Wednesday, August 27, 2014

කෝල් හොරා..!!

ඉස්ඉස්සෙල්ලම ජොබක් කරන්න කියලා මම ගියා ආණ්ඩුවේ නිකං කන කන්තෝරුවකට. ඒකේ වැඩ ටිකක් තිබුනත් භාණ්ඩාගාරේ සල්ලි ගිලින එක තමා වැඩි පුරම කරේ. අපි අළුත් නිසා අපි පඩිය විතරයි ගිල්ලේ. 

ඔය දවස් වල (1999) හැන්ඩ් පෝං එකක්වත් මට නැහැ. ඉතිං දේශිකා එක්ක යාළු කාලේ නෙව. කතා කරන්න විදියක් නැහැ. මම කොළඹ තනිවෙලා. ඔය වැඩ කර කර ඉන්න ගමන් ඉන්ටර්කොම් පෝං එකේ කතා කලාට, ටැලිකොම් ලයින් එකට අතවත් තියන්නෑ. කොහේ අත තියන්නද ඒක ලොක් කරල ලොක්කා යතුර සාක්කුවේ ඔබාගෙනමයි ඉන්නේ. 

දවසක් මම කෝ එකක් අරන් කතා කර ඉද්දි, ඉන්ටර්කොම් පෝං එක නැවතුනා. ඒ පාර අර සුට්ටි කෑල්ල, ෆ්ලිප් එක මම දෙතුන් පාරක් ටක ටක ගාලා එබුවා. මෙන්න ඒ පාර රිංස් යනවා. “හලෝ“ කියල ගැඹුරු කටහඩක් ආවම මං ඒත් බය උනා. මම කිව්වා අනේ කෝල් එක කට් උනානේ බං කියලා. “කව්ද ඔය කතා කරන්නේ“ ආයිමත් ගැඹුරු කටහඩ. මං බය උනා. යකඩෝ විගණන අංසේ ලොක්කා නෙව ඒ කතා කරල තියෙන්නේ. 

මං මොකකද කරේ කියල මට තේරුනේ නැහැ. ඒත් අර ටක ටක ගාල දෙතුන් පාර ගැහුවම 112 කියන එක්ටෙන්ෂන් එක ඇක්ටිව් වෙලා කියල මට තේරුනා. 

කෝකටත් ආයිමත් ගහල බැලුවා.. හරි ගියේ නැහැ. පැයක් විතර ට්‍රයි කරන කොට එක එක තැන් වලට කෝල් දෙක තුනක් වැරදිල ගියා. ඒත් ටක ටකේට ගැලපනෙ නම්මර නෙමෙයි. ඕක ගැන මම හිතල හිතල හිතිල... ඇති උනා. නෑ ඇති උනේ නැහැ. මේක මොකක්ද කියල හොයාගන්න උනමනාව තිබුනා. මං අළුත් එකා නේ. ගොරෝසු රැවුල් තියෙන පරණ අයියලගෙන් මේවා අහන්න ඇහැක. ඉතිං මම ට්‍රයි කරා. යන්තං හොයාගත්තා. එක පාරක් ටක.. එකයි. ටක් ටක්.. දෙකයි. ටක් ටක් ටක් තුනයි.. ටක් දහයක් බිංදුවයි. ඔන්න චක්කරේ.. හැක්.. එකසිය දහ තුන අංකේ ඩයල් වෙන්නේ මෙහෙමයි.

රිසිවර් එක ඉස්සුවා. ෆ්ලිප් එකට අත තිබ්බා.

ටක්......... ටක්.................ටක් ටක් ටක්

ඔන්න යස අගේට රිං යනවා. හරි නියම තැනින් ආන්සර් කරා. වැඩේ ගොඩ නේ.. මම ඔය ක්‍රමය හොදට ප්‍රගුණ කරා. ඒ දවස් වල අංක හයක් හරි හතක් හරි නේ ටෙලිකොම් අංකෙකට තිබුනේ. වැඩ ඇරුනම මට යන්න තැනක් නැහැ. ඔය මොකක් හරි ගේමක් ගහගෙන ඉදල හය හතට විතර බෝඩිමට යන එක තමා මං කරන්නේ. කව්රුත් වගේ පහ වෙද්දි යනවා. එතකොට ඒක මගේ තනි රාජ්ජේ. 

දවසක් මම අර ටැප් සිස්ටම් එක ප්‍රථම වරට අත්හදා බලන්න හිතුවා. ඉස්සෙල්ලාම දේශිකාගේ ගෙදර නම්මරේ ගැහුවා.. පොඩි වැරදීමක් නිසා වැඩේ අවුල් උනත් දෙවැනි පාර මං ගොඩ ගියා. රිසිවර් එක තිබ්බේ පැයකට විතර පස්සේ. ඔය වගේ මාස එකහමාරයක් විතර හවසට අඩු ගානේ පැයේ දෙකේ මල් කෝල් මහා භාණ්ඩාගාරය අනුග්‍රහයෙන්.

ඒත් ටෙලිපොන් බිල ආවම ලොක්කට මල. වෙනදා රුපියල් දාහය විතර බේරෙන බිල දැං පන්දාහත් පැනලා. මේකා රට වටේම ගිහිල්ල මොකද උනේ කියල බලන්න. මගේ වාසනාවට ඒ දවස් වල ඩීටේල් බිල් එක හිතු ගමන් ගන්න බැහැ. අද ඉල්ලුවොත් ඩේටා ලැබෙන්නේ ලබන මාසේ ඉදල. ඔන්න ඕක නිසා අහිංසක මං ගොඩ ගියා. ලොක්කගේ ඇලෝකේෂන් එක රු. 1500 ක් නිසා වැඩිපුර තිබ්බ ටෙලිපෝන් බිල් එක මිනිහා අතින් ගෙව්වා. මටත් දුකයි. ඒත් කියන්නයැ. පස්සේ මං පරිස්සං උනා.. වැඩිම උනොත් මාසෙකට බිල රුපියල් 2500 නොපන්නන්න. ඒත් ඕක වැඩිය කියල ඩිටේල් බිල් එකට රික්වෙස්ට් කරයි කියල දැනගත්ත දාම මම මල් වට්ටිය විසි කරල දැම්මා. මම ටෙලිපෝන් කරපු සිස්ටම් එක දේශිකා දැනගෙන එයා මට කිව්වා. “ඔයා නං මාර මොළකාරයෙක් දේශා“ කියලා.

මාස අටක්ද කොහේද වැඩ කරල මම ඒකේ හාදයොත් එක්ක ෆිට් උනා. එකෙක් නං බොක්කටම වැදුන නිසා මම මේ සිද්ධිය පොරට කිව්වා. 

