Saturday, May 18, 2013

සිමංඤෝ

හොදට ඉන්න වෙලාවක කනට ඇහෙන්න යමක් කියන්නවත් බැරි සිමන්, අනිත් කව්රු හරි කියන දෙයක් හොද සාවදානව අහාගෙන ඉන්නවා ඒ වගේම කව්රු හරි දෙන විදානයක් ඒ විදියට කෙනාට ගැලපෙන විදියට කරල දෙන්න දන්නවා.

ගමේම හිටියේ එකම එක පොල් කඩන්නෙක් විතරයි ඒ තමයි සිමන්. එක අඩුපාඩුවකට තියෙන්නේ වෙලාවට වැඩ කරන්න බැරි එක. ඔන්න අද කව්රු හරි පොල් ටික කඩාගන්න එන්න කියල සිමන්ට කිව්වොත්, යාන්තං සතියක් විතර ගිහිල්ල, දෙතුන් පාරක් ආයේ කිව්වම වැඩේ කරල දෙනවා. ඒ වගේම තමා පාරේ මොන වෙලාවෙත්, ලගේජ් එක තියෙන පුට් සයිකලේ නැගල බීඩියෙන් පාර පුරා දුං ඇර ඇර යනවා. මේ කොනේ ඉදල ඒ කොනට. ඒ කොනේ ඉදල මේ කොනට. හැබැයි ඔන්න පොල් කඩාගන්න ඕන කියල හිතල මේකාව පාරෙදි අල්ල ගන්න හිතුවොත් ඉතිං කපෝතියි තමා. මේකා එදාට පාරේ නෙමෙයි අහල ගං හතකවත් හොයාගන්න නෑ. ඉතිං මිනිහා බීඩි ගන්න යන මෙහා කොනේ කඩේට පනිවිඩේ කියන්න ඕන. එහා කොනේ රේස් බුකියේ එකාටත් පණිවිඩේ කියන්න ඕන. තව මිනිහා උදේට දවල්ට කෑම කන ගෙදරටත් පණිවිඩේ කියන්න ඕන. ඔය මොන පණිවිඩේ කිව්වත් හවස් වෙනකම්ම ලැබෙන එකම උත්තරේ තමා, “අද සිමන් මේ පලාත පත්තුවක ආවේ නෑ“ කියන එක.

ඔය විදියට සතියක විතර ඇවෑමෙන් මිනිහම ගෙදරට එනවා පොල් කඩන්න අහගෙන. එතකොට ඉතිං ගෙදර මහත්තයා පොල් මල අතේ තියං ඉන්නේ. ඇයි ඒ වෙනකොට කඩෙන් අරන් නෙව පොල් කන්නේ.

“සිමන්, මොකක්ද බොල පණිවිඩ කීයක් කිව්වද, ඒත් අවේ නෑ නේද?“

“අනේ මහත්තයෝ මම මේ ටිකේම අර වටුපත නෝනගේ ඉඩමේ පොල් කැඩුවා නෙව. එතන ඉතිං සතියක් හමාරක් එක දිගට වැඩ“

“හරි ඔය ගස් දෙකේ පොල් ටික කඩාදාන්න එහෙනං“

ඉතිං බයිසිකලේ තාප්පෙට හේත්තු කරන සිමන් ඉස්සෙල්ලම බාගෙට ඇදන් ඉන්න කමීසේ ගලවල එක සීරුවට නමලා ලැගේජ් එකේ තියනවා. (මිනිහා ඔච්චර පරිස්සං කරාට ඒකත් හෙන හඩු ගදයි) ඊට පස්සේ බයිසිකලේ ඉස්සරහ දමාගෙන ඉන්න  ලණුවක් ගැට ගහපු ගද ගහන කලිසම අතට අරගෙන වට පිට බලන්නේ බවලත් උදවිය හෙම ඇස ගැටෙන මානේ ඉන්නවද කියල බලන්නයි. එහෙම බලල කව්රුවත් නැත්තං බයිසිකලේ ගාවම ඉදගෙන සරමේ කොනක් කටිං එල්ලං අර හඩු කලිසම අදිනවා. හැබැයි බවලත් කෙනෙක් ළග පාත ඉන්නවනං පොර කෙලින්ම බිත්තියක් අයිනට යනවා ඔය වැඩේ කරගන්න. කලිසම ඇන්දම අර විදියටම සරමත් සීරුවට නමල ලැගේජ් එක උඩින් තියලා පටන් ගන්නවා ලණුව ගැට ගහගෙන කලිසම තද කරගන්න.

