Thursday, May 5, 2016

අල වගේද හබරල???

පිදුම
ඉයං අඩවියං උපද්දානං
මාතලං හේ ප්‍රචාරකං
හබරල කාව්‍යං ජාතං
යාන්තං මාත් ගැටගහං

හැක් හැක්..


ගුණ කතන
මැරිච්ච දවසට
මතක එයි
මිනිසුන්ට
ඉපදුනාට
ජිවත් උනාට වැඩිය



ප්‍රති ගුරුත්වය
වැහැපන් වැහැපං කිව්වම
වහින්නෙම පොළවට
වැහැපංකෝ අභ්‍යවකාසෙටම


නොපෙනෙන ලස්සන
තණකොළ මල් පාගගෙන
දරුවා ගියා දුවගෙන
ලස්සන රෝස මලක්
අල්ලලා බලන්නට


ඇඩුම්
ඊයම් බරු......
ගිල්ලලා හදවතේ
කවදාද සැනසීම
කියාපං මට


කුහකයෝ
රොඩී ගමක්.. ආං.. ඇවිත් අලුතෙන්
උදේ පාන්දරම
ඒ ගමේ උන්
ඩෙනිම් ඇදං එනවා පාරට
යන්න බස් එකේ..
ඇයි එතකොට අවුල්ද ඔහෙලට?


නෝ ලයිප්
කන් දෙකේ ගුම් ගුම්
පයිප්පෙන් පොහ් පොහ්
පංකාව නෑ හුම්..
විදවපං ඇති තරං..


සමනලයාගේ කසාදය
මල්වත්ත වටේටම
එක මලක් වත් නෑර
උඹ අහපු පුරස්නෙට
නෑ නේද උත්තර
පුංචි සමනලයෝ
හෙහ් හෙහ්..
“මාව බදිනවද?“
දිපංකෝ උත්තර


අපි හිටං දන්නවා
අන්න ඔබාමා යනවලු
මයික් කඩනවලු
“Obama Out" කිව්වලු
මාර සතුටෙන්ලු..
අපිටත් සතුටුයි
පොඩ්ඩක් හෝව්..
ඊයේ ලේ හලාගත්තලු
පාර්ලිමන්ටුවේ
මං දැක්කේ පත්තරෙන් හිටං


සාපේක්ෂතාවය
හිස් කොළයක්ද හොඳ??
අකුරක් ලියපු එකක්ද??

නිමි..

104 comments:

  1. Replies
    1. ගෝව වගේද මාතර කොල්ලෝ.. හැක්..

      Delete
    2. එල්කිරි කොල්ලෝ

      Delete
    3. මාතර උන්.. ඈක්ක එකෙත් ඈක්කා.. හැක්

      Delete
  2. හබරල කවි මෙදාපාර
    නෙලුන්යාය සම්මානෙට
    දේශකයාගේ මේ කවි ටික
    අටමාගේ අවධානෙට..

    හැක්.

    ReplyDelete
    Replies
    1. අටමාගේ දෙකටාන
      නොදැක්ක කහටාන
      නෙලුං මල් පුබුදාන
      හබරල කොළ පලාන.. හැක් හැක්

      Delete
    2. මරාගෙන මරෙනවා හිටං,,,

      Delete
    3. අටමා මැසිං බිජ්ජා
      පොඩි සොට් එකක් දැම්මා
      බ්‍රේක් නැති හන්දා
      කටට ඉබ්බෙකුත් දැම්මා

      Delete
    4. ඉබ්බ හෙල්ලෙයි
      පොඩි ඉඩක් මතු වෙයි
      අටම පෙර වෙයි
      කුනුසරුප වසුරයි.. හැක්

      Delete
  3. අපූරු කෙටි කවි එකතුවක්නෙ...

    ReplyDelete
  4. කාපුවම හබරල
    කට නං වෙනවලු වණ
    කියෙව්වම රෙල
    ගැලවෙයි මොලේ ඇණ..


