Monday, July 7, 2014

පෑන සහ තීන්ත කූඩුව!! (The Pen and Inkstand)

කවියෙකුගේ කාමරයේ ඇති ඔහුගේ මේසය මත තීන්ත කූඩුව මේසය මත නොසෙල්වී සිටියා. එහෙම ඉන්න ගමන් තීන්ත කූඩුව මෙහෙම කියන්න ගත්තා. “තීන්ත කූඩුවක් තුලින් මොන තරම් විස්මිත දේවල් එළියට එනවද? ඊළගට එන්නේ මොකක්ද කියල හිතාගන්නවත් පුළුවන්ද? මේක නං විස්මිතයි“

“ඔව් ඇත්තටම“ තීන්ත කූඩුව කිව්වා. “ඒක අසාමාන්‍යයි. ඒකනේ මං නිතරම කිව්වේ“ ඔහු පෑන සහ ඔහු කියන දේ ඇසෙන මානයේ මේසය උඩ ඇති හැමදේටම ඇසෙන පරිදි එහෙම කිව්වෙ ලොකු උජාරුවකින්. 

“විස්මයජනකයි කියන්නේ මේකට තමා. මොන තරං දේවල් මගෙන් මතු කරගන්න පුළුවන්ද? ඒක විස්මයජනකයි නේද? මේ මනුස්සයා මාව ඔබ ඔබ ඉන්න කොට, අඩු ගානේ මම වත් හාංකවිසියක් දන්නෑ ඊළගට මොකක්ද එළියට එන්නේ කියල. මගෙන් ගත්ත එක තීන්ත බිංදුවක් ඇති එයාට පිටු භාගයක්ම ලියන්න. ඉතිං ඒ පිටු බාගේ මොනව තියෙන්න බැරිද? කවියා කරන හැමදෙයක්ම මගෙන් තමයි එළියට එන්නේ. ඔය මිනිස්සුන්ගේ හිතිවිලි, ඒ අය දකින මිනිස්සු, ගැඹුරු සිතුවිලි, උපහාසය, ස්වභාවධර්මයේ මනස්කාන්ත දර්ශන.. ඇත්තටම මේ හැමදෙයක්ම මාතුලයි තියෙන්නේ. මගෙන් තමා මේ හැමදෙයක්ම ඉදිරියට එන්නේ. සුකොමල කුමාරියන්, නිර්භීත නයිට්වරුන්, අප්‍රසන්න දේවල්, නොපෙනෙන දේවල්.. තව මොනවද? තව මොනව තියේද කියල මමවත් දන්නෑ. මං ඔයගොල්ලොට සහතික වෙනවා මං ඔය කිසිම දෙයක් හිතන්නෑ කියලා“

“ආහ්.. ඔය කිව්වේ.“ පෑන කිව්වා. “ඔය තමන් කලාය කියන කිසිම දෙයක් ගැන ඔයා මොන දෙයක්වත් හිතන්නෑ. මට කියන්න පුළුවන් ඔයා කරන්නේ ඔයාගේ ඇගේ තියෙන තීන්ත ටික අරගෙන දෙනවා කියල විතරයි. ඔයා මට තීන්ත ටික දෙනවා. ඉතිං මට කරන්න පුළුවන් හැමදේම මම කරල පෙන්නනවා. පෑන තමයි හැමදේම ලියන්නේ. කිසිම මිනිහෙක් ඒක අවිස්වාශ කරනවද? නෑ.. ඔය හුගක් මිනිස්සුන්ට තියෙන මොලේ තරම තමා මේ වගේ පරණ තීන්ත කූඩුවකට උනත් කියන්නේ“

“ඔව් ඔයාටත් පුළුවන්. ඒත් අත්දැකීම් කොච්චර අඩුද?“ තීන්ත කූඩුව පිළිතුරු දුන්නා. “හැක් හැක්.. ඔයාට අඩුගානේ සතියක්වත් එක දිගට ඔය වැඩේ කරන්න පුළුවන්ද? බලනවා ඔහේ දැනටමත් බාගයක්ම ගෙවිල ඉවරයි. ඔහේ විහිළුවටද මට කිව්වේ තමුන් කවිකාරයෙක් කියලා.. හැක්? දැනගන්නවා, ඔයා කියන දේ කරන සේවකයෙක් විතරයි. ඔයා මෙහාට එන්න කලින් මං ඔයා වගේ අය කී දෙනෙක් ගැන දැනගෙන හිටියද, සමහර අය මෝඩ පහේ පරණ අය, සමහර අය ජේත්තුකාර ඉංගිරිසි කාරයෝ. මට බොරු කරන්න බෑ මම හොදට දන්නවා පිහාටු පෑන මොකක්ද පවුන්ටන් පෑන මොකක්ද කියල. ඔය හුගක් දෙනෙක් මං ගාව වැඩ කරා. ඔන්න බලන්න එයා එනකොට මට තව පෑන් හුගක් අරන් ඒවි. මිනිහා කරන්නේ මං වෙනුවෙන් එයාගේ සංඥා ක්‍රියාත්මක කරන එක විතරයි. මගෙන් මතුවෙන දේවල් තමා එයා ඔය ලියන්නේ. මම ඇත්තටම කැමතියි දැනගන්න මිනිහා ඊළගට මගෙන් මතු කරගන්නේ මොන වගේ දෙයක්ද කියල දැනගන්න.“