කලිසම ඇදපු ගමන්ම මිනිහා කරන්නේ, අයෙත් කමීසේ අවුස්සන එක. ඒකත් එක සීරුවට නෙව කරන්නේ. සරම අරගෙන සීට් එක උඩින් තියල, ඇගිලි තුඩු වලින් කමීසේ දිග ඇරල, ඒකේ සාක්කුවේ තියෙන බීඩියයි ගිණි පෙට්ටියයි අතට අරගෙන ආයේ අර විදියටම ලැගේජ් එක උඩ කමීසෙයි සරමයි බාවනවා. ඊට පස්සේ බීඩිය පත්තු කරල ගිණි පෙට්ටිය ආයේ ඇදුං ටික උඩින් තියල, බීඩියෙන් දුං ඇර ඇර පොල් ගහ මුදුන දිහා බලනවා.

“මහත්තයෝ පොල් ගෙඩි 25 ක් විතර තියෙනවා“ පොර සන්තෝසෙන් කියනවා. එතකොට අපිටත් පොඩි සතුටක් එනවා ඇයි ඉතිං දවසට ගෙඩිය ගානේ බැලුවත් මාසෙකට ටිකක් අඩුවෙන්නවත් කන්න පුළුවන් නේ කියලා.

ගහේ බාගයක් නගින මිනිහා, ආයේ බීඩියෙන් දුං ඇර ඇර ගහේ ඉදං වට පිට බල බල විනාඩි දෙකක් විතර ඉන්නවා. ඊට පස්සේ බීඩියේ රොඩ්ඩ බිමට දාලා හනිකට එක හුස්මට ගහේ කරටියට නැගල, වේලිච්චි කොලපු, හණසු, පොල් අතු ඇදල දාලා වැඩේ පටන් ගන්නවා. එකක් ඩිග් ගාලා බිමට වැටෙන කොට ඔන්න මහත්තයා තමන්ගේ ගණින යන්තරේ ක්‍රියාත්මක කරනවා. එකයි.. තවත් ඩිග් එකක්..දෙකයි.  ඩිග් ඩිග් ඩිග් පහයි.. ඔය විදියට සිමන් කරටියෙන් බහින්න හදන කොට මහත්තයාගේ යන්තරේ 25 හරි 26 හරි ගාව නතර වෙනවා. ගහෙන් බිමට බැහැපු සිමන් එක එල්ලෙම කියනවා. 

“මහත්තයෝ මං හරිනේ ඔන්න ගෙඩි 26 ක් බිමට දැම්මා“

“හරි හරි සිමන් කිව්වොත් ඉතිං වරදින්න විදියක් නෑනේ.“ වැටිච්චි පොල් ටික  ඇහිදගන්න ගමන් මහත්තයා කියනවා.

“සිමන් අනිත් ගහෙත් කඩන්න“

සිමන් ඒකෙත් පොල් ටික කඩල, පොල් වල්ල බිමට බාවන පොඩි පිහියෙන් අත අමාරුවෙන් පස්සට දාගෙන පිට කහ කහ බලාගෙන ඉන්නවා, මහත්තයා පොල් ටික අහුලගෙන අඩුක් කරනකං. ඊට පස්සේ ඒකෙන් හොද ගෙඩියක් අරගෙන ඒක බයිසිකලේ ගාව තියනවා.

ඊට පස්සේ ගලවපු විදියටම පරිස්සමින්, අර හඩු පිටින්ම ආයේ මිනිහගේ සුපිරි ඇදුං ටික ඇදගන්නවා. ඇදගෙන මහත්තයා දෙන ගානක් අතට අරගෙන “මම යන්නං මහත්තයෝ“ කියල බයිසිකලේ තල්ලු කරං ගේට්ටුවෙන් එළියට ගිහිල්ල, සරම උස්සල බයිසිකලේට නැගල යනවා යන්න. ආයේ ඉතිං පොල් කඩාගන්න ඕන උනාම තමා මහත්තයට මිනිහව මතක් වෙන්නේ.

හැබැයි සමහර දවසට මෙහෙම වෙනවා. සිමන් පොල් ටික කඩල බයිසිකලේ ගාවට ආවම ගෙදර නෝනා කියනවා.

“සිමන් තේ එකක් බීලා යමු“

එතකොට සිමන් බිම බලාගෙන “හා නෝනා“ කියනවා.

