Tuesday, January 22, 2013

අලුගුත්තේරුවෝ (Idiots)

මම ජීවත් වෙන්නේ බයකින්. 

ඒක විස්තර කොර කොර ඉන්න පුළුවන් දෙයක් නෙමෙයි. 

ඒත් මේවා නොකියා තිබ්බොත් අන්තිමට වෙන්නේ මැරිච්ච දවසට කිසිම වරදක් නොකර මිනිහෙක් වගේ හාමුදුරුවන්ගේ පාංසුකූල කතාව අහන්න වෙන එක විතරයි. 

ඒත් ඒක මට ඇහෙන්නැති උනාට, අහගෙන ඉන්න මං වටේ හිටිය උං පස්සා පැත්තෙනුත් හිනා වෙලා ඔය ගැන කතා කරන හා හූව පැතිරෙන කොට වලේ හිටියත් ලැජ්ජාවට මූන ඇඹරෙනවා කියල මට හිතෙනවා.. 

මට කියන්න ඕන උනේ මේ අපේ රංජන් රාමනායක මහත්තයා කොහේද රටක මාධ්‍යයකට සම්මුඛ සාකච්ඡාවක් දීල කියල තියෙනවා පාර්ලිමේන්තුවේ මිනිහගේ ළගින් ඉන්න, එකෙක් කුඩු කාරයෙක්ය, අනිකා මිනීමරුවෙක්ය, තව එකෙක් සල්ලාලයෙක්ය කියලා.. හෙහ්.. එතකොට කොහොමෙයි ඔය කතා නායක උන්නාන්සේ කියන උත්තරීතර බව එතැන තියෙන්නේ නේද? 

අන්න වැරදුනා උත්තරීතර වන්නේ ජනතාවයි.. ඒත් මේ අහිංසක ජනතාව එකා එකා අරගෙන වමාරල බැලුවොත් මේ හැම එකාම අඩු වැඩි වශයෙන් අලුගුත්තේරු වැඩ කොරල තියෙයි කියල හිතන්න වෙනවා. 

ඔන්න බබෝ බුදු දහමට අනුව එහෙම අලුගුත්තේරු වැඩ ගැන හිතීමත් පවක්.. ඔව් ඔව් බොලාටත් එක්ක තමා,, කොටට ඇදල උඩට පලපු කෙල්ලෝ දිහා හැරි හැරි බලල ඒකෙන් ආතල් එක ගන්න එකත් පසිදුරන් පිනවීමක් තමා.. ඒ වගේ හොදට ගහල, රෙඩ් බුල් අහන්නෙත් නැති වෙලාවට කට්ට කරුවලේ කුණුහරුප විසීකරන බේබද්දත් ඒ වගේම අලුගුත්තේරුවෙක් තමා. ඒ මදිවට මේ හරක් තමන්ගේ ගෑනිටත් තඩි බාන්න ලෑස්ති වෙනවා. ඉතිං අහිංසක ගෑනු ඒ වද කරුමෙන් බේරෙන්න මහ රෑට, අපි පුංචි කාලේ කරපු හැංගි මුත්තං කොරනවා. ඒත් මේ මිනිහට ඒක උදේට අමතකයි, ඇයි ගෑනිට ඒකිටත් අමතකයි. අපිට.. හුහ්... අපිට අමතක උනත් ඒ රෑ වීසි වෙච්චි සුමිහිරි වචන අපේ දරුවන්ට අමතක වෙන්නේ නෑ.. බොහොම අමාරුවෙන් කටට දෙකක් දීලා තමා ඒවා නවත්තගන්නේ.. එහෙම බැලුවම අර ගෑනිත් අලුගුත්තේරුවෙක් එක්ක ඉදල තවත් අලුගුත්තරාවියක් වෙලා. දෙයියනේ කියල කිසි වරදක් නොකර මගේ පාඩුවේ ඉන්න මමත් දරුවන්ට තඩි බාලා නිකංම අලුගුත්තේරුවෙක් වෙනවා.. හෙහ්..

