Thursday, July 31, 2014

කාල විපර්යාස!!!

1
“හෙට වෙනකං ඉවසන්නකෝ“

“බෑ බෑ අදම ඕන... හෙට වෙනකං ඉන්න බෑ“

“අද නං කෝමවත් කරන්න බෑ අනේ“

“ඔයා කියන්නේ පුදුම කතානේ.. මම දැං කොච්චර කාලෙකට කලින්ද මේක ඔයාට කිව්වෙ“

“ඒක මං දන්නවා අනේ.. ඒත් මට නං බැහැ අද ඒක කරන්න“

“මාර වැඩක්නේ මේක... දැං ඔයාම තමා කිව්වේ අද එන්න කියලා“

“හරි හරි.. මං කිව්ව තමා ඒත් දවස් දෙකකට කලින් නේ“

“ඇයි එතකොට දවස් දෙකකට කලින් කියපු එක මං විස්වාස කරන්න එපාද?“

“අයියෝ. ඔයාට තේරෙන්නෑ.. මං එහෙම එකක් කිව්වේ නෑනේ“

“මොකද නැත්තේ.. ඔයා ඒක තමා කියන්නේ“

“මට තේරෙන්නෑ ඔයාට කොහොම කියන්නද කියලා.. මාව විස්වාස කරන්නකෝ“

“හුහ්... මේ වෙනකං නං විස්වාස කරා තමා.. ඒත් දැන්නං නෑ“

“මොකක්ද අනේ ඔය තරං පුප්පන්නේ...ඔයා හරියට යකෙක් වගේ නේ“

“ඔයා හදන්නේ මගේ යකා අවුස්සගන්න තමා“

“අනේ මං නොදන්න යකා..“

“හුහ්... යනවා යන්න... මාව මෙතන අවුස්සන්න නේද හදන්නේ“

“අවුසන්න.. කුනු ගොඩක්ද“

“හා හා.. කුනු අවුස්සල හරි කමක් නෑ වැඩේ කෙරෙනව නං“

“ඒයි මේ මං ඇත්තටමයි කිව්වේ අද නං බෑ“

“ඔන්න ඉතිං ආයි බොරුව පටන් ගත්තා.. ලොකු පාට් නැතිව එනවා යන්න“

“අයියෝ බෑ අනේ.. තේරුං ගන්නකෝ..“

“මොනා තේරුං ගන්නද? මම දවස් දෙකක් නිවාඩු දාලාම ආවේ ඔයා කිව්ව නිසානේ.. ඇයි දැං මෙහෙම කියන්නේ“

“ඒකට හේතුවක් තියෙනවා.. ඒකයි මං බෑ කිව්වේ“

“මොකක්ද හේතුව“

“පොඩි හේතුවක්.. ඔයාට කියන්න බෑ“

“ඒක පුදුම කතාවක් නේ.. මට ඇත්ත නොකිව්වොත් මං තමුසෙව උස්සගෙන හරි යනවා“

“චිකේයියා.. උස්සන් ගිහින් ඔයා පැනල දුවාවි ෂුවර් එකටම“

“පැනල දුවන්න.. ඇයි ඔයා හිතුවේ මං බය වෙයි කියලද?“

“නෑ නෑ.. පිරිමි උනත් දුවයි පන කඩාගෙන.. ඒකනේ මං අද බෑ කියන්නේ“

“තමුසේ මාර බඩුවක් ඕයි... මං නිවාඩු දාන්න කලින් කිව්ව නං ඉවරයිනේ.. බලනවකෝ මං කොච්චර දේවල් හිතාගෙනද ආවේ.. සික් විතරක්“

“දුක තමයි ඉතිං. මටාත් එහෙමයි.. මං කියල මොනා කරන්නද අනේ.. “

“කියනව බලන්න මොකක්ද ඇත්ත කියලා..“

“ඒක ඔයාට කියන්න බෑ.. මම කලින් කිව්ව නේ අනේ. අහන්න එපා.. මට බෑ.. කරදර කරන්න එපා. මං යනවා“

