Sunday, October 20, 2013

The Naughty Boy

කාලෙකට ඉස්සර හිටියා වයසක සීයා කෙනෙක්. එයා හරි ලස්සනට කවි ලියනවා. ඒ වගේම ඒ කවි හරි හොදයි. අපි එයාට කියමු කවි සීයා කියලා. කවි සීයා දවසක් එයාගේ ගෙදරට වෙලා වාඩි වෙලා උන්නා. එදා හරිම භයානක විදියට කාලගුණය වෙනස් වෙලා තිබුනේ. හරිම තද වරුසාවක් තිබුනා, ඒත් වගේ වගක් නැතිව, එයාගේ ගිනි උඳුන ගාවට වෙලා හොදට රසට රෝස් වෙන ඇපල් ටික දිහා බලාගෙන කවි සීයා බොහොම සන්තෝසෙන් වාඩි වෙලා උන්නා.

“පව්.. මේ වැස්සට දුප්පත් මිනිස්සු තෙමිච්ච පාං වගේ වෙලා ඇති“ ඔහු දුකෙන් මිමිණුවා, පේනවනේ අපේ කවි සීයා ඇත්තටම හොද කවිකාරයෙක් කියලා.

“අයියෝ.. ඉක්මනට දොර අරින්නකෝ.. මට සීතලයි.. මාව හොදටෝම තෙමිලා අනේ දොර අරින්නකෝ“ පුංචි දරුවෙක් එළියේ ඉදන් දොරට තඩිබාන ගමන් කෑමුර දෙනවා සීයට ඇහුනා. මේ වෙලාවෙත් වැස්ස හරි තදින් තිබුනා, ඒ මදිවට තද සුළගින් හැම දෙයක්ම සෙලවෙනවා.

“අපොයි පොඩි දරුවෙක් නේද?“ සීයා මිමිණුවා. ඔහු ඉක්මනින්ම ගිහිල්ල දොර අරින කොට දැක්ක දොර ගාව ඉන්න පොඩි කොළු ගැටයව. කොල්ලා හරියට ඇදුමක්වත් ඇදල නැහැ. වැහි වතුර වැටිලා දරුවගේ රැලි වැටුනු කොණ්ඩෙන් ඕසෙට වතුර බේරෙනවා. සීතල නිසා කොළු පැටියා වෙව්ලනවා. තියෙන තත්වේ අනුව අපේ කවි සීයා මේ දරුවව දැන්ම ගේ ඇතුලට නොගත්ත නං වැස්සට තෙමිලම දරුවට ලොකු කරදරයක් වෙන්න තිබුනා. 

“එන්න දරුවෝ ඇතුලට“ කවි සීයා කොළු ගැටයගේ අතින් අල්ලල ගේ ඇතුලට එක්ක ගියා. 

“එන්න පුතේ මං ගාවට. මම ඔයාව උණුහුම් කරන්නං. ඔයා හොද ළමයෙක් නේ මම ඒක නිසා වයින් ටිකකුයි ඇපලුයි දෙන්නං එන්නකෝ“ සීයා ආදරෙන් කොළුවා ළගට ගත්තා. කොළු පැටියගේ ඇස් දෙක හරියට තරු දෙකක් වගෙයි දිලිසෙන්නේ. වක ගැහුණ කොණ්ඩෙන් බේරෙන වතුර බිංදු දරුවගේ දිග රැලී කොණ්ඩේ දිගේ පහලට ගලනවා. හරියට පුංචි සුරංගනාවියෙක් වගෙයි මේ කොල්ලා, ඒ උනාට හීතලෙන් හොඳටෝම සුදුමැලි වෙච්චි මේ කොළු ගැටයා තාමත් වෙව්ලනවා. ඈ... මෙන්න කොල්ලගේ අතේ ලස්සන දුන්නක් තියෙනවා. ඇයි ඊතල. ඒ උනාට වැස්සට තෙමිල දුන්නෙයි ඊතල වලයි පාට හේදිලි ගිහින් කැත වෙලා.

කවි සීයා ගිණි උදුන ගාවින් වාඩි වෙලා කොල්ලව උකුලට අර ගත්තා. ඊට පස්සේ රැලි ගැහුණ කොණ්ඩේ මිරිකල වතුර ටික අයින් කරලා, එයාගේ අත් දෙකින් පුංචි අත් දෙක උණුහුම් කරා. ඊට පස්සේ වයින් චුට්ටක් දුන්නා උණුහුම් වෙන්න. මේ සත්කාරෙන් පස්සේ මෙන්න සුදුමැලි වෙච්ච කොල්ලගේ කම්මුල් රතුපාට වෙන්න ගත්තා. දැං මෙයාට හොදයි. ටක් ගාල කවි සීයගේ උකුලෙන් පැනල සීයගේ වටේ දුව දුව නටන්න ගත්ත ඔන්න.

