Tuesday, September 3, 2013

පිච්ච මල් සුවඳ!

“ඔයාට හිතෙන්නැද්ද මම කරන්නේ වරදක් කියලා“ මම ඇහුවේ අවංකවමයි.

ඒක ඇහුණු ගමන් මේනු ඔළුව ගස්සල මගේ උරිස්සෙන් අයින් කරගත්තා. මෙපමණ වෙලාවක් ඇඟටම එතිල තිබ්බ මේනුගේ ශරිරේ මගේ ශරිරෙන් අයින් කරගෙන එයා, මා දිහා එක එල්ලේම බලන් ඉන්නවා. ඇයි මම වැරදි දෙයක් කිව්වද? ඔව් බය වෙන්න එපා කිසි ප්‍රශ්නයක් නැහැ මමත් සම්පුර්ණ ඇදුම් පිට, මේනුත් සම්පුර්ණ ඇදුම් පිට, සුවපහසු සෝෆා එකක් උඩ තමා ඉන්නේ.. මම වාඩි වෙලා ඉන්න කොට, මේනු මගේ ළගින්ම වාඩි වෙලා මාව තුරුල් කරන් එයාගේ ඔළුව මගේ වම් උරිස්සෙන් තියාගෙන අපි විනාඩි ගානක් ඔහේ බලන් හිටියා. 

******************************************************
පිච්ච මල් සුවද මම පොඩි කාලේ ඉදලම පුදුමාකාර ආසාවක් දක්වපු සුවදක්. ඒ සුවදට මගේ නහය කිති කැවෙනවා. මට තාම මතකයි, ඒ දවස් වල අපේ ගෙවල් පල්ලමේ චිත්‍රා ඇන්ටිලගේ ඉනි වැටට හේත්තු වෙන්න තිබ්බ පිච්ච වැල. ඉඩ හසරක් ලැබුන ඕනැම වෙලාවක මම ඒ වැල් අතරේ එතෙමින් පිච්ච මල් සුවද වින්ද හැටි. ඒක මගේ ජීවිතේටම බද්ද වෙච්ච පිච්ච වැලක්. ඒ පිච්ච වැල ජීවිතේ සුවද සම්පුර්ණයෙන්ම වෙනස් කරා. පිච්ච මලක සුවඳ තරම් මා කුල්මත් කෙරූ වෙනත් සුවඳක් ඇත්තේම නැහැ. සත්තමයි.

******************************************************
මේනුගේ කෝණ්ඩය කිසිම දෙයක් නාහා විදුලි පංකාවේ පිහිටෙන් මගේ මුව අසල රැදෙන කොට, ඒ කෙහෙරැලි වල පැටළුනු හිත වංකගිරියක් බදු අතීතය දිගේ ආයෙත් මුලටම ගමන් කරන්න ගන්නවා. එතකොට මට හැමදේම පැහැදිලිව පේනවා. අතීතය හෝ මා ආ මග මගේ සිතුවිල්ලකින් වෙනස් කළ හැකි නම් මා වරද්දා ගත් තැන් නැවත සකසන්න තිබුනා නොවේදැයි මටම සිත් දෙනවා. ඒ අතරේ කළුවර ගුහා අතරින් හිත ඇවිදින කොට ඈතින් දිලිසෙන එකම තාරුකාවත් මේනු වන්නට ඇතැයි මගේ හිත වටහාගන්නේ, කිසිම දෙයක් නොවුන ගානටයි.

******************************************************
මීට අවුරුදු දෙකකට කලින් මට මේනුව ඉස්සෙල්ලාම හමුඋනේ මම වැඩ කරපු කාර්යාලයේදියි. උදේ පාන්දරම පැහැපත් සාරියක් ඇදල, කියුබිකල් එකට එබුන රුවැති යුවතිය කව්රු කියල හිතාගන්න බැරි උනත්, ඇතුලට එන්න සන් කරාම බොහොම හිමින් ඇවිත් ගුඩ් මෝර්නිං කියල කිව්ව හැටි මට තාම මතකයි. ඒ දවස මේනුගේ පළමු කාර්යාලයීය දිනය. සැළසුම් නිර්මාණ ශිල්පිනියක් විදියට පත්වීමක් අරන් රාජකාරියට වාර්තා කළ මේනුට පැවරිය යුතු වගකීම් හා අත්‍යාව්‍ය කරුණු කාරණා විනාඩි ගානක් ඇතුලත අඩි පහක දුරක ඇති මගේ පුටුවේ සිට ඉදිරියේම ඇති පුටුවේ ඉන්න මේනුට දෙන්න මට හැකියාවක් ලැබුනා. ඉතිරි උපදෙස් අනෙත් අය දෙන බව දන්නා නිසා අවශ්‍ය කටයුතු සදහා ඇයට මගේ කියුබිකල් එකෙන් සමුගන්නට සිදු උනා. කොහොම උනත් ඇය දුටුවනම මා ඇගේ සුන්දරත්වයක් දුටුවා. මේ කාලේ අගර දගර දාන යුරේනි නොෂිකා නලඟන තරම්ම රූමත් නොවුනත් මේනුගේ හැඩරුව හා නාරි දේහය ඒ හා පෑහෙන වගක් මට දැන් හිතෙනවා. ඒ මම අර නළඟනව මේ ළගදි දැනඅදුන ගත්ත නිසාත්, එයාගේ ඡායාරූප ගොන්නම කවදාවත් පින්තුරු නොදැකපු මිනිහෙක්ගේ ගානට හතර අතටම කරකව කව රස වින්ද හින්දාමත් වෙන්න ඇති.

මේනු සකස් කළ සැළසුමක්, සැළසුම් මේසය මත තිබියදී, ඇයට ළංව එය පරික්ෂා කිරීමට සිදු වීම අහඹු සිදුවීමක් නෙමෙයි, ඒත් ඒකට නැඹුරු වෙච්චි මුල්ම තත්පරේ මේනුව මුල්ම දවසේ දකින කොට නොදැනිච්ච දෙයක් එක පාරටම විදුලි වේගෙන් මගේ හිත අස්සේ කැරළි ගහන්න ගත්තා. ඇයගෙන් නික්මෙන විළවුන් සුගන්ධය. ඒක අර පිච්ච මල් සුවඳමයි. 

මං ආයෙත් චිත්‍රා ඇන්ටිගේ වැට ගාව පිච්ච වැලේ එතිල ඉන්න විත්තියක් දැනුනා. ඒ සුවඳ  මාව පිච්ච වැල ගාව කැරකි කැරකි සුවද වින්ද පොඩි එකා ගානටම පත් කළා. සියළු දේ අනිත්‍යයයි කියන්නාක් මෙන් මා දන්නා සියල්ල අමතක උනා. ඒ සුවද ඔස්සේ තව දුරටත් හිත වල්මත් වීමෙන් කරන්නේ කුමක්ද, කළ යුත්තේ කුමක්ද කියන දේ හිතෙන් ඈතටම ගියා. සැළසුම් මේසය මත තිබු මගේ අත් දෙක දුර්වල වෙන්නේ ඇයිද කියන කාරණය ඒ වෙලාවේ මේනුටත් ප්‍රශ්නයක් වෙන්න ඇති. හැබැයි ලොකුම ප්‍රශ්නය වෙන්න ඇත්තේ පොඩි ළමයෙක් උනත්, තත්පර ගානකින් තේරුම් ගන්න රේඛා කිහිපයක් දිහා මා වැන්නෙක් විනාඩි ගානක් නොසෙල්වී බලා සිටීම වන්න ඇති.

මේනුගෙන් වහනය වන පිච්ච මල් සුවඳ හදවතේ විශාල ඉඩකඩක් අර ගෙන ඉන්න විත්තිය දින කිහිපයක ඇවෑමෙන් මට තේරුම් ගියා. ඒ සුවදට ලොබ බදින්න මිනිහෙක් විදියට මම කොයි තරං බොළද උනාද කියනවනං, ඒ හැඟීම මාව කුඩා දරුවෙක්ගේ මනසකින් ක්‍රියාත්මක වෙන ශරිරයක් ගානටම පත් කරලයි තිබ්බේ.