ඉතිං නෝනා තේ එක අරන් එනකොට සිමන් සරම හොදට හදාගෙන පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ල බිම බලාගෙනම අර තේ එක අරගෙන එක හුස්මට බීලා එළියේ ටැප් එකෙන් ඒක හොදලා, වතුර බිංදුවටම බිමට වැටෙනකං කෝප්පේ අනිත් පැත්ත අල්ලං ඉන්නවා. ඊට පස්සේ ඒක ඔය පුටුවක් උඩින් තියලා, නෝනා ඉන්නවනං හෙම ළග පාත, හෙමින්ම එළියට යනවා. ගේට්ටුව ගාවට ගිහිල්ල බීඩියට දුං ගහන්න ගන්නවා. දුං ටික වැදුනම බයිසිකලේ යනවා. හරියට දුං කෝච්චිය යනවා වගේ..

ඔව් අමතක උනා.. සිමන් බැදලා නෑ. මිනිහට නෑයෙක් වත් නෑ. අඩු ගානේ ඉන්න මඩුවක් වත් නෑ. රෑට ඉන්නේ එක්කො පන්සලේ දං මඩුවේ, එහෙම නැත්නං බුකියේ උඩ තට්ටුවේ ඒකේ වහලක් විතරයි නෙව තියෙන්නේ. ඉතිං මිනිහා ගැන මිනිස්සු දන්න එකම දේ පාරේ ඇවිදින එකයි, පොල් කඩන එකයි විතරයි.

හීනියට පොඩි අඩියක් දාගත්තම සිමන්ගේ මූඩ් එක හරිම වෙනස්.  බීඩියෙන් දුං ඇර ඇර බයිසිකලේ නැගල ඒකේ බෙල් එකත් තාලෙට ගහගෙන සිංදු කෑල්ලක් හෙමින් කියාගෙන පාරේ යනවා. වෙනද දැක්කත් මූන බිමට හරවගන්න මේකා, ඒ වෙලාවට “ආ මහත්තයෝ කොයිබෙයි මේ යන්නේ“ කියල අහනවා. ඉතිං පොඩි උත්තරයක් දීලා මිනිහගෙන් බේරුනාම ආයේ සිංදුවයි බෙල් එකයි දුං පාරයි දාගෙන චූන් එකේ පොර යනවා. 

ඔය විදියට අඩියක් දාගත්ත දවසට පන්සලේ මඩුවට යන්නෑ. එදාට බුකියේ උඩ තට්ටුවේ තමා පොර නිදාගන්නේ. ඇයි එක දවසක් බීලා ඇවිත් හාමුදුරුවන්ගේ දොරට තඩි බාලා හාමුදුරුවන්ගෙන් ගිනි පෙට්ටියක් ඉල්ලල නෙව මේකා. එදායින් පස්සේ බීලා පන්සලේ පස් පාගන්න එපා කියල නායක හාමුදුරුවෝ සිමන්ට විධාන දීලයි තියෙන්නේ.

ආයේ පොල් කඩන්න ඕන දවසට මතක් වෙන සිමන් ගැන ගමේ හැමෝටම එකම දවසේ මතක් වෙන්නත්, කතා වෙන්නත් ගත්තා. ඒ මදිවට පන්සලේ හාමුදුරුවොත් සිමන් ගැන කතා කරන්න ගත්තා. වැඩිය ඕන නෑ අර පිටගං කාරයා, මිනිහට මෙහේ පොල් තියෙන එකක්යැ කඩන්න, කව්ද ඉතිං ග්‍රාම සේවකයා නෙව. මිනිහත් සිමන් ගැන කතා කරනවා. සිමන්ට මොකක් හරි කේස් එකක්. ගමේ වැඩිය පදුරු නොතලන මහත්තයට ඒක තේරුනා. ඒත් ඇහුවේ නෑ. හවස වැඩ ඇරිලා ආපු නෝනා, බෑග් එක තියල ඒ සැනින්ම මහත්තයත් එක්ක කතාවට ආවා.

