Thursday, August 1, 2013

බල විමලෙගේ බලේ...

ඉන්දියාවේ ඉදල ටෙලිපෝන් කෝල් එකක් දීපු, විමලේගේ මිත්තරයෙක් ඉන්දියාවේදි මිනිහට වෙචිචි අකටයුතුකම් ගැන කීවා. ඒ විතරක්ද නැහැ.. ලංකාවෙන් ඉන්දියාවට යවපු බඩු, ඉන්දියන් කාරයෝ සල්ලි දීල ගන්නත් හරිම අකමැතියි කියල යාළුවා කිව්වම, අපේ වි‍මලෙට හොද එකෙන්ම තරහ ගියා. තරහ ගියපු පාර ඉදපං මම ඉන්දියාවට හොද වැඩක් කරන්නං කිව්වේ, යාළුවා “අනේ බං විමලේ මේකට මොකක් හරි කරපං“ කියල කියාපු හින්දයි.

“මිත්‍රවරුණි, අපි ඉන්දියාවේ බඩු බාණ්ඩ වර්ජනය කළ යුතුයි. ඉන්දියාව හිතන් ඉන්නවනං ලංකාව කියන්නේ ඉන්දියාවේ තවත් එක ප්‍රාන්තයක් කියල අන්න ඒ අදහස වහාම ඉවත් කර ගත යුතුයි. ලංකාව සම්පුරුණයෙන්ම සෛරි (වෛරීද මන්දා) රාජ්‍යයක් කියන එක අපි ඉන්දියාවේ බලු කුක්කන්නට මේ වෙලාවේ පැහැදිලව ප්‍රකාශ කරනවා. අපි ඉන්දියාවට අභියෝග කරනවා අපිත් එක්ක හැප්පිල තමන්ගේ වෙළද ආර්ථිකය බිමට චප්ප කර ගන්න එපාය කියලා..“

ඔන්න ඔය විදියට යාළුවා සතුටු කරන්න අපේ විමලේ ලොකු ටෝකක් දීලා, ඉන්දියාවෙන් ලංකාවට ආනයනය කරන සියළුම භාන්ඩ වර්ජනය කරන්න මුළු මහත් ලංකාවටම පනිවිඩයක් දුන්නා. අපේ විමලේගේ කතාව හින්දා අද වෙන කොට කිසිම ඉන්දීය වෙළද භාන්ඩයක් ලංකාවට ගේන්න තියා හිතන්නෙවත් නෑ. ඉන්දියාවේ ආර්ථීකය එහෙම්පිටින්ම කඩා වැටිලා අද. මන්මෝහන් රැවුල කපාගන්නත් රේසරයක් නැතිව ඉන්නේ මේ දවස් වල. බලන්නකෝ විමලෙගේ බලේ.

තවත් දවසක් බැසිල් ලොක්කා හම්බ වෙච්ච වෙලාවක විමලේට මිනිහා කිව්වේ ජී මේල් එකවුන් එකක් හදාගන්න ගියාම, “බැසිල් රාජපක්ෂ ඇට් ජීමේල් ඩොට් කොම්“ කියල ඒක හදන්න ගූගල් එකෙන් ඉඩ දුන්නේ නැතෙයි කියලා. අනේ විමලේ මේකටත් මොකක් හරි කරපං පුතේ කිව්වම පහුවෙනිදම විමලේ කල එළි බැස්සා.