“හරිම ෂෝක් ළමයා“ කවි සීයා සන්තෝසෙන් කිව්වා. “ඉතිං මොකක්ද පුතාගේ නම?“

“මගේ නම අනංග නේ සීයේ... සීයා දන්නැත්ද මාව? අර තියෙන්නේ මගේ දුන්න.. ඔන්න මං ඒකෙන් විදිනවා හොදේ. මං ඇත්තටමයි කියන්නේ හොදේ.. ම්. දැන්නං වැස්ස අඩුවෙලා ඔන්න හඳත් පායල සීයේ“ 

“ඒ උනාට ඔය දුන්න තෙමිලා හරි කැතයි නේ“ කවි සීයා කිව්වා. 

“අයියෝ ඒක නං අපරාදේ“ අනංග කිව්වා, එහෙම කියල දුන්න අරන් ඒක දිහා හොදට බැලුවා. “ ආ.. නෑ දැං වේලිලා, දුන්නට මුකුත් වෙලා නෑ ඒ උනාට, ලණුව නං ටිකක් අවුල්.. ඉන්නකෝ මං ඒක හදන්න“ ඊට පස්සේ අනංග කොල්ලා දුන්න අරන් එහාට මෙහාට නමලා, ඇදලා ඒක හරිගැස්සුවා. ඊට පස්සේ ඊතලයක් දාලා, දුන්න ඇදල හරියටම අපේ කවි සීයගේ පපුවටම වදින්න ඊතලේ විද්දා. “ඩිග්“ පව් අපේ කවි සීයා. “ආන්.. දැක්කනේ ඒක වැඩ කරනවා හහ් හහ් හා“ අනංග කොල්ලා සතුටෙන් එහෙම කියල හිනා වෙවි උඩ පැනගෙන එළියට දිව්වා.

කොයි තරං නරක ළමයෙක්ද ඇත්තටම, එයා හීතලෙන් ගල් ගැහිල වෙව්ලන වෙලාවේ එයාව ගෙට අරගෙන සාත්තු කරල, ඒ මදිවට රසම රස ඇපලුයි, වයිනුයි දීලා අච්චර උදව්කරපු අහිංසක අපේ කවි සීයට හිරිහැර කරන්න!!

අපේ කවි සීයා බිම වාඩි වෙලා ඔළුවේ  අත තියාගෙන කල්පනා කරනවා. අර ඊතලේ හරියටම කවි සීයගේ පපුවටම වැදුන නේ. “සික් විතරක්“ සීයා මිමිණුවා. “ මේ අනංක කොල්ල නං මහ නරක ළමයෙක්. අනිත් ළමයින්ට කියන්න ඕන මේකාත් එක්ක මොන සෙල්ලමක්වත් කරන්න යන්න එපැයි කියල. මේ කොල්ලා ඒ දරුවන්ටත් විදීවි ඕකෙන්“

ගෑනු ළමයි, පිරිමි ළමයි ඔක්කෝම හොද ළමයින්ට සීයා මේ විස්තරේ කිව්වා. ඒක නිසා හැම ළමයම නෝටි අනංග කොල්ලගෙන් පරිස්සම් වෙන්න උත්සාහ කරා. ඒ උනාට මේ කපටි අනංගයා එක එක උප්පරවැට්ටි දැම්මා. හරිම මරුමුස් කොල්ලා. ඔන්න ළමයි ඉස්කෝලේ ඉවර වෙලා එළියට එනකොට, මේ නෝටි අනංගයා හරියට ඒ ළමයි වගේම ඇඳුං ඇඳගෙන, ඒ වගේම පොත් ටිකක් අතින් අරගෙන කළු පාට කබායකුත් දාගෙන ඒ ළමයි එක්කම යනවා. කාටවත් පුළුවනැ එතකොට මේ නෝටි කොල්ලව අදුරගන්න. ඒ අයත් මෙයා ඒගොල්ලන්ගෙම එක්කෙනෙක් කියල හිතල අතින් අල්ලගෙන හරිම විනෝදෙන් යනවා. කියන්න දුකයි මේ නරක අනංගයා කොහොම හරි මේ ළමයි රවට්ටල, ඒ ළමයින්ගේ පපුවට එල්ලේ බලල ඊතල විදිනවා නේ. ඔව්. කාටවත්ම බේරිල්ලක් නැහැ. සත්තමයි.

සමහර වෙලාවට නාට්‍ය ශාලාවේ ලයිට් එක උඩ වාඩි වෙලා ඉන්න මේ හාදයා, හරියට පේන්නේ ලයිට් එක වගේමයි. පස්සේ තමා කාටත් වැරදුනයි කියල තේරෙන්නේ. ලස්සන, ලොකු, පොඩි උද්‍යාන වල, පාරේ තොටේ හෙමත් මේ හාදයා හැංගිල ඉන්නවා.

