අභ්‍යාවකාශය ජය ගැනීමට දරණ ලද ප්රයත්නයේදී අහිමි වූ තම විරුවන් සමරමින් නාසා ආයතනය සෑම වසරකම අවසන් බ්‍රහස්පතින්දා දිනයේදී සැමරුම් උත්සවයක් පැවැත්වුවත් මේ වසරේදී එය පෙබරවාරි 7 දක්වා කල් ගියේ ට්‍රම්පච්චිගේ හිතුවක්කාර වැඩ හින්දයි.
මෙම සැමරුමේදී ප්‍රධාන වශයෙන් සිහිපත් කෙරෙන අවස්ථා තුනක් තියෙනවා. ඇමරිකානු ඉතිහාසයේ නාසා විනාශයන් සිදුව ඇති දිනයන් ගැන පොඩි ඉඟියක් මෙයින් ලැබෙනවා.
අැපලෝ 1 මෙහෙයුම
ඇමරිකානුවකු සඳ මතට ගොඩබැසීම සඳහා ලහි ලහියේ වැඩ කටයුතු කරද්දි රුසියාවත් ඊට නොදෙවෙනි ලෙස රුසියානුවෙකු මුලින්ම සඳට පා තැබීමට අවශ්‍ය කටයුතු කරමින් හිටියා. මේ තරඟය ඉතා අමිහිරි වේදනාත්මක් තරඟයක්. ඇමරිකාවට වඩා රුසියාව ඒකෙන් වේදනාවට පත් උනත් සමහර සිද්ධි, ජීවිත හානි තවමත් ලෝකයෙන් වහන් වෙලා තියේ කියල හිතෙනවා.
ඒ අනුව ඇමරිකානු පළමු ගගනගාමීන් කණ්ඩායම සඳට රැගෙන යාමේ මෙහෙයුම Apollo 1 මෙහෙයුමයි. ඊට අදාළ පෙරහුරු පරීක්ෂණයට මුහුණ දී සිටි ගගනගාමීන් තිදෙනා කැප්සියුලය ඇතුලේ විදුලි පරිපථ වල හටගත් දෝෂයක් හේතුවෙන් මතු වූ ගිනිපුලිගු හේතුවෙන් ඇතුලත ගිනි ගැනීමෙන් මිය ගියා. ඔක්සිජන් පමණක් තිබු කුටීරය තුල ක්ෂණයකින් ගින්න පැතිරී යාම නිසා සීල් කරන ලද කව්ලු විවෘත කිරීමට ප්‍රථම ඔවුන් පිලිස්සී මිය ගොසින් තිබුනා. එසේ මිය ගියේ Virgil(Gus) Grism, Edward White II සහ Roger Chaffee යන ගගනගාමීන් තිදෙනායි. නිල වශයෙන් චන්ද්‍ර ගවේෂණ මෙහෙයුමට මාසයක් ඉතිරිව තිබියදීයි මේ සිද්ධිය උනේ. අන්න ඒ හේතුව නිසා තමා නීල් ආම්ස්ට්‍රෝන් සහ එඩ්වින් ඕලඩ්රින්ට මුලින්ම සඳ මත පා තබන්න අවස්ථාව ලැබුනේ. ඒ සිද්ධීය රයන් ගොස්ලින් රඟපාන First Man ෆිල්ම් එකේ ලස්සනට නිරූපණය වෙලා තියෙනවා.
ගස් ග්‍රිස්ම්, එඩ්වඩ් වයිට් සහ රොජර් චෆී
මේ විනාශය සිදු උනේ 1967 ජනවාරි 27
චැලෙන්ජර් ඛේදවාචකය
තම දහවෙනි මෙහෙයුම ලෙස චැලෙන්ජර් යානය නාසා ගගනගාමීන් පස් දෙනෙකු, විශේෂඥයකු සහ දහස් ගණනක් අතරින් අභ්‍යාවකාශගත වීමට තෝරා ගත් ප්‍රථම සිවිල් පුද්ලගලයා වශයෙන් ගුරුවරියකද මෙම ගමනට ඇතුලත් උනා. රොකට්ටුව ගුවන් ගත වී තත්පර 73 කදී යානයේ බාහිර ඉන්ධන ටැංකියක සිදු වූ දෝෂයක් හේතුවෙන් යානය පුපුරා ගිය අතර, ඒ වන විටත් හදිසි තත්ත්වයකදී මිනිසුන් බේරාගැනීම සඳහා වැඩ පිළිවෙළක් නාසා ආයතනය සතුව නොතිබීම හෝ ඒ ගැන සැළකිල්ලක් නොදැක්වීම නිසා එහි ගමන්ගත් හත් දෙනාම ජීවිතක්ෂයට පත් උනා. මේ සිද්ධියෙන් පසුව නාසා ආයතනයට විවිධ චෝදනා එල්ල වූ අතර, ඒ හේතුවෙන් ආරක්ෂක විධි විධාන වැඩි දියුණු කිරීමට ඔවුන් පියවර ගත්තා.