“තීන්ත බඩා“ පෑන බෙරිහන් දුන්නා.

හොදටම හවස් වෙලා කවියා ගෙදර ආවා. කවියා ප්‍රසංගයකට ගිහිල්ලා. ඒ ප්‍රසංගයේදී වයලීන් වාදකයා මොන තරම් අගේට තම වයලීනය වාදනය කලාද කියන එක ගැන ඉමහත් ප්‍රෙමා්දයෙන් ඔහු සිටියේ. හිතාගන්නවත් බැරි තරම් ඉමිහිරි වාදනයක් තමා ඔහු වයලීනයෙන් නැගුවේ. සමහර වෙලාවට ඒ නාදය කිංකිණි නංවන වතුර බිංදු වගේ, නැත්නං පෙරලීගෙන එන මුතු ඇට වගේ, නැත්නං ලස්සන සිංදු කියන කුරුළු නාදයක් වගේ, ඒ විතරක්ද ෆර් ගස් මුදුන් වලින් හමන සුළං සැර වගේ. කවියාට මේ ගැන හිතද්දී තමන්ගේම හෘද ස්පන්දනය ඇහුනා ඒකත් හරියට ලස්සන සංගීත නාදයක් වගේමයි ඔහුට ඇහුනේ, එහෙමත් නැත්නං කාන්තාවකේ මිහිරි කටහඩක් වගේ. කවියා සම්පුර්ණ්යෙන්ම වාදනය ගැන මත් වෙලයි හිටියේ. වයලීනයේ තත් විතරක් නෙමෛයි මුලු වයලීනයම වාදනයට එකතු උනා කියලයි ඔහු සිතුවේ. ඒක විස්මය ජනක වාදනයක් කියා ඔහු සිතුවා. වයලීනයේ අලුව, එහි තත් හා ස්පර්ශ වෙද්දී, එහි ඇතිල්ලෙන, එහාට මෙහාට යන උඩට පහලට යන රිදිමය අනුව වයලීනයෙන් ඉමිහිරි නාද පිට උනා. හරියට වාදනය කරපු වාදකයා නොදැනුවත්වම වයලීනය මේ ඔක්කෝම වාදනය ඉදිරිපත් කලා වගේ. ප්‍රේක්ෂකාගාරයේ හිටි අයටත් අමතක උනා මාස්ටර් වාදනය කරන බව. හැමෝම වයලීනය දිහා විස්මයෙන් බලා හිටියේ. එයින් නැගෙන නාදය ඔවුන් සියල්ල අමතක කොට රස වින්දා. සමහර අයට අමතක උනා අඩු ගානේ හුස්ම ගන්නවත්. මාස්ටර් අමතක උනා. නමුත් කවියාට ඔහුව අමතක උනේ නැහැ. ඔහු මාස්ටර් නමින් ඔහුගේ සිතෙන් මතු වූ කවි සිතුවිලි අකුරු කරන්න ගත්තා.

“ඒක මොන තරං ලැජ්ජ නැති වැඩක්ද? වයලීන් එකයි අලුවයි විතරක් ඉස්සිලා ආචාර කරන්නේ හරියට ඒ අය මේ වාදනය කලා වගේ“ ඒත් අපි මිනිස්සු විදියට තාමත් හිතන්නෙ එහෙමනේ. කවියෝ, කලාකාරයෝ, ජනරාල්වරු, විද්‍යාඥයෝ. මේ හැමෝම හිතන්නේ ඔය විදියට තමා. අපිත් හරියට සංගීත භාණ්ඩ වගේ දෙවියන්ට ඕන විදියට වාදනය වෙන. හැමදේකම උත්තමාචාර ඔහුට විතරයි. අපිට ආඩම්බර වෙන්න සතුටු වෙන්න කිසිම දෙයක් නැහැ.“ කවියා එහෙම හිතන්න ගත්තා.

