Saturday, June 1, 2013

එපා අහන්න!!!

මට එක කාලයක් තිබුනා සිංදු කියන්නේ ජීවිතේ වෙච්චි. ඒ කාලේ මොන වැඩේ කරත් සින්දුවක් අහන ගමන් ඉන්නේ. පාරේ ගියත්, නිදාගන්න ගියත්, කන්න ගියත් අඩුම ගානේ ටොයිලට් එකට ගියත් ඔන්න පුංචි පහේ අයිපොඩ් (චයිනීස් එකක්) කනේ තියාගෙන ඕසෙට සින්දු අහනවා. ඊටත් වඩා ආසාව තිබුනේ ක්ලැසිකල් ඉංගිරිසි සින්දු අහන්න. ඒකට වෙං වෙච්චි ගෝල්ඩ් එෆ් එම් එක මගේ කනේ පැළපදියං වෙලයි කිබුනේ.

ඔහොම සින්දු ගැන මගේ තිබ්බ ආසාව ලෙසටම තිබිල, ලෙසටම නැති වෙලා ගියා නෙව. දුකේ බෑ. ලොකු දේශක පැටියා ලැබුනට පස්සේ ඒ හාදයා බෑගිරියෙන් කෑ ගහනවා නිදා ගන්නේ නැතිව. ඉතිං මට මතකයි ඔය හාදය බඩේ ඉදිද්දි මම දානව ප්‍රියාගේ සිඩී දෙක තුනක්ම එක දිගටම. හත්වලාමේ කියන්නේ මිනිහා ෂපාන් එකේ නිදාගන්නවා. ඒක දන්න හින්දා ගිරහෙනියෙක් වගේ අඩන මේකා නලවන්න මං කරන්නේ ප්‍රියාගේ සිඩී එකක් දාන එක. වැඩේ සාර්ථකයි. මිනිහා නිදාගන්නවා.. සීඩී එක නැවතුනාම අයේ අඩනවා.. 

හරි අවුලක් නෑ.. අපි දැං මොන තරං සින්දු අහනවද, බලනවද, මේ දාස් ගානක් වන සින්දු අතරින් චින්තනී මේඛලා ගමගේ කියන දෘෂ්‍යාබාධික උපාධිදාරි තරුණිය ගායනා කරන අහන් ඉන්න ගීතය හරිම සංවේදි වගේම ජයග්‍රාහී ගීතයක්. එහි ගේය පද රචනය අක්ෂි විශේෂඥවරියක් විසින්ම සිදු කර තිබීමත් විශේෂයි. ජයග්‍රාහි කියන්නේ ඇයි ඔප්පු කරල පෙන්නුවා ඇය කාගෙවත් අනුකම්පාව ලබන්න ඕන ආබාධිතයෙක් නොවන බවත්, ඇයත් සාමාන්‍ය අයෙකු බවත්. ඇත්ත අපහසුකම් තියෙනවා. ඒත් හම්බන්තොට වගේ දුෂ්කර ග්‍රාමයක (හරි හරි තව ටික දවසකින් ඔය දුෂ්කර කියන එකට අති සුඛෝපභෝගි කියන එක දාන්න හැකියි) උපතින්ම දෙනෙත් අන්ධව ඉපදී, ඉගෙන ගෙන තමන්ට ඇති හැකියාවෙනුත් උපරිම දෙයක් කරපු ඇය ගැන ඇත්තටම ආඩම්බර වෙන්න හැකියි.

අනික මේ ගීතයේ විෂුවල් එක, එහි කළු සුදු රූප රචනය එක් වරම අප වෙනස් ලොවකට ගෙනයන්න සමත් වෙනවා. ඒ වගේම ගීතය පුරාම එහි රූප රචනය ඉතා ප්‍රභලයි. එයින් ජනිත් වෙනවා ආබාධිතයන් වෙනස් අයෙක් හෝ විශේෂයෙන් සැළකිය යුතු කණ්ඩායමක් නොවන බව. මා මෙතෙක් කල් දැක්ක ඉතාම සාර්ථක ගීතයක් හා රෑප රචනයක් තමා මෙහි තියෙන්නේ. රස විදිමට කිසිදු බාධාවක් නැතිවා වගේම, ගායිකාවගේ ආබාධිත ඇස් දෙක හා ඇගේ හැගීම් දනවන මුහුණ මතුකිරීමෙන්ම ඇය හදවතින් යමක් මුමුණන බව සැක නැතිවම බලාගන්න හැකියි.

