Thursday, March 14, 2013

අනාගත් මුගාබේ - එක් කතාවක්

පියල් ගුරුවරයෙක්. ඔහු සිංහල භාෂාව පාසැලේ දරුවන්ට උගන්වන කොට දරුවෝ බොහොම ආසාවෙන් අහගෙන ඉන්නවා. පියල් මේ ඉස්කෝලේට ඇවිල්ල වැඩි කාලයක් උනේ නෑ. පියල්ට මීට අවුරුදු 5 ක ට ඉස්සෙල්ලා මුල් ගුරුපත්වීම, දුෂ්කර අම්පාර පළාතට ලැබුනා. මොන දුෂ්කරතාවය තිබුනත් රැකියාව කර ගැනීමේ තිබුන එකම අභිලාෂය හේතුවෙන්, ඇත්තම කිව්වොත් හුගක් අමාරුවෙන් තමා පියල් ගුරු දුෂ්කර සේවය කරේ. ඒ දවස් වල ගමන් බිමන් පහසුකම් උනත් දැං වගේ දියුණු වෙලා නෑ. ඒ කියන්නේ යුද්ධයෙන් පසුව අම්පාරට ලේසියෙන්ම ඇතුල් වෙන්න පුළුවන් උනත්, යුද්ධය පැවති කාලයේ තමන්ට ඕන වෙලාවට මොන වාහනේකින්වත් මොනරාගල සියඹලාන්ඩුව පහු කරල ගමන් කරන්න, යුද හමුදාව ඉඩ දුන්නේ නෑ. මේ කරදර හින්දා අම්පාරට එන බස් හවස 6.00 වෙන කොට මොනරාගල පහු නොකරොත් එදා රෑ එළි වෙන කං ඉන්න වෙන්නේ එතැනම තමා. පහුවදා උදේ 5.00 ට ආයේ ගමන් ආරම්භ කරනකං බොහෝම කරදර විදගෙන ඉන්න වෙනවා. බඩට කරදරේ බඩගින්න, හිතට කරදරේ යුද්ධය, ගතට කරදරේ මදුරුවෝ, කනට කරදරේ හැම වෙලේම වැඩක් නැතිව කච බච ගාන බස් වල සනුහරේ. ඒ ඔක්කෝටම වඩා හපන් එතන බීල මහ රෑ විකාර කරන උන්ගේ කරදර. මේ සියළු කරදර ඉවසා වදාරා කටයුතු කළත්, යුද්දෙන් පස්සේ ඒ පැති වලට හොද කල දසාවක් ඇති උනා. බස් සේවය සෑහෙන්න දියුණු උනා. අඩුම ගානේ පැයකට වරක් වත් දුර ඉදල අම්පාරට එන බස් එකක් ඕන වෙලාවක තියෙන එක සෑහෙන පහසුවක් උනා. ඊටත් වඩා යුද්ධයට හිර වෙලා තිබුන හිත නිදහස් වීමම ලොකු සහනයක් උනා. මොනව උනත් අවුරුදු පහ ගත වෙන්න ඔන්න මෙන්න කියා තියෙද්දි පියල්ට තමන්ගේ ගමේ ඉස්කෝලෙකට මාරුව හදාගන්න හැකි උනා. ඒක දුෂ්කර සේවයෙන් ලැබුන තෑග්ගක් කියල පියල් හිතන්නේ, පයින් ඇවිදං යන්න පුළුවන් දුරක ජීවිතයයි රැකියාවයි දෙකම පිහිටල තිබුන හින්දයි.

පියල් ඉස්කෝලේ යන කාලේ ඉදලම බොහොම දස්සයා. ඕනම දෙයක් පිළිවෙලට කරන්න, ඕන දේක මූලිකත්වය ගන්න පියල්ට සහජ දක්ෂතාවයක් තිබුනා. ඒ කාලේ පන්තියේ මුල් තැන එයාට ලැබුනේ ගුරුවරුන්ගේ හිටන් විදුහල්පතිතුමා දක්වාම පැතිරිල තිබුන පියල්ගේ නිවිච්චි හැදියාව හින්දා. ඕන දේකදි අපහසුවෙන් උනත් දරාගෙන හිටීමේ ශක්තිය එයාට රැකුලක් උනා. ඒ ශක්තිය හින්දම අමාරුවෙන් ජීවිතය ගැටගහගන්න පවුලක තුන්වෙනි දරුවා විශ්වවිද්‍යාලයට ගියේ කලා අංශයේ උපාධියක් ගන්න. ඒ උපාධියත් අරගෙන කාගෙවත් පස්සේ නොගිහින් ගුරු පත්වීමක් නියම විදියට ලැබුනේ, දැං කාලේ එහෙම උනානං සහතිකේ නිල් පාට තියේද කියල ඇස් කරකවල බලල, එහෙම නැත්නං අයින් කරල දාන්න තරං කටයුතු කරන මහත්තුරුන්ගෙන් මයි. ඒත් දැං ඒ මහත්වරු වෙනස් වෙලා. කණ්නාඩියෙන් බලල තමා රස්සා දෙන්නේ. ඒකත් දෙන්න, මොන එකා උනත් පිටි මුට්ට ගානක පාප්ප හදන්න ඕන, පෝස්ටර් හොන්ඩර ගණන් කර තියාගෙන යන්න ඕන, රෑ එළි වෙන කං අනුන්ගේ වාහන වල සාටර් වෙවි බයියන්ගේ පෝස්ටර් ගහන්නත් ඕන, ඒ ඔක්කොම කොරලත් උන්දැ පැරදුනොත් ඔක්කොම කම්බස්. ඒ අතින් පියල් වාසනාවන්තයි. පියල් හිතුවේ ඒ දවස් වල  සමාජය වාසනාවන්තයි කියලයි. ඒ මොකද කියනව නං අඩු තරමේ පොඩි සාදාරණ විදියකට හරි රැකියා ලබා දුන්නයි කියල හිතන්න පුළුවන් උන හින්දා. ඒත් අවුරුදු පහක් ගිය තැන මේ හැම දේකම කන පිට ගැහුන ක්‍රමය ගැන, මධ්‍යස්ථ දේශපාලන මතයක ඉන්න පියල් ගේ හිතේ විස්සෝපයක් තිබුනත්, ඒක එළිපිට පෙන්නුවේ නැත්තේ පොඩි කාලේ ඉදලම පියල් විසින් ගොඩනගා ගෙන තිබුනු ඉවසා වදාරීමේ ක්‍රමවේදය හින්දයි.


