Monday, August 12, 2013

අවවාදයයි!!!

ඇත්තටම කවදාවත් දැකල නැති මිනිහෙක් එක්ක, දැනට අපට තියෙන අන්තර්ජාල සම්බන්ධතාවය ප්‍රයෝජනයට අරගෙන වොයිස් චැට් නෙමෙයි ටයිපින් චැට් එකක් දැම්මොත් ඒ පුද්ගලයාගේ මනෝ බාවය තේරුම් ගන්න බැරිද? 

අපි දැන් බ්ලොග් ලෝකේට පය ගහල බහුතරයක් එක්ක කතා බහ කලාට ඇත්තටම, අවංකව කී දෙනෙක් එක්ක කතා බහ කරනවද? සමහර විට කිහිප දෙනෙක් එක්කවත් තමන්ගේ මනෝභාවය ඒ විදියෙන්ම එළියට දාන අය ඉන්නවද කියල ලොකු සැකයක් මට තියෙනවා. වද වෙන්න ඕන නැ නමුත් අවංකව බැලුවොත් අපි කීයෙන් කී දෙනාද, අවංකව මොකක් හරි දෙයක් හෝ කෙනෙක් ගැන විස්තර හොයන්නේ. ඔව් මේ සම්බන්ධතාවන් තියෙන්නේ අපි පරිගණකය නිවල දානකං විතරයි කියල කියන්න උනත් පුළුවන්.  (හා හා මම ගැන තමයි කිව්වේ)

ඒත් අපේ අටම ගත්තොත් ඌ තමන්ගේ ජීවිතේම කොටසක් කරගෙන ඉන්න මේ සයිබර් අවකාශේ, මිනිහගේ ඇගේ මස් වලටම කාවැදිලයි තියෙන්නේ. සමහර විට හීනෙනුත් “දේශ යකා බේබද්දා“ වගේ දේවල් කියනවද මන්ද.

ඔන්න කතාවට ආවා. මට කියන්න ඕන උනේ මම දාපු පෝස්ටුකටු හේතුවෙන් හා සහෘදයන්ගේ පෝස්ට්කටු වලට දමන ලද ප්‍රතිචාර හේතුවෙන් දේශකයා බේබද්දෙක් කියන ගානට කතාවක් හැදිලයි තියෙන්නේ. හැබෑටම මම අවංකව එච්චර බොන බේබද්දෙක්ද??

ඒකට උත්තර දෙන්න කලින් තමා මට අර උඩින් කියපු කාරණා ටික මතක් කරන්න උනේ, සාමාන්‍යෙයන් දෙයක් කියද්දි ඒකෙන් තමාට වෙන, ඒ කියන්නේ තමන්ගේ ප්‍රතිරෑපයට (මොකා. එහෙම එකක් බොට තිබ්බද කියල අහනව නෙමෙයි) හානියක් වෙන දෙයක් දාන්න හුගක් අය බය වෙන්නේ නිරපරාදේ කළු චරිතයක් වෙන්න කිසිම ආසාවක් නැති කමටයි. එහෙම බැලුවම මේ විශ්වය මත තියෙන හැම දෙයක්ම හැම කාරණයක්ම සුදු කරන්න හැකියාවක් ලැබෙයි කියල හිතෙනවද? මම නං හිතන්නේ අපි කව්රුත් සුදු කළු ක්‍රියාකාරකම් වලින් ගොනු වෙච්චි චරිත කියලයි. විටෙක සුදෝ සුදු පොරක් එකපාරටම කළුම කළු පොරක් වෙන්න පුළුවන්. ඒකට යන කාලය තත්පර ගානක වෙනසක් වෙන්නත් පුළුවන්. 

මම ඇත්තටම හුගක් බොනවද? ඔව් ඩෝ. බොන්න ගත්තම පෙරේත පැටියා වගේ බොන්නේ. කිසිම දෙයක් මතකෙට ගන්නේ නෑ. අඩුම ගානේ පොඩි උන් දෙන්නා ගෙදරට වෙලා තාත්තගේ හුටු හුටුවේ සද්දේ පාර කොනේ ඉදල එනවද එනවද කියල අහගෙන ඉන්න විත්තියත් අමතක වෙනවා. ගෙදර ගිහිල්ල කරන්න ඕන කෙංගෙඩි ඔක්කෝම අමතක වෙනවා. අඩුගානේ පොඩි උන්ට රෑට කන්න මක්කවත් තියේද කියලවත් හොයන්න අමතක වෙනවා.. නැහැ උවමනාවෙන් අමතක කරල දානවා. බෝතලේට වහල් වෙනවා. එක දෙක වෙනවා.. දෙක තුන වෙනවා. යාළුවෝ ටික ලස්සනට දත ගලවනවා. කොල්ලා එප්ට් පොකට් වෙලා වැනි වැනි ගෙදර යනවා. ගෙදර ගියාම උදේ එළියට බහින කොට තිබ්බ ප්‍රශ්න වලට වඩා වැඩි ප්‍රමාණයක් ගෙදර ගොඩ ගැහැල.. බීපු මරගාතේ පොර වෙනවා.. ප්‍රශ්න වලට ලස්සන විසදුම් දෙනවා. හැබැයි මේ ලස්සන විසදුම් හුගක්ම මනංකල්පිත උත්තර බව බිව්වට පස්සේ අමතක වෙනවා. ඒක මතක් කරල දෙන ගෑනිටත් දෝසාරෝපන දානවා. අන්තිමට දරුවෝ බඩගින්නේ නිදාගන්නවා. බීපු එකා මොලෝ රහක් නැතිව මලාසේ එළිවෙනකං නිදාගන්නවා. ගෑනි හූල්ලනවා. අන්න නියම බේබද්දන්ගේ තත්වේ. 

