Monday, August 5, 2013

යකඩ අඬයි!!!

මම ඉස්සර වැඩ කරපු තැන, බොහොම පොඩි තැනක්. එතැන හිටියේ හරියටම 31 යි මාත් එක්ක. ඒ හාදයන්ගේ පඩි නඩි, කම්පැනියේ ෆිනෑන්ස් පැත්ත විතරක් මම බලපු හින්දා මගේ එකම ටාගට් එක තිබ්බේ මාසේ අන්තිමට 15% ප්‍රොෆිට් එකක් තියෙන විදියට වැඩ කරන්න. හැබැයි මේ ටාගට් එක කව්රුවත් දුන්න එකක් නෙමෙයි මම හිතින් හදාගත්ත එකක්. මොකද මම ඉස්සෙල්ලම වැඩට ගියපු දවසේ අයිතිකාරයා මට කිව්වේ,

“මල්ලි, මම මේක අමරුවෙන් දුවන්නේ.. ලාභයක් හම්බ වෙනවනං ඒක සෑහෙන්න කලාතුරකින් තමා. ඒත් ආසාවටයි මගේ ඕන කමටයි තමා මේක දුවන්නේ“ කියලා.

ඔය හේතුව හින්දා මට උවමනාවක් තිබ්බා මේ ගැන හොදට හොයල බලන්න. මේක තරමක් සාර්ථක රජයේ අනුමත ගරාජයක්. ඉන්සුරන්ස් වැඩ, වැලුවේෂන්, ෆිට්නස් රිපෝට් වගේ ඒවත් එක්ක ගරාජ් එකේ රිපෙයාර් වැඩ වැඩි හරියක්ම කරගන්නේ ආණ්ඩුවේ කන්තෝරු. ඒ වාහන වල ඩ්‍රැයිවර්ල හරියට ගැරේජ් එකේ වැඩ කරන උන් වගේමයි. උන්ට මෙතැන කිසි අමුත්තක් නෑ. හැබැයි රිපෙයාර් එක ඉවර උනාම සම්පුර්ණ ගාස්තුවෙන් 10% ක් දෙන එක අනිවාර්ය දෙයක්.

කොහොම හරි මම මාසයක් විතර බැලුවට කිසිම දෙයක් වෙනස් කලේ නෑ. හැමදේම ඒ විදියටම යන්නත්, මගේ හරස් පරික්ෂාවන් හා අනෙක් නිරික්ෂණ ටික කරගෙන ගියා හෙමින් සීරුවේ. මාසේ අන්තිමට මේ ගරාජ් එකේ එකවුන්ට් එකෙන් ඉතුරු වෙන මුදලින් (ඒ කියන්නේ ඔක්කෝම හිලව් උනාට පස්සේ) හරියටම භාගයක් අයිතිකාරයගේ එකවුන්ට් එකට දානවා, මිනිහටත් පඩිය කියල ගානක් තමා ගෙවන්නේ. ඉතුරු බාගේ තමා මාසේ මුල් දවස් දෙක තුන පාවිච්චි කරන්නේ. එහෙම යද්දි කීයක් හරි චෙක් එකකින් ආවොත් තමා මිනිහා කියන්නේ ගිය මාසේ මෙන්න මේ ගාන තමා ලාභ කියල. ඒ කියන්නෙ අර සල්ලි එනකොට ඉතුරු වෙච්ච ගාන..

මාසයක් තිස්සේ මේ වැඩ පිළිවෙල බලපු මට තේරුනා.. අනවශ්‍ය විදියට භූමිතෙල්, අත් පිහිදන, ග්‍රීස් වගේ දවස ගානේ ගේන භාණ්ඩ කිහිපයක ලොකු අවුලක් තියෙනවා කියන එක. ඒකේදි තවත් හොයාගත්ත කාරණයක් තමා කැට්ලෝපේස්ට් සීන් එක. මොකද ඒවා ගෙනැත් තියන්නේ නෑ මුං ඒවා කනවයි කියල. ඒ වගේ තවත් කාරණා කිහිපයක් තිබුනා. එකක් දවල් කෑම සපයන එක, අත්තිකාරම් මුදල් දවස ගානේ ගෙවන එක. මේ හැම දෙයක්ම කරන්නේ ලියන්නා කියල එකෙක්. ඌ වගේ වෙට්ට පිත්තල එකෙක් නං මම අවුරුදු ගානකින් දැක්කේ නෑ. සීයක් හිටියත් මිනිහට අඹරන්න ඕන ගුලිය අඹරනව යස අගේට. දිනපතා මුදල් පාලනය තිබ්බේ මිනිහගේ අතේ. ඒකට මට ඇගිලි ගහන්නත් බෑ අනික ප්‍රායෝගිකව මිනිහ ඒ වැඩේ කරන්නත් ඕන. අන්තිමට බැලුවම සාමාන්‍යෙයන් දවසක වියදම රු. 25000 ක් විතර වෙනවා. 

