Thursday, January 9, 2014

යකඩ සිරා (ගෝනිබිල්ලා)!!

සිරිසේන... අපේ ගෙවල් වට පිටාවේ කුලී වැඩ කර එදිනෙදා ජීවත් වීම සදහා ගතමනාවක් සොයාගන්නේ අයෙකි. ඔහුගේ නිවස කරා යන්නේ නම් අපගේ නිවස පසුකොට කන්ද දෙසට දිවෙන තාර (ගැලවූන) පාරේ අන්තයද පසු කළ යුතුය. ඉන්පසුව ඇත්තේ කන්දේ දියසීරාවට ගොදුරුව තැන තැන කාණු සකසන ලද මැටි පාරක් පමණි. එය වැසි දිනෙක නම් මඩවතුර ගෙන යන දිය දහරක් බඳුව දිස්වේ. 

සිරිසේනගේ නිවස ටකරන් හෙවිලි කළ, කපපාරු නොකළ බ්ලොග් ගලින් කළ කුඩා නිවසකි. නොහැකියාව මතම ගෙයි එළිපත්ත පමණක් සිමෙන්ති යොදා සකස් කර ඇති අතර, නිවසේ ඇත්තේ ජනේල තුනක් පමණි. එයින්ද ජනේල දෙකක් වැසීමට හා ඇරීමට නොහැක. එනම් ඉටි කොල ගසා ස්ථිර ලෙසම වසා ඇති බැවිනි. නිවසට පිවිසුනු කල දැක ගත හැකි වන්නේ කපරාරු නොකළ මුළු ගේ පුරාම බිත්ති දිගේ දුවන කළු පැහැයයි. එය නිවසට ඇතුල් වූ තැන සිට දිගටම වැඩි වන්නා වූ කළු පැල්ලමක් වන අතර කුඩා සාලය පසු කර යන විට හමුවන ලී උළුවස්සක් නොමැති උළුවස්සේ සිටම බිත්ති දැඩි ලෙස කළු පැහැ ගැන්වී ඇත. ඊට හේතුව ගෙයට යාබදව තනා ඇති ටකරං වට කර ඇති කුඩා කුස්සියේ ජයග්‍රහණයයි. කුස්සියේ ඉදෙන පැහෙන හැම වළදකම දුක උහුලා ඇත්තේ සිරිසේනගේ ගෙයි බිත්ති විසිනි.

අප කුඩා කල සිටම සිරිසේන දැකීම මහත් බියක් ඇති කරන දෙයක් විය. කැහැපට ගසා ගත් සරම පමණක් හැඳි ඔහුගේ කාලවර්ණ සිරුරෙන් මතුවන හැඩිදැඩි කම, යක්ෂයා දුටුවාක් මෙන් විය. උදේ පාන්දරද, දවල්ද නැවත හවසද පාරේ යන එන ඔහු සෑම නිවසක් අසලම මදක් නතරවී උගුරෙන් කුඩා ශබ්දයක් නගා බලා සිටියි. ඒ රකුසු බැල්ම මිදුලේ සිටින කුඩා අප දවා ලන්නට මෙන් වන නිසා සැනෙකින් ගෙතුලට වැදි සැගවීම අපේ සිරිතය. එසේ නමුත් සිරිසේනගේ කුඩා කෙඳිරිය ඇසුන විට සමහර දින වල අම්මා ඔහු ගේ නම කියා කෑ ගානු අප අසා ඇත. ඉන් ටික වෙලාවකට පසු අප නිවසේ කුමක් හෝ වැඩක ඔහු නිරතව සිටින බව අප ඒකාන්තයෙන්ම දන්නා නිසා ඔහු යනතුරු නැවත අපගේ එළිබැසීමක් නොමැත.

මෙයින් පන්නරය ලබන අපේ අම්මා සිරිසේනව ගෝනිබිල්ලෙකු ලෙස අපට හදුන්වා දී නොයෙකුත් ලාභ ප්‍රයෝජන අපෙන් ගන්නේ අපද දැඩි ලෙස ඔහුට බියපත්ව සිටින බැවිනි. අම්මා අපි ලවා කරවාගන්නා අයුතු ප්‍රයෝජන රාශියකි. අප කිසිලෙසකින්වත් ඒවා ඉටු කිරීමට අපොහොසත් හා අකමැති කර්තව්‍යයන් දේ වන අතර, සිරිසේන බිල්ලාට බියවී අපි ඒවා නිතැතින්ම ඉටු කරති. 

එයින් කිහිපයක් හෝ සදහන් කිරීම වටනේයැයි සිතේ. ගේ වටේ දුවගොස්වත් බත් කටවල් කිහිපයක් කවා ගන්නට අපොහොසත් වන අම්මා අපව කුස්සියේ කුඩා බංකුව මත හිඳුවා මහා බත් පිඟානක් අතටම ගෙනැත් දුන් විට එක හුස්මට එය ගිල වතුරද බී එතැනටම වී සිටින්නෙමු. 

ගෙයි පුරාම පිස්සන් කොටුවක් මෙන් තැන තැන අප විසින්ම දමනා සෙල්ලම් බඩු, කුණුරොඩු, කොළ කෑලි පැස්ටල් කෑලි ආදිය අපම අහුලා ගෙන ගොස් නියමිත තැන වල තබා ගෙය පිරිසිදු කරති. 

