Tuesday, April 2, 2013

ඇයි දෙයියො මාව කන්න හදන්නේ!!! (Why me, Lord??)

මට හරි ආසයි මිනිස්සු තමන් ගැනම නැතිව අනිත් මිනිහා ගැනත් පොඩ්ඩක් හිතනවනං. ඕං බලන්නකෝ කෝච්චියට නගින්න ගියාම එතැන බඩදරු අම්මෙක් හිටියත් නගින එකා අර මනුස්සගේ බඩ උඩින් හරි නැගගෙන සීට් එකට පනිනවා. ජීවිතේ කවදාවත් වාඩි වෙලා හිටියේ නැති එකෙක් වගේ තමා උන් සීට් අල්ලන්න පනින්නේ. අපේ ඩුඩෙ නං දවසක් එහෙම එකෙකුට ඉස්ම යන්න චැලෙන්ජ් එකක් දීලා තිබුනා, හරිම සංවේදි විදියට.

මිනිස්සු එක විදියටම ඇයි අප්පා ආත්මාර්තකාමි වෙන්නේ. මොකක් හරි ඇහුවොත් මම දන්නෙ නෑ. මම දැක්කේ නෑ. ඒ මදිවට ඕන දෙයක් මම කරේ නෑ. මම කවදාවත් ඒ වගේ වැඩ කරන්නේ නෑ. ඕං ඔහොමයි කතාව. 

එක දවසක් මම ගියපු බස් එකේ විදේශික කාන්තාවක් එක්ක, එයාගේ පුංචි පුතා හිටියා. බස් එක ගජරාමෙට යනවා. ඒ අතරේ බිස්කට් කකා හිටී කොල්ලා ඒක ඉවර වෙලා බිස්කට් කවරේ, වීදුරුවෙන් එළියට විසි කරා. මේක දැක්ක ඒ කාන්තාව ඇස් උඩ තියාගෙන එක පාරටම නැගිටල, වට පිට බල බල හරිම ලැජ්ජාවෙන් ඇඹරෙනවා. ඒ අතරේ කොල්ලටත් බනිනවා. මේ කාන්තාව ජනේලෙන් ඔළුව දාලත් බැලුවා මොකක් හරි උනාද හෙම කියලත්. කොල්ලට බනින කොට කොල්ලා කියනව මට ඇහුනා “ඇයි මමී.. ඊයේ අපිත් එක්ක ගියපු සුරාජ් (ගයිඩ් කෙනෙක් වෙන්න ඕන) එයා කාලා ඉවර වෙච්චි ගමන් හිස් පැකට් එක එළියට දැම්මේ“ කියලා.. ඕං ඕකයි තරම. අපේ එකෙක්ම තමා මේ දේ පොඩි එකාට කියල දීල තියෙන්නේ. උන්ගේ රටක උනානං ආයේ දෙකක් නෑ.. බඩු බනිස්ම තමා. අන්න ඒකයි තියෙන වෙනස මහ  ලොකු සිංහලයා සහ විදේශිකයන් අතර. අපේ නෑනේ ඔය කිසිම තැකීමක් මම ඇර වෙන එකෙක් වත් ගැන. මම බිස්කට් පැකට් එක කාල කොලේ පාරේ දැම්මත් මොකෝ මගේ පාරයැ.. එහෙම තමා හිතන්නේ.

ජපනාට ඇත්තටම පුදුම විදියේ ස්වයං විනයක් තියෙනවා. ජපනා කොහේ හරි යනවනං අනිවාර්යයෙන් පොඩි ග්‍රොසරි බෑග් එකක් අරගෙන යනවා.. මගදි ඔය විසි කරන්න වෙන ටොපි කොල, ටිකට් එහෙම දාගෙන ඉන්න. මිනිහා කාපු ටොපි කොලේ දවසක් උනත් සාක්කුවේ තියාගෙන ඉදීවි කසල බදුනක් ලැබෙන කං. ඒත් අපේ මිනිස්සු මොන වාහනේ ගියත්, පයින් ගියත් හැම දේම ලෝභ නැතුව බැහැර කරන්නේ පාරට තමා. ඔය හිස් කිරි පැකට්, බිස්කට් කොළ, මාළු පාං කෑලි ආදි දේවල් ඕන තරං වාහන වල ජනෙල් වලින් එළියට එනවා. ඒකට බස් එකද, කාර් එකද, පැජරෝ එකද කියල වෙනසක් නෑ. එහෙම බැලුවම පේනවා මොන වාහනේ ගියත් මොන තත්වෙක හිටියත් හැම මිනිහම එකම ජාතියේ කියල. 

තමන් කාපු ටොපි කොලේ සාක්කුවේ දාගෙන එන එකෙක් ඉන්නවද කසල බදුනට දාන්න කියල හිතාගෙන. නැහැනේ. වැඩිම ප්‍රතිශතය ටොපිය කාපු ගමන් කොලේ ඕන තැනක බිම දාන්න තමා ලෑස්තිය. ඔය විදියට ටොපි කොල දාස් ගානක් පාරේ තිබිල වතුරට අහුවෙලා කානු හිර උනාම මේ යක්කු කෑ ගහන්නේ අන්න ගලනවා. මුන්ට කානුවක් වත් සුද්ද කර ගන්න බැහැ කියලයි. ඒත් තමන් දාපු ටොපි කොලේත් ඒකට උදව්වක් වෙච්චි විත්තිය මේ ආත්මාර්තකාමි මිනිස්සු අමතක කරනවා.

