Thursday, August 24, 2017

Son Doong Cave (අංක එකේ ගල් ගුහාව)

මේ ලෝකේ තියෙන ලොකුම ගුහාව මොකක්ද? අපේ වාසිත කොලුවගෙන් ඇහුවනං කියාවි ඒ මොකක්ද කියලා. 

ගුහාවක් කිව්වම මට නං මතක් වෙන්නෙම අපේ ගෙවල් පැත්තේ කන්දේ උඩම තියෙන ගල් දෙබොක්කාව. පොඩි කාලේ පන්දමකුත් පත්තු කරගෙන, දෙකට නැමිලා තාරාවෙක් වගේ, ඔලුව පාත් කරගෙන ඒකේ අඩි තිහ හතළිහක් ඇතුලට ගියපු හැටිත්, ඊට වඩා යන්න බැරිව බය බිරාන්ත වෙලා ආපහු හැරිල ආපු හැටිත් තමා. ඊට පස්සේ චාරිකා වලදි නං ටිකක් ලොකු ගුහා වලට ගියා. කටාරං කොටපු ගල් ලෙන්, බලංගොඩ එහේ මෙහේ. එව්ව ඉතිං වැඩිම උනොත් අඩි විස්සක් තිහක් උස ඇති. යන්නය කියල ඒ හැටි අමාරුවක් තියෙන එකක්යැ.

ලෝකයේ ලොකුම ගුහාව කිව්වම... ඒක ටිකක් පුදුම හිතෙන විදියට තියෙන්න ඕන නේ. අඩි පනහක් විතර උස, අඩි තිහක් විතර පළල, මීටර් දෙතුන් සීයක් දිගට. හුහ්.

පිස්සු කියවනවා නෙමෙයි. ඕන්න බලාගන්න ලෝකයේ ලොකුම ගුහාවේ දළ මිනුම්.

ගුහාවේ දිග = කිලෝමීටර් 5
ගුහාවේ උපරිම උස = මීටර් 200
ගුහාවේ උපරිම පළල = මීටර් 150

ඒ විතරක්යැ. මේ ගුහාවටම කියල තමන්ගේම ගංඟා, කැලෑ හෙමත් තියෙනවා.



යූ ටියුබ් එකේ තියෙන ගුහාවේ ත්‍රිමාන සැකැස්මක් පල්ලෙහා තියෙනවා.



හරි හරි. දැං සේරම කියාගෙන ගියාට කින්ද මන්ද මුකුත් කිව්වේ නෑනේ. ඩූන් හි (Doong) කන්දේ ගුහාව, එහෙම නැත්නං Cave of the Mountain River එහෙමත් නැත්නං හැන් සොන් ඩූන්ග් කඳුකර ගුහාව (Hang Son Doong Cave) විදියටයි මේක හඳුන්වන්නේ. මේ ගුහාව පිහිටල තියෙන්නේ ලාඕස - වියට්නාම දේශ සීමාව ආසන්නයේ පිහිටි Phong Nha - Ke Bang ජාතික වනෝද්‍යානය තුලයි. කොහොම උනත් ගුහාව අයිති වෙන්නෙ වියට්නාමයට. 