සෙල්ලම් කිරීම නිසා අතපසු වී අම්මාගෙන් ටොකු කා අතැර ඇති පාඩම් වැඩද ඉතා ඉක්මනින් කිරීමට ද අප පසුබට නොවෙමු. 

මේ හේතුන් නිසා පාරේ ගියද නොගියද සිරිසේන නම් ගෝනිබිල්ලා යන නම ඇසුන විටදීද අප බියවන්නෝය. එවන් විටෙක යන්තං හෝ මුහුකුරා ගොස් සිටි මා එඩිතර විලාසයෙන්  සිරිසේන නොදුටු බවක් කීවහොත් අම්මා හෙමින් සැරේ කුස්සිය පැත්තෙන් මිදුල ට පැමිණ සිරිසේන මෙන් උගුර කාරා එසැනින්ම නැවත කුස්සියට දුව ගොස් “ආ සිරිසේන ඔහොම ඉදිං“ කියා කී විට කුඩා අප නැවත අපගේ බිල්ලා හදුනා ගන්නෝය. අවාසනාව නම් ලොකු මහත් වන තුරුම මේ අනපනත්කම් අප නොදැන සිටීමය.

දශක ගණනක් පසු වූවද තවමත් සිරිසේනගේ දහඩිය අප නිවෙස් හා වට පිටාව තෙමා දමයි. ඔහු තවමත් ඒ ලෙසම වරු තුනට පාරේ යමින් එක් එක් ගෙයක් අසල නතර වී ගෝනි බිල්ලා වෙයි. එහෙත් අප දැන් ඔහුට බය නැත. එහෙත් ඔහු දැන් අපගේ දරුවන්ගේ ගෝනිබිල්ලාය. අසල්වැසි කුඩා උන්ගේ ගෝනිබිල්ලාය. 

සිරිසේනගේ මුහුණෙහි කිසිදු විටක සිනහවක් නොදුටු මා එක් වරක් පමණක් එය දැක ඇත්තෙමි. වසර කිහිපයකට පෙර අප නිවසේ පිටුපස වැට සකස් කරමින් සිටි ඔහු එක් වරම පය ලිස්සා මායිමට වන්නට තිබූ දොළ කාණුවට වැටුනේය. එය දුටු මා ගැට්ට අයිනේ සිට ඔහු නැගිටවීම සදහා අත දුන් විට ඔහු එය තම ගොරහැඩි අතින් අල්ලා ගත්තේය. එහෙත් කාලවර්ණ වාත්තු ශරීරයෙන් යුත් සිරිසේනගේ බර ගැන සුළුවට හෝ හැගීමක් නොතිබූ මා ඔහුගේ බර දරාගත නොහැකිව ජබෝග් ගා දොළ කානුවට වැටිනි. එවිට වතුරේ සිටිමින්ම දත් විලිස්සා ශබ්ද නගා සිනාසුනු සිරිසේන වහාම මා උඩට තල්ලු කලේය. ඉන්පසුව ද විනාඩි කිහිපයක්ම හිකි හිකි ගාමින් මා දිහා යටැසින් බලමින් වැට ගැසීමේ නිරත වූ ඔහු නැවත සිනාසුන දිනයක් පිළිබදව මා නොදනී.

සියළු දේ පිළිබදව සිතීමේදි යන්තම් හෝ කවි පද දෙකක් සිරිසේන ගැන මට ලිවිය හැකිය.


තනි ගලෙන් කළ “සිරිසේන“ නම් පිළිමයෙහි
ලෙය දුවන හදවතක් නම් තිබුණි..

ප.ලි.  - අරූ නං මොකෙක්ද මන්ද.... මට නං හරි අමරුයි මේ විදියට ලියන්න.. (http://arugeadaviya.wordpress.com)

112 comments:

  1. Replies
    1. උඹ එකය. ඒ ඇත්තය. ඒත් තෑගි නම් නොමැත.. හැක්.. හැක්..

      Delete
    2. මොකෝ සහෝදර මේ හැම තැනම එක වෙන්න හදන්නේ? :-D

      Delete
    3. මටත් ඔය ලෙඩේ තිබ්බා ටික් දවසක්.. දිලිනියෝ.. ටික දවසක් යද්දි ඕවා අමතක වෙනවා..

      Delete
    4. කතාව නම් මසුරන්‍ ය ..මම කකාට පසු රසම ලිපි ඔබෙන් කියැවිමි ..
      මටත් පොඩි කාලයේදී ඔය වගේ අම්මා බය කර ගන්න මනුස්සයෙක් හිටියා ,හබැයි සිරිසෙන වගේ නෙවෙයි .මිනිහා ජිවිතෙට නලා නැති ,රෙදි ගොඩක් ඇගේ දාගෙන ,ලොකු මල්ලක් අරගෙන ගම පුරා යන පොරක් ..සොහොන් වල එහෙම නිදා ගන්නෙ ..සොහොන් වල තියෙන ''නිවන් සුව පතමි"' වගේ බොඩ් වල රෙදි ඇගේ ඔතාගෙන මිනිහා ගමේ ලොකු ගැනු බයවෙලා ,ලොකු යුද්ධක් වුණා මතකය ,ඉතිං පොඩි උන් බයවෙන එක අහන්න දෙයක්ද ???මනුස්සයා ගේ නම නම් කියන්න බැරිය ,
      හික් හික්

      Delete
    5. අපේ කකාට අවනම්බු කොරන්න එපා ළමයෝ..

