Thursday, August 15, 2013

අක්ක කසාදේ!!!

අපේ තරියගේ කෙරුවාවේ, මිනිහ අළුතෙන්ම දිනුද? හංසිද? කිය කිය සෝතාප වෙවි ඉන්නැද්දි ඒක බලල මට ආවේ අමුතුම හැගීමක්. හැබෑටම මම කලින් කියපු ඒකපාර්ශ්වික ප්‍රේමය (තනි අන්ඩේ ලව්) වගේ සිද්ධි වලදිත් ඔය ප්‍රශ්නෙම බලපෑවා. අක්කලට පෙම් බැදි මල්ලිලා.. එහෙම ඈයෝ ඉන්නවා හැබැයි හුගක් දුරට පේනවා හොරයි.

මමත් සබීතට හිතෙන් ලව් කරද්දි එයා අක්ක කෙනෙක්ය කියල හිතුවයෑ. නෑනේ. ආදරේ කියන දේට සීමා මායිම් නෑ. ඒක ආදරයක්මද කියල හිතන්න බෑ අප්පා වෙලාවකට. මං හිතන්නේ කව්රු හරි දැක්කම ලව් කරන්න ඕන කියල හිතෙන්නේ තමන්ගේ හිතේ තියෙන අච්චුවට ඒකා හරියටම හෝ හුගක් දුරට මැච් උනොත් තමා. නැත්නං බම්බ ඩුප්ලිකේෂන් රෝඩ් එකේ දුවන ඇච්ඇස්බීසි නංගිල සේරම පස්සේ දුව දුව ලව් කරන්න බැරියැ. ඒත් ඒක එහෙම වෙන්නේ නැත්තේ, සමහර ඒවා දැක්කම සෙක්සි, සමහර ඒවා මැක්ස, සමහර ඒවා රාජපක්සල වගේ නං කිය කිය හිටියට අන්න මචං අරක නං එළම තමා කිව්වොත් තමා තමන්ගේ ඔළුවට ඒක වැදුනයි කියල හිතන්න වෙන්නේ. එහෙම වැදුනොත් තමා පස්සේ දවසක දැක්කම තමන්ගේ රාමුවට දාලා මැච් කරල බලන්න හිතෙන්නේ. සමහර ඒවා දැක්කම නං රාමුවට හරියටම ගැලපෙනවා කියල හිතුවට, රාමුව එල්ලල තියෙන බිත්තියට එයා අකමැති විත්තිය නොහිතන වෙලාවලුත් තියෙනවා තමා.

දැං බලන්න මධු මාධව අරවින්දයා, මැණිකක් කියල හිතාගෙන කරගහ ගෙන හිටිය නිල්මිණි තෙන්නකෝන් අක්කව තුප් කියල එළවල දැම්මේ. ඒකටම හරියන්න අපේ ටීනා ටර්නර් ආච්චි මේ ළගදිත් 34 වැනි වතාවටද කොහේද ගැනිගේ මුණුපුරෙක් වගේ මල්ලි කෙනෙක් කැන්දං ආවේ. ඇයි අප්පොච්චියේ අමතක උනාද චාල්ස් උන්නැහැ කැමිලා අක්කව ගන්න නෙව අච්චර ලස්සන මලක් වගේ ඩයනට දස වද දුන්නේ. තව ඉන්නවා නං හොයල බලල කියන්ටකෝ කස්ටිය..

අපේ සමාජයේ පැහැදිලිව මුල් බැසගෙන තියෙන කාරණයක් තමා වයස. කෙල්ලට වැඩිය කොල්ලා අනිවා වැඩිමල් වෙන්න ඕන කියන තියරිය. ඒක අපි සිරාවටම බලනවා නෙව. අඩු ගානේ එක දවසක් හරි කෙල්ල බාල වෙන්න ඕන.. නැත්නං මොන පොරොන්දම ගැලපුනත් ඒ මගුල නං කෙරෙන්නේ නෑ. හැබැයි ඔය විදියට ගලපපු මංගල්ලත් ඕන තරං කැඩෙනවා. ඒකට හේතුව වයස නොවෙයි කියන එක ආයේ තේරුං කරල දෙන්න උවමනාවක් නෑනේ ඉතිං. 

අපේ සමාජයේ තියෙන සංස්කෘතිකමය බැදිම් හේතුවෙන් මේ තත්වය ඇති වෙලා තියෙනවා කියල හිතන්න පුළුවන්. නමුත් ඉන්දියානු සංස්කෘතිය තුල තමන්ට වඩා වයස ගෑනියෙක්ව කසාද බදින ඒ තරං ප්‍රශ්නයක් ඇති දෙයක් විදියට හොයන්නේ නෑ. නමුත් සමහර කුල වල මේ දේ හරියට බලනවා. කොහොම උනත් අන්තිමට සචින් තෙන්දුල්කාර් මල්ලි බැන්දෙත් අක්කා කෙනෙක් කියලයි මට නං මතක. (හරිද මන්දා) මේවා සමාජීයව බලපාන ආකාරය මත තමා වෙනස් වෙන්නේ. ලංකාව ගත්තම ඒකේ අනිත් පැත්ත. තනිකරම අක්කා ගන්න කසාද වලට වැට බැදලයි තියෙන්නේ. හැබැයි සල්ලි තියෙන සීයල දුවල ගන්න ඒවා, ගැන ඒ තරං කතිකාවක් ඇති වෙන්නෙවත් ප්‍රශ්න කරන්නෙවත් නෑ. ඒ උනත් කව්රු හරි කොල්ලෙක් අක්කා කසාදයක් කරගත්තොත් ඒක ඒ මිනිහට ජීවිත කාලේම බලපාන සමාජීය ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. 

මගේ කෙලි යාළුවෙක් බැන්දේ ඒකිටවැඩිය අවුරුදු 6 ක් බාල කොල්ලෙක්. මේ දෙන්නගේ තඩි ඇගවල් නිසා ඒක කවදාවත් පිටට මාට්ටු නොවුනට ඒක මාට්ටු වෙච්ච දවසක් තිබුනා. රනිල් ලොක්කගේ ඊනියා (??) සාම කාල සීමාව තුල අපි සැට් එක යාපනේ යද්දී. කලින් දවසේ රෑ නැවතුනේ අනුරාධපුරේ. එතැනදි යාපනේ යන සෙට් එකේ ලිස්ට් එකක් හදන්න ඕන ආමි චෙක් පොයින්ට් එකෙන් පනින්න නං. ඒ ලිස්ට් එකට නම, ගම, උපන්දිනය, වයස වගේ තොරතුරු දාන්න ඕන. මුන් දෙන්න පැන්න ගමන් ඔක්කෝම කස්ටියගේ විස්තර අරගෙන ලිස්ට් එක හදන වැඩේ කරන්න පුදුම උවමනාවකින් බාර ගත්තේ. අපිත් ඒ වෙනකං දැනං හිටියේ නෑ මේ සිද්ධිය. 