“යනවා ඉතිං මට මොකද? මම නං ආයි තමුසෙට කතා කරන්නේ නෑ“

“එහෙම කරන්න එපා අයියේ...ඔයා පොඩ්ඩිත්තක් තේරුං ගන්නකෝ.. අනේ මං කියන එක අහන්න“

“නෑ මම යනවා යන්න.. තමුසෙල විස්වාස කරන්න බැරි ගෑනු...“

“මං බොරුවක් නෙමෙයි අයියේ කිව්වේ.. අනේ ඇත්තමයි.. ඔයාට උනත් මේක කියන්න බෑ... කාටවත් කියනව හෙම නෙමෙයි හරිද?? අද මං ලෙඩ වෙලා“

“ලෙඩ වෙලා.. ඔය යස අගේට ඉන්නේ..“

“එහෙම ලෙඩක් නෙමෙයි අනේ.. මේක මේ මාසෙකට සැරයක්...... හැදෙන පොඩි ලෙඩක්“

“ආහ්.. ඒකද?? කියන්න එපායැ.. ඕක.. හරි හරි.. යමු යමු එහෙනං.. ඕකනේ කියන්නේ.. කෙලින්ම කිව්ව නං ඉවරයිනේ.. තව ටිකෙන් මට තමුසෙව එපා වෙනවා.. හික් හික්“

**************************************************
2

“ඩාලිං... විල් යු කම් ටුමාරෝ..“

“යර්ස් හනී.. වට් ද් ප්‍රොබ්...“

“අ ලිට්ල් ප්‍රොබ් ඩාලිං. අයිම් රෙඩ් ෆ්ලැග්ඩ්...“

“ඕහ්.. ඕකේ.. දෙන් ෂැල් වී මීට් නෙක්ස්ට් සන්ඩේ“

“ඉට්ස් ෆයින්...ලව් යු ඩාලිං.. බායි“

“බායි හනී“


115 comments:

  1. මේකට ඒ කියන්නෙ 1ට සහ 2ට තේරුම් කිහිපයක් දෙන්න පුළුවන්.
    (1)වෙනස්ම හතර දෙනෙක්
    (2)එක්කෙනෙක් සහ වෙනස් දෙන්නෙක්.
    (3)දෙන්නෙකුගෙ අවස්ථා දෙකක්

    බලමු කස්ටික මොකද කියන්නෙ කියල

    ReplyDelete
    Replies
    1. 1.මං හිතන්නේ සංස්කෘතිය කියන රාමුවට හිරවෙච්ච කපල් එකක්
      2.නිදහස් මනසින් ජිවත් වෙන කපල් එකක්

      අනිත් අදහස

      1.අවුරුදු කීපෙකට කලින් සමාජේ
      2.නුතන සමාජේ

      Delete
    2. ඔමා අන්තිමට කිව්ව හරි...

      Delete
  2. Replies
    1. හිචි හිචි
      එක්කෙනෙක්ට බාසාවත් ටැපලිලා.

      Delete
    2. හැලපයියා ටෙස් මැච් වාගෙ ගහන්නේ :D

      Delete
    3. පැය විසි හතර ම තියේනං එක දවසං ඇති පැනියෝ..

      Delete
  3. Replies
    1. මම මේ කම්පනා කළේ 1 ද 2 ද කියල.

      Delete
    2. හැබෑට එදිරියා මොකද කලබල උනේ..

      Delete
  4. මේ දේශො, මීට පස්සෙ උඹයි මමයිත් ඉංගිරිසියෙන් කතා කරමු බං. වෙලාවත් ඉතුරුයි. උඹට මාගල් කොටන්න ඕනත් නෑ. :)

    ReplyDelete
    Replies
    1. ඒකනං හැබෑව බං.. ඉංගිරිසියෙක් කියන්න තියෙන දෙයක් කියගෙන හිටිය නං අහවරයි.. හැක්..

      Delete
  5. එදා සහ අද වෙනසද ?
    ගොඩේ සහ පොෂ් වෙනසද ?
    ගෝත්‍රිකයින්ගේ (අතින් බත් කන උන්ගේ.. හෙහ් හ් ) සහ ශිශ්ඨයින්ගේ වෙනසද ?

    ReplyDelete
    Replies
    1. කාල විපර්යාස කිව්වේ මොකද එතකොට.. හැක්..