උවමනාව ඇත්නම් හැමදේම කරන්න පුළුවන් කියනව වගේ, මා ඇගේ පිච්ච මල් සුවඳ විදින්නට සමත් උනා. මේනු මා ගැන උනන්දු උනා හැබැයි මා ඒ බවක් ඇයට පෙන්නුවේ නැහැ. කුමක්දෝ කරුණක් අරබයා අප අතර, හිතවත්කම් වැඩි දියුණු වෙන්නත්, අදහස් එකිනෙකා අතර හුවමාරු කරගන්නත් අපි සමත් උනා. ඒ සබැඳිය මෙපමණ දවස් ඈතින් තිබූ අප දෙදෙනාගේ අවබෝධය පුළුල් කරන්න දායක උනේ සිඝ්‍රගාමි විදියටයි. ජීවිතය ගැන ඇය දුටු සිහිනත්, මා දකින සිහිනත් සමහර තැන්හි සමපාත වන විට අප තුල ඇති සබඳතාව වැඩි දියුණු උනා. ඒකෙන් විවෘත මනසකින් යුතුව කතා කරන්නත්, මා විවාහ වන්නට සුදානමින් සිටින වගත්, ඇයට පෙම්වතෙකු සිටින වගත් ඒ සම්බන්ධ තවත් කරුණුත් එකිනෙකා අතර හුවමාරු උනේ ඒ විදියටයි. හැමදෙක්ම විවෘත මනසකින් සිදු වීම මත, සියළු දේ අභිබවා පිච්ච මල් සුවද මගේ හිතෙන් පැන නැග වචන වී ඇයගේ කන් පෙති ළග නතර උන නිමේෂයේ ඇය කිංකිණි නගමින් සිනාසුනේ මා වික්ෂිප්ත කරමින්. එක් වරම සියළු සබැඳින් බිද වැටුනා වගෙයි මට දැනුනේ.

“ඔයා කියන්නේ මාව ඉඹින්න දෙන්න කියලද...??“

“අපෝ නෑ මට එහෙම උවමනාවක් නෑ.. මට ඒ සුවඳ විදින්න ඕන“

“බැරි වෙලා හරි ඔයාට මාව අයිති කරගන්න ඕන උනොත්“

“නෑ එහෙම වෙන්නෑ. මම ගැන මම දන්නවා“

“පිරිමි කියන්නේ එකක්. හැබැයි අන්තිමට කරන්නේ එකක්. ඒකයි ඇහුවේ“

“මේනු.. මම ඔයාව විඳිනව විතරයි. එතැනින් එහාට දෙයක් නෑ“

කාර්යාලය තුල තවදුරටත් වචන හරඹයන් කිරීම කළ නොහැකිය. මේ කතාව දැන් අවසන් කළ හොත් අවසන් කළ තැනින් නැවත ඇරඹිය හැකිද? එයින් සිත දුර්මුඛ වන්නේ, අපහසුවෙන් එළියට ඇද දැමු සත්ත්වයා නැවත ඇතුලට ඇද ගැනීමට සිදු වන නිසාය. කෙසේ වෙතත් සවස් වරුවේ කාර්යාලයෙන් නික්මෙන්නට පෙර, දොර ඇරගෙන පැමිණි ඒ පිච්ච සුවද කාමරයේ ඔබ මොබ විනාඩියක් පමණ සැරි සරන්නට විය. 

“එනවා යන්න අපේ ගෙදර“ රවුම් අකුරින් ලියන ලද පොඩි කොළ කැබැල්ලක් මා දෑස් අබිමුව රැඳුන විට, මා ඉදිරිපිට කල්පයක කාලයක් නතර වූ සේ දැනිනි. ඒ කාලය තුල සෙමින් ලියවුනු එකම අකුරු දෙක “ඕකේ“ පමණකි.


කිසිම කෙනෙක් නොරඳන පැය දෙකක පමණ කාලයක් මේනුගේ නිවහනේ සොෆාව මත, නිවි සැනසිල්ලේ ඇගේ තුරුල්ලේ ගෙවුන අවුරුදු දෙකක පමණ කාලය, මල් නොතලා සුවඳ විඳි කාලයකි.

******************************************************

“මට හිතෙන්නෑ ඒක.. එහෙනං මමනේ වැරැද්දක් කරන්නේ. ඔයාව තුරුල් කරන් ඉදගෙන. අනික අපේ ගෙදරම. දැං කොච්චර කාලයක්ද අනේ. අවුරුදු දෙකක්ම හැම දාම හවසට... ඔයාට පිච්ච මල් එපා වෙන්නැත්ද?“

“නෑ.. මම ඔයාට හෙටත් එයින් පර්ෆුයුම් එකක් අරන් දෙන්නද?“

“ඔයාට පිස්සුද? හෙට සංජීව එනවා ලංකාවට“

“ඉතිං මට මොකෝ.. මම එනවා හවසට“

“අපෝ මේ.. ඔයා හින්දා එයා මාව දාල ගියත් මම ඔයාව බදින්නෑ.. හරිද“

දඟකාර රුවැත්ති නැවත මා වැළද පිච්ච මල් සුවද මගේ නාස් පුඬු අතර රදවා, හීන් සිරුවේ ඔබ මොබ දුවද්දී, පරණ පුරුදු සෙයියාවෙන්ම නිද්‍රාගත වූයෙමි.

තවමත් මා ඒ සුවයට ආදරය කරමි. ඒ අදටත් මේනු හා මා අතර කිසිඳු සම්බන්ධයක් නොමැති හෙයිනි.

පලි- පටලා නොම ගනු.. කාලයන් බද්ධ වන්නේ පිළිවෙලට නොවේ.

173 comments:

  1. අපොයි අටමයි දේශකයයි දෙන්නම එක වගේද කොහෙද? අටමනං පැය දෙකයි. මේක අවුරු‍දු ම දෙකක්.

    පිච්චමල් සුවඳ වෙනු‍වට වෙරළු මල් සුවඳ එහෙම ආවෙ නෑ නේද පස්සෙ.

    නිර්මාණය ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ වෙරලු හැපුවේ නෑ. කියලම තියෙනනේ. ගෙදර ගියාට පස්සේ ආවද දන්නෑ..

      Delete
    2. අටමට සෙට්වුනේ රැෆ්ලේසියා මලක්

      Delete
    3. @ රාජ්

      අටමටත් මොන මලත් සෙට් වෙන්නේ ඔය විදියටලු...

      Delete
    4. //පිච්චමල් සුවඳ වෙනු‍වට වෙරළු මල් සුවඳ එහෙම ආවෙ නෑ නේද පස්සෙ//

      හිනා ගිහිපු පාර තව පොඩ්ඩෙන් මගේ හුස්මත් හිරවෙනව. එහෙනම් බ්ලොගක් නිසා මැරිච්චි පළමුවෙනි එකා මම වෙයි.

      Delete
    5. ඒහෙනං.. අපේ ප්‍රසා තමයි ඒ මරණෙට වගකියන්න ඕන...

      Delete
    6. බයවෙන්න එපා මරණ දැන්වීම් ටික මා ගානෙ ගහල දෙන්නං. :D

      Delete
    7. එහෙනං මැසිම හදාගෙන.. වැඩකාරයා..

      Delete
    8. අදනේ බං මං මේක දැක්කේ

      Delete
    9. අන්න ඒකනේ කියන්නේ මහ ලොකුවට ආදරෙයි ලු..

      Delete
  2. අනේ මන්ද මුන් මෙව්වා මොකට මොකට කියනවද???? අබග්ග ඉවර නැති කතා තැනින් තැන කියනවා ,,,,

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්. ආදරයේ හැගීමේ වර්ගිකරණයක් බං.. මේක..

      Delete
  3. කතන්දරය නරකම නෑ. බට් කලින් එක මීට හොඳයි. සුවඳ විඳපු පිච්ච වලට ආසා වීම මානසික කේස් එකක්.

    ReplyDelete
    Replies
    1. හැබැයි රාජෝ.. මේකේ කතන්දරේ ඇත්ත එකක්... ඒක මානසික ලෙඩක් විදියට දකින්න බෑ මොකද මිනිස්සු එක එක දේ වලට පිස්සෝ වගේ කැමතියි. තමන් කැමති දේ කොහේදි හරි ඇවිස්සුනාම නං මිනිස්සු පිස්සෝ වෙනවා. මේක මේ විවෘත සම්බන්ධයක් ගැන ලිව්ව එකක්. (ඕපන් ගැන්ග්නම් ස්ටයිල්)

      Delete
    2. දැන් අපි කොහොමද මේක දේශකය කල එකක් කියල උගේ ඇඟේ ගහන්නේ කියල හිතහල්ල බන් ....

      Delete
    3. එල එල තියෙන්නේ ... රාජ් මානසික කෙස් එක ඇද්ද ගමන් මුට තද වුනා ...

