Monday, July 14, 2014

මාමයිට් වහ!!!

අපිට ඒ දවස් වල කාලා බීලා ඉන්න තරං ලොකු සල්ලියක් තිබුනේ නැහැ. ඒ කොහොම උනත් අම්මා අපිව බඩගින්නේ තියන්න නං ඉඩ දුන්නේ නැහැ. උදේට පාං කෑල්ලක්, නෙස්ප්‍රේ පිටි කෝප්පෙක පොඟවල හරි කන්න දෙනවා. දවල්ට බත් ඩිංගයි, ලුණුවිල කොළ ඩිංගයි එක්ක හරි කන්න දෙනවා.. ඉදල හිටල දවසක මේ දවල් කෑම එකට කරවල කෑල්ලක්, හාල්මැස්සෙක් එහෙමත් නැත්නං කටුමැස්සෙක් හරි එකතු වෙනවා. කටු මැස්සගේ මාළු වලට වැඩිය තියෙන්නේ කටු උනත් ඉදහිට ලැබෙන මේ රසම රස මාළු කෑල්ල කන්න අපි උගේ තියෙන ඔක්කෝම කටු ටික තුප් තුප් ගාලා ඇග වටේම බිමට දානවා. රෑටත් ඉතිං ඉතිරි වේච්චි බත් ඩිංක එක්ක පොල්සම්බල් ටිකක් හරි ගලේ අඹරලා කන්න දීලා තමා නිදි කරවන්නේ. ඔය සියළු සිද්ධින් ඒ දවස් වල දුකක් විදියට නෙමෙයි අනිවාර්ය අංගයක් විදියටයි මට හිතුනේ. කවදාවත් එළවලු මාර්කැට්ටුවකට ගිහින් නෑ මම ඒ කාලේදි.

මාර්කට් යන්න සල්ලි තියෙන එකක්යැ. ඒක නිසා ඔය කොහේ හරි වත්ත පිටියක, නැත්නං ලදු කැලෑවක තියෙන අලයක් කොළයක් අරන් ඇවිත් තමා අපි වේල සරි කරගත්තේ. මේවා කියන්නේ මේ අපි ගමේ ඉදල බෝම දුක් විදල හැදිච්ච මිනිස්සු කියල කියන්න නෙමෙයි. ඇත්තටම අම්මට අපිට කන්න බොන්න දෙන්න හරියට ඇඳුමක් අරන් දෙන්න, පොතක් පතක් කලට වෙලාවට අරන් දෙන්න හැකියාවක් තිබුනේ නැහැ තමයි. ඒත් ඒ දවසෙදී මට කවදාවත් හිතුනේ නැහැනේ අපි මේ විදියට කෑම කන්නේ, පරණ ඇදුම් අදින්නේ, පරක්කු වෙලා පොත් අරගන්නේ සල්ලි නැති නිසාය කියලා. මට හිතුනෙම මේ හැමදෙයක්ම වෙන්න ඕන විදියට වෙනවා කියල විතරයි. සෙල්ලං බඩුවක් අරන් දෙන්න උනත් මම අම්මට කරදර කරන්නෑ. මොකද සෙල්ලං බඩු කියන එකක් අපිට අදාළ නැති දෙයක් විදියටයි මට ඒත්තු ගැන්විල තිබුනේ.

කොහොම හරි මාසෙකට විතර සැරයක් අමාරුවෙන් පෙරුම් පුරල අම්මා අරන් එනවා කහපාට පොඩි පෙට්ටියක් දාපු කළු පාට කුප්පියක් ඒකේ පියනත් කහ පාටයි. අම්මා බෑග් එක ඇරල ඒ පෙට්ටිය අතට අරන් මට පෙන්නන කොට මට පේනවා අම්මගේ ඇස්වල දිලිසෙන ධෛර්යය. “බොලාට මේ වගේ කෑමත් මං අරන් දෙනවා“ කියල කියනවා කියලයි අම්මගේ ඇස් දැක්කම මට හිතෙන්නේ. ඒත් මට.... ඒ කහ පාට පෙට්ටිය දැක්ක වෙලාවේ ඉදල ඔළුව කැරකෙන්න ගන්නවා. දැං ඉතිං දෙයියනේ කියල සතියක් දෙකක් අපා දුකක් විදින්න එපායැ කියල හිතලා.

දන්නවනේ ඔය කහ පෙට්ටියේ කහ පියන ඇතිව එන කළු කුප්පිය මොකක්ද කියලා. ඒක තමා මාමයිට් කුප්පිය. කුප්පිය ගෙනාපු දාම හවසට අම්මා වතුර උණු කරල ඒකට අර කුප්පියෙන් ඩිංගක් දාලා හොදට කළතවල, ගෙයි පිටිපස්සේ තියෙන කරපිංච ගහෙන් කොළ දෙක තුනකුත් ගෙනැත් හෝදල අර කෝපපෙට දාලා ප්ලාස්ටික් පිඟානෙන් වහල ටික වෙලාවක් තියෙන්න අරිනවා. ඊට පස්සේ ඒ කෝප්පේ තියෙන ටික අර පිඟානටම දාලා තත්පර දහයක් විතර තිබුනට පස්සේ කෝප්පෙට දාලා මට දෙනවා.

“බීපං පුතේ.. මේවා හොද ගුණයි.. මොලේ වැඩෙනවා.“

අම්මා දෝතින්ම දෙන සල්ලිකාර ආඩම්බර කාර මාමයිට් කෝප්පේ මගේ අතට ආවම මං හරියට කරුමක්කාරයෙක් අතට වැඩියා වගේ තෝන්තුවෙන් ඒ දිහා බලාගෙන ඉන්නේ අම්මා ඩිංගක් එහාට මෙහාට වෙනකං. ඔය කෝප්පේ කැලතුන මාමයිට් තල්ලිය දිය වෙලා උණුවතුරේ තැම්බුනාට පස්සේ හුමාලෙත් එක්ක එන ගන්දස්කාරේ ඉවසගන්න බෑ. ඒක හරියට ලැට් එක පිටිපස්ස පැත්තට යනකොට එන ගඳ වගේ කියල මම හිතාගෙන හිටියා. ඔය හේතුව නිසා නහයට කිට්ටුවෙන්වත් මම මාමයිට් කෝප්පේ තියාගන්නේ නැහැ. දුං දාමින් නිවෙමින් යන අර කෝප්පේ විනාඩි ගානක්ම මගේ අතේ දුරින් තියෙන කොට, අම්මා ඒ කිට්ටුවෙන් ගියොත් ඉතිං ආයිත් උපදේශයක් දෙන්න පටන් ගන්නවා.

“ඕක බීල හිටිං පුතේ. ඔක්කෝම ටික බීපං.. ඩිංගක් වත් විසික් කරන්න එපා“

මමත් හා හා අම්මේ කියල අර කෝප්පේ දිහාම බලාන ඉන්නේ ආයිත් අම්මා අන්තරස්දාන වෙනකං. අම්මා ගියාම මම හරියට ෂර්ලොක් හෝම්ස් වගේ සියළු කාරණා හිතින් කිරල මැනල බලනවා. පොළවේ සිමෙන්තිය හෙල්ලනෙවනං අම්මා ගෙයි මට කිට්ටුව තැනක මොකක් හරි වැඩක්. ඒක නිසා මොන වෙලේ එයිද දන්නෑ. ලිදෙන් එක වතුර පනිට්ටුවක් ඇදල අනිත් එක අදින්න පරක්කු වෙනවා කියන්නේ අම්මා ළග ළගම කුස්සියේ බාල්දියට පුරවන්න වතුර එකක් අරන් එනවා කියන එකයි. ඒත් කිසිම සද්දයක් නැතිව විනාඩි දෙක තුනක් කල් ගත වෙන කොට නං හිතාගත්තෑකි අම්මා ටිකක් ඈතකට ගිහිල්ලා කියලා. අන්න ඒ වෙලාව තමා හොදම වෙලාව. මම හොර පූසෙක් වගේ ඇගිලි තුඩු වලින් කුස්සි දොර ගාවට ඇවිත් වට පිට බලනවා. අවට පරිසරය නිහඩයි නිසසලයි නං හෙමින් සීරුවේ අනිත් දොරින් පස්සා පැත්තට ගාටනවා. ඊට පස්සේ පාර මාරු වෙන්න වගේ ආයිත් දෙපැත්ත, තුන් හතර පාරක් බලල දුවනවා වැට අයිනේ තිබුන කෙසෙල් පදුර ගාවට. එතැන ඕන තරං ඉඩ තියෙනවා කෝප්ප නෙමෙයි බැරල් පිටින් උනත් හලන්න. ඉතිං සනීපෙට පෝර ටික ගහ මුලට හලල මම කෝප්පේ ගෙනැත් කුස්සි මේස කෑල්ල උඩින් තියල පියාඹල යනවා. 

මොන වෙලාවක හරි කුස්සියට එන අම්මා හිස් කෝප්පේ විතරක් තියෙනවා දැක්කම බෝම සන්තෝසෙන් මට කියනවා. 

“අන්න හරි හොදයි. මේවා හොද ගුණයි.. මොලේ වැඩෙනවා.. ඔක්කෝම බීලා.. හොද ළමයා“

ඔය හොද ළමයා කියන කතාව පැත්තකට දාන්න තිබුන අකමැත්ත හින්දම අමාරුවෙන් උනත් අම්මා දෙන මාමයිට් කෝප්පේ උස්සන් ඉන්නේ ඔක්කාරේ එන්න ඔන්න මෙන්න තියෙද්දීයි. එහෙම නේ ආදරේ ඇති ළමයි කරන්නේ. කොහොමෙන් කොහොම හරි වැට අයිනේ කෙහෙල් පදුර හොදට වැඩෙන්න ගත්තා. නෑ වඳ පීදුනු කෙහෙල් මොටි නං ආවේ නෑ. මොකද අම්මා කිව්වත් වගේ ඔය මාමයිට් කියන දහදුරාව හොද ඇති ගුණ ඇති කියල එකෙන්ම මට තේරුනා ඒ කෙහෙල් පදුරේ වර්ධනය දැක්කම. හැක් හැක්..

