Thursday, December 20, 2012

ඔන්න පටන් ගත්තා.. Starting the day of end of the World



තව පැය දෙකකින් ඔබ සැම බලාපොරොත්තු වූ ඒ අති මනරම් අවස්ථාව උදා වෙනවා.. ඔව් හරියටම කිව්වොත් තව විනාඩි 30 කින් ඒ අති උත්කර්ෂවත් වූ අවස්ථාව උදා වෙනවා. (දැන් වෙලාව සම්මත ලෝකයේ රාත්‍රි 11.30 යි)

මේ අවස්ථාවේදි අපට නිතැතින්ම සිහි වෙනවා අපගේ ආදරණිය නායකයා එතුමා නොහිටින්න මේක මේ තරම් ප්‍රභාර්ෂයෙන් යුතුව සමරන්නට අපට ඉඩ කඩ ලැබෙන්නේ නෑ. දැනුත් එතුමා අපි ගැන හිතමින් මේ අහිංසක අපිව ජීවත් වීම නොමැති අදුරු ආගාධායෙන් ගොඩ ගෙන ප්‍රතිදීප්ත පහනකින් ආ‍ලෝකමත් වූ අනන්ත වූ ලොවක් (Apaaya) කරා සම්ප්‍රාප්ත කරවීමට සියළු වෙර දරමින් ඉන්න බව කියන්න පුළුවන්.

ඉතින් ඔබ සියළු දෙනාට සුලෝවිදිවේවා!!!!!

...
.....
.......

End of the day of end of the World

කරුණාවෙන් සවන් දෙන්න. මෙම වැඩ සටහන අවසන් වන 2012.12.21 දින මධ්‍යම රාත්‍රි 12.00 න් පසු නැවතත් සුපුරුදු වැඩ සටහන් ප්‍රචාරය වේ.

52 comments:

  1. අම්මේ බඩ පපුව දාල ගියා බං...!

    උඹත් නිදි වරාගෙන බයටම නේද..?

    ReplyDelete
    Replies
    1. එදා නං වීයෝ බයටම ඔන්ලයින්.. හා..හා..

      Delete
  2. යකඩෝ දේශකයත් හෙට ඉඳන් ලෝක අවසානය ගැන දේශනා දෙන්න ගනීවි වගේ

    ReplyDelete
    Replies
    1. ඒවා අහවර කොට නැවත සුපුරුදු දේශන වලට පැමිණ ඇත.. කෝරලේ මහත්තයෝ..

      Delete
  3. කාරුණික නිවේදනයයි!

    2012-12-21 දිනට යෙදී තිබූ ලෝක විනාශය දිවයින පුරා බල පැවැත්වෙන අයහපත් කාළගුණය හේතුවෙන් කල් දැමීමට සිදු වී ඇත. ලෝක විනාශය බලාපොරොත්තු වූ සැමට අපගේ බලවත් කණගාටුව.

    මීට, ලෝක විනාශ සංවිධාන කමිටුව.

    ආ...දැන් නිදාගනිං.

    ReplyDelete
    Replies
    1. හරි ඉතිං පැට්රියට් මලයා කියනවනං එහෙම තමයි.. සංවිධායක කමිටුවේ උඹත් ඉන්න විත්තිය අද නේ දන්නේ...

      Delete
    2. ඈ බං.. කොයි ලෝකෙද ලෝක විනාසේ දිවයිනකට කල් දැම්මේ??

      Delete
  4. ඉතින් ඔබ සියළු දෙනාට සුලෝවිදිවේවා!!!!!

    හි හි.. සේම් ටු යූ!! සේම් ටු යූ!!

    මේ මගුල් විනාසේ වෙන්නෙත් නෑ.. ඒ බයටම නින්ද යන්නෙත් නෑ..

    ReplyDelete
    Replies
    1. සුලොවිදිය අවසන් ය බණ්ඩො. දැං බය නැතිව වැඩ කොරපාං.

      Delete
  5. ඇත්තද බං ලෝක විනාසේ මෝඩයන්ට පේන්නෙ නෑ කියන්නෙ?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අපි එහෙම කිව්වට මේ යක්කුන්ට තේරෙන්නේ නැත්තේ ඒක හින්ද වෙන්ට ඇති...

      Delete
  6. Replies
    1. ගයනිටත් සුභ පැතුම් කලි යුගයට...

      Delete
  7. රෑ 12 න් පස්සේ හම්බෙමු එහෙනම්..!

    ReplyDelete
    Replies
    1. ඒ සෑ 12 තාම ආවේ නැත චන්දන මහතානෙනි. එතෙක් ඉවසමු

      Delete
  8. ලෝකවිනාසේ අද නෙවේ - ජනවාරි මාසේ අන්තිමට

    ReplyDelete
    Replies
    1. ඇත්තට.. එහෙනං පිළිගන්නවා මේ පැත්තට.. ජනවාරි මාසේ අන්තිම කිව්වේ උඹල කුමන්ත්‍රණයක්වත් කරනවද මේ දවස් වල...

