Saturday, January 19, 2013

අනේ මේක විකුණන්නේ නෑ!! (NOT FOR SALE)

කාර් එකක් එහෙම ගන්න ඕනද? ඒකට වාහනයක් හෙම බැලුවේ නැද්ද? 

ඔන්න අපේ කෝරලේ නං බනියගේ තාත්තා කිව්ව විදියටම වාහනයක් ගත්ත නෙව. ඉතිං එහෙම හිතනකොට ඔන්න මතක් උනා අපේ මිත්තරයෝ දෙන්නෙක් කාර් එකක හුටපටයක් හින්දා ටික කාලයක් යනකං අන්දොස් වෙලා හිටිය කේස් එකක්.

අපේ මිත්තරයා, සිරා, මිනිහට ගත්තා වයින් රෙඩ් පාට ස්විෆ්ට් එකක්. ඒක මේ අළුත් කේ නොම්මරේ තියෙන වාහනයක්. සිරා ඉතිං ඕක ගත්තේ මිනිහ පාවිච්චි කොරපු රතු පාටම මරුතිය විකුණල දාලා තමා. දෙයියන්ගේ පිහිටෙන් (වැරදුනා චින්තනේ පිහිටෙන්) ටැක්ස් එක වැඩි කොරාපු වෙලාවේ පට්ට සැපයි කියල සිරා අතට හොද ගානක් තියාගෙන ඒක දුන්නා. ඒක දෙන වෙලාවෙත් ඔය ඇඩ් එහෙම දැම්ම තමා, ඒත් ඔන්න මම නං මිනිහට නෙට් එකේ ඇඩ් එකක් හෙම සෙට් කොරල දීල, සිරාගේ වගේම මගේත් මිත්තරයා වෙච්චි ගෝරියා (ඒ කිව්වේ මූගේ නාමේ ගෝර්ඩන් හින්දා අපි කියන්නේ හරම තමා) ගේ කනේ මේ සින්කෝන් එක තිබ්බා.

ෂැක් බං දේශා, මූ මට කිව්වෙත් නෑ මරුතිය විකුණනවයි කියල, මං ඕකට කිව්වත් එක්ක ඕක දෙනවනං මට කියහං කියලා“ කියාපිකෝ.

පොඩ්ඩක් ඉදපං ගෝරියා, මං දැං සිරාට කෝල් එකක් දීල අහන්නං

එහෙම කියල මම සිරාට කෝල් කරල කිව්වා ගෝරියා කිව්ව කතාව.. එතකොට මූ කියාපි,

ඌත් එක්ක බෑ බං, ඒ යකාගේ ගනං වලට දීලා මට පාඩුයි ඒකයි දෙන්නැත්තේ

කොහොම හරි මේ සිද්ධිය එතැනින්ම ෂේප් කරත් ගෝරිය නං ටිකක් අමනාපෙන් උන්නේ වාහනේ කේස් එක හින්ද. පස්සේ සෙට් වෙච්චි වෙලාවක මං ඌට කිව්ව උඹ ඉතිං වෙන එකක් හොයාපං කියලා..

“වෙන එකක් හොයා ගන්න පුළුවන් බං, ඒ උනාට මූ වගේ කාර් ලෙවකාලා හෝදලා, කොං හතර ඉඹ ඉඹ ඉන්න හාදයෙක් ගේ එකක් ගත්තම සැපයි නේ බං, මාසයක් දෙකක් දුවල ෂේප් එකේ හොද ගානකට දීගන්න පුළුවන්. අනිත් එක උඹ දන්නව නේ මූ කුණා උනාට ඔය වාහනේ පොඩි සද්දයක් ආවත් පැය ගාණක් හොයල කොහොම හරි ඒක හදා ගන්නේ. ඇයි මතක නැත්ද අපි අවිස්සාවේල්ලේ ගියපු වෙලාවේ ඌ කරපු වැඩේ.. හහ් හහ්.. හා“

