Tuesday, March 19, 2013

ආවා ආවා.. යුරේකා ආවා..



ඊයේ මා ලියන ලද අපේ උතුම් ශ්‍රීමතාන්ගේ පරමාදර්ශි චරිතය සම්බන්ධ කතාව පිළිපදව සැක පහල කොට කිසිත් නොදොඩා හැංගී සිටි දේශද්‍රෝහි බ්ලොග්කරුවන් හට මාගේ උපරිම දියාරු විරෝදය පළ කරමි. අප විසින් ඉතා අපහසුවෙන් හා දේශප්‍රේමිත්වයෙන් යුතුව කරනු ලබන දේශන වලට සවන් දීමෙන් වැලකී සිටිම ඉතා නොහොබි, මක් නිසාද යත්, මව්බිම ආපස්සට යැවීමට කැස කවන අතලොස්සක් වූ පිරිසකගේ උත්සාහයන් සාර්ථක කිරීමට ඔබද පංගුකරුවෙකු වන නිසාය..

ඕං ඊයේ ලියපු අටුවාව කියවපු නැති අය කියවන්න.. මේ රට මගේ රට

අම්මෝ.. යාන්තං යුරේකා ආවා... ඒ කියන්නේ ඊයේ මම කිව්ව කතාවේදි කොයි තරං තෙපර බබා හිටියත් කියන්න අමතක වූ කතාව දැං මතක් උනා. ඒක හැබැයි ටෙලිපෝන් කෝල් එකක් විතරයි. ඕං බලාගන්ටකෝ එහෙනං..

දේශකයා
හලෝ... කබ්බා

කබ්බා
ඔව් දේශා මොකෝ බං

දේශකයා
යකෝ උඹ ඊයේ එනව කිව්වට අරක හදල දෙන්න, ආවේ නෑනේ? ඇයි බොල ඒ...

කබ්බා
අනේ සොරි බං හෙන වැඩ

දේශකයා
බලපං බං උඹට මම ගිය සිකුරාදා ඉදල කියන්නේ අද බලපං ඉරිදා.. උඹට ඒත් වැඩ. අනේ පලයං යන්න

කබ්බා
ඔව් ඔව් හරි මම දන්නවා පොඩ්ඩක් හිටපංකෝ තව දවසක්

දේශකයා
තව දවසක්.. උඹ කුනුහරුප කියනවද යකෝ

කබ්බා
ඔව් බං එක දවසක් හිටපං මම හෙට හවස් වෙන කොට එනවා

දේශකයා
හැබැයි උඹ හෙට එන කොට මම තොට සුදු වෑන් එකක් එව්වත් ගණන් ගන්න එපා හරිය

කබ්බා
ඇයි තෝ එහෙම කියන්නේ

දේශකයා
තේරෙන්නැද්ද යකෝ දවස් තුනක් තිස්සේ මේ මගුල් ඇන්ටනා කචල් එක හින්ද,   ටීවී එකේ පේන්නේ ජාතිකෙයි ස්වාධීනයි විතරයි. උඹ කියන්නේ දැං මේ දවස් ටිකේම ඔය දෙක බලල මගේ මොලේ අවුල් වෙලා. හෙටත් ඔය දෙකක බල බල හිටියොත් මට වෙන දේ මම වත් දන්නෑ යකෝ.. ගිහිල්ල පොරට වදීද දන්නෙත් නෑ...

කබ්බා
හෙහ්.. උඹට පිස්සු

දේශකයා
නෑ ඕයි.. මේ දවස් දෙකට ඒකේ කියපුව  අහපු මගේ ඔක්කෝම අදහස් ඩෝං ගාලා වෙනස් වෙලා තියෙන්නේ.. දැං නං ඉතිං අපේ ශ්‍රීමතා තරං උතුම් කෙනෙක් මේ ලෝකේම නැති විත්තිය මට සුවර්ම සුවර්...

කබ්බා
ඈ.. හිටපං හිටපං.. මම විනාඩියෙං එන්නං.. මොන මගුලක් වෙලාද මන්ද මේකාට

ඇමතුම විසන්දි වේ

Monday, March 18, 2013

මේ රට මගේ රට....



පර්සි මහේන්ද්‍ර රාජපක්ස 

(හා හා ඕක දැක්ක ගමන් අකුලං යන්න හදන්නෙ නැතිව, සත්‍යය යනු කුමක්දැයි සෙමෙන් හා උවමනාවෙන් කියවා වටහා ගන්න)


ඔව් කියන්න දෙයක් නෑ මේ තමා ලංකාවේ 6 වැනි විධායක ජනාධිපති ශ්‍රීමතානන්.. ඕං මේ ශ්‍රීමතාගේ වැඩි පුර විස්තර දැන ගන්න අවශ්‍ය අය ඉන්නව නං බුවා අමතා ලබා ගන්නා ලෙස ඉල්ලා සිටින්නේ, මට ඒ තරං දැනුමක් වත් ඕව මතක තියා ගැනීමේ උවමනාවක් වත් නැති හින්දයි.

ජේ ආර් උතුමා විසින් ආරම්භ කරන ලද ශ්‍රී ලාංකේය කස පෙරහැරේ සැමවිටම වැටි වැටි නැගිට්ට එකම ජනාධිපති වරයෙක් හෝ හිටියේ නැති බව මේ ශ්‍රීමතාගේ දේශපාලන චක්කරය දිහා බැලුවම හොද හැටි බලාගන්න පුළුවන්. ඔය එක එක කතා කාරයෝ මෙතුමාට නොසෑහෙන්න අරක මේක කියන්නේ, උනුත් ජන්දේ දීල ඉවර වෙලා බව අමතක කොරන එක කොයි තරං කනගාටුදායකද? 

මේ වෙන කොටත් අහස් තලය සිසාරා පැතිරී යන ජයමංගල ගාථා හඩින් මගේ දෙසවන පිරී ඉතිරී ගොසින්, මා අමන්දානන්දයට පත් කර තිබෙන බව නොකියාම බැරිය. එවන් පෞඩත්වයක් මාගේ මව්බිම මෑත ඉතිහාසයේ පෙන්නුම් කලේ නම් ඒද අප ශ්‍රීමතානන් විසින් ජනතා අයිතියට පත් කළ විසිස්ට නිර්මාණයක් වූ හම්බ වරාය අප අයිතියට පත් කළ අවස්ථාවේදීය. මේ රට තුල කාලාන්තරය පුරාම ඔය එක එක පියවරුන් හිටිය බව අමතක නෑ නොවැ. බත් දුන් පියා, බනිස් පියා, ඩප්පියා වගේ පියවරුන් රැසකගේ අභිමතයෙන් අප විසින් එකම නිවහල් ජාතියක් බවට පත් කර ගත් අපේ මාතෘභූමියට, නියම වටිනාකමක් ලබා දුන්නේ වෙන කව්රුවත් නොව මහින්ද රාජපක්ස අපේ ආදරනීය නායකයාය. එතුමා විසින් 2005 දි ප්‍රකාශිත අති විශ්ස්ට වූ “මහින්ද චින්තන“ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුමත කල මා ඇතුලු දස ලක්ෂ සංඛ්‍යාත දූපත් වැසියන් එතුමාගේ උපන්දිනය දාම, එතුමාට දුන් තෑග්ග වුයේ “අනේ මාමේ අපිව බේරාගන්න“ කියන තෑග්ගට වඩා වූ අහිංසක ඉල්ලීමයි.

ඒ ඉල්ලීමට මුලින්ම ඇහුන්කම් දුන් එතුමානෝ නොවක් උත්සාහයෙන් යුතුව ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම සදහා අවුරුදු දෙකක යුද්ධයක් කොට අපව එම සාපයෙන් මුදා ගත් බව අමතක කරන ලද හිපාටුවන් පිරිසක් සේ සමහරක් මාධ්‍ය ගොබිලයන් හැසීරීම ගැන මා හට ඇත්තේ අසීමිත කනගාටුවකි. සමහර අය කියන්නේ ෆොන්සේකා මහත්තයා කිව්ව දේ කරන කෙනෙකු හින්දා එතුමා අවුරුදු දෙකෙන් යුද්ධය අවසන් කරන බව ප්‍රස්ද්ධියේ පවසා ඒ අනුව කටයුතු කරන ලද බව නොවේද? එසේ නම් එවැනි, උත්තමයෙකු (ෆොන්සේකා) වැනි කෙනෙකුට අද වෙලා තියෙන දේ මොන විදියෙන් වත් වීමට හැකියාවක් නැත. එතුමා හැම පැත්තෙන්ම අබ සරණ වී සිටින්නේ එතුමා බොරු කාරයෙකු වන නිසාය. ඇත්ත වශයෙන්ම අවුරුදු දෙකකින් යුද්ධය නිම කරන ලෙස නියත නියෝග ලබා දුන්නේ වෙන කිසිවෙකු නොව අපේ ශ්‍රීමතානන් විසිනි. එසේ නියත නියෝග දීමේ පරම අයිතිය එතුමා සතුව ඇතිවාක් මෙන්ම, වෙන කෙනෙකුගේ ගෞරවයක් බලෙන් උකහාගැනීමේ නොනිමි ආසාවන් කිසිවක් අපේ ශ්‍රීමතානන් සතුව නොමැති බව ලාංකිකයෙකු ලෙස ආඩම්බරයෙන් ප්‍රකාශ කල හැකිය. තව කෙනෙකුගේ ගෞරවය බලෙන් තමා විසින්ම තමා පිට පටවා ගැනීමට කටයුතු කල ෆොන්සේකා මහතාට අද අත් වී ඇති ඉරණමට වග කිවයුත්තේ අපද? නැතහොත් ආණ්ඩුවද? නැති නම් අපේ ශ්‍රීමතානන්ද? ශ්‍රීමතාන්ගේ දෙටු සොයුරු ගෝඨාභයද?? නැත ඒ කිසිවෙක් නොව ෆොන්සේකාම ඊට වග කිව යුතුය. කර්මය විසින් දෙටුවන් බිමට ඇද දමන බව අප අපේ ධර්මය අනුව දැක ඇත්තෙමු, විශ්වාස කර ඇත්තෙමු, අත්විද ඇත්තෙමු. ඉන් එහාට මේ සම්බන්ධයෙන් වෙන කිසිවක් මා හට කීමට අවැසි නොවන්නේ, අපේ ශ්‍රීමතානන් එරෙහි මතුවන මෙවැනි කූඨ අදහස් තූ තූ කොට පිළිකෙව් කිරීමට අප සැදී පැහැදි සිටින හෙයිනි. ශ්‍රීමතාතන් එරෙහි කිසිවක් පැවසීම අපගේ කෝපයද, අප සිත්හි තැන්පත් වී ඇති භෞමික අඛණ්ඩතාවයද(????) ඉරිතලා ගොස් පටු අරමුණු වලින් තොර වාදයන් සදහා එවැනි හිපාටුවන් කැදවීමට අප සිත අපටම බල කරයි. අප උපන් මාතෘභූමිය කෙරෙහි බැදි සංසාරගත ආදරය හේතුවෙන් අප ශ්‍රීමතා විසින් ඉටු කරනු ලබන කුදු මහත් වූ සංවර්ධන විශ්මකර්ම කාර්යයන් ආසියාවේ ආශ්චර්යය නොවන බව පැවසීමට අතලොස්සක් පමණ වූ චෞරයන් පිරිසික් කටයුතු කිරීම කිසිසේත්ම බහුතරය නොව 99% ක් පමණ වූ ශ්‍රීමතානන් හට පක්සපාතී වූ අප හට සිදු කරන සිත් රිදවීමකි.

