Friday, April 5, 2013

පිස්සු බුවෙක්!! (සිතුවිලි බුවා නොවේ)


මම ඉස්සර හෙන බුවෙක්ය. ඒ කාලේ මට තිබුනේ කෙලි පැටික්කි පිස්සුවය. ඒක හොද කරගන්න බැරි උන මට විභාග පිස්සුවද ඇති විය. පසුව විභාග බියද ඇති විය. 

මෙසේ කල් ගත වෙද්දී මට ඇති වු පිස්සුව වන්නේ සර්කිට් පිස්සුවය. කොයි ලෝකේ තිබුනත් ස්ර්කිට් පොත් හොයාගෙන ඇවිත් අයිසී, රෙසිස්ටර්, ට්‍රාන්සිස්ටර්, ඩයොඩ්, වයර් කෑලි ගෙන එක එක විජ්ජුම්බර සර්කිට් හදන එකය, හොදම පිස්සුවක්ය. ඒ දවස් වල නැගලම ගියේ නයිට් රයිඩර් ලයිට් පේලිය හැදීමය. ඒකටත් පසුව බුදුරැස් ලයිට් වැල් හදන්නටත්, වෙසක් එකට එල්ඊඩී බල්බ් වලින් රෙසිස්ටර් අරගෙන වයර් ඇද ගේ වටේ ලයිට් වැල් අදින්නටත් පිස්සුව තදම විය. ඒ පිස්සුව එසේම තිබියදී, මට ඇන්ටෙනා පිස්සුවක් හැදුනේය. ඒක එසේ මෙසේ ඇන්ටනා පිස්සුවක් නොව උතුරට වහින කාලයට අපට දුරදර්ශන් බලන්න හැකි පරිදි පැරබොලික් ඇන්ටනාවක් හදන්නටය. එස්ලෝන් බට අරව මේවා, ඇලුමීනියම් යකඩ තහඩු ගෙන දත විකාගෙන තඩි පැරබොලික් ඇන්ටනාවක් හැදුවත් අහුවෙච්චි දුර්දර්ශනයෙක් නැත්තේය. ඒක වත්තට විසික් කොට වීඑච්එෆ් නිකං ඇන්ටනාව දමා ටීවී බලද්දී, මෙන්න බොලේ ටියුං කරන විට කරුමෙට දුරදර්ශන් ලාවට පේනවාය. අර ලඩියට වියදං කොරපු සල්ලි මතක් වී ආපු සන්තෝසෙට එවෙලේම ගොස් වත්ත පුරා විසිරෙන ලෙස ඒකා කුඩේ කුඩු කර දැම්මේය. මොනා උනත් ඒකෙන් එක දෙයක් ඉගෙන ගත්තේය. බැරබොලික් ඇන්ටනාවට ඒ දවස් වල කළු සුදු ටීවී තිබ්බ අපි පාවිච්චි කළ පටි ඇන්ටනා වයරය ගැලපෙන්නේ නැති බවය. ඒක තේරුං ගත්තාම ඇතිය. ඊට එහා යන්නට තවත් සල්ලි තිබුනේද නැත. ඒත් පිස්සුව හොද උනේද නැත.

සබීතාගේ මුණට තිබූ මාගේ ඒකපාර්ශ්වික ප්‍රේම පිස්සුවට පින්සිදු වන්නට, පාරේදි දැක්ක සබීතාට ටිකක් අහලින් යන නෑම්ඹියෙක්ගේ මූන දැකීමෙන් මාගේ කෙලි පැටික්කි පිස්සුව නැවත ඇති වී උත්සන්න විය. පිස්සුව කොයි තරං ද යත්, ලොවෙත් උදේ පහට අවදි නොවෙන දේශකයා, පාන්දර පහට අවදි වී, එක්සයිස් කොරන්නට ග්‍රවුන්ඩ් යනවා කියා අම්මා රවටා, අර නෑම්ඹිය ඉස්කෝලේ යනවා බලන්නට බයිසිකල් කටුවෙන් ගාටන්නේය. ඒ අතරේ එක්සයිස් පාරක්ද ලාවට දාගෙන කෙල්ල එන්නට වෙලාව ඇත්නං ඉස්ටේසම ළග ඇති කැද ලෑල්ලෙන් කැද වීදුරුවක්ද සීනි හකුරු කෑල්ලක් සමග හලා ගන්නේය. ඒක නං හෙනට ඇගට පනකද එන බීමක්ය. අපේ මහ වෙදනලා ඒවා හදන හැටි අපට කියා දෙන්නේද නැත. ඒක නිසා කවුරු හෝ හදලා දුන්නොත් පමණක් බොන්නේය. නැත්නං නිකං ඉන්නේය. ආ.. මට කැද පිස්සුවක්ද ළාවට තිබුනේය. ඒ අර නෑම්ඹිය සමහර දවසට මා කූජීත වෙන තරං පරක්කු වී ඉස්ටේසමට එන නිසාය. 