ඒත් ලිස්ට් එක හදල ඉවර වෙලා ඒක නඩේ ගුරාට දුන්නම බඩු මාට්ටු. එක කනකට කිව්ව ඒ කතන්දරේ විනාඩි ගානක් ඇතුලත මුළු නඩේම දැනගත්තා. ඒකෙදි අරුන් දෙන්න ගැන හුගක් අය තුල අප්‍රසාදයක් ඇති වෙච්චි විත්තිය මම දැක්කා. මේ දේවල් ඇත්තටම සමාජයේ මුල් බැසගෙන තියෙන අදහස් නිසා වෙන් දේවල්. කොහොම උනත් උන් දෙන්න දරු පැටව් දෙන්නෙකුත් හදාගෙන දැනට කළුතර පැත්තේ හොදින් ජීවත් වෙනවා.

මේ ප්‍රශ්නේ යුරෝපයට ඇත්තටම අවුලක් ඇති දෙයක් නෙමෙයි. උන් සත පහකට වත් වයස කියන කාරණේ ගැන උනන්දු වෙන්නේ නෑ. උන් එතනදි බලන්නේ මට ඒ කෙල්ලව ගැලපෙනවද කියන එක විතරයි. ඔස්ටරේලියාවේ කිරිකට් ගහපු මාක් වෝ උන්නැහෙත් අඩල අඩල අක්ක කසාදයක් කරගත්ත නෙව ඒ කාලේ. ඒ ගැන පත්තරේ ගිය විස්තරත් නිකං අමුතුම ලෝකයක වෙච්ච දෙයක් ගානටත් කතා වෙලා තිබුනේ.

එකිනෙකා තුල අදහස් පෑහෙනවා නං, එකිනෙකාට අවංකව එළිපිට ඕන දෙයක් කතා කරන්න පුළුවන් තරමේ අනයොන්‍ය සම්බන්ධතාවක් පාරදෘෂ්‍ය විදියට තියේනං, වයස ගැන වොරි වෙන්න ඕන නෑ කියලයි මම නං හිතන්නේ. 

ඒක නිසා තරියෝ උඹට ඕන නං අක්කා කසාදයක් කරගනිං ඕං මම නං නෑ හෙට ඉදලා..

ප.ලි- මේ ගැන ඔහේල කියන අදහස් අනාගතේ දවසක මේ සමාජීය කරුණු නිසි ආකාරයෙන් අවබෝධ කරගන්න කාට හරි උදව්වක් වෙයි කියල හිතෙනවා..

137 comments:

  1. ඔව් බං එහෙම ඒවාට අනිත් එවුන් වටේ ඉඳන් කෑ ගහන්නේ හරියට උන් කන්න බොන්න දෙනවා වගේනේ.

    ReplyDelete
    Replies
    1. නැහැ උන්ට නිකං කිති වගේ කියල හිතාගෙන තමා කෑ ගහන්නේ...

      Delete
  2. මේ අක්කලා කසාද බැඳිල්ලට සමාජෙන් ආපු අකමැත්තට ජීව විද්‍යාත්මකව බලපාන පැත්තකුත් තියේද මන්දා . .


    දොස්තර ප්‍රියංග ඩි සොයියා මහතාගේ "ගැහැනු ලොව පිරිමි ලොව" කියන පොතේත් තව එක එක තැන් වලත් දැකලා කියවලා තියෙනවා වගේ හිතෙනවා මෙහෙම දෙයක් . .

    ගෑනු ළමයෙක් තමන්ගේ නියම වයසට වඩා වසර 5ක් ඉදිරියේ ඉන්න කෙනෙක් හිතන විහිහට හිතන්නේ . . ඒත් පිරිමි ළමයෙක් ඒකේ අනිත් පැත්ත ඌ තමන්ගේ හෑබෙ වයසට වඩා වසර 5ක් අඩුවෙන් හිතන්නේ

    සරලවම කියනවනම් අවුරුදු 20ක කෙල්ලෙක් හිතන්නේ 25ක් කෙල්ලෙක් හිතන විදිහට . . 30ක කොල්ලෙක් හිතන්නේ 25ක කොල්ලෙක් හිතන විදිහට . .

    මේ විදිහට බැලුවාම කසාද බඳින්න හොඳම වයස පරතරේ කෙල්ල අවුරුදු 10ක් බාල වෙන එක තමා . . :P

    මගේ පුද්ගලික අත්දැකීම් එක්ක බැලුවාම මේ 5ක් අඩු වැඩි කතන්දරේ ඇත්ත කියලයි මට නම් හිතෙන්නේ . .

    ඒත් මේක නියතයක් වෙන්න විදිහක් නෑ . . ඒ ඒ කෙසෙල් වලට වෙනස් වෙන්න ඇහැකි . . :D

    ReplyDelete
    Replies
    1. ගෑනු පිරිමි ඇයි මේ තරං වෙනස් කියන පොත නේ..
      අන්න පොත් ඈ...
      ඕක මාත් කියෝලා ඒවා ගැන පර්යේෂණ පවත්තපු ඈයන්ට උම්මා දෙන්න හිතුනා...

      Delete
    2. කාම සූත්‍ර පොතෙත් එහෙම කියනවා නේද ?

      Delete
    3. දුකා ලියපු කතාවක් තියෙනවා නේද කැමතිද කියලා අහන්න ගියාම මලී කියලා කතාකරන?

      Delete
    4. කොල්ලෝ බඳින්න ඕන.. තමන්ගේ වයස දෙකෙන් බෙදලා ඒකට 10 ක් එකතු කලාම එන උත්තරේ තියෙන ගෑල්ලමයෙක්,

      Girls Age = Your Age / 2 + 10

      හැබයි මේ සමීකරණේ හොයාගන්න කොට මම පරක්කු වැඩියි...

      Delete
    5. නියමයි මාතලන් සුත්තරේ. එතකොට තමන්ගෙ වයසෙම එකියක් බඳින්න වෙන්නෙ අවුරුදු 20 දි බැන්දොත් විතරයි. (20/2)=10+10=20.
      මම දැන් 52 යි. (වැඩි වයසක් නෙමෙයිනේ.) 36 එකක් ගැලපෙනවා. කියල වැඩක් නෑ. ඉන්නවද මේ අතරෙ කවුරු හරි ? 52 උනාට අඩුපාඩුවක් එහෙම නෑ ඕං..

      Delete
    6. මේ සූස්තරේ කාගෙ හරි පෝස්ටුවක තිබ්බා..

      අක්ක වෙඩින් ගැන කිසිත් නොකියමි.

      Delete
    7. @ දුකා
      //ඒත් මේක නියතයක් වෙන්න විදිහක් නෑ . . ඒ ඒ කෙසෙල් වලට වෙනස් වෙන්න ඇහැකි . . ://

      මාත් මේකම හිතනවා. කිව්වත් වගේ උඹ හොද තොරතුරු දැක්වීමක් කරල තියෙන්නේ.

      Delete
    8. @ තරියා

      ඔව් උඹට ඉතිං එහෙම කරන්නම වෙනවා තමා.. හැක්

      @ සුදීක
      කාම සුත්‍ර පොතේ මේක තියේද කියල මට නං මතක නෑ බං..