චැලෙන්ජර් පුපුරායාම
චැලෙන්ජර් යානයේ සිටි ගගනගාමීන්
එය එසේ වුවත් 2003 දී කොලම්බියා ෂටලය නැවත පැමිණීමේදී සිදුවූ විනාශය නිසා නාසා ආයතනය නැවතත් පසුබෑමකට ලක් උනා. ඒ අනුව ඇමරිකානු පොළව මත සිට ගගනගාමියෙකු අභයාවකාශයට යැවීම වසර දහසයක් පමණ සිට සිදු වන්නේ නැහැ. දැනට ස්පේස්එක්ස් සහ බෝයින් යන සමාගම් නාසා ආයතනය සමඟ එක්ව ඒ සඳහා අවශ්‍ය කැප්සියුල් නිර්මාණය කර, ගගනගාමීන් තෝරාගෙන තියෙනවා. විශේෂ සිදුවීමක් සිදු නොවුනොත් පළමු පුහුණු ගමන (ගගනගාමීන් සමඟ) මේ වසර අවසානය වන විට සිදු කිරීමටත් නියමිතයි.
චැලෙන්ජර් අනතුර සිදු වූයේ 1986 ජනවාරි 28
කොලම්බියා ෂටලය විනාශ වීම
අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැදී සිටි හත් දෙනෙකුගෙන් යුත් නාසා ගගනගාමීන් දින 16 කට පසු නැවත පෘථිවිය වෙත පැමිණිමේදී ගොඩබෑමට විනාඩි 15 ක් ඉතිරිව තිබියදි ෂටලය වායුගෝලය තුලදී දැවී යාම නිසා එම ගගනගාමීන් හත් දෙනාම මිය ගියා.
කොලම්බියා යානය වායුගෝලයට ඇතුල් වීමේදි පුපුරා යාම
කොලම්බියා යානයේ සිටි ගගනගාමින්
ඒකට හේතුව විදියට අඳුරගෙන තිබුනේ ගුවන් ගත වීමේදී රොකට්ටුවේ බාහිර ඉන්ධන ටැංකියක තිබූ ෆෝම් කොටසක් කොලම්බියා ෂටලයේ තාප පරිවාරක පෝසිලේන් කොටසක වැදී එහි සිදුරක් ඇති කිරීමත් එය නිසි ලෙස නිරී්ක්ෂණය නොවීමත්. මේ සම්බන්ධව වීඩියෝ අධ්‍යයනය කිරීමේදි ෆෝම් කැබැල්ල ෂටලයේ වදින අයුරු දැක ඒ සම්බන්ධව විවිධ සාකච්ඡා වට තිබීමෙන් අනතුරුව නාසා ආයතනය තීරණය කරනවා ඒ ඝට්ඨනය මඟින් ෂටලයට හානියක් සිදුව නොමැති බව. ඒ අනුවයි නැවත පැමිණීම සඳහා විධානය ලබා දෙන්නේ. නමුත් සියල්ල කනපිට හරවමින් වායුගෝලයට ඇතුල් වීමත් සමඟ ෂටලයේ ඉලෙක්ට්‍රොනික සංවේදක එකින් එක අක්‍රිය වීමට පටන් ගැනීමත් සමඟ යම් අනතුරක් අත ළග පවතින බව නාසා නිලධාරින් දැන සිටියත් එය වැළැක්වීමට කිසිදු අවස්ථාවක් ඔවුන් සතු උනේ නැහැ. ඒ අනුව කාන්දු වූ තාපය හේතුවෙන් ෂටලය විනාශ වී ගගනගාමීන් හත් දෙනාම මිය ගියා. මෙන්න මේ අත්දැකීම් නිසා තමා ඇමරිකාව තවමත් ඇමරිකානු යානයකින් තම ගගනගාමීන් ඇමරිකානු පොළවේ සිට ගුවනට යැවීම ප්‍රමාද කරන්නේ. සියළු පද්ධතින් වල 100% ආරක්ෂාව තහවුරු වන තෙක් ඔවුන් ඒ සම්බන්ධව ඉක්මන් වන්නේ නැහැ.
