Monday, December 31, 2012

පරණ කේක්!!!!! (Old but Sweet)

ඉතිං ආයුබෝ කියල ඔන්න ආපු යකා යන්නට යනවා.. ඊට පස්සේ එක තත්පරේක වෙනසකින් ගෙඩි  පිටින් අවුරුද්දක් ලබනවා. සිංහල මානසිකත්වයෙන් මේ රෝම කැලැන්ඩරේ දිහා බලන කොට ඔය කොච්චර ඇස්ඇම්ඇස්, ඊමේල්, එකි නොකී මෙකී ක්‍රම අනුව, අපිට මේක සුභ අළුත් අවුරුද්දක් වෙනවා කියලා කව්රුවත් හෙම කියනවා නෙමෙයි මොකද, රෝම කැලැන්ඩරේට අනුව ඒක නිකංම Happy New Year එකක් විතරයි. අපිට, ඒ කියන්නේ සිංහලයන්ට සුභ අළුත් අවුරුද්දක් ලබන්න අප්‍රේල් මාසය වෙනකං ම ඉන්න වෙනවා කියල කියන්න ඕන නැහැ නෙව. ඒ උනත් තව පැය කිහිපයකට පස්සේ මුව ලෝකේ පුරාම ඇති වෙන අළුත් අවුරුදු ප්‍රමුද්දීපනයට ගැති වෙන අපි හැමෝම ලෝභ නැතිව ඔබට සුභ අළුත් අවුරුද්දක් වේවා කියල පතනවා. ඒකට ඉතිං කොරන්න දෙයක් නෑ මොකද ලංකාවේ ඉන්න එකම ලොක්කා වීරවංස විතරක් නිසා අනික් සේරම කබ්බෝ වෙනවා. 

ඒකෙන් කාරි නෑ දැං කියමුකෝ බලන්න පහු ගිය සති දෙකේ මේ පදුරු දේශකයා බ්ලොග් ලෝකේන් කුජීත වෙලා හිටියේ මොකද කියල.. කව්ද හෙව්වේ.. කව්ද බැලුවේ මේ යකාට මොනව වෙලාද කියල.. නෑ.. කව්රුවත් නෑ.. ඉතිං මේ සති දෙකට දේශකයා බ්ලොග් සැරිසර නැවැත්තුවා කියල අනිත් උන් තමන්ගේ සැරිසර නැවැත්තුවාද.. ඒත් නෑ.. ඇත්තටම කිව්වොත් කිසිම කරදරයක් නැත්තේ ත්‍රිබාසා අයියගෙන් විතරයි. දෙයියනේ කියල බ්ලොගේ ඇරල ඒ ගමන්ම වහල දාන්න හැකියි අනේ මුකුත්ම ලියල නෑ කියලා.. අනිත් කස්ටිය දිහා බැලුවොත් ඒගොල්ලොන්ගේ සීඝ්‍රගාමී රචනා ශෛලිය නිසා මේ අහිංසක දේශකයා අමාරුවේ වැටිල ඉන්නේ.. ඒ කිව්වේ පරණ බ්ලොග් වලකටම හිර වෙලා, මේ හාදයෝ ලියපු ඒවා කියවගන්න බැරිව.. ඒක නිසා හිතේ සන්තෝසෙටත් එක්ක, ඔන්න අමතක කරල දැම්ම පරණ කතා. පහුගිය ටිකේ දේශකයා ට එන්න බැරි වීම ගැන මාගේ සියළු මිත්තරයෝ සමාව භජනය කරනු ඇතැයි සිතා, එලෙසම වේයැයි උපකල්පනය කර ආපු වැඩේට බහිමු.