      @ කකා
      ඒ කතාව හොයල කියවන්න ඕන. තැන්කුයි

      @ මාතලං
      ඔය සුත්තරේ ඉස්කෝලෙන් අයින් වෙනකොටම ඉගැන්නුවනං හොදා තමා.. හික්...

      @ ඇනෝ
      ඔයා නං ටිකක් නරකයි වගේ.. සුත්තරේට අනුවනං ගැලපනෙවා 36 එකක්..

      @ සැමා
      උඹ අක්කා කසාද වලට කැමති නෑ වගේ...

      Delete
  3. මිනිස්සුන්ගේ සිතුම් පැතුම් අනුව නේ ඔය සේරම...
    මොකෝ වයස අඩු කෙල්ලෙක් බැන්ද කියලා..ඒ දීග කැඩුනේ නැත්තේ නැහැ නේ...ඔය සේරම කතා තියරි එකෙන් හිතුවොත් එක විදියක් ප්‍රැක්ටිකල් වෙනස්...

    ReplyDelete
    Replies
    1. ඔව් බං මේවා තමන් හිතන පතන හා ලැබෙන ආකාරය අනුව සිද්ධ වෙන දේවල්. අතීතයෙත්, වර්තමානයෙත් අනාගතයේදිත් එහෙම තමයි..

      Delete
  4. ඕකත් හඳහන් වගේ තමා.... එතනින් එහාට කියන්න දෙයක් නෑ...

    ReplyDelete
    Replies
    1. කකාගෙ භාර්යාවත් ඉතින් කකාට වඩා වැඩුමල්නෙ....

      Delete
    2. මෙහෙමත් මෝඩකමක්. මේ නොදන්නාකම ප්‍රදර්ශනය වීමක් නොවෙයි.

      Delete
    3. @ හිරු..

      තැන්කුයි ලින්කුවට... හදහන වගේ කිව්වා.. ඒක ඕන නෑ නේද.. හිහි

      Delete
    4. @ කකා

      නියම ලින්කටුවට ස්තුතියි..

      අර ඇනෝ සහෝ කියල තියෙන එක ගැන ඔබ වැනි කබර හමක් ඇති කෙනෙක් නොසැලෙන විත්තිය මම දන්නවා.. නැත්නං ආපු සමහර ඇනෝ කමෙන්ට් වගේ ඒකත් මකනවා. ඔබ උත්තර දී ඇති හෙයින් මට ඒක මකන්න සාදරණ අයිතියක් නැහැ.. (කාටවත් අපහාස කරන්න මම නං ඉඩ දෙන්නේ නෑ)

      Delete
    5. //(කාටවත් අපහාස කරන්න මම නං ඉඩ දෙන්නේ නෑ)//

      අම්මපා ආයිබොවං ඔහේ අදහන්න වටින කෙනෙක් නොවැ. හැක්..

      Delete
    6. අපි ඒමයි ආයිබෝවන්ඩ.. දෙකහමාරක් නෑ..

      Delete
  5. ඔන්න මේකනම් අත්තමය් හොදේ මෙහෙ ඉන්නවා ලංකාවෙන් පැනල අපු ජෝඩ්ඩක් දැන් අවරුදු 8ක් වෙනවලු දෙන්න ලංකාවෙන් පැනල ඇවිත් ... නෝනට දැන් අවරුදු 50යි මහත්තයට 26යි

    ReplyDelete
    Replies
    1. හැ ඒ ගැන දැනං හිටියේ නෑනේ මං

      Delete
    2. @ මැලේ රාල

      ඕවා බං පිටරට හැම තැනම වගේ වෙනවා. අනික මේ ගැන විස්තරයක් අපේ සරත් චන්ද්‍රසිරි ලොක්කත් දාලා තිබ්බ මට මතකයි.. තැන්කුයි මැලේ...

      Delete
    3. @ නලියා
      උඹ මැලේ ගියපු වෙලාවේ ඒ ගැන නොකිය හිටි එකම ලොකු දෙයක්.. හාහා

      Delete
  6. මෙහෙමෙ දෙයක් අහල තියෙනව පිරිමිය ගහක් වගෙ ගෑහෑනිය වෑලක් වගෙ කියල එකෙන් එක අරුතක් තමයි ගෑහෑනිය පිරිමියාට කලින් වෑහෑරෙනව කියන එක.ලින්ගික ආශාවත් පිරිමියාට කලින් ගෑහෑනියගෙ හීනවෙනවලු.එකනිස පිරිමියා වෑඩිමල් වෙන එක හොදයි.

    ReplyDelete
    Replies
    1. උඩ ලින්ක් එකෙ සරත් අයියගෙ පොස්ට් එක කියෙවුවම මට මෙක මතක් උනෙ.මම දන්න මාතර පෑත්තෙ සීන් එකක් තියෙනව.පොරක් බෑන්ද මිනිහට වඩා අවු 10 කටත් වඩ වෑඩිමල් කෙල්ලෙක්.කෙල්ල හයිස්පීඩ් කෙස් එකක් ලු එකගෑන නම් මම දන්නෙ නෑ.හෑබෑයි මම දෑනගත්තෙ පොර තමන්ගෙ ගෑනිගෙ අක්කගෙ දුවත් එක්ක පෑනල ගිය සිද්දියෙදි.එතකොට මිනිහට ඉස්ස්කොලෙ යන පුතෙකුත් ඉන්නව.අර කෙල්ල ඉස්ස්කොලෙ ගිහින් නෑවතුනා විතරයි

      Delete
    2. කතාව ඇත්ත මාතර පැත්තෙ නෙවි.මාතරම තමයි.

      Delete
    3. දමිත්..පිරිමියාට වඩා ඉක්මනින් ගැහැනියගේ ලිංගික ආසාව හීන වෙනව කියන එක පිළිගන්න පුළුවන් වයසට ගියාම. මාතර ගාල්ල පැත්තේ ඉන්නෙම ඔහොම බුවාල තමා නැද්ද ඇනෝ සහෝ...

      Delete
  7. කොච්චර ලව් තිබ්බත් මං ආසම කැටගරිය තමා ඒක පාර්ශවීය මෙව්වා එක...
    ඒක මාර කික්..
    කාටත් කරදරේකුත් නෑ වියදමකුත් නෑ..
    ඉස්කෝලෙ කාලේ කරේම ඕකනේ...

    ReplyDelete
    Replies
    1. ලව් එක නම් ඒක පාර්ශවීය කමක් නැහැ කියපන්කෝ.අනිත් එක ඒකපාර්ශවීය කරන්න ගියාමනේ බන් එපාවෙන්නේ

      Delete
    2. @ තරියා

      මාත් හුගක්ම ආස ඒකට තමා. මොකද වයසට යනකම්ම බය නැතිව කරන්න පුළුවන් එකම දේ ඒකපාර්ශ්වික ලව තමා..

      Delete
    3. @ අරූ..

      ඒක ජීවිත කාලේම ඒකපාර්ශිකව කරන අයත් ඉන්නවනේ බං..

      Delete
  8. ඔය කවුළු පියන් පත් සින්දුව කියන කසුන් කල්හාරත් බැන්දේ අක්ක කෙනෙක් තමා!

    ReplyDelete
    Replies
    1. එහෙමද මම ඒක දැං තමා දන්නේ දුලෝ...