ඔන්න එතකොට තමා මටත් මතක් උනේ. මමයි, මුං දෙන්නයි අනිත් එකා අපේ රාමයා (මතක නැත්නං බලාපල්ලා අර ලෝ පෑන් කාරයා)යි අනෙකා මාගරට් (ඉස්කෝලෙදි පොඩි කාලේ ඉදලම මාගරට් ටීචර්ට ගොට්ට අල්ලපු හින්දා ඌට ඒ නම රෙජිස්ටර් කොරල තියෙන්නේ) සෙට් එක සිරාගේ මරුතියෙන් එක දවසක් යන්න ගියා අවිස්සාවේල්ලට මේ මළ ගෙදරක යන්න කියලා. එදා සිරා බොහොම පරිස්සමින් ගියේ මොකෝ කියන්නේ ඌ කවදාවත් කාර් එකක හතරක් දාගෙන යන්නේ නැතෙයි කිය කිය නාහෙන් අඩ අඩ. මූව බයිට් එකට ගන්න (මම ඉස්සරහ හිටියේ) පස්සේ හිටපු අරුන් තුන්දෙන මොකක් හරි වැල කතාවක් කිය කිය මීටර් සීයෙන් සීයට සීට් එකේ උඩ පනිනවා. එකනොට කාර් එකට පොඩ්ඩක් දැනෙන්න ගන්නවා. සිරා දෙපාරක් විතර ඔරව ඔරව ගිහිල්ලා බැරිම තැන බොහොම සාන්ත විදියට අයිනෙං නවත්තලා පස්ස හැරිල අරුන්ට මෙන්න මෙහෙම කියනවා.

“අනේ මචං උඹල හිනා වෙලා විතරක් හිටපල්ලකෝ.. සීට් එකේ උඩ පනින්නේ නැතුව.. මට එළවන්නත් අමාරුයි බං එතකොට. අනික වාහනේට හොද නෑ බං. සොක්ස් බහිනවා ගිඩි ගිඩි ගාල“

එතකොට අරුන් කියනවා “ඕක මොකක්ද බං උඹ එහෙනං අර සනියගේ වෑන් එකේ පිටිපස්සේ සීට් එක කඩන් කෑවේ ඒකේ දගලල අපි සිරිපාදේ ගියපු වෙලාවේ“ කියලා. 

හෙහ්.. අපි සිරිපාදේ ගියපු යන වෙලාවක මේකා ෆුල් සූර් වෙලා පස්සේ සීට් එකේ මයිකල් ජැක්සන් වගේ සින්දු කියන්න ගිහිල්ල, හුඩ් එකේ ඔළුව වැදිල හොම්බ සීට් එකේ ඇනිලා, අත ගිහිල්ල කුෂන් එක කැඩිච්චි තැනකින්, ආයේ අත ගන්න කොට අපරාදේ අයියෝ රෙක්සින් (කුෂන් එකේ) පදාසයක් ම ගැලවිලා ආපු එක තමා ඔය කිව්වේ.

මේක අහපු සිරාට ඉහමොළ රත් වෙලා ගොත ගැහෙන්න ගත්තා. අපි දන්නව මූට එහෙම වෙන්නේ නප්පියටම තද උනාම කියල.. එතකොට තව ටිකක් ෆෝම් කරන එක තමා ඉතිං කළ යුතුම දේ. එහෙම නේද?/ හෙහ් ඉතිං තදේ පිටින්ම ආයේ පාරට ගත්තත් වාහනේට තව මීටර් සීයක් යන්න උනේ නෑ.. හුළං බහිනවා. හෙහ්. සැප කනේ නෙව. ඒත් අරුං හිනා වෙනවා.. 

මචං සිරා, බැහැල බලහං පස්සෙන් හුළං බහින්නේ

මූ ඔරවල බැස්සා. ඔව් අප්පා පස්සේ වම හුලං බහිනවා. අපේ ඈයොත් දැං බැහැල බලන් ඉන්නවා. අනේ අපේ සිරා තනියම, තනියම රෝදෙත් මාරු කරනවා. ඔක්කොම කරල යන්න ලෑස්ති වෙලා වාහනේට අරුන් දඩි බිඩි ගාල නැගලත් ඉවරයි.. සිරා නගින්න දොර අරින කොටම ඌ දැක්කා පස්සේ දොරේ චුයිංගම් කෑල්ලක් ඇලිලා. හෙහ්... අනාතයි නෙව. මූ අඩනවා වැලපෙනවා.. බනිනවා.. මේක කරේ අර අළුගුත්තේරු ගෝරියයි කියලම තමා හිතන් ඉන්නේ. දැන්නං ආතල් කැලේ වැඩේ සිරියස් වෙලා කස්ටියම අන්දොස්...  මළ කෙළියයි. අවංකව කිව්වොත් අපි එකෙක් වත් හිතුවේ නෑ මූ මෙච්චර සිරියස් ගනිවි කියලා.. හෙහ්.. (ගෝරියා තමා වැඩේ කොරේ)

“මම යන්නෑ උඹලත් එක්ක කොහේවත්.. මම දැන් ගෙදර යනවා. දේශා උඹ විතරක් නැගපං. උඹව ගිහින් දානවා. තොපි එකෙක් වත් එන්න එපා මේක මගේ කාර් එක..“

කාල වරෙන්කෝ. දැං මොකෑ කොරන්නේ. සමකෝණි ත්‍රිකෝණයක මම හිර උනා.. සිරාත් ඕන.. අරුනුත් ඕන. හිතන්න තත්පර ගානයි තියෙන්නේ.. අරුං බැස්සා මුගේ හයිරං අහන්න බැරි හින්දා.. මමත් බැස්සා.. ඒ පාර මූ කියනවා.