ඔන්න බලන්නකෝ. එක පාරක් මේ නෝටි අනංග කොල්ලා ඔයාගේ අම්මගෙයි තාත්තගෙයි පපුවටම එල්ලේ බලල ඊතලයක් විද්දා. නිකං අහල බලන්නකෝ.. ඔයාටම අහගන්න පුළුවන් මම කියන්නේ බොරුද කියලා. මේ අනංගය කොල්ලා ඇත්තටම මහ නරක ළමයෙක්.. ඔයාටත් බේරෙන්න බැරි වෙයි මෙයාගෙන් නං. ඒ තරංම නරකයා හොදේ. ඇත්තටම කාටවත්ම බේරෙන්න නං බැරිවෙනවා ඒක සිකුරුයි. ඔන්න හිතන්නකෝ එහෙනං, ඔයාගේ වයසක ආච්චි ඉන්නේ එයාටත් මෙයා පපුවටම බලල ඊතලයක් විද්දා. හැබැයි ඉතිං හුගක් කාලෙකට ඉස්සර තමා. ඇත්ත දැන්නං ඒ තුවාලේ හොද වෙලත් ගොඩාක් කල් ඇති. ඒ උනාට ආච්චිට කවදාවත් ඒ තුවාලේ නං අමතක වෙන්නේ නෑ. හම ගහන්න ඕන මේ නෝටි අනංග කොල්ලව..ඒකට කාරි නෑ. දැන් ඔයා දන්නවනේ මේ නෝටි අනංග කොල්ලා ගැන. ඔන්න පරිස්සං වෙන්න හරිනේ.

Hans Christian Andersen - The Naughty Boy

104 comments:

  1. දැන්නෙ බොලා මාත් දන්නෙ. මේ නෝටි අනංග කොල්ලා මටත් විදලානෙ. මේ අනංගයාව ඉතුරු කරන්න වටින්නෑ.
    ඒත් එක අතකට ඒ විදීම නරකමත් නෑ දේශකයෝ.
    ;-)

    ReplyDelete
    Replies
    1. අයියෝ උඹත් අහුවෙලා එතකොට.. නරක කියුපිඩ් අපේ ප්‍රියාටත් විදල පපුවටම.. මට හරිම දුකයි මේක කලින් නොදාපු එකට..

      Delete
  2. Hans Christian Andersen මහත්තයාගේ කතාවක් නේ.. මගේ හිතේ දේශක යා බ්ලොගේ දාන දෙවෙනි එක වෙන්ට ඕනි.. ඇත්තටම ඔය කියනවත් වගේ අනන්ගයාගෙන් නං පරිස්සං වෙන්ට වෙයි...........

    ReplyDelete
    Replies
    1. උඹ කිව්ව හරි මේ දෙවැනි එක. කලින් එක පුංචි අයිඩාගේ මල්

      ආ උඹ තාම පරිස්සං වෙලාද ඉන්නේ.. කල්පනාවෙන් හිටහං එහෙනං වෙස්වලාගෙන ඇවිත් විදින්න පුළුවන්...

      Delete
    2. තාම ප්‍රේවේසන්..... :D

      Delete
    3. උඹ හොදට හැදියන් නරක අනංගයා ආශ්‍රය නොකර... සුභ පැතුම්...

      Delete
  3. හපොයි මට අනංගයා කීවම දේශකයත් මතක් වෙනවා... :D

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. මාත් එහෙම තමා... මොකෝ කියන්නේ එනවැයි සෙල්ලං කරන්න..

      Delete
  4. ඒකට නරක කොල්ල කියන්නෙ දේශකයට විදින්න පරක්කු කරල වගෙයි මට පේන්නෙ.
    නැත්තං පපුවට නැතුව වෙන කොහේට හරි විදල වගෙයි.

    ReplyDelete
    Replies
    1. එහෙනං උඹත් ප්‍රෙව්සම් වෙලා නැති හැඩයි.. කොහේද ඉතිං බොලාගේ අම්ම තාත්තවත් පරිස්සං වෙලා නැහැනේ අනංග කොල්ලගෙන්.. මටත් කලින් එහාට මෙහාට විද්දා. පස්සේ හරියටම පපුවට විද්දට පස්සේ හොල්මන් වෙලා ගියා. තාමත් එහාට මෙහාට විදිනවා බං මම ගනන් ගන්නෑ.. හැක්..

      Delete
  5. හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් අනිත් එක ඩානෝ කිරි.

