Tuesday, May 27, 2014

Photoshop Wedding!!

එන්න එන්න.. වාඩි වෙන්න.. මොකද අපෙන් වෙන්න ඕන...

මේකයි අයියේ.. අපි කසාද බදින්නයි ඉන්නේ..

හා හා සන්තෝසයි.. ඉතිං ඉතිං

අපිට ඕන ඇල්බම් එක හදාගන්න.. පෙන්නන්නට එපැයි ඒක..

අවුලක්..නෑ.. සුළු දෙයක්නේ කියමු කියමු.. දැං කතාව..

අපිට ඕන හරි ලස්සන පොටෝ ටිකක් පංකාදු පහට තියෙන..

උඩරටින්ද පහත රටද.. යුරෝපියන්... ඉන්දියන්ද ඇදුම් ඕන??

උඩරට නං වඩා හොදයි. ගොයිං එවේ.. ඉන්දියන් හොදයි.

එතකොට ගෘෘප් එකට කී දෙනාද?

බ්‍රයිස් මේඩ්. බෙස්මන් හා පුංචි ළමයි දෙතුන් දෙනෙක්..

හරි එහෙනං එහෙම කරමු.. සෙටි බැක් එක කොහොමද ඕන??

ලස්සන අලුත් ඩිසයින් එකක් තමා කැමති

මේ ඩිසයින් වලින් එකක් තෝරගන්න..කේක් ස්ට්‍රක්චර් එක මොන වගේද??

කප් කේක් එකක් දාමුද? ඒක හොදයි නේද අයියේ..

හරි එහෙනං මේක දාපු.. අලුත ආපු ප්‍රෙෂ් ඩිසයින්.. පොටෝ වලට ලෝකේෂන් හෙම මොනවද?

මං නං කැමතියි සීගිරියට, යාපහුවට.. මෙයා කැමති නුවර එළිය.. තලවකැලේ

සුළු දෙයක් නේ ඕක ඉතිං. කැමති නැද්ද හයි වේ එක.. ඒක තමා දැන් ට්‍රෙන්ඩ් එක.. හයි වේ එක හරිම මැදින්.. ගෘෘප් පොටෝ එකක් දාමු..

අවුලක් නෑ..අයියා ඉතිං දන්නවා නේ..

වෙඩින් හොල් එක කොහේද.. හිල්ටන් හරි සිනමන් ග්‍රැන්ඩ් හරි.. තව ඕන නං පිට තැනක් හරි..

එක දවසක් ගියා මමත් නුවර තියෙන ක්වීන්ස් එකට. ඒකත් මරු හෝල් එකට..

ඊට වැඩිය හොදයි මල්ලි.. අපි අල්ලමු වෝටර්ස් එජ්...

අප්පා ඔව් අමතක උනා. ඒක හොදයි ඒක හොදයි.

වෙඩින් කාර් එකට ඉතිං ලිමොසින් එකක්ම ගමු.

ඔව් අයියේ මං ආසයි රතු පාටට.තියෙනවාද ඒ පාටම

මොකද අනේ බැරි.. සුදු පාටයි දැං තියෙන්නේ.. රතු පාටට කරන්න හැකි

අම්මට හුඩු. එළම තමා..තව මොනවද ඕන කියල අයියම හිතල හදන්නකෝ.. අපි මොකටද ඕවට වොරි. ඔයා ඉතිං පොපෙෂනල්නේ..

හහ් හහ්. හා.. ඔව් ඔව්.. ඔය වගේම ඇල්බම් නං කරලා ඇති අම්බානක. කස්ටර්මර්ට ඕන කරන නියම විදියටම දෙනවා.. ආයි ඉතිං බලන කෙනෙක් සිරාවටම බය හිතෙනවා. ඇත්ත එකක් වගේ තමයි..

ගණං හිලව් කොහොම වේද?

වැඩි ගාණක් නෑ මල්ලි. වෙඩින් එකක් ගත්තා නං ඔයාට යයි මිලියන් වත්. අපි නං නෑ වැඩිය ගන්නේ ඕනම නං  පෝටි තව්සන්ඩ්. ඇඩ්වාන්ස් එකක් අදම දෙන්න.

හරි එහෙමනං එහෙම කරමු.. මෙන්න ගන්න ඇඩ්වාන්ස්. එක.

තැන්කුයි .තැන්කුයි එහෙනං. ලබන සතියේ කෝල් එකක් දීල එන්න මේක ගන්න. හරියට ඇති වෙඩින් එකක් හිල්ටන් වල ගත්ත සේම.. අපි එළිකිරි වැඩ කාරයෝ.. 

බායි අනේ අපි යන්නං. කෝල්එකක් දී එන්නං..



(නරි බෑනා මතක් උනා කියල හෙම කියන්න ඔට්ටු නෑ ඕං)

165 comments:

  1. නරි බෑනටයි මේකටයි තියෙන සම්බන්ධයක් නං මට එන්නෙම නෑ..
    මේක ඇත්ත කතාවක් නං නෙවේ වෙන්න ඇති.. ඒත් මෙහෙම ඒව වෙනවත් ඇති නේද...
    කතාවෙ කියනව වගේ අපිට ඕව විදියට වෙඩිං එක ගත්ත වගේ පෙන්නන්න පොටෝ සොප් හොදා නෙ...
    10 මිලියන් වැඩෙත් 40000 ට වැඩේ වෙනවනෙ...
    හිහි...
    ඒක නං පට්ට

    ReplyDelete
    Replies
    1. මහේෂ්.. අපේ හාදයෙක් ඊයේ වෙඩින් පාටි එකකදි කිව්ව කතාවක් තමා මේ.. දැං එනවලු බං වෙඩින් නොකර ඇල්බම් එක විතරක් හාදගන්නත්.. හැක්.. මරුනේ..

      Delete
  2. අපේ අයියා කෙනෙක් ළඟදි ළොකු දුවගේ මගුල ගත්තා වෝටර්ස් එජ් එකේ. පස්සෙ ආරංචි උනා තේ වත්තක් විකුණලාය කියලා.. පිස්සු නේ.. හනිමූන් ගියේ.. පත් ලිමොසීන් එකක. දැන් යන්නේ ලීස් කරපු මරූටියේ..

    ReplyDelete
    Replies
    1. දැං මගුල් නං එහෙම තමා බං ගන්න වෙන්නේ. ඇයි ඉතිං ප්ලෑනර් නේ හැම එකෙන්ම කන්නේ.. හැක්..