“මිත්‍රවරුනි, ඇමරිකාව තමන්ගේ අධීරාජ්‍යවාදී අදහස කූට ආකාරයෙන් ක්‍රියාත්මක කරමින් ඉන්නවා. ඇමරිකානු බූවල්ල අපිව ගිලගන්න හැදුවත් අපි දිවි හිමියෙන් හරි සටන් කරල අපේ මව්බිම බේරගන්නවා. මම බැරැක් ඔබාමට අභියෝග කරනව අපිත් එක්ක හැප්පිල නිකං චප්ප වෙලා යන්න එපා කියලා.. අපි අත අරින්නේ නෑ. ඒ වගේම ඔය බුවල්ල තවත් ලංකාව දිහාට අඩු පඩු දාන්න ආවොත්.. ඔව්... අයේ කිව්වේ නෑ කියන්න එපා අපි වියට්නාමෙදි ඇමරිකාව ගූ රෙද්දේ ගාගෙන ගියාට වැඩිය බරපතල විදියට තොපිට පාඩමක් උගන්නනවා. මම විමලේ.. මට මේ ලෝකේ කරන්න බැරි දෙයක් නෑ. ඒක නිසා මිත්‍රවරුනි අද ඉදං අපි ඇමරිකන් ව්‍යාපාර වර්ජනය කරල ඇමරිකන් ආර්ථිකයත් බිමටම සමතලා කරල දාමු. එතකොට උන්ට බැරි වෙනවා කිසිම රටකට ආයේ අතක් තියන්න. ඇමරිකාව ලංකාවේ අපෙන් හොදම පාඩම අනාගතේදි ඉගෙන ගන්න බව මට විස්වාසයි.. “

ඔය විදියට දෙසා බාලා ඉවර වෙලා කසකාරයා වගේ විමලෙම පටන් ගත්ත මැක්ඩොනල්ඩ් යන එක නවත්තන්න. ජී මේල් එක කැන්සල් කරලා දැම්මා. මේ ආදරුසේ ගත්ත ලංකාවේ හැමෝම ඇමරිකන් විරෝදි වැඩි පිළිවෙලක් අරගෙය ගිය හින්දා, ස්ටීව් ජොබ්බයිටත් මැරෙන්න උනා දුකෙන්ම තමන්ගේ ව්‍යාපාර බලං ඉන්දැද්දි කඩා වැටිල හිතේ දුකටම. බිල් ගේට් අයියත් ජනේල කොම්පැනියේ ගේට්ටුවෙන් එළවල දැම්මේ, ලංකාවේ තර්ජනය හමුවේ විමලේ සමග සහයෝගයෙන් කටයුතු නොකීරිම හේතුවෙන් ජනේල් කොම්පැනියේ කෑලි කුඩු වීම හින්දයි. ඒ වගේම ගූගල් අයියලත් බිමටම වැටුනා. කරගන්න දෙයක් නැතිව අන්තිමට සිලිකා වැලි ටොන් ගානට විකුණලා යන්තං පන ගැට ගහගන්නේ මේ දවස් වල. කොහොමද අපේ විමලෙගේ තරම. අනික බැරැක් ඔබාමා විශේෂ අවසරයක් ඉල්ලුවේ අඩාගෙන.. විමලෙත් එක්ක සාකච්ඡාවක් කරන්න ඉඩ දෙන්නය කියලා මේ බැරැරැම් අවස්තාවේ. මොන අපේ දේශප්‍රේමී විමලය ඒවා තුට්ටුවකට ගනන් ගත්තේ නෑ. ඇමරිකන් ආර්ථිකයත් අනාථයි.

තවත් දවසක පොළොන්නරුවේ මෛත්‍රි ලොක්කා හම්බ උනාම අපේ විමලෙට පොර මෙහෙම කිව්වා.

“අනේ විමලේ බලහංකෝ අපේ මලයා තව වී මෝල් දහයක් ගත්තා නෙව. ඒවට වී ලැබෙන්නේ නෑ බං.. මිනිස්සු දැං බත් කන එකත් අඩුයි බං. අනේ කොල්ලෝ මේකට මොකක් හැරි කරපං“

ඉතිං ඕක අහපු අපේ විමලේ ඒකත් භාරගත්තා. දැං මං කියන්න ඕන නෑනේ විමලේ පාං පිටි වලට විරුද්ධව කතා කරපු දවසේ ඉදල ලංකාවට පාං පිටි කදුලක් වත් ගේන්නැති විත්තිය.

මේක මේ ළගදිම වෙච්චි සිද්ධිය.