“හැබැයි උඹ මාත් එක්ක එන්නම ඕන.. නැත්නං ආයේ උඹත් එක්කත් මගේ නෑ කිසි කනෙක්ෂන් එකක් කියලා“ මොකා උනත් මූ හොද එකා හින්දා අරුන්වත් ෂේප් කරල යන්තං ගෙදර ආවා. ඔය සිද්ධිය කස්ටිය මාසයක් විතර හිතේ තියාගෙන හිටියත් අනිත් උන් ඒකේ ආතල් එක උපරිම ගත්තා. උනුත් මහන්සි වෙලා බොහොම අමාරුවෙන් තමා සිරාව ආයේ ට්‍රැක් එකට දාගත්තේ..

ඉතිං එහෙම වාහනේට ආදරේ හින්දා ගෝරියා දත කන්නේ සිරාගේ එකම ගන්න...

දැං වැඩේ හරිගියේ නෑ.. සිරා මරුතිය විකිණුවා.. ගෝරියට මල පැන්නා. මට කිව්වා මං මූට හොද ගේමක් දෙනවා කියලා හක හක ගාලා හිනා වෙලා ගියා යන්න..

ඔන්න ඉතිං සිරා කෙහොම හරි දවස් දෙක තුනක් යනකොට ගත්තා උගේ අළුත් වාහනේ ස්විෆ්ට් එක. මමත් ගියා බලන්න ගෝරියත් එක්ක. ෂහ් මරුනේ කියලා එතැනදී ගෝරියත් අත් වැල් ඇල්ලුවා. මම හිතුවේ මූ දැන් නං කොමිටල් කොරන එකක් නෑ කියලා.


සතියකට විතර පස්සේ සිරා එනවා කගවේනා වගේ මාව හොයාගෙන.

“බලපං බං. අරූ මහ දසයා බං“

“කව්ද බං“

“කව්ද ඉතිං කැ* ගෝරියා තමා.“

“ඇයි ඌ මොකක්ද කරේ උඹට“ (මට දැන් හීන් හිනාවකුත් එනවා. අනිවා කොමිටලයක් තමා කියල)

“බලහං බං මම මේක අරගෙන සතිය නේ බං. මං මොකටෙයි මේක දැම්ම විකුණන්නේ. ඒ උනාට ගිය සිකුරාදා හැන්දෑවේ ඉදල කෝල් එනව එකසිය ගානට. කාර් එකේ ඇඩ් එක දැකලයි කතා කරේ. වාහනේ ගාන කීයද අහ අහ, බැරිම තැන මම ෆෝන් එක ඕෆ් කරල දැම්ම“

“ඉතිං“

“ඒත් යකෝ ටවුම කිට්ටුවට යන්නවත් බෑ. ෂික් කියන්නේ වාහනේ අංකෙත් එක්ක මගේ නම්බර් එක දාල නෝටිස් තුන හතරක්ම අලවල තිබුනා. ඒ මදිවට හැම එකාම අහනවා කීයටද විකුනන්නේ කියලා. දස වදයක් බං මම විදින්නේ. එපා වෙලා තියෙන්නේ. එකෙකුට කියාගෙන යනකොට තව එකෙක් අහනවා. ආයේ තව එකෙක්. අප්පිරියයි බං. මං ඒකයි බයිසිකලේ ආවේ දැං අහන අහන එකාට කියන්නේ විකිණුවයි කියල“

හෙහ්... මට හිතා ගත්ත හැකි. ගෝරියා හොද ගේමක් අඹරලා.. සිරාට මල පනින්නම. 

“ඉතිං උඹ කොහොමෙයි දන්නේ ගෝරියයි මේක කරේ කියල“

“අනේ පලයං බං යන්න. මට ඉලෙක්ට්‍රිකල් ෂොප් එකේ විරාජය කිව්වා ගෝරියා තමා කිව්වේ කියල මම වාහනේ අඩුවට දෙනවයි කියල. පස්සේ අපේ දිල්ශි නංගි කිව්වා ගෝරියා ටයිප් සෙටින් කොරල ප්‍රින්ට්අවුට් ගත්තේ එයාගේ ෂොප් එකෙන් කියලා, බලපං බං මූ කරන කැත වැඩ. මම ගියා උගේ ගෙදර. මූ ඉන්නවා. ඒත් ආවේ නෑ එළියට. මහ බලු වැඩ බං කරන්නේ. බලාපංකෝ කාර් එක අරන් ආසාවට රවුමක් යන්න බෑනේ බං ටවුමේ දැං“

හහහ්... හහ්. හා

පලි - ගෝරියා ඇඩ් එකක් ලහිපිටේ දාලා, නෝටිස් පහකුත් ටවුමේ ගහල මුළු ඒරියල් එකටම බස්සල “සිරා කාර් එක හෙන අඩුවට දෙන්න හදනව“යි කියල. 