“අනේ තෝ වගේ මෝඩ මුසලයෙක්.. ඔච්චර අමාරුවෙන් ගහන්න ඕන නැහැ යකෝ..“

“එහෙම නැතිව කෝමද කරන්නේ“

“ඉන්ටර්කෝම් පෝන් එකේ ඩයල් ටෝන් එක pulse නෙමෙයි tone සිලෙක්ට් කරල ඒකේ හෙඩ්ෆෝන් කෑල්ල ටෙලිකෝම් පෝන් රිසිවර් එකේ මයික් එකට තියහං. හොදට තද වෙන්න. ඊට පස්සේ ඉන්ටර්කොම් එකේ බොට ඕන නම්මරේ ගහපං.. එළකිරි වගේ ඩයල් වෙනවා“

මේ මොන විකාරයක්ද කියල මම කිව්වම මිනිහා ඒක මට කරල පෙන්නුවා. අප්පට සිරි මරු..නේ.. ඒක හෙන ලේසියි. අර බටොන් එක ප්‍රෙස් කරාම එක එක අංකෙට යන ටෝන් එක වෙනස්. ඒකෙන් තම රිසිවර් එක අංකේ හදුනගන්නේ. ඉතිං වලාමයි නේ.. ඕන අංකයක් ගහන්න පුළුවන්. මම මුල්න්ම හැන්ඩ් පෝං එකක් ගන්න කොට ඒවයේ තිබුනා කීපෑඩ් ටෝර්න් එක.. බීප් හරි ටෝන් හරි දාන්න. බීප් නොදා ටෝන් දැම්මමොත් නම්මර් බටොන් ඔබන කොට අර ටෙලිපොන් එකේ ප්‍රෙස් කරන විදියටම ටෝන් එක එනවා. ඊට පස්සේ හැන්ඩ් පෝන් එකේ කනේ ගහන තැන, ටෙලිකොම් පෝන් එකේ රිසිවර් එකේ මයික් එකට තද කරල නම්මරේ ගැහුවම යස අගේට පෝන් එක නම්මරේ ඩයල් කරනවා. ඕන ලොක් කරල තියෙන පෝං එකකින් කෝල් ගන්න පුළුවන්. ඔය ක්‍රමය මම ඊට පස්සේත් අවුරුදු ගානක්ම භාවිතා කරා. කව්රුවත් දැනගත්තෙත් නැහැ. මම කිව්වෙත් නැහැ. බලං ගියාම හොර වැඩ වලට නං මම හරිම “දස්සයෙන්“ නේ.

148 comments:

  1. චැක් ඉතරක්. දැන් ඔවුව කියලදීල වැඩක් ඇතැයි. ඉක්කෝලෙ කාලෙ අපි හිටියෙ තාත්තලාගෙ ඔපීසි ක්වාටර්ස් වලනෙ. එහෙ ටෙලිෆෝන් වලත් ජිල්මාට් එකක් කොරල තිවුන එක්ස්ටෙන්ෂන් වලට විතරයි කෝල් ගන්න පුලුවන් ඒවයින්. අපසාදෙ ඕක ඒ දවස්වල දන්නවනම් මටත් ඉස්කෝලෙ ඇරිල ඇවිත් මහා භාණ්ඩාගාරෙ එකවුන්ට් එකට කෝල් ගන්න තිබුන ඇතිවෙනකම්. හෑන්ඩ් පෝං වලින් කෝල් ගන්න සල්ලි තියේයැ. ඒ කාලෙ ඩයලොග් එකේ විනාඩියට රුපියල් පහලවයි. කාර්ඩ් ගන්න සල්ලි නැති හින්ද මං ෆෝන් එක පාවිච්චි කොරන්නෙ ගේම් ගහන්න.

    සැක්. අපරාදෙ බොල.

    ReplyDelete
    Replies
    1. හෙයි බස්සි අක්ක මන් එක වෙනවා, මන් කොමෙන්ට් එක කොටලා පොස්ට් කරාම ඔයා එකට ඇවිත්, දාපු සැනින් නොටිෆිකේෂන් එනොනේ.

      Delete
    2. අපි වගේ නෙමෙයි බොලා එහෙම භාණ්ඩාගාර ඇමතුම් ගන්න පුරුදු උනා නං හෙම අද භාණ්ඩාගාරේ නටබුන් වත් අපිට දකින්න වෙන්නෙ නෑ. ඒක සුවර්..

      බස්සි එක වෙන්නේ දවල්ට නිදාගන්න නිසානේ. හැක්..

      Delete
  2. මට මතක් වෙන්නෝ මන් පොන්චි එකා කාලේ එකී කියන්නේ ඔය දේශක අයියා කියනා කාලේ අර ඩයල් එක කරකවන පොන් තිබුන කාලේ අම්මලාගේ ඔපිසියට ගිහිල්ලා ඔයින් එකක් අල්ලන් කරකවා කරකවා හතර වටේ කතාකරලා අම්මට දාපු ලෙඩේ ගැන. මන් පොඩි එකා හින්දා හොඳා.

    ReplyDelete
    Replies
    1. ඒක කරකවන්න අමාරුයි නේ බං පොඩි කාලේ.. කරකවන්න හදද්දි එනවා අනිත් පැත්තට.. සෙල්ලමට නං ඒ රෝදේ මරු නේද බං.

      Delete
    2. අපේ දිහා තිබ්බෙත් එහෙම එකක්. දිව හපාගන කරකෝනව මාත්.
      හැබැයි අපි හතේ හරි අටේ හරි ඉද්දි ගෙනාව බොත්තම් ඔබන ෆෝන් එකක්. ඔය ස්පීකර් ෆෝන් දාන්න බොත්තමක් තිබ්බ, ඒක මට හෙන ආතල්. තාත්තට ඔෆිස් එකට කෝල් අරන් ලවුඩ්ස්පීකර් දානව ගෙදරටම ඇහෙන්න.

      Delete
    3. ඒ කියන්නේ සීඑල්අයි පැසිලිටි තියෙන පෝං එකක්..

      බැරි වෙලා හරි තාත්තා රහසින් කිව්ව නං “මං බස්සි දූට විතරක් අද චොකා් එකක් ගේන්නං. කාටවත් කියන්න එපා“ කියලා.. හැක් හැක්..

      Delete
    4. ඇත්තටම එක නම් නියම සෙල්ලම දේශක අයියා, එයේ මන් ගියා නිශ්මන් අයියගේ ගල විජ්ජාව බලන්න. :D, කාලෙකට පස්සේ පට්ටම රහ නාට්ටියක් බැලුවා.

      Delete
    5. අම්මප උඹ ගියාද? අපේ එවුන් හමු උනේ නැද්ද..??

      Delete
    6. ගැලරියටම මමයි රජා, හරියට නිකන් එකේ ඉඳන් බලනකොට මුළු නාට්ටියම නිකන් මට පෙන්නුවා වගේ, මම නොදන්නෝ අතෝ වගයක් බ්ලොග් අවකාශය වෙනුවෙන් ඇවිත් පොල් තෙල් පහන පත්තු කරා, අපේ විදානේ අයියගේ පාර පෙන්වීම දිගේ තමා මම ගියේ.