කොටුව පැත්තේ කරක් ගහ ගහ ඉන්න වෙලාවක මට විමලෙය හම්බ උනා.. මගෙන් ඇහුවම මොකද කරන්නේ කියල මම කිව්වා මේ පොඩි එකාට එකවුන්ට් එකක් අරින්න ආවාය කියලා.. ඒ පාර මිනිහ ඇහුව මගෙන් පොඩි එකාගේ වයස. මම කිව්වා තාම දාහතරක්වත් නෑ කියලා. 

මම කිව්වා මේ ළග බැංකුවේ අපේ මිත්තරයෙක් ඉන්නවා සුදීක කියල කළුතර හාදයෙක් . මිනිහගේ බ්‍රාන්ච් එකෙන් තමා මම මේ එකවුන්ට් එක අරින්න හිතං ඉන්නේ කියලා. ඒ පාර විමලේ අහනවා කළුතර එකෙක්ද?? ඌ කවද හරි දේශපාලනේට එයිද?? මිනිහට ජන පදනමක් තියේද,, කියල. මම ඇහුවා ඒ මොකටද ඒවා හොයන්නේ කියලා. ඒ පාර පොර කියපි “යකෝ මාත් කළුතර එකෙක් නෙව. බැරි වෙලා හරි ලබන පාර කළුතරින් ඉල්ලන්න කියල අයිය කිව්වොත් මං මේ බැලුවේ උඹේ යාළුවා මට කවද හරි තර්ජනයක් වෙයිද කියලා. “

මම කිව්වම ඒක කියන්න බෑ සමහර විට එහෙම වෙන්නත් හැකිය කියල පොර බය උනා. එහෙනං මූව ජොබ් එකෙන් අයින් කරන එක තමා හොදම කියලා “මම මේකට මොකක් හරි කරන්නං“ කියල යන්න ගියා. එහෙම ගිහිල්ලා ආයේ හැරිලා ඇවිත් මගෙන් ඇහුවා මොකක්ද දැං උඹ ඔය ඕපන් කරන්න යන එකවුන්ට් එක. 

මම කිව්වා ආ .මේ .. ප්‍රමෝෂන් කරන ළමයින්ගේ එකවුන්ට් එකක් තියෙනවා 13+ කියල . මම එයින් එකක් අරිනව පොඩි එකාට. ඕක අහගෙන 13+, 13+ කිය කිය ගියපු විමලේ පහුවෙනිදා ඉදලම 13+ ගැන කතා කරල බැංකුව වහන තත්වෙටම ඇවිල්ලා.. දැං අර මගේ යාළු සුදීක කියන හාදයා නිකං බ්ලොග් කඩමාල්ලක් ඇරන් ඉන්න එකෙක් වෙලා. බලන්නකෝ විමලේගේ තරම.. අනික විමලේ කරන්න ගිය එක නොදන්න මෝඩ වාසුලා, රාජිතල විකාර කියව කියව අපේ විමලෙට තර්ජනය කරාට...අපේ විමලෙගේ බලේට ඕකුන්ට කිට්ටු වෙන්නවත් බෑ නෙව..

ඊළගට විමලෙගේ බලයට යට වෙන්නේ මොකක්ද????

58 comments:

  1. බලේ බලේ බල බොල විමලයගේ බලේ
    ගලේ.....
    මොකක්ද බං ඉතුරු ටික,සුදීකයත් ඉවරයි එහෙනං ඈ

    ReplyDelete
    Replies
    1. සුදීක ඉවරයි දෙකක් නෑ..

      Delete
  2. හපොයි. මගේ දැන් ඉන්න ඔෆිස් එක තියෙන්නේ කඩුවෙල චන්ද බල ප්‍රදේශේ.

    ReplyDelete
    Replies
    1. මේ ළඟදී උන්නැහේ මෙතනින් පා ගමනක යනවා මම උඩ තට්ටුවට වෙලා බලන් උන්නේ. දැන ගත්ත නම් ලෙඩේ. :). ඒක නෙවෙයි මමයි විමලුයි එක වයසේ හරිය.

