Friday, August 30, 2013

එම්බා.. ම්..

“මිනිහ හරිම අහිංසකයෙක්.. එපා මිනිහට කරදර කරන්න“

ඉස්සරහ වැටේ ඇල්බීසියා කෝටුවක් ගලවන්න උත්සාහ දරණ මනිමෙල් දිහා බලාගෙන කෝපාවිෂ්ඨ ව ඉන්න තම සැමියාට, සීතා බොහොම හෙමීට එහෙම කිව්වා. තමන්ගේ සැමියා උනත්, රංජන්ගේ තියෙන නහර ගති දන්නා නිසාම, තමන්ගේ කටින් පිටවෙච්චි වචන වලට තමන්ටම වගකියන්න වෙන විත්තියත්, රංජන්ට කියපු වචන වලට වඩා බර සාර ඇති වචන සමුහයක් එක පාරටම අහගන්නත් හැකියාව ඇති බව දැනගෙනම, සීතා මනිමෙල්ට පක්ෂව පළමු සාක්ෂිය ඉදිරිපත් කරා.


හැන්දෑවේ පාර දිගේ වැනි වැනි ආපු මනිමෙල්, එක පාරටම ආවේසයෙන් වගේ තමන්ගේම වැටේ ඉන්නක් කිසිම වගවිභාගයකින් තොරව ගලවන කොට අයිතිකාර රංජන් මහත්තයා මොනව කරන්නද? අඩුගානේ ඒ ගැන අහන්නවත් මනිමෙල්ට යුතුකමක් තිබ්බා නේද කියල හිතන කොටත්, මනිමෙල්, පස් අට්ටියක්ම එක්ක ඉන්න ගලවල අතේ උරුක් කරගෙනත් ඉවරයි. සීතාගේ කතාව නිසා තරමක් සන්සුන් වේච්චි රංජන් නෝක්කාඩුවෙන් වගේ මනිමෙල් එක්ක කතාවට පැටළුනා.

“මනිමෙල්, උඹට තියෙන හයිය මොකක්ද මගේ වැටේ ඉනි ගලවන්න. ගිය සතියේ ඉන්නක් ඉගිල්ලුවෙත් උඹම තමා. ආයි නැතිය කියන්න එපා.“

ක්රාස් ගා කෙල පිඩක් බිම හෙළු මනිමෙල් උගුර දෙපාරක් විතර පාදාගෙන, වැටට බර දුන්නේ තමන් ඒකෙන් ඉන්නක් ගලවගත්ත එකට හිලව් වෙන්න වගෙයි. ඒ උනත් මනිමෙල්ට කෙලින් හිටං ඉන්න අමාරු බව සීතා නෝනා දැක්කා. කකුල් දෙක එක තැන තිබ්බත්, ඉන හරියෙන් පොඩි කැරකීමක් තියෙන්නේ වැටට හේත්තු වෙච්චි නිසා නොවෙන වග හැමදාම වගේ අදත් සීතා නෝනා තේරුං ගත්තා.


“ම්මහත්තයා.. මේකයි.. මගේ වරද.. මගේ වරද.. මං ඒක පිළිගන්නවා..“ 

එහෙම කියාගෙන අතේ තිබ්බ ඉන්නත් එක්කම දොහොත් මුදුන් දීලා රංජන් දිහාට හැරිල මනිමෙල් සමාව ගන්නවා. ඒ අතරේ අතේ තිබ්බ කෝටුව බිමට වැටුනම, එක අතක් නළලේ තියාගෙනම පහත් වෙලා කෝටුව අනිත් අතින් ඇහිදගෙන ආයේ දොහොත් මුදුන් තියාගන්නවා. තව ටිකකින් ආයෙත් කෝටුව බිම. පරණ පුරුදු විදියටම තමන්ගේ රංගනය කිසිම අඩුපාඩුවක් නැතිව කරන මනිමෙල් දිහා බලං හිටිය නෝනා මහත්තුරු ජෝඩුවට චිරිස් ගාලා එක පාරටම හිනා පැන්නා.

