Wednesday, August 13, 2014

යක්ෂයා සැඟවීම හා V හැඩය !!

නගරයට පිවිසෙන ප්‍රධාන මාර්ගය දෙසට වැටෙන නගරාසන්න අතුරු මාර්ගයේ ඇති කඩ පේළියකි. එහි ඇඳුම් කඩයක්ද, ෆාමසියක්ද, ටේලර් සාප්පුවක්ද අවසාන වශයෙන් බෑග්, සපත්තු මහන සාප්පුවක්ද වේ. ඇඳුම් කඩය හා ෆාමසිය සදහා වැඩි ඉඩක් වෙන් කර ඇති හෙයින් පසුව සදහන් කළ කඩ දෙක සදහා ඇත්තේ ඉතා කුඩා ඉඩකඩකි. කුමන ඉඩකඩ ප්‍රමාණයක් ලැබුනද සැමෙකෙකුම සිදු කලේ තම ජීවන අරගලයේ ඉදිරියට යාමට එම ඉඩකඩ භාවිතා කිරීමය.

සුමිත් ගේ ටේලර් සාප්පුව අඩි අටකට වඩා දික් නොවුත් පළල් නොවුත් සිර කුටියකි. එහි ඉදිරිපස ආවරණය කර ඇත්තේ වීදුරු ආවරණ දෙකක් හා වීදුරු දොරකිනි. වම් පස වීදුරු ආවරණය මත රතු පැහැති “සුමිත් ටේලර්ස්“ යන ස්ටිකරය පේලි දෙකකට වීදුරුව පුරාම අලවා ඇති අතර, වීදුරුව යටින් අදුරු පැහැති කුඩා හතරැස් කොටු හැඩැති ස්ටිකර් කොටස් ඉතා ළගින් ළගින් අලවා ඇත. බිම සිට අඩි දෙකක් පමණ උසට සකසා ඇති කොටු මෝස්තරය දාම් ලෑල්ලක සිරි පෙන්වයි. දකුණු පස වීදුරුවේ ළමා ඇඳුම් මැසීම, කාන්තා ඇඳුම් මැසීම, කලිසන් මැසීම, පාසැල් නිල ඇඳුම් මැෂිම වශයෙන් පේලියට නිල් පාටින් යුතු අකුරින් ස්ටිකර් අලවා ඇති අතර වම් පස වීදුරුවේ ඇති පරිදිම දාම් ලැල්ලක්ද අලවා ඇත. ඇතුල් පැත්තට විවෘත වන දෙරෙහි ඇති අඟුලට ආසන්නව “වසා ඇත“ යනුවෙන් සදහන් රතු පැහැති පුවරුවක් එල්ලා ඇත්තේ කුනූ ගෑවි මඩ පැහැ ගැන්වී ඇති රෙදි පටියකිනි. දොරෙහි යට අර්ධය සුදු පැහැති තහඩුවකින් ආවරණය කර අැතත්, උඩ අර්ධය අඳුරු පැහැ වීදුරුවක් යොදා ආවරණය කර ඇත. වීදුරුවේ උඩින්ම “මෙම කඩයට බුදු සරණයි“ ලෙස සදහන් වෛවර්ණ ස්ටිකර් පටියේ කොන් හතරම කුඩා ප්‍රමාණයකින් ගැලවී ඇති අතර, ගැලවී ඇති ස්ටිකරයේ මැලියම් වැසෙන ලෙසම කළු පැහැති දුහුවිලි තට්ටුවක් ඇලවී ඇත.

සුමිත් දිනපතා කඩයට පැමිණෙන්නේ වේලාසනින්මය. තම දරුවා පාසැලට ඇරලවා ඔහු තම පාපැදියෙන් පැමිණ කඩය විවෘත කරන විට පෙරවරු අට පසු වන්නේම නැත. කඩය ඇරීමට ප්‍රථම ඔහු තම බයිසිකලය කඩයට මදක් ඈතින් තරන කොට ඒ මතම සිට ඉතා උනන්දුවෙන් කඩයෙහි වීදුරු ආවරණය දෙසට මොහොතක් තම ඇස් දුවවයි. ඇස් වලින් දකිනා විපරීත යමක් නැත්තේ නම් ඔහු බයිසිකලයෙන් බැස එය තල්ලු කරගෙන පැමිණ කඩය අසල ඇති ෆාමසියේ නාම පුවරුව සවි කර ඇති යකඩ බටයට සීරුවෙන් හේත්තු කොට බයිසිකලය යතුරු දමා එම යතුරද තම කලිසම් සාක්කුවට දමා ගනී. ඉන් අනතුරුව දෙපැත්තට ගොස් වීදුරු ආවරණ අතගා බලන ඔහු පසුව දොර අගුලට දමා ඇති කොන්ඩි පට්ටම හා ඉබ්බාද හොදින් පරික්ෂා කරයි. සැක සහිත කිසිවක් නොවේනම් ඔහු හෙමින් සීරුවේ යතුරු ගෙන ඉබ්බාද ඇර එය කොන්ඩි පට්ටමේම රඳවා අනතුරුව දොරඟුල හැර කඩයට ඇතුල් වෙයි. මෙම විනාඩි කිහිපය ඔහුගේ ජීවිතයේ වඩාත් බැරෑරුම් අවස්ථාව ලෙස සලකා කටයුතු කරන ඔහුගේ ක්‍රියා කලාපය රහස් පරික්ෂකයෙකුගේ ක්‍රියා කලාපය හා සම වෙතැයි සිතේ.

අනතුරුව කඩයේ වැඩ සිටින බුදු පිළිමයට මල් පහන් සුවඳ දුන් තබා වැද නමස්කාර කොට ගෙදරින් සකස් කරගෙන ආ කහ දියර බෝතලය, කඩය තුලද, පිටද ඉස ඔහු තම වැඩ කටයුතු පටන් ගන්නේ වැහැරුණු රෙද්දෙන් වසා ඇති පැරණි මැෂිම විවෘත කිරීමෙනි. විදුලි මෝටරයක් සවි කර ඇති හෙයින් එහි පේනුව බිත්ති සැපයුමට සවි කර පරික්ෂා කිරීම ඔහුගේ පළමු රාජකාරියයි. දිනපතා සිදු කරන මෙම පරික්ෂාවෙන් සෑහීමකට පත් වන ඔහු ඉන් පසු තම වැඩ කටයුතු කිරීම ආරම්භ කරයි. හිස එසවූ එම නිමේෂයේ කලබලකාරි හැසීරීමක් සහිත යුවතියකගේ පැමිණීම දොරකඩ අසල නතර වූ සැටි දකින විට ඇයගේ නෙත් වල ඇති තෙත් වූ ස්වභාවය ඔහුට මවිතයක් ගෙන එයි. උදේ පාන්දරම අනෙක් සියළු කඩයන් හි “වසා ඇත“ පුවරුව ඉවත් නොවී ඇති විටෙක ඔහුගේ කඩයට පවා කිසිවෙකු මෙවන් විටක් පැමිණෙන්නේ නම් ඒද ඉතා දුර්ලභ සංසිද්ධියකි.

“අනේ අයියේ... මට පොඩි කරදරයක්... උදව්වක් ඉල්ලගන්නයි ආවේ“

“ආ.. ඇයි ඇයි.. ඇතුලට එන්න.. මොකක් හරි මහගන්නද?“

තරමක් වික්ෂිප්ත වූ අයුරකින් ඇය ටේලර් කාමරය පුරා තම ඇස් විහිදුවමින් යමක් සොයන අයුරක් පෙනේ. ඇයගේ නෙත් මානයට ඇය බලාපොරොත්තු වූ කිසිවක් නොලැබීමේ සේයා වැටීමෙන් ඇයගේ ඇස් අතරමං වී ඇති සැටියකි. සුමිත් ගේ දෑස ඇයගේ වත පුරා දුවන්නේ “මේ මොන විජුජුම්බරයක්දැයි“ කියන්නාක් මෙනි.

වයස විසි පහක් වත් නොයික්මවූ තරුණියගේ ඇඟ ගල්වා ඇති සුවඳ විලවුන් අංශු විටින් විට පැමිණ සුමිත්ගේ නහය කිති කවන්නට විය. ඇය හැද සිටි පියකරු සාරිය අනුව නම් මේ යම් කිසි හෝ විශේෂ අවස්ථාවක් එනම් මංගලෝත්ස්වයක් සදහා හෝ සහභාගී වීමට යන්නා වූ කෙනෙකි. මුහුණ පුරා තවරා ඇති රෝස පැහැති පවුඩර් හේතුවෙන් ඇයගේ වත කමල ඉතා පියකරුය. තොල් පෙති මත ගැල්වූ ලා දම් පැහැ තොල් ආලේපනය මනා ලෙස ගල්වා ඇති බැවින් එයින් ඇයගේ මුහුණට මනරම් බවක් ගෙන දේ. කන් වල එල්ලෙන සුදු පැහැති ගල් ඇල්ලූ දිගැටි තෝඩු හා කර බැඳි එවැනිම ගල් වලින් යුත් මාලයත්, අත් දෙකෙහිම පැළදි රිදී පැහැති වළලු සමුහයත් ඇයව සුරූපිණියක් බවට පත් කොට ඇත. උරිස්ස මතට වැටෙන සේ දමා ඇති ඇයගේ තරමක් තෙත කැරලි සහිත කොණ්ඩය මනස්කාන්ත බවක් ඇයට එක් කොට ඇත. ඇය වත සරසා සිටින තද දම් පැහැ සාරියෙහි තැනින් තැන රිදී පැහැති විශාල මල් මෝස්තරයන් නොමැත්තේ නම් ඉතා දුහුල් දම් පැහැ සළුවක් ඇය වත සරසන බව නොරහසකි. සාරියෙහි වත වට කොටස දම් පැහැ වුවද, සාරි පට සදහා වෙන් වූ කොටසෙහි ඇත්තේ වෙනම වර්ණයකි. එය සුදු හා රීදී පැහැයෙන් කළ කුඩා කොටු සහිත දැලක් මෙන් දිස් වේ. විනිවිද දැකිය හැකි එතුලින් ඇය හැද සිටි රිදී මල් මැසූ දම් පැහැති සාරි ජැකට්ටුව පැහැදිලිව පෙනෙන අතර, එය නම් යම් අනුරාගි දර්ශනයකි.

මේ මොහොතේදී ඇය තම සාරි පට දෙවතාවක් පමණ බෙල්ල වටේ ඔතන්නට කරදර විදියි. කඩා වැටෙන අයුරින් සකසා ඇති එම දැල් පටෙහි ඇදීමට ලක්ව වම් පියවුරුව අසලින් සාරි පට, ජැකට්ටුවෙන් මෙපිටට තල්ලු වීමෙන් දම් පැහැ ජැකට්ටුව නිරුවත් වී ඇත. බොහෝ අවස්ථා වල කාන්තාවන් එවැනි විටෙක සාරි පට ඇද නැවත සකස් කිරීමට කටයුතු කළද මේ යුවතිය එසේ කිරීමට වඩා තම සාරි පට බෙල්ල වටා එතීමට මුල් තැන දුන්නාය. සුමිත්ගේ පියවි සිහිය පලා යන අයුරින්ම කටයුතු කරන ඇය දෙස බලා සිටි තත්පර කිහිපය ඉක්මනින් අවසන් නොවනු ඇතැයි සුමිත් සිතා සිටියේය.