    ReplyDelete
    Replies
    1. පස්සේ විස්තරේ අහගත්ත හින්දා මතක් උනා. ඒ දවස් වල ඩානෝ කිරි ඩෙන්මාර්ක් වලින් ගෙන්නවා. එතකොට ටීවි එකේ ඇඩ් එකට සීයා මුනුබුරුට හාන්ස්ගේ කතාවක් කියල දෙනවාත එතකොට තමා කියන්නේ ඩෙන්මාර්ක් ප්‍රසිද්ධ හාන්ස් ටයි ඩානෝ කිරි වලටයි කියලා. තැන්කුස් සුදීක

      Delete
  6. ඔයික මටත් වංගියක් විද්ද බං, හැබැයි ඒ ක අවුරුදු හතර පහ යනකොට කල් ඉකුත් උනා. ඒ නිසා අදටත් මං ජීවත් වෙනව. ඕකගෙ දැන් තියන ඊ තල චයිනිස් වෙන්නැති, මාසෙන් දෙකෙන් කල් පනිනව. සමහර විට පරණ ස්ටොක් වෙන්ටැ.

    ReplyDelete
    Replies
    1. මේකයි බං හරියටම පපුව හිල් කරගෙන යන්න නොවිද්දොත් මිනිහා ආයේ විදිනවා හරි යනකම්ම.

      Delete
  7. හරි හරි බං. දැන් සීයා ලකප් එකේද රිමාන්ඩෙකේද? හරිම නෝටි කොලුවෙක් තමා.

    ReplyDelete
  8. අම්මපා ඔය වල් කොල්ලා විද්ද විදිල්ල කොච්චර සැරද කියනවනම් මම මේ ගෙවන්නේ 'හිරේ' ඉන්න 32 වැනි අවුරුද්ද.

    ReplyDelete
    Replies
    1. තාම තුවාලේ පෑරෙනවා නේද විචාරක තුමෝ..

      Delete
  9. ඔවු.අප්පා..මේ අනංග කොල්ලා..අපි හැමෝටම විද්දා නේ...ෂික් ඕකව අල්ලගන්න බැරි උනා නේ...

    ReplyDelete
    Replies
    1. විදින්න කලින් අල්ලගන්න ඕන බං.. නැත්නං අම්මපා විදිනව තුවාල වෙන්නම.. හැක්

      Delete
  10. දේශාටත් අනංගයා විදලා තමයි අර ගැබිණි මවගේ කේස් එකක් ගියේ අනේ මන්දා ඔව්වනම්

    ReplyDelete
    Replies
    1. මට විද්දා බං ඇග හැම තැනටම. ඒත් පපුවට වැදුනම තමා මිනිහා වැඩේ නවත්තල දැම්මේ

      Delete
  11. දැන් අර සීයට මොකද වුනේ..?

    අනන්ගයා තනිය ඉදිද්දි විදින්නෑනෙ.. දෙන්නෙ ලඟින් ඉන්නකොට තමා විදින්නෙ..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් දෙන්නගේ පපු පලගෙන යන්න තමා විදින්නේ. සීයා ලව්සික්

      Delete
  12. රිදෙන්න විදිනවා නම් තමයි මේකා

    ReplyDelete
    Replies

    1. ඔව් බං සමහර තුවාල මැරෙනකංම රිදෙනවා

      Delete
  13. ඕකගේ නම අනංගයාද .... ඕකා දවසට සැරයක් වත් මට විදිනවමයි...... මමං ඉතින් ප්‍රවෙසමට ඉන්නවා .... හි ... හි ... හි ....

    ReplyDelete
    Replies
    1. අම්මප.. උඹ එහෙනං චෙස්ට් ගාඩ් එකක් දාලා ඇති නැත්නං බෝල් ගාඩ් එකක් හරි.. හැක්.. පරිස්සං වෙයං මයේ දෙයියෝ

      Delete
  14. කවුද අප්පේ ඒ සීයා ඔයාලගේ සි‍යා නෙමෙයි නේද.. :D
    සමහර වෙලාවට ඒ ඊතලේ ඇණුන තැන මුළු ජීවිතේටම රිදුම් දෙනවා. ඒ තුවාල හොද වෙන්නත් නෑ. එහෙම බැලුවනම් ඔය කොළුවා මහ එපා කරපු කෙනෙක්. හම්බවුනදෙනකෝ මට ... කඩනවා දුන්න ආයෙත් අහිංසක සීයලා ආච්චිලාට කරදර නොකරන්නම...

    ReplyDelete
    Replies
    1. පුංචිට කියන්න මේකා අපේ සීයටත් විදල තියෙනවා. ඒ මදිවට දන්න කියන හැමෝටම විදලා.. සමහර අය තාම අඩනවා මම දැකල තියෙනවා.. පුංචි පරිස්සමින් ඉන්න හොදේ..

      Delete
  15. දේශකයෝ අදට කියවපු දෙවෙනි පරිවර්තනය. දෙකම ටොප් .දෙකේම කෑම වර්ගත් තිබුනා. ඩූඩ්ගේ සුප්, චිකන්, කස්ටර්ඩ්....උඹේ රෝස්ට් ඇපල්......මචං ඔය රෝස්ට් ඇපල් හරිම රසයි රෝස්ට් පෝක් එක්ක. ඒ වගේම රසවත් සෝස් එකක් හදාගන්නත් පුළුවන් ඇපල් වලින්. කෑම වර්ග බොහෝමයක් හදන්න පුළුවන්. ඇපල් රෝස්ට් කරලා මේපල් සිරප් එක්කත් රසයි.

