Friday, December 14, 2012

“ලෝක විනාසේ අනිවා වෙනවා“-දේශකයා ඔප්පු කර හමාරයි



ලෝක විනාසේ අත ළගට ම ඇවිල්ල විත්තිය දැන්නං සහසුද්දෙන්ම පේනවා මොකෝ එහෙම කියන්නේ 2012.12.21 දිනේ තමයි අර මාර (සොරි වෙන්ට ඕන) මායා කැලැන්ඩරේට අනුව මේ ලෝක ධාතුව ගැන සදහන් වෙන අන්තිම දවස. මක්කැයි කොරන්නේ කියල අහන්ට දෙයක් නෑ.. අවුරුදු හොන්ඩර බර ගානකට ඉස්සර වෙලා අවුරුදු හොන්ඩර බර ගාණක ඉදිරිය ගැන කියවෙන කැලැන්ඩරයක් හදපු ඔය මායාවරුන් කියන්නේ ලේසි පාසු පුත්තරයෝ නෙමෙයි කියල දැං හිතන්න, කියන්න සිද්ධ වෙන කාරණා කිහිපයක් තියෙනවා.

මායා සිස්ටාචාරය පටන් අරගෙන (ඔන්න ලිහිණි ගාව ඒ විස්තර තියෙන්නේ) රජ පරම්පරාවල් ඇති වෙමින් නැති වෙමින් සමහර දේ කාලයේ වැලිතලාවෙන් වැහෙමින් ආයේ ඇරෙමින් දිගට ගලා ගිය මේ සිස්ටාචාරය ඩෝං පටෝං ගාලා එක පාරටම නැති වෙලා යනවා. මායාවරුන්ගේ ජනගහනයත් සීඝ ලෙස පල්ලම් බහිනවා.

ඒ කොහොම උනත් මේ දක්වාම මායාවරුන් ලෝකේ ජීවත් වෙනවා ඒ වගේම ඔවුන්ගේ නායකයන් පවා ඉන්නවා මේ ලෝක විනාසේ වෙනවයි කියල මරහඩ දෙන.

දැං කියමුකෝ බලන්න කොහේද අප්පා මේ මායාකාරයෝ ඉන්නේ කියල. දන්නවද? මේ ගොල්ලෝ ඉන්නේ මැක්සිකෝව, ගෝතමාලාව, කොලාම්බියාව මොනවද මේ රටවල්?? කොයි හරියෙද තියෙන්නේ.. අපි ඒක පස්සට දාමු..

ඔන්න මායා කතාව ඉවර කරල අපි දැන් පටන් ගන්නවා ලෝකේ මේ දවස් වල මොනවද වෙන්නේ කියල බලන්න. එතකොට ඉස්සෙල්ලම බලන්න ඕන මේ අපේ ජන්මභූමිය දිහා නෙව.. ලංකාවේ ඉන්න වැඩි පිරිසක් අදහන්නේ බුද්දාගම. බුද්දාගමට අනුව කොහොමෙයි ලෝක විනාසය වෙනවය කියන්නේ... දන්නැ.. සූර්යයන් හතක් එකම අහසේ පායන දාට.. තේරුනානේ.. දැං එතකොට ඔන්න බලන්න ලංකාවට මේ දවස් ටිකේ අමුතු දීප්තිමත් ආලෝක කදම්බ කීයක් දර්ශනය වෙලා තියෙනවද කියල.. වැඩිය දුර යන්න ඕන නෑ. ගොසිප් අයියා දාපු එක ඔන්න ගෙඩි පිටින්ම දැම්ම බලාගන්නල එක්ක.