      යකෝ මේ කිව්වේ වෙඩින් නොගෙන ඇල්බම් එකක් කරන විදියයි..

      Delete
    2. තේරුනා... හොඳටම තේරුනා... අපෙ එකෙක්ගේ ෆෝටෝ එකක මනමාලයට බ්ලූ අයිස් තිබුනා. අරු පොටෝ එකෙ ඇස් පියාගෙන ඉඳලා. ඌ වෙන ඇස් දෙකක් දාලා..

      Delete
    3. හැක් හැක්. බොට කියන්න මම මගුලට දාපු ටයි එකත් මාරු කරල තිබුන නේ බං වෙඩින් පොටෝ එක හදද්දි අපේ ගෝතයා..

      Delete
  3. සෑ ෆොර්ටිතවුසන්ඩ් වැඩි වගේ අයියා.. බැරිද ටුවෙන්ටි වලට වගේ කරන ..
    (රහසින්- මේ වැඩේ කරන තැනක් තියෙනවා නම් ඇඩ්රැස් එකක් දියෝ.. අනාගතේ බදින්න ඉන්න උන් විදිහට සැහෙන වටිනා වැඩ ඔන් )

    ReplyDelete
    Replies
    1. ඈ බං නිමේෂ්. ඊට නරකයැ ඔය පොටි තව්සන්ඩ් කෑල්ලත් ඉතුරු කරගත්තනං .හැක්..

      Delete
    2. හැක්ස් මම නම් කැමති.. බදින එකී කොහොම වෙයිද දන්නේ නැනේ :v

      Delete
    3. අපි එයාවත් මාරු කරමු..

      Delete
  4. ඔය මගුල් පොටෝ කරෙුවාව ගැන මාත් පොස්කටුවක් ලිව්වා කාලෙකට ඉහතදි ලිංකුව හොයාගන්න බැ. මේව මේ විදියටම වෙනව දේශකයා. දැන් මගුලක් කියන්නේ කැමරමන්ගේ අධ්‍යක්ෂණය කරන ටෙලියක් කීවොත් වඩාත්ම නිවැරදියි.

    ReplyDelete
    Replies
    1. මට මතකයි අර පොටෝ ඇල්ලිල්ල ගැන ලියල තිබුනේ. මං කියන්නේ බං වෙඩිමක් නැතිව පොටෝ වලින් වෙඩිමක් කරපු විත්තිය පෙන්නන එකක් ගැන... හැක්..

      Delete
    2. ඔව් ඔව් ඔබ කියා තියන දේ පැහැදිලියි දේශකයා. එක් අතකිං මේ වැඩේ මාරම ලාබයි. මොකද හැමතැනම කෙරෙන්නේ රංගනයමනේ

      Delete
    3. නලින්ට තමන්ගේ ලිපිය සොයාගැනීමට බැරිවීම බණ පදයක් සිහිකළා!

      Delete
    4. ඕ යේස් නලින් අයියා.. කැමරමන්ලා දෙන්න තමා වෙඩිම හැන්ඩ්ල් කරන්නේ.. කපල් එකට තියෙන්නෙ පොටෝ වලට විරිත්තං ඉන්ඩ !!!

      Delete
    5. කකා මගේ පරන පෝස්ට් හා පරණ පිංතුර සියල්ලම වැනසී ගියා මෙයිට ටික කාලයකට පෙර. එයින් පසු සොයාගන්න නොහැකියි ඒවා. ගූගල් මැසේජ් එකක් ආවා බර වැඩියි මේවා මකන්න කියලා මාත් මැකුවා. අවසන මගේ ලෝගෝව පවා නැතුව ගියා. ලෝගෝව යළි දාගත්තෙත් වෙන අයෙකු ළග එය තිබි මා වෙත එවීමෙන් පසුවයි. මගේ මුල් පෝසට් එකකවත් දැන් පිංතුර නෑ.

      අනිත් කාරණය පරණ ලිංකු සොයාගැන්මට ඔබ තරම් සමත් කම් දක්වන්නෙක් නෑ. ඒ ගැන උවදෙස් ටිකක්ද බලාපොරොත්තු වෙනව. හැකිනම් ඒ ගැන මට මේලක් දාන්නකෝ. සොයාගැන්මට සරළම ක්‍රමය. දැනට මම සොයන්නේ අදාල දින වකවානු අනුව ගොස් සර්ච් කිරිමෙන් එය තරමක් අසාර්ථකයි.

      Delete
    6. නලියෝ...

      කකාගේ ඒ දක්ෂතාවයට එකම හේතුව සුපිරි මතකය.. ඒ වගේම ඉක්මන්නිම රිකෝල් කිරීම. මටත් ඔය අඩුපාඩුව තියෙනවා. මේ ළගදි දාපු දුකාගේ පෝස්ට්කටුවේ මං දාපු ලින්කටුව වැරදි එකක්. ඒක ඉතිං මගේම පෝස්කටුවක එකක් වෙලත් මට අමතකයි.. හැක්..

      අන්න කකා. පිං අතේ වැඩක්. කොහොම ඔය තරං නහුතෙට ලින්කටු දාන්නේ කියල අපිටත් කියාල දෙන්නකෝ..

      Delete
    7. තමන් කීයක් ලීවත් මතකයේ තියෙන්න ඕනේ ඒ සිද්ධිය . මං හොයන්නේ නම් එහෙම, මගේ බ්ලොග් එකෙක්ත් ෆොටෝ ඔක්කොම නැතුව ගියා මං හිතන්නේ ඒකට හේතුව බර වැඩි නිසා නෙමෙයි අයියේ. අපි බ්ලොග් එකට අප්ලෝඩ් කරන හැම ෆොටෝ එකම g+ එකේ සව් වෙනවනේ ඒ තන අපි පොඩි වෙනසක් කලොත් ,සිලෙක්ට් කරලා MOOV කලොත් එහෙම ඒත් නැතුව යනවා ,මට එපා වුණා අර සැමන් මාලුවා පෝස්ට් එකේ ෆොටෝ ආයෙම දාන්න ගිහින්.

      Delete
    8. සිද්ධිය මතත් උනාට හොයාගන්න එක තමා අමාරු... මම සර්ච් කරනවා..

      Delete
    9. සිද්ධිය මතකයි.... ඒත් එය ලියු කාලය අමතක නං හොයන්න අමාරුයි. හේතුව පැරණි ලිපි තියෙන්නේ ඒ ඒ වසර හා මාසය අනුවයි මගේ එකේ නං ඉතින් හරියටම ඒ අදාළ මාසය විවෘත කරන්නම වෙනවා. ඉතින් මාසය අමතක නමි හොයන්න කරදරයි.