මට සිද්ධ උනා තරමක් මේ ක්‍රමවේදය වෙනස් කරන්න. අත්තිකාරම් සතියට එක දවසක් දෙන්න. ඒකත් රෙජිස්ටරයක් මගින්. භූමිතෙල්, ග්‍රීස් වගේ දේවල් සදහා සංචිතයක් තියාගන්න. කැට්ලෝපේස්ට් සතියකින් ගෙවන්න පුළුවන් වෙන්න ක්‍රමයක් හදාගන්න. හැබැයි කෑම කතාවට අත තිබ්බේ නෑ. එහෙනං මට කන්න කටකුත් නැති වෙයි. තව සීන් එකක් මම දැම්මා, දිනපතා වියදං කරන ලියන්නාට දෙන සල්ලි ටික එදිනෙදා මට හවසම, බිල් දාලා සෙට්ල් කරන්න ඕන කියල. මේකට මිනිහා අදිමදි කරාට, ඕවා වැඩිය නොතේරෙන අයිතිකාරයා මම කියන විදියට එයාට වැඩ කරන්න කිව්ව නිසා කරබාගෙන හිටියා.

පොඩි පොඩි කඩා පැනීම් වගේ දේවල් මම කරන්න ගත්තා. ඒකෙදි අහුඋනා කැට්ලෝ පේස්ට් ගේන ප්‍රමාණය බිලේ ප්‍රමාණයට වඩා අඩුයි කියල. ඒ විතරක් නෙමෙයි ඔයිල්, ඔටෝ ඉලෙක්ට්‍රිකල් අයිටම් පවා එහෙමයි. වැඩිම ප්‍රමාණයක් භාණ්ඩ අධි මිලට ගෙන ඒමක් තමා තිබුනේ.

මාස දෙක තුනක් යද්දී, අයිතිකාරයට තේරුනා පොඩි ලාබයක් තියෙන විත්තියක්. මාස හයක් විතර යන කොට ලොකු පාලනයක් කරන්න මට පුළුවන් උනා. ඒකෙන් මම ලොක්කටවත් නොකිය එකම එක දෙයක් කරා. මාසේ අන්තිමට ලැබෙන ලාබෙන් වැඩිම ප්‍රමාණයක් (අඩු ගානේ 80% ක් වත්) මිනිහගේ එකවුන්ට් එකට දාන්න. මම එදා මේ දේ මිනිහට නොකිය මිනිහගේ හොදටම කරාට ඒක මට පස්සේ පඩිසන් දුන්නා.

තව මාස 8 ක් විතර යනකොට මිනිහගේ අකවුන්ට් එකට දාපු සල්ලි ප්‍රමාණය රු. ලක්ෂ අටකට වැඩිය තිබ්බා. පොරත් කවදාවත් පොත අප්ඩේට් කරන්නෑ.. කාඩ් එක දාලා උවමනා සල්ලි ගාන ගන්නවා එච්චරයි. ඒ ගැන තැකීමක්වත් නෑ මොකද පොර දන්නවා සාමාන්‍යෙයන් රු. 40000 කට වඩා මාසෙකට මිනිහට ගන්න බැරි විත්තිය.

එක දවසක් කරුමෙට පොත ඉවර වෙලා අප්ඩේට් කරද්දි ලක්ෂ හයකට වැඩි ගානක් පොතේ තියෙනවා දැක්කට පස්සේ පොර හති හලාගෙන ගැරේජ් එකට ආවා. ඇවිත් මට කිව්වා ඔක්කෝම පොත් ටික බලන්න ඕන කියලා. මම හා කියල ඔක්කෝම දුන්නා. හැබැයි මිනිහා බැලුවේ අන්තිමට ලාබේ විදියට ඉතුරු වෙන ගාන විතරයි. එහෙම බැලුවම භාගේට භාගේ කතාව මේකට ගැලපෙන්නේ නෑ. මාත් කිව්වේ නෑ පොර සේ හිටියා. පැය දෙකක් විතර ඒ ටික ඔක්කොම බල බල ඉදල, මිනිහා හවස යන වෙලාවේ මට කිව්වා හෙට ඉදල එන්න එපායැ කියල වැඩට. මටත් මොකද කියල මාත් නැවතුනා. ඒත් මම දන්නවා මම අවුලක් කරේ නෑ කියලා. හිතට ටිකක් දුකයි. ඒත් ඉවසගෙන වචනයක්වත් නොකිය මම ගෙදර ගියා. 

සති දෙකකට විතර පස්සේ හැන්දෑවක මිනිහ ආවා අපේ ගෙදර. ඒ එනකොට මම මොකක් හරි පත්තරයක් බල බල හිටියේ.

“මිස්ට දේශා, අයි ඈම් වෙරි සොරි“

“ඇයි මොකද අයියේ“

“නෑ.. මම අද තමා දැක්කේ ඔයා කරපු වැඩේ.. ඇත්තටම මට සමාවෙන්න.. මම මේ කිසිම දෙයක් නොදැනයි මෙහෙම දෙයක් කරේ.“

“ඉතිං මොකක්ද කරේ.. මාව අයින් කරපු එකද?? ආ ඒක මට එච්චර අවුලක් නෑ“

“එහෙම බෑ.. හෙට ඉදල වැඩට එන්න ඕන.. මම එන්නං එක්ක යන්න“

“අයියේ.. මම කීයටවත් අයේ ඔතන්ට එන්නෑ.. වෙරි සොරි“

ඔය විදියට වාදේ ඇදිල ගියා.. මම කැමති උනේම නෑ වැඩට යන්න. බලකිරිම හින්දම පහුවෙනි දා උදේ ගැරේජ් එකට ඇවිල්ල යනවයි කියල මම පොරොන්දු උනා.