      Delete
    7. මචෝ සොමියෝ ඇයි ගැලවිජ්ජා ගැන උඹ නොලියන්නේ...???

      Delete
    8. ලියන්න ඉන්නේ, නිශ්මන් අයියගේ වැඩේ ඉවර වෙනකන් හිටියේ, ඉවර නැති වැඩේට ලියන එක හරි නෑ කියලා හිතුනු නිසා, මොකද දවස් දෙකක්නේ, පට්ටේටම රස වින්දා. වෙලාව අරන් හිමීට ලියන්නම්, ද්රාෆ්ට් වල තියෙනවා අමතක වෙන නිසා.

      Delete
    9. දැං දාහං බං.. මාත් ආසයි ඒ ගැන අහන්න..

      Delete
  3. ඔන්න ඕක මමත් කොරලා තියනවා ඉතිං ;)

    ReplyDelete
    Replies
    1. උඹ අනුරාධපුරේ නේද?? මාත් එහේ.. හැක්..

      Delete
    2. මාත් පුරේ පත්තරයාත් පුරේ.
      බලන් ගියාම හොරැ ඔක්කොම පුරේනේ.

      Delete
    3. අන්තිමට ඔය පුරේ උන් තමා ගොන්පුරේ යන්නෙත්.. හැක්.. නැද්ද මෙන්ඩෝ..

      Delete
    4. අඩෝ අපි හොරු උනාට අහිංෂක මිනිස්සු හරී !! නැද්ද මෙන්ඩා …

      Delete
    5. බ්‍රා විකුණන උන් හා උස්සන උන්.. අහිංසකයි තමා. හැක්..

      Delete
  4. රාජ්‍ය සේවේ මහජන මුදල් කන තැනක් වෙලා තියෙන්නෙ තොපි වගේ හිපාටුවො කරපු වැඩ නිසා නොවැ.කරල ඉවරවෙලා ඒවා කියන ලස්සන.

    ReplyDelete
    Replies
    1. ඕවා හොදට කරල මුදල් කාපු උන්ට තමා අද කාලේ රට ගිහින් වැඩියෙන් හොයන්න චොකලට් පැට්ටරි බලන්න යන්න චෑන්ස් ලැබෙන්නේ.. ඔව් ඉදගෙන..

      Delete
    2. හරියට හරි හැලපේ.. මුන් තමයි අහිංසක දේශපාළකයන්ට බනින්නේ..

      Delete
    3. අපි කරන මගඩි වලට හැටියට අහිංසක දේශපාලකයෝ මොනවද කරන්නේ කියල හිතිල ඇඩෙනවා බං..

      Delete
    4. ආන්ඩුවේ සැල් ෆෝන් එකෙන් මලක් කඩල මම හොද පරිප්පුවක් කෑව අපේ ලොකු අප්පච්චිගෙන්.
      කවුද දෙයියනේ දන්නෙ ඉස්සර ඕව ගැන, දන්නවනම් ටැක්සියකින් කුලියපිටි ගිහින් හෝටලේකින් කාල ගෝල්ඩ් ලීෆ් පැකට් එකකුත් බීල එන්න තිබුන.

      Delete
    5. ඇයි බං කම්මලේ. උඹේ අත නවත්තල තිබුනේ කුලියාපිටියෙද ඒ දවස් වල. .හැක්..

      Delete
  5. හප්පොච්චියෝ.. මං නං ඕව ගැන දන්නෙනෑ.

    ReplyDelete
    Replies
    1. නොද්න්න ගානට ඉන්න.. හැක් හැක්..

      Delete
  6. ඔය ටැප් කරන වැඩේ නම ඒ කාලේ මටත් යාලුවෙක් කියල දුන්නා , උන්ගේ තාත්තා වැඩ කලේ geneal hospital එකේ exchange එකේ ..අයියෝ සල්ලි .. වැඩේ කියන්නේ අපි එක භාවිතා කරලා හොරෙන් කෝල් ගන්නේ උගේ ගෙදරිනම වීමයි

    ReplyDelete
    Replies
    1. සිහ්.. බැටලු අන්ඩකින් උඹලගේ ඔළුවට පොඩි තට්ටුවක් දාලා අඩි හයක් යටින් උඹව නිදි කරවලා, රෝස් කරල ඒ බැටලු අන්ඩ කෑව නං ඉවරයි බොගේ යාළුවගේ තාත්තා.. ඔව් ඇත්තට.. හැක්..

      Delete
    2. ඩුඩ්ගේ ආයුධ වලින් පහර දීම සපුරා තහනම්

      Delete
    3. දේශෝ,, ගඩොල් බාගයක් ඇති මේකාට......

      Delete
    4. ගඩොල් බාගේ අපරාදේ නැද්ද බං මේ හුණු පැටියෙක්ට විසි කරන්න..

      Delete
  7. එක පාරයි.. දෙපාරයි.. තාම තේරුනේ නෑ.. දැන් තුන්වෙනි පාරටත් කියවනවා..

    ReplyDelete
    Replies
    1. //රිසිවර් එක ඉස්සුවා. ෆ්ලිප් එකට අත තිබ්බා.

      ටක්......... ටක්.................ටක් ටක් ටක්//

      ඔන්න ඕක කරල බලන්න. හැබැයි ඇනලොග් පෝං එකකින්.

      Delete
    2. ට්‍රයි කොරලම බලන්ට ඕනෑ හිටු අද දෙන්න.. :P

      Delete
    3. එළ එළ... මල් කඩන්නෑ හරිය..

      Delete
    4. හරි හරි වැඩේ හරිනේ අෆ්ෆා... :D

      Delete
    5. ගොඩ ගොඩ නේ.. අර හැන්ඩ් පෝන් එකේ කීපැඩ් ටෝන් එකෙන් ට්‍රයි කළේ නැද්ද සිසියෝ..

      Delete
  8. ඔය ටක ටකස් සිස්ටම් එකනං මට ඇල්ලුවෙ නෑ. ඒත් අර හෑන්ඩ් ෆෝං එකේ ස්පීකර් කෑල්ල ටෙලිකොම් එකේ මයික්කෙට තියල නම්බර ඩයල් කරන එකනං මාත් කොරල තියෙනව.

    මේ වගේ කතාවක් මීට කලිනුත් කවුරු හරි කිවුව වගේ මතකයිනෙ.

    ReplyDelete
    Replies
    1. ඉතිං ඔයැයිට බැරිද ඒක ගෙනැත් දාන්න මෙතැන.. හැලපගේ ගොට්ටා.. හැක්

      Delete
    2. බොලේ අහු වෙලා.. තැන්කුයි ප්‍රසා..

