Wednesday, May 7, 2014

නම කන උන්!!

පහු ගිය වතාවේ නම් ගැන කියන්න ගියාට කිව්වේ මං අප්‍රබංසයක් නෙව. ඒකටත් එක්කම අපේ පත්තරයා මාව අබිලික් කරලම දැම්මා ආයි නෝ හෙල්ලුං වෙන්නම. ඒකෙන් මේකෙන් උනේ මට සමහර කමෙන්කටු වලට උත්තර දෙන්න බැරි වේච්චි එක තමා. හැක්.

පුරාණයේ ඉදලම සිංහල සමාජය තුල එක් පවුල් ඒකකයක පුද්ගලයන් හැදීන්වීම බොහෝ දුරට එම පළාතට ආවේණික වූ ක්‍රමයකට තමා සිද්ධ උනේ. දකුණේ එක විදියක්, කන්ද උඩරට එක විදියක්, මාගම්පත්තුවේ එක විදියක්, ඌවේ එක විදියක්. මොන විදියට උනත් ඒ නම් කිරීමේ කලාවක් තිබුවා. ඉස්සර ඉදල පැවත ආ පවුලේ සාමාජිකයන් හැදින්වීමේ ක්‍රමය දැන් නං හුගක් දුරට අඩපන වෙලා නැති වෙලාම ගිහිල්ල වගේ. එහෙමමත් නෑ. තවමත් ගම් වල එවැනි නම් දීම් සිද්ධ වෙනවා.

කලින් දවසක මම කිව්වා අපේ යාළුවෙක්ගේ අයියට දාපු නම. අම්මා පොඩි කාලේ ආදරේට ඒකාට රත්තරන් පුතා කියන්න ගත්තම, දිගටම නම රෙජිස්ටර් වෙලා පැවතගෙන ආවා. අනිතිමට පොර විශේෂඥ වෛද්‍යවරයක් වෙලත් තාමත් අම්මට “රත්තරං පුතා“, මල්ලිලාට “රත්තරන් අයියා“, අයියලාට “රත්තරං මල්ලි“. දොස්තර කෝමත් රත්තරං කියල හිතන නිසා ඒකේ අවුලක් නෑ. අවුල තියෙන්නේ යාළුවෝ ගෙදර ආවම තමා. මොකද අම්මා රත්තරන් පුතා රත්තරන් පුතා කියල බෙරිහන් දෙනකොට උන්ටයි හෙනම ආතල් එක .කොහොම හරි පේරාදෙනියෙනුත් පොරට රත්තරං කියල බෞතීස්ම කරපු නිසා තාමත් පොර රත්තරං.

අපේ දේශිකාගේ තාත්තගේ පවුලේ නම් තියපු විදිය බලමුකෝ.

ඥාතිකම (දේශිකාට)
පවුලේ හැදින්වීම
සමාජීය හැදින්වීම
ලොකු තාත්තා
ලොකු මහත්තයා
 ලොකු අයියා
මද්දු තාත්තා
මද්දු අයියා
මද්දු අයියා
පොඩි බාප්පා
පොඩි අයියා/මල්ලි
පොඩි මහත්තයා
ලොකු නැන්දා
ලොකු හාමිනේ
ලොකු අක්කා
නැන්දා (1)
පැටි හාමිනේ
පැටි අක්කා/නංගී
නැන්දා (2)
නැලි හාමිනේ
නැලි අක්කා/නංගි
නැන්දා (3)
හිචිචි හාමිනේ
හිචිචි අක්කා/නංගි
බාල බාප්පා
බාල මහත්තයා
බාල අයියා/මල්ලි
කුඩා බාප්පා (හිචිචි බාප්පා)
හිචිචි මහත්තයා
හිචිචි අයියා/මල්ලි


ඔය විදියට හිටියට ඔය අයගෙන් තරමක් ඉගෙන ගෙන හිටියේ ලොකු තාත්තා විතරයි. එයා තැපැල් ස්ථානාධිපති කෙනෙක්. අනිත් අයට කෙසේ වෙතත් දේශිකාගේ තාත්තටත් පොඩි ගැම්මක් තිබුනා එයා ප්‍රින්සිපල් කෙනෙක් නිසා. පවුලේ අය ඉස්කෝලේ අයියා/මල්ලි කියද්දී ගමේ අය කට පුරාම ඉස්කෝලේ මහත්තයා කියල තමා කිව්වේ. පොරත් එක්ක තරහ වෙලා හිටිය පහල ගෙදර අංකල් කාරයා නං බීගෙන ඇවිත් කියන්නේම “ඉස්කෝලයා. නොට්ටිගේ පුතා“ කියලම තමා.

මේවා ඉතිං ගම් පළාත් නේ ආයිබෝවන්ඩ. ඔතන හිටිය බාල බාප්පා බැන්දේ නුවර පැත්තේ මැණීකේ කෙනෙක්. ඒ අයට දූවරුම හතරයි. අරයා බාලඅයියා උනා, හාමිනේ නුවර මැණිකේ උනා. ඒකටත් එක්කම දුවලට මෙහෙමයි කතා කරේ.

ලොකු දුව
ලොකු මැණිකේ
ලොකු අක්කා/නංගි (ලොකූ)
දෙවැනි දුව
රතු මැණිකේ
රතු අක්කා/නංගි (රතූ)
තෙවැනි දුව
හිච්චි මැණිකේ
හිචිචි අක්කා/නංගි (හිච්චී)
හතරවැනි දුව
සුදු මැණිකේ
සුදු අක්කා/නංගී (සුදූ)

අපේ ගෙදරට අනිත් පැත්තේ ගෙදරත් ඉන්නේ නුවරින් මැණිකේ කෙනෙක් ගෙනාපු හිචිචි මහත්තයෙක් තමා. ඒ ගෙදරත් දුවල තුන් දෙනයි කොල්ලෝ දෙන්නයි. කොල්ලෝ දෙන්නං ලොකු පුතා, පොඩි පුතා. හැබැයි කෙල්ලෝ තුන් දෙනා නං මැණිකෙලා. ලොකු මැණීකේ, රතු මැණිකේ සහ චූටි මැණිකේ. මේ චූටි මැණිකේ නං පූසොන්ට හරි ආදරේයි. රෑට මං බැල්කනියට වෙලා දුං යවන කොට පුස් පැටියට කතා කරනව මට අහෙනවා.

“අනේ චූටි මැණික, ඔයා රෑට කෑවේ නෑ නේද? එන්න පැටියෝ කවන්න. කෝ ඔයාගේ අම්මා, එයා ආවේ නෑ තාම. කන්න මයේ මැණික..“

ඔය චූටි මැණීකේගේ පූසා දවසක් වාහනේක හැපුනයි කියපු ආරංචිය ගෙදරට ඇවිත් ගෑනි කලන්තේ දාලත් වැටුනලු. 

