Tuesday, December 27, 2016

එක මවකගේ කතාවක් (The Story of a Mother!!)

මව තම කුඩා දරුවා අසලින්ම වාඩි වී සිටියාය. ඇය දැඩි වේදනාවකින් පීඩා විදිමින් සිටියාය. තම කුඩා දරුවා මිය යනු ඇතැයි යන ඉමහත්ඇ භීතිය ඇය  වෙලාගෙන තිබිණි. බොහෝ සෙයින් සුදුමැලි වු, කුඩා ඇස් වැසී තිබු ඒ දරුවා විටින් විට ගැඹුරින් හුස්ම ගන්නට විය. එය හරියට සුසුම් හෙලීමක් වැනිය. දැඩි කනගාටුවෙන් යුතුව තව තවත් ඕනෑකමින් ඇය තම අහිංසක කුඩා දරුවා දෙස බලා උන්නාය. ඒ මොහොතේ කිසිවෙකු දොරට තට්ටු කළ අතර, දුප්පත් මහළු මිනිහෙකු කාමරයට ඇතුලු විය. අශ්වයෙකුගේ පිට මත දමන විශාල රෙද්දක් වැනි යමක් ඔහු පොරවාගෙන සිටි අතර, මේ දැඩි ශිත කාලයේ එය ඔහු උණූසුම් කිරිම සඳහා භාවිතයට ගන්නා ආකාරයක් දිස් විය. මුළු රටෙහිම හිම හා අයිස් වලින් තට්ටු බැදී ඇති ශිතකාලයකි මෙය. හමනා අධිශීත සුලං රැල් ප්‍රවාහයන් කිසිවෙකුගේ මුහුණ කපා දැමිය හැකි මුවහත්කමකින් පවා යුක්ත විය. මේ මොහොතේ දරුවා කුඩා නින්දක පසු විය. ශිතයෙන් පීඩිතව මිනිසා ඇතුලට එනු දුටු මව නැගිට, ඔහුට උණූසුම් වීම සඳහා ගිණි උදුන අසලින් කුඩා බියර් ජෝගුවක් තැබුවාය. මහළු මිනිසා වාඩි වී තොටිල්ල පදවන්නට වූ අතර, මව ඔහු අසලින්ම වූ පුටුවෙහි වාඩි වූවාය. ඇය අපහසුවෙන් හා තදින් හුස්ම ගන්නා තම දරුවාගේ කුඩා අත අල්ලාගෙන මෙසේ ඇසුවාය.

“ඔබ හිතන්නේ මං ඔහුව බේරගන්න ඕන කියලද.. අපේ සියළු දෙවියන්ගේ පිහිටෙන් ඔහුව අපෙන් දුරස් කරන එකක් නෑ කියල මම හිතනවා“

ඇත්ත වශයෙන්ම මේ වන විටත් මැරුණු “මරණය“ මහළු මිනිසා එබස් අසා තම ඔලුව දෙපැත්තට පද්දන්නට වූයේ එයින් අදහස් වන්නේ ඔව් හෝ නෑ යන්න හදුනාගත නොහැකි අයුරිනි. තම දෙනෙතින් නැගි කදුළු කම්මුල් හරහා ගලා යද්දී ඇය තම දෙනෙත් පහතට හැරවුවාය. එවිට ඇයගේ හිස බර වනන්නට විය. මේ වන විටත් පුරා දින තුනක් ඇය තම ඇස් මොහොතකටවත් නොපියවා තිබිනි. මේ නිසා ඇයට ඉතා පුංචි වේලාවකට නිද්ද ගොස් තිබිනි. සීතලෙන් ගැහෙමින් ඊළග මෙහොතේ ඇය ඇස් අරින විට මහළු මිනිසා යන්නට ගොස් තිබිණි. කුඩා දරුවා.. ඔව් කුඩා දරුවාත් යන්නට ගොස්ය. මහළු මිනිහා කුඩා දරුවා රැගෙන ගොස් ඇත. කාමරයේ මුල්ලක තිබු බිත්ති ඔරලෝසුව ක්ර් ක්ර් නගිමින් අපසුවෙන් දුවන්නට විය.  බිත්තියේ එල්ලා තිබු එය දම් වැල් වලින් ගැලවී පොළවට වැටුනි.  වේලාව නැවතිනි. තම දරුවාට අඩ ගසමින් අසරණ මව කාමරයෙන් එළියට පැන දුවන්නට විය. එළියෙහි හිම මත වාඩි වී  සම්පුර්ණ කළු ඇදුමින් සැරසුන මහළු කාන්තාවක් මව අමතන්නට විය. 