අපේ ශ්‍රීමතානන්, තමන් විසින් රටේ දියුණුව ඇවැසිව මාස ගණන් නිදි වරා එතුමාගේ අවංක, සුවච කීකරු, රටට ආදරයක් ඇති අති ජනප්‍රිය විමල් සහෝදරයා, පාඨලී සහෝදරයා ඇතුලු (මෙම සහෝදරයන් දෙදෙනා තම උපරිම සහෝදරත්වයෙන් කටයුතු කරන දෙදෙනෙකු බව අප හොදා කාරව විස්වාස කරමු) පිරිවර හා බැදි සතත උත්සාහයෙන් හා අවංක උවමනාවෙන් හා චේතනාවෙන් යුතුව එළිදක්වන ලද, මෙම විශ්වයේ කෙටුම්පත් කරන ලද ආශ්චර්යෙයන්ම යුත් ප්‍රතිපත්ති ප්‍රකාශනය වන “මහින්ද චින්තන“ ය අප හට ඉදිරිපත් කළාහු, අප නොපැකිළිව එය අනුමත කොට ශ්‍රීමතාන්ගේ එකම අභිලාෂය වූ මගේ මව්බිම (1), මව්බිම(2) හා මව්බිම(3) ආරක්සා කිරීමේ හා දියුණු කිරීමේ අනුපමේය උත්සාහය සාක්ෂාත් කර ගැනීම සදහා උරදුන්නෝ වෙමු. එහෙත් මාද අදොමැයි...කාලයක් තිස්සේ ශ්‍රීමතානන්ගේ වෛරක්කාරයන්ගේ ගොදුරක් බවට පත්ව, ඔවුන් තෙපලන මුසා බස් කෙරේ විස්වාසය තබමින් අපගේ එකම ගැලවුම්කාරයා වන ශ්‍රීමතානන් කෙරෙහි සැක උපදවා ගෙන සිටියෙමි. ඒ තරම් අඥාන වීමට මා පෙළඹවූ ඒ වෛරක්කාරයන් කෙරෙහි මා අද සිට මෛත්‍රිය පතුරමි. මක් නිසාද යත් මාගේ දෙවියන් වහන්සේ මා හට දන්වා ඇත්තේ එළෙසින් නිසාවෙනි. “ඔබේ වම් කම්මුලට පහර දුනහොත් දකුණු කම්මල ද පා, පහර කනු“ මේ උත්කර්ෂවත් අවස්ථාවේ මගේ සිත තුල නොයෙකුත් පන්නයේ සතුටු මල් වැසි වසිමින් සිත ගුවන් තලය සිසාරා හමා යන්නේ කිසිදු වගවිභාගයකින් තොරවය. එය සම කල හැකි වන්නේ, අප ශ්‍රීමතානන් හට රට ආරක්ෂා කිරිමේ වගකීම භාරදී අග්‍රවිනිශ්චයකාරයා ඉදිරියේ එතුමා දිව්රුම් දුන් අවස්ථාවේ එතුමාගේම සිත් හි පැන නැගි මල් වෙඩි සමුහයක ආහ්ලාදජනක ස්වරූපයම බව නොකියාම බැරිය.

අප ශ්‍රීමතානන් රට ආරක්ෂා කරන්නටත්, රට දියුණුවෙන් දියුණුවට පත් කරන්නටත් දයාපර්ශවෙන් යුතුව සිදු කරන ලද කුදු මහත් අති විශාල වූ සංවර්ධන ව්‍යාපෘතින් කෙරෙහි මාගේ සිත්හි ඇල්ම දැන් දැන් වැඩි වෙමින් පවතින්නේය. ඒ සියළු දේ අප ශ්‍රීමතානන් තමන්ගේ සුඛවිහරණය වෙනුවෙන් සිදු කරනු ලබන්නේ යැයි ශ්‍රීමතානන්ගේ වෛරක්කාරයන් විසින් වැපුරු බිජු අනුභව කොට මාගේ උදරය හා සිත් තුල වැඩී පැවති එම වෛරී ශාකය දැන් දවස් දෙක තුනක් තිස්සේ මිය යමින් පවතී. එය මිය යෑම මගේ සතුටට හේතුවක් වන්නේ එනයින් අප ශ්‍රීමතානන් රට, දැය, සමය වෙනුවෙන් කරන අනුපමේය සේවයත්, කිරීමට බලාපොරොත්තු වන අනුපමේය සේවයත්, විශේෂයෙන් අප ශ්‍රීමතානන්ගේ නොකැලල් විස්වාසයත්, අවංකත්වයත්, අවිහිංසත්වත්, මෛත්‍රීසහගත සිතුවිල්ලත් පිළිබද ධනාත්මක අදහස් මා සිත්හි බිජු වැපිරීමට පටන් ගෙන ඇති නිසාවෙනි. එයින් මා සිත කුල්මත් වන අතර, නැවුම් පසක් ලද බිජු මෙන් ඒවා ඉතා ඉක්මනින් අතු ඉති ලා වැඩී මහා වෘක්ෂයක් වීමට තව වැඩි කාලයක් ගත නොවනු ඇත. මා ආදරය කරන්නේ මගේ රටට බව අප ශ්‍රීමතානන් ඊයේ පැවසු අයුරු මා හට මනරම් සහනයක් ගෙන දේ. එය ඔය ලේක්හවුසියේම වැඩ කරමින් සිළිදුලාට මත්තල යන්නට අඩගසනා මුවාවෙන් ව්‍යාංගයෙන් තම නොකැමැත්ත ලාවට ඉදිරිපත් කරන මාධ්‍යෙව්දීන්ගේ කල්කිරිමයාව ට ඉදුරාම වෙනස් වන්නේ මා, එතුමා ගැන වෛරයෙන් පසූ වී පහුගිය දින දෙක තුන තුල ස්ථිර වූ සත්‍යය මේ යැයි සක්සුදක් සේ පසක් කර ගෙන ඇති නිසාය. වෛරයේ බිජුවට වපුරන, අතේ ඇගිලිද අහිමි වූ ප්‍රමාණයක් වත් නැති තරම් වූ (එ කියන්නේ දහයටත් අඩුයි කියල නෙව) කුහක මාධ්‍යෙව්දීන්, 99% ක් පමණ වූ සියළු ජනතාවගේ ඒකායන අරමුණ වන අප ශ්‍රීමතානන් මගේ මවුබිම ආශ්චර්යේ බිහිදොරක් කිරීමට කැප වී සිටින ආකාරය නොදැකීම එක් අතකින් අරුමයක් වන්නේ මෙතරම් සංවර්ධන සිද්ධි දාමයක් මුළු රට වෙලා ගෙන පැතීරි ඇතත්, අන්ධයන් බිහිරන් සේ සිටීම නිසාය. එහෙත් මුන් ගොළුවන්ද වූයේ නම් මැනවයි මෛත්‍රියෙන් යුක්තමා හට දැන් සිතෙන්නේ, මුන්ගේ ඇති අධම ක්‍රියාකලාපය හේතුවෙනි..

අප රටට මහත් වාසනාවක් ගෙන දෙන මත්තල රාජපක්ස ජාත්‍යාන්තර ගුවන්තොටු පල විවෘත කිරීමේ මහෝත්ස්වය මා දෙනෙතින් බලමින්, ඒ නිසා හටගත් අසිරිමත් වූ තුටින් වැගිරෙන කදුලෙන් යුතුව ලියා දන්වමි.. මා හට ද අපේ ශ්‍රීමතානන් තෙපලූ ලෙසම 1, 2, 3 වන්නේද ආසියාවේ ආශ්චර්යයේ පෙරගමන්කරු වන මාගේ මව්බිමයි..

මෙතුවක් කරුණු පැවසූවද තවත් මා හට පැවසීමට අමතක වූ හෝ අතපසු වූ කරුණක් ඇති බව මගේ සිත පුන පුනා පැවසුවද එය සිහියට නගා ගැනීමට නොහැකිව ලතැවෙමි. ඔබට හැගෙන්නේ නම් මට උදව්වක් හැටියට එය මතක් කර දෙන මෙන් ඉතා අවිහිංසකව, මෛත්‍රියෙන් යුතුව ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි!!! ඔබට සුභ අනාගතයක්!!!

Saturday, March 16, 2013

පිස්සු හැදෙන ඩයරි කතා (A diary for you!!!)


(ආර්නෝල්ඩ්ගේ ටෝටල් රිකෝල් ෆිල්ම් එකේ හිටියේ මෙන්න මේ වගේ තිසර තුනක් ඇති කතක්)

මට මේ අවුරුද්දේ දින පොත් ඒ කියන්නේ ඩයරි හම්බ උනා හරියටම කිව්වොත් 12 ක්. ඕං ලැයිස්තුව.. මේක මේ ඩුඩේ කොරනව වගේ හැම එකකටම ලිස්ට් තියාගෙන ඉන්න තරං නොස්ටැල්ජියා එකක් නොවෙයි හරිය..

දුන්නේ කව්ද
වර්ගය
ප්‍රමාණය
හිතවත් කස්ටර්මර්
LOLC Diary
01
ඉංජිනේරු පැට්ටෙක්
CECB Diary
01
බැංකුවේ මැනේජරයා
BOC Diary
01
මගේ මිත්තරයා රාමයා
Nations Trust Diary
01
දේශිකාගේ බොසා
HNB Diary
01
වැඩ කරන තැන මහ එකා
Institutional Diary
03
එක එක ලපයි සිපයි
Normal Diary
04
එකතුව
12


මේ අවුරුද්දෙත් පරණ පුරුදු විදියට අන්තිමට බැලුවම මං ගාව තියෙන ඩයරි ප්‍රමාණය ශුණ්‍ය අගයක් ගන්නේ, පරණ පුරුදු විදියටම මේ නව වසරෙත් දිනපොත් භාවිතය කරන්න තීරණය කරල නැති හින්දයි.



ආ. ඒවා බෙදපු උංගේ නං ඕන නෑ... මට මතක නෑ... මම නිද්‍රාශිලියි.

හුගක් අය ඩයරි එකක් හම්බ උනාම බොහොම ආසාවෙන් ළගට අරන් , තියෙන හොදම අකුරු, බෝල කරල ඒකේ මුල් පිටුවේ විස්තර එහෙම ලස්සනට ලියල වැඩේ පටන් ගන්නවා. එතකොට දිනයක් ගානේ ඕකේ කරපු ඒවා, කරන්න තියෙන ඒවා වගේම හිතට ආපු දේත් ලියනවා නෙව. සමහර අය නං ඕකේ කවි එහෙමත් ලස්සනට ලියාගෙන ඉන්නවා. තව සමහරුන්ට ඕන වෙනම පොඩි ඩයිරි, ඒ කියන්නේ සාක්කුවේ දාගෙන හෙම යන්න පුළුවන් ඒවා. ඒවයිං මේ යක්කු කරන එකම දේ තමා, එක එක ටෙලිපෝන් නම්මර ලිය ලිය කෝච්චියේ යන එක. (කව්ද කියන්නේ නලින් එහෙම කරනවයි කියල)

මගේ පත්තර මිත්තරයෙක් ඉන්නවා, මිනිහා නිදහස් මාධ්‍යෙව්දියෙක්. හැම අවුරුද්දෙම දෙසැම්ර් 31 ට කලින් මිනිහට සාක්කු දිනපොතක් ලැබීමට සැලැස්වීම මගේ රාජකාරියක් හැටියට තමා පොර සලකන්නේ. ඔය සාක්කු දිනපොත දෙසැම්බර් 31 ට මිනිහගේ අතට ලැබෙන්නේ අවංකව කිව්වොත් කෝල් දහයක් පහළොවක් විතර මට දීල, ඒ මදිනං දෙතුන් ගමනක් මගේ ඔපීසිය පැත්තෙත් ඇවිල්ල මට අමතක නොවෙන්නම ඒක ඔළුවට වැදුනම තමා. මම ඒත් මේ හාදයට කීප ගමනක්ම කිව්වා උඹ ඔය කෝල් වලටයි, මගේ පස්සෙන් එන්න පැට්‍රල් වලටයි වියදං කොරන සල්ලි ටික බැලුවනං මම දෙන එකට වැඩිය සුපිරි එකක් උඹට කඩෙන් ගන්න පුළුවන්ය කියන එක. ඒත් මේකා නොවේ කවදාවත් මට හිරිහැර කරන එක නවත්තන්නේ. මිනිහා හිතන්නේ ඩයරියක් කාගෙන් හරි වැදල ඉල්ල ගන්න එක හෙන ලොකු කමක් කියලා. 