ඔය කෙලි පිස්සුව යාන්තං හොද කරගන්නට ලියුං කරදහි ලිව්වේය. අන්ඩර්වර්ල්ඩ් ගේම් ගැහුවේය. කැමතියි අකමැතියි සෙයියාවක් දුටුවේය. එහෙත් කැමති විත්තිය හොදටම දැන ගෙන හිටියේය. ඒ හන්දා ෆලෝ පාර එළටම දුන්නේය. මා දත කා ලියු පෙම් හසුන තාප්පයක් උඩ තබා දුවන විට පන්තියේම ඇඹලයෙක් ඒක අරගෙන මගේ චෑන්ස් එක නැති කොට මා නැතිභංගස්ථාන කොට දැම්මේය. ඒකා සමග ආ තරහ කියල නිම කරන්නට බැරිය. ඌට වගේ ගොං පිස්සුවක් මට නොතිබූ නිසා කෙලි පිස්සුව ටික දවසකට හොද කරගත්තේය. නැතහොත් නෑම්ඹිය මට කැමති උනේය. මම සුරලොව දොර ගාව කිහිප දොහක්ම ගත කලේය. ඔය අතරේ ද කෙලි පිස්සුව තිබුනේය. ඒක වෙන වෙන පැති කරා දිව්වේය. පෝය දා රෑට පන්සල් ගානේ හොල්මන් නෑම්ඹියන්ටද අසුවුනේය. ඒ ගැන පස්චත්තාප වි හිටියේය. හිටි ගමන් කවියක් ලියා ඒ පිස්සුවද හොද කර ගත්තේය.

ඔය විභාග පිස්සුව ඔළුවට ගැසුවේය. විභාගයට දින නියම උනේය. ඒක නිසා අනෙක් පිස්සු වලට ආගිය අතක් නොමැති වන්නේය. ඒකායන බලාපොරොත්තුව ඩී අටක්ම ගැනීමය. ඒක නිසා පස්ස උඩ තියාගෙන මාස දෙකක්ම පාඩං කොලේය. පාඩං කොලේය. පිස්සු ද හැදුනේය. නින්දෙන් ඉලක්කං ඇවිත් මට කොචොක් කරන හීන ද දුටුවේය. එකේ ඉලක්කම වරක් හෙල්ලයක් වේසෙන් පැමිණ මා ගෙල බින්දෙය. අටේ ඉලක්කම මට මාංචු දැම්මේය. හයේ ඉල්ක්කම මාව බාල්කයේ එල්ලුවේය. මා මැරුනේ නැතිය. ඒවා හුදු හීන පමණක්මය. ඒකේන්ම විභාග පිස්සුවේ හැටි තේරෙන්නේය. 

පිස්සුව තද වෙන්න ඔන්න මෙන්න කියා තියෙද්දී විභාගය ලිව්වේය. ඔක්කෝම ලිව්වේය. මාර සන්තෝසෙකින් ගෙදර අවේය. ඒ ආපු දාම බේබදු පිස්සුව ගැසුවේය. එදා රෑම අම්මාට කනිපින්දං කියා පන්සියක් හදි ගහගෙන ගොස් කොල්ලන් සමග බේබදු පිස්සුව ඇරඹුවේය. එළි වෙන කං බිව්වේය. වැල්ල පුරා කබර දමා දමා නිදා ගත්තේය. රෑ දෙකට පමණද යාන්තං ඇස් දෙක ඇරිය විට බෝතල් කාලක් පමණ අත පොවන මානයේ තිබී කටට හලා ගත්තේය. ඒකෙන් මස්තබාල්දු වී ගියේය. පහුවදා උදේ මිත්තරයෝ ටික මාව උස්සගෙන මුදට දමා නවා යාන්තං වත්තං කොරගෙන අවුත් නාවා දෙහි ගා ලෙමනේඩ් පොවා පියවි සිහිය ගත්තෝය. ඒකෙන් මේකෙන් දවස් තුන හතරකට බේබදු පිස්සුව හොද විය. 

මිත්තරයන්ගේ මළ ගෙවල් පිස්සුවක් ඊළගට ආවේය. ගමේ මරණ හතේ කතාව ඇත්ත උනේය. එක දිගට සති ගානක් මළ ගෙවල් වල නිදි වැරුවේය. බිව්වේය. ඒ දවස් වල ගාන අඩු නිසා මළ ගෙවල් වල බ්‍රිස්ටල් දුන්නේය. අපටද සල්ලි නැති නිසා යාන්තං බ්‍රිස්ටල් පැකට් එකක් දෙකක් උස්සා සැනසුනේය. තාප්ප උඩ, බෝක්කු උඩ බ්‍රිස්ටල් එක දෙක පත්තු කලේය. දවස් දෙක තුනක් මේක කොරද්දී බ්‍රිස්ටල් පිස්සුවක් අවේය. විනාඩි විස්සකට තිහකට සැරයක් බ්‍රිස්ටල් එකක් නොබීම බැරි වෙන තරම ට පිස්සුව තද උනේය. කොල්ලන්ට කනිපින්දං කියා උංගේ මළගෙවල් වල මාමලා, අයියලා අන්දා බ්‍රිස්ටල් පැකට් ගත්තේය. එක හුස්මට බිව්වේය. මට වගේම තව දෙතුන් දෙනෙකුටම බ්‍රිස්ටල් පිස්සුව ගැසුවේය. ඒත් ඒකේ කප් එක ගත්තේ මමය. මුළු වීදිය පුරාම බ්‍රිස්ටල් බ්‍රිස්ටල් නමින් මා හදුන්වන්නට ගත්තේය. අවුරුදු විස්සක් පමණ අතීතය පරණ වුවද, ඉද හිට වීදියේ පරණ බුවාලා මා දුටු විට බ්‍රිස්ටල් යැයි ආඩම්බරයෙන් ආමන්ත්‍රණය කරන්නේය. තනියම යන නිසා හොදය. පවුල පිටින් ගියානං කන්නට වෙන්නේ වහය. ඒක ඒ තරංම පිස්සුවක් වූවේය. 