අපේ ගෙදර නං ඉතිං මොකක්වත් නෑ ඔක්කෝම පුත්තු. මම ලොකු පුතා, අනිකා පොඩි පුතා, අනිකා චූටි පුතා සහ දුව. වෙන නම් කීමක් නෑ. හැබැයි මේ අවකාශෙට ඇවිත් මං අහගන්න නං ටික දැක්කොත් වගේ සැතපිල ඉන්න අපේ අම්මා දුවං ඇවිල්ල බොලාට නෙලනවා ඒක සිකුරුයි. 

අම්මෝ මාර සීන් එකක් උනා එක දවසක්. අපේ ග්‍රවුන්ඩ් එක ගාවින් තමා රේල් පාර තියේනේ. අම්මා ටවුමට යන්නේ රේල් පාර දිගේ. ඉස්කොලේ කාලේ එක දවසක් මං නැති වෙලාවක අම්මා රේල් පාරේ යන කොට කොල්ලෝ ටික මෙන්න මෙහෙම කියල තිබුනා. අම්මට රේල් පාරේ යන කොට කොල්ලෝ ග්‍රවුන්ඩ් එකේ ඉදගෙන අම්මට ඇහෙන්න මෙන්න මෙහෙමයි කියල තියෙන්නේ.

“මචං අර දේශා ඉන්නවා නේද? ඕකා අමු කුපාඩියා. ගැනු ළමයෙක් පේන්න බෑ බං.. “

“ඔව් බං එක පාරක් ඕකා රේල් පාරේදි ළමයෙකුගේ මිරිකලත් තිබුනා“

“ඒක තමා බං. ඕකා මහ අමු කුපාඩියෙක්“

මේ ටික අහගෙන ඉදල අම්මා අඩාගෙන ගෙදර ඇවිත් මට මෙහෙම කියනවා.

“බලපං මට මේවා අහන්න පුළුවන්ද? අර පිට්ටනියේ කොල්ලෝ උඹට කුපාඩියා කිය කිය කතා කරනවා මට අැහුවා. මං ඇස් දෙක වගේ උඹලව හදන්නේ. එක එකාට කියල නං හදාගන්න නෙමෙයි. අනික මේ පාරේ හැමෝම දන්නවා මගේ කොල්ලෝ තුන් දෙනා කොයි තරං අහිංසකද කියලා. උන් මූන බලල කතා කරන්නෙවත් නැති වැදගත් විදියට හැදුන කොල්ලෝ වෙලත් මේ කසඩ කොල්ලෝ එහෙමයි කතා කරන්නේ. උඹ යන්න එපා ඕකුන් එක්ක තැක් ගැහෙන්න ආයිත් හොදද“

මං ඉතිං ඊට පස්සෙන්දම ගිහිල්ල කුනුහරුප ලෝඩ් එකක්ම බෑව පිට්ටනියේ.. හැක්.

ප.ලි. - ඔන්න පත්තරයගේ බ්ලොග් එක. හැබැයි අපිටම කොහේද තමා ඒකේ ලියන්න වෙන්නේ.

176 comments:

  1. “ඔව් බං එක පාරක් ඕකා රේල් පාරේදි ළමයෙකුගේ මිරිකලත් තිබුනා“///
    මොකක්ද දන්නෙ නැනෙ හැක් (අතිතය සිහි කරමින් )හැක් හැක්

    ReplyDelete
    Replies
    1. අතීතය මතක නං හොදයි. මට හිතෙන්නේ බොට මතක නැතිව ඇති.. හැක්..

      Delete
    2. මතක් වුණ කතාව බුකි ගත කරන්නම් මෙතන කියන්න බෑ හී ....බලන්න

      Delete
    3. කෝ බං තිබුනේ නෑහැ නේ එහෙම අටමගලයක්..

      Delete
  2. ෂැහ් නියම පෝස්ටුවක්... දේශකයාගේ දේශන කවදත් එළනේ....

    අපේ ගෙදරට බල්ලෝ දෙන්නෙක් ගෙනාවා. එක්කෙනෙක් කළු පාටයි එයා කලූ අනික් කෙනා ටිකක් ලොකුයි අනිකට වඩා එයා ලොකූ....

    දැන් මෙහෙමනේ දේශකයා ළමයි දෙන්නෙක් හදන්න හිතාගෙන ඉන්න කෙනෙක් පළවෙනියට ලොකු පුතා කියලා අනික් කෙනාට පොඩි පුතා කියලා දානවා. ඒත් තව එකෙක් වැරදිලාවත් හම්බුනොත් දාන්න වෙන්නේ දේශකයා කිව්වා වගේ චූටි පුතා කියලානේ. තව හම්බුනොත් ඉතින් චූටිම චූටි පුතා කියලා තමයි දාන්න වෙන්නේ.ඊට පස්සේ ඉස්කෝලේ ගියාම අරකා ඉවරයි. ඇයි චූටිම චූටි ද කියලා අහනවානේ....

    ඒකට අපේ ලොකු තාත්තා... පළවෙනියට දැම්මේ එක කියලා. දෙවනියා දෙක. තුන්වෙනියා තුන...... ඒ කියන්නෙම ලොකුතාත්තාගේ ප්ලෑන් එක තේරෙනවානේ... අන්තිමට 8ක් හැදුවා..... අන්න මිනිස්සු .............

    ReplyDelete
    Replies
    1. නැහැනේ ඒවට ගැලපෙන නං තියෙනවා. ඔන්න බලන්න

      බාල පුතා
      හින්නා පුතා
      හිචිචි පුතා

      Delete
  3. පත්තරේ ගිය එක නම් හොදයි ,පත්තරේ ගිය තැන් වල ගිහින් පොස්ටුව බලනවට වඩා කමෙන්ටු ටික කියවන එක නියමයි ..

    ReplyDelete
    Replies
    1. අනිවා. පත්තරේ බ්ලොග් ලියන එක හොද නෑ කියල මං තේරුං ගත්තා දැං..

      Delete
    2. තොට මාව අගේ නෑ, දීපිය පාස්වර්ඩ් එක :D

      Delete
    3. උඹට පාස්වර්ඩ් තිබිලත් පේනවා නේ බ්ලොග් එකේ හැටි.. මෝඩයා.. හැක්..

      Delete
    4. සහෝද රමචං ..මුං මට මගේ රාජකාරිය කරන්ඩ දෙන් නෑ නොවැ.

      Delete
    5. කව්ද යකෝ බොට කරදර කරන්නේ කියහං.. මං ඕකව යවන්න අපායට.. බොට මේලක් එව්වා...

      Delete
    6. රිප් දැම්මා මචෝ !!

      Delete
  4. මට මතක්වුනේ ජැක්සන් නම් වූ පූසාව....

    ඉතින් මොකක්ද බොලන් මේ නම් එක්ක තියන හුට පටේ ?