      Delete
    4. අපි අහුවෙයි ඕවට... මේ ලෝකේ තියෙනවා බං විවෘත සම්බන්ධතා කියල දේකුත්. කිසිම බැදීමක් නැති බැදීම්. ඒකෙදි එකම බැදීම තේරුම් ගැනිම හා විදීම වෙන්නත් හැකියි. සමහර විට විදීමක් නැති වෙන්නත් හැකියි. උඹල හිතපල්ල යකුනේ කව්රුවත් නැතිව බදාගෙන දොඩාගෙන ඉන්නේ නිවට කමටද කියලා. නැහැ ඒකේ දෙයක් තියෙනවා ගන්න. ගෑනියෙක් ඉන්නේ ඇදටම ගන්න නෙමෙයි කියල මම හිතනවා. එ වගේම පිරිමි ඉන්නෙත් කෙලින් කරගන්නම නෙමෙයි කියලත් මම හිතනවා

      Delete
    5. දේශකයෝ,
      උඹ මඟුලක් කතා කරනව. මානසික කේස් එකක් කිව්වෙ ලෙඩක් කියන අදහස්න් නෙවේ බොල! පොඩිකාලෙ දැනුනු පිච්ච සුවඳ කෙල්ලගෙ පර්ෆ්‍යුම් එකෙන් ආවම කොල්ල ඒකට ඇදිල යනව. මම කිව්වෙ ඒ ගැන. ඔයවගේ දේවල් තවත් තියනව. උඹට කියන්නං චැටක් දාන වෙලාවක

      Delete
    6. ඒක හරි. ඒ උනත් මට හිතුනේ එහෙමයි.. හැක් හැක්.. උඹල සතුටු වෙයල්ල අද මම හැරෙන තැපෑලෙන් උත්තර දෙක එකටවත්..

      Delete
    7. නැතත් අවුලක් නෑ අපිට ඉන්නව [-දේශකය]

      Delete
    8. මේ දවස් වල මට වැඩ බොල... උඹල ඒවා බලාගනිල්ලා..

      - දේශකයා...

      Delete
    9. දේශෝ කෙළින් කරන් ගියොත් ගාන වැඩියි.. මම නොවේ කියන්නේ අයිලාෂ් තමා.

      Delete
    10. නලියෝ උඹට වැරදිලා. අයිලාෂ් කිව්ව විදියට කොර කරන් ගියොත් තමා ගාන වැඩි.
      9999 +
      9999

      Delete
    11. ඇයි අද මේක හැරෙන තැපෑලෙන් උත්තර දෙන්නෙ. පිච්චමල් සුවඳක්වත් දැනිලද දන්නෑ.

      Delete
    12. උඹල මට පහුගිය ටිකේ නොසෑහෙන්න දොස් කිව්ව නිසා මේ හැදෙන්න බැලුවේ. අර හැලපස්ටයිල් කාරයා තමා මේ දවස් වල කොචෝක් දාන්නේ. අර ඇන්සෙන්නා ඌත් කරදරකාරයෙක්..

      Delete
    13. දැන් බන් ඔය විවුර්ත සම්බන්දතා මහා කෙලිය සහ සෙසු කෙලි ලෙස බෙදෙන්නේ නැත්ද ????????????

      Delete
    14. ආ.. ඒ බෙදිල්ල උඹට කරන්න පුළුවන් නේ.. හෙහ්...

      Delete
  4. පිච්ච මල් සුවඳට නම් මමත් ආසයි. ඒ වුනාට මට ඔහොම ඔය සුවඳ ගැන මෙව්ව එකක් නෑනේ, ෂික් අපරාදෙ.

    ReplyDelete
    Replies
    1. එහෙම මෙව්ව එකක් තියෙන ඒවත් තියෙනවා අනේ.. හිටහං ලස්සන එකක් දෙන්න...

      බැඳුම් ලිහාලමි

      Delete
  5. ඔන්න බලන්න මං ලස්සන හීනයක් දකිනවා වගේ තමා මේ කතාව කියෙව්වේ. ඇත්තටම අපට පරිකල්පනයෙන් මොනතරම් සුන්දර ලෝකවල පිය මැනිය හැකිද යන්න පසක් කරගන්නට කදිම කතාවක් දේශා. මතුපිටින් නම් තවත් එක් පෙම් කතාවක් පමණයි වුවත් ඉන් ඔබ්බට ගිය දෙයක් මම දැනෙනවා මේ කතාව තුළ.

    ReplyDelete
    Replies
    1. ඔව් නලියෝ මේක ප්‍රේමකතාවකට එහා ගිය විස්තරයක්. ආදරය කියන්නේ හැගීමක් කියල අපි හිතන්නේ අඩුවෙන්. ඒ හැගීම අපිව ගෙනියන තැන් සෑහෙන්න වෙනස්. මේත් ඒ වගේ දෙයක්... ස්තුතියි බාධා බිදගෙන මේ පැත්තේ ආවට...

      Delete
    2. ඔව් නලින් අයියේ ඒක නම් ඇත්ත

      Delete
    3. අසුචි දුවටත් ස්තුතියි...

      Delete
  6. හුරුපුරුදු සුගන්ධයන් එක්ක අතීතයට යාම සාමාන්‍යයෙන් සිද්දවෙන දෙයක්.බලපුවම අපි බොහොම දෙනෙකුට ඔය රෝගය තියෙනව,කතාව මගින් ඉවර කලාද.

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාව හැලපයියේ. අපි ඔක්කෝම හිතින් පිස්සෝ සමහර දේට.. කතාව මගින් නැවැත්තුව උඹල අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න හිතාගෙන..

      Delete
  7. අපරාදේ.. අවුරුදු දෙකක්ම.... හප්පේ මෙහෙම අවාසනාවත්ත මිනිස්සු...

    ReplyDelete
    Replies
    1. අවාසනාවක් නෑහැ ගොයියෝ... ඒවා සුන්දරයි.. ඊට එහා ගිය සම්බන්ධතා නිසා විදවනවට වඩා....

      Delete
  8. උඹ හිටපු ගමන් රොමැන්ටික් වුනේ මොකද කියලා මට හිතාගන්න බෑ. එල ලියවිල්ල

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් රොමැන්ටික් උනාම මක්වෙනවයි බං.... ඔන්න ඔහේ ලියල දැම්මා

      Delete
  9. ගැහැණිය, a
    ආදරය, b
    ගැහැනියකගෙ ආදරය, c
    ගැහැනියකගේ හිතේ ඇතිවන පිරිමියෙකු පිලිබඳ ආදරය, d
    ගැහැනිය බලාපොරොත්තුවන දේ අතර ආදරය හා තවත් දේ ඇත, e

    e = d + something යම් දෙයක්

    පිච්ච මල් ලෝලියාට නැත්තේ එයයි. something is missing, යම් දෙයක් අඩුයි?


    ReplyDelete
    Replies
    1. කෝ බන් මෙහෙ a,b,c මෙහෙම සමීකරණ විසදන්න බැහැ...ඕකට ඔය පරාමිති ඔක්කොම අතර සම්බන්දෙ දැනගන්න ඕන බොල,...

      Delete
    2. @ දයල්

      ඔබ කියන්නේ විවාහය හා ලිංගිය සංතෘප්තිය අඩුයි කියලද??? ඒක මේකේදි අත්‍යාවශ්‍ය නොවු සාධකයක්

      Delete
    3. @ මගියා
      යම් දෙයක් කියන්නේ ඒකද කියල අහපං ඔය කවියගෙන්...

      Delete
    4. ගමන් මගේ මඟියා
      'ගැහැණිය' සමීකරණයකට අරගෙන විසඳන්න පුලුවන් ගණිත ගැටලුවක් නම් ගණන් කාරයො තමයි මේ ලෝකෙ ඉන්න ලොක්කො බොල, !

      දේශක යා
      //“අපෝ මේ.. ඔයා හින්දා එයා මාව දාල ගියත් මම ඔයාව බදින්නෑ.. හරිද“//
      'යම් දෙයක්' කතානායකයා සතුව නැත.

      ගමන් මගියා විසඳන්න බලන්න සමීකරණය?

      Delete
    5. ඇදෙ ඕක සර්ව ලෝක පුට්ටුව කඩෙන වැඩක් බන්.මන් වෙලාවක සම්බන්දතා ටික කියන්නම් අඩු පාඩු හදහල්ල ..

      Delete
    6. @ දයල්..
      හුහ්. ඒක මට නොහිතුන පැත්තක්.. සිරාවට.

      Delete
    7. @ ගුවන්

      උඹ දැං විදපංකෝ ඉතිං සර්වලෝක පුට්ටු නොදා...

      Delete
  10. මානව සම්බන්ධකම කියන ජාතිය කොච්චර විවිධද.. ? කරුමේ කියන්නෙ අපේ ලංකාවෙ සමාජේ දන්‌නෙ ඔයින් බොහොම කීපයයි.. ඉතිං මේකත් තනිකර මානසික කේස් සමාජයක් වෙලා...