      Delete
    10. බ්ලොග් එකේ තියෙන ලිපි සර්ච් කරන්න පුළුවන් ටෙම්ප්ලේට් එකට සර්ච් බටන් එකක් එකතුකර ගැනීමෙන්, නැතිනම් කෙලින්ම ගූගල් වලින්.

      මගේ බ්ලොගේ නලීන් දාපු කමෙන්ටුව අනුව මං මුලින් මා ඒ කතාව කියූ තැන හොයා ගත්තේ කෙලින්ම සර්ච් කරලායි.

      මෙන්න මෙහෙමඃ
      Click Here

      Delete
    11. ස්තුතියි කකා.. මට කවදාවත් හිතිල නෑ ඔය විදියට සර්ච් කරන්න... නලියා ඔන්න බලාහං උඹට උදව් කරල තියෙන්නේ

      Delete
  5. ඒකත් එක අතකට හොඳයි නේ

    ReplyDelete
  6. අෑ බං අපට ඕන ගෑනිත් ‍ඔය විදියට ෆොටෝෂොප් වලින්ම දාගන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. අපෝ බං ඒක හරිම පරණ දෙයක් නේ.. කොයි කවදත් වෙච්චි. ජපන් යන්න..එහෙම ඔහොම පොටෝ හැදුවා කස්ටිය ඒ දවස් වල. මං හිතන්නේ කෙන්ජත් නාකි ජපනියක් බැන්ද කියල පොටෝ ගහල තමා ජපන් ගියේ..

      Delete
    2. හැක් හැක්... කෙන්ජා මේක දැකල නෑ මං හිතන්නේ.. නැත්නං ඌට විකසිත පුෂ්පය..

      Delete
    3. ඇත්‍ත කියද්දි මොකට තරහ ගන්නද...උබේ වෙඩින් ඇල්බම් එකත් වෙඩින් එකක් නොගෙන මට කියල හදාගත්ත කියල මන් මෙතන කිව්වට උබ තරහ ගන්නෙ නෑනෙ අයියේ :-D

      Delete
  7. එහෙමත් පුළුවන්ද බං? එක අතකට ඒක හොඳයි. හැබෑ වෙඩිං වලත් දැං තියෙන්නෙ රඟපෑම් නෙව!

    ReplyDelete
    Replies
    1. තනිකරම රගපෑම්. කපල් එක දන්නෑ කෝමද වෙඩිම වෙන්නේ කියලා. ඇජෙන්ඩා එක ප්ලැනර් අතට දුන්නම ඒ විදියට කරන්නයි තියෙන්නේ..

      Delete
  8. ආපු දාක මාත් ඇල්බං එකක් හදාගන්න ඕනෑ බං, නාකි පකයි කොල්ලො කරන්නත් පුලුවන්ද බං.
    ඒක නෙවෙයි නියම පෝස්ටුව යකෝ එළම එළ කිව්වා ඕං.

    ReplyDelete
    Replies
    1. හම්මේ බෝම් තැන්කුයි.. බෝම තැන්කුයි.. නාකි පක්ස් උනත් හොට් පක්ස් කරල ගන්න ඇහැකි දැං..

      Delete
  9. වෙඩිමක් ගන්නැතුව ඇල්බම් එක කරනවා. අබුද්දස්ස කාලේ ලබුත් තිත්තයි රාලේ කිවුවලු. හෙක් හෙක්.

    ReplyDelete
    Replies
    1. ඕවා මොනාද මෙයා. අද දාපු කාපට් පාරේ හෙටත් කාපට් දාන්නේ

      Delete
    2. ඒ කාපට් කඩලා මල් හිටවන්නෙ ...ඊට පස්සෙ අයේ කාපට් කරන්නෙ ..ඇස්චර්‍යය

      Delete
    3. ඊට පස්සේ කඩන්නේ වතුර දාන්න වෙන්ටැති නේද මල් වලට.. හැක්...

      Delete
  10. මම දන්න ඩොකෙක් ඉන්නවා ඔය විදියට මගුල කාපු. තිස්දාහයි ඌට ගියේ. දැන් පොඩි කොලුවෙකුත් ඉන්නවා හෙට අනිද්දා ඉස්කොලෙ යන වයසෙ.
    වැඩේ තියෙන්නේ ඌ හැම වැඩේම කරන්නේ ඔය කන්සෙප්ට් එකෙන් වෙච්ච එකයි..

    ReplyDelete
    Replies
    1. හැම වැඩේම තිස් දාහයිද?? හැක්...

      Delete
    2. නෑ බං ඌ හොරා...මටත් කෙලියා..මගුලට වංචාව කල වෙලාවේ හිතුනේ නෑ බං ඒකා ඔහොම එකෙක් කියලා. මම ඇත්තටම හිතුවේ මූ සල්ලි ඉතිරිකරගන්න කරපු සෙල්ලමක් කියලා. බලනකොට මාර අන්ඩයෙක්...උඹලාගේ ගෙවල් පැත්තේ ඉන්නේ...පරිස්සමෙන්

      Delete
    3. දේශකයාගේ නෑයෙක්ද දන් නෑ

      Delete
    4. කියන්න බෑ අපේ මල්ලිද දන්නෑ.. හැක්

      Delete
    5. දේශකතුමාගෙ නෙවී මගේම නෑයෙක්..වේයෙක් වගේ එකෙක්...පරිස්සමින්...

      Delete
    6. කොනක ඉදල කන එකෙක් වගේ.. පොඩ්ඩක් තෙතමනයක් තිබුනත් ඇති.. හප්පෝ..

      Delete
  11. පට්ට දේශකයො පට්ට! පට්ට කියන්නෙ නිකං පට්ට නෙවෙයි වල්ලපට්ට. ඇත්තටම දැන් වෙන්නෙම ඕකනෙ.