හුගක් අය පරිසරයට ආදරෙයි. ඒක බොක්කෙන්ම විත්තිය ලෝකෙටම පෙන්නුවත් ඇත්තටම කරන්නේ බොරුව. ඔය ලොකු ලොකු මහත්තුරු කුණු දාන්න එක එක ජාතියේ විප්ලව කරනව නෙව පාරේ. රහස් ව්‍යාපාර.. ඔව්.. හොර රහසේ තමන්ගේ ගෙදර කුණු ටික බැහැර කරගන්න කූට ක්‍රම හොයනවා. ඒත් මොන ප්‍රශ්නේ තිබුනත් තමන්ට කුණු දාන්න තැනක් නොතිබුනත් ඒක කොහේ හරි තැනක රෙනවා වගේ දාන එක හරිද මන්ද? මිනිස්සු ඇයි ඒ තරං මෝඩ. එකෙක් කුනු බෑග් එකක් දැම්මම ඇති එළිවෙන කොට එතන කුණු ගොඩක් වෙන්න. එක කුණු බෑග් එකක් දාපු තැනක් කුණු දාන්න නීතියෙන් අවසර දීපු තැනක් විදියටම මේ මිනිස්සුන්ගේ ඔළුවට වදිනවා. අර කුණු බෑග් එක දැක්ක ගමන් අනිත් උන් බලන්නේ කොහොම හරි එතනටම කුණු ටික දාල යන්න තමා. ඉතිං එහෙම උනාම අවට මිනිස්සුන්ට සිද්ද වෙනවා එතැන ගහන්න. “කුණු දැමීම බල්ලන්ට පමණයි“ කියලා.

මොන විදියට සෝබන දාගෙන හිටියත්, මොන සමාජ සත්කාර කරත් හැම මිනිහම ආත්මාර්තකාමියි. ඒක වලක්වන්න බෑ. ඒත් තමන් හැර තවත් අය සිටී කියන පොඩි හරි අදහසක් මිනිහෙක්ගේ හිතේ තියෙන එක කොයි තරං දෙයක් වෙනවද කියන එක අදට වඩා අපට හෙටයි තේරෙන්නේ.

ප/ලි

හිතවත් ඇනෝ දේශකයා වෙත,

ඔබ විසින් මා නොමැති දින වල මාගේ පෝස්ට්කටු කෙරෙහිම වූ ඒකායන සද්භාවයෙන් යුතුව එහි සදහන් ප්‍රතිචාර සදහා පිළිතුරු සැපයීම පිළිබදව අතිශයින් ස්තුතිවන්ත වෙමි. ඔබ විසින් ඇනෝවෙකු ලෙස දැඩි හික්මීමකින් යුතුව ප්‍රතිචාර පළ කිරීම දැඩි ලෙස අගය කරමි. ඒත් මගේ පුංචි සුදු බෝලයෝ... මම ලියපු ඒවට උත්තර දෙන්න මටත් පොඩි ඉඩක් දුන්නානං හොදයි නේද.. බුදු සරණයි ඔයාට. ගිහිං එන්නං.

113 comments:

  1. මෙතන ප්‍රශ්නේ දේශා උදේට ටයි එක දාල එලියට බැස්සම ඔක්කොම කුණු හේදෙනවා කියල හිතන එක ..එහෙම පඩ ෂෝ සමාජයක් තියෙනකම් මේවා මෙහෙම තමෛ ..

    වැඩේ කියන්නේ මේවා එන්න එන්න වැඩි වෙනවා මිසක් අඩු නම් වෙන්නේ නැහැ..පඩ ෂෝ කාරයෝ තමයි ගත වෙන මොහොතක්පාසා බිහිවෙන්නේ...


    ප.ලි . ඕව අහක යන ඊතල පුකේ තියාගත්තුවනේ ..අපිට කොරන්න දෙයක් නැහැ ..

    ReplyDelete
    Replies
    1. ඊතල නේවේ බං, ඉඟුරු, ඉඟුරු
      නැත්නම් පෙට්‍රල් ගහපු එකාලට කියමු
      - දේශකයා

      Delete
    2. නෑ මචෝ මේවා අඩුවෙනවා. ඒත් වෙන උන් කරන්නේ මෙහෙමෙයි කියල නොදැන ඉන්න තාක් කල් එකෙක්වත් හැදෙන්නේ නෑ. මේවට ඕන කරන්නේ බරපතල නීති. ඒත් ගේන්නේ නෑ මොකද කුණු කියන්නේ කෑල්ලක් විතරයි. ලොක්කන් ට කුණු වල ඊට වඩා වටිනාකමක් තියෙනවා අපි නොදන්නවා උනාට.
      ප/ලි

      හැක් හැක්... හැක්...හිහි... හුහු

      Delete
  2. අපේ රටේ සිරිත කොහේ ගියත් නැති කරන්න බැහැ. මෙහෙ එහෙම පාරට වාහනේ යනගමන් කුණු දැම්මොත් කෙලින්ම ලංකාවේ සල්ලි වලින් 15000+ දඩේ. අඩෝ දේශා ඒ වෙන එකෙක්ද? අම්ම ගහයි කිව්වලු.... මම හිතන් හිටියේ ඒ ඔයා කියලා. හුටා.............

    ReplyDelete
    Replies
    1. වලවුවේ කුණු ටිකනම් සුද්ද කළේ ගමේ එකාලායි එකීලයි. එකීලා සුද්ද කලේ වලවුව ඇතුලේ. දැන් නම් ඒ එකෙක්වත් වලවුවේ පස් පාගන්නේ නෑ. කෝරලේ වලවුවටත් අනේ උන දෙයක්, හුටා.........
      - දේශකයා.

      Delete
    2. ඒකනේ බං උඹල බයටම ඕව කරන්නේ. අන්න ඒ තත්වයක් ඇති වෙන්න ඕන මෙහෙත්.. ඒත් හරියන්නේ නෑ මොකද සමස්ත නීති පද්ධතියම වෙනස් නොකර.

      ඔව් බං මම එනවනං පොටෝ කෑල්ල එක්ක තමා එන්නේ.

      Delete
    3. මට පෙන හැටියට බං වලව්වේ කුණු සුද්ද කරන්න ආව එකියෙක්ට වෙච්ච කරදරයක ප්‍රතිපලයක්ද කොහේ බං මේ ඇනෝ දේශකයා ලොල් :D

      Delete
  3. දැන් කොළඹ නම් කුණු දැම්මොත් සොරිම තමයි...දඩේ 5000 පනිනවා. ඒ නිසාම දැන් ටික ටික මිනිස්සු පුරුදු වෙනවා කුණු ට්‍රැක්ටරේ එන දවසට තමන්ගෙ කුණු බෑග් එලියෙන් තියන්න...ඔය ටොෆී කොල බිස්කට් කොල වාහනවලින් එලියට දාන වැඩේ නම් තාම යනවා..ගොඩක් තැන් වල අර පොඩි ඩස්ට් බින් තියෙන නිසා සමහරු ඒවට දානවා..ඒකත් පුරුද්දක් වෙයි කලයක් යනකොට..