ඇත්තටම කවියා ඒක තමා ලිව්වේ. ඔහු කතා ශෛලියෙන් ඒක ලිව්වා. මෙහෙමයි ඒක ඔහු හදුන්වලා තිබුනේ. “මාස්ටර් සහ වාදකයෝ“

“අක්කේ.. ඔන්න ඕක තමා ඔයාට ලැබෙන්නේ“ පෑන තීන්ත කූඩුවට කිව්වේ ආයෙත් හුදකලා උනාට පස්සේ. “ඔයැයිට ඇහුන නේද ඔහු මම ලිව්ව දේ හයියෙන් කියවනවා“

“ඔව් ඇහුනා. මං ඔයාට ලියන්න දීපු දේ නේ ඒ“ තීන්ත කූඩුව ඔලොක්කුවට මෙන් පෑනට කිව්වා. “ඒක මං ඔහේටයි කිව්වේ. ඔයැයිගේ ඔය බොරු අහංකාරේ නිසා. අඩුගානේ ඔහේට තේරෙනවද මං ඒක ලිව්වේ ඔහේට අපහාස කරන්නෙයි කියලා. මම මේ පොඩ්ඩයි කිව්වේ මම දන්නවා මටත් ඕන උපහාසයක් කරන්න පුළුවන් කියලා.“

“තීන්ත කේතලයා“ පෑන හයියෙන් කිව්වා.

“ලියන කූරා“ තීන්ත කූඩුව උත්තර දුන්නා.

මේ දෙන්නට දෙන්න තම තමන් හිතාගෙන හිටියා තමන් දීපු උත්තරේ හරියටම හරි කියලා. තමා ඉතා හොදම උත්තරයක් දීපු බව දෙන්නම අවබෝධ කරගෙනයි හිටියේ. ඒ ස්ථිර විශ්වාසය හොදටම ඇති සනීපෙට නිදාගන්න තරම්ම. ඉතිං ඒක නිසා දෙන්නම නින්දට ගියා. ඒත් කවියාට නිදාගන්න බැරි උනා. ඔහුට නින්ද ගියේ නැහැ. ඔහුගේ සිත තුල සිතුවිලි පොදි ගැහෙන්න ගත්තා, හරියට වයලීනයේ නාදයන් වගේ, මුතු කැට වැටෙනවා වගේ, එහෙම නැත්නං ඝණ කැලයේ තුරුහිස් මතින් දෝංකාර දෙමින් කුණාටුවක් හමනවා වගේ. ඔහු මේ සිතුවිලි මතින් තමන්ගේම හදවත තේරුම් ගත්තා. එක්වරම දෙවියන් විසින් පෙන්නුම් කලාක් මෙන් ඔහුට යමක් අවබෝධ උනා.

“මේ හැමදේකම ගෞරවය යන්න ඕන මාස්ටර්ට!!“

හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්

The Pen and Inkstand - Hans Christian Andersen

122 comments:

  1. නියමයි දේශකයෝ.... කාටත් පොදුවේ හිතට ගන්න හොදම උපහාසාත්මක කතාවක්. නිර්මාණ කරුවකුගේ මේ ක්‍රියාවන් කොතැනටද ලඝු කරන්නේ කියලා මටත් දැන් හිතෙනවා.
    ගි පද රචනයක් අරන් බලන්න. එය පද රචකයා ලියනවා. සංගීතඥයා තනුව දමනවා ගායකයා ගයනවා අපි රස විදිනවා. ගේෟරවය සැබැවින්ම යා යුත්තේ කාටද?

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ මයික් එකට.. හැක්..

      Delete
    2. @නලියා....හම්බවුනා නේද උඹට උත්තරේ....

      Delete
    3. දේශා,බිබී හිටපු තේ එකත් නහයෙන් එළියට පැන්නා බං උඹේ උත්තරේ දැකලා..:D

      Delete
    4. කමෙන්ට් එක කෙටුවට වඩා හොදයි මේකා එක්ක ගල් බෝතලයක් ගැහුවනං කියල හිතුණා.

      Delete
    5. මේවයේ වැදගත් කොමෙන්ට් කොටන්ට එනවට හොද වැඩේ...

      Delete
    6. දැං කියහල්ලා මං කිව්වේ වැදගත් දෙයක් නෙමෙයිද කියලා.. ඔය ඔක්කෝම කෙලි ඉවරයි නේ මයික් නැතිව.. ඉතිං මයික් එක තමා වැදගත්.. ඔව්..

      Delete
    7. මයික් එක තිබ්බට වැඩක් නෑ බං. ස්පීකරේ නැත්තං මයික් එකට කියන එක ඇහෙන්නෙ කොහොමද.