“මාර වැඩේ අයියේ උනේ... මගේ ජැකට් එක පිටිපස්ස ඉරිලා ගියා නේ.. මොකක් කරන්නද කියල මට තේරෙන්නෑ.. “

“අප්පා.. මාර අවුලක් නේ. ජැකට් එක පිටිපස්ස ඉරෙන්නේ මොකක් හරි එකක් ඇමුණුනාද?“

“නෑ අනේ.. සපත්තුව ගැලවිල මං පහත් වෙලා ඒක හදන කොට පට පට ගාල මැහුං ගැලවිල එතැන පැලුනා නේ.. ෂික්.. අපරාදේ මං වී ෂේප් එකට මැහුවේ.. ඒකෙන් තමා මේක උනේ... දැං මොකද කරන්නේ අයියේ..“

“ම... මම මොකක් කරන්නද?? මම මෙහෙම කරන්නං.. ඔයාට ඕක මහගන්න පුළුවන් නං... කමක් නෑ. එතකං මං එළියට වෙලා ඉන්නං..“

“අනේ අයියෝ.. මම මහන්න දන්නෑනේ... මාර අප්සට් එක...“

“ඒකත් එහෙමද.. මටත් හිතාගන්න බෑ.. ට්‍රයිෂෝ එකක් අල්ලල දෙන්නද ගෙදර යන්න“

“පිස්සුද අයියේ.. මම බස් එකේ ආවේ... හුගක් දුර ඉදල.. ඇරීනා හෝල් එකේ වෙඩින් එකකට යන්න“

“දැං ඉතිං මොකද කරන්නේ.. මං මොකක්ද කරන්න ඕන...“

“ඒක තමා අයියේ ප්‍රශ්නේ.. ෂික්.. මටමයි වෙන්නේ“

කලබලකාරි යුවතියගේ කලබලකාරි කටහඩ සුමිත්ගේ මනස පුරා රැව් පිළි රැව් දෙන්නට විය. “මේකි නං මහ විස කොඩිච්චියක්ද කොහේද“ සුමිත්ට සිතුනේ එසේය. මෙවැනි කරදරයකට පත් නොවුයේ නම් ඇය නිදහසේ කිචි බිචි ගාන කිරිල්ලයක් තරමටම දඟකාර යැයි ඔහුට සිතුනේය. ඇයගේ නෙත් වල දීප්තියත්, විටින් විට හතර අත දුවන තද කළු පැහැ ඇස් බෝලත්, මිණිකිංකිණි කටහඩත්, ඇය භාවිතා කරන සමහර වචනත් හේතුවෙන් සුමිත්ට ඇය පෙනුනේ කරදරකාර නව යෞවනියක ලෙසිනි. කුමක් හෝ හේතුවකින් ඇයගේ සාරි හැට්ටයේ පිටු පස පැලීමෙන් ඇය කරදරයට පත්ව සිටින්නීය. එය කෙසේ පැලෙන්නට ඇත්දැයි සිතන විට එය කෙසේ පැලී ඇත්තැයි බැලීමට ඔහුට සිත් විය. එහෙත් කෙසේ එදෙස බලන්නද? ඇය ඔහුට මුහුණ හරවා සිටින්නේ දැල් පටවල් දෙකකින් ඇයගේ පිට ප්‍රෙද්ශය ආවරණය කරගනිමිනි. නාභියට වඩා අගල් දෙකක් පමණ පහත සිට ජැකට්ටුවේ යට දාරය දක්වා වන කොටසෙහි දිස් වන ඇයගේ හැඩැති අග පසගින් විහිදෙන අනුරාගි රැස් කදම්භය සුමිත් විසින් අවශෝෂණය කරගත්තේ ඉමහත් කැමැත්තෙනි. වචන කිහිපයක් කතා කිරීමෙන් අනතුරුව තදින් හුස්ම ගන්නා ඇයගේ පපු පෙදෙසත් අඩ නිරුවත් උදර පෙදෙසත් ඉපිලෙන අයුරු දකින වාරයක් පාසා සුමිත්ගේ කටෙහි කෙළ සිදී, ඇග පත සීතල වී යන්නේය. වාසනාවට හෝ අවාසනාවට මෙවන් රුවක් ඔහු දකින්නේ කාලාන්තරයට පසුවය. එහෙයිනි ඔහුගේ සියොළගම සීතල වී යන්නේ.

“අනේ අය්යේ.. මොකක් හරි කරන්න වෙනවා. මට මෙහෙම යන්න බෑනේ“

“එහෙනං මෙහෙම කරමු.. මං එළියේ ඉන්නං. ඔයා ඕක ගලවල දෙන්න.. මම ටක් ගාලා මහන්නං“

“කමක් නැද්ද...ආ..“

“හරි මම මේ රෙදි දෙක තුන වීදුරු වැහෙන්න දාලා එළියට යන්නං“

“අනේ තැන්ක්ස් අයියේ.. ඔයා නං හොද කෙනෙක්“

දඩිබිඩියේ මැෂිම වසා තිබු පරණ කඩ මාල්ලත්, කුඩා ළමුන්ගේ පාසැල් කලිසං මැසීමට ගෙනැවිත් තිබූ රෙදි කැබලි දෙකකුත් ගත් ඔහු ප්ලාස්ටික් පුටුව තබා කර්ටන් බාර් එකෙහි ඒවා එල්ලා වැටෙන පරිදි රඳවා හැරී බැලීමකින් තොරවම එළියට ගොස් දොර වසා දැම්මේය. හවස් වන තුරු තමා එන තෙක් බලා සිටින බයිසිකලය දෙස ඔහු වෙනදා නුදුටු අනුරාගී නෙතකින් බලා සිටියේය. ඔහුගේ සිතුවිලි අතරමං වී ඇති සේය. හදිසියේ කඩා පාත් වූ සුන්දරත්වය ඔහුගේ පැරණි මතකයන් දෙස ආපසු හැරී බලන්නට ඔහුව කුප්පවාලීය.

තමා කසාද බදින්නට පෙර එක් දිනයකදී මල් මල් රෙදි කැබැල්ලක් රැගෙන ගවුමක් මසා ගැනීමට තනිවම පැමිණි කුඩා යුවතිය ඔහුට සිහිවිය. චීත්ත වැනි රෙද්දකින් මැසූ ඇගටම සිරවූ ඇයගේ පාට පාට ගවුමෙහි ගල්වා තිබූ සුගන්දය ඔහුට අද මෙන් මතකය. රෙදි කැබැල්ල දිග හැර, එය මැන, ඉන් පසුව මිනුම් ගැනීම සදහා ඇයගේ ශරීරය යම්තම් ස්පර්ශ කරන්නට හැකි වූ ඒ සුන්දර අවස්ථාවේ ඔහුගේ ඇගිලි සීතල වී, ඇගිලි දහදියෙන් තෙත් වී යම්තමින් වෙව්ලන්නට වූ අයුරු ඔහුට සිහිපත් විය. පපු පෙදෙසෙහි මිනුම් ගැනීමේදී උවමානාවෙන්ව ඔහුගේ පහපටැගිල්ලෙහි කොනක් ඇයගේ ඇදුමටම සිර වූ පියවුරෙහි වැදීමෙන් ඇති වූ මිහිරි ආශ්වාදජනක නිමේෂය, ජීවිතයේ අහම්බෙන් මෙන් පළමු වර ස්වයං වින්දනය ලබා ගත හිරි වැටුනු අයුරින්ම දැනෙන්ට වීමෙන් ඇති වූ කම්පනය කිසි දිනෙක ඔහුගේ මතකයෙන් ගිලිහි නොගියේය.

“අයියේ.. .අයියේ..“

සුමිත්ගේ සිහින ලෝකය බිද දමමින් මදක් ඇරුණ වීදුරු දොරෙන් ආ කට හඩින් ඔහු මොහොතකට අන්දුන් කුන්දුන් විය. දැන් කුමක් වේදැයි ඔහුටම නිනව්වක් නොමැත්තේය.

“අනේ අයියේ.. ආයිත් අවුලක් නේ... පොඩි උදව්වක් ඕන..“

“මොකක්ද.. කියන්න“

“මේ මේ.. අම්මා ගහපු යතුරු කටුව මට ගලවගන්න බෑනේ.. අනේ ඔයාට බැරිද ඒක ගලවල දෙන්න.. මට කෙහොමටවත් ඒක ගලවගන්න බෑ.. දගගල දගලල අනිත් ටිකත් ඉරුනා ජැකට් එකේ..“

“ම්.. මම.. ආ... “

“කමක් නෑ අයියේ.. වෙලාවේ හැටියට නේ.. ප්ලීස්.. මට ඒක ගලවල දීලා යන්න“

නිල් පැහැ රැළි නඟන විශාල ජලාශයක් ඔහු ඉදිරියේ දිස් වන්නට විය. හිරු එළියෙන් දිළිසෙන ජල තැටිය මත සෙමින් නැගෙන සුදු පෙණ කැටි වන් රළ නිරතුරු ගමන් කරමින් ඉව්රේ වැදී ආපසු යන්නේය. සුනිල්වන් දිය කෙතෙහි දැල්වෙන මිණි පළිගු මෙන් හිරු එළිය දිස්නය දෙන්නේය. තවත් කුමටද?? ස්නානය සදහා ආරාධානා කරන්නාක් මෙන් වූ ජල තලය සිඹ කිමිදෙන්නට ඔහුට සිත් නොවුයේ නම් පුදුමයකි.

සෙමින් හා ගැහෙන සිතින් යුතුව ඔහු තමාගේම ආගන්තුක ටේලර් කාමරයට පිවිසුනේය. ඇය කබල් මැෂිමට පිටුවා ඔහු දෙසම බලාන උන්නාය. ඇයගේ මිරිකී ඇති දෑස් අග ප්‍රශ්නාර්ථයක් සටහන්ව අැති බව දුටු සුමිත්ගේ සීතල හිරිගඩු “හරි“ ගියේය. තමාගෙන් යම් හෝ කරදරයක් වේදෝයි ඇයට සැකයක් පවතින බව ඔහුට ප්‍රත්‍යක්ෂයය. තමාගේ බිරිදගේ සාරියට කටුවක් ඔහු ගැසුවේ මීට අවුරුද්දකට පමණ කලින් වූ දිනයකදී බව ඔහුට අහම්බෙන් මෙන් සිහි විය. කොපමණ සාරිය ඇන්දද, නොඇන්දද තමාගේ සාරියට තමාටම කටුව ගසා ගත නොහැකි කාන්තාවන් කොපමණ සිටිත්දැයි සුමිත් දැනගත්තේ අසල්වැසි කඩ සාමාජිකයන් හා වූ අල්ලාප සල්ලාපයන්හිදීය. ආසාව මැඩගනිමින් තරුණියට විශ්වාසය ගෙන දිය යුතු බව ඔහුට සිහි විය. කරදරයට පත් ඇය තවත් කරදරයක් අභිමුව තිරස්චින නොවූ ගැහෙන හදවතින් බලා සිටින්නීය. මේ මොහොතේදී තමාගේ සිත පිනවන ඇයගේ දසුන කෙසේ වෙතත්, පිනවීමෙන් පලක් නැති සිත පලවා, ටේලර් ගේ සිත නැවත ගෙන්වාගත යුතු බව ඔහු පිළිගත්තේය.