හයියෝ කියන්න අමතක උනා. සිරාගේ කාර් එක ඒ දවස් වල යන කොට ඒකේ ඉස්සරහයි පස්සෙයි ගහල තියෙනවා.. NOT FOR SALE කියලා.

78 comments:

  1. අඩේ දේශකයා පට්ටම කතාව. මේ ගම්පහ සිරා නේද දෙයියංගෙම පිහිටයි ඌට.හැබැයි වෙලාවකට හිතෙනවා ගොරිය කලේ ....රි වැඩක් කියලත්. ඒත් එකම සෙට් එකේ එවුන්නේ. ඒ හින්දා අවුලක් නැ.

    ReplyDelete
    Replies
    1. ගම්පහ තව සිරාලා ඉන්නවද ? අනේ මම නම් නෙමෙයි ඔන්න...

      Delete
    2. @ නලින්, අර බ්ලොග් ලියන කාමරේ සිරාද?? අනේ නෑ බං.. මූ ඊට වැඩිය අහිංසකයා.. හික්ස්

      Delete
    3. @ සිරා, ගම්පහ තවත් අඹ ඇත...හැබැයි කාපු අඹය වගේ නැත.. හිහි

      Delete

  2. මට හිතා ගන්න පුළුවන් මචන් වහනයක් විකුනන්නෙත්
    නැතුව ඔහොම ආතල් එකක් එද්දී රඟේ .
    උබ කියන්නේ සිකුරාදා ඉඳන් පත්තර කන්තෝරුවේ කාක්කෝ
    ටික, සෙනසුරාදා ඉඳන් මුළු ලංකාවේම කාක්කෝ ටික...

    ReplyDelete
    Replies
    1. මාත් උගෙන් ඇහුව බං සිකුරාදා හවස් වෙද්දි එන්නේ කොහොමද සෙනසුරාදා උදේ නේ පත්තරේ එන්නේ කියලා.. ආතල් කනේ ඌ ආපු විදියට.. ගෝරිය අහුඋනානං ඒ ටිකේ අනිවා ඌ ගාව අඩනවා මේකා

      Delete
  3. නියම පොරක්නෙ ගොරියා. මේ වගේ කතා යාළු මිත්තරයෝ අතරෙ බොහොමයි. ඒත් පහුකාලෙකදී හිතෙනවා අපරාදේ එකෙක් බයිට් කලේ කියලා. අපි කැම්පස් කාලෙත් මෙහෙම දේවල් බොහොමයක් සිදු වුනා. කියන්න අමාරු දේවලුත් තියනවා. ඒත් කෙටියෙන් හරි කියන්න හිතුනා මේක කියෙව්වම. කාලෙකට කලින් ලියාගෙනත් ගියා පස්සේ වැඩත් එක්ක අතහැරුනා. ලියන්න ඕනෙ....... හුදී ජන පහන් සංවේගය සදහා ලියන්න ඕනෙ....... දේශකයා වගේ මමත්....

    ReplyDelete
    Replies
    1. ඔන්න වෙද මහත්තයෝ ලියල දාන්න... ලියපු ඒවා තියෙනං දැන්ම එක එක දාන්න...ගෝරියගේ තව සීන් තියෙනවා අප්පා... මට පොඩ්ඩක් ස්ටාට් වෙනව හොරයි ඒක නිසා එක පාරට මතක් වෙනව අඩුයි..

      Delete
  4. ගෝරියා මරු බුවානේ. ප්ලෑන් එක ගහල තියනවා ලස්සනට. ඒත් සිරා නම් පව් කියල හිතෙනවා. කොහොමද අලුත් කාර් එකක නොට් ෆෝ සේල් කියල ගහගෙන යනකොට.

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ බං. හෙන ආතල් සෙට් උනාම.. ඕකුන් සෙට් වෙච්චි වෙලාවක ආපු බඩ පැලෙන කතාවක් මම කලින් දාලා අකුල ගත්ත.. කොමන් සෙන්ස් නැති හින්දා.