    මට වෙලාවකට මෙහෙමත් හිතෙනවා බං. ඇත්තටම සමාජය තුල අපි කරන්නෙ අපේ ප්‍රතිරූපය නඩත්තු කරනෙක නේද බං. අපි අඳින්නෙ, අපි ගෙවල් හදන්නෙ, අපි ලොකු රස්සා කරන්නෙ, මේ හැමදේම අපි කරන්නෙ අපේ තරම ලෝකෙට පෙන්නන්න නෙවෙය්ද බං? අපි මේ නැහීගෙන හම්බ කරන්නෙ ඒකට නේද? නැත්බම් අපිට කන්න බොන්නයි, ඔය ඇඳුම් කඩමාල්ලක් ගන්නයි විතරනෙ වියදමක් යන්නෙ. නිකමට මෙහෙම හිතහන්, ඔන්න ලෝකෙටම ඉන්නෙ උඹයි දේශිකායි විතරයි. එහෙම උනානම් ජීවත්වෙන්න උඹලට ඔච්චර ලොකු අමාරුවක් තියෙයිද? ශිෂ්ඨාචාර ගත උනා කියල අපි හැමෝම කරන්නෙ අපේ ප්‍රතිරූපයන් නඩත්තු කරනෙක නෙවෙයිද? ඇත්තටම අපි ජීවත් වෙනවා නෙවෙයිනෙ, අපි ජීවිතේ විඳවනවා අපේ ප්‍රතිරූපය නඩත්තුකරන්න. ලැජ්ජ නොවී සමාජය තුල පවතින්න අපි අරගල කරනවා.

    ReplyDelete
    Replies
    1. ඔන්න බං උඹවත් හොද පොටෝ වෙඩිමක් ගනිං.. හැක්..

      Delete
    2. මේක මගේ කමෙන්ට් එක කියවලවත් නැත්ද කොහෙද. හැක්..හැක්..

      Delete
    3. අපෝ නැහැ බං කියෙව්වා.. ඒත් ඉතිං මට ඔය තරං සිරා කතා කියන්න තේරෙන්නෑ නේව...

      Delete
    4. @මනොෂ් +++++++++++++++++++++

      Delete
  12. ඕන්න අද නං දේශකයා වෙනදා වගෙ හෙලුවෙං (හෙලුවක්) වනන්නෙ නැතිව ලියලා තියෙනවා. එළ කිරි සහ ජලය වගේ.

    මචං තව ටික කාලයක් යද්දි honeymoon එකත් මේ වගෙ කොරමෙකට කරලා දෙයිද දන්නෙ නෑ. ඒත් ඉතින් අවුලක්ම නෑ. දැං බොහෝ විට වෙඩිමට ඉස්සල්ල honeymoon ගිහිල්ලනෙ තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඇයි බං මතක නැද්ද කව්ද නිලියෙක් හනිමුන් එක ලයිව් දුන්නා.. අපේ අර නිලිය කව්ද රිමාන්ඩ් හිටපු ඒකිගේ හනිමුන් විඩියෝ හිටන් තිබුනා නේ...

      Delete
    2. අනුසා සොනාලි

      Delete
    3. ඕ යේස් !!

      බවුසරයක් රිවස් කරනවා වගේ :D

      Delete
    4. පත්තරේ හදිසියේ හරි මං මළොත් උඹයි මිනීමරුවා... හිනා වෙලා මැරෙණවා තව ටිකෙන්..

      Delete
    5. ඕං මං නෑ ඕවට .. ඉස්ක්‍රීන් එකෙං එකයි කට කපල.. අර උඩයි යටයි කලුපාට තීරු දෙක විතරයි ඉතුරු .. හැක්
      අපරාදෙ කියන්නෙ සූම් කොරන්ඩ නං දෙයක් නෑ .:D

      Delete
    6. ඒක හොදා බන් ස්ත්‍රී දූෂකයන්ට දාලා පෙන්නන්න. උන් ආයෙ ජීවිතේට ගෑණියෙක්ගෙ මයිලක් දිහාවත් බලන්නෑ. :)

      Delete
    7. හැක් හැක්.. අම්මප මරු කතාව. රිවස් කරන බවුසරයක්..

      Delete
  13. පාන්දර 5 ඉඳං පොටෝ වලට විරිත්තනවට වැඩිය ලස්සයක් ගියත් ඕක හොඳා බං.. මට නං තිත්තම උනා..
    ලයිට් කනු බදාගෙනයි පාලං උඩයි ගස් ගල් උඩයි සංසාරේ !!!
    ඔලුවෙං හිටෝල විතරයි බං ගත්තෙ නැත්තෙ. අම්මපා !!

    ReplyDelete
    Replies
    1. පස්සේ හිනා වෙන්නත් අමතක වෙනවා නේද බං.. හැක්. කන කට්ටේ හැටියට. ගෑනිවත් එපා වෙනවා සමහර වෙලාවට.. හැක්

      Delete
    2. මොන හිනාද බං ඇඬිලා හිටියේ..කන්ඩත් නෑ උදේට .
      යාංතං අපේ උංගෙ ටේබල් එකට රිංගලා කුකුල් අන්ඩක් කාල එකක් ඇනගත්ත 12ට විතර ඉන්ඩම බැරුව.. ඊට පස්සෙ තමා ලේ ඩිංගක් ඉනුවෙ .හැක්

      Delete
    3. මේන්න කටු කාපුවගේ රගේ අහගනිල්ලා රේල් පාරේ ගිටාර් ගහපුවත් කියපාන්

      Delete
    4. මාත් බෝම අමරුවෙන් ඉදල කෑම කාලා යාන්තං ටොයිලට් එකට බැහැල දුං කුරක් ඉරුවා.. බඩු තිබ්බේ නෑනේ අපේ නං..

      Delete
    5. නලින් අයියේ .. විලි ලැජ්ජාවෙ පණ ගියා බං..කොච්චිය ආවනං හනිමූන් යන්ඩ වෙන්නෙ දිවිය ලෝකෙ තමා :D

      දේශො .. කස්ටිය ගෙදර ගානට වැඩේ කරං ගිහිං තිබ්බේ උඹ නැතුවට :D

      Delete
    6. අපි වගේ පොඩි උන්ට බඳින්න බය හිතෙන කතා නොකියා හිටපල්ලා. මාත් කවදා හරි බඳිනවා. ඔව්. ;)

      Delete
    7. ආයි බඳින්නෙ දැං ඉන්න වයිෆ්මද බං ?? අපරාදෙ සල්ලි :D

      Delete
    8. උඹේ ෆොටෝ අල්ලලා තිබුනේ රේල් පාරක නේ. කෝච්චියට පනින්නයි තිබුනේ..

      Delete
    9. ඔව් බං මාතෙ අයියේ.. කෝච්චියට පැනල මැරෙන්ඩත් පින තියෙන්ඩ ඕනැ බං.. අපිට ඒකත් නැ. හැක්

      Delete
    10. අන්න පොයින්ට් එක.