කිව්වත් වගේ මම උදේ 9.00 ට විතර එහාට ගියා. මම එනකං බලං හිටියා පොර, මුළු ගැරේජ් එකේ සෙට් එකටම එන්න කිව්ව රූම් එකට. කාමරේ ෆුල් පැක්.

“මම ඕගොල්ලන්ට එන්න කිව්වේ...දේශා මහත්තයා අයින් කරල මම ලොකු වැරැද්දක් කර ගත්තා. අඩුම ගානේ කිසිම දෙයක් හොයන්නේ බලන්නේ වත් නැතිව තමා එහෙම කරේ. හැබැයි මේ කිසිම දේකට දේශා මහත්තයා මට වචනයක්වත් කිව්වේ නෑ. ඒක නිසා මම හිතනවා එයා මට වැඩිය උසස් කෙනෙක් කියලා. මම ඇත්තටම හිතුවේ දේශා මහත්තයා ගැරේජ් එකේ සල්ලි හොරකං කරා කියලයි. ඒත් මම ඊයේ තමා ඒක දැනගත්තේ.. කොල්ලනේ මේ අවුරුද්දේ උඹලට බෝනස් දෙන්න මම රට වටේ ණය ගන්න ඕන නැති තරමටම දේශා මහත්තයා මගේ එකවුන්ට් එකේ සල්ලි ඉතුරු කරල තියෙනවා. ඒකට අපි දේශා මහත්තයාට ස්තුති කරන්න ඕන. හැබැයි ආයේ වැඩට එන්න බෑ කියල මට කිව්ව හින්දා අපි එයාගේ තීරනේ ඉන්න කියමු. අද හවස තියෙන පාටියට නං ඔක්කෝමල එන්න ඕන.“ කියල කතාව නවත්තල, මුළු සභාව ඉස්සරහම අත්දෙක එකතු කරල, 

“මට සමාවෙන්න දේශා මහත්තයා“ කියල කිව්වම ඇත්තටම හිතුනා යකඩ එක්කයි, යකඩ වගේ මිනිස්සු එක්කයි හැප්පුනාට කොයි තරං හිත සුවදද කියලා..

ප/ලි - පද්‍ය වලට ආසම නං බලන්න මේක

ඊයේ ඉදලම මගේ හිත අඩවන කවි ටිකක් මෙතන

75 comments:

  1. සමහර වැඩ කරලා ඉවර උනහම හිතෙනවා අපරාදේ ඉල්ලලා ඇර ගත්තේ කියලා. එත් එක්කම අනිත් පැත්තෙන් හිතට දැනෙන සහනය වචනයෙන් විස්තර කරන්න බැ. මොනවා උනත් අන්තිමට "ලෙඩා මලත් බඩ සුද්දයි" කියලා හිත හදා ගන්න පුළුවන්. මමත් දැකලා තියන ගොඩක් මිනිස්සු කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව තමයි තීරණ ගන්නේ. නිකන්ම සාමාන්‍ය මිනිස්සු නෙවේ තීරණ ගන්නම කියලා ඉන්න මිනිස්සු.

    මම අද එක වගේ මොකුත් තෑග්ගක් එහෙම තියේද ?

    ReplyDelete
    Replies
    1. හිතට දැනෙන සහනේ හරි තියෙනවා නේ බං. ඒක වටිනවා. හැබැයි පහු වෙද්දි ටිකක් දුර්මුඛ වෙනවා. තීරණ ගන්න ඉන්න මිනිස්සු තමා බං අන්තිම අජපල්ම තීරණ ගන්නේ.

      “තෑගි“ කියල වචනයක් මම උපන්තේකට අහල නෑ බං...

      Delete
  2. ඉතින් ඊට පස්සේ ඒ හවස තිබුන පාටියෙදී දේශ මහත්තයා හොදට කන පැලෙන්නම බිලා,කානු පල්ලමකත් වැටිලා හතර ගාතෙන් ගෙදර ගියාලු අයිතිකාර අයියාගේ හොද කියව,කියවා.

    ReplyDelete
    Replies
    1. අයියනං හොදා .ඒ උනාට මිනිහ බොන්නේ නෑ නෙව...

      Delete
  3. //මේ හැම දෙයක්ම කරන්නේ ලියන්නා කියල එකෙක්. ඌ වගේ වෙට්ට පිත්තල එකෙක් නං මම අවුරුදු ගානකින් දැක්කේ නෑ.//
    ඔය අවුරුදු ගානක් හොයන්න යන්න ඕන නැහැ ඇයි ඔය මුණු පොතේ ඉන්නේ .. ඒ හාදය තමා...

