Tuesday, March 19, 2013

ආවා ආවා.. යුරේකා ආවා..



ඊයේ මා ලියන ලද අපේ උතුම් ශ්‍රීමතාන්ගේ පරමාදර්ශි චරිතය සම්බන්ධ කතාව පිළිපදව සැක පහල කොට කිසිත් නොදොඩා හැංගී සිටි දේශද්‍රෝහි බ්ලොග්කරුවන් හට මාගේ උපරිම දියාරු විරෝදය පළ කරමි. අප විසින් ඉතා අපහසුවෙන් හා දේශප්‍රේමිත්වයෙන් යුතුව කරනු ලබන දේශන වලට සවන් දීමෙන් වැලකී සිටිම ඉතා නොහොබි, මක් නිසාද යත්, මව්බිම ආපස්සට යැවීමට කැස කවන අතලොස්සක් වූ පිරිසකගේ උත්සාහයන් සාර්ථක කිරීමට ඔබද පංගුකරුවෙකු වන නිසාය..

ඕං ඊයේ ලියපු අටුවාව කියවපු නැති අය කියවන්න.. මේ රට මගේ රට

අම්මෝ.. යාන්තං යුරේකා ආවා... ඒ කියන්නේ ඊයේ මම කිව්ව කතාවේදි කොයි තරං තෙපර බබා හිටියත් කියන්න අමතක වූ කතාව දැං මතක් උනා. ඒක හැබැයි ටෙලිපෝන් කෝල් එකක් විතරයි. ඕං බලාගන්ටකෝ එහෙනං..

දේශකයා
හලෝ... කබ්බා

කබ්බා
ඔව් දේශා මොකෝ බං

දේශකයා
යකෝ උඹ ඊයේ එනව කිව්වට අරක හදල දෙන්න, ආවේ නෑනේ? ඇයි බොල ඒ...

කබ්බා
අනේ සොරි බං හෙන වැඩ

දේශකයා
බලපං බං උඹට මම ගිය සිකුරාදා ඉදල කියන්නේ අද බලපං ඉරිදා.. උඹට ඒත් වැඩ. අනේ පලයං යන්න

කබ්බා
ඔව් ඔව් හරි මම දන්නවා පොඩ්ඩක් හිටපංකෝ තව දවසක්

දේශකයා
තව දවසක්.. උඹ කුනුහරුප කියනවද යකෝ

කබ්බා
ඔව් බං එක දවසක් හිටපං මම හෙට හවස් වෙන කොට එනවා

දේශකයා
හැබැයි උඹ හෙට එන කොට මම තොට සුදු වෑන් එකක් එව්වත් ගණන් ගන්න එපා හරිය

කබ්බා
ඇයි තෝ එහෙම කියන්නේ

දේශකයා
තේරෙන්නැද්ද යකෝ දවස් තුනක් තිස්සේ මේ මගුල් ඇන්ටනා කචල් එක හින්ද,   ටීවී එකේ පේන්නේ ජාතිකෙයි ස්වාධීනයි විතරයි. උඹ කියන්නේ දැං මේ දවස් ටිකේම ඔය දෙක බලල මගේ මොලේ අවුල් වෙලා. හෙටත් ඔය දෙකක බල බල හිටියොත් මට වෙන දේ මම වත් දන්නෑ යකෝ.. ගිහිල්ල පොරට වදීද දන්නෙත් නෑ...

කබ්බා
හෙහ්.. උඹට පිස්සු

දේශකයා
නෑ ඕයි.. මේ දවස් දෙකට ඒකේ කියපුව  අහපු මගේ ඔක්කෝම අදහස් ඩෝං ගාලා වෙනස් වෙලා තියෙන්නේ.. දැං නං ඉතිං අපේ ශ්‍රීමතා තරං උතුම් කෙනෙක් මේ ලෝකේම නැති විත්තිය මට සුවර්ම සුවර්...

කබ්බා
ඈ.. හිටපං හිටපං.. මම විනාඩියෙං එන්නං.. මොන මගුලක් වෙලාද මන්ද මේකාට

ඇමතුම විසන්දි වේ

65 comments:

  1. ආහ්.. මෙහෙම එකක්ද... අනේ මන්දා මං.. මං බැලුවේ නෑ ඊයේ පෙරේදා නං... 6 ඉඳන් 8 වෙනකම් විතරනේ ඕක බලන්නේ මම... හි හි....

    ReplyDelete
    Replies
    1. හිහි මම දවස් තුනක්ම බැලුවේ...

