Monday, August 26, 2013

ළමා ටොපි

ඉතිං... කාලෙකට පස්සේ බ්ලොග් කටුව අතපත ගාන්න ආවා.. අනේ මටත් නිකං ලැජ්ජයි වගේ මගේ එක අතගාන්නම. මොකද සතියකටත් වැඩි කාලයක් අල්ලන්නේ නැතිව හිටියම, අර අල්ලගෙන හිටපු ගතිය නැති වෙනවා නෙව. ඒකටත් එක්ක කම්මැලිකම ඔළුවටත් උඩින් තියෙන්නේ. අපේ ඇන්සෙන්නා මලයා මට නොසෑහෙන්න කවදත් දොස් කියනවා කමෙන්කටු වලට උත්තර දෙන්න ප්‍රමාද වෙන එකට. මේ පාර නං මිනිහට වචනයක්වත් කියන්න බැරි උනා ඇයි මිනිහටත් ටෙලිකොම් එකෙන් ජල්තරයක් දාලා තිබ්බ නිසා. කොහොම හරි  අන්තිමට දවස් නමයකට විතර පස්සේ දෙයියනේ කියල ඔන්න කස්ටියටම උත්තර දීලා ඇති.. හරිනේ..

ඒකෙන් මේකෙන් කාරි නෑ. ඔන්න ආයෙත් සීසන් වෙන්න කියල හිතාගෙන මේක කොටන්න ගත්තේ,... ඔහේල පහුගිය ටිකේ කොටාබාපුව , බලන්න බැරි තරං ගෝනි ගානට තියෙන විත්තියක් පේන හින්ද, ඒ ගෝනි ටික් හිස් කරන්න නං බෑ කියල හිතාගෙනමයි. ඇයි හත්දෙයියනේ උඹල මෙච්චර ලියන්නේ, මොන එහෙකට ලියනවද මන්ද මේ තරං මරාල. කියවන්න ගියාම ජොබටයි කෙලවෙන්නේ. හැක් හැක්. ඒ උනත් අතාරින්නේ නෑ පරක්කු වෙලා හරි ගෝනි ටික හිස් කරල දානවමයි. දන්නවනේ මේ පදුරු දේශකයගේ හැටි. අන්තිම නරකයි..

යන්තං ඇති වචනේ පැන්නා. දැං ඉන්න ළමයි නරකෙයි කියල තමා හැමෝම කතා බහ වෙන්නේ. දෙමව්පියෝ හිටං ළමයින්ට අම්මමෝ නැතිව බනිනව මම අහල තියෙනවා මේ පොඩි පොඩි දේවල් වලට. මිනිස්සුන්ට කතා කරල, හිනා වෙලා විසදන්න පුළුවන් ප්‍රශ්නත් මිනී මරාගෙන ඉවර කරන යුගේට පොඩි එකෙක්ගේ වරදකට උනත් ගිරිය පුප්පං කෑ ගහන දෙමව්පියෝ ගැන කවර කතාද?

සමහර අය මේ අන්තර්ජාලය, ජංගම දුරකතන (ඒක දැං ස්මාට් නේ) නිසා ළමයි නැත්තටම නැති වෙනවයි කියල කියන ගමන්, ටැලිවිසන් එක ඒ වගේම ඩීවීඩී ප්ලේයර් එක, වීඩියෝ ගේම්ස් නිසත් වයසට වඩා නුහුරු නුපුරුදු දේ අත්දකින්න ළමයින්ට ඉඩ ලැබෙනවා කියලත් හිතනවා. ඇත්ත අපි දකින සමාජේ ළමයින්ට විතරක් සුදුසු වෙන්න හදාපු සමාජයක් නෙමෙයි. පරක් තෙරක් නැතිව ඉන්න හැම එකාටම එක සෙයියාවෙන්ම ජීවත් වෙන්න ගොඩනැගිල තියෙන මේ සමාජයෙන් ළමයින් විතරක් වෙන් කරල තියාගන්න එක වෙනදට වඩා දැන් අමාරුයි. ඇයි හැමදේම අතේ දුරින් තියෙන්නේ.

ඉස්සර අපි ටෙලිෆෝන් කෝල් එකක් ගන්නත් වරු ගණං තැපැල් කන්තෝරුවට වෙලා බලං ඉන්නවා. එක්කෝ පැයකින් නැත්නං දෙකකින් තමා කෝල් එක හම්බ වෙන්නේ. ඒ කතා කරන්නෙත් හදිසිම පණිවිඩයක් දෙන්න තමා. ඒ දේවල් සීඝ්‍ර ලෙස වෙනස් වී ගියාට, තාක්ෂණය සමග අපි ඒකාත්මික උනාට තාක්ෂණයේ කිසිම වැරැද්දක් නෑ නිරපරාදේ මේ ළමයින්ට බැන්නට. වල් බුරු නිදහසක් භුක්ති විදින්න ළමයින්ට ඉඩ දුන්නොත්, එහෙම නැත්නං ළමයි විපරීත සමාජයක් තුල අතෑරල දාන්න සිද්ධ උනොත් බහුතරයක් ළමයි අනිවා නොමග යන්න හුගක් දුරට ඉඩ තියෙනවා. 

කාලෙන් කාලෙට එන රැලි වලට ළමයි හුරු වෙනවා. එක කාලයක් ඩයනගේ විදියට ළමයි කොණ්ඩෙ හැදුවා. තව තව උන්දැල අදින විදියේ ගවොම් කඩමාළු අදින්න ගත්තා. කොල්ලෝ අර රැප් කාරයෝ වගේ පුකේ ඉර පේන්න ඩෙනිම ගහන්න ගත්තා. ඒ මදිවට මේ ළගදි ආපු අභීත දියණිය පපුවේ ගහගෙනත් ඉන්න ළමයි, ටියුෂන් මාස්ටර් දෙන චංගුමීගේ පින්තුරේ ගහපු ෆයිල් එක තුරුල් කරන් යන ළමයි, ඒ මදිවට චංගුමීගේ කොන්ඩ කටුවත් දැං සෑහෙන්න ජනප්‍රියයි නෙව.මේවා කාලෙන් කාලෙට සමාජය තුල පතිත කරන දේවල්. ඒවා වැරදිම නෙවෙයි. නමුත් ළමයින්ගේ මානසිත්වයට මේ දේවල් බදා ගැනීම සෑහෙන්න බලපානවා.