අවුරුදු බිලියන දෙකහමාරක් විතර වයසක මේ ගුහාව හොයාගෙන තියෙන්නේ 1991 දී. මොන විකාරයක්ද ඒ කතාව. ඔව්. අවුරුදු බිලියන ගානක් ඕක තියෙන්න ඇති. ඒ කාලේ ජීවත්ව හිටිය නියන්ඩනාල්ල, ඊටත් කලින් හෝමෝ ඉරෙක්ටස්ලා වගේ අපේ නෑයෝ උනත් මේ ගුහාව ගැන දැනගෙන ඉන්න ඇති. නමුත් නූතන මානවයා ගේ කාලයේදී මේ ගුහාව අහම්බෙන් වගේ වියට්නාම ගොවියෙකු විසින් ගුහා පිවිසුම සොයාගත්තයාය කියලයි සඳහන් කරල තියෙන්නේ හැම තැනම. ඒ හොයාගත්ත මනුස්සයා පස්සේ ගුහාව බලන්න යන අයගේ උපදේශකයෙක් විදියටත් කටයුතු කරා කියල කියන්න පුලුවන් විදියේ පින්තූර ඕන තරං අන්තර් ජාලේ තියෙනවා. 1969 වර්ෂයේදී උපන් මේ පුද්ගලයාගේ නම හූ කාන්ග් (Hồ Khanh). දවසක් ඔය කැලේ අස්සේ පාර වැරදිලා ඉන්න වෙලාවක තමා, සිව්රුහන් නාදයක් වැනි සුළගේ සද්දයක් නිසා ආපු කුතුහලය නිසාවෙන් ගුහාව දැකගත්තය කියන්නෙ. ඒ උනත් 2009 දී බ්‍රිතාන්‍ය ජාතික ගුහා ගවේෂණය කරන්නන් කණ්ඩායමක් පැමිණ ඔහුගෙන් උදව් ඉල්ලා සිටින තාක් ඔහුටත් නැවත ඒ ගුහාව හොයාගන්න ලැබිල නෑ. මොකද මේ ගුහාව ඝණ කෑලෑවෙන් වැහිලා, කඳු අස්සේ හැංගිලා තියෙන නිසා ගූගල් අර්ත් දෙයිය කැඳවලාවත් හොයාගන්න බැරි තැනක් නිසා. එතකොට නියම විදියට නම්, කාන්ග් මහත්තයගේ උදව් ඇතිව අර කට්ටිය 2009 අවුරුද්දෙදි තමා පළමු වරට මේ ගුහාව නිශ්චිතවම අනාවරණය කර ගෙන තියෙන්නේ. හැබැයි සමහර තැන් වල සඳහන් වෙනවා අර කට්ටිය ආවේ 2006 දී කියලා. නිල වෙබ් පිටුව අනුව එම වර්ෂය 2009 ලෙස සැලකීම කරන්න පුළුවන්. 

ඔය කාන්ග් මහත්තයා පස්සේ පස්සේ ටික ටික දියුණූ වෙලා දැං නං ඒ කිස්ටුව ලස්සන නවාතැන්පළක් කරගෙන ඉන්නවා. ඔය අයත් ගුහාව බලන්න යනව නං මෙතන නවතින්න බුක් කරගන්න.  හෝව්.. 2017 අවුරුද්දට තියෙන සේරම සංචාරක බුක් වෙලා ඉවරයිලු.


Hồ Khanh මහත්තයා

කලින් කිව්වත් වගේ මේක අති විශාල ගුහාවක්. ඒ වගේම ලෝකයේ දෙවැනියට විශාලම ගුහා සංකීර්ණය ඇමරිකාවේ පිහිටියත්, තනි ගුහාවක් විදියට ගත්තම ලෝකයේ දෙවැනියට විශාලතම ගුහාව වෙන්න ඕන මැලේසියාවේ පිහිටි Deer Caves තමා.

මුලින්ම මේ ගුහාව ගවේෂනය කරන්න ගියපු අය “බලාගෙන ඩයිනසොර්ලා ඇති“ කියන අවිනිශ්චිත සැකයකින් එය ගවේෂණය කරපු බව සඳහන් කිරීමෙන්ම හිතා ගත හැකි මේ විශාල ගුහාව බාහිර ලෝකයෙන් කොතරම් වෙන්වී හුදකලාව පැවතී ඇත්ද යන බව.

මේක වෙනම ලෝකයක්. කලින් කිව්ව වගේ මේ ගුහාවට අයිති වෙනම ශාක පද්ධති, ජල පද්ධති, ගංඟා, විවිධ පාෂාණ, හුණුගල් තට්ට් හෙම තියෙනවා. ගුහාව ගවේෂණයට යනවා කියන්නෙ ඉතා භාරදූර කාර්යයක්. හරියටම කියනවං පට්ට ඇඩ්වෙන්චර් එකක්. අදාළ පළාත් පාළන ආයතනය විසින් චාරිකා සංවිධානය කිරීම සඳහා අවසර දී අැත්තේ එකම එක සමාගමකට පමණයි. ඒ සමාගම 2017 වර්ෂය සඳහා නිකුත් කරන ලද අටසීයයක් වූ සීමිත සංචාරක ප්‍රවේශ පත්‍ර ප්‍රමාණය 2016 වර්ෂය මැද හරියේදී, එක් දිනක් තුල විකිණී අවසන් වූ බවයි Lonely Planet අඩවියේ සඳහන් වෙන්නේ. මෙම සමාගම ගුහාව ගවේෂණය කිරීම ලෙවල් 6 කින් සිදු කරනු ලබන අතර, ඒකේ දුෂ්කරම මට්ටම එනම් ලෙවල් 6 මට්ටමට යනකොට මෙන්න මේ වගේ දේවල් කරන්න වෙනවා කියලයි කියන්නේ.