අම්මාගෙන් නොසෑහෙන්න ගුටි කා, දොරවල් වසා කාමරේ තබා, වේල් දෙක තුනක් කන්න නොදි තියා, කාමරේ ඇර ආදරයෙන් වටහා දුන්නාට පසුව බ්‍රිස්ටල් පිස්සුවට තිත තිබ්බේය. අම්මාද ආඩම්බර වුවාය. බේබදු පිස්සුවට ද එසැනින්ම තිත තිබ්බේය. ඒ විදියට අම්මා උජාරුවෙන් මම එයාගේ පුතා බවත්, මේ මුළු ගමේම එයාගේ පුතා තරං ගුණ ගරුක පුතෙකු නොමැති බවටත් හැමෝටම පාරම් බෑවේය. ලැජ්ජාවට ඉවසා ගෙන හොද ළමයෙක් උනේය. ඒක නිසා ගමේ උන්දැලාද දේශක කොලුව හරිම සත්ගුණවත් (සිරා?????) එකෙක් බව ප්‍රතිරාවය කලේය. ඒක නිසා මට ගමේ හෙන ගැම්මක් තිබ්බේය. ආසාව තිබ්බත් අර පිස්සු දෙක කොරන්නට විදියක් තැති වන්නේය. එහෙම හිතුවාම වැරදිය. අවුරුදු දෙකකට වඩා ඉවසා ඉන්නට බැරි විය. හොරෙන් හොරෙන් ලාවට පිස්සුව පටන් ගත්තේය. පහු පහු වෙන කොට ජයටම පිස්සුව හැදුනේය. ගමේ මට තිබු තත්වය නැති උනේය. ඒක වලපල්ලට ගියේය. දේශක කොලුවා පජාත වුවේය. ඒ මදිවාට අනේ කිව්වට හරිද මන්ද, නොසන්ඩාලයෙකු ලෙස හංවඩුද ගැසුනේය. ඔය අල්ල පනල්ලේ විස්සවිද්‍යාලෙට තෝරන විභාග පිස්සුවද ඇති උනේය. කොයි තරං පිස්සු තිබුනත් ඒක නං ගොඩ දාගත්තේය. මම පිස්සා උනත් කටපාඩං කොරන දේට පිස්සෙකු නොවන්නේය. ඒක නිසා ගොඩ ගියේය.

ඔය පරණ පිස්සු නිසා ඉද හිට මට තාම පිස්සු හැදෙන්නේය. ඒත් හිරේ දැම්මාට පසුව කෙලි පැටික්කි පිස්සුව ස්වයංක්‍රීයවම හොද විය. පිස්සුද?? ඒ පිස්සුව ගොඩ එන්න බැරි විදියටම යටට ගිහිල්ලාය. දැං පැටික්කියෝ පනහක් එක්ක උනත් සතියක් දෙකක් මේකා තිව්ව හැකිය. මේකාට මුකුත් වූවත් මේකා අතින් කාටවත් වරදක් නොවන්නේය. නෝටි පෝට් වෙන විට වෙන දේ දැම්ම කිව නොහැකිය. නෝට් පෝටිද පට්ට පිස්සුවක්ය. ඒක හැදිච්චි උන් තනිකර පිස්සු කෙලින්නේය. ඒවා බලා අපටද පිස්සු තද වෙන්නේය. අනේ අනිච්චං කියවෙන්නේය. අපටද ඕක ම වේදැයි කියන්නට නොදන්නේය. ඒක නිසා කටවහගන්නේය. අනෙක් පිස්සු නං තාමත් ලාවව තියෙන්නේය. ඒවා කවදාවත් හොද වෙන්නේද නැතිය. බෙහෙත්ද නැතිය. බෙහෙත් තිබුනත් ගන්නේද නැතිය. මාගේ අනන්‍යතාවය ඒ පිස්සු නිසා රැකෙන්නේය. ඒ නිසා ඒ පිස්සු වල මං කැමතිය. ඔය ගොල්ලා මොනා කිව්වත් මට පාන්ද???