“මරණය ඔබත් සමඟ කාමරයේ සිටියා නේද?? මම දැක්කා ඔහු ඔබගේ දරුවාත් කරපින්නාගෙන පැන දුවනවා. ඔහු සුළගටත් වඩා වේගයෙන් පැන දුවන නිසා, ඔහු රැගෙන ගිය යමක් නැවත ගෙනැවිත් දේ යැයි හිතන්න අමාරැයි.“

“අනේ මට ඒ මිනිහා ගිය පැත්ත විතරක් ිකියන්න.. මට පාර විතරක් කියන්න. මං මිනිහව හොයාගන්නං“ මව පින්සෙන්ඩු වූවාය. 

“මම දන්නවා පාර. හැබැයි මං ඔබට ඒක කියන්න කලින්, ඔබ දරුවා වෙනුවෙන් ගායනා කළ ඔක්කෝම සිංදු මට අහන්න ඕන. මං ඒවා අහන්න ආසයි. මම මීට කලින් ඒවා අහල තියෙනවා. මම රාත්‍රිය. මම දැක්කා ඔබ ඒ සිංදු කියන අතරේ ඔබගේ ඇස් වලින් ගලා ගිය කදුළුත්“ 

“අනේ මං ඒ ඔක්කෝම ඔයාට කියන්නං. ඒත් මාව වැඩි වෙලාවක් තියාගන්න එපා. මට එ් මිනිහව අල්ලගන්න ඕන. මගේ දරුවව හොයාගන්න ඕන.“ එහෙත් රාත්‍රි කාන්තාව නිහඩව හා නිශ්චලව සිටියාය. ඉතිං තම කඳුළු පිහ දමමින් හා තම අත් වේදනාවෙන් අඹරවමින් ඇයට ගී ගයන්නට සිදු විය. ගීත බොහොමයක් වූ අතර, ඊටත් වඩා කඳළු කැට විය. අවසානයේ රාත්‍රි කාන්තාව තම හඩ අවදි කලාය.

“දකුණු පැත්තට යන්න. ඔය ෆර් ගස් වලින් ගහන අදුරු වනාන්තරය තුලටම යන්න. මම දැක්කා මරණය ඔබේ දරුවාත් රැගෙන ඒ මාර්ගයේ පලා යනවා.“

වනාත්තර තුලදි මවට හරස් මාර්ගයක් හමු වූ අතර, කුමන මඟ ගත යුතු දැයි ඇය නොදැන සිටියාය. ඒ අසලම කටු පදුරක් නැගී සිටිය අතර, එහි මල්, කොළ හෝ කිසිවක් නොවූ අතර, ශිත කාලයේ ඇද හැලුනු හිම වලින් එහි අතු මිදී තිබිනි. “මගේ දරුවා අරගෙන මරණය මෙතැනින් යනවා ඔබ දුටුවාදැයි“ ඇය ප්‍රශ්න කළාය.