      Delete
  2. තේරවිලකට උත්තර ලියලා..ඊයේ දාපු ලියුම සතියක් තිස්සේ ස්වාධිනේයි රාපවාහිනියයි එක දිගට බැලීම නිසා සිදු උනු සංසිද්ධියක්..

    ReplyDelete
    Replies
    1. සික් බං සතියක් බැලුවනං මම පදිංචි වෙනවා එහේ. දවස් තුනයි බැලුවේ....හිකිස්

      Delete
  3. ඔය අස්සෙ නලී අයියගෙ පත්තරෙත් බැලුව නම් උඹැහැ ගොඩගන්නම බැරි වෙනව

    ReplyDelete
    Replies
    1. Dude:

      දේශකයා: එළකිරි පෝස්ට් එක.

      දේශ්: එළකිරි කමෙන්ට් එක.

      නලීන්: එළකිරි කමෙන්ට් රිප්ලයි එක. හිකිස් වලින් කොච්චර දේවල් කියවිලා තියෙනවද? ඔන්නම් සතියක් එක දිගට කල්පනා කරන්න පුලුවන්. politically correct හිකිස් එක.

      තුන් දෙනාටම: එළකිරි combination එක.

      Delete
    2. Dude:
      දේශකයා: එළකිරි පෝස්ට් එක.
      දේශ්: එළකිරි කමෙන්ට් එක.
      නලීන්: එළකිරි කමෙන්ට් රිප්ලයි එක. හිකිස් වලින් කොච්චර දේවල් කියවිලා තියෙනවද? ඔන්නම් සතියක් එක දිගට කල්පනා කරන්න පුලුවන්. politically correct හිකිස් එක.

      තුන් දෙනාටම: එළකිරි combination එක.

      Delete
    3. මචං ඩුඩේ.. පොලිටිකල් හිනාව දාන්න හොද ක්‍රමයක්, ඒ කියන්නේ ඒක ප්‍රකාශ කරන්න හිකිස් වගේ එකක් හදපන්කෝ...

      Delete
    4. @ නලින්
      මගේ ඔක්කොමත් හරි උඹේ එකම හිකිස් එකත් ඇති..

      Delete
    5. @ දේශ්
      වෙලාවට බං ඒකේ අර ඇඩ් කෑල්ල විතරයි මට හම්බ වෙන්නේ..

      Delete
  4. අනේ වාසනාවකට මම ඔය කෙහෙම්මල් පෙට්ටිය බලන්නෙම නැහැ. දුවටත් ඕක පුරුදු නැහැ. හාමිනේත් එහෙමයි. ඒ නිසා අපි දේශද්‍රෝහී පවුලක්.

    ReplyDelete
    Replies
    1. රපෝර්තු කොරන්නම වෙනවා මේකනං... හිකිස්

      Delete
  5. මට ඊයේ පෝස්ට් එකේ වැඩි දෙයක් තේරුනේ නෑ බං ඒ වෙලාවේ. ගුණ ගැයිමක් වගේ හිතුනා. පස්සේ ආය කියවලා කමෙන්ට් එකක් කොටන්නයි හිටියේ. මේ පෝස්ට් එක දැක්කමයි තේරුණේ සීන් එක.මොළේ කුරුවල් වීමෙන් ලියන ලද්දක් කියලා. දැන් ඇන්ටෙනාව හදා ගත්තෙයි?

    ReplyDelete
    Replies
    1. දැං හරි බං.. ඔක්කෝම හරි ගියා

      Delete
  6. ඈ....හිටු අයියේ ඊයේඑක කියෙව්වේ නෑ නොවැ..කියෝලා එන්නම්..නත්නම් නොවටහේ...බට් වරමක් වැටහේ...

    ReplyDelete
    Replies
    1. හොදා හොදා බොලාට මේවා හොදට තේරෙනවා

      Delete

  7. කිතුලට ගිය එකාටත් කියන්න දෙයක් තිබ්බ එකේ
    මේවා මොනාද රුක් දෙවියනි ...!

    ReplyDelete
    Replies
    1. හැක්.. ඕවා මොනවද මෙයා...

      Delete
  8. මං හිතුවා යුරේකා කියල ගෑණු දරුවෙක් ඇවිත් කියලා..

    ReplyDelete
    Replies
    1. එහෙම උනානං අපිට මෙහෙම වෙන්නෑ බං.. හිකිස්

      Delete
  9. ඕක හරියන්නෙ නෑ බොල දේශකයො. අඩුම ගානෙ ඩයලොග් ටීවී එකක්වත් ගන්න බලහං.

