Saturday, December 8, 2012

මේකා අල්ලපියව්!!!!!

  • තනි සිංහලයෙකි.


  • ලෝකෙට අඩබෙර ගසන්නෙකි.


  • හෙන හැන්ඩියෙකි. ටිකක් විතර නෝන්ඩි වී ඇති කෙනෙකි‍


  • රෑට කළුවරේ දත් ටික විතරක් කිරි සුදට පෙනේ


  • දැං සිගරට් නොබොයි. ඒත් කලින් බිව්වා. කඩේදී පත්තුකරපු එක කොල්ලාගේ අතටම මාට්ටු වූ දා පටන් නවත්වා ඇත.




ඔව් මේ දැන් දේශකයාට ආරංචියක් ආවා පෙනී නොපෙනී දිරාමාර් වූ බව.


  • මිතුරන්ගේ ගෙවල් වලට බෝංචි සහ කැරට් ගෙන යයි. තෙමේම ඒවා කයි..


  • ලංකාව පුරා හැංගි මුත්තං ගසා බේරෙන්නට බැරි තැන චුත වී සිට නැවත පැමිණ සිටී..


  • ස්පාඤ්ඤ සම්බවයක් ඇති මිත්තරයන් ඇසුරු කරයි...


  • මේකා නොකරන දෙයක් නැත. ඒකා හිතන්නේ හැමදේම දන්නවාය කියා කොරන එක හරිය කියාය.


  • තාල වර්ගයේ ජාතික වෘක්ෂ බිම හෙලීමේ රුසියෙකි..


  • ඉපදුනු බිම නියමයි කියා සමහර විට පස් කකා ඇවිදිනවා විය හැක. හැබෑට අලි බෙටි බලන්නට ගියාදැයි හැකය..


  • වාහන පෙරේතයෙකි. අළුත් එකක් ගන්නේම නැත. පරණ ඒවාම පාවිච්චි කරයි. චූත වූ සැනින් අවුත් ඒකට උම්මා දී ඇති බවට සාක්ෂි ඇත. ඒ මදිවාට අතරමගදී වාහන ස්පාක් කර ගනී.


  • චූ කරන්නට දන්නේ නැත.ලොක්කන්ට කෙළවෙයි.


  • 456123 අංකයෙන් යුත් දුරකතන සිම්පත් භාවිතා කරයි.


තව විස්තර ඇතත් මේ යකා සොයා ගැනීමට ඇති හදිසිය නිසාම මේ ටික දැනට සටහන් කරමි. 

ඔබ කොතැනදී හෝ දුටුවොත් වහාම දැනුවත් කරන්න. දුටු දේ නොදුටු දේ ලෙස සිටීම බරපතල වරදකි..

හැකි ඉක්මනින් තොරතුරු දෙන්න. නිවරැදි තොරතුරු දෙන එකාට වයර් කෑල්ලක් තෑගි වශයෙන් දෙනු ලැබේ.


හා.. හා.. ඕක හදිසි කේස් එකක්. මේක බලන්නත් ඕන හරිය

50 comments:

  1. තාම දුටුවේ නැත. දුටු පසු දැනුම් දෙමි. :)

    වයර් කෑල්ලක් මොකටද දෙන්නේ? හොයලා දුන්නාට පස්සේ අපේ බෙල්ල හිර කරන් මැරෙන්නද? :0

    ReplyDelete
    Replies
    1. උඹලා පොලොසී ගෙනිහිල්ලා සිග්නල් ලයිට් එකේ රතු වැටෙන කොට යන්න කියලා, ගියාම ආයි අල්ලල හිරේ දානව...

      Delete
  2. මාර්ග ප්‍රවාහන අඳිකාරි තුමනි, මාර්ග ඇමති තුමනි මේ ඔබේ අවදානය පිණිසයි :P

    ReplyDelete
    Replies
    1. උන්ට කියල වැඩක් නෑ බං. මේකාට පොලිස් කාරයෝ එහෙම පෙන්නන්න බැරි එකෙක්. ත්‍රස්තවාදයට ත්‍රස්තවාදයෙන්ම පිළිතුරු දෙන ජාතියේ බුවෙක්

      Delete
  3. හැබෑට පේන්නම නෑ නේ.. රට වටේ ඇවිදිනවා ඇති බං........... හි හි

    ReplyDelete
    Replies
    1. මව්බිම හොදය කියා වාහනේ කුර ගෙවෙන කං රස්තිය ගහනවා ඇත.... තව ලිස්ට් නොස්ටැල්ජියා එක හින්දා ලිස්ට් එකට ටික් තමා තෙමේම ආතල් ගන්නවාද විය හැක

      Delete
  4. පණ පිටින්ද ඕන ? නැත්නම් හිස වෙන් කරලද ?

    ReplyDelete
    Replies
    1. එහෙම කරන්ට එපා බං පණ පිටින් ඕන.. ඕක කෝච්චියේ ගියපු එහෙකුටත් මනෝ තගක් දාලා තිබුන

      Delete
    2. පණ පිටින් බං.. ඕකාට ස්පෙසිෆිකේෂන් එහෙම පෙන්නන්ටම බැරිය..