ඇය තම ලැම කටු පදුරේ අත්තක පොත්ත ස්පර්ශ වන ලෙස තැබුවා පමණකි එහි ඇති කටු ඇයගේ ළයා පසා කර දමන්නට විය. සිදුරු වූ ළැම තුලින් දැඩි ලෙස රුධිරය වහනය වූ අතර, එයින් පන ලබා කටු පදුරේ කොළ වැඩෙන්නට විය. අඳුරු ශීත කාලයෙහි රාත්‍රියක එහි මල් පිපෙන්නට විය. මල් පිපෙන්නට අවශ්‍ය උණූසුම දුකින් පෙලෙන අසරණ මවකගේ රුධිරය විය. එම නිසා කටු පදුර ඇය යා යුතු මාර්ගය ඇයට දන්වා සිටියේය. අවසානයේ ඇය විශාල විලක් අසබඩට පැමිණ සිටියාය. එහෙත් වැව තරණය කිරීම සදහා නැවක්, බෝට්ටුවක් හෝ කිසිදු උපකාරයක් එහි නොවීය. එහෙත් තමා දරුවා ලබා ගැනීමට නම්ඇ ය මෙම විළ තරණය කළ යුතුමය.  අහිමි වන්නට කිසිවක් නැති, එහෙත් එක් බලාපොරොත්තුවක් පමණක් තම ජීවිතය තුල ඇතැයි සිතට මේ දුකට පත් මව කිසිදා මනුෂ්‍ය ප්‍රාණියෙකුට කළ නොහැකි කාර්යයක් වන විලෙහි වතුර බී එය හිස් කිරීමට අදිටන් කර ගත්තාය. යම් ප්‍රාතිහාර්යයක් තමාට උදව් වනුැ ඇතැයි ඇය සිතුවාය. 

“ඔබට මෙය කිසිදා කළ නොහැකියි ඒක නිසා අපි වඩාත් ප්‍රථිපලදායක එකගතාවකට එමු“ විල පැවසුවේය.

“මම හරිම කැමතියි මුතු එකතු කරන්න. ඒ අතරින් ඔබේ ඇස් තමා මා දැක්ක පිරිසිදුම මුතු කැට. ඔබ ඒවා ගලවා කදුළුත් සමඟ විලට දමනවා නං, අර මරණය ජීවත් වෙන විසාල උෂ්ණාගාරයට මං ඔබව කැදවන් යනවා. එහි වැවෙන හැම ගහක් හා මලක්ම මනුෂ්‍ය ප්‍රාණියෙක්“

“අනේ මයේ දරුවා වෙනුවෙන් මට මොනවද දෙන්න බැරිි“ අඩමින් ඇය පවසන්නට වූවාය. ඒ කඳුළු අතරින් ඇයගේ ඇස් දෙක ගැලවී විලට වැටී මහාර්ෂ මුතු දෙකක් බවට පත් විය. ඉන්පසුව විල ඇයව ඔසවා ගෙන ගොස් ඉවුරේ අනෙක් පසින් තැබුවේය. සැතපුම් ගණනාවක් දිගට දිවෙනා මරණයේ නිවස පෙනෙන්නට විය. එය වන්න්තරෙයන් ගහන කන්දක්ද, එසේ නැතහොත් කැලයෙන් වට වූ ගල් ගුහාවක්ද නැතහොත් සාදන ලද ගොඩනැගිල්ලක්ද යන්න කිසිවෙකුට පැවසිය නොහැකිය. ඒත් මේ අසරණ මවට දැන් කිසිවක් දකින්නට ද නොහැකිය.

“මගේ දරුවා හොරකං කරගෙන ආපු මරණය කොහෙන්ද හොයාගන්නේ..“  ඇය විමසුවාය.

“ආහ්. එයා තාම ආවේ නැහැ. කව්ද උඹට මෙහාට එන්න පාර කියා දුන්නේ. කව්ද ඒකට උදව් කරේ??“ සුදු පැහැ කෙස් ඇති  මරණයේ පැළ තවාන් වලට වතුර ඉසිමින් සිටි මහළු කතක් ඇයට උත්තර ලබා දුන්නාය.

“දෙවියන් මට උදව් කරා. ඔහු හරිම කරුණාවන්තයි. ඔබත් කරුණාවන්ත නම් මට කියන්න මගේ දරුවා කොහොමද මං හොයාගන්නෙ කියල,, අනේ“ මව දුකින් පැවසුවාය.