“හා හා උඹ පලයං මනිමෙල්. හැබැයි ආයේ ඉනි ගලවනව නෙමෙයි හරිද??“ රංජන් හිනාවීගෙනම කිව්වා.

“හර්ර්රි. ෂර්.. එහෙනං මට ෂමාවෙන්න.. මං ගියා. හරිනේ“ එක කකුලක් ඉස්සරහට තියන ගමන් මනිමෙල් කිව්වා. ඒ අතරෙත් කකුල පැටලිලා වැටෙන්න ගියාම, 

“ඔහ්. බලගෙන බලාගෙන.. තමුසේ වැටෙයි..“ කියල රංජන් සද්දෙන් කිව්වට “මළ කරදරේ“ කියන ටික හෙමින් කියවුනේ.

චෙස් බෝඩ් එකේ ඉන්න නයිට් පනිනවා වගේ මනිමෙල් යන විදිය බලං හිටිය දෙන්නා ආයෙත් තමන්ගේ වැඩ පළ වලට යොමු උනේ, මනිමෙල්ව අමතක කරලා.

*****************************************************
පැයක් විතර යද්දී. එහා පාරෙන් මහ සද්දයක් ඇහෙනවා මිනිස්සු විස්සක් තිහක් විතර එක විකාරෙට කෑගහනවා. බැන ගන්නවා. කනේ තියල වගේ මේ සද්දේ රංජන්ට විතරක් නෙමෙයි සීතටත් ඇහුනා. ඒත් ඒක මොන දෙයක් ද කියන එක තේරුම් ගන්න ඝෝෂාව බාධා කරන නිසා, රංජන් හිමින්ම කඩුල්ල පැනල සද්දේ එන දිහාවට ගියා. කළුවර අතරෙම කව්ද කට්ටියක් මිනිහෙක්ව උස්සන් දෙස් දෙවොල් තිය තිය ටවුම පැත්තට යන විත්තිය රංජන් දැක්කා. හැබැයි මේක ගමක්ම ඇවිස්සුනු දෙයක් විත්තිය රංජන් දැක්කේ වැල නොකැඩි බාගෙට ඇදුම් ඇදගත්ත ගෑනූ පිරිමි ඔක්කෝම පෙරහැර වගේ ඒ පස්සෙන් යන කොටයි. තව ටිකක් පාර ඉස්සරහට ගිය රංජන් සිද්ධිය මොකක්ද කියල දැනගන්න නොඉවසිල්ලෙන් බලාගෙන හිටියේ.

“ඒයි.. බන්දු... මොකක්ද බං වෙලා තියෙන්නේ“

“රංජන් මහත්තයෝ.. මහ අපරාදයක් නෙව. අර මනිමෙලාට කට්ටියක් ගහල අත පය බිදල දාලා“

“හැහ්.. ගමට ඇවිත් ගහලා.. “

“ඔව් ගිය සතියෙත් උන් ටික ඇවිල්ල සත්තමක් දාලා ගිහිල්ල තියෙන්නේ. අද හරියටම වැඩේ දීලා“

“ඉතිං උඹල කොහේද ඔය යන්නේ“

“අපි මනිමෙලාව ඉස්පිරිතාලෙට දාලා පොලෝසියට යනවා.“

**************************************************
“මනිමෙල්.. උඹට මොකද උනේ“ රංජන් බොහොම කාරුණිකව, ලණු ඇදේ දපල අත පය වෙලාගෙන හිටිය මනිමෙල්ගෙන් ඇහුවම, අමාරුවෙන් කටහඩ අවදි කරපු මනිමෙල් මුමුණන්න ගත්තා.

“සර්.. මේ යක්කු නොදන්න දේවල් වලට මාව ගාවගෙන“

“ඒ කිව්වේ...“

“සර් දන්නවනේ.. මම එම්බාම් කරන මිනිහා. ඔය මට ගහපු එකෙක්ගේ අම්මව එම්බාම් කරන්න මිනී පෙට්ටි සාප්පුවට ගෙනාපු වෙලාවේ ඒ වැඩේ කරේ මම“

“ඉතිං“

“ඒ වෙලාවේ ඔතන හිටිය කොල්ලෝ ටිකට එතනිං එළියට යන්න කිව්වත් ඇහුවේ නැතිව ඇතුලටම වෙලා හිටියා. කමක් නැතෙයි කිව්ව නිසා...“ 

ටික වෙලාවක් නිහඩව හිටිය මනිමෙල් ආයේ කටහඩ අවදි කරා.