ඇයි පරණ කේක් කියල මේ හෙඩිම තියෙන්නේ කියල බැලුවම පෙනෙන මහප්පරාන වූ කාරණය තමා කාගන්න බැරිව ඉතිරි වෙච්චි කේක් කියලා.. ඒත් එක්කම බැලුවම පුරස්නයක් එනවා මොකටද කේක් කන්නේ කියල.. ආයේ ඉතිං කියන්න දෙයක් යැ මේ සිංහල කෑම කන්න වෙනම වෙලාවක් ඕනයැ නේද?? හරි ඒ උනත් මම නං ඔය කේක් කියන ජාතිය කන්නේ හොදටම උවමනා වෙලා කන්න කියල බල කරන වේලාවකදී විතරයි. ඒ කියන්නේ අපිට බලෙන් හෝ කේක් කන්න වෙනවා සිංහල සංස්කුරුතික උරුමය කියා පාන සගයන්ගේ උපන්දින සාද වලදී. ඒ වගේම සංස්කුරුතියේ කැඩපතක් වැනි විවාහ මංගල උත්සව වලදී, තව තියෙනවා ඇනිවර්සරි වලි වලදී, ප්‍රමෝෂන් පාටි වලි වලදි, රියටර්මන්ට් පාටි වලි වලදි, කොමිස් පාටි වලි වලදී, තව මදි උනොත් පොඩි එකා කේක් ඉල්ලල පොලොවේ හැපි හැපි අඩල හිනා වෙවි කේක් අරං ගෙදර ගියාට පස්සේ.. හැබැයි ඔය හැම වෙලාවෙම අපි කන්නේ අළුත් කේක් නිසා පුරස්නයක් නෑ... 

අන්න වැරදුනා.. වෙඩිමකට ගියාට පස්සේ, හොදට බීලා කේක් බෙදන ගෑනු ළමයින්ට මුකුළු කරල, පැණිය දාලා ඒ ඉන්නේ පොඩි ගැල්ලමයි බව දැන දැනම උන්ට පොඩි තගකුත් දාලා පෙරේත කමට එක කෑල්ල වෙනුවට ඉල්ල ගන්න වෙඩිං කේක් කෑලි දෙක සාක්කු දෙකේ ඔබාගෙන වැනි වැනි ගෙදර ගිහිල්ල, ගෙදර උන්දැට කියන්නේ යාළුවා මට කේක් කෑලි දෙකක්ම දුන්නයි කියල නේ.. (හෙක්.. ඕං මම නෙමෙයි ඕවා කරන්නේ) ආන්න පරණ කේක්... ඒවා තමා අපි කන පරණම කේක්.. ඔය කේක් හදන විදිය ගැන ඉතිං දැනගන්න ඕන කෙනෙක් ඉන්නව නං අර ඇලට මුණ පේන පින්තුරේ දාල ඉන්න, නිතර හිනාවෙන නංගිගෙන් අහන්න. සකල මනාවම පැහැදිලි කොරල දෙයි ඒත් ගිවිසුමක් මත.. පාදුක්ක පැත්තට වෙන්න බිස්නස් කරන්න බැහැයි කියලා.

ඔය පරණ කේක් හදන්න ගත්ත පොඩි ව්‍යාපෘතියක අධ්‍යක්ෂ ජනරාල් හෙවත් සප්ලයි බට්ටා තනතුරක් හොබවන්න මේ දේශක උත්තමයාට සිදු උනා නෙව පුරුවේ පවට (තුන්වෙනි පාරට). හෝව්... මේක මේ මිත්තරයෙකුට කරපු උපකාරයක්.. මොකෝ කියන්නේ හුගක් අය හිතන්නේ මේ දේශකයා කොළඹ කාලා වතුර බීලා ඒ මදිවට වමාර වමාර කන එකෙක් කියලා..

මගේ වෙඩිමට ඕන කරපු වෙඩිං කේක් කෑලි 600 (දෙපැත්තේම උත්සව දෙකට) හදා දෙන්න මිතුරියක් බාර ගත්ත හින්දා ඒකි ලියල දීපු පස්ට වෙඩින් කේක් බඩු ලැයිස්තුවක් අර ගෙන පිට කොටුවේ කරක් ගහල, යාන්තං ජොන්ගේ මාළු කඩේ කිට්ටුව තැනක් සෙට් කරගෙන ඕන කරන බඩු ටික ගත්තේ ඔය පිට කොටුවේ තියනවයි කියන කේක් බඩු විකුණන කඩ හැට හුටාමාරකම ගනන් අහලයි.. ඇත්තටම බැලුවොත් හුගක් තැං වල ඔය පැකට් කරපු භාණ්ඩ එක මිල උනාට කිරල මැනල දෙන භාණ්ඩ තියෙනවා නේ කජු, චව් චව්, සුල්තානා, චෙරි වගේ ජාති වල මිල ගණන් එක එක කඩේ වෙනස්. ඔය සුල්තාන වගේ දේවල් වීදුරු පෙට්ටි වල පැණි බේරි බේරි තියෙන කොට මට නං හිතුනේ නිකං වෛද්‍ය පීඨයේ පර්යේෂණාගාර වල තියෙන ෆෝමලින් වල බස්සපු මනුස්ස සරීර කොටස් වගේ. ඒ තරංම ඕජස් ගලනවා ඔය සුල්තාන වල..