ඒ මදිවට තව ඉන්නවා “ආ... ඉන්න මට ඩයරි හම්බ උනාම ඔයාට හොද එකක් දෙන්නං“ කිය කිය ගෑනු ළමයි රවට්ටන සත්පුරුෂයෝ. ඕන්න ඔය වගේ සත්පුරුෂයන්ගෙන් තමා හෙනම කරදරේ. කොහොම හරි එකක් දෙන්නෙයි කියල කුරු කුරු ගාල මොකක් හරි දුන්නම, ඒත් යන්නෑ කැරකි කැරකි ඉන්නවා. “මචෝ මීට වඩා හොද එකක් නැත්ද බං“ කිය කිය. ඔහොම උන්ට නං මම කොච්චර කරත් හොද එකක් දෙන්නේ නෑ ඇත්ත කතන්දරේ කියනකං. සමහරු ඉතිං ලැජ්ජාවෙන් ගැලවෙන්න එක්ක මොන දහං ගැටේ දාලා හරි ගැල්ලමයින්ට හොද ඩයරි හොයල දෙනවා. ඕව කියන කොට මට හිතෙන්නේ අවුරුද්ද ලබන කොට වැඩිපුරම හුවමාරු වෙන්නේ සුභපැතුම් නෙමෙයි ඩයරි කෝල් කියලයි. ඒක නං පුදුම සීන් එකක්. මොකෙක් හරි එක්ක කතා කරන්නත් බෑ.. වචන දෙක තුනක් කියල ඊළග වචනේ එන්නේ ඩයරි එකක් ඩැහැගන්න තමා. 

ආ... ඔව් කියන්න ගිය එක අමතක උනා.. ඩයරි වල ලියන ඒවා... සමහර අය ඔය දිනපතා ආදායම් වියදම් විස්තර ඉදල සතේට ලියල මාසේ අන්තිමට අතේ ඉතුරු ගානත් එක්ක ඩයරි සැසදුම් ශේෂය පරික්ෂා කරලත් බලනවා. අරක්කු සිගරට් නොබොන්න හිතා ඉන්න අය ජනවාරි පළවෙන්දා ලොකුවට ලියනව මම මේ අවුරුද්දේ බොන එක නවත්තනවා කියලා. ඒත් ඉතිං ඊළග අවුරුද්දේ ජනවාරි පළවෙනිදත් අර උදාන වාක්කිය තමා මුලින්ම ලියන්නේ. ඔය අතරේ ඩයරි වලින් වැඩ ගන්න කස්ටිය කොයි තරං ඉන්නවද මේ මං වගේ. හැක්...

ඔව් ඔව් ලොක්කොන්ට නං ප්ලෑනර් එකක් මෙසේ පුරා පතබාවගන්නේ නැතිනං මුකුත් කරන්න මතක නෑ. අර මීටිම, මේ මීටිම, මේ ගමන, අර ගමන, අර ටීඊසී එක, අර ප්‍රොෙග්‍රස් රිවිව් මීටින් එක ඒවා මේවා. ඒ කස්ටියට ඉතිං ලේකම් කෙනෙක් නැත්නං ප්ලෑන්ර් එකේ පිහිට ඇර වෙන පිහිටක් නෑ. හැබැයි දැං හුගක් අය ඒවගේ ෂෙඩුල්ඩ් ප්‍රෝගෑම්ස් වල ඩේට්ස් ආවම පෝන් එකේ රිමයින්ඩර් එකටත් දාගෙන ඉන්නවා. ඒකත් හොද ක්‍රමයක් තමා.

කොහොමින් කොහොම හරි මේ සේරම මගුල් ඔළුවට ආවේ ඊයේ හැන්දාවේ මගේ ඓතිහාසික පෙට්ටගම අවුස්සපු වෙලාවේ හම්බ වෙච්චි ඉස්කෝලේ යන කාලේ පාවිච්චි කරපු ඉතා වැදගත් ඩයරියක මතකයක්.

මම ඔය ඩයරිය හම්බ වෙන කොට සාමාන්‍ය පෙල කරනවා. මේ කාලේ වගේම තමා ලස්සන වටිනා මේ ඩයරිය තෑග්ගක් හැටියට ලැබුනත් ඕකේ ලියන්න දෙයක් තිබුනේ නෑ. ඉතිං අකුරු බෝල කරල බෙහෝම අමාරුවෙන් මුල් පිටුවේ විස්තර ටික ලිව්වාට වෙන ලියන්න දේකුත් නෑ. එතකොට මතක් උනා අඩේ හැමදාම අපේ ගෙදරට මාත් එක්ක පාඩං කරන්න එන බුවාල මගේ මොන තරං දේවල් අරගෙන ගිහිල්ල තියෙනවද කියලා. ඕං එතකොට මීටර් උනා ලියන්න ඕන මුංට දීපු බඩු වල විස්තර... එහෙම හිතල ඩයරියේ දෙයියනේ කියල ජනවාරි පළවෙන්දට ලොකු අකුරෙන් ලිව්වේ මේ යක්කුන්ගේ බඩු පැහැරගැනීම ගැන තමා.

දිනිත්
මොඩර්න් ටෝකින් කැසට් පීස් එක
විදුලි පරිපථ සගරා 3
ගණිතය අච්චු පොත
ලයිටරය

නිලාජ්
බයිසිකල් පොම්පය
කවකටුව
පාට පහේ පෑන

ටොට්ටා
වීඩියෝ පීස් රිවයින්ඩර් එක (පුස් ගලවන්නෙ ඕකේ දාලා නෙව)
සොදුර පත්තර 2
ඩේ කාඩ් පැක් එක ( ඒ දවස් වල තිබ්බ වැල පින්තූරු දාපු ඩේ කාඩ් වගයක්)
ආර්නෝල්ඩ්ගේ Total Recall (තං තුනේ) වීඩියෝ පීස් එක

පොලියා
රු. 100
LED බල්බ් 20
බවුත් එක
ටෙනිස් බෝල් 1

ඉතිං මම බොහොම සන්තෝසෙන් ඔය අකුරු ටික හෙන ලස්සනට ඩයරියේ ලියල කියල, ඒ ලියපු විදිය ගැන මම බොහොම සතුටෙන් ටික වෙලාවක් බලං ඉදලා, පැත්තකට දාපු ඩයරිය ආයේ මතක් උනේ සති දෙක තුනකට විතර පස්සේ. ඒ මොකද කියනවනං ඒ වෙන කොට අර බුවාලා අරන් ගිය බඩු බොහොමයක් මට ආයේ ලැබිල තිබුන හින්දා, දැං කල්පනාව ලස්සනට අඩිරූල තියල රතු පෑනේං ඔය ටික කපල දාන්න තමා. කොච්චර සෝයිද මට ආයේ ඩයරියේ ලියන්න හම්බ වෙච්ච එක කියල හිතාගෙන පොත් මේසේ උඩ තිබ්බ ඩයරිය අරන් පෙරලල බලන කොට තමා මගේ ඉහමොළ රත් උනේ.

අනාථයි නෙව.. මම ලස්සනට කපල දාන්න හිටි බඩු ලැයිස්තුවට අර පාහරයෝ කෙලල. මුං කරල තියෙන වැඩේ දැක්කම මට ම ලැජ්ජාවේ බෑ ඕයි.. සික්.. මම මුන්ට පේන්න ඒක නොතියන්නයි තිබ්බේ කියල හිතුනා. ඇයි හත්දෙයියනේ මුංගේ බඩු ටික මතක තියාගන්න බැරුවෙයි මම ඕකේ ලිව්වේ. කාපු ටකරම ගැන කියල වැඩක් නෑ. උන් කරල තියෙන්නේ, තම තමන් ආයි ගෙනාපු බඩු ටික ඩයරියෙන් කපල දාන එක, සමහර ඈයෝ විස්තරත් ලියල ඒකේ.. හප්පා.. ඒ වගේ නෝන්ඩියක්... (ඒත් මං බැලුවා මොකද අප්පේ මෙච්චර ඉක්මනට මුං බඩු ගෙනාවේ කියල... නැත්නං ඉතිං අවුරුදු තුන හතරක් ගිහිල්ල ඇහුවම මට මතක නෑ ඕයි කියන එකනේ අහගන්න වෙන්නේ)

කොහොම හරි ඔය ලිස්ට් එකෙන් කපල දාලා නොතිබ්වේ ටොට්ටා අරං ගියපු මේං මේ ටික විතරයි.


සොදුර පත්තර 2
ඩේ කාඩ් පැක් එක 

“(මේ ටික දීපු ඉන් ආපහු දෙනකං තොට දෙන්න විදියක් නෑ - ටොට්ටා)“

ඕං ඔහොම මේකා ලියලත් තිබුනා. හික්

දිනිත් නං අවංකව ලියල තිබුනා “තෝ මේවා ලියනව කියල දන්නවනං තොගේ අලයක් වත් ගන්නේ නෑ“ කියලා.

වැඩේ කැත බව මුං කිව්වම, මම ඕවා ලියල දාපු හේතුව කොච්චර කිව්වත් උන් නෙමෙයි කනකට ගත්තේ... සමහර දේවල් කොයි තරං තේරුං කරන්න උත්සාහ කරත් තේරුං නොගන්න විත්තිය නොසෑහෙන්න තේරිච්ච දවසක් තමා ඒක.. නේද ලාස්ට් රෝ හෝ රාජ්

Thursday, March 14, 2013

අනාගත් මුගාබේ - එක් කතාවක්

පියල් ගුරුවරයෙක්. ඔහු සිංහල භාෂාව පාසැලේ දරුවන්ට උගන්වන කොට දරුවෝ බොහොම ආසාවෙන් අහගෙන ඉන්නවා. පියල් මේ ඉස්කෝලේට ඇවිල්ල වැඩි කාලයක් උනේ නෑ. පියල්ට මීට අවුරුදු 5 ක ට ඉස්සෙල්ලා මුල් ගුරුපත්වීම, දුෂ්කර අම්පාර පළාතට ලැබුනා. මොන දුෂ්කරතාවය තිබුනත් රැකියාව කර ගැනීමේ තිබුන එකම අභිලාෂය හේතුවෙන්, ඇත්තම කිව්වොත් හුගක් අමාරුවෙන් තමා පියල් ගුරු දුෂ්කර සේවය කරේ. ඒ දවස් වල ගමන් බිමන් පහසුකම් උනත් දැං වගේ දියුණු වෙලා නෑ. ඒ කියන්නේ යුද්ධයෙන් පසුව අම්පාරට ලේසියෙන්ම ඇතුල් වෙන්න පුළුවන් උනත්, යුද්ධය පැවති කාලයේ තමන්ට ඕන වෙලාවට මොන වාහනේකින්වත් මොනරාගල සියඹලාන්ඩුව පහු කරල ගමන් කරන්න, යුද හමුදාව ඉඩ දුන්නේ නෑ. මේ කරදර හින්දා අම්පාරට එන බස් හවස 6.00 වෙන කොට මොනරාගල පහු නොකරොත් එදා රෑ එළි වෙන කං ඉන්න වෙන්නේ එතැනම තමා. පහුවදා උදේ 5.00 ට ආයේ ගමන් ආරම්භ කරනකං බොහෝම කරදර විදගෙන ඉන්න වෙනවා. බඩට කරදරේ බඩගින්න, හිතට කරදරේ යුද්ධය, ගතට කරදරේ මදුරුවෝ, කනට කරදරේ හැම වෙලේම වැඩක් නැතිව කච බච ගාන බස් වල සනුහරේ. ඒ ඔක්කෝටම වඩා හපන් එතන බීල මහ රෑ විකාර කරන උන්ගේ කරදර. මේ සියළු කරදර ඉවසා වදාරා කටයුතු කළත්, යුද්දෙන් පස්සේ ඒ පැති වලට හොද කල දසාවක් ඇති උනා. බස් සේවය සෑහෙන්න දියුණු උනා. අඩුම ගානේ පැයකට වරක් වත් දුර ඉදල අම්පාරට එන බස් එකක් ඕන වෙලාවක තියෙන එක සෑහෙන පහසුවක් උනා. ඊටත් වඩා යුද්ධයට හිර වෙලා තිබුන හිත නිදහස් වීමම ලොකු සහනයක් උනා. මොනව උනත් අවුරුදු පහ ගත වෙන්න ඔන්න මෙන්න කියා තියෙද්දි පියල්ට තමන්ගේ ගමේ ඉස්කෝලෙකට මාරුව හදාගන්න හැකි උනා. ඒක දුෂ්කර සේවයෙන් ලැබුන තෑග්ගක් කියල පියල් හිතන්නේ, පයින් ඇවිදං යන්න පුළුවන් දුරක ජීවිතයයි රැකියාවයි දෙකම පිහිටල තිබුන හින්දයි.