    හැක් හැක්

    ReplyDelete
    Replies
    1. කන්ඩෙපා කොල
      තිබුනාට හැඩ වැඩ

      හැක්

      Delete
  5. // තණකොළ මල් පාගගෙන
    දරුවා ගියා දුවගෙන
    ලස්සන රෝස මලක්
    අල්ලලා බලන්නට//
    අපූරුයි. ඒත් මොකැයි මේ නම..? හබරල????

    ReplyDelete
    Replies
    1. මෛන්න මේකෙන් තමා බ්ලඩ් සෙල්ස් ඩ්‍ර්ම්ස්.. හැක්..


      http://maathalan.blogspot.com/2016/04/micro-poetry.html

      Delete
  6. අරක
    මේක
    හැක
    දේශක

    ReplyDelete
  7. අන්තිමට නිමි
    ඒකට වැඩිය කැමති :D

    ReplyDelete
    Replies
    1. අන්තිමට අන්තිමට නිමි.. හැක්..

      Delete
  8. ආ........... ඔය හබරල ආරලා තියෙන්නේ.......... ජයවේවා.....

    ReplyDelete
  9. Replies
    1. මක් කරන්නද බං.. ලබා උපන් හැටි.. හැක්

      Delete
  10. අල බහිනව වැල මැරෙනව :D

    ReplyDelete
    Replies
    1. දේශකය කෘෂ වෙනව...

      Delete
    2. විදානල ඉක්කොල යනවා.. හැක්

      Delete
  11. කවි
    ****

    බෑ කිව්වට.
    ලියන්න පුලුවන්
    ඔන එකෙකුට

    එළ කිරි සරි
    කයි ටික සුපිරි

    ReplyDelete
    Replies
    1. අර "නොපෙනන ලස්සන" කියන හබරලේ "දරුවා" කියන කෑල්ල අයින් කරා නම් හෝ වෙනස් කලා නම් ළොකු කතාවක් තියෙනවා... අහිගුංඨකයෝ ඩෙනිම් ඇඳගෙන බස් එකේ යන එක හෙන අවුල් නේ බං... ඒක කනට ගහන හබරලයක්.. සාපේක්ෂතාවය කියන හබරලෙන් සාපේක්ෂතාවය ප්‍රශ්ණ කෙරෙනවා.. අනික් ඒවත් නියමයි...

      මේ වගේ කවි ලියන්න පොඩි දෙයයි කරන්න තියෙන්නේ... වාක්‍යක් ලියලා හිටං, වචන් ටික එහෙ මෙහෙ කරලා බලන්නයි තියෙන්නේ.. හරියට මල් පෝච්චි වෙනස් කරනවා වගේ... කවි ලියන්න බෑ කියන්නේ අපි උක්ත ආඛ්‍යාත් කියන තියරියේ හිරවෙලා ඉන්න චින්තනය. ඒක අයින් කරාම ලියන ඕන දෙයක් කවියක්...

      Delete
    2. හැක් හැක්.. කමක් නෑ අභ්‍යාෙසටත් එක්ක ලියමු.. තැන්ක්ස් මාතා..

      Delete
  12. මේ කුමන නම් කසාඳයක්ද?

    ReplyDelete
  13. කියන්න ආවාම කවියක්
    කිව්වා වියතෙක්
    හිල්කොරපං කොලයක් හබරල
    ජාති ජාති...

    ජයවේවා..!!

    ReplyDelete
  14. සාපේක්ෂතාවය

    කියවිය හැකිය,
    හිස් කොළ.
    කොළ වල හිස් අකුරු?

    ReplyDelete
    Replies
    1. නිකමට ලිවුවේ. සීරියස් මුකුත් නැහැ. :)

      Delete
    2. හැබයි හිතෙන්නේ එහෙමයි.... :)

      Delete
    3. බ්ලොග් වල හිස් අකුරු.. හැක්

      Delete
  15. වලත්ත කවියෙක්
    ගත්තහම පෑනක්
    ලියයි ඌ කවි ගොඩක්
    මොලේ පොටයයි
    නොතිබුනත් ඔළුවක්

    ReplyDelete
    Replies
    1. කලුපාට ඇඳුමක්
      හීන ළග මොහොතක්
      සපත්තුවේ හිලක්
      කටුස්සා ගලක්..