1. නොවැම්බර් 27- හලාවත, ඉරණවිල (පාන්දර 3.00)
2. නොවැම්බර් 27- පොළොන්නරුව, කඩවතමඩුව (රාත්‍රී 8.15)
3. නොවැම්බර් 30- බද්දේගම උනන්විටිය (රාත්‍රී)
4. නොවැම්බර් 30- බණ්ඩාරවෙල, දියතලාව (පෙරවරු 7.30)
5. දෙසැම්බර් 01- උණවටුන එරබදුගහ හන්දිය (රාත්‍රි 7.30)
6. දෙසැම්බර් 05- අම්බලන්තොට බෝලාන (දින 3ක් රාත්‍රි 7.30)
7. දෙසැම්බර් 05- වැල්ලවාය යාලබෝව (රාත්‍රී 7.30)
8. දෙසැම්බර් 06- වැලිමඩ නැඳුන්ගමුව (උදේ 10.30 )
9. දෙසැම්බර් 07- අනුරාධපුර නොච්චියාගම (සාවස 6.25)
10 දෙසැම්බර් 09- මන්නාරම (රාත්‍රී)

කොහොමද වැඩේ මේ වෙන කොට එළි දහයක් පෙනිලා තියෙනවා.. එතකොට සුර්යයන් හැටියට බැලුවොත් දහයක් එතනම තියෙනවනේ.. බොරු.. බොරු.. බුදුදහමට අනුව මේක තර්කානුකූලව ඔප්පු කරන්න බැරිය කියල දැං ඔහේල කට මැද මැද කියාවි. ඒක තමා මාත් කියන්නේ මේ බොරුවක්.. ඒ උනාට ලෝක විනාසය වෙනවා.. ආයි අහනවා ඒ කොහොමෙයි කියල..

මේක කුමන්ත්‍රණයක්...

ඔස්ටේරියාවේ ගිලාඩ් නංගි එහේ ටී වී එකක කිව්ව මායාවරුන් හරිය.. ඒ නිසා ලෝක විනාසය වෙනවය කියල.. ඒත් මොකද උනේ.. අන්තිමට කිව්වා මේක මේ ටීවී කාරයෝ ඩබ් කරල හැදුවයි කියල. අන්න තවත් කුමන්ත්‍රණයක්.. දැං අන්තිමට ගිලාඩි කියපු එකත් බොරුලු.

ඊට පස්සේ රුසියාවේ මිනිස්සු තරගෙට ගිනිපෙට්ටි, ඉටිපන්දම්, පාං ඇයි වොඩ්කා එකතු කරනවා ලෝක විනාස උනාම පාවිච්චිටයට ගන්න තියාගන්න. මේ ලෝකේ තේරුමක් නැති මේ රුසියානුවන්ට තේරෙනවැයි ලෝක විනාසෙ උනාම උං ඉතුරු වේවිද කියලා.. හැක්.. ඒ උනත් එතනත් කුමන්ත්‍රණයක් තියෙනවා. ඒ විදියට රුසියානුවන් බය කරන්න.. ලෝකේ විනාස වෙන එක ස්තිරයි කියලා දැං චීනයෙත් බහුතරයක් විස්වාස කරනවා. අවංකව කිව්වොත් ඒකත් කුමන්ත්‍රණයක්.. නැත්නං මේ මීයෙක් දෙන්නෙක් මරං කන චීනෝ ලෝකේ විනාස වෙන කොට සතුටු වෙන්ට එපායැ.. ඇයි එතකොට නෙව මීයෝ සූ සූ ගාලා දුවන්න ගන්නේ..

දැං බලමු මේ කුමන්ත්‍රණය කවුද කරන්නේ කියලා. අපි දන්නවා සිංහලයෝ විදියට ලෝකේ විනාස වෙන්න අර විදියට හතක් එක අහසේ පායන්න ඕන කියල.. අපිට ඒක උගන්නල තියෙන බුදු දහමෙන් නිසා තමයි අපිට ඒ විදියට එක එක විදියට අමුතු එළි පෙන්නන්නෙ. දැං අපිත් හිතනවා ලෝකේ විනාස වෙන්නය යන්නේ කියලා.. ඒ විදියට ගොනාට අන්දපු ගිලාඩ් හින්දා ඔස්ටේරියන් කාරය, රුසියන් කාරය, චීන කාරයා හැම එකාම හිතනවා ලෝකේ විනාසය අත ලගය කියලා.. ඒත් .......