    අපේ විදිහට ඌරුමස් හදනකොට ග්‍රීන් කුකින්ග් ඇපල් එකක් පොත්ත පිටින් කියුබ්ස් කපලා දැම්මාම රසය වැඩියි. ග්‍රීන් කුකින්ග් ඇපල්....අඹ, ඇඹරැල්ලා වගේ උයන්න පුළුවන් උම්බලකඩ ටිකක් එහෙම දාලා. මගේ ප්‍රියතම කෑමක්. හම්බවුනු දවසක හදලා දෙන්නම්. දැනට කෙල ගිලපං. මීට....The Naughty Boy.

    ReplyDelete
    Replies
    1. හැබෑටම කටට කෙළ ඉනුවා බං.. උඹව හොයන් එන්න හිතෙනවා ඌරු ගාතෙකුත් අරන්.. අපි මාරයට කියමු මේ කෑමක් හදන්න කියලා.. නේද බං..

      Delete
  16. හූ හූ.. මම තාම අහු උනේ නෑ!!!

    ReplyDelete
    Replies
    1. කෑ නොගා ඉදිං. ඌට ඇහුනොත් උඹට විදීවි...

      Delete
  17. එකක් විද්දට මොකො බන් මෙක මට විද්දෙ එක පාරට හය හත නේ

    ReplyDelete
    Replies
    1. අනේ පලයං බං නයි අරින්නේ නැතුව , අඹ හරි ලස්සන රාජ කුමාරයානේ

      Delete
    2. කවුද උබට කිවුවෙ කෙල්ලො ලස්සන හොයනව කියල

      Delete
    3. හා හා ඕවා උඹලම බලාගනිං. අටමට නං වැඩක් නෑ තෙල් හින්දා හරියට ඊතල වදින්නේ නෑ මතකනේ අර කේස් එක.. හැක්..

      Delete
  18. සිකේ ඕකා මහා එපා කරපු එකා

    ReplyDelete
    Replies
    1. ඇයි බං බොටත් විද්දා නේද//

      Delete
  19. අදත් හාන්ස්ගේ කතාවක්.. දේශකයා මේවා පරිවර්ථනය කරලා දාන එක හොදයි අෆ්ෆා.. මොකෝ අපි කඩ්ඩෙන් කියවන්න කම්මැලිනේ..

    ReplyDelete
    Replies
    1. මේ අයියාටත් අනංග කොල්ලා විද්දා නේ ;) 

      දේශකගේ මේ පරිවර්ථන කතා නම් නියමයි. :)

      Delete
    2. @ දිනේෂ්

      අනේ බං මොකක්වත් නෙමෙයි දැං උන් මේවා කියවන එකක්යැ. අඩුගානේ මෙහෙම කතා තියෙයි කියලවත් දැන ගන්නවා නේ. පුද්ගලිකව මම හාන්ස්ගේ කතා වලින් රිෆ්‍රෙෂ් වෙනවා මම කැමතියි ඒවට.. අපෝ බොට කඩ්ඩෙන් කියවන්න කම්මැලියි කියල මම දන්නවා.. හැක්

      Delete
    3. @ මදාරා

      තැන්කුයි.. ඒක හයියක් මට ඉදිරි වැඩ වලට. බොලා දෙන්නටම එක සැරේ විද්දා නේද මේ නෝටියා...

      Delete
  20. ඔය යකා ඒකාලේ ඉදල තාම විදිනව මට.
    මේ ලගදිත් විද්ද.
    මේ දවස් ටිකේ මගෙ බිරිද තොමෝත් අරුණි අක්කගෙ රටට ගිහිල්ල නිසා,ඒ තුවාලේ එක්ක වේදනාව රසට විදිනව.

    ReplyDelete
    Replies
    1. පවුකාර වැඩ කරලා රස කර කර කියන අපූරුව
      කරන කලට පවු මීහිරිය මීසේ . විදින කලට දුක් දැඩිවෙයි ගිනිසේ

      කෙන්ජයියේ උඹ දන්නවද පරධාර සේවනය කරන උන් ඊලග ආත්මේ ඉපදෙන්නේ කවුරු වෙලාද කියලා , ...නැ ..නේ....

      කුම්භාණ්ඩයෝ වෙලා ......දන්නවද කුම්භාණ්ඩයෝ කියන්නේ කවුද කියලා ........ඒකත් දන්නැ නේද .. ( දන්නවානං ඔව්වා ඔහොම කොරයිද )

      කුම්භ + අණ්ඩ

      කූම්භ = කලය (කලගෙඩිය)

      අණ්ඩ = ඇට (වෘක්ෂණ කෝෂ)

      කලගෙඩි දෙකක් වාගේ බිජු ඇට දෙකක් ඇත්තාවු , අමනුෂ්‍ය වර්ගයක්

      එහෙම දුගතියකට වැටෙන්ඩ එපා බං , තව ඉන්ඩ තියන සුළු කාලේ බණක් දහමක් ඉගන ගන හොදිං හිටහං

      Delete
    2. කලගෙඩි දෙකක් වාගේ බිජු ඇට දෙකක්!