    ReplyDelete
    Replies
    1. නං එක්ක හුට පටේ ලියන්න ගියාට අදත් වැඩේ දිග්ගැහුනා නේ බං. ඉතිං නවත්තල දැම්මා.. මට කියන්න ඕන උනේ දැං ඔය වගේ නම් දාන්න හිතන්නෑ නේ කීයටවත්. එක ගමක බලහං කොයි තරං සුදු මහත්තුරු, කළු මහත්තුරු, කළු මැණිකෙලා, රතු මැණිකෙලා ඉන්නවාද කියලා.. නැද්ද??

      Delete
  5. හැබැයි උඹට ගෙදරට කියන නම මේකේ ලියන්න බෑ නේද.

    අද මරු වැඩක් වුණා. අපේ පැත්තේ ඉන්න ලොකුම ලොක්කෙක්ගේ යාලුවෙක් මට හම්බවුනා. ඒකා මට කියලා දුන්නා අර ලොක්කකේ ඉස්කෝලේ යනකාලේ කාඩ් එක. ඌට හාවා කියලලු කියන්නේ. මම ඌට කෝල් එකක් දීලා හාවා කියලා විතරක් කිව්වා. මූ ඇදලා ඇරියා වචන ගොඩක් අම්මෝ............

    අපේ අක්කලා තුන්දෙනා = ලොකු අක්කා ලොකු, දෙවෙනි අක්කා චූටි, තුන්වෙනි (බාලම) අක්කා සුදා. මම මහතුන්. මල්ලිලා, සුදුමහත්තයා, අක්කි. (යකෝ මල්ලිට අක්කි කියලා හදාගත්තේ කොහොමද මන්දා)

    ReplyDelete
    Replies
    1. ගෙදරට කියන්නේත් දේශකයා තමා බං.. හැක්..

      හාවා ඒවි දවසක බොට නෙලන්න. අන්න වැදගත් කතාවක් අර රත්තරන් කතාව වගේ. ඇයි හැබෑට මල්ලිට අක්කි කිව්වේ.. කියන්නකෝ අනේ..

      Delete
  6. දේශිකා නං දකුණෙ ඇත්තියක් කියල නං ඔලින්ම පේනව,තෝත් දකුණෙද.අනේ හුකේ

    ReplyDelete
    Replies
    1. කරුමේ කරුමේ.. දකුණෙ අපත ගෑනියෙක් ලැබිච්චි එක බං...

      Delete
  7. අනේ පලයන් බං xx කන්නෙ නැතිව.....

    ReplyDelete
  8. අනේ මන්දා මේ දේශකය..

    ReplyDelete
    Replies
    1. ඇයි අප්පා දිනිතියෝ මක්කැයි උනේ..

      Delete
  9. අපිටනං ඔය ලොකු පොඩි මොකෙක්වත් නෑනෙ.
    උඹ බැල්කනියෙ ඉඳං දුං යවනවද වෙන මොකවත් කරනවද දන්නෑ අර ගේ පැත්ත බලාගෙන.

    //අනික මේ පාරේ හැමෝම දන්නවා මගේ කොල්ලෝ තුන් දෙනා කොයි තරං අහිංසකද කියලා.//
    මේක කොල්ලො දෙන්නෙක් ලෙස නිවැරදි වෙන්න ඕන නේද?

    ReplyDelete
    Replies
    1. අනිවා ලයික් කොමෙන්ට් එකට

      Delete
    2. හෑ බං කොල්ලෝ තුන් දෙනෙක් හිටියා මාත් එක්ක. ඒක නේ එහෙම කියන්නේ..

      Delete
    3. ඒ උනාට අහිංසක කොල්ලො ඉන්නෙ දෙන්නයිනෙ බං.

      Delete
    4. අපොයි මං උන් දෙන්නට වැඩිය හරිම අහිංසකයි.. ඔව් ඉදගෙන..

      Delete
  10. අනේ අපේ අම්මලා ඒකටත් එක්ක කවුරුහරි අපිට බැන්නොත් ඒ කිවුවට වඩා එවුවා කියලා අපිට බයින්නෙ.. මැණිකේ..දුවේ කියල නැහැ කවුරුත් , මල්ලි හම්බෙනකල් පුතා කිවුවා, ඒකා හම්බුනාට පස්සේ ලොකු එකී කිවුවා. කුරුම්බා බීලා එහෙම අහුවුනාම විශේෂණ පද එහෙම දාලා තමයි ආච්චි අම්ම්ම කතා කරන්නේ.

    ඔයා ඔය වගු ගහලා තියෙන ටික දකිද්දී හිනා අප්පා, මට මතක් වුණේ අර මරණ දැන්වීම් වල ගහන්නේ නමට එහායින් වරහන් ඇතුලේ ( රතු මහත්තයා) (මුදලාලි ) වග එවුවා,

    ReplyDelete
    Replies
    1. අන්න හරි ඔමා.. කොච්චර නං කිව්වත් ගමේ අය දන්නෑ. ඒක නිසා තමා හුරු නම වරහන් ඇතුලේ ගහන්නේ. උඹල කරල තියෙන වැඩ වල හැටියට නමක් කියල කතා කරන්නත් ලැජ්ජයි බං.. ඉදගෙන..

      Delete
  11. අම්මටහුඩු .. දාල නේද පෝස්ට් එකක් ,මං පරක්කුද මන්දා :D මං කොමන්ට් 100ක් බුක් කරල ගියේ.. හැක්

    ReplyDelete
    Replies
    1. උඹ ඊයේ බීලා මට මහ රෑ කතා කරලත් ඕක තමා කිව්වේ.. හැක්.. බොට මතකද මන්දා ඒක..

      Delete
    2. බීලා ??? මං ??? මං ඔය දහජරාව කටේ තියන් නෑ.. චික්

      Delete
    3. යකෝ තෝ ඊයේ රෑ බීවේ නැතෙයි, අර අර ලිෆ්ට් කරන ගමන්...... නේ........ මතක් උනැයි.....
      අම්මපා මට එනවා හොදවායින් කියන්න... එක්කෝ ඕනේ නෑ......(දේශා ඕකා ඊයේ රෑ බිව්වා.)

      Delete
    4. මං නොදන්න පත්තරයා නෙව.. හැක් හැක්..

      Delete
  12. මට අපේ තාත්ත කතා කරන්නේ වේ## පුතා කියලා .. ආදරේට :D

    ReplyDelete
    Replies
    1. මගේ නම කන්ඩ උපං කියලා උපසර්ගෙකුත් එනවා..

      Delete
    2. ඒ බොට තියෙන ආදරේට වෙන්ටැති... උඹ තාත්තගේ හම ගැලවෙන්න මොනාද කරේ එ දවස් වල. දැං කටින් උනාට ඒ කාලේ යඩක අතින් වෙන්ටැති වැඩ..