ටැලිවිසන් එකේ යන යුද්ධ කතා දිහා බලාගෙන, ඒවගේ විදියට ලී වලින් තුවක්කු හදලා, බුලට් විදින්න නිකං කැටපෝල මොඩල් එකේ පටි හයි කරගෙන මුණූ නිල් වෙන්න යුද්ධ කරපු දවස් මට මතකයි. අපේ බාලම මලයා ඒ දවස් වල හැන්දෑවට රම්බෝ වගේ රතු රෙදි පටියක් ඔළුවේ බැදගෙන ඉරිච්ච බැනියමයි, කැමෆොග් කොට කලිසමයි ඇදගෙන අර ලී තුවක්කුවත් අතේ තියන් වහල උඩට වෙලා ගේ මුර කරනව මට තාම මතකයි. අම්මා ඒ දවස් වල මූට කොච්චර බැන බැන අඩගැහුවත් රෑ වෙනකං පල්ලෙහාට බහින්නෙ නෑ. “අම්මේ.. මම මේ ගේ ආරක්ෂා කරනවා“ කිය කිය උඩට වෙලා රම්බෝ වගේ කල්පනාවෙන් වට පිට බල බල ඉන්නවා. හැක්. මේවා නරක පුරුවාදර්ශ නෙමෙයි නමුත් අපි දෙයකට ආසික්ත උනාම ළමයිද, වැඩිහිටියෝද කියල නෑ ඒක පස්සේ දුවනවා. කොහොම උනත් අන්තිමේ යුද පිස්සුව ගහපු ඒකා යුද හමුදාවටම බැදුනා දෙවැනි ලුතිනන් කෙනෙක් විදියට. 

මට මේ කතාව කියන්න ඕන උනේ මෙන්න මේ සීන් එක නිසයි.

මේ ළගදි දවසක මම ගෙදර ඉන්න වෙලාවක, පොඩි උන් දෙන්න කාමරේ ඇද උඩට වෙලා හිටියා. මම කාමරෙන් එළියට ගිහිල්ල විනාඩි ගානකින් ආයේ ඇතුලට යනකොට දැක්කේ, ලොකු කොල්ලා පොඩි කොල්ලව ඇදේ දාගෙන බදාගෙන, මුණ ඉබින එක. මලයගේ මූණ ඉඹින ගමන් අර හාදයා කියනවා.

“අපි දෙන්නව වෙන් කරන්න මේ ලෝකේ කාටවත්ම බෑ රත්තරං“ කියලා.

ඔන්න බලන්ටකෝ වැඩේ මේ යකා දිගටම නිවාඩු මාසේ කරල තියෙන්නේ දවල්ට ටීවී බලන එක තමා. අර දම්සාරි කියල සින්දුවක් තියෙන්නේ, ඒකේ දෙබසක්ලු ඒ කියල තියෙන්නේ. මම මිනිහගෙන් මේ ගැන ඇහුවම එහෙමයි උත්තර දුන්නේ...

103 comments:

  1. ටිවි එක කියන්නෙ නම් මාරයගෙ පෙට්ටිය කියල කවුද කියල තියෙනව.දෙමවුපියො සෑහෙන්න අවධානය දාන්න වෙනව

    ReplyDelete
  2. වහාම මේ ලේබල් එක වෙනස් කරගනින්.
    මේක "මඤ්ඤං දේශනයක්" වෙන්නේ කොහොමද..?

    මේක තමයි ඇත්ත තත්වය.ළමයි හුගක් වේලාව ක්‍රියාකරන්නේ වැඩිහිටියෝ ක්‍රියාකරනවිදිය අනුව නේද..?අනික ළමයි ඉන්න දෙමාපියන් පරිස්සම් වෙන්න ඕනේ තමන් කරන කියන දේ ගැන.
    අරක කරන්න,මේක කරන්න එපා වාගේ නීති දාලා කොටු කරලා ළමයි හදන්න බැහැ.හොදම දේ දරුවන් ඉස්සරහා තමන් ආදර්ශමත් වීම කියලයි මටනම් හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ලේබල් එකක් නෑ බං දාන්න. ඔන්න ඕක දාලා දැම්මා ඒ පාර..

      ළමයි හුරු කරන්න ඕන පොතට. නැතිව මේකට නෙමෙයි. අම්මල තාත්තල ටීවි බලන කොට ළමයි පොත් කියවන එකක්යැ. දෙමව්පියෝ කැපකිරීම් කරන්න ඕන

      Delete
  3. එක කාලෙක ටීවී එක කියන්නේ මනුස්සයාගේ නුවන පාදන්න උත්පාදනේ කරපු උපාංගයක් කියලා සිවිල් සමාජය පිලිගත්තත් මේ වෙනකොට ඒ තීරණය වෙනස් කරන්න සිද්ධ වෙලා..,
    චිත්‍රපට වල ජවනිකා රඟන්නට ගිහින් ජීවිතේ නැති කරගන්න ළමයි.
    නපුරු නැන්දම්මලාගේ චරිතය කරන්නට ගිහින් පවුල් විනාස කරන අම්මලා.
    මරණයෙන් අවසාන වන බොළඳ ප්‍රේමයක් ගැන හිතලා ජීවිතේ විනාස කරගන්න ජෝඩු

    අපි අතර විරළ නෑ...,
    යථාර්තය තේරුම් ගන්නකොට පෙරහැර ගිහින් ඉවරයි..,
    මේ අපරාදේ කල් තියා දැනගත්තා නම් ජෙන්කින්ස් හා ෆෙන්ස්වර්ත් ටීවී එක නොහදා ඉන්නත් ඉඩ තිබුනා...!

    ReplyDelete
    Replies
    1. අපි තේ පිටරට නොයැව්වනං ටීවි එක හදන එකක් නෑ මයේ හිතේ..

      දැං මාධය බාවිතාව විකාරයක් බං...