ඕක තේරුං කරල දෙන්න සක්කරයටවත් බෑ. ඇල්කොහොල් වලට ඇබ්බැහි වෙන එකට කියන ලස්සන නමක් තියෙනවා මට ඒක මතක නෑ. දන්න කෙනෙක් කියන්ට හොදෙයි.

අන්න අර වගේ බේබද්දෙක් වෙච්චි මට, පේනවා අල්ලපු ගෙදර තැපෑලේ සරතයත් ඒවගේම තමයි කියලා. ඔව් අර ආමි එකේ කළු අයියා මිනිහත් එහෙමයි. ඒ වැල දිගට ගැට ගහගෙන ගියාම කිලෝමීටර් සිය ගණනක් දුරටම එකම හාදයෝ ටිකක් තමා ඉන්නේ. 

කොහොම උනත් තමන්ගේ දරුවන්ට අනාගතය කියන දේ තනියම කරගහන්න දෙන්න, ජීවිතේ කාණු පල්ලේ ගද ගහන වතුර බොන්න දෙන්න මේ බේබදු කමට පුළුවන්. 

ඉගෙනීම කියන ඉලක්කය වෙත යන්න, තාත්තා විහින්ම තාත්තට දෙන්න පුළුවන් සහයෝගේ මේ බේබදු කම නිසා නැති කරල දාලා, තමන්ගේ සොමියෙන්ම කෙලවගෙන වලපල්ලට ගිහිල්ල, දරුවන්ට තනියම ජීවිතේ කියන නරාවලෙන් ගොඩ එන්න, ඒ කිට්ටුව එක පන් කෙන්දක්වත් එල්ලෙන්න නොතිය යන තාත්තලට කියන්න තියෙන්නේ එකම එකයි. 

දරුවන්ට ආදරේ තියේනං, දරුවා හොද මිනිහෙක් කරන්න, ඒ දරුවගේ අතින් අල්ලන් ටික දුරක් හරි දරුව එක්ක මේ ජීවිතේ ඇවිදින්න, අතරමං වෙච්චි ලෝකෙක නියම පාර හොයාගන්න දරුවට පාර පෙන්නන්න , උවමනාවක් වගකීමක් නැන්තං බීලා මැරියව්. එතකොට උං ටික කොහේන් හරි එන හුලගකට ගහ ගෙන ගිහිල්ල, ආරක්ෂාවක් දෙන්න පුළුවන් වෙච්චි එකම එකාවත් මැරිල ගියාට පස්සේ, තනියම වල්මත් වෙලා ජීවිතේ විදවන තවත් කාලකණ්නි ටිකක් බිහිකරන්න පුළුවන් කමක් ලැබේවි.

මටත් එක්කයි කිව්වේ.. අවවාදෙට වඩා ආදර්ශය උතුම් කිව්වට, ආදර්ශෙට වඩා අවවාදේ උතුම් වෙන අවස්ථාත් නැතුව නෙමෙයි.

(මේක පහුගිය පෝස්ට්කටුවටත් කලින් ලිව්ව එකක් කියල විතරක් කියන්නං)

102 comments:

  1. අවවාදයට වඩා ආදර්ශය උතුම්ය...ඔය උඹම කියල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. මං එහෙමද බං අයියේ කිව්වේ..

      Delete
  2. ඇත්ත තමයි. ආදර්ශෙට වඩා අවවාදේ උතුම් වෙන අවස්ථාත් නැතුව නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. අන්න බලහං බොට තේරුනා ඒක... අර ඒඩ්ස් හැදිච්ච උන් කිය කිය යන්නේ “මැකුවොත් හිරේ“ කිය කිය.. එහෙනං

      Delete
  3. // බීලා මැරියව් // රතුපස්වල ජනතාවට දෙන අවවාදය ද ?

    ReplyDelete
    Replies
    1. රතුපස්වල අමතකයි පුරේ දැං...

      Delete
  4. meka liwweth honda shot ekak dagena inna welawaka da?

    ReplyDelete
    Replies
    1. අයියෝ නෑ.. දවල්ට සොට් දාන්නේ නෑනේ ධාරෝ.. හොද පියවි ක්ලීන් සිහියෙන් කෙටුවේ

      Delete
  5. මටත් වැදුන!
    දයල් බතී.

    ReplyDelete
    Replies
    1. ඔහේ පලයං මටත් වැදුනා..

      Delete
  6. එහෙනම් යකෝ ගහගෙන යන්න ඉස්සරලා ඔන්න ඕක පොඩ්ඩක් අඩු කරපන් බං!

    ReplyDelete
    Replies
    1. මොකක්ද කිව්වේ තඩි නාඩියෝ..හැක්...

      Delete
  7. මං නං මනෝබාවය එලියට දාන්නෙ නෑ. (ඕව එලියට දාල ඇතුලට දාගන්න බැරිවුනොත්!:-)

    රයිට් ඕක මෙහෙමයි වෙන්නෙ.
    තමුන්ට නැති තරමේ සුදු ප්‍රතිරූපයක් සයිබර් අවකාශයේ හදාගන්න අය ඉන්නව. එහෙම උදවිය එක එක වෙලාවට අදහස් දක්වන්න ගියාම ඒ අදහස් විසංවාදී වෙන වෙලාවල් ඕන තරම් තියනව. මේ වගේ පොරවල් බ්ලොග් ලෝකෙ ඕන තරම් ඉන්නව.