“ඉතිං මං මගේ වැඩේ කරන්න ගත්ත මහත්තයෝ... ඉස්සෙල්ලම ඕක හෝදල අරගෙන මම පෝමලින් ගහන වැඩ ටිකත් කරගෙන, ඇද වෙලා තිබ්බ අතක් වැලමිට ගාවින් බිදින කොටම මැරිච්ච කෙනාගේ පුතෙක් ආවා ඇතුලට. ටකස් ගාලා සද්දේ ඇහුන විතරයි බීල හිටිය මූ මට ගහන්න පැන්නා. අත ළග තිබ්බ පිහිය අරන් මම ඌට ළගට එන්න එපා කිව්වේ, මහත්තයෝ බොඩිය බිමටවත් වැටුනොත් පුදුම අපලයක් නෙව වෙන්නේ.“

“මිනිහා මම කියන දේ අහන්නැතිව මට එතනදි ගැහුවා. ඒත් කමක් නෑ කියල හිටියට ඇද වෙලා තිබ්බ අනිත් අත කඩල කෙලින් කරන්න මුං ඉඩ දුන්නෙම නෑ. අන්තිමට පෙට්ටි සාප්පුවේ මහත්තයා ඇවිල්ල කියලත් ඒක කරන්න දුන්නේ නැති නිසා, උන් කියන විදියට අපි වැඩේ කරා. ඒ උනාට අත් දෙක එකතු කරල පෙට්ටිය හැදුවම එක අතක් උඩින් ගිහිල්ලයි තිබ්බේ. ඒක වස කැතයි මහත්තයෝ. මොනව කරන්නද ඒත් අර හාදයගේ කැමැත්ත නෙව“

“ඉතිං ඉතිං මනිමෙල්“

“මරණේ ඉවර වෙලා, දීපු බඩු ටික අරන් ගණං හිලව් ටික අරන් එන්න ගියාම, මරණ ගෙදර ඔක්කෝම නෑයෝ ටික එකතු වෙලා අපිට කඩා පැන්නා... ඒ විතරක් නෙමෙයි එදා මට ගහපු එකත් මට බැන බැන හිටියා. අන්තිමට එතනත් මහා කාලගෝට්ටියක් උනේ, අපි සල්ලිත් නොගෙන ඉතුරු බඩු ටික ගන්නෙත් නැතිව පැනල ආවේ මුන් එතන්දිම අපිට ගහල වාහනෙත් කුඩු කරන්න හැදුව නිසා“

“අන්තිමට මහත්තයෝ.. උනේ අර මොකාද එකාට වෙච්චි දේ.. බොඩිය හරියට හැදුවේ නැත්තේ මමෙයි කියල මුන් මට තර්ජනය කරා. ඊට පස්සේ තමා මට ගහල ඇටකටු ටික බිදල දැම්මේ. මං අර මහත්තයාගේ වැටේ ඉන්නක් ගලවන් ගියෙත් ඒකයි. බයටම... මුන් මොන වෙලාවේ හරි පාළු පිට්ටනිය හරියෙදි මට ගහයි කියල සැකේ තිබ්බ නිසා“

******************************************************

තවත් අවුරුද්දකින් විතර රංජන්ගේ අම්මා අන්තරා උනා. අම්මාගේ මරණේ වැඩකටයුතු කරන්න බාර දුන්නෙත් මනිමෙල් වැඩ කරන සාප්පුවටමයි. ඒ වැඩ ටික හොදට කරන්නං කියල මනිමෙල් කිව්ව නිසා, කව්රුත් කරනව වගේ බාගයක් ගෙනැල්ල දෙන්න රංජන් කටයුතු කරා. තවත් ටික වෙලාවකින් එම්බාම් කාමරේ ඉදල මනිමෙල්ගේ කටහඩ ඇහෙන කොට, රංජන් පාර කිට්ටුවටම ගියේ ඒ සද්දේ අහගෙන ඉන්න බැරි නිසාමයි.