“මම.. අපේ වයිෆ්ගේ සාරි කටුවත් ගහනවා. ඒක නිසා මට පුරුදුයි“

“අනේ ඇත්තද?? එහෙනං අයියේ ඔයාට අවුලක් නැතිව ගලවන්න පුළුවන් වෙයි.“

“මම පරිස්සමින් ගලවන්නං.. බය වෙන්න එපා“

සිර කුටිය තුල ඔහුත් ඇයත් පමණකි.. ඉදිරිපසද ගඩොල් බැමි බැද ඇති ලෙසට ආවරණය සකසයි. යක්ෂෙයකු සමඟ පොර බඳින ඔහුගේ දෑස් මත ගොඳුරක් ඉල්පී බලා සිටී. අසලක කිසිවෙකුත් නොමැත්තේය. මුවැත්තිය අතරමං කළද වනයේ දුර ඈත ඔහුට සැගවිය හැකිය. තමා වැනි අහිංසක මිනිහෙක් කිසිම දිනෙක ගොඳුරු ඩැහැගන්නා බව මිනිසුන් විශ්වාස නොකරනු ඇත. වේලාව පැමිණ ඇත. ජය සක් හඩ පිඹිනු ඇසේ. යක්ෂයාගේ කෑගෑමෙන් මුසපත් වූ සුමිත්ගේ විශ්වාසවන්තම සගයා පිබිදෙමින් සිටින බව ඔහුට දැනේ. කුමක් කරන්නද? තමා ඉදිරියට පැමිණි ඇය පසුපස හැරී ඔහුට තම පිටුපස පෙන්වන්නීය. රිදී පාට දැල අැයගේ අත මතින් ගිහිලී නැවත කර මතින් බිමට නැඹුරුව ඇත. නිදහස් වූ සැනින් දුටු දෙයින් ඔහු වික්ෂිප්ත විය. නැත. සැබවින්ම ඔහු අසරණ විය. කුමක් කරම් දැයි නොදත් ඔහු මොහොතක් පාෂාණීභූත විය. සාරි හැට්ටයේ හරි මැදින් ඉරී ගොසින් ඇත. ඉරුන දෙපැත්තේ නුල් කැබිලි ඉල්පී බලා ඉන්නේ කුඩා සුළං රැල්ලකට වුව සෙලවෙන අයුරිනි. 

ගොටුවක හැඩයට, ඔහු වඩාත්ම දන්නා වී හැඩයට මැසූ හැට්ටයේ පසු පස කොටස දැන් මෝයකටක් නොමැති ගංගාවෙන් මෙන් ගලා යන්නේය. ගංගාව මත රැළි නොගසා විසිතුරු කුඩා රිදී අංශු තැන් පත් වී බිත්තියේ එල්ලා ඇති විදුලි බුබුලේ ආනුභාවයෙන් දිස්නය දෙයි. පැතලි සුමට පෘෂ්ඨයට හරි මැදින් තබා ඇති කෙසෙල් පිත්තක ඇතුල් අග්‍රය මෙන් දිස් වන ගැඹුරු දාරය මෙතරම් සමීපව ඔහු කෙදිනවත් පියවි ඇසින් බලා නැත. ගලා යන ගංගාවේ හරි මැදින් ලා දම් පැහැති කුඩා පාලමක් තිරස්ව බැද ඇති අතර, පාලම සම්බන්ධ කර ඇත්තේ රිදී පැහැති හාක්ක දෙකකිනි. මේ විශ්මය කුමක් වුවද, තව දුරටත් හංගා ගත නොහැකි මහා ජල කදක් මත අපහසුවෙන් හුස්ම ගන්නා තමාගේ ජීවය කුමන මොහොතක නිසල වනු ඇත්දැයි බය බිරාන්තව ඔහු දරා සිටියේය. පාලමෙන් මෙපිටත් එපිටත් දිව යන ඔහුගේ රැදුරු ඇස් රකුසා තම ගොඳුර ගිලීමට පෙර එහි රසය නෙතගින් විඳින්නේය. 

ඒ මොහොතේම පිට මතට වැටී ඇති රැලි ගසන තෙත කොණ්ඩය වම් අතින් පටලා ගත් ඇය එය ගොනු කොට තම වම් උරයෙන් ඉරිපසට කැඳවා ගත්තාය. එහෙයින් මුළු ගංගාවම කිසිදු බාධාවකින් තොරව ගලන්නට ඇය ඉඩ දුන්නාය. මේ එ් මොහොතැයි ඔහුගේ රකුසු ඇස් වටහාගෙන තම රකුසු දත් විලිස්සා ගොඳුර ඩැහැගන්නට වූ මොහොතේම ටේලර් පැමිණ යක්ෂයා මදකට පලවා නොහරින්නට අහිංසක මුවැත්තියක් රසැති බොඳුනක් බවට පත් වන්නේය. ටිකින් ටික සුමිත්ගේ ටේලර් මනස ක්‍රියාත්මක වී යක්ෂයා පිටු පස සගවා ලීය.

වේවලන සීතල තෙත් ඇගිලි තුඩගින් සෙමින් ඇයගේ වම් උරපත්ත මතට බලයෙන් මෙන් ගෙන ආ අත, හැට්ටයට ගසා ඇති යතුරු කටුව සොයන්නේ ඉතා පරිස්සමිනි. ඇයගේ හැට්ට රෙද්ද මත ඉතා සිහින් ස්පර්ශයක් මෙන් පතිත වූ ඔහුගේ ඇගිලි වල අයිස් බැදි සීතල ඇයට දැනේවි යැයි ඔහු බිය විය. අහෝ.. යතුරු කටුව ගසා ඇත්තේ ඇතුල් පැත්තෙනි. දැන්නම් තම අත ගංගාවේ ජල තලය ස්පර්ශ කළ යුතුවම ඇතැයි සිතද්දී සුමිත් කලබල විය.

“අයියෝ. මේ කටුව ඇතුල් පැත්තෙන් නේ ගහල තියෙන්නේ“

“ඔව් අනේ.. අම්මා බ්‍රා පටියත් අහු වෙන්නමයි ඒක ගැහුවේ.. නැත්නං පට අවුල් යනවා නේ“

“ඉතිං මං කෝමද ඒක ගලවන්නේ..“

“කමක් නෑ අනේ.. ඕක ඉක්මනට ගලවල දෙන්න.. මම ගැලෙව්වොත් හැට්ටේ නැතිව තමා සාරිය ඇදන් යන්න වෙන්නේ“

ඇයගේ දගකාර කටවචනයට සුමිත්ට කටපුරා සිනහ ගලන්නට විය. “මේකි නං මහ අමාරු කාරියක්.. හැක් හැක්“ ලෙස ඔහු සිතද්දී යක්ෂයා තව තවත් පිටුපසට වී හැංගෙන්නට පටන් ගත්තේය. ඔහු ඉතා පරිස්සමින් ඇයගේ උරපටිය අල්ලා නොපිටට හරවා කටුව ගලවද්දී, තම සීතල වූ අත්ල වැදී ඇයගේ පිට පුරා හිරිගඩු පිපෙන ආකාරය ඔහු දුටුවේය. කිසියම් තරංගයක් එයින් තමාගේ සිත තුලටද කිමිදෙන බව ඔහුට දැනෙන්ට විය. මේ වියරු තරංගය කිසි ලෙසකින් වත් යක්ෂයා ඇස ගැසෙන මානයට නොයවන්නට තරම් ඔහු පරික්ෂාකාරී විය.

“හපොයි.. මේක කටුවක් නමෙයි අලි කටුවක්..“

“හි හි.. එහෙම තමා... ලොකුම කට්ට අම්මා ඉතුරු කරන්නේ ඔතතට ගහන්න නේ.. හි හි“

“දැං හරි... එහෙනං දැං හැට්ට පලු දෙක මැසිම උඩින් තියන්න. මැසිම උඩ නිල් පාට රෙදි කෑල්ලක් ඇති.. මං එළියට යන්නං“

“ඕන නෑ අයියේ.. අයියා ඉන්නකෝ.. මං ඉක්මනට ඒක ගලවල දෙන්නං“

දැන් එළඹෙන්නේ තමාව පරික්ෂා කරන මොහොතද විශ්වාස කරන මොහොතැයි සුමිත්ට නිනව්වක් නැත. තමා කිසි දිනෙකත් දැක නොමැති දම් වර්ණ තණපටියක් හැද සිටින ඇයගේ නීලකාන්ත වත මතින් නික්මෙන “කාමයේ දෙවඟන“ තමාව ගිලගනු ඇතැයි දැන් නම් ඔහුට ප්‍රත්‍යක්ෂ වී ඇත. සුමිත් තම පුටුවට ගොස් මැෂිම ඉදිරියේ වාඩි විය. ඒ මොහොතේම තණපට පමණක් හැදි කත, පලු දෙකට වෙන්වූ දම් පැහැ කාමුක දෙවඟන මැසිම මතට විසි කළාය. ඒ මොහෝතේය ඔහුට සිහි එලවා ගත නොහැකි වූයේ. සංචාරක පුරවරයක් වූ මෙම පෙදෙසෙහි තණපට හා බිකිණිය පමණක් හැද පාරේ ගමන් ගන්නා සුද්දියන් දකිදිදී කිසිදාක ඔහුට මෙවැනි හැගීම් පහල වී නැත. වරක් දෙවරක් ආසාවෙන් බැලුවද එහි ඇති අරුමක් ඔහුට පසක් නොවීය. එහෙත් ඉදහිට පාර දෙස බලා සිටින ඔහුට විච්චුරණ ඇදුම් කෑලි හැද ගමන් බිමන් යන නගරයේ ලපටි ලදුන් දුටු විට ඇති වන අසීමිත වූ හැගීම් හා සුද්දියගේ දකින බිකිණිය කිසිසේත්ම සම කළ නොහැක. සුද්දියක නිරුවතින් පාරේ සිටියත්, නාගරික ලපටි කෙල්ලක නාභියට යටින් පදාසයක් පෙන්වා සිටියත් තමාට ඇති වන්නේ එකම කුප්‍රකට හැගීම බව ඔහු දත්තේය. එසේ හෙයින් මේ මොහොතේ තත්පර දෙක තුනක් තුල තණ පට හැදි කත ගේ දේහය ඔහුට දිව්‍යාංගනාවන් දහසකගේ නිරුවත දුටුවාට වඩා පිනවීමක් විය. ඇයගේ කෙළිලොල් පියවුරු, තණපට මත කිමිදී සැගවී සිටින්නේ දගකාරයින් ගාල් කර ඇති සෙයිනි. 

තවත් මොාහොතකින් ඔහු මැසිම මත තිබූ නිල් කලිසන් රෙද්ද ඇය දෙසට විසි කලාය. එය විසි වී අවුත් ඇයගේ පියවුරු මත වැදී නාභිය දෙසට ගමන් කරද්දි, දක්ෂ පන්දු රකින්නෙකු මෙන් එය ඩැහැගෙන පපු පෙදෙස වසා ගන්නට ඇය සමත් වූවාය. එවිටම ඇගේ කට කොනකින් නැගුනු කුඩා සිනහව,  ඇය දඟකාර රැවැත්තියක්ම බව ඔහුට පසක් කලේය. 

සීරුවට ප්ලාස්ටික් පුටුව මත පැත්තකට වන්නට වාඩි වූ ඇයගේ නොයිඳුල් සිරුරේ ස්පර්ශය තවමත් සුමිත්ගේ මනස තුල ඔඩු දුවන්නේය. එනමුදු තව දුරටත් ඔහුට සටන් කිරීමට උවමනා නැත. තම පරණ මැෂිම මත ඇති දම් පැහැ රෙදි කැබලි දෙක එකතු කර ගත් ඔහු පළපුරුදු ටේලර් කෙනෙකු මෙන් යම් හැඩයක් මතු වන ලෙස කැබලි දෙක පුරුද්දන්නට විය. මෙලෙස හැට්ටය පැලීමට හේතුව ඔහුට පැහැදිලිය. කිසිම වැඩක් හරියට කරන්නට නොදන්නා මෝඩ ඇදුම් මහන්නෙකු බරපතල උල් හැඩයක් මතු වන පරිදි හැට්ටයේ හැඩය සකසා ඇති නමුත්, එය ඉරීමට ලක් නොවන ලෙස අවම වශයෙන් මැහුම් පොටවල් දෙක තුනක් වත් යවා නොමැති බව ඔහු දුටුවේය.