මට හැදිච්චි බ්ගොග් පිස්සුව ගැන කතා කිරීම වැඩක් නැත්තේය. ඒ බව හැමෝම දන්නවාය. ඒත් මගේ බ්ලොග් කටුවේ ඇනෝ ඇවිත් උත්තර ලියන ඇනෝ දේශකයාත් මා වගේම පිස්සෙක්ය. ඒකාට වැඩ නැතිය. ඒකට මං මක්ක කරන්නද? ඒත් මාවම කන්නේය. ඌට පිස්සුය.

හුටා... මාතලං දැක්කොත් මට කෙලින්නේය. කන හරහා ගහන්නේය. පස්සෙන් එළවන්නේය. තෝම්බුව එළටම දෙන්නේය. නිකමට ට්‍රයි කොරලා බැලුවේය. මං හරි ආසම ලියන විදිය මාතලංගේය. කියවන්න කියවන්න ආසා ඇති වන්නේය. ඒක නිසා කනගාටුවෙන් උනත් මංකොල්ලකාරයාගේ ශෛලිය මං+කොල්ල කෑවේය. ඒක මට හෙන ආතල්ය. මාතලං ටද ආතල් විය හැක. ඒ නිසා දුකක් නං නැත්තේය. ගැහුවත් ඉවසන්නේය. ඒකා මට සප් එක දුන් හොද එකාය. නරුමයා වගේ උනත් හිත හොද එකාය. මම යන්නේය. කියන්නට තියෙන දෙයක් ඔය යටින් කොටල යන එකක් ඇත්තේය. අනේ මන්ද මම මේක මොකට ලිව්වාද කියා තාම නොදන්නේය. ඒක නිසා මේක මඤ්ඤං දේශනයක් වන්නේය.

80 comments:

  1. 1. වල මාමලා, අයියලා අන්දා බ්‍රිස්ටල් පැකට් ගත්තේය. එක හුස්මට බිව්වේය. මට වගේම තව දෙතුන් දෙනෙකුටම බ්‍රිස්ටල් පිස්සුව ගැසුවේය. ඒත් ඒකේ කප් එක ගත්තේ මමය. මුළු වීදිය පුරාම බ්‍රිස්ටල් බ්‍රිස්ටල් නමින් මා හදුන්වන්නට ගත්තේය. අවුරුදු තිහක් පමණ අතීතය පරණ වුවද, ඉද හිට වීදියේ පරණ බුවාලා මා දුටු විට බ්‍රිස්ටල් යැයි ආඩම්බරයෙන් ආමන්ත්‍රණය කරන්නේය. තනියම යන නිසා හොදය. පවුල පිටින් ගියානං කන්නට වෙන්නේ වහය
    2, නෝටි පෝට් වෙන විට වෙන දේ දැම්ම කිව නොහැකිය.
    තාම හතලිහක් නැ.. එතකොට ඔය අවුරුදු තිහකට ඉස්සර බ්‍රිස්ටල් බිවුවෙ දනගාන කලෙද දේශෝ ?

    ReplyDelete
    Replies
    1. තැන්කුයි වේවා සරා අයියේ ගාන හදල දුන්නට.. මට ගණනං බැරිව වැරදිලා නෙව ඒක.. හදංඥඥං හොදේ.. උම්මා...

      Delete
  2. මේ පෝස්ටුව හරියටම දයල් බතී ලියන එකා ගැන ලිව්ව වගේය. බැලුවහම ඔබ හොඳය.

    ReplyDelete
    Replies
    1. මීට වඩා නරකය. ඒවා කීමෙන් මා නොව ඔබලාටද ඉස්පෙසල් පිස්සු තද වෙන්නේය. දයල් බතී කිවිදුන්ද පිස්සෙක් බව දැන ගැනීම මේ පිස්සාට ඉමිහිරි සැපතක් වන්නේය. දයාල් බති ලියන එකා බලන්ට කාලෙකින් එන්නට බැරි විය..

      Delete
    2. කිවිඳු යන ආමන්ත්‍රණය
      යෙදීමම කෝචොක්ය
      නොමිලේම
      වෘශභයාට මේක් අප් දැමීමක්ය
      එසේනම්
      බයිලා කාරයන්ව ආමන්ත්‍රණය
      කෙසේද කියනු මැන දේශකය

      Delete
    3. හෙහ්.. කිවිදුන්ට කිවිදුට නොකියා වෙන මක්කා කියන්නද? බයිලා කාරයන්ද එසේමය.. හැක්..

      Delete
  3. තෝ බ්ලොගේ පැත්ත පළාතෙ එන්නැතිකොට අර අහිංසක ඇනෝ ඇවිත් කරන උදව්ව සුළුපටු එකක්ද යටිං දේශකයා කියලත් ලියල.
    ඌට බැණ අඬගහන එක හරිද මං කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. අම්මපා මටත් වෙලාවකට හිතෙනවා ඒ දේශකයට දෙකක් ඇනලා දාන්න. ඌ කීවානේ ගෙට්ටුවේ ආපු එවුන් පාරේ මොනවත් දැම්මේ නෑ කියලා. ඇත්තටම හැලප මචං කවුරු කවුරු උනත් ඔය බැන අඩගහන එකේ ප්‍රමාණයක් තියෙන්න ඕන.
      ඒ දේශකයා පෝස්ට් එකකට රිප්ලයි කරන්නේ ඌට ඕන වේලාවට. එතකන් අනිත් එවුන් හිටපල්ලාකො බලාගෙන,
      - දේශකයා

      Delete
    2. හරි බං හරි බනින්නේ ආදරේට නෙව.. හදාගන්ට නෙව... හැක්...