ඔය විදියට කාලයක් ගිහිල්ලා අම්මට එපා වෙනකම්ම මට දීපු මාමයිට් ටික කෙහෙල් පදුර බිව්වා. අන්තිමට අම්මා තේරුං ගත්තා මේ යක්කුන්ට මාමයිට් නෙමෙයි අලුතෙන් මොලයක් ගෙනැල්ල දුන්නත් වැඩක් නැතෙයි කියලා.

පොඩි එකාට දැන් අවුරුදු තුනහමාරයි නෙව. ඒකා බෝම කේඩෑරි නිසා මාත් අරන් ගියා මාමයිට් එකක්. දෙහි ඉස්ම ඩිංගක් දාලා, කරපිංච කොළ දෙක තුනක් දාලා රහට හදල දුන්නොත් ඔය යකා බෝවිය කියල හිතාගෙන. හවස ගිහින් මාමයිට් එක ගැන විස්තරේ රහ කරල කියල බොන්න ආසාව ඇති කරල ටිකක් නිවෙන්න ඇරල බොන්න දුන්නා. අතේ තියාගෙන තොල ගගා හිටිය නිසා මම හිතුවා මිනිහා ඒකේ රස අදුරගෙන ඇතියි කියල. ඒත් එක්කම මොකක් හරි වැඩකට මම පොඩ්ඩක් එහාට ගිහිල්ල කෝකටත් හැරිල බලන කොට කොල්ලා හිටී තැන නැහැ. තාත්තා කට්ටයා නේ.. ටක් ගාලා දුවල ගිහිල්ල බැලුවා කෝ මේකා කියලා. කියන්න සන්තෝසයි.. තාත්තා නං කෙහෙල් පදුරටවත් හැලුවා.. මේකා කෙලින්ම සින්ක් එකට ගෙඩිය පිටින්ම අතෑරල කෝප්පේ තියල අත් දෙකත් පිහිදගත්තා. හැරිල බලන කොට මාව දැකල මෙන්න මෙහෙම කියාපි..

“අරී ලතයි. අරී ලතයි. ඔත්තොම බිව්වා.. “

225 comments:

  1. හිහි...
    තාත්ත වගේමයි පුතත්...
    හැක්...
    මංහිටිය නං බදාගෙන දෙනව උම්ම එකක්...
    හිහි...

    මං ඉස්සරෝම මාමයිට් එකක් දැක්කෙ/ නැත්තං සුවද දැක්කෙ අපේ බාප්පලෑ දිහෑදි...
    සමහර විට එතකොට මම අටේ නැත්තං නමයෙ වෙන්න ඕන...
    පුංචි එයාගෙ පොඩි උං දෙන්නට හදල දෙනව... අමමේ උං ඒක නිකනුත් කනව...
    මට නං හිතුනෙ ඒ ගංදස්කාරෙ හිංද මං මැරෙයි කියල ඔව්...
    ඇය් යකෝ මිනිහෙක්ට උහුලන්න පුළූවං ගදක්ද ඒක...
    හැබැයි උංට නං ඒක එහෙම වුනේ නැ....

    චැක් ... මං හිතං හිටියෙ මේ ලෝකෙ මාමයිටි පෙන්නන්න බැරි එකම එකා මං කියල..

    ReplyDelete
    Replies
    1. මටත් එහෙම තමා බං.. ඒකා කරපු වැඩේ නිසා මට විනාඩි ගානක්ම හිනා ගියා. ඒ පාර ඌව වඩාගෙන චුරු කරල දැම්මා.. හැක්..

      මට දැන්නං මාමයිට් නෙමෙයි ඕන ගන්දස්කාර කෑමක් ගන්න පුළුවන්. මොකද රහ ගුණ අදුරන්නේ නැහැ. සමහර දවසට අහනවා දේශිකා කෑම එකේ තිබුන බෝංචි කෑවද කියලා.. මම කියන්නේ බෝංචි... මෑකරල් වගයක් වගේ මොනවා හරි නං කෑවා.. ඒත් රහක් ගුණක් බලන්න අමතක උනා කියලයි.. හැක්..

      Delete
    2. බෝංචි... මෑකරල් වගයක් වගේ මොනවා හරි නං කෑවා.. ඒත් රහක් ගුණක් බලන්න අමතක උනා කියලයි.. හැක්..///
      ඇති කොසු පාරක් නොකා බේරුණා
      හික්ස්

      Delete
    3. මම වගේ හරකෙක් ගැන දන්න නිසා බේරෙන්නේ බං..

      Delete
  2. හරිම ලස්ස්සණයි දේශකයෝ...:)

    //ඒ දවසෙදී මට කවදාවත් හිතුනේ නැහැනේ අපි මේ විදියට කෑම කන්නේ, පරණ ඇදුම් අදින්නේ, පරක්කු වෙලා පොත් අරගන්නේ සල්ලි නැති නිසාය කියලා. මට හිතුනෙම මේ හැමදෙයක්ම වෙන්න ඕන විදියට වෙනවා කියල විතරයි.// මේ ටික හරියට හිතට වැදුනා...

    මම ආසයි Vegemite වලට. You either love it or you hate it කියලා කියනවනේ. ඔය රසම තමා තියෙන්නේ. හැබැයි ටෝස්ට් හදලා බටර්, වෙජිමයිට් දාගෙන කනකොට මාර රසයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පොඩි කුමාරිහාමියෝ... දැන්නං ඕන සෙද්දක් කනවා බං...අර හිතට වැදුන දේ මට නං ඒ දවස් වල හරිම සාමානයයි..

      Delete
    2. කෝ මගේ කමෙන්ට් එක, හරිම ආසාවෙන් කියවුවේ දේශක තුමණි

      Delete
    3. >>කෝ මගේ කමෙන්ට් එක, << .....හෙක්....හෙක්...... මේකත් අලුත් ඉට්ටයිල් එකක්ද මන්ද..... අනී ....?????????????? .... :)

      Delete
    4. කෝ අනී.. ඒම එකක් තිබුනේ නෑනේ..

      Delete
  3. මට මාමයිට රස වුනේ කොහොමද එතකොට ? අර විඳපු දුක් ටිකයි මාමයිට් කෝප්පෙ අතට එන සීන් එකයි ඔක්කොම එමමයි.. මගේ වෙනස මම ඔක්කොම ටික බීලා අඩියෙ ගුලි වෙලා හැන්ගිලා හිටපු උන් ටික ඇඟිල්ල දාලා කරකවලා අරන් සූප්පලා කෑව... අපේ කෙහෙල් ගස් වලත වඳ මොටයි ආවේ නෑ ඒ වුනාට.. මම අදටත් මාමයිට වලට මාරම ආසයි...

    ReplyDelete
    Replies
    1. සෙන්නා.. උඹ පොඩි කාලේ බඩගින්නේ හිටපු එකෙක්. ඒකනේ අර විදියට ඇගිල්ලලෙන් අරන් කාලා තියෙන්නේ..

      Delete
    2. එහෙම වෙලාවල් නොතිබුනාමත් නෙමේ...ඒ අම්මලා මොන මොනා හරි කොහොම කොහොම හරි කන්න දුන්නා නොකිව්වොත් ඒක පව්..

      Delete
  4. ලස්සන කතාව...

    ReplyDelete
  5. මාමයිට්.......!!!!!!!!!!!!!
    ඈක්කා...නොකා නොබී මැරුනත්, කෑල්ල දාල ගියත්(දාල යන්න කෑල්ලක් නෑ,එක වෙනම දෙයක්) මමනම් මාමයිට් කන්නේ නෑ...අම්මපා.......
    ඒයිට වඩා හොදයි වහ කනවා...

    ReplyDelete
    Replies
    1. හැබෑට බං බොලාට ගුණ කෑමක් කන්නම බෑනේ.. අර වහ දාපු රයිස් නං කයි.. මාමායිට් කන කෑල්ලක් ම සෙට් වෙයං තොට.. හැක්

      Delete
  6. අහන්න දෙයක් නෑ පොඩි දේශකත් තාත්තා වගේම ඇති හැක් ...මාමායිට් චිස් ටිකක් ලොකු උනාම කෑවට මට නම් මෙලො රසක් නෑ ,අපි නම් බත්,තලප ඇරෙන්න වෙන කෑමක් හිතුවෙම නෑ එත් ඉතිං අපි ලොකු වෙනකොට එවා වෙනස් වෙලා ,දැන් ජීවීතේ උඩු යටිකුරු වෙලා ගිහින් ...

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද බං මට නං ඒ හැටි ගානක් නැහැ කෑම වල.. ඔය හොරෙන් කන දේක තමා රහ ගුණ දන්නේ ඉතිං..

      Delete
  7. මම අදත් නොකන කොහොමත් කන්න බැරි බොන්න බැරි කෑමක් බං.

    ReplyDelete
    Replies
    1. නාකි වෙලත් තියෙන මනමාල කම.. හැක්..

      Delete
  8. නියම කතාව....දුප්පත්කම, දුක කියන දේ හිතට දැනෙන විස්තරයක්... මාත් විශ්වාස කරන දෙයක් තමයි හැම දේම සිද්ද වෙන්න නියම වෙලා තියන විදියට වෙනවා කියන එක... ජය වේවා...