    ReplyDelete
    Replies
    1. //ඒකත් පුරුද්දක් වෙයි කලයක් යනකොට..//
      කාටද මචං මේ අපිට ද .............?
      - දේශකයා

      Delete
    2. ඔව් වෙනී හැම දේම හරියාවි. ඒත් කාලයට ඉඩ දෙන්න ඕන ප්‍රශ්න නෙමෙයි මේවා. මොකෙක්වත් තේරුං ගන්නේ නෑ මේවා. ජල සම්පතට මේවා බරපතල ප්‍රශ්නයක්. ඒක් ඒවා තේරෙන්න කාලයක් යන කොට අපිට වෙන්න ඕන දේ වෙලා ඉවරයි

      Delete
  4. දවසක් මං දෙහිවල පැත්තේ ද කොහෙද පාරක ඇවිඳ ගෙන යන වෙලේ මට ඉස්සරහට ආ ළමයින් දෙදෙනෙකු කඩයකින් මිලට ගත් අයිස් පලම් හෝ ලොලිපොප් හෝ වැනි දෙයක් දවටන දෙක පැකට්ටු විවර කළ මොහොතේම බිම දැමුවා.

    මං එය වහා ඔවුනට පෙන්නුවත් උන් දෙන්නා නොවෙයි සත පහකට ගනං ගත්තේ!

    පසුව මට මෙන්න මේ අත්දැකීම ලැබුණු පසු වරද කා අත දැයි තේරුම් ගියා.

    http://kathandara.blogspot.com/2012/02/another-lesson-learnt.html

    !

    ReplyDelete
    Replies
    1. අයියෝ.........! කතන්දරගේ වැඩ එතකොට බ්ලොගයේ විතරයි නොවැ..........
      ඔතන කොරන්න ඕන මචං උන්ට පේන්න අපි ඒ දවටන ඉවත් කොරන එක නොවෑ......... ඒක මචං ගහුවට වැඩිය රිදෙනවා.
      - දේශකයා

      Delete
    2. සහ් කකා ඇක්ටිව් ලින්කටුවක් දැම්ම කියල මම මේ දැක්කමයිද කොහේද? හෙහ්.. වැරැද්ද කොතනද කියල ඒකෙන් පේනවා තමා..

      Delete
  5. කකා වගේ ලින්ක් එකක් දාන්න වෙන්නේ.. ඇති වෙන්න මේ ගැන ලිව්වා අප්පා.. ආයිත් බෑ...

    පොඩියට පටන් අරං හදා ගමුද.... අපේ වැරදි.....

    ReplyDelete
    Replies
    1. බැරිමනම් මෙහෙම කරමු හිරු
      පොඩියට පටන් අරං .... ලොකුවට කතා කරමුද..........
      - දේශකයා

      Delete
    2. හිටිංකෝ බලන්න...

      Delete
  6. ඔය ටොෆි කොල හිස් දවට දාන්න වාහනේ ගියර් පොල්ලෙ පොඩි ෂොපින් බෑග් එකක් එල්ලන් යන පුරුද්ද මම ඇති කරගත්තෙ මෙහෙ උන්න සිංගප්පූරු කාරයෙකුගෙන් දැකල. හරිම ලේසියි, පහසුයි.

    අනික් දේ පාරෙ කෙළ ගහන එක. මෙලෝ රහක් නැතිව බුලත් කෙළ, සෙම තලි පාර පුරා ගහනව. ඒත් මුලු වල චූ කරන එක ගැනනම් මුකුත් කියන්නෙ නැත්තේ ප්‍රසිද්ධ වැසිකිලි නැති නිසා වෙන කොහෙ යන්නද කියල දන්න හින්ද.

    ReplyDelete
    Replies
    1. අපි මේ ලිපිය අපේ නගර සභාවටත්, දේශීයම් සභාවටත් පෝස්ට් කරමු.
      - දේශකයා

      Delete
    2. බුලත් කෙල සීන් එකනං අප්පරියම විදියට කරනවා තමා. මොළයක් නෑ නෙව.. චූ කරන එක උනත් කළමණාකරනය කරන්න ඕන නෙව.. හැක්...

      Delete
  7. බොගෙ මේ පෝස්ට් එක මගේ බ්ලොගේ අප්ඩේට් වෙලා නැහැ,මොකද ඒ.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. මේක නම් හරිගියා,දැන් බලමු මාතලන්ගෙ එක ඒවිද කියල

      Delete
    3. බොගේ එකේ මගේ එකත් නෑ....

      Delete
    4. හැක්,.... එහේම කොහොමද වෙන්නේ........?

      Delete
    5. හැක්,.... එහේම කොහොමද වෙන්නේ........?
      - දේශකයා

      Delete
    6. #මචං හැලපේ
      මේවා වටිනා කියන ඉස්තරම්, පංකාදු, මසුරං වටින පෝස්ට් ලියන අඩවි වල විතරයි අප්ඩේට් වෙන්නේ. හැක් හැක්. උබට තරහා යන්නේ නෑ නේද මචං හැලෙපෙ.
      - දේශකයා

      Delete
    7. හැලපයියේ ඕක මං හිතන්නේ හැන්රි බ්ලොක්වෝකර් වර්ගයේ රෝගයක්ද දන්නෑ. කෝකටත් බලහං.

      Delete
  8. ඔව් බන් ඒක ඇත්ත මාත් මේ ලඟකදී චොක්ලට් එකක් කාලා පාරේ කොලේ විසික් කරා.මන් හෙට ගිහින් ඒක හොයලා අහුලලා කුණු බක්කියකට දානවා :(

    ReplyDelete
    Replies
    1. නැත්නම් උබ පැහැපං කුණු බක්කියට. එතකොටත් ආයේ පාර ජරා වෙන්නේ නෑ නොවැ.
      - දේශකයා

      Delete
    2. ආන්න හොද කොල්ලෝ. එහෙම තමා හිතන්න ඕන..

      Delete
  9. මම නම් ඝෝඨා ළෝ එක ගෙන්න ඉස්සෙල්ලා හිටන් කිසිම දෙයක් පාරේ දාන්නේ නෑ. කෙළ ගහන්නෙත් නෑ. ඒවගේ ගති ගුණ තියෙන අය බොහෝම ඉන්නවා. මේ රට හදන්න නම් දරුණු නීතී ඕනමයි. නැතිවනම් බෑ.