තාමත් ලෝක විනාසේ ගැන සද්ද නැතිව ඉන්න කස්ටියක් ඉන්නවා.. කවුද... ඇමරිකන් කාරයෝ.. ඇමරිකන් කාරයෝ.. උං තමා මේ ඔක්කොම කුමන්ත්‍රණ කරන්නේ.. ඔය මායා කැලැන්ඩරය බොරුවක් කියල උන් සහසුද්දෙන්ම දන්නවා. ඒක නෙව ඔය දැනට ඉන්නවයි කියන මායාකාරයොන්ට ඔබාමා ලොක්කා සුන්දර තගක් දැම්මය කියන්නේ එහෙම ලෝක විනාස වෙනවයි කියල බොරු ප්‍රචාර කරන්න එපාය කියලා.. එහෙම කරේ නැත්නං අනිත් ඇමරිකන් කාරයොත් ඕකට බය වෙනවනේ.

ඔන්න දැං තමා කුමන්ත්‍තරනේ එළියට දාන්නේ.. ඇමරිකාවේ තියෙන ඒරියා 51 තමා දැං අවුරුදු ගානක් තිස්සේ ලෝක විනාසය කරන්න සූදානං වෙන්නේ. ඇමරිකන් කාරයට තියෙනවා ලොකු ආසාවක් අර  හිට්ලර්ට තිබ්බ වගේ මුළු ලෝකයේම ඇමරිකන් අධිරාජ්‍යයක් පිහිටුවන්න. ඒක ජෝජ් වොසින්ටොන්ගේ ඉදල හුසෙන් ඔබාමා දක්වාම ප්‍රතිපත්තියක් විදියට කෙරුනා.. ඔය ලංකාව වගේ රටවල් හින්ද උන්ට ඕන විදියේ අධිරාජ්‍යයක් ලොවෙත් හදන්න බැරි විත්තිය දන්න හින්ද තමා දැං ඔය මායා කැලැන්ඩරේ තියෙන බම්බු දිනයක් අල්ලගෙන උන්ගේ සීඅයිර්, එෆ්බීඅයි හරහා මුළු ලෝකෙටම අමුකවන ගානට ලෝක විනාසයක් වෙනවයි කියල ඒත්තු ගන්නල තියෙන්නේ. ඒ විදියට ලෝකේ අනිත් රටවල් අන්දන්න ක්‍රමයක් තමා මුං හැදුවේ මායා සිස්ටාචාරය කියලා. අර උඩින් කියපු මායා කාරායෝ හිටියයි කියන රටවල් තියෙන්නේ කොයි කිට්ටුවද කියල දැං කියන්න ඕන නෑනේ. ඒ විදියට එක එක රටවල් ඒ ඒ රටවල් වලට ආවේනික විදියට මෝඩයට අන්දන ක්‍රම ඇමරිකන් කාරයෝ හොයල බලල ඒ විදියට තමා අපිවයි ලෝකේ අනිත් රටවල් ඔක්කොමයි අන්දන්නේ මායා කැලැන්ඩරේට අනුව ලෝක විනාසය වෙනවයි කිය කිය. දැං බලමු රටවල් කීපයක් අන්දල තියෙන විදිය.

ලංකාව අන්දන්නේ බුදුදහමේ එන සුර්යයන් හතේ කතාවෙන්. දැක්කනේ අපිව අන්දන්නේ අපි අදහන ආගමේ ලෝක විනාසය ගැන කියල තියෙන විදියටමයි. එතකොට තමා ඔය උඩින් කිව්ව එළි, ඒව තමා ඒරියා 51 න් එවන අපිව අන්දන බොරු ආලෝක කදම්බ. පේනවා නේ අපි ඇදලා ඉවරයි.