    ReplyDelete
    Replies
    1. අයියේ එකවුන්ට් නම්බර් එක 086-3400251226. සල්ලි දානවැයි එහෙනං.. මම ගෙදර යමින් ගමන් ඒක ඇන්න යන්නං.. හිකිස්

      Delete
  10. මාත් බලන්න ඕනේ.. දවසක් දෙකක් වත්... ඔය තරම් හොඳ අදහස් පහල වෙන එකේ අලුතින් ඇන්ටනාවක් අරගෙන බැලුවත් මොකෝ.. :D

    ReplyDelete
    Replies
    1. ඔව් බං අදහස් වෙනස් කරන්න මාධ්‍යයට පුළුවන් කියන එක විස්වාස නොකරපු මටම ඒක උනානේ බං

      Delete
  11. ඔය රෙදි නාලිකා දෙක මලාට බලන්නේ නැහැ

    ReplyDelete
    Replies
    1. මේ තව දේශදෝහියෙක්.. රපෝරතු කරනවා මේ දැන්ම

      Delete
  12. හික්... මාත් ඊයේ බැලුවා එකපාර මේකාගේ අදහස් වලට මක්ක වුනාද කියලා... ඒ නිසා මුකුත් කියන්න ගියේ නෑ. කියෝලා ඔහේ අවා දැක්කේ නෑ වගේ.... බලන් ගියාම මේකනේ බොලේ වෙලා තියෙන්නේ. ඔච්චර අමාරුවෙන් බැලුවේ මොකටද බොල... නොබලා ඉන්න තිබ්බනේ TV.....

    ReplyDelete
    Replies
    1. නොබල ඉන්න බෑ
      දානවනේ
      මගේ කොලු පැටව්
      වහල ඉන්න බෑ
      මුං දානවනේ
      හෙන සද්දෙන්

      Delete
  13. එහෙනං මේ වයර් මාරුවෙලා වෙච්ච දෙයක් ඈ.....

    ReplyDelete
    Replies
    1. හෙහ්.. හෙහ්.. අමතර වයර් එකක් වැඩ කරන්න අරන්

      Delete
  14. මම වගේ ඔය කෙහෙල්මල් නොබලා ඉඳින් දේශෝ..එතකොට බොට මේ වගේ " ලෙඩ " හැදෙන්නෙ නෑ...හි හී

    ReplyDelete
    Replies
    1. හැක්... අන්න බලාහං සමනලීට දීපු උත්තරේ..

      Delete
  15. ආ මචං මේ තුවා කැල්ල ඇඳගනින්...

    ReplyDelete
    Replies
    1. හේ හේ.. මක්කැයි කිව්වේ...

      Delete

    2. ඔක්කොම එළියෙලු ..D

      Delete
  16. හපොයි මක්කැයි උනේ බං...!!

    ReplyDelete
    Replies
    1. හික් හික්.. උඹ හිතාගන්කෝ...

      Delete
  17. මං දේශපාලන එවුවට ලිවිල්ල නතර කලා. මං හිතන්නෙ ඊට වැඩිය හොඳයි මම මටම කියාගන්නවා කන්නඩියක් ලඟට ගිහිල්ලා කියලා. මේකෙ දේශපාලනේ ලිවිල්ලත් ඊට දෙවෙනි නෑ. එවුව දකින්නඕනෙ එවුන් බ්ලොග් කියවන්නෙ නෑනෙ.. ඉතිං මොකට දුක් විඳිනවද ?

    ReplyDelete
    Replies
    1. එහෙම නෙමෙයි අප්පා, අපිත් දේශපාලනේ ගැන ප්‍රහසනයක් වත් කරාම බලල යන්ට. ඕවා ඇගටම බද්ද වෙච්චි දේවල් නෙව. කොයි තරං එපා උනත් ඇගටම ඇලිච්චි අයින් කරන්න බැරි මැක්කෙක් වගේ තමා.. මාත් බරපතල දේශපාලනය කතා නොකරමි...

      Delete
  18. ක්ෂමා වේවා! පමා වූවාට.
    කලින් පෝස්ටුව කියවීමෙන් මා ලද ආශ්වාදය, වචන සොච්චමකට පිඬු කොට දැක්වීම ඔබේ මහර්ඝ සිංහල භාෂා දැනුමට කරන නිගරුවෙකියි සිතුනු බැවින් ගෙදර සුනඛයාට ගෙනා නමුත් කුටුම්ඹයේ සාමය අරභයා බොහෝ විට මට ස්වේච්ඡාවෙන් පැලඳගන්නට සිදුවන මුඛවාඩම ලා ගෙන සිටියෙම් නමුත් ඔබ මතුකල කාරණා දිය යට සැන්ගූ රබර බෝලයක් සේ දිය මතුපිටට පැමිනීම කෙසේ වලකම්ද?