      Delete
  5. සොයා ගැනීමට නැත.

    ReplyDelete
    Replies
    1. සොරා ගැනීමටද නොහැක.. ඒකාට හිතෙන විදියට සීයක් ගසා ඇත..

      Delete
  6. මොකාද බොල මේ...?? මං වෙන්ට බෑ..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් බං මේකාට පොල්ගස් කපන හැටි එහෙම බලං ඉදිමේ අමාරුවකුත් ඇත..

      Delete
  7. මේ නම් දේශකයා වෙන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. අහුඋනොත් හගමු දඬු කඳේ

      Delete
    2. හෙහ්.. මමනං කළුවරේ කොමෑඩ් වලට චූ කරන්න යන්නේ නැත...

      Delete
    3. එහෙමනම් කවුද? යකෝ මමනම් නෙවෙයි ඔන්න කිව්වා.

      Delete
    4. අපි බුරි උල් වෙන්ට කන්නෙත් නැත. සීය දාපු දවසේ පනස්දාහ දාන්නෙත් නැත.. මම නොවෙමි

      Delete

    5. තාල වර්ගයේ ජාතික වෘක්ෂ බිම හෙලීමේ රුසියෙකි..



      යකෝ මේ අපේ ඩුඩ් අයියනේ................

      Delete
    6. හෙක් හෙක්.. ඔයා දස්සයා..

      Delete
  8. 119 ට දැංම අමතන්න

    ReplyDelete
    Replies
    1. 119 න් කියන්නේ වැඩක් නැති එකෙක් මක්කට හොයනවාද කියාය.. වෙන ක්‍රමයක් බලමු මචෝ...

      Delete
  9. මේක දෙක.. තව එකක් තිබුන කොතැනක හරි..

    මනුස්සයා නිදහස නිදහසේ බුත්ති විඳිනවා වෙන්ටැති. :)

    ReplyDelete
    Replies
    1. එක තිබ්බ තැන මට කියහං බං... ඒකගේ නිදහස.. අපි මෙහේ වේලෙනවා... අපිට හැකිය ඒකාට වගේ බුරි උල් වෙන්නම කන්න..

      Delete
    2. http://akmadawiya.blogspot.com/2012/11/blog-post_25.ht
      වරෙන්තු හැම තැනම..

      Delete
  10. අඩෝ......... මේ අපේ හෙන්රි අයියනේ!

    ReplyDelete
    Replies
    1. //රෑට කළුවරේ දත් ටික විතරක් කිරි සුදට පෙනේ//
      මේටික කියෙව්වම ටියුබ් ලයිට්එක නිවි නිවී පත්තු උනා‍.
      //මිතුරන්ගේ ගෙවල් වලට බෝංචි සහ කැරට් ගෙන යයි. තෙමේම ඒවා කයි..//
      මේක කියෙව්වම ටක්කෙටම දැනගත්ත පැඩිඩිලියන්ලගෙ ගෙදරට එලවළු උස්සගෙන ගිහිල්ල චාටර් වෙච්ච හැටි.‍

      Delete
    2. ලජ්ජවේ බෑ බං... මේකාගේ හැටි දැක්කම.. හැක්.. උඹට මොකෝ ඔය තරං වැඩ,අවුරුද්දේ වැඩ කලොස් අහවර කරන්න ගත්තයැ..

      Delete
  11. දු‍ටු වහාම දැනුම් දෙන්නම්. එතෙක් ඉවසා හි‍ටු....!!

    ReplyDelete
    Replies
    1. ඉවසිය නොහක. නොවලහා පවසව්

      Delete
  12. කවුද බොලේ ඇලිස්..හි හි හී

    අර වයර් කෑල්ල...බෙල්ලෙ වැලකටද ? හි හි හී

    ReplyDelete
    Replies
    1. නෑ බොලේ... කාර් එක ෂෝට් උනොත් පාවිචිචි කරන්න. බැරි වෙලා හරි වයර් බල්ලෝ කෑවොත් හෙම..

      Delete
  13. ජීවේතේ පළමු වතාටෙ මෙයාව දුටුවෙම්. ලංකාවට ආ සැනින් මා සොයා එන ලදී. ලෙංගතු මිතුරෙක් බව පසක් කර ගතිමි. මේ දිනවල කලින් ලියාගත් ලිස්ට් එකකට අනුව වැඩ කටයුතු වළ යෙදෙමින් ඇත.

    ReplyDelete
    Replies
    1. ඔන්න මිත්තරයා. උඹ තමා දවසකටවත් මිනිහා... අපි මෙතැන පන දාගෙන හොයනවා. ඔව් කොහොමත් ලිස්ට් නොස්ටැල්ජියා එක මිනිහගේ හැම එකකම පේනවා

      Delete
  14. මමද ඔහු සමග කෝල් කතාවක නිරත වුනෙමි... අපේ බල ප්‍රදේශයට පැමිණි පසු සිරා කොලුවා බැහැ දැකීමට එන බවට පොරොන්දු වූවෙහිය...