“සිමන්“

“ඔව් සිමන් ඉතිං“

“මිනිහ අන්න කූඩුවේ“

“ඔව් මටත් කනිං කොනිං ඇහුනා සිමන් ගැන මොනවද කියවනවා කට්ටිය. මොකක්ද කේස් එක“

“සිමන් මහ බලු වැඩක් කරලා“

“මොකක්ද“

“අර අළුත් සුපර් මාර්කට් එකේ යට ගෑනු ටොයිලට් එකට රිංගල, ඒකේ හිටිය ගෑනු ලමයෙකුට බලහත්කාරකං කරන්න ගිහිල්ලා. ඒ කෙල්ල කෑ ගැහුවම කඩ වල මිනිස්සු පැනල මුව පොලිසීයට අල්ලල දීල“

“මේකා වැරදිලාවත් ගිහිල්ලද ඇතුලට“

“ඔව් මිනිහා කියල තියෙන්නේ වැරදිලා ගියා කියලලු. ඒ උනත් ඉතිං අර කෙල්ලගේ ඇදුමේ බොත්තං ගලවන්න ඕන නෑ නෙව“

84 comments:

  1. චන්දනගෙන් ඇරුණහම මේ වගේ රසයක් තියෙන්නේ දේශගේ විතරයි.කතාවේ කෙල්ලගේ ඇඳුන් ගැලෙව්වද නැද්ද , ඇයි එහෙම උනේ වගේ කාරණා මට වැඩක් නැහැ. මේ කතා ශයීලිය ගැන මම කිව්වේ. සිංහල බ්ලොග් වල මොනවා උනත් යම් යම් මාතෘකා ගැන ප්‍රවීණත්වයක් ලබපු අය කීප පොළක් ඉන්නවා.. මේ කැටගරියෙන් චන්දන සහ දේශ තමයි ඉන්නේ...


    දැන් එමු කෙල්ලගේ ඇඳුම් ගැන කතා කරන්න.ඒ අහිංසකයට ස්ත්‍රී සරීරෙ හැඩ වැඩ දැක්කම වාවගන්න බැරුව යන්නැති.වෙන එකක් තියා තමන්ගේ නෝනා සාරිය ගලවද්දී සිල් බිඳ ගන්න ඇත්තෝ ඉද්දි ඒ අහිංසකයා මොනවා කරන්නද ...?

    එහෙමයි කියලා අන් සතු වස්තු ස්පර්ශ කරන්න යන එකත් වරදක්.මොකද අප්පේ ඉතින් කරන්නේ ...?


    සමස්ථය අවසානයේ කියන්න තියෙන්නේ විශිෂ්ඨයි සියල්ලම ..!

    ReplyDelete
    Replies
    1. කැටගරි යක්නං මන්දා සහනයෝ , මම දැක්ක අමුතුම කමෙන්ට් කාරයා උඔ, සමහරක් වෙලාවට උඹ කියන එක තේරුම් ගන්නේ මම ඒකට වෙන එවුන්ු කියන එව්වායෙන්

      Delete
    2. ඇයි ඩෝ...අපේ කථා රහ නැද්ද...ආවම බලාගමු ඒ පැත්තෙ...

      Delete
    3. @ අටන්
      මෙහෙමනේ මචන් ගමේ කතා සහ ශෘංගාරය කියන දේ ඉස්මතු
      වෙන්න දේශා ලියනවා . ( ඔකේ රහස වෙනම කතාවක් ) ඒ වගේම
      හෑල්ල වගේ ලියල ලියල එක පාරට වෙන අතකට යන ගතියත්
      තියෙනවා පොරගේ.ඔක්කොටම හපන් වලත්ත රසය එන්න ඕකා
      ලියන්නේ ඇඳුම් උනා දමලා ( රෙදි ගලවන් ). නාඹර කොලු වයසේ
      ඉන්න අපි වගේ හිරිමල් යෞවනයන්ට දැනෙනවා වැඩියි නෙව ඒ
      වගේ සීන් කෝන්.. දැන් තේරුණාද බොට අටන් ...?

      @ සිරා

      මේකනේ බන් පොල්ලෙන් ගැහුවා වගේ පළවෙනි ෂොට් එක
      දෙන්න උනේ මට.ඉතින් මූලාසනය හොබවන මනුස්සයා විදිහට
      මගේ ආත්ම ගෞරවෙත් බේරන් , මේකගෙත් බේරන් , උඹලගෙත්
      බේරන් , සමස්ථ සිංහල බ්ලොග් අවකාශෙත් බේරන් , සිමන් ගොයියා
      උඹලා අපි ඇතුළු පිරිමි සංහතියත් බේරන් කමෙන්ට් එකක් දාන්න උනා
      මට...

      තෙරුන් ගනින් සිරා...:(

      Delete
    4. හා හා...විහිලුවක් සුදෝ කලේ...උඹ දන්නවනෙ ඉතිං මා ළග ඔය බ්ලොග් කෙරුවාවල් වලට මරාගැනිලි සහ හිට්ස් සටන් නැති බව...