      Delete
  4. ඔක්කොම හරි ...හැබැයි පැකේජ් එක සම්පූර්ණ් වෙන්න නම් මල් පිස්සුවකුත් හැදිලා තියෙන්න ඔනේ ;)

    ReplyDelete
    Replies
    1. ගහන මල්ද කඩන මල්ද මචං.
      - දේශකයා

      Delete
    2. කරුමෙට ඔය එකක් දෙකක් දැක්කට ඒ පිස්සුව හැදුනේ නෑ නෙව බං...

      Delete
  5. // ආ.. මට කැද පිස්සුවක්ද ළාවට තිබුනේය. ඒ අර නෑම්ඹිය සමහර දවසට මා කූජීත වෙන තරං පරක්කු වී ඉස්ටේසමට එන නිසාය. //

    හැක්.. හැක්.. කැද බීලද කෙලි පැටික්කි පස්සෙන් ගියේ ???? :D :D

    ReplyDelete
    Replies
    1. ඔවු මචං, පෙනලකොළ කැඳ බීලා.
      - දේශකයා

      Delete
    2. හැක්.. හැක්.. එසේය එසේය..

      Delete
  6. දේශකය මේ පැත්තෙ හිටියනං මල් පිස්සුවටත් ඔය විදියටම ඇබ්බැහිවෙන්න පුලුවං.
    පුදුමයි බ්‍රිස්ටල් එකෙන් නැවතුනා. ඒක නැති උනානං ත්‍රී රෝස් අන්තිමටම බීඩියක් හරි ඇදල තමයි ෂේප් කරගන්න වෙන්නෙ.

    ඔය මුලිං කියල තියෙන සර්කිට්, ඇන්ටනා පිස්සුවනං ඒ කාලෙ ගොඩක් එවුවංට තිබ්බ.

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ තමයි මචං ඒ කාළේ. සිරාවටම අපේ කාලේ. දැන් කාළේ මෙලෝ රහක් නෑ.
      - දේශකයා

      Delete
    2. ඔව් ප්‍රසා.. ඔය පැත්තේ හිටියනං මගේ වලෙත් මල් හිටවලා.. හැක්... බොලාට විතරක් නෙමේ අපිටත් තිබුනා පිස්සු (හෙන ආඩම්බරෙන්)

      Delete
    3. මේ ඇනෝ කොමෙන්ට් එක මෙච්චරකල් කොහෙද බං තිබුණෙ. මං දැක්කෙ නෑනෙ. මං හිතුවෙ ඌට මාව අමතක වෙලා කියලයි.

      Delete
    4. නෑ ප්‍රසා මං හිතන්නේ ඕක ස්පෑම් තිබ්බ එකක් වෙන්න ඇති මම අද ස්පෑම් චෙක් කොරල දැම්මේ...

      Delete
  7. ඔතනින් මට තිබ්බේ සර්කිට් පිස්සුව තමයි තදටම ..
    කෙළි පැටික්කියෝ ගැන නම් එතරම් පැන්නුවේ නැහැ ..
    ඒ උනත් චේද 6 , 7 ක රචනාවක් ලියන්න තරමට
    කරුණු තියේ...

    නෝටි ෆොර්ටි සහ ගෝමර අතර සම්බන්දයක් තියේද
    කියල මම මේ බැලුවේ...

    ReplyDelete
    Replies
    1. අනිවා මම හෙවුවෙම ගෝමර
      - දේශකයා

      Delete
    2. හැක් ගෝමර පිස්සුවක් මට නැතෝ.. චීයා කබර සහන්... හැක්..

      Delete
  8. දැන් ඔබට ඇත්තේ මෙය කියවන අප බොහෝ දෙනෙකුට වැළඳී ඇති බ්ලොග් ලියන, බ්ලොග් කියවන පිස්සුවයි.

    (මංනං ඔය අරකය, මේකය, ය, ය, කියන ශෛලියට කැමති නෑ, මට හිතෙන්නේ පොඩි එකාගේ ලියුම කියවනවා කියලයි).

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම මචං. උඹ කියන පොඩි එකාගෙ ලියුමට මාත් කැමති නෑ. මම ට්‍රයි කරන්නෙත් කොමන්ට් දාන උන්ටයි, පොස්ට් දාන උන්ටයි ඒක තේරුම් කරන්න. කපන්න ඕන තැන සිරාවටම කපලා දානවා. ඕනම දෙයක් ලියපුවාම හොදයි කියන සෙට් එකට මමත් කැමති නෑ. කතන්දර ඔබේ බ්ලොග් එක පැත්තේත් මම එන්නද? එකෙනම් මට හුඟක් දෙශනා කරන්න තියෙන්නේ කොමන්ට් ලියන උන්ට විතරයි.
      - දේශකයා

      Delete
    2. සහතික ඇත්ත.. මට හරිම කනාගාටුයි ඔයා මේකට ලින්කටුව නොදාපු එක ගැන.. හැක්.. බ්ලොග් රෝගේ ගැන ලියාපු එක මං කිව්වේ...