කොහොම හරි බඩු ලැයිස්තුවට අනුකූලව ඔක්කොම අරගෙන ලිස්ට් එකට ටික් දාගෙන චෙක් කොරල කඩේ බිලත් ගෙවල ඉවර උනාට පස්සේ මගේ දාඩිය දාපු මූණ දැකපු මුදලාලි, ගෝලයට කියල අනාරාදිතවම බඩු ටික හොද එකෙන් ලොකු පෙට්ටි දෙකක් පැක් කරල දුන්න එකට එක උඩින් තියල ගැට ගහල.. හම්මේ දැං ඉතිං මේක උස්සල බලන කොට තමා කෝකටත් කියල බැලුවේ අත් දඩු දෙක ගැලවිලාවත් ගියාද කියල. ඒ තරං බරයි.. මොකෝ කරන්නේ කියල හිතල.. පාරට බැහැල එතනම තිබුන ත්‍රිවීල් අයියලගෙන් කොටුව ඉස්ටේසම ගාවට යන්න ගාන ඇහැව්වම මුං කියනවා රු. 100 ක් දෙන්නය කියල.. මේ 2002 වරුසේ. ඒ කාලේ හැටියට ගාන බොහොම වැඩියි. මූට රු. 100 ක් දුන්නොත් මෙච්චර කාල් ගාල දුක් විදල ගත්ත ලාභෙ හෝදගෙන යන හින්ද,. ඕන එකක් ප්‍රිති වෙසක් කියල ක්ලීන් සූට් හිටිය දේශක කොල්ල ලැජ්ජා බය කියන ඒවා කඩේ දොර ගාවින් බාවල පෙට්ටි දෙක ගත්තා කරට. එක උරයක් බඩු ටික හින්ද පොලවටම නැමිල. මොනා කරන්නද දුක තමා රංජනී කියල බැරි මරගාතෙම කොහොම හරි ඉස්ටේසමට ඇවිල්ල යාන්නං කොන්දත් බේර ගෙන බස් එකේ නැගල ගෙදර ආවා.. 

දැං කේක් හදන්න යොදා ගත්ත දිනේ.. මිත්තරයෝ දහයක් විතර අඩගහගෙන මගේ සේවාදායිකා මිතුරිය කිව්ව විදිවට හොද පිහි හය හතකුත් ගෙන්න ගෙන වැඩේට බහින්නයි සුදානම. එතකොට මිතුරිය අහනවා..

“ඒ බං දේශා.. මේ බඩු ටිකට කීයක් ගියාද බං??“

“මේකට බිල බං රු.. 8735 යි.

“ඒයි ලාභයි නේ.. උඹ ගත්තේ පිටකොටුවෙන්ද??“

“ඔව් ඔව් ඔන්න උඹලටත් ඕන නං කියාපල්ල මං දන්නව සුපිරි පොට් එකක් බඩු ගන්න පුළුවන්“

ඔය කතාව නවත්තල කොටපු එකට තව දහ පාරක් විතර කොටල චුරු කරල වැඩේ සෙට් කරල කොහොම හරි කේක් කාලා වෙඩිම ගත්ත.. වැඩේ ඉවරයි.