    ReplyDelete
    Replies
    1. සම්බන්ධතා කොයි තරං තියේද හිරු. ඒක අර්ථ දක්වන්නත් කව්න්ට් කරන්තත් බැරි තරං.

      Delete
  11. ඈ මෙහෙම නම් වෙන්න බැහැ ,,අවුරුදු 2 ක් සෝෆා එකේ විතරක් ඉදන් හිටියා ,, ආයේ පාරක් කියවන්න ඕනේ ඉදගෙන ඔව් ,, :-)

    ReplyDelete
    Replies
    1. මුන් මේ කරපුව ලෝක ලජ්ජාවට වහ වහ බ්ලොග් වල දානවා.....අවුරුදු දෙකක් සුවඳ බල බල විතරක් ඉන්නම ඇති අනේ මගේ කට .... හඃ

      Delete
    2. සුවර් එකටම පස්සේ මීටර් වෙන්න ඇති සැහ් මේක පිච්ච නෙවේ වෙරළු කියලා!

      Delete
    3. @ අපුර්වි
      ඔය ඉදගෙන කියන එක මුණුපොතේ පාවිචිචි කරාට මෙතන හැම වෙලේම කියවන්න යන්න එපා අනේ... අවුරුදු දෙකක්ම සෝෆා එකක් උඩ... ඔව්.. එහෙම තමා උනේ... පිච්ච මල් සුවදට වහල් වෙච්ච මිනිහෙක් ඊට එහා වහල් වීමක් දකින්නේ නෑ...

      Delete
    4. @ මගියා

      උඹ කොහොම හරි මේක මගේ පිට ගහන්නම හදන්නේ නේද...

      Delete
    5. @ අල්තයිර්

      වෙරළු සුවද ගෙදර ගියාමවත් හැමුවේ තැනි සුවදක්ලු..

      Delete
    6. @දේශක දැන් මට ඒක පුරුදුවෙලා.. මොකක්ද අනේ වෙරළු මල්වල සුවද කියන්නේ ,,මට පිච්චමල් සුවද නම් මතකයි, අනේ මන්ද අපේ දිහා ඉස්සර ඒ ගහක් තිබ්බා දැන් නැහැ මොන වුනත් ඔයාගේ කතාව මන් දෙපාරක් කියවූවා කියවල ඉවරවෙනකල්ම ලස්සනයි අයියේ , , :-(

      Delete
    7. මෙන්න මේ දැරිවිට කවුරුහරි වෙරලු මල් සුවද කියල දීහල්ලා..

      Delete
    8. @ ඔමා

      තැන්කුයි තැන්කුයි දෙපාරක් කියවපු දැරිවියෙක් කියන ඒවා ගැන දෙපාරක් හිතන්න එපායැ.. මම හිටගෙන ඒක බොරුවට කිව්වේ අනේ වාඩිවෙලා..

      Delete
    9. # නලියා
      අපේ ත්‍රයිබාසා විසාරද චම්පික ප්‍රසන්න මහතා ඒ සදහා සුදුසු අයෙකු ලෙස මම යෝජනා කරනවා..

      Delete
    10. @ ඔමා & නලීන්....

      වෙරළු මල් වලින් එන්නේ මහ අපබ්‍රංස සුවඳක්.මට ඒක විග්‍රහ කරන්න මොකක්ද මොකක්ද වගේ.

      Delete
    11. හිනස්සන්න එපා අරුවෝ සිරා කතාවක් යන අතරේ...

      Delete
    12. @ අරූ
      මටත් ඒ සුවද වින්දට පස්සේ ටික වෙලාවක් යනකං වෙන කිසිම සුවදක් විදින්න බැරි තරමට අකර්මන්‍ය වෙනවා බං...

      Delete
    13. @ මොරා...

      අපුරුවි කියන්නේ අපේ දරුවෙක් වගේ. හැමදේම උගන්නල තියන්න එපායැ මුං සමාජයේ වැඩ දායක පුරවැසියන් කරන්න. කෝ මේ වෙරළු මල් සුවද ගෙනාපු එකා..???

      Delete
    14. ඔයා අපේ ගෙවල් පැත්තෙත් ආවද මාමේ ඈ ?? :-)

      Delete
    15. ඉදගෙන මම නං ආවේ නෑ.. හැක්..

      Delete
  12. "පෝ මේ.. ඔයා හින්දා එයා මාව දාල ගියත් මම ඔයාව බදින්නෑ.. හරිද"

    මේක තමයි කතාවෙ උපරිම තැන. අපරාදෙ සල්ලි.

    ReplyDelete
    Replies
    1. හරියටම හරි .. උච්ච්ක්වයට පත්වෙන්නෙ එතැනින්.. හරියට සුරාන්ත්ය වගේ :D

      Delete
    2. @ උපේ

      ඒ කෑල්ල තමා මේ කතාවේ සාරය... ස්තුතියි

      Delete
    3. @ සමියා
      උඹත් ඒක හරියට මීටර් කරා.

      Delete
  13. දෙශ්කයා , ඉස්සර වගේ දැන් චිත්‍රා ඇන්ටිගේ වැට ගාව පිච්ච වැලේ මල් බලන්ඩ යන්නේ නැද්ද ?

    ReplyDelete
    Replies
    1. වැල බලන්න දැං යන්ට හිතෙන්නෑ බං. අනේකවිධ රාජකාරි නෙව.. මානසික සිරගත වීම හා භෞතිකව සිරගත වීම යන හේතුකාරණා නිසා..

      Delete
  14. ලස්සන කතාවක්.. ඔන්න මමත් ආව. දේශනා අහන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුතිය අගහරුවා... උඹ මීට කලින් ආවා නෙව.. මට මතකයි.

      Delete
  15. මටත් පිස්සුවගෙ ඔයි

    ReplyDelete
    Replies
    1. බොට මක්කටෙයි පිස්සු හැදේන්නේ..

      Delete
    2. උබ මොනවගෙ එකෙක්දකියල හිතල

      Delete
    3. එහෙම්මද// හැක් හැක්.. ඔන්න උඹට තොප්පියකුත් වැටිලා ඒ පාර..

      Delete
  16. මේක සමීප බවක් දැනෙනවා...... “විවෟත සම්බන්ධයක්“......මේ හොඳ විවෟත වචන දෙකක්

    ReplyDelete
    Replies
    1. එහෙම දේවල් සමිප අය ලංකාවේ නං හුගක් අඩුයි ඉෂාර.. ස්තුතියි පැමිණිම හා කතාකිරීම ගැන...

      Delete
  17. මට බය හිතුනේ පිච්ච මල වෙරළු මලෙන් නවතියිද කියලා.. ම්ම්ම්ම්ම්ම්,,,, අනේ මන්දා ඔහොම ගෑනු මිනිස්සු ඉන්නවද කියන්න නම්,හැබැයි සංකේත විදියට විඳින්න පුළුවන් කතාවක් ලියල තියේ.

    ReplyDelete
    Replies
    1. සංකේතාත්මකව නෙමෙයි බං හැබෑ ලෝකේ ඉන්නවා.. අර සින්දුවකුත් තියෙන්නේ දුරින් හිද ඔබ දෙස බලන්නං කියලා.. ඒ වගේ දේවල් තියෙනවා අර පොඩ්ඩි කිව්ව වගේ ඒකපාර්ශ්වික හැගීම් උනත් තියෙනවා..

      Delete
    2. හ්ම්ම්,සින්දු නම් තියේ තමා.

      Delete
    3. උඹට මේවා විස්තීරණ වැඩි කාරණාද මන්දා.. ඒ උනත් දැනගත්තට පාඩුවක් වෙන්නේ නැහැ. ස්තුතියි අල්තයීර්

      Delete
  18. ඇයි සුවද විදින්න විතරක් සම්බන්ධතාවයක් හදා ගන්න බැරිද...
    මං ආස ටයිප් එකේ කතාවක්...
    පට්ට ඈ...

    ReplyDelete
    Replies
    1. මට හිතුනා උඹ නං මේකට කැමති වෙයි කියලා... හැක්...

      Delete
  19. ඬුබ පිට පිටම මල්ටි බැරල් දෙන්නෙ දේසෝ :) විසිස්ටයි ඈ

    ReplyDelete
  20. හ්ම්ම්.. ඇයි බං මේ සුන්දර දේවල් individual properties කරලා තියෙන්නේ??

    ReplyDelete
    Replies
    1. ඒක ගැන මට කියන්න ඇත්තටම තේරෙන්නේ නෑ නාඩියෝ..

