Wednesday, May 29, 2013

ජීවිතේ බලාපොරොත්තු

යන්න ඕන උනාම නොකියා ම යන්නත් ඉඩ තියෙනවා. ඒ තරං ජීවිතේ විතරක් නෙමෙයි හැමදේමත් අවිනිශ්චිතයි. කාලයක් බලාපොරොත්තුව හිටපු දෙයක් එක පාරටම අතට වඩම්මවල දීලා, සිංගාරං හෙම ගහල එළි පැත්ත බැහැපු ගමන් අතේ තිබ්බ එක වෙන එකෙක් කටේ දාගත්ත සීන්, මට එමට වෙලා තියෙනවා. මේ කතන්දර කියන්න වෙන්නෙත් ඒකේ අලුත්ම වර්ෂන් එක මට මේ ඊයේ පෙරේදා සිද්ධ වෙච්චි හින්දයි.

මොන  විදියකින් හරි, ගොඩ යන්න උත්සාහ කරන එක අපි හැමෝගෙම එකම හීනයක් නෙව. ගෙයක් දොරක් හදාගන්න, ළමිස්සියෙක් කැන්දං එන්න.. හෝව් හෝව්.. මේකා මැදිං පැනල නොවැ.. එහෙම නෙමෙයි හොද ඉස්කෝලෙකට යන්න, ක්ලාස් ගිහිල් හොදට ඉගෙන ගෙන ඒ ලෙවල් ඉසඩ් ස්කෝර් උඩින්ම තියාගෙන කැම්පස් යන්න. කැම්පස් ගිහිල්ල මෙරිට් එක්ක උඩින්ම පාස් වෙන්න. එහෙම පාස් වෙල ඔය මොකෙක් හරි වෙන්න.. අන්න ඊට පස්සේ තමා අර මුලින් කිව්ව කාරණා ටික ඔළුවට කඩා පාත් වෙන්නේ. ඔය කොළු වයසට (මං කිව්වේ අපේ), දෙමව්පියන්ටත් ඒකම ඔළුවට ගහන එක නෙව වැඩේ.

“පුතේ හොද ඉඩං කෑල්ලක් ගනිං. ගෙයක් හදපං. බොට හොද මනාමාලියෙක් මං බලන්නං“

ඔන්න එක දිගට කරදර වැල පටන් ගන්නවා මොකක් හින්දද?? සල්ලි හොයන්න යාන්තං පටන් ගත්ත ගමන්ම. හුගක් උන්ට වෙන්නේ තමන්ගේ, දෙමාපියන්ගේ, නෑදැයන්ගේ බසට වහන් වෙලා රස්සාව පටන් අරගත්ත ගමන්නම කසාදේ කරගෙන, ගෙයක් හදාගන්නවා කියන භූමිදාන කටයුතු වලට වෙහෙසෙන්නයි නොවැ. බැංකු ගානේ රිංගනවා, ණය කියල ඇහිච්ච ගමන් ඇන්ටනාව දාලා ඒවා බලනවා. කොහෙන් හරි කීයක් හරි හොයාගන්න ක්‍රම හොයනවා. අනේ අනිච්චං.. පටන් ගත්ත ගමන්ම දුක පැටව් ගහනවා.

කරන්න දෙයක් නෑ.. ඔය කසාදෙයි ගේයි ගන්නවයි කියන්නේ අබිං කනවා වගේ වැඩ නෙව.. කන්නත් ඕන.. ඒත් නොකා ඉන්නනං බෑ.. කෑවට පස්සේ විදවන්නත් ඕන. මොනා කරන්නද,  ඒකට නෙව කියන්නේ ගහපු බෙරේ (හැක් හැක් වැරදුනා) බැදපු බෙරේ ගහගනිං කියලා. අපි කොහොමත් දන්න එකක් නෙව ඔය හෙනහුරා ලැබුවට පස්සේ කරන්න තියෙන්නේ ඒ අපලේ ගෙවෙන්න ගෙයක් හදන එකය කියලා. (නැද්ද වෙද මහත්තයෝ)

හා ඔය හෑලි ඇති.. අපේ අර මොඩර්න් පැට්රියට් මලයත් ගෙයක් දොරක් හදන්න පටන් ගත්තය කියල ආරංචි උනා. ඒ උනාට වැඩක් නෑ ඌට නිකං දීපු ලස්ස 20 ගන්නත් බැරි උනා. මොකද අර විමලයා ටිකක් හරි හොදා, මේකා සීගිරිය තියෙන පලාතවත් නොදන්න එකා වෙච්චි කොට.. හැක්..

ඒකෙන් කාරි නෑ. මගේ ඔය කම්මැලි කම යන්න කියල කොටා බාන බලගයක් තිබුනා.. ඒක දැන්නං පාළුවට ගිහිල්ල. ඒ උනාට ඒකේ හිට් කවුන්ටරේ නං නගිනව ඕසේට.. ඇයි ඉතිං ගූගල් එකේ සෙක්ස් කියල ගැහුවොත් ඒකත් නිකංම මාට්ටු වෙන හින්දා.. බලාපු නැති කස්ටිය ඕක ටිකක් විපරං කොරල බැලුවනං හොදා. මොකද ඒකේ මම කොටා බාපු සමහර කතා මං කොටාබාපුවද කියල සැක හිතෙන ගානට තැන් තැන් වලට උස්සල දාලා තිබුනා.. මට මතක හැටියට එකම කතාව හය පාරක්ද කොහේද උස්සලත් තිබුනා. ඔන්න ඔහේ නිකං ඉන්න එකේ ඒකත් බලල දාන්න.. ටික දෙනෙක් නං ඉන්නවා ඩේලි කස්ටර්මර්සලා. මේ අපේ හිරු, තිසරයා, වල් රජා වගේ ඈයෝ.. හැක්... ඕං බලාගං මගේ රසකතා

දැන් හැලපයගේ සීන් එක මටත් බෝ වෙලාද කොහේද ලියන්න ආපු එක නෙමෙයි නේ ලිව්වේ.

අපේ බොහොම ළග ඥාති වෙන අයිය කෙනෙක් ඉන්නව නුගේගොඩ ජුබිලි කනුව හරියේ.. ඊටත් එහා.. මිනිහා ඔන්න මේ වෙසක් එකට ආපු වෙලාවේ මට කිව්වා.