    ReplyDelete
    Replies
    1. අන්න නියම කතාව. හැබැයි මචං පාරේ බැහැලා යන්නේ කලාතුරකින් නේද?
      - දේශකයා

      Delete
    2. ඇත්තයි මාතලං ඔය නීති ගේන්න වටපිටාවත් මුන්ට සකස් කරගන්න ඕන නෑ මොකද උන්ගේ බඩට කෙලවෙන දේවල් තමා කුණු කියන්නේ..

      Delete
  10. බොහොම හොඳ පොස්ට් එකක් දේශකයෝ.

    ReplyDelete
    Replies
    1. මම දන්නවා මචං උබ ගැන. මම මොන කුණු ගොඩක් ලීවත් හොඳයි කියන කෂ්ටිය ඉන්නවා කියලා.?
      - දේශකයා

      Delete
    2. තැන්කුයි අයිලාෂ්... මට හුග දවසකින් ඒ පැත්තේ එන්නත් බැරි උනා. ඇත්තටම හුගක් තැන් වල යන්න බැරි උනා කරදර පිට කරදර හේතුවෙන්.. තාමත් ඒවා ඉවර නෑ.. හැමෝටම කියන්න ඕන දේශකයා ඔය බලග එකක් වත් අතාරින්නේ නෑ. ඒත් මේ දවස් මට අපලයි ඒක නිසා ආවේ නැති උනාට තරහා වෙන්ට කාරි නෑ හොදේ..

      Delete
  11. >> තමන් කාපු ටොපි කොලේ සාක්කුවේ දාගෙන එන එකෙක් ඉන්නවද කසල බදුනට දාන්න කියල හිතාගෙන. <<

    උඹ දන්නැති වුනාට එකෙක් ඉන්නවා..

    ReplyDelete
    Replies
    1. සෙන්නා අයියේ එකෙක් ඉන්නවා නම් තව එකෙක් ගනන් හදාගන්න... තව එකෙක් ඉන්නෝ...

      Delete

    2. මට නම් හංගන්න දෙයක් නැහැ. එළිපිට මේ වගේ දෙයක් කියන්න
      ලැජ්ජා නැහැ මාත් ඒ වගේ රත්තරන් කොල්ලෙක් :P

      Delete
    3. එකියයි එකාල දෙන්නයි...සතුටුයි...

      Delete
    4. ඇයි බොල මං... අර අමාරුවෙන් දාපු ලින්ක් එකට ගිහින් බැලුවෙ නැද්ද එකෙක්වත්... ( අම්මපා පෝස්ට් එකම ගෙනල්ල එල්ලනවා මෙකන මම දැන්...) හි හි

      Delete
    5. මෙන්න බොලෙ වැඩක්.
      පාර දිගේ කුණු දාන්නෙ මොන රටේද - ඉන්දියාවේ ඉන්දියාවේ
      //තව එකෙක් ඉන්නෝ...// මේ “ඉන්නෝ" කියන්නේ අර සත්තුන්ටදැ
      අම්මපා එයාර්පෝට්ස් එකේ බිත්තියක චුයින්ගම් ඇලෙවුවේ මොකාද බොල?
      - දේශකයා

      Delete
    6. තව එකෙක් ඉන්නවෝ...සාක්කුව නම් නොවේ කරෙ එල්ලන් යන යන තැන අරන් යන බෑග් එකක්.

      Delete
    7. ඔන්න අග්‍රඵලය එනවා මේකේ.. මට ඕන උනේ ඒකම තමා, එකෙක්වත් නෑ කියල මම බොරුවට කිව්වේ.. ඒත් එතකොටවත් එකෙක් හරි හැදේවි නේ කියලා.. සන්තෝසයි සන්තෝසයි අප්‍රමාණව උඹල ගැන

      Delete
  12. දේශකයෝ මේ මගේ රට පරිසරය අපේ මේ සංකල්පය සමාජ ගත වෙලා නැ තාම අප අතර. මෙය පටන් ගත යුතුයි හෝඩියේ පන්තියේ ඉදන්ම. එතකොට මා පියන් වැරදි කළත් ඒ පොඩි එකා අපට කියා දෙයි කළ යුත්ත. ඉතාමත්ම වටිනවා මේ ලිපිය.

    ReplyDelete
    Replies
    1. ඇත්තයි නලින්..කසල බැහැර කිරීම හා කසල කළමණාකරණය ගැන දැනුවත් වීමක් පොඩි කාලේ ඉදලම අවශ්‍යයි. අපිට ඉස්කෝලේදි කුණු තියෙන විත්තියක්වත් කියල නෑ නෙව...

      Delete
  13. අපේ මිනිස්සුන්ගෙත් හොද ගති තියෙනවා. ඇත්ත, යුරෝපීය රටවල්,ජපානය වගේ රටවල අය තරමටම දියුණුවෙලා නැතුව ඇති. ඒත් දැන්නම් ටිකක් අපේ අය හැදිලා.

    ReplyDelete
    Replies
    1. //ඒත් දැන්නම් ටිකක් අපේ අය හැදිලා.// හැක් හැක් ටිකක්
      අඩියක් ඉස්සරහට, අඩි දෙකක් පස්සට..........

      Delete
    2. අන්න ඒකයි සාපේක්ෂව ගත්තම බිංදුවයි. ඔය සුද්දත් ලංකාවෙ ඉන්න කොට ඒ විදියටෙම හුරු වෙනවා මිසක හරියටම විනය ගරුක එකෙක් තමා තමන් පුරුදු වෙච්චි හොද දේවල් කොතන උනත් කරන්නේ

      Delete
  14. කතාව සහතික ඇත්ත. මිනිස්සුන්ගේ "මම පමණයි" සංකල්පය තියෙනකන් මේක හැදෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. එකත් සිහින සටහනක් නොවැ? ඇහැරියන් යකෝ...........
      - දේශකයා

      Delete
    2. ඒක තමා ඉමල්කෝ අපි හදන්න ඕන.. ඕව එකපාරට බෑ සුට්ට සුට්ට හරි අගේ වදින්න තියෙන්න ඕන...