  • ගුහාව ගවේෂණය කිරීමට ඉතා සුදුසු ශාරීරික යෝග්‍යතාවයක් තිබිය යුතුය.
  • කිලෝමීටර් 25කට නොඅඩු දුෂ්කර කැලෑ සහ කඳු තරණය
  • මීටර් 400 ක් දක්වා වූ උන්තාංශ වෙනස
  • මීටර් 10-15 දක්වා පළල්, දණහිස දක්වා ගැඹුරු ගංඟා තරණය (40 වතාවක්)
  • බඩගාගෙන, කඹ දාගෙන කිලෝමීටර් හතක් දක්වා ගුහාවේ ඉහලට නැගීම
  • ප්‍රභල ජල තරංග ඇති, පොළව යටින් යන ගංඟා තරණය

පේනවා නේ තරම.

භූ විද්‍යාඥයන්ට අනුව මෙම ගුහාව ඇති වීමට හේතුව ලෙස සලකන්නේ වසර මිලියන පහක තරම් ඈත කාලයේදි තිබු ගංඟාවක් විශාල හුණුගත් තට්ටුවක් හරහා ගමන් කිරීමේදී, පොළවේ අස්ථාවර ස්ථානයකින් ගිලා බැසීම නිසා මෙම ගුහාව නිර්මාණය වූ බවයි. කාලයත් සමඟ ගුහාවේ ඉහල කඩා වැටීම්, පාෂාණ තට්ටු තැන්පත් වීම් හේතුවෙන් නිර්මාණය වූ මෙම ගුහාවේ එල්ලෙන හුණූ කඳු (stalactite pillars), සුර්යාලෝකය සඳහා නිරාවරණ වූ පෙදෙස්, හුදකලා කඳු, ශාක පද්ධති ආදිය කාලයත් සමඟ ඇති වන්නට ඇතිය යන්නත් සඳහන් කර හැකියි. සාමාන්‍ය වශයෙන් තට්ටු හතළිහක් උස ගොඩ නැගිල්ලක් උනත් කිසිම කරදරයක් නැතිව මේ ගුහාව ඇතුලේ රිංගවල තියන්න පුලුවන්.












අති විශාල ජෛව විවිධත්වයක් ඇති මෙම ගුහාව සොයාගෙන දැනට අවුරුදු කිහිපයක් වන නිසා, සම්පූර්ණයෙන්ම ගවේෂණය අවසන් කර ඇතැයි සිතීම අපහසුයි. එම නිසා තවත් කාලයක් ගත වෙද්දී ගුහාව සම්බන්ධ තවත් තොරතුරු අපට දැනගත හැකි වේවි.

ජෛව විවිධත්වය අනුවත් භූගෝලීය පිහිටීම අනුවත් ඉතා වැදගත් ස්ථානයක් වන මෙම සොන් ඩූන් ගුහාව සම්බන්ධ කෙටි වීඩියෝවකින් කතාව නතර කරමු.



47 comments:

  1. අපි ගාවත් තියෙනෙව නිම බඩු.
    මේ ලින්ක් එක බලන්න. අකියොෂිඩෝ කේව්. යමගුචි, ජැපෑන්.
    මේක ඇතුලෙ තියෙනවා එක තැනක් බුදු පිලිමයක් වගේ හැඩයට.
    ඒක දැකපු අපිත් එක්ක ගියපු අනිත් ලාන්කාවෙ උන් චූන් උනා. මෙන්න බොලේ බුදු හාමුදුරුවො මෙටෙටහ් වැඩල කියල හිටං.
    https://www.youtube.com/watch?v=GilxxKcSy1U

    ReplyDelete
    Replies
    1. කාලෙකින් ජපන් ඇනෝ.. විස්තරේට ස්තුතියි.. මාත් ඒ ටික ගූගල් කරල බැලුවා. ගුහා වලට මගේ පොඩි කැමැත්තක් තියෙනවා මොකද මන්දා බං.. හැක්

      Delete
    2. ජපන් ඒවා ගැන දනන් හිටියේ නැහැ. ස්තුතියි.

      Delete
    3. ඒක තමා අජියෝ මාත් දැනං හිටියේ නෑ

      Delete
  2. මරු විස්තරේ.... කොහෙද මේ ඇඟත් එක්ක බෑනෙ ඕවයෙ යන්ඩ.

    ReplyDelete
    Replies
    1. උඹ වගේ තඩියෙක් මේ ගුහාවට කූඹි අඩුවක් වගේ.. හැක්

      Delete
  3. කෝ අර ගල් මෑන් අද ?