      Delete
  5. තොපිව වාහනේකට වැද්ද ගන්න වටින උන් නෙවෙයිනෙ. මහ කුජීතම සෙට් එකක්. තව වැඩක් තියෙනවා කරනවානම්.

    චූටි සැමන් ටින් එකක් ඇරලා චූට්ටක් ඉතුරුවෙන්න අනිත් ටික කාපල්ලා. ඊට පස්සෙ අරක හංගපල්ලා අරූගෙ කාර් එකේ සීට් එකක් යට. ඕකෙ ගඳ එන්නෙ ටික ටික. මුලදි මූ උගෙ මේස් දෙක ඉඹ ඉඹ බලයි. පස්සෙ එයා ෆ්‍රෙෂ්නර් ගහයි එකසිය ගානට. ඊටත් පස්සෙ ඒ සී තිබුනත් වීදුරු ඇරගෙන යයි. ඕවගෙ ෆන් එක එපිසෝඩ් වලින් හම්බ වෙන්නෙ.

    තොපි වාහනේක දාගෙන යන්න වටින උන් නෙවෙයි ඒ වුනාට.

    ReplyDelete
    Replies
    1. මේ අනිත් එකා.... මෙයා කියලා දෙන දේවල්.. හි හි.. හයියෝ.........

      Delete
    2. අඩේ මේව කියල දෙන්න එපා බං මුං ඕක කරනවා අනිවා....

      Delete
    3. හෙන්රියා දෙන ලනු. මුන් ආයිත් අර අහින්සකයව බයිට් එකට ගන්නවා ආයි හෝදන්න දෙයක් නැහැ.

      Delete
    4. හෙන්රිය ඉස්කෝලෙ පොඩි එවුන් ගුරු මේසේ ලාච්චුවේ දාල තිබ්බ සැමන් ටින් එක ගැනයි මේ කියන්නේ.

      Delete
    5. හෙ හෙ... සිරා පස්සේ ඔය කතාව මට කිව්වා..ආයේ නං මුං එක්ක කොහේවත් යන්නේ නැතෙයි කියල.. හැබැයි දවස් ගානකින් ඒක අමතක වෙලා ගොං තඩියා වගේ අයේ එනවා.. උඹේ ක්‍රෙම් නං සුපිරියි තමා.. ඒත් ඒකෙන් හම්බ වෙන්නෙත් සුපිරිම පෝරියල් එකක් බවත් පැහැදිලියි... උඹල තමා නියම ගුරුවරු.. කරුමෙට මේ බ්ලොග් වලට ගුරුවරයෙක් පත් කරල නැත්තේ... හැක්...

      Delete
    6. @ හිරු, නලින්, ඔව් බං පත්තරෙත් වැටෙන වැඩ මේවා.. මම නං දැක්කොත් පත්තරේට ලියනවා අදාළ පුද්ගලයාගේ යාහු මේල් ලිපිනයත් සමගම

      Delete
    7. @ වෙද මහත්තයා, හපොයි මං ගෝරියට කියන්නෑ ඕක. අනිවා ඌ කරනවා.. ඌට මේ දවස් වල අයිඩියා හිගයක් තියෙනවා.. හැක්..

      Delete
    8. @ පැට්රියට්
      මං ඩුඩෙගේ ඒ කතාව කියවලා නෑ බං. එහෙම එකක් තියෙනවයි. ඩුඩේ දීපන් හෙඩිම ලියලා...

      Delete
    9. පේට්‍රියටා උඹට ලණුවක් බං දෙන්නෙ. ඇත්තම කිව්වොත් එහෙම නිර්මාණාත්මක හැකියාවක් තියෙන උන් දැං ගෝලයෝ හැටියට ඉන්නවා නම් මොනවා කරන්න බැරිද බං. :)

      Delete
    10. කන්න ඕන බං මේ පැට්රියටව.. ලණු කාරයා...

      Delete
  6. ඉස්සර අපේ මරුටි වෑන් එකටත් ඔය සන්තෑසිය තමයි.. මොන එහෙකටද මන්දා පාරට දැම්මම හැම එකාම අහනවා විකුණන් නැද්ද කියලා... පිස්සු තමයි... පස්සේ ඒක දීලා කාර් එකක් ගත්තා.. දැං අපේ තාත්ත කිය කිය ඉන්නවා කාර් එක විකුණන්න ඕනේ කියලා.. ගත්ත තමන් ඇල්ටෝ එක.. මාස 3ක්ව වත් නෑ.... මං බැලුවා මොකද්ද මේ හිටිගමන් හැදිච්ච පිස්සුව කියලා.. බලද්දි එයාට ජපන් කාරෙකක් ගන්න ඕනෙලු...