      Delete
    5. ( ඔකේ රහස වෙනම කතාවක් )

      අන්න ඒ රහස කියුවනං මල්ලියේ අපිටත් දැනගන්න , අපිට හරියට වටිනවා ඔය වාගේ දේවල්

      Delete
    6. \\\අන්න ඒ රහස කියුවනං මල්ලියේ අපිටත් දැනගන්න , අපිට හරියට වටිනවා ඔය වාගේ දේවල්///

      පවුල් කැඩෙන වැඩ මොනවා උනත් මේවා..

      ( නරකද ෂර්ට් එකක් කාරිය උඩට දාගත්තොත් එහෙම .
      ලමිස්සියෝ එහෙම ගැවසෙන තැනක් නෙව මෙතන )

      Delete
    7. තමංගේ නෝනා සාරිය ගලවද්දි කොහොමද සහන් සිල් බි‍ඳෙන්නෙ ? එතකොට ඉතින් තමුන්ගෙ මැට්ටම් තම්මැට්ටම්නෙ.. අන්න එහෙම ඉන්නව නං ඉතින් පවුල ‍රැකෙනවානෙ..

      Delete
    8. @ සරත් අයිය

      " අයියෝ පොඩ්ඩක් ඉන්න ළමයෝ ඉස්පාසුවක් වෙනකන් " කියල නෝනා කියල නැද්ද සරත් අයියට ..පිළිතුර නැත නම් ,

      01.එවැනි අද්දැකීමක් ලබන්නකට උත්සාහ දරන්න .
      02.ඔබ ඉහත මගෙන් විමසන ලද ප්‍රශ්නයට පිළිතුරු සැපයීම අපහසුය.

      Delete
    9. ආනේ.... සීමන් මොකද මේ පැත්තේ ?
      පොල් කඩන්න ආවා නෝනා
      පොල් කොහෙද බොල ටොයිලට් එකේ ?
      ඒක තමයි නෝනා යන්න යන්නේ
      අනේ එහෙම යන්න එපා බොල,.... ආපු එකේ.... රන් තැඹිලි ගෙඩි වලට ආසා නැතෑ...

      රන් තැඹිලි කඩන අතරේ වෙනත් පාරිභෝගිකයෙක් ටොයිලට් එකට ඇතුල්වේ. ලජ්ජාවට පත් වන නෝනා
      අනේ මාව දූසනය කරනවෝ මාව බේර ගන්නෝ
      Can you see what Seman has done to Seeman?

      Delete
    10. If it is so, the testicles must be sent to jail ... Isnt it ?

      Delete
    11. @ හැමෝටම.. තැන්කුයි වේවා.. සිමන් ට දැං පොඩි ගටක් ඇවිල්ල...

      Delete
  2. බොරු ලැජ්ජා පෙන්නුවට එහෙමයි එහෙනං අෑ .

    ReplyDelete
    Replies
    1. අපි නොදන්නවැයි බං ඕවා...

      Delete
  3. කෙල්ලව නාවල දාන්න වෙන්න ඇති හදල තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. මාත් මේ කියන්න ගියේ.. කව්ද දන්නේ හැමදාම පොල් කඩන එකේ එදා තැඹිලි කඩන්නවත් හිතුනද කියලා.

      Delete
    2. පව් බඃ

      Delete
    3. සික් ඒ ටොයිලට් වල වතුර නෑ බොලාලා.. හැක්..

      Delete
  4. මේවගේ චරිත තාමත් ගම්වල ඉන්නවා දේශකයෝ... කතාව මුල සිට අන්තිමට එනකම්ම ඒ දේවල් සිදුවෙනවා.. අවසන් ඡේදයට එනවිය තමයි ඔබ ශිල්පක්‍රම දක්වා ඇත්තේතත.ගමේ ඔප දුපයක් ඔබ අවසාන ඡේදයෙන් සාර්ථක කෙටි කතාවක් බවට පරිවර්ථනය කරනවා..මේ තමයි ශිල්පීය නිපුනතාව.

    ReplyDelete
    Replies
    1. බම්බුව....... හචිං

      Delete
    2. @ නලින්.. හැක් හැක්.. ස්කිල්ඩ් ක්රාෆ්ට්මන්ෂිප් කියන්නේ ඕකට නෙව..

      Delete
  5. හරිම ලස්සනයි. අර නලින් කිව්ව කතාව මමත් අනුමත කරනවා.මුලින් හිතුවෙ නිකම් ඕපයක් කියලා. පස්සෙ තමයි ලස්සනට නිමාව එන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔයාලනම් කට ඇරියොත් ඔපයක්නේ

      Delete
    2. බොහෝම ස්තුතියි.. අදහසට.. මටත් පොඩි මෙව්ව එකක් ආවා ප්‍රතිචාරෙ දැක්කම

      Delete
  6. උඹේ නිරීක්ශන ඇහැ නම් පට්ටයි !