කොලම්බියා ෂටලය විනාශ උනේ 2003 පෙබරවාරි 1
දින කිහිපය ගැන සලකලා බැලුවා නාසා ආයතනයට අවාසනාවන්තම සතියක කාලය තමා ජනවාරි අන්තිම සතිය.
මීට වඩා දැඩි තීරණ මත ක්‍රියාත්මක වූ රුසියානු අභ්‍යාවකාශ ව්‍යාපෘතින් හිදි මිය ගිය ප්‍රමාණය මතභේදාත්මකයි. සමහර සිද්ධී තවමත් අනාවරණය වී නැහැ. රුසියානු අභයාවකාශ වැඩසටහන යටතේ මිය ගිය ගගනගාමීන් ගැන පසුව කතා කරමු.
තම්බිගේ මෂ් රොටිය කාලා ශුප් එක බිව්වා වගේ කතා ලියනවකෝ ඉන්න ගමන් ආයේ.
ReplyDeleteබලමු බලමු. බ්ලොග් එකට අත තියන්න හිතේනැති තරං දැං
Deleteනාසා කොහොමත් විනාශයි දැන්.. චීනා දෙනවා ගේම අන්න.. හඳේ මොන බල්ලෙකුගෙවත් සලකුණු නෑ කියන්නෙ...
ReplyDeleteතවුසේ ඉතිං චීන කියන ඒවා විස්වාස කරනවා නේ. අපේ පැත්තෙත් එක බල්ලෙක් හොයාගන්න නෑ චීනා ආපු දවසේ ඉදල. හැක්
Deleteබොට වැරදිලා. ඒ කොරියො හරි පිල්ලො හරි වෙන්නැති...චීන්නු බල්ලො කන්නෑ..හොඳට බලපන්..
Deleteමොකද බං නැත්තේ. කනවා හිටු කියල
Deleteඑහෙමද..අඅඅඅ.????? මුන්ව කන්න එපැයි..
Deletehttps://www.politifact.com/truth-o-meter/statements/2017/jun/22/antinews/its-fake-news-chinese-lunar-rover-found-no-evidenc/
Deleteඔය පරන පේක් නිව්ස් එකක්. හැම චීනම බලුමස් කන්නෑ. කනඑකා ඉස්ම යනන කනවා බං
Deleteනාසා එකට ජනවාර මාසෙ සෙනසුරු අපලෙ ලබනවලු.
ReplyDeleteතවුසෙට පිස්සුද? පීස් බේත් ගන්න
Deleteඉන්දියාවත් රොකට් යවන එකේ දැන් ඇමරිකාවට ලැජ්ජ ඇති
ReplyDeleteහැක්!
ඇමරිකාව කරපු හරියක් වෙන රටක් කරල නෑ බං
Deleteඔය හඳට යන්න පුහුණු වෙද්දි අනතුරක් උනාය කියන සිද්ධිය මම මේ ඇහුවමද කොහෙද. හඳ ගමන ගැන කොච්චර කියවල තිබුනත් ඔහොම සීන් එකක් එකෙක්වත් ලියල තිබුණු බවක් මතක නෑ බං.
ReplyDeleteඅර කාලෙකට කලින් අපේ කොඩියත් ගහල උඩ යවපු එක දැන් කොහෙද බං තියෙන්නෙ.
First Man මූවි එක බලහං. හඳ ගමන ගැන හොද කතාවක් ඒකේ තියේ.
Deleteඒක තාමත් අහසේ හරියටම තැන බලල කියන්නං ඔන නං. Supremesat 2
https://www.n2yo.com/?s=39017
Deleteඒකෙ කොඩිය තාම තියෙය්ද බං.
Deleteඒක පේනනෑ. නම තියෙන්නෙ චයිනාසැට් කියල
Deleteඅනික, අර හඳේ යවන්න හදපු එකේ වයර් ෂෝට් උනේ මීයො කාල තිබ්බ හින්ද. ඒ කාලෙ නාසා එකේ මීයො අල්ලන්න පුලුවන් ජාතියෙ පූසො හිටියෙ නෑ. හිටිය එවුවොත් අර චන්ද්රකුමාරයගෙ ලෙමන් ෆෆ් කාල බඩ පුරෝගෙන හිටියෙ. හැක්..
ReplyDeleteදුප් යන්න ණයා
Deleteදැන් ඒකෙ ඉන්න පූසො හොඳයිද?