“මම ඒ දරුවව දන්නෑ. උඹ අන්ධයි නේද? කොයි තරං මල්, ගස් අද වෙන කොට මැලවිලා ගිහිල්ලා තියෙනවාද? මරණය ඉක්මනින් ඇවිත් ඒවා ගලවල අලුත් පැල තවාන් දාවි. උඹ දන්නවද හැම මිනිහෙකු වෙනුවෙන්ම කැප වෙච්චි, හැම මිනිහෙක් වෙනුවෙන්ම වෙන් වුනු ජීවි පැලයක් හෝ මලක් තියෙන වග. ඒ හැම එකක්ම අනිත් ගස් හා මල් වගේමයි. නමුත් මේ හැම ගහකටම මලකටම ගැහෙන හදවතක් තියෙනවා. ළමයින්ගේ හදවත් පවා ගැහෙනවා. අන්න ඒක නිසා උඹට පුලුවන් වෙයි උඹගේ දරුවගේ හදගැස්ම අදුරගන්න. ඊළගට කරන්න ඕන දේ කිව්වොත් උඹ මට මොනවද දෙන්නේ“ මහලු කාන්තාව ගුගුරන්නට විය.

“අනේ මට දෙන්න කිසිම දෙයක් නැහැ. ඒත් මං ඔබ වෙනුවෙන් යන්න පුළුවන් ඕනම තැනක යන්නං“ අසරණ මව පවසා සිටියාය.

“උූඹ කොහේ මකබෑඋනත් මට ලැබෙන දෙයක් නෑ. හැබැයි උඹගේ ඔය කළු කොන්ඩය මට දෙන්න පුළුවන්. උඹ දන්නවා නේ ඒක කොච්චර ලස්සනද කියලා. මං ඒකට ආසයි. උඹ මගේ සුදු කොණ්ඩය ගනිං ඒ වෙනුවෙට. “ මහළු කාන්තාව වෙළාදාම කතා කළාය.

ඉතිං අසරණ මව ඒ හුවමාරුව කරගෙන දෙදෙනාම මරණයේ ඌෂ්ණාගාරය වෙත ගියහ. එහි ගස් හා මල් විශාල ප්‍රමාණයක් වවා තිබුණි.වීදුරු සීනු යට පිපෙන හයිසින්ත් මල්, දැඩිව වැවෙන විවිධ ශාක, අතිශය පිරිසිදු වතුර මල්, තිබුන මෙහි සමහර ඒවා වටා දිය නයි ගැවසෙති. අති විශාල ඕක් ගස්, විවිධ වර්ගයේ මල් වර්ග රාශිකයක් එහි තිබුනි. කොටින්ම පාථිවියේ ඇති සියළුම ශාකයන්, මල් එහි වගා කොට ඇත. හැම ගහකටම, මලකට නමක් තියෙනවා. ඒ හැම නමකින්ම මනුෂ්‍ය පාණියෙකු නියෝජනය වෙනවා. සමහර විශාල ගස් ඉතා කුඩා මල් පෝච්චි වල පැල කරලත් තියෙනවා. උෂ්ණාගාරයේ වහළ කඩා ගෙන යාමටත්, පොච්චිය කෑලි වලට කඩා දමන්නටත් එම ගස් බලා සිටිනවා වගෙයි. සමහර දුර්වල පැළැටි සරු පොළවක වැවුවන් ඒවායේ ආරක්ෂාව සඳහා ඉහලින්ම කටයුතු කරන බවක් තමා පේන්න තියෙන්නේ. දුකට පත් මව කුඩා පැළැටි වලට නැඹුරු වී ඒවායේ හද ගැස්ම බලන්නට උනා. ඒ මිලියන ගානක් වූ පැළැටි අතරින් තම දරුවාගේ හද ගැස්මට සමාන මලහොයාගන්න ඇය සමත් උනා.