    ReplyDelete
    Replies
    1. අදම ඇස්වහ කටවහ යවා ගන්න ඕන..........

      Delete
    2. ඔව් ඔව් ඇහේ පට්ට යනකං බලනව නෙව ඒකයි..

      Delete
  7. අනේ පව් අහිංසකයා.එකාට කසාදයක් කරලා පැලක් අටෝලා දුන්නා නම් ඉවරනේ!

    ReplyDelete
    Replies
    1. උබ අමාරුවෙන් අටවගත්ත අට මගලේ ඉඩ නැතෙයි.........
      - දේශකයා

      Delete
    2. බොට වැරදිලා වගේ අමාරුවෙන් අටවා ගත්ත අටමගල මගේ නෙවේ අටම් අයියගේ :P

      Delete
    3. අටෝල කරල තියාගන්න බැරි එකෙක් බං.. ඔය සිමං කියන්නේ.. හැක්.. උඹ කිව්වත් වගේ අර යකාට මාන්දම වෙන්නැති. අටම නෙව අමරුවෙන් අටවං තටම තටම ඉන්නේ.. හැක්...

      Delete
  8. සරල කතාවක් සූක්ෂම අවසානයක්.

    ReplyDelete
    Replies
    1. මිස්ට බීන් නහය හීරුවත් අවසානයේ අත්පුඩි ගහනව මචං............

      Delete
    2. තැන්කුයි තරු අරණ.. හුග දවසකින් දැක්කේ..

      Delete
  9. ඒ මනුස්සයා වැරදීමකින් යන්න ඇත්තේ.ඒත් කෙල්ලෙක් දැක්කම වාවගන්න බැරි වෙන්න ඇති. තනිකඩයනෙ....
    එහෙමත් නැත්නම් වැරදිලා ගිය මිනිහා දැකලා කෙල්ල ඇඳුම හදාගන්නේවත් නැතුව එලියට පනින්න ඇති. පස්සේ ලැජ්ජාවටයි, අර මිනිහා ගැන ඇති වෙච්ච පිළිකුලයි කේන්තියයි හින්දයි අරෙහෙම කියන්න ඇති. අනික ඔතනට හැන්ඩික් ආවනම් ඔහොම වෙන්නේ නෑනේ. පහත් තැනින්නේ වතුර ගලන්නෙත්....

    කතාවනම් සුපිරියි. මේක සැබෑ ලෝකේ තවත් එක සිද්ධියක් විතරයි.

    ReplyDelete
    Replies
    1. මේ අදහසට මම කැමතියි

      Delete
    2. ආයේ පාරක් කියවලා බලහං මචෝ
      - දේශකයා

      Delete
    3. @ අකමා
      උඹ කියන විදියට හිතන්න මාත් කැමතියි.. හැක්..

      Delete
    4. @ කැම්ප්ඩෙන් හවුස්
      ඔයා කැමති නං මාත් කැමතියි.. හැක්..

      Delete
  10. ගල් ....ගල්

    ReplyDelete
    Replies
    1. ගල මතුපිට ලිස්සනවා පය පැකිලේවි
      - දේශකයා

      Delete
  11. සිමං පව්. අහිංසක චරිතයක්. කීවත් වගේ එතනට යන්ට ඇත්තේ ඔය වගේ වැඩක් ගැන හිතලා නෙමේ වෙන්ට ඇති. දේශකයගේ ලියැවිල්ල නම් හරිම අපූරුයි...අර ඇඳුම නවලා බයිසිකලේ උඩ තියන විදිය, බීඩි පත්තු කරගන්න විදිය. හරියට කෙටි චිත්‍රපටියක් බැලුවා වගේ.

    ReplyDelete
    Replies
    1. ඔයා ලඟනම් තියෙන්නේ මෙගා නාට්‍යයනේ.......

      Delete
    2. පොඩ්ඩි කියන එක මට තේරෙනවා.. ඒත් පොලොසියේදි ඕවා කතා වෙන්නෑ නෙව.. කෙටි චිත්තරපටියක් වගේ නං මරු.. ඈ...

      Delete
  12. මට මේ කථාව කියෙව්වම මතක් වුනේ මම ලියපු පොල් සෝමෙගෙ කථාව...පොල්කඩන අය බහුතරයක් බාහිරින් එහෙමයි. ඒත් අභ්‍යන්තරයෙන් සුන්දර මිනිස්සු.

