Thursday, March 24, 2016

නෙළුං යාය බ්ලොග් සම්මාන වර්ජනය කළ යුත්තේ ඇයි!

රසික අද ලියල තිබුනා එයා බ්ලොග් ලියන්නේ ඇයි කියල. ඒකේ තියෙන කරුණු කාරණා දිහා බැලුවම බොහෝ පිරිසක් බ්ලොග් ලියන්නෙ තමන්ගේ උවමනාවට හා තෘප්තියට කියල කියන්න පුළුවන්. අනිත් එක රසික නං සිනුවර විත්තියි එයාගේ කෙස් නැති ජීවිතෙ ගැනයි විස්තර කියන්න බ්ලොග් එක භාවිතා කරනවා කියන එක ආයි අහන්න දෙයක් යැ. ලංකාවේ ඉපදිල ලංකාවට වඩා සිනුවර හොදයි කියල හිතන එකම කෙනා රසික වෙන්ටත් බැරි නෑ.

කොහොම උනත් මේ බ්ලොග් වලට සම්මාන දෙන්න, සල්ලි දෙන්න දත කන කට්ටියක් නිසා සිංහල බ්ලොග්කාරයෝ හරියට අර සම්මාන බලාගෙන පොත් ලියන ලේඛකයෝ ගානට වැටිලද මන්දා. පහුගිය සතියේ ඉදල බලන බලන තැන නෙලුං යාය, නෙලුං යාය බ්ලොග් සම්මාන, නෙලුං යාය බයිලා වගේ එක එක විකාර දදා අපේ මනස් සම්පුර්ණයෙන්ම වෙනස් කරන්න හදන්නෙ ඒ සම්මාන උළෙලේ සම්මාන වලට නිර්දේශ වෙච්චි අය විත්තිය මම හොදටම දැක්කා. අනිත් අයට ඔය සම්මාන ( ඒ කිව්වේ විකාර වලට නිර්දේශ නොවුන අය) අනං මනං මොකවත් ඕන නැති විදියට බ්ලොග් ලියනවා.

මට හිතෙන විදියට ඔය නෙලුං සම්මාන දෙන්න යන දෙවැනි වතාව මේක. පළවෙනි වතාව තිබුනේ ගිය අවුරුද්දේ මාරුතු 26. කරුමෙට ඒකේ දෙවැනි දිගුව මේ අවුරුද්දේ මාරුතු 26 ටම දාලා. මේවා කුමන්ත්‍රණ. නැත්නං දනන කෙනෙක් කියන්න බලන්න හරියටම අවුරුද්දකට පස්සෙත් ඒ දවසම අරගෙන ඒ තැනම නොමිලේ උත්සව තියන්න කාටද පුළුවන්. අඩුම ගානේ අවුරුද්දකට කලින්වත් පැලැන් ගහපු ඔස්තාර්ලගේ වැඩක් තමා මේක.

හරි මං කියන්න ආවේ ඇයි මේ බ්ලොග් සම්මාන උළෙල වර්ජනය කළ යුත්තේ කියල නේ. ඔව් මං කියන්න ආවේ ඔය හැම සම්මානයකම එක, දෙක හෝ තුන ස්ථාන ලබා ගැනීමේ විශාල සම්භාවිතාවක් දේශකයා කියන මට තිබුන බව මම ඉඳුරාම විශ්වාස කරන නිසයි. එහෙම විශ්වාස කරන්න මට පුළුවන් උනේ ඔය මණ්ඩලේ කචල් පොරවල්ගෙන් මට ලැබුන විශ්වාසදායක තොරතුරු නිසයි. කැටගරි බර ගානක් යටතේ සම්මාන දෙන කොට, එයින් බහුතරයක සම්මාන මට ලැබෙන්න නියමිතව තියෙද්දිත් මේ ඉරිසියාකාර නෙලුං යායේ අජිත් කියල හඳුන්වන පුද්ගලයා, කළු මහත මල්ලි කෙනෙක් ඇතුලු බොහෝ දෙනෙක් සම්මාන නිර්දේශ වලින් මගේ නම එක පාරටම හලන්න තීරණය කරල තියෙන්නේ බරපතල කුමන්ත්‍රණයකින් පස්සෙයි. විනිශ්චය මණ්ඩල වල හිටිය අනෙකත් වැදගත් මහත්වරුන් සල්ලි වලට නම්මාගෙන ඒවා වෙනස් කිරීම විලිලැජ්ජාසහතිකයි. ඒක නිසා මේ වතාවේ නෙමෙයි ගිය පාරත් මට ඔය වැඩේ මේ අය කරපු බව කියන්නේ විශ්වාසෙන්මයි.