“යකෝ... සුදා.. ගොං හරකා.. ඔහොම නෙමෙයි යකෝ මිටියෙන් ගහපං මැනික් කටුවට. අන්න හරි... දැං බෙල්ල ටිකක් කරකවල ඇජොස් කරපං.. ඇගිලි ටික නොකඩ එකට තියන්න බෑ යකෝ.. ඊට පස්සේ ගලව්ස් දෙක දාලා හරියට තියල මහපිය ඉදිකට්ටෙන්“

පාර දිහා බලන් හිටිය රංජන්ට, ඒ ළගම පාරේ දෙන්නෙක් ගේ දබරයක් බලන්න සිද්ධ උනා. උන් පොර කුකුල්ලු වගේ දගලනවා. ඒක වලක්වන්න වටවෙච්චි මිනිස්සු අතරින් කෙනෙක් දබරේ තුනී කරන කොට කියපු වචන ටික අහල රංජන්ට සීතව මතක් උනා.

“මිනිහ හරිම අහිංසකයෙක්.. එපා මිනිහට කරදර කරන්න“

71 comments:

  1. යකෝ උඹට මාර රහට ලියන්න පුළුවන්නේ... මේක නම් උපරිමයි.. වැල් වටාරම් නැති නිසා පෂ්ඨ...

    ReplyDelete
    Replies
    1. ඇබං මාතලං උබේ පෝස්ට් එකේ කොමන්ට්වලට රිප්ලේ කොරන්න තමයි වෙලාව නැත්තේ. එකේ කොමන්ට් කරාපු උන් වේලිලා.

      Delete
    2. හැක් හැක්.. එහෙනං අවුලක් නෑ...

      Delete
  2. නියම කතාව දේශකතුමෝ. ඔහොම තමා ලෝක ස්වාභාවේ,කොයි කාට කිව්ව කොයි බණත් කණපිට හැරෙනවා තමන්ට කෙල වෙලා තමන්ගේ පැත්තෙන් විතරක් ඒ දිහා බලද්දී.ඉස්තීරෙටම කොයි අවස්ථාවේ උනත් එකම අදහසේ,මතයේ ඉන්න මිනිස්සු හරි අඩුයි.
    කතාව යස අගේට ගලපලා තියෙනවා.මුල් හරියේ විතරක් වාක්‍ය දිග වැඩියි වගේ ඩිංගක්.පස්සේ ලස්සනට ගලාගෙන ගෙහුං නෙව. අගෙයි යසයි.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. මටත් හිතුනා දිග වැඩියි කියල...

      Delete
  3. ඔය අපේ මළ මඟුල් ගෙවල් සහ මිනි එම්බාම් කිරිල්ලමත් මහ මළ විකාරයක් වගේ පේන එකෙක් මං.. ඒත් ඉතිං මං කොච්චර එපා කියලා තිබ්බත් කවද හරි මං මළාමත් වටේ පිටේ උන් “එයා එහෙම කිව්වට අපිට එහෙම කරන්න පුළුවන්ද” කියලා මාවත් එම්බාම් කරයි...

    අර උඩ කියලා තිබ්බ වගේ නහරකාර ගතියක් නෑ නේ මේ රංජන්ගේ.. ඒ මනුස්සයා කල්පනා කරලා වැඩ කරන කෙනෙක් වගේනෙ... හම්ම්....

    ReplyDelete
    Replies
    1. අනිවා එහෙම තමා බං

      Delete
  4. අටම් බොලා එක එක කතා දේශ් මලයට කිව්වට කොහොමද ලියවන ලියවිල්ල.
    මල් හතයි ශත පනහයි දේශ් මල්ලිය.නියමයි.

    ReplyDelete
    Replies
    1. මං ඉතින් මේකට නරකක් කියපු වෙලාවක් කියහංකෝ කෙන්ජයියේ

      Delete
    2. @ කෙන්ජි
      ශත පනහ මම තියාගන්නං මාරු කාසිත් නැති එකේ..