      Delete
  9. මම මේ බලන් ඉන්නවා කෝ තාම නෑනේ. මේකටත් බාලගිරි දෝසේ වගේ.
    - අද නොවේ හෙට -

    ReplyDelete
    Replies
    1. මාත් තවම බලනවා වෙද මහත්තයෝ.. බැරිම තැන කොල කෑල්ලක ලියල දොර උළුවස්සේ ගැහුවා. “ලෝක විනාසේ අදත් නෑ හෙටත් නෑ ලොවෙත් නෑ“ කියලා. හැක්

      Delete
  10. බලහං බං... මං උදේට උයන්නෙත් නෑ කියලා හිතාගෙන ෆුස් ෂපාන් එකේ නිදා ගත්තා.. 8.30ට ඇහැරිලා බලනකොටත් මේ ලෝකේ මෙහෙම්මම නේ බං.... ෂික්..... අපි පැන්නොත් ලිඳකට... ඒකෙත් ගෙම්බෙක්......

    ReplyDelete
    Replies
    1. අනේ බොල. උඹලත් අහුවෙනවා නේ ඕවට. ලෝක විනාසේ උනාම කෑම හම්බවෙනවා කියල කව්ද බොට කිව්වේ. ඇයි ගෙම්බොන්ට බයද??

      Delete
  11. අළුත් ඉරක් පායලා...

    ReplyDelete
    Replies
    1. කොහේද අක්කේ... අපි නොදැක්කෙමු..

      Delete
  12. මේක කියොනකොට මංනං පනපිටින්..:))

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතිං උඹේ පන යන්න නං අර යාන්ත්‍රික කොටස් ගැලවෙන්ට එපාය...

      Delete
  13. කෝ වුනේ නැහැනේ හූ හූ

    ReplyDelete
    Replies
    1. අජෝව් හු කියන්නේ කව්ද.. දැන්නං කොරලම පෙන්නනවා බොට...

      Delete
  14. ලෝක විනාසෙටත් බාල ගිරි දෝසෙ..

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ ලිහිණියෝ...

      Delete
  15. ලෝක විනාස අවිනිශ්චිතතාවය විකිනීමේ
    ව්‍යාපාරයට දැන් අලුත් එකක් සොයාගන්න වෙනව

    මායා කැලන්ඩරේට අනුව නව මහ භද්‍ර කල්පයකි.
    කැලන්ඩරේ නැවතත් ලියන්න ආරම්ඹ කරන්න පුලුවන්.

    නොස්ට්‍රඩැමුස්ගේ අනාවැකි පොත නැවතත් කියවන්න වෙනව අලුත් පසුබිමක් යටතේ

    ReplyDelete
    Replies
    1. ඔව් දයල්.. දැං ඔය අනාවැකි කාරයෝ ආයේ වෙන විදියක් හොයා බැලුවනං හොදා අපිව අන්දන්න

      Delete
  16. මේ උලව්ව ගැන කියෝල දැන් එපා වෙලා බං.

    ReplyDelete
    Replies
    1. මේ ඉලව්ව ගැන තෙපර බබා කරුණු කාරණා කිව්වත් කෝ එකෙක්වත් පිළිගන්නවයැ. ඇත්තය කියලා..

      Delete
  17. // ඉතින් ඔබ සියළු දෙනාට සුලෝවිදිවේවා!!!!! //

    බොලේ තව ටිකෙන් මට සුළුදිය පහ වෙනව......

    ReplyDelete
    Replies
    1. ඕං මං හිතන්නේ උඹ නං බය උනා.. හිහි..

      Delete
  18. අඩේ මං පරක්කුයි :(

    ReplyDelete
    Replies
    1. මක්කටෙයි.. සුභ පතන්නද? ආයි වටයක උත්සාහ ගන්න සමියෝ..

      Delete
  19. කෝ බන් දැන් උබ ඔප්පුකොරලා පෙන්නු එක...

    ReplyDelete
    Replies
    1. ඇයි බං තිබුනේ... ඔප්පු කොලා.. ඒ උනාට දෙවියන්නාන්සේ ඇහුංකං දීල නෑ නෙව..

      Delete
  20. Replies
    1. ඒක හරි ගියා නං අර මාල දිවයිනේ ඉන්න උන් ටික වෙන විදියකට හරි ඉගෙන ගනීවි. ෂික් විතරක් බොට අවුරුදු ගානක් කරලත් උන්ට උගන්නල ඉවර කරන්න බැරි උනානේ..

      Delete
  21. අයියෝ ලෝක විනාසෙ අස්සෙ බෝතලේ අඩිය පෑදුනා බොලං....

    ReplyDelete
    Replies
    1. අනේ අම්මප උඹල වගේ එකෙක් හිටියත් ඇති ලෝක විනාසේ කල් යන්න..

      Delete
  22. ලෝක විනාසෙටත් බාලගිරිදෝෂෙද කොහේ. :පී

    ReplyDelete
    Replies
    1. බාලගිරි දෝසෙට ලෝක විනාසේ සරණයි!!

      Delete
  23. කෝ මේ දේශකයා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චන්දන. මතක් උනාට.. ඇත්තටම දවස් 4 ක සවාරියක් දැම්ම 19 - 22 වෙනකං. මගදි මං උඹලගේ ඒවා කියෙව්වා. ඒ උනාට ආවට පස්සේ තද උනක් ගත්ත බං.. සෑහෙන්න අමාරුයි.. ටිකක් විවේක ගන්න උනා.. ඕං දැං ඉදං ආයේ ඉන්නවා. තැන්කූ සොයා බැලුවාට..

      Delete
  24. ඒ බං. අර මායන් කැලැන්ඩරේ ඔන්ලයින් බලා ඉද්දි මොනිටරේ තිබ්බ සයිට් එකනං හෙල්ලුනා හරියටම වෙලාවට සල බල ගාලා..

    ReplyDelete