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නේ මේකා මගේ ලොවෙත් නැති ලියවිල්ල කියවල මේකෙන් වත් ගොඩ දාන්න බැරි තරම්ම ගුලිය කාලා වගේ...

      Delete
    2. නෑ;
      රවුම් ගුලි කෑවේත් නැත, හතරැස් පච ඇසුවෙත් නැත.

      දැන ගත්ත එක්ක හොඳයි, දේශක ගුලි අඹරන කෙනෙක් කියල,
      just kidding,
      ඔබගේ අත් දැකීම් හා රචනා ශෛලිය මගින් සිංහල බ්ලොග් ලොවට ඔබගේ මුද්‍රාව තබා ඇත.

      Delete
  19. මට ඔලුවට ගහපන්කෝ!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හැක්.. උඹේ මොලෙත් කොලොප්පන් උනාද, ඒ රජා. මට දැං මතක් උනේ.. උඹේ අර සිරියහන් ගබඩවේ සීමැදුරු කවුලු තියෙන්නේ සෑට චූ දාන්නද

      Delete
  20. ඕක හදාගත්තැයි කියල උඹ ශ්‍රීමතාණන්ට ද්‍රෝහි වෙනව එහෙම නෙවෙයි ඕං

    ReplyDelete
    Replies
    1. අනේ නෑ අයියා. හීනෙන්වත් මගේ මනාපයක් නෑ එහෙම වෙන්ට... අපි කවදත් ශ්‍රීමතා හා බැදි අය නෙව...

      Delete
  21. ආ ඒකයි මේ එහෙනම් :D

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් ඒම තමා.. ඒම තමා

      Delete
  22. හපෝ දැං නම් ටීවී බැලෙන්නෙම නෑ.. ඔය කියපු චැනල් දෙක කරන්නේ ඉතිං හැමදාම කඩේ යන එකනේ.. වයර් මාරු නොවී තියේයෑ..

    ReplyDelete
    Replies
    1. සී සී කැතයි කැතයි සත්‍යය සොයා ගමන් කරන මාධ්‍ය වලට මේ ළමයි කියන කතා...

      Delete
  23. හික්ස්.. බොටත් වෙන වැඩ..

    ReplyDelete
    Replies
    1. හෙහ්.... රාජකීය වැඩ බං

      Delete
  24. මට නම් තේරුනෙත් නෑ අප්පා...:(

    ReplyDelete
    Replies
    1. සිරාවටමද?? එහෙනං මේකත් හොන්ඩාජුලෝලා එකක් ද කොහේද

      Delete
  25. ඕකට තමයි බන් අර විචාර බුද්ධියද මොකක්ද කියලා මෙව්වා එකක් තියෙන්නෙ.. ඒක පාවිච්චි කරපන්...අර සහන් කියලා තියනවා වගේ "ගෙඩිය පිටින් ගිලින්න එපා.."

    ReplyDelete
    Replies
    1. හිකිස්. සෙන්නෝ.. සහන්කාරයා මටද දන්නෑ ගැහුවේ ඒකෙන් නේද බං.. දෙන්න ඕන ඕකට හොද වසී බෝලයක්...

      Delete
    2. හෝව් හෝවි අමතක උනා.. විචාර බුද්ධිය එහෙම එකක් නෑ බං 77 ඉදලම.. ජාන වලින් අයින් කොරලා

      Delete
  26. හෙහ් උබ ඔන්න ඔහෙ නයි ටී එන් බල බලා ඉදපං :D

    ReplyDelete
    Replies
    1. ඔව් උඹ කියනකං හිටියේ

      Delete
  27. මං නම් ටීවී බලන්නෙ ම නෑ... ඊට වඩා හොඳයි බ්ලොගක් බලාගෙන ඉන්නවා

    ReplyDelete
  28. හැබැයි, අපිට ජෝක් වුනාට, ඔය චැනල් දෙක විතරක් බලලා අපිට පොර ටෝක් දෙන එවුනුත් ඉන්නවා බන්ස්... ඒකට තමයි සිරාවට ඇඬෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. අනිවා. ඒ යක්කුන්ට ඊට එහා දෙයක් නෑනේ.. වෙල්කම් වේව්වා ඩ්‍රැකි...

      Delete