      Delete
  16. නියම කවි ටික!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සිතු.. මේව්ව කැරකිල හබරල කවි..

      Delete
  17. මොකද බං අර උඩින්ම කොන්ක්‍රීට් බ්ලොගය කියලා දාලා මරණ දැන්වීමක පොටෝ එකක් දාලා තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. දෙන්නම ලගදි යටියන්තොට යනව..

      Delete
    2. මුගේ මාරය තමයි ඌ. හැක්..

      Delete
    3. ආ ඒ අපේ අයියගේ කම්පැනිය. ගිය සතියේ නං මිස්සරේ අනල තිබුනා.. හැක්

      Delete
  18. අගෙයි ..
    ජයවේවා හක්..

    ReplyDelete
  19. සඳලු තලේ අර ඉන්නේ සකුන්තලා 
    සකුන්තලා ඇයි ඉන්නේ නිකන් බලා
    ……………………………………………….……………………………………………….


    දෙන්නංකො හබරල නං හබරල ගාල් පිටිං :D . ඕ යේස්

    ReplyDelete
  20. අඩේ............ පොතක ඡේදයක් අරන් පොඩි පොඩි කෑලි වලට කැඩුවම හබරල කවි වෙනවද?

    ReplyDelete
    Replies
    1. කරමුකෝ එහෙනං.. හැක්..

      Delete
  21. හබරලත් අලලුනෙ නේද?මං දැක්කෙත් පත්තරෙන් හිටං

    ReplyDelete
    Replies
    1. වෙල්කම් අන්ලිමිටඩ්.. හබරණත් තියේලු..

      Delete
  22. Replies
    1. වෙල්කම් ජගත්..හැක් හැත්..

      Delete
  23. කොන්ක්‍රීට් බාස් අලුත් නෙට්වර්ක් එකක ඉන්නෙ. හිටහං හෙට උදේට එන්නං. හැක්..

    ReplyDelete
    Replies
    1. ඒ කි්වේ අලුත් කම්බි දානවා..

      Delete
  24. හබරල කසන නිසා මේවට අපි කියමු කසන කවි කියලා. උඹ කවි දෙකක් ලිව්වොත් අපිට කිව්ව හැකි ,,දේශකයගේ දෙකම කසන කවි කියලා, තුනක් ලිව්වොත් දේශකයාගේ තුනම කසන කවි. ඒක හොඳයි නේද බන්.

    ReplyDelete
    Replies
    1. කසන දෙවි

      දෙසන දෙවි
      දෙසන කවි
      කසන කවි.

      Delete
    2. අවුල් නැති
      වියවුල් නැති
      කෝකටත් නැති
      තුන කසයි පැදි

      Delete
  25. කෙටි උනාට මරු කවි ටික :)

    ReplyDelete
  26. ලස්සන වඩන හෝටිකල්චර්
    අලංකර හුරුබුහුටි මිනේචර්

    ReplyDelete
  27. හොඳම නැත
    නරකමත් නැත
    හැක හැක

    ReplyDelete
  28. අපූරුයි...නියමයි...

    ReplyDelete
  29. දේශකයෙක්
    දෙකක් දාගෙන
    කිබෝඩ් කොටල ලියන
    මඤ්ඤං කවි
    හැක්.

    ReplyDelete
    Replies
    1. දෙකක් දැම්ම නං
      කෝක් හරි
      එල්ලෙනවා
      පතුරු යන්නම

      Delete
  30. මන් හිතුවේ උඹ දැන් බ්ලොග් අවකාසේ නෑ කියලා. බලාගෙන ගියාම උඹත් ඉන්නවා, ප්‍රසන්නයත් ඉන්නවා, පත්තරයත් ඉන්නවා. මමද එතකොට නැත්තේ ? අන්න මම උඹේ ෆොටෝ එකක් දැම්මා බුකියේ බලපන්.

