එක්තරා කාලෙක හරිම ලස්සන දුවෙක් හිටිය අසරණ දුප්පත් මෝල් හිමියෙක් උන්නා. දවසක් ඔහු රජතුමා ගාවට උවමනාවෙන්ම ගිහින් කිව්වා “මට දුවෙක් ඉන්නවා.. එයාට පුළුවන් පිඳුරු අඹරල රත්තරං බවට පත් කරන්න“ කියලා.
“ආ.. ඒක මං අහන්න ආස විදියේ වැඩක්. තමුන් කියන විදියට තමුන්ගේ දෝණියන්දැට ඔය වැඩේ කරන්න පුළුවන් නං.. හරි හෙට උදේ මා හමුවට පමුණුවපං. එතකොට මං ඒක පරික්ෂා කරල බලන්නං“ කියල රජතුමා අණ කරා.
ඉතිං පහුවදා අර මනුස්සයගේ දුවව රජතුමා හමුවට ඉදිරිපත් කරාට පස්සේ රජතුමා එයාව පිඳුරු පුරෝපු කාමරයකට එක්ක ගිහිල්ල, ඇමරුම් අත් යන්තරයකුයි රත්තරං නූල් ඔතන්න හිස් නුල් බෝලයකුයි දීලා මෙහෙම කිව්වා. “හ්ම්. දැං වැඩ පටන් ගන්නවා. තමුන්ට හෙට උදේ පාන්දර වෙන කොට මේ පිඳුරු සේරම ටික රත්තරං කෙඳි කරගන්න බැරි උණොත් තමුන්ව හෙට උදේට මරල දානව මං“
ඉන්පස්සේ රජතුමා කාරමය අගුල් දාලා යන්න ගියා. ඉතිං අර දුප්පත් රැරිවි කාමරේ වාඩි වෙලා තේරුං ගන්න බැරිව හිතුවා මේ මොන මරාලයක්ද කඩා පාත් උණේ කියල. ඇය මොන විදියෙන්වත් ඔය පිඳුරු අඹරලා රත්තරං ගන්න විදියක් දැනං හිටියේ නෑ. ඉතිං ඇය බය වෙන එක අහන්නත් දෙයක්ද? බය වැඩි වෙලා එයා ඉකි ගහමින් අඩන්නට උණා.
ඒත් හිටි ගමන්ම කාමරේ දොර ඇරගෙන කුඩා මිනිසෙක් කාමරයට ආවා.
“සුභ සන්ධ්‍යාවක් මෝල්හිමි කුමරියනි.. ඇයි ඔබ මේතරංම අඩන්නේ?
“අනේ අයියෝ.. මට සිද්ධ වෙලා තියෙන්නේ මේ පිඳුරු අඹරලා රත්තරං හදන්නයි. ඒත් මං ඒක කරන විදියක් වත් දන්නේ අයියෝ“
“හරි.. ඔබ මට මොනවද දෙන්නේ මම ඔබ වෙනුවෙන් මේ වැඩේ කරල දුන්නොත්?“
“මං ඔබට මගේ මාලය දෙනවා“
ඉතිං අර කුඩා මිනිසා මාලය අරගෙන අත් යන්ත්‍රය ඉස්සරහ වාඩි වෙලා “ක්‍රර් ක්‍රර් ක්‍රර්“ කියලා තුන්පාරක් ඒකේ රෝදය කැරකෙව්ව විතරයි හිස් නූල් බෝලය පිරෙන්න රත්තරං කෙඳි ආවා. එයා ඒ විදියටම ආයිත් පාරක් රෝදේ කැරකැව්වා. ආයිත් රත්තරං කෙඳි ආවා. ඔය විදියට රෑ එළිවෙනකං අර පිඳුරු ගොඩම රත්තරං කරන්න ඔහුට හැකි උණා.
දවස ඉවර උන ගමන්ම රජතුමා කාමරයට ඇවිත් බැලුවම ඇස් අදහගන්න බැරිව පුදුමයට පත් උණා. කාමරේ පිරෙන්න රත්තරං. ඒ උනත් රජතුමාට තණ්හාවක් පහළ උණා. මුලින් තිබූ කාමරේටත් වැඩිය පිඳුරු පුරවපු ලොකු කාමරයට ඇයව රැගෙන ගිහින් ඒ සේරම පිඳුරු ගොඩම හෙට එළිවෙන්රන කලින්ත්ත රං වලට හරවන්න කියලා ඇයට අණ කළා. ඒත් මේ අහිංසක රැරිවි දන්න එකක් යැ කොහොම මේක කරන්නද කියලා. ඉතිං අඩ අඩ හිටියා. ඉස්සෙල්ල වගේම දොර ඇරගෙන අර කුඩා මිනිහා ආයිත් කාමරයට ආවා.
“මම මේ පිඳුරු ගොඩත් රත්තරං වලට හැරොව්වොත් මට මොනවද දෙන්නේ?“ කුඩා මිනිසා ඇහුවා.