    මමත් ඔය වගේම අත්දැකීම් වලට මුණ දුන්න මෙහෙ ආව පළවැනි රැකියාවේදී.එකේ හිටපු අල්ලපු රටේ සාමාන්‍යධිකාරී තැන කොම්පැනියෙන් ගැහුවා නියම ගැහිල්ලක්. අර මට වැඩ ඉගෙනගන්න අවස්ථාවක් දුන්න හාදය...හැබැයි වැඩේ තියන්නේ කාටවත් පාඩුවක් නැහැ.කල හැටි ලියන්නම් වෙලාවක.

    ReplyDelete
    Replies
    1. අනිවා ලියහං.. ලියන්නා මිනිහ වගේම තමා.. හැක්..

      Delete
  4. මේ සීන් එකේ බොසා වැරැද්ද පිලිගන්න තරම් නිහතමානි වුනු එකම ලොකු දෙයක් නෙ. එහෙම අය අඩුයි.

    ReplyDelete
    Replies
    1. ඔව් බං මිනිහා හොද පොරක්.. සමහර දවසට මට බස් එකේ යන්න තියාගන්න කියල පන්සිය හමාර දෙනවා හේතුවක් නැතිව.. අපි ඉතිං බස් එකේ ගිහිල්ල කෙලින්ම මාමගේ බෙහෙත් කඩේට යනවා

      Delete
  5. කම්පැනිවල වැඩ කරණකොට අනුගමනය කළ යුතු සුවිශේෂී න්‍යායක් තියනවා. මොකක්ද ? තමන් කරනදේ කරණ බව පෙන්වන්න ඕනා. තමන් නොකරණ දේවලුත් කරණ බව පෙන්වන්න ඕනා. එහෙම එකා තමා ඉහලට යන්නෙ. තමන් කරණදේ හරියට කරළා සද්දෙ වහලා ඉන්න උන්ට වෙන්නෙ මේ වගේ අබග්ග තමා.. උන් දිහා හැමදාම පාලකයො බලන්නෙ මෙලෝ රහක් නැති නිකමො කියන සිතුවිල්ලෙන්.. මෙන්න පොඩි උදාහරණ ටිකක්.

    1. කීයට ගෙදර ගියත් කමක්නෑ බොසා කම්පැනියෙ ඉන්න වෙලාවක් බලලා ඔෆිස් වෙලාවෙන් පස්සෙ, සති අන්තෙක ඔෆිස් එකට ඒම.
    2. බ්ලැක්බෙරියක් එහෙම තියනවනම් මහ රෑ දොළහට විතර බොසාටත් කොපි කරලා මේල් එකක් දැමීම.
    3. මහ රෑ පුලුවන්නම් බොසාට කෝල් එකක් දීලා රාජාකාරිමය දෙයක් ගැන සාකච්චා කිරීම.
    4. වැඩ නොකලත් මේසෙ නිතරම අපිළිවෙළට තබා ගැනීම.

    ඔහොම කරණ උන් මරීගෙන අවංකව වැඩ කරණ උන්ඩ වඩා උඩට, ඉහලට යනවා.

    ReplyDelete
    Replies
    1. තව තියෙනවා ක්‍රම සහ විධි...

      1. සතියේ කලෙක්ෂන් එක (චෙක් ටික) කෙලින්ම උඩම ලොක්කෙක් අතට ගෙනල්ලා දීම.
      2. අවුරුද්දට බුලත් අතක්, තෑගි අරන් බොසාලගේ ගෙදර යන එක
      3. ගැනු කෙනෙක් නම් පොඩ්ඩක් කඳුළු සැලීම (සමහර විට රෙද්ද ඉස්සීම)

      සැයු: අත්දැකීම් වලිනි.

      Delete
    2. @ සෙන්නා

      බොට හොද අත්දැකීම් සම්බාරයක්ම තියෙන බවක් පේනවා හොද එකෙන්ම.. මට කියන්න දෙයක් නෑ උඹේ කතාවට...

      Delete
    3. @ සදුන්

      ඔයි ක්‍රෙම් තමා බං වැඩිපුරම භාවිතා කරන්නේ..

      Delete
  6. මේක නම් සහෝ ඒකාංගික ටෙලි නාට්‍යකට පවා සුදුසු කතාවක්.විශේෂත්වය සත්‍ය කතාවක් වීමයි.උබට හැබැයි කෙටි කතාවක් වුනත් ලියන්න තිබ්බා.පස්සේ අන්තිමට ඕන්නම් දාන්න බැරිය මේක තමන්ගේම පෞද්ගලික අත්දැකීමක් කියලා.
    මොනව වුනත් සහෝ නියමයි! ඔබට ජය!

    මම දුලාගේ අඩවියේ™ දුලා
    පුලුවන් වෙලාවක් ඇවිත් යන්න අමතක කරන්න එපා:-dulageadawiya.blogspot.com

    ReplyDelete
    Replies
    1. දුලා උඹ ස්ක්‍රිප්ට් රයිටර් කෙනෙක්ද..

      ජය වේවා.. හෙමින් කරගෙන යමු.. මම ඇවිත් ගියා උඹේ මගුලට..