    ReplyDelete
    Replies
    1. මම කිව්වේ ඒක නෙමෙයි බං.. වෙලා තියෙන දේ ගැන. ඒක ඉතිං දුකද නැද්ද කියල වැඩක් නැහැ.. ජය

      Delete
  9. මරු බං.
    ඔය මම දහජරාව අඳුරගත්තෙ ගෙදර තිබුන හිස් මාමයිට් බෝතලයකින්. අපේ ගෙදර බිත්ති අල්මාරියක ඒක තිබුන අවුරුදු ගානක්. අක්කලට එහෙම ජෝක් එකක් කරන්න ඕන උනාම ඕක අරගෙන ගිහිල්ල නහයට අල්ලනව.
    කොහොම උනත් අපේ අම්මල නං හිතුවෙ අපිට ඒ වෙනකොට ලැබුනු පෝෂණය ඇති කියල. ඒ නිසා කවදාවත් පෙරැත්ත කලේ නං නෑ. ආච්චි බලන්න යද්දි නං මාමයිට් එකක් ගෙනිච්ච මතකයි. ඒ කාලෙ ගුණයි කියල කන උසස්ම කෑම තමියි මාමයිට්.

    කොළඹ බෝඩිමේ ඉන්න කාලෙ නං මාමයිට් ලාවට ගාපු පාන් දෙනව කන්න. හැබැයි ඒක නං එච්චර අවුලක් නැතුව කෑව. මම හිතන්නෙ අම්මල ඔය උනුවතුරෙ දියකිරිල්ලෙන් තමයි අවුල හැදෙන්නෙ කියල.

    උඹ අර කෙසෙල් ලහට දාල කෙසෙල් ගහ හැදෙනව කිව්වම මම හිතුවෙ මෙහෙමයි.

    ඔන්න කෙසෙල් ගහ සරුවට හැදිල ලොකු කෙසෙල් කැණකුත් වැටෙනව. අම්ම ඒක කපල විකුණන්නයි හදන්නෙ. උඹට ඕන කෙහෙල්ගෙඩි කන්න. උඹ කියනව "මාමයිට් දාල හදපු කෙහෙල්කැන අපි කමු" කියල. අම්ම අහනව ඒ කතාවෙ තේරුම උඹ කියනව "ඇයි අම්ම දුන්න මාමයිට් මම දැම්මෙ මේකටනේ" කියල. මටත් පිස්සු බං.

    උඹේ කතන්දරේ නිසා මට කතන්දර දෙකක් මතක් උනා.

    ReplyDelete
    Replies
    1. එහෙනං කතන්දර දෙකක් අහගන්න ලැබෙයි නේද??

      ඇයි බං මම එහෙම කිව්වොත් මම අම්මට අහු වෙනවා නේ.. හැක්... ලක්ෂණ උපකල්පනයක්..

      Delete
    2. මටත් මත්ක් වුණා පරණ කතාවක්. කෙහෙල් මොටැයි ගැන එකක්.

      Delete
    3. මට ඒක මතක් වෙලා තමා ඒ ටික ලිව්වේ. කකා. මොටයි කතාව

      Delete
    4. කකා,
      දැං ඉතිං පරණ කතා කාගෙන්ද අහන්නෙ!

      Delete
    5. රාජ්.. බොට ඒක මතක නැති උනා කිව්වම පුදුමයි.. මට කෙහෙල් මොටයි කියන කොටම ඒ සිද්ධිය මතක් වෙනවා..

      කකාට උනත් අත නොකසන්න හේතුවක් නෑ මොකක් හරි දෙයක් ලියන්න ඕනමය කියල හිතුනෛාත්..

      Delete
    6. රාජ් ගේ මතකය සති දෙකයි වගේ.
      පස්සේ ලින්ක් එකක් දාන්නම්.

      Delete
    7. (ඕක මතක නැත්තෙ කාටද හලෝ?)
      මම කිව්වෙ පොදුවේ 'පරණ කතා' ගැන. පරණ කතා කියන්න කකා නෑ නෙව දැං!

      Delete
    8. හ්ම්... දැන් ඉතිං කකාට මොනා ලියන්න හිතුනත් ඒක නිකං ගගට දාපු පොල්ලෙල්ලක් වගේ නේ..

      Delete
  10. තාත්තගේ පුතා උනහම එහෙම වෙන්න එපයි....

    මං නම් මාමයිට් වලට එහෙම අකමැත්තක් නෑ

    ReplyDelete
    Replies
    1. දැන්නං මටත් අවුලක් නෑ. ලොකු එකත් මුල් දවස් වල බෑ බෑ කිව්වා. දැං හරි

      Delete
  11. යකෝ තාත්තාගේ පුතා නේ.. මාත් අකමැතිම දෙයක් තමයි ඔය මාමයිට් ඉතින්

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. ඔයැයිගේ කසාදේට මගේ ගානේ මාමායිට් හොදේ..

      Delete
  12. මං නම් පට්ට ආසයි :D

    ReplyDelete
    Replies
    1. ඒක තමා ඔච්චර සුදු.. හැක්..

      Delete
    2. ඉතිං බොල එහෙනම් අපි කළු ඇයි? :( අපිත් මාමයිට් නානවනෙ. :)

      Delete
    3. මාමයිට් කෑවට සුදු වෙනවා කියල කොහේද තියෙන්නේ???

      Delete
  13. නොට්ටිගේ පුතෙක් නොවේ!

    ReplyDelete
    Replies
    1. ඒක තමා මටත් හිනා ගියා.. ඌ කරපු වැඩේ දැකල.. සිරාවටම..

      Delete
    2. මාමයිට් වලට අකමැති මිනිහා මොකෝ පුතාට මාමයිට් දුන්නෙ..

      Delete
    3. ඒ ඉස්සර නේ මම දැන් කනවා බොනවා.. හැක්..ඉතිං මං දැං කන නිසා පොඩි එකා කන්න ඕන කියල මම පුුර්ව විනිශ්චයක හිටියා බං..

      Delete
  14. අඩා මාමයිට් වලට මුකුත් කියන්න එපා බන්........!
    ඕක උණු වතුරේ දියකරලා බොන්න නම් කොහොමත් බෑ.. හැබැයි ටෝස්ට් පාන් එක්ක නම් හොදට ඇබරුවහැකි. දැන් නම් ගොඩ කාලෙකින් මාමයිට් දැක්කේ නෑ.

    ReplyDelete
    Replies
    1. අනේ නැහැ බං. දෙහි ඉස්ම ඩිංගක් දාලා, කරපිංච කොලයක් දාලා ගත්තනං උණුවෙන්ම රහට බොන්න පුළුවන්..

      Delete
    2. ඔය ඕන විදිහකට මම නම් ඇරලා දානවා. මුකුත්ම නැතුව හැන්දට අරං නිකනුත් කනවා. ;)

      Delete
    3. අයියෝ ප්‍රියෝ.....!
      විවාහය මිනිසෙකුට කල හදියක්,,,,,,, :P

      Delete
    4. ගල් ඩිංගක් බොනවා තරං ඔය කෝකවත් නෑ බං !!

      Delete
    5. බලපං පත්තරේ මූට දහජරා මාමයිට් බොන්න බොන්න පුළුවන්, ගල් සුට්ටක් තමයි බැරි..

      Delete
    6. ආයෙ මක්කද විදානෙ .. ඔය මාමයිට් බොන්ඩෙපා බොලව් ලිවර් එකට හොඳ නෑ.. ගල් කියන්නෙ අවුසදයක් බොලව් අවුසදයක්. බීපියව්. බිව්වොත් තොපිට . අපිට නෙමෙයි.

      Delete
    7. මම දැං කෝක් පාවිචිචියක් නෑ.. සෝඩා තමා.. අපේ ප්‍රා තමා ඒක මට කියල දුන්නේ..

      Delete
  15. මාමයිට්, වෙජිමටිට් ඇරුණාම බව් -රිල් කියලා ජාතියකුත් තිබුණාලු. මං දැක්කේ දයා රාජපක්ෂ ගේ චිත්‍ර කතාවක.

    ReplyDelete
    Replies
    1. කනගාටුව කියන්නේ මටත් මතක නැහැ බව්රිල් ගැන.. හොයන්න වටිනවා... තැන්කුයි

      Delete
    2. චිත්‍ර කර්හාවේ දැකලා මං අම්මාගෙන් අහගත්තේ. ඒක 1950 කාලේ බ්‍රෑන්ඩ් එකක්.

      Delete
    3. බලු බෑන්ඩ් මාගරින් කියලා මාගරින් එකක් නම් තිබුනා.. ඇස්ට්‍රා එකට වඩ ලාබයි..

      කකා ආයේ කවදද ලියන්නේ මහත්තයෝ...?

      Delete
    4. මාමයිට් වල තියෙන්නෙ යීස්ට් සාරය, බව්-රිල් වල මස් වල සාරය

      Delete
    5. ඒ දවස් වල නර්ස් නෝනලා අදින වගේ ඇඳුම් ඇඳ ගත්ත නෝනලා ෆොක්ස්වගන් වෑන් (ෆ්‍රීඩම් වැගන්) එකක ඇවිත් තමයි බ්ලූබ්‍රෑන්ඩ් මාගරීන් ගෙවල් වලට විකුනන්නේ....

      Delete
    6. අප්පට සිලි.... ආකිය එච්චර පර .... නද.....?????

      Delete
    7. වෑසයි යකූ...පරන නෑ.....!

      Delete
    8. බව්රිල් තාමත් තියනවා කොළම සුපර් මාකට්වල කකා...