      Delete
    3. මට මතකයි උබ කිවුවා ,මේක කියවන එද්දී මන් කොමෙන්ට් අතර බැලුවා මේ කොමෙන්ට් එක තියෙනවද කියලා .

      Delete
    4. අන්න ඒ ටික කපලා ගෙනැත් දාහං මයේ සුදු මැණීකේ..

      Delete
    5. තාත්තා විතරයි මූට හරි උපසර්ගේ දාලා තියෙන්නේ , ඔය පත්තරයා කියන්නේ ................එක්කෝ ඕනේ නෑ...

      Delete
    6. ශික් මතක නැහැනේ,, කොහේ කියලා හොයන්නද අයියේ බ්ලොග් ලෝකෙම වනසලානේ කොමෙන්ට් වලින්,

      උබව කන්නම් ඊට කලින් මලකඩ කාපු කොන්ඩේ තට්ටේ ගාලා ඉදින්, අපිට ජලභීතිකාව හැදෙයි

      Delete
    7. This comment has been removed by the author.

      Delete
    8. ඒ උනාට පත්තරයා දැක්කාම එහෙම පෙනුමක් නෑ. දැන් නේ දන්නේ මූට තාත්තා කියන්නේ ඇත්ත කියලා.

      Delete
    9. //මාව කාපියව්//
      පත්තර කඩමාලු කන්ට අපි එළුවොද බොල

      Delete
    10. ඉල පතද, ඇල පතද, මන්දා මොකා හරි, උබ කියන්නේ සහතික ඇත්ත මචන්......
      මම නං ඔය හරක් මස් කන එක අතහැරලා ගොඩක් කල්

      Delete
    11. සමහර ගස් පෙනුමට ලස්සනට හිටියට කිසිම හයියක් නැහැනේ ආයිබෝං..

      Delete
  13. ඔය ඉහලම තියන නාමකරණ වගුවට තවත් කොලම් එකක් එන්න ඕන (අපේ පැත්තෙ විදියට) මෙන්න මෙහෙම,

    ඔය සමාජීය නම ඇති තැන සහ නැති තැන කියල.
    ඇති තැන තමයි උඹ දාල තියෙන්නෙ. නැති තැන කියන්නෙ ලොක්ක, පොඩ්ඩ, චුට්ට .... ආදී වශයෙන්.

    උඹට බ්ලොග් අවකාශෙ තියන නම් දැක්ක නං අම්ම මෙහේ ඇවිල්ල කුනුහබ්බෙන් බනින්නෙ අපිට. අර ගැරඬි දේශකය , වෙරළුමල් දේශකය වගේ කතා මම කියන්නෙ....

    ReplyDelete
    Replies
    1. ඇත්ත බං.. මට ඒ ටික ඔළුවට ආවේ නැහැ නේ..

      උඹලයි පැත්ත කිව්වේ දකුණේ පැත්තද?? හැක්. ඊයේ පත්තරේක එළ කතාවක් ගියා. දකුණු පළාතේ පාරක් ගහල තියෙනවලු දකුනේ නීතිය අනුගමනය කරන්න කියලා. ඉතිං උන් සෙල්ලං පිස්තෝල අරගත්තලු කඩෙන්...

      මට ඔයිට වැඩිය ලස්සන නං තිබුනා අනේ.. අන්න ඒකට ගමන් මගියයි සසිදුවයි ඔමායි තමා වගකියන්න ඕන..

      Delete
    2. දකුණෙ වාහන වල නං ගහල තියනව "වමෙන් ගියත් දකුණෙ කොල්ලො" කියල.

      Delete
    3. මේකනේ රාජ් හිචිචි පුතේ... ඉස්සසෙල්ලම දකුණෙන් ගිහින් වමට සිග්නල් දැම්මෙත් බොලාගේ පැත්තේ එකෙක් නේ.. හැක්

      Delete
    4. වමට සිග්නල් දාල දකුණට හැරෙවෙනං අපේ සැටලයිට් නෝන.

      Delete
    5. 'ඇහැක්' විධියට කනක් අඳින්ට 'ඇහැක්' අය ඉන්නෙත් දකුණේ නේද බං?

      Delete
    6. මතක නැද්ද වමෙන් ඇවිත් දකුණට හරවපු ඩැලස් අයිලප්පෙරුමා.

      @ කැන්ඩියන්
      මාත් ඔය ඇහැක් විදියට මේක කරං යන්නේ අනේ..

      Delete
  14. අර පත්තරයත් කොන්ක්‍රීට් ප්‍රසන්න වගේ පෝස්ටු නැතිව හිට් වෙන්න බලන එකෙක්ද මංද!

    ReplyDelete
    Replies
    1. ඌත් ඒක්තරා විදියක අම්බරුවෙක් බං.. ඔන්න බලහං තව අවුරුද්දක් විතර ගියාට පස්සේ මොකද වෙන්නේ කියලා.. ඕකා අපිව එළවනවා.. ඕයේස්..

      Delete
    2. කෝමද මගෙ බ්ලොග් එක , හිට්ස් එනවා හිටු කියලා.. :D

      Delete
    3. පෝස්ට් නැතුව කොහොමද බොල කොමෙන්ට් දාන්නෙ. :D

      Delete
    4. අනේ මන්දා, ලියන්න දෙයක් නැත්තන් දේශා ගැන හරි ලියහන්..... :D :D

      Delete
    5. මම ලගදිම ලියල එකක් දෙනවා මූට දාන්න කියලා.. හැක්..

      Delete
  15. අම්මප අපි කාගෙ කාගෙත් පවුල් වල අයට රෙජිස්ටර් වෙලා තියෙන නම් ගැනනම් පොතක් ලියලවත් ඉවරකරන්න බැරිවෙයි. හැබැයි ඔය ගොඩක් නම් සමාජෙ බහුලයි ඒ කීවෙ හැම පවුලකටම පොදුයි.

    ඒ කියන්නෙ පත්තර පරාජය බාරගෙන අලුත් බ්ලොග් එකක් පටන්ගත්තා?? බලමු ගිහින්.

    පත්තරට ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. ඒකනේ මං කිව්වේ. මං දිනනවා කියලා.. හැබැයි දිනන්න උදව් කරෙත් පත්තරයා තමා.. හැක්..

      Delete
    2. කෝ මේ පත්තරේ ලිපියක් දාල නෑනෙ තවම. ඔන්න ෆලෝ පාරක් දැම්මා. රෝලටත් දාගත්තා.

      Delete
    3. රෝලට දාන්න එපා බං. වැඩක් නෑ.. අපි ලිපි දෙක තුනක් පෝස්ට් කරමු ඕකට කෙලවෙන්නෙම..