      Delete
  7. හ්ම්ම්ම්..... මිනිස්සු අපිව තේරුම් ගන්න ටිකක් වෙලා යනවා.. කාටත් එහෙමයි..

    බොර දියක ඉඳුවර

    ReplyDelete
    Replies
    1. ඔව් කව්රුවත් හරියටම තේරුම් ගන්න බෑ බෙන් බං...

      Delete
  8. මම කම්පැනි කීයකින් අයින් වෙලා තියෙනවද බං ඔය හොරු පෙන්නන්න බැරි නිසා. ප්‍රයිවට් කොම්පැනි කියන්නෙත් හොර ගුහාවල්, ඕඩිට් ෆර්ම් කියන්නේ නම්බර් වන් හොරු.

    ReplyDelete
    Replies
    1. අනිවා...ක්ෂුද්‍ර මුල්‍ය කියලා එකක් අහලා ඇති නේද? ගැහිලි බලන්න යන්න ඕනේ එහෙම එකකට....

      Delete
    2. අම්මේ සහතික ඇත්ත මාතලං , සදු නිමා

      Delete
    3. @ මාතලං

      අයින් වෙලා යන්න කම්පැනියක් තියේද බං හොරකං නැති???

      Delete
    4. @ සදුන් ක්ෂුද්‍ර මූල්‍ය ගැන වැඩිය දන්නේ නෑ.. ලියහං බලන්න..

      Delete
    5. @ අටමා

      උඹත් නිකං කෙලහලාගෙන ඒක කිව්ව විදිය නං මට ඇල්ලුවේ නෑ..

      Delete
    6. #දේශකයා,

      ලියන්න නම් ආසයි. වෙලාවක් බලලා ලියන්නම්....

      Delete
    7. හොදයි අදහස හිතේ තියාගනිංකෝ

      Delete
  9. අම්මෝ සෙන්නගේ උපදෙස් මාලාව දැක්කම පෞද්ගලික අංශයේ ආයතනයක් ලඟින් යන්නත් බය හිතෙනවා. ඇත්තටම ඒ කියලා තියන විදිහේ වැඩ මට බැහැ.

    ReplyDelete
    Replies
    1. විචාරක මහතා මම එහෙම කෙනෙක් කියලා වැරදි වැටහීමක්ද කියලා හිතුනා. මම සම්පූර්ණයෙන්ම ඔය කියලා තියන ඒවයෙ අනිත් පැත්ත. ඒක නිසා මට අවාසි වුන අවස්ථා එමටයි. ඒ වුනත් නැති දේවල්, නොකරණ දේවල් පෙන්වන්න මමත් කවදත් අකමැතියි. මම ඔය කියලා තියෙන්නෙ සාමාන්‍යයෙන් වෙන දේ. කම්පැනි වල හොඳට බැලුවොත් හුඟක් වෙලාවට ශෝ එක තියන එකා තමා උඩට යන්නෙ, වැඩි වර්ප්‍රසාද ගන්නෙ. හැබැයි බොසාලට උන් ගැන තේරෙනකොට පරක්කු වැඩියි.

      Delete
    2. @ විචාරක

      විචාරක ලොක්කට ඕව පෙන්නන්න බෑ මයේ හිතේ..

      Delete
    3. @ සෙන්නා
      නැහැ නැහැ විචාරක එහෙම හිතන්නේ නේ. කම්පැනියක තත්වේ මොකක්ද කියල හොදට තේරුං ගනිවි උඹ කිව්ව ඒවයින්

      Delete
    4. නැහැ නැහැ. මම අදහස් කලේ සෙන්නා ඒවා කරනවා කියන එක නෙවේ. රාජ්‍ය අංශයේත් , පෞද්ගලික අංශයේත් ආයතනවල, ඇතුලේ සිදුවෙන දේවල් දිහා බැලුවම, ඇතිවන කලකිරීම. එයින් හිතන්න එපා හමුදාව ඇතුලේ සුපිරිසිදුයි කියලා. නමුත් හමුදාවේ පුළුවන් ඉකමනින් විනය ක්‍රියාමාර්ග අරන් දඬුවම් කර නිවැරදි කරන්න. දඬුවමට බය නිසා තමයි හමුදාවල විනය රැකෙන්නේ. වෘත්තීය සමිති නැතිවීමත් එක ප්‍රබල සාධකයක්. ඊළඟට කියන්න එපා මම හමුදා පාලනය තමයි රටකට ගලෙපෙන්නේ කියන්න යනවා කියලා. මම කියන්නේ පුද්ගලන් වගකීම් පැහැර හැරීමෙන් වළක්වාගන්න කිසියම් තදබල ක්‍රියාමාර්ග ගැනීමට හැකිවිය යුතුයි.

      Delete
    5. කොහොම හරි විචාරක එන්න කලින් මම උත්තරේ බාගෙට දුන්නා. දැං හරි වගේ හරියටම

      Delete
  10. දේශා යකඩ උණු කරල එහෙනම්...... මාත් යන්නෑ ඔය වැරදියට හිතුවහම උන්ට තේරුම් බේරුම් කරල දෙන්ට. ගොඩක් අය ප්ස්සෙ කාලෙක හරි තේරුම්ගන්නව.