    ReplyDelete
    Replies
    1. යෙල්ලද?? හැක්

      ඒක තමා සුදීක තමා නැත්තේ. .අපි ඉන්නවා

      Delete
  31. ලියයි කවි
    නමින් දේශක වූ
    බුකි පුතෙක්

    ReplyDelete
    Replies
    1. බුකි පුතා
      බැතියෙන්
      සමරමු
      මේ වෙසගෙත්. හැක්

      Delete
  32. නියම කවි ටික...

    ReplyDelete
  33. කවි වැල
    අල බහිනව
    වැල මැරෙනව

    ReplyDelete
    Replies
    1. පිම්බුනාට
      උඩ ගියාට
      වෙලාව ආවම
      වැටෙනවා හබක් බක් බක්

      Delete
  34. ටෙස්ලා ගැන ලියලා ඇති
    හිතන් ආවේ බ්ලොගට
    මළ මගුල් හබරලය
    කසනවා හැම තැනම

    අපි නොදන්නා හබරල..හැක්!

    ReplyDelete
    Replies
    1. වෙරි ෂොරියැ..
      ටෙෂ්ලා මගය..
      ෂල්ලි නැතිය..

      Delete
  35. මාරු නේ ෂෝර්ට් ඇන්ඩ් ස්ව්ට්

    ReplyDelete
    Replies
    1. තැන්කිව් හොදේ.. හැක්

      Delete
  36. කියෙව්ව ඔක්කොම. හැක්.

    ReplyDelete
  37. ඇත්තද කියන කතා
    දේශක බුකියෙ කියා
    බැරිද ලියන්න කවි ගොතා
    ලිපියට "නිමි" නොතියා...

    ReplyDelete
    Replies
    1. ඉවාන් කියන සතා
      දෙසන්නේ බොළද කතා
      ගෙබි ලුසා ලව් පූසා
      ඉන්නේ දැං නොකර කතා

      Delete
  38. දේ ශකයානි
    ගම්පලයානනි
    කම්මැලි කම් ගව්වක් පන්නා
    ලාබ ලබන්නට
    පාඩු නොවෙන්නට
    වෙළඳාමක් කරමුද දෙන්නා

    ReplyDelete
  39. "නොපෙනෙන ලස්සන" තමයි ලස්සනම..
    හබරල වුනත් ඉතින් අල කියනව නෙ

    ReplyDelete
  40. කට කහන කමට
    ලියන පද එමට
    තියේ හැම තැනම
    බලාපන් මඟ නොහැර

    සතේ නැතත් අතේ
    මැවේ පද හිතේ
    පත කුඩා නැ තොපේ
    ඇත්නම් හොඳ හිතේ...

    කෙටි කවි කියවා කියා යමි අපුරුයි කියා...

    ReplyDelete
  41. හිස් කොළය කොච්චර හොඳද.

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. ඇත්තටම.. වෙල්කම් රුසියානුවා..

      Delete
    2. මමත් රුසියානු සිංහල පරිවර්ථනයක්

      Delete
    3. ජය වේවා.. ඔබගෙන් ලැබෙන රුසියානු රසය ගැන බලාපොරොත්තු පෙරදැරිව සිටිමි..

      Delete
  42. දේශකයා හබරල
    කවි නම් මරුය
    මට හොඳටම සැටය

    ReplyDelete
    Replies
    1. මා හබරල
      හොදයිද එතකොට
      හිටියොත් ළගපාත
      දෙනවා කොලයක්
      හබරල ඔලුවට.. හැක්..

      Delete
  43. හබරල කොලේ
    ඔතලා මස් අගේ
    දීපං හොඳේ
    කන්නට පනේ

    ReplyDelete
    Replies
    1. මාලු ටිකක් මස් ඩිංගක්
      ගන්න ගියොත් හබරලයක්
      තිබුන බවක් දැං මතකයි
      කෝ නැ දැං ඒ සෙල්ලං

      Delete