දැං තව කියනවා උල්කාපාත කෑල්ලක් පෘතිවිය ආසන්නයෙන්ම යනවයි කියලා. කව්ද දැක්කේ. කව්රුත් නෑ. නාසා විතරයි.. ඒකත් කුමන්ත්‍රණයක්.. 

ගිලාඩ් නංගි ව එහෙට පවුල පිටින් ගෙන්නගන්න පොරොන්දුව පිට තමා අර කතාව දාලා ඔස්ටේරියන් කාරයෝ බය කරේ. උන් බය වෙන්නේ උල්කාපාත වැටුනම හින්දා ඒ විදියට ඔස්ටේරියන් කාරය බය කරා.

ඉන්දියාව බය කරා හින්දු විදියටත් ලෝක විනාසය වෙනනේ විසි එකය. එතකොට මහා ගිනි බෝල අහසින් ඇවිල්ල වදිනවයි කියල. එතකොට බැරියැ මහද්වීපික මිසයිල තොගයක් බය නැතිව එවල ලෝකේ විනාස වෙන ගිනි බෝල එනවයි කියන්න.
එතකොට උන්ට පුළුවන් ඔන්න උල්කාපාත කැල්ල වදිනවයි කියල ලෝකේ අනිත් රටවල් විනාස වෙන්න, දැනට සුදානං කොරල තියෙන සුපිරි බෝම්බ ටික ගහල දාන්න. එතකොට මොකාටවත් සැකයක් නෑනේ ඇමරිකාව ගැහුවය කියල. 

ඒ වගේ ලංකාවට විතරක් නෙමෙයි ලෝකේ අනිත් රටවල් වලටත් උන්ව ඇන්දෙන විදියේ ක්‍රම වලින් විසි එක් වෙනිදට පහර දීල ලෝකය විනාස කරල ඇමරිකාව විතරක් ඉතුරු කරගෙන උන්ට ඕන වෙලා තියෙන සිහින ඇමරිකානු අධිරාජ්‍යය හදන්නට තමා ඔය දත කන්නේ.. ඕවට අහු වෙච්චි අපේ මාරයල, ලිහිණිල ඔන්න ලියනවා මායා කැලැන්ඩරේට අනුව ලෝක විනාසය වෙනවයි කියලා. දැං තේරෙනවද මේ ඔක්කොම බොරු.. ඇමරිකානු කුමන්ත්‍රණ.

දැන් බලන්න මුළු ලංකාව අවදි කරන්න කියල හිතාගෙන රාවණා නැගිට්ටුවන්න වැඩ කටයුතු කරපු මීපලාන ආචාර්යතුමා කොහේද කියලා. මාස ගාණකින් නෑ.. රාවණා ඉන්න ගල් ගුහාවට ගිහිල්ලද ඒත් නෑ.. මේ කුමන්ත්‍රණ කාරි ඇමරිකන් කාරයෝ ඒ යකාව ආයේ ඒරියා 51 ට උස්සල. ඇයි උන්ට තියෙන එකම බය තමා මේ යන විදියට කොහොම හරි ලෝකේ විනාස වෙන සද්දේ ඇහිල ඒ ගෝසාවට ඔය නිදාගෙන ඉන්න රාවණා නැගිට්ටොත් උන්ට කෙලවෙන්ටම සම්බුව ලැබෙන විත්තිය දන්න නිසා. ඒක හින්දා තමා අරකව හංගන් ඉන්නේ රාවණා නැගිට්ටුවන වෙලාවට කියන ශ්ලෝක කියන එක නතර කරන්න. දැං තේරුනානේ... ඔය කියන කුමන්ත්‍රණකාරි ලෝක විනාසය නතර කරන්න කොච්චර මෝඩ උනත් පුළුවන් වෙන්නේ මේ හෙළුවන්ට පමණයි කියන එක ඇමරිකන් කාරයොත් දන්නවා. දැං ඒ කරදරෙත් ඉවර වෙචිච නිසා ලෝක විනාසය අනිවාර්යයෙන් කොරල ඉවර වෙලා ඇමරිකානු අධිරාජ්‍යය, මුළු පෘතිවියම තම අනසකට ගන්න දිනය තමා විසි එක කියන්නේ..