      Delete
  4. හිනා වෙලා කදුලුවලින් ඇස් අන්ධකාර උනා යකෝ.

    ReplyDelete
    Replies
    1. බීපු වෙලාවට ඔහොම තමා අයියේ..

      Delete
  5. අපොයි අයියා තමන්ගේ එක කොච්චරකල් අල්ලන්නේ නැතුව හිටියත් ආයෙත් අල්ලපු ගමන් අයියගේ එක දන්නවා මේ අර වහුකුනාම තමයි මාව අල්ලන්නේ කියලා. මොකද ඔය තුන්කුදාර් වෙච්ච ඔයාගේ කටුව වෙන කාටවත් අල්ලන්න තියා බලන්නවත් බැරි කුණු ගඳ ගහන දහ ජරාවක්නේ.

    ReplyDelete
    Replies
    1. ඒකනං ඇත්ත. ඒ උනාට මට ටික දවසක් නාල්ල හිටියම අල්ලන්තන් මොකක්ද වගේ..

      Delete
  6. ඔය දම් සාරි, රතු සාරි, කහ සාරි, ඔක්කොම එකයි. දැන් බොහොමයක් ගෙවල්වල තියන රූපවාහිනිය, රේඩියෝව, අර ප්ලේයර් මේ ප්ලේයර්, දුරකථන, ඔක්කොම පාලනය කරන්නේ ළමයි. මම කියන්නේ ඒවා සම්පූර්ණයෙන් දෙමවුපියන්ගේ බූදලය විය යුතුයි කියලා නෙවෙයි. අවබෝධයෙන් හා සහයෝගයෙන් බුද්ධිමත්ව පරිහරණය කල යුතුයි කියලා.දෙමවුපියන් මග පෙන්වන්නන් (පැරණි විදිහට කියනවානම් පූර්වාචාරීන්) වියයුතුයි. දෙමවුපියන් ළමයින්ටත් වඩා ළමයි වෙලා තුට්ටුදෙකේ 'කුණු නාට්ටි කෑලි' බලන ගෙදරක, ළමයි යන්නේ මොන පාරේද කියලා අමුතුවෙන් කියන්න ඕනෙද? දරුවෝ දෙතුන් දෙනා ඉන්න අම්මලා 'ටෙලි නාට්ටි' වල ඉන්න 'කෑලි' වගේ අඳිනවානම්, හැසිරෙනවානම්, ඒ බොළඳ වැඩ ඊට වඩා දහ ගුණයක් සිය ගුණයක් වැඩියෙන් ඒ පවුලේ දරුවෝ කරන එක අහන්නත් දෙයක්ද? මේ අමන මරි මෝඩ දෙමවුපියෝ හිතාගෙන ඉන්නේ, ඉස්කෝලේදී තමන්ගේ ළමයි කෝවක දාලා මකලා හදනවා කියලයි. තමන්ගේ ළමයි ඉගෙන ගන්න දේ පිළිබඳව හොයාබලන, මාස දෙක තුනකට වරක්වත් ළමයින්ගේ ගුරුවරු සමග එක විනාඩි පහක් කතාකරන, දෙමවුපියන් ඉන්නේ 10% ටත් අඩුවෙන්. ජංගම දුරකථනය කියන්නේ අතිශය පෞද්ගලික දෙයක් කියලා දෙමවුපියන්ට නොපෙන්වන දරුවා, දෙමවුපියන් ලවා තමන්ගේ ජංගිය හෝදවාගන්න පැකිලෙන්නේ නැහැ. මොකක්ද ජංගම දුරකථනයේ තියන දෙමවුපියන්ට පෙන්නන්න බැරි පෞද්ගලිකත්වය? අන්න එතන තමයි හොරේ තියෙන්නේ.ගෙදර වෙන කාටවත් නොපෙනෙන විදිහට කොම්පියුටර් එකේ මොනිටරය හරවලා තියෙන්නේ ඇයි කියලා බලන්න මොළයක් ඒ අම්මලා තාත්තලාට නැහැ.

    අනේ කාලේ වනේ වාසේ.

    ReplyDelete
    Replies
    1. මම 100% ක් එකඟ යි. ‍ළමයින්ට වඩා මේ දේවල්වලට වැරදිකාරයෝ අම්මලා. අද බලන්නකෝ, දුවට වඩා කොට යි අම්මගේ ඇඳුම. ඉතින්, කවුද වැරදි?

      හැම දෙයක් ම කරන්න වයසක් තියෙනවා. මට මගේ නිද‍හසේ පරිගණකය පාවිච්චි කරන්න ඉඩ දුන්නේ සාමාන්‍ය පෙළ ඉවර වුණ කාලේ. ඒත් අපේ ගෙදරට ඉන්ටර්නෙට් තිබුණේ නැහැ. ඒක ලැබුණේ තව අවුරුද්දක් විතර ගියාට පස්සේ. මගේ ම කියලා ජංගම දුරකථනයක් ලැබුණේ උසස් පෙළ ඉවර වුණා ම.

      දෙමව්පියන්ට පුළුවන් වෙන්න ඕනේ තමන්ගේ දරුවෝ පාලනය කර ගන්න. එහෙම නැතු ව සමාජයට බැනලා වැඩක් නැහැ. ඕනෙම දෙයක් හරියට පාවිච්චි කරනවා නං ඒක ප්‍රයෝජනවත්. නැත්තං ඉතින් විනාසෙට මුල!

      Delete
    2. @ විචාරක
      ඔබ කියන ටික තමා ඇත්ත තත්වය. දෙමව්පියන් පහසුවට ළමයින්ව ටීවි එකට හුරු කරනවා..කන්න ගියත් ගෙදර වැඩක් කරගන්න ගියත්, බලෙන්ම යන්නකෝ ළමයි ටීවි බලන්න කරදර නොකර කියල කියනවා මම අහල තියෙනවා. අන්න නියම අනාගත ආයෝජන.. කවදා හැදෙයිද මන්දා. මම අගය කරනවා ඔබගේ අදහස් සියල්ලම

      Delete
    3. @ ධාරා
      ඒ කතාව ඇත්ත වගකීම දෙමව්පියන්ගේ. ළමයි කියන්නේ අනාපු නැති මැටි වගේ. ඒක ලස්සනට හදන වගකීම දෙමව්පියන්ටයි

      Delete
  7. ළමයින්ට ඕනි ඕනි විදියට හැදෙන්න දීපු පරම්පරාවක තරුණ පරපුරක් අපිට දැන් ඉන්නවනේ..ටීවී වල චයිල්ඩ් ලොක් එක පාවිච්චි කරන්න ඕනිම කාලයක් මේක. අම්මලා තාත්තලා ළමයින්ට වඩා හුරතල් වෙනවා නම් ඉතින් තත්වය හරිම ඛේදනීයයි.