      Delete
    8. එහෙනං ඉතිං බං කොච්චර හයියෙන් ඇහුනත් වැඩක් නෑ අහන්න අපි නැත්නං. හැක්.. නැද්ද මං අහන්නේ..

      Delete
    9. මේවාගේ සරල සුගම පරිවර්තනයක් කළේ අපේ හැක හැක ගැන දේශා නෙමෙයි කියලයි හිතුනේ. ඒත් ඒ ඌම තමා කියලා හිතුනා නලියට දීලා තිබ්බ උත්තරෙන් . තනියම හිනාවෙන්නේ මොකද කියලා අල්ලපුගෙදර එකේ නෝනත් අහනවා

      Delete
    10. නෝනා අහන්නේ හොදකට නෙමෙයි පුතේ පරිස්සමින්..

      Delete
  2. අනිවාර්යයෙන් සංගීතය ගෑවුනු තැනක ක්‍රෙඩිට් එක යන්න ඕන සංගීතඥයාට..

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. එසේම වේවා!!

      Delete
    2. විවාදාත්මකයි … … !!!!!!!

      Delete
    3. ඒ විවාදාත්මක බවම තමා මාත් ඉහත මතු කොළේ. කොහෙද අර කැසවරියා ඒක ලෙස්සලා යවලනේ. මේකා බීලද කොහෙද මේ වෙලාවේ..

      Delete
    4. කැසවරියා = දෙහිවල සතුන්වත්තේ ඉන්නා සතෙක්

      Delete
    5. නලීන්......ඒ සත්තුවත්තේ හිටිය එකාද, ඔය පැනලා ඇවිත් ඔය බ්ලොග්ස් ලියන්නේ.

      Delete
    6. කැසවරියා...:D :D :D
      නලින් අයියේ ඔය සතාගේ පොටෝවක් තියෙන ලිනික් එකක් දාන්නකෝ.

      Delete
    7. ශෘංගාරාත්මකයි..!!!!

      Delete
    8. අප්‍රබංසයි!!!

      Delete
  3. Replies
    1. හාන්ස්ට තැන්කුයි..

      Delete
  4. නියමයි දේශා..
    එතකොට ලියන කොලේ..
    හැක්.. :D

    ReplyDelete
    Replies
    1. ඒකනේ කොලයක් ළගපාත නැති වෙන්න ඇති අරුන් දෙන්න කයිය හලන කොට.. හැක්

      Delete
    2. ැයි බං ලියන මේසෙයි පුටුවයි පොල් ගෑවද ඕකුං බයිල ගහද්දි.. මම මේසෙනං තීන්ත කූඩුව පෙරලනවා බිමට.. කුඩු සූදුරු වෙලා යන්ඩ !! ඕ යේස්..

      Delete
    3. මුන් මෙතැනට කඩේ මුදලාලිවත් දාලා.. වාණිජකරණය කරන්න යන්නේ...

      Delete
    4. පත්තරයෝ උන් දෙන්න නිදාගන්න ඇති ඒකයි..

      Delete
  5. ඉඟුරු පාන්..පාන් මල්ලියා...

    මට මතක් උනා.

    ReplyDelete
    Replies
    1. මාත් දැකල තියෙනවා ඒ කාටුන් එකේ ක්ලිප්ස්.. ඒත් මොකක්ද කියල නං දන්නෑ බං

      Delete
    2. ඈහ්... ඉඟුරු පාන් මල්ලි බලල නැත්ද? අරෙ ගෙචර මුලුතැන්ගෙදර තියෙන බඩු මුට්ටුවල කතාව. උන් කතාකරනවා. ලුණු බෝතල්, සීනි බෝතල්...පට්ට ආතල්. ඉස්සර ගියේ ජාතික රූපවාහිනියේ.

      Delete
    3. ඇයි අර එලාම් එකේ ඉන්න බකමූණු හාමිනේ .. :D

      Delete
    4. අප්පට එහෙමද නලින් අයියා.. හප්පා ලස්සන.:D
      සිරියාව වැක්කෙරෙනවා .හැක්

      Delete
    5. ගුඳ ගති ගත ගුඳිත ගතාං....

      ඉඟුරු ඉස්ම අනුපානෙන්,
      පනඑන පදමට හදාපු,
      මල්ලී.. මල්ලී..
      මල්ලී.. මල්ලී..
      ඉඟුරු පාන් පාන් මල්ලියා....

      Delete
    6. විදානේ තැන්කුයි.. සහ මනෝෂ්ට...

      Delete
  6. මටත් ඔහොම බැන්න බං.