    ReplyDelete
    Replies
    1. දුප්පත් කමට ගල් බොන නිසාද ඒ මනුස්සයට ඔහොම කියන්නේ..

      Delete
  4. හු කාං මහත්තයට වෙන වැඩක් තිබ්බෙම නැත්ද මන්ද ගුහා අස්සෙ රිංගන එක ඇරෙන්න.

    ReplyDelete
    Replies
    1. ආ මේ ඉන්නෙ ගල් මෑන්.

      Delete
    2. දැං ඒ මනුස්සයා ලෝක පරසිද්ද කෙනෙක්.. හරිය

      Delete
  5. නිකරගුහාවේත් ලොකු ගුහාවක් ඇති නේද?

    ReplyDelete
    Replies
    1. http://www.nameslist.org/english/names-meaning/Nicara

      Delete
    2. :) ha ha රසික කියනකන් ඔළුවට ආවේ නැහැනේ ඒක

      Delete
    3. රසිකගේ විහිළු හැක්

      Delete
  6. ගොඩකවෙල පැත්තෙ තියන වවුල්පනේ ගියෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. මේ වවුලට ඒ වවුල්ලු සෙට් වෙන්නෑලු.

      Delete
    2. වවුල්පනේ යන්න ඕන රක්වාන පැත්තනේද?? මටත් හිතෙනවා පුසා එක්ක යන්න ඒ පැත්තේ..

      Delete
    3. මෙන්න ප්‍රසන්නයා අඩපු විදිය. විරාජ් මාමා වවුල්පනේ ගියා කීවම.

      http://www.nadegura.com/sinhala/2012/09/waulpan/#comment-17465

      Delete
    4. ගොඩකවෙල පැත්තෙන් ගියෑකි ලැච්චරර්තුමෝ.

      Praසන්ன මහත්තයා ගුහාවෙ හුණු ගල් වැඩපලක් දායිද දන්නෙ නෑ

      Delete
    5. හුණු උනත් කමක් නෑ ගල් නං.. අනිවා කොන්ක්‍රීට් වැඩ පලක් දාවි හුණු ගල් වලින්.. ප්‍රා ගියාද වවුල්පනේ ගවේෂණය කරන්න. කැමති නැද්ද ඒ අත්දැකීම් බෙදා හදාගන්න.. (බජට් ඕන නෑ)

      Delete
    6. ගොඩකලකට ඉස්සර ගොඩකවෙල පැත්තෙන් ගියා.
      අර්ත් මයිල් තමා ඕනෙ. එයා මෙයා ඕනෙ නෑ.

      ඇත්තෙන්ම දුර්ලභ අත්දැකීමක්. ඒ පරිසරයටම ආවේණික හා හැඩ ගැසුන ජීවීන් ඉන්නවා. පිට නෑ.
      Praසන්ன මහත්තයාත් ඒවගේ තමයි මං හිතන්නෙ

      Delete
    7. හැක්.. ප්‍රා තුමා ඒකාලෙ දැනගෙන හිටියනං ගොඩකවෙල අමුතු ජීවියෙක් බලාගන්න තිබ්බ.

      Delete
    8. ගොඩකවෙලට ආවේණික සත්වයෙන් තමා ප්‍රසන්න මැතිතුමා. ඉදගෙන

      Delete
  7. අපූරු විස්තරේ... මෙච්චර ලොකු ගුහාවක් මෙච්චර කල් යනකන් හොයා ගන්න බැරි උනු එකනෙ වැඩේ...

    ReplyDelete
    Replies
    1. මේක තියෙන්නේ කඳු වලින්, කැලෑ වලින් ගහන ප්‍රදේශයක. පිවිසුමත් ඉතා කුඩා සිදුරක් වගේම ඒ ගුහා සිදුර ගාවට නගින්නත් අඩි විස්සක් තිහක් නගින්න ඕන..

      Delete
  8. විස්තරය අපුරුයි
    ඒවගේ ගවේෂණයක් කරන්න තියෙනවානම් ඇත්තටම ඒක අපුරු අද්දැකිමක් වෙයි.

    ReplyDelete
    Replies
    1. දැං ඔය ළමයා දන්නවා නේ ලෝකේ ලොකුම ගුහාව කොහේද කියල.. ජය වේවා

      Delete
  9. විස්තරය අපුරුයි
    ඒවගේ ගවේෂණයක් කරන්න තියෙනවානම් ඇත්තටම ඒක අපුරු අද්දැකිමක් වෙයි.

    ReplyDelete
  10. ඕකට කියන්නේ ගුහාවක් කියලා නෙමේනෙ උමඟක් කියලා නේද ?