ඕන නං බලාගන්න ගියපාර ඔය සම්මාන මට නොලැබුන නිසා මම දාපු පෝස්කටුව.


ඒක නිසා මගේ සභෘදයන්, මං වෙනුවෙන් පණ දෙන්න උනත් ලැහැස්ති සුවහසක් වූ මාගේ ආදරණීය ෆලෝවර්ස්ලාගෙන් මම ඉල්ලා සිටින්නේ එකම දෙයයි.

එංගලන්තෙන් ඇවිල්ලා, අපිව නොමග යවන්න උත්සාහ කරන මේ නිව්ස් වෙබ් කණ්ඩායමත් එක්ක එකතු වෙච්චි නෙළුං යාය සංගමය 2016 මාර්තු 26 හැන්දෑවේ කිරුළපණ පාරේ හෝ්ල් එකක තියන්න යන මොකක්ද කියන සම්මාන උළෙල වර්ජනය කරන්න කියල අති මහත් භක්තියෙන් ඉල්ලා සිටිනවා. හොදින් නං හොදින් නරකින් නං නරකින්.

එකෙක් හරි ඔය හෝල් එක තියෙන හරියට ආවොත් මඩු වල්ගෙන් ගහල පන්නන්න ඒකේ ගේට්ටුව ගාව මං රැකගෙන ඉන්නවා හරිය. ඒක ඉවර වෙලා ඊට පස්සේ ගල්කිස්සේ බීච් යන උන්ට නෙලන්නත් මනෝජ් ප්‍රනාද්දු ඇතුළු මැර පිරිසක් ඒ ආසන්නයේ ස්ථාන ගත කරල තියෙන විත්තියත් කියන්නෙ කරුණාවෙන්මයි. හොදද..

ප.ලි. - බබී උඹත් ඒකට එන්න හදනවා කියල මට ආරංචියි. බැරි වෙලා හරි අර පිස්සු පත්තරයත් එක්ක ආවොත් හෙම ආයි උඹට බබී කියන්න කටක් ඉතිරි කරන්නෑ හොදද?? 

72 comments:

  1. "එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා
    මෙන්න මල්ලි මෙන්න මල්ලි රස කතා
    නෙළුම් විලත් අල කරන්න
    නෙළුන් අජිත් චෝර කරන්න
    එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා"

    උඹ කියන නිසා එන්නේ නැ දේශෝ ..වැඩිහිටියන් යමක් කිව්වාම පිළිගන්න කියලා පොඩි කාලේ කවුරු හරි කියලා තියනවා .. හැක් හැක්

    ReplyDelete
    Replies
    1. අන්න හරි බං එන්න එපා. අර අජිත් කියන අයියා ඇව්ත් කළුබෝවිල පැත්තේ කුමන්ත්‍රණය කරනවාලු 29 වෙනිදා වෙන ජිල්මාට්එකක් දාන්න පොල් කටු අරගෙන. හැක්

      Delete
    2. ---------------------------------------------------


      දුෂණය පවුල්වාදය තුරන්කර ශ්‍රි ලංකාව ලෝකයේ දියුණු රටක් බවට පත්කල ජනවාරි 8 විප්ලවයේ පෙරගමන් කරුවෙකු වන ප්‍රවීන ලේඛක "මාතලං" ප්‍රියන්ත හේවගේ මැතිදුන් බ්ලොග් සම්මාන උළලේ නිසි ඇගයීමකට ලක් නොකිරීම පිළිබද අපගේ බලවත් කණස්සල්ල...!