    අනේ මන්දා... පිරිමි ජාතියම මහ පිස්සු හටන් ජාතියක්...

    ReplyDelete
    Replies
    1. ඔය කොයි වාහනේත් පැදල බලන්න පිරිමි ආසයි හිරුවෝ. කසාද බදිනකම්ම ඔයාට ඒක තේරුම් ගන්න බැරුව ගියා නේද?

      Delete
    2. ඒකනේ නලින් ගත්ත ගමන් ආස වුනාට පස්සෙ විකුණල වෙන එකක් ගන්නමයි හිත. ඒක තේරෙන්නෙ නැහැනේ මේ හිරුලට.

      Delete
    3. ගෑණුන්ටත් එහෙම තමයි ඉතිං... ආයි බොරු කියන්නේ මොකටද... ගත්තට පස්සේ තමයි තියෙන මැනුෆැක්චරින් ෆොල්ට් ඔක්කොම ‌අහුවෙන්නේ... හි හි...

      Delete
    4. ඔන්න මේකි ඇවිස්සුවාම වෙඩි වදින්නේ වෙන තැං වලට.. ඕං මම නෑ ඕවට වගකියන්නේ.. උඹලම බේරගනිල්ලා

      Delete
  7. කාලයක් ඔය මුකුත් නැතුවම අපේ ගෙදරට හෝ ගාලා කස්ටිය කෝල් කරනවා ට්‍රැක්ටරයක් ගැන අහලා... බලනකොට පත්තරේ ඇඩ් එකක් දාලා තියෙන්නේ අපේ ගෙදර නම්බරේ...

    ReplyDelete
    Replies
    1. අනේ කියහංකෝ නංගියේ නොම්මරේ

      Delete
    2. ටැක්ටර් 2ක්ම තියෙනව කිව්ව නම් හරි. මහ ට්‍රැක්ටරේ අක්කා. ලෑන්ඩ්මාස්ටරේ කියාගන්න බෑ.. හි හි

      Delete
    3. ගෙදර නොම්බරේ ද සිරාවට මට අමතක වෙනවනේ එකත් ? හි හි

      අනේ මේ යසිතෝ අහගන්න එපා මගෙන් හරිය? :P

      Delete
    4. @කියාගන්න බෑ.. හෙහ්.. උඹලටත් එහෙම වැඩ වෙනවා එහෙනං... හිහික්

      Delete
    5. @නලින්
      උඹට අමතක වෙලා වගේ සුදු හාමිනේගේ කතන්දරේ. වැඩිය දැගලුවොත් දානවා බොල මේක සුදු නංගිගේ කනට. හික්ස්

      Delete
    6. @ යසියා, ඔන්න ඔය ට්‍රැක්ටර් විකුණන්නේ නෑ කියල හිතාගං

      Delete
    7. @ දේශකයාණෝ වෙත.........
      එකනේ ඉතින් එහෙම උනත් කමක් නෑ අර කිව්වා වගේ කාර් එකක් වගේ එක නම්. අනේ ට්‍රැක්ටර් කට්ටක් නිසානේ එහෙම උනේ

      Delete
    8. අනේද කියන්නේ.. දුක හිතුනා නේ... ගනන් ගන්න එපා...

      Delete
  8. අපිත් කොල්ලෙක්ට ඔහොම බයිටක් දුන්නා. ඒ ෆුට් බයිසිකලයක් ගැන..හිහි.. මරු සිද්ඬිය දේශකයෝ

    ReplyDelete
    Replies
    1. ලියාපංකො බං අපිට දැනගන්න.. තැන්කුයි හොදේ...

      Delete
  9. හපොයි.... පව් අනේ සිරා.....අළුත් කාර් එකක් ගත්තේ අපරාදේ කියල හිතෙන්න ඇති.....ඇයි ඉතිං ආසවටවත් නිදහසේ එලවන්න බෑනේ......

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත සමනලියෝ... ඌ ඒක කිය කිය නෙව ඇඩුවේ... හෙක් හෙක්...

      Delete
  10. ගෝරියා තමයි සිරා ඩයල් එක. හික් හික් හික්. මම ලංකාවේ වාහනේ විකුනන්න කියල ඉන්නේ ඔය ගෝරියාට කියන්න ඕනේ මගෙත් ඇඩ් එක දාන්න කියල. යකෝ ඔච්චර කෝල්ස් එන්න. හිකිස්....