      උඹ නිවාඩු ගන්නවා වැඩියි හරිය...

      Delete
  6. අය්යූ...... මේව කෝපිකාලෙ කතානෙ වාරකං වලට බෑ කියන්නෙ.. ඇයි අතයි කටයි තියෙන්නෙ ගින්දරවගේ. මේ වගේ දවස් වලට අතිං කටිං වැඩක් දාල ඉනාකොට යන ඒවත් වදයක් කරදරයක් හිරවීමක් නැතුං සෝක් එකට යනව. ඔලුවෙ කැක්කුං... කුක්කු කැක්කුං බන්ඩි කැක්කුං හොඳවෙනව. හෙහ්...හෙහ්....

    ReplyDelete
  7. අනේ මන්දා? පස්සේ කමන්ටුවක් දාන්නම්.

    ReplyDelete
    Replies
    1. තව දවසක් අල්ලල හිටිං ඔහොම. හෙට වෙද්දි හරියයි :D

      Delete
    2. කෝ ඉතිං දැම්මයැ..

      Delete
  8. Replies
    1. මට නම් මේ දෙකේ පේන්නෙ, කෙල්ලගෙ වෙනස. දෙවනි කෙල්ල හරි විවෘත කෙල්ලෙක්. පළවෙනි කෙල්ල ඇඹරෙන ඇඹරිල්ලට, අනේ මන්දා මාවත් ඇඹරිලා ගියා. :D :D

      වරද්ද ගන්න එපා. මම කියන්නෙ මට අහවල් එක වෙලා කියලා කෙල්ලෙක් හැමෝටම කියන්න ඕන කියන එක ගැන නෙමේ. ඒත් අර කොල්ලත් එක්ක අහවල් වැඩේ කරන්න පුළුවන් කෙල්ලට කට ඇරලා "මට අද ×××× අපි වෙන දවසක ඉමු" කියලා ඌට කියන්න බැරි කමක් නෑනෙ. තව නූලෙන් වැරදි වැටහීමක්නෙ ඇති වෙන්නෙ.!!

      කොහොම උනත් කතා දෙකේම කොල්ලො දෙන්නට 'අත සරණයි…!!!' ;) ;D

      Delete
    2. මම නං කියන්නෙ ඒ සිම් එක ගලවලා අනිත් සිම් එක දාල ඉස්පෙයාවීල් එකට කතාකරානං එදා ගොඩ යන්ඩ තිබ්බා.… මූ කතාව බාගෙට නෙවැ කියල තියෙන්නෙ. චැහ්.

      Delete
    3. මම කිව්වේ කාලය ගැන.. බං...

      Delete
  9. “ඩාලිං... විල් යු කම් ටුමාරෝ..“

    “යර්ස් හනී.. වට්ස් ද ප්‍රොබ්...“

    “අ ලිට්ල් ප්‍රොබ් ඩාලිං. අයිම් රෙඩ් ෆ්ලැග්ඩ්...“

    “ඉට්ස් ඕකේ.. ජස්ට් අ බීජේ ඇන්ඩ් ඈම් ඩන්“

    “ෂුව තින්.. සී යා ටුමෝරෝ“

    :D :D
    දේශා කතාවෙන් දෙන පනිවුඩයට කෙලින්ම අදාල නැතිවීමට සමාව :)

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. අදාළ නැත්තෙත් නෑ බේයිලෝ...

      Delete
  10. හයියො සිම්පල් කෙස් එකක් නේ

    ReplyDelete
    Replies
    1. ඔහේට සිම්පල් ඇති.. අපිට එහෙම නෑ.. හැක්..

      Delete
  11. read this macho

    http://rashnierotica.wordpress.com/

    ReplyDelete
    Replies
    1. සුරගන සළු මොකටද අප්පා.. තැන්කුයි මචෝ..

      Delete
  12. පිස්සෙක්... ඕක මොකක්ද අප්පා.. ඔයිට වඩා ජරා පොට් වලත් රිංගන්නේ...

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නැහැ මචං ....

      Delete
    2. හෙහ් හෙහ්... වලාචාර්ය මාතලන්.