“මෙන්න මේක.“ ඇයට කෑගැහුනා. රෝගීව බිමට බර වූ තම හිසින් යුතුව සිටි කුඩා කාබේරිය මලක් වෙත ඇය තම අත් දිගු කළා.

“මල අල්ලන්න එපා... නමුත් ඔබට මෙහි ඉන්න පුළුවන්. මරණය ආපු ගමන්, මම දැනුත් එයා එයි කියලයි බලාන ඉන්නේ. එයාට ඔය පැලෑටිය ගලවන්න ඉඩ දෙන්න එපා. හැබැයි මරණය මේ පැලෑටිය ගැලෙව්වොත් උඹ ඒකම අනිත් ඔක්කෝම පැළැටි වලටත් කරන බව කියල තර්ජනය කරන්න ඕන .මිනිහා ඒකට බය වේවි. මොකද මේ හැම පැලයක්, මලක් වෙනුවෙන්ම ඔහු අසිමිත ලෙස දෙවියන්ට වග කියන්න ඕන නිසා. කිසිම ගහක් ඔහුට නිසි අවසරයකින් තොරව ගලවන්න බෑ“ මහළු කාන්තාව මොර දුන්නා.

ඒ සමගම ඌෂ්ණාගාර පුරාම හිම මිදෙන සිතලක් ගලන්නට වුනා. මේ හේතුවෙන් අසරණ මවට දැනුනා මරණය දැන් මෙතැනට ඇවිත්  බව.

“උඹ කොහොමද මෙතනට ආවේ. අනික මටත් වඩා වේගෙන්“ මරණය ඇගෙන් ඇසුවා.

“මම මවක් ඒකයි“ ඇය උත්තර දුන්නා.

මරණය තම අත් වලින් අර කුඩා පැලය ගලවන්නට උත්සාහ කළත් අසරණ මව තම අත් වට කොට එය ආරක්ෂා කරමින් සිටියා. ඇය කොතරම් දැඩිව තම අත් තබා සිටියත්, මරණය හෙළු අයිස් වලටත් සීතල මුවහත් හුස්ම හේතුවෙන් ඇයගේ ශක්තිය නැතිව අත් පහලට කඩා හැලුනා.

“උඹට මාත් එක්ක තරග කර දිනන්න බෑ ගැනියේ“ මරණය පැවසුවා.

“ඒත් දෙවියන්ගේ කරුණාවන්ත කමට පුළුවන්“ මව උත්තර දුන්නා.

“මම කරන්නෙත් ඔහුගේ කැමැත්තම තමා. මම ඔහුගේ උයන් පල්ලා. මම ඔහුගේ සියළු පැලෑටි, මල් වර්ග බලාකියාගන්නවා, ඒවා අවශ්‍ය තැන් වල පැල කරනවා. සමහර විට ගලවා ඉවත් කරනවා. සමහර ඒවා පාරාදීසයේ උද්‍යාන වලත් පැළ කරනවා. හැබැයි මං උඹට කියන්නෙ නැහැ ඒ කොහේද කියලා.“

“මට මගේ දරුවා දියන්“ ඉකිගසමින් මව පවසන්නට විය.  ඒ අතර තුර උද්‍යානයෙ ්තිබු මල් දෙකක් අතර ගත් ඇය “මට නැති වෙන්න දෙයක් නෑ.. මේවා කෑලි කැලි වලට කඩල දානවා..මගේ දරුවා නොදුන්නොත්“

“අයියෝ.. එපා. ඒවා අල්ලන්න එපා..උඹ කිව්ව නේද උඹ කනගාටුවෙන් කියලා. ඉතිං අම්ම කෙනෙක් විදියට උඹට පුළුවන්ද තවත් අම්මල දෙන්නෙකුට උඹට දැනෙන දුකම දෙන්න.. උඹට පුලුවන්ද ඒක කරන්න“

“තවත් අම්මලට???“ ඇය අඩන්නට විය.තම අත තිබු මල් නැවත් සීරුවෙන් තැබීමට ඇය කටයුතු කළාය.