      Delete
    4. අනේ දේශො අර මගේ එකෙත් මක්කහරි ලියල දාපං .. පාස්වඩ් එක මේලක් දාන්ඩද :D

      Delete
    5. මං ගිහිං පත්තරයගෙ බ්ලොගේ බැලුවා,ඉල කැඩෙනව බං හිනාවෙලා එක පෝස්ට් එකක්වත් නෑ ෆලෝවර්ස් ල 12 ක් ඉන්නව.පත්තරය වගේමයි උගෙ බ්ලොගෙත්.

      Delete
    6. @පත්තර,

      ඕකෙ දැන් දේශකය ලියන්න නම්, ආයෙ අහවල් එකකටද අලුතින් බ්ලොග් එකක් හැදුවෙ? දේශකය උගෙ එකේම ලියයි කලින් වගේම.

      එහෙම නැත්නම් පාස්වර්ඩ් එකක් දේශකට විතරක් මේල් එකක් නෙවෙයි, අපි ඔක්කොටම බලන්න මේකෙම දාමුකො. අපි හැමෝම ඇවිත් හොඳට ලියන්නම්. ඕක සුලු දෙයක්..!!

      Delete
    7. හෝවු..හෝවූ.. මට තියෙනව දෙයක් දැනගන්න. මාත් තාම අලුත්නෙ. ඒනිසා මට මේක මහ පටලැවිල්ලක්. කවුද දේශක, එතකොට කවුද පත්තර මල්ලි, එතකොට කවුද මේ Praසන්ன.

      මෙව්වා මට හරි ප්‍රශ්න. දැන් දේශකගෙ බ්ලොග් එකේ තියෙනවා නාකි මූණක්. ඒක කාගෙද? කමෙන්ට් බොක්ස් වල නම තියෙන්නෙ ප්‍රසන්න කියල. ඒ වුනාට දේශකගෙ කමෙන්ට් වල ඉන්නෙ කාටුන් දේශක බබෙක්ගෙ රූපයක්. අනේ මන්ද මට තේරෙන්නෙ නෑ නෑ නෑමයි.

      Delete
    8. හැලපයියේ .. කෝමද මගෙ වැඩ :D

      මනෝශ් .. ඈ බං උඹේ කමෙන්ටෙක දකල මටත් කැරකිල්ල වගේ .

      Delete
    9. ඒකනෙ බං. දැන්වත් තෝරල දීපල්ලකො.

      Delete
    10. @ මනොෂ්, උබට වගේම මටත් ඕක අලි ප්‍රස්නයක් බන්. නොදැක්කා සේ හිටහන් ඔලුව කොයිල් කරගන්නේ නැතුව.

      Delete
    11. ඒකත් හරි නිමෝ. මං අද කීපාරක්නම් ආවද මේ පැත්තට මුං මේකට උත්තරයක් දීලද කියල බලන්න.

      Delete
    12. දේශකයා කියන්නේ ඔය හැමෝටම වැඩිය උසස් කෙනෙක්.. කිසිම විදියකට සමාන කරන්න එපා සිරාවට යකෝ කිව්වේ.. හැක්..

      පුසාගේ පින්තුරෙට කොටහං එතකොට උගේ බ්ලොග් එක එනවා..

      පත්තර මල්ලි ගැන මං මොනව කියන්න ද උගේ තාත්තා ඌට කතා කරන හැටි දැක්ක නේ...

      Delete
    13. @ මනොෂ්,
      පේනවනේ මුන් ඉදගෙන වංසේ කබල් ගානවා.....

      Delete
    14. අපි නියම වංශයේ.. තේරුනාද???

      Delete
    15. @ නිමෝ,

      හරියට හරි බං. මුන්ගෙන් වචනයක් ගන්නෙක ගලෙන් පට්ටයක් ගන්නව වගේනෙ. අහපු එක ප්‍රශ්නෙකටවත් නොගැලපෙන උත්තරය්නෙ දුන්නෙ. එතනත් වංශෙ කබල් ගෑව. අපිව ගොනාට අන්දගෙන එකෙක්මද කොහෙද මේ චරිත ඔක්කොම පණපොවන්නෙ.

      Delete
    16. මාගේ චරිතය ඝාතනය නොකරන්න දරුවනේ. අමාරුවෙන් ඒක හදාගත්තේ.. හරිය..

      Delete
  16. කෝමත් එක එක පලාත් වල නම් තැබීම සහ හැදින්වීමේ නාමකරණය වෙනස් නේද...
    අපේ ගෙදර මමයි නගයි...
    ඒත් අපේ සමස්ත පරම්පරාවෙන් මම තමා ලොකුම එකා... ඒ කියන්නෙ අනික් උං ඔක්කම මට මල්ලිල නංගිල...
    හැමෝම කියන්නෙ , නැන්දල පුංචිල පවා මට කතා කරන්නෙ මහේෂි අයියෙ කියල... අනේ මංද එහෙම බලනකොට අපේ පව්ලෙ ඉන්න වැඩිහිටියන්ටත් වඩා මං වයසයි....
    හැක් හැක්

    ReplyDelete
    Replies
    1. බලං ගියාම උඹත් එසේ මෙසේ අයියා කෙනෙක් නෙමෙයි නේ..

      Delete
  17. මං ගැන කතා කරනකොට නම්
    "ඌ විතරයි හැදිච්ච එකෙකුට ඉන්නේ ,දාහකින් හොයාගන්න බැරි කොළුවා " කියලා තමයි හමෝම කියන්නේ :P

    ReplyDelete
    Replies
    1. ඒක නම් සහතික ඇත්ත වෙන්න ඇති.

      Delete
    2. @ ඉවාන්,
      අනේ පල යකෝ යන්න, අර පත්තරයා කෝ??? හිටියානම් අහගන්න තිබුනා බෝගේ කැරැට්ටුව,

      Delete
    3. ඉවාන් නෙමෙයි මටත් ඔහොම තමා මිනිස්සු කිව්වේ හරියට නොදැන... හැක්.. අම්මප උඹ හිතං ඉන්නේ උඹ උපාසකය කියල ද බං ඉවානෝ...

      Delete
    4. @ නිමෝ ඇත්තමයි බං. ඔය වල් පත්ත්රයා දන්නා මගුල ,'දෙශානම් කවදත් ඉතින් නුගුන දකින එකානේ

      Delete
    5. මේ ළගදි කොහේදි හරි ඇනෝ යාළුවෙක් මට කියල තිබුනා “උඹ ඉතිං හැම එකම නුහුරට දකින එකානේ“ කියලා. ඒ ඔබද රත්තරනේ.. හැක්..

      Delete
  18. පේරන්ට්ස් මීටින් වලදී තමයි ගෙදරට කියන නම් හුඟක්ම දැනගන්න පුළුවන් වෙන්නේ... මොකද අම්මලා ඒ නම කියලනේ කතා කරන්නේ... හි.. හි...