“මල්ලි. මම ගෙයක් හදන්න පටන් ගත්තා“

“නියමයි නේ අයියේ. කොහොමද හදන්නේ“

“මල්ලි මේක තට්ටු තුනයි, පාර්කින් එක වෙනම, පොඩි පූල් එකකුත් තියෙනවා. බොලා ආවම බොන්න තැනකුත් විසේසෙන් හදනවා“

අපේ අයියා නයෙක් නෙමෙයි. අයියගේ කතාව අහගන්ටකෝ එහෙනං.

නිහාල් එයාගේ පවුලේ වැඩිමලා. නිහාල් එක්ක පවුලේ හය දෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ මල්ලිලා දෙන්නයි නංගිල තුනයි. තාත්තා අබ්බගාතයා. වඩු වැඩ තමා කරන්නේ. අම්මා ඔය වත්තේ පිටියේ මොකක් හරි වවාගෙන කෑම උයන එක තමා කරන්නේ. ගෙදර තිබ්බ තත්වෙත් එක්ක නිහාල්ට සිද්ධ උනා තමන්ගේ ඉස්කෝලේ ගමන නවත්තල දාන්න. මොකද නංගිල මල්ලිල ඉස්කොලේ යවන්න නං තවත් ආදායම් මාර්ගයක් ඕන බව නිහාල් ට තේරුනා. තාත්තාට කිව්වම හ්ම් සද්දයක්වත් නැතිව හිටි නිසා නිහාල් පහු වෙනිදම ඉස්කෝලෙන් නතර උනා. දවස් දෙක තුනක් ඇවිද ඇවිද ඉන්න කොට ස්කූල් වෑන් එකක ළමයි නංගවන්නයි බස්සවන්නයි පොඩි ජොබ් එකක් සෙට් උනා. ඒක කරගෙන මාස ගාණක් ඉන්න කොට මිනිහට වෙන ස්කූල් බස් එකක් සෙට් උනා ළමයි පටවන වැඩේට. ඉස්සර ස්කූල් වෑන් වල එක්කෙනෙක් හිටියා මයේ හිතේ ළමයි ගන්න. මොකද දැං වගේ ජනාකිර්ණ නෑ නෙව. 

ඔය විදියට බස් එකේ වැඩේ කරගෙන හිටපු නිහාල් ට තමන් ඉස්කෝලේ නොගියට කිසිම සාංකාවක් තිබුනේ නෑ. නංගිල මල්ලිල ටික ඉස්කෝලේ යන්න මිනිහගෙනුත් උපකාරයක් ගෙදරට ලැබෙන එක ගැන නිහාල්ට සතුටක් තමා තිබුනේ.

බස් එක නිවාඩු මාසේ රෙපයාර් වැඩ වලට කොළඹ අරගෙන යනවා. එතකොට නිහාලුත් යනවා. ඒ මදිවට ඔය රෙදි වෙළෙන්දො දෙතුන් දෙනෙකුත් යනවා. ඒ අයගේ බඩු පටවන් එන්න. නිහාල් මේක දැක්ක. බස් එක පිරෙන්න ඒගොල්ල රෙදි රෝල්, වෛවාරන්‍ය ආයිත්තං පෙට්ටි හෙම දමාගෙන යනවා. ඔය වගේ නිවාඩු කාල දෙක්කම හොදට නිරීක්ෂණය කරපු නිහාල්ට, අර වෙළෙන්දොන්ට සප් එක දෙන්න කඩ වලටත් යන්න වෙච්චි හින්දා තොග කඩ වල කිහිප දෙනෙක් අදුනගන්න පුළුවන් උනා. ඒකෙන් නිහාල් කරේ ඉමිටේෂන් බඩු ටිකක් ගන්න එක කඩයක් එක්ක කතා කර ගත්ත එක. ඒ කඩේ දෙමළ මුදලාලි මේ කොල්ලට බඩු බෙහොම සුළු ප්‍රමාණයක් ණයට දෙන්න පොරොන්දු උනා. එහෙම වෙලා නිහාල් ඔය සුකුරුත්තං බඩු ටිකක් ණයට ගෙනාවේ සති දෙකකින් ආයි දෙනව කියන පොරොන්දුව උඩ. එහෙම බඩු ගෙනැල්ල බස් එකේ නොයන වෙලාවට පොඩි ලෑල්ලක ඔය ටික දාගෙන නිහාල් ටවුම මැද අව්කාස්ටකේ මේවා විකිණුවා. ඒත් සති දෙක යනකොට විකුණගන්න බැරි උනා. නිහාල් කරේ ඉක්මනටම ගිහිල්ල කඩේ මුදලාලි හම්බ වෙලා, ඉතිරි බඩු ටික දීල, හොයාගත්ත සල්ලි ටික දෙන්නයි. ඒත් නිහාල් ගේ වචනෙට වැඩ කිරීමේ හැකියාව දැක්ක මුදලාලි කිසිම පැකිලීමකින් තොරව, තව බඩු ටිකක් දුන්නා, “කොල්ලෝ තව ටිකක් ඔදට මහන්ෂි වෙන්න“ කියලා.

නිහාල්ට ඒ වචන ටික බොහොම සැරට පපුවට වැදුනා. මිනිහා රැයක් දවාලක් නොබල ලෑල්ලේ ඉදිරිපිට හිටියා. ඒකෙන් මේකෙන් ඔය බඩු ටික විකුණලා ණය බේරලා තව බඩු ටිකක් ගන්නත් නිහාල් පුළුවන් උනා. ඒ පාර බඩු වැඩි පුර ණයටත් ගෙනැල්ල ටවුමේ දාපු ලෑල්ල ලොකු කරා. අපි කියන්නේ ඔය පේමන්ට් කඩ කාරයෝ කියල. නිහාල් ඒ තත්වෙට අවුරුදු 15 - 16 වෙන කොට පත් උනා. ඔය විදියට කරගෙන ආපු ලෑල්ලට, නිහාල් බඩු ගේන්න යන්නෑ. මුදලාලිට කෝල් එක දුන්නම, බඩු ටික මොකක් හරි එන එකක දාලා එවනවා. කඩේ වැඩ කරන උන්ට මුදලාලි නිතරම කියනවා. “උත්සාහවන්න කොල්ලා, ඌට දවසක හරියනවා කියලා“