    තවත් සමහර වෙලාවට එක ක්ෂේත්‍රයකට සීමාවුන දේවල් ලියන උදවියගෙ හැංගිච්ච පැති තියනව. කෙනෙකුගෙ ලියමන් බලල ඒ පුද්ගලය තේරුම් ගන්න බෑ කියන මතයේ තමයි මම නං ඉන්නෙ.

    බීම ගැන කිව්වොත්,
    සමහරු බඳින්න ඉන්න කෙල්ල තුල තමුන්ගෙ ප්‍රතිරූපය හදනව අරක්කු සිගරට් කටේ තියන්නෙ නැති එකෙක් ගානට. එහෙම කරන්නෙ කෙල්ල නැතිවෙයි කියල. ඒත් බැන්දට පස්සෙ එක දවසක් බීල ආපු ගමන් උඹ කියන විදියට ප්‍රතිරූපය බිඳ වැටෙනව තප්පර ගානකින්.

    ඔන්න මම කොලඹ ඉන්න කාලෙ තවත් කාර්යාල සගයෙක් එක්ක සෝඩ බෝතලේකට වතුර අරගෙන ආව ලඟ තිබුන තේ කඩයකින්(එදා වතුර කපලද කොහේද, නැත්තං කූල් වත්ර එකක් බොන්න උවමනාවට). ඔන්න අපේ නෝන කෙනෙක් කියනව අපි සෝඩ ගේනව කියල. දැක්ක නේද ප්‍රතිරූපය.

    උඹ ඕවට සැලෙන්න එපා. බේබදු කතාවත් සතියක් දෙකක් යද්දි අපේ එවුන්ට "අමතක වෙනව"

    ReplyDelete
    Replies
    1. නියම විස්තර කිරිමක් රාජ්.. මම සැලෙන්නෑ බං.. උඹල සැලෙයිද කියලයි බැලුවේ

      Delete
  8. //හැබෑටම මම අවංකව එච්චර බොන බේබද්දෙක්ද??//

    මම නම් හිතන්නේ නෑ. එහෙම කෙනෙකුට මේ වගේ ලියන්ට පුලුවන් වෙන එකක් නෑ.

    ReplyDelete
    Replies
    1. හොඳට ලියන්න කියන්න, ගායන වාදන කරන්න පුළුවන් අය අමු බේබද්දෝ.. නැත්නම් මල් මාමලා....

      Delete
    2. ඔව් එක ඇත්ත අපේ සීයත් බිපුවාම හොදට සින්දු කියනවා

      Delete
    3. අපිට නම් බීලත් බෑ..!!

      Delete
    4. @ පොඩ්ඩි

      මාතලං කිව්ව වගේ ගුණදාස කපුගේ ලොක්කා නස්ටං වෙන්න හලාගෙන සිංදු කිව්වට ලස්සනයි නේ. ඒ වගේ කස්ටිය කලා ලෝකේ ඉන්නවා. ඔය හැලපයා ලියන්නේ බීලමයි මගේ හිතේ...

      Delete
    5. @ මාතලං
      උම කිව්ව එක 90% ක් විතර හරි...

      Delete
    6. @ ඔමා

      ඔය දන්නේ.. සීයා නොබිව් වෙලාවට කියන සිංදු කැතයි නේ

      Delete
    7. @ වීයා
      උඹලට නැත්තේ මොන බිලද???

      Delete
  9. උඹ උඹට ඕන විදියට ජීවත් වෙයන්. ඒකයි ළොකුම දේ. හැබයි මගේ ප්‍රතිපත්තියනම්, ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැත කියන එකයි. එහෙම ඕනෑවට වඩා යන එකට තමයි කියන්නේ ඇඩික්ට් වෙනවා කියලා..

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත කතාව.. මාතලං..ඇඩික්ට් උනා කියන්නේ අනාතයි කියන එක නේ. මේ බ්ලොග් සීන් එකනං බං එහෙම එකක්...

      Delete
  10. මට නම් හිතන්න බෑ දෙශකා එච්චර බොන ඩයල් එකක් කියලා.

    ReplyDelete
    Replies
    1. අන්න බලහං රත්තරං කොල්ලෝ.. ඇඩෙනවා බං ඔහොම කියනව ඇහුනම.. උම්මා

      Delete
  11. දේශකයා කරන්නෙ එකක් කියන්නෙ වෙන එකක්.. ‍රැවටෙන්න එපල්ල. මූ කටේවත් තියන්නෙ නැ රහමෙර.. බටෙං බොන්නෙ..

    ReplyDelete
    Replies
    1. හැබෑටම උඹ මම ගැනද කිව්වේ සරත් අයියේ...

      Delete
  12. මේ දේශා, මචං ... උඹටත් ඕන නැති දේවල්ම තමා මතක් වෙන්නේ, ඕනවට වඩා කිසි දෙයක් ඕනෑම නැහැනේ.. එක නිසා ඔය ගැන වැඩිය හිතන එකත් ඕන නැහැ. ඔන්න ඔහේ ඉඳපු විදියට අපේ ෂොට් එක දාගෙන ඉම්මු බන්.මට නම් තනියම ඉන්න නිසා සති අන්තෙට භාවිත වෙනවා ගෙදර උදවිය ස්කයිප් අවොත් ඇරෙන්න.