      (හා.. ඔව් ඔව් මටත් හිතෙන්නේ පොඩි එකා ලියන එක වගේම තමා කියලයි..හැක්)

      Delete
  9. ඔය කොයි පිස්සුවත් එක එක වයසට ඇතිවන දේය. මට ඔය හැම පිස්සුවම තිබ්බේය. හැබැයි මත්වන පිස්සුව නම් ආවේ නැතිය. මාළු පිස්සුව ද කාලයක්ම තිබ්බේය. පොත් පිස්සුව නම් තාමත් සුව නැත.

    දේශකයා වෙනුවෙන්ම ලඟදීම කොළකැඳ විස්තර දෙන්නෙමි.

    ReplyDelete
    Replies
    1. පෙනල කොළ කැඳ අමතක කරන්න එපා. ඒකට තව කොල්ලු ටිකකුත් දාමු.
      - දේශකයා

      Delete
    2. හෙහ්.. එතකොට මට හයියෙන් කියන්න පුළුවන් ඔබතුමාට කොළ කැද පිස්සුව ඇති වෙලයි කියලා.. හික් හික්...

      Delete
  10. මේ දවස්වල දේශකයට තියන පිස්සුව මොකක්ද දන්නේ නෑනේද?

    මට නම් හොඳටම පෙනුනේ කෙලි පැටික්කියෝ එනකල් කැඳ බීපු පිස්සුව.

    ReplyDelete
    Replies
    1. හෙක් හෙක්, කුමාරිහාමිට එච්චර වයස නෑ නේදෝ!
      - දේශකයා

      Delete
    2. අයියෝ ඉතිං වෙලාව යනකං කැද එකක් හරි බොන්න එපායැ.. දැං තියෙන පිස්සුවද හැක්... බ්ලොග් පිස්සුව තමා ඉතිං ඔය කකත් ලෙඩේ අදුරගෙන තිබුනේ...

      Delete
    3. අමතක උනා ඔයාට වැම්පයර් පිස්සුව නේද

      Delete
  11. හප්පටසිලි සිලි මූට පිස්සු...

    ReplyDelete
    Replies
    1. උඹලා එලොව තරු පෙන්නන හින්දා තමයි මට පිස්සු.
      - දේශකයා

      Delete
    2. ඒ කියන්නේ බොටත් පිස්සු. මරේ මරු තරුවෝ...

      Delete
  12. පිස්සු කියන ජාතිය නොතිබුනා නම් අපි තාම කොළ අතු ඇඳගෙන සත්තු පස්සෙ පන්නනවා. ගෑණු අල හාරනවා.

    ReplyDelete
    Replies
    1. දැන් උඹ මොනවද කරන්නේ?
      - දේශකයා

      Delete
    2. ඕං මේ සමාන්තර විශ්වයේ හොදම අදහස.. හැක්...

      Delete
  13. මේ ගැන කියවන එද්දී දේශකයාගේ වයස ගැනත් ලාවට හිතෙනවා. :P

    ReplyDelete
    Replies
    1. වයස 22.25 ලාවට මොකද හොඳටම හිතා ගනින්කෝ...........
      - දේශකයා

      Delete
    2. ලාවට මොකටෙයි බං හරියටම හොයාගත්තෑකි නෙව.. හැක්.. සැන්ඩර් මලයා ආපු එක ලොකු සතුටක්... කාලෙකින්නේ...

      Delete
  14. බොට තිබුනු පිස්සු සේරෝම වගේ මටත් තිබුනේය.. දැනටත් තියෙන්නේය (විභාග පිස්සුව නං නෑ මයේ හිතේ)

    ReplyDelete
    Replies
    1. //බොට තිබුනු පිස්සු සේරෝම වගේ මටත් තිබුනේය..// අනේ නිකාං හිටහං මචං
      වචනේ අතීත කාලෙට හරවන්නේ නැතිව. සිරාවට මංතුමා කියන්නේ, උබටනම් බොල තවත් පිස්සු.
      - දේශකයා

      Delete
    2. එහෙනං බණ්ඩාද පිස්සෙක් බව තහවුරු වේ.. හැක්...

      Delete
  15. මටත් අර සර්කිට් පිස්සුව ටිකක් තිබුන. බලාගෙන ගියාම අනෙක් ඒවාත් තිබිල නැත්තේම නෑ. :D

    දැන් නම් බ්ලොග් පිස්සුවක් තියනවා.

    ReplyDelete
    Replies
    1. බලාගෙන මචං වයර් මාරුවෙලා බොලාටත් පිස්සු තද වෙයි.
      - දේශකයා

      Delete
    2. ඔව් ඔව් බ්ලොග් පිස්සුවනං තද වෙලා විත්තිය මටත් පේනවා.. හැක්..