      Delete
  15. මේවා පුංචි කාලේ ඉඳන් හරියට පුරුදු වෙන්න ඕන දේවල්. ඒකත් ඉතින් ෂුවර් නෑ. පේනවනේ සුදු පැට්ටට වෙච්චි දේ..
    ඒත් දැන් නම් ටිකක් විතර අඩුයි ඔය, විට කාල පොලොව බතික් කරන එක, බිස්කට් කවර අරව මේවා එතැනම අතාරින එක එහෙම. කාලයක් තිබුන බස් එකක සීට් යට අඟලක් විතර උසට අයිස්ක්‍රීම් කවරයි, කජු පොතුයි... රටේ නැති ඒවා. දැන් එච්චර දකින්න නෑ.

    (ඔන්න කලින් පෝස්ට් එකේ සින්දුවට ලින්ක් එකක් හොයල දැම්ම.)

    ReplyDelete
    Replies
    1. හැබැයි චන්දන, කසළ ජනේලෙන් එළියට විසි කරනවට වැඩිය බස් එක ඇතුලට දාන එක ටිකක් හොඳයි. හැබැයි මම දැකලා තියනවා සමහර කොන්දලා/ ඩ්‍රයිවර්ලා යනගමන් බස් එකේ කුණු පාර දිගට හල හල යනවා.. එතකොට ආයෙත් මුලටම ඇවිත්.. හොඳම වැඩේ එකතු කරන් ඇවිත් කුණු දාන්න තියන තැනකටම දාන එක තමා..

      Delete
    2. //කසළ ජනේලෙන් එළියට විසි කරනවට වැඩිය බස් එක ඇතුලට දාන එක ටිකක් හොඳයි.// ඔව් සෙන්නා. ඒක හරි. එතකොට ඒ ටික හරි එක තැනකට අයින් වෙනවනේ හැම තැනම ඉහිරෙන්නේ නැතිව.

      Delete
    3. // කාලයක් තිබුන බස් එකක සීට් යට.............//
      මොකද දන්නවද බං.... දැන් උන් ඉස්කෝලේ යන්නේ නෑ.
      උන් දැන් මහ එවුන්,
      මහකකුළුව පොඩි එවුන්ට කෙලින් යන්නන කියාලා දෙනවා.
      - දේශකයා

      Delete
    4. අඩේ උඹ සිංදුව හොයා ගත්තද?? තැන්කුයි කිව්වා උම්මා...

      Delete
    5. ඇත්ත සෙන්නා බස් එක ඇතුලේ තියෙන එක හොදා මොකද උං අතුලාල පාරෙ එක තැනක ට හරි දානව නේ...

      Delete
  16. මේ දේවල් මිනිසුන් තුළ තිබුණත් සමාජ රටාව අනුවයි ක්‍රියාත්මක නොවෙන්නේ. මේ ලංකාවේ උන් සිංගප්පුරුවට ගියාම හැසිරෙන්නේ වෙන විදියකට. දැන් බම්බලපිටියේ මේ තත්ත්වය අපුරුවට නැති වෙලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ෂා...... කාණු වලටනම් එබෙන්න එපා...........
      - දේශකයා

      Delete
    2. අන්න හරි භීතිය තියෙන්න ඕන.. අනිවාර්යයෙන්ම.. එතකොට නිකං ම කරනවා

      Delete
  17. ඕව පොඩි කාලෙ [day care,kindergarten]එකේ ඉදලම දරුවන්ට පුරුදු කල යුතු දේවල්.TV එකේ වුනත් පොඩි අයගෙ වැඩසටහන් යන වෙලාවට ඒ අය සිත් ගන්නා ආකාරයෙන් දැනුවත් කල හැකියි.මේ රටවල ඒ තත්වයට ඇවිල්ල තියෙන්නෙ එහෙමයි.
    හැබැයි ඉතින් මෙහෙ වුනත් කලාතුරකින් ඉන්නව ඔය නීති කඩන නාහෙට නාහන ගැටපොලොස් එකාලා/එකීලත්.

    ReplyDelete
    Replies
    1. ගැට පොලොස්, හැක් හැක්
      ගැට පොලොස්
      මොනවද බං ඒ.
      - දේශකයා

      Delete
    2. බේබි ජැක් පෘට් ඇනෝ

      Delete
    3. අන්න එහෙම වරෙමං මචංංංංංංංංංංංංං
      නිකන්ම "ගැට පොලොස් එකාලා/එකීලා" කියුවාම අපේ චිත්‍රය වෙනස්
      මම ඇනෝ නෙමේ මචෝ
      - දේශකයා

      Delete
    4. හෙහ්... ඔව් නොසන්නඩාල කොලු කං කරන ඈයෝ කොහෙත් ඉන්නවා තමා සෙන්නෝ.. ඒක ඒ තරං ප්‍රශ්නයක් නෙමෙයි නීති වලින් උනුත් හැදෙනවා ඉක්මනින්ම

      Delete
  18. මටත් නම් ඔය පාරවල්වල රොඩු දාන එක පෙන්නන්ට බෑ. එක පාරක් ලංකාවට ගියපු වෙලාවක පොඩි ලමයෙක් කොල වගයක් පාරේ දානවා දැකලා මම ඒ ලමයට ඇහිඳින්ට කීවා. ලමය දුවගෙන ගියා අම්මා ලඟට 'අම්මේ' කියාගෙන. හී හී...අම්මා මට රවලා කොල කෑලි ටික ඇහිඳලා ගත්තා. ඒ වගේ වැඩවලට නම් දඩම තමයි ගහන්ට ඕනි.

    ඒක පුරුද්දක් උනාම, කරන්ට හිතෙන්නෙම නෑ. ඉස්කෝලවලදි ලමයින්ට පුරුදු කරන්ට ඕනි හොඳ දෙයක්. එතකොට ලමයින්ම ගෙදර ඇවිත් වැඩිහිටියන්ට කියලා දෙයි.

    ReplyDelete
    Replies
    1. මේක ලංකාව කුමාරිහාමි,
      පෙන්නන එකාටයි දඩ ගහන්නේ.
      - දේශකයා

      Delete
    2. පොඩ්ඩි අපි නරක දෙයක් හෝ හොද දෙයක් හෝ පුරුදු උනාම ඒක අතාරින්න අමාරු බව සහතික ඇත්ත. ඇති යන්තං බොට ගුටි නොකා බේරිල එන්න හැකි උන..එකට

      Delete
  19. සිංහල ජාතක කතා පොතෙන්
    ඇදල අරන් තියෙන්නෙ බොහෝම වැදගත් අංශයක්.
    නීතිත් වැදගත් ඒත් ආදර්ශය වඩා වැදගත්
    මේව උඩින් පටන් ගන්න ඕන දේවල්, ආදර්ශයෙන්.