      "මාතලං" ලේඛකයාණෙනි අතිගරු රනිල් වික්‍රමසිංහ අගමැතිදුන් , ජනාධිපතිතුමා ඇතුලු ප්‍රගතිශීලී ජනතාව ඔබ සමගයි...!


      ------------------------------------

      Delete
  2. එකෙන්ම අයියා එකෙන්ම ගල්කිස්ස බීච් එකට ඔය කුමන්ත්‍රණකරුවන්ට එන්ට දිනු දේශයේ නාමයෙන් අපි ඉඩ තියන්නේ නැහැ.අපි ජාති ආලෙන් මඩු වලිග වලින් සන්නධව ඉන්න බවත් මෛත්‍රියෙන් මතක් කරනවා හිටං.

    ReplyDelete
    Replies
    1. අන්ඩ හරි මල්ලි. ඔය ගැන්සියේ එකෙකුටවත් එන්ඩ ඉඩ තියන්ඩ එපා හරිඩ.. හැක්.. උඹත් යන්න එපා හොදද කිරැළපන පාරේ එදාට. මං බලං ඉන්නේ හරිය? (උඹගේ පලුවගේ නම්මරේ දීපං මං කියන්නං බ්ලොග් කියන්නේ මහා භයානක දෙයක් කියලා. එතකොට කෝමත් උඹට එන්න බෑ )

      Delete
  3. දැං කියහං උඹ මට ලැබෙන්න තිබ්බ සම්මානෙ දෙන්න එපා කියල අජිත් අයියට කිවුවෙ මොකද කියල. මිත්‍ර ද්‍රෝහියො.
    මෙන්න සාක්කි...

    Praසන්ன20 March 2016 at 13:27

    අනේ මගේ සම්මානෙ මම ප්‍රතික්ෂේප කලා කියල කියහං. හැක්..
    ReplyDelete
    Replies

    විභීෂණ II20 March 2016 at 14:37

    උඹ හරි නම් මෙතන තියෙන හැම කැටගරි ඒකටම සිලෙක්ට් වෙන්න තිබ්බ්බ පොරක්. එතරමට පොස්ට් ලියලා නේ...
    කමක් නැහැ ඉතින් උඹේ කැමැත්ත නේ...
    කල්‍යාණ මිත්‍ර20 March 2016 at 22:17

    උඹ ප්‍රතික්ෂේප කරපු ඒ සම්මානේ දෙන්න එකෙක් හොයා ගන්න නැතුව මම ඉන්නේ.. :)
    Ajith Dharma20 March 2016 at 23:00

    deshakaya mulinma kivva danna epa kiyala. dekkata nirdesha vela thibbe

    ReplyDelete
    Replies
    1. යකෝ ඒක මං සද්භාවයෙන් කරේ. මට දෙන්නැත්නං උඹට මොකද ඔය දහජරාව?? හැක්..

      Delete
    2. එ‍හ්හෙනං කමක් නෑ.
      යකෝ දෙකට තේරිලා තිබ්බ සම්මානෙ ගන්න නැතිකරපු බොලාට ඒ කරුමෙ පලදීල හැමදාම ෆේක්වෙලා තමයි ඉන්න වෙන්නෙ ටෙක්ස්ල. හැක්..
      (මං හිතන්නෙ 'නොලී කතා'කියන කැටගරියට වෙන්නැති ඒක තෝරන්න ඇත්තෙ. හැක්... හැක්..)

      Delete
    3. යන්තන් ප්‍රසාන් ඇත්ත කියල. එපා නම් මොනවා කරන්නද

      Delete
  4. පුකේ හිල ලොකු නං අජිත් සම්මාන දෙනවලු...අටමට මේ වාරෙ බෑලු...ලබන වාරෙ හිල ලොකු කරගෙන ගන්නවලු...