උදේ අම්මට වැදල ඉස්කෝලේට යන්න එළියට බැහැපු පියල් සර්, තමන් හැමදාම ගෙනියන, ටවුමෙන් ගත්ත රු. 500 පොඩි බෑග් එක පුරෝලා කෑම දෙකක් එක්කම පොත් පත්, ලේඛණ, පැන් පැන්සල් අරගෙන වම් කරින් ඒක එල්ලන් බොහොම පරිස්සමින් අඩිය තියල, සාමාන්‍යෙයන් වටපිට අඩුවෙන් බලල සීරුවට තමා ගමන් කරන්නේ. එක් වරම තමන් ඉදිරියෙන් අනිත් පැත්තෙන් ආපු මොකක් හරි වාහනයක් මහ සද්දෙන් පාරට හිටවන කොට, බරපතල ක්රීස් සද්දෙට ඕනම කෙනෙක් වගේ එක පාරට ඇස් උඩ තියාගෙන ඒ දිහා බලන්නේ තමන් දුවන්න ඕන දෙයක්ද උනේ කියලා. පියල් සර් දැක්කා කළුම කළු පාට අළුත් ජිප් එකක් (පැජරෝ එකක් කියල තමා ඕන කෙනෙක් කියන්නේ)  පාරේ නවත්තල ඒකේ ඩ්‍රයිවර් දොර ඇරගන බහින්න හදනවා. ඒත් පියල් සර්ට කරදරයක් හෝ බාධාවක් නැති නිසාත් වෙන කෙනෙකුට අතුරු ආන්තරාවක් නැති හින්දත් තමන් ආපු ගමන පටන් ගන්න අඩි දෙක තුනක් ඉස්සරහට තිබ්බ පියල් සර්ට පිටි පස්සෙන් සද්දයක් ඇහෙනවා කව්රු හරි කතා කරනවා වගේ.

“පියල් අයියේ, පියල් අයියේ“

මේ සද්දේට පියල් එකපාරටම තමන්ගේ ඇග එක්කම බෙල්ල හරවල පස්ස බලන කොට සුදු කලිසමක් ඇදපු, බාගෙට පියවපු නිල් පාට ෂර්ට් එකක් ඇදගත්ත තරුණයෙක් එයාගේ පස්සෙන් එන බව පියල් දැක්ක හින්දා එහෙමම පාරේ ගල් උනා. පියල් නැවතුනේ මේ කව්ද කියල බලන්නත් එක්කයි. මිනිහා පියල් ඉස්සරහටම ඇවිල්ල හති පාරක් ඇරල, කට හොද එකෙන්ම ඇරල බොහොම කුළුපගව හිනා උනත් පියල්ට කිසිම අදහසක් නෑ කව්ද කියන එක ගැන.

“පියල් අයියේ, මාව මතක නැද්ද?“

“ඒක තමා බැලුවේ.. ම්හ්.. මට එච්චර නිච්චියක් නෑනේ“

“ඒකනේ පියල් අයියලට දැං අපි අමතකයි. මතකද ලොවි පිස්සා“

පියල් සර්, එක පාරටම අහසේ කෙටුව විදුලි ආලෝකයක් වගේ, එයාගේ මතකය ඒ පාර දිගේ අතීතයට අරන් ගියා. හ්ම්. එතකොට මේ සුරත් මලයාද, අපේ ගෙදර නැවතිල ඉස්කෝලේ ගියපු. ඔව් නේද ඒ අහිංසක මූනම තමා, ඇත්ත නේ මට ඔළුව ට ආවේ නැති උනාට ඒ හිනාවම තමා. පියල්ට අතීතය ආවර්ජනය උනා.

“අනේ මේ සුරත් මල්ලි ද, අයියෝ මට කොහොමවත් අදුරගන්න බැරි උනානේ. ඉතිං ඉතිං“

“ඒකනේ, අයියනං තාමත් ඒ විදියමයි. මම නං ඉතිං මහත් වෙලා, කළු වෙලා, වැඩ නේ බරටම“

“ඒකනං ඇත්ත, ඒ දවස් වල කොයි තරං කෙට්ටුද, ලොවි කතාව තාම මතකයි නේ“

“හෙහ්.. අයිය මට කරපු උදව් වගේම තමා ඒ කාලේත් තාම අමතක නෑ“

පියල් සර් ආයෙත් අතීතයට යනවා. පාසැල ඇරිල ගෙදර ආපු පියල්, අමුත්තෝ දෙන්නෙක් දකිනවා. එක්කෙනෙක් පිරිමි කෙනෙක්. අනිත් කෙනා පොඩි දරුවෙක්. මේ කොල්ලා ඉස්කෝලේ ඇදුම ඇදගෙන, බෑග් එකත් වාඩි වෙලා හිටිය පුටුව ගාව බිමින් තියාගෙන, වතුර බෝතලේ කටේ තියන් වතුර බොනවා. පියල්ගේ අම්මා අර පිරිමි කෙනාත් එක්ක කතා කරනවා. ඒ අතරේ දොරේ උළුවස්සට හේත්තු වෙච්චි පියල්ගේ අයියා ඉස්කෝලේ ඇදුම පිටින්ම කන අත ගගා මේ සංවාදය අහන් ඉන්නවා. පියල් හෙමින් සංවාදේ යන අතරින් දොර ගාවට යනකොටම පියල්ගේ අම්මා අර පිරිමි කෙනාට කියනවා.