    ReplyDelete
    Replies
    1. සති අන්තෙට මොකක්ද බාවිතා කරනවයි කිව්වේ තනියම ඉන්න නිසා.. ???

      Delete
  13. අවවාදය හොදයි ආදර්ශයට වඩා.. එක ඇත්ත.නමුත් බන් මම අපේ මස්සිනාට අවවාද කරනවා හැදෙන්නේ නැහැ.හැබැයි ඌ අනිත් අයට ආදර්ශයක් දෙනවා.මම දිහා බලල හැදියන් කියල.එකත් එක අතකින් සමාජ සේවයක් ...ඔය බේබද්දෝ ඉන්න නිසානේ බන් එහෙම නැති උන් කියල කොටසක් ඉන්නේ.ඒ වගේ ...

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ.. ආදර්ශය දීල අවවාද කරානං මස්සිනා කාරයා අහවි මගේ හිතේ..

      Delete
  14. ජීවිතේ නම් සහෝ එන එන හැටියට තමයි. මැරෙන ටිකටනේ.

    ReplyDelete
    Replies
    1. අනේ ඇත්තට වෙද මහත්තයෙක් කියන කතාද මේ?

      Delete
    2. කටේ තියන්නේ නෑ.. උගුරට හලාගන්නෙත් නෑ.. අරිෂ්ඨ බොනවද කියන්න නම් දන්නෙ නෑ...

      Delete
    3. මම නොබොන ඇල්කොහොල් අනික් අයට දීම යුතුකමක් නොවන නිසා මගේ ඩිස්පැන්සරියේ අහලකට අරිෂ්ට ගන්නේ නැත.

      Delete
    4. @ වෙදා
      අනේ මේ මොනව කියනවද?? තාම මැරෙන්න වයසක් යැ.. මට.. අරිස්ට දෙන්නැති ඩිස්පැන්සරි වහල දාන්නයි තියෙන්නේ මම කියන්නේ.. හැක්..

      Delete
    5. @ රාජ්
      ඒකනේ රාජ්.. මේ වෙද මහත්තුරු කියන කතාද? අපිටත් ඇඩෙනවා..

      Delete
    6. @ මාතලං

      උඹට කිව්වයි කියලම හිතාගං...

      Delete
  15. වැරැද්ද දන දැනම ඔය හැටි බොන්නේ මොකටද ..පමණ දැනගෙන කලොත් නේද හොඳ. විශේෂයෙන් ළමයි ඉන්න තාත්තල.

    ReplyDelete
    Replies
    1. ඔන්න බලන්න බින්දි,, මම කියන දේ නෑහුවට මේ යක්කු බින්දි කියන දේවත් අහයිද කියලා..

      Delete
  16. ඔය මල ඉලවු කළු-සුදු-අළු කතාවා අහලා අහලා මට ඇති වෙලා.. විකාර !

    මම්ත් බීමත් කම නිසා ඔය උඹ කියනවා වගේ අතරමගදි අපිව දාලා ගිය තාත්තා කෙනෙක්ගෙ පුතෙක්. ඒක හින්දා බීමේ තියන ආනිසංශ මට උඹේ දේශනා නැතුවට කියන්න පුළුවන්. අම්මා, තාත්තගෙ වගකීම් කරට නොගන්න අද අපි කොහෙද කියලත් හිතා ගන්න බෑ.. උඹත් ඒ වගේ බේබද්දෙක් හින්දා, දේශිකාට ඒ ශක්තිය ලැබෙන්න කියලා මම පතනවා !! නැත්නම් අර දරු දෙන්න පවු. බීමේ ප්‍රතිපල හොඳින් විඳල තියන නිසාම, මම හිතා ගත්තා කවදාවත් මගෙ දරුවන්ට ඒ තත්ත්වය අත්වෙන්න ඉඩ දෙන්නෑ කියලා. ඒක හින්දා අදටත් මම 100% අමද්‍යපයි. කොටින්ම කිව්වොත් මම නොට්ටිගෙ පුතෙක්.

    ReplyDelete
    Replies
    1. ඔය මල ඉලවු කළු-සුදු-අළු කතාවා අහලා අහලා මට ඇති වෙලා.. විකාර !

      ඕක නං මටත් තිත්ත වෙලා තියෙන්නේ එන්සෙන්නෝ.. ඒත් දෙතුන් පාරක්වත් කියන්න වෙනවා. උඹ ගැන ආඩම්මබරයි සෑහෙන්න එන්සෙන්නෝ..

      Delete
    2. ඔහෙට වැසි වසින්නේද මිත්‍රවරුණී ??

      Delete
    3. නැත නැත.. එහෙම කේස් එකක් නං නැත..

      Delete
  17. "බීමෙන් ලැබෙන ඵල -හෙලුවෙන් ගෙදර පල" කියලා කතාවක් තියෙනවනේ..

    දරුවෝ ඉන්න තාත්තලා බොන එක හොඳ පූර්වාදර්ශයක් නෙවෙයි දේශ්

    ReplyDelete
    Replies
    1. හා හා ඒකනං සුපිරි කතාවක් රෙහානියෝ..

      ඒකනං ඇත්ත.. මොනව කරන්නද මුං අහන්නේ නෑ නෙව කොච්චර කිව්වත්..

      Delete
  18. දේශකයා අමු බේ බද්දා.... බොන්න එපා බොලේ වැඩි පුර....