    ReplyDelete
    Replies
    1. එදිරිසිංහ බ්‍රදරස් ළගට යන්න වෙයිද බං.. හැක්

      Delete
  5. අම්මියෝ... මම හම්බානක බය උනා අම්මියෝ......

    'ටක ටොක ටක ටොක...' ( දනිස් පොල්කටු වදින සද්දේ)

    අපි නම් එන්නේ ..නැතෝ...... බය උනෝ

    ReplyDelete
    Replies
    1. හොද ළමයා. හැබැයි පොල්කටු බලන්නත් යන්න බෑ හරිය

      Delete
  6. අයියා හොඳ වෙලාවට කියුවේ.. නැත්නම් මමත් යන්න හිටියේ..

    ReplyDelete
    Replies
    1. උඹ ඕකට යන්නෑ කියල මම දන්නවා. මොකද මංඩලේ කචල් සීන් ඔක්කෝම උඹනේ මට කිව්වේ. තැන්කුයි ඈ.. හැක්

      Delete
  7. එකඟයි, මමත් වර්ජනයේ.

    ReplyDelete
    Replies
    1. උඹ ගියොත් නං ආයි දෙකක් නෑ ඇට ගලවන්ඩ හිටියේ.. හැක්.. හැබැයි උඹගේ පෙරටුගාමි පොරවල්ටත් කියහං යන්ඩ එපා කියල.. හොදද?

      Delete
    2. අන්න බං කරුණාරත්න පරණවිතානත් එන්නෙ නෑලු.බොගෙ පෝස්ටුව කියෝලද කොහෙද.

      Delete
    3. හරියට හරි.. වන් ඩවුන්.. මඩු වලිගෙට හරි බයයි ඒ අය.. හැක්

      Delete
  8. හුහ්... මෙයාව නිර්දේශ වෙලා තිබුනනම් මෙහෙම කියයිද අද මෙයා...!!?? මුන්ට තමා මඩු වලිගෙන් තලන්න ඕනා...

    දේශකයව හැලුව විනිශ්ච මණ්ඩලයට මගේ සිරස ප්‍රණාමය !!

    ReplyDelete
    Replies
    1. එතකොට උඹ ඒකට සතුටු වෙනවා.. පාප මිත්‍රෙයා්.. අර පොතේ පිට කවර ටික ගිනි තියනවා හරිය..

      යනව නං කලින් කියහං.. නැත්නං මම නාකයි කියන්න එපා. හැක්

      Delete
    2. නැත්තම් යකෝ.. සතු‍ටුයි කියන්නේ පට්ටම සතු‍ටුයි... දේශකය ලිස්ට් එකේ නෑ කියලා දැකලා මට ඉන්දියාව ක්‍රිකට් මැච් එහෙකින් පැරදුනාම දැනෙනවට වැඩිය සතුටක් දැනුනා. එහ්හෙනම්...!

      මේ...බයිලා නොගහා අර ටෙස්ලා ගොයියගේ කතාව කියාගෙන යනවද... මගුලක් කතා කරනවා මෙතන...

      Delete
    3. ඉරිසියාකාර වෛරක්කාරයෛා්.. හැක්..

      ටෙස්ලා හීනෙන් පෙනිල ඉන්නේ මේ දවස් වල.. හැක්.. ටික දවසක් දියං..

      Delete
  9. පිස්සු පත්තරයා ආයෙ ආව නෙවැ බං 17 වෙනිද ..නිවාඩු අහවරයි නෙවැ. හිටියනං වර්ජනේ කොරන්න තිබ්බ.හැක් ..

    ආං අර මැසිං බිජ්ජා නං පස් කනවා සතියකට කලින් බීම නවත්තලා වර්මොක්ස් බීල ,පණුවො එහෙම හලලා ඇඳුං ෂූට් මහලා කඩේ එදාට වහලා කියලා බෝඩ් කෑලි එල්ල්ලා එක හත්තිලව්වයි … ඕ යේස්

    ReplyDelete
    Replies
    1. අාචිචිට රයිස් ගරන්ඩ මැසිනං බිජ්ජා යනවද?? එහෙනං ඉතිං මට සිද්ධ වෙනවා ඕකාව අල්ලගන්ඩ උගේ ගේ ගාවදිම..