මුදලාලිගේ කාරුණික සහයෝගයත් එක්ක නිහාල්ගේ ලෑලි තට්ටුවේ සුකුරුත්තං වෙළදාම නැගල ගියා. නිහාල් මුළු කාලයම ඒකට යොදවන්න ඕන නිසා බස් එකෙන් අයින් උනා. ඊට පස්සේ ඔය වෙළදාම කරගෙන ගියා. ඒත් අතරමග නැත්තටම නැතිවීම් නොවුනා නෙමෙයි. කිසි ගානක් නැතිව ඒ වෙලාවට ආයේ ස්කුල් වෑන් එකක හරි බස් එකක හරි නැගල ගානක් හොයාගන්න නිහාල් පසු බට උනේ නෑ. ඔය විදියට වැඩේ කරගෙන යද්දී. නිහාල් දැක්කා මහරගම රෙදි ලාබ විත්තිය. ඒකෙන් රෙදි කෑලි ටිකකුත් ගෙනැල්ල විකුන්නා. කාලයක් යද්දි ඒ කඩ ටිකත් නිහාල් ගේ ගජයෝ උනා. ඒකෙන් නිහාල්ට අදුරගන්න පුළුවන් උනා රෙදි මහන ගෙදර. එහේ ගිහිල්ල මහරගමට වඩා අඩු ගානට රෙදි ගත්ත නිහාල්ට, රෙදි ගෙදර දූවත් නොගෙන ඉන්න බැරි උනා. දෙන්නත් එක්ක ගමට ඇවිල්ල මහ ගෙදර ජීවත් උනා. ඒත් හරියට කන්න බොන්න විදියක් නෑ ඇයි ඉතිං තව එක බඩක් වැඩි වෙලා නෙව ගෙදර. එතකොට ගෙදර ඔක්කොම නමයයි. මේ මනුස්සයත් ගෙදර කෑම සපයන යන්තරයක් වෙන්න වැඩි දවසක් ගත්තේ නෑ. ඇදුම් කෑලි මහන්න, රෙදි පටි වලින් පාපිසි මහන්න. අහල පහල බතික් වැඩ පොලක වැඩ කරන්න, එක්සයිස් පොත් හදන ගෙදරක වැඩ කරන්න. හැම විදියටම නිදහසක් නැතිව සුජාතත් වැඩ කරා. 

දෙන්නම දවසක් කතා කරගත්තා මේක හරියන්නැති හින්දා සුජාතාගේ ගෙදර යන්න. එහේ ගියා. ඒත් ඒක හෙන කරදරයක්.. සුජාතගේ තාත්ත බෙබා. රෑ ට ශබ්ද පුජා තියනවා හිටු කියලා. නිහාල් ට තේරුනා මේ විදියට ඉන්න බෑ කියලා. ගත්තා පොඩි ලෑලි ගෙයක් අහලින් පහලින් රෙන්ට් එකට. ඔය ලෑලි ගෙදර ඉදගෙන නිහාලුයි සුජාතයි දෙන්න කෑමක් බීමක් නින්දක් නැතිව වැඩ කරා. වැඩ කරල යාන්තං මැසින් දෙකක් දාලා තව එයාගේ නංගිත් දාලා ඇදුං කෑලි මහන්න ගත්තා. නිහාල් නුගේගොඩ හන්දියෙන් ලෑලි තට්ටුවක් දාගත්තා. එයා උදේ 6 ට ගියාම ආයේ රෑ 8 ට විතර ගෙදර යන්නේ. ඔය විදියට නිහාල් කොළඹ බඩු ගෙන්න යනවා. බස් එකක දාගන්නව කර තියාගෙන යනවා. මහ රෑට ගෙදර. 

ඔහොම ඉදල පොඩි මේටි කට්ටක් අරන් බඩු ගෙන්නයි බඩු දාන්නයි පටන් ගත්තම පොඩි නිදහසක් ලැබුනා. ලෑල්ලේ ආදායම හොද උනා. ලෑල්ල ඉස්සරහ කඩේ හිටිය අය බද්දත් නොගෙවා මාරු වෙච්චි විත්තිය දැනගත්තම නිහාල්, අයිතිකාරයගෙන් ඒක බද්දට ගත්තා. එතන බොහොම පොඩියට කමියුනිකේෂන් එකක් දාගෙන, පස්සේ හෑන්ඩ්පෝන් අරව මේවා දාන තත්වෙට ගෙනාවා. ඊට පස්සේ නිහාල් ට ඕන උනා වෑන් එකක් අරගෙන කැබ් සර්විස් එකකට දාන්න. අමාරුවෙන් ලීස් එකක් ඇදල 250 ඩොල්පින් එකක් අරගෙන 533533 ට දැම්මා. ඒකේ අවුරුද්දක් විතර දුවන කොට නිහාල්ගේ වැඩේ නැගල ගියා. මිනිහා තව එකක් ගත්තා. ඒකත් දැම්මා. ඔය විදියට අවුරුදු තුනක් යනකොට මිනිහ වෑන් තුනක් කැබ් සර්විස් එකට දැම්මා. ඊට පස්සේ පිං අතේ වැඩ හෙම හොදට කරන්න ගත්තා. ඔය නුගේගොඩ පැත්තේ වැඩියෙන් ඉන්නේ සෝබන ආගම් කාරයෝ නෙව. කටිනෙටත් විකාර නැටුං තියෙන පෙරහරවල් යනවා. කෝක උනත් නිහාල් සෝබනේටත් වැඩ කරා. මොකද මිනිහා නමට හරි කැමතියි. වැල්ලවාය, බුත්තල, තණමල්විල, ගාල්ල (ඇතුලෙන්) කුඹුරු, ගොඩ ඉඩං කඩං ගත්තා. කාලයක් යනකොට ඒවයේ ආදායමත් එන්න ගත්තා. නිහාල්ගේ කල්ල මරේ උනා. ඒත් තාමත් ලෑලි ගෙදර. හරියටම බැලුවොත් අවුරුදු 20 ක් විතර. කොහොම තියෙන්න ඇද්ද, රෑට ඩොල්පින් තුනක් පාක් කරන්න ලෑලි ගෙදර මහත්තයා ගැන.