“මෙන්න උඹගේ ඇස් දෙක. වැවේ ගිලිල තියෙන කොට මං මේවා අරන් ආවේ උඹට දෙන්න. ඒවා දිප්තිමත්ව බැබලෙමින් තිබුනා. දැං ඒවා තිබුනටත් වඩා දීප්තිමත්. මේවා ආපහු ගන්න. මේකෙන් ඔබ අර ගැඹූරු ලිදෙහි වතුර දෙස බලන්න. අර ඔබ විනාශ කරන්න හදපු මල් දෙකේ මල් මම ඔබට කියන්නං. ඔබට එයින් දැකගන්න පුළුවන් ඒ මල් දෙකෙහි මනුෂ්‍ය ජිවය සම්පුර්ණයෙන්ම. ඔබ ඒවා විනාශ කරල හැමෝම දුකට දාන්නයි හැදුවේ“

ඇය ළිදට එබී බැලුවාය. ඇය දුටුවේ ඒක් මලක් ලෝකයටම වටිනා පුද්ගලයෙක් ලෝකයටම විශාල ආශිර්වාදයක් වන ආකාරයයි. ඔහු ලෝකය පුරාම සතුට පතුරමින් සිටියා. එහෙත් අනෙකා ඉතා ජරාජීර්ඛව, දරිද්‍රතාවයෙන් පීඩිතව, ඛේදජනක ලෙස තම ජිවිතය ගෙවන අයුරකුත් ඇය දැක්කේ.

“මේ දෙදෙනාම දෙවියන්ගේ කැමැත්තයි“ මරණය පැවසුවා.

“කනාගාටුදායක මල මොකක්ද? ආශිර්වාදලත් මල මොකක්ද“ ඇයි ඇසුවා

“මට ඒක ඔබට කියන්න බැහැ. එහෙත් ඔබ දැකගත් පරිදි ඒ මල් දෙකින් එකක් නියෝජනය වන්නේ ඔබගේ දරුවායි. එයයි ඔබගේ දරුවාගේ දෛවය. ඔබගේ දරුවාගේ අනාගතය“

ඉන්පසුව අසරණ මව දැඩි ලෙස බෙරිහන් දී අඩන්නට විය. 

‘ඒ දෙකින් මොකක්ද මගේ දරුවට උරුම. මට කියන්න ඒක.ආශිර්වාද නොලත්ඒ දරුවා ගේන්න. ඔහුව ඒ කාළකන්නිකමෙන් මුදවා ගන්න. ඔහුව එළියට රැගෙන යන්න. නැහැ ඔහුව සවර්ගයට රැගෙන යන්න. මගේ සියළු දුක් හා සුුසුම් අමතක කරන්න. මහ කරපු කියපු හැම දෙයක්ම අමතක කරන්න. ඔබ ඒක කරන්න“

“මට ඔබව තේරුම් ගන්න බැහැ. ඔබට නැවත ඔබගේ දරුවා ඕනද නැත්නම් ඔබ නොදන්නා ඒ තැනට මම දරුවා රැගෙන යන්නද?“ මරණය පුදුමයෙන් විමසා සිටියා.

තම අත් එකිනෙක අතුල්ලමින් බිම වාඩි වූ මව දෙවියන්ට යාඥා කරන්නට උනා.

“මගේ යාඥා පමණක් නොව, අනෙකටත් ඇහුන්කම් දෙනු මැනවි. එය හැමවිටම වඩා හොද වේවි. ඔහ්.. මට අැහුන්කම් දෙන්න දෙවියනි“ කියමින් ඇයගේ හිස ඇයගේ ළැමට කඩා වැටිනි.

ඉන්පසුව මරණය, දරුවා ඒ නොදන්නා භුමිය වෙත රැගෙන ගියේය.

The Story of a Mother - Hans Christian Andersen


A Cartoon


පලි- 2010 වර්ෂයේදී මේ කතාව පාදක කරගනිමින් ඉතාලි භාෂවෙන් කෙටි චිත්‍රපටයක් නිපදවා ඇති බව IMdb හි සඳහන්ය.