      උඹ ගියාද බං.. සැහ් අපේ අපුර්වි බබී ආවා නේ මං බලන්ඩ කියල ලංකාවට. ඒ ටිකට නෙලුං යායේ උන් ඒ මෝඩිට සීනි කවල, අර හෝල් එකට එදාට යන්නලු හදන්නේ.. අහු වෙයංකෝ නෙලනවා අම්මප.. උඹ මුකුත් කියන්න එපා ඒකට හොදේ. හැක්..

      Delete
  10. එපා එන්න කියලා 
    මොකෝ දේශො කීවේ
    සිනා වෙන්න ආවත් 
    ඇඬෙව්වේ ඔයානේ … හැක් හැක්

    ReplyDelete
    Replies
    1. එපා යන්ඩ කියලා
      ලවට නේ කීවේ
      නෙලුං යායේ උන්ලා
      හරිම වල් ලමයි නේ.. හැක් හැක්

      Delete
    2. "ඉතාලි නැටුමක් තෝ්ගෙන් නටපිය
      උඩරට නැටුමක් මගෙන් නටන්නම්"

      http://dai.ly/xhcjwf

      Delete
    3. පිස්සුද බොට.. හැක්

      Delete
    4. ආ මේ සිංදු ඇනෝ අයියනෙ..හැක්

      නැටුං ෆිනීතො..වෙනස සැපයි :D

      Delete
    5. බලහං බොලා මේවා විහිලු කිව්වට අන්න හැලපයා කිව්වේ මේක කියවල කරු පරණ මහත්තයා වර්ජනය කරනවා කියල මැසේජ් එකක් එවලා.. හැක්

      Delete
    6. අපිටත් මිනිස්සු සලකනව නෙවැ බලං ගියාම..හැක් හැක්.. ආඩම්බරයි හසන්ත.
      කොලර් නැතුව ටීෂර්ට් මහපු එකාට හෙනම ගහපිය.:D

      Delete
  11. කුමන්ත්‍රණය හෙලිදර්ව් වේ..! දේශකයාට මරණ තර්ජන...!
    (එහෙම කොහොමද?)
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. යකෝ මෙච්චර දෙයක් වෙලා තියෙද්දි ජය වේවා කියන්න.. පුදුම ගස් ලබ්බෙක් නේ හිටං. හැක්..

      Delete
  12. හයිඩ් පිටියෙ රැලියක් තියමුද?

    ReplyDelete
    Replies
    1. අර මක්ක්කටයි උඩුවෝ.. පපුවට ගහගන්නැත්නං කමක් නෑ හැක්.

      Delete
  13. ශෙක් කවුද බං කිරුලපනෙ යන්නෙ , මොකද්ද ඔය නෙළුම් යාය කියන්නෙ ? අපිට එදාට ගල්කිස්සෙ වැදගත් වැඩක් තියනව.

    ReplyDelete
    Replies
    1. ගල්කිස්සේ යන උන්ටත් පාටියක් සැට් කරලයි තියෙන්නේ.. කෝ යකෝ දෙක..

      Delete
  14. දේශක යා කෙලපිය විචාරකයාට ඉස් ඉස්ලාම එයා ලයිසොන් චන්ඩි බුක් කරලා පොල්හේන් ගොඩින්. ගාඩ් පිටින් එන්නේ බයට කොල්ලෝ හු කියයි කියලා මාතලන් ගැස්පහ හන්දියේ නාටමි සෙට් එකේ ගාඩ් පිට එන්නේ. අපි සෙට් එක එන්නේ කැමරා එක්ක

    // කවදාවත් එකට ඉඳගෙන හමුවෙලා කතා කරලවත් නැති විනිශ්චය මණ්ඩලයකින් තමයි මේ නිර්දේශ ඉදිරිපත් උනේ.//