      Delete
    9. මාත් අහල තියනවා බෞරිල් කියල එකක් කියනවා.. හරක් ලේ වලින් හදනවද මොකද්ද එක්ක් කියල මතක හැටියට. හරි වැරැද්ද නම් දන් නෑ.

      Delete
    10. තැන්කුයි කකා, නලියා. චෙෆා.. කෙන්ජා. පත්තරයා.. ඔන්න බලහං මොකක් හරි දෙයක් ගැන දැනගත්ත නේ දැං..

      Delete
  16. තාත්තාගෙම පුතා නොවැ. :) :)

    මම නම් ආසම ආසම ආසයි බොල මාමයිට් වලට. ශක්

    ඕකත් හරියට දූරියන් වගේ, ගොඩ දෙනෙක් අකමැතියි ටික දෙනයි කැමති. මම නම් මාමයිට් දූරියන් ඕන කෙහෙල් මලකට පොඩි කාලෙ ඉදන්ම කැමතියි.

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ ඒ ගදත් එක්ක එන අවුලක් බං..

      Delete
  17. කරපිංච ටිකක්, කපපු රතු ලූනු ටිකක් දාල ගත්තම පංකාදු බීමක් නෙ. දේශා ඇත්තටම මම තාමත් පෙරේත කෑමක්. මම කෑම හදද්දි msg වෙනුවට දාන්නෙ මාමයිට්.

    ReplyDelete
    Replies
    1. සිරාවට බං කම්මලෝ.. රතු ළූණු ඩිංගක් දාලා ගත්තම ගති තමා.. මේ දැක්කමයිද කොහේද.. වෙල්කම් කම්මල්

      Delete
  18. හික්ස්! මට චූටි කාලෙ මාමයිට් සුවඳ එද්දිත් වමනෙට එනව. අපේ අම්මා මාමයිට් බොනකොට මම හිතන් හිටියෙ ඒ අම්ම බොන තිත්ත බේතක් වෙන්ටැති කියලයි.

    ටෝස්ට් වලට බටර් ගානකොට මාමයිට් චූට්ටිත්තක් උඩින් ගාගත්තමනම් රසයි නේද?

    ReplyDelete
    Replies
    1. දැන්නං මට මාමයිට් දිව්‍යෙලා්ක රහයි බං...

      Delete
  19. මමායිට් වලට එච්චරම අකමැතිද... මාරයිනෙ... මාත් මාමයිට් වලට ටිකක් අකමැතියි... ඒත් වෙජිමයිට් වලට මාර ආසයි.. මං පොඩි කාලෙ ඕවා කාලා තියෙන තරමක් ගැන හොඳ සාක්ෂියක් තිබ්බා පහුගිය අවුරුද්දක් වෙනකං.. ඒ කාලෙ වෙජිමයිට් ආවෙ පොඩි වීදුරුවක් වගේ එහෙකට ජෑම් බෝතල් මූඩියක් ගහල.. මූඩිය ගැලෙව්වෙම වීදුරැවක්ම තමයි... එකතු කරලා කැබිනට් එකේ තිබ්බ 40ක් විතර... තාත්තලගෙ බොන පාටි වලට ගන්නෙ ඔය වීදුරු තමයි ඉස්සර...

    මං නං තාම වෙජිමයිට් කනව... බත් ටිකටත් චුට්ටක් එකතු කරගත්තම ඉතිං එලෝලු විතරක් කන්න වෙලා තියෙන කරුමෙ දැනෙන්නෙ නෑ... හි හි

    ReplyDelete
    Replies
    1. වෙජිමයිට් බෝතලේ බඩ හීනි නිසා වැඩේට ගැලපෙනවා.. හැක්..

      මාමයිට් ඕක කෑමකට දැම්මම රහයි බං.

      Delete
  20. මාමයිට් කොහොම වුණත් කතාව නම් රසයි. ඒත් අප්පොච්චිලාට මේවා හොඳ පාඩම්!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සමන්මලී... වෙල්කම් කීවා..

      Delete
  21. මාමයිට් සුවඳ දැනුනත් ඇති මට නම් වමනෙ යන්න.. ඒත් පුරුදු වෙච්ච උන් කන්නෙ තොල කටවල් ලෙව කකා.. මට නම් අප්පිරියාවෙ බෑ..

    කටුමැස්සා කියන්නෙ මොකාටද බං?

    ReplyDelete
    Replies
    1. ඔය ඕකා කටුමැස්සා කියන්නෙ අපි කටුවල්ලා කියන මාළු කුරියට බං.ඒ මාළු හතර අතේ කටු නිසා උයල කන්න බෑ. ඒ හින්දා කටුත් හපන්න ඇහැක් විදියට තෙලේ බදිනවා.ඔය මාළුවා තුන් හුලස් කෑලි කපල ගන්නෙ.

      Delete
    2. හැලපේගේ උත්තරේ හරි.. ඒ කටුමැස්සා බැදලා කෑවොත් ගොඩ නැත්නං උලකුඩය දේවියට වගේ විභීෂනට තමා කියන්න වෙන්නේ..

      Delete
  22. හප්පා මාමයිට් .... මතක් වෙනකොටත් වමනෙට එනවා ... උඹේම පුතා ..බයවෙන්න දෙයක් නෑ

    ReplyDelete
    Replies
    1. අඩෝව්.......! මාමයිට් වලට අනං මනං කියලා මගෙන් මැරුම් කන්න එපා,, හරිය.....!

      Delete
    2. ඒ වුනාට ඉවාන් දේශ් අල්ලපු ගෙදර පොඞි එකා වඞාගෙන හිටපු වෙිලාවක ඌගේ පරන යාලුවෙක් පොඞි එකාගේ නහය මිරිකලා දේශ් පොඞ් එකාටත් තියන්නේ උබේ නහයමයි කිව්වලු.

      Delete
    3. ආ ඒ අන්‍රෙජිස්ටඩ් වාහනයක් වෙන්ඩෑ.. පාරෙ ගෙනියන්ඩෙපා පොලිසියෙං ලියනවා දේශො ඈ !!! ළඟ දිව්වට කාරි නෑ.

      Delete
    4. යකෝ ඔය විදියට අහල ගම් හතේම මගේ මයිලක් හරි තියෙන ළමයි නේ ඉන්නේ.. හැක්..

      Delete
    5. //යකෝ ඔය විදියට අහල ගම් හතේම මගේ මයිලක් හරි තියෙන ළමයි නේ ඉන්නේ//

      ඒකනේ.... දේශෝ කියන්නේ, උබ ගැන උබ නැතුව වෙන කවුද දන්නේ....! හේ හේ

      Delete
    6. මම ගැන මං වත් දන්නෑ බං.. (ලැජ්ජාවෙන්)

      Delete
  23. බලාගෙන ගියාම බ්ලොග් ලියන කියවන ඔක්කෝම හිඟන්නෝ නේ බං.

    මාමයිට් බොන්න නම් අමාරුයි. ඒත් බටර් එක්ක මික්ස් උනාම එන්නේ චීස් රහ. චීස් කන්නත් අකමැති උන් ඉන්න ළෝකයක් නේ බං මේ. මටනම් විස්කි ටිකකුයි, අයිස් කෑලී දෙක තුනකුයි. චීස් කෑල්ලකුයි තිබුනා නම්. දිවිය ළෝකේ මිහිපිට පහළ වෙනවා දේශෝ...

    ReplyDelete
    Replies
    1. නිකම්ම විස්කි කියන්න එපා බං බ්‍රෑන්ඩ් ඒකත් කියපං.බ්ලැක්ද බ්ලුද ආදී වශයෙන්.

      Delete
    2. බ්ලැක් තමයි මචෝ...

      Delete
    3. මට නං චීස් ඕනැත් නෑ විෂ්කි ඩිංගක් තිබුණ නං ඇති හොඳටෝම !! ගල් තමා ටොප් ම.

      Delete
    4. කඞල ඇටේ අතේ තියාගෙන ඒක දිහා බලලා ෂෝට් එකක් දානවා තොල කට ලේව කනවා කඞල ඇටේ අතේ ගුලි කර ගන්නවා, ආයමත් ාෂා්ට් ඒකක් දානවා කඞල ඇට් ලේව කනවා ගල් කියන්නේ එහම අමා පානයක් ඒකනේ බල්ලන්ට ගහන පානය කියන්නේ විෂ්කි එහම බොන්න පුලුවන්ද?

      Delete
    5. අන්න මෙන්ඩියෝ කථාව... එහෙව් අපිට කවර විෂ්කිද?

      (අති විශේෂ - ප්‍රාණය පබුදන පානය)

      Delete
    6. ආන්න මෙන්ඩියෝ කතාව ++++++

      ඔය ගල් සුට්ටක් අමාරුවෙං හොයාගෙන ගැහු දාට අපි නිකං ෂිංහයො වාගෙ.. ගන්න අපේ දේ !!

      Delete
    7. සිරාවට මාතෝ. පොර ටෝක් දුන්නට මුං සේරම අමු හිගන්නෝ.. හැක්..