    ReplyDelete
    Replies
    1. //අම්මලා තාත්තලා ළමයින්ට වඩා හුරතල් වෙනවා නම් ඉතින් තත්වය හරිම ඛේදනීයයි//

      මේක තමා බහුතරයකගේ දැන් තත්වය. ස්තුතියි මිත්‍රයා.

      Delete
  8. විචාරක තුමා කියන්න ඔන ඔක්කොම 100% කියලා තියෙනවා

    ReplyDelete
    Replies
    1. ඔව් නේන්නං අපිට කියන්න දෙයක් එතුමා ඉතුරු කරලම නෑ හරියට මල්ටිබැරල් අවියකින් පහර දුන්න වගේ..

      Delete
  9. මේ...කෝකටත් කියලා TV බලන එකනම් අඩු කලාට කමක් නෑ මචං....

    ReplyDelete
    Replies
    1. ඇත්ත බං ටීවී බැලිල්ල ඉතා සීමිත කරන්න ඕන.. අනවශ්‍ය වැඩසටහන් බලන්න දෙන්න නරකයි..

      Delete
  10. පොඩි වයස කියන්නෙ දකින, අහන දේවල් ගැන කුතුහලයෙන් බලන කාලෙ නෙ. ඔහොම ඒව එක පාරෙන් දෙපාරෙන් අල්ල ගන්නව..

    ReplyDelete
    Replies
    1. මචං මම දාපු පෝස්ට් එකක් මැකිලා , ඒ මදිවට මම පබ්ලිෂ්කරන එව්වා පබ්ලිෂ් වෙන්නෙත් නැ, වදෙන් පොරෙන් පබ්ලිෂ් කරහම බ්ලොග් රෝල් වලට යන්නේ නැ අනේ උදව් කරහං බං

      Delete
    2. සහනටත් කිව්වනං

      Delete
    3. @ චන්දන

      ළමයිනුත් මේ ක්‍රමයට හුරු වෙලා. ඒ වගේ දේවල් විතරමයි හරියට ග්‍රහණය කරගන්නේ.

      Delete
    4. @ අටම්

      පෝස්ට්කටුවක් මැකෙන්නේ උඹ මැකුවොත් විතරයි එහෙම නැත්නං බ්ලොග් එකටම කෙලවුනොත් මැකෙනවා. ඕවා උඹේම වැරදි බීල බීල සිහිකල්පනාව නැතිව ඩී අකුරෙන් පටන් ගන්න හැම එකම “ඩ්‍රාෆ්ට්“ කියල හිතන් ඉන්න එක වැරදියි. ඩිලිට් කියන එකත් ඩී අකුරෙන් පටන් ගන්නේ

      Delete
    5. @ සමියා.

      උඹ වැඩ අල්ලල වගේ..

      Delete
  11. මොකුත් නොදන්න පොඩි උන්ට රටේ තියෙන කසිකබල් මළජරා ටෙලි පෙන්නන උඹලටයි මඩු වලිගෙන් තලන්න ඕනැ.

    ReplyDelete
    Replies
    1. හැබෑව හැලපයියේ.. ලංකාවේ දෙමවිපියන්ට තලන්න මඩු වලිග බර ලොට් එකක් ඕන වෙයි

      Delete
  12. සීරියස් කතාවක්නේ බොල.... දැන් එහෙනම් පොඩ්ඩ පොඩ්ඩ පරිසරය වෙනස් කරහන්.. ඕක සිග්නල් එකක් කියල හිතාන.පොඩි උන්ට නොදැනෙන්න උන්ට ආස ගැලපෙන දෙකට හුරු කරහන්..ඔය සංගීත භාණ්ඩ හොදා ඔය වැඩේට..

    ReplyDelete
    Replies
    1. ඒවා තමා බං වෙන්න ඕන. මේ මිනිස්සු ඕවා තේරුං ගන්නෑ නේ සිරාවට. කිව්වත් දවසක් දෙකක් මතක තියේවි ඊට පස්සේ ආයේ පරණ විදියම තමා. පුදුම තත්වයක් දරුවො ගැන වගකීම දරන්නෑ හරියට දැං කාලේ දෙමව්පියෝ

      Delete
  13. “අපි දෙන්නව වෙන් කරන්න මේ ලෝකේ කාටවත්ම බෑ රත්තරං“ හෑ... :D මටත් බෑ.. ඒත් මක්ක කොරන්නද ? කවුද යකෝ අද කාලේ ටීවී බලන්නේ. හරියට ප්‍රවෘත්තියක් වත් කියනවා ද ඕකේ.. :/

    ReplyDelete
    Replies
    1. අද කාලේ ටීවි බලන්නේ දෙමව්පියෝ තමා බං වහල් වෙලා..

      Delete
  14. ඇත්ත කියහං උඹට බය හිතුනානේද , මල්ලි හමුදාවට බැදුනා , කොල්ලා මොකක් කරයිද කියලා.

    (අනේ මන්දා උඹ බං බොලන් කියන එක හරිද කියලා දේශා මහත්තයට)

    ReplyDelete
    Replies
    1. මහත්තයා කියල අනිත් පැත්තෙන් කුනුහරුප කියන එක තමා අවුල..හැක්.. මේක ඇත්තටම බං මට වෙච්චි දෙයක් නෙමෙයි මම දැක්ක දෙයක් තැනකදී.. මට විදියට තමා දැම්මේ

      Delete
  15. ටීවී බැලිල්ල නම් මමත් අතෑරල දාලා හුඟක් කල්. ඉස්සර චැනල් දෙක තුන තිබුනු කාලෙ වගේ නෙවි දැන් හැටහුටාමාරක් තියෙනව, ඒත් බලන්න කිසිම දෙයක් නෑ, ඕන් අද තත්ත්වෙ.