    ReplyDelete
    Replies
    1. උඹට ඕන නමක් දාගනිය.. හැක්

      Delete
  11. පසුගිය මාස තුන ඇතුළත පමණක් අපි මෙවැනි භූගත ගුහා පද්ධති තුනක ඇති ගුහා කොටස් හයක ගියා. (මගේ දරුවෙක් මේ ගුහා පිස්සෙක්. ඒකයි හේතුව) එයින් හතරක්ම මැමත් කේව් එකේ කොටස්. දවස් දෙකක් ඇතුළත මේවායේ ගියේ. ලෝකයේ දිගම ගුහා පද්ධතිය ලෙස සැලකෙන එහි දිග කිලෝ මීටර 650කට වැඩියි. තවමත් එහි කොටස් හමුවන නිසා එය මීට වඩා බොහෝ දිග විය හැකියි. අන්තිමට මාසයකට පමණ පෙර ගිය එක ඇමරිකාවේ අන්තිමටම (වසර කිහිපයකට පෙර) හොයා ගත් ගුහා පද්ධතිය. වසර 12,000කට පමණ පෙර දක්වා එහි මිනිසුන් හා සතුන් සිට ඇතත් ඒ කාලයේදී එහි පිවිසුම් දොරටුව වැසී තිබෙනවා. පිවිසිය හැකි ක්‍රමයක් නැවත හමු වුනේ වසර තුන හතරකට කලින්. මේ ග්‍රීස්ම නිවාඩුවේ මුලින්ම ගිය ගුහාවත් මේ ලිපියේ ඇති එකේ මෙන් ගඟක් තියෙන එකක්. එය හමු වී තිබෙන්නේ හදිසියේ දවසක විශාල ස්වභාවික පොකුණක අඩියේ හිලක් හැදී ඒ පොකුණ අතුරුදහන් වීමෙන් පසුවයි. මේ ගුහා අත්දැකීමත් ගිහින්ම ලබාගත යුතු අත්දැකීමක්.

    ReplyDelete
  12. මේ පැත්තෙත් ගුහ ගණනාවක් බලන්න ගියා . ලියන්න ඕනේ ඒවා ගැන. මේ ගුහාව ගැන මම බුකියේ දැම්ම පොස්ටුවක් දැන් කාලෙකට කලින්. හිතන්නත් අපහසුයි මෙහෙම එකක් අරඑච් ජි වේල්ස් ගේ පොතක් කියෙව්වා වගේ.

    ReplyDelete
    Replies
    1. බිරිතාන්ය ගුහා ගැනත් දැනගන්න ආසයි..

      Delete
    2. රසියන් ගුහා වලට කැමති නැත්ද?

      Delete
    3. මොකද නැත්තේ. ඕන ගුහාවකට ආසයි.. හැක්

      Delete
  13. මාත් මේ දවස්වල පොඩිපහේ ගුහාවක් ගවේෂණය කරන්නයි හදන්නෙ. පස්සෙ විස්තර කියන්නංකො.

    ReplyDelete
    Replies
    1. ඔහේ ගවේෂණය කරන “ගුහා“ කිව්වම ඇගේ මයිල් කෙලින් වෙලා ගියා. හැක්

      Delete
  14. ඔය ගල් ගුහා අස්සේ මොනවා බලන්නද කියලා මට නම් තේරෙන්නේ නැහැ අප්පා.

    ReplyDelete
    Replies
    1. හොඳ ගුහාවක් තෝරලා ගියා නම් හරි :)

      Delete
    2. ගල්කිස්සේ උන්ට මොන ගුහාද මල්ලී..

      Delete
  15. මාත් මැලේසියාවේ ඉන්න කාලේ ඔහොම ගුහාවක් අස්සේ රිංගුවා. පොඩි ගතියක් තියෙන වැඩක්.
    මේ තියෙන්නේ සීන් එක

    http://biththiya.blogspot.com/2015/01/dark-cave.html

    ReplyDelete
  16. මං කැමතිම ගල් ගුහාව ටොම් සෝයර්, බෙකී තැචර් එක්ක අතරමං වෙච්ච ගල් ගුහාව

    ReplyDelete
    Replies
    1. හරි එහෙනං. හැලපයා ගවේෂණය කරන්නේ ඒ වගේ ගුහාවක් තමා.. හැක්

      මොකෝ සෑර්.. ග්‍රිපිත් ලොක්කවත් ගේනන බලාපොරොත්තුවක් තැතෙයි ළගකදී?

      Delete