      Delete
  9. ඔච්චර දඟලන්න ඕන නෑ. ඕන ඉන්ටකොම් සිස්ටම් එකක, ඩිරෙක්ට් ඩයලින් කෝඩ් එකක් තියෙනවා. ටෙලිෆෝන් ඔපරේටර්ස්ලා ඕක දන්නවා. උන්ට චොකලට් දුන්නම නම්බරේ දෙනවා. ඒවා ඉතින් මාතලන් මෙතඩ්.. ලේසී නෑ.. අන්තීමට කෝල් විතරක් නෙමෙයි වෙන ඒවත් නොමිලෙම ලැබෙනවා..

    ReplyDelete
    Replies
    1. දැන්නේ තේරුනේ.. උඹ නේද අර කිරිකට් බෝඩ් එකේ සංචාරක කිරිල්ලිට චොකලට් දුන්නේ.. හැක්..

      Delete
  10. අපිත් ඔය ටක ටකස් වැඩෙ කල කාලයක්.මම් හිටිය කටුබැද්දෙ ගෙදරක බොඩින් වෙලා.එක අයිතිකාරු මුලු ගෙදරම බොඩින් අයට දීල තිබුනෙ.මිනිහ හිටියෙ වෙන දිහාවක.ඔකේ සාලෙ තියෙන ටැලිපොන් එකෙත් අන්කටික ලොක් කොරල තිබුනෙ.ආන් එකට දුන්න වැඩෙ.පස්සෙ කාලෙක ඉබ්බට හරියන යතුරක්ම හම්බ වුනා.ඉට පස්සෙනම් ඉතින් කියල වැඩක් නැ.
    හැබැයි අපි රජයෙ ඩ්ජෙපලනම් කැවෙ නැ.අපි හොද ලමයි නේ.උබල වගෙ නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. පව් බෝඩිමේ අංකල්.. පියඹ කොහොමද දන්නෑ දැනගත්තේ උඹ වගේ එකෙක් “හොද අයියා“ කෙනෙක් කියලා.. හැක් හැක්.. ඉදගෙන..

      Delete
  11. ඉතින් මහින්ද මහත්තයා ඔය කීයක් හරි සාක්කුවට දාගත්තාම බනිනවා....

    ReplyDelete
    Replies
    1. ඒකනේ. ඔය කාසි දෙක තුනක් සාක්කුාවෙ දාගත්තම මක් වෙනවද?? හැක්..

      Delete
  12. හොර ගෙඩියා... කියන හැටි විතරක්!!

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. තවත් ගෞරව නාමයක් මට ලැබිලා.. සන්තෝසයි..

      Delete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. අපේ ලොක්කෙක් හිටියා. Staff එකේ කාට හරි කෝල් එකක් ආව ගමන් “එයා නෑ, නිවාඩු“ කිව්වා... තිව්වා... දවසක් ඊට වැඩි ලොක්කෙක් අපේ ලොක්ක ඉන්නවද කියලා එයාගෙන්ම අහලා. පොර කිවුවා “එයා නෑ, නිවාඩු......................ආ...නෑ...නෑ... සර් මං ඉන්නවා... මං ඉන්නවා“ කියලා.

    ReplyDelete
    Replies
    1. බොට කියන්න අපේ ලොක්කා සීඊඕ කෝල් එකක් දුන්නම නැගිටල ආන්සර් කරන්නේ.. දෙකට නැමිලා.. හැක්..

      Delete
  15. චැහ්! මට නිකං ග්‍රීක වගේ. මෙලෝ දෙයක් තේරුණේ නෑ. මොනා උනත් ජිල්මාට් එකක් දාල දේශා වැඩේ කරගෙන කියලනම් තේරුණා.

    ReplyDelete
    Replies
    1. අමතක උනා බං 16+ ගහන්න.. හැක්..

      Delete
  16. ටක්....ටක් ඔබල කෝල් ගන්න එක, හැංගිලා ගෝලීප් බොන තැන, අපේ සීනියර් බුවාල දවස් දෙකෙන් කියල දුන්න.
    ඇත්තටම ඩිරෙක්ට් ඩයල් කරන්න පුලුවන් කෝඩ් එක අර මාතලන් කිවුව විදිහට ගන්න එක තමයි ලේසි.

    ReplyDelete
    Replies
    1. මචං.. කම්මලේ.. අපේ පෝං වල ඒ පහසුකම තිබුනේ නැහැ.. බෝඩ් එකෙන් ඕෆ් කරල තිබුනේ මොකක් හරි ටෙක්නිකල් අවුලක් නිසා.. ඒකයි ටෙලිකොම් වෙනම ලයින් දීල තියෙන්නේ.. මාතලං චොකලට් දීල කොයි තරං කෝල් අරන් ඇත්ද කෝල් දීල ඇත්ද?

      * කෝල් = උම්මා.. හැක්..

      Delete
  17. අපි දන්නවා අපි දන්නවා උඔ යස්සයා කියලා..
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. මය යස්සයා කියල ඔය එකෙක් කිව්වමයි.. එළද බ්රාදත් අහනවා.. හැක්..

      Delete
  18. හොරකම මෙච්චර රසවත් වෙන්නේ කොහොමද කියල හිතනකොට පුදුම හිතෙන්නැද්ද බං? මේ වැඩේ කොච්චර වැරදි එකක් උනත්, ඕකේ මාර ආතල් එකක් තියෙනවා. ඇයි හොර යතුරු හදාගෙන අනිත් උන් ගෙදර දාලා යන බයික් පදින එක? පුදුම මිහිරක් තියෙන්නේ.

    දැන් උඹට මෙහෙම කෙලියක් වෙනවා දේශ්. අර හැලපයා කියලා තිබ්බා වගේ උඹ දැන් කාවහරි විවේචනය කලොත් හොරකම වංචාව සම්බන්ධයෙන්, උඹට හම්බවෙයි රිටර්න් එක පොරි හැලෙන්න.

    ReplyDelete
    Replies
    1. ආ ඔව්නෙ.. අපිත් පැද්දනෙ බයික් එහෙම...

      එහෙම පදිනවනම් අයිති කාරයන්ට ඔයිල් බලන්න එහෙම දෙන්න එපා ඕන්...අත්දැකීමෙන් මේ කියන්නෙ... :D

      Delete
    2. යකෝ බොලන්ලා පුජනීය හොරවැඩ නී කරලා තින්නේ.......

      Delete
    3. නැතිව නැතිව. සෙන්නට කිව්ව වගේ ඒ වගේ හොර වැඩක් ප්‍රොෙෆෂනයිස් උනාම මාර ආඩම්බරයි.. හැලපයා.. බලමු මට කියන්න ආපු දවසට තමා මං ඔය යකාගේ හැලප කොලේ ගලවල සීන දියර ටික මිරිකල බිමට දාන්නේ.. හැක්...