පියල් ඉස්කෝලේ යන කාලේ ඉදලම බොහොම දස්සයා. ඕනම දෙයක් පිළිවෙලට කරන්න, ඕන දේක මූලිකත්වය ගන්න පියල්ට සහජ දක්ෂතාවයක් තිබුනා. ඒ කාලේ පන්තියේ මුල් තැන එයාට ලැබුනේ ගුරුවරුන්ගේ හිටන් විදුහල්පතිතුමා දක්වාම පැතිරිල තිබුන පියල්ගේ නිවිච්චි හැදියාව හින්දා. ඕන දේකදි අපහසුවෙන් උනත් දරාගෙන හිටීමේ ශක්තිය එයාට රැකුලක් උනා. ඒ ශක්තිය හින්දම අමාරුවෙන් ජීවිතය ගැටගහගන්න පවුලක තුන්වෙනි දරුවා විශ්වවිද්‍යාලයට ගියේ කලා අංශයේ උපාධියක් ගන්න. ඒ උපාධියත් අරගෙන කාගෙවත් පස්සේ නොගිහින් ගුරු පත්වීමක් නියම විදියට ලැබුනේ, දැං කාලේ එහෙම උනානං සහතිකේ නිල් පාට තියේද කියල ඇස් කරකවල බලල, එහෙම නැත්නං අයින් කරල දාන්න තරං කටයුතු කරන මහත්තුරුන්ගෙන් මයි. ඒත් දැං ඒ මහත්වරු වෙනස් වෙලා. කණ්නාඩියෙන් බලල තමා රස්සා දෙන්නේ. ඒකත් දෙන්න, මොන එකා උනත් පිටි මුට්ට ගානක පාප්ප හදන්න ඕන, පෝස්ටර් හොන්ඩර ගණන් කර තියාගෙන යන්න ඕන, රෑ එළි වෙන කං අනුන්ගේ වාහන වල සාටර් වෙවි බයියන්ගේ පෝස්ටර් ගහන්නත් ඕන, ඒ ඔක්කොම කොරලත් උන්දැ පැරදුනොත් ඔක්කොම කම්බස්. ඒ අතින් පියල් වාසනාවන්තයි. පියල් හිතුවේ ඒ දවස් වල  සමාජය වාසනාවන්තයි කියලයි. ඒ මොකද කියනව නං අඩු තරමේ පොඩි සාදාරණ විදියකට හරි රැකියා ලබා දුන්නයි කියල හිතන්න පුළුවන් උන හින්දා. ඒත් අවුරුදු පහක් ගිය තැන මේ හැම දේකම කන පිට ගැහුන ක්‍රමය ගැන, මධ්‍යස්ථ දේශපාලන මතයක ඉන්න පියල් ගේ හිතේ විස්සෝපයක් තිබුනත්, ඒක එළිපිට පෙන්නුවේ නැත්තේ පොඩි කාලේ ඉදලම පියල් විසින් ගොඩනගා ගෙන තිබුනු ඉවසා වදාරීමේ ක්‍රමවේදය හින්දයි.


උදේ අම්මට වැදල ඉස්කෝලේට යන්න එළියට බැහැපු පියල් සර්, තමන් හැමදාම ගෙනියන, ටවුමෙන් ගත්ත රු. 500 පොඩි බෑග් එක පුරෝලා කෑම දෙකක් එක්කම පොත් පත්, ලේඛණ, පැන් පැන්සල් අරගෙන වම් කරින් ඒක එල්ලන් බොහොම පරිස්සමින් අඩිය තියල, සාමාන්‍යෙයන් වටපිට අඩුවෙන් බලල සීරුවට තමා ගමන් කරන්නේ. එක් වරම තමන් ඉදිරියෙන් අනිත් පැත්තෙන් ආපු මොකක් හරි වාහනයක් මහ සද්දෙන් පාරට හිටවන කොට, බරපතල ක්රීස් සද්දෙට ඕනම කෙනෙක් වගේ එක පාරට ඇස් උඩ තියාගෙන ඒ දිහා බලන්නේ තමන් දුවන්න ඕන දෙයක්ද උනේ කියලා. පියල් සර් දැක්කා කළුම කළු පාට අළුත් ජිප් එකක් (පැජරෝ එකක් කියල තමා ඕන කෙනෙක් කියන්නේ)  පාරේ නවත්තල ඒකේ ඩ්‍රයිවර් දොර ඇරගන බහින්න හදනවා. ඒත් පියල් සර්ට කරදරයක් හෝ බාධාවක් නැති නිසාත් වෙන කෙනෙකුට අතුරු ආන්තරාවක් නැති හින්දත් තමන් ආපු ගමන පටන් ගන්න අඩි දෙක තුනක් ඉස්සරහට තිබ්බ පියල් සර්ට පිටි පස්සෙන් සද්දයක් ඇහෙනවා කව්රු හරි කතා කරනවා වගේ.

“පියල් අයියේ, පියල් අයියේ“

මේ සද්දේට පියල් එකපාරටම තමන්ගේ ඇග එක්කම බෙල්ල හරවල පස්ස බලන කොට සුදු කලිසමක් ඇදපු, බාගෙට පියවපු නිල් පාට ෂර්ට් එකක් ඇදගත්ත තරුණයෙක් එයාගේ පස්සෙන් එන බව පියල් දැක්ක හින්දා එහෙමම පාරේ ගල් උනා. පියල් නැවතුනේ මේ කව්ද කියල බලන්නත් එක්කයි. මිනිහා පියල් ඉස්සරහටම ඇවිල්ල හති පාරක් ඇරල, කට හොද එකෙන්ම ඇරල බොහොම කුළුපගව හිනා උනත් පියල්ට කිසිම අදහසක් නෑ කව්ද කියන එක ගැන.

“පියල් අයියේ, මාව මතක නැද්ද?“

“ඒක තමා බැලුවේ.. ම්හ්.. මට එච්චර නිච්චියක් නෑනේ“

“ඒකනේ පියල් අයියලට දැං අපි අමතකයි. මතකද ලොවි පිස්සා“

පියල් සර්, එක පාරටම අහසේ කෙටුව විදුලි ආලෝකයක් වගේ, එයාගේ මතකය ඒ පාර දිගේ අතීතයට අරන් ගියා. හ්ම්. එතකොට මේ සුරත් මලයාද, අපේ ගෙදර නැවතිල ඉස්කෝලේ ගියපු. ඔව් නේද ඒ අහිංසක මූනම තමා, ඇත්ත නේ මට ඔළුව ට ආවේ නැති උනාට ඒ හිනාවම තමා. පියල්ට අතීතය ආවර්ජනය උනා.

“අනේ මේ සුරත් මල්ලි ද, අයියෝ මට කොහොමවත් අදුරගන්න බැරි උනානේ. ඉතිං ඉතිං“

“ඒකනේ, අයියනං තාමත් ඒ විදියමයි. මම නං ඉතිං මහත් වෙලා, කළු වෙලා, වැඩ නේ බරටම“

“ඒකනං ඇත්ත, ඒ දවස් වල කොයි තරං කෙට්ටුද, ලොවි කතාව තාම මතකයි නේ“

“හෙහ්.. අයිය මට කරපු උදව් වගේම තමා ඒ කාලේත් තාම අමතක නෑ“

පියල් සර් ආයෙත් අතීතයට යනවා. පාසැල ඇරිල ගෙදර ආපු පියල්, අමුත්තෝ දෙන්නෙක් දකිනවා. එක්කෙනෙක් පිරිමි කෙනෙක්. අනිත් කෙනා පොඩි දරුවෙක්. මේ කොල්ලා ඉස්කෝලේ ඇදුම ඇදගෙන, බෑග් එකත් වාඩි වෙලා හිටිය පුටුව ගාව බිමින් තියාගෙන, වතුර බෝතලේ කටේ තියන් වතුර බොනවා. පියල්ගේ අම්මා අර පිරිමි කෙනාත් එක්ක කතා කරනවා. ඒ අතරේ දොරේ උළුවස්සට හේත්තු වෙච්චි පියල්ගේ අයියා ඉස්කෝලේ ඇදුම පිටින්ම කන අත ගගා මේ සංවාදය අහන් ඉන්නවා. පියල් හෙමින් සංවාදේ යන අතරින් දොර ගාවට යනකොටම පියල්ගේ අම්මා අර පිරිමි කෙනාට කියනවා.

“සුනිල් අයියේ මේ මගේ බාල පුතා, පියල්, ඔය පාර මේ දරුවටත් පුළුවන් මෙයත් එක්කම ඉස්කෝලේ යන්න. එනකොට ටිකක් වෙලා ඉදල හරි මෙයත් එක්කම ආයේ එන්න පුළුවන් නේ.“

තමන්ගේ කහට ගැහිච්ච දත් ඇන්ද විලිස්සා බාගෙට ඉදුන උඩු රැවුල අතරින් සුනිල් අයියා හොදට හිනා වෙලා පියල් දිහා බලලා කෘතඥපුර්වක බැල්මකින් සංග්‍රහ කරාම, පියලුත් පොඩියට හිනාවකින් සංග්‍රහ කරල ගේ ඇතුලට ගියා. එතකොට තමා පියල් දැක්කේ තරහෙන් පුපුරු ගහන පියල්ගේ අක්කා, අතින් පියල්ට පලයං කියන්න වගේ සංඥා කරනවා. පියල් ඒක ගනන් ගන්නේ නැතිව එයාගේ කාමරේට ගිහින් පොත් බෑග් එක මේසෙ උඩින් තිබ්බ ගමන් අක්කා පිටිපස්සෙන් ඇවිත් පියල්ගේ ඔළුවට හිමීට ඇන්නාම පියල් ආපහු හැරිලා බැලුවා.