      ගල් වල තියෙන රහ තේරෙන්න ටික දවසක් ගල් නැති ලෝකෙක වසන්නම ඕන බං

      Delete
  24. ඔය මාමයිට් බෝතලෙන් අපේ පොරක් විශ්මිත නිර්මාණයක් කළා. ඒ තමයි කුප්පි ලාම්පුව. මේක ඉන්ට්‍රෝඩියුස් කරයින් පස්සේ ලාම්පු පෙරලිලා පිච්චුන දරුවන් ගනන බොහෝ සෙයින් අඩු උනා. ඒ මනුස්සයට සම්මානෙකුත් ලැබුනා. මට මතක විදියට. මේන් මම කුප්පි ලාම්පු ගැන ලියාපු කවියක් වගේ එකක්.

    http://maathalan.blogspot.com/2012/02/kerosene-lamps.html

    ReplyDelete
    Replies
    1. http://maathalan.blogspot.com/2012/02/kerosene-lamps.html?showComment=1330398212576#c121906545652264452

      Delete
    2. ඕකද එතකොට මාමයිට් ඩප්පි ගහනවා කියන්නෙත්.. මොකද මට මතකයි කට්ටිය ඉස්සර කියනවා අපේ ගෙවල් පැත්තෙ සංගීතයක් තිබ්බොත් මාමයිට් ඩප්පියක් හරි ගහලා එකෙක් දෙන්නෙක් මැරෙනව කියල... ( ඇත්තටම මාමයිට් ඩප්පි නැතත් ඒ පැත්තෙ සංගීතෙකින් පස්සෙ අඩුම ගානෙ අහල පහල තියෙන කඩයක් හරි කුඩු වෙනව.. )

      Delete
    3. මම හිතන්නෙ මාමයිට් පියන ට පුරවල හදන නිසා වෙන්න ඇති.....
      පෑලියගොඩ....තොටළග ඩප්පි වලට ප්‍රසිද්ධයි......
      මාතලන් දන්නව ඇති.......

      Delete
    4. මාමයිට් ඩප්පි කියන්නෙ ඔය කුප්පි ලාම්පුවටම භූමිතෙල් වෙනුවට පැට්‍රල් පුරවල තිරෙ පත්තු කරල ගහන එකට. ඒකත් එක්තරා විදියක මොලටොව් කොක්ටේල් එකක්.

      Delete
    5. මම ජනධිපති නම්. ඔය ඩප්පි ගල් කටස් හදන උන් අරගෙන මෙහේ වෙපන්ස් ෆැක්ටරි හදනවා. ඒ තරම් විශ්මකරුම වැඩ ඒවා. අනික පැස්ටෝල් බොම්බ.

      Delete
    6. ඔව් මාතා.. මිනිහා ජනාධිපති සම්මානයත් දිනුවා. ඒක පිටරත් ගියා.

      ඔන්න ඔය ගැනත් ලියහං අපේ රටේ දස්සයෝ හිරේට යවන එක ගැන.. ඔය වගේ කතා ගානක් ගැන මම පිට රට කතා ඇහුවා..

      Delete
  25. හනේ හනේ ඒ කාලේ අච්චර හොඳ දෙයක් අච්චර අමාරුවෙන් ගෙනත් දුන්නම බිව්වේ නෑ. ඒ වුනාට දැන් ගිනිවතුර නං වක්කරනවා බොකු බඩවැල් තැම්බෙනකල්. (මමනං කරේ ඔහේ තියෙන්ඩ අරින එක. අපේ පවුලේ හත් දෙනෙක් නේ. කවුරු හරි එකෙක් ඕක ගසලා දානවා මම නැතුවට)

    ReplyDelete
    Replies
    1. එකක් ඇතෑ එතකොට.. හප්පා..

      Delete
  26. ඇයි බොල මුං මාමයිට් වලට මෙච්චර අකමැති..මගෙනං ප්‍රියතම කෑමක්..
    අහම්බෙන් හරි අම්මව වීල් එකේ දාගෙන සතොසට ගියොත් වරදින්නෙ නැති දෙයක්..
    ඒකත් ගෙනල්ල දවස් දෙක තුනයි තියෙන්නෙ මගෙ පෙරේතකමටම බෝතලේ හිස්..
    ඔය කරපිංචා කොළ කෑලි දාන එක අදනෙ ඇහුවෙ..දාල බීල බලන්න ඕනෑ.. -_-
    ඕකත් දූරියං වගේ තමා..ගඳයි කියල හිතෙන එකාට කොහොමටවත් කන්න බෑ..

    ReplyDelete
    Replies
    1. කරපිංචා වලට වඩා හොඳයි රතුලූණු ගෙඩියක් හීනියට කපලා දැම්මාම...

      Delete
    2. දැන්නං අවුලක් නැහැ බං.. චෙෆා කිව්ව විිදිය හෙන රහයි දෙහි බිංදු දෙක තුනක් දැම්මම

      Delete
  27. දේශක තුමාගෙ නම ගෙනියන්න ඉන්න පුතානෙ :D
    ලෝකෙ තියෙන අප්‍රසන්නම කෑම වලින් එකක් මාමයිට් :(

    ReplyDelete
    Replies
    1. අනේ අම්මේ මාමයිට් කොහොම විකිණුවාද මන්දා ලංකාවේ..

      Delete
  28. මාතෘකාව දැකල තරහත් ගියා. මම නම් ආස ම බීමක්.

    ReplyDelete
    Replies
    1. යීස්ට් සාරයලු.. ගුණ නෑලු..

      Delete
  29. මම කාලයක් මාමයිට් එක්ක බතුයි පොල සම්බලයි හරි ආසවෙන් කැව.දැන්නම් ආසනැද්ද මන්ද.මට මෙක කියෙවුවම මතක් වුනෙ අටම දුවට අලිපෙර කවපු හැටි

    ReplyDelete
    Replies
    1. එහෙම කන්න දුන්නම ගෙදර අයට කරදරයක් නෑ කියලයි මට නං ආරංචිය... හැක්

      Delete
  30. කිසි සැකයක් නැහැ. හොරයක් බොරුවක් වංචාවක් නැහැ. සාක්කි සහිතව ම ඔප්පු වෙනවා මේ ඉන්නේ දේශක ගේ ම පුත්‍ර රත්නය කියල.

    ReplyDelete
    Replies
    1. ඒකම ඇති නේ බං.. නැද්ද.. හැක්

      Delete
  31. මාමයිට් බෝතලයක් එක දවසට කාපු පුතයෙක් මම, පාන් නැත්නම් ඇඟිල්ල ගහලා හරි කනවා, ඌ නම් නොට්ටිගෙ පුතෙක් නෙවෙයි

    ReplyDelete
    Replies
    1. උඹ නං මොකෙක්ද මන්දා..

      Delete
  32. උඹේ කතාව ගැන විවේචනයක් වෙනුවට මම මෙහෙම කියන්නම්.

    මම මේ කතාව සිංහල කියවන්න හොර මගේ කොලු පැටියටයි, දීපටයි දෙන්නටම හඬ නගා කියෙව්වා. මුල ටික කියවන කොට මටත් වචන හිර වුනා. අන්තිම ටික කියවනකොට කට්ටියටම ලස්සන හිනාවල් ගියා.

    හැමෝම කිව්වේ එකම දේ.

    මරු කතාව, ඈ.

    පුතාට උම්මා එකක් දුන්නා කියහං ඩූඩ් මාමා.

    ReplyDelete
    Replies
    1. අනිවා,, මෙන්ඞා මාමත් උම්මා එකක් දුන්නා කියහං.

      Delete
    2. හැන්රිගෙන් උම්මා එකක් මට ලැබුනා හා සමානයි.. තැන්කුයි..

      Delete
  33. තාත්තයි පුතයි.... එහෙම තමයි පුතාල හැදෙන්න ඕන.. එහෙම පුතෙක් හදපු මේ තාත්තට

    අ බ ස ර ණ යි!!!

    ReplyDelete
  34. ලිවිල්ල රසයි බොකුස් ........
    පොඩි කාලෙ මාමයිට් හැමෝටම අප්‍රසන්නයි මම හිතන්නෙ .....
    මාමයිට් උනුවට හදල....කරපිංච රතුළුණු චුටි ගෙඩියක් හීනියට කපල ..දෙහි ඇඹුල් බිංදු දෙක තුනක් දාල බොද්දි අව රහ නැහැ.....

    ReplyDelete
    Replies
    1. පොඩි කාලේ හුගක් අයට එහෙම වෙන්නැති බං.. තැන්කුයි

      Delete
  35. පකස් ගාලා හිනාවක් ගියා......පිට්සු පීකුදු දේශා.........අාං කතා

    ReplyDelete
    Replies
    1. හැක්. තැන්කුයි.. වැවා..

      Delete
  36. මරු කතාව දේශකයා ..හිනා කටින් එකයි.. "පිය උරුමයේ නම්බුව ගැන හිතන පුත්‍ර රත්නයක්"
    හිකිස්

    ReplyDelete
    Replies
    1. වෙල්කම් දිලිනී.. තැන්කුයි.. පිය උරුමය නේ..

      Delete
  37. මුලින් අම්මා ගැන ලියවුණ ටික දුක් සීන් එකක්...
    අන්තිමට උඹ මාව හයියෙන් හිනැස්සුවා..

    ස්තුති දේශ්.. :)
    ඔය දහජරාව මාත් බොන්නෙ නැහැ බං. අපෙ ගෑනි පාං කෑල්ලක් දැක්කොත් කොච්චර හොදි තිබ්බත්.. මේකෙ මාමයිටි ටිකක් ගාල කමු කියල ගාගන්නවා. මම පැත්ත බලන්නෑ...

    පොඩි කාලෙ අම්ම මට දුන්නෙ සස්ටජන්. චොකලට් රස නිසා බිව්වා. මාමයිට් අපෙ අම්මත් අකැමැති නිසාද කොයිද මට දුන්නෑ. කොළ කැඳ පෙවීමේ මාරාන්තික සටනක් දුන්නා අපේ අම්මා.. ඒක මඟ ඇරියා මම නියමෙට..