    ReplyDelete
    Replies
    1. ඔව් බං හොදක් කරල තවත් විකාර කියවන්න යන්න මටත් අප්පිරියයි.. උඹ කිව්ව වගේ කවද හරි තේරුං ගන්නවා

      Delete
  11. පුදුමයක් බං නිහතමානි මිනිහෙක් හම්බ වෙච්ච එක!

    ReplyDelete
    Replies
    1. හෙන මරුමුස් බුවා.. ඒ උනාට වැරැද්දක් පෙන්නුවොත් අනිවා ඒක අහනවා.

      Delete
  12. සිරාවට මේ කතාවේ ජීවිතේට ගත යුතු දේ බොහොමයි. ඔයා වගේ මිනිස්සු දැන් හොයගන්නත් නෑ. තමන්ගෙ නොවෙන තැනකට මිනිහෙක් වැඩට ගියාම හෙන ගැහුවත් කමක් නැ මගෙ පොතට සල්ලි වැටෙනව නම් කියලා වැඩ කරන රටක්. ඒකනෙ අපි තාමත් සංවර්ධනය වෙනවයි කියන්නේ. මිනිසුන්ගේ ආකල්පමට වෙනසක් ඉක්මනටම ඕනෙ. බොසා හිතන්ඩ ඇති එකත් එකටම මේ මොකක් හරි අටමගලයක් දාලා තමා ම් මේ සල්ලි වැඩි පුර දාල තියෙන්නෙ කියල. අර විදිහට නිශ්ශබ්දව ඉඳලා ඒ දේවල් තේරුම යන්න ඇරපු එක මහත්මා ගතියක්.

    ReplyDelete
    Replies
    1. ඔව් මචං හිටිය පොරවල් දවස ගානේ සල්ලි ගෙදර අරන් ගියා බිල් දාලා හොරට. අර යකාටත් මාසේ අන්තිමට කඩ වලින් ජරාවක් ලැබෙනවා.. නිශ්ශබ්ද වෙන්න ඕන තැන එහෙම ඉන්න ඕන බං.. (දැං බැරි උනාට)

      Delete
  13. අවංකව වැඩ කරල අන්තිමට ඉතුරු උනේ මට නම් හිතෙ සතුට විතරයි.. ඒ අතින් දේශා වාසනාවන්තයි.. අර මනුස්සයා හොඳ මිනිහෙක්.. ඒ වගෙ කෙනෙකුට වැඩා කරන්න ලැබීමත් පිනක්..

    ReplyDelete
    Replies
    1. ඇත්තට හිතේ සතුට තිබ්බම හොදටෝම ඇති. ඊට වඩා දෙයක් අපිට බලාපොරොත්තු වෙන්නත් බැ. ඇත්තටම හොද මිනිහෙක්.. තව විස්තර තියෙනවා අනන්‍යතාව අහුවෙනවා දැම්මොත්

      Delete
  14. අවංකව නිහතමානීව වැඩ කරන එක්කෙනාට හැමදාම අත් වෙන්නෙ මේ ඉරණමද මන්දා ? කොතනත් එකයි බැලුවම ..

    ReplyDelete
    Replies
    1. ඒක ගැන කලකිරිමක් තිබ්බේ නැ ගිම්හානි. අයි ඩිඩ් මයි ජොබ් විත් සැටිස්ෆැක්ෂන් කියල මම ජොලියේ හිටියා.

      Delete
  15. //"මුළු සභාව ඉස්සරහම අත්දෙක එකතු කරල, “මට සමාවෙන්න දේශා මහත්තයා""// ඒ කෑල්ල නම් සංවේදී වැඩියි මචෝ. තියෙන සිස්ටම් එක වෙනස් කරන්න ගියොත් ඕක වෙනවා.

    ReplyDelete
    Replies
    1. මේකේ ටොපික් එක දැක්කම මම හිතුවේ රධර්මන් සුදලියගොඩ ගැන ලියලා කියලා.

      Delete
    2. ඉවාන්, ඒක සංවේදි උනත් කියන්නම ඕන දේ තමා ඒක..මිනිහා එහෙම තමා ඔය වැඩක් කරද්දි බාස් කෙනෙක් දෙකට නැමිලා ලොක්කා කරන දේ වැරදියි කිව්වොත් හොදට කල්පනා කරල “අනේ බං ඇත්තනේ මට වැරදුනානේ“ කියල කියනවා. එදාට අරූට කීයක් හරි අතටත් දෙනවා..

      අර කියපු උන් හින්දා යඩක ඇඩුවා නං තමා.. හැක්..

      Delete
  16. කොහොමහරි අන්තිමට කට්ටිය ඉස්සරහම මිනිහ කරපු වැරැද්ද පිළිගත්ත එක ලොකු දෙයක්.

    ඉතිං පාටිය දීල මිනිහ ගරාජ් එක වහල දැම්මද?