    කරුණා කරලා මේ '"කතා කරලවත් නැති විනිශ්චය මණ්ඩලය'" නම ටික කලින් කියන්න සම්මාන බෙදාගන්නේ කොහොමද කියලා සැමට හිතාගන්න

    හරි දේශක යා උඹ දන්නවනම් කියමුකෝ බලන්න කාටත් දෑනගන්න එක්ක

    ReplyDelete
    Replies
    1. // කවදාවත් එකට ඉඳගෙන හමුවෙලා කතා කරලවත් නැති විනිශ්චය මණ්ඩලයකින් තමයි මේ නිර්දේශ ඉදිරිපත් උනේ.//

      අන්න බං නියම වර්ඩින් එක. කව්ද ඕක කිව්වේ..

      සම්මාන බෙදාගන්නේ යුරෝ වලටයි බෝතල් වලටයි නේ බං.. ඒක දන්නැද්ද අම්මපා..

      Delete
  15. අනේ උඹේ මඩු වලිගෙ ගහගනින් යාරේ පන පුල්ලෙක්ගේ බකේ.

    මම එනවා මඩු වලිග කපන මාළු පිහියකුත් ඇන්න.

    ReplyDelete
    Replies
    1. වයසක අයට සළකන විදිය අපි හොදට දන්නවා.. වරකෝ වරකෝ.. හැක්.. ආයි විකාර නොකර අර යනව කිවව් ගමන යන්න මාමේ.. නුවරඑළියේ.. අපරාදේ නේ ඔය කාලේ කන එක.. හැක්

      Delete
  16. Baya uno N NATO...

    ReplyDelete
    Replies
    1. නේටෝ මේ දවස් වල හොදටම බය වෙලා ඉන්නේ.. මාතෘකාවට අදාලව කතා කරහං නදිසා හේමමාලියෝ.. හැක්

      Delete
  17. දැන් ඉතින් කට්ටිය එන එක සක්කරයාටවත් නවත්තන්න බැහැ.... උඹ තමා හරිම විදිහට ආරාධනා කරේ බං..... උඹේ පට්ට චින්තනයට අපේ සුභ පැතුම්.... මොකද අපේ උන්ට මොකක් හරි කරන්න එපා කිව්වොත් කරනවාම තමා ඉතින්..... ආය බලහං බොරුද කියලා....... හැක්

    ReplyDelete
    Replies
    1. මොකක්ද බං මේ කියන හරුපේ.. ගහනවා තොපි දුසිමටම ආවොත් එච්චරයි.. හැක්..

      Delete
  18. දිනූ බ්ලොග්ලොව අනතුරේ!
    දේශකයා සමග නැගිටිමු (27 උදේ)!

    ReplyDelete
    Replies
    1. 27 උදේ නැගිටිමු කියන්නේ ගල්කිස්ස බීච් එකේදිද?? හැක්..

      Delete
  19. හොඳ වෙලාවට කිවුවේ. නැත්නම් එන්නයි හිටියේ!

    ReplyDelete
  20. මගෙ බල්ලව මං එවන්නේ නෑ ඔය විදේශ කුමන්ත්‍රණ වැඩවලට.

    ReplyDelete
    Replies
    1. බල්ලව කොහොමවත් එවන්ඩ එපා , අපි හැන්දැවෙද්දි ඒකට මචං කියනව ෂුවර් එකටම.

      Delete
  21. කෝ &$*$-$*$&$&$&$ ටෙස්ල...

    ReplyDelete
  22. උඹ එන්නේ නැහ්නන් මාත් එන්නේ නෑ.... මාර ජරා සම්මාන උළෙලක් නේ... ඈක්කා...

    ReplyDelete
    Replies
    1. මල් මල් ජංගියක් ඇදගෙන වරෙන් ළමාතැන්...

      Delete
  23. මඩු වල්ගයක් අතැතිව සිටින්නා කුපාඩි දේශකයා බව ගේට්ටුවෙන් පිටතදීම හඳුනා ගන්න.