    ජය වේවා...
    පලි - උඹ ලියන ඒවා මට මැවිලා පේන ගතියක් තියෙනවා. අපේ ඉස්සර තිබ්බ කුස්සිය, උළු අස්සෙන් හිල් වලින් වැටෙන ඉර එළිය. පිළිකන්නේ කරාඹු නැටි ගහ, අම්මා උයනකොට අපි පැත්තකට වෙලා බලන් හිටිය හැටි..
    මට පෙනුනා බං..

    ReplyDelete
    Replies
    1. තැන්කුයි සෑමෝ.. මටත් සතුටුයි උඹ ලියපු එක දැකලා..

      Delete
  38. පුතත් තාත්තා වගේමයි නේ.. :D

    ක්‍රීම් ක්‍රෑකර් බිස්කට් එක්ක මාමයිට් කාලා බලන්නකෝ කොහොමද රස කියලා...

    ReplyDelete
    Replies
    1. ඒක නං රහ තමා.. මාත් කනවා..

      Delete
  39. දාපං පහක්.. මටත් පෙන්නන්න බැරි දෙයක් තමයි මාමයිට්. පාන් පෙත්තක ගාලා නම් අමාරුවෙන් හරි කන්න පුලුවන්, ඒත් බොන එක නං එපාම වෙන වැඩක්. මම නං හැබැයි කෙලින්ම අකමැත්ත ප්‍රකාශ කලා...

    උඹ ඔච්චර අකමැති ඔය කෙහෙල්මල පොඩි එකාට ගෙනත් දුන්නේ අහවල් එකටද? හැබැ‍යි ඌ හොඳ වැඩේ කරලා තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. ඔන්න පහක්..

      මම හිතුවේ ඒකා කැමති ඇතිය කියල නේ බං..

      Delete
  40. දේශක ය ගේ අතීතෙ කියවනකොට මට මගෙ අම්මව මතක් වුනා. ඔය දේවල්මයි ඈ ගාවත් තිබුණෙ. වෙලේ දිය හබරල..ඇල අයිනෙ කොහිල...කොස් ගස්වල ගැට පොලොස්, ඒ කොස් ගස් බදාගෙන ගිහින් තියෙන වැල් කොහිල, පැෂන් දළු, එරබොදු දළු, තුඹ කොළ මාළුව ඕවගේ වත්ත පුරා ඇවිදලා හොයාගන්න දේවල් තමා අපේ ආහාරය වුනේ. අපිට ඒ දවස්වල අල , බෝංචි, කැරට් කියන්නෙ දිව්‍යෙලා්කෙ ආහාර වගේ දැනුණෙ.

    ඇයත් මාසෙකට පාරක් මාමයිට් කුප්පියක් ගේනව සමුපකාරෙන්. හැබැයි අපේ ගෙදර වුනේ අම්ම අද මාමයිට් එක ගෙනාව නම් හෙට ඉවරයි. හොරෙන් කාලම. මම හරිම ආසයි. අදත් මං මාමයිට් බොනව. තාම ඒ පෙරේතකම ඇරිල නැහැ.

    ඉතින් දේශක යගේ පුතා මොනව වුනත් ඒකගෙ පුතා. තාත්තගෙ දේ පුතා නොකලොත් වැඩක් නැහැනෙ. නේද දේශක යො.

    ReplyDelete
    Replies
    1. මතකය අවදි වීම ගැන සන්තෝසයි..

      යාන්තං මිනිහා මගේ පුතා කියලවත් මුං දැන් විස්වාස කරයි නේ...

      Delete
  41. "මාමයිට් කුප්පියේ ........ ........ ගියාද බං" කියලා අහනවා ගෑණු පරාණ එක්ක අහුමුලු වල රිංගන එවුගෙන්. ඒ කාලේ ඈ!

    ReplyDelete
    Replies
    1. ඕං අමාවක කියල තිබුනා තනි ඇහැට ඇඩෙන්නේ කෝමද කියලා..

      Delete

  42. දේශක, උඹ කොච්චර හිතන් හිටියත් අම්මා දන්නේ නෑ කියලා කෙහෙල් ගහේ වැඩේ, ඒයා දන්නවා බන්! කවදා හරි ඔයාගේ පුතා ඕක කරනකන් තමයි අම්මා නොකියා හිටියේ...!
    අදත් උදේට මට හම්බ උනේ මාමයිට් ගාලා ටොස්ට් පෙති දෙකක් හැබැයි සීනි ටිකක් උඩින් දාලා. අර ඉස්සර අම්මා අපිට දෙන ජෑම් බටර් සීනි පාන් පෙති වගේම තමයි එතකොට. මම නම් අපේ නෝනා ඕවා හදනකොට කියන්නේ ඔන්න ලංසි කෑම හදනවා කියලා..නෝනාගේ මුත්තම්මා ලංසියාගම එක්කෙනෙක්.

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙන්නේ අම්මා දැනං ඉන්න ඇති.. අම්මා දැනං හිටි හුගක් දේවල් උඹ කිව්වත් වගේ මම පස්සේ දැනගත්තේ.. දැං ඉතිං අම්මා නැති නිසා ඒක දැනගන්න විදියක් නැහැ බං. හැක්

      Delete
  43. මගේ පොඞ්ඞට මාමයිට් පොවන්න ගැනි කොන්තාරත්තුව බාර දෙන්නේ මට, පොඞි එකා මුන ඇබුලු කරගෙන බෙරිහන් දෙනවා කොහොමද බං ඌගේ හිත තලන්නේ ඇස් දෙක පියාගෙන ඇගිලි දෙකෙන් නහය මිරිකගෙන කෙලලා අරිනවා කොප්මෙ එක හුස්මට ඊට පස්සේ අනිත් ඇගිලි ටික නමලා මාපට ඇගිල්ල උස්ස්සලා පිට්ද කියලා ඇහැව්වහම ඌත් එහම කරනවා.
    ගැනි ඇවිත් බලලා අනේ ෂෝයි පුතා කියලා යනවා. (පුක තමයි)

    ReplyDelete
    Replies
    1. නිවාඩුවක් දාල හිනාවෙන්න වටිනා වැඩක්! හැක් හැක් ... මරු කොල්ලයි තාත්තයි

      Delete
    2. උපේක්ෂා, අපේ ගැනිට එහම කියනවා නෙමෙයි ඈ.. කොලුවත් සුං කොල්ලගේ තාත්තාත් සුං.

      Delete
    3. හැක්. මරු බං උඹලා :D

      Delete
    4. පොඩි මෙන්ඩා තඩි මෙන්ඩට වඩා කෙලිකාරයෙක් වෙයි වගේ..

      Delete
  44. මාත් පොඩිකාලේ ඔව්වට වැඩිය ඇල්මක් නැති උනාට දැන්නම් උනුවතුරට ටිකක් දාල රතුළුනු කැලී කීපයකුත් එක්ක බොන්න කැමති බං දැන්කාලේ තරං සංකීර්ණ නැති ඒ අතීතය කියවගෙන යනකොට බොක්කටම දැනෙන්න ගන්නවා මචං

    ReplyDelete
    Replies
    1. හ්ම්.. ඒවා එහෙම තමා බං.. තැන්කුයි Raj

      Delete
  45. Marmite mama nam paan ekka kanna kamathyi.. Oya hadala dena drink eka nam matath pennanna baae thama.. Eka mathak weddith bade maalu natanna gannawa.
    Duppath kamath waligaya nathi gonaa wanyi.. Kiyala kiyala thibbata, mamath dan nam hama deyakma wenne ewa wenna one widiyata kiyala hithan innawa..
    Ada indan maasayak wage yanakal Sinhala font nam naae type karanna. Me enne Nokia 6220c phone ehekin.. E nisa August pahu wenakal oya marmite eka wagema poddak samaawa bhajanekata daala comment 1 kiyawanna honde..

    ReplyDelete
    Replies
    1. amaruwen Unath Omba liyapu eka kiyewwa. Ow ban samahara deval wenne apita galapena widiyata ne

      Delete
  46. මට ඒ ගඳ මතක් වෙනකොටත් ඔලුවේ කැක්කුමක් හැදෙනවා. තාත්තා කල දේ පුතා නොකලොත් ඌ නොට්ටිගේ පුතා කියල කියනවා නේ. එත් මං දන්නේ නෑ නොට්ටි කියන්නේ මොකාටද කියල.

    ReplyDelete
    Replies
    1. මේ ඉන්නේ තවත් ප්‍රතිබිම්භයක්.. හැක්..

      Delete
  47. මමත් ඉස්සර වැඩි මනාපයක් නැහැ. ඒත් අල්ලලා පෙව්වා කියල මතකයක් නැහැ. මට මතකයි හැබැයි චීස් (ක්‍රාෆ්ට්) නම් ගෙනත් ෆ්‍රිජ් එකේම නරක් වෙනකල් තියෙනවා. අපි කවුරුත් කෑවේ නැහැ. පස්සේ තමයි චීස් රස වැටුනේ.

    ඉස්සර අපේ කෝච් තමයි අපිට පාන්දර ප්‍රැක්ටිස් වලින් පස්සේ මාමයිට් බීමක් අනිවාර්ය කලේ. එතකල්ම මමත් ඔය බීමට වැඩි මනාපයක් නැහැ. මුල් දවස්වල ගෙදරින් ගේන බීම එක බොන්නේ ටීම් එකේ අනිත් උන්. පස්සේ පස්සේ වෙනස් උනා. මාමයිට් වලට මහත් වෙනවා. බටර් එක්ක පාන් කනකොට මාමයිට් නියමයි. බටර් ගාල, මාමයිට් ගාල මැදට පොල් සම්බෝල දැම්මම නම් පාන් ගෙඩියක් උනත් තනියම කන්න පුළුවන්

    ReplyDelete
    Replies
    1. මටත් මාමයිට් පුරුදු උනේ වොලිබෝල්ට්‍රෙනින් ගියාට පස්සේ.. කැඳ බොන්න ගත්තෙයි ඊට පස්සේ...