    ReplyDelete
    Replies
    1. මූණ පෙන්නන්න්ඩ හැලපයියා .. ඉතුරු හරිය අපි බලාගන්නං. ඕ යේස් !!!

      Delete
    2. කව්ද බැන්නේ. ඔය පත්තරයට කියහං. අනිවා ඌ මොකුත්ම කරන එකක් නෑ.

      Delete
  7. හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ගේ සුරංගනා කථා භාෂා කීපයකින් පරිවර්තන ලෙස පල උනා. මට එක්දාස් නවසිය බර ගනන් වලදි ඩෙන්මාර්කයේ ඔඩෙන්සේ නගරයේ සංරක්ෂනය කොට ඇති ඔහුගේ නිවහනට ගොඩබහින්නත් ඔහු පොත පත ලියු මේසය පුටුව සහ කටුපෑනත් තීන්ත බෝතලයත් දැකගැනීමේ මහගු අවස්ථාවකුත් එළබුනා....
    ඩෙන්මාර්කයේ අගනුවර වන කොපන්හෙගන් නගරයේ වරාය අසල අදත් ඔහුගේ ලිට්ල් මර්මෙයිඩ් සුරංගනා කථාවෙ එන දිය කිඳුරියගේ ස්ටැචූ එකක් තියෙනවා සංචාරකයන් අතර ඉතාමත් ප්‍රසිද්ධ....

    ReplyDelete
    Replies
    1. චෙෆා.. උඹ බෝම වාසනාවත්තයි නේ... ස්තුතියි විස්තරේට..

      Delete
  8. මේක ඉංගිසියෙන් කියෙව්වම මේ තරම් ගතියක් දැනුනේ නෑ දේශකයෝ.... එලම එලස්

    ReplyDelete
    Replies
    1. සිංහල අපිට සිංහල තමා බං හරියන්නේ.. උඹත් ඔන්න ලංකාවට වරෙන් ආස්තැරිය ලෝකෙක ජීවත් වෙන්න..

      Delete
  9. ඇත්තටම අපි ගොඩක් තැන් වලදි නිසි ගෞරවය දෙන්න ඕන තැනටද ඒ ගෞරවය දෙන්නෙ???? හිතන්න සෑහෙන්න ලොකු ප්‍රශ්ණයක්.

    ReplyDelete
    Replies
    1. දෙන්ඩ කවුරුත්ම නැත්තං මට දියං !!!!! :D

      Delete
    2. ඒක හරි වැඩිය හිතන්න හොද නෑ තමා. උඹටම දෙන්නම්. :D

      Delete
    3. අර හිට් කන්නද ඇහුව වගේම ගෞරවේ කන්නද බං..

      Delete
  10. කාලෙකින් ආවේ උටුමානැනි ... මේක මන්කියෝලා තිබ්බා කලින්, ඒත් අද රසවින්දා

    ReplyDelete
    Replies
    1. හ්ම්.. එම්බා ඔමරිය.. තා නිතර පැමිණිය යුතු බවට අණ කරමි.

      Delete
  11. Replies
    1. ඔව් බං මාත් කැමතියි මාළු බොකු වලට..

      Delete
  12. අර ඩුඩ් පරිවර්තනය කරලා තිබ්බ නේද මෙයාගෙම කතා දෙකක් තුනක්? ගිය අවුරුද්දේ? මොනා උනත් නියම කතා ටිකක් තියන්නේ.. තව අහු උනොත් පරිවර්තනය කරලා දාන්නකෝ.. මට නම් කොහොමත් සිංහලෙන් කියවන එක රහ වැඩියි ඉංග්‍රීසියට වඩා..

    ReplyDelete
    Replies
    1. ඩුඩ් හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් ගේ කතා නං ලිව්වා මතකයක් නෑ. හැබැයි ඇන්ඩ් ග්‍රිෆිත් ගේ කතා නං ලියල තිබ්බා..

      Delete
    2. අගහරුවෝ සැනඩරායා කිව්ව වගේ ඩුඩ් ඉස්ම යන්නම දුන්නේ ග්‍රිෆිත් ගේ කතා.. ඒවා සුපිරි.. (හොර ඉංගිරිසි ගුරොන්ට ඕවා මොනවද??)

      Delete
  13. ෂහ්.. සුදුස්සාට සුදුසුතැන නොලැබීම...

    එහෙම නැත්නම් "පූජාච පූුජනීයං" නොවීම..

    ජ ය වේ වා!!!

    ReplyDelete
  14. සුපර් ස්ටෝරි...

    ReplyDelete
    Replies
    1. තැන්කුයි ෂෙහාන්..

      Delete
  15. කවදාවත් පරණ නොවන. අර්ථවත්, රසවත්, යථාර්ථය.