      හැම පොඩි එකෙක්ගෙම ජීවිතයේ එක ගෝනිබිල්ලෙක් හරි ඉන්න ඇති.. මට හිතෙන විදිය.

      Delete
    6. @ දිලිනි අපිට හැමදාම බොලොගි වලට කෙමෙන්ට් කරන්නෙ වෙලා නැති වෙන්නෙය ,ඉන්න දවස් වල ටිකක් වැඩියෙන් කමෙන්ටුවක් දන්නෙ හිතෙනවා ..අමාරුව ටික දවසකින් හොදවෙයි මම හිතන්නෙ ...:) :)ඒ ගැන බය වෙන්න එපා

      Delete
    7. @දේශක තුමා
      මම කකාට අවනම්බු කරේ නැත ,මගේ බ්ලොග් විරයා කකාය ..
      “අපෝ මේ.. ඔයා හින්දා එයා මාව දාල ගියත් මම ඔයාව බදින්නෑ.. හරිද“////
      මෙන්න මේ වගේය හික් හික් .. :)

      Delete
    8. හැක් හැක්.. අවංකව කිව්වොත් කකාගේ හැකියාවට මාව ගාවන එකයි කකාට අවනම්බුව.. කකා මගේද වීරයාය..

      අඩේ මගේ පිච්ච මල් කෑලි උස්සන් ඇවිත් මෙතන දාලා උඹ කෙන්ජගෙන් කන්න හදන්නේ..

      Delete
    9. උඹ කෙන්ජගෙන් කන්න හදන්නේ..////
      මේ මොකටෙ කෙන්ජි මමාට මල් ඇලජික් එකක් තියෙනව ද ??... :)

      Delete
    10. මිනිහා පිච්ච මල් එක්ක ජන්මාන්තර වෛරයි.. මිනිහා කැමති වෙරළු මල් වලට.. හැක්..

      http://samakayawate.blogspot.com/2013/09/18.html

      Delete
    11. කෝ මේ කෙන්ජී මමා ..
      පිච්ච මල් අපිට ..වෙරළු මල් කෙන්ජී මමාට .... :)

      Delete
    12. එයා පිච්ච මල් වලටත් ආසලු හැබැයි වෙරළු මල් පස්සේ ඕනලු.. හැක්..

      Delete
    13. පිච්ච මල් වල සිට වෙරළු මල් සුවද දක්වා එකම වැඩකාරයා කෙන්ජී මමා ය ,ඒ ගැන අයේ තර්ක මොකටද...හැක් හැක්

      පිච්ච මල් වෙරළු මල් කර ගන්න සාස්තරේ කෙන්ජී මාමා ගෙන්ම අහා ගන්න වෙනවා ...හැක් හැක් ... :)

      Delete
    14. අද උදෙත් දෙකක් දාලා හිටපු වෙලාවේ මට කිව්වා “කොල්ලෝ තොපි වගේ උන්ට ඔය සාස්තරේ මේ ආත්මෙට මම දෙන්නෑ“ කියලා හැක්

      Delete
    15. හැක්...හැක්...මම සැම මලකටම එකසේ ප්‍රියයි දරුවනේ...
      පෙති තිබෙන මල් වලට වඩා.....
      කකුල් දෙකේ මල් වලට වඩා ප්‍රියයි....

      Delete
    16. සියළු සැප සුරසැප යයි
      සිතයි කෙන්ජයි
      ඒක පුරුවේ පිනයයි
      කිව්වේ දෙයියයි

      Delete
    17. @දේශක
      පොඩි ඉල්ලීමක් කොරලා බලමු ,එක නිලයක් හරි කියලා දෙයි නොවෑ එත් මදෑ ..හැක් හැක්
      @කෙන්ජී මාමා
      ගුරු මුෂ්ටි ඇතුව හෝ මල් රහස් හෙලි කරනු මැනවි ..

      Delete
    18. දෙන්නෙම නෑ කිව්වා බං... ඕකා මහ ඇම්ඩා

      Delete
  2. දේශ්, ඔයාට ලස්සනට ලියන්ට පුලුවන්නේ. සිරිසේන ගැන ඇති උණේ තද අනුකම්පාවක්. ඔයා අර ඇලේ වැටිච්ච හැටි මැවිලා පෙනිලා මටත් හිනා ගියා...:D

    ReplyDelete
    Replies
    1. //දේශ්, ඔයාට ලස්සනට ලියන්ට පුලුවන්නේ.//

      ඉස්තුතියි ඉස්තුතියි (හතර අතේ නැමෙමින් වදිමින්..) මට මුරුංගා පොඩ්ඩි ගානේ..

      ඇත්තටම මට ඕන උනේ සිරිසේන ගැන අනුකම්පා සහගත මගේ සිතිවිල්ල මුදා හරින්න.. පොඩිඩි හිතන විදියට ඒක සාර්ථකයි කියල කිව්වම මටත් ඉතිං සන්තෝසයි.. අපිට මොකක් හරි අඩුගානේ ඇනයක් හරි ඇනෙකං බලන් ඉන්න ඇන තමා අපිට ඉන්නේ.. හැක්..