    දැන් කාලෙ ළමයිනම් ගහල බැනල තරවටු කරල හදන්න බෑ, උන් තවත් මුරණ්ඩුවෙනවා. හොඳම දේ අම්මා තාත්තා ළමයගෙ හොඳම යාළුවා යෙහෙළිය වෙන එක. එතකොට එයාල බොහෝ විට අම්ම තාත්ත එක්ක විවෘතව කතාකරනවා. ඒ වගේම දැනුම් තේරුම් තියන වයසට ආවම ළමයට සමාජය ගැන ක්‍රමයෙන් අවබෝධය ලබල දෙන්න ඕන. ළමයි ගේ අස්සෙ තියන් හදන්න බෑ, එයාල සමාජයට යා යුතුයි. එත් මුල හොඳට හැදුවම බය වෙන්න, පස්සෙ පසු තැවෙන්න අවශ්‍ය නෑ. මුල ශක්තිමත්නම් පොඩි හුළං පාරකටත් ළමය ඇද වැටෙන්නෙ ගහගෙන යන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. @ DDT

      මං හිතන්නේ මේක පළමු ආගමනය වෙන්ටැති මගේ බ්ලොග් කඩමාල්ලට. ස්තුතියි මිත්තරයා

      මිනිස්සු ඇයි මේවා තේරුම් නොගන්නේ, අපි මේ අධයාපන ක්‍රමය තුලින් හදල තියෙන පරම්පරාවල් තීරණ ගත නොහැකි, කශේරුකාවක් නැති, වගකීමක් දරන්න බැරි උන් විරතරමද මන්දා..

      Delete
  16. අන්න ඒකට බලාපන් කන්දෙ ගෙදර.ඔය කෙහෙල් මල් දම්සාරියො වගෙ මළජරාවල් ඒකෙ නෑ.

    මෙන්න අපි ඒ ගැන ලියපු ලිපිය!(දේශකයා බැලුවා.මේ අනිත් එවුන්ට )

    ReplyDelete
    Replies
    1. කෙහෙම්මල... උඹ ජැකාට කඩේ යනවද කොහේද...

      Delete
    2. කුනුහරුප කතා නොකර ඉඳින්.ඒක ජැකා හදපු එකක්ය!ඌ ඒකෙ රඟපෑව විතරයි !

      Delete
    3. රගපාන උන් තමා නියම නළුවෝ

      Delete
  17. අනේ දේශකයෝ පොඩි අයට කියලා දෙන්ට ඔය පෙන්නන ඒවා කරන්නේ හැබෑ ලෝකේ නෙමේ කියලා. එයාලට ටීවී බලන්ට වෙලාවක් දෙන්ට. අහවල් වෙලාවෙන් පස්සේ බලන්ට බෑ කියලා. ඔය 'එක එක සාරි ජාති ' පෙන්නනකොට ගෙදර අනික් අය බැලුවට පොඩ්ඩොන්ට බලන්ට දෙන්ට එපා.:)

    ReplyDelete
    Replies
    1. ගෙදර අනිත් අයත් ඔය සාරි නොබලා හිටියනං අහවරයිනෙ පොඩ්ඩියේ , මොකද ලමයි වෙනුවෙන් කරන කැපකිරීමක් කියලා හිතාගෙන එක කොරන්න බැරි වෙන්න විදිහක් නෑ. ඉස්සර අපේ ගෙදර තාත්තා දවස් දෙක තුනකට සැරයක් පොඩි පැදුරු සාජජයක් දානවා ගෙදර අය එක්ක,එතකොට ඔය ටී.වී. එක තිබ්බත් අතක් තියන්නේ නෑ කවුරුවත්, මිනිස්සු සෞන්දර්යයෙන් ඈත් වෙනකොට තමයි ඔය අටමගල් වලට අහුවෙන්නේ.

      Delete
    2. මමත් හිතන්නේ ගෙදර අය කැපකිරීමක් කරන්නම ඕනි ඒ වෙනුවෙන්... අක්කගේ ලමයි ටීවී එක නැත්නම් බත් කන්නේ නෑ කියලා බත් එක දෙන ගමන්ම ටීවී එක දානවා... මම කිව්වෙ එක දවසක් දෙකක් නොකර ඉන්න... එතකොට එයාලා ඉබේම පුරුදු වෙනවා... කිව්වට කරන්නේ නැත්නම් ඉතින් බලෙන් කරවන්න බෑනේ.. තමන්ගේ දරුවා හදන එක වගකීමෙන් කරන්න ඕනි වෙන මොනවා නැතත්,,,

      Delete
    3. @ පොඩ්ඩි

      අන්න ඒකනේ.. අම්මල නෙව උඩ දාගෙන ඔය සාරි දිහා බලන්නේ සුහ්.. අනේ අයියෝ.. කිය කිය කදුළු පෙරාගෙන. ඉතිං ළමයි නොබල ඉදීද..

      Delete
    4. @ ඉවාන්

      ළමයි කියන්නේ දිශාවක් නැති ඊතලයක් වගේ.. හරි දිශාවට යොමු කරොත් ප්‍රතිපල නැත්නං ප්‍රතිවිපාක. හැමදේම කරන්න දුන්න තියෙන්නේ දෙමව්පියෝ අතේ. මට මතකයි මම පොඩි කාලේ අපේ අම්මා කරේ පොත් කියවන එකම තමා. ඒකෙන් මමත් පොත් කියවන්න ගත්තා. කොච්චර හුරු උනාද කියනවනං අම්මට හදිසියකටවත් හොයාගන්න බැරි වෙන්න හැංගිල පොත් කියෙව්වේ. වැඩකට ගියොත් ඒ වෙලාවේ පොත කියවන්න බැරි වෙන නිසා..