      Delete
    2. හෑ...............එක වයසේ...........?

      Delete
    3. කොහෙද සුදීක, එහෙනම් අපි හමුවෙලත් ඇති

      Delete
    4. @ සුදික
      කඩුවෙල උනාට වැඩක් නෑ බත්තරමුල්ලේ තමා ඉන්න ඕන.. දෙන්න එක වයසේ උනාට වැඩ වෙනස් නේ ඒකයි අවුල..

      Delete
  3. විමලෙ බ්ලොග් වලට අත තියන එකක් නෑ නේද. මොකද ජීමේල් ගැන දැනගත්තට මිනිහ ගූගල් එකෙන් බ්ලොග් කියල ජාතියක් තියෙනව කියල දන්නෙ නෑ මං හිතන්නෙ. (මිනිහ විතරක් නෙමෙයි ලංකාවෙ අන්තර්ජාල සමාගංවත් එහෙම දෙයක් ගැන දන්නෑ කියල ඔප්පු උනා පහුගිය වකවානුවකදි.)

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. දැනගත්තත් කමක් නැහැ ප්‍රසන්න, "බ්ලොග්" කියන නම "විමලොග්" කියලා රීනේම් කරන්න විතරයි තියෙන්නේ.

      Delete
    3. ඔව් ඒක නං ඇත්ත.. බ්ලොගර් ගැන දන්න අය හුගක් අඩුයි. විමලෙත් දන්නවනං වචනයක් හරි ඇරල දානවා.

      Delete
    4. @ අයිලාෂ්

      විමලොග් නෙමෙයි මොන නම දැම්මත් ඌව නං හදන්න බෑ

      Delete
  4. හුටා සුදික අයියාටත් එහෙනම් බඩුම තමයි ඈ,
    මේ ඔය විමලේ අයියාගේ පින්තුරයක් හොයා ගන්න බැරි වේවිද ගෙදර බිත්තියේ උඩින්ම ගහලා තියන්නට. ...:D

    ReplyDelete
    Replies
    1. අන්න දැං තියෙනවා චීනේ පිළිම හිටං.. ළගදි කව්ද මහරජාට ගෙනැත් දුන්නය කියන්නේ

      Delete
  5. වාහන ස්පෙයා පාට්ස් ගැන වැඩි කරලා විමලේ මොනා හරි කරපංකෝ.
    "සහෝදරවරුනි ,අම්මේ තාත්තේ ජපනා හපනා කියලා කිව්වේ ඉස්සර දැන් ජපනාට වැඩිය හපන්න මම දන්නවා, අපි ජපන් වාහන වර්ජනය කරමු, විල්බරෝව හදපු අපිට ජපන් වාහන කජ්ජක්ද?

    ReplyDelete
    Replies
    1. ඇයි ඉවාන් ලෑන්ඩ් මාස්ටරය හොයාගත්තෙත් අපේ රේ විජේවර්ධන මහත්තයානේ

      Delete
    2. ඔව් ඒ වුනාට මේ යක්කු එක දන්නා එකක්යැ, එක සැරයක් ආචාර්ය සරත් ගුණපාල කිව්වම ඇමතියෙක් ඇහුවේ ඒ කවුද කියලා.

      Delete
    3. විමලේ නොදන්න දෙයක් නෑ උඹල බොරු කියන්නේ. මං හිතන්නේ පොර සීගිරිය ගැන විතරයි නොදන්නේ

      Delete
  6. මේකා මෙහෙම ගිහින් මේ බ්ලොග් කෙරුවාවත් වහලා දායි නේ!!

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව්. දැං ජීමේල් තහනං කරාට පස්සේ බ්ලොග් නැත්තටම නැති වෙලා නේ බං..

