Tuesday, January 8, 2013

අවසානය


මා කියවූ පොත් වල
අවසානය..
තිබුණි සළකුණු කොට
තිත් ඉරි කඩකින්

එළෙසින් මගේ ජීවිතයේ
පිරි උතුරා යන
සියළු වේදනා, දුක් දොම්නස්
...
අතීතයත් සමග එක්වී
අනාගතයත්, වර්තමානයත්
සමග මා මුලා කරන
වේදනාකාරි ජීවන සැමරුම්

තිත් ඉරි කඩකින් වෙන් කළ හැකි නම්
අවසානයක් දකින්නට

එම තිත් ඉරි කඩ ගෙන දෙමි
වේදනා විදින, ජීවිතය ගරු කරන

හැගීමෙන් යුතුව සටන් වදින
දහස් ගණන් තවත් මිනිසුන් හට

වේදනාකාරි ජීවිතයේ 
අවසානයක් දකින්නට

38 comments:

  1. අයියෝ කයි.....................................

    තිත් ඉරකින් නෙවෙයි.... පොයින්ට් 10ක විතර මහත කලු පාට තද ඉරකින් වෙන් කරන්න පුළුවන් නම්....

    ReplyDelete
    Replies
    1. එහෙනං හිරුවො.. බොලාට දුක නැද්ද මේ රාජ් කියන්න වගේ ජහමනයා ගැන.. හිහි.. (හිනා වෙනවා නෙමෙයි බොල අඩනවා)

      Delete
  2. //තිත් ඉරි කඩකින් වෙන් කළ හැකි නම්
    අවසානයක් දකින්නට//

    හ්ම්...........ඔරලෝසුව කරාවි සමහරවිට ඔය දේ...හැබැයි කල් ඉකුත් වීමට පෙර නම් හොදයි...ඒත් ඒක සුවර් නෑ...

    ReplyDelete
    Replies
    1. මට නං මුකුත් සුවර් නෑ තරුවෝ. නිකං හිතුනා කෙටුවා එපමණයි. තැන්කුයි හොදේ.

      Delete
  3. එහෙම දෙයක් කරන්න පුළුවන්නම් මම තිත් ඉරි හොය හොයා ඉන්නෙ නෑ.

    එහෙම නැත්තම් අර Shift+Delete වගේ එකක් තිබ්බ නම්..එක පාරම ඉවරම කරලා දාන්න...

    ReplyDelete
    Replies
    1. ඇයි බොටත් මොකක් හරි කොරන්නට ඕන වෙලාද?? හැක්...බුදු අම්මෝ මේකි හදන්නේ අපි ඔක්කොම ෂට් ඩවුන් කොරන්න නේ...

      Delete
  4. හැකිවීනම් අපට - කාලය ආපස්සට ගන්න

    ReplyDelete
    Replies
    1. කාලය කියන දේ බැහැ කවදාවත් ගන්න
      ගිය දේ ගියා සේ වෙනවා ඉවසන්න

      Delete
  5. muta ada mokak hari wela.
    Wenada wage hitapan bn.

    ...... Thith walin awasan karanawa wagema sambanda karannath puluwan.

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමා දේශ්. අවසන් කරන්නත් සම්බන්ධ කරන්නත් පුළුවන් බව මට උඹ කියනකං මතක් උනේ නෑ

      Delete
  6. මං නම් ආස කොමාවක් දාන්න :) හැමදෙයක්ම ජීවිතේට අළුත් අත්දැකීමක්නේ..

    ReplyDelete
    Replies
    1. අඩේ යසියා තව අදහසක් දුන්නා.. තැන්කුයි හොදේ

      Delete
  7. ඔහොම කොරන්න ඇහැකි නම් ඉතිං කොච්චර හොදද...... ඒත් බෑනේ....

    ReplyDelete
    Replies
    1. බැරි බව නේන්නං සමනලියෝ කියන්නේ.. මේ යකාට පිස්සු කියල මං හිතන්නේ ඔයා තාම දන්නේ නෑ

      Delete
  8. පුලුවන් උනානම්
    සියලු දුක් දොම්නස්
    අවසන් කරන්නට
    තිත් ඉරි කඩකින්

    තිත් ඉරි ගොඩක්
    පමණක්ම වේවි
    මේ ජීවිතය

    ReplyDelete
    Replies
    1. හෙක්... හෙක්... සහතික ඇත්ත..