චින්තනී ඉතා අමාරුවෙන් ඉගෙන ගෙන උසස් පෙළ සමත් වෙලා, සංගීතය උසස් අධ්‍යාපනය විදියට කරන්න උත්සාහ කරත් ඇයට ඒ කියන්නේ දෘෂ්‍යාබාධීක අයට බටහිර සංගීතය ඉගෙනගැනීමට ලංකාව තුල ක්‍රමයක් නොතීබීම හේතුවෙන් ඇයට සිද්ධ උනා ජපුර වෙතින් බෞද්ධ දර්ශනය පිළීබද උපාධීයක් ලබා ගන්න.

ඇයගේ මේ ගීතය ජනප්‍රිය වීම ඉතා වටිනව වෙන්නේ එහි අදහස ඉතාමත් ළගන්නා සුළු හා තණුවද ඉතා සාර්ථක එකක් වීම මතයි. එතැනදී අපට ලැබෙන හොදම අදහස මං හිතන්නේ රෑප රචනයේදි පෙන්නුම් කරනවා වගේ THEY ARE NOT DISABLED, DIFFERENTLY ABLE" කියන කාරණාව මතු වෙනවා කියන එකයි. අනික මම හිතන්නේ අප ඔවුනට අනවශ්‍ය ලෙස අනුකම්පා කිරීමක් නොව මිත්‍රත්වයෙන් උදව් කිරීමක් කළ යුතු බවයි. ඔබ රස විද  ඇති ගීතය. ඒත් ඒක ඇත්තටම රස විදිය යුතුම ගීතයක්. (ගීතය ආරම්භයේදි එන පියානෝ සොලෝ එක මොන තරං හැගීමක් දෙනවද..)



32 comments:

  1. අහං ඉන්න අහගෙන ඉන්න :) හ්ම්ම් ඔව් ඇත්ත දේශා දැං යන බූට් සිංදු වලට වඩා ඕක 1000 වාරයක් හොදයි බං ඕකෙ intro parts එක උනත් සිංදුවෙ වචන වලට නියමෙට ගැළපෙනවා

    ReplyDelete
    Replies
    1. ඇත්තටම පද රචනය සරලයි ඒ වගේම විශ්ෂ්ටයි.. තැන්කුයි මලයා

      Delete
  2. මේ ගීතය ගැන මම බොහොම කාළේකට ඉස්සෙල්ලා ලිව්වා වගේ මතකයි. මේ ගීතයම ඉන්ද්‍රචාපත් ගායනා කරනවා පොරි හැලෙන්න. අන්ධ කෙනෙක් ගීතයක් කියන එක ළොකු දෙයක් නෙමෙයි.. ගායකයොත් වාදකයොත් අපි ඕන තරම් දැකලා තියෙනවා. ඒත් අපි ඒ දේ අගය කළ යුතුමයි.

    දේශකයා දන්නවද දන්නේ නෑ 2012 මුළු ඇමරිකාවේම ඉන්න හොඳම සූපවේදියා උනේ ඇස් පේන්නේ නැති කෙල්ලෙක්. නම ක්‍රිස්ටීන්. මම ඒ වැඩසටහන් එකක් නෑර බැලුවා. ඇය දිනන බව තරඟකරුවන්ම ප්‍රකාෂ කලා. ඒකයි වටිනාකම. ඒ ගැන මෙතනින් කියවන්න..

    http://www.digitalspy.com/tv/s139/masterchef-usa/news/a405151/masterchef-season-three-winner-named.html

    ReplyDelete
    Replies
    1. තැන්කුයි මාතලං.. මම ඒක දැනගෙන හිටියේ නෑ උඹ කියනකං.. ඒක නං ඇඩෙනවා බං..

      Delete
  3. ඇත්ත. අන්ධ බිහිරි ගොළු අයට අනුකම්පාව දැක්වීමට වඩා ඒ අයව සමාජයට දායක කරගැනීම තමයි කරන්න ඕන.