      එහෙනම් උඹේ ලවු සීන් දැකලා තමා මේ කෝච්චී මූණට මූණ ඉඹගෙන ලවු කො‍රන්න හදන්නෙ. හැක්. පව් අර මාන්දම් වෙල්ගමයා. ;)

      Delete
    11. දැං කාලේ හැටියට වෙඩින් දෙක තුනක් උනක් ගන්න පුළුවන්. ඕන නං අරුණි රාජපක්ෂව බ්‍රයිඩ් විදියට ගමු.

      Delete
  14. පෝටි තවුසං ඇල්බම් එක පට්ට ලාබයි... මං දන්න අයිය කෙනෙක්ට එකක්ද කොහෙද ගියා කියුවා....^_^

    ReplyDelete
    Replies
    1. වෙල්කම් බෑක්.. යකෝ ඒ ඇත්තම වෙඩිමක් කවර් කරන්න යන ගාන වෙන්ටැති..

      Delete
  15. පට්ට පෝස්ටුව බොල. හිනා කාලා මැරෙනවා.

    සිරාවටම බඳිත්දි කන කට්ටෙ හැටියට නිකන් පොතේ අත්සන් කරලා මෙහෙම ඇල්බම් එක හදාගන්න එක පට්ට වාසීනෙ.

    මාත් කවදා හරි කසාඳ බදිත්දි මේ විදිහටම කරනවා තැන්කූ දේශො මඟ පෙන්නුවට. බඳින්න ගෑල්ලමයෙක් හොයා ගන්න එක තමා දැන් අවුල. ;) ;) ;)

    ReplyDelete
    Replies
    1. අපෝ ඉන්නවා. 600 ඉඳං ඉහලට.. :D

      Delete
    2. වනිතා අක්ක නරකද මලයා..

      Delete
    3. පිරිමි සංහතියෙම ඇරියස් මුගෙ පිටිං තමා යන්නෙ නලින් අයියා :D

      Delete
    4. අනෙ අම්මෝ නලින් අයියෙ ඊට හොදා නොබැඳම ඉන්නවා.
      නැත්ද පත්තරේ. :D

      Delete
    5. ඕ යේස් .අපි වගේ . නැද්ද බං :D

      Delete
    6. අෑ බං.. වයසට ගියාම තව එකක් හදාගනිං ඉවරනේ ප්‍රිෙයා්..

      Delete
  16. මගේ යාලුවෙක් වෙඩින් එක දවසෙ පාන්දර දෙකට වෙඩින් සාරිත් ඇඳන් මේක්අප් එහෙමත් දාගෙන ගෲප් එකත් එක්කම මොකක්ද කන්දක නැග්ගලු ෆොටෝස් ගන්න. ඕක අහපු ගමන් මට එක පාරටම ඇහුනෙ පිස්සුද නැත්තන් හැටිද කියල...

    ReplyDelete
    Replies
    1. අන්න බලන්න. නොදන්න කම.. උවමනාව තියේනං ලෝකාන්තෙන් පහලට පනින දර්ශනයක් උනත් හදන්න ඇහැකි ..කපල් එකම.. පනින

      Delete
  17. ඇත්තටම ඔහොම සීන් ඇති මගෙ හිතේ....

    ReplyDelete
    Replies
    1. මොකෝ බං නැත්තේ.. තියෙනවා...

      Delete
  18. meka me deshakaya karapu ekak kiyalai aranchiya ... :p

    ReplyDelete
    Replies
    1. වෙල්කම් සත්‍යජිත්.. අනේ නෑ මට ඔහොම දෙයක් පුළුවන් නං අද මං මල්ටිමිලියනයර්.. හැක්

      Delete
  19. අම්මපා දේශකයෝ...

    වෙඩින් නොගෙන දැන් මෙහෙම ඇල්බමුත් හදනවාද.... එතකොට ඇල්බම් එකට යන වියදම විතරයි නේද?? මේ නෑයොන්ගේ ෆොටෝ දාන්නේ කොහොමෙයි....???? කලින් එකකින් ගන්නවායෑ...

    ReplyDelete
    Replies
    1. නැයොන්ගේ පොටෝ දුන්නම ටයි කෝට් දාලා ලස්සනට හදල දේවි..

      Delete
    2. නෑදෑයොන්ගේ තරුණ කාලේ ෆොටෝ ටිකක් හොයා ගත්ත නම් මල් මසුරං

      Delete
    3. නෑදැයන්ගේ වෙඩින් එකේ පොටෝ ටික ම දාමු.. හැක්

      Delete
  20. හා හා මරුනේ ..අපරාදේ අපිටත් ඕක කරන්න තිබ්බ .

    ReplyDelete
    Replies
    1. ඒකනේ.. දැං එකක් හදමුද එහෙනං...

      Delete
  21. මේක ඇත්තම ඇත්ත වෙඩිමක්ද ....?

    ReplyDelete
    Replies
    1. ඇත්තම ඇත්ත වෙඩින් ඇලබම් එකක්...

      Delete
  22. ඇදෙ පට්ටයි අප්පා, මේවා කොහෙන් පහල වෙනවද මන්දා, හෙක් හෙක් අනේ ඇත්තට වේදීම ඔය වගේ ගත්තනම් හරි නේද ලියාපධින්චිය විතරක් කොරල, ඇදෙ එකට දෙන්නත් 5000ක් හොයාගන්න එක තමා අවුල, හරි ගානක් නෑ, ගෑනිගේ දෑවැද්ද එකට දීල වැඩේ කොරගන්නවා. පස්සේ මාමණ්ඩියගේ දත ගලවනවා. පට්ට කතාව. ජය වේවා.

    ReplyDelete
  23. මේ තරං ඩීටේල්ස් දෙනවද දන්නෙ නෑ. ඒත් සාමාන්‍ය නෑයො සෙට් එක දල, ගෘප් එක දාල මල්වතු වල හෝටෙල් කොරිඩෝවෙ ගත්තුව දාල ස්ටෝරි බුක් එකක් හද ගත්ත අපේ ඥාති මලයෙක්. ඒ උනාට ඌ හඳපානෙ තමයි කෙල්ලව උස්සන් ආවෙ, පාටියට අපි ගියෙ ෂෝට් ගහල ගල් අරක්කු බොන්න.

    හොඳ වෙලාවට උගෙ අක්ක බැඳපු එකේ පින්තූරවලින් නෑයො අරන් එහෙට මෙහෙට කරල පාට වෙනස් කරල හොයන්න බැරිවෙන්නම දීල තිබ්බ වැඩේ. කරේ දේහිවල අපෙ යාලුවෙක්, ඕනෙනං කියහන් කන්ටැක්ට්ස් දෙන්න.