“මහ මෝඩයෙක් නේ මේක මහල තියෙන්නේ“

“ඒ කිව්වේ“

“මෙහෙම උල් හැඩේ ගත්තට කමක් නෑ. ඒක ඉරෙන්නෙ නැති වෙන්න මැහුං දෙක තුනක් වත් දාන්න ඕන.. මම නං කරන්නේ අන්තිම තැනිං උල් හැඩේ හරියෙන් මැහුං පහක් හයක් ගහල එතන හයියට තියන එක.. මේක මහපු කෙනා නං මෝඩයෙක්.. මේක කොහොමත් ඉරෙන්න තිබුන එකක්“

“මාත් මේ යාළුවෙක් කිව්ව නිසයි එතැනින් මේක මැහුවේ.. එයාමයි කිව්වේ වී ෂේප් එක දැං ට්‍රෙන්ඩ් එක කියලා. දැක්කනේ. ට්‍රෙන්ඩ් එක නිසා මට අළුත් ට්‍රෙන්ඩ් එකක් ඇදගෙන තමා තව ටිකෙන් යන්න වෙන්නේ.. ඔයා වගේ හොද කෙනෙක් හමු වෙච්චි නිසා හොදයි.. නැත්නං මං මාර විදියට අසරණ වෙන්නේ.. ඇත්තමයි හි හි“

මේ කටහඩ, වචන ඔහුව සාමාන්‍ය මනුස්ස වේශයට ගෙන එන බව දැන් දැන් ඔහුට පැහැදිලි වන්නේය. තමා දගකාර ළදුන්ගේ කෙළිකවට කම් දිහා තරුණ වියේදි කොතරම් ආහ්ලාදයෙන් බලා සිටියේදැයි පසක් වන විට තමා ඔවුන්ට ඇලුම් කළ බව ඔහුට දැනෙන්නට විය. එයින් ප්‍රීතියක් ලබා “පිස්සු කෙල්ලො රැලක්“ යනුවෙන් තමාටම පවසා සිනහව රදවා එතැනින් නික්ම යන්නට තරම් ඔහුට හැකියාව තිබුනේ අනෙකුත් තරුණයන් අසාධාරණ ලෙස කවටකම් කරද්දීය. 

“ඔන්න මං අළුත් පැෂන් එකක් වගේ මේක පුට්ටු කරා.. කිසිම අවුලක් පේන එකක් නෑ.. ආ මෙන්න“

ඔහු දම් පැහැය නැවත ඇය දෙසට විසි කලේය. පියොවුරු මත තිබු ඇයගේ අත් දම්පැහැය දැරීමට තැත් කරද්දී, තණපට හැදි කත නැවත ඔහුට දිස් විය. එහෙත් මෙවර නං ඔහු බලා සිටියේ ඇය තමා කළ කාර්යය කෙරෙහි කුමන විදියේ ප්‍රතිචාරයක් ලබා දේද යන මනසිනි. ඇයටද නිල්පැහය අමතක වී දම්පැහැයටම සිත යොමු විය. එහෙයින් කිසිවෙකුගේ සැළකිල්ලට ලක් නොවුන තණපට හැදි කත නිදහසේ හුස්ම ගන්නට විය. 

සුමිත් සිටියදීම වගේ වගක් නැතිව ජැකට්ටුව හැදි ඇය, එහි හාක්ක දැමුවේ තම පපු පෙදෙස තෙරපමින් දගකාරයන් තව දුරටත් කූඩු කරමිනි. ඉන් පසුව තම සාරි පට ගෙන උරිස්සෙහි එක් කටුවක් ගසා අනෙක් කටුව ගසන්නට, තම දිගු දෙනෙතින් හා කටුව තම අත මත තබා ඉදිරියට දිගු කොට සුමිත්ට ආරාධනා කලාය. මෙවර කිසිදු පැකිලීමකින් තොරව නැගිට ඇය වෙත ආ සුමිත්, තම උණුසුම් අත් වලින් ලහි ලහියේ ඇයගේ සාරියේ කටුව අමුණන්නට විය. 

“ෂහ්.. දැං තිබුනට වැඩිය හොදයි වගේ.. ඔයා නං දෙයියෙක් හොදේ.. ලව් යූ“

“හා හා.. වැඩේ හරි නං එච්චරයි.. ආයිත් ඔය වී කරක් මහණවනං එයාටම දෙන්න“

“හි හි.. ඔව් ඔව්.. හදාගන්න ආයි මෙහාටම ගෙනැත් දෙන්නංකෝ..“

“හැක් හැක්.. “

“හුගක් ස්තුතියි අයියේ..මං ඉස්සෙල්ලම හරි බයෙන් ආවේ... දන්නව නේ දැං මිනිස්සුන්ගේ හැටි. ගෑනියෙක්ට පොඩි කරදරයක් උනත් උදව් කරන්න ඇවිත් තියෙන ලොකුම උදව්ව කරන්න නේ බලන් ඉන්නේ. ඒ අතින් ඔයා ග්‍රේට්. මගේ මෙහෙ ඉන්න යාළුවෝ හැමෝටම මං ඔයා ගැන කියනවා.. මං යන්නද එහෙනං“

“හොදයි හොදයි. එහෙනං ගිහින් එන්නකෝ..“

“අයියේ අද මම නේ කඩේ ඉස්සෙල්ලම අලේ කරේ. සල්ලි වලට නෙමෙයි ඒක නිසා මං කීයක් හරි දෙන්නම ඕන නේද?“

“අපොයි ඕන නෑ.. මං කරේ පොඩි උදව්වක් විතරයි නේ.. සල්ලි එපා“

“එහෙම හරි නෑ.. මේක තියාගන්න..“

“එපා එපා.. මට එපා“

“නැ නෑ... නැතිනං අද බිස්නස් නැති උනොත් මට හවස් වෙද්දි හච්චිං යාවි කෝචිචිය වගේ.. හි හි.. අනේ තියාගන්නකෝ.. බැරිද..මං එහෙනං තියල යනවා හොදේ.. ආයි එන්නං.. මං යනෝ..“

තම මැසිම මත ඇය විසින් ගුලි කර දැමු නෝට්ටුව දෙස ඔහු බැලුවේ ඇයගේ අන්තිම ඡායා මාත්‍රයද දුරස් වූ පසුවය. ගුලි කර තිබූ සියයේ නෝට්ටුව නැවත හැඩය එන ලෙස නමා කමිස සාක්කුවේ දමාගත් ඔහුගේ මන්දස්තමිය පැයක් දෙකක් යන තුරුම මුව මත දිදුලන අයුරු දැක ගත හැකි විය.

ප.ලි. - අඩේ අමතක උනා.. මං ඊයේ මේකට පුර්ව ප්‍රචාරයක් විදියට මෙන්න මේ විදියේ බලි කයියක් මුණුපොතේ දැම්මා..
එන්න ඇතුලට..
ගලවන්න ඔබේ ඇදුම්..
මේ පුංචි කාමරයේ..
දෙන්නකෙුට ඇති ඉඩ..
උනා දමන්න.. පිරිසිදු වන්නට..
යන්න බැහැ නෙව පාරේ ඔහොම..
මගේ නැහැ කැත හිතක්...සත්තමයි..


ප.ප.ලි. - අන්තිමට කතාව අැදුෙන් බ්‍රා වලට නිසා ඔන්න නිසි පරිදි බ්‍රා ඒකක් ෙතා්රාගන්නා අාකාරය පිළිබදව වූ බ්ෙලාග් සටහනක්.. 

http://watinpitin.blogspot.com/2011/02/blog-post_1044.html

205 comments:

  1. දේශා... මේක පට්ටයි ඈ :P

    ReplyDelete
    Replies
    1. මං කිව්වේ.. බොට පට්ට නැති මොකක්ද තිායන්නේ.. හැක් හැක්.. කොළඹ ඒසී දැං පට්ට නෑ බං.. හැක්..

      Delete
    2. සිරාවටම චිත්ත රූප මැවෙන්න ලියල තියනවා. සුපිරියි. අර ගඟේ කතාව තේරුනේ නම් දෙතුන් පාරක්ම කියෙවුවට පස්සෙ.
      කතාව අවසාන වෙනකම් පාඨකයා වික්ෂිප්ත වෙලා ඉන්නෙ ඊළඟ මොහොතේ මොනවගේ සිතුවිලි පෙරලියක් වෙයිද කියලා. "ඒ අතින් ඔයා ග්‍රේට්"

      දේශා ආසම පාට දම් පාටද ඈ?

      අහා.... මම එක ලු. ජයවේවා...!!!

      Delete
    3. මං හැරෙන ඕන පාටකට කැමතියි. ඔය අනිත් උන්දල දන්නවා සුවද නං වෙරළු මල් කියලා.. හැක්..

      බෝම ස්තුතියි බස්සියො වර්ණනාවට.. ඒත් මට හිතෙන්නේ මං කිමිදුනා මදි කියලයි...

      Delete
    4. නෑ නෑ උඹ කිමිදුනා හොදටම ඇති, දැන් පල්ලෙහාට වෙලා හිටින්.:-D

      Delete
    5. හැබෑද කම්මලේ.. එහෙනං මං ගොඩ වෙන්ටං.. හැක්..

      Delete
  2. /* “හි හි.. ඔව් ඔව්.. හදාගන්න ආයි මෙහාටම ගෙනැත් දෙන්නංකෝ..“

    “හැක් හැක්.. “*/

    හිරුවයි දේශකයයිද ප්‍රධාන චරිත 2?

    ReplyDelete
    Replies
    1. හැක් හැක්..

      දන්න කියන හිනා නැතිව අලුත් හිනා මවන්නයැ බං..

      Delete
    2. ඇනෝ හි හි ය දකිද්දි මටත් ඕකහ හිතුණ බං

      Delete
    3. හිහි එකට චිරප්‍රසිද්ධ හිරුවා තමා. ඒත් දැන් නං හුගක් අය හි හි.. , හි.. හි.. කියනවා..

      Delete
    4. හි හි... මටත් බෝ වෙලා ද මන්දා....)))

      Delete
    5. ඔව් ඔව් දිලිනිත් ඉන්ෆෙක්ටට්..

      Delete
  3. මොකද මොකෙක්වත් මොකවත් කියලා නැත්තෙ,
    යකා අවදි උනානම්....
    මොනවයින් මොනවා වේවිද දන්නෙ නැහැ නේද... සමහරවිට අරකි කැමති වෙන්නත් ඉඩ තිබ්බා...

    ReplyDelete
    Replies
    1. ඇයි බං ඔය උඩින් ඇවිත් කියල තියෙන්නේ.. යකා අවදි උනා නං.. හැමෝගෙම මොකද වෙන්නේ.. යකා හංගන එකට තමා හික්මීම කියන්නේ නැතිව යකෙක් නැති එකට නෙමෙයි.. තේරුනාද මන්දා...

      Delete
  4. කතාව ගලාගෙන යන හැටි උපරිම නිර්මාණාත්මක වුණත් මට නං අල්ලලම ගියෙ මේකෙ තියෙන භාෂා භාවිතයට... උපමා රූපක ගානට මේන්ටේන් කරන් කතාව ලියල තියෙන්නෙ ඉතිං ආයෙ කියන්න දෙයක් නැ...
    කතාව කියවන ගමන් රූප මැවෙන්නෙ හිතේ ආයෙ පිචෑර් එකක් බලනව වගේ...
    හප්පේ අර කට්ට ගලවන්න ගහන්න දගලපු දැගලිල්ල නං මට තාම මැවල පේනව..
    උපරිමයි දේශක තුමා...
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මයියා.. බොලා රස විදිනවා මට ඊට වඩා සතුටක් නැහැ බං...