“සුනිල් අයියේ මේ මගේ බාල පුතා, පියල්, ඔය පාර මේ දරුවටත් පුළුවන් මෙයත් එක්කම ඉස්කෝලේ යන්න. එනකොට ටිකක් වෙලා ඉදල හරි මෙයත් එක්කම ආයේ එන්න පුළුවන් නේ.“

තමන්ගේ කහට ගැහිච්ච දත් ඇන්ද විලිස්සා බාගෙට ඉදුන උඩු රැවුල අතරින් සුනිල් අයියා හොදට හිනා වෙලා පියල් දිහා බලලා කෘතඥපුර්වක බැල්මකින් සංග්‍රහ කරාම, පියලුත් පොඩියට හිනාවකින් සංග්‍රහ කරල ගේ ඇතුලට ගියා. එතකොට තමා පියල් දැක්කේ තරහෙන් පුපුරු ගහන පියල්ගේ අක්කා, අතින් පියල්ට පලයං කියන්න වගේ සංඥා කරනවා. පියල් ඒක ගනන් ගන්නේ නැතිව එයාගේ කාමරේට ගිහින් පොත් බෑග් එක මේසෙ උඩින් තිබ්බ ගමන් අක්කා පිටිපස්සෙන් ඇවිත් පියල්ගේ ඔළුවට හිමීට ඇන්නාම පියල් ආපහු හැරිලා බැලුවා.

“මෝඩයා, උඹට දැං කාමරේ අරකත් එක්ක හවුලේ තමා ඉන්න වෙන්නේ. ඕං අම්මා එහෙම කිව්වා“

“ඒ මොකෝ අක්කේ“

“ඔය අම්මලගේ ගමේ නෑ කෙනෙක් කියන්නේ. අර කොල්ලා උඹලයි ඉස්කෝලේට අද දාල තියෙන්නේ, ඉතිං මිනිහා මෙහේ ඉදං තමා ඉස්කෝලේ යන්න හදන්නේ, දැං බොට හොදයි නේ, මී හරකා“

“ඉතිං අක්කේ එක ඇදයි නේ තියෙන්නේ, කොල්ල ඉන්නේ කොහේද“

“ඔවු ඔන්න බූරු ඇදක් ගෙනැත් දාන්නං කිව්වේ අර මිනිහා“

“අපරදේ පොඩි එකාට ඒකේ ඉන්න ඇහැකියැ??“

“මම දන්නෑ සල්ලි හම්බ උනාම වෙන ඇදක් ගේනවයි කියන්නේ“

“ඒක මිසක්, මට නං ඉතිං කමක් නෑ.. පොඩි එකෙක් නේ අක්කේ“

“ආ.. එහෙමද ඒනං තෝ හොදට සලකාගෙන ඉදිං කොල්ලට“

මොන ආරෝව දාගෙන පියල්ගේ අක්කයි, අයියයි හිටියත් අම්ම කියන වචනෙකට පිටින් ඒ කවුරුවත් යන්නේ නෑ. මොන තරං අමාරු කං ඇතිව හිටියත් සුනිල් මාමගෙන් සතයක් වත් ගන්න අම්ම කැමති නැති උනේ “අනේ මේ කිරි සප්පයෙකුට බත් කටක් දෙන එක මොකක්ද“ කියල කියන ගමන්මයි. ඒත් මාසෙකට සැරයක් සුනිල් මාමා සුරත්ව ගෙදර ඇන්න යන්න එනකොට ඔය මොනා හරි ජාති දෙක තුනක් ගමෙන් පෝර ගෝනියකට දාගෙන එන පුරුද්දක් තිබුනා. ඒ උනාට පියල්ගේ අම්මා ඒවා නං බොහොම ආසාවෙන් භාරගත්තා. “අනේ මොකට මහන්සි වෙනවයි“ කියල තමා ඒ හැම වෙලේම පියල්ගේ අම්ම කියන්නේ. ඔය විදියට කාලය ගත උනත්, සුනිල් මාමා පොරොන්දු වෙච්චි ඇද නං කවදාවත් පියල්ගේ කාමරේට වැඩියේ නෑ. ඒක වඩිනකං සුරත්ට පළවෙනි දවසේ ඉදල වෙන් කරල දීපු පියල්ගේ ඇද තාමත් සුරත්ගේ ඇද. සුරත් ආපු දවසෙම ගෙනාපු බුරු ඇද පියල්ගේ ඇද. ඒක වෙනස් උනෙත් නෑ. පියල්ට මතක් උනා ඒක තාමත් ගෙයි පිටිපස්සේ කොනක අඩු වලින් නිරුවත් වෙලා තියෙන විදිය.

“ඉතිං මල්ලි දැං මොකද කරන්නේ මම හිතන්නේ ඉස්කෝලෙන් අයින් උනාට පස්සෙම තමා මම ඔයාව දැක්කේ“

“ඔව් අයියේ, මට ඉතිං ඕ ලෙවල් වත් ගොඩ දාගන්න බැරි උන හින්දා ගෙදර ගිහින් වෙන වෙන වැඩ කරන්න උනා. එතකොට අපේ තාත්තත් කටේ පිලිකාවක් හැදිල නේ හිටියේ. “

“ඔව් මට මතකයි. එතකොට මම අම්පාරේ මට එන්න බැරි උනා මළගෙදර“

“තාත්තා මැරුනට පස්සේ මම එක එක දේවල් කරා. ඒත් ගොඩ යන්න බැරි උනා“

“දැං හොදයි වගේනේ.. වාහනේ මල්ලිගෙද?“

“ඔව් අයියේ මට දීල තියෙන්නේ. හැබැයි මගේ නෙමෙයි. ඒත් කව්රුවත් ගන්නෑ මගේ වගේම තමා“

“මල්ලි බිස්නස් ද කරන්නේ“

“පිස්සුද අයියේ අවුරුදු දෙක තුනක් බිස්නස් කරල මේවා ගන්න අපි කුඩු විකුණන්න ඕන, ෂික් මම නං ඒවා ගැන හිතන්නෙවත් නෑ“