ඉතිං අවුරුදු 20 කට විතර පස්සේ නිහාල්ට හිතුනා ගෙයක් හදන්න. හැබැයි අතේ තියෙන ගානටවත් ණය අරගෙනවත් නෙමෙයි. තමන්ට ඕන විදියේ ගෙයක්. ළමයින්ට වෙනම තට්ටුවක්. වාහන වල ඩ්‍රැයිවර්ලට වෙනම කාමර. ස්විමින් පූල්. මිනි බාර් එකක්. පට්ට ගාර්ඩන් එකක්. අමුත්තන්ට කාමර. ආයේ දෙකක් නෑ ප්ලෑන් එක අනුව පට්ටම ගෙයක්. හැබැයි මාස හයෙක් ඉවර වෙන්න ඕන කියල මිනිහා කොන්ත්‍රාත්කාරයා එක්ක ගිවිසුමකුත් අත්සන් කරලයි තියෙන්නේ.

“ඇයි අයියේ මෙච්චර කල් හිටියේ ගෙයක් හදන්න“

“මල්ලි, ගෙයක් ඕන වෙලාවක හදාගන්න පුළුවන් සල්ලි තියෙනං. ඒකට බාධාවක් තියෙනවද? ඒත් අපිට ජීවත් වෙන්නයි දියුණු වෙන්නයි තියෙන සල්ලි ටික පස් වලට යට කරල ගෙවල් හැදුවම අපි ගොඩ යන්නේ කොහොමද?“

“නෑ මං කිව්වේ පොඩියට ගෙයක් හදාගන්න තිබුනනේ ඒත්“

“මොකටද මල්ලි, මගේ ලෑලි ගෙදර රෙන්ට් එක කිසි අවුලක් නෑ. මම බුරු ඇදේ නිදාගන්නවා. මට කිසිම කරදරයක් නෑ. ඉතිං මම සල්ලි හෙව්වා..වැඩ කරා මහන්සි උනා.. ඔන්න දැං මට ගෙයක් ඕන කියල හිතුනා. ඉතිං එතකොට මට මොන ප්‍රශ්නද? මල්ලි දන්නව නෙව. මට රත්තරං වලින් ටයිල් අල්ලන්න උනත් පුළුවන් දැන් තියෙන සල්ලි වලින්“

“නිහාල් අයියනං මාරම පොරක් තමා“

“පොරක් නෙමේ මල්ලි, අපිට කරන්න ඕන දේ අපි ඒ කාලෙටයි කරන්න ඕන. දැං බලහං මම ගෑනි ගෙනාපු ගමන් ගෙවල් හදන්න ගත්තනං මොකෑ වෙන්නේ.. හාන්සියි නේ.. දැං මම අර ලෑලි ගේත් කඩල සිමෙන්ති ගෙයක් හදලා අයිති කාරයට දෙන්නයි ඉන්නේ. මිනිහා මට කරපු සේවේ හැටියට“

නිහාල් අයියගේ කතාව අහගෙන මගේ ඇස් නිකංම්ම උඩ ගියේ, මගේ බාගෙට හදාපු පත ගෙයි කපරාරු නොකරපු බිත්ති දිහාවට තමා..


75 comments:

  1. නිහාලය කියල තියෙන කතාවනං සහතික ඇත්ත. අපේ මිනිස්සු ගෙවල් හදන්න ගන්න මහන්සිය දැක්කම කියන්න වචන නෑ.

    ඒ මදිවට පොඩි ගෙයක් හදල නිකා ඉන්නෙත් නෑනෙ. වහලවල් එක එක විදියට පල 10 ක් විතර තියෙන්න හදල මල විකාර කරනව. අන්තිමට ගෙයි වහල ගහපු බාසට සල්ලි ගෙවාගන්න බැරිවිච්ච කේසුත් තියෙනව මේ පැත්තෙ.

    ReplyDelete
    Replies
    1. අන්තිම කෑල්ල දැක්කෙ පස්සෙනෙ.
      ඉතිං දේශකයටත් බැරියැ නිහාල්ගෙන් සල්ලි ටිකක් ඉල්ලගන්න පත ‍ගෙයි බිත්ති ටික කපරාරු කරගන්න. :D

      Delete
    2. අනේ මොකටද ප්‍රසා.. මෝඩ කමට බොහෙත් නෑ කියනව නෙව. මාත් පොඩි ගෙයක් හදාගත්තනං අද සැපට ඉන්නවා. සල්ලිත් ඉතුරුයි.. හැක්..

      Delete
  2. මෙන්න මේ වගේ කතාවලට තමා 'උත්සාහවන්තයා ජයගනී ' කියන්නේ. අපේ රටේ කොච්චර ඉන්නවද අනුන්ට බැන, බැන ගෙවල්වලින් නිකං කකා, බිබී ඉන්න තරුණ, තරුණියෝ.

    අර දේශ්ගේ බ්ලොග් එකේ දකුණු පැත්තේ උඩින්ම තියෙන පින්තූරේ ඉන්නේ කවුද? එයා එතන ඉන්නේ මොකද? :D

    ReplyDelete
    Replies
    1. //අර දේශ්ගේ බ්ලොග් එකේ දකුණු පැත්තේ උඩින්ම තියෙන පින්තූරේ ඉන්නේ කවුද? එයා එතන ඉන්නේ මොකද? :D//

      හැක් හැක්.. පොඩි කාලේ කතාව අහල තියේද.. රජ්ජුරුවෝ උඩයි උඩයි කියලා.. එයා තමා ඔය මේකේ මුල්න්ම ප්‍රතිචාර දෙකක්ම දාලා උඩින්ම ඉන්නේ

      Delete
    2. හැක් හැක්.....