    ReplyDelete
    Replies
    1. හා හා ඔන්න ඔන්න මුත් බන කියනවා ඒ පාර

      Delete
  19. මරු එකට ඩෝප් මම්.. කියෙව්වෙත් මරු ටයිමේ ආ. :D. ඔන් සාන්ති.සිරා කතාව. වැදුනා නියමෙට.
    ඒත් මිනිස්සු සතුට හොයන විදිය නොවෑ.. කාටවත් වේදනාවක් නොවී දුකක් නොවී ඒ ඒ දේවල් කරගන්නවා නම් කාටද කරදරයක්...


    Bora Diyaka Induwara

    ReplyDelete
    Replies
    1. එහෙම බෑ අපේ අනාගතේට ඒක බලපානවා. මම කියනනේ දරුවන්ට බෙන්

      Delete
  20. //අවවාදෙට වඩා ආදර්ශය උතුම්// එකඟයි.

    අරකී උපදේශය මේ පොස්ටුවෙන් පිලිගන්වන ලස්සනයි, සාර්ථකයි.

    ReplyDelete
    Replies
    1. උඹ ඒක තේරුනා එහෙනං.. ජය වේවා ඩීන්

      Delete
  21. අපේ තාත්තත් මේක කියෙව්වනම් හොදයි. වැඩේ කියන්නෙ සක්කරයටවත් ඒක කොරන්න හම්බෙන්නෙ නැති එකයි. :(

    ReplyDelete
    Replies
    1. මටත් දුකයි පුතේ. මොනව කරන්නද උඹට කියවන්න හොද පොතක් දෙන්නං. මට ඒකේ නම මතක නෑ පස්සේ වෙලාවක ඇවිත් බලහං. මම ඒක දාලා තියන්නං

      Delete
  22. //උඹ උඹට ඕන විදියට ජීවත් වෙයන්. ඒකයි ළොකුම දේ. හැබයි මගේ ප්‍රතිපත්තියනම්, ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැත කියන එකයි. එහෙම ඕනෑවට වඩා යන එකට තමයි කියන්නේ ඇඩික්ට් වෙනවා කියලා..//

    මාතලන්ගෙ මේ කතාවට මාත් එකගයි..

    හැම දේම විදින්න ඕනෙ, හැබැයි ඒවට ඇබ්බැහි උනොත් අපි කො‍ටු වෙනව,,, අපේ නිදහස අපි බලෙන්ම කො‍ටු කරගන්නව!

    ReplyDelete
    Replies
    1. මාතලංට මහාචාර්ය පට්ටම දෙන්නේ ඒකනේ සිතුම්.. උඹ කියන කතාව හරි

      Delete
  23. ප්‍රතිරූප හැදිල්ල සයිබර් අවකාශයේ..අනේ මන්දා මම නම් කලේ ප්‍රතිරූප හද හදා කඩලා බිඳලා දාපු එක..බීම ගැන නම් මෙහෙමයි..රටේ ලෝකෙ අය මොනා කොහොම කීවත් මට ඕනි බොන්න නම් මම බොනවා නැත්නම් නෑ...එච්චරයි..ඔය මගේ කතන්දරේ..මගේ තාලය..ඒත් ඉතින් භූගෝලෙයි ප්‍රජාචාරෙයි බැලුවොත් ඉතින්.ළමයි බමයි හදන් අනාගතයක් ගොඩ නඟන්න අදි 10ක් 15 ක් තිබ්බ කෙනෙක් ආයි බීල වැනසෙන එක ගැනයි..අහින්ංසක ළමයින්ගෙ ජීවිත වනසන එක ගැනයි නම් මට තියෙන්නෙ..දුකක් !

    ReplyDelete
    Replies
    1. අනේ මෙන්න මාව රමණය කරන්න එකෙක් ඇවිල්ලා.. යකෝ දිගටම රමණය කරපං එක පාරක් ඔබල ඉන්නේ නැතිව..

      මම කතා කරේ උඹ ඔය කියන දේ ගැනම තමා බං. දරුවන්ට වෙන අපරාදේ ගැන. ඒ ගැන මීට වඩා හිතට දැනෙන්න කියන්න වචන නැද්ද බං සිංහල වල

      Delete
  24. (මේක පහුගිය පෝස්කටුවටත් කලින් ලිව්ව එකක් කියල විතරක් කියන්නං)
    සෙන්ටිමීටර් හය හතක් අනුමත වෙලා ලියපු බව නොකිය ඉන්නම්. :p

    මිනිස්සු බිව්වමත් මේ වගේම අවංකව කතා කොරනව දේශෝ,

    ReplyDelete
    Replies
    1. එහෙම කස්ටියත් ඉන්නවා තමා.. මම නං අමුවෙන් ලිව්වේ බං මේක

      Delete
  25. අනේ බන් මිනිස්සු තමන් ගැන මොන විදිහට හිතයිද කියලා මොන මඟුලට බය වෙනවද?

    කාගෙන් වත් කාලා ඇඳලා ඉන්නේ නෑනේ . . තමන් මේ ඉන්න විදිහට කැමති උන් ආස්‍රය කරයිනේ ඒ මදෑ . .

    අහ් බොන එක ගැන නම්

    බොන එක මචෝ ආර්ට් එකක්.

    එක එක ජාතියේ කෑම කනවා වගේ .. එක ජාතියේ පොත් කියෝනව වගේ එක ජාතියේ ෆිල්ම් බලනවා වගේ ආර්ට් එකක් බොන එකත්.