තව කස්ටියක් ඉන්නවා. ගෙදර ගෑනිට ෆුල් සැප දෙන ගමන්, දරුවන්ටත් හොදට සලකන ගමන් සීල් කඩපු ඒවායේ රස බලන. එක පාරට එකක් නෙමේ දෙක තුනකම රස බලන හරිම ආදරණීය ස්වාමිපුරුෂයෝ ඉන්නවා. මේ හාදයෝ ගෑනිත් එක්ක ටෙලිපෝන් එකෙන් කතා කරත් හෙට බදින්න ඉන්න ගානට තොදොල් වෙලා තමා ටොපිය දෙන්නේ.. ඒත් ඇත්තටම ඌත් මහ අලුගුත්තේරුවෙක්. තමන්ගේ ගෑනිට අලුගුත්තේරුකං කොරනවා. එතකොට අර ගෑනු උනුත් එහෙමම තමා.

තව ඉන්නවා මුං හොරකං කොරනවා. අපි රු. 100 ක් දුන්නම ඌ රු. 10 ක් සාක්කුවේ දාගන්නවා. රජයේ කාර්යාලයකට ගියාම මොකක් හරි වැඩක් කොරගන්න නං ඔය ආතක් පාතක් නැති එකෙක්ට කීයක් හරි දෙන්නම ඕන. ඒ මදිවට ඒවයේ මහත්වරුත් වවුචර් දාගෙන හොරකං කොරනවා. කොමිස් එක පස්සේ එනවා. ඇයි වාහන හදන ඒවා, සැපයුම්, කොන්ත්‍රාත් එකි මෙකී නොකී හැම දෙයින්ම හොරකං කොරනවා. මම දන්න කොන්ත්‍රාත්කාරයෙකුට මිනිහගේ චෙක් එක දක්වා බිලක් හදාගන්න විසි එක් දෙනෙකුට අඩු වැඩි විදියට කුට්ටි දෙන්න ඕන කියල දවසක් කිව්වා. හැබැයි මොකෑ උනත් දවස් දෙකෙන් බඩු අතේ... ඒ කිව්වේ චෙක් එක.. එහෙම නොකරන එකාගේ බිල් එකක් චෙක් එකක් වෙන්න මාස දෙකක් වත් යනවා. ඉතිං අලුගුත්තේරු වැඩ නේ මේවා.. අර මාස දෙකක් චෙක් එකක් ගන්න ඉන්න එකත් සාපේක්ෂව අලුගුත්තේරුවෙක්. ඇයි යකඩෝ තේරෙන්නේ නැද්ද,, මිනිහටත් පොඩි මස් කට්ටක් විසික් කොරානං බඩු ඉක්මනට හම්බවෙනවානේ.

තව උන් ඉන්නවා..සිල් ඇත්තො.. හුහ්.. මුං මුළු පැය විසි හතරෙම සිල් අරගෙන වගේ ඉන්නේ.. තව එකෙකුට ඇහෙන්න කතා කරන්න වත් දන්නේ නෑ. කතා කරත් හරිම මිහිරි ආයාචනාත්මක විදියට තමා. ඒත් ගෙදර ගිහිල්ල බලන්න ඕන.. උන් නිකං යකඩ වලින් හදපු ඒවා කියල හිතල තමා කටවල් පාවිච්චි කොරන්නේ... නිකමට හිතන්නකෝ... ඔය සෝබන සුකුමාර විදියට තොදොල් වෙලා කතා කරන මොන ගෑනිත් ගෙදර ගියාම එකම යකින්නක් වෙනවා. එතකොට අර ලස්සන දේ නෑ. පිටට පේන්න විතරයි. මේ කිව්ව උනුත් ඔක්කෝම අලුගුත්තේරුවො.

තව ඉන්නව... මුං කියනවා මුං තමා මේ ලෝකේ තියෙන ඔක්කොම වැරදි කොරන්නේ කියලා.. එතකොට අර වචනේ කියන්න මම මහන්සි වෙන්නේ මොකටෙයි නේද...

තව ඉන්නවා බ්ලොග් කාරයෝ....



                  ඒ ගැන ලියපු ඒවා මටවත් පේන්නේ නෑ.. මං හිතන්නේ මැසිමේ ලෙඩක් ද කොහේද.. කමක් නෑ.. ඒත් එහෙම තමා...