    එමෙන්ම... තව අංශයක්..

    බොග දමා පස්ස පැත්ත හෝදා වතුර කකුල් දිගේ බේරි බේරි,

    අල්ලන අල්ලන හැම තැන තැන කක්කි බෙදමින් යෑම
    අත නොසෝදා කක්කි බස් එකේ පොල්ලේ ගෑම,
    ගැනත් කතාකරන්න

    ReplyDelete
    Replies
    1. චීයා මෙයානම් කක්කා කථාවක්මයි කියන්නේ.
      - දේශකයා

      Delete
    2. සැහ්.. මම කරකවල අතෑරියා වගේ.. දයාල් උඹට කරන්න තියෙන්නේ බං අපි ලියන ඒවට හොද ඌන පුරණ දාල පෝස්ට්කටු දාන එකයි.. අඩේ මාරයි නෙව අදහස් ටික.. මරු...

      Delete
  20. මම නං කවදාවත් කුණු එහෙම දාන්නේ නෑ මගේ පවුලේ අයත් එහෙමමයි.. මමත් කොල සාක්කුවේ දාගෙන යන කෙනෙක් ඉගෙන ගත්තේ නං පිට රටිං තමයි..

    ReplyDelete
    Replies
    1. අම්මපා.......
      එහෙමනම් මම මෙහෙම පෝස්ට් එකක් දාන්නෙත් නෑ........ මම උඹලා වාගේ එවුන් ඉලක්ක කරගෙනමයි මේක දැම්මේ. දැන් මටද වැරදුනේ.........
      - දේශකයා

      Delete
    2. කාගෙන් හරි හොද දෙයක් ඉගෙනගත්තම මක්ක වෙනවැයි නේද

      Delete
  21. මේකනං හදාගන්නම ඕන දෙයක් තමයි දේශකයො.
    ටොපි කොළ දානවට වැඩිය අප්‍රසන්න දෙයක් තමයි බුලත් විට කාල පාර හැමතැනම කෙළ ගහන එක. ඒ වගේමයි චුයිංගම් කාල තැන තැන අලවන එක.

    ලංකාවෙ මිනිස්සුන්ට ඕක පුරුදු කරන්නනං හරියට ක්‍රියාත්මක වෙන නීතියක් ගේන්න ඕන. ඒ විදියට ටික කාලයක් යනකොට ඕක පුරුදු වෙනව. වැ‍‍ඩේ කියන්නෙ මිනිස්සුන්ට ඒක පුරුදු වෙන්න ඉස්සෙල්ල නීතිය අවලංගු වෙන එකනෙ.
    මේ පැත්තෙ කඩවල් වලිනුත් ඉස්සෙල්ල පාරට කුණු දැම්ම. පස්සෙ පරිසර පොලිස් එකෙං ඇවිල්ල සද්දෙ දැම්මට පස්සෙ දැං කුණු එකතුකරගෙන ඉඳල 'චූං පාං' කුණු ටැක්ටරේට දෙනව කිසි අවුලක් නැතුව.

    ReplyDelete
    Replies
    1. සින්දු පාං මචං
      - දේශකයා

      Delete
    2. හරියටම හරි ප්‍රසා.. අදහස් ටික පංකාදුයි..

      Delete
  22. මංතුමා නං ටොපි කන්නෙ නැති නිසා අවුලක් නෑ. (නෑ නෑ කෑවත් කොල දාන්නෙත් නෑ බය නැතුව කියන්න පුළුවන්). මේවගේ දේවල් නැතිවෙන්න නං නීතිත් තියෙන්න ඕන. නීතිය ටිකක් කල් යද්දි රීතියක් බවටත් ඊට පස්සෙ පුරුද්දක් බවටත් පත්වෙනව අනිවාර්යෙන්ම. ඒ වගේම කුණු සම්බන්ධව හොඳ යාන්ත්‍රණයක් හැදෙන්නත් ඕන. මොකද කුණු වලට කුණු එකතුවීම වලකින්නෙ අන්න එතකොටයි.

    ReplyDelete
    Replies
    1. උබට බං දියවැඩියාවද.........................
      - දේශකයා

      Delete
    2. අන්න ක්‍රෙම්.. රාජ් මේවා ඇයි මුං නොකරන්නේ කියන එක තමා පුරස්නේ

      Delete
  23. මටනම් හිනා හිනා
    ගේට්ටුවට ආපු අපේ ඇයො ටික දෙනෙක් දැන් කියන ජෝක් කොමන්ට්.........
    - දේශකයා

    ReplyDelete
    Replies
    1. ඇත්තද මෙයා.. ඔයා ඉතිං ඒකට ගියේ නෑ නෙව. පොටෝ කෑල්ලක් දෙකක් දැකල ලපයි සිපයි වගේ අඩන්නෙපා මෙයා... හැක්

      Delete
    2. ඔන්න ඉතින් ඇත්ත කියපුවාම තද වෙනවා. මම ලඟත් ෆොටෝ තියෙනවා....

      Delete
  24. පොළොන්නරු අනුරාධපුර පුජාභූමි වල ගල් කණු බත් උයන්න ලිප් ගල් විදිහට ගන්න අපිට බිස්කට් එක කාලා කොලේ දාන එක සිම්පල් මචං

    ReplyDelete
    Replies
    1. @ pathum
      +++++++++++++++++++++++++++

      Delete
    2. උබට පැතුම් කියල නෙවෙයි නම දාන්න තිබුනේ. මම මොකුත් කීවේ නැති වුනාට උඹට කීවයි කියලා හිතා ගනින්. ***ලා
      - දේශකයා

      Delete
    3. සහතික ඇත්ත... පැතුම්.. මමත් මාර විදියට කම්පා වෙලා තියෙනවා ඔය අපරාද දැකලා.. සහතික ඇත්ත

      Delete
  25. අනේ මන්දා.. අපිත් ඉතින් රට ගිය ඇත්තො නිසා ඔය කුණු තැන් තැන් වල විසිකරන පුරුද්ද අත් ඇරිලා. මට හිතෙන්නේ ඒක වැරැද්දක් කියලා පිළිගැනීමක් සමාජයේ නැත්නම් මිනිස්සුන්ට එහෙම කරන එකෙන් පරිසරයට වෙන හානිය ගැන හිතෙන්නේ නෑ. නමුත් ඒක වැරැද්දක් කියන එක සමාජගත කලාම මිනිස්සු දෙපාරක් හිතයි යමක් විසිකරන්න කලින්. අඩුම ගානේ බින් එකක් ලඟක තියනවද කියලවත් බලයි.