    වැඩේ කියන්නේ අපේ ගොඩක් උන් ඒ බව දන්නේ නෑ . . උන්ට ඕන පෙරේත කමට තමන් ඉස්සරහා තියෙන බෝතලේ අඩිය බලන්න . .

    ReplyDelete
    Replies
    1. හරියටම හරි දුකා..!
      වෙලාව , අවේලාව බලන්නැතිව,දරුමල්ලො ගැන දෙමාපිය ගැන බලන්නැතිව..කන සාක්කුවට වැටෙන්න බොනව නම්...ඒක බේබදුකම.
      බෝතලේ අඩිය බලන්නැතිව..ත්‍රිල් එකක් ගන්න බොන එකට මොකක්කියනවද කියල නම් දන්නෙ නෑ..!!

      Delete
    2. "බෝතලේ අඩිය බලන්නැතිව..ත්‍රිල් එකක් ගන්න බොන එකට මොකක්කියනවද කියල නම් දන්නෙ නෑ..!!"
      Drinking Art . . ! :P

      Delete
    3. බොන එක මචෝ අර්ට් එකක්.
      +++++++++++++++++++++

      Delete
    4. @ දුකා
      උඹ කියන එක හරි අපි උන් දන්නෑ ඒක ආර්ට් එකක් කියන එකවත්. සුද්දෝ බොන විදිය දැකලවත් තියෙන එකක් යැ.

      Delete
    5. @ වීයා
      අපේ උන්ගේ ආතල් එක පටන් ගන්නේ බෝතලේ අඩිය දැක්කම නෙව

      Delete
    6. @ ගජියින්

      ඒක හරි මචෝ.. ඇත්තටම ඒක මාරම ආට් එකක්. අපි දන්නවැයි ඕවා නේද???

      Delete
  26. මට හිතෙන්නෙ මෙහෙමයි මචන්.බොනව වෑඩිද නෑද්ද කියල තමනම තමයි තිරනය කරන්න වෙන්නෙ.එක සාපෙක්ශයි.හෑබෑයි තමන්ගෙ ජිවිතෙට ලගම අයට වෑරද්දක් වෙන තරමට බොනව නම් එක වෑරදියි.කාට විරවෙක් උනත් වෑඩක් නෑ තමන්ගෙ ගෑනිටයි දරුවන්ටයි වදයක් නම්.ප්‍රතිරුපෙ ගෑනනම් මචන් අනුන්ට වෑරද්දක් නොකරනවනම් අනිත් අය හිතන එක ගෑන එච්චර හිතන්න ඔන නෑ.

    ReplyDelete
    Replies
    1. ඒවා ගැන නං හිතන්න ඕනම නෑ බං අනිත් මිනිස්සුන්ට කරදර නොකරනවනං. බොන එක වැරදියි දෙකක් නෑ තමන්ට වගේම තමන්ගේ යැපෙන්නන්ටත් ඒක විනාශයක්..

      Delete
  27. දේශ්,

    මෙව්වට කියන්නේ වැදි බණ කියල බොල...

    ඔය ලේබල් එක වෙනස් කරාපිය වැදි බණ කියල

    ReplyDelete
    Replies
    1. වැදි බණ කියල ජාතියෙකුත් තියෙනවා නේ බං.. උඹ ටිකක් ඇල්ලුවා නිලේ.. හරියට අහු උනේ නෑ..

      Delete
  28. මම නං ඉපදිලා තියෙන්නේ මහ -රි නැකතක . හැම එකාටම මාව පේන්නේ හරහට .

    පන්සලේ මල් ආසනේ සුද්ධ පවිත්‍ර කොරන්ඩ ගියත් කියන්නේ ''අන්න අටමා පින් කැටේ කඩන්ඩ හදනවා'' කියලා , මට නං දැන් ඇති වෙලා යකෝ

    ReplyDelete
    Replies
    1. උඹ ගැන ආඩම්බර වෙන්න ඕන.. මොකෙක් හරි උඹ ගැන වචනයක් කියනවනං. මම නං එහෙමයි...

      Delete
  29. උඩම කියල තියන තියන දේ ගැන කියනව නම්, මට හිතෙන්නෙ දෙපැත්තටම පොදුයි.

    මොකද කියන්නෙ, බොමු ද ? :D :D

    ReplyDelete
    Replies
    1. බොමු බොමු.. රා... පෙරාගෙන..

      Delete
  30. //ඇල්කොහොල් වලට ඇබ්බැහි වෙන එකට කියන ලස්සන නමක් තියෙනවා මට ඒක මතක නෑ. දන්න කෙනෙක් කියන්ට හොදෙයි.//

    ඒ වචනේ alcoholism (මදිරාබාධය) කියන එකද?

    ReplyDelete
    Replies
    1. යැස් ඩීන්.. ඒක සිංහලෙන් කිව්වම තමා ලස්සන.. මදිරාබාධය.. තැන්කුයි..

      Delete
    2. ඒ වචනෙ දෙකට කඩල ගැහැණු දරුවෙකුට ලස්සන නමක් දාන්න පුළුවන්.
      මදීරා බාධියා කියල.

      Delete
    3. Madheera Baadya

      Madeera Badiya

      Madhira Badhiya

      අප්පට සිරි ලස්සන නං ටිකක් හදන්න ඇහැකි තමා බං.. ඕව් ඔව් ඔව්..