හහ් හහ්.. හා.. දැං මේ කාන්ඩෙට ඇතුලත් නොවිච්චි කට්ටිය ගැන විස්තර දෙන්ටකෝ බලන්න.. එතකොට නෙව අපි දන්නේ මේ ලෝකේ 100% ක් ම අලුගුත්තේරුවොය ඉන්නේ කියල.. හරි එහෙම නං 100% ක් අලුගුත්තේරුවො ඡන්දෙ දීල පත් කරන උත්තමයෝ ටිකත් පාර්ලිමේන්තු අලුගුත්තේරුවො බව අපේ සත් ගුණවත් රංජන් රාමනායක ගොයියා නොකිව්වත් හොදටම තේරෙනව නෙව... අනේ මංද... 

වර්ගපුර්ණිකාවට අනුව අලුගුත්තේරු නාමයෙන් යෙදෙන නාම පද, ක්‍රියා පද, කිසිලෙසකින් වත් අපහාස කිරීම සදහා භාවිතා නොකරන වචනයක් වේ.

76 comments:

  1. පාර්ලිමේන්තුවේ ඉන්න අළුගුත්තේරුවෝ ගැන හොඳ හොඳ කතා අපිට ඉස්සරහටත් කියන්න පුළුවන් වෙයි. හේතුව උන්ගේ අළුගුත්තේරුකම් තවම පිළි නොගන්නා ගුත්තේරුවො ටිකකුත් ඉන්නවා නොවැ.

    ReplyDelete
    Replies
    1. නිර්මලා, මේ ගැන කතා කිරීම අනවශ්‍යයි කියා හිතෙනවා... ඔබගේ අදහස පැහැදිලියි. ඒත් මම නං හිතන්නේ දැං ඉන්න සේරම ඈයෝ අලුගුතුතේරුවො කියලයි..

      Delete
  2. අම්මප අද මාර දේශනයික්නේ දේශෙකයාගේන්. දැං මං කල්පනා කොලේ මාත් අලුගුත්තේරුවෙක්නේ... එතකොට දේශකයා....අනේ ඌ නං අහිංසකයා. දැං ඔය රංජොං ගොයියා මොකෙක්ද හැබැටම..තාපසයෙක්නේ .... ගැනියක් දිහා ඇතැක් ඇරල බලන්නේ නැ.

    ReplyDelete
    Replies
    1. ඒකනේ කලු කණ්ණාඩි දාන්නේ......

      Delete
    2. ඈ....බං නලින් අයියේ...උඹේ තියෙන්නෙම ''ඉහි ඉහි...මම විතලක් නෙමේ හොලකං කොලේ, නංගිත් හොලකං කොලා'' තියරි එකනේ.

      Delete
    3. @ නලින්, උමල එහෙම උනාට මම එහෙම නැතෙයි කියා කියල තියෙනවද?/ මගේ අලුගුත්තේරු බලගය ඒකට තමා පාවිච්චි කොරන්නේ. හැක්.. රංජන් ගොයියා නං අහිංසකයා.. පව්...

      Delete
    4. අජෝ යාන්ත්‍රිකයා

      කළු කණ්නාඩි දාන්නේ රංජන් ගොයියා විතරද???

      Delete
    5. @ පැට්ටරියට්,
      උඹට නලිනය සම්බොල ගුලියක් වගේද පේන්නේ..හැක්..

      Delete
  3. හරිනේ බං .... අලුගුත්තේරුවෝ නියෝජනය කරන්න පත් කරන්න ඕනේ අලුගුත්තේරුවෝ මිසක් තාපසයෝ යැ... හි හි... ( මට මේක ටිකක් ටියුබ් ලයිට් බං...)

    ReplyDelete
    Replies
    1. බොට නෙමෙයි බං මටත් මේක තාම ටියුබ් ලයිට්.. සහතිකේටම මම කියන්න ගියපු දේ කිව්වේ නෑ වගේ දැනෙනවා...

      Delete
  4. මම කරන එකම අලුගුස්තේරු වැඩේ ගැන මම පොස්ට් එකක් ලීවා. හැබැයි රාජ් අයියගේ චැලේන්ජ් එක බාරගත්තට පස්සේ දැන් දවස් 4ක් වෙනවා සිගරට් බොන්නේ නැතිව. මේ ගැන ප්‍රසිද්ද ප්‍රකාශයක් කලේ නැත්තේ. තාම 100% ෂුවර් නැති නිසා. නමුත් දැනට නවත්වා අත මම මගේ ගැනම චෙක් කරන එකයි මේ කරන්නේ.