    ReplyDelete
    Replies
    1. එච්චර කෝල් එන්නේ බං පත්තරේ දාපු ඇඩ් එකට.. රු. 500 හරි 600 ක් හරි ගියා කිව්වා.. උඹේ කාර් එක ගැනනං ඌට ආසාවක් ඇති වෙන එකක් නෑ. ඒ තරං හොදට පදින හින්දා.. හිහික්

      Delete
  11. සිරා පවු බබෙක් නේ... අහිංසකයා.. ගෝරියා වගේ එකෙක් හිටියනම් විකුණගන්නබැරි ඕන එකක් විකුණල දෙයි..
    මරුතිනං මට එච්චර සැටිස් නෑ..

    ReplyDelete
    Replies
    1. හරියට හරි.. ගෝරියත් එක්ක බැලුවම සිරා පට්ට අහිංසකයා..අඩේ තව කතාවක් මතක් උනා පස්සේ ලියන්නං.. අජියගේ ගෙදරින් සතියක් බත් පැකට් අරන් ගිය සීන් එක.

      Delete
  12. යකෝ පුදුම යාලුවොනෙ සිරාට ඉන්න :D

    ReplyDelete
    Replies
    1. සමියෝ උං සෙට් එක හින්දා ඉතිං මටත් සමහර වෙලාවට ඔළුව හෙම තෝන්තු වෙනවා...

      Delete
  13. මගෙත් ඉන්නව තරහකාරයො දෙතුන්දෙනෙක්. දෙන්න ඕන බැටේ!

    ReplyDelete
    Replies
    1. හා හා උඹ ඕන දෙයක් කරගනිං. මම ප්‍රති ආනිසංස ලැබෙන වෑල් එක වැහුවා... එතකොට හරිනේ..

      Delete
  14. පව් වැඩේ. සිරාට මොනව හිතෙන්න ඇතිද අලුතින් ගත්ත කාර් එක විකුනනවද කියල කට්ටිය පෝළිමේ අහනකොට :)

    ReplyDelete
    Replies
    1. පව් තමා චාම් නංගියේ.. මක්ක කොරන්නද මේ ගෝරිය හීන් නූලේ වැඩ කරුවා නෙව. ආයේ කාටවත් කියල හෙම කොරන්නෑ. කරලම පෙන්නනව මිසක...

      Delete
  15. නියම කතාව.
    ඔය විදියට ‍ගිහිල්ල ගෝරිය සිරාවත් විකුණයි.

    ReplyDelete
    Replies
    1. තැන්කුයි.. හැබැට අයියේ ඌ මේ දවස් වල ඔය පැත්තේ තමා ඉන්නේ... හික්ස්..

      Delete
  16. මහර හන්දිය පහුවෙලා කොළඹ පැත්තට යද්දි දකුණු අත පැත්තෙ පාලුවට ගිය පාර අයිනෙ නිවසක තියෙනවා Isuzu Gemini වර්ගයේ සුදු පැහැති කාර් එකක්...ඒකෙත් ගහලා තියෙනවා විකිණීමට නොවේ කියලා...

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නේ සිරෝ කාර් එක ඇතුලෙ බිස්නස් එකක් ඇති සිරාවටම.. හැක්

      Delete
  17. අඩෝ උඹලගේ යාලුවෝ මාර සෙට් එකක්.බඩ පැලෙන සයිස් එකට හිනා ගියා..

    ReplyDelete
    Replies
    1. තැන්කුයි බං.. අපි ඉතිං ඕන දේකට ඔට්ටු හින්දා ඉන්නවා..

      Delete
  18. ඇත් යන්තමි ගොරියා තාම පණපිටින් ඉන්නවා....(ඇත්තටම ඉන්නවාද.....)

    ReplyDelete
    Replies
    1. ඉන්නවා බං. ඔන්න මේ දවස් වල ප්‍රසා අයියලයි ගම් පැත්තේ ඉන්නේ..

      Delete
  19. ගෝරිය තමයි ගෝරියා... සිරා , ගෝරියාව මරන් කෑවෙ නැති එක ලොකු දෙයක්..

    ReplyDelete
    Replies
    1. හෙහෙ... බණ්ඩෝ සිරා ගෝරියත් එක්ක බැලුවම බල්ලයි.. මැක්කයි වගේ.. බල්ල දන්නේ නෑ අරූ හිටියට කෑවම තියෙන වදේ...

      Delete
  20. ඕක දිගටම ගෙනිච්ච නම්, සිරාට අන්තිමේ කාර් එක විකුනන එක සැපයි කියලා විකුනලම දායි.

    ReplyDelete
    Replies
    1. එහෙනං ගොයියෝ මේ බ්ලොග කොරන එකාත් හිරේ වෙන්ට ඉඩ තිබුනා...

      Delete
  21. ඉතින් කෝ මේ දේශකයා?