      Delete
    3. /වලාචාර්ය මාතලන්./

      මරු

      Delete
    4. මගුලක් කියනවා … නැද්ද බං :D

      Delete
    5. බොට කියන්න මාතේ අපේ නෑ කෙනෙක් ඉන්නවා ඌට හැමදාම ඕනලු...

      Delete
  13. ඔය තියෙන්නෙ. මැද ඉඳලම හිතුන මට. සිංහලෙන් කියාගන්න බැරි ගොඩක් දේවල් සුද්දගෙ බාසාවෙන් හරිම කෙටියෙන් ලේසියෙන් කියල දාන්න පුලුවන්.

    ReplyDelete
  14. අද නම් දේශා ඇඳේ අනිත් පැත්තෙන් නැගිටලා වගේ. දේශා සෑම පිරිමියෙකුගේ ජීවිතයට හිමිවන අම්මට, සහෝදරියට, බිරිඳට දුවට පොදු ධර්මතාවයක් සමච්චලයට ලක්කර ලිවීම ගැන කණගාටුයි. ජීවිතයක් බිහිවන එක් අන්තයක සාධකයකට මේවගේ නිග්‍රහ කරන්න එපා. දේශ්ගේ හරවත් රසවත් නිර්මාණවලටත් කැලලක්.

    ReplyDelete
    Replies
    1. මෙයා මගුලක් කියනව රෙද්ද....

      Delete
    2. තරෑ, ඔයා වරද්දගෙන මෙතන අපහසයක් නෑ.

      Delete
    3. සමච්චලයක් මෙතන නෑනෙ.

      Delete
    4. මුට මොන යක වැහිලද

      Delete
    5. සමච්වලයක් නෙමෙයි නේද මචං.. අවස්ථාව උදාහරණයකට අරගෙන දේශා ලොකු කතාවක් කියනවා.. ඒක බලහං ඇඟිල්ල දිහා නොබලා.. !!!

      Delete
    6. තරු....

      මේක සමච්චලයක් වෙන්නේ අපි ඔය සාමාන්‍ය සංසිද්ධිය ඕනවට වඩා හංගගෙන ඉන්න නිසයි. මට උවමනා උනේ කාලයේ තාලය ගැන ඉගියක් දෙන්නයි. ඉතිං ඒකට අවශය තරම් උපහැරණ තියෙද්දිත් මං මේකම ඇදල ගත්තේ තවත් එක් කාරණයක් නිසයි. ඔබ කියනවා වගේ මගේ සියළුම කාන්තා ඥාතින්ට මේක සිදු වෙනවා නෙව. එහෙව් එකේ ඇයි ඕක ඔයි තරං කතා කරන්න බැරි ගානට හංගල තියෙන්නේ. පාමසියෙන් ගත්තත් බ්‍රවුන් පේපර එකක ඔතල දෙන්නේ. සමහර උන් ගන්න ගියාම කඩේට ආපු ඔක්කෝම අය යනකං ඉන්නවා. මොන එහෙකටද?

      කිසිම විදියකින් මේ සාමාන්‍ය සංසිද්ධිය සමච්චලකේට භාජනය කලා නෙමෙයි එළිපිට ඒ ගැන කතා කිරීමක් විතරයි. එකම අරමුණ කාලයේ තාලය තේරුම් කර දීමයි.. ස්තුතියි තරු.. ඔයා කියන අදහස ගැන කිසිම අවුලක් නැහැ..

      Delete
  15. අනේ මංදා දේශක ඔය පලවෙනි එකේ වගේ කෙල්ලො දැනට ඉන්නව ද ?අහන්නත් ආසයි එ වගේ ඇබෙරිලා දෙන කතාවක් දැන් කියන්නෙ කණට ගැහුවා වගේ නේ ;))))කාල විපර්යාසයම තමා ....

    ReplyDelete
    Replies
    1. ඒක නෙව බං කිව්වේ.. ඔය තේරුනේ යස අගේට..

      Delete
  16. යකෝ කියන්න දෙවල් ගොඩායි. නමුත් කියන්නේ නෑ. යනවා දේශා කමෙන්ටුත් බැලුවා ^_^ 

    ReplyDelete
    Replies
    1. දුකයි ඉතිං ඒත් මක් කරන්නද??