      Delete
    2. ඇයි අඩේ මයිය මයිය කියන්නෙ...
      මට නිකං මයින මයින කියනව වගේ දැනෙන්නෙ..
      දුකයි අප්ප...
      ඔහෑ....................

      Delete
    3. මගේ මිත්‍ර මහේෂ්ල ඔක්කෝම මෙහෙමයි..

      දිග මයියා..
      සුදු මයියා...
      නයි මයියා..
      කුරුළු මයියා..
      කොට මයියා..

      බොට විතරයි නිකං මයියා කිව්වේ.. අකමැතිනං ඉතිං මක් කරන්නද?? හැක්..

      Delete
    4. එහෙමද
      දේශක තුමාගෙ කැමැත්ත නෙව.
      ඕන නමක්. මොකෝ ඒත් මම මේත් මම
      හැක් හැක්

      Delete
    5. නෑ නෑ උඹ කැමති නැත්නං මට කට පුරාම මහේෂ් කියන්නංකෝ..

      Delete
  5. නම ලකුණු කරල යනව හවසට කියවන්නං,දැන් හොඳටම බිසී.

    ReplyDelete
    Replies
    1. හැලපෙ අයිය වැල කතාවක් කියල හොදට හරි බරි ගැහිල එන්ඩ හදන්නෙ පවු අසරනය. :-D

      Delete
    2. වැල හැලප..........................හික් හික්

      Delete
    3. හැලපේ ටේලර් කෙනෙක්ද මන්ද?? තාම ආවේ නැත්තේ...

      Delete
    4. මේ හිනාව නං බොගෙ.තෝ ඉස්සර ටේලර් කෙනෙක්ද බොල.

      Delete
    5. මාත් ඉතිං ඔය නොකරපු දෙයක් නෑ නේ ආයිබෝවන්ඩ. කරපු දෙයකුත් නෑ..

      Delete
    6. ඔය සාරි පොටට කටුව ගැසීමේ එක්ස්පර්ට් කෙනෙක් මම.හැමදාම උදේට හැලපිගේ සාරියට කටුව ගහලම පුරුදු වුනා.මුලදී මුලදී එච්චර තේරුමක් නෑ පොටවල් මග ඇරෙනවා බැනුම් අහගෙන පුරුදුවුනා.ඊට පස්සෙ නං ඒ වැඩේට මාවම ඕනෑ උනා.

      Delete
    7. මගේ ජාතියේ එකෙක්.. ඔව්. ඉදගෙන..

      Delete
  6. චඃ අපිට බැරිවුනානේ ටේලර් වැඩ ඉගෙනගන්න. :D

    හොඳයි. ඇත්තටම මිනිස්කම පිළිබඳව කෙරුණු හොඳ විග්‍රහයක්. හැබැයි මම හිතුවේ මොකක්ද දන්නවද? අර හැට්ට කටුව ගලවන වෙලාවේම හැඩි දැඩි පිරිමියෙක් කඩාගෙන එනවා ඇතුලට. ඈ යකෝ තෝ මගේ නංගිව රවට්ටගෙන....................කියලා පටන් අරං මේ මිනිහව බය කරලා සුද්ද කරනවා. එහෙම නැත්නම් හැට්ට කටුව ගලවන අවස්ථාවේ පොටෝ එක අරං එක පෙන්නලා අර මිනිහව පුළුවන් තරම් කල් බ්ලැක්මේල් කරනවා. හැබැයි දුප්පත් ටේලර් කෙනෙක්ගෙන් මොනවා ගන්නද?

    ReplyDelete
    Replies
    1. හැක්... ඒවා හැමදාම වෙන දේවල් නේ විචා... ටේලර් කාරයා දස්සයා...

      Delete
    2. මට හිතුනෙ ටෙලරයගෙ ගැනි ආවනම් කොහෙමද කියල

      Delete
    3. එහෙනං ටේලර්ව මහන්න තව එකෙක් ගේන්න වෙයි...

      Delete
  7. උත්කෘෂ්ඨයි ! ඔතනදි, සෑහෙන ආත්ම සංයමයක් තියෙන්න ඕනා ගඟට නොබැහැ ඉන්න.. ටේලරයා වැඩ කාරයා...

    මටනම් පරිසරය විස්තර කරණ ඒවා ටිකක් වැඩියි වගේ බන්... ඒවට අවධානය යොමු කරන්න ගියාම කතාවෙ රිද්මය කැඩෙනවා වගේ එකක් වුනා...

    ReplyDelete
    Replies
    1. හ්ම්... ඒ ටික මුල් හරියෙදි වැඩියි කියල මටත් හිතුනා.. ඒත් ආපසු වෙනස් කරන්න ගියේ නැහැ බං.. ස්තුතියි..

      Delete
  8. හැක්..හැක් එකෙන් බඩු මාට්ටුයි

    ReplyDelete
    Replies
    1. හැමදාම මාට්ටු වෙන්නේ ඔය හැක් හැක් එකෙන් තමා ඉතිං.. හැක් හැක්..

      Delete
  9. මම කැමතිම කොටස තමා තරුණියගේ ඇඳුම විස්තර කරන කොටස. හරිම ලස්සණයි දේශ්...පුදුම ලියවිල්ලක් නේ....චිත්ත රූප මැවෙනවා කියන්නේ ඇත්තටම එතන හිටියා වගේ ... බලා හිටියේ කෙල්ල කෑගහන කල් හරි කවුරු හරි ඇතුලට එනකල් හරි... ඒක හරි ගියේ නෑනේ...:(

    ReplyDelete
    Replies
    1. හිතන දේ වෙන්නෑනේ පොඩ්ඩියෝ... තැන්කුයි..

      Delete
  10. හැක්.. හැක්.. ගාල උඹේ හිනාව දැම්මට උඹටනං ඔය කට්ට ගලවගන්න කීයටවත් පුලුවං කමක් වෙන්නෙ නෑ. එක්කො වෙන මොනාවත් ගලවන්න ගිහිල්ල ගෑනිගෙං ගුටිකන්න තමයි වෙන්නෙ. :D
    කොහොම උනත් කතාවනං නියමයි කිව්වහැකි.

    ReplyDelete
    Replies
    1. බෝම ස්තුතියි ප්‍රසා.. උඹ නිතර දකින්න නැති එක මගේ හිතට හරි අවුලක්.. ඇත්තටම..

      Delete
    2. කිමද මේ මා ප්‍රිය ප්‍රසන්නයෙනි, ඔබගේ සුමිතුරාන සිහිවීද සබද??

      Delete
    3. එක්කෙනාම කොමෙන්ට් දාගන්නවා පවු

      Delete
    4. හැක්... හැක්...
      මිනිස්සු නොමග යවන්නෙපා. :D

      Delete
    5. අනේ පව් ඔයාට... හැක් හැක්..

      Delete
  11. හෙහ් ආයෙත් එන්නම් කියල ගිහින් තියෙන්නේ.සුපිරියි දේශ්.

    ReplyDelete
    Replies
    1. V කර නැතිව නං කමක් නෑ.. හැක්..

      තැන්කුයි ගිම්.. කලබල වෙලාවක උනත් ඇවිත් ගියපු එකට..

      Delete
  12. මට හිතුවෙන් දේශගෙ කඩේට කුමාරිහමි ඇවිත් කියල. ඔහ හි..හි එක් පටන් ගත්තෙ උන්දැනෙ.

    අර කෙල්ල ආ ගමන්ම ඒකිගෙ සාරියයි, බඩයි බලද්දි ඒ ළමයට තේරෙන්න එපාය මූ මල පෙරේතය වගේ මගෙ ඇඟ දිහා බලන ඉන්නව කියල. උඹ ඔය විස්තරේ ප්‍රථම පුරුෂෙන් ලිව්වනං ඔන්න ටිකක් ෂේප්. හැබැයි අර අග කොටසෙ සිතුවිලි විස්තරය නිසා සුමියගෙ සංකීර්ණ මනෝභාවයන් ගැන හොඳ සාකච්ඡාවක් ගේනව. ඒත් ඒකට අරක කැපෙනවද කියල සැකයි!

    අනික මගුල්ගෙදර යන කෙල්ලො කොන්ඩෙ තෙත පිටින් යන්නෑ බන් දැං කාලෙ.

    මොනා උනත් කතාවෙ මම ආසම කොටස "ලොකුම කට්ට අම්මා ඉතුරු කරන්නේ ඔතනට ගහන්න නේ.." කියන එක තමා. ඒක දැක්කම පරණ සීන් එකක් මතක් උනා.

    එක පාරක් මම ගෑල්ලමේක් මෝටර්සයිකලේ දාගෙන ගමණක් යනව. මගදි මම කිව්ව "මොනාද ඔය උල් දෙකක් ඇනෙන්නෙ" කියල. මේකි කියපි "අනින උල් තියෙන්නෙ අපි ගාව නෙමේ ඕගොල්ලො ගාවනෙ අය්යෙ" කියල.

    ReplyDelete
    Replies
    1. දැං කෙල්ලෝ වෙට් ලුක් එකක් තියෙන කොණ්ඩා තමා බං දාන්නේ වෙඩ්න් වලට.. ඒකයි තෙත කිව්වේ..

      සුමියා කෙලින් බලපු කතාවක් නෙමෙයි මං කියන්නේ මිනිහා තත්පර දෙක තුනට දැකල හිතට ගත්ත දේ ගැනයි බං..

      අර අනින කූර ඉතිං ඔයැයි හංගෙනම ඉන්න ඇති.. හැක්..

      Delete
  13. දේශාගේ කතා ! හිකිස්

    ReplyDelete
    Replies
    1. අජපල් නේ.. හැක්..

      Delete
    2. ඒ ඔයාට :ඩී
      අපිට හොදාාාාාාායි !!!! ;)

      Delete
    3. මට පේන්නේ බොට අසාධ්‍යාාාාාාායි.. හැක්..

      Delete
  14. Mr. Sanjeewa Mendis මොනව කමෙන්ට් කරයිද?

    ReplyDelete
    Replies
    1. Oh. my God Pra.. I just wanna see it now.. Yep. Surely...

      It will really a pleasure to have a comment from Mr. E T Bra

      Delete
    2. BTW, what would have happened if the jacket had built-in cups only ?

      Delete
    3. She used not to.. I am sure about it.. But may be there's too many hard cups on the bra cup.. Thats for sure.. hak hak..

      Delete
    4. අන්න පොයින්ට් එක ප්‍රා. ඔය වී කට් බ්ලවුස් එහෙකට කොහොමත් බ්‍රාලස් වෙන්න තම ඉඩ වැඩි. දේශල ඉතින් ගොඩී බුවාලනෙ, ඒ පැත්තෙ එහෙම නැතුව ඇති :P

      Delete
    5. බ්‍රාලස් වෙන්න තිබුනා බං ඒකත් අර නූල් කෑලි අමුණපු ජැකට් එකක් උනා නං..

      ගොඩි බුවාලා.. අනේ මෙය් කට... බොලා තමා අර අහිංසක රොනි ලිච් අංකල්ට තට්ටයා උඹේ පුකේ මයිල් කිය කිය බැන්නේ.. හැක්..

      Delete
    6. හෙක් හෙක්...අඩේ ඉතින් ඔලුවෙ නැති එකාගෙ ඒකෙත් නැද්ද කියල අහපුවම වරදක්ද බන්?

      Delete
    7. බ්‍රාලස් බිල්ට් ඉන් කප් තියන හැට්ට ගවුම් එහෙම වැඩිය ආවොත් සන්ජීව මෙන්ඩිස්ල ජොබ්ලස් වෙයිනෙ

      Delete
    8. @ ඊයාන්දික..
      කැතයි නේද එහෙම අහන එක.. ඊට වඩා කැතියි ඌව ගල්කිස්ස ටවුම වටේ දුවවපු එක..