      Delete
  48. එහෙම වෙන්න එපෑය නැත්තං ඌ නොට්ටිගෙ පුතෙක් වෙනවනෙ....

    දැන්නං බොග් ලෝකෙ සමහර උං ඉල්ලං මාමයිට් ගාගන්නව අපි පැත්තක ඉඳං ආතල් එකේ බලං ඉන්නව.... හෙහ්....හෙහ්.....

    ඒ කාලෙ ඩප්පි හැදුවෙත් මාමයිට් බෝතල් වලිං... අපි අපි නෙමෙයි බං.... කිරුලපොනේ කුනු මෝල වත්තෙ චීස් පූසා වගේ උං....

    ReplyDelete
    Replies
    1. එක්පෝටර් හුග දවසකින් දැක්කේ.. ඩප්පි සෝමේ උඹගේ නෑ කෛනෙක්වත්ද බං

      Delete
  49. අෆ්ෆට සිරි... නොට්ටිගෙ පුතාගෙ කතාවයි ඩප්පි කතාවයි උඩිං කියලනෙ.. මම සා....ටර් උනාද මන්ද.....

    ReplyDelete
    Replies
    1. ඒම වෙන්නෑ බං.. උඹත් ඒක කිව්වා නේ..

      Delete
  50. අඩ්ඩෝව්..... දේසකයො පාං පෙත්ති වල මාමයිට්/වෙජිමයිට් ගාල මැද්දට ලුනුමිරිස් දාල කනකොට පස්ට රහයි බොල

    ReplyDelete
    Replies
    1. මට නං ලුණු මිරිස් කන්න බෑ බං...

      Delete
  51. අප්ප කළ දේ පුා නොකළොත් අර මොකාද කියලත් කියනවනේ....
    ඒ වුණාට මචෝ මට නං අදටත් ප්‍රියතම කෑමක් තමා මාමයිට්. මම තාමත් බත් එක්ක මාමයිට අනාගන කනවා . මාර ටේස්ට් එකක්. අර දියකරලා හදන එකත් මරු ඕකට කරපිංචයි රතුලූනුයිත් දාන්න ඕන අන්තිමට දෙහි බිංදුවක් හා ලුණු ටකකුත් දාන්න ඕන.
    පාන් පෙත්තක පැත්කක මාමයිටුත් අනිත් පැත්තේ බටර් හෝ චිස් ගාල කාල බලපන් වෙලාවක අමා රසක් තියෙන්නේ. ගුණ නම් මන්දා... ඕකේ තියෙන්නේ ඊස්ට් සාරය කියලයි. විද්‍යාත්මකව මොනව තියනවද කියලා බලල නෑ.

    ReplyDelete
    Replies
    1. ඊයිස් සාරය කියල ලියලම තියෙන්නේ බං...

      Delete
  52. කතාවේ මුලම ඡේදේ කියවන් එද්දී මතක් වුනේ පොඩි කාලේ අපේ ගාල්ලේ ජීවිතය.. කිසිම වෙනසක් නැති පාටයි..

    හෆෝ මාමයිට්.. අපිටත් එපා.. අර කෙහෙල් ගහ හොදට හැදුනද දන්නේ නෑනේ ඉතින්??

    ReplyDelete
    Replies
    1. දේශකයාට වැඞිය උසයිලු.

      Delete
    2. කෙහෙල් පදුර ඕසේට හැදුනා බං..

      Delete
  53. මට නම් මාමයිට් කන්න කැමත්තක්,අකමැත්තක් කියලා එහෙම නැහැ.ඒ ගැන එච්චර උනන්දුවක් නැහැ.හැබැයි අපේ නංගිනම් මාමයිට් කන්න හරිම කැමතියි.
    අර සෙල්ලම් බඩු ගැන කියලා තිබ්බ කෑල්ලට ගොඩක් හිත ගියා බං අයියේ.අපි පොඩි කාලේත් ඔය සෙල්ලම් බඩු අපේ ලෝකවල තිබුණේ නැහැ වගේම තාත්තාගෙන් අපි ඒවා බලාපොරොත්තු වුණෙත් නැහැ.
    මේ ලඟදි අපේ මල්ලි ගෙනත් තිබ්බා රිමෝට් කන්ට්‍රෝල් කාර් එකක්.මම ඇහුවා ඌගෙන් පොඩි එකෙක්ද බං උඹ ඕවයින් සෙල්ලම් කරන්න කියලා.ඌ මට කිවා පොඩි කාලේ මේ වාගේ ඒවායෙන් සෙල්ලම් කරලා නැති නිසා දැන් තමයි සෙල්ලම් කරන්නේ කියලා.

    ReplyDelete
    Replies
    1. මාත් පොඩි එකත් එක්ක දැං බ්රූම් පදිනවා බං.. හැක්..

      Delete
  54. මාමයිට් මගේත් ප්‍රියතම කෑමක් හා බීමක් පොඩිකාලේ සිට මේ දක්වාම​. භාර්‍යා තොමෝ නම් එච්චර කැමති නෑ, හැබැයි අකමැතිමත් නෑ. හරියට විඩක් කැමතියි, විඩක් අකමතියි වගේ. පොඩ්ඩෝ දෙන්නගෙන්, දුවාගේ ප්‍රියතම කෑම. පුතාත් අකමැති නෑ ඒත් ගොඩාක් වෙලාවට මිනිහා කන්නේ නෑ අක්කා මාමයිට් කන විදිහ දැකලා. ඒ කියන්නේ බෝතලේට බැහැගෙන ඇඟිල්ලෙන් මාමයිට් අරගෙන සූප්පු කිරීම​. කොහොමටත් ගෙදර කිසිකෙනෙක් ආයෙත් ඒ මාමයිට් බෝතලෙන් කන්නේ නෑ. ඒත් ඉතින් දවස් දෙක තුනකින් බෝතලේ ඉවරයි.

    මෑතකදී මම මාමයිට් ගේන එක නතර කරා. හේතුව උනේ ගොඩක් රටවල්, විශේෂයෙන්, ඩෙන්මාර්ක්, නෝර්වේ සහ කැනඩාව වැනි රටවල් මාමයිට් ආනයනය සහ වෙළදාම තහනම් කිරීම නිසා. එයට හේතු උනේ මාමයිට් වල අඩංගු එකතු කල විටමින් හා පෝෂක කොටස් එම රටවල පෝෂනවේදීන් විසින් අනුමත නොකල ඒවා වීම නිසා (මාමයිට් කියන්නේ බියර් නිශ්පාදයේදී ඇතිවන යීස්ට් සාරය සහිත අතුරුඵලයක්. එහි පෝෂනය වැරගැන්වීමට තමා තවත් විටමින් හා පෝෂක කොටස් ඇතුලත් කර ඇත්තේ)

    තවත් දෙයක්, මට මතක විදිහට මේ මෑතකදී අනුරාධපුර උසාවියෙනුත් තීන් දුවක් දුන්නා මේ සම් බන් ධයෙන් සහ තවත් මාගරින් වර්ගයකට​. මම අන්තර්ජාලයේ සෙව්වත් මට ඒ අදාල පුවත හමු උනේ නැහැ.

    කොහොම උනත් මම පලමු වතාවටයි ඔබගේ බ්ලොගයේ සටහනක් තබන්නේ. ඒ මම සිංහල බ්ලොග් ගැන දැනගත්තේ මීට මසකට පමන පෙර නිසා. නමුත් දැන් මම නිරන්තරයෙන්ම පවතින සියළුම සිංහල බ්ලොග් අඩවි වෙත පිවිසෙනවා. ඔබගේ මෙම ලිපිය සහ එයට පසු සටහන් තැබූ බොහෝ දෙනා මාවත් මගේ අතීතය වෙත රැගන ගියා. තව දුරටත් මෙම කාර්‍යයේ නියැලීමට ඔබට ශක්තිය ලැබේවායි පතමි

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න ඇත්තෙන්ම මාමයිට්, වෙජිමයිට් වගේ කෑමවල ඇත්තටම ඔය කියන තරම් ගුණයක් තියනවද? ඔයා ඒ ගැන යමක් දන්නවා ඇතියි කියලා මට හිතෙනවා. යීස්ට් එක්ස්ට්‍රෑක්ට් එකේ තියෙන ගුණය මොකක්ද?

      Delete
    2. ඇස්ට්‍රා මාජරීන් වල තියෙන සංඝටක අවුරුදු තුණට අඩු ළමයින්ට හොන්ද නෑ කියල අනුරාධපුරේ උසාවියෙන් නියෝගයක් දුන්න ඒ බව පැකට් එකේ සඳහන් නොකර විකුනන්න බෑ කියල අනුරාධපුර අධිකරණ බල සීමාවෙ. මේ දේ උනේ ඒ පැත්තෙ පී එච් අයි සෙට් එක දීපු ඔපරේෂන් එකක් නිසා. ඒත් ඉතින් ඒ ගැන ප්‍රසිද්ධියක් නෑ මොකද කවුද කැමති යුනිලිවර් එකේ ඇඩ් කන්ද අඩුකරගන්න.

      Delete
    3. සාදරයෙන් පිළිගනිමි.. ඉතාව වැදගත් අදහස් කිහිපයක්ම ඉදිරිපත් කිරීම ගැන මුලින්ම ස්තුති වන්ත වෙමි.. ඉන්දික ඔබට අදාළ තොරතුරු ලබා දී ඇති නිසා ඒ ගැන කිසිත් නොකියමි..

      යීස්ට් සාරයේ ගුණය කෙසේ වේදැයි දැන ගැනීමට මාද කැමැත්තෙමි..