    උඹ අර සුභාසිරි කියන සිරසෙ යන ප්‍රොග්‍රෑම් එක බලහන්. වෙඩින් එකක් කරන්න මිලියන් දෙකතුනක් යනව අඩුම, ඒවගෙ පෙන්නන විදියට. ඒ උනාට සල්ලි නෑලු රටේ උන්ට. ඊයෙ පෙරේද ගොසිප් සයිට් එහෙක වෙඩින් ෆොටෝ වගයක් තිබ්බ. වෙඩින් එක ගල්කිස්සෙ බීච් එකේ මවුන්ට් රෝයල් බීච් හට් එකේ. ෆොටෝ ශූට් එක ගාලු කොටුවෙන් පටන් අරන් ඉවර වෙන්නෙ මුහුද යටින්.

    මුන්ට මගුලුත් කාල ඉන් පස්සෙත් කන්න සල්ලි ඉතුරුවෙනවද කියල හිතෙනව!

    ReplyDelete
    Replies
    1. //පාටියට අපි ගියෙ ෂෝට් ගහල ගල් අරක්කු බොන්න.//

      ඒක නං ආතල් වැඩේ බං :D

      Delete
    2. බොලා සෝට් ගහන් ගල් ගැහුවට පොටෝ වල ඇති ටයිකෝට් දාලා සිවාස් ගහන විදියට. ඔව් ඉදගෙන.. හැක්..

      Delete
  24. හොල්මන් ද පෝල්...මචං මම ඊයේ පෙරේදා දැක්කා ලංකාවේ දෙන්නෙක් අන්ඩර්වෝටර් වෙඩින් එකක්. ඔය වගේ ඒවා වෙන රටවල් වලත් කරනවා. උන් ඒක පෞද්ගලිකව කරගන්නවා. මුන් මේවා කරලා ඒවා ටීවී එකෙත් පෙන්නනවා. අපේ එවුනුත් නොදකින් බලනවා. මට එකෙක් පෙන්නුවා. මචං ඒක මගුලක් නෙමේ...මල හත්තිලව්වක්.

    මේ ලඟදි එක් කෙනෙක් කිව්වා..වෙඩිමකට එන්න කියලා. මේ මිනිස්සුත් මෙහෙ ඉඳලා ලංකාවට ගියාලු..අනේ පරණ නෑයෝ ඔක්කොම එක පාර හම්බ වෙන්න පුලුවන්නේ කියලා. මොන.. හෝල් එකට ගිය වෙලේ ඉඳන් වාඩිවෙච්ච තැන වාඩිවෙලා අර යෝනියන්ගේ "ඔපෙරා" එක බලන් ඉන්න වුනාලු. මම නම් යන්නේ නැහැ මචං ඔය මෝඩ චූන් ඔපෙරා බලන්න. මොන කරුමයක්ද.

    ReplyDelete
    Replies
    1. මටත් තේරෙන්නෑ බං ඔපෙරා. තේරුං කරල දෙනවනං හොදා..

      දැං කාලේ මගුල් නෙමෙයි බං තියෙන්නේ ලාර්ජ් ස්කේල් ප්‍රොජෙක්ට්ස්..

      Delete
  25. හෆොයි මේ දේශකයා එල්ලන්න වටිනවා අෆ්ෆා...හීන් නූලෙන් අපේ job එකට ගහලා...
    හොඳ හොඳ කතන්දර මේ අවුරුදු දෙකට මේ field එකේ දැකලා තියෙනවා...කරුමේ කියන්නේ ඕවා එලිපිට කියන්න හොඳ නැති එකනේ...

    ReplyDelete
    Replies
    1. ඉතිං එයින් කතා දෙක තුනක් දැම්මම මක්ක වෙයිද බං..

      Delete
  26. ඉස්සරනං මේ වගේ ගොංපාට් කරන එවුන්ට කිව්වේ 'ඔලුව අතගාලා බලපන් අං තියනවද' කියලා. දැන්නං කියන්න වෙන්නේ 'පස්ස පැත්ත අතගාලා බලපන් නැට්ට කොච්චර දිගද' කියලා.

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ. සල්ලි තියෙන එකා කරාට කමක් නෑ. සල්ලි නැති එකා රටටම ණය වෙලා කරන එක තමා අපරාදය

      Delete
  27. මේ ෆොටෝ ටිකට විතරයි නේද?

    ReplyDelete
    Replies
    1. ආයි අහල වෙන අහවල් මගුලයැ.. පොටෝ හැදුවා. ඇල්බම් එක ගැහුවා.. අන්න වෙඩින්...

      Delete
  28. මාත් ගන්නව පෝටි තවුසන් වෙඩිමක්. ඔව්. ඔය පොටෝ අයියගෙ නොම්මරේ දාපන් දේශෝ.

    ReplyDelete
    Replies
    1. සල්ලි එපා බන් අක්කේ මම කරලා දෙන්නම් අක්කට නොමිලේම

      Delete
    2. ඈ බස්සියෝ බස්සා ඉල්ලුවොත් විතරයි ඒක දෙන්නේ.. හැක්..

      මේ වීරකෝන්. උඹ හදන්නේ අපි කීයක් හරි හොයාගන්න එක නැති කරන්න..

      Delete
  29. මලා එහෙමත් කරන්න පුලුවන්ද? ලෝකෙට පෙන්නන්න තමයි හැම දේම කරන්නේ. එත් ඇත්තටම මිනිස්සු මගුල් වලට වියදම් කරන හැටි දැක්කම පිස්සු හැදිලා අයෙත් හැදෙනවා. සමහරු ණය අරගෙන වෙඩින් අරගෙන පස්සේ නය ගෙවන්න හෙනම කට්ටක් කනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් බං.. මං කිව්වේ වෙඩින් නොකා පෝටි තවුසන්ඩ් වලින් සම්පුර්ණ වැඩේම ගොඩ දාන විදිය.. ලාබයි නේ

      Delete
  30. හයියෝ මගුල් ගැනනම් කතා කරන්න එපා බං.ඒ තරම් එපා වෙලා තියෙන්නේ බදින්නත් කලින්ම.
    ඔය විදියට පොටෝෂොප් මරණයක් වුණත් කරන්න බැරි වෙන එකක් නැහැ නේ බං දේශෝ.?