ඊට පස්සේ හරියටම අවුරුදු දහයක් ගත උනාට පස්සෙත් මම අර කියපු “ඔව් ඔව් ඔන්න උඹලටත් ඕන නං කියාපල්ල මං දන්නව සුපිරි පොට් එකක් බඩු ගන්න පුළුවන්“ වාක්‍යය මතක තිබ්බ එකෙක් කරුමෙට හිටිය නෙව.. ඉතිං බෑ කියන්නයැ.. ඔන්න ඔහේ හුග දවසකින් කොළඹ ගියේ නැතිවත් එක්ක නිසා ගියා කොළඹ තනියම.. හැබැයි පාඩු බැලුවේ නෑ. ත්‍රිවිල් කස්ටක් අරන් තමා ආවේ.. දැං ඉතිං වයසයි නේ.. බර සාර වැඩ බෑ නොවැ. ඔන්න මගේ පරණ කේක්..

ප.ලි. - අසනීප තත්වයෙන් යුතුව කල් ගත කිරීම නිසාත්, වෛද්‍ය උපදෙස් මත සැහැල්ලුවෙන් ගත කිරීමට සිදු වීමත් නිසා මායියා කිසිදු අවස්ථාවක ජාලය භාවිතා කිරීමට ඉඩ හසරක් ලබා දුන්නේ නැත. කොහොම හරි ජාලය වෙත පිවිසුනද එයත් ව්‍යර්ත කිරීමට මූලික පියවර ගෙන තිබුනි. මං දන්නෑ.. ඒක කරේ මගේ හොදටය කියල එයා කියනවා නේ.

69 comments:

  1. මංනං මාර ආසයි ලෙඩ හැදෙනවට... කෑම බීම ළඟටම... ක්ලාස් පාසල් නිවාඩු... කවර සැපක්ද... ඒම එකක් ගන්න පුළුවනෑ සාමාන්‍ය දොහක...
    ඒ අතිං දේශකයා වාසනාවන්තයි... මේ අවුරුද්දට මට හෙම්බිරිස්සාවක්වත් හැදුන්නෑ ඕං...

    ReplyDelete
    Replies
    1. මචෝ සර්කිට් එක චෙක් කොරපාං. උඹේ යාන්ත්‍රික මනසේ මොකක් හරි අවුලක්.

      Delete
  2. පව් අප්පා...දුකේ බෑ..කොහොම හරි අමාඅරුවෙන් ගිහින් හරි යාළුවට උදව් කලානේ...මට මේ හිතා ගන්න බැරි දෙයක් තියෙනවා. අවුරුදු දයකට කලින් යාළුවාට කියපු කාරණය...ඒකට මෙච්චර කාලයක් මතක තිබුනේ කොහොමද කියලා...හි හි හී...

    මගේ වෙඩිම ගන්න කාලෙක මතක් කරලා දේශා අයියටම කියන්න ඕනේ...අඩුවට ගන්න පුළුවන්නේ.... :P :D

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ ලිහිණියෝ. කට හින්දලු නෙව අපි නහින්නේ.. ඒකට විතරක් නෙමෙයි අනිත් උන්ටත් කතාව තාම මතකයි. හැක්.

      උඹේ වෙඩිම ගන්න කාලෙක යම රජ්ජුරුවන්ට කියහං. එතකොට පුළුවන් උනොත් මිනිහා මට නිවාඩුවක් දේවි..

      Delete
  3. 2002 කිව්වා නේ...

    අනේ බං උඹ ඔය කේක් හදලා තියෙන්නේ කේක් හැදිල්ල ගැන දන්න එකෙක්ට කියලද....? ඔය කේක් එක පරණ කරන්නේ අපේ මෝඩයෝ බං... ඒක මාස ගනං පරණ කරලා හදන ක්‍රමේ වැරදියි... ඕක හදන්නේ ඔතන්න වෙලාව තියාගෙන විතරයි.. ඒ කියන්නේ වෙඩිමට දවස් 2-3 කට කලින්... එක දවසක් තියලා හැදුවත් අවුලක් නෑ ඔතාගන්න පුළුවන් නම්.. හි හි... අනිත් එක ඕක අඹරලා, තලප කරන්නේත් නෑ.. කජු කුඩුකරලා දාන්නෙත් නෑ... රට ඉඳි දාන්නෙත් නෑ... කෑලි හැපෙන්න තියලා තමයි කපන්නේ... හැබැයි මේක හැදුවට පස්සේ අවුරුද ගානක් උනත් තියාගන්න පුළුවන්...