      Delete
  17. Kella ambareddima mtanm seen eka mekayi kyla theruna. Oka kalinma kwwanm mokada wenne !

    Anika kollath gamana ynna kalin kellagen danagnna thibbe oka wenna dawas lagada kiyala. ;-) Ehema wunanm kollage balaporoththu kadenneth nane.

    - ISHAN - ( Ishange Satahan )

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි ඉෂානයත් ඇවිත් නේ..

      Delete
  18. කාල විපර්යාසම තමයි ඉතින්..

    ReplyDelete
  19. පිස්සු යකෙක්.......
    මං නම් ප්ලේන් යෝගට් එහෙකුත් කීල්ස් එකෙන් අරං ඇදගෙන යන්නෙ ........
    වෙනදට නැති පිලී සුවදක් නම් එනව තමයි ඉතිං ........
    ඒ වුනාට තමන්ගෙ කෙල්ලනේ අප්පා...... හෙක්....හෙක්.....

    ReplyDelete
  20. බායි හනී නෙවෙයි පිනි බායි හනී.

    කොහොමද මාස තුනකට හතරකට සැරයක් ඉතාම අමාරුවෙන් යුද පිටියෙන් නිවාඩු අරං එනකොට සෙල්ලම්පිටියේ ගේට්ටුව වහලා තියෙන්නේ කියනකොට හිතට දැනෙන සනීපෙ?

    බෝතල් දෙක තුනක් අරං එන හින්දා හොඳයි. නැත්තං ඉතිං.........................

    ReplyDelete
    Replies
    1. හයියු...........! ++++++++

      Delete
    2. අනුරාධපුරේ නැවතිලා නේද එන්නේ....

      Delete
    3. ඊයා..............අනුරාධපුරේ? ඇයි අපි ප්ලේන් ඒකෙන් ඇවිල්ලා බහින්නේ රත්මලානෙන් නේ. එතන ඉඳලා කොළඹට එනකල් කොච්චර දේවල් තියනවද?

      Delete
    4. එහෙම වෙලාවට තමයි ඉතිං හිතෙන්නේ වෙඩි කා මලත් සැපතයි කියල නැද්ද මං අහන්නේ විචාරකතුමෝ?

      Delete
    5. සෑර් නදන් කෑම්ප් එකේ දවසක් ඉඳලා ගියානං අහවරයි නෙවැ.. ඔය පරන බස්ටෑන්ඩ් එක පැත්‍තට … නැ එක්කො ඕන් නෑ… :D

      Delete
    6. @ පත්තරේ. කවුද බං අනුරාධපුරේ චාටර් වෙන්නේ, වැල්ලවත්ත, කොල්ලුපිටිය තියෙද්දී.

      Delete
    7. ඒකනං බරපතල කාරණාවක් තමා. ඒත් ඉතිං සති දෙකකට විතර නිවාඩු අරන් එන නිසා හොදා.. බෝතලුත් එක්කම. හැක්..

      Delete
  21. මගුලයි
    සෝක බරිතයි

    ReplyDelete
  22. දේශො දැංවත් ඉංග්‍රිස් ටිකක් ඉගෙනගනිං. නැත්තං බෙට වෙන්නෙ සැරිං සැරේ නිවාඩු දාල රස්සාවත් නැතිකරගන්න තමයි.

    ReplyDelete
    Replies
    1. මාරයගෙන් අහන්න ඕන ඒකා ගියපු තැන...

      Delete
  23. Aunt Polly has visited......

    ReplyDelete
  24. This comment has been removed by the author.

    ReplyDelete
  25. අයියෝ සැලරි කිව්වලු.........! මෙම අද කාලේ වෙනවද බන්. කාල විපර්යාසේම තමා..
    දැන් ඉතින් ඔක්කොම වැඩ ඇස්.ඇම්.ඇස්. වලින් නෙව,,,,,,,,,

    ReplyDelete
    Replies
    1. ඔව් නේ. දැං කොල්ලා දන්නවත් එක්ක නියම දවස්..

      Delete
  26. මේවගේ ඒවට කමෙන්ට් කොරන්න පිරිමි නමකින් බ්ලොග් එකක් හදන් එන්න ඕනි අප්පා.