එහෙනං හැමෝටම ආයුබෝවන්.. ඉඩක් ලැබුනොත් ඇමරිකානු කුමන්ත්‍රණයට පෙර අපි හම්බ වෙමු.. හැපි හැපි අඩමු.. සමුගමු.. ඇයි හත්දෙයියනේ මැරෙන්ට (සොරි හොදේ.. දිවි පුදන්න) සුදානං වෙන්ට එපායැ.

මට තියෙන එකම සතුට තමා මම මේ කුමන්ත්‍රණකාරි ලෝක විනාසෙන් මැරිල ගියත් මට පිං පමුණුවල නිවනට මීටර් දෙක තුනක් හරි කිට්ටු කරන්න පුළුවන් විදියේ දානයක් හෙම දෙන්ට කස්ටිය දෙතුන් දෙනෙක් ඇමරිකාවේ ඉන්න එකටයි. ඉතිං මගේ බ්ලෝග් යාළු සපිරෝ නෝනේ, මගේ යාළු වර්ජිනියා වල ඉන්න කනිස්ක මිත්තරයාණෙනි, ඒ වගේම ෆ්ලොරිඩවේ ඉන්න තිවියනාදන් මගේ මිත්තරයාණෙනි, හෙනං අපි ඔක්කෝටම දානයක් හෙම දීල අහවර කොරන්නට හොදා, බොලාගේ අධිරාජ්‍යවාදී ආසාවල් ඉස්ට කොරන්න මේ විසි එක දිනේට දිවි පුදන්න සුදානං කොරල තියෙන උන්දැල වෙනුවෙන්..

57 comments:

  1. මේ විනාසෙන් බේරෙන්න ඕන නම් ප්‍රංශෙ අර ගමට යන්න. වීසා තිබේ නම් ගොඩ. මාය කැලැන්ඩරය අනුව බේරෙන්නේ ඒ ප්‍රදේශය පමනයි ලු.
    ඔබට අප වෙනුවෙන් දානයක් දෙන්න පුලුවන් වෙයි.

    ReplyDelete
    Replies
    1. අනේ අපිට කොයින්ද ප්‍රංස පාන්... හැක්..

      Delete
  2. මන් නම් හිතන්නෙ මෙ කුමන්තරනෙට ල්ංකාවෙන් මාරයත් උදවු කරනව. ඇමරිකන් කාරයො කියන්ට ඇති. නැත්නම් මිනිහ කොහොමෛ මේක වෙනවමයි කියන්නෙ. අනික ඇමරිකන් කාරයො මාරයට ලෑස්ති කරගන්න කියල බඩු ලයිස්තුවකුත් දීල තිබුන.

    ම්ං නම් ලොකු ගල් ගුහාවක් හොයාගෙන තියෙන්නෙ. බොටත් ඕන නම් එන්ට පුලුවන්. තියන විදිහකට කාල ඇදල එහෙ ඉමු.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් දේශ්.. හැම එකාම නොදැන උදව් පදව් කරනවා. ඒ බං ඒ ගල් ගුහාව ලොක් විනාස පෘෆ් එකක්ද? එහෙනං හොදා//

      Delete
  3. ලෝක විනාශය කවදා වුවත් අපිට මොකද අපි එතෙක් හොදින් ඉමු. ඕක වෙනවමයි. ප්‍රශ්නෙ කවද්ද වෙන්නෙ කියන එක නෙමෙයි, අපි ඉන්න ටිකේ කොහොම ද ඉන්නෙ කියන එක. රටට ලෝකෙට කරදරයක් නොවී අනිත් මිනිහට අපිට හැකි විදියට පොඩි හරි උදව්වක් කරගෙන සිටිනවා නම් ඕක කවද වුනහම මොක ද?