    උඹ හිතුවද මේවට රැවටිලා මං හදන විදිය කියලා දෙයි කියලා... ඒවා හඳේ... හි හි....

    කේක් කෑලි 600ක් හදන්න බඩු වලට වියදම 9000 නම් මට හිතාගන්න බෑ කේක් කෑල්ලක්ද, කේක් පොත්තක්ද දුන්නේ කියලා...හි හි.. ( විහිළුවට ඈ..)

    අනේ මන්දා උඹත් ලාබෙට තියෙන හින්දා උණ වත් ගත්තද... මේ දවස් වල හැමෝටම උණ.... දැං ඉතිං හොඳයි නම් කමක් නෑ... අනේ මන්දා....

    Happy New Year වේවා... හි හි

    ReplyDelete
    Replies
    1. මෙයා අපේ කේක් ගුරු තුමීනේ කිව්වනං හදල දෙනවනේ නේද හිරුවෝ

      Delete
    2. /*උඹ හිතුවද මේවට රැවටිලා මං හදන විදිය කියලා දෙයි කියලා... ඒවා හඳේ... හි හි.... */
      ඒ වැඩෙත් හබක්.. වෙන විදිහක් බලමු දේශෝ..:D

      Delete
    3. කනවා නම් කේක් හිරුගෙන්ම කන්න.... කෑවොත් කෑවාමයි.....

      Delete
    4. @ හිරු, ඕං බලාපං උඹ නොදන්න මගුල් කතා කරනවා තොපි දන්නවැයි ලෝ බජට් කේක් හදන්න. අස්ප ගණන් වලින් නෙව කියන්නේ. හැක්. ඇත්ත බං කේක් කෑල් නං පොත්තක් වගේ තමයි අන්තිමට.

      මම හිතුවේ උඹ මෙහෙම කියාවි කියාල. “ඔන්න ඔයාලට දැනගන්නත් එක්ක මගේ ඊළග පෝස්ට් එකේ වෙඩින් කේක් රෙසිපි එකයි හදන විදියයි දානවා“ හික්.. හික්..

      උන තමා බං හැදුනේ.. මම ගියා දවස් හතරක සවාරියක්. ඒකේ ප්‍රතිවිපාක තමා. තැන්කූ වේවා!

      Delete
    5. @ නලින්, මුට්ටිය දමා බැලුවෙමි. මේකිගේ මොලේ වටේ ඉබි කටුවක් නෙව තියෙන්නේ..

      Delete
    6. @ චන්දන
      ඔව් බං හරි ගියේ නෑ ඒ වැඩේ.

      Delete
    7. @ සිරා, උඹ කාලා බලපං. මේකිගේ කේක් කෑවම පොකට් එක හාන්සියි..

      Delete
  4. //.....ඒ ඉන්නේ පොඩි ගැල්ලමයි බව දැන දැනම උන්ට පොඩි තගකුත් දාලා පෙරේත කමට එක කෑල්ල වෙනුවට ඉල්ල ගන්න වෙඩිං කේක් කෑලි දෙක....//
    මගුලක් කතා කරනවා. ඔය ඉන්න ගෑල්ලමයින්ට තග දාන්න ගියොත් හම්බෙන එකවත් හම්බවෙන්නෙ නෑ. :D
    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා පතනවා ඔන්න....2013දි මීටත් වඩා වැඩියෙන් ලිපි ලියවේවා!!!!!!!

    ReplyDelete
    Replies
    1. //මගුලක් කතා කරනවා. ඔය ඉන්න ගෑල්ලමයින්ට තග දාන්න ගියොත් හම්බෙන එකවත් හම්බවෙන්නෙ නෑ. :D// නෑ බං උන් කියනවා මේ අංකල් ට වැඩියි ඔන්න දීපං බං කියල.. ලජ්ජාවේ බෑ එතකොට නං කේක් කෑලි දෙකම ඔබන්න හිතෙනවා කටේ. බොටත් සුභම එකක් වේවා.