      Delete
  21. බොහොම තාත්වික කතාවක්. හැබෑ ජීවිතේ අය මෙතරම් දුරට නොගියත්, හිතින්වත් මෙහෙම දේවල් ගැන සිහින මවනවා ඇති. පිච්චමල් හරි සුවඳයි තමා. ඒකෙන් එන්නෙත්, ආසාවකට වඩා හිත සනසන සුවඳක්නේ. හරියට බුදු මැදුරක, මල් අසුනක පූජාවට තියලා වගේ.

    දේශකයගේ ඊලඟ උපන්දිනේට පිච්චමල් සුවඳ තියෙන පර්ෆියුම් එකක් දේශිකාට අරන් දෙන්ට ඕනි. :)

    යුරේනි නොෂිකා ??? මේ කවුද???

    ReplyDelete
    Replies
    1. ඒ මොරටුවෙ බර්ගර් ළමයෙක්.

      Delete
    2. @ පොඩ්ඩි
      පිච්ච මල් සුවඳ පන්සලේ සුවද උනානං අනාතයි.. අර දරුවා පන්සලේම ලගීවි. නැහැ පොඩ්ඩි ඒ සුවඳ ආකර්ශනයක් මතින් ගොඩ නැගිච්ච හැගිමක්. ඒ හැගීම ඒ මට්ටමේම තියාගන්න තරං මිනිස්සු පොහොසත් නැහැ. එතැනින් එහාටත් පියමං කිරීම තම ඉඩ ලද හැම විටම මිනිහගේ පරමාර්තය. ඒක ඒ මට්ටමේ සම්බන්ධතාවයක්ම පමණක් උනා කියන්නේ ලොකු කැපකිරීමක් වගේම පොහොසත් කමක්. වෙරළු මල් සුවද ජීවිතේ හැම දේමයි කියල හිතන මිනිස්සුන්ට හිතන්න යමක් ඇතෙයි කියලා හිතනවා මේකෙන්..

      දේශකයා පිච්ච මල් සුවඳට ආසා නැහැ..

      See this. https://www.facebook.com/yureninoshika

      Delete
    3. @ Kenji
      අම්මප මං දන්නෑ නේ එහෙනං මේ අපේ කිස්ටුව ලමයෙක්... හැක්...

      Delete
    4. //දේශකයා පිච්ච මල් සුවඳට ආසා නැහැ../// ඔව් ඉතින් උඹ කැමති වරළු මල් සුවදටනේ ....දැන් ඔය දැන් ඔය කිවේ මේක උඹ කල දෙයක් නෙමේ කියන්නද???

      Delete
    5. ඒයි මගියා උඹ නං පරණ වෛරක්කාරයෙක්ද කොහේද???

      පිච්ච මල් සුවද ලේයර් හතරක් වැදුනම උඹල ඔහොම කියන්නැ. ඇගපත හෝදල කරල තිසර යුග්මයට පළවෙන් පර්ෆියුම් ලේයර් එක. ඊට පස්සේ තිසර පට ඇතුලට හා පිටතට එය කාවද්දා ඇදගැනීම. ඉන් පසුව ඇදුමට එක ලේයරයක් භාවිතා කිරීම අවසානයේ ඇදුමට පිටින්ද පර්ෆියුම් ලේයරයක් කා වැද්දීම.

      ඊට පස්සේ මොකද වෙන්නේ, සීමාවක් නැති ජල තටාකෙකට මුහුණ ඔබනව වගේ ඔබට දැනෙයි. යනව යනව ඉවරයක් නෑ..

      Delete
    6. සංසාරේ දේශෝ .... මමවත් නොදන්නා සීන් කෝන් එකක්නේ බොල ඒ !@#$%^&*()_

      Delete
    7. ඒවා විදල බලන්න ඕන ඒවා ගුවන් මගේ මගියෝ... හැක්

      Delete
  22. ඔය මේනු වගේ ගැටිස්සියෝ මට හම්බ උනේ නැහැනෙ.
    සුවද පස්සෙ ගිය හැම මේනු ලාම ඇගේ එල්ලෙන්නමනේ ආවේ.
    ඉතා හොද නිර්මාණයක්.

    ReplyDelete
    Replies
    1. බොලාට හම්බ උනත් වැඩක් නෑ වෙරළු මල් සුවද තමා අන්තිමට හමන්නේ..

      ඈ කෙන්ජියෝ අපේ ප්‍රසා මලයා පට්ට සුවදක් නේ හොයගත්තේ. තව ටිකෙන් අර මදුරු නාශකයත් සෙට්ටපෝච්චි වෙනවා.. හැක්...

      Delete
  23. අනේ මඑං ඔහම බොක්කට වදින්න ලියන්න එපා. හිත එකතැන් කරගෙන කොහමද ඔපිසියෙ වැඞක් කරගන්නේ.
    සමහර සමිභනදතා වලට නමක් නැහැ. (අනියමි කියනවට මම විරැද්දයි)

    ReplyDelete
    Replies
    1. මේ බන්,, පොඩ්ඩක් ගෑණු පරාන නැති වෙලාවක පොඩ්ඩක් හිතල බලහන්.ඔය උඹේ තියන සම්බන්දතා ඔක්කොටම එක නමක් දෙන්ඩ වෙයි.ඊට පස්සේ එක කෙලින්ම කියන්නේ නැතුව මේ වගේ වැදගත් කොටස් හොද සුවඳ තියන මලක නමක් දාල පොස්ට් එකක් දාහන් ....

      Delete
    2. මේ අපේ දේශකයටත් වෙලා තියෙන්නේ එකයි.ඌට ඔය වගේ මීටර් උන ගමන් මේ වගේ පොස්ට් එකක් දැම්ම හිත සනසගන්න.

      Delete
    3. @ සන්ජීව
      අනියම් සම්බන්ධතා කියන්න නරකයි මචෝ ඒවට. එහෙනං ළමයි හදාගෙන පව්ල් පන්සල් දෙක තුනක් තියෙන ඒවට නං අනියම් කියන්න පුළුවන්.. උඹ ඕවා හිතන්න එපා වැඩ ටික කරපං බෙස්ට් ෆෝර්ම් එකේ...

      Delete
    4. @ මගියා
      හිත සැනසේනං වෙන කුමක්ද ළමයා... උඹට ලබන පාරත් ඒඊඩී 2300 ක්ම වැදියං...

      Delete
    5. :).., අද ඉඳන් වදින දඩයක ගාන උඹේ රතු ලේබලෙන් අඩුවේ.. බියර් එකක් පමණක් වීමටද ඉඩ ඇත... වදින දඩයේ මිල අනුව ...

      Delete
    6. එහෙම කරන්න එපා ඩෝ. උඹ කොහොමත් ඔය දඩේ කන එක කනවමයි. හැබැයි ඉතිං හිතල වැඩ කරොත් බොට මට රෙඩ් ලේබල් දෙකක් විතර ගෙනැත් දෙන්නත් පුළුවන්.. නැද්ද...

      Delete
    7. සුවදට විතරක් ආශා කලානම් ,,ඔය රටේ ලෝකේ ඕනේ තරම් තියෙන්නේ සැන් බෝතල් ,,එයා ෆ්රෙශ්න ,,, අරවද මේවද ඔක්කොම ගෙදර ගෙනත් ගහ ගන්න තිබ්බනේ

      Delete
    8. මෙන්න මේකි දේශගේ රෙදි ගලෝනවෝ....

      Delete
    9. @ ඔමා

      ඔය ඔක්කෝම ගෙදර ගෙනැත් පුරවං හිටියත් බොලා ඒවා එක පාරට ඔක්කෝම ගාගන්නෑ නෙවද???

      Delete
    10. @ නලියා

      හැක්. හිතුව මදි ඒකි ඒවා කරන්න. තව හොද කතා ටිකක් මට කිව්වා මුණුපොතේදී. ඇඩෙන්නම ආවා.