Deleteනාසා ආයතනය යනු ඇමරිකාවේ අභ්‍යාවකාශ ඒජන්සිය මිසක් ලෝකයට පොදු අභ්‍යාවකාශ ඒජන්සියක් නොවේ. එම නිසා ඇමරිකානු ජනතාවගේ බදු මුදලින් නඩත්තු වන නාසා ආයතනය වග කියන්නේ ඇමරිකන් ජනතාවට සහ එම ආණ්ඩුවට පමණයි.
ReplyDeleteඒ අනුව ඔවුන් සිය මෙහෙයුම් දියත් කරන්නේ ස්වකිය ජනතාවගේ බදු මුදලින් උපරිම ප්‍රයෝජනයක් ලබා ගත හැකි දෙයකට මිසක් ලෝකයේ අනෙකුත් රට වලට සහ එම රටවල ජනතාවට ඕනා එපා හැටියට නොවේ. නාසා ආයතනය නැවත හඳ මතට මිනිසුන් නොයවන්නේ එම කාරණය නිසයි. මන්ද සඳ මතට මිනිසුන් සහිත යානා කිහිපවරක්ම යවා ඇති නිසා, නැවත වරක් ඇමරිකන් ජනතාවගේ බදු මුදල් විශාල ලෙස වැය කරමින් හද ගමනක් සංවිධානය කරනවට වඩා, තරණය කර නොමැති ක්ෂේත්‍ර ඔස්සේ මෙහෙයුම් දියත් කිරීම ඔවුන්ට වැදගත් වනවා.
කෙසේවෙතත් නාසා ආයතනය ආරම්භයේ සිටම ඔවුන් අභ්‍යාවකාශ මෙහෙයුම් වලදී ගන්නා ජයාරූප, වීඩියෝ ආදිය කිසිදු බුද්ධිමය හිමිකාරීත්වයක් නොමැතිවම බෙදා හරිනවා. ඒ අනුව ලෝකයේ ඕනෑම රටක සිටිනා අයෙක්ට එම ජයාරූප, වීඩියෝ තමන්ට ඕනා ආකාරයකට භාවිතා කල හැකියි. නාසා ආයතනය මෙසේ ඔවුන්ගේ ජයාරූප, වීඩියෝ නොමිලේ ලබා දුන්නත් ජපානය, රුසියාව වගේ රට වල අභ්‍යාවකාශ ඒජන්සි ඔවුන් ගන්නා ජයාරූප, වීඩියෝ නොමිලේ ලබා දෙන්නේ නැහැ.
ඉතාම හොද කරුනු දැක්වීමක් මිත්‍රයා. ඔව් එක් ඇත්ත.නාසා හැරුන විට අනිත් අය හන ගහපුවා තමා දෙන්නෙ. ොඩ්ඩක් චෙක් කරන්න. ට්‍රම්ප් චන්දු ගවේෂණයක් කරන්න. ඇමරිකානුවෙක් හදට යවන්නසුදානම් වෙන්න කියල නාසා එකට කියල තිබුනා මට මතක විදියට. ස්තුතියි
Deleteඔය කොළොම්බියා එකේ විනාශයට කලින් අන්තිම වතාවට ඒ ගගනගාමීන් පොළොවට සම්බන්ධ වුනු වෙලාවෙ වීඩියෝ තවම යූ ටියුබ් එකේ තියෙනවා.
ReplyDeleteමේවා ගැන බලනකොට ඒවායෙ රිස්ක් එක ගැන හරියට ඒ මිනිස්සුන්ට කියන්නෙ නැතුව අභ්‍යවකාශයට යවලා පිච්චිලා මැරුණු ඒවා, ඒ වගේම අන්තිම මොහොතේ ඒ අයගේ කටහඬින්ම එයාලට උහුල ගන්න බැරි තරම් රස්නෙයි කියන ඒවායේ හඬ පටි තියෙනවා. තවත් අදහසක් තියෙනවා ඒ කාලෙ රුසියාව ගැහැණු අය යොදාගෙන කරපු පරීක්ෂණ ගැන. ඒවා ගැන නිල වාර්තා නැතුවට හඬ පටි තියෙනවා කියලයි කියන්නෙ. එහෙම ඒවා තිබුනා යූ ටියුබ් එකේ. මං බලලා තියෙනවා. හැබැයි ඇත්ත නැත්ත කොහොමද මන්දා..
ඔව් ඒ වගේ කීපයක් මං දැක්කා තියෙනවා. සමහර රුසියන් ඒවත් තිබ්බා. ඇත්ත නැත්ත දන්නෑ. ස්තුතියි මියුරි
Deleteමෙන්න මේ වගේ ආයේ ලියන්න ෆ්‍රෙන්... අර කොලොම්බියා ගගන ගාමින් සෙට් එකේ චෞලා අක්කා නෑ නේද? පොඩි හින්ද අඳුර ගන්න බැරි ද?