    ReplyDelete
    Replies
    1. එව්ව කරන්න වෙන්නේ නෑ වෙද මහත්තයෝ.. මොකක් හරි කලබලයක් වෙලා තමා බලන්න ඕන මිනිස්සු කොයිතරං ආත්මාර්තකාමීද කියල...

      Delete
  4. ඔය මාය වරුන්ට උපහාර පිණිස මොහොදින් බෙග් බොහෝ කාළයකට පෙර ගීතයකුත් ගායනා කරලා තියෙනවා. ඒකෙනුත් කියවෙන්නේ ළෝක විනාසය වගේ දෙයක් තමයි. ඇත්තටම වෙලා තියෙන්නේ. 2012/12/21 ගලේ කොටන් කොට... ගල් කටුයි, මිටියි ගෙවිලම ඉවර වෙලා. ඒ නිසා නවත්තලා දාලා.. ඕක ඉතින් මගේ සොයාගැනීමක්....

    ReplyDelete
    Replies
    1. ගල් කටු ගෙව්නම එහෙම උනාය කියල ලියල තිබ්බනං මේ ගිනි විජ්ජුම්බර මක්කවත් නෑනේ අනේ...

      Delete
  5. එහෙනං 22 ආයෙ හම්බවෙමු.

    ReplyDelete
    Replies
    1. ඕං ඊට කලින් කරන්න ඕන යුතුකං කොරන්න ආවා.. විනාස නොව්නොත් හම්බවෙමු අයියේ...

      Delete
  6. කොහොම නෑ නෑ කිය කියා ඉඳලා වැඩේ උනොත්...හි හි හී කට්ටියට කොහෙ දුවන්නද කියලා හිතා ගන්න බැරිවෙයි.. තැනක් නැතිම උනොත් උඹ රිංගපන් ඇඳක් යට..සහසුද්දෙන්ම බේරෙන්න පුළුවන්...හි හි හී

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ සමී ඔට්ටුවට ලෑස්තියි...හි හී ටිකු 5යි එහෙනම්...

      Delete
    2. ටොකු 500 යි. චිකන් කොත්තුවයි. ඩයලොග් 100 රීලෝඩ් එකයි ඔට්ටුයි.
      22 වෙනිද මං වෙනද වගේම කුණුකෙළ පෙරාගෙන උදේට නැඟිටිනවමයි..

      Delete
    3. මේං බොලේ ඔට්ටුත් දාගෙන මුං ! යසිත් කොල්ලා අවස්ථාවෙන් පොරෝජනේ අරං කීයක් හරි කොටාබාගන්ඩ යන්නේ ;) අහුවෙන්ට එපා ලිහිණියෝ
      :D

      Delete
    4. හේ.. හේ.. ඔට්ටුවෙං කොමිස් ගන්නවා හරිනේ එහෙනං..

      Delete
  7. මචං, දිව්‍ය ලෝකෙට මුකුත් වෙන්නේ නෑ නේද? අපායනම් ලෝදියෙන් යට වෙලා කෙලවෙලා ගියත් කමක් නෑ.

    ReplyDelete
    Replies
    1. මමත් AKM එක්ක යනව දිව්යලෝකෙ. ඒක විනාස වෙන්නෑනේ :D

      Delete
    2. වැඩේ තියෙන්නේ බං මොනා උනත් අකමා හා සමියව දිව්‍ය ලෝකේට නොගන්න බවට ස්තිර කරන ලද හසුන්පතක් සක්‍රයාගේ චක්ගෝලයා වන මාතලං අත එවා ඇති බව කනගාටුවෙන් දන්වන්නට සිදු වන බවයි

      Delete
  8. මැරෙන්නෙ එක පාරනෙ කියල සිත්තමීත් වෙන්නෙ මොකක්ද කියල බලන් ඉන්නවා....ගොඩක් දවසකින් ආවෙ මේ පැත්තට ආයෙ 22 හම්බවෙමු.....