    ReplyDelete
    Replies
    1. සම්පුර්ණ ඇත්ත විචා..

      Delete
  16. දැන් මේ කතාවේ කාටද සුදුසු තැන දෙන්නේ....අර කවුද උඩින් කිව්වා වගේ උඹ සිංහලෙන් නියමෙට ලියලා.

    පෑන් තලෙත් කියනවාලු...උඹ පෑන වුනාට..මම තලේ නිසා තමයි ලියවෙන්නේ කියලා.

    ReplyDelete
    Replies
    1. ඇයි බං මේසේ තියෙන නිසානේ ලියන්නේ.. ඒක නිසා මේසෙට තමා ඕක යන්න ඕන..

      Delete
  17. Replies
    1. තැන්කුයි පෙට්ටගං මල්ලි..

      Delete
  18. දේශො .. බං හාන්ස් ට උඹ උපරීම සාධරනය ඉෂ්ට කරලා තියනවා කියල මට හිතෙනවා.. කතාවක් ඇතුලෙ ලොකු කතාවක් … තීන්ත කූඩුවයි මාස්ටරුයි පෑනයි උඩ පැන්නට බෙනිෆිට් එක ගන්නේ පොත් වෙලෙන්දා බං.. මාස්ටර්ලා කැලේ.. !!!!!!!

    ReplyDelete
    Replies
    1. උඹ අද අමුවෙං නේද ?? ආං ඒකයි.

      Delete
    2. විදානේ මලක් වැඩල වගේ.. නැද්ද පත්තරෝ.. උඹ හරි බං පැටියෝ..

      Delete
  19. හරිම ලස්සන කාවක් කියවන්න ආස හිතුණ..අද නම් දේශක යගෙ මේ ලිපියට මං කැමතියි ඇහ්..

    ReplyDelete
    Replies
    1. අනේ ඔයාට පිං හොදේ..

      Delete
  20. සමහරක් වෙලාවට අපි ගෞරවය දෙන්නේ ඒක ලැබිය යුතුම පුද්ගලයට නෙමෙයි නේ.. කතාව ලස්සනයි.. පරිවර්ථනයට ස්තූතියි දේශා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බොගේ අදහසට දිනේෂ්...

      Delete
  21. පරිවර්තනය නම් උපරිමයි.. ඔන්න දැන් ඩූඩ් මල්ලිට තවත් එකතුවක්..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි..

      උඹ හිතන්නේ සරෝ.. ඩුඩ්ට පුළුවන්ද මේ මං එක්ක හැප්පෙන්න.. ඔව් ඉදගෙන.. හැක්..

      Delete
  22. මම නම් කියන්නේ සියල්ල එකතුවූ තැන හැදෙන නිර්මානයට... අයිතිකුරුවෙක් සෙවීම අපහසුයි...

    සම සිතින් සියල්ල බෙදා ගත යුතුයි...

    ReplyDelete
    Replies
    1. උඹ කිව්ව හරි.. ඒක තමා වෙන්න ඕන.. අපි මොනව කිව්වත් මේ ලොකේ හැම දෙයක්ම ටීම් එෆර්ට් එකක්..

      Delete
  23. පට්ට...
    දෙශක තුමා නියමෙටම පරිවර්තනය කරල තියෙනව...
    සංගීත ගොයිය මොකක් කලත් ඒත අහන්න කෙනෙක් නැත්තං වැඩක් නෑ නෙ.. ඒ හිංද අයිතිය තියෙන්නෙ ජනතාව අත..
    හැක්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මහේෂ්...

      Delete
  24. හාන්ස්ගේ ලස්සනම කතාවක්.
    දේශාගේ පරිවර්තන හැකියාව නිසා කතාවෙ රහ වැඩිපුර දැනුනා.
    අති සාර්ථකයි...!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.. මම තාම ටියුන් කරනවා බස්සියෝ..

      Delete
  25. හාන්ස් ගේ අපුරු කතාවක්...:)
    ලස්සනයි පරිවර්තනේ..:)

    ReplyDelete
    Replies
    1. තැන්කුුයි මචෝ.. බොලා රස වින්ද නං මට ඒ ඇති..

      Delete
  26. ඇති යන්තම් ආයේ හාන්ස්ගේ කතාවක් දාන්න මතක් වුණා දේශාට

    ReplyDelete
    Replies
    1. ඊයේ හවස පොත පෙරලද්දි මම කල්පනා කරා බයිබලේ පෙරලල ඒකේ වාක්‍ය ජීවිතේට ආදේශ කරනව වගේ හැරවුන කතාව ලියන්න.. ඉතිං ලිව්වා..