      @ ප්‍රා..

      පව් බං අහිංසකයා.. ඌ එතකොට කියාවි...

      බොලද බ්‍රා කියලා..

      Delete
    9. මෙවැනි ශාස්ත්‍රීය වියත් සංවාද ගෙනයාමට PM වැනි බහුසෘත පඩිරුවනක්ද අවශ්යවේ.

      Kenji ත්?

      Delete
    10. එවැනි බහුපාද පඬිරුවනක් සිටිම අපට කෙතරම් ශාන්තියක්ද පින්වත,,

      Delete
    11. ඔය සරි ජැකට් ගැන "ලේඩීස් ටේලර්" කියල පරණ ඉංග්‍රීසි කතාවක් තිබ්බ. කිවපු කවුරුත් නැද්ද මෙතන?

      ප්‍රා, මෙනියලට අවුලක් වෙන්නෙ නෑ. මොකද උන් ඉතින් කොහොමත් බ්‍රා කප්ස් හදන්න එපාය.

      දේශ, අපිට කෙසේවෙතත් ඕක ශාන්තිටනං උදව් කරයි තමා.

      Delete
    12. ඉන්දිකයෝ මම නං කියවල නෑ ඒක..

      පත්තරේ වැඩ කිඩ ගැන වෙන්ටෑ මේ කියන්නේ.. හැක්.. ඌ දැන් මෙහාට වැඩිය එන්නෑ.. මම ඉඩ දෙන්නෑ මෙතැන බීල විකාර කරන්න. ඕ යෑස්..

      Delete
    13. ඔව් ඉතින් මෙතන බොන්න තියන එකක් බ්ලොගර්ම බීල ඉවර කරනවනෙ. විකාර කරන්න නම් අපිට පොඩ්ඩක් ඉඩ ඉතුරු කරල

      Delete
    14. දෙයියම්ප තේරුනේ නෑ ප්‍රා.. හැක්..

      Delete
    15. මෙන්ඩිය බ්‍රා බ්‍රෑන්ඩ් එකයි, සයිස් එකක් දෙයි ජනේලෙන් බලන් හිටිය වගේ.
      පත්තරය බීල කානුපල්ලෙ වැටිල මේ වෙලවෙ. බල්ලෙක් උදේට ස්ප්‍රේ පාරක් ගැහුවම නැගිටල එයි.

      Delete
    16. ඒත් බොලව් "බ්‍රා කප්" බිස්නස් කියල එකක් තියනවනේ.................

      Delete
    17. අනිවා මට පිටින් බලලා කියන්න පුලුවන් සයිස් එකයි කප් සයිස් එකයි.

      Delete
    18. බ්‍රා මෙන්ඩිස්...

      Delete
    19. බ්‍රා ලස් උනත් කප් ඔනේ එක හින්දා මම බය නෑ.

      Delete
    20. ජොබට කෙලවෙන එකක් නෑ එහෙනං..

      Delete
    21. කොල අතු අදින දවසක් ආවොත්?

      Delete
    22. එදාටත් ඉතිං කොල වල සයිස් මැනල අන්දන්න උඹව ගනීවි.. මස් ගාතයක් දේවි කුලිය හැටියට...

      Delete
    23. භාන්ඩ හා සේවා හුවමාරැ ක්‍රමය යටතේ මම සපයන සේවාව වෙනුවෙන් ඇයට අයිත් භාන්ඩයකින් සේවයක් ඉල්ලමි.

      Delete
    24. උඹ නං මාර්කැටින් යක්ෂයෙක් බං...

      Delete
    25. මෙන්ඩිය මෙන්න මෙයගෙ බ්‍රා සයිස් එක පොඩ්ඩක් කියහන්කො

      Delete
    26. 38 C. අනිවා.ඔිනේ ඔිට්ටුවක් දානවා. ලොකුවට පෙනුනට කප් එකෙන් ගැබුරැ නෑ.

      Delete
    27. ඒ කිව්වෙ? මොකද්ද ඒ සෙල්ලම?

      Delete
  15. බයෙන් බයෙන් කියවගෙන ගියේ, ස්ත්‍රී දූශනයක් වත් වෙයිද කියල. නාරි දේහයක් මැවිල පෙනුන දේශා.

    ReplyDelete
    Replies
    1. නාරි දේහයක් දැක්කා කියන්නේ එදා දවස සුභයි බං.. කම්මලෙන් බැහැපං එළියට දැන්වත්.. යකඩ කෑල්ලක් හොයාගන්න.. හැක්..

      Delete
    2. වත්තක් ගන්නවට වඩා අනුන්ගෙ වත්තක කුරුම්බ බීගෙන ඉන්න එක ලේසියි, පහසුයි දේශා.

      Delete
    3. ඒකනං සහතික ඇත්ත බං.. ඕන නං එක එක වතු දිහා බලන්නත් පුළුවන් නේ...

      Delete
  16. එල ද බ්‍රා එල ද බ්‍රා එල ද බ්‍රා එල ද බ්‍රා එල ද බ්‍රා එල ද බ්‍රා එල ද බ්‍රා එල ද බ්‍රා එල ද බ්‍රා එල ද බ්‍රා
    එල ද බ්‍රා එල ද බ්‍රා එල ද බ්‍රා එල ද බ්‍රා එල ද බ්‍රා එල ද බ්‍රා එල ද බ්‍රා එල ද බ්‍රා එල ද බ්‍රා එල ද බ්‍රා
    එල ද බ්‍රා එල ද බ්‍රා එල ද බ්‍රා එල ද බ්‍රා එල ද බ්‍රා එල ද බ්‍රා එල ද බ්‍රා එල ද බ්‍රා එල ද බ්‍රා එල ද බ්‍රා
    එල ද බ්‍රා එල ද බ්‍රා එල ද බ්‍රා එල ද බ්‍රා එල ද බ්‍රා එල ද බ්‍රා එල ද බ්‍රා එල ද බ්‍රා එල ද බ්‍රා එල ද බ්‍රා
    එල ද බ්‍රා එල ද බ්‍රා එල ද බ්‍රා එල ද බ්‍රා එල ද බ්‍රා එල ද බ්‍රා එල ද බ්‍රා එල ද බ්‍රා එල ද බ්‍රා එල ද බ්‍රා.
    කියන්න වදන් නෑ අයියන්ඩි උඔගේ හැකියාව ..!!!!!
    කාමරේ ඇතුලේ දෙදෙනෙක් නෙමේ මාත් එතන හිටියා කියලා දැනුනේ ඒතරම් දැනේන්න ලියලා.
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. මේ ඉන්නෙ ජනේලෙන් බලන් ඉදල. මෙඩ්ඩො ඇදල හිටපු බ්‍රා එක හොදද ?

      Delete
    2. වල් මෙන්ඩා.. දම්පාට... නෑ ඕන නෑ................

      Delete
    3. ඒකිගේ එච්චර ලොකු බ්‍රෙස්ට් එකක් නෑ බං, මවලා පෙන්නන්න හින්දා ඇදලා හිටියේ ඩබල් පුෂප් ෆෝම් කප් එකක්. ඩබල් පුෂප් ෆෝම් කප් බ්‍ර එකක කප් එක ෆෝම් එකක් එ්ක ඇතුලෙන් උඩට උස්සලා තියෙන්නේ බෝත්තං තං කරන්න පුලුවන්.
      අපේ ලංකාවේ ගැහැනු ළමයි කරන වැරැද්දක් බ්‍රා තෝරනකොට 34, 36 නැත්නම් 38 කියලා ඉල්ලනවා මිසක් කප් සයිස් එක ගැන සැලකිලිමත් නෑ. B size cup එකක් අදින්න ඔිනේ ළමයෙක් C cup එකක් ඇන්දා කියන්නේ රැපියල් 5 ෂෝපින් එකට අඔ ගෙඩියක් දැම්මා වගේ. අනිත් කාරනය බ්‍රා එක ඇදලා shoulder strap එකෙන් adjust කරන්න ඔනේ එතකොට තමයි වැල වරකා කරන්න පුලුවන්. තව එකක් කප් එක වටේට මෙටල් වයර් එක දාපු ඒවා අදින්න ලංකාවේ ගැහැනු ලමයි කැමති නෑ නමුත් වයර් එකෙන දෙන ෂපෝට් එකෙන් කුක්කූව හිටු කියන තැන ඉන්නවා.

      Delete
    4. ෂහ්.. නියම කතාවක් නේ බං ඔය කියල තියෙන්නේ... කාන්තාවන්ට දැනගන්න මං මේක දානවා මුණු පොතේ..

      Delete
  17. කුතුහලයෙන් කියවගෙන ගියේ අන්තිමට මොකක් හරි අනාගැනිල්ලක් තියෙයි කියලා. එහෙම නැති වෙච්ච එකත් එක් අතකින් මරු. ඔය කවිය කියවලා ඊට පස්සේ මේ කථාව කියෙව්වා නම් තමයි ඉතින් නියම නේද දේශා..?

    ReplyDelete
    Replies
    1. එහෙමත් හොදයැ.. අමරුවෙන් ලියපු කතාව.. බං...

      Delete
  18. හෙමිහිට කියවන්න ඕන දිග වැඩියි..

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවට බැසියරයක් ඇඳලා හැට්ටේ ඇඳලා තිබුනේ. දැන් තියෙන පිස්සු පීකූදු හැට්ට වලට බැසියර් නැතුව පැඩඩ් කරලා තියෙන්නේ. මේක කියෙව්වයින් පස්සේ මාක් ටේලර් කෙනෙක් වෙන්න හිතුනා අප්පා..

      පට්ට ලිවිල්ල මචෝ..

      Delete
    2. බ්‍රා මෙන්ඩිස්ගෙන් උපදෙස් ගන්න ඕන අපේ වයිප්ට බ්‍රා එකක් ගන්න කලින්.. ඔව් ඉදගෙන..

      තැන්කුයි මාතේ..

      Delete
    3. අයියන්ඞි බ්‍රා නැතුව කෙල්ලෙක්ට හැට්ටයක් අදින්න බෑ එහම පුලුවන් කූරැලෑ තියන අයට නම් ඇත්තටම එතනදි වෙන්නේ ෆෝම් කප් එකක් උපයෝගි කරගෙන පටි (shoulder strap) නැති බ්‍රා එකක් හැට්ටය තුල නිර්මානය කිරිම.
      අපි මහනවා ස්කිනියර් එකකට සමාන බ්‍රා එකක් ෆෝම් කප් එකක් වෙනුවට පාවිච්චි කරන්නේ රෙදි වර්ග දෙකක් එකට තියලා ලැමිනේට් කරපු කප් එකක් ආය මුකුත් නැ වැල වරකා නෙමෙයි කෙලින්ම පොලෝස් මට්ටමට ගෙනෙනවා.

      Delete
    4. හම්මේ දන්න දේවල්

      Delete
    5. ඒකනේ බං මම කිව්වේ.

      Delete
    6. වැඩේ කියන්නේ අපුර්වි මගේ බිරිද ඔය සම්භන්දව මගෙන් කිසිම උපදේසක් ගන්න කැමති නෑ. අඩුම තරමේ එයා අදින්නේ ලංකාවේ කඩවලින් ගන්න බ්‍රා ඒකත් මාත් එක්ක ගිහින් ගන්න කැමති නෑ.
      ඇමරිකාව ඇතලු මුලු යුරෝපයේ ගැහැනුන්ගෙන් 10% කට බ්‍රා වල තත්වය ගැන උපදෙස් දෙන මෙන්ඩාගේ ගෙදර ගැනි අදින්නේ සම්ප්‍රදායික බ්‍රා කියලා දැනගත්තෝත් විලි ලැඡ්ඡා 7යි.