    ReplyDelete
    Replies
    1. අපෝ මොකද බැරි. ඕන දෙයක්.. ඕන දෙයක්..

      Delete
  31. ඈ බං මෙහෙමත් වෙඩිං ගන්නවාද? ඒ ඇරත් ඔන්න රස්සා..ගොම්පීතරේ ඉස්සරහා දවස් දෙකයි ඉන්න ඕන.. මාසෙන් දෙකෙන් මල්ටි මිලියනයර් :-)
    අපේ වෙඩිමට ගියේ සුපියල් විසිපන්දාහයි, අවුරුදු 18කට පෙර!

    ReplyDelete
    Replies
    1. හම්මට සිරි කැන්ඩියන් මහ නාකියෙක් නේ.. හැක්...

      Delete
  32. මේ ඌටම කියලා ගෑනියෙකුත් දාලා , වැඩේ කරගන්න කීයක් ගනියිද අහපන්...

    ReplyDelete
    Replies
    1. ඒකට අමතර මුදල් ගන්නෑ.. හැක්...

      Delete
  33. ඔෙහාම තමා අප්ෙප් ෙලා්ෙක හැටි... මතක ද රන්දිය දහර? ෙෆාෙටා්ෙෂාප්වලින් ම බැන්දුෙව්....

    ReplyDelete
  34. හි හී ... highway එකේ ෆොටෝ ගන්න එක තම නියම :D .. මේ අදහස් ටික නම් නියමයි .අනාගතයට ගොඩක් වැදගත් වෙයි ;) :P

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. මේවා දැනටත් වෙනවා හංසි..

      Delete
  35. ඔන්න ඔහොමලු වුනා කියන්නේ. මටත් ආයිමත් වෙඩිමක් ගන්න හිතෙනවා. ශේහ් මෙච්චාර පහසුකම් තිබ්බේ නෑනෙ අපේ කාලේ. ලියවිල්ල අගෙයි.

    ReplyDelete
    Replies
    1. ඉතිං ගමුකෝ. පෝටි තවුසන්ඩ් දෙන්න. එළට හදල දෙන්නං.. හැක්

      Delete
  36. මාත් ගන්නවා වෙඩිම අයිෆල් කුළුණ ලග..

    ReplyDelete
    Replies
    1. ඒකනං ඉතිං බොට කරන්න පුළුවන් දේයක් නේ. එහෙම නෙමෙයි.. හනිමුන් එකට ලෝකේ තියෙන හොදම සංචාරක ස්ථාන තෝරගන්න

      Delete
  37. කිසි කෙනෙක් පය ගහලවත් නැති, යන්නත් බැරි තැනක ගන්න ඕනේ වෙඩිම ! නැද්ද මම අහන්නේ?? අන්න මිනිස්සු... ඉරිසියාවට කියන කතා ගණන් ගන්නේ නැහැ මම. ම්යුසික් වීඩියෝවක් එහෙමත් ගහල, වෙනම නාට්ටියක් වගේ එකකුත් ගහල... නැටුම් තුනක් දාල... ඔක්කොමල්ල මෙව්වා වෙන්න... හි.. හි... හි....

    ReplyDelete
    Replies
    1. අනිවා.. අපි ගමු අභ්‍යාවකාසේයි හදෙයි පොටෝ.. මොකද කියන්නේ..

      Delete
  38. දෙවෙනි මනමාලයන්ට ගිහින්ම මට වෙඩිම් එපා වෙලා තියෙන්නේ..එකෙන්ම මම හිතාගත්ත 4තො කාරයන්ට මගේ වේඩිම කියන්නේ නැ කියලා.නෝනා 4තො ඕනි කිඋවොත් මෙහ විදියට හදල දෙනවා

    ReplyDelete
    Replies
    1. අන්න හරි බං.. මෝඩ නොවී මේ විදියට කරමු

      Delete
  39. මම ටියුබ් ලයිට් බං, පස්සේ තේරැන්. වෙඞිම නැතුව ඇල්බම් එලනේ.

    ReplyDelete
  40. නයා ඇරගන්න ඕනෙ අයට මෙන්න කදිම ඔත්තුව
    අනික ඉතින් දෙන් ගෙදරට එන අමුත්තො ඔක්කොටම ඉඳන් ඉන්න අතරෙ බලන්න වෙඩින් ඇල්බම් දෙන එකත් සිරිතක්නෙ.. නිකම්ම නයා යැවෙනවත් එක්ක.. අනේ හොඳයි රටට ලෝකෙට ණය නොවී අර විදිහට වැඩ කරාම හරි..

    ReplyDelete
    Replies
    1. වෙඩිමට කලින් සතියක් විතර අතුරුදහන් වෙලා ඉදල එක පාරට එනවා පට්ට ඇල්බම් එකක් අරගෙන. කෝමද වැඩේ...

      Delete
  41. මනමාල ජොඩුව ගේ පින්තුර විතර ද මෙහෙම හදන්නෙ නැත්නම් නෑ සනුහරේ එක්ක ඉන්න එවත් හදනව ද ?ඇල්බම් එකක් හදන විදිය මං දන්නෙ නම් නෑ එත් ?????ඔය වෙඩින් ගත්තෙ නැතුව හදපානේ ආපු ඇයෝ ඔළු මාරු කරලා පොටො තියන් ඉන්නවා ගෙවල් වල මේ ඇල්බම් එකම හදන සීන් එක මං ඇහුවේ දැන් ,මට නම් සිද්ධිය පැහැදිලි මදි ............අනාගතේ අඩු වියදමින් ගොඩ දා ගන්න උදව්වක් ඈ මේ ...

    මට දේශක ගේ බොගිය ලොඩ් වෙන්නෙ නෑ ,එන්න මාර කට්ටක් කන්න ඕන මොකද අවුල ?ඉස්සර නම් එක පාරින් ....

    ReplyDelete
    Replies
    1. සහෝ මේ තාක් මගේ එක ලෝඩ් වෙන්න වෙලා යනවා කියල කම්පේල්න් ඇවිත් නැහැ. ගැජට් අඩු නිසා ලේසියි. ඒත් මං බලන්නං..

      සිද්ධිය මේකයි බං ඔය ඔළු මාරු කරනවා වගේ... හෝල් එකක්, ලොකේෂන් කේක් එකක් වගේ දේවල් වල පොටෝ දාලා හොද ඇල්බම් එකක් කරන්න පුළුවන්. බොරුවට වෙඩින් ගන්න ඕන නැහැ..