      Delete
    3. දේශ්ගෙ බ්ලොග් එකේ? ඒක දැක්කම මටත් බඩ්ඩක් මදක් උනා.සුටුස්ගාල ගොහිං එන්නං

      Delete
    4. ඇයි ඔයත් කාගේ හරි ෆොටෝ එකක් එල්ලන්ටද යන්නේ? :)

      Delete
    5. @ පොඩිඩි
      ඇත්ත උත්සාහයෙන් ජය ගන්න පුළුවන්. අපිට නං බෑ.. හික්.

      Delete
    6. @ ප්‍රසා
      මොකෝ බං මම හිනා වෙන විදියට හිනා වෙන්නේ.. හැක් බොට ඔල්මාදේද

      Delete
    7. @ දේශ්
      ෂුවර් එකටම පොඩ්ඩියෝ මූ හිතන්න ඇති දේශ් කිව්වම මිනිහටය කිව්වේ කියල.. හැලපය..

      Delete
  3. මෙන්න මේ ජාතියෙ කතා කියවන්න මම හරි මනාපයි දේශකයො.. හිතට මාර ගැම්මක් එනවා ඔය ජාතියෙ බුවාල ගැන කියවපුවම..

    ReplyDelete
    Replies
    1. එහෙමද හෙනං බොට දෙන්නං ඉදිරියට... හොද කතා ටිකක්.. හිතට ගැම්ම කොහොමද ගන්නේ. වාරු නැතිව.. හැක්.. තැන්කුයි

      Delete
  4. කතාව නම් හරිම ලස්සනයි.බොගේ පත ගෙයි වැඩ ටික මේ අවුරුද්දේ අහවර කරගන්න ලැබේවා

    ReplyDelete
    Replies
    1. තැන්කුයි.. පත ගෙයි වැඩ මේ කපේදි ඉවර නොකරන බවට බැංකුවට පොරොන්දු උනා.. හැක්

      Delete
  5. යකෝ මේකේ දිග. අලේ අපේ පේට්‍රියට හිං නුලෙන් ඇරල දාලනේ. කැමරාව ඉස්සරහට ගියාම සමහර දන්න දේවලුත් අමතක වෙනවා දේශකයෝ. අර වල් කතා හිරුවලට රජාලට විතරයි ද හොද.

    ReplyDelete
    Replies
    1. මොන දිගක්ද... පැට්‍රිටට්ට ඇගිල්ලෙන් ඇනලත් බැලුවේ නෑ.. හැක්.. නෑ නැ බොටත් හොදයි බලහංකෝ..

      Delete
  6. මාත් නිහාල්ගෙ ජාතියේ මනුස්සයෙක් තමයි..හැබැයි මට නිහාල්ට ලැබුණ ජාතියේ ගෑණියෙක් හම්බුණේ නැහැ..

    ReplyDelete
    Replies
    1. වෙන්න බෑ.. මම උඹව දැකල නෑ නෙව.. හැක්.. සුජාතා වගේ ගැණියෙක් ලැබුනනං ජාති තමා.

      Delete
  7. යකෝ උබලගේ නිහාල් අයියා මාරම පරමාදර්ශි චරිතයක්නේ.....ගැණි උනත් එල ගැනියෙක් නැත්නම් වෙන හුගක් ගැණු මිනිහාව මරා ගන්න යනවා ගෙයක් හදාපන් කියලා....

    අනිකා අර දෙමළ මුදලාලි....දියුණු වෙන එකාට අත දුන්නා ජාතිබේද නැතුව...ආන් මිනිස්සු...

    මමත් උබලගේ නිහාල් අයියා වගේ මහා මන්දිරයක් හදා ගන්නකම් උබේ ඔය පත සයිස් ගෙයි කාමරයක් ගන්න බැරිවේවිද....?

    ReplyDelete
    Replies
    1. //හුගක් ගැණු මිනිහාව මරා ගන්න යනවා ගෙයක් හදාපන් කියලා....//

      ෂැක්.. ඒක මටම කිව්වා වගේ.......

      Delete
    2. මම එක කාවවත් ඉලක්ක කරලා කිව දෙයක් නෙමේ....
      හැබැයි කියලා තියෙන්නෙත් බොරුවක් නෙමේයිනේ එහෙමනම්...:D

      Delete
    3. බොරු නෙවෙයි මනෝජ්.. ඇත්ත ... හි හි.....

      Delete
    4. @ මනෝජ්..
      බොට කාමරයක් දෙන්නං.. රෙන්ට් එක මිලියන 5යි (මාසෙට)

      Delete
    5. @ හිරු
      මනෝජ් බොට මොකක් හරි කිව්වනං ඕඩර් එක දීපං.. මං දෙන්නං ඌට වැඩේ..

      Delete
  8. පොළොවෙ පය ගහලා ජීවත් වෙන එකාට කවදාවත් වරදින්නේ නෑ. කෙනෙක් කියයි කුණුකම කියලා. නෑ එහෙම නෑ.. ඔය දෙමළ මුදලාලි ගොඩ දෙනෙක් කාටවත් ණයත් නෑ.. බොරු සෝභනත් නෑ. අවුරුදු 40 විතර ජීවත් වෙන්න පොඩි තැනක් තිබුනම හොඳටෝම ඇති. මාළිගාවල් නැතිව..

    ReplyDelete
    Replies
    1. අනිවා බං.. පොඩි ගෙයක් තිබ්බම හොදටෝම ඇති.. ඒක තේරෙන්නේ නෑ නෙව වැඩේ කෙලවෙනකම්ම

      Delete
  9. ජීවිතේ වලකම පටන් ගත්ත මිනිහට, ඒ වලටම ආයිත් වැටි වැටි හරි හරි නැගිටින එක එච්චර ලොකු දෙයක් නෙවෙයි.. හැබැයි වලෙන් ගොඩ ඇවිත් ජීවත් වෙච්ච එකෙක්ට ආයිත් වලට බැහැලා ජීවිතේ පටන් ගන්න වෙනවා කියන්නේ කරන්න අමාරු දෙයක්.... බෑ කියන්නේ නෑ.. ඒත් අමාරුයි කියලා මං හිතනවා....

    ReplyDelete
    Replies
    1. ඒකත් අමාරු නෑ බං හිත හයිය එකෙකුට..

      Delete
  10. නිහාල් සිරා පොරක් නෙ.