    ReplyDelete
    Replies
    1. හ්ම්...............

      Delete
    2. කව්රුත් එහෙම තමා.. බං.. මොන වෙලේ පොල් ටික බාගන්නවද කියලයි බලන්නේ.. ආ.. උඹේ පොල්සෝමේ බලන්න මං ආවා නෙව

      Delete
  13. පොල් කඩන්න ලෑස්ති වෙනව වගේ සීරුවෙන් කරන්න ගිය හින්ද තමයි වැඩේ කෙළවෙලා තියෙන්නෙ.
    නියමෙට ලියල තියෙනව.

    ReplyDelete
    Replies
    1. උඹට ඉතිං සන්තෝස ඇති ඌට වැඩේ කෙලවුනාට.. හැක් හැක්.. තැන්කුයි ප්‍රසා..

      Delete
  14. අර වතුර කෝප්පේ අන්තිම බින්දුව හැලෙනකම් අල්ලන් ඉන්න එක මාර පොයින්ට් එකක්..උපාසක බළල්ලු මීයෝ දෙන්නා දෙන්නා අල්ලනවලු. එක්කෝ සමහර විට ඒ මනුස්සය වැරදි නැතුවත් ඇති.

    ReplyDelete
    Replies
    1. මාත් හිතන්නේ එහෙමයි. ඒත් පොලොසියේ උන්ට මොලේ දෙන්න බෑ නෙව.. රයිටරයෝ..

      Delete
  15. පොල් කඩන බුවාලා ඔක්කොම එකම ක්‍රමවේදය අනුගමනය කරන්නේ නේද? මම කිව්වේ අන්තිම කෑල්ල නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. ඔව් ඔව් හුගක් උන් ගේ වෘත්තිය එකම උනාම වැඩත් එක වගේ.. මම කිව්වේ අන්තිම කෑල්ල නෙමෙයි.. හැක්

      Delete
  16. මේ වගේ ගැමී ජීවිත තාමත් අපි අතර ඇති.. පුංචි සිද්දීයක් කතාවකට ගෙතුන හැටි හරි අපූරුයි..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි උමගිලිය මලයෝ...

      Delete
  17. අයියෝ සීමන්...

    කතාව ගොතලා තියෙන හැටිනම් පංකාදුයි...

    ReplyDelete
    Replies
    1. කොහේද බං මේච්චර දවසක් හිටියේ.. දැක්කෙවත් නෑ නෙව.. තැන්කුයි ඈ අදහසට

      Delete
  18. වැරදිලා රිංගුවා නම් ඔය වගේ වැඩක් කරවැරදිලා රිංගුවා නම් ඔය වගේ වැඩක් කරන්න ඕනි නෑනේ නේද?

    ReplyDelete
    Replies
    1. මට තේරෙන්නෑ. උඹ බීලද??? හැක්...

      Delete
  19. රස්සාව විදිහට පොල් කඩන්නෙ ඔහොම වුනාට හදිස්සියට එහෙම වලලු මොකුත් නැතුව ගහට බඩ තියන්නෙත් නැතුව ඕන ගහක නගින උන් ටිකක් ඉන්නව මෙහෙ. හරියට අර වඳුරො ගස් යනව වාගෙ. බලා ඉන්න අපිට බය හිතෙනව කකුල ලිස්සලා දැන් ඇදගෙන වැටෙයි කියල..

    …කතාවෙ අන්තිම හරියට එන කොට මං හිතුවෙ සිමන් මැරිල වත් ද කියල.

    ReplyDelete
    Replies
    1. මම හිතුවෙ කතාව අවසාන වෙනකොට මුලින් කියවන්න ආපු අයගෙන් 10 න් එකෙක්වත් ඉතුරුවෙලා නැතුව ඇති කියලා.
      - දේශකයා.

      Delete
    2. ඔව් උම දැකල තියෙනවද ඔළුව පහලට දාලා බහින ඈයෝ.. හිටිං එහෙම පරණ කතාවක් මතක් උනා. පස්සේ දාන්නං

      Delete
  20. මං ගියේ එලිබහින්නයි. අර නෝනා හිටිය හැටි දැක්කාම කෙලේසයා ඉහට ගැහුවා මහත්තයෝ කියල කියයි ඇහුවා නං..