      Delete
  42. හරියට කෑවොත් 20කට 25කට කෑමක්වත් වොර්ටර්ස් එජ් එකෙන් කන්න බැරිවෙයි මහිතේ. වෙඩිමක්ම හතලිහට සෑහෙන වටිනවා,
    මාර අයිඩියා එක මචංල..
    මේවට තමයි innovative ideas කියන්නෙ

    ReplyDelete
    Replies
    1. අපි බෝම දියුණු ජාතියක් හරිය කවියෝ...

      Delete
  43. මේ විදියට අලුතෙන් ඇල්බම් එකක් දේශකයටත් හදාගත්තානම් නරකද?

    ReplyDelete
    Replies
    1. වැඩේ තියෙන්නේ බං දේශක අංකල්ට ඕවා වැඩක් නැති එකනේ.. නැත්නං හදල දෙන්න කොල්ලෝ ඉන්නවා.. කෝමද ඉතිං කාලෙකින් නේද??

      Delete
  44. අපේ වෙඩිම නම් කලේ හරිම චාමෙට අම්මයි මල්ලියි ,නැන්දයි මාමයි ,නලින් අයියයි මගේ පැත්තෙන් හිටියේ . කැමරාමන්ලා දෙන්නට අපි වෙනම දවසක් දුන්නා ඕනේ දෙයක් කරන්න කියලා කුලියට ඇදුම් ගත්තා අන්ද ගත්තා අපි 4 දෙනා ගිහින් ෆොටෝ ගත්තා. 17000 යි ඇදුම් මේකප් වලට ,ලෝකෙසන් එකට 2000 යි , වෑන් එකට 2000 , කැමරාමන්ට තාම නැහැ.

    ReplyDelete
    Replies
    1. පව් නේද උඹලගේ පොටෝ ගත්ත එකාට.. ආයි ඉතිං උඹෙන්වත් සමියගෙන් වත් ඒක ගන්න ඇහැක් එකක්යැ...

      Delete
  45. ඇල්බම් එක හදල ඕන් සති දෙකකුත් ගත උනාලු
    තාම ආවේ නෑනෙ දෙන්න ෆොටෝ මෑන් බර කල්පනාවකලු
    ඉඳල ඉඳල බැරිම තැන කෝල් කලාලු මනමාලිට
    ‘‘මට එපා ඔය මගුල අපි දෙන්නා ඩිවෝස්ලු දැන්“

    ReplyDelete
    Replies
    1. ඇඩ්වාන්ස් එක අපරාදේ.. හැක්

      Delete
  46. මම බදින දවසක මට හොද තීම් එකක් කියහං...ලොකු මාමෙ...හැබැයි වෙරළෙ බල්ටි ගහන්න නම් බෑ.

    ReplyDelete
    Replies
    1. ඒවා මුකුත් ඕන නෑ අපි කරටි නවල හදන්නං.. උඹ නිකං මුන විතරක් දීපන් ඒ ඇති..

      Delete
  47. තව ටිකක් කල් යනකොට ඔරිජිනල් කට්ටිය කොපිරයිට් ඉල්ලලා නඩු දායිද ?

    ReplyDelete
    Replies
    1. ස්වාභාවික පොටෝකරණයකි කියල ඩිස්ක්ලේමර් එකක් දාවි නේ එතකොට..

      Delete
  48. ඔය සොෆ්ට්වෙයා පයිරට් කරපුවා ගන්න එකත් පව් වැඩක් කියලා හිතෙනවා ඒකෙන් ගන්න වැඩ ඇහුවම.

    ReplyDelete
    Replies
    1. ඒක නං ඇත්ත.. දරාගන්න අමාරු තරමේ වැඩ නේ ගන්නේ.. ලේස් එක තාම ගැටහගනවද බං...

      Delete
  49. එක අතකට පිස්සුවක් තව අතකට වානිජ ලොකේ හිර වුනු අහින්සක බලාපොරොත්තුවක්

    ReplyDelete
    Replies
    1. උඹ හරි.. වානිජ ලෝකේ හිර උන බලාපොරොත්තුවක් බං

      Delete
  50. මේ දේශකයගෙ මොලේ තමයි මොලේ..

    ReplyDelete
    Replies
    1. දිනිතිට මං ටිකක් අඩුවට එකක් හදල දෙනවා ඔව් ඉදගෙන..

      Delete
  51. මේක නිකං බඳින්නැතුව ළමයි හදනව වගේ කුප්ප වැඩක්නෙ

    දේසකය බඳින්නද යන්නෙ :3

    ReplyDelete
    Replies
    1. කෝම කරත් ඉතිං අවශ්‍ය ළමයි හදන්න නේ බං..

      Delete
  52. පට්ට මචං පට්ට. අනේ අර ආශ්චර්යා එක්ක පෙම් පලහිලව්වක් තිබුන අපේ එකාටත් උදව්වක් කරල දෙන්න කියපංකෝ ඔය පොටෝ මෑන්ට. හැබැයි පුතෝ දැන් ආශචර්යාට වැඩිය නැගල යන්නෙ දීපිකා පදුකෝන් හරි කරීනා කපූර් හරි කියලනම් කියන්න එපා කියපං. මොකද මේයකා ආශ්චර්යාට සිරාවටම ලව් නෙවැ. හැක් හැක්..

    ReplyDelete
    Replies
    1. සනී ලියොන් එපාද?? හැක්..

      Delete
  53. හඳපානේ හොරෙන් පැනලා ගිය කට්ටිය එහෙම ඔය පොටෝෂොප් දෙයියෙක් වගේ.

    ReplyDelete
    Replies
    1. ඒකනේ සයිරි.. සෑහෙන්න වදින්න වටින දෙයියෙක් මේ...

      Delete
  54. මේව ඇහුවහම මගුල් එපා........වෙනවා

    ReplyDelete
    Replies
    1. වෙල්කම් වේවා.. අන්න ඒක තමා වෙන්න ඕන.. හතලිස් දාහක් දිලා පන්දාහේ වෙඩිමක් ගන්න

      Delete
  55. ඔය 40000ත් වියදම් නොකර නොබැදම හිටියනම්ඉවරනෙ බන් :-D:-D

    ReplyDelete
  56. මගෙත් වෙඩිම ගත්තේ නැති එකේ ඔය වගේ ජිල්බිරිස් එකක් කොරන්න ඕනේ හැබැයි ගාන තමයි සැර

    ReplyDelete
  57. සේරම ‍රැවටිල්ල තමයි.

    ReplyDelete