      Delete
  16. මේක කියවද්දී මට මතක් වුනේ මගේ පිස්සු.කියලා වැඩක් නැහැ මටත් තාම එක එක පිස්සු තියෙනවා.දැන් දේශකයාගේ වයස හතළිහක් විතර වෙනවා කියලා මට හිතුනා! ඒක ඇත්තද?

    ReplyDelete
    Replies
    1. අඩෝ අපහාසෙට නඩු දානවා. මගේ වයස උඩ ඇති. ආ මට අමතක කර්තාහේ. මඩ්ස්සලේට පිස්සු ඩබල් නේ.
      - දේශකයා

      Delete
    2. චික් විතරක් මේකා නමටවත් ගණන් පන්තියකට ගිහිල්ල නැද්ද කොහේද.. හැක්... උඹට ඉතිං පිස්සු නැත්නං අපිට පිස්සු වෙන්න ඕන.. හි හි

      Delete
  17. පිස්සන්ගෙත් පිස්සෙක් හැබැයි ලෝක පිස්සෙක් වගේ..
    අදමයි ආවෙ මං ඒත් බැලුවා පිස්සන් කොටුවද කියලා

    ReplyDelete
    Replies
    1. නිශීට අද ඉදලැයි පිස්සු. අප්‍රේල් 01 ද Profile එකක් හදා ගත්තේ.
      - දේශකයා

      Delete
    2. වෙල්කම් වේවා පිස්සන් කොටුවට.. ඔයාට පිස්සුම හැදි මේකේ දිගටම එන්න පිස්සුව තද වේවා..

      Delete
  18. පුදුම පිස්සු ගොඩාක් නේ මේ. මේවා හැම එකෙකුටම පොදු ද කොහේද? අපේ ගෙදරත් ඔය ඉන්නෙ පිස්සො තුන් දෙනෙක්ම. මේ ටිකේ එකෙකුට Iෆෝන් පිස්සුව වැළඳී ඇත.

    ReplyDelete
    Replies
    1. මෙකෙ කොමන්ට් කරන එකාලා එකීලා පිස්සුවයි උණයි දෙකම පටලවාගෙන.
      - දේශකයා

      Delete
    2. අනේද කියන්නේ පිස්සු නැත්නං ලෝකයක් නෑ නෙව... සෑහෙන කාලෙකින් දැක්කම සන්තෝසේ බැරුවා...

      Delete
  19. මා නැති අතරේ දේශකයාට පිස්සු තද වී ඇත.ඒ දැක මට දුකක්ද ඇතිවිය..................

    සිගරට් තරම් ‍මේ ලෝකේ ජරාවක් තවත් නැත. පිළිකුලෙන් යුතුව සිගරට් හෙලා දකිමි. හැමදාමත් කථා විලාශයට ආස සිත්තමී හැමදාමත් මෙහි එන්නේය......

    ReplyDelete
    Replies
    1. ඔබේ දුක දැක මගේ පිස්සූව පැතැලිව තුනී වී ගියේය. මෙතුමා ගැන හුඟක් ආඩම්බරයි වාගේ. මට ලිපිනය දුන්නොත් තව තව දෙවල් ආඩම්බර වෙන්න ලියලා එවනවා.
      - දේශකයා

      Delete
    2. මේ සිත්තමී හින්දා මටද පිස්සුවක් ඇති විය එනම්.. තාගේ බලගය අපිට එන්නට බැරි වෙන්න බ්ලොක් කර තිබෙන පිස්සුව නිසාය..හැක්

      මාර සතුටුයි ඈ මේ පැත්තේ ආපු එකට....

      Delete
  20. පිස්සු ඩබල් බං.. දේශකයො ඩබලයි....

    මට තිබ්බෙ සර්කිට් පිස්සුවයි,මාලු පිස්සුව, කෙල්ලො පිස්සුව, කොම්පීටර් පිස්සුව... දැං ඔය එකක්වත් නෑ

    ReplyDelete
    Replies
    1. //පිස්සු ඩබල් බං.. දේශකයො ඩබලයි....//
      මේක තමයි මචං මගේ බ්ලොග් ලිවීමේ අළුත්ම කලාව.
      උඔටත් ඉස්සර තිබිබ සර්කිට් පිස්සුව හන්දා IC එකක් ගිහින් වගේ.
      - දේශකයා

      Delete
    2. දැං උඹට පිස්සු නැත්ද.. මචං හෙනං බොට හොදටම පිස්සු.. හැක්..

      @ ඇනෝ දේශකයා.. ඔන්න පුතේ ඔය විදියට ක්වෝට් කොරල උත්තර දෙන්න ගියොත් නං තෝ අහුවෙනවා අනිත් උන්ටත්...

      Delete
  21. පිස්සු නැත්තේ කාටද අප්පා.. අපි හැමෝම පිස්සොනේ.. අදනෙ දන්නේ දේශකයෝ දෙන්නෙක් බ්ලොග් ලෝකේ ඉන්නවා කියලා... මටත් දැන් ටිකක් විතර මඤ්ඤං වගේ ඈ..