      ඒකනේ මං දන්නවා ඔය කැහැටු ලමයි මං මේවා ලියනකං බලන් ඉන්නවා කියලා..

      Delete
  27. කීවත් වගේ ගෞරවය යන්ට ඕනි රචකයට නේ. හොඳ කතාව දේශකයෝ...:)

    ReplyDelete
    Replies
    1. ඇත්තටම හොද කතාවක් පොඩිඩියේ..

      Delete
  28. හාන්ස්ගෙ මම කැමතිම කතාවක්.දේශක තුමා‍ගෙ පරිවර්තනය හරිම රසවත්.මෙතනදි දේශක තුමාටත් ගෞරවය හිමිවිය යුතුයි :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.. වැහි...

      Delete
  29. දේශක ගේ පරිවර්තනය කිරිමේ හැකියාව ගැන කියන්න දෙයක් නෑ උපරිමය ...අර හැක් කැල්ලත් මුල් පොතේ තිබුණ ද ? :))

    කවිකාරයෙක් කියලා.. හැක්

    ReplyDelete
    Replies
    1. මොකද නැත්තේ මට ඇහුනා පොතේ ඒ විදියටම හැක් හැක් ගානවා. මං බොරු ලියයි කියල උඹ හිතන්නෑ නේ.. හැක්...

      Delete
  30. හාන්ස් ගේ කතා දෙශාගේ ඇසින් ..... දැන් මේ කතාවේ ගෞරවය යන්න ඕනේ කාටද?
    1.හාන්ස්ට - කතාව ලිව්වට
    2. දේශාට - කතාව අපිට කිව්වට

    ReplyDelete
    Replies
    1. නෑ බ්ලොගර්ට මොකද බ්ලොගර් තමා ඒක අපට කියවන්න සැලැස්සුවේ. නැත්නං ඩොංගලේට...

      Delete
    2. මම නම් ගෞරවේ මටම තියා ගන්නවා බන්.. මොකද ඔය මොකා කොහොම මොකක් කලත් අන්තිමට ඕක කියවල ආතල් එකක් ගන්නේ මම ඉන්න නිසා නේ.. ඒ කියන්නේ මට ලැබෙන ආතල් එකේ ගෞරවේ යන්නේ තනිකර මට.. :D

      Delete
    3. ගෞරවේ යන්න ඔනේ උඹල දෙන්නට මේ ටිඅක් පැහැදිලි කලාට :P

      Delete
    4. යකෝ තොපි එකෙකුටවත් නෙමෙයි මගේ කීබෝඩ් එකටයි ඒක ලැබෙන්න ඕන.. පිට කොන්දට කොච්චර තඩි බානවද මං උගේ..

      Delete
  31. උබට වැඩෙ හොදට අල්ලල ගිහිල්ල

    ReplyDelete
    Replies
    1. උඹට එහෙම හිතෙනවා නං මාත් කැමතියි බං..

      Delete
  32. මට නං මේක තේරෙන්නේ නෑ බං. සමහර විටක කීබෝඩ් එක දන්නවා ඇති, බාගදා මොනිටරේ.. අහන්න ඕනේ උන් දෙන්නගෙන් නිවාඩු පාඩුවේ..

    ReplyDelete
    Replies
    1. හොදට අඩියක් ගහල “වගි මෝඩ්“ ඇක්ටිව් උනාම අහල බලහං.. සැන්ඩරයෝ..

      Delete
  33. හොඳ කතාව
    හොඳ පරිවර්තනය

    ReplyDelete
    Replies
    1. දයල්. කිම් තොප් මෙදවස්
      නොදකිම් බොහොම්

      Delete
  34. මම පරක්කු වෙලා බං ආවේ. උඹ මේ කතාවලට සාධාරණය ඉෂ්ඨ කරනවා කියලා මට අවංකවම හිතෙනවා. දැන් ඒක උඹට පුරුද්දක් වෙලා.

    නමුත් ඔයා සහ ඔහේ එකට යොදාගන්න එක ගැන පොඩ්ඩක් හිතපං. ඒ වගේම උඹ දැනගනිං තමුසේ දැනගන්නවා වගේ සෙට් එකට ගැලපෙන ක්‍රියාපද ගනිං. ඒ දෙක මාරු වුනොත් පොඩ්ඩක් නොගැලපෙන ගතියක් තියෙනවා.

    උඹට තවත් රස කතා පරිවර්තනය කරන්න සුභ පැතුම්.

    ReplyDelete
    Replies
    1. උඹ කියන දේ ගැන මං බෝම ගැඹුරින් හිතුවා..