      Delete
  31. ගෙදරට වෙලා ජොබ කරන මාව ගමේ එවුන් දන්නේ හොරෙන් සල්ලි අච්චු ගහන එකෙක් කියල. තියනවටත් වඩා ප්‍රතිරූපය චා. මට දුකක් නෑ. බොන්නෙ බියර් විතරයි. ලෝභකමටවත්, සුකිරිබටිල්ලෙක් වෙන්නවත් නෙමේ.

    බිව්වහම හිටියට වඩා හොද එවුනුත් ඉන්නවා. අපේ තාත්තත් ඒ වගේ. වෙරි වෙලා පිස්සු කෙලිනව කියන්නේ හැම තිස්සෙම වෙරි නිසාම නෙමේ. වාසියට රගපෑම් නැතිව නෙමේ.

    ReplyDelete
    Replies
    1. වෙල්කම් බෑක් පැට්රියට් උතුමානනි, කලෙකින් නේද වෙලකට බැස්සේ..

      උඹ ගැන මිනිස්සු එහෙම හිතන එක වැරදි නෑ බං. අපේ පැත්තේ උන් මම උදේ රස්තිය ගහල හැන්දැවට ගෙදර එන එකෙක්ය කියලත් පතුරවල තිබ්බා...

      Delete
  32. //ඇල්කොහොල් වලට ඇබ්බැහි වෙන එකට කියන ලස්සන නමක් තියෙනවා මට ඒක මතක නෑ//

    බේබදුකම...

    තමන්ට උවමනා විදිහට තමන් ජීවත් වෙනවා කියන උත්තරේට මම කැමති නැත්තේ, ඕක කියන පුද්ගලයාගේ ස්වභාවයට සෑහෙන බරක් තියනවා ඔය උත්තරේ. යම් වගකීමක් ඇතුව ජීවත් වෙන ඒ වගේම ඉඳලා හිටලා බොන මනුස්සයෙක් ඕක කියන එක අවුලක් නෑ. ඒත් තමන්ගේ ගෑණි, ළමයි බඩගින්නේ කියල සත පහක ගාණක් නැති එකාටත් ඔය උත්තරේම දෙන්න පුළුවන්.

    තමන් කරන කියන දේ, අවබෝධයෙන්, පාලනයෙන්, වගකීමෙන් කරපං.... බීම සම්බන්ධයෙනුත් වලංගුයි.

    ReplyDelete
    Replies
    1. නැහැ මදිරාබාධය තමා ඒ වචනේ ඩෝ... උඹ කියන කතාව හරියටම හරි බං. ඕක තේරුං කරන්න වෙන බාසාවක් වත් ඕන වෙනවා..

      Delete
  33. හැබෑටම මම අවංකව එච්චර බොන බේබද්දෙක්ද??////

    එච්චර කියලා නෑ.. ගොඩක් බිව්වත් ටිකක් බිව්වත් ඒකා බේබද්දම තමයි... මොකෝ ගෑණියෙක් මිනිස්සු දෙන්නෙක් එක්ක හිටියමත් ගණිකාවක් කියනවා ... 10ක් එක්ක හිටියත් ගණිකාවක් කියනවානේ.... ( එකෙක් එක්කවත් ඉන්නෙ නැතුවත් ගණිකාවක් කියනවා.. ඒක වෙනම කතාවක්..)

    මේවා ලියලා වැඩක් නෑ .. බේබද්දන්ට තේරෙන්නේ නෑ... උන්ට කිව්වම “අපි බොන්නේ ලිමිට් එකටනේ...” බම්බුව තමයි ලිමිට් එක...

    ReplyDelete
    Replies
    1. උඹ කියන එක රාමු කරල හැම ගේකම ගහල තියන්න තරං වටිනවා සිරාවට...

      Delete
  34. දැන් උඹට මේකේ උතුම් ආදර්ශේද ? අවවාදේද?

    ReplyDelete
    Replies
    1. උඹට මොකක් වගේද පේන්නේ බං...හැක්

      Delete
  35. අනේ මන්දා බන් මෙව්නම්...

    ReplyDelete
  36. අවුරුද්දකින් විතර පොදක් තොල ගෑවෙ නැ. ආශාවෙ බැරුවා. අලුත් ඉරක් පායනකම් ඉන්නෙ . එතකොටනම් මැරිල ගියත් කමක් නෑ කියල අමුවෙන්ම කටේ හලා ගන්නව සැන්ඩිත් නැතුව. චික් විතරක් ඒ වුණාට දැන්නම් බොනව කියන එකත් මහ වදයක්. දේශක කියනව වගේ තමන්ගෙ දරුවො අඩුම තරමෙ ටික දුරක්වත් අතින් අල්ලගෙන යන්න ඕනෙ. අපෙ කාලෙ නම් අම්ම තමා අපිව එල්ලගෙන ගියෙ. තාත්තත් ඉතින් එක්කරගෙන ගියා නැතුවාම නෙමේ

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ වැවෝ.. ඕක නොබිවිවත් මැරෙනවා බිව්වත් මැරෙනවා (හැබැයි ඉක්මනට)

      Delete
  37. බේබදු පියාලට හොද ලිපියක්.
    මිලි 720 මදීරා බාධියා ට ගණන් ගැනෙන්නෙ නැති නිසා හොදයි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මිලි 720 ට මේක කොහෙත් අදාළ නෑ තමා.. අනේ කෙන්ජියෝ උඹත් අර මම වගේම අවවාද අනුසාසනා කරන්නං හොද එකා. හැක්..