      Delete
    11. වැඩිහිටියෙක්ව අපහසුතාවට පත් කරන්න හොද නැහැ.. වැඩි විස්තර වත්පොතේ සබැදියේ ඇති,, @නලින් අයියේ මෙයාගේ කැරැට්ටුව මායි ගමන් මගියයි අවුස්සලා ගත්තා

      Delete
    12. අපුර්වියෝ ඒ ලින්කටුව මම දාන්නද එහෙනං.. රෙදි ගැලවුනත්.. හැක්

      https://www.facebook.com/deshakaya/posts/196365340534397

      Delete
    13. ගමන් මගේ මගියා/ දේශ්/ ඔමායා/නලින් අයියා
      ‘‘මගේ මුලු ඡිවිතය පුරාම මෙි විදිංහට අාධිපතුය පතුරවලා සර් මොනවද බලාවිවීපොරෝත්තු වෙන්නෙ ?“
      “ඔයාව ඇදට අරගෙන යන්න නෙමෙියි. ඔයා තුල ඔයාව ගොඩනගන්න“
      “කොහමද ඔයා මාව මෙිතරමි වෙනස් කලේ..ස්පර්ශයකින්වත් තොරව..“
      (සතය්‍ය සිද්දියකි)
      දේශ්..මම මෙිතරමි විවෘත වුනේ..සංවාදයක් ගොඩනගන්න..උඔලා මාව වරදවා තේරැමි ගන්න එපා.

      Delete
    14. ගමන් මගේ මගියා/ දේශ්/ ඔමායා/නලින් අයියා
      ‘‘මගේ මුලු ඡිවිතය පුරාම මෙි විදිංහට අාධිපතුය පතුරවලා සර් මොනවද බලාවිවීපොරෝත්තු වෙන්නෙ ?“
      “ඔයාව ඇදට අරගෙන යන්න නෙමෙියි. ඔයා තුල ඔයාව ගොඩනගන්න“
      “කොහමද ඔයා මාව මෙිතරමි වෙනස් කලේ..ස්පර්ශයකින්වත් තොරව..“
      (සතය්‍ය සිද්දියකි)
      දේශ්..මම මෙිතරමි විවෘත වුනේ..සංවාදයක් ගොඩනගන්න..උඔලා මාව වරදවා තේරැමි ගන්න එපා.

      Delete
    15. සන්ජිව

      මට නං උඹව වරදවා වටහගන්න කිසිම උවමනාවක් නෑ ඒක මම ලියපු දෙයින්ම පැහැදිලි ඇති කියල හිතනවා.

      ඒ වගේ ආදිපත්‍යයක් පතුරවන්න පුළුවන් තමා මම ඒක දන්නවා. හුගක්ම සැරපරුෂ උනාමත් ඒ වගේ දේ කරන්න පුළුවන් නේද?? උඹලගේ ෆිල්ඩ් එකේ විදියත් එක්ක මම කිව්වේ

      Delete
    16. සංජීව මෙන්ඩිස් උඹත් ගහට නැඟල පොල් කෝකද බහින එකෙක්ද බන්....

      Delete
    17. සංජීව උඹ මේ ගැන තව විස්තරයක් කියහං..

      Delete
    18. ගමන් මගේ මගියා/ දේශ්
      මට එයාව මුන ගැහෙන කොට නිකන්ම නිකන් අත්උදවිකාරිනියක් විතරමයි. අද වෙනකොට මානව සමිපත් ඞිප්ලෝමා පාඨමාලාවක් හදාරමින් ඉන්නේ. දවසක එයා මානව සමිපත් කලමානාකාරිනියක් විදිහට මම visit කරන කාර්මාන්ත ශාලවක් පාලනය කරනවා දකින දවසක මම දිනුමි.
      නැහැ දේශ් සැරපරැෂ විදිහට ආදපාත්්‍ය පතුරවන්න පුලුවන් රැකියාව තුල විතරයි නමුත් යමි කිසිකෙනෙක් එයාගේ ප්‍යෙද්ගලික ඡිවිතේ තිරන තව කොනෙක් සමග දොගන්නවා කියන්නේ එතනින් එහාට ගිය බැදිමක්.
      මට වයස අවු-36 එයාට 19 යි මට පුලුවන් එයාව වැරදකට වුනත් පොලබවන්න නමුත් ඇයි මම එහම කරන්නෙ? මොකද ගමන් මගේ මගියා..මම පොල්ගහට නැග්ගේ තන කොල කපන්න නොමෙියි පෙිල් කඞන්නමයි.
      අද මම කරන දේ වැරදි කියල දකින කොනෙකුගේ ඡිවිතේ හෙට එහම අවස්ථාවක් එන්න පුලුවන්..අපේ ඡිවිත වල පුර්ව නිගමන දේන්න අපිට පුලුවන්ද?
      අපි අපිට ආදරය කරනවා හැබැයි ඒ මගේ හොර ගැනි නොමෙයි මොකද අපි අතර කායික ලිංගික බැදිමක් නැති නිසා.

      Delete
    19. උඹ කියන කාරනේ ගැන මට වැටහිමක් දැං තියෙනවා. මේවා විපරීත දේවල් විදියට බලන මිනිසුන් වැඩි ප්‍රමාණයක් ඉන්න තැනක මැජික් වගේ වෙන්න පුළුවන්. නමුත් හැම දේම ලිංගිකත්වය ට පවරන අපේ කෙන්ජි ඇතුලු නඩේට හොද ප්‍රති උත්තරයක් මේක.. මම උඹට ගරු කරන්නෑ නමුත් මම උඹ කරන දේ ගැන කැමතියි.. ඒක විශ්වාසය පදනම් වූ හා ස්වයං හික්මවීම මත ඇති වූ සම්බන්ධතාවක්...

      Delete
    20. Sanjiwa hora gani kiyanne kaayika sambandayak witharak tjiyana ho nathi ganiyak wenne naha.umba kisima kayika sambandayak nathi unath wena ganiyakta adare karanawa nam eka aniyam sambandayak....ethakota dan umba kayika sambandayak nathiwa inna ethana hethuwak thiyanawa.

      Dan me kathawe desha thaniyama inne dakapu mul dawase indan e aadara hangim pahala una kellek ekka.ethama eelanga stage ekata yanna thahanamak thibila nathuwa mehema una eka ""abaggayi yakuneeeeeereeeeeeee"

      Delete
    21. Sanjiwa hora gani kiyanne kaayika sambandayak witharak tjiyana ho nathi ganiyak wenne naha.umba kisima kayika sambandayak nathi unath wena ganiyakta adare karanawa nam eka aniyam sambandayak....ethakota dan umba kayika sambandayak nathiwa inna ethana hethuwak thiyanawa.

      Dan me kathawe desha thaniyama inne dakapu mul dawase indan e aadara hangim pahala una kellek ekka.ethama eelanga stage ekata yanna thahanamak thibila nathuwa mehema una eka ""abaggayi yakuneeeeeereeeeeeee"

      Delete
    22. ගුවන් මගියා (සිංගිරිස් පරිවර්තනය)
      සංජීව, හොර ගෑනි කියන්නේ කායික සම්බන්ධයක් විතරක් තියෙන හෝ නැති ගෑනියෙක් වෙන්නේ නැහැ. උඹ කිසිම කායික සම්බන්ධයක් නැති උනත් වෙන ගෑනියෙක්ට ආදරේ කරනව නම් ඒක අනියම් සම්බන්ධයක්... එතකොට දැන් උඹ කායික සම්බන්ධයක් නැතිව ඉන්න, එතන හේතුවක් තියෙනවා.

      දැන් මේ කතාවේ දේශා තනියම ඉන්නේ දැකපු මුල් දවසේ ඉදන් ඒ ආදර හැගීම් පහල උන කෙල්ලෙක් එක්ක. ඒතමා ඊළග ස්ටේජ් එකට යන්න තහනමක් තිබිල නැතුව මෙහෙම උන එක “අබග්ගයි යකුනේනේනේනේනේනේනේනෙනේ“

      Delete
  24. හරි හරි බං. ඕක අහවල් එක නෙවෙයි කියන එක උඹත් දන්නවා, මේනුත් දන්නවා කියහංකෝ. ඒ බව උඹලගේ අවයත් දන්නවද?

    ReplyDelete
    Replies
    1. හැන්රියෝ අවි වැඩ කරන්නේ මිනිස් හිතින් කියන එක බොලාට අමතක උනේ කොහොමද? මැරිච්ච මිනිහගේ අවයවෙත් එහෙනං වැඩ කරන්න එපැයි පොට්ට මීටරේ වගේ.. නැද්ද.. නැහැ බං එහෙම දේ තියෙනවා වැදගත්ම දේ තමන්ගේ ස්වයං හික්මවීම හා ඒ සබැඳුනු වින්දනයයි. ඒකයි මේ වගේ සම්බන්ධතාව වල තියෙන වටිනා කම. බොට කියන්න මම තාමත් කෝච්චියේ යන ගැනු ළමයෙක් දිහා හැමදාම බලනවා. අවුරුදු ගානක් තිස්සේ. අවුරුදු ගානක් ඈත මම ඇය දකින හා විඳින විදියයි අදටත් මම ඒකිව දැකල විඳින දේයි අතර කිසි වෙනසක් නෑ. පොඩ්ඩිත් කිව්වේ ඒ වගේ ඒකපාර්ශ්වික දෙයක් ගැනයි..