      කතාවේ හැටියට පෑන ටිකක් තරහෙන් කතා කරන කොට, තීන්ත කූඩුව සැහැල්ලුවෙන් කතා කරනවා. ඒකේ අනිත් පැත්තත් වෙනවා. එතනදි මං ඇත්තටම අමාරුවේ වැටුනා.. දෙන්නගේ වලියේ ස්වරූපයන් දෙක හරියටම කියන්න යද්දී. ඒ කිව්වේ එකෙකුගේ කෝපයත් අනිකාගේ උපහාසයත් එක වරම ඉදිරිපත් කළ යුතුව තිබුනා.. ස්තුතියි ඩුඩ්..

      Delete
  35. පරිවර්තනය හුඟක් සාර්ථකයි.. හාන්ස්ගේ මමත් කැමතිම කතාවක් මේක..

    ReplyDelete
    Replies
    1. එහෙමද... ස්තුතියි තුෂානි..

      Delete
  36. බොලාගෙ පරිවර්තනය නම් මල් හතයි...කථාව ඇතුලෙ තියෙන සමහර සිංහල වචන ඒ තැන් වලට හරිම අලංකාරයක් එකතු කරලා තිබුනා. මේ වගේ දිගට කථාවක් පරිවර්ථනය කරන්න රැකියාවත් එක්ක ලැබෙන විවේකය ප්‍රමාණවත්ද...ලියන වෙලාවට දේශිකා ඔය ලියමං වලට බැල්ම දාන්නෙ නැද්ද ?

    ReplyDelete
    Replies
    1. දේශිකා කොහේද බං මේවා බලන්නේ මං හැමෝටම හොරෙන් තමා මේ හොර වැඩ කරන්නේ.. හැක්..

      සාමාන්‍යායෙන් මං කතාව කියවනවා දහ දොලොස් සැරයක් වත්. ඊට පස්සේ හොදට ඒකේ අදහස මෙනෙහි කරනවා. කතාවේ ඇතුලාන්තය මොකක්ද කියලත් හොදට මනසින් බලනවා. ඊට පස්සේ ඔන්න පටන් ගන්නවා වැඩේ මගේ මීටරේට කතාව හරියටම අහු උනොත්. නැත්නං අතාරිනවා..

      Delete
  37. සුරංගනා කතාවලට දක්ෂයා හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් ලියපු හැම කතාවක්ම එහෙම තමයි. දේශ්ට හොඳට පරිවර්තන කරන්න පුලුවන්නේ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දයා.. හාන්ස් නිසා මාත් පරිවර්තන කාර්යයට අත්පොත් තැබුවා..

      Delete
  38. හුග කාලෙකින් හන්ස්ගේ පරිවර්ථනයක් ....නියමයි....ලස්සනයි....

    ශාන්ත ලා අපි අවුස්සන්නේ "ශාන්ත තීන්ත තීන්ත කුඩුව " කියලා ...හැක් :D

    ReplyDelete
    Replies
    1. අයියෝ වරද්දලා සාන්ත දාන්ත තීන්ත කුඩුව කියල නේ කියන්නේ..

      Delete
  39. මේ විදියට බලංගියාම දේශක, තීන්ත හදපු එකාට, පෑන හදපු එකාට, තීන්ත, පෑන හදනකම් කන්න බොන්න උයල දීල උස් මහත් කරපු මෑණියන්දැට. අවසාන වශයෙන් කෝකෙත් කෙළවර අපව බිහි කරපු හදා වඩපු දෙමාපියන්ට තමා ගෞරවය හිමි විය යුත්තේ.

    ReplyDelete
    Replies
    1. නෑ බං සීයල ආච්චිලට..

      Delete
    2. හප්පා!.. බලං යනනොට ඊට ලේසියි ඉස්සෙල්ල ආවෙ කිකිලිද බිත්තරේද කියල හොයන එක. ඔහොම ඔහොම ගිහින් අන්තිමේ ක්‍රෙඩිට් එක කුකුලටම යයිද දන්නෑ. හැක් හැක්..

      Delete
    3. අන්තිමට දෙවියන්නාන්සේට තමා සියළු ගෞරවේ යන්න ඕන කියාවි.. හැක්..

      Delete
  40. මුලින්ම කියවද්දිම මට හිතුනා පරිවර්තනයක් කියල. ලස්සනට වචන යොදල තියෙනවා. මං ගොඩක් රස වින්දා.

    ReplyDelete
  41. කිං කැකිල්ලේ තියරියුම් කියල කියන්නෙ ඕකට වෙන්ටැ...
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් ෆෝද ඇලට්. ගස්..

      ජය වේවා..

      Delete