“මගේ ඇගිල්ලේ තියෙන මුද්ද මම දෙන්නං“
ඉතිං අර මුද්ද අරගත්තු කුඩා මිනිසා එළිවෙන කොට මුළු පිදුරු ගොඩම දිලිසෙන රත්තරං බවට පත් කරා.
මේ ටික දැක්ක ගමන් රජතුමාට උඩ පනින තරං සන්තෝෂයක් ආවා. ඒ්ත් එයාට මේ රත්තරං මදි කියලයි හිතුණේ. ඒක නිසා ඊටත් වඩා පිඳුරු ගොඩක් තියෙන විශාල කාමරයකට අර ගැහැණු දරුවව අරගෙන ගියා.
“තමුන් අද රෑ එළිවෙන කොට මේ ඔක්කෝම පිඳුරු ටික රත්තරං වලට හැරෙව්වොත් මං තමුන්ව මගේ බිසව බවට පත් කරගන්නවා.“ මේ කෙල්ල මෝල්කාරයගේ ළමයෙක් උණත් මීට වඩා පෝසත් බිරිඳක් මුළු ලෝකෙන්ම හොයාගන්න බැරිය කියල රජතුමා දැනං උන්නා.
ඉතිං අර ළමයා කාමරේ දාලා අගුල් දැම්මට පස්සේ කුඩා මිනිහා ආයිත් දොර ඇරගෙන කාමරයට ආවා.
“හරි. මේ පාරත් මම ඔය වැඩේ කරල දෙන්නං. ඔබ මට මොනවද ඒකට දෙන්නේ?“
“අනේ දැන්නං මට ඔයාට දෙන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නෑ“ ඇය දුකෙන් පිළිතුරු දුන්නා.
“හරි එහෙවං මට මෙහෙම පොරොන්දු වෙන්න. ඔයා රැජින උණොත් ඉපදෙන පළමු දරුවා මට දෙන්න ඕන“
රජතුමා කිව්වට ඒක වෙන දෙයක්ද කියල මේ අහිංසක ළමයට හිතා ගන්න බැරි දෙයක් නේ. ඉතිං මේ කරදරෙන් බේරිල යන එක ඊට වඩා හොද නිසා ඇය කුඩා මිනිහට පොරොන්දු උණා. ඉතිං එළිවෙන කොට පිඳුරු රත්තරං කරන වැඩේ වෙලා තිබුණා.
රජතුමා උදේම කාමරයට ආවම තමන් කියපු විදියට හැමදේම සිදු වෙලා තිබුන නිසා අර මෝල්හිමියගේ දුවව කසාද බැන්දා. ඉතිං ලස්සන මෝල්හිමි කුමාරයි අවසානේ රජ බිසව බවට පත් උණා.
අවුරුද්දක් ගියපු තැන ඇයට ලස්සන දරුවෙක් දරුවෙක් ලැබුණා. රැජින හීනෙන්වත් හිතුවේ නෑ තමන්ගේ දරුවව අර කුඩා මිනිහට දෙන්න ඕන කියලා පොරොන්දු වෙලා තිබුණත්. ඒත් එක පාරට එ් මිනිහා රැජින ගාවට ඇවිත් “දැං පොරොන්දු වෙච්චි විදියට මට දරුවව දෙන්න“ කියල කිව්වා.
මේක ඇහුව ගමන් රැජින භීතියෙන් ඇලලිල වෙව්ලල ගියා. ඉතිං ඇය කිව්වා මේ රාජධානියේ තියෙන හැම වටින දෙයක්ම දෙන්නං ඒත් මට දරුව දෙන්න බෑ කියලා.
“මොන දේටත් වඩා පණ තියෙන යමක් තමා මට වටින්නේ“ කියලා කුඩා මිනිහා කිව්වා.
අනේ ඉතිං මේක ඇහුවට පස්සේ හිත වාවන්නේ නැති වෙච්චි රැජින විලාප තියමින් අඩන්න ගත්තා. ඒ විලාපය ඇහුවම අර මනුස්සයටත් දුක හිතුණා.
“කමක් නෑ. මං ඔබට දවස් තුනක කාලයක් දෙනවා. ඒ කාලය තුළ ඔබට මගේ නම හොයාගන්න පුළුවන් උණොත් ඔබ දරුවා තියාගන්න“
ඉතිං මේ රැජින මුළු රැයක් තිස්සේම තමන්ට හිතන්න පුළුවන් ඔක්කෝම නං හිතන්න ගත්තා. පහුවදා කුඩා මිනිහා ආවට පස්සේ රැජින එක දිගට තමන් දන්න නම් ටික කියන්න ගත්තා. ඒ ඔක්කෝම අහගෙන ඉදල මිනිහා කිව්වා “ඔය එකක් වත් මගේ නම නෙමෙයි“ කියලා.
ඉතිං රැජින දෙවෙනි දවසෙදි අහල පහළ ඉන්න හැමෝගෙම නම් අහගෙන ඒවයෙන් වෙනස් නම්, අමුතු නම් හොයාගෙන මිනිහා ආපු ගමන් කියවන්න ගත්තා . ඒත් ඒ එක නමක්වත් තමන්ගේ නෙමෙයි කියල මිනිහා යන්න ගියා.