“මෝඩයා, උඹට දැං කාමරේ අරකත් එක්ක හවුලේ තමා ඉන්න වෙන්නේ. ඕං අම්මා එහෙම කිව්වා“

“ඒ මොකෝ අක්කේ“

“ඔය අම්මලගේ ගමේ නෑ කෙනෙක් කියන්නේ. අර කොල්ලා උඹලයි ඉස්කෝලේට අද දාල තියෙන්නේ, ඉතිං මිනිහා මෙහේ ඉදං තමා ඉස්කෝලේ යන්න හදන්නේ, දැං බොට හොදයි නේ, මී හරකා“

“ඉතිං අක්කේ එක ඇදයි නේ තියෙන්නේ, කොල්ල ඉන්නේ කොහේද“

“ඔවු ඔන්න බූරු ඇදක් ගෙනැත් දාන්නං කිව්වේ අර මිනිහා“

“අපරදේ පොඩි එකාට ඒකේ ඉන්න ඇහැකියැ??“

“මම දන්නෑ සල්ලි හම්බ උනාම වෙන ඇදක් ගේනවයි කියන්නේ“

“ඒක මිසක්, මට නං ඉතිං කමක් නෑ.. පොඩි එකෙක් නේ අක්කේ“

“ආ.. එහෙමද ඒනං තෝ හොදට සලකාගෙන ඉදිං කොල්ලට“

මොන ආරෝව දාගෙන පියල්ගේ අක්කයි, අයියයි හිටියත් අම්ම කියන වචනෙකට පිටින් ඒ කවුරුවත් යන්නේ නෑ. මොන තරං අමාරු කං ඇතිව හිටියත් සුනිල් මාමගෙන් සතයක් වත් ගන්න අම්ම කැමති නැති උනේ “අනේ මේ කිරි සප්පයෙකුට බත් කටක් දෙන එක මොකක්ද“ කියල කියන ගමන්මයි. ඒත් මාසෙකට සැරයක් සුනිල් මාමා සුරත්ව ගෙදර ඇන්න යන්න එනකොට ඔය මොනා හරි ජාති දෙක තුනක් ගමෙන් පෝර ගෝනියකට දාගෙන එන පුරුද්දක් තිබුනා. ඒ උනාට පියල්ගේ අම්මා ඒවා නං බොහොම ආසාවෙන් භාරගත්තා. “අනේ මොකට මහන්සි වෙනවයි“ කියල තමා ඒ හැම වෙලේම පියල්ගේ අම්ම කියන්නේ. ඔය විදියට කාලය ගත උනත්, සුනිල් මාමා පොරොන්දු වෙච්චි ඇද නං කවදාවත් පියල්ගේ කාමරේට වැඩියේ නෑ. ඒක වඩිනකං සුරත්ට පළවෙනි දවසේ ඉදල වෙන් කරල දීපු පියල්ගේ ඇද තාමත් සුරත්ගේ ඇද. සුරත් ආපු දවසෙම ගෙනාපු බුරු ඇද පියල්ගේ ඇද. ඒක වෙනස් උනෙත් නෑ. පියල්ට මතක් උනා ඒක තාමත් ගෙයි පිටිපස්සේ කොනක අඩු වලින් නිරුවත් වෙලා තියෙන විදිය.

“ඉතිං මල්ලි දැං මොකද කරන්නේ මම හිතන්නේ ඉස්කෝලෙන් අයින් උනාට පස්සෙම තමා මම ඔයාව දැක්කේ“

“ඔව් අයියේ, මට ඉතිං ඕ ලෙවල් වත් ගොඩ දාගන්න බැරි උන හින්දා ගෙදර ගිහින් වෙන වෙන වැඩ කරන්න උනා. එතකොට අපේ තාත්තත් කටේ පිලිකාවක් හැදිල නේ හිටියේ. “

“ඔව් මට මතකයි. එතකොට මම අම්පාරේ මට එන්න බැරි උනා මළගෙදර“

“තාත්තා මැරුනට පස්සේ මම එක එක දේවල් කරා. ඒත් ගොඩ යන්න බැරි උනා“

“දැං හොදයි වගේනේ.. වාහනේ මල්ලිගෙද?“

“ඔව් අයියේ මට දීල තියෙන්නේ. හැබැයි මගේ නෙමෙයි. ඒත් කව්රුවත් ගන්නෑ මගේ වගේම තමා“

“මල්ලි බිස්නස් ද කරන්නේ“

“පිස්සුද අයියේ අවුරුදු දෙක තුනක් බිස්නස් කරල මේවා ගන්න අපි කුඩු විකුණන්න ඕන, ෂික් මම නං ඒවා ගැන හිතන්නෙවත් නෑ“

“එහෙනං මොකක්ද කරන රස්සාව“

“මම ගියපාර චන්දෙදි අපේ රානාබේ ... දන්නවනේ අරයගේ පුතා“

“ඔව් ඔව්.. මොකෝ නොදන්නේ“

“මම ඉස්ම යන්න රානාබේ  ට  වැඩ කරා චන්දෙට. මිනී මැරුවේ නැති එක විතරයි අයියේ, හැම දහදුරා වැඩේම කරා. අපිත් කොහොම හරි ගොඩ යන්න එපායැ“

“ඉතිං මොකද උනේ“

“අපි දිස්ත්‍රික්කේ හැම තැනම පෝස්ටර් ගහගෙන, අනිත් උන්ගේ ඒවා ඉරාගෙන දවස් ගනන් නිදිමරාගෙන වැඩ කරා. අපරාදේ කියන්න හොදට සැලකුවා. අපිත් ඉතිං වෙන එකෙකුට ඇහැක්වත් ගහන්න දුන්නෑ තාප්ප වල“

“දැං එතකොට මල්ලි අමාත්‍යංශෙකද වැඩ“

“අපෝ නෑ අයියේ මම රානාබේ ගේ සම්බන්ධීකරන ලේකම් කෙනෙක්“

“ඇත්තට. හරි සන්තෝසයි“

“ඒක එච්චර දෙයක් නෙමෙයි අයියේ මං වගේ ලේකම්ල දුසිමක් විතර ඉන්නවා“

“කොහොම හරි ඔයා තැනකට ආව නේ. මට හරි සතුටුයි. ඉතිං මොනවද කරන්න තියෙන්නේ“

“මොනවද ඉතිං, දැං කරන්නේ ලංකාව පුරා පෝස්ටර් ගහනවයි, රානාබේ යන තැං වල පබ්ලිසිටි දෙන්න කස්ටිය එක්කං යනවයි, එයා කියන තැං වල බැනර් කටවුට් ගහන එකයි ඒවා තමා. මට ඒ පැත්ත භාර දීලා තියෙන්නේ. කෝල් එකක් දීල කිව්වම බඩු අරගෙන ලංකාවේම බෙදල වැඩේ කරන්න ඕන. ඒ යන තැං වල හෝටල් බුක් කරල තියෙන්නේ. අපිට තියෙන්නේ ගිහින් අපි මෙයාගේ කට්ටිය කියන්න විතරයි, ඔක්කොම විස්කි වගේ වැඩ“

“පඩි ගෙවන්නේ කව්ද“

“පඩි... පඩි මොකටද අයියේ ඒත් පොඩි ගතමනාවක් ලැබෙනවා නං තමා. අපි තමා ඔය එක එක කොන්ත්‍රාත් ගන්නේ, වැඩ කරන්නේ, ඒවයින් කොමිස් හම්බවෙනවා. අනික වාහනේ රෙපයාර්, තෙල්, කෑම බීම, ඉන්න හිටින්න සතයක් යන එකක් යැ“

සුසුමක් එක්කම “හ්ම්“ ගාපු පියල් සර්ට ආයි අතීතය මතක් වෙන එක නතර කරන්න බැරි වෙනවා.

සුරත් ඒ දවස් වල කොයි තරං අහිංසකද? පියල්ගේ ගෙදර තිබුන එකම ලොවි ගහේ හවස් වෙන කොට ගෙඩි හත අටක් වත් කඩාගෙන නොකෑවොත් මිනිහාට නින්ද යන්නැති ලෙඩක් තිබුන විත්තිය මතක් වෙනකොටත් පියල්ට හිනා එනවා. පොඩි කාලෙත් ඉගෙන ගන්න කම්මැලියා උනත් පියල් කොයි තරං පාඩං සුරත්ට කියල දෙනවද? හැමදාම ඉස්කෝලෙන් දෙන ගෙදර වැඩ කරන්නේ පියල් එක්ක. පියලුත් කාලයත් එක්කම සුරත් තමන්ගේ මල්ලි ගානට දාලා වැඩ කලේ. සුරත් හිටන් එහෙමයි පියල් කිව්වොත් ඉන්න තැනිං අඩියක් වත් හෙල්ලුනේ නෑ. ඒත් දැං සුරත් ගේ තත්වෙ එක්ක බලන කොට පියල් ට එන කළකිරීම මොන විදියෙන්වත් පෙන්නුවේ නැති, පියල් සර් ආයේ සුරත්ගේ මූන බැලුවා.

“අයියේ මම දැනුත් මේ වැඩකට යන ගමන්. පස්සේ වෙලාවක ගෙදර එන්නං. අයියා දැක්ක හින්දයි කතා කරේ“

“ආ ආ.. ඒකට කමක් නෑ. සතුටුයි දැක්කට එහෙනං පස්සේ එන්නකෝ ගෙවල් පැත්තේ මම යන්නං“ කියමින් පියල් සර් අඩි දෙකක් විතර ඉස්සරහට යන කොට සුරත් අයේ කතා කරනවා.

“අයියේ... අයියේ.. ඕන දෙයක් තියේනං මට කියන්න. මෙන්න කාඩ් එක. මං කිව්වේ ඕන දෙයක්“

“තෑන්ක්ස් මල්ලි..ඕන උනොත් කියන්නංකෝ“

“අයියට හොද ඉස්කෝලයක් ඕන්නං මම හෙට වෙන කොට හදාල දෙන්නං. බඩු සුවර් මම කිව්වොත්“

“ආ ඕන්නෑ මල්ලි ගෙදර ළග ඉස්කෝලේ හොදයි. හරි හරි මම කතා කරන්නංකෝ පස්සේ.. එහෙනං මම යනවා“

“හරි අයියේ බුදු සරණයි!! මම යන්නං එහෙනං නැන්දත් මතක් කරා කියන්න“

“හ්ම්. හ්ම්“

එතකොට සුසුම් අතරින්, පියල් සර්ට මතකෙට ආවේ අධ්‍යාපන කන්තෝරු ගානෙයි, අමාත්‍යංශේ පැත්තෙයි අභියාචනා මල්ලත් අරන් මාරුව හදාගන්න අපා දුක් විදගෙන බඩ ගාපු අවුරුදු පහ..

Tuesday, March 12, 2013

හැලපයි!!!!!

බ්ලොග් අවකාශයේ ඇනෝ පරිප්පුවක් ක්‍රියාත්මක වෙන හින්දා, ඒකෙන් පරිප්පු ඉල්ලං කන්න අවශ්‍ය නැති අපේ බ්ලොග් පතාක යෝදයන් වන මාතලං හා වෙනී තම තමන්ගේ ගිණුම් පරිස්සමින් පාවිච්චි කොරන්න පටන් ගත්ත නෙව. ඒත් මේ කරදරේ ඉවර වෙන පාටක් නැත්තේ දැං ෆේක් එකවුන්ට් වලින් ඇවිල්ලත් අපි කොහොමත් දන්න, ආයේ කියල දෙන්න අවශ්‍ය නැති කුනුහරුප තාමත් මාතලං ගාව මේ හාදයෝ දාන හින්දයි. 

මට නං උන් ගැන කියන්න තියෙන්නේ තමන්ගේ රෙද්දේ ගූ ගෑවිල විත්තිය පස්ස අතගාලා බලල, ඒත් දැනෙන්නේ නැත්නං අත නහයට තියල බලල, මෝඩ කමට ඒකත් දැනෙන්නේ නැත්නං පැට්රියට් මලයා කිව්වා වගේ ඉවර වෙනකං කාලම බලන්න කියලයි. 

ඒත් තේරෙන්නේ නැත්නං ඉතිං කියන්න තියෙන්නේ රාජ් කිව්ව වගේ (රාජ් ඒක අහුලගත්ත තැන මට මතක නෑ මොකද මම නිද්‍රාශිලියි) සමහර උන්ට, කොච්චර උන් ගදද කියල තේරුම් කරන්න හැදුවත්, උන් ගාව ගද බව තේරුම් ගන්නේ නැති බවයි. මේ අස්සේ අපේ සැන්ඩර් මලයත් බ්ලොග් කල්ලිවාදයක් පිළිබදව කලකිරීමෙන් ඉන්න විත්තියක් ආරංචි උනා. සැන්ඩර් මලයටත් කියන්න තියෙන්නේ දෝහා හිටියත් කොල්ලෝ මොන දේවත් වැඩිය ඕන නැති බවයි. මේක අපි හදාගත්ත පුංචි ලෝකයක්. ඒ පුංචි ලෝකයේ අපි මිතුරන් ඇති කර ගන්න කැමතියි, නැතිව හදාගත්ත එකාව නැති කරගන්න නෙමෙයි. 