42 comments:

  1. මරු ඈ...
    උඹ මේක ලියන්නද අරකෙන් පැනල හිටියෙ.

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ බං.. එ්කා මහ අන්ඩයා.. හැක්

      Delete
    2. ඔවු ඒකා අන්ඩවෙයාර් එකක් වගේ තමා. හැක්..

      Delete
    3. බාසා.. උඹ වගකියන්ඩ ඕන මෙව්වට

      Delete
  2. මචං නියමයි දේශා. ඔන්න ආපහු HCA එලියට එනවා. උඹ ගාව ඔය හාදයාව සිංහලට ගේන්න හොඳ ෆීලිංග් එකක් තියෙනවා. ලැච්චරයා නොලිය ඉන්න එක ගැන පොඩි කේන්තියක් තියෙනවා. ඒ කේන්තිය සුන්දර මිසක් වෛරකාරී නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. අරු මේක හරියට ආවෙ නෑ බං. උඹට ස්තුතියි

      Delete
  3. මෙලෝ් රහක් නැ ...උඔ ලියාපුු කරන්ට් වැදුන කතාව මිට හොදා

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. උඹගෙ ගෙදර එන්න ඕන දෙකක් අනින්න හොම්බට

      Delete
  4. http://lindsayc2.qwriting.qc.cuny.edu/summary-of-the-nightingale-and-the-rose/

    ReplyDelete
    Replies
    1. Once ravi mentioned it somewhere else.. may be for the nightingale of HCA.. okok.. got that point. Yep..i will do my homework no worries about minds which shine beautifully .. hak

      Delete
  5. හිතට දැනුනා දේශෝ...

    ReplyDelete
    Replies
    1. ඒ මදෑ බං ඔකු පුතී. ජින් ජීම වීවා

      Delete
  6. හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්... මිනිහට පිස්සු
    දේශකයට ඊට වඩා පිස්සු
    මේක කියවපු අපට පිස්සු බම්ප්..
    මේ ගානට වචන අස්සට හැඟීම් දාන්න නම් හැබෑම දක්සයෙක්ට විතරයි පුළුවන්.සාර්ථකයි.
    (ඒත් අන්තිම ටිකට හදිස්සි උනාද මන්දා..)
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මේක ඉතාම හදිසියේ කරපු දෙයක්. අසාර්ථකයි බං... පැය දෙකහාමරක වැඩක්. ආයි බැලුවෙත් නෑ.. ලබ්බෝ.. චියර්ස්.. හැක්

      Delete
  7. මේ කතාව මට මගේ වගේ දැනෙනවා... කතා කරන විලක් ළය සිදුරු කර ඉහිරෙන ලෙයින් දළු ලන පදුරු මේ කියවෙන්නේ සුරංගනා කතාවක් නෙවෙයි හැබෑම අම්මා කෙනෙකුගේ දරුදුක ...... ඔබව අගයන්න මට දැනුම මදි

    ReplyDelete
    Replies
    1. හපොයි.. මෙව්වා හාන්ස්ගේ වැඩ.. මම නිකං අතරමැදියෙක් විතරයි නේ.. ඔබට යමක් දැනුනානම් ඒ සතුටට මට සතුටුයි.. ජය වේවා..

      Delete
  8. අපූරු කතාව.අවසානය කලබලයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අදහසට... හදිසිය තමා හැම එකටම මුල... හැක්

      Delete
  9. හරිම අපූරු කතාවක්....ඇන්දසන්ගේ කතාවලට මං ගොඩක් කැමතී...

    ReplyDelete
    Replies
    1. නිර්මාණිව කාලෙකින් දැක්කේ.. ඇන්දසන්ගේ කතා හත අටක්ම මේකේ තියෙනවා මම පරිවර්තනය කරල.. බලල නැත්නං ඒවත් බලන්න හොදේ..