      Delete
  3. මේ වගේ මිනිස්සු හරි සුන්දරයි අප්පා. අපි දැක්කම නොදකින අපුරුවක් ඇඟ ඇතුලේ තියනවා. ටිකක් ලංවෙලා බලපුවාම තමයි තේරෙන්නේ

    ReplyDelete
    Replies
    1. අනිවා. ස්තුතියි එකතු කල අදහසට. හරිම සුන්දර අදහසක්.. යක්ෂයා..

      Delete
  4. මට මතක් වුනේ එකපාරටම අර කේ.ජී. කරුණාතිලක ශූරීන් විසින් පරිවර්තිත රුසියන් කෙටිකතා පොත. හරියට ඒ පොතේ තියන කතාවක් වගේ. බොහොම අගෙයි.

    හැබැයි ඒ කාලේ ඉඳලම උඹ ඇම්ඩන් කෙනෙක් නිසා සිරිසේනට තිබුනේ කාණුවට වැටිච්ච උඹේ බෙල්ල පොඩ්ඩක් පාගාගෙන ඉන්නයි. ඒත් ඉතිං එතකොට මේ කතාව දැනගන්න විදිහක් නෑනේ. ඒ නිසා මොකුත් නොවී ඉතුරුවීම ගැන සතුටුයි.

    ReplyDelete
    Replies
    1. වයසට ගියා උන්දැලගෙන් පරවේසං වෙන්න කියල ඉස්කූල් වැන් එකේ යන කාලේ අම්මල කිව් කතාව ඇත්ත එහෙනං. හැක් හැක්..

      මෙහෙම හරි ඉතුරු වෙලා ඉන්න එක ලොකු දෙයක් විචාරක තුමෝ... අපිට වෙච්චි දේවල් වල හැටියට. ස්තුතියි ඈ බොක්කෙන්ම.. අර මගේ කලින් පෝස්ට්කටුව දැක්කේ නැතිව ඇති නේද?

      Delete
    2. ඔව් විචාරක හරි. බ්ලොග් ලියන්නන් අතර "මේ පැත්තෙ" දේවල් ලිවීම අතින් අංක එක දේශකය.

      Delete
    3. “මේ පැත්ත“ කිව්වේ පස්ස පැත්තේ දේවල්ද බං. හැක් හැක්.. අනේ බොලා මාව කනවා. අර එකෙක් ගමන් මගේ මගියා ඒකා මට තුප්පහි නමක් දාන්න අරහේ පෝල් එකකුත් පටන් අරන්.. අද මට හරිම අසුභ දවසක් වගේ..

      Delete
    4. බලහං මුණුපොත කාලා තියෙන්නේ අර සසුදුවයි මගියයි.. කුවේනියි...

      Delete
    5. හප්පේ එහෙමද?? මේ ටිකේ වැඩිය බුකියට වැඩියෙ නැති නිසා මඩ පිරි රසමුසු තැන් මට මග හැරිලා වගේ. හිටු බලන්න.

      Delete
    6. එසේය ප්‍රියානෙනි,, තෝද ගොස් මට මඩ එවව.. හැක් හැක්

      Delete
    7. මේ ඔව්ව අපිට ඔබතුමාම දුන්නු ඕඩර් ඈ, අපි කලේ කිව්වටත් වඩා හොදට ඒක ක්‍රියාත්මක කරපු එක.... :D

      ආයෙත් වැරදුනා..තුමා නෑ සොරි වෙන්න ඕන වෙරලු මල්.. :v

      Delete
    8. ඔය නම යෝජනා කළේ මමද කොහෙද බොල. :D

      Delete
    9. @ සසිදුවා
      උඹලට ස්ටේටස් කටුවක් දාලා මෙහෙම නං හැබෑටම කරන්න කියල කිව්වොත් තොපි මාව මරල පුච්චල තමා පස්ස බලන්නේ..

      Delete
    10. @ ප්‍රසා

      මොන නමද බොල උඹ යෝජනා කරේ

      Delete
  5. කෝ ඉතින් ඉවරද ? කතාව පොඩි වුනත් උඹ ලස්සනට ලියා ඇත.

    බ්ලොග් ගල් කියලා ජාතියක් නෑ බන් තියෙන්නෙ බ්ලොක් ගල්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.. මචං මේකනේ බං බ්ලොග් කියල ගහනව මිසක්කා දැං බ්ලොක් කියල ගහන්න පුරුදු නෑනේ ඒක නිසයි ඒ.. හොද ළමයා වගේ ඒක හදාගෙන කියවහං හොදේ..

      සද්ද නැතිව ඉන්නේ වලියක් වත් දාන්න එකක් සැට් කරහංකෝ බං සෙන්නෝ...

      Delete
    2. ඔතන මෙහෙම දෙයක් තියනවා සිංහලයේ සන්ධි සෑදීමේ න්‍යාය අනුව කට වහරේදී කියවෙන්නේ බ්ලොක් + ගල් = බ්ලොග්ගල් කියලා. ක්+ග=ග්ග වෙනවා. ලිප් + ගල් = ලිග්ගල් වගේ. නමුත් අද බ්ලොග් කියා දෙයක් තියන නිසා බ්ලොග්ගල් කියලා ලිව්වම වැරදියි කියලා පෙනෙනවා.