    ReplyDelete
    Replies
    1. උඹේ වැඩේට චියර් කරනවා මේ. සිගරට් බීම ඇත්තටම අත් හැරිලද කියලා බලන්න එකක් වත් බොන්න එපා. අනික සිගරට් එකක් බොන්න හිතුනොත් ඒ ආසාව උඹ සිගරට් එකක් බොනකල්ම උඹට වදදේවි කියලා හිතන්න එපා. ඒ වෙලාව පන්නගත්තොත් ඒක නැතුව යනවා.

      Keep it up dude.

      "You can do it if you really want"
      (Jimmy Cliff) download and listen

      Delete
    2. එකෙක්වත් හැදෙනවා නං ලොකු දෙයක්...

      Delete
    3. හරිම සතුටුයි අහන්න. `If there's a will, there's a way'

      Delete
    4. @ කෝරලේ.

      උඹ ඔන්න අහගන්න යන්නේ.. අලුගුත්තේරු අංක 1, 2, 3, ..... 9034 දක්වාම.. හැක්.. කාරිනෑ බුලට් එක හොදයි වගේ.. දිගටම යමු...

      Delete
    5. @ ඩුඩෙ, හිරු, සමි, චන්දි,
      ඔන්න උඹල වගේම මාත් මේකට චියර් කොරනවා.. කූර කටේ නොගහන්නට හැකි වේවා කියලා...

      Delete
  5. අපිත් බ්ලොග් ලියනවා තමයි ..ඒත් අපි නම් ඕන් දැහැමෙන් සෙමින් බොහොම හිමින් ජීවත් වෙන්නෙ.. මෙතන සඳහන් කරලා ඇතිතෙ වෙන අය ගැන වෙන්න ඕනි ! :-D

    ReplyDelete
    Replies
    1. හා හා වෙනියෝ. වරද්දගන්න එපා මේ ලියල තියෙන්නේ දැං බ්ලොග් ලියන ඈයෝ ගැන.. දැං වෙනියා ලියන්නෑ නෙව... හැක්...

      Delete
  6. මේ ලෝකෙ කොහෙද කපුරුහාමිලා. හැමෝගෙම කිල්ලෝටවල ටික ටික හරි කුණු නැති වෙන්න බැහැ. ඒ වුනත් රංජන්ගේ කතාව මම අගය කරනවා. ඔහු කියන දේ හරි. (ඔහුගේ කුණු මල්ලක් ඇති කිල්ලෝටෙ. හැබැයි ඒ පොදු මිනිස් දුර්වලතා විතරයි.) ඔය රංජන්ගේ කතාවේ පාත්‍ර වරගයා එහෙම ද? මේ යක්කු කරන හැමදේම පොදුවේ දුප්පත් මිනිස්සුන්ටයි රටටයි නේද හානිදායක?

    ReplyDelete
    Replies
    1. මම කියන්න ගියේ වෙද මහත්තයෝ,, ඔය හැම ගොයියම සුදු ඇදපු උන් නෙමෙයි කියලයි.. ඇත්ත ඔබ කිව්ව වගේ පොදු මිනිස් දුර්වලතා තියෙනවා...

      Delete
  7. ඒ අලුගුත්තේරුවාත් මේ අලුගුත්තේරුවනුත් හැර තවත් අලුගුත්තෝරුවෝ සිටීද???
    නැතුව අම්බානකට ඉන්නවා..

    ඒ සියල්ලන් අතරින් අලුගුත්තේරුවකු නොවන අයෙක් සිටීද??
    ඇයි මම.. :D

    ReplyDelete
    Replies
    1. සිටී සිටී.. ඒ බණ්ඩා නම් අලුගුත්තේරුවාය... හරිනේ.. හිහි..

      Delete
  8. අප්පා . . බලාගෙන ගියාම අපි ඔක්කෝම අලුගුත්තේරුවෝ නේ බන් . . .