      Delete
  10. කතාවනන් පට්ට...

    ReplyDelete
    Replies
    1. එහෙනං එච්චරයි.. හැත්තෑදාහටත් සන්තෝසයි..

      Delete
  11. මේ කතාවේ මතුපිටින් පේනවට වඩා ගැඹුරු තේරුමක් තියනවා වගේ.. මව් සෙනෙහස, මරණය, ස්වර්ගය, ඔක්කොම..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත අගහරුවා..

      Delete
  12. පොඩි මෙන්ඩ ට බර වැඩිද මන්දා මේ කතාව

    ReplyDelete
    Replies
    1. බර වැඩියි බං.. හැක්

      Delete
  13. අම්මා කෙනෙක්ට මොනවද කරන්න බැරි....දැනෙන කතාවක්

    ReplyDelete
    Replies
    1. වෙල්කම් විසී.. ස්තුතියි..

      Delete
  14. දේශකය නැවත ඇවිත්නේ. කටහ්ව නම් බොහොම සංවේදියි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අජිත්.. නෙලුම්යායේ වැටි ඇති බැව් ස්ටැට් වලින් දැක්කෙමි..

      Delete
  15. දේශකයාගේ සුදු මුණ අද මුහුණු පොතේ දැක්කම උඹේ මේ බ්ලොග් එක මතක් වුනේ. සති දෙකක් විතර බ්ලොග් බැලිල්ලක් නැතිව හිටියා. මේක ඒ අස්සේ යට ගිහිල්ල.

    ලස්සනයි උනාට මොකක්දෝ මදි ගතියක් තියෙනවා. අර උඩින් උඹ කියල තියෙනවා වගේ හදිස්සියේ ලියපු නිසා වෙන්න ඇති.

    සුබ අලුත් අවුරුද්දක් වේවා! ටිකක් වැඩිපුර ලියවේවා!

    ReplyDelete
    Replies
    1. සුදු මූනයි හුරතලයයි හරි අවඩානං.. හැක්

      ජියින් ජීම වීවා පුතී..

      Delete
  16. පොඩි එවුනට එකක් ලියපන්

    ReplyDelete
    Replies
    1. කියන කං හිටියේ.. බම්බුව.. හැක්

      Delete
  17. මට පොඩ්ඩක් ටපලුනා වගේ. දැන් ඒ අම්මා විනාශ කරන්න හැදුවේ වෙන මල් දෙකක් නේ. ඒ දෙකෙන් එකක් එයාගේ දරුවා වෙන්නේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ මල් දෙකෙන් එකක් තමා දරුවා වෙනුවෙන් වෙන් වෙච්චි මල කියලයි මරණය කියන්නේ.. හොදට සාවදානව කියවල තියේ.. මේ සුරංගනා කතා වල ඒ වගේ පොඩි පොඩි මිස්ටේක් වෙනවා තමා.. ස්තුතියි සයිරි..

      Delete
  18. ඉතින් අන්තිමට දෙන්නම මැරුණ ද?

    ReplyDelete
  19. ටෝ මේක ලියනවද මං ලියන්නද?

    ReplyDelete
  20. අලුත් එකක් ලියමු..
    මට බන්නින්න එපා මුට මොකද අපිනේ ලියන්න ඕනේ කියලා. අපි දැන් ගල් වල කොටලා තියන ශිලා ලිපි හොයාගෙන ඒවා කියවලා අපේ ඉතිහාසය හොයන්න ට්‍රයි කරනවා වගේ දවසක ඔයාලගේ මේ බ්ලොග් පොස්ට් අනාගත පරපුර ප්රෝයෝජන්යට ගනී..එයලා දෙයක් මේවගෙන් ඉගන ගනී හිතන පතන විදිහ වෙනසක් වෙයි ..අපි නැතත් ලෝකෙට දෙයක් ඉතුරු කරලා ගියා කියලා ඔයාලට සතුටු වෙන්න පුලුවන්. ඒ නිසා ලියමු

    ReplyDelete