    ReplyDelete
  11. ඔයිකට වාසනාව කියන එකත් බලපානව දේශෝ, හිත හදාගන්ට කිව්වම නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. සමහර මිනිස්සු කොච්චර මහන්සි උනත් එතනමයි..

      Delete
    2. ඒකට මෙහෙමත් කියනවා.... තමන්ගේ වාසනාව මතුකර ගන්නේ තමන්මයි කියලා.. ඒ වගේම වාසනාව වැඩියෙන් සලකන්නේ උත්සාහවන්තයාට කියලත් කියනවා.

      Delete
    3. @ දේශ්
      ඒක ඇත්ත.. වාසනාව තියෙන්නම ඕන...

      Delete
    4. @ මාතලං
      මාත් දැකල තියෙනවා බං එහෙම මිනිස්සු. අන්තිමට වාසනාව නැත්ව පිස්සෝ වෙනවා.. වෙලාව තමා බං

      Delete
    5. @ තිසර
      නෑ බං වාසනාව කියන්නේ මොන වෙලේ හරි කඩාපාත් වෙන එකක්. ඒක අල්ලගත්ත එකා දිනුම්

      Delete
  12. මාත් මචං ගෙයක් අරං අර ගොනා කරත්තෙ අදිනවා වගේ අදිනවා... මගේ ලෝන් එකේ කාලය අවුරුදු 30. හිතපන් දැන් මම ගත්තෙ අවුරුදු 30දි. ලෝන් එක ගෙවෙනකොට මට 60යි. හැබැයි මම ලෝන් එකට ගෙවන සල්ලි වලින් කුළියට හිටියා නම් මට අවුරුදු 50 විතර කුලී ගෙවනන් පුළුවන් ඒ සල්ලි වලින්. එතකොට මට 80. මට බුදු ෂුවර් එච්චර කල් මම ඉන්නෙ නෑ කියලා.... එහෙම හිතලා කුළියට හිටියානම් මගේ පඩිපතෙන් කීයක් හරි වැඩිපුර අතට එනවා... අත පය හයිය තියන කාලෙ පොඩ්ඩක් ඇවිදලා රටේ ලෝකෙ පොඩ්ඩක් අවිදලා බලලා.. ඔය ආස කරන දේවල් එහෙම අරගෙන ඉන්න තිබ්බා... කොහේද... අපේ උන්දැට ඕන උනානෙ ගෙයක් ඉස්ඉස්සෙල්ලම...

    ReplyDelete
    Replies
    1. තිසරගේ කතාව සම්පුර්ණ ඇත්ත. ණය අරගෙන් ගෙවල් හදන එකත් ලිසින් වලට වාහන ගන්න එකත් අමුම අමු මෝඩ වැඩක්.

      Delete
    2. ඒකේ අවශ්‍යතාව තේරුම් ගන්න දරුවෝ ඉන්න ගෑණියෙක් වෙලා බලන්න මාසෙකට හරි..... එතකොට තේරෙයි...හි හි...

      Delete
    3. හිරු ගෑණියෙකුට තමන්ගෙම ගෙයක් කියන්නේ අවශ්‍යතාවයකට වඩා හීනයක් කියලා කිව්වොත් නේද හරි?

      Delete
    4. තිසර "දීර්ඝ කාලීනව කුලියට හිටිය නම්" ගඟට ඉනි කැපුවා වගේ වෙනවා නේද ...?

      අන්තිමට කුලී හිමියා මිලියන ගාණක් හොයලා.තිසරලා මිලියට ගාණක් පුදලා..තිසරගේ පුතාටත් ඒ සෙතේමයි ඊට පස්සේ..ඊට වඩා ගෙයක් හැදීම නම් හොඳයි( දීර්ඝ කාලිනව කුලියට ඉන්නවට වඩා)..

      Delete
    5. මට කියන්න ඕනෙදේ සහන් කියලා.

      එකක්, අවුරුදු පනහක් ඉන්නකොට තිසර ගෙවල් කුලිය අද ගානට තියෙන්නෙ නෑ.
      අනික අනුන්ගෙ ගෙවල් වල අනුන්ට ඕනෙ විදියට කුළියට ඉඳලා ඉඳලා තමන්ගේ කියන බාගෙට හදපු, ගෙට හරි රිංගාගත්ත දවසට හිතට දැනෙන සහනය පුදුමාකාර එකක්.
      ඒ වගේම ගෙවල් කුලී හැටියට ගෙවන මුදල ආයේ ආපහු තමන්ට ලැබෙන එකක් නෙවෙයිනේ. තමන්ගේ ගෙදරට ගියාම ඉස්සෙල්ලම ලැබෙන වාසිය තමයි තව දුරටත් අර මරුමුස් ඩයල් එකට මාසයක් ගානේකුලී ගෙවන්න ඕනෙ නෑ නේද කියන එක. ඒ කුලියෙන් කොටසක් තමයි අර ගෙට වාරික හැටියට කැපෙන්නේ කියලා හිත හදා ගනිල්ලා බං.

      Delete
    6. හිරු
      අපේ මිනිස්සුන්ට ඕන මහන්සියට වැටිල ඉන්න තැනක් නෙවේ. තමුන්ගෙම තැනක්. ඕක ලංකාවෙ තියන අවුලක්.

      සයිලන්ට්සහන්
      මොන පිස්සුද? උඹ දැකල තියනවද අප්ප හදපු ගෙවල්වල ඉන්න පුත්තු? උන්ට ඕන අලුත් ගෙවල්.

      Delete
    7. තිසර... යෑස්....

      රාජ්.... අපේ රටේ තියෙන සාමාන්‍ය ආදායම් තත්වෙයි ගෙවල් වල රෙන්ට් ගණනුයි එක්ක බැලුවාම තමන්ගේ කියලා පැලක් හරි තියෙන එක සනීපයි රාජ් ... මොකද සල්ලි දීලා ගත්තට පස්සේ භුමියට කියලා අපි වියදම් කරන්නේ හරි පොඩි ගානක්නේ... ඒ කියන්නේ රෙන්ට් ගෙවනවට වඩා... ( ඉඩම් උගස් තියලා ණය අරන්, ඒවා ගෙවන එක ගැන නෙවෙයි මම මේ කියන්නේ.. ඒ නැතත් ඒකත් මාසෙට ගාන ගෙවන්න ඉලෙක්ට්‍රික් බඩුවක් ගත්තා වගේ තමයි...)