      Delete
  9. අවුරුදු දහයක විතර පරතරයක ඔය දෙපැත්තෙන් ඕනෙ පැත්තක් වුනාට කමක් නැහැ කියලා මම හිතන්නේ.අක්කලාව බැන්දාම මල්ලිලට හොඳ සැපලු නේද?මම කිව්වේ මල්ලිලාට හොඳේ.

    ReplyDelete
    Replies
    1. මල්ලිලාට සැප දීලම ඉවරයක් නැති වෙයි වගේ.. කියපු කාරනේ ඒ කියන්නේ අවුරුදු දහයක කියන කාරණය අවුරුදු 5 කට විතර අඩු උනොත් හොදයි නේද??

      Delete
  10. දේශ්කයා ගේ බැන්කු ගිනුම ඇච්ඇස්බීසි ද ?

    ReplyDelete
    Replies
    1. මාව බැංකු වලින් එලෙව්වේ උන්දැල තමා බං...

      Delete
  11. මධු මාධව අරවින්දට හෙම බණින්න එපා!
    පොර ගෙන තමයි මාත් කොණ්ඩ මෝස්තරේ කොපි කෙරුවේ!

    ReplyDelete
    Replies
    1. අඩේ අප්පා ඒ කොන්ඩ මෝසතරේ ගැන කිව්වමයි මතක් උනේ.. හැබෑමයි.. හහ් හහ් හා...

      Delete
  12. පියදාස සිරිසේන ගේ ජයතිස්ස සහ රොසලින් පොතේද කොහෙද තියෙන විදියට කොල්ලෙක් තමන්ට බඳින්න හොඳ කෙල්ලගේ වයස හොයන්න ඕනෑ මෙහෙමයි

    කෙල්ලගේ වයස = 0.5*(කොල්ලගේ වයස) + 7

    ReplyDelete
    Replies
    1. මේකට අනුව අක්ක කසාදයක් කරගන්න පුළුවන්, අවුරුදු 14 අඩු කොල්ලන්ට විතරයි....

      Delete
    2. මාර සුත්තරයක් නේ සිරිසේන උන්නැහැ දීල තියෙන්නේ... ඈ තිසරයෝ මේක අක්ක කසාදේට විරුද්ධව කරපු සුත්තරයක්.

      Delete
  13. මම දන්නා කීප දෙනෙල් ඉන්නවා වයස වැඩි අය බැඳපු.හැබැයි ඒ අය බොහොම හොඳින් ඉන්නවා.එක්කෙනෙක් කොල්ලට වඩා අවුරුදු 4ක් වැඩිමල්.අනික් කෙනා පවුලේම කෙනෙක් එත් බොහොම හොඳින් ජිවත් වෙනවා.අනික් උන් මගේ යාලුවෝ.ඒවගෙත් කිසිම ප්‍රශ්නයක් නැහැ.හැබැයි ඔය වයස වැඩි කියන එක ප්‍රශ්නයක් කර ගත්තොත් නම් ප්‍රශ්නයක් තමා.හැබැයි ඒ මම දැකපු හැමෝම කෙල්ල කොල්ලට වඩා තරුණ පෙනුමයි කොල්ලට වඩා ඇක්ටිව්.ඒ වගේම කොල්ලට වඩා වගකීමකින් කෙල්ල වැඩ කරන නිසා කොල්ලට නිදහසේ ඉන්න ඇහැකි.වැඩි වගකීමක් කෙල්ලට දීල ශේප් එකේ හිටියහකිනේ.

    ReplyDelete
    Replies
    1. උඹ අර දුකා කියපු කාරණාව දැක්කද ඒක ඇත්තටම ඇත්ත සංසිද්ධියක්.. ප්‍රායෝගිකයි..

      Delete
  14. ඕව මොනවද අනේ අද කාලේ කොල්ලෝ ආසම ඇන්ටලටනේ. හිත ගිය තැන මාලිගාව කිවුවලු

    ReplyDelete
    Replies
    1. ඒකට හරියන්න හතලිහ පැන්න කොල්ලො..... දහ අටේ කෙල්ලො පස්සෙමනෙ වැටෙන්නෙ.......

      Delete
    2. නලියෝ මතක නේ මම ඇන්ටි පාරවල් ගැනත් කතා කරා කලින්.. තාම ඒකට හිට් තියෙනව දවස ගානේ..

      Delete
    3. @ ඇනෝ

      මාත් ඕක නං දැකල තියෙනවා. හතලිහ පැන්නම පොරවල් තිරිහන් වෙන හදියක් තියෙනව වගේ...

      Delete
  15. අනේ මම දන්නේ නැහැ ඔය මල ඉලව්. මේ ඉතිං ඒ රෝප්පේ නෙමෙයි නේ. ආසියාව නොවෑ..
    නාඩි වැටෙනවානම් දරමිටියත් මක්කෙයි කියන යුගයක ඉන්නේ අපිනම්.. එහෙම තියෙද්දී ඔයා හරි ඔය දේවල් සුළු දේවල්.. දෙන්නා කැමතිනම් අපිට කියලා පාන් යෑ... අපි කන්න අඳින්න දෙන්නේ නැහැ නේ.පිට උන්ට මොකෝ කාටවත් වදයක් නොවී මක්ක කලත්.. මමත් ඔය දේවල් අදහන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. උඹ හරි බං බෙනෝ.. අපිට මොකටද ඕවා.. නැද්ද..

      Delete
  16. දෙන්නට හොඳ නම් අපිට මොකෑ... :D

    ReplyDelete
    Replies
    1. අපි පොඩි බකප් එකක් දුන්නා එච්චරයි..

      Delete
  17. අනේ මං නං සෑහෙන්න දැකල තියේ ඔය අක්කා සීන්....ඇයි අත්දැකලත් තියේ හි හි....

    ඕවා දැන් ඉස්සර වාගෙ හිතන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. හි හි....
      හි හි....
      හි හි....
      හි හි....
      හි හි....
      හි හි....
      හි හි....

      Delete
    2. උඹ හිතන්නේ නැති උනාට හිතන අය තාම ඉන්නවා නේ බං.. අර තරිය වගේ උං

      Delete
  18. +++++++
    මම නම් බොක්කෙන්මයි මේ වැට ගැහුවේ ඔන්න!!!

    ReplyDelete
    Replies
    1. ඔයා කොහොමත් වැට ගහන්න එපැයි නාඩි චුට්ටෝ අක්ක කෙනෙක් ගොඩක් උස වෙයි ඔයාට වඩා ඒ නිසා නංගෙක්ම හොයා ගන්න එක තමයි හොද 8 වසරෙ විතර ...... හික්ස් ( ආදරණීය විහිළුවක්)

      Delete
    2. චීයා................... ඔයා හිකිස් ගෑවැ විතරයි හොටු මගෙ අඟටත් විසි උනා. ආදරණීය හොටු. හරි නාකයි මෙයා.
      - කා(Ka)

      Delete
    3. නාඩියෝ උඹ බොක්කෙන් වැට ගැහුව එකත් මදෑ..

      @ සිත්තමි
      8 වසරේ නංගිලත් මූට වඩා උසයි බං.. හැක්..