      Delete
  5. මමනං දෙකක් දාගෙන කෑමකන්න යනනිසා..
    මගුල්ගෙදර...දෙන වෙඩින් කේක්..එකක් මදි දෙකක් ඕන කියල පොඩ්ඩ්ක් ෂැරට කිව්වාම පව්..කෙල්ලො පටස් ගාල දෙන්නෙ..හි..හි..!

    ReplyDelete
    Replies
    1. හරි ඔන්න මගේ ඊළග වෙඩිමේ ලැයිස්තුවෙන් උඹේ නම කැපුවා..

      Delete
  6. අපි ඉතිං ඔය දේශකය වගේ ඇත්තො ගැන අනුකම්පාව භජනය කරලනෙ බ්ලොගේ මොකුත් නොලිය ඉන්නෙ.

    දේශකයාටත් හැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ.. අළුතෙන් එකක් දාන්න හිතුනොත් මාස දෙකකට විතර කලින් කියන්න. සුජානං වෙන්ට එපායැ.. නවග්රහ සාන්තියකුත් කොරන්ට වෙයි.

      ත්‍රිබාසා අයියටත් Happy new yearයක් වේවා!

      Delete
  7. සුභ අලුත් අවුරුද්දක් වේවා!
    අපෝ මං නම් වෙඩින් කේක් කන්නේ නෑ! ඕවාට අලක්කු දානවලු! හරි නරකයි!

    ReplyDelete
    Replies
    1. බොටත් Happy new yearයක් වේවා! උඹ බබා නේ තාම.. (හතර හිනා)

      Delete
  8. හප්පේ මේ දේශකය කූරිය ගහල නැහැනේ මේ ඉන්නේ යස අගේට මම මේ බැලුව කොහේ දෙරිගහලද කියල කිව්වට මොකෝ මමත් හිටියේ ලෙඩ ඇඳේ තමයි ලොක්කා සුභ අලුත් අවුරුද්දක් වේවා!!!
    කෝරලේ වලව්ව

    ReplyDelete
    Replies
    1. ඇයි ගිය පාර කර තියං ගියපු ඒවගේ අමාරුවද? හැක්.. එහෙනං අපේ කෝරලේ ඇතුළු සැමටත් Happy new yearයක් වේවා!

      Delete
    2. හෙහ් හෙහ් මටත් උන හැදුනා සෙට්ටපෝච්චි වෙන්ටම!

      Delete
  9. සුබ අලුත් අවුරුද්දක් වේවා දේශකයෝ

    ReplyDelete
    Replies
    1. නලින් අයියටත් සුභම සුභ Happy new yearයක් වේවා! ඔබට තව තව බ්ලොග් පීරන්න ශක්තිය ලැබේවා..

      Delete
  10. ජාලගත වීම අත්හිටුවීම වැනි අතුරු අන්තරාවන්ට මුහුණ නොදෙන නව වසරක් වේවා!!!!

    ReplyDelete
    Replies
    1. මාත් හිතන්නේ එහෙමයි වෙද මහත්තයෝ. හෙනං ඔබතුමාටත් Happy new yearයක් වේවා!

      Delete
  11. මේ දවස් වල සේරටම උණනේ. වසර අවසාන සේල් ද..? දැන් හොඳයි නේ.
    සුබ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. දැං හොදා මචං. හොයා බැලුවට ස්තුතියි. Happy new yearයක් වේවා!

      Delete
  12. මේ බ්ලොග් වල මන් දකින හොද හිතක් සහිත කෙනෙක්
    මෙයා ඔයා...
    ඔබටත් , ඔබගේ පවුලේ සියලු දෙනාටත් ලබන්නා වූ
    නව වසර වසනා වන්ත නව වසරක් වේවා

    ReplyDelete
    Replies
    1. අනේ මට ඇඩෙනවා. නිකං මං මැරුණම හාමුදුරුවෝ කියන කතාවක් වගේ.. ඔබටත් Happy new yearයක් වේවා!

      Delete
  13. සුභම සුභ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. යසියෝ තොටත් Happy new yearයක් වේවා!

      Delete
  14. දේශකයාට සුබ අළුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. ඉෂාන් දරුවටත් Happy new yearයක් වේවා!

      Delete
  15. Replies
    1. එසේම වේවා ගයනි.. Happy new yearයක් වේවා!