    ReplyDelete
  19. මට පොඩි කාලේ කතා කරේ ලොක්කා කියලා. අපේ ගෙදර කිරි ගේන පොරත් ලොක්කා. ඊට පස්සෙ මම කොක්කක් ඇදගත්තා. පස්සෙ නම් වෙනස් උනා. ලොකු පුතා කියලා. ඒත් දැන් නම් මම කතා කරාම් කව්ද කියලා ඇහුවාම් කියන්නේ. කිරි ගේන ලොක්කා කියලා. තාත්තා මල්ලිට කතා කලේ හින්නි පුතා. නංගී හින්නි දුව. අම්මා කතා කලේ පොඩි පුතා, නංගි පොඩි දූ. සීයා නම් මට කතා කලේ වේසිගේ පුතා කියලා. සීයා කිව්වේ තාත්තගේ තාත්තා. අපේ තාත්තා අන්තිම අහිංසක ඩයල් එකක්. මට තියෙන්නේ පප්පගේ ගති ගුණලූ. පප්පා කිව්වේ අම්මගේ තාත්තා,.

    ReplyDelete
    Replies
    1. ඉතිං ඔය ටික පෝස්ට් එකකට ලියපංකො මචං.

      Delete
    2. // සීයා නම් මට කතා කලේ වේසිගේ පුතා කියලා. සීයා කිව්වේ තාත්තගේ තාත්තා.//

      ඕක බොලෑ අම්මට හරි අම්මගෙ අම්මට හරි ඇහිල නැත?

      Delete
    3. මං මේ කල්පනා කලේ පප්පා කොහොම ඉන්න ඇත්ද කියලා

      Delete
    4. හැබෑට පප්පගේ කොල්ලා මේ තරං නං පප්පා කොයි වගේ ඇත්ද නේද ඉවාන්..

      Delete
    5. යැස් යැස් දේශා, ඔබ නිවැරදියි..

      Delete
    6. අනේ බං මට ඇඩෙනවා. මේ ජීවිත කාලෙටම මට මොකෙක් හරි “ඔබ නිවරැදියි“ කිව්වමයි.. ඉහි ඉහි...

      Delete
    7. සීයා බිව්වාමද ? නැත්තං බුලත් විටක් කොටන්න කියලා කොලේ නැති උනාමද එය වගේ ගරුනම්බු දීලා කථා කොලේ ?

      Delete
  20. තාත්තාගේ යාලුවෝන්ට මෙන්ඞියාගේ පොඞි එකා, මගේ යලුවොන්ට මෙන්ඞා.
    උබ කනවා දේශිකාගෙන් පවුලේ රහස් පිට දුන්නාට

    ReplyDelete
    Replies
    1. අඩේ උඹ මෙන්ඩියගේ පොඩි එකාද දැන්නේ දන්නේ. :D

      Delete
    2. තාත්තාගේ යාලුවන්ටනේ, මගේ පොඞි එකා මගේ යාලුවන්ට මෙන්ඞාගේ පොඞි එකා.

      Delete
    3. මගේත් ඔක්කෝම මෙන්ඩිස්ලා මෙන්ඩල තමා බං... හැක්..

      Delete
  21. APE ACHCHI KENEK HITIYA AYA MATA KATHA KARE NARI BENA KIYALA

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ උඹ ට්‍රයි කරා ආච්චිගේ මිනිබීරීට..

      Delete
  22. අපේ ගෙදර හිටියේ ස්ත්‍රී පුරුෂ බේදයකින් තොරව පුතාලා විතරයි.
    ලොකු පුතා ඒ මම
    පොඩි පුතා ඒ නංගි
    චූටි පුතා ඒ මල්ලි

    අපේ මහ ගෙදර පිහි වලට දාලා තිබ්බ නමුත් ඒ වගේ
    ලොකු මහ පිහිය (මේක විශේෂණ පද දෙකකින් බූස්ට් කලාට එච්චර පත පිහියක් නෙවෙයි)
    පොඩි මහ පිහිය (මේකේ විරුද්ද විශේෂණ පද ශූන්‍ය වෙලා ගියාම පිහිය විතරයි ඉතුරු
    පොඩි පිහිය (අනේ වැඩිය ආඩම්බර වෙන්න දෙයක් නැති පොඩි පිහියක්)

    ReplyDelete
    Replies
    1. ඔය පිහි සන්තෑසිය නං අපේ ගෙදරත් තිබුනා.. අර ආඩම්බර නැති පිහිය නිකම්ම පිහිය අපිට නං...

      Delete
  23. හෙක් හෙක් අපේ අම්මටනං ලොක්කයි පොඩ්ඩයි එත් මේ පොඩ්ඩ අමු ඇම්ඩ, අම්මටත් ඉතින් මල පැන්නම ගොන් අලියා',ඌරු සිටා, හිවල... තව ඉතින් සතුතු වත්තම එලි බහිනවා හෙක් හෙක්. ආ ඒවා මොකටද මන් මේකේ කියන්න හෙක් හෙක්.

    ReplyDelete
    Replies
    1. උඹගේ හැටි හිතා ගත්තැකි මට... හැක්..

      Delete
  24. දේශිකා බ්ලොග් නොබලන නිසා හොදා. නැත්නම් දේශිකාගෙ පවුලෙ නම් ටිකම උදාහරණෙට ගත්ත නිසා බොලා අද රෑට කාලා හමාරයි. :) ;)

    ReplyDelete
    Replies
    1. ඒකනේ බය නැතිව ලියන්නේ..

      Delete
  25. ඇයි දේශක අද කාලේ අම්මල තාත්තලත් හොයා ගන්න හරිම අමාරුයි නෙව. ඉන්න තරමක් ඉන්නෙ අම්මිලයි තාත්තිලයි. ඒ මද්වට අක්කිලා, නැන්දිලා, මාමිලා. මං හිතන්නෙ අයියයි මල්ලියි විතරයි තාම වෙනස් වෙන්නෙ නැතුව ඉන්නෙ. හික්.. හික්.

    ReplyDelete
    Replies
    1. අපොයි ඒවා ගැන කියල වැඩක් නෑ තෙවෝ...

      Delete
  26. අපේ ගෙදර නම් මම අක්කිරියා නංගි චූටික්කා. :D

    ReplyDelete
    Replies
    1. බොට දාන්න තිබුනේ චූ වක්කිරියා කියල බොල...

      Delete
  27. අපේ පවුලෙ ළමයි හදර දෙනයි තාත්තයි ඔක්කොම "කොඩී" තමයි පිටදි. ඕකෙන් මට වෙච්චි ඇබැද්දියකුත් මතකුන, කොටල දන්න ඕන වෙලාවක :D

    ReplyDelete
    Replies
    1. අනිවා කොටා බාන්න. මගේත් එකෙක් ඉන්නවා ඌත් ඉන්දික කොඩිතුවක්කු. උගේ අයියයි මල්ලියි මට කොඩීලා. .තාත්තත් කොඩී අංකල්.. කොල් කරල කොඩී ඇහුවම මොන කොඩීද කියල කියන එක තමා අවුල. මං අරුන් දෙන්නගේ නං දන්නෑ නේ..