      ඕක පිටරට වලට එච්චර තේරෙන්නේ නෑ.. ගෑනියි මිනිහයි දෙන්නම රස්සාවට යනවා.. ළමයි ඩේ කෙයාර් එකේ, ඉස්කෝලේ... ගෙදර ඉන්නේ රෑට නිදාගන්න ටිකට විතරයි... ඒකත් බොහොම පොඩි වෙලාවකට... ඒක නිසා රෙන්ට් ගෙවාගෙන ඉන්න එක අවුලක් නෑ... ඒත් අපේ රටේ එහෙම නෑ... අපේ මේ තියෙන පවුල් සංස්කෘතියත් එක්ක අපිට බෑ එහෙම කරන්න... අපිට සල්ලි තියෙනවා නම් ඒ තත්වෙන් මිදෙන්න චාන්ස් එක තියෙනවා.. නමුත් මෙතන තියෙන ප්‍රශ්නේ සල්ලි නැති එකනේ... එතකොට තමන්ට ගෙයක් නැත්තම් තියෙන්නේ ඔප්ෂන් දෙකයි... එක්කෝ රෙන්ට් එකට ඉන්න ඕනෙ, නැත්තම් මහගෙදරක ඉන්න ඕනේ... ඔය දෙකේම ඉතිං අවුල් ජාලයක් තියෙනවා... ඒකයි හැම ගෑනියෙක්ම තමන්ගේම ගෙයක් ගැන හීන මවන්නේ....

      Delete
    8. මං මුකුත් කියන්න ඕනද බොලාට..

      Delete
  13. මට හිතෙන්නෙ නෑ හැම ගෑණිම ගෙවල් ඕනි කියනවා කියලා, හැබැයි මනුස්සයෙක් උනාම ගෙයක් දොරක් තියෙන්න ඕනිනේ.. අපි දෙන්නට නම් බැදල අවුරුදු 2 ක් විතර යනකන් හිතුනේ නෑ ගෙයක් හදන්න, ඒත් පිට මිනිස්සුන්ට නම් හරි ප්‍රශ්න... දැන් නම් ඉතිං ගෙයක් හැදුවත් වැඩක් නෑ..

    ReplyDelete
    Replies
    1. ඇත්ත වැඩ්යෙන් ප්‍රශ්න තියෙන්නේ අනිත් අයට තමා. ඇයි දරුවෝ හදන්නේ නැති එකට. ඒකටත් එහෙමයි. පිට උන් තමා නහයෙන් අඩන්නේ

      Delete
  14. අද සමා‍ජයේ නිහාල් වගේ මිනිස්සු හරි අඩුයි. උත්සහවන්ත නොවී හැමදේම පිනට ලැබෙනකම් බලාගෙන ඉන්නේ. "වැඩ එපා - පඩි ඕන" වැනි ආකල්පනේ අපේ සමාජයේ මුල් බැහැගෙන තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒකනේ දියුණුවක් නැත්තේ...

      Delete
  15. මම දාපු කමෙන්ට් එක නෑ......උලතියනව මම ඔයාව..........

    ReplyDelete
    Replies
    1. ස්පෑම් එකේ නෑ නෙව.. සිත්තමියො..

      Delete
    2. සිත්තමි ඒක තිබ්බේ නෑ.. උලතියන්න අවශ්‍ය නෑ.. හැක්..

      Delete
  16. මම නම් කිසිවකට නැකත් බලන්නෙ නැහැනෙ දේශකයෝ. නමුත් කෙනෙක් බලනවට විරුද්ධත් නැහැ. ගෙවල් හැදීම ගැන අත්දැකිම් නැහැ. මම ගෙයක් හදලත් නැහැ. දෙපැත්තට කකුල් තියාගෙන මම ඉන්නෙ කොයි පැත්තට වැටෙයි ද කියලා මමවත් දන්නෙ නැහැ. එහෙම එකලාසයක් වුනොත් දුව ගෙයක් ගනියි.

    ReplyDelete
    Replies
    1. එහෙම හොදා. හැබැයි වෙද මත්තතයා පෝස්ට්කටුව හරියට කියවල නෑ කියලයි හිතෙන්නේ. මොකද මම නැකැත් ගැන කතා කරේ නැති නිසා

      Delete
  17. //අපිට කරන්න ඕන දේ අපි ඒ කාලෙටයි කරන්න ඕන//

    මේ කතාව මගේ කන ලගිනුත් ගියා.ගෙවල් ගැන නොව්නත් මේක හැම දෙකටම අදාලයිනේ.ඒ උනාට මේක කරන්න හිත හදාගෙන ඉවසාගෙන ඉන්න එක හැමෝටම කරන්න බෑ.වාසනාව කියන්නේ එහෙම පුළුවන් නම්.

    ReplyDelete
    Replies
    1. ඔව් අර උඹත් කරේ සබ්කන්ට්‍රැක්ට් එකක් දීලා.. හැක්..

      Delete
  18. ලොකු ලොකු මුදලාලිලා වෙච්චි අයගෙ ඔය වගෙ පසු බිම තමා.
    මේ ලිපිය කියවද්දි ගිය සතියෙ පබිලිස් ලොක්ක මොකක්ද පත්තරේකට දීපු විස්තර මතක් උනා.
    කොහොමත් උත්සාහය සහ වාසනාව එකට තිබිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. එහෙම තමා කෙන්ජි.. ඔය දෙක එකට නොතිබ්බොත් හරියට එක රෝදයක් නැති බයිසිකලයක් වගේ.. අර වට්ටෝරුව එළ ආ.

      Delete
  19. ජීවිතේ හරියට සැලසුම් කලාම සාර්ථකත්වය ලේසියෙන්ම ලබාගන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. ඒක එහෙම තමා.. ඒත් මුකුත් නැති මිනිහෙක් කොහොමද සැලසුම් හදන්නේ.. අඩියෙන් අඩිය යනව මිසක්කා.. තැන්කුයි

      Delete
  20. හරිම ආදර්ශවත් ලිපියක්. ජීවිතේ හැම දෙයක්ම කරන්න කාලයක් තියෙනවා. ඒ වාගේම ක්‍රමයක් තියෙනවා. මේ අයියා අදහන්න වටිනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.. අයිය නං එළ බුවා..