      @ ඇනෝ
      හිකිස් ගෑවම හොටු එනවැයි බං...

      Delete
  19. හපෝ බම්බලපිටියේ HSBC එකේ ඉන්නේ Makeup නාපු මහා මෝරපු ඇන්ටිලනේ, තව Chinese වගේ look එකක් තියෙන එකකුත් ඉන්නවා එච්චර quality එකක් නැහැ

    ReplyDelete
    Replies
    1. වෙල්කම් කිව්වා. හැබැයි මේක් අප් නැති ටික දෙනෙකුත් ඉන්නවා බං.. ඒවා සුපිරි..

      Delete
  20. අපි නම් නමෝ විත්තියෙන ලව් කලේ ඇන්ටිලට, ඊ ළඟට අක්කලට. ඔය අර්ජුන රණතුංග මහත්තයත් බැඳලා ඉන්නේ අක්කා කෙනෙක්.. හිහ් මට ලැජ්ජයි ඕයි... මාතලන් බැඳලා ඉන්නෙත් අක්කා කෙනෙක්...

    ReplyDelete
    Replies
    1. මාත් එහෙම තමා බං අක්කලයි, ඇන්ටිලයි පෙන්නන්න බෑ ඒ දවස් වල.. ලව් කරන්නමයි යන්නේ.. උඹ නියම කොල්ලෙක් නේ එහෙනං.. හිහ්

      Delete
  21. උප්පැන්නෙට අනුව වයස කියන එක මහා විහිළුවක්. කෙනේකගේ නියම වයස වෙන්නේ දකින කෙනාට හිතෙන ගාන.

    ReplyDelete
    Replies
    1. සුන්දර කථාවක් හිස නමා ආචාර කරමි.

      Delete
    2. ඔව් සුදීක, උප්පැන්නේ වයස ඕන වෙන්නේ අනිත් උන්ට නේ. ඒකයි අවුල.. සිත්තමි කියන දේට මාත් එකගයි සුන්දර කතාවක්..

      Delete
  22. මම නම් කැමති සම වයසේ අයට.... ගොඩක් වයස වැඩි උණාමත්, අඩු උණාමත් දෙන්නටම පොදු දේවල් අඩු වෙන්න තියන ඉඩ වැඩියි.... අපේ හාමිනේ මාස දෙකක් බාලයි...

    ReplyDelete
    Replies
    1. ඒ උඹ දැකල තියෙන දේ නිසා වෙන්ටැති. මම අර දුකා කිව්ව කාරණේ ගැන හුගක්ම හිතනවා.

      Delete
  23. මට කියන්ඩ ඇති දේ මම දිග ලිපියකින් මෙතන ලියල තියේනවා තර්ක විතර්ක වලටත් උත්තර දීල තියෙනවා. සීයට අනුනමයයි දශම නමයයි නමයයි නමයයි එන්ත් ඩිග්‍රී එක දක්වා හරි නොයන මඟුල් තමයි ඔන්න ඔය වර්ගය..


    http://lankapriyagesithivili.blogspot.com/2011/07/blog-post_28.html

    ReplyDelete
    Replies
    1. මම නං විරුද්ධයි. හරි යනවා හැබැයි සමාජයට බය නොවුනොත්..

      Delete
  24. අක්කලා වැඩියෙන් හොඳයි. උයලා, කවලා, ආදරෙන් බලාගනී. :)

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩී හරියටම හරි.. අන්න ඒ මල්ලි වගේ ආදරෙන් බලාගැනිල්ල තමයි හරහට හිටින්නේ..

      Delete
    2. අක්කලා හොදා තමා පොඩ්ඩියෝ මොකෝ නැතෙයි.

      @ සරත්

      ඒ කියන කාරණාවත් ඇත්ත තමා.. අනවශ්‍ය පීඩනයක් මල්ලිට එවන්න ඉඩ තියෙනවා.. ඒකට තමා තේරුම් ගැනිම අවශ්‍ය වෙන්නේ..

      Delete
  25. කසාදයක් සාර්ථක වෙන්න දෙන්නගෙ වයස බලපානවනම් කසාද කඩා ගන්න උන් සේරම වයස නොගැලපීමෙන් වෙන ඒවාද ? අන්‍යෝන්‍ය අවබෝධය තියේ නම්..එච්චරයි...ජීවිතේ ඉවර වෙනතුරු..

    ReplyDelete
    Replies
    1. අනේ වෙනී ජීවිතේ ඔච්චර සරල නං කොච්චර හොඳද ?

      Delete
    2. ඔව් බන් අයියෙ..අපි අපිම කොයිතරම් නම් සංකීර්න කොර ගෙනද ඉන්නෙ මේක !

      Delete
    3. ඇත්ත වෙනි, සර්වකාලින අවබෝධය මත හැම දේම තීරණය වෙනවා. ඔය අවබෝධය නැති උනාම 40 එකා 18 එකියක් බැන්දත් වැඩක් නෑ.. 18 එකා 40 එකියෙක් බැන්දත් වැඩක් නෑ..

      Delete
    4. @ සරත්
      ජීවිතේ සරල වෙන්න පුළුවන් බං. මොකද බැරි... අපි හිත යකඩ කරගත්තොත් තමා සංකීර්ණ වෙන්නේ..

      Delete
  26. අනේ උඹලට ඕන හැටියට බැඳගනිං බං.

    ReplyDelete
    Replies
    1. අන්න බං උඹට විතරයි ඒක තේරුනේ.. හැක්..

      Delete
  27. අඩේ සිරාවටම මමත් හිතාගෙන ඉන්නේ අක්කා කෙනෙක් බඳින්න.

    මගේ අච්චුවට ගැලපෙනවා නම් ඉතින් කවර කතාද රට්ටුන්ගේ..!

    ReplyDelete
    Replies
    1. රයිටර් මලයෝ ඒක එහෙම උනොත් මට කියහං.. (තෑගි ඉල්ලගන්න)

      Delete
  28. Men Never Get Matured කියල සිංහලෙන්ම කියල තියනවනේ. කියල ජෝන් ග්‍රේ කියන මහත්තයා ලියල තියන Men Are From Mars Women Are From Venus පොත කියෙව්වනම් ඔයා මානසික ස්වභාවය ගැන අවබෝධයක් ගන්න පුළුවන්. මේ පොතේ සිංහල පරිවර්තනයක් එහෙම තියනවනම් කවුරුහරි කියහල්ලා.

    මම දන්න විදිහට ඔය මාතලගේ සමීකරණය බොහොම ගැලපෙනවා. (ජයතිලක සහ රොසලින් ගේ එකත් අවුලක් නෑ) එහෙම නොවුනොත් සුට්ටක් විතල අවුල් වගේතමා. මගේ හාමිනේ මගේ වයසමයි. නෝනාට දැන් ඕනේ මැදි වයසේ එවුන් කරන වැඩ මං කරන්න, ඒත් ඔය මගුල් දේශපාලනේ කතා කරනවා ඇරෙන්න මම වැඩියම කරන්න ආස කාටුන් බලන්න.