      Delete
    3. විචරක මහතා, ඕක මේ යකා තනිකරම කුපාඩි කමට හිතාමතාම ලියපු එකක්.. :D

      Delete
    4. @ විචාරක
      හැබෑව ස්තුතියි විචාරයට.. බ්ලොග්ගල් ලෙස හැදින්වීම වැරදියි.. ස්තුතියි

      Delete
    5. @ සෙන්නා
      උඹලගේ බ්ලොග්ගල් නං ඉතිං සිමෙන්ති ටිකක් දාලා වැහුවත් පාඩුවක් නැහැ.. හැක්

      Delete
    6. ඒකනම් හරිම කතාව. මම සිමෙන්ති ටිකක් අනනවා මේ දවස් වල...

      Delete
    7. එහෙනං ගල් ටිකකුත් දාලා කොන්ක්‍රිට් පාරක්ම දාහං අපේ ප්‍රසා වගේ.. මල වදේ.. හැක්...

      Delete
  6. අපිත් ඔබගේ අම්මගේ තියරිය අනුගමනය කරනවා. සමහර විට සිරිසේන හිනා නොවුනත් හොඳ මනුස්සකමක් තියෙන මිනිහෙක් වෙන්න ඇති. අපි වුනත් පාරේ යනවා දැක්කොත් සමහර අම්මලා අපි ගෝනි බිල්ලෝ කරනවාද දන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඒකනං හිතන්න ඕන කාරණයක්.. මට මේ වෙනකං ඒක හිතුන්නෑ නෙව මකසියෝ... සිරාවට. එහෙම වෙන්නත් සම්බාවිතාව තියෙනවා. මට දැන්නං හිනා යනවත් එක්ක.. විශිෂ්ට පරිකල්පනයෙන් යුත් ප්‍රතිචාරයක්.. ස්තුතියි..

      Delete
  7. ලිපියේ වැදගත්ම කොටස ලිපියේ අවසානය නේද දේශ් ? සමහර වෙලාවට අපි ගොරහැඩි කියල හිතා ඉන්න මිනිස්සු ලඟ හිතා ගන්න බැරි තරම් මනුස්සකම් තියනවා .

    ReplyDelete
    Replies
    1. ගිම්හානි... ඔබ හරි.. මනුස්සකම කෙසේ වෙතත් මනුස්ස ස්වභාවය අනුව මිනිස්සු අතර දැක්මෙන් පමණක්ම වර්ගීකරණයක් කරන්නවත් පවත්වාගෙන යන්නවත් බෑ.. ස්තුතියි..

      Delete
  8. ඇලට වැටිච්ච පාර උඹේ ඔලුව කොහෙහ‍රි හයියෙන් වැදුනද බං ???????

    ReplyDelete
    Replies
    1. එකත් එකටම එහෙම උනානං හොදයි බං මුළු ලෝකේම පෙරලුනත් ආතල් එකේ ඉන්න තිබ්බා එහෙනං ජීවිත කාලේම...

      Delete
  9. //කුස්සියේ ඉදෙන පැහෙන හැම වළදකම දුක උහුලා ඇත්තේ සිරිසේනගේ ගෙයි බිත්ති විසිනි//
    නියමයි ඒ කෑල්ලට උපරිම ලයික්. උඹේ ලිවිල්ල සෑහෙන්න උඩට ඇවිල්ල මාස කිහිපයක ඉඳල.

    මේක කියවද්දි මට මතක් උනේ කෙටි කතාවක්.(මතක විදියට ගීද මෝපසාංගෙ).

    ReplyDelete
    Replies
    1. බෝම ස්තුතියි රාජ්.. මම දැං හිතන්නේ ඒ මාස ගානට කලින් ලියවිල්ල ගැනයි...

      මම කිසිම කතාවක දෙයක් මේකට අදාල කරගත්තේ නැහැ. අඩුම ගානේ මම ලියන්න හදන කොට මෙන්න මේ දේ මේ විදියට ලියනවා කියලවත් අදහසක් නැතිවයි වාඩි උනේ. නමුත් දළ අදහස හිතේ තිබුනා.. ස්තුතියි රාජ්..

      Delete
  10. ම්ම්ම්....කතාව කියවද්දී ගොඩක් දේවල් මතක් උනා බං....
    උඹත් මම වගේම ඇම්ඩ එහෙනම්..

    ReplyDelete
    Replies
    1. අනේ හපුච්චියේ මේකා කියන කතා.. අද මං මඩ කන එකේ සීමාවක් නැහැ නෙව.. කෙන්ජ වගේ ඇම්ඩෙක් උනානං මං මෙලහට මෙලහට... අනේ මන්ද..මොකාද කියලත් සැකයි..

      Delete
    2. ඇම්ඩන් කෙන්ජි අයියා සමගින් ඇම්ඩන් දේශකතුමා. හික්…හික්… :-D

      Delete
    3. සමග ඇම්ඩන් ප්‍රියා.. කොහොමෙයි සන්තෝසේ.. හැක්..

      Delete
  11. සමහර විට ඔය ගොරහැඩියා හැමෝටම වඩා හිත හොද මනුස්සයෙක් වෙන්න ඇති දේශො.

    "සිනහාවෙන් හෝ කතාවෙන් බෑ……
    මනින්නට මිනිසා……" කියලා කියනව නොවැ.

    ReplyDelete
    Replies
    1. ඒක නං කියන්න බැහැ. ඒත් ඉතිං මිනිහත් හොද නරක අඩු වැඩිය තියෙන මනුස්සයෙක් නෙව බං..