    කිව්වත් වගේ අපි එහෙම තමා බන්

    බොරුනම් ගොසිප් නයින් එකේ තියෙන මෙන්න මේ ලිපිය කියෝලා බලහන්කෝ . .

    http://www.gossip9.com/2013/01/blog-post_8920.html

    "තවමත් පාර්ලිමේන්තුවේ බහුතරය නුගතුන්ය. අවම වශයෙන් උසස් පෙළවත් සමත් නැති මන්ත්‍රීවරු පිරිස 225 න් 148 කි (සාධක සහිතයි). සාමාන්‍ය පෙළ සමත් නොමැති මන්ත්‍රීවරු පිරිස 225න් 93 කි.

    මෙම පිරිස කසිප්පුකාරයන් වන සරණ ගුණවර්ධනලා, වැල්ලේ විදේශිකයන්ගේ රත්තරන් මාල කැඩූ රත්තරන් මල්ලිලා වැනි සිරගෙවල් වල සිටිය යුතු අපරාද කාරයන් ඇමතිවරු ලෙස කිරුළු පළඳින්න අංක එකේ රට බවට ලංකාව පත්වී ඇත.

    සාමාන්‍යයෙන් විවාහයකදී හෝ රැකියාවක් දීමේදී හෝ නිවසක් කුලියට දීමේදී ඉතිහාසය සොයා යන අපේ පරපුරේ සියලු දෙය සොයා බලන ශ්‍රී ලාංකිකයින් තමන්ගේ මැතිවරණ වලදී අන්ධයන් මෙන් කටයුතු කිරීම තුල අද සිදු වී ඇත්තේ කුමක්ද? "

    ඉතුරු ටික ලිපිය කියෝලම බලාගන්ට ඈ . .

    ReplyDelete
    Replies
    1. මමත් මේ ඕක කියන්න හැදුවා විතරයි දුකා අයියේ...+++++++

      Delete
    2. @ ඇත්ත තමා දුකා... මමත් ඒක කියෙව්වා ඔබ දුන්න ලින්කටුවෙන්... ස්තුතියි..

      Delete
  9. මමත් අලුගුත්තේරුවෙක්ද මන්දා???

    ReplyDelete
  10. අලුගුත්තේරුකම ජීවන දර්ශනයකි. මාත් අඩු වැඩි වශයෙන් අලුගුත්තේරුවෙකි. :D

    ReplyDelete
    Replies
    1. අන්න ඇත්ත කතාව.. හැම මිනිහම එහෙම තමා ඩුඩේ

      Delete
  11. මම නම් කුසල් හාමියෙක් හෝ කපුරු හාමියෙක් නොවෙමි
    ජාතික ධජයෙන් හෝ මල්වට්ටියෙන් මම එය වසා නොගනිමි.

    ඒත් ජනතාවගේ සල්ලිවලින්ම ජනතාවටම අලුකුත්තේරු කම් කරන්නවුන්ට එය ජාතික ධජයෙන් හෝ මල්වට්ටියෙන් වසා ගන්නන්ට කුසල් හාමි කියන්නටද?

    ReplyDelete
    Replies
    1. අපි කුසල්හාමිලා නොවුනද අර හාදයොන්ට කුසල්හාමිලා කියා වදින්නේ මන්ද???

      Delete
  12. ඔහොම බැලුවාම අසියාවෙ ආස්චර්ය මැවිලා පේනවා වගේ අෆ්ෆා....
    සේරම අලුගුත්තේරුවො වෙලා...
    කාටද ආඩමිබර..... !

    ReplyDelete
  13. පුංචි පුංචි අලුගුත්තේරු කම් නිසා ලොකු අලුගුත්තේරුවෝ ටිකක් බිහි වෙනවා.

    ReplyDelete
    Replies
    1. එහෙයි එහෙයි අන්තිමට පට්ට අලුස්ලා

      Delete
  14. මං මොකෙක්ද බං??

    ගිනියම් ඉර... සද සිසිලස
    අතරේ හොයනව හොයනව මේ මං කවුරුද? :D

    අර බ්ලොග්කාරයොප් ගැන ලියල තියන ටිකට නං මං විරුද්දයි ඈ..