    ReplyDelete
    Replies
    1. අපොයි නෑ ඒක දිගටම කරගෙන ගියා. මමත් දෙතුන් දවසක් ගියා පස්සේ. අවුරුද්දට මටත් බෝනස් ගෙනාව තෑගි එක්ක..

      Delete
  17. මේ අද්දැකිම් ගොඩක් වටින්නෙ ඉස්සරහට ජොබ් කරන්න ඉන්න අපිට, :)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් දැනුමෙන් සන්නද්ධ වීම හොදයි සිතුම්. මොකද කාලෙකින් දැක්කේ නැත්තේ..

      Delete
  18. නියමම විදියට පිරිවැය පාලනය ( Cost Control ) සහ අනවශ්ය වියදම් පරිපාලනය ( reduce waste ) හොඳට කරලා . ප්‍රායෝගිකව හිතන ගිණුම් අංශයේ අය දැන් අඩුයි .දේශාත් ඒ වගේයි පෙනෙන්නේ . ( මගේ පළමු කොමෙනට් එක.)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පුරේ පළවනි කමෙන්කටුවට.. ඇත්තටම බං ප්‍රැක්ටිකලි හිතල ඕන කරන තීරණ ගන්නවනං වැඩ කරන්න පහසු වෙනවා. දැං තියෙන්නේ වටේ යෑමක් හා බෝල පාස් කිරීමක් විතරයි. වැඩ කිරීමේ උනන්දුවක් අවශ්‍යතාවයක් කාටවත් නෑ..

      Delete
  19. උඹත් නියම පොරක්නේ බලාගෙන ගියාම. මට මතක් උනේ සරත් අයියව. නොදැනුවත්කම නිසා බොසා කල වැරැද්දට දුන්න දඬුවම සැර වැඩි නැද්ද? තාම කම්පැනිය තියනවද?

    ReplyDelete
    Replies
    1. මම ගැන නෙමෙයි බං ලිව්වේ. මොකද මම ඒ ජොබ කරන්න ඕන, ඒක මගේ යුතුකම. ඒක දඩුවමට වඩා බං හිතට එකගව යන්න බෑ. එපැයි කිව්වොත් මම මලත් ආයේ යන්නේ නෑ.. ගැරේජ් එක තියෙනවා.. අවුලක් නෑ හැබැයි පොර මැරුනා බං අවුරුදු 44 දි හාට් ඇටැක්. සිගරට් පප්පා..

      Delete
  20. ඔව් අප්පා.. මමත් වැඩ කරපු එක තැනක මම මුළු ඩිවිෂන් එකේම බර කරට අරන් ඇද්දා. අන්තිමට එතනින් අයින්වෙලා වෙන තැනකට ගියාම මගේම බොසා මට පදයක් හදාපි මම ගියේ කෙල්ලෙක් එක්ක හුටප්පරයක් දාගෙන කියලා. එතැන වෙන පොඩි පොඩි හොරකම්, අවුල් ඔක්කොම හැදුවට මට දීපු තෑග්ග ඔන්න..

    අන්තිමේදී මිට මාස කිහිපයකට කලින් ඒ බොස්ට ගෙදර යන්න සිද්ධ උනා කියලා ආරංචි උනා.

    ReplyDelete
    Replies
    1. ඕවා ඔහොම තමා බං.. අපිට හිතේ සතුට විතරක් හරි ඉතුරු වෙනවා. ඒත් අරුන්ට අන්තිමේ කිසිම දෙයක් නෑ..

      Delete
  21. දේශා මහත්තයා මාර පොරක්නේ අපි සලකනවා මදි දේශාට...වැඩිය කොටන්න බැරියෝ යන්නයි සූදානම. ගිහිං එන්නං.

    ReplyDelete
    Replies
    1. සුභ ගමන් වේවා නලියෝ..

      Delete
  22. The Other Side Of Midnight වගේ The Other Side of Dheshakaya.
    මම මීට කලින් දේශකයගේ හොඳක් ඇහුවේ අර සිරීපාදේ අවසන් කොටසේ.

    ReplyDelete
    Replies
    1. කව්න්ට් කරගනිං එහෙනං නරක 106 යි හොද තාම 2 යි කියලා.. හැක්..

      Delete
  23. මට තෙරෙන්නෙ නෑ බන් උබව අයින් කලෙ ඈයි කියල.මොනව උනත් මිනිහට වෑරෑද්ද පිලිගන්න පුලුවන් කොන්දක් තිබිම සතුටක්.සෙන්නගෙ කතාව සම්පුර්න ඈත්ත

    ReplyDelete
    Replies
    1. අයින් කරේ මචං ලාබේ අඩු වෙච්චි කාලේ ලාබෙන් බාගයක් මිනිහට ලැබුනම, ඉතිරි බාගේ එකවුන්ට් එකේ. ලාබේ වැඩි උනාම ලාබෙන් ලොකු ගානක් එකවුන්ට් එකේ අතේ ටිකයි. බැන්ක් එකට ගිහිල්ල බැලුවම බැන්ක් එකට දාපු බාගේ ලොකුයි අතට ආපු ගාන පොඩියි. එතකොට බාග සමාන වෙන්නෑ නේ. අන්න ඒකයි අවුල..