    ReplyDelete
    Replies
    1. අන්න හරි.. අනුකම්පාවට වඩා මිත්‍රත්තවයෙන් උදව් කරන්නයි ඕන

      Delete
  4. දැන් ඩිස් ඒබල් නෙවෙයිනෙ බං,පිසිකලි චැලෙන්ජ්ඩ්

    ReplyDelete
    Replies
    1. ඒත් ඉතින් අන්තිමට කියවෙන්නේ බැහැයි කියලනේ..

      ( කොක්කට නෙවේ )

      Delete
    2. ෆිසිකලි චැලෙන්ජ්ඩ් කියනවට වැඩිය ඩිෆරන්ට්ලි ඒබල්ඩ් කියන එක අර්තාන්විතයි.

      Delete
    3. @ හැලපයා
      ඔව් එහෙමත් කියනවා.

      Delete
    4. @ සහන්
      ඩිෆරන්ට්ලි ඒබල් කිව්වම කොහේද යකෝ බැරි කමක් තියෙන්නේ..

      Delete
    5. @ සෙන්නා
      මාත් ඒකට කැමතියි මොකද ඒකේ හැගීමක් තියෙන නිසා.. අර වචන දෙකම හෙලා දැකීමක් පහත් කොට සැලකීමක් වගේ

      Delete
  5. ඉතාම වටිනා දෙයක් ඔබ කලේ, ඇත්තෙන්ම මේ පොස්ට් එකෙන් තමයි මම ඒ ගීතය ගැන දැනගත්තේ.

    ඔබ දැකලා තිබෙනාද අන්ධ අය චිත්‍ර අඳින ආකාරය. ඒ ගැන නම් මට හිතාගන්නවත් බැහැ. ඉතාම පුදුමාකාර දෙයක් එක.

    ReplyDelete
    Replies
    1. මම හිතුවේ නෑ අහපු නැති එකෙක් ඇතිය කියලා. එහෙනං අප්‍රමාණව සන්තෝසයි අහන්න සලස්වපු එකට

      Delete
  6. මේ සිංදුව ටිකක් කාලේකට ඉස්සෙල්ලා නේද ආවේ...මගේ පෙන් එකෙත් තියෙන සිංදුවක්.....

    ReplyDelete
    Replies
    1. හ්ම්. ඒත් අනිත් ඒවට වඩා වටිනකමක් තියෙනවා නේද මයියෝ

      Delete
  7. සින්දුව නම් තවම බෆර් වෙනවා.

    උඹත් Gold FM ලෝලියෙක්ද? අපිත් එහෙමයි. අපේ පුතත් ඒකට ආසයිනේ බං.

    Gold FM ක්ලැසිකල් නෙවෙයි බං. Pop, Rock, Reggae ඔක්කොම තියෙනවා.

    ReplyDelete
    Replies
    1. අපෝයි හරි හරි.. ඕල්ඩීස් කියන එක අදහස් කරන්නයි හැදුවේ. උඹත් එක්ක බෑ.. හැක්.. (තැන්කුයි ආ.. මට ඒක මීටර් කරල දුන්නට.. එහෙම තමා ඉන්න ඕන)

      Delete
  8. රූප සින්දු බැලිල්ල මට එපා වුනේ ගීතයට කිසිම සම්බන්ධයක් නැති මල විකාර දාලා ගායකයා/ගායිකාවත් මල විකාර ඇඳලා 'බම්මන්නා පාට්' පෙන්නන නිසයි. ජාතික රූපවාහිනියේ අතීතයේදී කල නිර්මානනම් තවමත් හිතේ තියනවා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ඔව් විචාරක, මාත් ඔය වීඩියෝ බලන්නෙම නෑ ඒත් මේක හොද එකක් නිසා බැලුවා. තව කිහිපයක් විතැරයි රස විදින්න පුළුවන් රූප රචනා තියෙන්නේ.. සමහර ඒවගේන් ගීතයේ අර්තය විකෘති වෙනවා. අමරසිරි පිරිස්ගේ මගේ පුංචි රෝසමලේ ගීතයට ඒක වෙලා තියෙනවා. ඒකපාර්ශ්වික අහිංසක ආදරයක්.. තුලට ඉරිසියාව ඇතුලු කරල තිබුනා රෑප රචනයේදි

      Delete
  9. වචනවලින් පිරි ගීයකට වඩා සංගීතයෙන් පිරි ගීතයක් කියල මට හිතුන, ඒත් තේරුමට මුල් තැන දෙන ගීයක්, මිහිරි, ලයාන්විත කට හඬක්. මේඛලා ගමගේ අනාගතය අයිති ගායිකාවක්. ඇයගේ අම්මා කියන ගීයත් ,ඉහත ගුණයන්ගෙන් යුතුයි, අනුවේදනීයයි.