      Delete
  16. ඔය පරණ කේක් වලට අර සැර පණු බේත් එහෙමත් දානවලු නේද බොලං...

    ReplyDelete
    Replies
    1. ඔව් බං ඒක හොයන්න වෙච්ච කරදරේ අමතක උනා. පෝය දවසක් සෙට් උනේ. බ්‍රැන්ඩි භාගයයි ඕන කිව්වේ. බෝතලයක් අරන් භාගේ වෙං කොරල අනුමත කරන කං ඉතුරු භාගේ ගෙදර යැව්වා.. බොටත් Happy new yearයක් වේවා!

      Delete
  17. සුභ අලුත් අවුරුද්දක් වේවා මචං... නිදුක් නිරෝගී සැප ලැබේවා.

    ReplyDelete
    Replies
    1. තැන්කු තිසර... ඔබටත් Happy new yearයක් වේවා!

      Delete
  18. දේශකයාටත් සුභම සුභ වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා....නීරෝගී සුවයත් ඉක්මනින්ම ලැබේවා

    ReplyDelete
    Replies
    1. මයියා දැං මට සනිපයි. තැන්කුයි. මයියටත් Happy new yearයක් වේවා!

      Delete
  19. නිදුක් නිරෝගී සුවය ලැබේවා... සුබ නව වසරක් ‍වේවා... මායිය කියන දේත් අහන එක හොඳයි. ආදරේටනේ රැක ගන්න හදන්නේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තරු, මායියා කියන දේ නෑහුවොත් ඉතිං රෝස් පාං වතුර එක්ක තමා කන්න වෙන්නේ.

      Delete
  20. දේශකයාට සුභම සුභ වාසනාවන්ත නව වසරක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුභම සුභ Happy new yearයක් ‍වේවා!!

      Delete
  21. කේක් වගේම රසවත් පෝස්ට් එකක්නෙ.

    පොඩි අවුලකට තියෙන්නෙ උඹ අන්තිම ඡේදයේ ජලය වෙනුවට ජාලය කියලා ලියලා තියෙන එක විතරයි.

    ලැබුවාවූ නව වසර දේශක පවුලටම ප්‍රීතිමත් එකක්ම වේවා.
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. හා ඩුඩේ වැඩ පටාන් අරගෙන වගේ.. හික්.. මට හිතෙන්නේ උඹ මාලේටම වෙලා හිටියනං බ්ලොග් ලෝකේ පාළු වෙන්නේ නෑ කියලයි. අජෝව් ජලය කියන්නේ ජාලය වෙනුවට භාවිතා කරන වචනයක්ද???

      Delete
  22. ජාලය පාවිච්චි කරන්න දුන්නෙ නෑ කියන්නෙ සහගහන අපරාධයක් නොවැ !

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා ලියන්නා නොහොත් අපේ වෙනියා.. ඒක කරේ හොදටය කියල මායියා හැපි හැපි කිව්වා නෙව... තැන්කුයි

      Delete
  23. ලියන කියන ඒවා ගැන නැත අවුලක්
    හිට්ස් තමා නොලැබෙන දේ කෝමත්
    කකා ඉතිං බොස් නෙව අපෙ හැමදාමත්
    වේවා ඉතිං ඔබටත් සුභ නව වසරක්!!

    ReplyDelete
  24. ඔය දේශකයා කියනකොට 'ක' යන්නයි 'යා' යන්නයි අතර ඉස්පේස් එකක් මොකෑ?

    ReplyDelete
    Replies
    1. හෙ හේ.. මේ අවස්ථාවේ ගුගල් ප්ලස් එකවුනට් එකෙන් ඉන්න හින්ද.. අනේ හැබැට බොලාට පොඩි ස්පේස් එකක් නං හොදට පේනවා.. හැක්.. තැන්කුයි තිසර. හෙට සිට ඔය පාර නියම විදියට එන්නං ස්පේස් නැතිව..