      Delete
    4. ඔව්,සමහරු ඒ බයික් පැදලා තියෙන්නේ හරිම අපුරුවට හොර යතුරු තිබ්බත් ගෙදරදී ස්ටාට් නොකර තල්ලු කරන් ගිහින් ස්ටාට් කරලායි...:D
      බලන්න හොර කම වුනත් තවත් අයට ආදර්ශයක් ගන්න පුළුවන් විදියට කරලා තියෙන ලස්සන.

      Delete
    5. ඒකනෙ කියන්නෙ මනෝජ් මුන් පුදුම හොරු බලන් ගියාම.. ඒත් වංඥාවට ආයුස නෑලු නේද ?

      Delete
    6. හෙහේ,අනේද කියන්නේ වැඩේ කියන්නේ සෙන්නයියේ ඒ බව දැන,දැනම වංචාව කරන එකනේ බං.

      Delete
    7. මාත් දන්න ඒ වගේ හොර ගෙඩියෙක් හිටියා මනෝජ්.. කරුමෙට මට ඒකගේ නම මතක නෑ. ඒත් මොකක් හරි බෝතල් කේස් එකක් තියෙයි කියල නං මතකයි.. හැක්

      Delete
    8. http://deshakaya.blogspot.com/2014/01/blog-post_19.html
      මේ ඉන්නෙත් බෝතල් හොරෙක්.මට මතක හැටියට එකත් නම දාගෙන තියෙන්නේ දේශකයා කියලා.බලපංකෝ උඹේ නම කැත කරලා තියෙන හැටියක් හෙහේ

      Delete
    9. අප්පට බොල. ඔය ඉන්නේ තවත් පට්ට හොර ගෙඩියෙක්.. හැක්..

      Delete
  19. අපේ යාලුවෙක් බෝඩිමේ අංකල්ටත් ඹයවගේ ගේම් එකක් දීල තිබුන. පස්සෙ ඩීටේල් බිල් එකත් පෝසට්මන් අල්ලගෙන උස්සල තිබුන

    ReplyDelete
    Replies
    1. බෝඩිමේ අංකල්ගේ කීපෑඩ් එකක් තියේද බං.. හැක්..

      Delete
  20. මේකා මේ යල් පැනපු කතාවක් දැන් කියලා .... කව්රුත් දැන් එහෙම ඕක කොරන්න යන්න එපෝ දෙටෙඅල් බිල ආපු ගමන් සෙට්ටප්පොච්චි

    ReplyDelete
    Replies
    1. කාම පැය තාම තියේද බං.. (ඉවාන් අහපු නිසා මට මතක් උනේ.) හැක් හැක්..

      දෙල් අට බිල ද උම කිව්වේ මැලේයෝ.. තෝ බීලා ගන්දස්කාරේ බෑ.. හැක්..

      Delete
  21. හික්ස් කිව්වලු.. අපේ ගෙදර ෆෝන් එකේ මම ඔය ටක ටක කේස් එකට බීප් එක මාරු කරලා තියල අත්තාගෙන් අහගත්තා දවසක්..

    ReplyDelete
    Replies
    1. අගහරුවා.. උඹත් මාර පුත්තරයෙක් නෙව..

      Delete
  22. ඔය වගේ සොයා ගැනීමක් කළාම ඒක මහා වීර කමක් හැටියට නේද දැනෙන්නෙ..මොනා වුනත් උඹ ඒකෙන් සෑහෙන ස්කෝර් කරලා තියනවා දේශිකාගෙන්..

    ReplyDelete
    Replies
    1. අන්න මචං පොයින්ට් එක. ඒ කාලේ ඕවා හොයාගත්තම ඒක මහා ආඩම්බරය් විදියට තමා පේන්නේ.. දේශිකාගේ ස්කෝර් එක දැං බැහැල බං.. තව ටික දවසකින් “ගෝල්ඩන් ඩක්“ වෙයිද මන්දා..

      Delete
  23. හප්පොච්චියෙ ඉස්සර මම හිටිය කෑම්ප් එකක අපේ එවුන් ඔක්කොම මගේ ළඟට තමා එන්නේ අඬාගෙන 'ඔය කෙරමෙට කොහොල් එකක් ඇන්න දීපං මචාං'...............කියාගෙන. මම විතරයි ඔය විදිහට කොටන්න දැනගෙන හිටියේ.

    කොහෙද මේ අසමජ්ජාති දිගිටෙල් ද මොකද්ද මගුල ආව නිසා ඒ සොමිය ඉවර වුණා.

    ReplyDelete
    Replies
    1. ඔය දිගිටෙල් තමා බං විචෝ අපේ වොලට් එකට මාරයා ගෙනාවේ.. හැක්.. විචාත් මං වගේම නීලම නීල හොර බට්යෙක් නෙව..

      Delete
  24. ඉතින් රට වලපල්ලට යන එක අහන්නත් දෙයක්යැ

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහල.. හැක්.. වෙලාවට බං තාක්සනේ දියුණු උනේ. නැත්නං ලොකු මාමාට කන්න භාණ්ඩාගාරයක් අපි ඉතුරු කරන එකක් නෑ.. ජෝනා මොකද ආච්චම්මා පෙට්ටගම ඉස්සුවද??

      Delete
    2. තාම අලුත් නවාතැනට සෙට් උනෙ නෑ සෙට් උන ගමන් ලියනවා

      Delete
    3. හරි සැට් වෙච්ච ගමන් පෙට්ටගම පරිස්සමට ගෙනිහින් තියල බලහං වස්තුවේ..

      Delete
  25. අනේ අර චන්ද්‍රිකා මැඩම්ගෙ ආණ්ඩුකාලෙ.ඒක තමයි ඒ උන්දැගේ ආණ්ඩුවෙ ඔච්චරම දූෂිත වංචා තිබුණෙ. මෙහෙමත් හොරු..

    ReplyDelete
    Replies
    1. පල් හොරු පල් හොරු මල් හොරු...

      Delete
  26. හෙහ් හෙහ්, ඔයින් එකක් තමයි අපේ ඉස්කෝලෙට ඒ කාලේ ගෙනත් හයි කලේ.. අපේ වැඩේම ඉස්සර ඉන්ටවල් එකට හතර වටේ කතා කරන එක..

    මේ යල් පැනපු හොර ක්‍රම දැන් කියල දීලා වැඩක් තීනවයි.. අළුත් තාලෙට හරියන එකක් කියන්න ඕන එක්කෝ..

    ReplyDelete
    Replies
    1. දැන් කරන්නේ අනුන්ගේ internet එකෙන් හොරට log වීමයි. දැන් හැම කෙනෙකු ලගම වාගේ yi fi තාක්ෂණ පහසුකම් තිබෙනවා.wireless router වල signals යන දුරක ඉඳලා අනුන්ගේ pass words ඇත්නම් ඒවා කඩලා log වෙන්න දන්නා අය මෙහෙ ඉන්නවා.මගේ internet පහසුකම ඉස්සර කාලේ දුන්න unlimited එක නිසා මට නම ඒක ගැටලුවක් නෙමෙයි.