      Delete
    3. @ අටම
      මට අහන්න තියෙන්නේ උඹ මොන වෙලේද ගොළුවොත් එක්ක කතා කරන්නේ කියලයි..

      Delete
  5. ඇත්තටම මේ කතාව සාහිත්‍ය නිර්මාණයක් හැටියට අන්තිමයි.... පිට කසන අය හොදයි කිව්වට මේවා හොද දිණමිණ පත්තරේ අග පිටුවට තමයි....

    ReplyDelete
    Replies
    1. තවත් කරුණු ඉදිරිපත් කල හැකි නම් සතුටු වෙමි.. මා කැමතියි විවේචන බාරගන්න. ඒවා නැති එක නේ බං කේස් එක...

      Delete
    2. ඇත්තටම ඇනෝල මුන ගැසුන වෙලාවට මම හොදට සලකන්නෙ ඒකනෙ.
      අපේ මොළවලට වඩා සම හරක් වෙලාවට ඉදිරියෙන්.

      Delete
    3. කෙන්ජිය සලකන විදියට අපිට නං සලකන්න බෑ... ඒක හරිම පස්ට සැලකිල්ලක්

      Delete
    4. මගේ අදහස අනුව නම් සාහිත්‍ය නිර්මාණයක් විදියට හොඳයි. උපමා උපමේය පැත්තකින් තිබ්බත් අඩුම ගානෙ කියවන්න පුළුවන් වෙනස් ආරක කතන්දරයක් මේකෙ තියනව.
      කාර්යාලයට ලැබෙන ලංකාදීපෙ තියන කෙටිකතා එක්ක බැලුවම මේක දාහක් හොඳයි. පිට කහන්න ඕනවට කිව්ව නෙවේ.

      Delete
    5. ස්තුතියි රාජ්. උඹල කියවන නිසා නෙව මේවා ලියන්නේ..

      Delete
  6. අම්මට සිරි...

    ඇත්තටම දේශකයට සුපිරියට ලියන්න පුළුවන්නේ....කතාව එක හුස්මට කියවගෙන ගියා කිසිම බෝරින් ගතියක් නැතිව. නියමෙටම ලියලා තියනවා.

    සුපිරියි. ඇන්කර් පිඩියා ප්‍රෝ එහෙම බීලද ඔය තරම් සිරාවට ලියන්නේ?

    ReplyDelete
    Replies
    1. මොන සුපිරියක්ද බං මම තාම ලියන්න පුරුදු වෙන එකා

      Delete
  7. ඈ බං කොහොමද උඹ ඕක හරියට ටක්කෙටම දන්නේ??

    ReplyDelete
  8. හ්ම්...
    නියම කතාව. අන්තිමේ කාට උනත් කියන බන රිටර්න් වෙනවා.. ඒක දැනගෙන ජීවත් වෙන එකයි කරන්න තියන්නේ..

    ReplyDelete
    Replies
    1. අහරුවා කියන එක ඇත්ත...

      Delete
  9. මමනම් දිනමිණ පත්තරේ කියවන මිනිහෙක්. එකෙත් සාහිත්‍ය නොවන නිර්මාණ ගොඩක් තියේ. මට හිතෙනවා රසාස්වාදය කියන්නේ මොකක්ද මිනිස්සුන්ට එකිනෙකාට දැනෙන විදිය ඇනෝ කියන කෙනාට මහාචාර්ය සරත්චන්ද්‍රයන්ගේ බසෙන් කියලා දෙන්නත්.. අනේ මොකටද ?
    මිනිහෙක් නිර්මාණයක් කරන්නේ බොහෝ වෙහෙස මහන්සි වෙලා. ෂෝර්ට් නවල්, නවල් ලියන හැම මිනිහෙක්ම වචනයක් වචනයක් පාසා හිතනවා. ඒක බොහොම අපූරුවට ගලපවන්න උත්සහ කරනවා. මිනිස්සු මූණ වහගෙන පුස් බීජ අත අරින්න එන එකනේ පුදුමේ. හරියට එම්බාම් සීන් එක වගේමයි. නියම උදාහරණය ඈ...