      සැර වැඩි නැද්ද බං!

      Delete
    3. @ අටම ඇතුළු All ;
      මම බන අහල තියෙන්නෙ බානගල,සෝභිත සහ බෙල්ලන්විලගෙන්.
      ඒ තුන් කට්ටුව එය පාප ක්‍රියාවක් බව කිසිදා මට වදාළ නැත.

      Delete
    4. අම්මේ උඹ උන්ගෙන් බණ අහල ඔය තරමින් බේරිලා ඉන්න එකම මදැයි. බණ සාගරයක් නේ ඒ උන්නාන්සෙලා...

      Delete
    5. කෙන්ජියා තරහා නැ මයේ හිතේ

      Delete
    6. අටම මොනවට තරහ වෙන්නද බොල :)
      උඹ ල ඇවිල්ල මගෙ බොක්කවල්.
      ඔය ඩිලින් නාන්සේලා ගැන සත්‍ය කතා ගොඩක් තියෙනව මා ගාව.

      Delete
    7. රාගම අටංපක නාහිමි ගේ බනක්ද ?

      Delete
    8. @ කෙන්ජා

      බොට ඕවයේ වේදනාව දැනෙනවද බං මම හිතුවේම නැතෙයි කියල නෙව??

      Delete
    9. @ අටමා

      උඹ තාම හෙළු වංශෙද??? විකාර කියන්නේ..

      කෙන්ජි කවද්ද බං තරහ වෙන්නේ.. සෝඩා කෙන්ජි

      Delete
    10. @ රාජ්

      මටත් හිතෙන්නේ ලොකු වැඩියි නේ බං... හැක්

      Delete
    11. @ ඉවාන්
      රාගම නෙමෙයි බං

      කඩවත අටං පක හිමි...

      Delete
    12. සමාවෙන්න අටම් තුමණි එහෙම ඉපදෙනවනම් කොහෙද ඉපදෙන්නේ ? කුම්භාණ්ඩයෝ අපිට පෙන්නේ නැද්ද ,, ඔයාලා මැරෙන කාලෙන් පස්සේ ඉපදෙන කුම්භාණ්ඩයෝ ඔක්කොම ඒ වගේ වෙයි නේද අන්න ඒකයි මන් මේ කල්පනා කලේ ,,,

      Delete
    13. අනේ මේ අටං ඔය කටට ආවට කියපු එකක් ඔමා. සමහර විට බීලා කිව්ව එකක් වෙන්නත් ඇති.. හැක්

      Delete
  21. පරිවර්තනයක් කියලා තේරුණේ නැහැ.. ඒ කියන්නෙ උඹ සාර්ථකයි.... හැබැයි ටිකක් ළාමක වැඩියි බං....

    ReplyDelete
    Replies
    1. තැන්කුයි තිසර. සුංරගනා කතා බොළදයි කියල හිතන්න එපා බං. ඒවා සුංරගනා කතා නේ ඒකයි..

      Delete
  22. ටිකක් ලාමක උනත් පරිවර්තනේ හොඳයි.

    ReplyDelete
    Replies
    1. ළාමක උනත් ඒ පරිකල්පනයයි වැදගත්... නැද්ද??? තැන්කුයි

      Delete
  23. රෝස් කරපු ඇපල් කෑල්ලක් කන්න ලැබේ නම්?
    රෝස් කරපු පෝක් කෑල්ලක් ලැබේ නම්?
    අනංගයා මටත් විදී නම්?

    ReplyDelete
    Replies
    1. ඇයි...???
      ලොක්ක අපිට පුකට විදී නම්.............

      Delete
    2. @ දයල්

      අපි යමල්ලා අරූලගේ ගෙදර ඌරු ගාතෙකුත් අරන්.. උඹ දුක් වෙන්න එපා. ළගදිම රෝස් කරපු කෑම තමා අපිට කන්න වෙන්නේ..

      Delete
    3. @ කෙන්ජි

      උඹ හිතන්නේ පුකට විදිනවයි කියලද? බොට වැරදිල අධෝ මාර්ගෙන්අත දාලත් ගන්නවා අපෙන්..

      Delete
  24. දැන් දේශක සීයගේ කාමරේට ඔය අනංග කොලා ආවේ කවදැයි ..?