ReplyDeleteචෞලා අක්කා මැරිලා නැතුව ලංකාවට ඇවිත් කියලා කතාවක් තියෙනවා යු ටියුබ් එකේ " රාහු"කියලා. චෞලා අක්කාට රගපාන්නේ "යශෝධා" කොටස් කිහිපයක් බැලුවා අවුලක් නැහැ දැනට.
Deleteඋඹ හරි වැරදි පිනිතුරයක් දාලා තිබ්බේ. පස්සේ හැදුවා
Deleteඅත්තටම ඉතාම මහන්සි ලො හොයාගත්ත වටිනා කරඅණු ටිනන්. මෙවැනි තොරතුරු බෙදා හදා ගැනීම පිළිබඳ ඔබට ස්තුතියි.
ReplyDeleteවිචාරක දියණි්ය
ජය වේවා
Deleteකදිම සටහනක් . රුසියාවයි ඇමෙරිකාවයි අතරෙ තිබ්බ තරගය ගැන ගොඩක් විස්තර තියෙනවා . සමහරු කියන්නෙ පළමු ඇමෙරිකානු සද ගමන බොරුවක් කියලා . ඒ කොහොම වුණත් කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ගිය සංචාරයකදී මම දැක්කේ ඇමෙරිකාව ඒ සදහා බොහෝ මහන්සි වෙලා තියෙන බව . ඒ වගේම අභ්‍යවකාශ යානාවක් යවන්න ඒ අය කොච්චර මහන්සි වෙලා තියෙනවද කියල . අනතුරු වලක්වන්න ඔවුනට කොච්චර මහන්සි වෙන්න වෙලාද කියලා . කොහොමත් ලෝක පොලිස්කාරයා වන ඇමෙරිකාව කියන , පෙන්වන දේ හැබෑවට එහා හින්ද මේවගේ තාර බර නම් ඇරලා ගන්න ඕන .
ReplyDeleteස්තුතියි අනුරුද්ධ
Deletehttps://ahasgawwenehalokaya.blogspot.com/2018/06/blog-post_2.html
ReplyDeletehttps://beyondthedestinationcruiser.blogspot.com/search/label/United%20states%20of%20America
කැමති නම් බලන්න
මං එක පෝස්ට් එකක් කියෙව්වා
Deleteපෝස්ට්ස් මාලාවක් ලියන්න කරුණු එකකට ගොනු කරලා. හරිම අගෙයි!නොනවත්වා ලියන්නට දිරිය, විරිය, ශක්තිය ලැබේවා!
ReplyDeleteස්තුතියි නිමල්. උත්සාහ කරනවා දිගටම ලියන්න මේවා ගැන
Delete"චැලෙන්ජර්" එක ගැන "කොලම්බියා" එක ගැන සිද්දි යම්තම් මතකයි.ඉස්සර විජය පත්තරේ ඔව්වා ගියානේ හිටං.
ReplyDeleteට්‍රම්පච්චි නම් නාසා එකේ ප්‍රතිපාදන කපන්නේ නැති වේවි.මොකෝ ඌ ඇවිත් හෙනම දේශප්‍රේමීයා නේ.
ප්‍රතිපාදන කපල නෑ බං ප්‍රතිපාදන කලට වෙලාවට ලැබුනේ නෑ
Deleteකොලම්බියා ෂටල් එක මිෂන් 28 කලා. උබ මේ දාලා තියන ෆොටෝ එක වෙන මිෂන් එකක එකක්. අන්තිම මිෂන් එකේ කට්ටිය මේ පහල ලින්ක් එකේ ඉන්නවා. කල්පනා චවුලා හිටියේ ඒකෙ තමයි.
ReplyDeletehttps://en.wikipedia.org/wiki/Space_Shuttle_Columbia_disaster#/media/File:Crew_of_STS-107,_official_photo.jpg
ස්තුතියි මචං. දන්නවනේ මං කිසිම සැලකිල්ලකින් වැඩක් කරන මිනිහෙක් නෙමෙයි නේ. හැක්
Deleteමේ කමෙන්ට් එක ඇනොනිමස් වැටුනේ කෝමද කියල මං කල්පනා කරේ. මොකක් හරි වේලාවක ලොග් අවුට් වෙලා ඉන්නට ඇති. මං තමා ඕක දැම්මේ
Delete