      Delete
  28. එහේ එහෙම උනාට මෙහේ මෙහෙමයි අනේ.....
    ලොකු......සුදු...... පොඩි........
    තව සමහරුන්ට සත්තුන්ගේ නමුත් දැම්මා.....
    වල් අලියා...., කොටිය......, සිංහයා........
    තව මොනවා කියනවා ඇත්ද....?

    ReplyDelete
    Replies
    1. කන්දේ නං බණ්ඩල, ඌවේ රජරට අප්පුලා, ඔන්න ඔය වගේ වෙනස් එක එක තැන් වල..

      Delete
  29. මටත් තිබ්බා ගෙදරට කියන නං කීපයක් එව්වා ඉතිං එ් එ් වෙලාවේ මගේ ක්‍රියාකලාපෙ හැටියට තමයි දෙමව්පියෝ සහොදර සහොදරියෝ පාවිච්චි කලේ..
    උදා :-පුතා, පොඩිඑකා, මෝඩයා, හරකා, බූරුවා, බල්ලා, උලමා, හිකනලා, ගොනා, හොතම්බුවා, මී හරකා, පොලොස් කොට්ටෝරුවා, පුත්තලං බූරුවා, අාදා, නරියා, යනාදී වශයෙන්.......

    ඔන්න මං ගිහින් පත්තරයගේ බ්ලොග් එක පලෝ කරල අාවා...
    දේශක නරකද එ්කට පොස්ට් එකක් දැම්මනං.. අපි කොමෙන්ට් කරන්නං.. පත්තරයා අැවිත් රිප්ලයි කරයි (සතියකට එකක් දාන්නකෝ...)

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. මං ඒකෙ පාස්වඩ් එකෙ මූට දෙනවා බං :D
      අටෝගන්නකං මැරෙන්න හැදුවනෙ. දැං තෝ ලියපං ඒකත් කියලා.. කොමන්ට් පැත්ත මං බලාගන්නං :D

      Delete
    2. අෑ බොල විදානේ හිකනලෝ.. උඹට සත්තු වත්තක්ම පස්සෙන් ඇවිත් තියෙන්නේ..

      Delete
    3. ඈ බන් විදානේ, ඔක්කොම සත්තුන්ගේ නං ඔතන තියෙනවනේ....

      Delete
    4. මේකනේ බං නිමෝ කේස් එක..

      විදානේගේ අම්ම දන්නේ අකුරැස්ස පැත්තේ ඉන්න සත්තුන්ගේ නං විතරයි නේ..

      Delete
    5. එ්කනේ දේශකයා කියල කිව්වෙනැත්තේ හැක් හැක්..

      Delete
  30. අපේ ගෙදර.. නෑ එක්කෝ ඕන නෑ.. ^_^

    ReplyDelete
  31. අපේ ගෙදර නම් ඉතින් එක්කෙනා හන්දා එයා හැම නමම අහගන්නවලු.:)

    පත්තර මල්ලිගේ ප්‍රොෆයිල් ෆොටෝ වෙනස් කලොත් මොකද? ලස්සණ නලුවෙක්ගේ එකක් දාමු.:D

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. කුමාරිහාමි මිස්.. ඕං දැම්මා නලුවෙක්ගෙ පොටෝ එකක් . මේ ඇවිල්ලා කිං කොං !!

      Delete
    3. මාර හැන්ඩි ෆොටෝ එකක් නේ. අතේ පත්තරයකුත් තියෙනවා නේද? :D

      Delete
    4. ඕ යේස්.. මාලි ගෙලේ - චේ පපුවේ - පත්තරේ අතේ !!!

      Delete
    5. ඒ අතේ තියෙන එකට කියන්නේ පත්තරයක් කියලද???

      Delete
    6. අනේ..අපොයි!!!!!! කලින් තිබ්බ පින්තුරේ හොදයිද මන්දා..... අයියෝ.............!

      Delete
    7. මට නං දැං මේකා මාරු වෙනවා ඔරිජිනල් එක තිබ්බ නං හරි...

      Delete

  32. ඔක්කොම ලට පට කියවා
    දේශක පත්තර අවුලේ නොපැටලී
    නම අත්සනද තබා
    ඔන්න මන් ඇවිත් ගියා

    ReplyDelete
  33. ඔය නම් තැබිල්ල අපූරු වැඩක්.. මං ඒක ඊලඟ පරම්පරාවටත් ගෙනාව. කෙල්ල බබා. විහිළුවට බබ්සන් .. කොල්ලා පොඩි කාලෙ කිරි ඉල්ලුවෙ කුකුං කියලා. ඒ හින්දා ඌ කුකුං උනා. දැන් කුක්සන්..මිස්ටර් කුක්සන් කියල කතා කලාම මිස්ට තාත්ති කියල මට කතා කරන්නෙ. අම්මිට නමක් නෑ... වෙලාවෙ හැටියට නං වෙනස් වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්තටම හොදා. පොඩි ගතියක් තියෙනවා නේද??

      Delete
  34. ඒයි පත්තර මල්ලි ..අර වේලෙන බ්ලොගේ ලියාපන්කො පැදුරු වගෙ රස කෑලි අනුන්ගෙ බ්ලොග්වල නොලියා. ලියන්න පුළුවන් එකා නොලියා ඉන්නකොට ලියන්න බැරි අපි ලියනවා

    ReplyDelete
    Replies
    1. ඕ යෙස් සරත් අයියා.. ආ පත්තර මල්ලිට ත් බ්ලොග් එකක් තියනවා හරී.. මං හරි වසයි :D

      Delete
    2. සක් පත්තර මලේ මම හදලා එව්ව ඔය ෆොටෝවේ "black & white" ෆොටෝ එක දාපං ප්‍රොෆයිල් එකට ඒක තමයි පට්ට

      Delete
    3. ඉවානයා .. ඕං බලපන් මස්සිනේ :D

      Delete
    4. දැනටම කෝල් සීයක් විතර ආව බං.. මොඩ්ල් බෑන්ක් වලින්. චැහ්.. හරි කරදරේ. ෆ්ලෑශ් බෑක් එකෙනුත් රොශා කතා කරා මල්ලි වරෙං අපේ බෑන්ඩ් එකට කියලා... මේ පොටෝ එක මාරු කරන්ඩ ඕනැ..හරියන් නෑ මට හරි කරදරයි බං :D

      Delete
    5. මං දෙන්නද පුතා හොද ෆොටෝ එකක් තියෙනව මා ලග, ඇස් දෙක ගොරක මද වගේ වෙච්ච මුණෙන් බාගයක් විතර බේරෙන,, :)

      Delete
    6. තොපි යාලුවො නෙවෙයි.. නොදකිං. මං උතුර දකුණ මාරුවෙලා ඉද්දි තව පොටොත් ගහලා .. ඩිලීට් කරල දාපිය ඕක :D

      Delete
    7. උඹ ඉතිං පොටෝ මාරු කර කර ඉදිං. අනිතිමට තොට වතුර මාරු වෙලාවත් දන්නෑ..