    ReplyDelete
    Replies
    1. ඌ එනවා බං ඉද හිට.. මම ඉතිං ගනං ගන්නෑ මොකද පරිස්සං වෙන්න දන්නවා නෙව

      Delete
  25. උඹත් දේශකයෝ ඉඳල ඉඳල දාන්නෙ මාර කතා නොවැ,දැන් ගනුදෙනුව අනංගය එක්කද

    ReplyDelete
    Replies
    1. එහෙම හොදා නේද හැලපයියේ.. තැන්කුයි

      Delete
  26. මුල් ටික කියවන් යද්දි මතක් උනේ UP කියන Film එක.

    ඔය අනවසර අවි පොඩි උන්ට දෙන්න හොඳ නැහැ කියන්නේ ඕකනේ මටත් විද්දා ඔකා දෙතුන් ගමනක්ම. හැහ් කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැහැ ඔහේ විදිනවා.

    ReplyDelete
    Replies
    1. මම ඒක බලල නැහැ බං. මං ගාව තිබුනත් එක්ක ඇනිමේෂන් එකක් නේද?

      කොච්චර කිව්වත් වැඩක් නැහැ බං පරිස්සං වෙන්නෑ නේ.. පත්තරේ වත් දාන්න ඕන මේක.. හැක්. උඹට විදින්නේ මොකද දෙතුන් පාර. ඒක පුරස්නයක්..

      Delete
  27. දෙස්හෝ ඔය කොලුවා මටත් විද්ද නෙව.... මට පෙන්නේ මේ දෙසකයට අනංගය මේ ලගකදී විදලා පාටයි

    ReplyDelete
    Replies
    1. උඹට විදින්නැතිව ඉදීයැ.. පපුවේ එලියේ දාං ඉන්න විදියට

      Delete
  28. digatama liyanna ... loku sewayak meka..

    ss

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. සන්තෝසයි.. අනිවා ටික ටික මේවා දාන්න හිතෙනවා මොකද ඉල්ලීම් ටිකක් තියෙන හන්දා.. ස්තුතියි ආයෙත්

      Delete
    2. මන් කව්ද කියලා දන්නවැයි ... ඔයාගේ ෆලෝ ගාණ කීයැයි ? හැක්

      Delete
    3. ඔහෝ මේ උඹද?? පරණ ලෙඩේ තාම තියෙනවා වගේ.. හැක් හැක්.. ඔන්න ඔය පරස්පරතා අයින් කරල වරෙන් වරෙන්... යාළු වෙන්න.. හැක්

      Delete
    4. හැක් හැක් ........

      Delete
    5. පොරපයිල් එකෙන් වර ඩෝ.. මැරුන් නොකා...

      Delete
    6. බැහැ බැහැ දැන් ආවොත් සීන් එක නෝන්ඩි වෙනවා වත්ත වටේම.. ඊළඟ එකට ඉන්නන්..ඒක නෙවේ මගේ දැන් ෆලෝ 212 යි ..

      Delete
    7. උඹ පරාදයි බං.. මට ලොකුවට 143 යි.. හැක හැක්...

      Delete
  29. අනංගය විද්දෙ පදුරට වැදුනෙ හාවට.. :))

    ReplyDelete
    Replies
    1. ඒ උනාට බොටත් විද්ද නේ.. නැද්ද මං අහන්නේ. මතකනේ ගම්පහ ගෙට්ටුව කන ලගින් යන්නත් විදල තිබ්බේ බොට..

      Delete
  30. ලැව් ගින්නෙන් විපතට පත් කකා ඇතුළු නිව් සවුත් වේල්ස් වාසීන්ට සහෝදරත්වයේ දෑත් දිගුකරමු...

    සියළු සිංහල බ්ලොග් රචික රචිකාවෙනි... මේ ඔබේ සහෝදර ශක්තිය අවශ්‍යම මොහොතයි..... ලැව් ගින්නෙන් විපතට පත් සියළු නිව් සවුත් වේල්ස් වාසීන්ට ආධාර උපකාර කිරීමේ මගගු පුන්‍යකර්මයට ඔබත් දායක වෙන්න..... දෙව් මිනිස් සැප කෙලවර අමා මහ නිවන් සුව ලැබීමට මග පෙන්නන්නා වූ ඒ දානමය පිංකමට ඔබේ නොමසුරු දායකත්වය ලබා දෙන්න....

    විපතට පත්වූවන් වෙනුවෙන් ඔබේ මූල්‍යමය ආධාර පහත සදහන් බැංකු ගිනුම් වලට යොමු කරන්න....

    මෙම මුදල් සෘජුවම ඔස්ට්‍රෙලියානු රජය වෙත දෙදිනක් තුල යොමු කෙරෙන බව කරුණාවෙන් සලකන්න.....

    E.A.A.U.B. Edirisinghe - Sampath Bank - 100653457423 - Kurunegala Branch
    E.A.A.U.B. Edirisinghe - People's Bank - 33518600569 - Nugegoda Branch

    ප. ලි. : ප්‍රවාහන අපහසුතා නිසා ද්‍රව්‍යමය ආධාර භාර නොගන්නා බව දැන්වීමට කමැත්තෙමි..... ලිංගික ආධාර භාර ගනු ලැබේ....