    නියමයි අයියේ.. නියම නිර්මාණයක්. මට අවසන් වෙනකං හිතා ගන්න බැරි උණා මොකද වෙන්නේ කියලා. ඊට පස්සෙත් චුට්ටක් කල්පනා කළා. පස්සේ තමයි මොලේට වැටහුනේ යටි අර්ථය.
    මොනා උනත් මේකනම් අපූරු නිර් + මානයක් ( මැනිය නොහැක්කක්..)
    දිගටම මේ වගේ එව්වා ඕනේ ඈ..

    Bora Diyaka Induwara

    ReplyDelete
    Replies
    1. මට නම් මේ කතාවෙ අපූර්වම තැන සියළු සිදුවීම් අවසානයේ කියන “මිනිහ හරිම අහිංසකයෙක්.. එපා මිනිහට කරදර කරන්න“ වචන ටික, කතාවෙ මුලදි ඒ වචන ටිකෙන් ඇතිකරන හැඟීමයි අවසානයෙ ඇතිකරන හැඟීමයි අතර වෙනස.

      Delete
    2. @ බෙන්
      උඹ හෙන ලොකු ජාතකයක් එක්ක විවරණයක් කරල තියෙනවා. මම ඒකට කැමතියි

      Delete
    3. @ DDT

      උඹ කියන එක ඇත්ත. මට අදහසක් දෙන්න ඕන උනේ මිනිහාගේ නරක එක එක විදියයි කියන එක ගැන..

      Delete
  10. නියමයි දෙශා.මම කවදාවත් කියවල නෑති වස්තුබිජයක්.නියමෙට තියෙනව

    ReplyDelete
    Replies
    1. වස්තු බීජෙනං මමත් කියවලාම නැති එකක් තමා.. හැක්..

      Delete
  11. මට හරියට තේරුනේ නැතෝ. ආයෙත් සැරයක් හෙමින් සීරුවේ කියවලා බලන්න ඕනේ.

    ReplyDelete
  12. යකෝ බොල මෙන්න කතා.....!සුපිරි එකේ පලවෙනි එක .

    ReplyDelete
    Replies
    1. අනේ පලයං යන්න ඉවාන්... උඹ ඊට වඩා සුපිරි කතා කාරයෙක්..

      Delete
  13. මනිමෙල් අහින්සක ඈති. එත් එම්බාම් කාරයොයි , මිනි පෙට්ට් කඩ කාරයොයි, හර්ස් එලවන උනුයි, ඔක්කොම දක්සයි දත් ගලවන්ඩ. තේ බොන්ඩයි , අරක්කු බොන්ඩයි කිය කියා දිගටම වෙනම දෙන්න ඔන. මාර දත් ගැලවීමක් ...!

    ReplyDelete
    Replies
    1. ඇත්ත,මනිමෙල් අහිංසක උනත් බහුතරයක් මිනි කඩකාරයෝ හරියට මිනිකාක්කෝ වාගේ තමයි වැඩ කරන්නේ.

      Delete
    2. @ පුරේ
      ඒක නං මාත් දැකල තියෙනවා දත ගැලවීමේ විසේසක්ඥයෝ

      Delete
    3. @ මනෝජ්

      මනිමෙල් අහිංසකයි කියල නං කිව්වේ නෑ.. බං ඒක තමා මතුපිටින් තියෙන්නේ

      Delete
  14. හොඳ නිර්මාණයක්..!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රෙහානි... උඹට පිස්සු එහෙම නෑනේ...

      Delete
  15. කතාව නං කිසිම කම්මැලිකමක් නැතිව කුතුහලයෙන් කියවගෙන යන්න පුළුවනි...හැබැයි උඹ කමෙන්ට්වලට උත්තර බඳින්නෙ නැති එක නං අප්සැට්

    ReplyDelete
    Replies
    1. උත්තර නොදෙන එක ගැන ලියන්නම වෙනවා වගේ දැන්නං..