      Delete
  12. ""තනි ගලෙන් කළ “සිරිසේන“ නම් පිළිමයෙහි
    ලෙය දුවන හදවතක් නම් තිබුණි..""
    මේ ටික නම් හිත පසාරු කරන් ගියා දේශා.....

    ReplyDelete
    Replies
    1. යේකනේ මට මිනිහා ගැන ලියන්න පුළුවන් එච්චරයි කිව්වේ. ස්තුතියි ශානු

      Delete
  13. අපේ අම්මා නං අපිව බය කරන්නේ කරෝල වාඩියට අල්ලං යනවයි කියලා. සන්නාසිබිල්ලෝ එහෙම හරි ප්‍රසිද්ධයි අපි පොඩි දවස්වල..

    ReplyDelete
    Replies
    1. බිල්ලෙක් හැම පොඩි එකා පස්සෙම ඉදල තියෙනවා වගේ නේද බං..

      Delete
  14. ඇත්තටම එදා වැටුන වෙලාවෙ ඔලුව වැදුනෙ නැද්ද වෙරලුමලෝ? :D

    ReplyDelete
    Replies
    1. එහෙම නැත. උඹල නං හදනවා කපනවා දානව.. අනේ මන්ද මට මුකුත් හිතාගන්න බෑ..

      Delete
    2. හිතපු විදිහටම වැඩේ උනා නේද? බයවෙන්න එපා දැන් ආයෙ කව්රුත් දේශක තුමෝ කියන්නෙ නෑ..... :D මොකක්ද කියන්නෙ????????? වෙරලු මලා :D

      Delete
    3. කෝ බං තාම කව්රුවත් ඒ නම කිව්වේ නැහැනේ.. කෝ උඹේ ගුරා..

      Delete
  15. ඔය “සිරිසේන“ වගේ ඉස්සර අපි පොඩි කලේ බය කෙනෙක් හිටියා "දෙමළ ආච්චි"කියලා."දෙමළ ආච්චි"කීවාම අපි ඉස්සර පට්ට බයයි.එත් ඒ බය වුනේ අහිංසක ගැහැණු කෙනෙකුට බව දැනගන්න සැහෙන කල් ගියා.

    ReplyDelete
    Replies
    1. අපෙත් හිටිය බං තව පව්ඩර් පිස්සි කියල ගෑනු කෙනෙක්.. පව් පිස්සු අසරණ මනුස්සයා. අම්මා අපිව එයාටත් ගෙනියන්න දෙනව කියල තමා කෑම කවන්නේ...

      Delete
  16. මේක කොයි වෙළෙද බන් දැම්මේ ?

    ReplyDelete
    Replies
    1. ආයේ මක්කද අයියා අහන්නේ.. මගේ වෙළේම තමා...

      Delete
  17. ///තනි ගලෙන් කළ “සිරිසේන“ නම් පිළිමයෙහි
    ලෙය දුවන හදවතක් නම් තිබුණි..///

    මෙහෙම මිනිස්සු ගැන සමාජය කවදා තේරුම් ගනියිද කියන එක තමා ප්‍රශ්නය...

    ReplyDelete
    Replies
    1. එවැනි දිනයක් උදා වුවද නොවුවද අප පමණක් හෝ ඒ ගැන සිතීම එක් පියවරකි.. ස්තුතියි අමිල...

      Delete
  18. හුඟක් හිතට දැනුනා... හරිම ලස්සනට ලියලා තියෙනවා..

    සමහර ගල් වගේ හිත් තියෙන මිනිස්සු අතුලෙත් සුන්දර මිනිස්සු ඉන්නවා..

    ReplyDelete
    Replies
    1. හුගක් ස්තුතියි තුෂානි.. අනිවා.. බොහෝ ගල් තුලද තෙතමනයක් ඇත.. අප නොදැක්කාට..

      Delete
  19. යකඩ සිරා කියලා හෙඩිම දැක්කම මම හිතුවේ අටමා සෑමාට කරා වගේ දෙයක් උබ අපේ කාමරේ සිරාට කරලා කියලා .... බැලින්නම් මේ වෙන සිරෙක්නේ

    ReplyDelete
    Replies
    1. අපි බෝධිසත්තයෝ වගේ උන්දැල රාලේ. එහෙම පව් වැඩ කරන්නෑ.. හැක්..

      Delete
  20. කතාවේ හැටියට සිරිසේනගේ අහිංසක නම නොගැලපේ යයි සිතුනු බැවින් කතාව නැවත නැවත කියවූවා.
    යකඩ සිරා නම් දිශ්ටි උනේ අන්තිමටයි.
    සිරිසේන, යකඩ සිරා කලේ ගමේ මිනිස්සුමයි....නේද?
    (නැත්නම් දේශකයමයි, ....නැද්ද? )

    උදා; සිරිපාලව මරුසිරා කලේ කවුද?

    නම් ලිස්ට් එක තව දිගු කරන්න ඕනද?
    මොනව උනත් ලියවිල්ල නම් ඉතින් සිරා, මරු .. සිරා

    ReplyDelete
    Replies
    1. ඔව් ශක්තිමත් නිසා යකඩ සිරා උනේ සිරිසේනල කීප දෙනෙක් හිටි නිසයි. ස්තුතියි දයල් සිරා...