      Delete
    2. අළු්ත් කරමේ ගැන ඔය අපේ ඩබ්ලිව් ඇම් කේ මලයා කියන්නේ.. බොලාට කියන්න අපේ ගෙවල් කිස්ටුව තියෙන ස්ටාර් හෝටලේක ර්‍ෆ්‍ර වයිෆයි තිබුවා. අපේ මලයාගේ ටැබ් එක අරන් මං ඒ දවස් වල රෑට යනවා ඔතකට. ගිහිල්ල පැය දෙක තුනක් ආතල් එකේ පිලුම් බලනවා.. නිකම්ම. ඕක ආරංචි වෙලාද මන්දා උන් ඒ පාර පාස්වර්ඩ් දාලා තිබුකා. ඒවා කඩාගන්න මං දන්නෑ. ඒත් ඒකේ වැඩ කරන එකෙක් කිව්ව පාස් වර්ඩ් එකට රූම් නම්මර් තමා දීල තියේනන් කියලා.. රූම් 35 ක් ද කොහේද තිබුනා. ඒ මදෑ නේද බං.. හැක්..

      Delete
  27. මම දන්නා එකෙක් හිටියා සුදන්ත කියලා. ඒකා ඔය ක්‍රමේ හොඳට දන්නවා. නීල හොරුන්ට විතරයි ඔකේ ටයිමින් සෙට් වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. අපි දන්න එකෙක් හිටියා දේශකයා කියලා

      Delete
    2. නීල හොරුන්ට විතරයි ටයිමින් සෙට් වෙන්නේ.../// මේක මට නං නියමෙට ටයිමින් වලට සුදීකයා දාපු බෝම්බයක්. හැක්.

      අර දේශක(හිස්තැනක්) යා කියන එකා නෙමෙයි නේද මැන්ඩෝ...

      Delete
  28. අර ෆෝන් ගැන යට තිබුණු කිසිම දෙයක් තේරුනේ නෑ. දුකේ බෑ...:(

    ReplyDelete
    Replies
    1. ඒකට ඉතින් චූටියටවත් මොලයකුත් ඕනෙනෙ

      Delete
    2. අනේ බං ඇනෝ ගනං ගන්න එපා.. පොඩ්ඩිට ඔය සුට්ටක් වත් මොළයක් තිබ්බ නං මේවා බලන්න එයියැ.. හැක්..

      අර පිසාට දිපු උත්තරේ දෙන්නත් හිතයි. එක්කෝ ඕන නෑ.. කීකරු ළමයා නේ.. හැක්..

      Delete
  29. තාක්ෂනයේ ක්ෂණික දියුණුව හොඳයි කියල මේ වගේ වෙලාවලනම් හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. එහෙම හිතුවනං අපේ මල්... කැඩිල්ල අහවරයි නේද පුතේ..

      Delete
  30. අනේ මං ඔය කියපු කිසි දෙයක් තේරුන්නෑනෙ..
    සමාර විට ඔය පොං සීං එච්චර දන්නැති හංද වෙන්නඇත

    ReplyDelete
    Replies
    1. වෙන්ටැති.. අර ප්‍රාට බුරතිනෝගේ රට ගැන කව්ද කිව්ව වගේ මටත් කව්ද කිව්වා උඹ පෝර්න් ගැන නං දන්නවා කියලා... හැක්..

      Delete
  31. සික් දැන් ඔවුවා කියලා ඇති වැඩේ මොකක්ද. හ්ම්ම්

    ReplyDelete
    Replies
    1. ඒකට කරන්න දෙයක් නෑ.. අපි එන විදියකට බලමු. හැක්..

      Delete
  32. අපි හිටපු උසස් යයි කියන අද්යාපන ආයතනයේ කොයින් බොක්ස් එකක් තිබුන, කොසු මිටකින් වගේ එකකින් ඉහල වයර් එකට ගැහුවහම ඩයල් ටෝන් එනව , හුඟවෙලාවක් කතා කරන්නත් පුලුවන්. සමහර වෙලාවට ඒක ජැක් පොට් මැෂින් එකක් වගෙත් වුනා කාසි හිරවෙනව එකපාරට හිරවුන කාසි ඔක්කොම එලියට එනව

    ReplyDelete
    Replies
    1. අපි උසස් අද්දියාපනේ ගන්න ගිය රටක ඔය පබ්ලික් ෆෝන්බොක්ස් එකට කාසියක් දාලා, ඉතුරු සල්ලි එළියට එන්න තියන කවුළුවෙන්, ස්ට්‍රෝ එකක් උඩට රිංගවලා එහෙ මෙහෙ කලාම අර කාසියේ ක්‍රෙඩිට් එක එහෙම්මම තියෙද්දි කාසිය වැටෙනවා. ඒ ක්‍රෙඩිට් එකට කෝල් ගන්න පුළුවන්. හැබැයි වරකට එක කාසියක ක්‍රෙඩිට් එකට විතරයි. ඉතිං වැඩිම වටිනාකම තියන කාසිය දාලා අපි ලංකාවට කෝල් ගත්තා. තව, සල්ලි නොදා නම්බර් එකක් ඩයල් කරන්න පුළුවන් කම තිබ්බා. කෝල් එක කනෙක්ට් වෙනකොටම කට් වෙනවා. හැබැයි තත්පරයක් විතර කනෙක්ෂන් එක තියනවා. අපි නතර වෙලා හිටිය චමරියේ අයට, මගක ඉන්න ගමන් පොඩි පණිවිඩයක් දීගන්න අපි මේ ක්‍රමය පාවිච්චි කලා.

      Delete
    2. බුරතීනොලගෙ රටේ ඉන්න අපේ අය කොයින් වොශින් මැශින්වලට රුපියල් පහේ කාසි දානව කියල මට කිව්ව එකෙක්

      Delete
    3. බොට කියන්න දවසක් මාත් ටවුමෙදි ජැක් පොට් මැසිමක් ගත්තා. කාසියක් මැද හිරවෙලා.. තට්ටු දාලා දාලා ඇති වෙලා දුන්න කැඩියං කියල එකක්.. මොන වක්කඩ කැඩුවා වගේ අර පොන් හැංගර් එක අදින්න අදින්න දෙකේ කාසි වැටෙනවා.. හැක් හැක්..