    ReplyDelete
    Replies
    1. හෙක් හෙක්, රට ගිය ඇත්තො කුණු දාන්නේ නෑ. උන්දැලැ හැමෝම තැන තැන කුණු දාන්නේ නෑ වගේම, ලංකාවේ මිනිස්සුත් හැමදෙනාම තැන තැන කුණූ දාන්නේ නෑ. බලකො ඩා උඩ ඉන්න සොන්නා, නදිනි, silentsahan, නලින් .
      - දේශකයා

      Delete
    2. ඇත්ත බරපතල වැරැද්දක් විදියට සමාජ ගත කරල තමා මේ වගේ දේවල් කරන්න ඕන. ඒක ඇත්තයි තිසර..

      Delete
  26. එහෙම කුණු විසි නොකර ගෙදර ගේන මෝඩයෝ හතර දෙනෙක් අපේ ගෙදරත් ඉන්නබව කරුණාවෙන් සලකන්න. එතකොට අර රෙදි හෝදන පුංචි ළිඳක් තියෙන්නෙ ගෙවල් වල, අන්න ඒකෙ රෙදි හෝදන වෙලාවට ඔය දවටන හෙම සාක්කු වලින් එලියට ඇවිත් රවුමට රවුමට පාවෙනවා නිතරම.

    එතකොට අර ඇනෝ උඹ නෙවේද බං?

    ReplyDelete
    Replies
    1. උඹේ පවුලේ ඔක්කෝම වචං රට ගියාද? උඩ තිසර කියන කතාව පොඩ්ඩක් බලකො!
      - දේශකයා

      Delete
    2. වෙලාවකට ඇනෝ මම තමයි යකෝ
      - දේශකයා

      Delete
    3. උඹල බං හොද දේවල් දැකල තියෙන නිසා ප්‍රස්නයක් නෑ කොහේතම. ඒත් හොද දේ නොදකින එකා තමන් කරන දේ හොදයි කියල නෙව හිතන්නේ..

      මම මොකටද බං ඇනෝ එන්නේ.. මට වටින ප්‍රොෆයිල් එකක් තියෙද්දී.. මේ වැඩ නැති උන් තමා තමන්ගේ බ්ලොග් එකේ ලියන්න දේවල් නැති උනාම මට කෙලින්න එන්නේ.. හැක්.. ඒත් ඌ මාර උදව්වක් තමා බං මේ ටිකේ.. මොකෝ මම ආවේම නෑ නොවැ තැක් ගැහෙන්න

      Delete
  27. අඩේ මම නම් ඔය ජරා වැඩේ කරන එකෙක්. ආය මොකටෙයි බොරු කියන්නෙ.

    උඹ නැතිකොට ඇනෝව හරි රිප්ලයි කොරන එක කොයි තරම් හොදද

    ReplyDelete
    Replies
    1. උඹනම් මචං කුණු දාන්න ගිහින් දෙතුන්පාරක් රෙකෝඩ් තියලා තියෙනවා. 99 බෙරුණ වේලාවකුත් තියෙනවා නේද? පුළුවන්නම් නෑ කියපං බලන්න. මම ඔක්කොම දිග අරිනවා. අනේ බං, හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් කීවා වාගේ ඔබේ profile ලොගෝ එක ලංකාවනේ.
      - දේශකයා

      Delete
    2. සන්තෝසයි ඒත් ජරා වැඩ කොරන එක නවත්තපං.. බං.. ඔව් බං මම නැත්තං වැඩක් නැති එකේ ඌ මේකවත් බලාකියාගන්න එක හොදා තමා..

      Delete
  28. මමත් සාමාන්යයෙන් පරිසරය ගැන හිතන කෙනෙක්. නමුත් සමහර වෙලවට සමහර දේවල් නවත්වන්න බැරුව හරි අසරනකමක් හිතට දැනෙනවා. ටොපි කොල, රටකජු පොතු, ශොර්ට් ඒට්ස් කාපු උර සේරම ගෙදර ගෙනියනව.ඉස්කෝලෙටත් ගෙනියන්නෙ ජූට් රෙදිවලින් මහපු බැග් එකක්. ඒකට අපේ ඉස්කෝලෙ පිරිමි ලමයි කියන්නෙ ම........ මිස්ගෙ අලගෝනිය කියලා. කොලු කමට. අපහාසයට නෙමෙයි. මම එතකොට එයාලට තේරුම් කරල දෙනව. එයාලත් පිලිගන්නව මම හරි කියලා.මේ මම නයෙක්ද ඇද්දෙ?

    my new blog - http://gimannivannie.blogspot.com

    ReplyDelete
    Replies
    1. අනේ බං උබට Blue Lotus කියලා නෙමේ නම දාගන්න තිබුනේ. සිරාවට ගැලපෙන නමක් තියෙනවා. දැනට කියන්නේ නැතිව ඉඥං. නැත්නම් මචං උඹේ කොලු කමට ආයේ අපහාස වෙනවා.
      - දේශකයා

      Delete
    2. හැක්.. පොඩි කාලේදි නොතේරුනත් මේ ලොකු කාලෙදිත් නොතේරෙන උන් ඉන්නව නෙව.. මම නං කඩේට යන්නෙත් ග්‍රොසරි බෑග් එකක් අරගෙන.. එතකොට මට අළුතින් එකක් ඕන නෑ නේ.. අනිවා එන්නං ඒක බලන්න... සුභ පැතුම්