      Delete
  21. ඉස්සර අපේ පැත්තේ හිටියා බ්‍රවන් කියලා කෙනෙක් ..එයා වන්ෂොට් ගේ මල්ලි වෙන කෙනෙක් හරිම අහිංසක මනුස්සයා ඒත් එයාගේ පෙනුමට බය හිතෙනවා ඒ වගේම වන්ෂොට් ගේ මල්ලි කියන නිසා තවත් බයයි.අන්න බ්‍රවන් එනවා , බ්‍රවන්ට අල්ලලා දෙනවා ගෙනියන්න කීවම අපිත් බයයි ඒ කාලේ...

    ඔයා ඒ කාලේ කටුස්සා වගේ වෙන්න ඇති කාණුවට වැටුණේ.. හි හි

    ReplyDelete
    Replies
    1. හනේ හනේ.. කෝටුකිතයියයි කියල තමා අපේ අම්ම නං කිව්වේ.. බලාන ගියාම හැම තැනම ගෝනිබිල්ලෝ...

      Delete
  22. // තනි ගලෙන් කළ “සිරිසේන“ නම් පිළිමයෙහි
    ලෙය දුවන හදවතක් නම් තිබුණි..//
    …මේ පද දෙක ඇති ඒ මනුස්සයා ගැන තේරුම් ගන්න.

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනේ.. මට එච්චර තමා මිනිහා ගැන ලියන්න පුළුවන්.. වෙල්කම් බස්සියෝ..

      Delete
  23. අනේ අපි නමි බය වෙයි ඒත්....

    ReplyDelete
    Replies
    1. ඔව් ඒත බයවෙයි.. හැක් හැක්

      Delete
  24. මේ වගේ මිනිස්සු ගැන ලියවෙන ලිපි කියවන්න ආසයි වගේම අපෙ ගමේ මේ වගේ ඩයල් ගැන ලියන එක මම ආස කරපු දෙයක්.

    එදා දේශක(තුමාට) කරදරයක් වුන නිසා සිරාට හිනා යන්න ඇති. එදා විතරයි කිව්ව නේ හිනා වෙනව දැක්කෙ..

    ReplyDelete
    Replies
    1. සෑම්තුමා ඒ වගේ ලියපු කිහිපයක්ම මම කියෙව්වා.. ඌට හිනා යන්න ඇති මං මෝඩයෙක් වගේ වැටිච්ච එක ගැන..

      Delete
  25. ඔය වගේ පොරක් අපේ අල්ලපු ගමෙත් ඉන්නව තාමත්.අපි ඉස්සර පුදුම බයක් තිබ්බෙ. මෑන්ගෙ එක ඇහැක් බොරු අහැක්. ඒක පොඩි රවුම් රෙදි කෑල්ලක් ඔලුව වටේ යවපු නූලකින් ගැටගහගෙන හිටියෙ. ඒ නිසා හරියට ඉස්සර "සිත්තර "පත්තරේ ගිය යුනිකෝ වගේ.

    ReplyDelete
    Replies
    1. හම්මේ එහෙනං නිකම්ම බය වෙනවා බං.. මම බොරු ඇස් දාපු අය දිහා බලන්න බයයි. ඇත්තටම..

      Delete
  26. හැම ගමකම අනිවා ඉන්නවා ඔය වගේ කෙනෙක්. පොඩි එවුන් බය කරන. ආයේ දැක්කත් ඇති අපි ඔඩි කාලේත් එහෙම කෙනෙක් හිටියා.

    ReplyDelete
    Replies
    1. අනිවා පුමා.. හැම පොඩි එකෙක්ම ගෝනිබිල්ලෙක් දැකල තියෙනවා මට හිතෙන විදියට

      Delete
  27. මොනවා වුනත් සිරිසේන සිරිසේනමය - අපි තාම ඌට බයය.. ඇත්තත් ඒක ය..

    ReplyDelete
    Replies
    1. ඇත්ත නම් ඒක නොවේය. දැං අපේ පොඩි ඈයොන් සිරිසේනට බය එකය. හැබැයි තාමත් වැඩ පල කිරීමේදි අපි සිරිසේනට බයය. මොකද අපිට මිනිහා වගේ වැඩ කරන්න බැරි නිසාය.. තැන්කුයි කුරුල්ලෝ..

      Delete
  28. මහා ගොරහැඩියෙක් යයි මා සිතා සිටි දේශකයත් මේ වගේ හිතට දැනෙන සංවේදී නිර්මාණ කරනවා නම්, තනි ගලෙන් කළ “සිරිසේන“ නම් පිළිමයෙහි
    ලෙය දුවන හදවතක් තියෙන එක අරුමයක් නොවෙයි නේද? හැක්!

    ReplyDelete
    Replies
    1. අනේ මගේ කට ගොබිලයෝ.. මම වගේ අහිංසක හුරතල් කතා කියන තව එකයි ඉන්නේ.. කෙන්ජි බබා.. හැක්

      Delete
  29. කතාවේ කියන්න ඕන ඔක්කොම ටික අන්තිමේ පේලි දෙකකට කැටි කරලා.. නියමයි ඇරෙන්න වෙන මොනවා නම් කියන්නද?