      Delete
  33. අර කරකවන ටැලිපෝං වල ඩයල් එක කරකවන්න බැරි වෙන්න ලොක් කලාම, අර බට්න් එක ඔබලා කෝල් ගන්න එක නම් මම කරලා තියනවා. අපි හිටිය බෝඩිං වල ගෙදර අය පෝං ලොක් කරල ගියාම තමයි ඒ. ඔය ටෝන් කතාව නම් මම අදයි ඇහුවේ. මට මතක තියෙන්නේ ඔට ඩයල් එක වෙනුවට බට්න් තියන පෝං වල එක කොලම් එකක තියන නම්බර් වලට තියෙන්නේ එකම ටෝන් එක කියලා. එකම ලයින් එකේ නම්බර් වල නම් ටෝන් වෙනස පැහැදිලිව ඇහෙනවා. ඒත් ඒකම කොලම් එකේ නම්බර් වල වෙනසක් එහෙමට ඇහෙන්නේ නෑ. මම දැන් පෝන් එකක් අරන් ගහලා ගහලා තීරෙණය කලා පොඩි වෙනසක් තියනවා කියලා. හොර වැඩක් වුණත් අලුතෙන් යමක් දැන ගත්ත නිසා සමාව දෙන්නං...

    උඹේ පොටෝ එකක් දාපංකො බං අර කොන්ක්‍රීට් කාරයාව අහක් කරලා. උඹලා වගේ හොරුන්ගේ මූණ මතක තියං ඉන්න එක කොකටත් හොඳයි.

    ReplyDelete
    Replies
    1. ඒකනේ මං කිව්වේ. ටෝන් එකේ වෙනසක් තියෙනවා. ඒ ටෝන් එක ඇනලොග් පෝන් එක හරියට අදරුගන්නවා බං.. කොන්ක්‍රිට් කාරයා මගේ පොටෝ එකක් දාන්න ඉඩ දෙයිද බං.. හැක්..

      Delete
    2. @ තිසර, බොලා හදන්නෙ මේකට එන එවුවො ටිකත් නැති කරන්නද. මුගේ ෆොටෝ එකක් දැම්මොත් මේක බලන්න මැස්සෙක්වත් එන එකක් නෑ. :D

      Delete
    3. ඔව්.. ප්‍රසාගේ මුණ දැක්කම උන් ඔක්කෝම එහාට හැරිල යනවානේ. ඒ පින්තුරේ තියෙන සොහොන් ලකුණු නිසා වෙන්ටැති මයේ හිතේ.. හැක්

      Delete
  34. ඈ බං, 99 දි උඹ ජොබ් කරනවා එහෙනම්. අපි ඉස්කෝලෙ යන කාලෙ. කොල්ලා වගේ හිටියට බොට පුත්තලම් බූරුවො දෙන්නෙක්ගෙ වයසනේ.

    මමත් පොඩි එකා කාලෙ ඔය සෙනසුරාදා දවස්වල වගේ තාත්ත එක්ක එයාලගෙ ඔපීසියට යනව. ඒකත් ඉතිං ආණ්ඩුවෙ තමයි. එහෙත් තිබුනා අර හිලට ඇඟිල්ල දාලා කරකවන පෝං. හැබැයි ඉතිං නිවාඩු දවස්වලට ඉබ්බො දාලා ලොක්කරල තිබුනෙ. ඒ වුනාට මගෙත් ආසකරන වැඩක් ඔය පෝං එක එක්ක සෙල්ලම් කරන එක, පොඩි එකා නෙව. දවසක් උඹ වගේ අන්කල්කාරයෙක් මට අර සිස්ටම් එක කියල දුන්න, මමත් ඉතිං ගිහිපු හැමදාම ට්‍රයි කලා. ඔහොම කූරුගාද්දි කනාවට වගේ දවසක් දෙකක් නම් කොහෙන්දෝ මන්ද හලෝ කියල කතා කරා.

    ReplyDelete
    Replies
    1. කොච්චර ආසා හිතෙනවද නේද බං වැඩේ හරිගියාම.. කව්රු හරි අනිත් පැත්තේ කතා කරන එකා බැන්නත් කමක් නෑ..

      Delete
  35. මාත් බැලුවෙ මේ කට පුරා දේශක මාමේ කියලා කතා කරන්න ඕන මනුස්සයෙකුට දේශා දේශා කියලා අපි පවු පුරෝ ගන්න තරමක්.!!

    හරිම කුජීතයි!! :D

    ReplyDelete
    Replies
    1. වැරදිලා.. හැක් හැක්.. 2009 වෙන්ටෝනේ...

      Delete
  36. මේකා හොර හිපාටුවෙක්......දේශිකා නම් උඹෙන් පරිස්සම් වෙලාම ඉන්නවා ඇති හැක්

    ReplyDelete
    Replies
    1. කොච්චර ආඩම්බරයක්ද මෙවැනි ගෞරව නාම.. හැක්..

      Delete
  37. ඔයා හොර වැඩ අපිට තේරෙන්නේ නැහැ අංකල්.:D
    යකෝ මේ ආණ්ඩුවට අපි බනිනවා හොරු,නස්තිකාරයෝ කියලා බලන් ගියාම මේ ඉන්නේ රාජ්‍ය ආයතන විනාශ කරපු උන්.වැඩක් නැතුව පඩිත් ගිලලා,ටැලිපෝන් එකත් කලා.
    ඉල්ලාහන් අයියේ ඊගාව ජාතික මැතිවරණයකට.උඹට එකට සුදුසුකම් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. පැජරෝ එක්ක අරන් ගෙයක් හදාගෙන මාසේ අන්තිමට පොඩි (ලස්ස දෙකක විතර) සම්තින් එකක් එනවා නං මං චන්දෙට එනවා. කරුමේ කියන්නේ දැං ඉන්න උන්ට අතේ සතේ නැහැනේ බං ඔක්කෝම ගිලින්නේ මහ මාමා නේ.. හැක්

      Delete
  38. සැක් විතරක් කරලා තියන වැඩ. අපේ ඉස්කෝලේ ඉන්ටකොම් එකක් තිබුනා ඔෆිස් එකේ. අපි එක එක වැඩ වලට ඕකට ගියපු වෙලාවට ඔහොම මෙතඩ් එකක් තියන බව දන්න නිසා ඕක හොයා ගන්න ට්‍රයි කරා හරි ගියේම නෑ. ඒ ඉන්ටකොම් වලනම් ඩයල් පෑඩ් එකක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඩයල් පෑඩ් ඕන නැහැනේ.. අර ටක් ටක් චක්කරේ තමා හරියන්නේ..

      Delete
  39. //“ඔයා නං මාර මොළකාරයෙක් දේශා“ /// බොට හරියටම ගැලපෙන ශ්‍රියාකාන්තාව දේශිකාම තමයි...වෙන කෙනෙක් නං ඉතිං බොගේ පලු අරිනවනෙ....ඔය කියන කාලෙ තිබුනෙ පොදු දුරකථන කුටි. මතකද කාඩ් එක දැම්මම කථා කරලා ඉවර වෙද්දි පොඩි හිලක් වැදුන යුගය...ඒ සර්විස් එකේ නම මට මතක නෑ දැන්....මම පාවිච්චි කලේ 1998.