      Delete
  25. හෙහ් හෙහ් හේ.... බොටත් හැදුනද ....? අනේ වාසනාවන්.. මමකිවුවේ මේ ඉක්මනට සනීප උන එක බං ලෙඩ වෙච්ච එකනෙමේ... තේරුං ගන්නේම හරහටනෙව, දන්නවද මටත් මගහැරිලා ගොඩාක් ලිපි සේරම කියවගෙන එන්නම් යාලුවා සුභම සුභ අළුත් අවුරුද්දක් දේශක පවුලේ සැමටම. ජයවේවා....!

    ReplyDelete
    Replies
    1. ආයේ දෙපාරක් කියන්න ඕන නෑ නේ සරා. මං බොට සුභ පතල කොටල ආවේ. හැක්.. තෝ පීනස් කාරයා. මං උන කාරයා.. සමහරු නං කියනවා දේශකයා පිස්සා කියලා. හික්ස්...

      Delete
  26. මාත් මේ පරණ ඇරියස් අල්ලන ගමන්. අපේ පුංචිගේ පොඩි එකා ඉස්කෝලේ නිවාඩුවට ආව නෙව. යන්තන් මේල් චෙක් කොරගත්තෙත් උගෙන් අවසර අරන් බයිට් පැකට් එකක් එහෙම දීලා ශේප් කොරගෙන.

    බලාගෙන යනකොට දේශකයත් අංකල් කෙනෙක් නොවැ.

    ReplyDelete
    Replies
    1. අජෝව් කැත කතා කියන්නෙපා හරිය.. එතකොට හැන්රි අංකල්ට මොකක්ද කියන්නේ...

      Delete
  27. සැහැල්ලුවෙන් ඉන්න කියද්දී ජාලේ හොඳ නැද්ද?.අපිට එකෙන් සැහැල්ලුවක් ඇති වෙනවනම්..

    ReplyDelete
    Replies
    1. හැක්.. හැක්. ඒගොල්ල හිතන්නේ අපි කම්පිතරේ අරං වැඩ කොරන්න සෑහෙන්ට මහන්සි වෙනවයි කියල නෙව අසරණයෝ...

      Delete
  28. අනේ මං නම් මාර කැමතියි වෙඩින් කේක් කන්න. අර ඒකට දාන ඒවා වැඩිය පොඩි කරන්නේ නෑ නේද...හැපේන්න තියෙන්න ඕනි.එතකොටයි රස.....

    ReplyDelete
    Replies
    1. ආයේ අහල. අපිත් කනවා.. ඒක නෙව කියන්නේ සමනලී. අපේ කේක් නංගිත් කිව්වා දැං එහෙම චුරු වෙන්ට කපන්නේ නෑ කියලා. ඒත් මගේ අනුග්‍රාහිකාව නං ඉස්ම යන්න කැපුවා කෑලි ටික. තැන්කුයි ගොඩ උනාට

      Delete
  29. machan awankawama mama meka aye parak kiyewwa.
    eth therune nah ban.. hak

    uba lagadi aawe naththe ai ape paththe?

    ReplyDelete
    Replies
    1. මේකේ තේරුං ගන්න තරං දෙයක් නෑ බං. මම වෙඩිමට බඩු ගෙනාවේ පිටකොටුවෙන්. ඒ වෙලාවේ කිව්වා ඕන එකෙක් ඉන්නවනං කියහල්ල අඩුවට ගෙනැත් දෙන්නං කියලා. අවුරුදු 10 ගියාට පස්සෙත් ඕක මතක තිබ්බ එකෙක් මට කිව්ව නෙව පිටකොටුවෙන් ගෙනැත් දෙන්නය කියලා.. හැක්..

      සමාවෙන්න ඕන බං.. මගේ ෆලෝවර් සීන් එකෙන් උඹ අහුඋනේ නෑ තමා. ඔන්න මං රෝලටම දාගත්තා. දැං ඉතිං සුවර් මිස් වෙන්නේ නෑ...

      Delete
  30. ඉතින් ගෙනත් දුන්නද හැක් ?
    ඒ උනත් දැනුත් නිකන් ආ පයින්ම
    ගියා නේහ් ?
    කැතයි හොඳේ ? හැක්

    ReplyDelete
  31. හිරේ ගිහිල්ලත් අවුරුදු දහයක් එහෙනම්.. හ්ම්ම්.

    ReplyDelete