    දැන් අපි මොන නමින්ද කතා කරන්න ඕන.. අපිව දැනුවත් කරනු මැනවි.. අද වැඩ වැඩි වුන හන්දා බුකියේ සෙට් වෙන්න බැරි උනා.. නැත්නම් යතින් ඉන්න දෙන්නේ නෑ මාත්..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිනේෂ්.. ඒ මගේ ආතල් නෙව හුදෙක් මගියා හා සසිදුවාගේ ආතල් එකකි.. එවැනි ආතල් එකක් ගනිද්දි රිසිසේ එය කරන්න ට ඉඩ හැර සිටියෙමි

      Delete
  30. ඒ කියන්නෙ බොලා තාමත් සිරාට බයයි. හැක්.
    මේක කාණුවට වැටිච්ච වෙලාවෙ මොකට උඩට තල්ලු කළාද මංද.

    ReplyDelete
    Replies
    1. දැං බය නැහැ.. කව්ද එහෙම කිව්වේ.. හැක්..

      Delete
  31. ඔහොම ජීවත් වෙන මිනිස්සුන්ගෙ ඇතුලාන්තය හරිම සුන්දරයි..

    ReplyDelete
    Replies
    1. ම්. සුන්දරද කියල නං මන්දන්නෑ උඹේෂ්.. ඒත් මිනිහෙක් නේද කියල මට හිතෙනවා.. තැන්කුයි

      Delete
  32. අපේ ගමෙත් හිටිය ඔහොම ගෝනි බිල්ලෙක්.. මනුස්සයාගේ නම ජේ. ආර්..

    ReplyDelete
    Replies
    1. ලංකාවට හිටිය ගෝනිබිල්ලමද බං ඒ...

      Delete
  33. රළු හැඩි දැඩි මනුස්සයෙක් විදිහට පේනව උනත් මං නං හිතන්නෑ ඇතුලතින් ඒ වගේ වෙන්නැති කියල. මොකද එහෙම වුණා නං අර විදිහට හිනා වෙන් නෑ...

    දෙයක් කීමට ඇත තරහා නොගනු මැන
    බ්ලොග් ගල් කියා දෙයක් නැත
    ඇත්තේ බ්ලොක් ගල්ය.
    උක්ත විදිහට ඔබට ලිවීමට අවැසි නම්,
    බ්ලොග්ගල් ලෙස සන්ධි කර ලියන්න.

    ReplyDelete
    Replies
    1. තරහ ගන්නේ කුමටද..
      සෙන්නා හා විචාරක එය කියා ඇත
      රාජ්ද එය අනුමත කර ඇත
      එනයින් බලන කල මා වැරදිය
      ඒකේ ආයි දෙකක් නැත

      Delete
  34. සිරා උඹව හිතලාම වතුරට ඇදලා දැම්මද දන්නේ නෑ, නැත්තන් කවදාවත් නැතුව හිනාවෙයිය

    ReplyDelete
    Replies
    1. ඌට කවදාවත් මේ වගේ දෙයක් වෙලා නැති නිසා හිනා යන්න ඇති බං.. හැක්

      Delete
  35. දුක් වෙන්න දෙයක් නෑ උඹටත් ලස්සනට ලියන්න පුළුවන්.. වෙනස අරූගේ වගේ නොවී උඹගේ වගේ වීම.. ඒකනේ වටින්නේ.. පොඩි උන් බය කරන්න එපා.. ඒක අනාගතේට බලපානවා.. මිනිස්සු අප්‍රිය කරන්න පටන් ගන්නවා.. කැත ලස්සන පෙරාගන්න උත්සාහ කරණවා.. සුන්දර සිත් දූෂණය කරන්නේ උඹලමයි..

    ReplyDelete
    Replies
    1. කතාව ඇත්ත.. උඹ නියම පුර්වොකතනය දුන්නේ.. අරූගේ විදියට ලියන්න බැරි එකට මං ඉරිසියයි බොල දුකක් නං නෑ.. හැක්..

      Delete
  36. අපේ ගෙවල් පැත්තෙත් හිටිය කෙනෙක්ට මම පොඩි කාලෙ හරි බයෙන් හිටියෙ. හැබැයි එයා සැර පරුශ කෙනෙක් නෙවෙයි. පොඩි මානසික රෝගී තත්වයක් තමයි තිබ්බෙ. එයා කතා කරන විදිහ වෙනස් නිසා මම පොඩි කාලෙ හරි බයයි. කතාවෙ මුල ටික කියවද්දි මතක් උනේ එයාව.
    කතාව ලස්සනයි දේශා...

    ReplyDelete
    Replies
    1. හැබෑටම මං හිතුවා හුගක් අයට තමන් පොඩි කාලේ හිටි ගෝනිබිල්ලෝ මතක් වේවි කියලා. ඒක එහෙමම උනා. ස්තුතියි චාම්ස්...

      Delete
  37. මචං දේශා.......හැමදාම වගේ මම කඩේ වහනකම් ඉඳලා තට්ටු කරලා සිගරට් එකක් ඉල්ලන ජාතියේ පොරක් වීම ගැන සමාවෙයන්. උඹ ඒ අස්සේ මට ඇඩ් එකකුත් දාලා. ස්තූතියි.

    මගේ ගොබ්බ ශෛලියට වඩා උඹේ නිදහස් ලිවීමේ රටාවට මම කැමතියි.

    උඹේ පෝස්ටුව ඇතුලේ මගේ හිත පසාරු කරේ මෙන්න මේ පදවැල් දෙක. මිනිසුන්ගේ පෙනුමට වඩා ඒ ඇතුලාන්තය ගැන හිතන අය බොහොම අඩුයි.

    ReplyDelete