    ReplyDelete
    Replies
    1. හැක් හැක් සිරා සිරාවටම. මාත් ඉස්කෝලෙ යන කාලේ පාවිච්චි කලා ඔය ෆෝන් කාඩ්. ඒකට අපි කීවෙ "පේ ෆෝන් කාඩ්" කියල. ඕකේ මොණර, ගිරා, මලිති, කොබෙයි පිංතූර වලින් සහ ක්‍රිකඩ් ක්‍රීඩකයින්ගෙ පංතූර වලිනුත් ආවනේ. මා ගාව තාමත් තියෙනව කලෙක්ෂන් එකක්.

      Delete
    2. ඇත්ත බොල....ලස්සන ලස්සන රූප මුද්‍රණය කරලා තිබ්බ වග මතකයි. ඊයම් පාට තීරුවේ තමයි පුංචි හිලක් වැදුනෙ.

      Delete
    3. ඒ කාඩ් ගැනත් අමතක වෙලාම ගිහින් තිබුනේ සිරෝ. උඹ කිව්වමයි මතක් උනේ. තැන්කුයි.. ගෙදර ශ්‍රියා කාන්තාව මොන විදියට කියල හාන්ස් කිව්ව කතාවක් ළගදීම දානවා.. හැක්

      Delete
    4. Lanka Pay Phone මට මතක් උන විදියට කාඩ් සර්විස් එකේ නම.

      Delete
    5. හරි මතක් උනා බං.. තැන්කුයි..

      Delete
  40. වෙහෙරක් ගිලපු එකාට අග්ගලාවත් කජ්ජක්ද කිව්වලු... :)

    ReplyDelete
  41. ඉස්සර හොරෙන් ගෙදර ලෑන්ඩ් පෝං එකෙන් කෝල් ගත් කාලෙ මතක් වුනා.

    ඒ කෙල්ල මාත් එක්ක යාලු වෙලත් නැහැ. කෙල්ල විතරයි දවල්ට ගෙදර. මම නම්බරේ ගහල කටහඩ අහල, කතා නොකර ඉදල කට් කරනවා..

    අන්න ආදරේ..

    උබත් ආදරේ වෙනුවෙන් රැකියාව පරදුවට තියල ගහපු ගේම මැක්සා..

    ජය වේවා !!

    ReplyDelete
    Replies
    1. දැං හිතෙනවා බං අපරොදේ රටේ සල්ලි කාලා මරාලයක් ගෙට වැද්දගත්තේ කියලා.. හැක්..

      Delete
  42. Mechchara kiyalawath therun ganna beri heti!!

    ReplyDelete
    Replies
    1. මොනා කරන්නද ඉතිං. මයේ ලිවිල්ලේ අවුලක් ඇති බං. සොරි මචා..

      Delete
  43. මේ ලෝකෙ හොරු දෙජාතියයිලුනේ. එකක් මාට්ටු වෙන හොරු. අනෙක මාට්ටු නොවෙන හොරු. බලන්ගියාම අපි හැමෝම තමංගෙම හොරු. හැමෝම ධෛර්‍යය දනේනෙ මාට්ටු නොවී ඉන්න. ඒත් ගොඩක් එවුන් මැරෙන මොහොතෙ මට්ටු වෙනවලු. කාටද දන්නවද? තමුන්ටම. මේක මේ ටෙලි නාට්‍යයක පිස්සෙක් කීව කතාවක් ඈ. දේශක කලබල වෙන්ට ඕන නෑ ඕං

    ReplyDelete
    Replies
    1. නෑ නෑ කලබලයක් නෑ.. පොඩ්ඩක් කලින් දැනුවත් කරන්න බැරිද ජරාවක් දීලා හරි ඩේට් එක වෙනස් කරගන්න.. හැක්..

      Delete
  44. හි හී ... දේශකයා මේ වැඩ වලට දස්සයි එහෙනං :D

    ReplyDelete
    Replies
    1. යේස් යේස්.. පෝන් කෝල් ඕනද ඔය ළමැයින්ට?? හැක්.

      Delete
  45. මහ භාණ්ඩාගාරය
    එනම් අප ගෙවූ බදු
    ඔබගේ මල් කැඩීම
    ඒ නිසා පශ්චාත් මල් කැඩීම
    අරභයා විශාල ආයෝජනයක් කර ඇත.
    වාර්තා වෙන පරිදි
    වෙනත් මල් කැඩීම්වලට නොයා යුතු බව තරයේ මතක තබා ගන්න.

    එමෙන්ම ඔබ පාවිච්චි කරන
    ගල් හා ගෝලිප් හරහා යම් මුදලක්
    භාණ්ඩාගාර මුට්ටියට ලැබී ඇතත්
    ආයෝජනයට සාපේක්ශව ප්‍රමාණවත් නැත.

    ඒ නිසා කලින් කියූ අවවාදය
    තරයේම හිතට ගත යුතු නොවේ
    අලුත් මල් කඩන්න (ඔබගේ ෆෝනයෙන්)
    පවුල කැඩුනු පසු
    ගල් හා ගෝලිප් හරහා
    මුදල පියවා ගැනීමට හැකි වනු ඇත.

    මීට
    ආදරයෙන්
    ආර්ථික ඝාතක

    ReplyDelete
    Replies
    1. තව ටිකකින් තරයේ හිතට ගන්න කිව්වත් මං ගනං ගන්නෑ.. ඝාතකයෝ..

      Delete
  46. ග්‍රැහැම් බෙල් හිටියනම් එල්ලිලා මැරේවි අපේ අය ටෙලිෆෝන් වලට වද දෙන හැටි දැනගෙන.

    ReplyDelete
    Replies
    1. මිනිහාත් එහෙන් බෙල් නොබෙල් ත්‍යාගය කියල එකක් හදාවි.. කළකිරිලම.. හැක්

      Delete
  47. හපොයි මෙයත් කරලා තියෙන වැඩ... මේක කියවලා අනිත් අයත් මේ වගේ වැඩ කරන්න පටන් ගනීද දන්නේ නෑ...:D

    ReplyDelete
    Replies
    1. දැන් ඇනලොග් වලට තැනක් නැති නිසා මේවා කෙරෙනවා අඩුයි තුශානි.. වැඩ අස්සේ මේ පැත්තට ආවට ස්තුත්යි.

      Delete
  48. අම්මපා දැන්නෙ තේරෙන්නෙ දේශකයත් ඒ කාලෙ ඉදන් ඡන්දෙ ඉල්ලුවනං අද හොද ඇමතියෙක්.සුදුසුකම උඩින්ම තියනවා

    ReplyDelete
    Replies
    1. එහෙනං කෝමද අද වෙන කොට මගේ බඩ ගෙඩිය.. හැක්.. කාලෙකින් දැක්කේ දැං මල් කඩන්නැත්ද? හැක්

      Delete
  49. නෙද්දකිං. අදත් මම නැට්ටෙ නෙවැ. චැහ්

    ReplyDelete
    Replies
    1. ආනත්තරීය පාපකර්මට වලට වන්දිය.. හැක්..

      Delete