      Delete
  7. හෙනන් සුදිකයට බඩු හම්බවෙනව නෙ.හය්යො

    ReplyDelete
    Replies
    1. අනිවා හම්බ වෙනවා මම මේ මිනිහට සිවාස් රීගල් ටිකක් දීලා ෂේප් කරං ඉන්නේ

      Delete
  8. උඹත් ඕන නැති වඩ නේ කොරන්නේ. අර සමුළුව කොහොම හරි නවත්තහංකෝ කෝටී ගානක් අපරාදේ..

    ReplyDelete
    Replies
    1. අනේ අයියේ වදින්නං සමුළුව නවත්තන්න බෑ. අපි කොහොමෙයි අයවැය ගේන්නේ එතකොට..

      Delete
  9. හැමතැනම දේශපාලන රැස්වීම්.. අපොයි මට තාම චන්දෙ නෑ නොවෑ..

    බොර දියක ඉඳුවර

    ReplyDelete
    Replies
    1. මටත් ඡන්දේ නෑ බං.. තාම... හැක්..

      Delete
  10. දේශපාලනයට මම කැමති නැ.

    ReplyDelete
    Replies
    1. ඒ උනාට අතාරින්නත් බෑ නෙව.. බද්ද වෙලා තියෙන්නේ

      Delete
  11. රට දැය සමය රැක්මට පහල වූ ඒ ග්‍රේශ්ඨයාට අපහාස කරන දේශකයා බංග වේ වා !!! :D

    ReplyDelete
    Replies
    1. මා මිය ගියද වි‍මලේ රට කරනු ඇත...

      Delete
  12. දේශකයා ට විමලසිරි කතා කොලේ මල්ලී කියලද? අයියා කියලද?

    ReplyDelete
    Replies
    1. එහෙමත් කියනවද.. හා සහෝදරයා කියල කට පුරා කිව්වේ..

      Delete
  13. විමලේම කොටුවේදීම හබ්බුවුන එක තමයි වැඩේ කියන්නේ...කොටුවේ කොයි හරියේ වාගෙද> නලීන් සහෝගේ ඔෆිස් එක පැත්තේයි?

    ReplyDelete
    Replies
    1. කොටුවේ මහජන බැංකුව ළගදි බං.. නලියා ගේ පච කන්තෝරුව අනිත් පැත්තේ..

      Delete
  14. ඔන්න ඉතිං දේශකයත්...........

    ReplyDelete
    Replies
    1. අපොයි නෑ බය වෙන්න එපා. ණුවනක්කාරයෙක් ගැන පහල වෙච්චි අසීමිත හැගීමක් හින්දා ලිව්වේ..

      Delete
  15. ඒකනෙ.. ඔබාමාව සිංහලෙන් බය කරනව කියන්නෙත් සෙල්ලං වැඩක්ද නෙහ්..? අපි විමලෙට.. විමලෙ.. :P

    ReplyDelete
    Replies
    1. එහෙනං.. ඇයි බැන් කී මුන් මිනිහත් බය උනේ..

      Delete
  16. 13+ ප්‍රමෝෂන් කතාව එනම් සුපිරියි.

    බ්ලොග් වල මේ වගේ ලියන වග දැනගත්තොත් වි මලේ මොනවා කරාවිද මන්දා

    ReplyDelete
    Replies
    1. තැන්කුයි.. මොනා කරන්නද වහල දාවි එච්චරයි..

      Delete
  17. දේශකයාට කොටුවෙදි මුනගැහිල තියෙන්නෙ තමන් රටේ දෙවැනිය කියල හිතාගෙන ඉන්න කෙනාවනෙ.
    හරි ආඩම්බරයි.

    ReplyDelete
    Replies
    1. දෙක හෝ තුන තමා අනිවා.. ආඩම්බර නැද්ද අයියේ...

      Delete
  18. සුදීක අයියත් ඉවරයි එහෙනම්... දේශකයත් ආස්සරය කරන්නෙ එසේ මෙසේ අය නෙමෙයි..