    ReplyDelete
    Replies
    1. වෙල්කම් වේවා.. ඕක උනාට පස්සේ අපි ආයේ කවි ලියමු සිත්තමියෝ.

      Delete
  9. එකෙක්වත් දැක්කේ නැද්ද අර බ්‍රහස්පතිගේ මොකද්ද අවුලක් වෙච්ච කතාව තාම... ඒක හින්දලු ඔය එළි පේන්නේ... ඒ මදිවට අර උල්කාපාත වැස්සක කතාවකුත් තියෙනවා.. හි හි..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. බුරස්පතියගේ මාසේ (කක්සේ) මාරුවීමේ කේස් එකක්..හෙක්

      Delete
  10. "ලෝක විනාසෙ" කතාව ඇත්තක්ද බොරුවක්ද කියල හරියටම කියන්න වෙන්නෙ විසි දෙවෙනිදටම තමයි ;)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් කරුමෙට එදට උඹත් නෑ මමත් නෑ ලොවෙත් නෑ.. චැම්ස්

      Delete
  11. ඇමරිකන් කාරයාගේ බෝම්බ වලින් බේරෙන්න බංකරයක් හදහද ඉන්න ගමන් මේ ආවේ.. එන්නං කෝ ආයේ!

    ReplyDelete
    Replies
    1. හා හා ඉතිරි ටිකත් හදාපියකෝ.. බුබුලු දාන්නේ නැතිව. අචේ චන්දනයෝ මම මේ සතියේ බුද්ධංගල ගියපු වේලාවේ දැක්ක නෙව රොම්බ සයිස් යෙලෝ ජැකට් එකක්.. මට තෝව තමා මතක් උනේ..

      Delete
  12. හෑ....... ඒ කියන්නෙ අවුරුදු බර ගානකට කලින් ඉදලම CIA කුමණ්ත්‍රන තිබිලා තියෙනව :O

    ReplyDelete
    Replies
    1. ඒක නෙව නවදැලි මහත්තයෝ කියන්නේ.. තනි කර කුමන්තරන මට හිතෙනවා බං මාව ඉපදිල තියෙන්නෙත් ඒ වගේ කුමන්තරනයක් හින්දද කොහේද??

      Delete
  13. හත් ඉලව්වේ මම මළොත් මතක් කරලා දානයක්වත් දියණ අයියන්ඩි. කිව්වත් වගේ මී ජයා ආගිය අතක් නැහැනේ. ලෝක විනාසේ ගැනනම් කියනන් දෙයක් නැතෝ.

    ReplyDelete
    Replies
    1. මේකා පයිත්තියං කතා කොරනවනේ අනේ.. මමත් මේ දහ අතේ දුවනවා මං මැරුනම දානයක් දෙන්න එකෙක් හොයාගන්න

      Delete
  14. ඕක කවදා හරිම වෙයි නොවැ. ඒ වෙනකල් හොඳින් ඉන්න එකයි කරන්නට ඕනෙ.

    ReplyDelete
    Replies
    1. ඔන් චන්දි, තව පැය වලින් ගණං කොරන කාලයක් තමා ඉතිරිව තියෙන්නේ.. මක්කැයි ඉතිං කොරන්නේ හිත හදාගන්න මයේ මැනික... (මැනික කියන්නේ නරක වචනයක් නෙමෙයි කියල හැමෝම වගේ ඔප්පු කොරලයි තියෙන්නේ)

      Delete
  15. අඩේ හැපි ලෝක විනාස ඩේ එකක් ඇ...........