    ReplyDelete
    Replies
    1. //ඒත් ඔය මගුල් දේශපාලනේ කතා කරනවා ඇරෙන්න මම වැඩියම කරන්න ආස කාටුන් බලන්න.//

      මේකේ හුගක් දේවල් කියවිල තියෙනවා කියල හිතන එක වරදක් නෙමෙයි නේ..

      Delete
  29. ඕක පොදු සමීකරණයකට දාන්න පුළුවන් දෙයක් නෙවේ. කෙනාගෙ හැටියට වෙනස් වෙනව.

    ReplyDelete
    Replies
    1. ඔව් බං මේක ප්‍රතික්ෂේප කළ නොහැකි සමාජ සංසිද්ධියක්..

      Delete
  30. බම්බුව තමයි බං! ආදරෙයි නං වෙන මොනව ද? දැන් ඔය විලියම් කුමාරයට වඩා කේට් කුමාරි වැඩිමල්නේ. දැන් යසට ඉන්නේ. ‍ඹ්ක මහ දෙයක් ද? අපේ නැන්දා කෙනෙකුත් හිටියා මාමට වඩා අවුරුදු 3 ක් ද කොහෙද වැඩිමල්. යසට ඉන්නේ ළමයි හදාගෙන. මේකනේ, ඕකට පදනම් වෙලා තියෙන්නේ බාහිරින් පේන දේනේ. කොල්ලන්ගේ වයස පේන්නේ නෑ කියනවනේ. හැබැයි ගෑනුන්ට එහෙම නෑ. ළමයි හම්බ වුණාට පස්සේ වයස පේනව ලු. ඒක ලු අවුරුදු 5 ක් විතර වැඩිමල් කොල්ලෙක් ව බඳින්න කියන්නේ. අනේ මන්දා! පිස්සු වැඩ මොනවා වුණත්.

    ReplyDelete
    Replies
    1. ඒ වගේද මෙයා ඓෂ්ට වඩා භච්චන් කොල්ලත් අවුරුදු 3ක්ම බාලනේ.

      Delete
    2. විලියොං මලයත් අක්කා කසායක්ද කරගත්තේ.. උන්ට නං ඒවා ගානක් තියෙන එකක්යැ.. ඔය හිතන දේවල් හිතළු බං.. එහෙම නොවෙන අවස්ථා මම දැකල තියෙනවා.

      @ ඇනෝ

      ඔය තියෙන්නේ තව අක්ක කසාදයක්..

      Delete
  31. එක වයසෙ අය හිතන විදි ගොඩක් දුරට සමාන නිසා එහෙම අය අතරෙ ප්‍රශ්න ඇතිවෙන්න පුලුවන් ඉඩ සාපේක්ශකව අඩුයි කියලත් හිතෙනවා. කොහොම උනත් එයාලට හොඳයි නම් අනිත් අය ඒ ගැන වද වෙන්න ඕන නෑනෙ :)

    ReplyDelete
    Replies
    1. නැහැ චාම්ස්.. ඒක විදියේ වයස තිබ්බට ගැහැනු හිතන විදිය දුකා කිව්ව වගේ ඉස්සරහින් තියෙන්නේ. ඒකනේ නිකංම්ම පිරිමි ගෑනුන්ට යටත් වෙන්නේ.. මාත් කියන්නේ ඒකයි ඒ දෙන්නට හොද නං අනිත් අයට පාන්යැ..

      Delete
  32. නමුත් මෙහෙම කථාවකුත් තියෙනවා දේශ්.....වයස ඇත්තටම විවාහයකට බල පානනෙම නෑ....අක්ක විවාහ යනුවෙන් සමච්චලයකට දාන්නත් එපා ඔහොම සමච්චල් කිරීමම ඒ ජීවිත ගිනි තිබ්බා කියලයි මට නම් හිකෙන්නේ. ආදරේනම් ආදරෙයි ඒක අක්කද මල්ලිද නෙමෙයි වැදගත් එහෙමයි කිව්වට අවුරුදු 5 එහා යන විවාහ නම් ඇත්තටම සමාජය විසින් සෑහෙන්න පිළිකුල් කරනවා. කවුරු මොනා කිව්වත් හිත හයියනම් එච්චරයි. මගේ අම්මයි අප්පච්චියි දෙන්නත් අවුරුද්දක පරතරයක් තියෙනවා නමුත් ඔය ඉන්නෙ යස අපූරුවට. නමුත් අපේ අම්ම කියන්නේ විටෙක සමාජය විසින් සමහර අවස්ථා වලදී කපා හරින්නේ මහ ලොකු වරදක් විදියටලූ. මමත් ඔය බවක් දැන ගත්තේ මේ ලගකදී.

    හිත ඇත්නම් පත කුඩාද කියල ඔන්න ඕන මගුලක්.......හැබැයි මේ හැමෝටම කියන්නේ ජීවිතේ මේ වගේ තීරණ ගනිද්දී දෙපාර්ශවයම සිය දහස් වරක් හැම පැත්තෙන්ම හිතන්න ඕනි.....

    ReplyDelete
    Replies
    1. සිත්තමි,, ඔයා කියන දේ තේරුනා.. මම සමච්චල් කිරිමේ අදහසින් මේ මාතෘකාව දැම්මේ නැහැ නමුත් සමාජයේ තියෙන සමච්චල් ස්වභාවය පෙන්නුම් කරගෙනම එන්නයි මට උවමනා උනේ මේ ගැන තියෙන. සිත්තමි දන්නවනේ මම ටිකක් මඩ වලේ ඉදගෙනම මඩ තල්ලි කකා, මඩ ටික අයින් කරන්න උත්සාහ කරන එකෙක් කියලා. ඒක මගේ විදිය. නැතිව සමච්චලේකට දැම්මේ නෑ එහෙනං මං මේ ගැන කතා කරන්නෙත් නෑ. කතිකාවක් අවශ්‍ය නිසයි දැම්මේ අනික මම මේ වර්ගය වැරදි වර්ගයක් ලෙස කියන්නේ නෑ. සොරි වෙන්න ඕන වැරදි අදහසක් ආවා නං. මගේ හුගක් කතා වල මම ටිකක් වෙනස් විදියකටයි මට කියන්න ඕන දේ කියන්නේ. (තේරුනාද මන්දා)

      Delete
  33. මම හිතන්නේ නෑ ඕක ප්‍රශ්නයක් වෙනවා කියල. බදින කෙනා ගැලපෙනවනම්. දෙන්න දෙන්නට ආදරේනම්. ගෙවල් වලින් කැමතිනම්. අනිත් උන්ට මොකද්ද තියෙන අමාරුව. ඕක ප්‍රශ්නයක් වෙන්නෑ කියන්න නිදසුන් මන් මගේ ඇස්දෙකට ඇති තරම් දැකල තියෙනවා.

    ReplyDelete
    Replies
    1. උඹ මගුල් නිදසුන් කතා කරනවා. මම මේ අත්දැකීමෙන් කියන්නේ. දේශකයා.

      Delete
    2. පොඩි ශානා ඇත්තටම අවුලක් නෑ තේරුම් අරගෙන කසාදේ කරගන්නව නං..