මාතලං කිව්වා වගේ වෙන මිතුරන් නැතුවද, මෙහෙම කරන්නේ... නෑ.. ඕන තරං ඉන්නවා. ඒත් තව එකෙක් හරි අදුරගන්න එක කොයි තරං දෙයක්ද? මිනිහෙක් විදියට ඉපදිල ගොබ්බයෙක් වගේ මැරිල යන්නේ නැතිව තමන්ගේ බිස්නස් එකක් බලා කියා ගෙන පාඩුවේ අනුන්ට කරදරයක් නොකර ඉන්න ටිකේ වත් ඉන්න කියල තමා කරුණාවෙන් ඒ බොග මහත්තුරුන්ට කියන්න තියෙන්නේ. 

ඕං මම ගාව පහරන්න ආවොත් දෙකක් නෑ එළවල දානවා මොකා උනත් එච්චරයි. හැදිච්චි විදියට කතා කරනවනං මට කෙලල ගියත් මම අත් දෙක උස්සන් ඉන්නවා. ඒක තමා අපේ මනුස්සකම. වෙන විදියට කෙලින්න ආවොත් ඇට දෙක ඇදල කන්දෙකේ ගහනවා ඉයර් පෝන් එකක් විදියට හැමදාම කනේ ගහං ඉන්න. එච්චරයි.

හරි... අටෝරාසියක් කරුණු එක පෙළට කියන්න උනේ දැං මේ දවස් වල තියෙන ට්‍රෙන්ඩ් එකට අපිත් ඉතිං මුක්කුවක් නොගැහුවොත්, ඒක අඩුවක් වෙන හින්දයි. නැතිනං ඔය මොකා එක්කවත් මට ඇති තරහක් නෑ. පහරන එවුන් ඇර.

මේ දචස් වල අපේ පුංචි ලෝකයේ මාර්කට් කරන්න ඕන හොදම බ්ලොග් එක මොකක්ද කියල ඇහුවොත් දෙන්න තියෙන උත්තරේ මොකක් වෙයිද? අනේ මන්ද බොලා නං එක එක වැල සයිට් වල නං හෙම කියාවි.. හෙහ්... හෙහ්.. ඒත් ඉතිං මොනා උනත් අපිට මේ දවස් වල හම්බ වෙලා ඉන්නවා අවංක පැණියෙක්. කතා සාගරයක්. නියම අක්ෂර වින්‍යාස අනුව භාෂාව හසුරුවන්නෙක් කියල පොර කිව්වට මම නං දන්නෙ නෑ මොකද මම බාසාව හරියට හසුරුවන්නේ නැති හින්දා. වෙන කව්රුවත් නෙමෙයි ඒ අපේ හැලපීයා.. (ඕං කුනුහරුපයක් වගේ හින්දා හැලපයියා කියන නම වෙනස් කොරා. පේටන්ට් එක ලබා දෙන්නෙයි කියල ඉල්ලා හිටිනවා)

අපේ හැලපීයාට සමාජය ගැන හොද දැනුමක් වගේම සමාජයේ අඩිය තියල ලබා ගත් අත්දැකීම් එමටයි. අපි හුගක් දෙනෙකුට නැති ස්මරණ ශක්තියක් මිනිහට තියෙනවා. ඒකේ තියෙන ප්‍රයෝජනය දැන ගන්න නං අපි අතීත කතාවක් දෙකක් ලියන්න ඕන. ඕං එතකොට සිහි වේවි අඩේ කොයි තරං දේවල් අමතකද කියලා. ඉතිං එහෙම එකේ මිනිහා ලියන එකක් මේ දවස් වල නොකියවා ඉන්න එක ලොකු අඩු පාඩුවක්. හුග දෙනෙකුට තාම කියවන්න බැරි උනත් කාලයත් එක්ක වැඩිම දෙනෙක් කියවන තැනක් බවට හැලප කඩේ පත් වෙන බව සිකුරුයි. ඒක නිසා තව හොද හොද හැලප ටිකක් තම්බ ගන්න, තව තව මිනිහට තර්ජනය කරමු. 

මම මිනිහගේ බොහොම කැමති අර බේබදු කතා වලට. කරුමෙට මේකේ කාල් ගාන නංගිල මිනිහට කියල නෙව “ඔයා බොනව වැඩියි කියල“. ඒක නිසා පොර දැං බේබදු කතා නවත්තලා දාලා. හරි එහෙනං බලපු නැති කස්ටිය ඉන්නව නං හැලපීයගේ මම ආසම කතා කීපයක ලින්කටු දාන්නං ගොහින් බලල පොඩි තර්ජනයක් හෙම දාලා එන්න. මිනිහා හෙන බය ගුල්ලා. අනිවා බයටම ලියාවි.





මේවට වඩා හොද ඒවා තියෙනවා. මගේ හිත කාපු කතා හතරක් තමා මේ දැම්මේ. 

ඉතිං හැලපීයට තව හොද හොද සෙල්ලං බ්ලොග් ලෝකයේ දාන්න හැකි වෙන්නෙයි කියල බොක්කෙන්ම ප්‍රාර්ථනා කරන ගමන් බේබදු කතා සැට් එකත් නවත්තන්න එපා කියල ඉල්ලීමක් කොරන්න වෙනවා.


Wednesday, March 6, 2013

නම්බර් එකට නමක්!!! Please...

හිරුවගේ මඤ්ඤං පෝස්ට්කටුවේ සෙන්නා දාලා තිබ්බ කොමෙන්කටුව හින්දා මට ඇත්තටම කල්පනා උනා විකාර වැඩ කීපයක්ම.

//අර ෆෝන් එකේ නම සේව් කරද්දි, my love වලින් පටන් ගන්න අය තමාලු අන්තිමට මල හෝන්තුව කියලා දාගන්නෙත්.. මමනම් එදත් නම විතරයි, අදත් නම විතරයි..//

ඇත්ත තමා සෙන්නා කිව්ව වගේ කෙල්ල යාළු වෙච්ච වෙලාවේ ඉදල බැදල ලොකු දරුවෝ හදාගන්න කාල පරාසය ඇතුලත හුගක් දෙවල් වෙනස් වෙනවා. ඇයි පෝන් එකත් වෙනස් වෙනවා. එතකොට පස්සෙ දාන නමත් සෙන්නා කිව්ව වගේ වෙනස් වෙන්න ඉඩකඩ තියෙනවා.. එතකොට නම වෙනස් කරන්න එකම හේතුව තමා පෝන් එක නේද....

මගේ මිත්තරයෙක් හිටියා ඌ යාළු වෙන්න ට්‍රයි කරේ ජේවීපි කාලේ අපේ ගමේ හිටිය හොදම ජේවීපි කාරයගේ දූව. ඔය හාදයට අපි කියන්නේ බකට් කියලා. ඒ කියන්නේ හැම තැනම ගිහිල්ල.. අනිවා කෑ ගහනවා ආසාධාරණයි අසාධාරණයි කියලා. ඒත් ඇත්තට කිව්වොත් ඉතිං හැම තැනම අසාධාරණයක් අඩුවෙන් හරි තියෙනවයි කියන එක මිනිහා තේරුං නොගන්න එක කොයි තරං අසාධාරණද? මේ හාදයා ගිය ගිය තැන බකට් දාන හින්දා මිනිහා නිකම්ම ලාල් නෙමෙයි බකට් ලාල් උනා.

හරි දැං අපේ හාදයා බකට් ලාල්ගේ දූට ට්‍රයි කොරල කොහොම හරි කෑල්ල දාගත්තා. මුගේ ගෙදරට ආරංචි වෙලා, මේ ගෙරියා බකට් ලාල්ගේ දූගේ පස්සෙන් යනවයි කියල, ගෙදරින් මේකට හෙන බකට්. දැං මක්ක කරන්නද යාළු වෙලා ඉවරයි නෙව. මිනිහගේ අයියල දෙන්න හෙන සෝදිසියෙන් ඉන්නේ.. නිතරම පෝන් එක බලනව මොකක් හරි ක්ලු එකක් හොයාගන්න.. දවසක් මම මුගේ ගෙදර යන කොට ඒකගේ ලොකු අයියා ඉස්සරහ පුටුවක වාඩිවෙලා ඉන්නවා. මිත්තරයා නෑ.. මම ඇහුවම ඌ කක්කුස්සියෙයි කියල අයියා කිව්වා. ලොකු අයියා මගේන් අහනවා.

“මල්ලි උඹ මොකද මේ මහ රෑටත් අපේ මල්ලිට කතා කරන්නේ. බොලා පාඩං කොරන්නේ පෝන් එකෙන්ද?“

#$%^&%* මට හෙන මංඤ්ඤං

“නෑ අයියේ මම රෑට කතා කරන්නේ නෑ. ඔය මිස් කෝල් එකක් දෙකක් දෙනවා එච්චරයි..“

“වෙන්න බෑනේ කියහං බලන්න නොම්මරේ“

“0776688463“

“හරි හරි මං හිතුවා හරි.. මූ එහෙනං මල්ලිගේ නම දාගෙන තමා අර බඩුවගේ නම්මරේ සේව් කරල තියෙන්නේ.. නියම අපතයා..“

අජෝව් අහුඋනානේ.. අයියෝ මූ කෑවා හොදින්ම ඒ පාරනං. කලින් කියන්න එපායැ, මම එහෙනං බේරගන්නව නේ මේ පොල් බූරුවව. මොකක්ද ඉතිං දේශකයා කියල නම දාගෙන කෙල්ලගේ නම්මරේ සේව් කොරල මූ මල් කඩල අයියට අහු උනා. එහෙම නොවුනනං ඒ කියන්නේ ඔය නොම්මරේ මගේම උනා නං හෙම. හෙන තොප්පියයි. කොල්ලෝ දෙන්නෙක් සෑට සෑට මල් කඩනවයි කියල ඔප්පු උනානං අම්මප‍, මමත් නිකං ගේ කුරුල්ලෙක් කියල මාට්ටු වෙන්නත් තිබුනා. හෙහ්..

අනිත් එක තමා.. මගේ තව යාළුවෙක් හිටියා මිනිහා ඉතිං එක පාර දෙක තුන කරන එකා. එතකොට අවුරුද්දකට මූ සාමාන්‍යෙයන් 10 ක් 15 ක් වත් කරනවා. ඉතිං මූට නං මතක තියෙන එකක්යැ. කොල්ලා හෙන හැන්ඩ්සම් කියන්නේ ආයේ දෙකක් නෑ කතාවත් ඒ වගේමයි. කෙල්ලෝ ඇදීලා යන්නේ. අපිටත් ඉරිසියයි මූ ගැන අම්බානට. කොහොම හරි එක දවසක් මූට කෝල් එකක් එනකොට මිනිහා පෝන් එක දාලා කොතන හරි ගිහිල්ල හිටියේ.  මම පෝන් එක අරගෙන නම දැක්කම තමා උඩ ගියේ.  “දේශා නංගි පර්ල්“. මට මල.. මූ වගේ පෙරේතයෙක්. අපේ නංගිවත් අල්ලගත්තද දන්නෑ කියල මම චුත වෙන්නම මේකට හිතෙන් බැන බැන ඉන්නවා. මූ ආවා.

“අඩෝ.. තෝ මොකද අපේ නංගිගේ නම දාගෙන ඉන්නේ. එක කෑල්ලකට“ (ඇයි නොම්මරේ නංගිගේ නෙමෙයි කියල මම දන්නවනේ.. හු....)