      Delete
    7. ඒක ලැජ්ජ වෙන්න ඕන කාරණයක් නෙමෙයි බං.. අපේ සමාජයේ ඔවැනි දේ සාමාන්‍යයයි කියල හිතන අය තවම බහුතරයක් උනේ නැහැ. එතකන් අමාරුයි..

      Delete
  19. හපුච්චියේ...........කතාවේ අග වෙනකල් බයේ උන්නේ මක්කයින් මක්ක වේද කියලා.පංකාදු පහයි දේශා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ස්තුතියි.. පොඩි ගතියක් හරි ඇත්තං මටයි සතුට....

      Delete
  20. ශැක් අතට ගත්තු දේ කටට දාගෙන හිරේ විලංගුවෙ වැටෙන්න තිබුන චෑන්ස් එක.

    මම නම් හිතුවෙම අන්තිම වෙත්දි දේශකයා, දූෂකයා වෙලා නවතීවි කියලා. කොහෙද? මුන්ට ඒකක් වත් බෑනෙ හරියකට. :D :D

    නියමයි දේශො, මට කතාවට ඇතුල් වෙන්න ආපු පරිසර විස්තරයත් අල්ලලා ගියා. කොටින්ම අර දොරේ 'බුදු සරණ' ස්ටිකරේ තත්වෙ එහෙම විස්තර කරපු හැටි අපූරුයි. ඒ වගේම කෙල්ලව දැකපු වෙලාවෙ ඉදන් මෑන්ගෙ සිතුවිලි ටික. අපූරුයි.

    ReplyDelete
    Replies
    1. මම නම් හිතන්නෙ ඔය යක්ෂයා හැමෝ තුලම ඉන්නවා. ඔය යක්ෂයාව යටපත් කර ගන්න පුලුවන් හික්මීම තියෙන්නෙ විවිධා කාර විදිහට. ඇතමෙක්ට ඒ හික්මීම උපරිමයි. ඇතමෙක්ට අන්තිමයි.

      මට අනුව සුමිත්ට නම් ඒ හික්මීම ඉහලයි.

      Delete
    2. //මම නම් හිතන්නෙ ඔය යක්ෂයා හැමෝ තුලම ඉන්නවා. ඔය යක්ෂයාව යටපත් කර ගන්න පුලුවන් හික්මීම තියෙන්නෙ විවිධා කාර විදිහට. //

      ඔන්න ඕක තමා බං මේ කතාවෙත් මගේ හුගක් කතා වලත් තේමා පාඨය...

      Delete
  21. තන නම් පන අග පිනි බිඳු වැන්නේ........... වැරදුනාද මංදා

    ReplyDelete
    Replies
    1. වැරදෙන්නැද්ද කියන ඒවට.. හැක්..

      Delete
  22. උබෙ විස්තර කිරිම නම් සුපිරි දෙශා.නියමයි

    ReplyDelete
    Replies
    1. හම්බ වෙච්චි වෙලාවක මාත් බොට හොද විස්තරයක් දෙන්නංකෝ... හැක්..

      තැන්කුයි දමියා..

      Delete
    2. උබ කියනව විතරයි තාම හමුවුනේ නැ නේ

      Delete
    3. මේකනේ කේස් එක.. බොලා හම්බ වෙන්න නං ඉතිං බෙන්තර ගග පැනගෙන එන්න එපායැ.. මං අකමැතිම අජුතම පළාතට.. ඒකයි අවුල.. හැක්..

      Delete
  23. කතාව නම් මට නම් හොදම එකෙත් හොදම එක ...මේ කතාව ලියනකොට දේශක මේ කතාව කී පාරක් කියෙව්වා ද ?මෙහෙම පොඩි අවස්ථාවක ඇතිවන මිනිස් හැගිම් හරියටම මෙහෙම කතාවකට ගන්න එකම ඇති...කියවන එකාත් ගල් වෙනවා ...මෙකත් එක්තරා පිච්ච මලක් වෙයි කියලා මං හිතුවෙ ,අනේ පොඩ්ඩක් නංගි කියයි කියලා හිතාගෙන කියෙව්වෙ අර සුවද දැනෙනවා කිව්වාම හැක් හැක් ...පිච්ච මල් සුවද නෙවෙයි වෙන්න ඇති නේ එන්න ඇත්තෙ ******** මතින් ..

    ReplyDelete
    Replies
    1. මම කොටල ඉවර වෙලා හති ඇරල එක පාරක් කියෙව්වා අකුරු වල වැරදි හදන්න.. එච්චරයි බං..

      සුවද නොගෑවුන කතා මගෙන් ගන්න.. ඒවා කොහේද... තැන්කුයි සහෝ. උඹ සතුටු උනානං මට එ් ඇති හොදටෝම...

      Delete
    2. කොටලා එක පාරින් කතාව මේ තරම් රසවත් කලා නම් දේශාක සැබෑ දක්ෂයා..
      එල ජය ....

      Delete
    3. දස්ස කමක් නං මං දන්නෑ. මට ආයි කියවන්න නං බෝම කම්මැලියි බං. හැක්..

      Delete
  24. සුපිරියි දේශක.... කියන්න දෙයක් නෑ

    ඉස්තරම්...........

    ජ ය වේ වා !!!!!!!1111111

    ReplyDelete
    Replies
    1. අන්තිමට වන් මිලියන් දාලා තියෙන්නේ මොනාද බං.. හැක්...

      Delete
  25. බයෙන් බයෙන් කියෙව්වෙ දේශා. මට කියවලම එපා වෙලා තියෙන අච්චුවටම මේ කතාවත් වැටෙයි කියල. මේ විදිහ හොඳයි...

    ReplyDelete
    Replies
    1. එහෙනං නියමයි... තැන්කුයි..

      Delete
  26. අපරාදේ ටේලර් කෙනෙක් නොවුනේ කියලා හිතුනා යකෝ

    ඒක නෙවෙයි. වරහැලි රෙදි මිසක් වැහැරුනු රෙදි නෑ නේද බං?

    ReplyDelete
    Replies
    1. ටේලර් කෙනෙක් නෙමෙයි බං බියුටි කචල් මහත්තයෙක් වෙන්න බලාපං.. මෙහේ උන් පෝලිමේ එන්නේ..

      වැරහැලි කියන්නේ පරණ වෙච්චි කැඩුනු කියන අර්ථය එන්නේ.. නමුත් මං මෙතන අදහස් කරේ එකම විදියට තිබිලා එකම සේවය කරල නිකම්ම ඉන්න පාට ගියපු වයසක රෙද්දක් කියල පෙන්නන්නයි.. ස්තුතියි බොගේ තික්ෂණ සුට්ටි ඇහැට.. හැක්..

      Delete
    2. එහෙනං කියන්න තියෙන්නේ උඹේ භාෂා භාවිතය අගය කල යුතුයි කියලා තමයි.

      Delete
    3. අන්න ඒකනේ කියන්නේ.. උඹ ආවා නේද අනිවාරතේ මට කොටන්න.. හැක්...

      Delete
    4. බ්‍රා පැක්ට්‍රියක විධායක තත්ව ආරක්ෂන නිලධාරියෙක් වගේ හොද නැද්ද? (මට ඉතින් කඩෙක වැඩට හරි යන්න බැරියැ)

      Delete
    5. ප්‍රායෝගික පරික්ෂණ තිායේනං මම එන්නං..

      Delete
    6. මෙන්ඩියා, මේ බඩු පැක් කරන ගමන් උඹේ ෆැක්ටරියේ වැඩට එන්න. ඒක නෙවෙයි. ඔතන තියෙන්නේ ප්ලාස්ටික් මොඩල්වල මෙෂර්මන්ට් ගන්න නෙවෙයි කියලා උඹට ෂුවර්ද?

      Delete
    7. මාත් එනවෝ.. මටත් කොන්පර්ම් කරහං ඒක.. හැක්..

      Delete
    8. පත්තර මල්ලි, මැලේ, විදානේ, ප්‍රියා, ප්‍රා, කම්මල, හැලපේ, දේශ්, විචාරක, උපශාන්ත
      තව ඉන්නවාදෝ????
      දැනට අපේ ලයිව් ඩමි ඉන්නේ 44 DD කැමතිද?

      Delete
    9. අනිත් ඒවට කව්රුවත් නැද්ද බං.. හැක්..

      Delete
    10. දිවෙන් ටේප් එක අල්ලන්නෙ..දිවෙන් . පඩි ඕනෙ නෑ මෙඩ්ඩො මම එන්නම්..

      Delete
    11. කම්මලගේ ගෙදරට කියනන් ඕන... යන ගමන්..

      Delete
    12. රෙකමදාරැ ලිපියක් බිරිදකගේ අත්සන ඇතුව සම්මුඛ පරික්ෂන සදහා පැමිනෙන්න.

      Delete
    13. හොර එකක් උනත් කමක් නෑනේ.. හැක්..

      Delete
  27. බුඩු අම්මෝ...මේක නිකන් අර ගත් කතුවරයෙක්ගේ කෙටි කතාවක් වගේ නේ. මරේ මාරු.

    ReplyDelete
    Replies
    1. //නිකන් අර ගත්//

      හරියට හරි සයිරි.. මම නිකං අර ගත් එකෙක් තමා.. හැක් හැක්..

      Delete
  28. මරු කතාව ඈ.. මට හැබැයි නිකමට හිතුනා වටින් ගොඩින් ගියාට මුකුත් වෙන එකක් නෑ කියලා...

    අපිට මහන්න ඉගෙන ගන්න බැරිද දන්නේ නෑ...

    ReplyDelete
    Replies
    1. ඉටැලික් වලින් මහන්න පුළුවන් වේවි උඹට නං.. හැක්...

      Delete
    2. අපේ පිටෝනරට සහයකයක් හොයනවා එනවද?

      Delete
    3. අපි මහන බ්‍රා ඇදලා බලන කෙල්ලට සහයකයෙක් හොයන්නේ

      Delete
    4. කුකුකු උස්සන් ඉන්නද වැල නොවෙන විදියට.. හැක්...

      Delete
    5. බයිල් මාන්න. (පැන්ටි අංශය සදහා)

      Delete
    6. හැන්රි දාමු ඒකට..

      Delete
    7. මේ අපේ බොලෝග් වොකොර්

      Delete
    8. මිනිහා හොදයි.. ඔව්..

      Delete
  29. මාරයි බං ....තව ඩිංගෙන් ටේලර්ගේ යකාට කලින් මගේ යකා එලියට පනිනවා....හිකිස්:D

    ReplyDelete
    Replies
    1. යකා අවුස්සගන්න එපා මල්ලියෝ.. මට දැං ප්‍රරස්නයක් මල්ලිගේ යකා කව්ද? අපේ යකා නං මල්ලියා නේ.. හැක්..

      අඩ්ඩා.. වෙල්කම් මල්ලියා මේ ආවමයි නේද??

      Delete
    2. ඇවිල්ල නම් තියේ කොමෙන්ටුවක් නම් කෙටුවමයි මයෙ හිතේ.අපිට මොන යක්කුද බාං.ෆුල් ආතල් එකේ.ගෑනු නෑ .ලමයි නෑ යකෙක් උනත් වැරැද්දක් නැතුව ගැහුවොත් යකාට උනත් ගැහුවා.අපි එහෙමයි :D

      Delete
    3. ඔහේ පල්ලයං. ඔන්න එහෙනං ඉතිරි ජීවිත කාලෙත් අතින්ම ඇදහං බං. හැක්..

      Delete
    4. බලමු බලමු අනාගතේ.අඩේ හැබයි මං නම් ඔය ටේලරයා වගේ නෙමේ. නිකන් දුන්නොත් නම් ඕනි ලබු ඇටයක්.