“එහෙනං මොකක්ද කරන රස්සාව“

“මම ගියපාර චන්දෙදි අපේ රානාබේ ... දන්නවනේ අරයගේ පුතා“

“ඔව් ඔව්.. මොකෝ නොදන්නේ“

“මම ඉස්ම යන්න රානාබේ  ට  වැඩ කරා චන්දෙට. මිනී මැරුවේ නැති එක විතරයි අයියේ, හැම දහදුරා වැඩේම කරා. අපිත් කොහොම හරි ගොඩ යන්න එපායැ“

“ඉතිං මොකද උනේ“

“අපි දිස්ත්‍රික්කේ හැම තැනම පෝස්ටර් ගහගෙන, අනිත් උන්ගේ ඒවා ඉරාගෙන දවස් ගනන් නිදිමරාගෙන වැඩ කරා. අපරාදේ කියන්න හොදට සැලකුවා. අපිත් ඉතිං වෙන එකෙකුට ඇහැක්වත් ගහන්න දුන්නෑ තාප්ප වල“

“දැං එතකොට මල්ලි අමාත්‍යංශෙකද වැඩ“

“අපෝ නෑ අයියේ මම රානාබේ ගේ සම්බන්ධීකරන ලේකම් කෙනෙක්“

“ඇත්තට. හරි සන්තෝසයි“

“ඒක එච්චර දෙයක් නෙමෙයි අයියේ මං වගේ ලේකම්ල දුසිමක් විතර ඉන්නවා“

“කොහොම හරි ඔයා තැනකට ආව නේ. මට හරි සතුටුයි. ඉතිං මොනවද කරන්න තියෙන්නේ“

“මොනවද ඉතිං, දැං කරන්නේ ලංකාව පුරා පෝස්ටර් ගහනවයි, රානාබේ යන තැං වල පබ්ලිසිටි දෙන්න කස්ටිය එක්කං යනවයි, එයා කියන තැං වල බැනර් කටවුට් ගහන එකයි ඒවා තමා. මට ඒ පැත්ත භාර දීලා තියෙන්නේ. කෝල් එකක් දීල කිව්වම බඩු අරගෙන ලංකාවේම බෙදල වැඩේ කරන්න ඕන. ඒ යන තැං වල හෝටල් බුක් කරල තියෙන්නේ. අපිට තියෙන්නේ ගිහින් අපි මෙයාගේ කට්ටිය කියන්න විතරයි, ඔක්කොම විස්කි වගේ වැඩ“

“පඩි ගෙවන්නේ කව්ද“

“පඩි... පඩි මොකටද අයියේ ඒත් පොඩි ගතමනාවක් ලැබෙනවා නං තමා. අපි තමා ඔය එක එක කොන්ත්‍රාත් ගන්නේ, වැඩ කරන්නේ, ඒවයින් කොමිස් හම්බවෙනවා. අනික වාහනේ රෙපයාර්, තෙල්, කෑම බීම, ඉන්න හිටින්න සතයක් යන එකක් යැ“

සුසුමක් එක්කම “හ්ම්“ ගාපු පියල් සර්ට ආයි අතීතය මතක් වෙන එක නතර කරන්න බැරි වෙනවා.

සුරත් ඒ දවස් වල කොයි තරං අහිංසකද? පියල්ගේ ගෙදර තිබුන එකම ලොවි ගහේ හවස් වෙන කොට ගෙඩි හත අටක් වත් කඩාගෙන නොකෑවොත් මිනිහාට නින්ද යන්නැති ලෙඩක් තිබුන විත්තිය මතක් වෙනකොටත් පියල්ට හිනා එනවා. පොඩි කාලෙත් ඉගෙන ගන්න කම්මැලියා උනත් පියල් කොයි තරං පාඩං සුරත්ට කියල දෙනවද? හැමදාම ඉස්කෝලෙන් දෙන ගෙදර වැඩ කරන්නේ පියල් එක්ක. පියලුත් කාලයත් එක්කම සුරත් තමන්ගේ මල්ලි ගානට දාලා වැඩ කලේ. සුරත් හිටන් එහෙමයි පියල් කිව්වොත් ඉන්න තැනිං අඩියක් වත් හෙල්ලුනේ නෑ. ඒත් දැං සුරත් ගේ තත්වෙ එක්ක බලන කොට පියල් ට එන කළකිරීම මොන විදියෙන්වත් පෙන්නුවේ නැති, පියල් සර් ආයේ සුරත්ගේ මූන බැලුවා.

“අයියේ මම දැනුත් මේ වැඩකට යන ගමන්. පස්සේ වෙලාවක ගෙදර එන්නං. අයියා දැක්ක හින්දයි කතා කරේ“

“ආ ආ.. ඒකට කමක් නෑ. සතුටුයි දැක්කට එහෙනං පස්සේ එන්නකෝ ගෙවල් පැත්තේ මම යන්නං“ කියමින් පියල් සර් අඩි දෙකක් විතර ඉස්සරහට යන කොට සුරත් අයේ කතා කරනවා.

“අයියේ... අයියේ.. ඕන දෙයක් තියේනං මට කියන්න. මෙන්න කාඩ් එක. මං කිව්වේ ඕන දෙයක්“

“තෑන්ක්ස් මල්ලි..ඕන උනොත් කියන්නංකෝ“

“අයියට හොද ඉස්කෝලයක් ඕන්නං මම හෙට වෙන කොට හදාල දෙන්නං. බඩු සුවර් මම කිව්වොත්“

“ආ ඕන්නෑ මල්ලි ගෙදර ළග ඉස්කෝලේ හොදයි. හරි හරි මම කතා කරන්නංකෝ පස්සේ.. එහෙනං මම යනවා“

“හරි අයියේ බුදු සරණයි!! මම යන්නං එහෙනං නැන්දත් මතක් කරා කියන්න“

“හ්ම්. හ්ම්“

එතකොට සුසුම් අතරින්, පියල් සර්ට මතකෙට ආවේ අධ්‍යාපන කන්තෝරු ගානෙයි, අමාත්‍යංශේ පැත්තෙයි අභියාචනා මල්ලත් අරන් මාරුව හදාගන්න අපා දුක් විදගෙන බඩ ගාපු අවුරුදු පහ..