“හරි හරි ඕයි ඒ කියන්නේ තොපේ නංගිගේ යාළුවෙක් තමා.. ඇයි යකෝ මතක නැද්ද දැනට මට පර්ල් ලා කී දෙනෙක් ඉන්නවද කියලා“

#$%^&*^*(^*%^#$%#@

ඒ වගේ තව හොද සීන් එකක් තියෙනවා යාළු වෙච්චි කෙල්ලගේ නම්බර් එක “සාරුක් කාන්“ කියල දාගෙන හිටිය එකක්. අපේ අර බකට් යාළුව නං කෙල්ලට පස්සේ දාගෙන හිටියේ “සුදූ“ කියල ඒකි කළු උනාට. බැන්දට පස්සේ දාගෙන හිටිය නම “නංගි“. දැං ළමයි දෙන්නෙක් ඉන්න හින්ද මොකක්ද කියල දන්නේ නෑ.. සමහර විට “අම්මි“ වෙන්නත් පුළුවන්. හැක්...

මම නං ඕං ලව් කොරපු කාලේ ගෙදරට හොරෙන් කතා කරා නං අනිවා මතකෙන් නම්මරේ ගැහුවා, කතා කළා, හිස්ට්‍රිය මැකුවා. දැන්නං දේශිකා කියල නම දාගෙන තමා ඉන්නේ. අනාගතේ මොකක් වෙයිද දන්නෑ අනේ.. ස්මාර්ට් පෝන් කියල එකකුත් තියෙනවනේ...

Monday, March 4, 2013

කැත වැඩ ඔස්තාර්

පහුගිය දවස් ටිකේ අපිට තිබුනේ කාටවත් නැති තරං අමාරුවක් නෙව. එකක් හලාල්. අනික අර පින්තූරු තුන... බාලචන්දරන් කියා අපි සැක කරපු...

මාරයා දාපු බාලාගේ මරණය පිළිබද පෝස්ට්කටුව දුටු අප නාගයින් සේ පෙන පුම්බන්නට ගත් අතර, සියළුම නාගයන් පුස් පුස් ගාන විට, සැමටම ආරක්ෂාව (තම තමන්ගේ) පතා එකිනෙකාට දෂ්ඨ කිරීමට සිදු විය. මෙය මොන තරම් චින්තනයෙන් පරිබාහිර, ග්‍රාම්‍ය මට්ටමෙන් සිදූ වුවාද යන්න සිහිපත් කරන මා හට නම් ඇත්තටම හුග දෙනෙක් ගැන අනුකම්පාවක් මෙන්ම කෝපයක් ද ඇති විය. එහෙත් කෝප වීම මා සතුව නොඅඩුව පැවතියද, මේ තත්වය මත මගේ කෝපය පාලනය කරගන්නට සිදු වූයේ වෙනකක් නිසා නොව මාගේ සහෘදයන් බොහෝ දෙනෙකුගේ සිත් ව්‍යාකූල වී හෝ පෞද්ගලික මට්ටමින් මඩ ගැලුම් පිටින් නෑවීම නිසා හටගත් චිත්තසංවේගය හේතුවෙන් තවත් කෙනෙකුගේ සිතක් මොන අකාරයකට  හෝ රිදවීම, මාගේ සිත රිදවා ගැනීමක්ද වන බැවිනි.

මේ හේතුන් මත මුලින්ම මා ප්‍රකාශ කළ මතය (ප්‍රතිචාරය) මාරයාගේ ලිපියෙන් ගලවා ගැනීම පැයක් වැනි කාලයක් ඇතුලත, මා විසින් සිදු කරන ලදි. ඉන් අනතුරුව දිනක් පමණ නැත... දින දෙකක් පමණ නිහඩව සිටියද, සහෘදයන් දෙදෙනෙකු මගේ ඊමේලය වෙත ලියමින් මා කූද්දන්ට හා අනවශ්‍ය බලපෑම් කරන්නට වූ අතර, ඉන් එක් අයෙකු දිගින් දිගටම කුලප්පු වූ හස්ති රාජයෙකු මෙන් ක්‍රියා කරන්නට වූයෙන් මා තුල  පැවති ඉවසීමේ ශක්තියද හීන වී යන්නට විය. මෙවැනි තත්වයකදී සාමාන්‍යෙයන් ප්‍රකාශ කරනු ලබන මාගේ බස් වහර අනුව මෙසේ සදහන් කරමි. “මේ හාදයා නිදහසේ හිටපු මගේ ගේ ඉස්සරහ, සරම උස්සාගෙන ඇවිත් වටේ යමින් මහ සද්දෙන් උජාරුවෙන් සද්දේ දමන්නට පටන් ගත්තේ ඒකා මේ ලෝකේ තියෙන හැම දෙයක්ම දැනගෙන ඊට එහා දෙයක් නැතිව, මම හැංගිල ඉන්නවයි කියල හිතාගෙන උවමනාවෙන් වලියක් අඹරගන්න ගත්ත උත්සාහයක් වගේය“

ඉතිං තව දුරටත් නිහඩව සිටීමට නොහැකි තැන දෙවැනි වරටත් මාරයා වෙත ගොස් මාගේ ප්‍රතිචාරය සදහන් කොට කඩුව මුවහත් කරගෙන දින කිහිපයක්ම අදාළ පුද්ගලයා සමග ඊමේල් යුද්ධයක් දියත් කරන ලදි. මෙම විවාදය ඉතා දීර්ඝ එමෙන්ම තම තමන්ගේ පුද්ගලික කරුණු පවා යොදා ගනිමින් පවත්වන ලද සාර්ථක විවාදයක් වූ අතර, කිහිප අවස්ථාවකදීම ඔහු විසින් මා කුප්පාලීමට ගත් උත්සාහයන් නිශ්ඵල වුයේ සාමාන්‍ය තාර්කික බුද්ධියකින් යුක්ත වුවද, යම් කිසි දෙයක් පැහැදිලිව හා නිරවුල්ව දැකීමේ හැකියාවක් මා වෙත වූ බැවිනි.

අදාළ කාරණය වූයේ වෙනකක් නොව බාලචන්දරන්ගේ යැයි අප ඉදුරාම විශ්වාස කරනු ලැබූ පින්තූර තුනක් අරභයා ඇති වූ කතිකාවයි. රජයේ ඉහළ නිලධාරින්, හමුදාවේ ජ්‍යෙෂ්ඨයින්, ආරක්ෂක ලේකම් හෝ ජනාධිපති විසින් තහවුරු කොට පිළිකෙව් කළ යුතු දෙයක් අපගේ බ්ලොග්කරුවන් විසින් ඉදුරාම ප්‍රත්‍යක්ෂ කොට එය එසේම වන බවත් හමුදාව විසින් බාලචන්දරන් ඝාතනය කලේ නම් එය යුක්ති සහගත බවත් එසේ කිරීමට අප හට අයිතියක් ඇති බවත් පුන පුනා ප්‍රකාශ කළහ. මෙම තත්වය මත දෝ රජය පවා දැඩි නිහඩ පිළිවෙතක් ආරම්භ කරන ලද්දේ, බ්ලොග් කරුවන් ප්‍රකාශ කරන දේ සත්‍ය වන්නට ඉඩ ඇත්දැයි සැකයක් මතුව තිබු නිසා බව විශ්වාස කරන්නට සිදු වේ.

සාමාන්‍යෙයන් සිවිල් සමාජයට පුද්ගලයෙකු පිවිසෙන්නේ අතදරුවෙකු ලෙසය. ක්‍රමානූකූලව වැඩෙන ඔහු දෙමාපියන්ගේ, සහෝදර සහෝදරියන්ගේ, ඥාති සමුහයාගේ, ගුරුවරුන්ගේ හා එකී මෙකී නොකී සියළු දෙනාගේ මානව සම්බන්ධතා ඇසුරෙන් පෝෂණය වී තම ජීවිතය සෙමින් ගොඩ නගා ගනී. මූලිකව පැවසිය යුතු දේ නම් සිවිල් සමාජයට එක් වන කුඩා දරුවා මුලින්ම තම මවගේ ගර්භාෂයෙන් ඉවතට පැමිණෙන්නේ තම මවගේ, එමෙන්ම දරුවාගේ උපත සිදු කිරීමට මනුෂ්‍යත්වයෙන් සැදී පැහැදී සිටි උතුම් වෛද්‍ය කාර්ය මණ්ඩලයකගේ මානුෂීය මෙහෙයුමක ප්‍රතිපලයක් ලෙසිනි. (සමහර අවස්ථා වල මුදල් අය කර එම කාර්යය සිදු කළද මුඛ්‍ය අරමුණෙහි වෙනසක් ඇති නොවේ.) එනයින් දරුවෙකු ප්‍රසුත කිරීමට ඉතා ආසන්න මවකගේ තත්වය එකම දෑසකින් දුටුවද, තවත් දෑස් දහස් ගානකින් දුටුවද එකම අදහස ඇති වන්නේ, මිනිසුන් තුල ස්වභාවයෙන්ම පිහිටා ඇති පොදු සංවේදනයේ අග්‍රස්ථානය ලෙස සැලකෙන මනුෂ්‍යත්වය නැමැති කාරණය ඉස්මතු වී ප්‍රකාශ වීමෙනි. එවැනි මානූෂීය අදහසක් ඇති නොවන්නේ නම්, එම මානවයා තවමත් ගල් යුගයේ ජීවත් වන ම්ලේච්ඡ ගති ගුණ වලින් තවමත් ආඩ්‍ය වූ වීරවරයෙක් වන්නේය. එසේ කරුණු කාරණා සොයා බැලීමේදී මනුෂ්‍යත්වය යන කාරණය සත්‍යයැයි මා උදක්ම විශ්වාස කරමි. 

එනම් ලෝකයට බිහිවන දරුවා එසැනින් තුරුල් කොට ගෙන ලෝකයට රැගෙන එන එකම දෙය නම් මනුෂ්‍යත්වයි. ඒ කෙසේද යත් මානුෂීය මෙහෙයුමක අවසන් ප්‍රතිඵලය ලෙස ඒ සැමගේ මුවග තෘප්තියේ හසරැල්ලක් ගෙන්වන කිරිකැටියෙකුගේ මෙලොව එළිය විවර කර දීමේ මගගු කාර්යයි. එවිට ඔබ කෙසේ කීවද ලොවට පා තැබූ දරුවා එකම සිතුවිල්ලෙන් මානුෂිය වූ ක්‍රියාදාමයක තවත් එක පුරුකක් වෙයි. ඔහු දන්නා එකම දෙය මනුෂ්‍යත්වය, ආදරය, රැකවරණය ඉල්ලා අඩගෑම පමණි. එසේ අඩන කිරිකැටියාට ඔහු වැලපී යදින ඉහත සදහන් මුලික අවශ්‍යතා සපයන්නේ නැත්නම් අප මනුෂ්‍යයන් වනවාද?

දරුවෙක් උපදින විට ඇති වන හැගීම, දරුවෙක් මැරුන විට ඇති නොවන්නේද? නැත... සත්‍ය වශයෙන්ම එයද ක්ෂණික සංවේදනයෙන් පුද්ගලයෙකුගේ මනස තුල ඇති වන සාධාරණ මානූෂිය හැගීමකි. දරුවෙකු ඝාතනය කිරීම සාපරාදි අපරාදයකි යන නිරපේක්ෂ අදහස. එහෙනම් ඇයි බාලචන්දරන්ගේ කියා අප සම්පුර්ණයෙන්ම විශ්වාස කළ දරුවෙකුගේ ඝාතනය දැක්වෙන පින්තූර ටික අපි සාධාරණීකරණය කරන්නේ.. 

කිසිම කෙනෙක් මේ දක්වා සාධාරණිකරණය කර නොමැති එමෙන්ම පිළිගෙන නොමැති දෙයක් පිළිබදව, බොහෝ දෙනෙක් සාධාරණ සැකයක් හෝ නොතබා, මේ ඝාතනය වී ඇත්තේ ප්‍රභාගේ දරුවා වන බාලචන්දරන් බවත්, ඔහු ඝාතනය කලේ ලංකා හමුදාව විසින් බවත්, එය එසේ කිරීම අතිශය සාදාරණ බවත් ප්‍රහර්ෂයෙන් යුතුව ප්‍රකාශ කළ වදාළෝය. 