    හෙන් රි කල්දේරා හා ---- පාල අපේ දෘශ්‍යාබාධිත ගායකයෝ.
    හෙන් රිගෙ කට හඬට මයික්‍රො ෆෝන් පැලෙනව, ඒ තරම ප්‍රබලයි.

    මා කැමති මෙවැනි ශ්‍රේෂ්ඨ ගායකයෙක් ඉන්නවා ගරෲමුල් යුනිපින්ගු කියල
    Geoffrey Gurrumul Yunupingu
    http://www.gurrumul.com/

    ReplyDelete
    Replies
    1. අනිවා හෙන්රි ගේ හඩ ගැන කියන්න ඕන නෑ. බේස් එකට විතරක් උඩ පැනල පත්තු වෙන සව්න්ස් වල ඉන්ඩිකේටර් හැන්රිගේ කටහඩට දිගටම පත්තු වෙනවා. ඒ තරම්ම තීව්රතාවයක් තියෙනවා. අර ගායකයා ගැනත් බලන්නං. තැන්කුයි ලින්කටුවට

      Delete
  10. මෙයාගෙ අළුත් සිංදුවත් නියමායි... කෙල්ලගෙ වාසනාව කියන්නත් බෑ, දක්ෂතාවය කියන්නම්..

    හැබැයි තව ටික දවසකින් මැනේජර් කාරයෙක් සෙට් වෙලා මාකට් කරගෙන විකුණන් කාවිද දන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. ඒක නං තාම ඇහුවේ නෑ. මොකා සෙට් උනත් කමක් නෑ හොද නිර්මාණයක් ඉදිරිපත් කරනවනං යසියෝ..

      Delete
  11. කාලෙකට කලින් ඔය සින්දුව අහන්න ලැබුනා.. දැන්නම් තුන් හතර දෙනෙක්ම ඒක පට්ට ගහනවත් දැක්කා..

    ඔවුන්ට අනුකම්පා නොකළ යුතුයි කියන එකනම් මට හැමදාම තේරුන්නෑ බන්.. එහෙම ඕන්නැත්නම් අපි ඔවුන් ගැන විශේෂයෙන් කතා කළ යුතුත් නෑ කියලයි මට හිතෙන්නෙ.. ඔවුනුත් අපි වගේම සාමාන්‍යය අය ලෙසම සැළකිය යුතුයි..මේ ගීතය උනත් අන්ධ කෙනෙක් කියන නිසා නෙමේ එයා ඒක ලස්සනට කියන නිසා විතරක් අපි කතා කළ යුතුයි කියලා තම මට හිතෙන්නෙ.

    මේකත් බලන්නකො

    ReplyDelete
    Replies
    1. අන්න හරි.. ඒකෙන් වෙන්නේ උඹ කිව්ව වගේ අන්ධ කෙනෙක් නිසා කතා කරා කියල තේරෙනවා කියන එකයි. හැබැයි සින්දුව එළ.. ඒකයි මම දැම්මේ.. මොකද මේ ගීතය එහෙම අයට ලොකු ගැම්මක්..

      Delete
    2. අරකත් එළම තමා.. තැන්කුයි සෙන්නා

      Delete
  12. මේක ඇත්ත බන්
    ආබාධීත අයට වෙන් කරලා සලකන එකට එයාල කැමති නැ.
    එයලවත් මේ සමාජක්‍රමයේ හැමදෙකටම දායක වෙන්න ඕනි කියලා..

    ReplyDelete
    Replies
    1. ඇත්ත. වෙන් කිරීමක් අවශ්‍ය නෑ..

      Delete
  13. මේ මාත් බොහොම ප්‍රිය කරන ගීතයක්.

    ReplyDelete
  14. හුඟක් කාලෙකට ඉස්සර බ්ලොග් එකකින්ම දැනගෙන බාගත්ත. අහන හැම වතාවකම හදවත බර කරන ගීතයක්..

    ReplyDelete