      Delete
    5. @ නදිනි

      //ගෙදර අය කැපකිරීමක් කරන්නම ඕනි //

      මේක තමා වෙන්න ඕන. නැත්නං කොයි තරං ගහල බැනල උනත් ළමයි ඒකෙන් මුදවන්න බෑ.. මොකද මේ ටිකේ සද්ද වහලා.

      Delete
  18. අම්මලා තාත්තලගේ තේරීම් වැරදි නම් ළමයින්ට ඒකෙන් ගැලවෙන්න ලැබෙන ඉඩ හරි අඩුයි. නමුත් අම්මලා තාත්තලා ටිකක් පරීක්ෂාකාරී නම්, එහෙන් මෙහෙන් වැරදිදේවල් ළමයින්ට ගියත්, ඒවා නිවැරදි කරගන්න තියන ඉඩ වැඩියි.

    අපිත් පොඩි කාලේ ටීවී එකේ යන දේවල් බලලා, යම් දුරකට ඒවා කරන්න උත්සාහ කලා. නමුත් ඒ එක්කම අපිට ලැබුණු පොත පත කියවා ලද දැනුම, විවිධ අත්දැකීම් වලින් ලද දැනුම, සහ වැඩිහිටියන්ගේ මගපෙන්වීමෙන්, ඒ වැරදි දිගින් දිගට සිද්ධවුණේ නෑ කියලා මට හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. අපි ළමයින්ට ක්‍රමයක් ඇතිව හැමදේම කරන්න පුරුදු කරන්න ඕන නේ බං. නැත්නං ළමයි කොහොමද ඒවා ඉගෙන ගන්නේ. මේ අධයාපන ක්‍රමය ඒවා කියල දෙනවද නෑනේ. තරගයකට හති හලන ළමයින්ට වැඩිය හොද පුරවැසියෙක් බිහිකරන්න දෙමව්පියෝ දැං ලැහැස්ති නැහැ නෙව..

      Delete
  19. මේක කෙටියෙන් විස්තර කරන්න පුළුවන් දෙයක් නොවෙයි. මුලින්ම හැදෙන්නේ ඕනේ ළමයින්ගේ දෙමව්පියෝ. හිතට එන දේවල් ඔක්කොම කියන්න යන්නේ නෑ. මොකද අපේ ගෙදර සෙටප් එක වෙනස් හින්දා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත කෙටියෙන් කියන්න අමාරුයි.. කෙටිම දේ තමා ඔබ කියා තිබෙන්නේ “මුලින්ම හැදෙන්න ඕන දෙමව්පියෝ“..

      Delete
  20. ඕකට විසඳුම බලෙන් නවත්තන එක නෙවෙයි. ඊට වඩා සිත් ගන්න සුළු විකල්පයකට ළමයින්ව හුරු කිරීමයි.

    ReplyDelete
    Replies
    1. උඹ හරි ඉවාන්.. ළමයි පරිසරය පොතපත එක්ක වැඩිපුර මුහු කරන්න ඕන

      Delete
  21. කාලයේ විකාශනයත් එක්ක ළමයින්ගෙ ළමා මනසත් විකාශනය වෙලා වගේ...මේ විපර්යාසයට ඉලෙක්ට්‍රොනික මාධ්‍යත් විශාල දායකත්වයක් දෙන හැඩයි...කල්පනාවෙන්...

    ReplyDelete
    Replies
    1. කාටවත් දොස් කියල වැඩක් නෑ බං. කවදත් හැමදේම හැමආකාරෙන්ම උනා. ඒකට තාක්ෂනය දියුණුද නැද්ද කියන එක බලපෑවේ නෑ. නමුත් දෙමව්පියෝ ළමයි ගැන සැලකිලිමත් වෙන්න ඕන

      Delete
  22. ඕවා බලන්න දෙන්න එපා බන් දරුවන්ට. වාසනාවකට අපේ එකානම් ටීවී එකට දක්වන උනන්දුව හරිම අඩුයි.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත සෙන්නෝ බලන්න දෙන්න අන්තිම නාකයි..

      Delete
  23. ටීවී බැලිල්ල නං වැඩක් නෑ. මම කියන්නෙ ඔයවගේ සීන් තිබුන උනත් හොඳයි කියන්න දෙයක් ඇතිතෙම නැති නිසා.

    ReplyDelete
    Replies
    1. ඒක නං කියන්න බෑ බං. මොකද උඹල අයිටීඑන් ජාතික නොබලන හින්දා ඒවයේ හොද දේවල් යන විත්තියක් දන්නෙ නෑ..

      Delete
  24. Replies
    1. @ හිරු
      ඇයි අප්පොච්චියේ බොට කලන්තෙද??

      Delete
    2. @ ඉවාන්

      හිරු ට තරහයි එයාගේ ටීවි චැනල් එක වැනෙනවා නේ මේකෙන්.. හැක්

      Delete
  25. හොඳ වෙලාවට අපේ පොඩි එකානං බලන්නෙ කාටුන් විතරයි. (මේ දවස්වල දවල්ට යූ ටියුබ් එකේ) ටෙලිනාට්ටි බැලීමට වාරණයක් දාල තියෙන්නෙ අපේ ගෙදර. ඔය මොකක්හරි හිනාවෙන්න පුලුවං එකක්නං බලනව. ඒ ඇර ඔය ගෑනුංගෙ සාරියි ගවුනුයි නං බලන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. අන්න නියම විදිය. අපිත් නොබල හිටියොත් ළමයි කොහොම බලන්නද ඒවා...

      Delete
  26. තනි ඇහැට ඇඩෙනවා මේක කියෙව්වම....

    අර ළමයින්ව රිලවු වගේ නටවන වැඩ සටහන් වලට අම්මලා තාත්තලා දරුවන්ව කොහොම යවනවද කියලා මට නම් තේරෙන්නේ නෑ. ඇත්තටම මේ ටීවී එක මහා වසංගතයක්. හැබැයි ඉතින් ටීවී එකටම බැනලත් වැඩක් නෑ, දෙමව්පියොත් දැනගන්න ඕනේ තමන්ගේ දරුවට නිවැරදිව දේවල් තෝරා බේරාගන්න සපෝට් එක දෙන්න. අද සමහර අම්මලා ළමයි ඔක්කොම වට කරගෙන තමයි ටීවී එකේ යන සෝප් ඔපෙරා ඔක්කොම ටික බලන්නේ.