      Delete
  29. හැමෝම හැමෝටම තම තම කැමැත්ත අනුව උදව් කරගෙන මිසක් මේ සමාජ ජීවිතය ගෙවන්න බැරිබව වටහා නොගත් සමාජ වල තමයි මේ "ආත්මාර්ථකාමී" ස්වභාවය දකින්නට තියෙන්නෙ. එහෙම අය අනුන්ව සූරා කාලා තවකෙක් දියුණු වුනාය කියන ලණුව ගිලලා ඉන්නෙ. කවුරුත් කාවවත් සුරා කාලා නැහැ, හැමෝම කැමැත්තෙන් කරපු හුවමාරුවෙන් තමයි දියණු වුනේ කියල දකින්න බැහැ මුලාවෙන් රැවටිලා ඉන්න නිසා. එහෙම මුලාවක් පතුරැවා තියෙන්නෙ, ඔයාලව සුරා කන අයගෙන් අපි ඔයාලව ආරක්ෂා කරනවා කියල තමන්ට බලය ලබාගෙන සියල්ලන්වම සූරාකන පාලකයන්. ඒ පාලකයන්ට තවමත් වඳින සමාජයක් කවදාවත් තුන්වෙනි වාක්‍යය වටහා ගන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. මෙන්න බලන්න වැඩක්, හූරං කන්නේ නෑ ලූ. කන්නේ කැමැත්තෙන්ලු. හෙක් හෙක්.. ආ කුණු ජාතිනම් කවුරුවත් හුරං කන්නේ නෑ.
      - දෙශකයා

      Delete
    2. ඒ කතාව ඇත්තයි. මේකේ යටි පෙල එමමයි. ඒත් හුගක් දෙනෙකුට ඔය දේ තේරෙන්නේ නෑ නෙව...

      Delete
  30. ලංකාවනේ........... සේරටම කලින් මොළ ටික හෝදන්න ඕන...

    ReplyDelete
    Replies
    1. අම්මපා යසී උඔ මේ පාරනම් පොස්ට් එක කියවලා තියෙනවා. නැත්නම් දන්නවාගේ මම පෙරලා පාහර දෙනවා.
      මොළ ගලවලා හොඳන්න ඕනේ. වයර් බ්‍රෂ් එකකින් පොලිෂ් කරලා.
      - දේශකයා.

      Delete
    2. ඔව් බං පොඩි කාලේ ඉදලම හෝදල ගන්න ඕන... මේ ක්‍රමයේ වැරැද්ද තමා..

      Delete
  31. සමාන්‍යෙයන් ඡන්දය (ප්‍රදේශීය/නගර) අවස්ථාවල පමණක් නගරයේ වීදි පුරා කුණු බාස්කට් දකින එක සමාන්‍ය දෙයක්. සමහර අවස්ථාවල කුණු බාස්කට් (දැඩි පරිසර හිතකාමීන් ලෙසින් පෙනී හිටිමින්) ගෙවල්වලටත් පරිත්‍යාග කරනවා. නගරයේ කුණු එකතු කිරීම එම කාල වකවානුවේ පමණක් පුදුමාකාර සක්‍රීය බවක් තිබෙන්නේ. ඒ කිසිවක් නොතේරෙන අපේම අය.....

    නීති මඟින් හෝ අවශ්‍ය දේ කළ යුතුයි. එමෙන්ම ඊට රජයේ මැදිහත්වීම සම්පූර්ණයෙන්ම සිදුවිය යුතුයි. අපි නගරයේ කුණු දෙර ගෙනවිත් හරියන්නේ නැහැ. එවා රැස් කිරීමට සහ බැහැර කිරීමට නගරය තුළ නිසි ක්‍රමවේදයක් පැවතිය යුතුයි. මේ අනුව කණු ප්‍රශ්නයේදී දෙපාර්ෂවයම අදාල වගකීමේ බැදී සිටිනවා.

    කුරුණෑගල නගරාසන්නයේ පවත්වාගෙන යන සමර අයිටම් (මස්/එළවළු) ඉවතලන දෑ විටෙක බඩගමුව කැලේද එක්රැස් කිරීමේ පාරිසරික මධ්‍යස්ථානයක් බවට පත් වෙනවා. එබැවින් චෝදනාව දෙපාර්ශවයටම අදාලයි.

    ReplyDelete
    Replies
    1. ඔකුන්ලා චන්දෙදී තැන තැන පහරලා යන ටික මදෑ. චන්දෙට හයි කොරන ගැජට් ඊලඟ චන්දෙ වෙනකන් පරිස්සං කොරලා තියාගන්න ඕන. උන්ට ඡන්දෙ දෙන්නෙයි ගැජට් ටික කන්නේයි අපිම නොවෑ. හා හා කමන්නෑ අපි අරයට මෙයාට ඇඟිලි දික් කරමු.
      - දේශකයා

      Delete
    2. ඔව් නිර්මලා පැහැදිලි උවමනාවක් හා කැපවීමක් නැතිව මේක කරන්න බෑ.. අපි තනි පුද්ගලයෙකු ලෙස දෙයක් කරාට ඒකේ වටිනා කමක් නෑ. නියම නායකයෙක් අවශ්‍යයි. මම හිතන්නේ එහෙම එකෙක් ලංකාවේ තාම ඉපදිල නෑ..

      Delete
  32. වැඩක් නෑ බං ඕව ගැන කතා කරල.
    මේ ලඟදි මම එකෙක් එක්ක වලියක් දාගත්ත. මගේ ඔ‍ෆිස් එක තියෙන කම්ප්ලෙක්ස් එකේ පඩිපෙලේ එකෙක් සිගරට් අළු දාල.

    ReplyDelete
    Replies
    1. ඕං බලපංකෝ මට උඹ විතරයි ඉතුරු කරල තිබ්බෙ අර නරියා. ඒක්කෝ මේකත් ඌටම දීල දැම්මනං අහවරයි.. හැක්... අපිත් වැරදි කරනවා බං, ඒත් සාපේක්ෂව අඩුවෙන් කරන එකා තමා හොද එකා කියන්නේ... ඔය කම්ප්ලෙක්ස් එක තියෙන තැන කියහං මං ඇවිල්ල අළු ගෝනියක් විතර දාලා යන්න... හැක්..

      Delete
    2. මචෝ මම මූව ඉතුරු කළේ නෑ. මූ පරක්කු වෙලයි ආවේ.
      දැන් මම නරියද දේශක බුවෝ

      Delete