      Delete
  55. ඔය මාමයිට් ක්‍රීම් ක්‍රැකර් බිස්කට් වල ගාල චෙඩාර් චීස් කෑල්ලක් එක්ක කාල බලහන්. දිව්‍යලෝකෙ රසයි. ඉස්සර ඉස්කෝලෙ ආහර මුද්දරේට අපි ඕව තමා කලේ. පස්සෙ ඇට ඇර වෙන මගුල් දෙන්න තහනං කලාට පස්සෙ මුද්දරේ විකුණං කෑව.

    පොඩි එකාගෙ වැඩේ අහල මටත් අපේ එකාගෙ කතා දෙක තුනක් මතක් උනා. අමතක වෙන්න කලින් ලියන්න මතක තියාන ඉන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ලියහං ලියහං.. හැක්..

      අපි නං ඔය වගේ බිසිනස් කරේ නැහැ බං ඒ කාලේ.. හැක්..

      Delete
  56. තාත්තාගෙම පුතා බව පේනවා.....අපි නම් පුංචි උන් කාලෙ මාමයිට් එපා කිව්වෙ නෑ නොවැ...ඒකෙ තියනවා නෙ හැබෑට අමුතු ගතියක්...හැබැයි අර සුවද නම් ගන්දස්කාර තමයි...

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ මචං ඒකනේ දැන් අපිට වැටේ සුදා, මුල්ල පටාස්, ඇති හිටියා, බල්ලන්ට ගහන ඒවා, වත්ත වටේට ගහන ඒවා ඕන එකක් ඔට්ටු.

      Delete
    2. මට නං සුවද නිසා තමා සියල්ල එපා උනේ.. සිරෝ..

      Delete
    3. සියල්ල කිව්වේ.........තව මොනවද බොට එපා උනේ....

      Delete
    4. Everything සිරෝ.. හැක්..

      Delete
  57. හෙහ් ගහේ කටු නෙව :)

    ReplyDelete
    Replies
    1. උල් කරන්න ඕනයැ නේද සයිරියෝ.. හැක්..

      Delete
  58. තාත්තට වැඩිට පුතා එළ බං.. චැහ්. ඔය මාමයිට් බොන්න දෙද්දි මං ඔරේ රන් .. ඊට ලේසියි ලෝදිය බොනවා. ඕ යේස්.
    ලොකු උනාට පස්සෙ නං ඉල්ලං ## මාමයිට් ගාගන්නව සොරි වෙන්ඩ :D

    ReplyDelete
    Replies
    1. තාත්තට වැඩිය හොද නං ඊළග දවසේ කෝල් කරාම මිනිහට කතා කරහං.. මං තරහයි.. හැක් හැක්..

      Delete
  59. තාත්තගේ ම පුතා නෙව.. උඹේ වැරැද්ද දේශා.. උඹ මොකෝ පොඩි එකාට පේන්න කෙහෙල් ගහක් වවලා නැත්තේ..

    ReplyDelete
    Replies
    1. ඌ වාසනාවන්නයි බං... කෙලින්ම හලන්න සින්ක් එක තිබුනා නේ.. අපිට කුස්සියේ හලන්න තැනක් තිබුනේ නැහැ.. හැක්..

      Delete
  60. අප්පා, තාත්තාගෙම පුතා. හැබැයි ඔය දේම මේ මාත් කරලා තියේ. ඒ නිසා ඊට වඩා යමක් කියන්න නෑ. අපෙත් ඔය වාගේම කාලයක් තිබ්බා. ඒ සොඳුරු මතකයත් එක්ක රස වින්දා ඔන්න මේ කතාවත් දේශා.

    ReplyDelete
    Replies
    1. තැන්කුයි චන්දි.. මටත් එකපාරට මේ මාමයිටි එක නිසා අතීතෙට ගියපු නිසයි ලියන්න හිතුනේ..

      Delete
  61. අඹ ගහේ හැදෙන්නෙ අඹ ගෙඩි මිස පොල් ගෙඩි නෙවෙයිනෙ.. අපේ පොඩි කෙල්ල කල වැඩක් මතක් උනා. නොරට හිටි ගෙදර කුස්සියෙ පැත්තක මැන් හෝල් එකක් තිබ්බා කුස්සිය හෝදලා වතුර යන්නෙ නැති උනාම බෑලුවා මොකද්හ බොලොක් එක කියලා . මෙන්න ඒකෙ බත් පිරිලා ! ඊට පස්ස්සෙ ලංකාවෙදි කෙල්ල හොඳට බත් ගොඩක්ම කනවා. හැබැයි පැය කාලකට පස්සෙ ආයිත් බඩගිණියි කියනවා. ඒකට හේතුව හොයාගත්තෙ ගෙදර සින්ක් එක හිර වෙලා වතුර යන්නෙ නැති උනාමයි.. සින්ක් එකට බත් දාලා වතුරට කලවම්කරලා යවලා. ඒක ගිහින් වංගුවක හිර වෙලා.

    ReplyDelete
    Replies
    1. තාත්තගේ හැටියටලු නේ ළමයි හැදෙන්නේ.. මොකද තාත්තා මහ පෝරිසාදයා නේ.. හැක්..

      Delete
  62. සමහරුනම් අඩගහන්නේ නැතුවම වෙන අයගේ වැඩ වලට උදව් වෙන්න ගිහිල්ලා කෙල උනාම කියන්නෙත් ඉල්ලන් ______ මාමයිට් ගා ගත්තානේ කියලලුනේ

    ReplyDelete
    Replies
    1. ඔව් නේන්නං මැලේ.. උඹත් නිකං ටිංකිරි ගානොගෙන හිටිං...

      Delete
  63. මාමයිට් වලට ආඩපාලි කියන එකටනම් තද බල විරෝධය !! කොළුවා ලොකු වෙනකොට අනේ මන්දා දේශකයෝම දෙන්නෙක් වෙලා මල ජුලියයි . මම මාමයිට් වලට පට්ට ආසයි. රතුළුණු දාලා කරපිංච දාල තෙම්පරාදුවක් වගේ දෙන පානය හ්ම්ම්. ඒවාට වැඩිය උඹේ ලියමන රහයි.

    ReplyDelete
    Replies
    1. හ්ම්.. මාත් දැං බොන්නේ එහෙම තමයි.. මම කිව්වේ මාමයිට් බං... තැන්කුයි.. උඹේ ලිවිල්ලත් එක්ක බැලුවම මගේ එක පඳුරු බං...

      Delete
  64. අපි පොඩි කාලේ පෝශ්‍යජනකම කෑම කියලා හඳුන්වලා දීපු එකක් වෙන්නැති මාමයිට්.
    අපෝ මතක් වෙනකොටත් තාමත් වමනේ යයි. වෙන එකක් තියා nutella වත් කන්නේ නෑ ඔය මාමයිට් හැඩයේ බෝතලයක් තියෙන හින්දා. කොහොමත් මම ආස අනෙ ඒත් මුලින්ම ඒ අකමැත්ත ඇතිවෙන්න ඇත්තේ මාමයිට් හැඩය නිසා. පොඩි කාලේ කවුරු කෑවද මන්දා අපේ ගෙදර ඒවා ගෙනාවත් මතකයි. ඒත් අපේ ළමයි මාමයිට් කීවම හරි ආසයි. ක්‍රීම් ක්‍රකර් වෙල්ෆෙයා පැකට් එකයි මාමයිට් ටින් එකයි දවසට කනවා අපේ අයියගේ පුතා පොඩි කාලෙත්.

    ReplyDelete
    Replies
    1. තවමත් මාමයිට් කන්න්නැතිව ඇති මයේ හිතේ මේ තියෙන අප්පරියාව දැක්කම.. හැක්..

      මාත් හිතන්නේ අපි පොඩි කාලේ හැමෝම හිතාගනෙ දැනගෙන හිටිය හොදම පෝස්සදායි ආහාරේ මාමයිට් තමා..

      Delete
  65. අනේ බොල උඹ කරපු දේම පුතංඩියත් නොකලොත් තමා වැඩේ. උඹනම් තියන්න වටින්නේ නෑ දේශකයෝ. මට දුක ඒ අහිංසක අම්මා ගැන. හැක්!

    ReplyDelete
    Replies
    1. මොන එහෙකට අම්මා ගැන දුක් වෙනවද බං..

      Delete
  66. මාමයිට් ඒ කාලෙත් තිබ්බද හැබෑට?

    ReplyDelete
    Replies
    1. ඔයැයි හිතුවේ මේ කල්පෙකට කලින් කාලයක් කියලද?? හැක්..

      Delete
  67. අපි බොහෝ අයගේ කතාව
    මධ්‍යම පංතිය කුඩා වූ රටක
    බෝම ලස්සනට ලියල තියෙනව
    හැබැයි ඉතිං මාමයිට් නම් අදත් එදත්
    දුටු තැන අත නාරිමි
    උණු උණු මාමයිට් සුප් එක, කරපිංච,
    ලූණු, ලුණු හා දෙහි ඇඹුල් සවල්පයක් සමග
    පුසුඹේ බැරුවා

    පුතත් තාත්ත වගේමයි
    අඟ හිඟ කමට අපේ ගේදර එක කාරෙකයි,
    බාත් රූම් දෙකයි තිබුනෙ කියල ඉස්සරහට කියයිද?

    ReplyDelete
    Replies
    1. ඔය කිව්ව විදියට
      තමා මම බොන්නේ
      මාමයිට් දැන් කල

      අඟහිග පෙන්නුමට
      දෙයක් නැතිවෙයිද
      අප හට
      ඉදිරියට
      යන විදිය අනුව

      Delete