    ReplyDelete
  27. ඕවත් වැඩද මල්ලි ඕවත් වැඩද

    එක සිම්පල් ප්ලෑන් එකක්

    මේක සොඳුරු ලෝකයක් \ සතුටු සිනා පිරුණු ..........

    ReplyDelete
    Replies
    1. සිම්පල් නේ... (තොපිට ඉතිං බෙල්ල ගහල ගියත් එහෙම නේ හැක්...)

      Delete
  28. බාසාවේ වෙනස...

    ReplyDelete
    Replies
    1. අර දෙවෙනි කතාවෙ කෙල්ල බැනල නේද ??
      " එන්නෙ එහෙම නෑ ඕවට මාත් එක්ක "කියල .. චැහ් මොකටද බං ඔහොම ගෑණුංගෙන් බැණුං අහන්නෙ.. මොකෙද්ද ඌ . නොදකිං

      Delete
    2. නැහැ විදානේ කාලයේ වෙනස..

      Delete
  29. ඇයි අප්පා අරූ කෙල්ල බලන්න එන්නේ ඕක කරගන්න විතරමද? හික් :D

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ එහෙම වෙන්ටැති සයිරි...

      Delete
  30. චී..................................................................ඊ...................................................යා
    බං ....:D

    ReplyDelete
    Replies
    1. ඇයි ඇයි මොකක්ද අප්සැට් එක..ලැජ්ජද???

      Delete
  31. පොඩිකාලේ ඉගෙන ගෙන නද්දා සමහර දේවල් දැක්කා නොදැක්ක ගානට ඉන්න ......

    ReplyDelete
    Replies
    1. මේවා බරපතල කාරණා මචෝ. කෙටියෙන් තකන්න එපා..

      Delete
  32. අනේද කියන්නේ? ලංකාවේ මෙහෙම වුනත් වෙන රටවල මෙහෙම වෙන්නේ නෑ.. කොඩිය දාල පැනල දුවන්නෑ

    ReplyDelete
  33. අර මචෝ "රෙඩ් ෆ්ලැග්ඩ්" කිව්වෙ මැයි දිනේ දවසෙ වෙන්ටැ.. ඇත්ත නේන්නං නිවාඩු උනාට එදාට කොළඹ පාරවල් වහල නෙවැ.. මාර ට්‍රැෆික්.. චැහ්. වැඩේ එපාවෙනවා රස්තියාදු වෙන්ඩ ගියාම..අනික සෙනඟ ??
    ඊට හොඳා තමා නිකං ඉන්නවා !!!!

    ReplyDelete
    Replies
    1. මැයි දිනේට තමා පත්තර මල්ලි. පාරවල් වහන්න බැරියරුත් දාලා. උඹ කියන එක ඇත්ත ඊට හොඳා තමා නිකා ඉන්න එක. මේ අනිත් උන් මොන හුන්නස්ගිරියක් ගැනද බං කතා කරන්නේ?

      Delete
    2. ඒකනේ කියන්නේ බලහං බොලා වගේ උපසාන්ත උන්ට විතරයි ඕවා තේරෙන්නේ.. හැක්..

      Delete
  34. සුදාගෙ කථාව මුල පේලි ටික කියවගෙන එද්දිම මට තේරුනා මේ පදුර තලාගෙන එන්නෙ මාසික විවිධ ප්‍රසංගය ගැන කියන්න කියලා. මේක දේශකයගෙ පැතුම් සුන් වූ දවසක ලියපු එකක් සුවර් ඇන්ඩ් සොට්..

    ReplyDelete
    Replies
    1. අනේ මට නං ඉතිං බලාපොරෙත්තු සුන් උනත් ගානක් නැහැ බං.. දැං වයසයි නේ.. හැක්..

      Delete
  35. අහෝ ඛේදයකි..ඉරි දෙකකි..බුදු අම්මෝ එකකි..

    ReplyDelete
    Replies
    1. නියෝජ්‍ය විිභී වෙල්කම් වේවා!!!

      Delete
  36. හෙට වෙන කං ඉවසන්න

    ReplyDelete
    Replies
    1. ඒ වෙන කොට හරි යයිද අයියේ... සීයා ටුමාරෝ..

      Delete