      Delete
  16. ම් මුලින්ම හිතුනේ අර යකා වෙන පාරක ගිහින් කියලනේව ම් රහට ලියල ...!!!

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි රාජ් දැක්කමත් සන්තෝසයි... තැන්කුයි මේ පැත්තේ ආවට... (පරෝපකාර සේවා කරනව කියල ආරංචියි. ඒවා හොද වැඩ)

      Delete
  17. මල්ශාලවක් පටන් ගනින් බං.අදායම් නැති වෙන්නේ නැහැ බිස්නොස් එකට.හරියට FD එකක් දැම්මා වගේ තමයි.

    ReplyDelete
    Replies
    1. සික්.. මට ඔය වැඩ අල්ලන්නෑ නේ බං..

      Delete
  18. ඇත්තටම කතාව ගොඩක් රසවත්...

    ReplyDelete
    Replies
    1. හුගක් ස්තුතියි මොරා. ඒක ශක්තියක් මට..

      Delete
  19. නියමෙට ලියල තියෙනව දේශකයො.
    මම දන්න අඳුනන මිනී පෙට්ටි සාප්පු කාරයෙක් ඉන්නව ඕන්නං බොට සෙට් කරල දෙන්න පුලුවං. :D

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. අර හාදය සෙට් කරල දෙන්නේ මක්කටෙයි. බොන්නද නැත්නං මිනි කපන්නද??

      Delete
  20. කොහොම උනත් රංජන් කුකුල් කේන්තිකාරයෙක් නම් නෙවි වගේ.

    හ්ම් ... ඔය එම්බාම් කරද්දි කුදු මිනිස්සු කෙලින් කරන හැටි ගැන එහෙම මමත් අහල තිබුනා. තව, මැරුණෙ තරුණියක් නම් එම්බාම් එක කරල ඉවර වෙනකන් පවුලෙ කෙනෙක් ළඟ ඉන්නව වගේ කතාත් අහල තිබුනා, කවුද දන්නෙ ඕවයෙ ඇත්ත නැත්ත.

    ReplyDelete
    Replies
    1. //මැරුණෙ තරුණියක් නම් එම්බාම් එක කරල ඉවර වෙනකන් පවුලෙ කෙනෙක් ළඟ ඉන්නව වගේ කතාත් අහල තිබුනා//

      ඔය කතාව මාත් අහල තියනව..

      Delete
    2. සාමාන්‍යෙයන් තරුණ කාන්තාවක් මැරුනම එහෙම කරන්න තරං සමාජයේ තියෙන කියවීම හොදනෑ. ඇත්තටම ඒක වෙනවා..

      රංජන් ගෙදරට කුකුල් කේන්තිකාරයෙක් නේ බං..

      Delete
    3. @ චන්දන
      ඒ වගේ අකරතැබ්බ වෙච්චි තැන් තියෙන නිසයි මිනිස්සු එහෙම ආරක්ෂාකාරි වැඩ කරන්නේ...

      Delete
  21. //“මිනිහ හරිම අහිංසකයෙක්.. එපා මිනිහට කරදර කරන්න“//

    ඔය කොටස මුලදියි අගදියි දාල මතු කරන්න හදපු අදහස මොකක්ද කියල මං මේ කල්පනා කරන්නෙ. ආයෙ ඇවිත් නිදහසේ කියවල බලන්නම්.

    ReplyDelete
    Replies
    1. නැහැ චන්දන.. එතැන දෙදෙනෙක් ගැලපුවා.. නමුත් සම්පුරුණයෙන්ම වෙනස් අය. ඒත් සිද්ධිය දැක්කේ එකම කෙනා. තමන්ගේ පවුලව මතක් උනේ තරහින්ද නිකංද කියන එක උඹම හිතල බලහං

      Delete
  22. අඩේ මරුවට ලියලා තියනව නොවැ ඈ

    ReplyDelete
    Replies
    1. බොට තැන්කුයි තරුවෝ... ඇවිල්ල කියෙව්වට

      Delete
  23. ඒ කියන්නේ මනිමෙල් කියන තරම් අහිංසකයෙක් නෙමේ කියන එකද?