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි බං චින්තා, පොස්ට් එකක් හැමදාම එකම විදිහකට ගෙන්න බෑ. වෙනසක් එපායෑ.
      - දේශකයා

      Delete
    2. හැක්... නියම දේශකයා හා නිකං දේශකයා.. බලං ගියාම මමද කොහේද නිකං දේශකයා.. හැක්...හැක්...

      Delete
  22. දේශකයෝ මට ද ඔය පිස්සු ඔය ආකාරයෙන්ම ඒ ඒ වකවානුවල තිබුණේය.දැන් මේ බ්ලොග් පිස්සුවය. ඒ වගේම ඔබ සිතුවිලි බුවාට බියයි නේද? හැක් හැක්...ඒකනේ හෙඩිම අර විදියට දැම්මේ.. අනික මේ කමෙන්ට් වලට උත්තර ලියන්නේ ඔබද හොර ඇනෝවෙක් ද මොකා වුණත් ඌ හොඳ එකෙක් හැඩයි.

    ReplyDelete
    Replies
    1. බලහං බං නලීන් මම මේ ඔරිජිනල් එකාට දැන් දවස් කීපයක්ම දුන්නා. තවම ඌ හැදිලා නෑ. මංතුමා ම යි රිප්ලේ කරන්නේ. ඌට උගේ පාඨකයෝ ගැන කිසි තැකීමක් නෑ. හැබැයි ඌ අනිත් ඒවාගේ ගිහින් පොර ටෝක් දෙනවා. මේ අටමගලේ ලියන දේවල් කියවන එකාලා එකීලා ගැන මම තමයි උදේ හවස බලා ගන්නේ. තව ටික දොහක් කල් දෙන්ඥංකෝ.
      - දේශකයා

      Delete
    2. හේ හේ.. සිතුවිලි බුවාට බය.. හැක්.. පිස්සුද... අනේ නෑ ඔය ඇනෝ දේශකයා හොද එකෙක් තමා.. හත්ඉලව්වේ නලියෝ උඹ හිතං හිටියෙත් මම ඇනෝ ඇවිත් උත්තර දෙනවයි කියලද.. හැක්...

      Delete
  23. මොනවා වුනත් හැම කෙනෙකුටම එක එක වයසෙදි එක එක විදියේ පිස්සු හැදෙනවා ඒක ස්වභාවිකයිත අපිත් එහෙමයි. ඒත් ඉතින් ඒ පිස්සුව ඉවර වෙනකොට තව පිසුසවක් මේක නවතින්නේ මැරුණාම.

    ReplyDelete
    Replies
    1. ඔව් අප්පා අන්තිමට මැරුනම අනිත් අයට පිස්සු හැදෙනවා..

      Delete
  24. මං හිතං හිටියේ උඹ හරි හොඳ පොරක් කියල බං.. බලං ගියාම උඹ මහ නැහැදිච්ච පිස්සෙක්නෙ... උඹලා හොඳයි කියලා හිතං අඉන්න අපිටයි පිස්සු...

    හ්ම්ම් එතකොට අපි දෙගොල්ලන්ටම පිස්සුද? හ්ම්ම්ම් ඕව හිතල නිකම් පිස්සු හදා ගන්නෙ මොකටද?.

    ReplyDelete
    Replies
    1. හැක්.. හැක්.. උඹලට පිස්සු නිසා නෙවද අපි හොදයි කියල හිතං ඉන්නේ.. ඒකම මදෑ බොලා පිස්සොයි කියන්න.. හෙහ් හෙහ්.. මචෝ මොකක් හරි එකක් කොටා දාපං දැන්.. ඉවසුවා ඇති...

      Delete
  25. // දැං පැටික්කියෝ පනහක් එක්ක උනත් සතියක් දෙකක් මේකා තිව්ව හැකිය. මේකාට මුකුත් වූවත් මේකා අතින් කාටවත් වරදක් නොවන්නේය.//

    අනේ පවු, අපේ මහා වේදනාගෙන් වත් බෙහෙතක් ඉල්ලා ගනින්.

    ReplyDelete
    Replies
    1. හෑ බං ඒවටත් බෙහෙත් තියෙනවැයි.. මරු නෙව..

      Delete
  26. Replies
    1. මේ කොහේද යන පිස්සෙක් නේ... හැක්...

      Delete
  27. අනෝ දේශෝ අපි කරමුද සංවාදයක්. කැමතිනම් කියපිය.

    ReplyDelete
    Replies
    1. ඔය එක එකා පිස්සු බුවාලා එක්ක වාද කොරංඥ සිරාවට කැමතියි යකෝ. හැබැයි මෙතන සෙට් වෙන්නේ නැතුව කියාපිය තොගෙ වත්ත කොහෙද කියලා. එතන්ට මංතුමා එන්ඥං.
      - දේශකයා.

      Delete
    2. මේ මේ උඹලත් එක්ක වාද කරල පිස්සු හදාගන්න මට පිස්සුවක් නෑ.. පිස්සු කෙලින්නැතිව හිටහල්ලා මේ ඉන්න ටිකේවත්...

      Delete