    දරුවෝ එක්ක වැඩ කරන කොට පරිස්සමෙන්!
    http://sandunima.blogspot.com/2013/07/blog-post_19.html

    ReplyDelete
    Replies
    1. ඇඩුනත් උඹ කියල තියෙන්නේ ඇත්ත. දෙමව්පියන්ගේ පූරුණ වගකීම තමා දරුවන්

      මම ඕක බැලුවා නෙවද??

      Delete
    2. ඔව් ඔව්.. නොබලපු එවුන්ට පොදිඋ ad එකක් නිකම් තියෙන එකේ දැම්මේ

      Delete
    3. යෙකේ කිෂි අවුලක් නෑ මචං...

      Delete
  27. ඉස්සර කාලේ වගේ නොවෙයි දැන් මේ කාලේ..... ටීවී වල යන එව්වා අපිට බලන්නත් බෑ අම්මලා ඉස්සරහා.. ඉතින් පොඩි එවුන් කොහොම බලන්නද

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ.. අපිටත් ලැජ්ජයි ඒවා බැලුවම

      Delete
  28. මගෙ උන් ටීවී එක ගාවට යවන්න වෙලා තියෙන්නෙ බලෙන්. අනේ පුතේ ටීවී එකේ ලස්සන කාටුන් එකක් යනව බලන්නකො කියනව මම වැඩක් වෙලාවට. උන් කොහෙද ඒව බලන්න යන්නෙ මාත් එක්කම ඉදල මගෙ වැඩට බාල්දිය දාන එක තරම් තවත් දෙයක් උන්ට නෑ. ගෙදර උන්දෑත් ඒකටම කියාපු පළුව. නිදියන්න තියෙනවනම් ඊට වැඩිය දෙයක් නෑ.

    ReplyDelete
    Replies
    1. උඹේ ළමයි ටීවි නොබලන නිසා හොදයි. ඔන්න වැරදි වලට යොමු කරන උත්ප්‍රෙරක

      //අනේ පුතේ ටීවී එකේ ලස්සන කාටුන් එකක් යනව බලන්නකො කියනව මම වැඩක් වෙලාවට.//

      ඕක තමා බහුලවම දෙමව්පියෝ කරන්නේ තමන්ගේ පහසුවට

      Delete
  29. යකෝ මේ කතාව ඇහුවම මොනා කියන්නද කියල හිතා ගන්න බැරි උනා. පොඩි උන් කියන්නෙ හිස් කළ ගෙඩි. අපි තමයි මඩ හරි පිරිසිදු හරි වතුර දාන්නෙ. අපේ උන් දෙන්න කාටුන් බලන්නෙ ටොම් ඇන්ඩ් ජෙරී, මිකී මවුස්, වගේ අහින්සක ආතල් ගන්න එව්ව. හේතුව උන්ට පොඩි කාලෙ ඉඳ දුන්නෙ ඒව වීම. අනික පොඩි උන් එක්ක කතා නොබලන එක සහ අපි තනියෙන් බැලුවත් තෝර ගත්තු හොඳ නාට්ටි විතරක් බලන එක. තව පොඩි උන්ට යූ ටියුබ් එකේ කාර්ටුන් වලට වඩා හොඳ ප්ලේන්, රොකට්, යාන වාහන වගේ උන් ආස දේවල් බලන්න තියෙන බව පෙන්නල, ඒවට යොමු කරන එක. මෙන්න මේ ක්‍රම වලින් අපේ උන් දෙන්නගෙ ඔලු වලට ඔය කුණු වැටෙන එක අවම කරල තියෙනව. මතක තියා ගනින් වැරදුනොත් අන්ඩූ කරන්න පුලුවන් ප්‍රොග්‍රෑම් නෙමෙයි උන් ගාව තියෙන්නෙ. ඒ නිසා ටී වී එකට නොබැන අපි හැදෙමු.

    ReplyDelete
    Replies
    1. @ උපේ
      උඹ කියන දේ තමා මගේ මුළු පෝස්ට් එකේම හරය වෙන්න ඕන.. ස්තුතියි වටිනා අදහස් දැක්වීමට

      Delete
    2. @ සදුනිමා

      මාත් එකෙන්ම

      Delete
    3. @ ඉන්දික,
      ඔය වැඩේ තමයි මාත් කරන්නෙ. යූ ටියුබ් එකේ ළමයින්ට වගේම වැඩිහිටියන්ටත් හොඳ වැඩසටහන් සීරීස් පිටිං තියෙනව පොඩ්ඩක් හොයල බැලුවොත්.

      Delete
    4. ඒක ඇත්ත ප්‍රසා...

      Delete
  30. මම නං ලමයි පොඩි කාලෙ කලේ ටී වී එක ඕෆ් කරලා එලියට බස්සපු එකයි වෙනත් ළමයි එක්ක ගහ ගත්තත් කමක්නෑ එලියට බැහල සෙල්ලම් කරපියව් කියපු එකයි, ඉල්ලීම සාර්ථක උනේ 50% විතර;
    ප්‍රශ්න තිබෙනව විසඳුම් සොයන්න අමාරු;
    ළමයිව එලියට බස්සන්න දෙමාපියො බයයි.
    දෙමාපියො ගෙදර නෑ.
    ළමයි තනියම ගෙදර.....

    ReplyDelete
    Replies
    1. //දෙමාපියො ගෙදර නෑ.
      ළමයි තනියම ගෙදර.....//

      මේක තව ප්‍රශ්නයක් දයල්.. ඇත්ටම ලොකු ප්‍රශ්නයක්. මටත් මේ ප්‍රශ්නේ තියෙනවා.. මොකද දරුවෝ හීලෑ කරන්න අනිත් අය කරන්නේ ටීවි එක දාලා දෙන එක.. ඒක නිසා මම උදේට එළීයට බහින්නේ ටීවි වයර් එකේ සොකට් එක ගලවලාම තමා

      Delete
  31. අපේ ගෙදරTV,Radio, Internet, Laptop මුකුත් නැහැග මගේ තිරනය හරි කියලා හිතනවා මෙක කියෙවිවහම

    ReplyDelete
    Replies
    1. ඔව් උඹ කරන දේ හරි.. හැබැයි පත්තර පොත් පත් පුරවපං ගෙයි..