    ReplyDelete
    Replies
    1. එහෙනං.. අපි ඉතිං කොහොමත් ඔය වගේ අය තමා නිතරම ආශ්‍රය කරන්නේ.. ප්‍රාඥයෝ.. විප්ලවවාදීන්.. ජාති මාමකයින්.. සුදික ඉවරයි අනිවා..

      Delete
  19. මචං.......පංචාට එළකිරි,හාල්පිටි මතක් වුනේ ඇමති උනාට පස්සේ.පොලිස්,ඉඩම් මතක් උනේ ඇමති උනාට පස්සේ.සලාකා එකේ තෙල් බුරියානි මතක්වුනෙත් එහෙමනේ.කමුද අපි බල මාලු කිව්වලු.

    ReplyDelete
    Replies
    1. සහෝදරයා ඇමති උනාට අමතක වෙන පොරක් නෙමෙයි අපේ විමලේ..

      Delete
  20. බලය ඔක්කොම ජනපති අතට අරගෙන කියන අන්තිම මුලාවක්, ටොම් පචයක්.

    බලන්න විමධ්‍යගත කල බලය පාවිච්චි කරන, බලගතු අය කොපමන රට පුරා විසිරී සිටිනවද කියල?

    වැලිවේරියෙ පොලිස් ආමි කස්ටිය, විමල්, වාස්, තංගල්ලෙ ප්‍රාදේසීය ලොක්කො ඇතුලු තව කොපමණ ඉන්නවාද්?, නූරිවත්තෙ කස්ටිය, ආණමඩුවේ දනිස්සා, කොලොන්නාවේ කුණුබල සේනාව, කැළනියෙ රජ්ජුරුවො සහ සමාගම, , බොදුබල සේනාව, කුඩු ලොක්කො
    සිංගප්පූර් චාලි, රාවණා බලය,............KP, කරුණා,
    ට්‍රැෆික් රාලහාමිලා
    ..............
    ...............
    ...........
    ඇත්තටම ප්‍රාදේශීය සභා, පලාත් සභා, ලොක්කො තමයි වඩා බලවත්!
    මොකටද මේ 13+?

    ReplyDelete
    Replies
    1. 13+ කියෙන්නේ ළමයින්ට සල්ලි දාන්න තියෙන එකවුන්ට් එකක්

      Delete
  21. යකෝ අපි අදනේ දන්නේ 13+ එකට උබගේ සම්බන්දයක් තියනවා කියලා. "බලන්න දේශකයා මහත්තයෝ ආඩම්බරයි"

    ReplyDelete
    Replies
    1. සම්බන්ධයක් තියෙනවා බං මොකෝ නැත්තේ... 18+ වලට වැඩිපුර සම්බන්ධයි

      Delete
  22. සුදීකට මඩක් නේද? විමලය්ය එක්ක වලිද?පව්නෙ රජතුමාගෙ සපෝට් කාරය නෙ එයා. දේශකයටත් ඕන්නැති දෙයක් නෑ. කාක්ක වගේ අනුන්ගෙ කුනුම අවුස්සනවා.

    මම අලුත් කතාවක් දැම්ම. වෙලා තියෙන වෙලාවක එන්න.

    ReplyDelete
    Replies
    1. අනේ මම කුනු අවුස්සන්නේ නෑ. අපේ සුදීක විමලේගේ තැන නැති කරාවි කියන බයටයි ලිව්වේ... කතාව බැලුවා...

      Delete
  23. ඇමරිකන් සන්නාම :::http://www.wimalweerawansa.net/Contact-5.html

    ReplyDelete
    Replies
    1. අඩේ මිනිහට බ්ලොග් සයිට් එකක් තියේද.. ඒක ඇමරිකාවේ තහනං ඇති නේද? හැක්

      Delete
  24. ඔය සන්නාම ඔක්කොම තියන්නේ ඔය පිටුවේ යට ...

    ReplyDelete
  25. මාර කතා ටිකක් කොහෙද ඇත්තටම ඔය විමලයා ඉන්නෙ දේශක

    ReplyDelete
    Replies
    1. ඉන්නේ මහරජා ගාව නේ බං..

      Delete