    ReplyDelete
    Replies
    1. හා හා තාම මේක බොට අදාළ නෑ... වයස තහවුරු කොරන්න... බ්ලොග්කාරයො ගැන ලිව්වට ද කොහේද බං මගේ මේල් එක හැක් කොරල නෙව පහුගිය දොහේ...

      Delete
  15. ශ්‍රී ලංකාවේ ඔක්කොම ඉන්නේ අලුගුත්තෙරුවෝ තමා සහෝ

    ReplyDelete
    Replies
    1. උඹ ඇමරිකාවෙද?

      Delete
    2. නැහැ ලංකාවේ මාත් උඹ වගේම අලුගුත්තෙරුවෙක් :)

      Delete
    3. @ නිශාන්,,
      ලංකාවේ විතරක් නෙමේ බං හැම තැනම

      Delete
    4. @ යාන්ත්‍රිකයා,
      ඇයි බොල ඇමරිකාවේ උන් කපුරුහාමිලද??

      Delete
  16. මචං අර බ්ලොග් කාරයන්ගේ අලුගුත්තේරුකම් ටික ආපහු ලියනවද? එහෙම කලේ නැත්තං ඒකත් මහ අලුගුත්තේරු වැඩක්....

    ReplyDelete
    Replies
    1. උම නං මහාම මෝඩයෙක් බං... මම අලුස් එකෙක් වෙන්නේ ඒක නොදැම්මම නෙව.. හැක්...

      Delete
  17. ඇත්තටම කවුද ඔය ‍බ්ලොග් ලියන අලුගුත්තේරුවො.

    ReplyDelete
    Replies
    1. අඩේ අමතක උනා නෙව.. බ්ලොග් නොලියන කොස්ටාසේ... සමාවෙන්න වැරදීමක්.. ඒත් කතාව ඇත්ත නේද??/ හෙහ්...අයියෝ ප්‍රසා මට හිනා...

      Delete
  18. රට නැමති අලුගුත්තෙරුවන්ගේ සාර්වත්‍ර කුලකය තුලින් සමානුපාතිකව තෝරාගන්නා 225ට අදාළ උප කුලකය තුළ අලුගුත්තෙරුවන් නොමැති උනොත් තමා පුදුමේ

    ReplyDelete
    Replies
    1. වෙල්කම් වේවා!! අනිවා නියම උපහැරනේ... එළකිරි සමග ගෝවා...

      Delete
  19. මම නම් අලුගුත්තේරුවෙක්....

    ReplyDelete
    Replies
    1. ඒක අපි දන්නවනේ

      Delete
    2. මාත් දන්නවා... ඇයි බං අර උඩින්ම ලියල තියෙන ටික කියෙව්වම මදෑ.. “හොරෙක්, මංකොල්ලකාරයෙක්, මංපහරන්නෙක්“ සහතිකේටම භයානක සත්වයෙක්

      Delete
  20. මචන් දේශපාලන කතා ටික පැත්තකට කලොත් අනික් දේවල්
    ( ලිංගිකත්වය , එක් වීම , 2.50 වැඩ ) ගැන හිතන්න මාර දේවල්
    ටිකක් තියෙනවා බන්..මාව පිස්සු වැටුන ඒ ටික දකිද්දී ..මොන
    තරම් බල්ලෝද අපි ශික්...

    ReplyDelete
    Replies
    1. හෙහ්... සාමාන්‍ය ජනතාව බං...

      Delete
  21. අලුගුත්තේරුවො රංජන් මාමට මක්කවත් කිව්වෙ නෑ නේද. කිව්ව නම් බලාගන්න තිබුන මගේ අලුගුත්තේරුකම

    ReplyDelete
    Replies
    1. නෑ නෑ කියන්න හිටිය එකත් අලුස් එකෙක් හින්දා අවුලක් නෑ..

      Delete
  22. අළු+ගාගත්+බූරුවෙක්.

    ඔය කියන්නේ ඉන්දියාවෙන් ආපු කට්ටිය ගැන වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. වෙල්කම් වේවා!!! වෙන්ට ඇති.. බොටත් දැං ගාය වැඩි වෙලා ඇති මීවනයගේ මාළු කන්න විදියක් නැතිව නේද???