      Delete
  32. බාගයක් කියවනකොට නින්ද ගියා !

    ReplyDelete
    Replies
    1. තාම නිදිද? :O

      Delete
    2. @ සරා
      ඔයා මට කොචොක් එකක් දැම්මා නේද?? හැක්.. මම දන්නවා මේක රිටන් එකක්..

      Delete
    3. @ සමියා
      සරා දොයි.. නැගිට්වන්න බෑ..

      Delete
    4. කොහෙද මේකා නින්දෙන් ඉන්නකොටත් ලියනවනෙ

      Delete
  33. අපේ පුංචියි බාප්පයි නංගිටයි මල්ලිටයි බලන්න දෙන්නෙ නෑ ඔය කුනු කන්දරාවල්.. කකුලුවන්ගෙ තියරිය අනුගම්නය කරන්න බැරි හින්ද ඒ දෙන්න බලන්නෙත් නෑ.. සැරිසර වගේ හොඳ දේවල් විතරයි බලන්නෙ

    ReplyDelete
    Replies
    1. ඒක තමා හරි විදිය. කකුලුවොන්ට ළමයි කෙලින් යවන්න බෑ නේන්නං.. උඹ ආයි දැක්කම සන්තෝසයි කොල්ලෝ..

      Delete
  34. ටෙලිවිසොන් එකේ ලංකාවේ චැනල් පොඩිම උන්ට පෙන්නන්න එපා.. මම දන්න කොඩක් ගෙවල් වල කේබල් ඇන්ටෙනා කපලා. පොඩි උන්ගේ ෆිල්ම් එකක් ගෙනත් දෙනවා බලන්න..

    ReplyDelete
    Replies
    1. ටැලිවිසන් එකේ යන හොද වැඩසටහන් කිහිපයක් තෝරල පෙන්නුවම ඉවරයි කියලයි මම හිතන්නේ. ඔය ෆිල්ම් වලත් නොපෑහෙන දේවල් තියෙනවා බං

      Delete
  35. ටීවී බලන්න දෙනවනම් කාටූන් නෙට්වර්ක් වත් දාලා දීපන්

    ReplyDelete
    Replies
    1. ඇත්තටම කාටුන් නෙට්වර්ක් වල යන සමහර කාටුන් හරිම ආසෝබනයි නෙව.. ඒවයේ නැහැ ලමා ගතියක්..

      Delete
  36. TV ආසාවට බලපු කාලයක් මතක නෑ :(
    පොඩි උන්ගෙ අම්ම සීන් එක දකින්න තිබ්බෙ.. අපේ උන්ගෙ ගතියක් තියෙනවනෙ තමන්ට වෙනකම් ඒ ඒ සිදුවීම් ගණනක් නෑ

    ReplyDelete
    Replies
    1. පොඩි උන්ගේ අම්මයි තාත්තයි ඉස්සරහම තමා ඕක උනේ. මොකවත් නෑ හිනා වෙලා නිකං හිටියා.. උඹලට මොන ටිවීද යසියෝ...

      Delete
  37. ඇති යන්තම් පොඩි එකා "දම්සාරි" බලලා ඔය ගානින් නැවතුනා... හොද වෙලාවට නපුංසකයෙක් වගේ මර ල‍තෝනි දිදී අඩන්න ගත්තෙ නැත්තෙ :D

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. ඒකනං බලන්නම අප්පිරියයි..

      Delete
  38. මේ ප්‍රශ්ණය දිහා බලපු ගමන්ම වැඩි දෙනෙකුට එක පාරටම ඔලුවටෙ එන උත්තරේ හුඟ දෙන්ක්ගෙ අතින් කියවිලා තියෙන්වා, නමුත් ඒක විතරයි අත්‍යාවශ්‍යයෙන්ම හරි උත්තරය කියලා හිතුවොත් අන්න ඒක තමයි වැ‍රැද්ද. ඕකෙ තව පැති තියෙනවා. මම පස්සේ පෝස්ට් එකක්ම ලියන්නම ඒක ගැනම.

    දැනට මම මේක විතරක් කියන්නම්. චිත්‍රපට වල rating system එකක් තියෙනවා. PG කියලා එකක් තියෙනවා. දෙමව්පියන්ගේ අධීක්ෂනය, මාර්ගෝපදේශකත්වය යටතේ බලන්න අවශ්‍ය දේවල් තියෙනවා. සමහර කෑම පිළිබඳ දැන්වීම පවා ඇත්තෙන්ම PG. වැ‍රැද්ද ටීවී එකේම නෙවෙයි. පෙන්නන ඒවෑම විතරක් නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. ඩුඩේ උඹ ලියන එක හුගක්ම වැදගත් වේවි.. අනිවා.. මම බලන් ඉන්නවා ඒක එනකං. ස්තුතියි උඹට අපි නොහිතන දෙයක් ගැන ඉගියක් දුන්නට..

      Delete
  39. මචෝ...මේ සිස්ටම් එක ඇතුලේ සිද්ධවෙන ගොඩාක් දේවල් අපිට හදන්නවත් නවත්තන්නත් බැරි වෙයි කල්පයකට.ඒ නිසා ගොඩාක් රටවල් කරන්නේ හරි මාර්ගෝපදේශකත්වයක් ඇතිකිරීම.අවාසනාවකට අපි තාම එතනටවත් ඇවිල්ලා නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔව් බං ඒකත් හුගක් හරි කතාවක්. සිස්ටම් වෙනස් කරන්න උවමනාවක් නැති උන් රටක කල්පෙකටවත් මේවා වෙනස් වෙන්නේ නම් නෑ තමා අරූ...

      Delete
  40. මං ඊයේ පෙරේදා ඉපදුන එකෙක් තමා,හැබැයි කරන වැඩවල යුගේ එක්ක බලද්දී මං සෑහෙන පස්සෙන්. මේක කියවද්දිත් තේරුනේ ඒකයි..

    ReplyDelete