    ReplyDelete
    Replies
    1. අන්න හරි.. ඒක තමා.. කව්රුත් අහිංසකයොම නෙමෙයි..

      Delete
  24. වෙලාවකට දේශකයට එනවා ලියන මූඩ් එකක් අපිට හිතාගන්න බැරි විදියේ නිර්මාණ කරන. මේ ඒ වගේ එකක්.

    ReplyDelete
    Replies
    1. ඔව් අර කිව්ව වගේ ඩිසීඩි පිටි එකක් බිව්වම එන ඒවා වෙන්ටැති...

      Delete
  25. උබට රහට ලියන්ඩ පුලුවං කියල මං නං දන් න්එ මෙක කියවන්න කලින්.. අර සුද්දිගෙ කතාව දාපු දවසෙ මං දැනගත්තා උබ කවුද කියලා..

    මේවගේ ඒව දිගටම ලියහං දේසකො

    ReplyDelete
    Replies
    1. ඒයි උඹ මොනවද බං දැනගත්තේ.. සිකේ ලැජ්ජාවේ බෑ... .තැන්කුයි සමියා..

      Delete
  26. බලාගෙන යනකොට ඒම්බාම් කිරීමත් පණ යන වැඩක්. කතාව ලස්සනයි දේශක. ඒත් අවසාන කොටසේ මොකද්දෝ අවුලක් මට දැනුනා.

    ReplyDelete
    Replies
    1. අවුලක් ගැන කියන්න මට තේරෙන්නෙ නෑ තරු.. ඒත් මට හිතුනා අන්තිම කොටස මම හොදට ගලපන්න උත්සාහ කරා කියලා.. ස්තුතියි..

      Delete
  27. අපූරු ගෙත්තමක්.
    'චෙස් බෝඩ් එකේ ඉන්න නයිට් පනිනවා වගේ මනිමෙල් යන විදිය' අලුත්ම විදියක උපමාවක්.
    එම්බාම් කරන අය බාගයක් නැතුව වැඩේට බහින්නෙ නෑ කියන එක අහල තියෙනව. නැත්නම් මාලු කපනව වගේ බඩ කපන්න අතපය කඩන්න ගට කොයින්ද, එහි තිබෙන අපුල වහගන්නෙ කොහොමද?
    ආණ්ඩුවේ මරණ පරීක්ශක ලඟ ඉන්න මිනි කපන්නා ශල්‍යවෛද්‍යවරුන්ටත් වැඩියෙ දක්ශයි කියලත් අහල තියනව.
    මේ කතාවේ තිබෙන උත්ප්‍රාසයත් දෛවයේ සරදමත් උදාරයි.
    රංජන් සිහි බුද්ධියෙන් කටයුතුකරතත් අපි ලොකු ලොකු පණ්ඩිත කතා කීවාට තමනට යමක් සිදු වූ විට තමන් ක්‍රියා කරන ආකාරය බොහෝම වෙනස්.

    ReplyDelete
    Replies
    1. // අපි ලොකු ලොකු පණ්ඩිත කතා කීවාට තමනට යමක් සිදු වූ විට තමන් ක්‍රියා කරන ආකාරය බොහෝම වෙනස්.//

      මේක කතාවේ මුලික හරය දයල්...
      ස්තුතියි ඔබ

      Delete
  28. විරල කතා තේමාවකින් හොඳ කෙටි කතාවක් මචං.... මාතලං වැල්වටාරම් නැති කමට හොඳය කිව්වට, මට නම් හිතෙනවා තව වැල් වටාරම් ටිකක් දාල අග හරිය ලස්සන කරනන් තිබ්බා කියලා....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තිසර. උඹ කියන ඒවා සාමාන්‍යෙයන් මං හොදටම අහනවා...

      Delete
  29. අන්න ඒකනෙ මං ලිවුවෙ මල මිනියටත් වදදෙන සිරිත් ගැන..

    ReplyDelete
    Replies
    1. කෝ ඒක... එහෙනං ඇවිල්ල අවුස්සලා බලන්නං...

      Delete