    ReplyDelete
    Replies
    1. ආධාර කිරිම තාවකාලිකව නවතා ඇත..

      Delete
  31. ඒ සියා හින්දම හොදා...අපේ සීයා කෙනෙක්ට කොලුවා ලං උනා නම් පහුවෙනිදා පත්තරේ තියේවි සීයා කොලුවට අපචාරයක් කොලා කියලා...

    හැම සීයලම මෙහෙම නෑ...දෙවිවරු වගේ සීයලත් ඉන්න බව කියන්නට ඕනෙ...

    ReplyDelete
    Replies
    1. ඒකනේ සීයා හොදයි කිව්වේ..

      දැන් උඹ කියන්නේ සීයද වැරදි.. අනංග කොල්ලද...

      Delete
    2. අනංග කොලුවට කියහංකො මල් හීයක් හොයලා මට විදින්න කියලා...සූටි කෙල්ලෙක් එක්ක පැටලෙන්න...

      Delete
    3. මම කැමති නෑ බං උඹ තුවාල වෙන එකට. ඒක හරියට රිදෙනවා බොල.. හිටහං කොල්ලා මොන වෙලාවේ හරි බොටත් ගේමක් දේවි..

      Delete
  32. ඇන්ඩර්සන් මහත්තය කියන්නෙ...මම දන්න විදිහට නම්, කියවල තියන විදිහට නම් හොදම ළමා කථා කාරය, දේශක සහෝදරය බොහොම අපූරැවට අනුවර්තනය කරල තියෙනව කථාව...දිගටම ලියන්න දිරි...

    ReplyDelete
    Replies
    1. දන්න විදියට නෙමෙයි බං ඒකයි ඇත්ත. ළමා කතා සහ සුරංගනා කතා කියන්නා.. ස්තුතියි ජෙමා...

      Delete
  33. අම්මපා ඕකා මටත් කී පාරක් නම් විද්දද?

    මට මගේ නොවෙන මගේම එව්වා දෙක තුනක් තිබ්බා කියලා ඔය සමහර එව්වෝ කියන්නේ මුගෙන් අම්බානක විදුම් කාලා වෙන්න ඕනේ. පව් ඒ අහිංසකයෝ...

    ReplyDelete
    Replies
    1. ඒ උනාට හිල් වෙන්නම විද්දට පස්සේ මිනිහා ආවේ නෑ නේද කොචොක් දාන්න බොට.. හැක්..

      Delete
    2. මොන පිස්සුද? ඕකා ඊට පස්සෙත් ආවා. මම මුද්ද පෙන්න පෙන්න දඟලනකොටත් ඕකා විදින්න තැත් කළා. යාන්තං හුරගෙන ගියා විතරයි. ඇනගන්න හම්බු උනේ නෑ ඌට.

      Delete
    3. හරිම කරදරකාරයෙක් නේ මේකා.. උඹ අහුවෙන්න එපා පුතේ ඕවට.. පස් තමා කන්න වෙන්නේ...

      Delete
    4. එහෙමයි එහමයි...

      Delete
    5. බැරි වෙලා හරි බොගේ අනවශ්‍ය තැන් වලට විඳින්න ආවොත් කියපං.. මම ඕකගේ දුන්න කඩනවා ආයි විඳින්න බැරි වෙන්නම. එතකොට ඉතිං ලෝකේ අවසානේ කියල හිතාගං...

      Delete
    6. එහෙම්ම කරන්න එපා ඉතින්. අනිත් උන් පවු නේ...

      Delete
  34. අනංගයා කියන්නෙත් පිරිමියෙක්නම් තව මොන කතාද ,, හොද පරිවර්ථනයක්

    ReplyDelete
    Replies
    1. අනංගයා කියන්නේ කොළු පැංචෙක් නේ බං.. දැකල නැද්ද පින්තුරේ.. අර තටු දෙකකුත් එක්ක දුන්න අතේ තියන් ඉන්න් මොන වෙලාවේ විදිනවද කියල හිත හිත...

      Delete
  35. ඔය අනංග කොල්ලා ඉඳහිට හොඳ වැඩත් කරනවා. අපේ තාත්තාට ඒ වෙලාවෙ නොවිද්දා නම් මට අපේ අම්ම හම්බවෙන්නෙ නෑ.. මට නොවිද්දානම් අපේ හාමිනේ හම්බවෙන්නේ නෑ. අනේ ඌට හොඳක්ම වෙන්න ඕනෙ//

    ReplyDelete
    Replies
    1. බොට කියන්න සරෝ.. අපේ පවුලෙත් ඔය සන්තෑසියම තමා වෙලා තියෙන්නේ. අනිත් උන්ගේ කොහොමද දන්නෑ නේද???

      Delete