      Delete
    5. හැක් හැක්.. මල්ලියා දස්සයා..

      Delete
  30. සිත්තර පටියක් බැලුව වගේ ඕං. කියන්න වචන නෑ. උපරිමේත් උපරිමය.

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. උපරිමේත් උපරිමය කියන්නේ ප්‍රෙම්යයක් නේද???

      Delete
    2. ඒ කිව්වේ මොකක්?

      Delete
  31. අඩේ කොහොමින් හරි ටේලර් ගොයියා යක්ෂයව පැරදුවා නේද.?
    ඔතන සුමිත් වෙනුවට දේශා හිටියනම් මක් වේවිද..?
    අර උඩ සුමිත්ගේ කඩේ ගැන විස්තරේ ටිකක් විතර වැඩිද මන්දා.අවුලක් නැහැ කතාව එළ.

    ReplyDelete
    Replies
    1. කඩේ විස්තරේ වැඩියි කියල සෙන්නත් කිව්වා. මම හැදුවේ මිනිහා ආපු වෙලාවේ ඉදල කරන වැඩේ විස්තර කරගෙනම වැඩේට එන්ටෙර් වෙන්න. ඒක් සාර්ථක නැති බව දැන් පේනවා.. ජය වේවා..

      සුමියා වෙනුවට දේශකයා හිටියොත්...... මට හිතා ගන්න බෑ බං.. හැක්..

      Delete
    2. ඔව් එහෙම ඔතන දේශා නොහිටිය එකත් හොඳයි.නැතිනම් සමහර විට අපිට කියවන්න වෙන්නේ මෙතන අසභ්‍ය කතාවක් වෙන්නත් ඉඩ තිබ්බා..:D

      Delete
    3. සමහර විට මේ කතාව ලියන්න වෙන්නේ දේශිකාට තමා එහෙනං.. හැක්..

      Delete
  32. ලිපිය නං පට්ට.... ඒ උනාට සෑහෙන දිගයි.. මම දෙපාරට කියව ගත්තේ.

    ReplyDelete
    Replies
    1. ඒකත් එහෙමද? අපරාදේ කෑලි තුනකට විතර දාන්න තිබුනේ..

      Delete
  33. දේශකයෝ බ්ලොග රෝලට අප්ඩේට් වෙන්නේ පහුවෙලානේ. මේක දැක්කේ අහම්බෙන් පහළට යන කොට. ඒ නිසා මට මගහැරිලා තිබුණේ.
    කතාවට ලයික්

    ReplyDelete
    Replies
    1. නලින් මාමා නං ඒ තරං වැඩේ ට කැමති නෑ වගේයි පේන්නේ.. හැක්.

      Delete
    2. නෑ නෑ දැන් තමා මේක කියවන්න ගත්තේ අර කමෙන්ට් එක දැම්මේ දැක්ක ගමන්. හිටින් තාම කියෙව්වේ නෑ.මේව කියවන්න ඕන විවේකිව.

      Delete
  34. එලස් ඈ,, fb එකේ ස්ටේටස් එක දැක්කට කියවන්න ආවේ අදනේ,, නියමයි

    ReplyDelete
    Replies
    1. තැන්කුයි ඔමා. මං හිතුවේ බොට බ්ලොග් අමතකයි කියලා..

      Delete
    2. වෙලාව අඩුයි අප්ප්ප ඉස්සර වගේ කුල් ජොබ් එකක් නෙමේ දැන් කරන්නේ

      Delete
  35. සික් මේක දැන්නේ බන් කියෙව්වේ.... අවුලක් නෑ හැබැයි.. ඔෆිස් එකේ වැඩ ඉවරවෙලා කලබලයක් නැති වෙලාව... නියමයි බන්... කතාව ඉවර වෙනකල්ම යකා එන්ඩද එන්ඩද කියලා අහනවා... මේ අවසානයට හැර වෙන කිසිම අවසානෙකට මම නම් ඡන්දේ දෙන්නේ නෑ... පට්ටයි...

    ReplyDelete
    Replies
    1. ප්‍රමාදයක් නෑනේ බීටලේ.. බෝම ස්තුතියි බීටලේගේ හොදක් අහනවා කියන්නේ කොච්චර සතුටක්ද?? ජය වේවා...

      Delete
  36. සිරාවට කතාවේ මේ අවසානේ නියමයි. මම හිතුවේ අර හැම කතාවේම වගේ මිනිහ යකා වෙලා කෙල්ල අසරණ වෙන එකෙන් ඉවර වෙයි කියල. මේ විදියේ මිනිස්සුත් ඉන්නවා කියන එක පෙන්නන්න මේක හොඳ කතාවක්. නරක කිය කිය හිටිය කියල වැඩක් නෑ. මිනිස්සුන්ගේ මෙන්න මේ වගේ හොඳ පැත්ත ගැනයි අපි කතා ලියන්න ඕනේ.. නරක සැබෑ ලෝකේ ඕනේ තරම් තියෙනවනේ..

    ReplyDelete
    Replies
    1. මිනිහගේ අදුරු පැත්ත.. පැතුම්...

      Delete
  37. පට්ටම පට්ටයි මචෝ. සිද්ධි දාමයන් හා පරිසර වර්ණනය තුළින් චිත්ත රේඛා එකින් එක එක පෙළට ඇදෙනවා. හරියටම කිව්වොත් මේක අගට මුලට තව සිද්ධි අමුණමින් සාර්ථක නව කතාවක් වුණත් ගොඩ දාන්න හැකියි කියලයි මට හිතෙන්නේ. මොකද මේ කොටසේ වුව තියෙන්නේ නවකතාවක රචනා ශෙලියක්. අර ටේලර් සාප්පුව පවා හිතේ ඇදෙනවා අපුරුවටම.

    ReplyDelete
    Replies
    1. බලහං ඉතිං විනාඩි දහයක වැඩේට උඹ මට නවකතා ලියන්න කතා කරනවා නේ.. හැක්...

      ස්තුතියි නලියා.. උඹේ අදහස් අර රංජන්ගේ වගේ උනා නං හොදයි මට හිතෙන්නේ..

      Delete
    2. ටෙිලර් සාප්පුවේ ඇතුලේ අර ලමයා බ්ලවුස් එක ගලවලා දෙන එක ගැන ච්ත්ත රෑප මුකුත් නැද්ද අයියන්ඩි?

      Delete
    3. ඒ ටික ඉතිං උඹව මවාගත්ත නං අහවරයිනේ.. හැක්..

      Delete
    4. නලීන්, ඒ චිත්ත රූප වලා පොටෝ කෑල්ලක් දැම්මනං...

      Delete
  38. කතාව නම් නියමයි.. රූප මැවිලා පේන්න ලියලා තියෙනවා...

    ReplyDelete
    Replies
    1. තැන්කුයි තුෂෘනි.. මොකද දැං පෙනීම හොර.. වැඩ වැඩිද??

      Delete
    2. හරි එහනම් කියන්න බලන්න බ්‍රා එකේ සයිස් එක?

      Delete
    3. මෙන්ඩා සවුත්තු වෙන්නයි හදන්නේ..

      Delete
    4. නෑ නෑ පොඩ්ඩක්වත් වැරදියට හිතන්න එපා. මම කිව්වේ ටෙලර් සාප්පුව ඇතුලේ හිටපු කෙල්ලගේ (චිත්ත රෑප මැවුන නිසා).
      අනික බ්‍රා ගැන මොනවා කිව්වත් වැරදියට හිතන්න එපා.

      Delete
    5. @ දේශක - ඒකනේ දේශකතුමා වැඩත් එක්ක මේ ටිකේ බ්ලොග් එක පැත්තේ එනව ටිකක් හොරයි..

      බලන්නකෝ නැති අතරේ සංජීව අහලා තියෙන ප්‍රශ්ණ.. හි.. හි... :D

      Delete
    6. @ සංජීව - ටෙලර් සාප්පුව ඇතුලේ හිටපු ගෑණු ළමයගේ විතරක් නෙවෙයි දැන් මට මම මොන වගේ උත්තරයක් දෙයිද කියල හිත හිත ඉන්න ඔයාගේ මූණත් මැවිලා පේනවා... හි.. හි. ;)

      Delete
  39. අම්බානක වැඩ අස්සේ මේක කියවලා මගේ යකා ඇහැරුනා, දැන් ඒකට විසඳුමක් කියපිය ..පට්ට හොඳ එක.

    ReplyDelete
    Replies
    1. කරුණාකර ජැකිගේ ආප්පයක් අනුභව කරන්න.. එවිට නිට්ටාවටම සුව වේවි.. ඒක නෙමෙයි උඹ ලංකාවේන් පිටුවහල් කරලයි කියල ලැබුන ආරංචියට මං පොඩි ගැල්ලමයෙක්ගෙන් ඒක ඇහුවම එයැයි දන්නැහැයි කිව්ව නේ බං..

      Delete
  40. ඕං අදයි කියෙව්වෙ. කියන්න දෙයක් නෑ බං.යක්ෂයාපරාජය කලා එහෙනං

    ReplyDelete
    Replies
    1. එහෙමත් ඒවා වෙනවලු.. තැන්කුයි අමාරුවෙන් හරි කියෙව්වට...

      Delete
  41. උඹේ පෝස්ටුව හොලිවුඩ් ෆිල්ම් එකක හින්දි කොපියක් වගේ. සරාගය හිිනිපෙත්තටම නංවලා, සත්චාරිත්‍රයකින් ඉවර කරනවා. (නොදකිං... :-) )

    ReplyDelete
    Replies
    1. බොට දුකයි නේද??? නෙද්දකින් කෙබරා..

      Delete
  42. අනේ බං මොකද්ද බං මං එද්දි හැමදාම පරක්කුයි.ඊයෙ බැලුව මේ පෝස්ට්බෙක පෙන්නුවෙ නෑ. දැංඅද පෙන්නනවා පෙරේදා දාපු එකක් විදියට. කලිං එකටත් ඒකම වෙලා හැරිල ගියා . චැහ් .
    මං නැට්ටෙ හැමදාම . තුක්.

    ඕං බලපිය ලබන පාර එක වෙන හැටි මං..

    ReplyDelete
    Replies
    1. අරින්ඩ එපා මලයන්ඩි ලබන පාර එක වෙමු.

      Delete
    2. මේවා ජාත්‍යන්තර කුමන්ත්‍රණ බං ඒකයි ඒ...

      Delete
    3. පත්තර මල්ලි, සාදරයෙන් පිලිගන්නවා මේ පෝස්ටුවට..

      Delete
    4. පත්තරයා හිට හිට.. මෙහි ඇත.. හැක්..

      Delete
    5. මුගේ පෝස්ට් එක මට පෙන්නුවෙත් දවසක් පහුවෙලා. මං මුලින්ම කිව්වෙත් ඒකම තමා. මොකක් හේ අවුලක් තියනවා දේශෝ

      Delete
    6. බලමු බලමු.. බ්ලොගර් අපට කෙනහිලි කං කරනවා වගේ..

      Delete
  43. උපරිමයි ගොයියො....කථාවෙ අන්තිම වෙනකං හරිම කුතුහලයක් හිතේ හිරකරගෙන...තමයි කියෙව්වෙ....හැම පිරිමියම හංසයින්ට දක්වන්නෙ පුදුම කැමැත්තක්නෙ බොලං...අපේ ජාන වලම ඇති මම හිතන්නෙ....බොට මොකද හිතෙන්නෙ ඒ ගැන....

    ReplyDelete
    Replies
    1. හැක් හැක්... හංසයින්ටත් මං ආසයි කියල නාට්ටියක් ගියා මතකද??

      Delete