      Delete
    2. මූ එහෙ යනකොට ඇන්ටි ව්‍යග්‍රා ගහල ගිහින් තියෙන්නේ.මොනා උනත් මල්ලි නිදි ,,,ඕක වෙන්නම බැහැ මු කල වැඩේ වෙනස් කරලා පොස්ට් එක දැම්මේ....අපිට ඇත්ත දැනගන්න සදාචාරාත්මක අයිතියක් තියේ....

      Delete
    3. ඕකේ මීට එහා බලන්න බොලාට සදාචාරාත්මක අයිතියක් තියෙනව නං හොදට හිතල බලපං. අන්න එතකොට පෙනේවි. උඹ කියන්නේ ඔක්කෝම ටික මෙතන පත බාවල වැල බොගක් කරන්න කියලද,,

      Delete
    4. කොටින්ම ඔව් ඔව් ඔව් . . .

      Delete
    5. ඒ කියනනේ තොපි මාව කන්නද යකෝ හදන්නේ...

      Delete
    6. එසේය දේශකයනෙනි එසේය,,, පත බාවනු මැනවි ....

      Delete
    7. කරදර කාරයෙක්ව බ්ලොක් කරන්න පහසුකමක් මේකේ තියෙනවද කියල හොයන්නම වෙනවා දැන්නං!! හැක්...

      Delete
    8. දන්නා හැටියට නැහැ බන්....

      Delete
    9. හෙහ්.. එහෙනං ඒක මගේ කරුමේ වගේම උඹේ වාසනාව. නැත්නං ඒ ටොපිය උඹටයි...දෙන්න හිටියේ. ගුවන් මගියෝ...

      Delete
    10. හෙන්රි මම මෙිතනදි දේශ්ගේ මතය වෙනුවෙන් පෙනිහිටිනවා.. කාරිනා කාපුරවයි උඹවයි ඇදුමි ගලවලා කාමරයකට දාලා වහලා තිබුනත් උඹගේ අරමුන වෙනදෙයක් නමි උඹට ඒකිව අල්ලන්නෙවත් නැතුව ඉන්න පුලුවන් නේද?

      Delete
    11. //කාරිනා කාපුරවයි උඹවයි ඇදුමි ගලවලා කාමරයකට දාලා වහලා තිබුනත් උඹගේ අරමුන වෙනදෙයක් නමි උඹට ඒකිව අල්ලන්නෙවත් නැතුව ඉන්න පුලුවන් නේද?//

      මේකට මම එකඟයි.. ඒ දේ පෞද්ගලිකව මාත් අත් විද ඇති දෙයක්.. එතැනදි විශ්වාසය හා හික්මීමයි වැදගත්. අපි හුගක් දේවල් අමාරුවෙන් හංගන් හා ඉවසන් ඉන්න එක ඇත්තයි. නමුත් හැම වෙලේම එහෙම කරන්නෙත් නැහැ. නමුත් අවශ්‍ය වන්නේ එය නම් එය කිරිමට පසු බට වන්නෙත් නැහැ. නමුත් කිසි කෙනෙක් තුල පවතින (මා ගැන) විශ්වාසය පළුදු නොවෙන්න කටයුතු කරනවා. ලිංගික දේකදි නං කොයි තරං ඇදල ගන්න උත්සාහ කරත් ඒකට නැමෙන්නේ නැහැ. මම ඒ දේ කරල තියෙනවා සංජීව. උඹ කියන එකේ හරයක් තියෙනවා..

      Delete
    12. +++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    13. වැට ගහන්නේ මොකාද මේ.. පහුවෙලා ඇවිල්ල...

      Delete
  25. අත්තානං උපමං කත්වා කියල මං ඔතන මෙච්චර නිමිච්ච මාව තියල හිතල බැලුව. ම්හු... වෙන්නම බෑ.. අතිශයින් අසාමාන්‍යයි.. හෙන්රිය කියන එක හරි..

    ReplyDelete
    Replies
    1. හෙන්රියගේ පොට්ට මීටරේ වැඩ කරනවා ඒකයි.. හැක්.. නිමිච්ච කියන්නේ අයියේ හිතෙන් නිමිච්ච දෙයක් නෙමෙයි බලෙන් නිවාගත්ත දෙයක්. හැබෑ නිවිල්ල කියන්නේ ඒකටයි.. ඒකයි ඒ දේ හුගක් පොහොසත් දෙයක් කියල මම කියනනේ.. අසමාන්‍ය වන්නේ වැඩිපුර නොදකින දේ මිසක් නොමැති දෙයක් නෙමෙයි... එහෙමයි මට හිතෙන්නේ..

      Delete
    2. මම කිවේ උඩ මූ බලෙන් නිමාන ගිහින්

      Delete
    3. සමහර දේයින් නිවෙනවා කියල උඹ අහල නැත්ද බං. එහෙම දේ තියෙනවා.. උඹ කෙලින් කරං ගියාම ආච්චි කෙනෙක් ඇදට නැග්ගොත් මොකෑ වෙන්නේ.. අවයම වැඩ කරයිද හිත නැතිව. හැමදේම හිත.ඒක මේ වගේ සුන්දර නං අවයවත් ඒ සුන්දර බවට අවනත වෙනවා...

      Delete
  26. අවුරුදු 2කම සෝපා එක උඩ හිටියා විතරක් වෙන්න බැහැ.
    එහෙම හිටියනම් උඹට පුදුම හැකියවක් තියෙනවා හැගීම් පාලනය කරන්න ඉන්න.එක බොහොම අමරු දෙයක් නමුත් එහෙම අය නැතුවමත් නොවේ.
    ආදරය ලිංගිකත්වයෙම්ම අවසන් විය යුතු දෙයක් නෙමේනේ.

    ReplyDelete
    Replies
    1. //අවුරුදු 2කම සෝපා එක උඩ හිටියා විතරක් වෙන්න බැහැ//

      අවුරුදු දෙකක එකදිගටම උනානං ඒක වෙන්න බෑ තමා.. බං..

      //ආදරය ලිංගිකත්වයෙම්ම අවසන් විය යුතු දෙයක් නෙමේනේ.//

      මේ හැගීම ටිකක් හරි මිනිස්සු තුල තිබුනොත් ලෝකය සුන්දර වේවි කියල හිතෙනවා..

      Delete
    2. ලිංගිකත්වය කියන්නේ ඔකට මෙික ඔබන එකමද? නැහැ අපිට හැගිමි පාලනය කරගන් පුලුවන් නමුත් අපි නොකරනවා මිසක්..
      මම ගැහැනු ලමයි 2400 එක්ක ඉන්නෙ එහනමි මම කෙලින් කරගත්ත ගමන් ඉන්න ඔිනා

      Delete
    3. Me sanjiwoo,methama desha kiyanne umba factory eke wsda karana ganu lamek gans wage neme.palamuwen dakapu dawase indala hadawatha tig tig gspu kellak ekka inna siin ekak ban
      ...

      Delete
    4. ඒක නං ඇත්ත සංජීව. හැම සම්බන්ධයක්ම ලිංගේන්ද්‍රෙයන් අවසන් වෙනව නං හිතින් හිතන දේ ගැන මේ අය මොකද කියන්නේ. ඒකපාර්ශ්වික ප්‍රේම, ඒකපාර්ශ්වික යහන් ගත වීම් හැම මිනිහටම ගැහැනියකටම තියෙනවා.. (නැති අයත් ඇති)

      Delete
  27. සමහර දේවල් තියෙනවා ඈතින් ඉදගෙන හරිම සුන්දර විදිහට රස විඳින්න පුළුවන් දේවල්. ජීවිතේ ලස්සන කරන්නේ ඔය වගේ සුන්දර විඳීම් තමා. ඒවා ආත්මගත විඳීම්. අමිලගේ අන්සතු දිනපොතෙත් මේ වගේ ලස්සන විඳීමක් තියෙනවා...

    ReplyDelete
    Replies
    1. හැම කෙනෙක්ම අඩු වැඩිව ඒ දේවල් විදල තියෙනවා නමුත් වින්දනීය වූ හැගිම් විශ්වයක් තරම් වූ වෙනත් අපරිමිත හැගීම් වලින් වහං වූ පසු, එවැනි වින්දනීය හැගුම් තිබුනාද කියාවත් අමතක වෙනවා ඒකයි සත්‍යය මොරැබ්...