      Delete
  34. හම්මේ අපේ ගමෙත් ඉන්නව අයිය කෙනෙක් පට්ට ලස්සනයි ඒකියන්නෙ ස්මාර්ටි. බැදල ඉන්න එක්කෙනා එයාගෙ ආච්චි වගේ.ඒ වුණාට මොකෝ බලන්න ඕනෙ ආදරේ. පට්ට ආදරයක් ඕයි.වෙලාවකට මට දුක හිතෙනවා. ඇයි ඉතින් කොල්ල තරුණයි. ගෑණි වයසයි. ලිංගික සම්බන්ධකම්වලට මොකද වෙන්නෙ එහෙම වෙනකොට. සමහරවිට කොල්ල ගිය ආත්මෙ පට්ට පවක් කරන්න ඇති කියල හිතෙනවා

    ReplyDelete
    Replies
    1. එහෙම අවුලක් නෑ බං සමහර විට ගෑනි කොල්ලට වැඩිය ලිංගිකව සක්‍රිය ඇති. එහෙම වෙන්න හුගක් ඉඩ තියෙනවා.

      Delete
  35. මචෝ මගේ මාම වෙන එකෙක් බැන්දෙත් ඌට වඩා අවුරුදු 10 වැඩිමල් කෙල්ලෙක්ව තමයි.
    හැබැයි මුන්ගේ මගුලට දසතින් විරෝදය ආවත් මේ දෙන්නා නෙමේ සත පහකට ගණන් ගත්තේ.
    දෙන්න බන්දා.දැන් ළමයි දෙන්නයි.ඔය ඉන්නේ ඩබලම මාර ආතල් එකේ.

    වැඩේ කියන්නේ මමත් මෙකලවා අදර්ශයට ගන්න යන්න ගිහින් නුලෙන් නොවැ බේරුනේ එකී අකැමති උන නිසා...:P

    ReplyDelete
    Replies
    1. අන්න ඔය තියෙන්නේ උදාහරණ... අකමැති නං ඉතිං ඒ ගැන වද වෙලා වැඩක් තියෙවද බං..

      Delete
  36. ලංකාව වගේ රවල්වල මිනිස්සු පුදුම උනාට මේවා දියුණු එ=රටවල් ඒතරම් තැකිමක්කරන්නෙ නෑ. හිතක උපදින ආදරය, ලිංගික ආලය එක සීමාවකට කොටුකරන්න බෑ. ඒනිසා අක්කා වුනාම ආදරයෙන් බැ‍ෙඳෙන තරම වැඩියි වගේ.

    ReplyDelete
    Replies
    1. ලිංගික ආලය වයස එක්ක පෑහෙන්නේ නැහැ කියලයි මමත් හිතන්නේ. ඒක වෙනම ආමන්ත්‍රණයක් වගේ දැනෙන එක සාමාන්‍යයි. මේ ආසියානු අපේ තියෙන පුහු මත අයින් කරන්න තමා උවමනා වෙන්නෙ දයා..

      Delete
  37. මම නම් බැන්ද තරමක් බැන්දෙ මට වඩා අවුරුදු 10ක් 12ක් බාල අයමයි.

    ReplyDelete
    Replies
    1. “බැන්ද“ කියන වචනේ වැරදිල වැදිච්ච එකක්ද බං... අපි නොදන්න කෙන්ජි රාල. (ඔන්න උඹමයි කියල තියෙන්නේ අන්තිමට රාල එන්නේ පොරවල්ට කියලා.. හැක්)

      Delete
  38. මාත් හිතනවා කෙල්ල කොල්ලට වඩා වයසින් බාලවීම හොඳයි කියලා. මොකද සාමාන්යෙකයන් පිරිමියාගේ වයස පේන්න ගන්නේ අවු. 50 ත් පැන්නට පස්සේ ගෑනුන්ගෙ වයස යෑම ඊට කළින් පෙනෙන නිසා ගෑනි වයසින් වැඩිමල් උනහම ගෑනි මිනිහට වඩා ගොඩක් වයසයි වගේ පේනවා. එතකොට පිරිමියා තමාගේ පෙනුමත් එක්ක ගෑනිව සසදන්න උත්සහ කරන අවස්ථා තියෙනවා. එයාලට හිතෙනවා “අයියෝ.... මගේ ගෑනි නිකං මගේ අක්කා අම්මා වගේනේ...“ කියලා. ඒ විතරක් නොව වෙන කාරණාත් හේතුවෙනවා. ඔන්න එතකොට පවුල් කැඩෙන වැඩ වෙන්න ගන්නේ ඊට පස්සෙයි. ඒකනේ බටහිර රටවල බෝංචි කඩනවා වගේ මගුල් කැඩෙන්නේ. මේ මගේ අදහසක් විතරයි. මෙය සෑම අවස්ථාවකටම වලංගු වෙන්නෙ නෑ. හොඳින් පවුල්කන අය ඕන තරම් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔබේ අදහසටත් මෙතන ඉඩ තියෙනවා තරු..

      Delete
  39. Replies
    1. ඔයා ඉතිං කියාස් නේ.. හැක්...

      Delete
  40. මොකක් හරි පණ්ඩිත කතාවක් කියන්න එපායෑ,
    silnetsahan නැත්නම් ගෝලු ගනී.


    ඒ වගේම දේශක මිත්‍රයගේ පලියටත් මා කැමතියි.

    //ප.ලි- මේ ගැන ඔහේල කියන අදහස් අනාගතේ දවසක මේ සමාජීය කරුණු නිසි ආකාරයෙන් අවබෝධ කරගන්න කාට හරි උදව්වක් වෙයි කියල හිතෙනවා..//

    ඉතින් මේ බඳින කෙරුවාව පොඩි දෙයක් නොවෙයි.
    එය මේ දේපල කේන්ද්‍ර සමාජයේ මූලික ගඩොල ගොඩනැගීම.
    එනම් පවුල ගොඩනැගීම.

    ඒ පවුල දරුවො හදනව,
    ආරක්ශා කරනව,
    හොඳ පුරවැසියන් බවට පත් කරනව.

    මගේ අත්දැකීමේ හැටියට
    මේ පවුල් පුද්ගලික සමාගම family pvt company limited
    පවතින්නේ ප්‍රධාන කුලුණු 3 ක් මත

    1 සෙක්ස් sex
    2.ධනය money
    3.සමාජය/වටපිට අය/ගමේ අය/යාලුවො

    මේකෙන් ප්‍රධාන ධනය.

    අක්ක හෝ නංගි හෝ මේ අවශ්‍යතාවය සපුරනව නම් අවුල අවමයි.
    ඒ කියන්නේ සමාජෙට පේන්න සෝක් එකට ඉන්නව.

    දේසකයට තව බොන්න මාතෘකාවක් ඉතුරු කරල මා සමුගන්නව.
    දේශකයානනි හරි සෝක් පෝස්ට් එක.

    මං ආදරය බාල්දු කරනව නොවෙයි ඕන්.
    ඒක වෙනම තලයක / මානයක/ වෙන දෙයක්.