79 comments:

  1. පස්ට මචෝ. අද නම් ඇඩෙන්නම ලියලා. සුපිරියි ඇ.

    ReplyDelete
    Replies
    1. මොකටෙයි බං අඩන්නේ.. තැන්කුයි දේශ්

      Delete
  2. මේකනං ඇත්ත තමා... අද මොහම අය ඉන්නවා වැහි වැහැලා..

    ReplyDelete
    Replies
    1. අනිවා නලින්.. සෑහෙන්න ඉන්නවා

      Delete
  3. ATHTHATAMA DESAKAYA ATHIN LIYA UNA SARTHAKA LIPIYAK.DESAKAYAGE NIYAMA HAKIYAWAN BIDAK.

    ReplyDelete
    Replies
    1. අනේ බොල විකාර නොකිය ඉදින්.. බිදක් හරි හැකියාවක් තිබ්බ නං මේව්ව ලියනවං බං...

      Delete
  4. හ්ම්...කට්ටිය දන්නේ මර්වියගේ එවුන් විතරයියි...අනිත් අයත් එහෙමයි...

    ReplyDelete
    Replies
    1. ආයෛ් දෙකක් නෑ මයියෝ ඔක්කෝම එකයි

      Delete
  5. හොද දෙශකයෙක්ට වඩා හොද ලේකඛයෙක්නෙ. ඉතාම අගනා කතාව. සමාජය පිළිබඳ හොද අවබෝධයක් ඇත්තෙක්ට මේවගේ කතා හොයාගන්න අමාරු නැහැ. හැබැයි හොද ඉවක් තියන්න ඕනෙ. ඔක්කොටම වඩා නිර්මාණශීලීත්වය තියන්න ඕනෙ. ඔබට ඒ දෙකටම වඩා මනුස්සකම තියනවා. ඒකයි මේක මෙච්චර සාර්ථක.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මහ වෙදනෝ.. ඔය වචන සැට් එක මට හෙන බරයි නෙව..

      Delete
  6. ඇඩෙනවා නේද පින්වත? :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  7. දේශකය අද වෙනස් ශෛලියකින් ලියල..හොඳයි හොඳයි :)

    ReplyDelete
    Replies
    1. වෙනස් කරල බැලුවා ටිකක්. චාම්ස්.. තැන්කුයි හොදා කිව්වට නෙමෙයි බලපු එකට.

      Delete
  8. ඉතාම සාර්ථකයි දේශකයෝ.. සමාජ යථාර්තය නියමෙට පෙන්නලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඕව් ඔව් උන් හෙන සාර්තකයි. තමන්ගේ බත් පත බේරගන්න එපැයැ

      Delete
  9. නියමයි දේශකයො,සුපිරි නිර්මාණයක්.
    උඹට කතා ලිවීමේ හැකියාව නං හොඳට පිහිටල තියෙනව

    ReplyDelete
    Replies
    1. අනේ මේ උඹ මුකුත් අහගන්නැතිව හිටිං හැලපයියා!!! හික්... තැන්කුයි හොදේ

      Delete
  10. කාලය මැව් වෙනසක අරුමේ...................

    ReplyDelete
    Replies
    1. කව්ද සාමල අමරලල බං!!!

      Delete
  11. මේ වගේ කතා තව කොච්චර ඇතිද කියලයි හිතුනේ. ලස්සනට ලියලා...:)

    ReplyDelete
    Replies
    1. බයට දාන ප්‍රතිචාර වලට උත්තර දෙන්න හිතෙන්නෙත් නෑ.. අප්පා.. හික්....එක් කතාවක් කිව්වේ ඒකනේ පොඩ්ඩියෝ. තව තියෙනවා 225 වැඩි කරන්න ඕන මං හිතන්නේ අඩුම ගානේ 3 න් වත්. ඊට පල්ලෙහා හාදයොත් ඉන්නවා...

      Delete
  12. පුදුම වෙන්න වත් කනගා‍ටු වෙන්න වත් උවමනාවක් නෑ යාලුවා. දැන උගත් කමට නැති තැනක් අද මැරකම් වලට රස්තියාදු කාරයන්ට හා පන්දම් කරුවන්ට තියෙනවා. සමාජයේ පිලිගැනීමක් තියෙන්නෙත් ඒ අයට. කනගා‍ටුවට කරුණ නම් බොහොම දැන උගත් ස්වාමීන් වහන්සේලා ගුරුවරු සාමාන්‍ය ගමේ දැන උගතුන් පවා මෙහෙවු අයට ගරු බුහුමන් දැක්වීම. හරියට මේක තමයි සමාජ අවශ්‍යතාවය. නැතොත් අනෙක් අය ආදර්ශයට ගතයුත්තේ මොවුන්ය කියනවා වැනි අදහසුයි ඔවුන්ගෙන් පලවෙන්නේ. අනේ මන්දා මට නම් ඒවයේ මහ දෙයක් පේන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. මොනව පේන්නද බං සමාජ යතාර්තය තමා මේ

      Delete
  13. නියමෙටම ලියල තියෙනවා..හොඳ සමාජ විවරනයක් දේශකයා..බහුතරයක් තැන් වල ඔහොම තමයි වෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. තැන්කුයි වෙනියෝ..

