩි ඇලට් එකක් දාලා තියෙනවා. ඇහැරලා බලනකොට පහුවෙන්දා එලි වෙලා. මු එලිවෙනකල්ම බස් එකේ මහනුවර සිට කුණ්ඩසාලේ සහ කුණ්ඩසාලේ සිට මහනුවර.

    ReplyDelete
    Replies
    1. සැප කනේ.. සිරාවට බං හොදට ගහල සීට් එකක වාඩි වෙල විනාඩියක් පැද්දුනත් ඇති අම්බානට නින්ද යන්න..

      Delete
  26. පට්ට ආතල් මම හිතුවේ යාළුවා දාන්න, උගේ තනියට ගිහින් තමන්ගේ තනියට යාළුවා ආපහු එන සීන් තියෙන්නේ ෆිල්ම් වල, කතා වල කියලා. යකඩෝ පට්ටයි. මුට ඒක සිරාවටම වෙලානේ.. මට හිතෙන්නේ අද කාලේ පට්ට විදිහට මිනිස්සු රස්සාව එක්ක හිර වෙලා. නිදහසේ ආතල් එකක් ගන්නවත් වෙලාවක් නෑ. හම්බකරනවා කනවා බුදියනවා. හීනියට අඩියක් දෙකක් ගහගෙන සතියට ෆිල්ම් එකක් දෙකක් බලලා කෙල්ලත් එක්ක රවුමක් දාන්න තියනම් ලොවෙත් නෑ

    ReplyDelete
    Replies
    1. අනේ බං උඹ දන්න මගුල.. ඔය ෆිල්ම් වල තියෙන්නෙත් ඇත්ත සීන් තමා.. අපේ ආච්චි ඒ දවස් වල නාට්ටි වල උන්ට අනේ අපොයි කියනව උං කරන කැත වැඩ දැකල...

      Delete
  27. මටත් ඔහොම වෙලා තියෙනවා..
    හැබැයි බීලා නෙමේ නින්ද ගිහිං...

    ReplyDelete
    Replies
    1. හා හා එහෙම හිතාගමු... හැක්.. කොහොම උනත් එහෙම සීන් වෙනවා තමා බං...

      Delete
  28. දේශකයා බේබදුකම අත නොහරීනම් නැවතත් දිනක මෙවන් පෝස්ට් එකක් බලපොරොත්තු වන්න.

    ReplyDelete
    Replies
    1. දේශකගේ වචනයෙන් ම....
      http://deshakaya.blogspot.com/2013/04/blog-post_10.html

      Delete
    2. අනිවා නිර්මලා ඒක අතඇරියත් හොද කතා නං තියෙනවා.. තැන්කුයි.. මොකක්ද බොල මගේ වචනේ.. හැක්.. බේබද්දාගේ මරණය.. ස්තුතියි ඔයාගේ ස්මරණ ශක්තියට..

      Delete
  29. Wow, amazing blog layout! How long have you ever been blogging for?
    you make running a blog glance easy. The full look of your website is excellent, as smartly as the content
    material!

    my web page - adult singles

    ReplyDelete
  30. බොරු කියන්න එපා. ඔච්චර නින්ද ගියාද?

    ReplyDelete
    Replies
    1. බොරු නෙමෙයි ඇත්තමයි...

      Delete
  31. මරු බං..!

    උත්තරත් දීපිය කට්ටියට.

    ReplyDelete
    Replies
    1. දෙනවා දෙනවා.. උඹ තාම එතු බදිනවද බං.. දැං මේ වෙසක්

      Delete
  32. බේබද්දොන්ගෙ කතා අපි බලන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. අපි එහෙම ඈයොන්ට උත්තර දෙන්නෙත් නෑ..

      Delete
  33. සිගරට් බීලාමද කොහෙද සූර් වෙලා තියෙන්නේ ;)

    ReplyDelete
    Replies
    1. හැක්. තෝ කොහේද බොල හිටියේ මේ ටිකේ...

      Delete
  34. මම මේ තකහනියක්ම ආවේ ඔයාගේ ඵලෝවර්ලා ගාන මට
    වඩා වැඩිද අඩුද කියල බලන් යන්න ...

    ReplyDelete
    Replies
    1. මගේ 105 යි .ඔයාගේ 95 යි ..ඒ කියන්නේ මම
      ඔයාට වඩා 10ක් ඉස්සරහින් ..

      Delete
    2. උඹලා දෙන්නා සිරාවටද බං ඔව්වා කියවා ගන්නේ

      Delete
    3. ඕන් බලහන්කො ඉතින් රට්ටු අපි ගැන හිතන් ඉන්න විදිහ..
      ඇත්තටම තමයි යකෝ ..දේශා දැන් පෝස්ට් 60 විතර දාල ,
      හිට්ස් මන් හිතන්නේ 45,000 පැනලා තියෙන්නේ ..ඒත් තාම
      ෆලෝ කරන අය ඉන්නේ 95යි ..

      මගේ පෝස්ට් ගාන 46 යි .හිට්ස් 14,000 ක් වගේ තියෙන්නේ ..
      ඒත් මට ඉන්නවා ෆලෝ කරන අය 105 ක් ..සෙල්ලන් නැහැ ..
      මම 10ක් ඉස්සරහින් ඉන්නේ අටමෝ ..

      Delete
  35. හපෝයි..... මෙහෙමත් බීමක්......

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ... මාර බීම් තමා...

      Delete
  36. තවම වෙරි............. පස්සේ පෝස්ට් එකක් දාන්ඤං................
    - දේශකයා

    ReplyDelete
  37. කෑව බිව්වා වෙලාවට බස් වල යන්න නරකයි නේද බන්. සිගරට් එකෙන් දුර කියන එක නම් මරු.හොදටම දැනෙන විදියනේ බන් බීපු වෙලාවට.වෙරි උනාම මීටර් කිලෝ මීටර් හරි යයියැ...

    ReplyDelete