      Delete
    2. විහිළුවට තියල කිව්වෙ ඇත්ත තමයි. අපි වගේමයි. කෙලින් බැරි නම් ව්‍යංඟෙන් කැපිල්ල. 1815ට කලින් ඔය නළලේ සුදු ඉරි ඇඳගත් කට්ටිය ඇවිල්ල ඔය වගේ වැදිබණ කිව්වා. තමන් කිව්වට ඒව රකින්නේ නෑ.

      තව කොච්චර වචන තියෙනවා ද? ජරා කියන එක රජා වුනා. මුදලි කියන කොට මෝඩඅලිය කියන වචනේ දෙමළෙන් කියනවා වගෙයි.

      මීවනයා නැති එක නම් පාඩුයි. හිටියත් අද වෙනකොට මඩ නාල. හැම දේටම අළුගුත්තේරු කතා කියන්න එපා කිව්වට ඇහුවේ නෑ. හොඳ කතා මගේ බ්ලොගෙත් තියෙනවා. ඒවා නම් අළුගුත්තේරු කතා නොවේ.

      Delete
    3. Great. I will surely come, to see u since I observed that u are having a great knowledge in several things' Thanks a lot for coming.. I didnt know that you are blogging

      Delete
  23. මංනං හොඳ බබෙක්....:)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් යාන්ත්‍රික අලුස්...

      Delete
  24. මේ අලුගුත්තේරුවා මම වගේ එවුන් ගැන ලියලා නෑ නෙව.

    ReplyDelete
    Replies
    1. හෙහ්.. උඹට ලියාකියා ගන්න ඉඩ දීලා තිබ්බ විත්තියවත් මතක නැති වෙලා වගේ... හැක්..

      Delete
  25. අලුගුත්තේරුවා...ඔය නමින් සතෙකුත් ඉන්නවද බන් ?

    ReplyDelete
    Replies
    1. ඔව් බං මේ ලෝකේ බිලියන ගාණක් ඉන්නවා...

      Delete
  26. මොකෝ බං සද්ද නැත්තේ? මහ අලුගුත්තේරු කතාවක්නේ දාලා තියෙන්නේ. අන්තිම හරියේ ගෑනිටත් නෙලලා තියෙනවා අපූරුවට. එල එළ

    එහෙනම්, අලුගුත්තේරුවන් ඔක්කොටම චියර්ස් කිව්වා. ජයවේවා!

    ReplyDelete
    Replies
    1. ස්ස් සද්ද කොරන්න එපා.. අලුස්ලට ඇහෙයි බං...ජය වේවා.. මගේ මේලට කෙලවෙන්න ගිහිං ආයේ අමාරුවෙන් ගත්තේ බං..

      Delete
  27. ඕකට තමා අර කවුද කියන්නේ ''අපි අළුත් පාර්ලිමේන්තුවක් වෙනුවට අළුත් ජනතාවක් පත කර ගත යුතුයි'' කියල.

    ලිංගික කටයුතු නිසා අලුගුත්තේරුවෝ වෙච්ච එවුන් ගැන දාල තියන කථාව දැක්කහම විනය පිටකයේ, පාරාජිකා පාලියේ, මෛථුන පාරාජිකාව යටතේ තියන සිදුවීම් මතක් වුනා. ඕවා සර්වකාලීනයි බං.

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
  28. ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්........ අලුගුත්තේරුවො...... :D

    ReplyDelete
  29. දේශපාලනේ කතාකරන අපිත් ඔය ගණයට වැටේවි නේ දේශකතුමා. මේ හැමෝම එකයි අප්පා. කාගෙ කාගෙත් කිල්ලෝට වල හුණු ඇතිය. .......

    ReplyDelete
  30. ඔන්න මගේ මතේ මං මෙතන ලියල තියෙනවා.

    http://lankapriyagesithivili.blogspot.com/2011/03/blog-post_29.html

    ReplyDelete
    Replies
    1. ඒක බලල ආවේ.. ආයේ දෙකක් නෑ හොද පළපුරුදු කාරයෙක් විදියට තමා ලියල තියෙන්නේ.. හැබැයි මම නං අල්ලස් අරගෙනත් නෑ දීලත් නෑ.. (සමහර විට ගිය ආත්මෙදි වෙන්න ඇති කියල දැං හිතුනා)

      Delete