      මොන හේතුවක් හින්දද මන්ද මම අන්සතු දිනපොත කියවන්නේ නැත්නේ. උඹට ස්තුතියි දැං වත් කියවන්න හිතේවි මට

      Delete
  28. පිච්චමල් පර්පියුම් එකක් ගෙදර ගෙනහින් කොට්ටෙට දාගත්තනම් ඉවරනේ..

    ReplyDelete
    Replies
    1. එතකොට කොට්ටේ ඉඹින්න නේ වෙන්නේ අයියේ. ඔහේ ඒකට කැමතිය....

      Delete
  29. තැන්ක්යූ හොදේ කඩ්ඩ කියලා දුන්නට

    "මල් නොතලා සුවඳ විඳි කාලයකි" මේකනං සුවර් නෑ

    ReplyDelete
    Replies
    1. හෙක්.. කතාවේ හැටියට නං සුවර් නොවෙන්න විදියකුත් නෑ වගේ බොරළු මහත්තයෝ..

      Delete
  30. බොට ඊයක් විද්ද මල්ලියො.
    බලල උත්තරයක් දෙන්න.

    ReplyDelete
    Replies
    1. බලහං උඹේ දුන්න කැඩිල ඊය වෙන අතක ගියාද කියලා. අන්න මේල වෙනස් කරලා උඩින් දාලා ඇති. ඒකට දාපියව් දාන ඕන මලදානයක්..

      Delete
  31. ලාංකීය සමාජය තුල නම් මෙය අනුමත කරන්නේ නෑ. ඒසේය කියා මේවා සිදුනොවෙනවා නොවේ. මේ කතාවේ මම දකින අපූර්වත්වය නම් අවු. 02 ක් වැනි කාලයක් ප්රේදමය විඳවීමක් කරනොගෙන වින්දනය කිරීම. මෙය සැබෑ ප්රේමමයකටත් එහා ගිය සංවේදී බවක් එක්කරනවා. කාල බේදීමේ අපිළිවෙල සාර්ථක කතා ආකෘතියක ලක්ෂණයක් දේශකයා.

    ReplyDelete
    Replies
    1. අනුමත... කව්ද අනේ මේ සමාජේ කරන හැමදේම අනුමත කරන්නේ... ඒ ගැන කතා කරල වැඩක් නෑ.. ස්තුතියි දිරිගැන්වීමට. ඔයා ඉතිං කතා කාරයෙක් නේ...

      Delete
  32. අටමත් එක්ක තොටලග නාගලම් වීදියට ගියොත් නරකද ? එහෙ ඉන්නවා හොද වෙද මහත්තයෙක්...

    ReplyDelete
    Replies
    1. සිරා. ඔන්න උඹේ සත්ගුණවත් බාවය කැපෙන අවකතාවක් කිව්වා. හැක්...

      Delete
    2. නැහැ සිරා...මමඋඹට පොඩි උදාහරනයක් කියන්නද අපේ පවුලම ඇවිත් උඹලා එක්ක විනෝද වෙලා ගිය සහෝදර හැගිමට එහායින් දෙයක් එතන තිබුනද?

      Delete
    3. දේශා සිරාට එන්ඩ කියහන් දවසක , මතක් කරලා ගෝනි මහන කට්ටකුත් අරගන ,

      කෝ මේ කෙන්ජියා

      Delete
    4. මිනිහා 2015 එනවා නේ. ආවම මත්තලදිම අල්ලගමු. එතකොට කොහේද කටුනායකක්. නැද්ද අටමෝ

      Delete
  33. ලොකු කතාවක්. තහනම් ගහේ ගෙඩි නොකා මල් සුවඳ විඳීම නේ..

    නිර්මාණය එක්සලන්ට්.

    ඔහොම ලියන්න තිබුනානම් හිතෙනවා. කෝ අපිට බෑ නෙව. අපි තව මෝරලා නැති වෙන්න ඇති..

    ජය වේවා...!

    Bora Diyaka Induwara

    ReplyDelete
    Replies
    1. උඹට මොකෝ බැරි ඕවා ලියන්න... තහනම් ගහ කියල එකක් නෑ කියල හිතාගෙන වැඩ කරාම ඒ ගහේ ගෙඩිත් වැඩක් නැති වෙනවා

      Delete
  34. මේ වගේ හික්මීමෙන් කරපු සබඳතා මටත් තියෙනවා. එතන නොවුනේ අර වැඩ ටික විතරයි. නමුත් ඒවා විස්තර කරන්න බැරි දැඩි සබඳතා.

    ReplyDelete
    Replies
    1. සුදීක මටත් ඕන උනේ එහෙම විවෘත සබැදින් ඇති බව පෙන්වන්නට තමා.. දැඩි බැදිම් ඇති එහෙත් නොමැති සබදතා..

      Delete
  35. මගේ ජීවිතෙත් මේ වගේ ... එකම වෙනස මම කවදාවත් බදින නැ ... එයා බදින්නයි හදන්නේ .. එපමණයි ...

    අදමයි මේ පැත්තේ ආවේ ... දේශකයාණෙනි ... අදුනිකයෙක්ගේ ඉල්ලීමක් තියේ ... අපේ පැත්තේ ඇවිත් යන්න එන්න ...

    http://nethukadulu.blogspot.com/

    ReplyDelete
    Replies
    1. මම ගියා සුළඟ හමන පැත්තේ ස්තුතියි දැනුවත් කිරීමට.

      මුලින්ම කිව් වදන් කිහිපය ගැඹූරු තැන් කරා ඇදෙනවා..ස්තුතියි මේ පැත්තේ ආවට.. එන්න දිගටම..

      Delete
  36. “මට හිතෙන්නෑ ඒක.. එහෙනං මමනේ වැරැද්දක් කරන්නේ. ඔයාව තුරුල් කරන් ඉදගෙන. අනික අපේ ගෙදරම. දැං කොච්චර කාලයක්ද අනේ. අවුරුදු දෙකක්ම හැම දාම හවසට... ඔයාට පිච්ච මල් එපා වෙන්නැත්ද?“

    “නෑ.. මම ඔයාට හෙටත් එයින් පර්ෆුයුම් එකක් අරන් දෙන්නද?“

    “ඔයාට පිස්සුද? හෙට සංජීව එනවා ලංකාවට“

    “ඉතිං මට මොකෝ.. මම එනවා හවසට“

    “අපෝ මේ.. ඔයා හින්දා එයා මාව දාල ගියත් මම ඔයාව බදින්නෑ.. හරිද“///////මේ කතාව තුන් වෙනි වතාවටත් කියෙවුවා ,, සැක් ලජ්ජා හිතුනේ නැද්ද අම්මප ඈ,,

    මේ කෙල්ලත් මාර කෙල්ලෙක් මේ මෝඩයව අවුරුදු දෙකක් තිස්සේ හරක කරන් ඔක්කොම දේවල් අරගන්නවා ගන්න ඇති අපිට ලාවට ඔහොම කිවුවට ,, සෙන්ට් එකක් විතරක් දෙන්නෙන් නැහැනේ ,, ඒ වගේම ගොඩක් නරක ...හර්දශාක්ෂියක් නැති නරක ගැහැනියක් එච්චරයි ,,

    දිගටම ලියන්න ජය වේවා

    ReplyDelete
    Replies
    1. නැහැ පර්ෆියුම් එක සංකේතයක් විතරයි.. ඒක හැමදාම ගෙනැත් දෙන්න ඕන නෑ නේද කාලයක් තිස්සේ පාවිච්චි කරන කෙනාට.. හෘද සාක්ෂීය කියන දේ තියෙනවා අපුර්වි. ඒත් ඒ ඔබ හිතන හෘද සාක්ෂීය සමාජය අනුව වෙනස් වන දෙයක්. මේකට හෘද සාක්ෂියක් අවශය නැහැ.. මොකක්ද වැරැද්ද...

      Delete
  37. හරිම සුන්දර හිතට වැදෙන කථාවක්. අපි හැමෝටම වගේ කාටවත් කියාගන්න බැරි සමහරවිට කවදාවත් ඉටු නොවුනු හැගීම් හා බලාපොරොත්තු තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචෝ.. උඹ ලියපු කවියට ටිකක් ගැලපෙන නිසයි ලින්කටුව දැම්මේ..

      Delete
  38. මට මෙක කලින් දකින්න ලැබුණේ නැනෙ ,එහෙනම් මිට වඩා හොද එකක් ලියනවා ,,නියම කතාව ,ඔය මානසික හැගිම් මෙ විදිහට අනිත් අයට තෙරෙන තරමට අකුරු කරන එකත් මාර අමාරුයි ..

    ReplyDelete
    Replies
    1. එහෙනං අපරාදේ.. හැක් හැක්.. තැන්කුයි සහෝ..

      Delete