      Delete
  24. මචං මම ජනා නම් උඹව සභාපති කරනවා අර රටටම කිරි උතුරුවන ආයතන හතරේ.

    ReplyDelete
    Replies
    1. මම බාරගන්නෑ බං.. හැක්..

      Delete
  25. “මට සමාවෙන්න දේශා මහත්තයා“ කියල කිව්වම ඇත්තටම හිතුනා යකඩ එක්කයි, යකඩ වගේ මිනිස්සු එක්කයි හැප්පුනාට කොයි තරං හිත සුවදද කියලා..

    ඇත්තටම දේශක කොච්චර හයිය යකඩයක් උණත් සිත මේ වගේ තැන් වලදි සිත දුකින් තැවෙනව. මිනිස්සු තවත් මිනිහෙක් මරල දාන මේ සිරිලංකාවෙ මේවගේ දේවල් ඇහෙද්දී ඇත්තටම දුකක් දැනෙනව

    ReplyDelete
    Replies
    1. ස්තුතියි වැවා අදහසට..

      Delete
    2. මම ඕන ඔට්ටුවක් දානවා දේශා මහත්තයා කියලා කිව්වේ නෑ කියලා. :)

      Delete
    3. ඔව් ඉතිං ඒකනං එහෙම තමා.. හැක් හැක්...

      Delete
  26. මචං මේක ගොතපු කතාවක් නේද

    ඔහොම බොසාලනං මේ ලෝකේ නෑ (එක අතකට ඉන්නවද දන්නැ මං උඹ තරම් වාසනාවන්ත නෑ) , අවංකව වැඩ කරණ මිනිස්සුන්ටම තමා බං දේශා මහත්තයෝ කුණු නාමේ , මටත් දැන් තිත්ත වෙලා ඉන්නේ , හිතට එකගව වැඩ කරන්ඩ බැරි හන්දා මමත් තැන් කීයකින්නං එළියට බැහැලා තියනවද , වෙන මගුලක් වෙලා යන්ඩ මට පෙන්නන්ඩම හිතෙනවා බං මේක දෙන්නෙකුට, ( තව හත් අට දෙනෙක් ඉන්නවා උන්ට පස්සේ මේල් එකක් දානවා )

    ReplyDelete
    Replies
    1. හා හා පෙන්නපං. අවංක බුවා මැරුනා 44 දි හාට් ඇටැක් එකකින්..

      Delete
    2. හොද මිනිස්සු ඉක්මනට යනවා කියන්නේ ඇත්ත තමා

      Delete
    3. ඔව් අටමා. ඒක හැමදාම එහෙමයි

      Delete
  27. දේශකයා මාර වැඩකාරයෙක්නේ. :D

    ReplyDelete
    Replies
    1. අපොයි මේකිට පිස්සු. මම කිව්වේ මගේ බොසා අයිය ගැන නේ..

      Delete
  28. මේකෙන් වුණේ මම කලින් ජොබ් දෙකෙන් අයින් වුණ සිද්දි දෙක මතක් වෙච්ච එක. ඒ දෙක ඉක්මනටම දාන්නම්. දේශක හොඳ පරිපාලකයෙක් බව පෙන්වලා තියෙනවා. ඉතිං ඒක තමයි මේ ජොබ් එකෙන් ඉතුරු. අත්දැකීම් ලබන්න අවස්ථාවක් දුන් එකට බොසාට ස්තුති කරන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. පරිපාලනය කෙසේ වෙතත් සුදීක මට ඕන උනේ බොසා අයියා ගැන කියන්නයි. නමුත් අවශ්‍ය දේ නොකිය ඒක කියන්න බැරි නිසා පරිපාලන කේස් එක සාන්න ඕන උනා. අවංකව මම මහ කම්මැලියෙක් එච්චරයි. ඔන්න ඉතිං විස්කියක් ගන්න මටත් චෑන්ස් එකක් තියෙනවා ඒවා ලියපු වෙලාවට..

      Delete
  29. මම නම් වැරැද්ද කියන්නේ උඹටමයි. උඹට තිබ්බ බොසාට උඹ කරන වැඩේ ගැන කියලා කරන්න. මොනවා උනත් වැඩේ තේරිලා ඌ උඹ ලඟට ආපු එක ලොකු දෙයක්. හොඳ සන්නිවේදනයක් නැති උනාම, ඔය වගේ මිස් අන්ඩර්ස්කර්ට් සිද්ධ වෙනවා. උඹට රස්සාව නැති උනා කියලා ගාණක්වත් නැත්තං ඉතින් මගෙ මොකෝ...

    ReplyDelete
    Replies
    1. කිව්වනං වෙන එකම දේ මිනිහ ඒ සල්ලි වලින් හාල් ගරන එක තමා.. අන්ඩස්කර්ට් එක තිබ්බට වැඩක් නෑ ඒක විනාස කරානං.. මම මොකටද බං ගනන් ගන්නේ එපා කිව්වොත් මාත් එපාම තමා ඕන කිව්වත් එපා.

      Delete