      Delete
    8. මොඩල් බෑන්ක් වල ඉන්න උන්ගේ ඇස් පේනවා මදිද කොහෙද, එක්කෝ උන් කොකා කෝලා බෝතල් අඩියකින් උබේ පින්තුරේ බලලා තියෙන්නේ,, අනිවා......!

      *ෆ්ලෑශ් බෑක් එකේ රොෂා කවදද දන්නේ නෑ *කොත්තු කඩයක් දැම්මේ, මුව බෑන්ඩ් එකට ගන්න කතා කරන්නේ,

      කොහොමින් හරි කමක් නෑ අපේ එකෙක්ට හරියනවනම්,,
      මයි වොර්ම් වොර්ම් කල්ටිවෙෂන්ස් පත්තරේ,,,

      Delete
    9. මොනාද මේ කතා .. චිකන් ද බීෆ් ද ඕනැ ??

      පුල් කොත්තුවක් 220 යි.. 200ක් දියං ,ඇති !!!

      Delete
    10. පල යන්න මම පුල් වෙජිටේරියන්.... හැක්

      Delete
    11. වෙජිටේරියන් උනාට බොද්දි ඩෙවල් කෑල්ලක් කනවනේ : D

      Delete
    12. පා පා යන්න, බෝද්දීත් බයිට් වෙජි තමයි.. හරිය, :P

      Delete
    13. මෙන්න මාළු හොදි එක්ක පාං කන ශ්‍රද්ධාවන්ත කොලුවෙක්..

      Delete
  35. අපේ ගෙදරත් එකා යකා නෙහ් විසේෂණ පද අනවශ්‍යයි

    ReplyDelete
  36. ෂුවර් මේකා රේල් පාරෙදි මොනව හෝ කරල තියනවා..

    ReplyDelete
    Replies
    1. ගිටාර් ගහන්ඩ පුලුවනෑ අමුවෙං නලින් අයියෙ :D

      Delete
    2. පත්තරේ එහෙම තමා..

      Delete
    3. අපරාදේ කෝච්චිය අවේ නැත්තේ... චෑක්

      Delete
  37. පත්තර මල්ලියි දේශකයායි සෙට් වෙලා වගේ..දේශකය පවුද පත්තර මල්ලි පවු ද ?

    ReplyDelete
    Replies
    1. උඹ දවසක් ප්‍රසා ගැනත් ඇහුවා නේද මට අල්ලලා.. හැක්..

      Delete
  38. අපේ දෙන්නට නිකන් කතා කරද්දී ලොකු දුව චුටි දුව. කියන එක අහන්නේ නැති වුනාම නම.
    පොඩි ඒකිට පොඩි කාලේ දවසක් මන් කිවා හරිම පෝරිසාදයෙක් කියල . මෙයා ඕක සින්දුවක් හදාගෙන කියා කියා හිටියා
    ''හිංචි පිංචි හාවා යද්දී තනි වෙලා
    පෝරිසාදයා ''
    අවුරුදු දෙකක් විතර කාලේ.

    ReplyDelete
    Replies
    1. සැරෙන් ඒක කියන කොට කොහොම ඇද්ද??

      Delete
  39. අපේ තාත්තා ගේ අක්කාටයි,නංගිලටායි තියෙනවා නියම නම් ටිකක්.

    තාත්තාගේ අක්කා එයා ඉන්නකොට හාමිනා නැතිනම් ජෝන්
    තාත්තාගේ ලොකු නංගි පොඩි දු එයා ඉන්නකොට නැති තැන ඊබට්
    තාත්තාගේ බාල නංගිට නොනම්මා,බබා කියන නම් දෙකම කියනවා.
    තාත්තාට කියන්නේ මහතුන් කියලා.

    ReplyDelete
    Replies
    1. විචාරකත් මහතුන් ය කියන්නේ..

      Delete
  40. බොට ආදරෙට කතාකරන්නෙ පින් ගොනා කියල නේද

    ReplyDelete
    Replies
    1. උඹ කොහොමද හරියටම දන්නේ. මං එදා ගාල්ලේදි හොදටෝම ගහල බොට ඒක කිව්වද... සිකේ මට හරි ලැජ්ජයි.. හැක්..

      Delete
    2. මලා,, සතුටු වෙයන්, මට කියවන ඒවල හැටියට ඔවුවා හොදයි යකුනේ....

      Delete
    3. මචං නිමෝ මේ යාලු කමට අහන්නේ කාටවත් කියන්න එහෙම නෙවෙයි , උඹට වෙන් මොනවද බන් කියන්නේ

      Delete
    4. ඒවා මෙතන දාන්න බැරි තරම් එව්වා බන්..... ඉතින් හිතා ගනින්කෝ. මෙල්ලුවකින් වෙලාවක කියන්නම්. තෝ වෙන කාටවත් කියනවා හෙම නෙමෙයි.

      Delete
    5. පිස්සුද බන් මං කාට කියන්නද? ඕනෙනම් බ්ලොගේ දායි වැඩිම වුනොත් :P

      Delete
    6. දැං කව්ද පිංගොනා යකෝ.. හැක්..

      Delete
  41. ප්‍රෑන්ක්ලින් බෝතලේ හිස් උනාට පස්සෙද බොට බොග දාන්න පුරුෂ ශක්තිය ආවෙ....දේශිකාගෙ පවුලෙ හාමිනේලගෙ නම් ටික තමයි බං පංකාදු...නැළි හාමිනේ කිව්වෙ ඇයි ?

    ReplyDelete
    Replies
    1. නැලි හාමිනේ කිව්ව හේතුව නං දන්නෑ බං.. තව ඒ කිට්ටුව හිටියා නැලි මහත්තයෙකුත්. ඔය නැලි හාමිනේ බැදල නොහිටිය නිසා මං විටින් විට කිව්වා නැලි මහත්තයටවත් බන්දල දෙන්නෙයි කියලා. කොහේද ඒ මනුස්සයා මැරෙනකම්ම මගුල කතා කරේ නැහැනේ.. හැක්

      Delete
    2. මන් හිතන්නේ නෙළී වගේ නමක් තියෙන්න ඇති. ඒක නැලි වෙන්න ඇති. :D

      Delete
  42. අඩේ මටත් ඉන්නවනේ පැටි නැන්දා කෙනෙක්. මගේ ෆේවරිට්ම නැන්දා. එයාටත් ගෙදර අය කියන්නේ පැටි හාමිනේ කියලා.

    ReplyDelete