    ReplyDelete
    Replies
    1. ඉස්සරම එළිබැහැපු වැඩේ කරගෙන ඇවිත් කොමන්ටුව දාපන් බං.
      - දේශකයා

      Delete
    2. අර සරා අයියාග් බාස් හෙම උනානං නිකම්ම බේරිල යනවා.. හැක්..

      Delete
  21. දේශකයාත්,සිමන්නුත් දෙදෙනෙක් නොව එක් අයෙක් දෝ මන්දා....??

    ReplyDelete
    Replies
    1. දොන් නම් දොන්, සිමොන් නම් සිමොන්. දොන් සිමොන් දෙන්නෙක් බැ. මඥ්ං නේද?

      Delete
    2. පොල් කඩන කොට මාත් සිමං තමා බං...

      Delete
  22. කතාව කියවගෙන එද්දි මං හිතුවෙ සිමන්ට කරදරයක් වෙලා ඇති කියල. කතාව ලියල තියෙන විදිහ නම් අපූරුයි දේශකයො.සීමන්ගෙ චරිතය විස්තර කරල තිබුන විදිහට මේ වගේ අවසානයක් බලාපොරොත්තු උනේ නෑ.

    ReplyDelete
    Replies
    1. කනගාටුයි අවසානය ගැන. ඒත් මක්කරන්නද චාමිස්.. ඒක නෙව අවසානය.. තැන්කුයි අදහසට...

      Delete
  23. ආනේ සීමන් මොකද මේ පැත්තේ
    පොල් කඩන්න ආවා නෝනා
    පොල් කොහෙද ටොයිලට් එකේ
    ඒක තමයි නෝනා යන්න යන්නේ
    අනේ එහෙම යන්න එපා,.... ආපු එකේ.... රන් තැඹිලි ගෙඩි වලට ආසා නැතෑ

    රන් තැඹිලි කඩන අතරේ වෙනත් පාරිභෝගිකයෙක් ටොයිලට් එකට ඇතුල්වේ. ලජ්ජාවට පත් වන නෝනා
    අනේ මාව දූසනය කරනවෝ මාව බේර ගන්නෝ
    Can you see what Seman has done to Seeman?
    Dayal Bathee

    ReplyDelete
    Replies
    1. අඩේ මම එහෙම නෙවේ රන් තැබිලි කඩන්න ආවේ.
      - දේශකයා

      Delete
  24. මුලු කතාවයම හැරෙන්නේ එක සිදුවීමකින් ඇත්තටම එහෙම වුණා කියල අනෙක් සිදුවීම් සහ ඔහුගේ හැසිරීම් එක්ක ගලපන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. ඔව් හරියට මිනිස් හැගීම් වගේ. අවුරුදු ගානක් හොදට දුවල අවුල් වෙන මැසිමක් වගේ.

      Delete
  25. කාමය කියන එක ඉතිං කොයි තරං හැදියාවක් තියන මිනිස්සුන්ට උනත් පාලනය කරන්න බැරි වෙලාවක් එනවා....

    උඹේ විස්තරාත්මක චරිත ගොඩනැගීම අගෙයි

    ReplyDelete
  26. පොරට ඒ වගේ දෙයක් අවශ්‍යනම් සේවා සපයන්නියක් ලඟට ගියානම් ඉවරයිනේ බොන්න සල්ලි තියෙන එකාට ඕක කරන්න බැරියැ.

    ReplyDelete
    Replies
    1. මචෝ ඕවට මොලයක් තියේ නං පත්තර පිටු හිස් වෙන්න එපායැ ලංකාවේ..

      Delete
  27. අඩේ ඇත්තම මාර කතන්දරයක්.මේක කෙටි කතාවක් ද? නැත්නම් ගමේ සිද්දියක් ද? කොහොම වුනාත් නියම කතාව.

    ReplyDelete
    Replies
    1. ඉහි ඉහි.. මං හෙන දුකෙන් බොල හිටියේ. තෝ මේ පැත්තේ ආවේ නැති හින්දා.. මකෑ උනේ... තැන්කුයි අපිව මතක් උනාට.. හැලපයා.. හැක් හැක්...

      Delete
  28. //“ඔව් මිනිහා කියල තියෙන්නේ වැරදිලා ගියා කියලලු. ඒ උනත් ඉතිං අර කෙල්ලගේ ඇදුමේ බොත්තං ගලවන්න ඕන නෑ නෙව“//

    මේකත් වැරදිලා වෙන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. ඒකනං හිතන්න ඕන දෙයක්... තැන්කුයි අයිලාසා

      Delete
  29. ඔබටත් එසේම වේවා කෙන්ජි...

    ReplyDelete