      Delete
  14. නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි

    වෙනත් කීමට වචනයක් නැත

    වැරදුනා.... ඇත

    බහුතරයක් ගැහැණූ නම් අරමමයි ඈ.... ;)

    ReplyDelete
    Replies
    1. 56 පාරක් නියමයි කිව්වම කට රිදෙන්න ඇති නෙව.. හික්... ආ.. ඔව් එහෙම තමා... හුගක් අම්මලා

      Delete
  15. ආනේ හෙණ හත වදිනව මේ කියන ගල පැලෙන බොරුවලට අම්ම පා,
    මේ රටේ කොයි ඇමතිද ඔය වගේ කොන්ත්‍රාත් දෙන්නෙ තමන්ගෙ කැචර්ලට, නීත්‍යනුකූලව ටෙන්ඩර් පටිපාටියට අනුව කටයුතු කරනව මිසක්,

    ReplyDelete
    Replies
    1. නෑ නෑ මේ ලංකාවේ නෙමෙයි හොදේ.. වැරදි වැටහීමක් ඔබතුමාලගේ සුපේක්ෂාශිලි රට ගැන කියවුනා නං සමා වෙන්න ඕන ජාති ජාතිත්...

      Delete
  16. ටොප් ඇ උපරිමයි ^_^ හොද විවරනයක් දෙශකයො

    ReplyDelete
  17. මරු ඈ. උඹ අත්දැකීම ලබලා වගේ ලියලා තියෙන්නෙ. මම නම් රස්සාවට ගීත් ඔය වගේ දේශපාලන බලපෑමක් නැතුවෙ. ඒ වගේම දුශ්කර සේවයෙන් ගොඩ එන්න කාපු කට්ට ගැන පෝස්ට් විස්සක් විතර ලියන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. අනේ ලියපංකො මචං එකක් දෙකක්වත්.මට ඔය ගුරු සේවය ගැන මොකුත්ම අත්දැකීම් නෑනෙ ඩූඩො

      Delete
    2. මචං හැලපේ, උඹ මගේ සිංහල බ්ලොග් දෙකේ ගුරු සේවයේ රස කතා කියන ප්‍රවර්ගය යටතේ තියෙන ඒවා බලාපං. මගෙ දැනට හොඳම එක තියෙන්නෙ ඉංග්‍රීසි බ්ලොග් එකේ Nightmare Years, Difficult Area Service කියන ප්‍රවර්ග යටතේ. ඒක තාම සිංහලට නගලා නෑ.

      Delete
    3. @ ඩුඩේ

      අනිවා ඩුඩේ උඹට තියෙන අත්දැකීම් අපිට තිබ්වනං මුන්ගේ බුරි උල් වෙන්න ලියල දානවා...

      Delete
    4. @ හැලපයියා
      අඩේ මේකගේ හොදම කතා තියෙන්නේ ඔය ප්‍රවර්ගයේ තමා..අහිංසක විදියට පුවක් ටිකක් වත් තියාගන්න බැරි උනා මූ ගියපු තැං වල.

      Delete
  18. අද වෙනස්ම විදියට ලියලනේ.... ලස්සනයි.... උගත් කමට කරන්න බැරි දේවල් බලයට කරන්න පුළුවන් අද කාලේ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සමනලී. පොඩි වෙනසකටත් එක්ක ලියල දැම්මේ

      Delete
  19. වැඩිපුර වෙන්නේ ඔහොම තමයි. අපි වරද්දා ගත්තේ කොහෙද.. ඔහොම සුරත් කෙනෙක් ගැන අපි මේ ලඟදි කතා වුනා. මට ඒකත් මතක් උනා මේක කියවද්දී.

    ලිවිල්ල සුපිරි..!

    ReplyDelete
    Replies
    1. තැන්කුයි චන්දනයෝ...

      Delete
  20. Replies
    1. මොකක්ද බොල කිව්වේ...

      Delete
    2. අයියෝ අමතක උනා... අන්න කතන්දර ශුරීන් හැලපයියගේ පයිය බලල, උඹට කියල, පයියේ නිශාන් කියලා.. දෙකක් ඇනපං කකාට

      Delete
  21. කතාව සහ ලිවිල්ල ගැන නම් ලියන්න වදන් නෑ. අමරසේකට ගොයියා ලුම්පන් පන්තිය කියන්නේ මේකට. මේ විදියට රට ඉස්සරහට ගියොත් නම් අපේ රටට දළදා හිමි සරණ කෙසේ වෙතත්, අබ සරණ නම් ඉස්තිරයි.

    ReplyDelete
    Replies
    1. අබ විසිරෙයි කිව්වා.. හැක්...තැන්කුයි මාතලං

      Delete
  22. ලංකාවෙ සම්බන්ධීකරණ ලේකම්ලා ගැන මේ කතාව නම් ඇත්ත. පොඩි පොඩි අඩුපාඩු ටිකක් තිබුණත් උඹ මේක හොදට ලියලා තියෙනවා. මචං මේක උඹ පත්තරේකට ලිව්වානම් මීට වෙනස් විදිහට නේද ලියන්නේ. මම හිතන්නේ උඹට මේකට තවත් හොදට ලියන්න පුළුවන්. මම උඹට මේල් එකක් දාන්නම්.

    ReplyDelete
    Replies
    1. පත්තරෙට ලියන්න.. ඒ පළාතක යන්න නාකයි.. ඔය නලින්ල උඹල නරක් වෙන්නේ ඕවට ගියපු හින්ද නෙව.. හැක්...අඩු පාඩු නැතිව ලියන එකනං කරන්න බෑ රජෝ... තැන්කුයි අදහසට. පොඩි අයිඩියා එකක් ආවා ආයේ මේක කියවල, අධ්‍යයනය කරල අඩුපාඩු ටික හදාගන්න...

      Delete
  23. ජරාජීර්ණවෙලා තියෙන දේශපාලන ලෝකේ ඇත්ත තත්වය. මේ වගේ සිදුවීම් සැබෑවටම මොන තරමක් වෙනවා ඇත්ද..ඇත්තනේ...එක ඇමති කෙනෙක්ට සම්බන්ධීකරණ ලේකම් වරු කීයල් ඉන්නවද..නමට විතරක්..