තුන් වැනි දවසෙත් ඇය අහල පහළ අයගේ නම් හොයාගෙන එන්න කියල යවපු මනුස්සයට එක නමක් වත් හොයාගන්න බැරිව ඇයි ඇවිත් රැජිනට මෙහෙම කිව්වා.
“අනේ රැජිණියනි, මට අද එක අලුත් නමක් වත් හොයාගන්න බැරි උණා. ඒත් මං කැලේ කෙළවරට වෙන්න තියෙන කන්දේ මුදුනට ගියපු වෙලාවේ මං දැක්කා නරියෙකුයි හාවෙකුයි එකිනෙකාට සුබ රැයක් පතනවා. අන්න එතනදි මම දැක්ක පුංචි ගෙයක්, ඒ ගේ ඉස්සරහ ගිනි ගොඩක් ගහල තිබුණා. ඒ ගිනි ගොඩ වටේ හරිම පුදුම විදියේ කුඩා මිනිහෙක් තනි කකුලෙන් උඩ පැන පැන මහ සද්දෙට කෑ ගැහුවා මෙහෙම කියලා.“
“අ.. ද මම පුච්චනවා.. හෙ.. ට මං පෙරනවා
ඊට පස්සේ රැජිනගේ දරුවා මං ගන්නවා
හා හා.. කව්ද ඉතිං මාව දන්නේ
මම හරියට හිටං ඉන්න බොරු කකුලා වගේ නේද?
ඉතිං හිතාගන්න පුළුවන් නේද රැජින කොයි තරං සතුටු වෙන්න ඇද්ද කියලා ඒ නම අහලා. ඉතිං ටික වෙලාවක් යන කොට කුඩා මිනිහා ආවා රැජින හමු වෙන්න.
“ඉතිං රැජිණියණි.. මගේ නම මොකක්ද?“
මුලින්ම ඇය කිව්වේ, “ඔයාගේ නම කොන්රැඩ්ද?“
“නෑ“
“එහෙනං හැරී“
“නෑ“
“එහෙනං ඉතිං ඔයාගේ නම හරියට හිටං ඉන්න බොරු කකුලා වගේ නේද?“
“මේක යක්ෂ වැඩක් නේ.. මේක යක්ෂ වැඩක්නේ.. “ කුඩා මිනිහා තරහෙන් පුපුරු ගහන්න උණා. ඒ තරහින් තමන්ගේ දකුණු කකුල තදින් පොළවට ගහපු පාර මුළු කකුලම පොළවට කිඳා බැස්සා. ඊට පස්සේ පුළුවන් තරං වැර දාලා වම් කකුලෙන් හිටගෙන අත් දෙකෙන්ම කකුල අදින කොට.... ඒ මිනිහා ගැලවිලා දෙන්නෙක් බවට පත් උණා.
Brothers Grimm - Rumpelstiltskin
වසන්තම්ගේ ලී කුට්ටියට තවත් අඩයකි. හැක්
පලි - මාෂල්, තරිදු (කාර් පිස්සුවා) හා ගල්මල් අයියාගේ දැඩි බලකිරීම මත සුබස හරහා පරික්ෂාවක් සිදු කරන ලදි. මේ උපන්තේකට එහෙම කළාමයි ආයිබෝවන්ඩ.. එතකොට මට මතක් උනේ ඒ දවස් වල, ඒ කියන්නේ මීට අවුරුදු ගානක් තිස්සේ ඉදලම ඒ උන්නැහේ මට කොයි තරං බැන්නද අක්ෂර වින්‍යාස, අරව මේව්වා හදාගන්න කියලා. සමහර පෝස්ට් වලදි උන්නැහේ කමෙන්ට් කරන්නෑ කියලත් කිව්වා ඒවා හදනකං. ඉතිං අපේ විචාරක මහත්තයට යහපත් සෞඛ්‍ය තත්වයක් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරමු..
පලි - මාෂල්, තරිදු (කාර් පිස්සුවා) හා ගල්මල් අයියාගේ දැඩි බලකිරීම මත සුබස හරහා පරික්ෂාවක් සිදු කරන ලදි. මේ උපන්තේකට එහෙම කළාමයි ආයිබෝවන්ඩ.. එතකොට මට මතක් උනේ ඒ දවස් වල, ඒ කියන්නේ මීට අවුරුදු ගානක් තිස්සේ ඉදලම ඒ උන්නැහේ මට කොයි තරං බැන්නද අක්ෂර වින්‍යාස, අරව මේව්වා හදාගන්න කියලා. සමහර පෝස්ට් වලදි උන්නැහේ කමෙන්ට් කරන්නෑ කියලත් කිව්වා ඒවා හදනකං. ඉතිං අපේ විචාරක මහත්තයට යහපත් සෞඛ්‍ය තත්වයක් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරමු..


