Tuesday, July 3, 2018

හෙළ කිවියර කුස්පල් දඬුහින්න! (Poetry in helabasa)

බ්ලොග් නම් විලේ දැළි පනුවන් පීනනවා
ඉදහිට යමක් රසවත් එහි පල වෙනවා
ඉහට උඩින් ලිපි තිබු කල සිහි වෙනවා
අදෝසංසාරේ බ්ලොග් නාමය නොදිරනවා


කවියක් දෙකක් ලිව්වට අපි ඇමෙචර්ය
ගුණ නැණ වඩන කවි කෝමත් රසවත්ය
නුහුගුණ ඉවත ලෑමත් කවියට හැකිය
නැනවත් තොමෝ ඒ ගැන හරි විමසිලිය


රටේ තොටේ කිසි කලෙ නැත පිබිදීමක්
අඩියෙන් අඩිය අපි යන්නේ වලැ පල්ලේ
වනචාරි වැඩ ඕසේට හෙළ දේසේ
ගූ ගොඩ වට කරගෙනයි අපි දැං බත් කන්නේ


කුස්පල් නැමැති කවිකරුවා දඬුහින්නේ
බුකියේ ගොතනවා කවි පද වැල් හෙළ‘සේ
කිති කවනවා සිස්ටම් එක යන වාලේ
කියවා බලා රස විඳපන් හෙළු රෑනේ



32 comments:

  1. Replies
    1. The above comment has been deleted by Arthur!!

      Delete
    2. මද්දා උඹට මොකද බං වෙලා තියෙන්නේ. නිකං තරහෙන් පුපුරු ගහන්නේ. හැක්

      Delete
    3. හැක් හැක් හැක්

      Delete
  2. කුස්පල් අංකල් ජාත්‍යන්තරේට ගිහිං නෙව...

    ReplyDelete
    Replies
    1. මම නං කැමති උනේ අපේ අඩුපාඩු වලට දෙන හීන් ටොකු වලට. ඒක වටිනවා

      Delete
  3. චම්පික් ගොඩකවෙල කිවියා මොනවත් කිව්වෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. අපි කිව්වොතින් කවි යනවා බඩ දේශාගේ

      Delete
    2. @ප්‍රා මැතිඳ

      කොන්ක්‍රීට් කටක් තියෙන අය නෙ ඒ

      Delete
  4. ‍තෝ, දැලි පණුවා කිව්වේ මටැ ද ? හෙහ්..

    බස් වල කවි ලියන විල්බට් උන්දැවත් මතක් වුනා...

    ReplyDelete
    Replies
    1. අපැ දැලි පනුවන් හෝ වන්නෙමු. හැක්

      හැබැයි මේ උන්දැ පැරණි විරිත් හෙම හොඳට අධ්‍යයනය කරල කවි ලියන්නේ. අප්‍රසිද්ධ විරිතක්

      Delete
  5. කුස්පල් දණ්ඩගේ කවිනම් රසවත්ය
    දේශයාගෙ කවිනං ගූ තැම්බක්ය
    ඒ දෙක මැදින් ගලනා ගඟ මනහරය
    බ්ලොග් එක පිහිටියේ මොනිටරෙ කෙලවරය.

    හැක්..

    ReplyDelete
    Replies
    1. නොලියාම බැරි උනත්
      නොලියනු කවි කි‘කලෙකවත්
      අසා මේ කවි බඩ
      කොන්ක්‍රිට් උනා අත පය

      Delete
  6. දේශකයා සහ කුස්පල් නිකන් එකම වගේ ගතියක් දැනෙනවා... අනේ මන්ද වැස්ස හින්ද වෙන්ඩ ඇති...

    ReplyDelete
    Replies
    1. මං කවදාවත් මාව ප්‍රමෝට් කරගන්නෑ නේ බං. ඕකෙදි බුකියේ කස්ටිය මෙහෙම කියනවා මට ඇහිල තියෙනවා. කුස්පල් එක්ක පරණ කාර් පිස්සෙක්ගේ සම්බන්ධයක තියෙයි කියලා. ඒත් ඒ පුග්ගලයා බිම දිගා වෙලා ඒක ප්‍රතික්සේප කරා. හැක්

      Delete
  7. දේශකයා නැති අඩුව බුකියේ කලෙක හිටං...
    දැනිලා තිබ්බ බව මතකෙට ආව හිටං..
    අනේ පනේ තව මේ වගේ ඔත්තු බලං..
    හෙටත් වරෙන් බ්ලොග් බුකි හැම එකම අරං..

    ReplyDelete
    Replies
    1. මිත කලණෙගේ සෙනෙහ දැනී
      දෑස පලා කදුළුැ වැටෙයැ
      දිවි බේරුනොතින් මෙමැ
      ඉන්නෙමි බුකියේ සදා

      Delete
  8. අමරබන්දු....
    රූපසිංහ.....
    අමරබන්දු රූපසිංහ.....
    අමරබන්දු....
    රූපසිංහ......
    අමරබන්දු රූපසිංහ....

    ReplyDelete
    Replies
    1. ඔය කියන්නේ අර අවුල් වෙච්චි පොරගේ යාලුවා නේ. මිනිහ ගැනත් කවියක් තියේද බං. හැක්.. එළ

      Delete
  9. දැන් මේ කවිය කුස්පල් ගේද දෙස්පල් ගෙද ? කාගේ වුනත් තවත් අඬන ළමේක් නේ

    ReplyDelete
    Replies
    1. මේ පෝස්ටුවේ පැදි පෙළෙහි සම්පුර්ණ අයිතිය මං තුමා සතුය. මොකක්ද මේ අඩන ලමා සීන් එක?

      Delete
  10. අහෝ නොවැටහේ

    ReplyDelete
  11. අම්මෝ කාලෙකින් දාල තියෙන්නෙ මාර කවි ටිකක්.

    ReplyDelete
    Replies
    1. අම්මෝ චාන්දි දැක්කෙත් කාලෙකින්. ස්තුතියි මේ පැත්තේ ආවට

      Delete
  12. කවි සිත දියුණු වේවා
    බුකිය එපා වේවා
    ආපසු මෙහෙට පැමිණේවා
    හොඳ හොාඳ ලිපි ලියේවා
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රාර්ථනයට.

      ඔබතුමිය මොකද දැං ලියන එක නවත්තලා?

      Delete
  13. අපි පිං කළා ඒ කාලේ කියවන්න
    සකර්බර්ගයා අප හට දී ඇත බඩ යන්න
    බ්ලොග් කියවනේ පොස්ට්එක උඩටම ගන්න
    මහ රෑ පබ්ලිෂ් කළ බව ඇසුවා කෝමද හිතා ගන්න

    ReplyDelete
  14. වැඩබැරි දාස කවි ලිව්ව හැටි මතක් උනා කියහංකො...
    ... කඩිනම් රාළට හැදුනා බඩගින්නක්
    ගිල්ල හීතල ඉස්තිරික්කයක්...

    හැහ්..

    ReplyDelete