      Delete
  21. ගෙවල් හැදිල්ලත් ඉඩං නඩු වගේ තමයි.

    ReplyDelete
    Replies
    1. අන්න හරි ඒක තමා නියම උපහැරණේ අපි වගේ ගෙවල් හදන උන්ට

      Delete
  22. දේශකයා, මගේ කමෙන්ට් එක ස්පෑම් වෙලා. අහුලලා තියාපං හොඳ එකා වගේ.

    ReplyDelete
    Replies
    1. හොද එකා වැඩේ කරා.. හැක්..

      Delete
  23. නිහාල්ගෙ කතාවේ ප්‍රධාන දේ ලෙස මා දකින්නේ
    ආත්ම දමනය
    තමන්ගේ භූමිකාව අඳුනා ගැනීම, එනම් ගෙදර වගකීම්වලට කර ගැසීම
    මහන්සිය නොබැලීම
    මාතලන් කිව්ව වගේ පොලවේ පය ගසා ජීවත් වීම, පැරණි මිතුරන් අත් නොහැරීම
    ජීවිතයේ සරල බව, කිසිම රස්සාවක් පහත් කොට නොසැලකීම
    ධනය සකසුරුවමින් පාවිච්චිය
    තමන්ගෙ හැකියාවන් ගැන විශ්වාසය තැබීම.

    උපයනවට වැඩියෙ අමාරුයි ඉතිරිය කියනවනෙ, ධනයට ආදරය කරන්න අවශ්‍යයි. මෝඩ විදියට නොවෙයි. මොකද දන්නවද, අපිව රදල, වැඩවසම් ක්‍රමයෙන් ක්‍රමයෙන් ගලව ගත්තෙ ධනයයි.

    ඔබගේ කතා නායකය පහලට දමනව නොවෙයි, ලෝකයේ පලමු ධනවතුන් අතර සිටින
    අමෙරිකානු බිලියන් පති වොරන් බෆට් මේ වගේ පුද්ගලයෙක්, ප්ලේන් කොම්පැනි තිබුනත් තවම ඉන්නේ මුල්, කාමර තුනේ සාමාන්‍ය ගෙදර, කාරෙක එලවන්නෙ තමුන්මයි,
    ආස්සරේ කරන්නේ එදා හිටපු යාලුවො ටිකමයි.

    වොරන් බෆට් ගෙ කියුම් බොහෝ අය අගය කරනව
    එකක් තමයි,
    "තමනට් වඩා හොඳ යව ආස්සරේ කරන්න
    එතකොට අපිව ඒ හොඳ පැත්තට ගහගෙන යනව.'

    one more
    Price is what you pay. Value is what you get.


    It's better to hang out with people better than you. Pick out associates whose behavior is better than yours and you'll drift in that direction.
    Warren Buffett

    සයිලන්ට් සහන්, තිසර, කියනව වගේ මායියත් හොඳ වෙන්න ඕනෙ, වාසනාව කියන එක නම් ඉතින් නොමැරි ඉන්නත් තියෙන්න එපායෑ;

    මාත් මගේ බ්ලොගයේ කලින් ලියලා තියෙනව, 'පෝසත් වෙන හැටි', 'පාස් උනොත් නංගිල ලකී නැත්නම් ජුකී', යන මාතෘකා යටතේ මීට සමාන දේවල්.

    දාස සමූහ ව්‍යාපාරය, නවලෝක සමුහ ව්‍යාපාරය, ගොඩගේ පොත් තව ලෝකල් උදාහරන කීපයක්.

    අවසානයට යමක් කියන්න අවශ්‍යයි.
    මේ බොහෝ අය ආදායම් බදු ගෙවීම වංචා කල අය.
    දක්ශයා කරන්නේ ඒ ඒ තත්වයන් තමාගේ වාසියට පාවිච්චි කිරීමයි.
    ඉතින් ඒකෙ වැරද්දක් දැකිය හැකිද?

    ReplyDelete
    Replies
    1. අගනා කොමෙන්කටුවක්.. මාත් වොරන් ගැන කියවල තියෙන හින්දා ලියන්න හිතාගෙනයි ඉන්නේ.. ස්තුතියි දයල්.

      Delete
    2. දේශා මෙතැනදී කියන්න දෙයක් තියේ වොරන් ගැන..ඒ තමයි මනුස්සයගේ වාසනාව..ශෙයාර් ෆීල්ඩ් එකේ මාත් ඉන්නවා..ඒත් වොරන්ගේ කියුම් කෙරුම් වලින් ශෙයාර් හැන්ඩ්ල් කරන්න බැහැ... ඒක පැහැදිළිවම ස්ටාර් එක කැරකීම මචන්..

      කුළි වැඩ කරන මිනිස්සු ළඟ අපිට වඩා කැපවීම , දුක් විඳීමේ හැකියාව , දරාගැනීමේ හැකියාව , ඕනේ දේකට බය නැතුව බැසීමේ හැකියාව , කොන්ද කෙළින් තියා ගැනීමේ හැකියාව තියෙනවා..

      ඒත් එයාල කුළි වැඩ හැමදාම ..කොතනද වැරදුණේ ඒ මිනිස්සුන්ට..?

      අන්න ඒ ගැන හිතන්න ...

      Delete
  24. http://www.facebook.com/photo.php?fbid=198093820344237&set=a.103912089762411.9394.100004308602007&type=1&ref=nf

    ReplyDelete
    Replies
    1. රායිටේ මචෝ දැක්කා.. තැන්කුයි..

      Delete
  25. මම මේ තකහනියක් ආවේ ෆලෝවර්ලා ගැන කියන්න එහෙම නෙවේ..අර මානෙල් ළමයාගේ බ්ලොගේ හොයාගන්න බැහැ නෙව මට...

    ReplyDelete
    Replies
    1. http://gimannivannie.blogspot.com/2013/05/orchid-which-befriended-aunt-henriyata.html

      Delete
    2. තැන්කුයි ඔයාට...

      Delete