    ReplyDelete
    Replies
    1. අජෝව් හිනා වෙන්න එපා බොලව්... හැපි ඩේ එකක් තමා වෙන්නේ තරුවටත් එහෙනං

      Delete
  16. අර සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව දැන් උඩනෙ. ඉතිං ලංකාවට මුකුත් වෙන්නෙ නෑ දැං

    ReplyDelete
    Replies
    1. අඩේ ඒක අමතක උනානෙව.. එහෙනං ගොයියෝ සුප්පිරිම් සැට් සරණයි අපිට!!

      Delete
  17. හැක හැක හැක
    පට්ට ආතල් ඈ
    වෙන විදිහෙන් වැඩක් නෑනේ බන් ලෝකේ විනාශ වනවා නම්

    ReplyDelete
    Replies
    1. බොට පට්ට ආතල් නේ.?

      Delete
    2. මැරෙන්න ඉන්න ටිකේ ආතල් එකේ ඉන්න එපෑ අයියා :)

      Delete
    3. මාත් මේකට හොදවැයින් දෙකක් දෙන්න එන කොට අපේ සරා මලයත් දෙකක් ඇනල හින්ද ඉවසනවා.. නැත්තං ඉතිං බොට හැංගෙන්න වෙන්නේ ඔය මඩිස්සෙම තමා නිශානයෝ..

      Delete
  18. මම ඕකටත් Circuit එකක් හදමින් ඉන්නේ විනාසෙට ටලින් ගොඩදාගන්න ඇහැක් වෙයි මගෙ හිතේ.

    ReplyDelete
    Replies
    1. මාත් එකක් හදනවා මේ දවස් වල. "ලෝක විනාස පමා පරිපථය".

      Delete
    2. @ සරා, හෙක්... සරල පරිපතයක් හදාපිය අපිටත් කොපි කොරන්න හැකි වෙන්න

      Delete
    3. @ චන්දන බණ්ඩාර,
      වෙල්කම් වේවා.. මචෝ ඕක ගොඩ දාපු ගමන්ම පේටන්ට් එක ගනිං. නැතිනං සරා අනියි හරිනේ...

      Delete
  19. hammo passe kiyawanna one...wada wada wada ...

    ReplyDelete
    Replies
    1. ඇයි බං උඹ වඩේ විකුණනවද ඔය තරං කෑ ගහන්නේ

      Delete
  20. :) ලෝක විනාසේ උනොත් විභාගේ අනිත් ටික නෑ
    උනේ නැත්තම් විභාගේ ............... බ්‍ර්ර්ර්ර්ර්

    ReplyDelete
    Replies
    1. විභාගේ මොකක්ද හිමාවියෝ.. ලොවෙත් නෑ එතකොට...

      Delete
  21. මේවා පිටසක්වල යානා නෙමෙයි සුප්‍රීම් සැට් එක තාම ලංකාව වටේ කැරකෙනවා...

    ReplyDelete
    Replies
    1. ආන්න හරි එකා අහුඋනා.. හා කියපිය බලන්න කොහොමෙයි ඕක ලංකාව වටේ විතරක් කැරකෙන්නේ කියලා..

      Delete
  22. දේශකයාණන් හටත් සුභ ලෝක විනාසයක් වේවා..!

    ReplyDelete
    Replies
    1. මල්ල ලෑස්තියි නේ... එහෙනං හරි..සුභම සුභ ලෝක විනාසයක් වේවා. කුමන්ත්‍රණය දිනේවා..

      Delete
  23. හපුච්චියේ...
    උදා වන්නාවූ ලෝක විනාසය මරණ බයෙන් පිරුනු ඇග හිරි වට්ටන, පිස්සු වට්ටන. එළම කිරි ලෝක විනාසයක් වේවා...

    ReplyDelete
    Replies
    1. අන්න එහෙම සුපිරි එකක්ම තමා වෙන්ට ඕන...

      Delete
  24. කට්ටියම එකට සුවාස් වෙමු...!

    ReplyDelete
    Replies
    1. අපි දැං සුජානං වෙමු. තව දින දෙකක් වත් නෑ නොවැ..

      Delete