      Delete
  38. මගේ තාත්තත් නවත්ව ගන්න බැරි තරමේ බීමට ඇබ්බැහි වෙලා හිටි කෙනෙක්.පියවි සිහියෙන් ඉද්දි ඉතාම සංවේදී, කාරුනික, කලාකාමී හිතක් තිබූ ඔහු බීපු වෙලාවට වෙන කිසිම සිහියක් නැතිව නැවත නැවත බොන්නම තමා හෙව්වෙ. ඔහුට ලෙඩක් තිබුනෙ කියල තේරුම් ගන්න තරම් ඒ ගැන අපි දැනුවත්ව හිටියෙ නෑ ඒ කාලෙ.ඔහු අකාලයෙ මිය ගියා. මියයන විට මා ඔහු අසලහිටියා රෝහලේ. ඒ නිසා තමන්ගේ සීමාව නොදැන තමා අවට සිටින්නන් අපහසුවට හා දුකට පත් කරමින් හුදෙක් තමුන්ගේ සුවය ගැන පමනක් සිතා බොන අය ගැන නම් මට මෙතන ලියන්න බැරි තරම් සැර වචන මාලාවක් එන්නෙ.

    තමුන් පන සේ ආදරයකරන කෙනෙක් විනාස වෙනවා බලන් ඉන්න එක තරම් දුක්කිත දෙයක් වෙන නෑ.

    ReplyDelete
    Replies
    1. නිල් මානෙල්, ඇත්තටම ඕක තේරුං කරන්න බෑ නෙව සක්‍රයටවත්. විදවන කොට විතරක් අනේ පුතේ මට සමාවෙන්න කියල කියාවි..

      Delete
  39. කොයි දේත් ක්‍රමයක් තියෙනවා. මැද මාවත තමයි හරි එක කියලායි මම හිතන්නේ.

    මේක බීලා ලියපු එකක් නේද? ඒ මොකද හුඟක්ම අමධ්‍යප ලිපි ලියලා තියෙන්නේ බීලලු.

    ReplyDelete
    Replies
    1. මැද මාවත තමා මචං හරි. අර මාතලං කාරයත් කියල තියෙන්නේ ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නෑ කියලා.. බීල ලිව්වේ නෑ බං බීපු එකෙක්ට සිරෝසිස් හැදුනා දැකල ලිව්වේ..මේක

      Delete
  40. //බීපු මරගාතේ පොර වෙනවා.. ප්‍රශ්න වලට ලස්සන විසදුම් දෙනවා. හැබැයි මේ ලස්සන විසදුම් හුගක්ම මනංකල්පිත උත්තර බව බිව්වට පස්සේ අමතක වෙනවා.//

    මේ ටික කියෙව්වම මතක් උනේ "අපි බොන්නෙ ටික වෙලාවකට හරි ප්‍රශ්න අමතක කරන්න" කියල මිනිස්සු කියන කතාව. තාවකාලික, කිසිම තේරුමක් නැති පැලැස්තර අලවලා ප්‍රශ්න මග අරින්නෙ නැතුව ඒ වේලාවත් දාල ප්‍රශ්නේ හරියට විසදගන්න එයාලා මහන්සි වෙන්නෙ නැත්තෙ ඇයි කියන එක මට නම් හිතාගන්න බෑ.

    ReplyDelete
    Replies
    1. ඔය ප්‍රශ්න අමතක කරන්න බොනවා කියන්නේ තනි බොරුවක්. අනික සමහර උන් ඉන්නවා බීලා පොර වගේ පාරේ කුනුහරුප වපුර වපුර යන. උන්ට හොදවයින් දෙකක් දුන්නම ඉවරයි බිම වැටෙන්නම. එතකොට පහුවෙනිදට ගහපු එකාගේ මුනවත් බලන්නේ නෑ. හැබැයි තමන් කියපු කුනුහරුප ඒවා මතක නෑ කිව්වද කියලවත්. අර ගහපු මිනිහා මතකයි. බීපු මතේ කියන්නෙත් තනි බොරුව. පාලනය කරගන්න බැරි දේවල් තියෙනවා ඒත් අමතකයි කියන එක බොරුවක්.. බොන්නේ ප්‍රශ්න වලින් පැන යන්න මිසක් අමතක කරන්න නෙමෙයි.. ස්තුතුයි චාම්ස්..

      Delete
  41. මචං..සෞඛ්‍ය හෝ සමාජීය හේතු මත එක් එක් දේවල් හොඳ සහ නරක කියලා වෙන් කරගෙන තියනවනේ.ඒවා තේරුම් බේරුම් කරගෙන අන්තිමට තමන්ට අවශ්‍ය දේනේ කරන්නේ.මම නම් හිතන්නේ කාගෙවත් පෞද්ගලිකත්වයට එබිකම් නොකර තමන්ට හරි යැයි හිතෙන අනුන්ට වදයක් නොවන දෙයක් කරගෙන පාඩුවේ ඉන්න එක තමයි හොඳ.

    ReplyDelete
    Replies
    1. උඹ මේ ටිකේ දැක්කෙම නෑ..

      //මම නම් හිතන්නේ කාගෙවත් පෞද්ගලිකත්වයට එබිකම් නොකර තමන්ට හරි යැයි හිතෙන අනුන්ට වදයක් නොවන දෙයක් කරගෙන පාඩුවේ ඉන්න එක තමයි හොඳ.//

      මේකට කව්රුවත් කිසිම දෙයක් කියන්න ඕන නෑ කියන එක තමා මගේ අදහස අරූ..

      Delete