    ReplyDelete
  24. යකෝ මුල් හරිය කියෝගෙන යනකොට මමත් හිතුවේ කෙලියා තමයි තාප්පෙට කියලා....

    ටිකක් කියෝගෙන යනකොට තමයි තේරුනේ මේ කතා කරන්නේ තවත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් පතුරු ගැහීමක් කියලා...

    ReplyDelete
    Replies
    1. ජීවිතේට දැකලා නැහැ බන් මඩු වලිගයක්...

      එකත් බලාගෙනම යන්න පුළුවන්

      Delete
  25. මමත් උඹ කියන එක අහලා නෑවිත් ඉන්නවා. මඩු වලිගෙ කොහොම එකක් වෙයිද දන්නේ නෑනෙ.

    ReplyDelete
  26. මම නම් ඉතිං කොහොමත් එන්නේ නෑ. එදාට මට එක්සෑම්.

    ReplyDelete
  27. මොකක්ද නෙලුම් යාය කියන්නේ ? මොකක්ද බ්ලොග් කියන්නේ ? මට මතක නැහැනේ...

    ReplyDelete
    Replies
    1. අන්න හොඳයි. හීනෙංවත් මතක්කරගන්න හදන්න එපා. හැක්..

      Delete
  28. කෝ කව්රුවත් මේකට පොල් ගහන්නේ නැද්ද හිකිස්...

    ReplyDelete
  29. නියමයි දේශෝ. මමත් මේ කට්ටියට එන්න එපා කියන්න හිටියේ. උඹ ඊට කලින් කියලා. එන්නෑ මං ඕවට.

    ReplyDelete
  30. මමත් කොහොම හරි එන්න හිතාගෙන හිටියේ. උඹේ මේ පෝස්ට් එක දැකලාද කොහෙද නැන්දම්මා යන්න එපා කියුවා. මඩු වලිග පාරක් කන්න හරි එන්ට වෙන්නේ නෑ.

    එක නෙමේ කෝ හැබෑට ටෙස්ලා?

    ReplyDelete
  31. මේක ඇමෙරිකන් කුමන්ත්රණයක්..

    ReplyDelete
  32. මම යන්නෙත් නැහැ දේශකයා . අපි දෙන්නම වර්ජනය කරලා දාමු මේක

    ReplyDelete
  33. මම යන්නෙත් නැහැ දේශකයා . අපි දෙන්නම වර්ජනය කරලා දාමු මේක

    ReplyDelete
  34. ගිය සැරේ උඹේ පොස්ටුව බලල මම ගිය සැරේ ගියෙත් නෑ.. මේක දැකල මේ සැරේ ගියෙත් නෑ.. ඔන්න බලපන් උඹ ලබන සැරේ ලියන එක බලල මම ලබන සැරේ යන්නෙත් නෑ.. අන්න එහෙමයි අපි උඹට සලකන්නේ.. හෙහ් හෙහ්..

    ReplyDelete
  35. උඹට දෙන්න ඕනේ ෆිල්ම් ෆෙයා සම්මානෙයි නොබෙල් තාග්ගයි කෙප්ප කෙලිනවට. දෑඅවුරුද්දකට පස්සේ ආව මුගේ මේ හොරිකඩ බ්ලොගේට නොදෝමකින් කීදෙනෙකුට මඩ ගහලද හිටහන් මමත් එන්න උඹේ උදව්වට :P

    ReplyDelete
  36. හැක්, එකෙන්ම ජිනීවා යන්න ඕන වැඩක් මේක, ගිහින් ඇඳුම් බෑග් නැති කොරන් එන්න ඕනා.

    ReplyDelete
  37. මට නම් කොහොමවත් එන්න වෙන්නෙ නෑ. දිනේ පහු වෙලානෙ!

    ReplyDelete
  38. වෙන් වශයෙන් උත්තර නොදුන්නද, ප්‍රතිචාර දුන් හා කියැවු සැමටත් ස්තුතියි..

    ReplyDelete