      Delete

  9. හරිම ලස්සනට පද ටික නම් තියෙනවා..
    ඒ කිව්වේ උබට පුළුවන් නම් හැම
    එකාගෙම ජීවිතේ අවුලක් ගියොත්
    ඩොට් ටිකක් ගහල එනවා කියලද පොත වහල ? හැක්

    ReplyDelete
    Replies
    1. නෑ බං මගේ සතුට උන් වෙනුවෙන් දෙනවා කියල හිතුවේ.. උඹ මට දෝසාරෝපනේ දාන්නට එපා බං... එනවා උඹේ මුළු කතන්දරේම බලන්න...

      Delete
  10. මං නම් කැමති ආයි ලියන්න.

    ReplyDelete
    Replies
    1. ඒ කිව්වේ උඹ ලියන්නෙ නැත්ද, අන්න ගෙට්ටුවේ මාතර ඈයොන්ට විසේස ආරාධනාවක් තියෙනවා. සිරා ගෙන්..

      Delete
    2. ඔව් ඔව් ගම්පහ ඈයො විදියට සිත්තමීත් ආරාධනා කරනවා.....

      Delete
    3. මේ ඈයෝ කියන්ටකෝ බලන්න අපි මොන ඈයොද කියලා...

      Delete
  11. කවියත් මරු. ඒ පරාර්ථකාමී සිතිවිල්ලත් නියමයි. නන්දා මාලනී මහත්මියගේ සින්දුවක් මතක් උනා.

    ReplyDelete
    Replies
    1. තැන්කුයි.. මොකක්ද බං සින්දුව. හඩන්නට හැකි නම් ද??

      Delete
  12. තිත් වැඩි උනාමත් තිත්තයි වගේ බං.

    "සැමදා දුක සැමදා සැප නොමැති ලෝකයේ...
    සිනහා නැගෙයි කඳුල නැගෙයි එයයි ජීවිතේ...."

    ReplyDelete
    Replies
    1. තිත් වැඩි උනාම ඔක්කාරේ වගේද?? බොට පරණ සින්දු මතක් වෙන්නේ...

      Delete
  13. පටන්ගනින්කෝ මතට තිත තියලා...

    ReplyDelete
    Replies
    1. ඒකට තිත තිබ්බොත් ඉතිං පුතේ ජීවිතේ වැඩක් නෑ..

      Delete
  14. අන්තිමට තිත් විතරක් ඉතුරු වෙයි...............

    ReplyDelete
    Replies
    1. මොකෝ කියන්නේ කොන්ක්‍රිට් බලගයේ දිනපතා තිත ගානේ තියමුද?? එතකොට අපිටත් කරදර නෑ තිත් තිත් තියන්න පුළුවන්..

      Delete
  15. අනේ මට තේරුන් නෑ බං...තිත්..තිත්...තිත්...

    ReplyDelete
    Replies
    1. කියන්න දෙයක් නෑ පැට්රියට් මලයෝ.. තිත්......

      Delete
  16. වේදනාකාරි ජීවිතයේ
    අවසානයක් දකින්නට
    පුළුවන්ද ඔයා කියන
    මේ තිත් ඉරි ගොඩකට

    ..................................................
    වෙනස් පෝස්ට් එකක්

    ReplyDelete
    Replies
    1. ඒක නිකං අදහස් නේ සිත්තමියෝ. මං නිකං ජීවිතේ පොතක් කියල හිතුවේ.. තැන්කුයි.. ඉතිං කවි නෙමෙයි පහුගිය ටිකේ කරපු දේවල් ආයේ බ්ලොගේට එන්න හිතුනු විදිය ගැන ලියවිල්ලක් එහෙම දාමුකෝ..

      Delete
  17. අපි ඉතින් කොහොමටත් තිත් ගොඩක් නෙව.. මැරෙන උපදින ශෛල තොගයක්... ඉතින් ඉවර වෙන්නෙ තිත් හැටියටම තමයි..

    ReplyDelete
    Replies
    1. අපේ ආරම්භයත් තිතකි. අවසානයත් තිතකි..

      Delete