Tuesday, October 1, 2013

බොරුවට නේ මෙයා!!!!

වටේ ගියෙමි..
අතපත ගෑවෙමි.
නැගී බැලුවෙමි..

අවසන මටම කියා එකක් ගතිමි.
ඇරඹුවෙමි..
තෙල් දමා සෝදා දිව්වෙමි.

විඩින් විඩ ලෙඩ ඇවිත්
ගමන ටික ටික බාල විය
ඒත් අටවං අමාරුවෙන්
පැදගෙන ගියෙමි

දැන්නං හොදටෝම
දුබලය.. සැකන්ඩ් හෑන්ඩ්ය
කරන්නට දෙයක් නැත.
විකුණමි.. යමි.. නොඑමි..

හැක් හැක්....

52 comments:

  1. යකෝ උබ ආවද ආපහු .. බොලේ මොකෑ උබ බුකිය පැත්තේ නොආවේ ??? මොන මගුලක් හරි කොරල අලුත් එක්ක ගං

    ReplyDelete
    Replies
    1. ආවා ආවා.. මේ ටෙස්ටින් පාරක් බං

      Delete
  2. කියකටද දෙන්නේ ඔය වහුකුණ...?

    ReplyDelete
    Replies
    1. උඹට ඕන නං නිකං දෙන්නං බොක්ක බලලා

      Delete
  3. කවුද ගන්න මෝඩයා?

    ReplyDelete
    Replies
    1. උඹල වගේ උන් තමා නොගන්නේ..

      Delete
  4. කොහෙද බං මකබෑවිලා හිටියේ ........දැන් මොකක්ද ඔය විකුනන්නේ

    ReplyDelete
    Replies
    1. මැසිම අවුල් වීම නිසා සති දෙකක් පමණ හින්දුස්තාන් උනා නේ... බ්ලොග් දෙක තමා බං විකුණන්න හැදුවේ

      Delete
  5. පුස් බයිසිකොලයක් නේද? ඇඟ බහින්නත් එක්ක පැදපන් හිකිස්.............

    ReplyDelete
    Replies
    1. චිහ්.. කැත කතා.. දේශාකයා බොට පුස් සයිකලයක් වගේද

      Delete
  6. අතගාලා නැගලා බැළුවමයි කිව්වම එක එක තේරූම් යනවා..ඒත් මේ තෙල් දාලා දිව්වයි කිව්වම තමයි මට මේක යනත්‍රයක් කියලා තේරූනේ....තෙල් දාන්න ඕනේ නැති ඒත් මාසෙකට පාරක් සර්විස් එක මෙශිමෙන්ම කර ගන්න යන්ත්‍රත් තියෙනවනේ....

    ReplyDelete
    Replies
    1. හැක් මයියෝ.. බ්ලොග් එක කියල හිතාගෙන අනිත් ඒවා ලිව්වේ..ඉතිං බොලාට නොතේරෙන එක පුදුමයක්යැ.. ඒක මම විතර නේ දන්නේ

      Delete
  7. දැන් ඕක විකුණල අලුත් එකක් ගන්නවැයි?

    ReplyDelete
    Replies
    1. එහෙම උනත් ටික දවසකින් මේ සෙතේම නේ බං.. වෙල්කම්.. උඹ මේ ආවමයි මයේ හිතේ

      Delete
  8. දැන් කොයි යන්තරේද විකුනන්නේ බං

    ReplyDelete
  9. ඒ කියන්නේ උඹ ඩිවෝස් වෙන්නද යන්නේ? පල් වැඩක් කරන්න එපා බං. උඹ කරන්ට් වැදිලා මැරෙන්න ගිය වෙලාවෙ බේරාගත්තේ කවුද?

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. පිස්සුද බං හැන්රියෝ.. මේ බ්ලොග් එක ගැන කිව්වේ.. මම පහුගිය ටිකේ හිටියේ නැහැනේ ඒ දුකට ලිව්ව එකක්

      Delete
  10. හැක් හැක්, උඹල විකුණන කුණු ගොඩවල් ගන්න එවුවො කොහෙද බං ඉන්නෙ.

    ReplyDelete
  11. මහිතේ බ්ලොග් එක හික්ස්..

    ReplyDelete
    Replies
    1. කොහොමද බන් මු එතකොට බෝගට නැග්ගේ

      Delete
    2. JOKA IRUNAMA WADE LESIYI

      Delete
    3. හරි දයාල්.. ඒක තමා. මම වගේම අඤ්ඤකොරොස් වර්ඩ් කියන එහෙකුට තමා ඒක තේරෙන්නේ.. හැක්

      Delete
  12. ආ.............. එහෙමත් පුලුවන්ද?

    ReplyDelete
  13. ikman.lk කේ ඇඩ් එකක් දමාපං. පෝලිමට ඒවි නැගල යන්න ඕකෙ

    ReplyDelete
  14. hmmmmmmmmmmmmmm....h.. හා... ඉක්මන් ඩොට් එල් කේ පිහිටා..........යි..

    ReplyDelete
  15. නැගලා ගමන් ගිය එකද අප්සට්....නැත්නම් නැගලා දෙව්ලොව ගිය එකද අප්සට්

    ReplyDelete
    Replies
    1. ඔන්න උඹට වයර් මාරු වෙලා. හැක්

      Delete
  16. අර කිව්වත් වගේ ඉක්මන් ඩොට් එකේ ඇඩ් එකක් දැම්මනං තමා හොඳ............. :D

    ReplyDelete
    Replies
    1. මං වෙනුවෙන් උඹ දාපං එහෙනං.. හැක්

      Delete
  17. මටත් පේනවා සෙකන්ඩ් හෑන්ඩ් කියලා ;)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. උඹට පුතේ මං දවසක නෙලනවා නෙලිල්ක්.. ඇට දෙක ගැලවෙන්නම.. හැක්... ලෙදර් බොලේ වැදුන වගේ නෙමෙයි හරිය

      Delete
  18. කාලෙකින් ඇවිත් පරණ ඒවා විකුණලා ආයෙම පටන් ගන්න වගේ කල්පනාව.. ඒකත් හොදයි..

    ReplyDelete
    Replies
    1. ඔව් අප්පා... මැසිමක් නැති උනාම කොයි තරං දුකද කියල පේනවනේ...

      Delete
  19. බොලා වගේම ඇන්ටික් භාණ්ඩයක්ද ?

    ReplyDelete
  20. ගොන් කරත්තයක්ද තිරික්කලයක්ද බං

    ReplyDelete
    Replies
    1. බ්ලොග් එක බ්ලොග් එක බං නෑ දෙක

      Delete
  21. ඕකට මම දාහක් දෙන්නද ???

    ReplyDelete
    Replies
    1. යුරෝද... කුවේට් ඩිනාර්ද

      Delete
  22. ඔක දිහන් කියක් හරි එක්ක.

    ReplyDelete
  23. භාර්යාව ගැනද මන්දා කියන්නේ :D

    ReplyDelete
    Replies
    1. බොට කියන්න මේ ටිකේ මගේ භාර්යාව එයා තමා...

      Delete
  24. දේශකයට ගැනුම්කාරයට සල්ලි දෙන්න වෙයි වගේ

    ReplyDelete
    Replies
    1. එහෙම උනොත් නං ලැජ්ජාවේ දිවිනහගන්න තමා වෙන්නේ.. කාලෙකින් මතක් උනා නේද??

      Delete