    ReplyDelete
    Replies
    1. බිස්නස් පාට්ටරයින් කොහොමත් හොයා ගන්නව නෙව. අපිට තමා හුලං. මේකා එහෙම චුත වී සිටියානම් මැනවැයි සිතුනි..

      Delete
  15. හුරු පුරුදු ලක්ෂණ ටිකක් වගේ හික් ...තවම ටියුබ් ලයිට් !මතක් උනාම කීන්නම්
    :D

    ReplyDelete
    Replies
    1. අනිවා රෙහානි. තෑග්ග තියෙනවා ඔයා එනකං..

      Delete
  16. තව ඩෙනිම් එහෙමත් අන්දිනවාලු නේද?

    මගේ අල්ලපියෝ පොස්ට් එකේ වැදගත් තොරතුරක් මට හම්බ උනා... පොර කරපු කිරිමෙල් කීපයක්.
    හෙන්රි අයියා තමයි මේ වැදගත් තොරතුරු ටිකත් දුන්නේ.

    "ඕකා ගැන ආරංචි කීපයක් මට ලැබුනා. ඔක්කොම ආමාශය සම්බන්ධ ඒවා.

    *මුලින්ම කොළඹ හතේ ලියන්නාට තර්ජනය කරලා සුපිරි කැන්ටිමකදී හැලප වගයක් මංකොල්ල කාලා.

    *එදාම සමකය වටේ ලියන නලීන් ගොයියට තර්ජනය කරලා කෑම පාර්සල් තුනක් මංකොල්ල කාලා.

    *එතකොට ගාමිණීගෙ විජිතයට පැනලා සුදු ආප්ප මංකොල්ල කාලා."

    ReplyDelete
    Replies
    1. මං හැන්රියට කිව්වා ඌට බෑලු. මේ දවස් වල බාස්ලා කම්බාස් කරනවලු.. හැක්..

      Delete
  17. ගිය සතියේ ගම්පහදී කතාකලෙමි, ඉන්පසු තොරතුරක් නැත. පොටෝ කෑලි දමා සොයා වැඩක් නැත, පොටෝ වලට වඩා සැබෑ විදිහට පොර හැන්ඩි ලෙස පෙනෙයි.

    ReplyDelete
    Replies
    1. විස්තර නොකිව්වාට චූ වක්කරන ලද මඩ පුවක් ගෙඩියක් කටේ ඔබමි.. ඔබගේ කම්මලේ යන්තර සුත්තර වැඩ නොකරන නිසා කනගාටුවෙන් හැරී ආවෙමි.. ස්තුතියි බෙල්ල දැම්මට..

      Delete
  18. බයවෙච්ච පාර මෙතන තාම කමෙන්ට් කරලත් නෑ

    ReplyDelete
    Replies
    1. නෑ බං. ඒකා ලිස්ට් එකට ටික් කරමින් තමා එන්නේ..

      Delete
  19. අනේ බං දේශකයා ඔය කිව්වට ඕකා හරිම අහිංසකයා. ඇත්තෙන්ම පොරත් හොල්මං වෙලා ඉන්නෙ මොකද තමන් ගැන මෙච්චර විස්තර පොරවත් දන්නෙ නැති හන්දා. දේශකයායි අකමායි දෙන්න කිව්ව විස්තර අහලා තමන් ගැන තියෙන ස්වයං අර්ථකථනයත් ෆොර්මැට් කරලා අලුතෙන් ඉන්ස්ටෝල් කරන්න වෙන විදියක්ලු තියෙන්නෙ.

    අනික පොර මේ දවස්වල බදාම කෝස් එකක් කරන නිසා උගේ ගේ පුරාම දූවිල්ල හන්දා ලැපියත් හංගලාලු තියෙන්නෙ.

    ඌ කිව්වා උඹට කියන්න කියලා ඌ ගැන හොයා බැලුවට බොක්කෙන්ම කුරුතඥ වෙනවා කියලා.

    බදාම කෝස් එක ඉවර වෙච්ච ගමන් අර ලිස්ට් එකේ වැඩ පට්ටාං ගන්නලු ඉන්නෙ.

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ඇම්.බී.බී.ඇස්

      හෙහ් හෙහ් හෙහ්... ලොකු කතාවක් ලියවෙයි වගේ.

      Delete
    2. හැක්. හැක්.. උගේ ලැපියා හංගලා නං ඉතිං උගෙනුත් වැඩක් නෑ.. ඕකගේ වැඩක් තියෙන්නේ ලැපිය ඉඹින කොට විතරනේ.. අනික ගෑනු ටයි ගැට ගහන්ත් දක්සයි හිංගලෙන්...

      Delete
  20. Replies
    1. ඒ එයාද බං මිනිහා ඒ උනාට මැසේජ් එකක් එවලා තිබුනා.. හැක්. තැන්කූ ඉමා.. නෝ බ්ලොග් නේද???

      Delete