    අගේ ඇති ලියවිල්ලක් දේශෝ..

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් ලිහිණි, මොකෑ බං උඹේ සද්දේ සෑහෙන්න අඩු වෙලා... අනික නිකං ඕනවට එපාවට එනවා යනව වගේ නෙව.. හොදට කාලා බීල ඉදපිය.. මේ තමා හොදම කාලේ..

      Delete
  24. ඔන්න ඕකට තමා රටක් දියුනු වෙනවා කියන්නෙ..!

    ReplyDelete
    Replies
    1. අනිවා වීයෝ.. ආස්චර්යේ පෙර සලකුනු

      Delete
  25. බලාගෙන හිටපන් ඩෝ මං මේකට සුපිරියි කියලා දානකම්. හුහ් එව්වා සුම්මා...
    මේක පලවෙනි එක. තව දවස් දෙහෙකින් විතර කිසිම අදාලත්වයක් නැති තව එකක් දෙයි. හුහ්.. ඊළඟ එක.... ඔව්. ඊඊඊළඟ එකේදී මේ ඔක්කොගෙම එව්වා පටලෝලා ගලපලා දෙයි ඇටි හැලෙන්න. උඹ හිතුවද දේශෝ අපි හැමදාම මීයෝ වෙයි කියලා.

    AKM

    ReplyDelete
    Replies
    1. අඩේ අදත් මූ මට ඉස්සර වෙලා. මූ මගේ මතයට විරුද්ධ අදහසක් පල කරලා තිබුනත් ඔන්නඔහේ කමක් නෑ බං. කුණුහබ්බ ලියලා නෑනේ...

      පට්ටයි මචං කතාව. අපේ රටේ ඇමතිලාට කාර්යභාරයක් නැති සම්බන්ධීකරණ ලේකම්වරු ඉන්නවා වගේම ඊට ඉහල අයට මෙලෝ රහක් නැති ඇමති සෙට් එකකුත් ඉන්නවා කියලා මතක තියා ගනින්. සීනි ඇමති, ජ්‍යෙෂ්ඨ ඇමති වගේ පට්ටම් කීයක්ද?

      මිණි කැට යට යද්දි ගොමරිටි උඩ මතු වෙනවලුනේ. ගනන් ගන්න එපා කොල්ලෝ.....

      Delete
    2. @ ඇනෝ අකමා.
      හික්.. උඹ මං ගැන දන්න එකම සතුටට කාරණයක්... හෙක්.. නෑ නෑ මේ පාර එහෙම සීන් එකක් නෑ මේකට.. .තැන්කුයි. උඹේ කතාවට හිනා යනවා ඕයි

      Delete
    3. @ රියල් අකමා
      ස්තුතියි අකමා.. උඹල දෙන්නම එන එක ලොකු සතුටක්. අකමා සහ නිකමා

      Delete
    4. උඹට තමයි මුන් දෙන්නගේ සමානකම් තේරුණේ. හිනා යනවා ඕයි!

      Delete
    5. හෙහ්.. හෙහ්. ඕක නොතේරෙනවයි බං

      Delete
  26. හොඳ නිර්මාණයක්....

    දුෂ්කර සේවය පිටුදකින්න විදිහක් නැද්ද බන්..

    ReplyDelete
    Replies
    1. //දුෂ්කර සේවය පිටුදකින්න විදිහක් නැද්ද බන්..//

      අපොයි සෙන්නා... දුෂ්කර සේවය නිසා කොයිතරම් රසවත් නිර්මාණ බිහිවෙලා තියෙනවද??? හොදම(බ්ලොග්) උදාහරණෙ "ඩූඩ්"....

      Delete
    2. නිර්මාණ රසවත් වුනාට කරණ එකා කැමැත්තෙන් නෙමේනෙ බන් කරන්නෙ. ඒක හින්දා ඕක ගුරුවරුන්ටවත්, ළමයින්ටවත් සෙතක් ඇති වැඩක් නෙමේ වගේ..අඩුම තරමෙ අදාල දිස්ත්‍රිකයෙන්වත් ගුරුවරු තෝරගෙන ඔවුන්ට හොඳ පුහුණුවක් දීලා සේවයට අනුයුක්ත කළානම් වැඩේ ඉවරයි..

      Delete
    3. @ සෙන්නා
      උඹේ මුල්ම අදහස ගැනනං කියන්න තියෙන්නේ ප්‍රායෝගික ගැටළු හින්දා දුෂ්කර සේවය කියන එක සෑහෙන කාලයක් යන කං තියේවි කියන එකයි. දෙවැනි අදහස ගැන කිව්වොත් කරන එකා අමාරුවෙන් කරාට, දුෂ්කර ඉන්න පොඩි උන්ටත් ඉගෙන ගන්න අයිතියක් තියෙනවා නෙව බං. ඉතිං යන්නැත්නං බලෙන් හරි ඒ අයිතිය උන්ට දෙන එක සාදාරණයි. මම හිතන්නේ...දුෂ්කර පලාත් වලින් අවශ්‍ය තරම් ගුරුවරු බෝ වෙන්නේ නෑ බං. ඒකයි කාරණය

      Delete
    4. @ සිල්වා
      ඇත්ත නේන්නං. දැං බලන්න කපුගේ දුෂ්කර සේවයට දැම්මම රටට කොයි තරං සේවයක් වෙන දේවල් කරාද කියල කස්ටිය එක්ක එකතු වෙලා. ඒ වගේ දේ තියෙනවා

      Delete
    5. ඒ ළමයින්ට ඉගන ගන්න විතරක් නෙමේ බන්, ඉගන ගන්න දේ හරියට ඉගන ගන්නත් අයිතියක් තියනවා.. දුශ්කර සේවෙට යන බහුතරයක් කැමැත්තෙන් නෙමේනෙ තමන්ගෙ සේවය කරන්නෙ.. එතකොට ඒ ළමයින්ට ලැබිය යුතුදේ හරියට ලැබෙන්නෑ කියලයි මගෙ අදහස.. එක ටීචර් කෙනෙක් එනවා, මාසයක් දෙකක් උගන්වනවා, කොහොම හරි මාරුව හදාගන පනිනවා, ආයෙ ඒ ළමයින්ට මාස ගානකට ගුරුවරයෙක් නෑ.. ආයෙ එක්කෙනෙක් එනවා.. එයත් යනවා.. ඇත්තටම හරි පවු බන් ඒ ළමයි..