මුලින්ම දැකිය යුතු මනුෂ්‍යත්වය නැමැති විනිවිද පෙනනා ගැඹූරු යථාර්ථය, තම තමන්ගේ ජීවිත වලට පසුව එකතු කරගන්නා ලද හෝ බලෙන් එකතු කරන ලද, ජාතිකත්වය, යුදමය මානසිකත්වය, දමිළයන් තලා පෙලා දැමීමේ ලා ඇති අතිශය ආශාව, කුහකත්වය, ජාතිමාමකත්වය වැන නොයෙකුත් කඩතුරා වලින් වසා එම දරුවාගේ ඝාතනය දෙස විලම්බීත වූ කෝණයකින් බැලුහ. මා කිසි විටෙක මෙම ඡායාරූප සත්‍ය ඒවා බව පිළිගෙන නොමැති අතර, එය බාලචන්දරන්ගේ ඡායාරූප බවක් හෝ මෙම දරුවාගේ ඝාතනය හමුදාව විසින් සිදු කර ඇති බවක් හෝ ප්‍රකාශ කර නොමැත.

මෙම තත්ත්වය මත, කෙනෙකුගේ මනස පොදු සංවේදයනයෙන් තොරව ක්‍රියා නොකරන බව පෙන්නූම් කිරීම උදෙසා මා හට අවශ්‍යතාවයක් හා උවමනාවක් විය. එමෙන්ම එය ඔප්පු කළ හැකි පරිදි නියතයක් ලෙස හෝ සාක්ෂියක් ලෙස තම තමන්ටම බලා කියා ගත හැකි පරිදි ලබා ගැනීම මෙම කාරණය ඔප්පු කිරීමට යාමේදි මා හට ඉමහත් උපකාරයක් වන නිසා, වෙනත් ආකාරයේ ක්‍රියා මාර්ගයක් ගැනීමට මා හට සිදු විය.

මා විසින් මූනූ පොතේ සටහන් කරන ලද නිරුවත් පුද්ගලයන් දෙදෙනකුට වෙඩි තැබීමේ කතාවක්, එසැනින්ම අවබෝධ කර ගත්තේ යසනාත් ධම්මික බණ්ඩාරයන් හා අපේ මහ වෙදනා පමණකි. එහි පුදුම වීමට කාරණයක් නොවන්නේ ඔවුන් දෙදෙනම යම් දෙයක් විනිවිද දැකීමේ ඇසකින් ඕනෑම දෙයක් විමර්ශනය කරන නිසාය. 

එහෙත් අනිත් බොහෝ දෙනෙකු වෙඩි තැබීමේ කතාවෙහි ප්‍රලාපයෙන් රැවටුනෝ වෙති. බාලචන්දරන්ගේ මරණය පිළීබද මාර විවාදයේදි බරපතල විවාදකයෙකු වූ මාතලන් සහෝදරයාගේ අදහස ඉහත වෙඩි තැබීමේ කතාව පිළිබද ව ලබා ගැනීමේ අදහසින් එය ඔහු වෙත යොමු කළද අන්දුන් කුන්චුන් වූ ලෙසින් තේරෙන්නෙ නෑ යනුවෙන් පැවසීම හේතුවෙන් එයද අකුලා තබා වෙනත් ආකාරයක් ගැන සිතීමට මා හට සිදු විය. ඔහු එය ග්‍රහණය කරගන්නේ නැතිනම් අනෙක් අය ගැන කතා කිරීමෙන් පලක් නොවන බව මා තේරුම් ගත්තෙමි. (කිසිවෙකුට අවලාද කීමක් නොව... සමහර විට මා ඉදිරිපත් කළ අදහසෙහි, ප්‍රකාශණය දුර්වල වීමට ඇති හැකියාව විශාලය.)

ඉතිං සෑහෙන්න සිතා බලා “තිසර සත්කාර“ පෝස්ට්කටුව ඉදිරිපත් කළෙමි. එහිදී මා බලාපොරොත්තූ වූවාටත් වඩා ඉහලින් හුග දෙනෙකු තම නිර්ව්‍යාජ අදහස් ප්‍රකාශ කර ඇත. එහිදී මා කලින් අදහස් කල ක්ෂණික පොදු සංවේදනයෙන් මානවයකුගේ මනස තුල ඇතිවෙන පොදු අදහස එහි සදහන් වූ තිසර තෙරපීම කෙරෙහි ඇති විය. අපේ ලෝකයේ සරා නම් මෙම සිද්ධියේදි (තිසර සත්කාරයේදී) ඔහු කම්පාවට පත්වීම ඉතා හොදින්ම පෙන්නුම් කළා පමණක් නොව ව්‍යාංගයෙන් මා නිකමෙකු බවත් ප්‍රකාශ කරන ලදි. සරෝ.. ඔබේ අදහස මට හිත් රිදවීමක් නොව මාගේ බලාපොරොත්තු සපල කිරීමට සමත් වූ අදහසක් බව කිව යුතුමය. අඩු වැඩි වශයෙන් සියළු දෙනාම පාහේ තිසර සත්කාරයට එකහෙලාම විරෝදය පළ කළ අතර, අකමා වැනි උන් මා කරපු දෙය වැරදි වුවද, තමන්ගේ ප්‍රතිරෑපයට හානි වන බව දැන දැනම ඉදිරිපත් කිරීම අගය කළහ.

ඔව් ඇත්තටම මා සෑහෙන්න හිතා මතා මෙම තීරණය ගත්තේ මා අදහස් කළ දෙය ඔප්පු කළ පෙන්වීමට අවශ්‍ය වූ හෙයිනි. අවංකව මගේ ප්‍රතිරෑපය මෙම කතාව හේතුවෙන් බිද වැටීමට ලක් වන බවත්, කාටත් අවශ්‍ය හිට්ස් හා කොමෙන්ටු නොලැබෙන බවත් පසක් කර ගත්තෙමි. එහෙත් යම් කිසි දෙයක් ගැන නිරුවත් දෑසින්, අව්‍යාජව, විමර්ශනශිලීව එබී බැලීම සදහා මගේ මේ කතා ත්‍රිත්වය යම් කෙනෙකුගේ මොළය පෑදීමට හේතු වන්නේ නම්, මට සිදු වන පෞද්ගලික අවාසි පිළිබදව කිසි විටෙකත් පසු තැවෙන්නේ නැත. දැන් ඔබ බලාවි මොකක්ද මේ කතා ත්‍රිත්වය කියලා. ඔව් සහෘදයනි,



කැත වැඩ ඔස්තාර් යනු එම ත්‍රිත්වයයි. 

බොහෝ දෙනෙකු ආවේගශිලි කතා විලාසයක්, සත්‍ය බවක් නොදන්නා කාරණයක් වෙනුවෙන් ඉදිරිපත් කළ අතර, මා ඊට සම්පූර්ණයෙන්ම වෙනස් අදහසක් අනුගමනය කරමින් මා කියන දේ ඔප්පු කිරීම සදහා අවස්ථා තුනක් එකදිගට භාවිතා කර ඇත්තෙමි. පොදු සංවේදනයෙන් මිනිස් කම හෝ හරි වැරැද්ද විතරක් දකිනා අප, ප්‍රභාකරන්ගේ පුත්‍රයා යැයි කියන දරුවගේ මරණයේදි ඒ සියල්ල අමතක කොට මා කලින් කිව්, පසුව ආරෝපනය කර ගත් වෙනත් වෙනස් කෝණ වලින් ඒ දෙස බැලීම නිසා ඇත්තටම, මෙම සිංහල බ්ලොග් අවකාශය සමාජයේ පොදු සාධකයක් වූයේ නම්, මෙම සිද්ධිය කෙරෙහි සමාජයේ දැක්ම කුමන ආකාරයෙන් වෙනස් කරනු ඇත්තැයි සිතා ගැනීමට නොහැක.

මා හට පැවසීමට අවශ්‍ය වූයේ එකම දෙයකි. පාසැල් දැරිවියකගේ තිසර අතගෑම පුද්ගලයෙකුගේ ක්ෂණික පොදු සංවේදනයෙන් එක වරම වැරදි දෙයක් බව සාදාරණ සැකයකින් තොරව ප්‍රකාශ කළ හැකි නම් හා ඊට අනුභුති කාරණා කිසිදු අයුරකින් මේ දෙස බැලිමේදි නිර්ණායකයන් ලෙස තබා නොගත්තේ නම්, ඇයි දරුවෙකුගේ මරණය එම සංවේදනයෙන්ම බැලිය නොහැක්කේ. ඒකට කියන්නේ එක්කෝ මනුස්ස කම මානවයාගේ හැම නිර්වචනකයට ඈතින් පවතින, සත්‍යයෙන් ඉවත් කල දෙයක් බව හෝ මානවයාගේ බිද වැටීමේ ලක්ෂණයක් හෝ වන බව නොවෙද?? එසේ නැතිනං මනුෂ්‍යත්වය බලෙන් අමතක කිරීමක් බවද???

තව එකක්... තිසර සත්කාර කතාව ඇත්තද බොරුද කියන එක සිතා ගැනීමද ඔබටම භාරය. මුණුපොතේ සටහන් කළ මාගේ වෙඩි තැබීමේ කතාවද පහතින් ඇත.

දැන්නම් අනිවාර්යෙන් ඔබේ අදහස අවශ්‍ය වන්නේ මා ඉදිරිපත් කළ අදහස ඔබ හට පැහැදිලි වූවා දැයි දැන ගැනීමටය. ඒ ගැන කාරුණිකව හිතන්න හොදේ...

තිසර සත්කාර හා මේ කතාව බාලාවතාරයක්ම බව කිහිප දෙනෙකු දැන සිටිය බව සදහන් කිරීම අවශ්‍ය වන්නේ මා බොරු කාරයෙකු බව සිතීමට ද ඉඩ ඇති නිසාය..


******************************************************


යකෝ අපි හමුදාවෙන්

උස්සපල්ලා තොපේ අත්...නැත්නං මොල කෑලි හදේ යන්න තියනවා.. ඉක්මන් කොරපල්ලා....

තෝ කව්ද.... නම කියපං

සිරිපාල සර්

එතකොට තෝ කව්ද

මම දේව්දාස් සර්

අහා... දැං තොපිව සර්ච් කරනවා

ගලවපං තොගේ ඔය උඩින්ම තියෙන ජාතිය ගහපු කෝට් බෑය

හරි.. දැං ගලවපල්ලා තොපේ ආගම ගහල තියෙන මහ ලොකු ෂර්ට් එකත්

හ්ම්... දැං ගලවපියව් තොපේ පවුල් ගැන ලියල තියෙන රෙද්දේ බැනියම.. බල්ලෝ

දැං තොපේ... ලොකු කං ගහල තියෙන කලිසං බෑය ගලවලා දාපන්.. හැබැයි ඔළුවෙන්...

හ්ම්... දැං ඉතුරු වෙලා තියෙන්නේ තොපේ.... සල්ලි බලේ ගහල තියෙන ජොකා නේ.. ඒකත් ගලවපල්ලා

අඩේ මුං දෙන්නම දැං හෙළුවෙන්

හ්ම්.. කියාපල්ල බලන්න මරන්න කලින්... අන්තිම කැමැත්ත

අනේ සර් අපිව මරන්න එපා

නෑ තොපිව මරනවමයි... කියපල්ලා දැං තොපි ගාව මොකක්ද තියෙන්නේ කියලා

අනේ සර් දැන්නං බය විතරයි... තියෙන්නේ මරන්න එපා සර්

මෙන්න මේ කාලකන්නියෝ දෙන්නා ඉවර කරපං ලොක්කා....

පට පට පට

හ්ම් යමල්ලා.. බල්ලෝ දෙන්නෙක් ඉවරයි..