    ReplyDelete
    Replies
    1. ආදරය කියන්නේ ඉම්ප්‍රෙෂන් එකක් විතරයි ඒකේ චේන් එකට තව ඒවා ඈදෙන එක තමා බං ඉවසන්න බැරි. හැක්.. උඹ වගේ පුතෙක් මම දැකලම නෑ දයල් බතී. කිතල් බතී උඹේ නෑයෙක් වෙන්නත් බැරි නැ...

      Delete
  41. "අක්කා කසාද" - අපේ සමාජයේ මුල් බැහැ ගත්ත තවත් එක හණ මිටියක්.....

    ReplyDelete
    Replies
    1. ඒකට විරුද්ධව තියෙන හණ මිටි අදහසක් නේද බං...

      Delete
  42. අනිත් උන්ට උපදෙස් දෙන්න මම කවුද බං? හැබැයි එක දෙයක් තියෙනවා. ඔය හුඟක් විශ්වාස චාරිත්‍ර අපි පිළිපදින්නේ සමාජය සතු‍ටු කරන්නයි. හරි ලවක් හම්බවුනාම ඔය ඔක්කොම කැලේ.

    ReplyDelete
    Replies
    1. ලවට කරන්න බැරි දේවල් සමාජය කරනවා බං කාලය ගෙවෙද්දි ඒකයි අවුල.. ඒකට ශක්තිමත් වෙලා ඉන්නවා නං කිසිම අවුලක් නෑ..

      Delete
  43. ඕකෙන් ඇතිවෙන ජීව විද්‍යාත්මක පසු බිමයි, තව මහා ගොඩක් විස්තරයි සරත් අයියා දවසක් ලියලා තිබුනා වගේ මතකයි. ගැහැණු ළමයි වැදීමෙන් පස්සෙ පිරිමින්ට සාපේක්ෂව ඉක්මනින් වැහැරෙනවා කියලා මම අහලා තියනවා. එතකොට පරතරයක් තිබුනොත් හොඳ කියලා තමා මම තතු දත්තන්ගෙන් අහලා තිබුනෙ.. අවබෝධය හොඳනම් එච්චර ගැටලුවක් නැති වෙයි කියලත් නිකන් ලාවට වගේ හිතෙනවා.. මගෙ උන්දැනම් පහක්ම බාලයි.

    කමෙන්ට් එක පමා වීමට වග කියන්න ඕනා "හොරු සම්ඟ ටෙලිකොම්". හරිය !

    ReplyDelete
    Replies
    1. සීයට සීයක් මේවම හරි කියල කියනව නෙමෙයි බං නමුත් මේකත් තියෙන්න ඕන ගරහන්න තරං දෙයක් නෙමෙයි මේ කසාදත් මම කියන්නේ ඒකයි..

      Delete
  44. මම 7-8 පංතියේ ඉගනගන්නකොට හිටියේ බෝඩිමක. ගෙදරින් හුගක් ඈත. ගෙදර පිරිමි නෑ. අක්කලා 3 යි. අවට ගෙවල් වලත් හිටියෙ අක්කලා ම තමයි.ඒ කාලෙ මම හොඳ හැන්ඩියා. (දැනටත් එහෙම තමයි). සමහර කෙල්ලො කතා වෙන දේවල් ගැන මට ඇහිල තියනවා.
    ගෙදර හිටපු මැද අක්ක තමයි සෙට් උනේ.
    හොඳයි පුලුවන් නම් කියපල්ලකො ඊට පස්සෙ මොකද උනේ කියල.

    ReplyDelete
    Replies
    1. ඊට පස්සේ මොකද ඉතිං උඹ අක්කා සමාජයක් හදාගෙන කුක්කා වගේ ඉන්ටැති...

      Delete
  45. මගේ වයිෆ් මට වඩා අව් රුදු 10 ක් වැඩුමල්. අනික දෙන්න ආගම් දෙකක මුලින් නැදැයො ඔක්කොම විරුද්ද උනා. පස්සෙ මගේ තනි කැමැත්තට බැන්දෙ. දැන් අව් රුදු 18 ක් වෙනව. ලොකු පුතාට අව්. 16ය්. කිසි ප්‍රශනයක් නැ. ඔය කතාව මතක් උනෙත් බ්ලොග් එක දැකල. අපිටත් මතක නැ. නැයන්ටත් මතක නැ.

    ReplyDelete
    Replies
    1. මේකට වැටිච්චි හොදම කමෙන්කටුව ඔබතුමාගේ එක කියල අවිවාදයෙන් කියනවා. ඔබට මේ කරුණ මම නිසා මතක් උනා නං මම ඒකට මොකද්ද කියන්නේ කියලයි තාම හිතන්නේ.. සමාවෙන්න කියනවද අමතක කරන්න කියනවද??? ස්තුතියි අදහස් දැක්වීමට. ඔබට ජයම් වේවා..

      Delete
  46. තැන තැන කෙකර බබා ඉන්නේ නැතිව පැත්තකට වෙලා බිත්තරයක් දාපිය. හොද්ද බොරනම් අපිත් එන්ඥං. කැඳ හැලියක්නම් බොන එකෙක් බීපුවාවේ. නැත්නම් ආපු තැනකට පල. උබ ආපු දවස්වලම තමා මමත් ආවේ.
    -කා (Ka)

    ReplyDelete
  47. මමත් කියන්නේ වයස බලපානු නොලැබෙි

    ReplyDelete
    Replies
    1. උඹ ඉතිං ඔහොම කියාවි කියල මට හිතුනා...

      Delete
  48. තමන්ගේ මට්ටම් තංමැට්ටං කියලා තමයි මගේ අදහස. හිත ගිය තැන මාළිගාව කියලා තමයි විශ්වාස කොරන්නේ.

    ReplyDelete
  49. මගේ නම් මනාපේ අක්කලට...කුලෑටි නෑ නොවැ..

    ලියනාඩෝ ඩාවින්චි,ශේක්ස්පියර්, වගේ ලෝකප්ප්‍රසිද්ද වෙචච කීප දෙනෙක්ක්ම අක්ක කසාද කොරගත්ත උදවිය

    ReplyDelete
    Replies
    1. ආචාරය් වීරකොන් උන්නැහේත් එහෙනං හොද බුවෙක්.. මොකද හුගක් අයට සමාජ සම්‍රප්‍රදායන් කඩන් යන්න අමරුයි...

      Delete
  50. bandina kota ganak ne . pasu kaleenawa koyi tharam roopaya reka gaththath sex waladi genu durwala wenawa . ethakota pirimi wena sambandatha ethi karagannawa

    ReplyDelete
    Replies
    1. එහෙමත් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් නේද ඇන්ටි.. ඔව්.. වෙල්කම් ඇන්ටි...

      Delete
  51. කියන්න දෙයක් නෑ ඕකට ඊට වඩා හොදයි සද්ද නොකර ඉන්න එක ලිපිය සාර්තකයි ඒත් ඕක හිතන ලංකාවේ තව අව්රුදු 100 ක් යාවි සුබ පැතුම් යාලුවා දිගටම ලියන්න

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.. සහ සාදරයෙන් පිළීගනිමි... ඔව් අපිට එකපාරට මිනිස්සු හිතන දේවෙනස් කරන්න බෑනේ දිල්රූ..

      Delete