      මේකට ගුරුවරුන්ට දොස් කියන එක තේරුමක් නෑ.. ඒ ගොල්ලොත් මනුස්සයොනෙ.. තමන්ගෙ ගෙදර ඉඳන් පහසුවෙන් රැකියාවක් කරන්න ඒ ගොල්ලොත් කැමතියිනෙ.. ඒත් මොකක් හරි විසඳුමක් තියෙන්නෙ ඕනා..

      Delete
    6. ඔව් බං.. ඒකට ක්‍රමයක් හදන්න ඕන තමා. මං හිතන්නේ ඒකට ගැලපෙන විදියේ මෝඩ මිනිස්සු දැං ආසන වල නෑ වගේ. මොකද හැම සීට් එකේම ඉන්නේ නුවනක්කාරයෝ විතරනේ.

      Delete
  27. මං කැමතියි උඹ සුරත්ව තනි කළු චරිතයක් නොකරපු එක ගැන... මොනා උනත් ඌ අවංකයි, මුල මතක තියනවා. වැරදි කලත්, ඒවා වැරදියි කියල දන්නවා. ඌ සමාජක්‍රමයේ ගොදුරක් මිසක් තමන්ගේ උවමනාවට වැරදිවැඩ කරපු එකෙක් නොවෙන බව තමයි මට හිතෙන්නේ.

    ගොඩක් ඇමතිලා වටේ ඉන්න කස්ටිය ඔහොම තමයි... ඒ නිසාම අපේ රටේ දෙශපාලයනයෙන් ඔය අසරණ සමාජය මේන්ටේන් කරනවා. නැත්තං උන්ගේ වැඩ කරගන්න ඔය වගේ කස්ටිය හොයාගන්න බැරිවෙනවනේ.

    ReplyDelete
    Replies
    1. තිසර උඹේ අදහස තමා මගේ මුඛය අරමුණ. ඒක උඹ හරියටම නිලේ අල්ලල බලල ඒ විදියටම නෙලල තියෙනවා.. ඒ ගැන දෙකක් නෑ.. සුපිරිම ප්‍රතිචාරය.. උන් රැකෙන්නේ අරුන් රැකුනොත් විතරයි හින්දා කවදාවත් උන්ට එරෙහි වෙන උන්ට නැගිටින්න දෙන්නෙ නෑ. තමන්ගේ බත් බත ගැන මිසක් මුං අර අපත දේශපාලුවා දිහා නෙමෙයි බලන්නේ.. ඒ කියන්නේ ලොක්කා ඉන්නකං උන්ට හොද නිසා පුළුවන් තරං ලොක්කා ට කරදරයක් නොවී උපරිම කාලය අරන් දෙන්නයි මුන් බලන්නේ

      Delete
  28. තවත් එක් දෙශපාලන කතාවක්. මාතෘකාවට හරියටම අදාල නැති උනත්, එඩ්වඩ් ජයකොඩි මහත්තයගෙ "පැන මඩ කඩිති..." සිංදුව මතක් උනා.

    ReplyDelete
    Replies
    1. ඔය ගීතය කියන්නේ සුනිල් එදිරිසිංහ.

      Delete
    2. අහ්... පොඩ්ඩක් වැරදුනා... නිර්මලා හරි. සුනිල් එදිරිසිංහයන්ගෙ තමා....

      Delete
    3. @ සිල්වා
      ඇතිනේ තෝ අහගත්තා අපේ නිර්මලාගෙන්...

      Delete
  29. ඔන්න ඕකයි වෙනස එහෙනම් ඈ...ලේසියි පහසුයි...

    කතාව හරි පිරීයයි..සිරාවටම රසවත්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පැතුම්...

      Delete
  30. සුරත්ට පොඩිකාලෙ තමංගෙ සහෝදරය වගේ සලකපු එකා මතක තිබිච්ච එක ලොකු දෙයක්. මොකද සමහර ඔය වගේ කට්ටියට අම්ම තාත්තවත් මතක නෑ.

    නියමයි දේශකය‍ගෙ ලිවීම.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසා.. දැං ඉතිං රජ දැක්මට සුදානං වෙනව නේද

      Delete
  31. දේශක.
    ඔබ කියන වර්ගයේ අමාත්‍යාංශ ලේකම් කෙනෙකු සිටිනවා මමත් අඳුනන. ඔහුගේ තත්ත්වයත් මීට සමානයි. එය (ඔහුට) එක්තරා දේශපාලන ගෞරව නාමයක් මිසක, පඩියක් ලබන එකක් නොව. කොමිස් වලින් තමයි ජීවිතය ගෙන යන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත නිර්මලෝ... රජයේ මුදල් වලින් අඩුම ගානේ භාගයක් වත් නාස්තිය, දුෂන ය හා වංචාවට නතු වෙනවා...

      Delete
  32. ඔන්න ඔහොම පැටවු ගහන ලේකම්ලයි සනුහරෙයි බරත් අදින්නෙ දුක් විඳින මිනිස්සු තමයි.. කවදා වෙනස්වෙයිද මෙ සංස්කෘතිය ? අපේ ජීවිත කාලෙදි නං නෙවෙයි..

    ReplyDelete
    Replies
    1. හා හා බය වෙන්න එපා.. අපි ඕව සුරුස් ගාලා හදල රට දියුණු කොරනවා. එතකොට රට පැනපු ඔබතුමාලත් අල්ලන් එනවා...

      Delete