    ReplyDelete
  22. පවු .. ඔහොම වාහනේකට ආදරේ කරන මිනිහෙක් මං දැකල තියෙනවා. ඌ ගෙදර ඉන්නවානම් කරන එකම දේ අර කාර් කට්ට අතගගා ඉන්න එක. ඕකේ පොඩි හීරුමක් තිබ්බොත් ඉතින් ඌඔ නොකා නොබී දුක් වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. අන්න හරි සරා අයියේ නියම සිරාගේ ඩයල් එකක්..

      Delete
  23. මගේත් යාලුවෙක් ඉන්නවා . .

    මිනිහත් ගෑනිට ළමයට වඩා ආදරෙයි වාහනේට.

    මෙහේ අපේ සෙට් එකේ මුලින් වාහන ගත්තු එකෙක් ඌ. සමහර දාට ඌත් එක්ක ගමන් යද්දී කාර් එකේ දොර වහද්දී "ඔහොම හයියෙන් වහන්න එපා බන්" කියලා නහින්න හදනවා.

    අපි ඉන් පස්සේ යන්නේ ටැක්සි වල.

    බලෙන්ම වගේ උගේ වාහනේට දා ගත්තොත් මම කරන්නේ දොර වහන්නේ නැතුව හැන්ඩ්ල් එකෙන් අල්ලන් ඉන්නවා.

    "ඕක වහපන් බන්" කිව්වම මම කියනවා "ඇයි යකෝ උඹ ඉස්සර කියන්නේ දොර වහන්න එපා යකෝ කියලනේ අපි උඹේ වාහනේ යන්න එන්නේ නැත්තෙත් ඒකයි. කමක් නෑ මං අල්ලන් ඉන්නම්" කියනවා.

    ඌට ඉතිං තවත් මල.

    ReplyDelete
    Replies
    1. අනේ බං ඕක ටිකක් හැඩ වැඩ දාලා ලියපංකෝ.. හෙන කොමිටල් සීන් එකක් වෙනවමයි..

      Delete
  24. කතාව නම් මරු.. ඔය වගේ දේවල් නැත්නම්, මේ ජීවීතේ මෙළෝ රහක් නෑනේ...

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමා බං.. ඒවා තමා කවද හරි හිනාවක් වත් ගේන්නේ...

      Delete
  25. මරු අප්පා.....මටනම් හිනා හොදටම....බයිට් නැත්නම් මේ ජීවිත වල වැඩක් තියෙයිද? සිත්තමී ඔය වගේ දේවල් වලට හරි ආසයි. (මමත් ඔය වගේ කැත වැඩ කොරන නිසා)

    ReplyDelete
    Replies
    1. ඇත්තට සිත්තමියෝ අපිත් ආසයි එහෙම ඒවා අහගන්න... බොට හිනා ගියා නං ඒ ඇති...

      Delete
  26. ඔය න්‍යාය මුලින්ම ගෙනාපු එකාගේ අම්මට....(තාත්තට සලකන දරුවට කිසි දවසක නෑ වරදින්නේ )...

    මගේ නම්බර් එක 'පර්සියෙන් පූසෙක්' නොමිලේ දෙනු ලැබේ, කියල WOW එකේ දාපු එකා, ගෝරියගේ නෑදෑයෙක්ද දන්නේ නෑ. හැබැයි ඉතින් ගෝරිය නම් අතිනුත් කයිට් කරගෙන. අරූ නම් නොමිලේම.

    (ඔන්න කිව්ව ලාභදායි ක්‍රමයක්, පටාන් ගන්න වැඩේ)

    ReplyDelete
    Replies
    1. ඔන්න බලාපං... හිකි හිකි.. උමත් කරුමෙට ගෝරියගෙන් කාපු එකෙක්ද මන්ද.. පස්ට ආතල් නේ... බල්ල දෙනවද අහනවා.. සැප කනේ...

      Delete
  27. කතාව නම් එල. ඒත් පවු බං අරූ. මට නම් කෙනෙක්ව බයිට් කරන්න හිතෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. අපේ උන්ට ඇහෙන්න කියන්න එපා බං.. උඹවත් ගනීවි බයිට් එකට!1

      Delete
  28. හිනාවෙලා ඉවරයි බං. අපෙත් ඉස්කෝලේ යද්දී අයි.ඩී. හදන්න ගත්ත ෆොටෝ අතුරුදහන් වෙලා ඉස්කෝලේ පුරාවටම මරණ දැන්වීම් වල ෆොටෝ කොපි තිබුණු කාලයක්නම් තිබුණා. :D

    ReplyDelete
    Replies
    1. හෙහ්.. ඔය තියෙන්නේ බං ලියන්න දේවල්... වැඩියෙනුත් එක්ක දාල ලියාපංකෝ...

      Delete